යෙදුමෙන් කියවන්න

7. 16

7. 16.

7. 16.

“චත‍්තාරො ආනිසංසා සොතානුධතානං යාව දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධානං” සුත‍්තං විත්‍ථාරෙන කාතබ‍්බං. යුඤ‍්ජතො ඝටෙන‍්තස‍්ස වායමතො ගිලානො මරණකාලෙ දෙවභූතො පච‍්චෙකබොධිං පාපුණාති.

“කනින් අසා ධරනලද ධර්‍මයන්ගේ සතර අනුසස් කෙනෙක් වෙති.” “දිට්ඨියා සුප්පටිවිද්ධානං” යනු දක්වා සූත්‍රය විස්තර කළයුතු. යෝගයෙහි යෙදෙන උත්සාහ කරන වෑයම් කරනුවහු මරණකාලයෙහි ගිලන් වූයේ (මරණින් මතු) දෙවි වූයේ (යළි) පසේබුදුබවට පැමිණෙයි.

‘සොතානුධතා’ති සද‍්ධම‍්මසවනෙන කතං හොති. න ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය තස‍්ස චිත‍්තං තසිතං හොති, න ච නිබ‍්බිද‍්ධත‍්තං, ඉදං ච සුත‍්තං පඤ‍්චන‍්නං පුග‍්ගලානං දෙසිතං: සද‍්ධානුසාරිනො මුදින්‍ද්‍රියස‍්ස තික‍්ඛින්‍ද්‍රියස‍්ස ච ධම‍්මානුසාරිනො තික‍්ඛින්‍ද්‍රියස‍්ස මුදින්‍ද්‍රියස‍්ස ච, යො පන මොහචරිතො පුග‍්ගලො න සක‍්කොති යුඤ‍්ජිතුං ඝටිතුං වායමිතුං යථාභූතං යථාසමාධිකා විමුත‍්ති තං ඛණං තං ලයං තං මුහුත‍්තං ඵලං දස‍්සෙති. සාධු පරිහායති පරො තං දුය‍්හති, නො තු සුඛඅවිපාකිනී භවති. තස‍්ස දිට‍්ඨෙයෙව ච ධම‍්මෙ උපපජ‍්ජඅපරාපරියවෙදනීයං.

‘සෝතානුධතා’ යනු: සද්ධර්‍මශ්‍රවණයෙන් කරන ලද වෙයි, අධිපඤ්ඤාධම්මවිපස්සනා නො ද කරන ලද වෙයි. ඔහුගේ සිත හටගත් තෘෂ්ණ ඇති වෙයි, නිර්වේදබවට නො ද යෙයි. මේ සූත්‍රය වැලිත් පුඟුලන් පස්දෙනකුන්ට දෙසන ලදි: සද්ධානුසාරී වූ මුදින්‍ද්‍රියහට ද තික්ඛින්‍ද්‍රියහට ද ධම්මානුසාරී වූ තික්ඛින්‍ද්‍රියහට ද මුදිඉන්‍ද්‍රියහට ද යම් මෝහචරිත පුද්ගලයෙක් ඇද්ද (හේ) යථාභූත වැ සමාධියට අනුරූප වූ විමුක්තියෙහි යෙදෙන්නට ගැටෙන්නට වෑයම් කරන්නට නො හැකි වෙයි. එකෙණෙහි ඒ ඇසිල්ලෙහි ඒ මොහොතෙහි ඵලය දක්වයි, (?) (සාධු?) පිරිහෙයි. අනිකෙක් එය කෙලසයි? (නො තු ... අපරාපරියවේදනීයං?)

තත්‍ථ යො පුග‍්ගලො ධම‍්මානුසාරී, තස‍්ස යදි සොතානුධතා ධම‍්මා හොන‍්ති, සො යුඤ‍්ජන‍්තො පාපුණාති. යො ධම‍්මානුසාරී මුදින්‍ද්‍රියො, සො ගිලානො පාපුණාති. යො සද‍්ධානුසාරී තික‍්ඛින්‍ද්‍රියො සො මරණකාලසමයෙ පාපුණාති. යො මුදින්‍ද්‍රියො සො දෙවභූතො පාපුණාති.

