7. 15
7. 15.
7. 15.
“චත්තාරො පුග්ගලා: අනුසොතගාමී පටිසොතගාමී ඨිතත්තො තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො”ති.
“පුද්ගලයෝ සතර දෙනෙකි: අනුසෝතගාමී යැ පටිසෝතගාමී යැ ඨිතත්ත යැ ඕඝතරණය කළ පරතෙරට ගිය නිවන්තෙලෙහි සිටුනා ක්ෂීණාස්රව බ්‍රාහ්මණයි.
තත්ථ යො අනුසොතගාමී, අයං කාමෙ සෙවති, පාපං ච කම්මං කරොති, යාව කාමෙ පටිසෙවති. ඉදං ලොභො අකුසලමූලං, සො යෙ ව තණ්හා. සො තෙහි කාමෙහි වුය්හති අනුසොතගාමීති වුච්චති. යො පුග්ගලො තාහි ගමිතො තප්පච්චයා තස්ස හෙතු අකුසලකමමං කරොති කායෙන ච වාචාය ච. අයං වුච්චති පාපකම්මං කරොතීති. තස්ස තීණි සොතානි: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො. ඉමෙහි තීහි සොතෙහි තිවිධධාතුයං උප්පජ්ජති, කාමධාතුයං රූපධාතුයං අරූපධාතුයං.
එහි යමෙක් අනුසෝතගාමී වේ ද, මෙතෙම පස්කම් සේවනය කෙරෙයි, පව්කම් ද කෙරෙයි, යම් කාමසේවනයක් ඇද්ද මේ ලෝභඅකුශලමූල යැ, ඒ ලෝභය මැ තණ්හා යැ, හේ ඒ කාමයන් විසින් ගෙනයනුලැබෙයි. එහෙයින් අනුසෝතගාමී යයි කියනුලැබේ. යම් පුඟුලෙක් ඒ තෘෂ්ණාවන් විසින් ගෙනයනුලබන්නේ ඒ කාමහේතුයෙන් කයිනුදු බසිනුදු පව්කම් කෙරේ ද, මේ තෙමේ පව්කම් කෙරේ යයි කියනු ලැබේ. ඔහුට සක්කාය දිට්ඨි යැ, විචිකිච්ඡා යැ සීලබ්බතපරාමාස යැ යන තුන් ස්‍රෝතස්හු වෙති. මේ තුන් ස්‍රෝතසුන් කරණ කොට කාමධාතු රූපධාතු අරූපධාතු යන ත්‍රිවිධ ධාතුයෙහි උපදී.
තෙන පටිපක්ඛෙන යො කාමෙ න පටිසෙවති: යො සීලවතං න පරාමසති, යො සක්කායදිට්ඨිනං පහානාය කාමෙනු යථාභූතං ආදීනවං පස්සති, සො න ච තෙ ධම්මෙ පටිසෙවති, යං ච තප්පච්චයා (?) තිට්ඨති. “බ්රාහ්මණො”ති අරහා කිර, තත්ථ අරහා තස්ස පාරගතො හොති පාරගතස්ස ථලෙ තිට්ඨතීති. සොපාදිසෙසා නිබ්බානධාතු.
ඒ ප්රතික්ෂේපයෙන් යමෙක් කාමයන් සේවනය නො කෙරේ ද, යමෙක් ශීලව්‍රත පරාමර්‍ෂ නො කෙරේ ද, යමෙක් සත්කායදුෂ්ටිප්රහාණය පිණිස කාමයන්හි යථාභූත ව ආදීනව දකී ද, හේ ඒ (අකුශල) ධර්මයන් නො ද සේවනය කෙරෙයි, ඒ හේතුයෙන් නිවන්තෙලෙහි සිටී. ‘බ්‍රාහ්මණ’ යනු රහත්හු යැ, එහි රහත්හු ඒ ඕඝයාගේ පාරයට ගියාහු වෙති. පාරයට ගියහුගේ ‘ථලෙ තිට්ඨති’ යනු සෝපාදිසේසනිබ්බානධාතු යි.
අනුසොතගාමී’ති දස්සනප්පහාතබ්බානං සංයොජනානං අප්පහානමාහ. ‘පටිසොතගාමීති දිට්ඨෙකට්ඨානං ච කිලෙසානං පහානමාහ. ඨිතත්තෙන පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානමාහ. තත්ථ අනුසොතගාමිනා මග්ගරූපීමාහ (?) පටිසොතගාමිනා ඨිතත්තෙන ච මග්ගමිතිමාහ” පාරගතෙන. සාවකා අසෙඛා ච සම්මාසම්බුද්ධා ච වුත්තා. අනුසොතගාමිනා සක්කායසමුදයගාමිනිං පටිපදමාහ. පටිසොතගාමිනා ඨිතත්තෙන සක්කායනිරොධගාමිනිං පටිපදමාහ. පාරගතෙන දස අසෙඛා අරහත්තධම්මා වුත්තා අයං සුත්තත්ථො.
‘අනුසෝතගාමී’ යයි දර්ශනයෙන් ප්‍රහාතව්‍ය වූ සංයෝජනයන්ගේ අප්රහාණය කීහ. ‘පටිසෝතගාමී’ යයි දෘෂ්ටිය හා ඒකත්වයට ගිය ක්ලේශයන්ගේ ප්රහාණය වදාළහ. ඨිතත්ත පුද්ගලයාගෙන් පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ ප්රහාණය වදාළහ. එහි අනුසෝතගාමී පුද්ගලයාගෙන් (මග්ගරූපීමාහ?) පටිසෝතගාමීහුගෙන් ද සිටිපියවි ඇතියහුගෙන් ද මාර්ගය වදාළහ. පාරයට ගියහුගෙන් අශෛක්ෂ ශ්‍රාවකයෝ ද සම්මා සම්බුදුහු ද වදාරනලද්දාහු යැ. අනුසෝතගාමීහුගෙන් සත්කායසමුදයගාමිනී ප්‍රතිපදාව වදාළහ. පටිසෝතගාමීහුගෙන් සිටිපියවි ඇතියහුගෙන් ද සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාව වදාළහ. පාරයට ගියහුගෙන් අශෛක්ෂ වූ දස අර්‍හත්‍වධර්‍මයෝ වදාරනලද්දාහ. මේ සූත්රාර්ත්ථයි.
1. තත්ථ කතමා දෙසනා: ඉමස්මිං හි සුත්තෙ චත්තාරි අරියසච්චානි දෙසිතානි. තෙධාතුකලොකසමතික්කමනං ච.
1. එහි දේසනා කවරැ: මේ සූත්‍රයෙහි සතර ආර්‍ය්‍යසත්‍යයෝ ද ත්‍රෛධාතුක ලෝකය ඉක්මැවීම ද දෙසන ලදහ.
2. තත්ථ කතමො විචයො හාරො: යො කාමෙ පටිසෙවති, සො පාපකම්මං කරෙය්යාති, යො ච කාමෙ න පටිසෙවති, සො පාපකම්මං න කරෙය්යාති, යො ච ඉමෙහි ද්වීහි භූමීහි උත්තිණ්ණො පාරගතොති යා වීමංසා අයං විචයො.
2. එහි විචයහාර කවරෙ යැ: යමෙක් කාමයන් සේවනය කෙරේ ද හේ පව්කම් කරන්නේ යයි ද යමෙක් කාමයන් නො සෙවුනේ ද හේ පව්කම් නො කරන්නේ යයි ද යමෙක් මේ දෙ භූමියෙන් උත්තීර්ණ වූයේ පාරයට ගියේ යයි ද යම් විමංසාවක් ඇද්ද මේ විචය යි.