එයි යම් ධම්මානුසාරී පුද්ගලයෙක් වේ ද ඉදින් ඔහුට ශ්‍රැතයෙන් ධැරූ ධර්‍මයෝ වෙත් නම් හේ (යෝගයෙහි) යෙදෙනුයේ ඵලයට පැමිණෙයි, යමෙක් ධම්මානුසාරී මුදින්‍ද්‍රිය වේ ද හේ ගිලන් වූයේ පැමිණෙයි, යමෙක් සද්ධානුසාරී තික්ඛින්‍ද්‍රිය වේ ද හේ මරණ කාලයෙහි පැමිණෙයි, යමෙක් මුදින්‍ද්‍රිය වේ ද හේ දෙවිවූයේ පැමිණෙයි,

යදා දෙවභූතො න පාපුණාති, සො තෙනෙව ධම‍්මරාගෙන තාය ධම‍්මනන්‍දියා පච‍්චෙකබොධිං පාපුණාති, යො සොතානුධතෙසු යුඤ‍්ජති ඝටෙති වායමති, සො පුබ‍්බාපරෙන විසෙසං සඤ‍්ජානාති, සඤ‍්ජානන‍්තො පාපුණාති. සචෙ පන ගිලානස‍්ස මනසිකාරො හොති, තත්‍ථ යුඤ‍්ජන‍්තො පාපුණාති සචෙ පනස‍්ස මරණකාලෙ සංවිග‍්ගො හොති, තත්‍ථ යුඤ‍්ජන‍්තො පාපුණාති. සචෙ පන න කත්‍ථචි සංවෙගො හොති, තස‍්ස දෙවභූතස‍්ස සුඛිනො ධම‍්මභූතා පාදා එවං අවිලපති (?) සො එවං ජානාති: ‘අයං සො ධම‍්මවිනයො යත්‍ථ මයං පුබ‍්බෙ මනුස‍්සභූතා බ්‍රහ‍්මචරියං චරිම‍්භා’ති. අථ දෙවභූතො පාපුණාති. දිබ‍්බෙසු වා පඤ‍්චසු කාමගුණෙසු අජ‍්ඣොසිතො හොති පමාදවිහාරී, සො තෙන කුසලමූලෙන පච‍්චෙකබොධිං පාපුණාති.

යම් කලෙක දෙවි වූයේ නො පැමිණේ ද හේ එමැ ධම්මරාගයෙන් ඒ ධම්මනන්‍දියෙන් පසේබුදුබවට පැමිණෙයි. යමෙක් ශ්‍රැතයෙන් ධැරූ දහම්හි යෙදේද ගැටේද වෑයම් කෙරේ ද, හේ පූර්‍වාපර විශේෂය අවබෝධ කෙරෙයි, අවබෝධ කරනුයේ පැමිණෙයි. ඉදින් ගිලන් වූවහුට මනසිකාරය වේද එහි යෙදෙනුයේ පැමිණෙයි, ඉදින් ඔහුට මරණකාලයෙහි සංවේගයට පැමිණියේ වේ ද, එහිදී යෙදෙනුයේ පැමිණෙයි. ඉදින් කිසිතැනකදීත් සංවේග නො වේ ද, දෙවි වූ සුවයට පැමිණි ඔහුට (ධම්මභූතා පාදා එවං අවිලපති?) දහම්පද මෙසේ වටහා ද? හේ මෙසේ දැනගනී: ‘යම් සසුනෙක පෙර මිනිස්වූ අපි බඹසර වුසූම් ද මේ ඒ ධර්‍මවිනය’ යි. එකල්හි දෙවිවූ හේ (ඵලයට) පැමිණෙයි. නොහොත් දිව්‍යමය පඤ්චකාමගුණයෙහි බැසගන්නාලදුයේ ප්‍රමාදවිහාරී වේ ද, හෙතෙම ඒ කුශල මූලය හේතු කොටගෙන පසේබුදුබවට පැමිණේ.

යා පරතොඝොසෙන වචසා සුපරිචිතා අයං සුතමයී පඤ‍්ඤා. යෙ පන ධම‍්මා හොන‍්ති මනසා අනුපෙක‍්ඛිතා, අයං චින‍්තාමයී පඤ‍්ඤා. යා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා, අයං භාවනාමයී පඤ‍්ඤා. යං සොතානුධතා මනසා පරිචිතා හොන‍්ති, (?) යො ච දිට‍්ඨෙ යෙව ධම‍්මෙ පරිනිබ‍්බායී, අයං අරහා පුග‍්ගලො. යො උපපජ‍්ජති දෙවභූතො පාපුණාති, තත්‍ථ ච පරිනිබ‍්බායති, අයං අනාගාමී. යො තෙන කුසලමූලෙන පච‍්චෙකබොධිං පාපුණාති, අයං පුබ‍්බයොගසම‍්භාරසම‍්භුතො පුග‍්ගලො.

පරතෝ‍්ඝෝසයෙන් වචනයෙන් මනාකොට උපදවනලද යම් ප්‍රඥාවක් ඇද්ද මේ සුතමයි පඤ්ඤා නමු. යළි සිතින් විමසනලද යම් ධර්‍ම කෙනෙක් වෙත්ද මේ චින්තාමයි පඤ්ඤා නමු. නුවණින් මොනවට අවබෝධ කළ යම් ප්‍රඥාවක් වේ ද මේ භාවනාමයි පඤ්ඤා නමු. (යං සෝතානුධතා මනසා පරිචිතා හොන්ති?) යමෙක් ඉහාත්මයෙහි මැ පිරිනිවේ ද මේ රහත් පුද්ගල යි. යමෙක් (දෙවිබවට) පැමිණේ ද දෙවිවූයේ ඵලයට පැමිණේ ද එහිදී පිරිනිවේද මේ අනාගාමී යැ. යමෙක් ඒ කුශලමූලයෙන් පසේබුදුබවට පැමිණේ ද, මේ පූර්‍වයෝගසම්භාරයෙන් උපන් පුබ්බයොගාවචර පුද්ගල යි.

“සොතානුධතා ධම‍්මා’ති පඨමං විමුත‍්තායතනං, වචසා පරිචිතා’ති දුතියං තතියං ච විමුත‍්තායතනං, මනසානුපෙක‍්ඛිතා’ති චතුත්‍ථං විමුත‍්තායතනං, දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා’ති පඤ‍්චමං විමුත‍්තායතනං.

‘සෝතානුධතා ධම්මා’ යනු පළමුවන විමුත්තායතන යැ, ‘වචසා පරිචිතා’ යනු දෙවැනි තෙවැනි විමුත්තායතන යැ, ‘මනසානුපේක්ඛිතා’ යනු සතර වැනි විමුත්තායතන යැ. ‘දිට්ඨියා සුප්පටීවිද්ධා’ යනු පස්වැනි විමුත්තායතන යි.

සොතානුධතාය විමුත‍්තියා වචසා යා වාචා සුප‍්පටිවිද‍්ධා අනුපුබ‍්බධම‍්මස‍්ස සොතෙන සුත්‍වා සීලක‍්ඛන්‍ධෙ පරිපූරෙති, මනසා අනුපෙක‍්ඛිතා සමාධික‍්ඛන්‍ධං පරිපූරෙති, දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා පඤ‍්ඤාක‍්ඛන්‍ධං පරිපූරෙති.