3. යුත්තීති: යුජ්ජති සුත්තෙසු, න යුජ්ජතීති යා වීමංසා අයං යුත්ති.
3. යුත්ති යනු: සූත්‍රයන්හි ලා යෙදේ ද නොයෙදේ දැයි යම් විමංසාවක් ඇද්ද, මේ යුත්තිහාර යි.
4. පදට්ඨානොති: අනුසොතගාමිනා සත්තන්නං සංයොජනානං පදට්ඨානං. අකුසලස්ස කිරියා අකුසලස්ස මූලානං පදට්ඨානං. පටිසොතගාමිනා යථාභූතදස්සනස්ස පදට්ඨානං. ඨිතත්තෙන අසංහාරියාය පදට්ඨානං. පාරගතොති කතාවී භූමියා පදට්ඨානං.
4. පදට්ඨාන යනු: අනුසෝතගාමී යනු සත් සංයෝජනයන්ට පදට්ඨාන යැ, අකුසල් කිරීම අකුශලමූලයන්ට පදට්ඨාන යැ, පටිසෝතගාමී යනු යථාභූතදර්ශනයට පදට්ඨාන යැ, ඨිතත්ත යනු අසංහාරි ය (පෙරළා නො එන?) මාර්ගයට පදට්ඨාන යැ, පාරගතො යනු ක්ෂීණාශ්රවභූමියට පදට්ඨාන යි.
5. තත්ථ කතමො ලක්ඛණො හාරො: යො අනුසොතං ගච්ඡති තණ්හාවසෙන සබ්බෙසම්පි කිලෙසානං වසෙන ගච්ඡති. යො පටිසොතං වායමති තණ්හාය සබ්බෙසම්පි සො කිලෙසානං වායමති පටිසොතං. යො අත්තනා ඨිතො කායෙනපි සො ඨිතො වාචාචිත්තෙනපි සො ඨිතො අයං ලක්ඛණො හාරො.
5. එහි ලක්ඛණහාර කවරෙ යැ: යමෙක් තෘෂ්ණාවශයෙන් අනුසෝතයට යේ ද, (හේ) සියලු මැ ක්ලේශයන්ගේ වශයෙන් යෙයි. යමෙක් තණ්හායෙන් පටිසෝතයට (යෑමට) වෑයම් කෙරේ ද හේ සියලු මැ ක්ලේශයන්ගේ පටිසෝතයට වෑයම් කෙරෙයි, යමෙක් තමා සිටියේ කයිනුදු හේ සිටියේ යැ වචනයෙන් හා චිත්තයෙනුදු සිටියේ යි. මේ ලක්ඛණහාර යි.
6. තත්ථ කතමො චතුබ්යූහො: ඉධ සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ අනුසොතගාමිනියා පටිපදාය නාභිරමිස්සන්ති, තෙ පටිසොතං වායමිස්සන්තීති යාව කදාචි භූමියං. (?) අයං අධිප්පායො.
6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් අනුසෝතගාමිනී පටිපදායෙහි නො ඇලෙන්නාහු ද, ඔහු පටිසෝතයට වෑයම් කරන්නාහු යයි (යාව කදාචි භූමියං?) මේ අදහසයි.
7. ආවට්ටොති: ඉධ සුත්තෙ චත්තාරි සච්චානි දෙසිතානි.
7. ආවට්ට යනු: මේ සූත්‍රයෙහි චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දේශනාකරන ලද්දාහු යැ.
8. තත්ථ කතමො විභත්තිහාරො: යො කාමෙ පටිසෙවති, පාපං ච කම්මං කරොති, සො අනුසොතගාමිනී න එකංසෙන, සොතාපන්නොපි කාමෙ පටිසෙවති, තංභාගියං ච පාපකම්මං කරොති, “කිඤ්චාපි සෙඛොපි කරෙය්ය පාපං” යථා සුත්තෙ නිද්දිට්ඨො, න ච සො අනුසොතගාමී, ඉදං විභජ්ජ බ්යාකරණීයං. න ච කාමෙ පටිසෙවති න ච පාපකම්මං කරොති පටිසොතගාමී න ච එකංසෙන, සබ්බො බාහිරකො කාමෙසු වීතරාගො න ච කාමෙ පටිසෙවති, තෙ න ච පාපකම්මං කරොන්ති අනුසොතගාමී පටිසොතගාමී. අයං විභත්ති.
8. එහි විභත්තිහාර කවරෙ යැ: යමෙක් කාමයන් සේවනය කෙරේ ද පව්කමුදු කෙරේ ද, හේ අනුසෝතගාමී යයි ඒකාන්තයෙන් නො වේ. සෝවාන් පුඟුල් ද කාමයන් සේවනය කෙරෙයි, තද්භාගිය වූ පව්කමුදු කෙරෙයි, “කිඤ්චාපි සො කම්මං කරෝති පාපකං” යි සූත්‍රයෙහි දැක්වූ පරිදි හේ නො ද අනුසෝතගාමී වෙයි. මෙය විභාග කොට ප්‍රකාශ කළයුතු යැ. කාමයන් නො ද සෙවුනේ යැ, පව්කම් නො ද කෙරෙයි, (එහෙත්) ඒකාන්තයෙන් පටිසෝතගාමී නො ද වෙයි. කාමයන්හි වීතරාග වූ ශාසනයෙන් බැහැර වූ සියලු දෙනෙ නො ද කාමයන් සේවනය කෙරෙයි, ඔහු නො ද පව්කම් කෙරෙති. (ඔහු) අනුසෝතගාමී පටිසෝතගාමී ද වෙත්. මේ විභත්තිහාර යි.
9. තත්ථ කතමො පරිවත්තනො හාරො: නිද්දිට්ඨො පටිපක්ඛො.
9. එහි පරිවත්තනහාර කවරෙ යැ: ප්රතිපක්ෂය දක්වන ලද්දේ යි.
10. වෙවචනොති: කාමෙසු, වත්ථුකාමාපි කිලෙසකාමාපි රූපසද්දගන්ධරසඵස්සපුත්තදාරදාසකම්මකරපොරිසං ච පරිග්ගහා.
10. වෙවචන යනු: කාමයන් කෙරෙහි වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ ද වෙති, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පුත්‍රදාර දාස කම්කරු පුත්‍රදාර දාස කම්කරු පුරුෂයෝ ද අයැතියෝ යි.
11. පඤ්ඤත්තීති: සබ්බෙ පුථුජ්ජනා එකත්තාය පඤ්ඤත්තා. ‘අනුසොතගාමී’ති කිලෙසසමුදාචාරපඤ්ඤත්තියා පඤ්ඤත්තා. යෙ පන සෙඛා පුග්ගලා තෙ නිබ්බානපඤ්ඤත්තියා පඤ්ඤත්තා. යෙ පන අනාගාමී තෙ අසංහාරියපඤ්ඤත්තියා පඤ්ඤත්තා. අයං පඤ්ඤත්ති.
11. පඤ්ඤත්ති යනු: සියලු පුහුදුන්හු ඒකත්තතායෙන් පනවන ලදහු යැ, ‘අනුසෝතගාමී’ යනු ක්ලේශසමුදාචාරප්රඥප්තියෙන් ප්‍රඥප්ත යැ, යම් ශෛක්ෂ පුද්ගල කෙනෙක් වෙද්ද ඔහු නිබ්බාන පඤ්ඤත්තියෙන් ප්‍රඥප්ත යැ, යම් අනාගාමීහු වෙද්ද ඔහු අසංහාරිය පඤ්ඤත්තියෙන් පනවනලදහුයි. මේ පඤ්ඤත්තිහාර යි.