ශ්‍රැතයෙන් ධරන ලද විමුක්තිය පිළිබඳ යම් වචනයක් මැනැවින් අවබෝධ කරන ලද ද අනුපූර්‍වධර්‍මය කනින් අසා ශීලස්කන්‍ධය පුරයි, සිතින් විමසනලද්දාහු සමාධිස්කන්‍ධය පුරයි, නුවණින් අවබෝධ කරනලද්දාහු ප්‍රඥාස්කන්‍ධය පුරයි.

‘සොතානුධතා ධම‍්මා බහුස‍්සුතා හොන‍්තී’ති විත්‍ථාරෙන කාතබ‍්බං, ඉදං පඨමං සද‍්ධාපදානං. ‘මනසා අනුපෙක‍්ඛිතා’ති පටිසල‍්ලානබහුලො විහරති, විත්‍ථාරෙන කාතබ‍්බං. ඉදං දුතියං සද‍්ධාපදානං. ‘දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා’ති අනාසවා චෙතොවිමුත‍්ති, ‘නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාතී’ති ඉදං තතියං සද‍්ධාපදානං.

ශ්‍රැතයෙන් ධරනලද දහම් ඇත්තාහු බහුශ්‍රුත වෙත් යයි විස්තර කළයුතු යැ. මේ පළමුවන ශ්‍රද්ධාචරිතය යැ, ‘මනසා අනුපෙක්ඛිතා’ යනු විවේකය බහුල කොට ඇතියේ මෙසේ යයි විස්තර කළයුතු යැ. මේ දෙවැනි ශ්‍රද්ධාචරිතය යි. ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ යනු අනාස්‍රව චේතෝවිමුත්ති යැ, ‘නාපරං ඉත්‍ථත්තායාති පජානාති’ යනු මේ තෙවැනි ශ්‍රද්ධාචරිත යි.

‘සොතානුධතා ධම‍්මා’ති සෙඛං සත්‍ථා දස‍්සෙති. ‘මනසා අනුපෙක‍්ඛිතාති අරහන‍්තං සත්‍ථා දස‍්සෙති. දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා’ති තථාගතං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං සත්‍ථා දස‍්සෙති.

‘සෝතානුධතා ධම්මා’ යි බුදුහු ශෛක්‍ෂපුද්ගලයා දක්වනසේක. ‘මනසා අනුපෙක්ඛිතා’ යි බුදුරජාණන් වහන්සේ රහත්හු දක්වන සේක, ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ යි බුදුහු තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්වනසේක.

‘සොතානුධතා ධම‍්මා’ති කාමානං නිස‍්සරණං දස‍්සෙති, මනසා අනුපෙක‍්ඛිතා’ති රූපධාතුයා නිස‍්සරණං දස‍්සෙති, ‘දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා’ති තෙධාතුකානං නිස‍්සරණං දස‍්සෙති. අයං සුත‍්තත්‍ථො.

‘සෝතානුධතා ධම්මා’ යි කාමයන්ගේ නිස්සරණය දක්වනසේක, ‘මනසා අනුපෙක්ඛිතා’ යි රූපධාතුහුගේ නිස්සරණය දක්වති, ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ යි ත්‍රෛධාතුකයන්ගේ නිස්සරණය දක්වනසේක. මේ සූත්‍රාර්‍ත්‍ථ යි.

1. තත්‍ථ කතමො දෙසනාහාරො: ඉමම‍්හි සුත‍්තෙ තයො එසනා දෙසිතා, සොතානුධතෙහි ධම‍්මෙහි චවසා පරිචිතෙහි කාමෙසනාය සමථමග‍්ගො. දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධෙහි බුහ‍්මචරියෙසනාය සමථමග‍්ගො.

1. එහි දේසනාහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි තුන් ඒසනා දෙසනලද්දාහු යැ. ශ්‍රැතයෙන් ධරනලද වචනයෙන් පුහුණුකළ ධර්‍මයන්ගෙන් කාමේසනාවට සමථමාර්‍ගය වෙයි, නුවණින් මැනැවින් අවබෝධ කළ ධර්‍මයන්ගෙන් බ්‍රහ්මචරියේසනාවට සමථමාර්‍ගය වේ.

2. විචයොති යථා සුත‍්තං මනසිකරොන‍්තො විචිනන‍්තො සුතමයීපඤ‍්ඤං පටිලභති. යථා ච සො මනසිකරොතීති යථා සුතධම‍්මා තදා චින‍්තාමයී පඤ‍්ඤං පටිලභති. යථා දිට‍්ඨෙව ධම‍්මෙ මනසිකරොති තදා භාවනාමයී පඤ‍්ඤං පටි ලභති, අයං විචයො.

2. විචය යනු: සූත්‍රය වූ පරිදි මෙනෙහි කරනුයේ විමසනුයේ සුතමයී ප්‍රඥාව ලබයි. ‘යථා ච සො මනසිකරොති’ යනු: ඇසූ දහම් ඇතියේ මෙනෙහි කෙරේ ද? එකල්හි චින්තාමයී ප්‍රඥාව ලබයි, යම්සේ ඉහාත්මයෙහි මැ මෙනෙහි කෙරේ ද එකල්හි භාවනාමයි ප්‍රඥාව ලබයි. මේ විචයහාර යි.

3. සුතෙන සුතමයී පඤ‍්ඤං පටිලභති, චින‍්තාය චින‍්තාමයී පඤ‍්ඤං පටිලභති, භාවනාය භාවනාමයී පඤ‍්ඤං පටිලභති අත්‍ථි එසා යුත‍්ති.

3. ශ්‍රැතයෙන් සුතමයි ප්‍රඥාව ලබයි, චිත්තායෙන් චින්තාමයී ප්‍රඥාව ලබයි, භාවනායෙන් භාවනාමයි ප්‍රඥාව ලබයි, තෙල යුත්ති ඇත.

4. පදට‍්ඨානොති: සොතානුධතා ධම‍්මා’ති ධම‍්මසවනස‍්ස පදට‍්ඨානං. ‘වචසා පරිචිතා’ති යුඤ‍්ජනාය පදට‍්ඨානං. ‘මනසා අනුපෙක‍්ඛිතා’ති ධම‍්මානුධම‍්මාය විපස‍්සනාය පදට‍්ඨානං. දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා’ති පඤ‍්ඤායපි. (?) පදට‍්ඨානං.

4. පදට්ඨාන යනු: ‘සෝතානුධතා ධම්මා’ යනු ධර්‍මශ්‍රවණයට පදට්ඨාන යැ, ‘වචසා පරිචිතා’ යනු (යෝගයෙන්) යෙදීමට පදට්ඨාන යැ, ‘මනසා අනුපෙක්ඛිතා’ යනු ධම්මානුධම්මවිපස්සනාවට පදට්ඨාන යැ, ‘දිට්ඨියා සුපපටීවිද්ධා’ යනු ... ප්‍රඥාවට ද පදට්ඨාන යි.

5. (ලක‍්ඛණොති:) (එත්‍ථ ලක‍්ඛණහාරො පොත්‍ථකෙසු ඌනො විය දිස‍්සති)

5. (ලක්ඛණහාරය ගිලිහී ගොස් ඇත.)

6. චතුබ්‍යුහොති: ඉමම‍්හි සුත‍්තෙ භගවතො කො අධිප‍්පායො: යෙ ඉමාහි ද‍්වීහි පඤ‍්ඤාහි සමන‍්නාගතා තෙ හි..... යන‍්ති නිය්‍යානිකං සාසනන‍්ති. අයං අධිප‍්පායො.

6. චතුබ්‍යුහ යනු: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් මේ දෙවැදෑරුම් ප්‍රඥායෙන් සමන්‍විත වූවාහු ද ඔහු ... ශාසනය නෛර්‍ය්‍යාණික යයි (නිෂ්ඨාවට?) යෙත්. මේ අධිප්‍රාය යි.