12. ඔතරෙණොති: යො අනුසොතගාමී, සො දුක්ඛං. යෙ තස්ස ධම්මා, තෙ දුක්ඛස්ස සමුදයො. යං රූපං අයං රූපක්ඛන්ධො. එවං පඤ්චපි ඛන්ධා පටිච්චසමුප්පාදො. තෙ කිලෙසා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා, ධම්මායතනං ධම්මධාතු ඉන්ද්රියෙසු ච පඤ්ඤත්තා.
12. ‘ඕතරණ’ යනු: යමෙක් අනුසෝතගාමී වේ ද හේ දුක්ඛ යැ, ඒ අනුසෝතගාමිහුගේ යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ ධර්මයෝ දුක්ඛසමුදය යැ, යම් රූපයක් ඇද්ද මේ රූපස්කන්ධ යැ, මෙසේ පඤ්චස්කන්ධයෝ මැ පටිච්චසමුප්පාද යැ, ඒ ක්ලේශයෝ සංස්කාරස්කන්ධයෙහි බැසගත්තාහු යැ, ධම්මායතන ධම්මධාතු ඉන්ද්රියයන්හි දු ප්රඥප්තයෝ යි.
13. සොධනොති: යෙනාරම්භෙන ඉදං සුත්තං දෙසිතං, සො ආරම්භො සබ්බො සුද්ධො.
13. ‘සෝධන’ යනු: යම් ආරම්භයෙකින් මේ සූත්‍රය දේශනා කරන ලද ද ඒ සියලු ආරම්භය ශුද්ධ යි.
14. අධිට්ඨානොති: පටිසොතගාමිනො සබ්බෙ සොතාපන්නා එකත්තෙන වා නිද්දිට්ඨා, රාගානුසයපටිසොතගාමිනො සෙඛාව මග්ගො ව සෙඛො ච පුග්ගලො. ‘ඨිතත්තො’ති: වීතරාගො එකත්තතාය පඤ්ඤත්තො. ‘පාරගතො’ති සබ්බෙ අරහන්තො සබ්බෙ පච්චෙකබුද්ධා සම්මාසම්බුද්ධා ච එකත්තතාය පඤ්ඤත්තා.
14. ‘අධිට්ඨාන’ යනු: පටිසෝතගාමී වූ සියලු සෝවන්හු ඒකත්වයෙන් දක්වන ලද්දාහුය, (රාගානුසය ... සේඛො ච පුග්ගලො?) ‘ඨිතත්තො’ යි වීතරාග පුද්ගල එකත්තතායෙන් පනවනලද. ‘පාරගතො’ යි සියලු රහත් හු සියලු පසේබුදුහු ද සම්‍යක්සම්බුද්ධයෝ ද එකත්තතායෙන් පනවනලදහු යි.
15. පරික්ඛාරොති: අනුසොතගාමිනො පාපමිත්තපච්චයො, කාමපරියුට්ඨානං හෙතු. පටිසොතගාමිනො ද්වෙ හෙතු, ද්වෙ පච්චයා ච, යාව සම්මාදිට්ඨියා උප්පාදාය දිට්ඨි තස්ස පටිලද්ධමග්ගො හෙතු, ආරම්භො පච්චයො, කායිකො චෙතසිකස්ස කොට්ඨාසො ච.
15. ‘පරික්ඛාර’ යනු: අනුසෝතගාමීහට පාපමිත්‍රයන් ඇති බව ප්‍රත්‍ය යැ, කාම පරියුට්ඨානය හේතු යි. පටිසෝතගාමීහට හේතු දෙකක් ද ප්‍රත්‍යය දෙකක් ද වෙති, සම්මාදිට්ඨිය ඉපදීම දක්වා (දිට්ඨි ... කොට්ඨාසො ච?)
16. සමාරොපනොති: විභත්ති ඉදං සුත්තං නත්ථි සමාරොපනාය භූමි.
16. ‘සමාරෝපන’ යනු: (විභත්ති?) මේ සූත්‍රයෙහි සමාරෝපනයට භූමි නැති.