7. (ආවට‍්ටොති): අස‍්සවනෙනච අමනසිකාරෙන ච අප‍්පටිවෙධෙන ච සක‍්කායසමුදයගාමිනී පටිපදා වුත‍්තා. සවනෙන ච මනසිකාරෙන ච පටිවෙධෙන ච සක‍්කායනිරොධගාමිනී පටිපදා වුත‍්තා. අයං ආවට‍්ටො.

7. (ආවට්ට යනු:) අශ්‍රවණයෙන් ද අමනසිකාරයෙන් ද අප්‍රතිවේධයෙන් ද සත්කායසමුදයගාමිනී ප්‍රතිපදාව වදාරන ලදු. ශ්‍රවණයෙන් ද මනසිකාරයෙන් ද ප්‍රතිවේධයෙන් ද සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාව වදාරනලද්දී ය. මේ ආවට්ටහාර යි.

8. විභත‍්තීති: එකංසබ්‍යාකරණීයො. නත්‍ථි තත්‍ථ විභත‍්තියා භූමි.

8. ‘විභත්ති’ යනු: (මේ සූත්‍රය) ඒකංසව්‍යාකරණීය වෙයි. එහි විභත්තිහාරයට භූමි නැති.

9. පරිවත‍්තනොති: යෙ චත‍්තාරො ආනිසංසා පඤ‍්චාදිනා පටිපක‍්ඛෙන (?) තෙනෙව දිට‍්ඨෙව ධම‍්මෙ පාපුණාති, තං උපපජ‍්ජමානා අපරො පරියායො (?)

9. ‘පරිවත්තන’ යනු: යම් සතර අනුසස්කෙනෙක් වදාරනලද්දාහු ද, (පඤ්චාදිනා ... අපරො පරියායො?)

10. වෙවචනන‍්ති: සොතානුධතා ධම‍්මාති යං වුත‍්තං දිට‍්ඨිම‍්පි පඤ‍්ඤින්‍ද්‍රියං විඤ‍්ඤාතම‍්පි. දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධම‍්පි විභවිතම‍්පි?

10. ‘වෙවචන’ යනු: ‘සෝතානුධතා ධම්මා’ යි යමක් වදාරනලද ද දිට්ඨිය ද විඤ්ඤාතය ද පඤ්ඤින්‍ද්‍රිය යැ, ප්‍රඥායෙන් මැනැවින් අවබෝධ කරනලද්ද ද (විභාවිතම්පි?)

11. පඤ‍්ඤත‍්තිතී: සොතානුධතා ධම‍්මාති දෙසනා අවිජ‍්ජා පඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං, මනසිකාරො පාමොජ‍්ජපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තො දිට‍්ඨධම‍්මාපි ආනිසංසපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තා.

11. ‘පඤ්ඤත්ති’ යනු: ‘සෝතානුධතා ධම්මා’ යන දේශනාව අවිජ්ජාපඤ්ඤත්තියෙන් පනවන ලද, මනසිකාරය පාමොජ්ජපඤ්ඤත්තියෙන් පනවනලද, ඉහාත්මඵලය ආනිසංසපඤ්ඤත්තියෙන් පනවනලදි.

12. ඔතරණොති: තිස‍්සො පඤ‍්ඤා වචසා පරිචිතෙසු සුතමයීපඤ‍්ඤා, මනසා අනුපෙක‍්ඛිතෙසු චින‍්තාමයීපඤ‍්ඤා, දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධෙසු භාවනාමයීපඤ‍්ඤා, ඉමානි අරියසච‍්චානි ඉන්‍ද්‍රියානි විජ‍්ජුප‍්පාදා අවිජ‍්ජානිරොධො පටිච‍්චසමුප‍්පාදො, ඉන්‍ද්‍රියෙසු තීණි ඉන්‍ද්‍රියානි, ආයතනෙසු ධම‍්මායතනපරියාපන‍්නා, ධාතුසු ධම‍්මධාතුපරියාපන‍්නාති.

12. ‘ඕතරණ’ යනු: තුන් ප්‍රඥායෙකි, වචනයෙන් පුහුණුකරන ලදුයෙහි සුතමයි ප්‍රඥාව යැ, සිතින් විමසන ලදුයෙහි චින්තාමයි ප්‍රඥාව යැ, නුවණින් ප්‍රතිවේධ කරනලදුයෙහි භාවනාමයි ප්‍රඥාව යි. මේ ආර්‍ය්‍ය සත්‍යයෝ ද ඉන්‍ද්‍රියයෝ ද වෙති, මාර්‍ගඥාන විද්‍යාව ඉපැදීමෙන් අවිද්‍යානිරෝධය වෙයි. පටිච්චසමුප්පාද යැ, ඉන්‍ද්‍රියයන් කෙරෙහි තුන් ඉන්‍ද්‍රිය කෙනෙක් වෙති, ආයතනයන් කෙරෙහි ධර්‍මායතනපර්‍ය්‍යාපන්න යැ, ධාතුන් කෙරෙහි ධර්‍මධාතුපර්‍ය්‍යාපන්න යි.

13. සොධනොති: ආරම‍්භො සුත‍්තස‍්ස පවෙසො නියුත‍්තො.

13. ‘සෝධන’ යනු: සූත්‍රයාගේ ආරම්භය (පචෙසො?) යොදන ලදි.

14. අධිට‍්ඨානොති: චත‍්තාරො ආනිසංසාති වෙමත‍්තතාය පඤ‍්ඤත‍්තා ආනිසංසා, සොතානුධතාති: වෙමත‍්තතාය අරියවොහාරො පඤ‍්ඤත‍්තො ධම‍්මෙ ච සවනන‍්ති එකත‍්තතාය පඤ‍්ඤත‍්තං.

14. ‘අධිට්ඨාන’ යනු: චත්තාරො ආනිසංසා’ යි අනුසස්හු වේමත්තතායෙන් පනවනලදහු යැ, ‘සෝතානුධතා’ යි වේමත්තතායෙන් ආර්‍ය්‍ය ව්‍යවහාරය පනවන ලද්දේ යැ, (ධම්මේ ච සවනන්ති?) එකත්තතායෙන් පනවනලදි.

15. පරික‍්ඛාරොති: ධම‍්මසවනස‍්ස පයිරුපාසනා පච‍්චයො, සද‍්ධා හෙතු. මනසා අනුපෙක‍්ඛනාති. අත්‍ථපටිසංවෙදිතා පච‍්චයො, ධම‍්මපටිසංවෙදිතා හෙතු. දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධාති: සද‍්ධම‍්මසවනං ච මනසිකාරො ච පච‍්චයො, සුතමයී චින‍්තාමයී පඤ‍්ඤා හෙතු.

15. ‘පරික්ඛාර’ යනු: ධර්‍මශ්‍රවණයට පයුරුපාසනය ප්‍රත්‍යය වෙයි, ශ්‍රද්ධාව හේතුයි. ‘මනසා අනුපෙක්ඛතා’ යනු: අර්‍ත්‍ථය දන්නාබව ප්‍රත්‍යය වෙයි, පාළිධර්‍මය දන්නාබව හේතු යි. ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ යනු සද්ධර්‍මශ්‍රවණය ද මනසිකාරය ද ප්‍රත්‍ය යැ, සුතමයි චින්තාමයි ප්‍රඥාව හේතු යි.

16. සමාරොපනොති: විභත‍්තං සුත‍්තං, අපරො පරියායො නිබ‍්බත‍්තිඵලෙ නත්‍ථි. තත්‍ථ සමාරොපනාය භූමි.

16. ‘සමාරෝපන’ යනු: සූත්‍රය විභාග කරනලද, (නිබ්බත්තිඵලෙ?) එහි සමාරෝපනයට භූමි නැති.