යෙදුමෙන් කියවන්න

7. 17

7. 17.

7. 17.

තත්‍ථ කතමං වාසනාභාගියං ච නිබ‍්බෙධභාගියං ච සුත‍්තං:

එහි වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍රය කවරෙ යැ:

“දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතී”ති ගාථා දදතොති: දානමයිකපුඤ‍්ඤකිරියවත්‍ථු වුත‍්තං. සංයමතො වෙරං න චීයති”ති: සීලමයිකපුඤ‍්ඤකිරියවත්‍ථු වුත‍්තං. “කුසලො ච ජහාති පාපක”න‍්ති: ලොභස‍්ස ච මොහස‍්ස ච බ්‍යාපාදස‍්ස ච පහානමාහ. “රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො”ති: ලොභස‍්ස ච මොහස‍්ස ච බ්‍යාපාදස‍්ස ච ඡන්‍දරාග විනයමාහාති.

‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යන (උදාන) ගාථාව යැ. ‘දදතො’ යි දානමය පුණ්‍ය ක්‍රියාවස්තුව කියන ලද, ‘සංයමතො වේරං න චීයති’ යි සීලමයපුණ්‍ය ක්‍රියාවස්තුව කියන ලද, ‘කුසලො ච ජහාති පාපකං’ යී ලෝභයාගේ ද මෝහයාගේ ද ව්‍යාපාදයාගේ ද ප්‍රහාණය වදාළහ. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි ලෝභයාගේ ද මෝහයාගේ ද ව්‍යාපාදයාගේ ද ඡන්‍දරාගවිනය වදාළහ යි.

“දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතී”ති අලොභො කුසල මූලං භවති. ‘සංයමතො වෙරං න චීයතී’ති අදොසො කුසලමූලං භවති, ‘සංයමතො වෙරං න චීයතී’ති අවෙරා අසපත‍්තා අබ්‍යාපාදතාය සදා, ‘කුසලො ච ජහාති පාපක’න‍්ති ඤාණුප‍්පාදා අඤ‍්ඤාණනිරොධො.

‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යි අලෝභකුශලමූලය වෙයි. ‘සංයමතො වේරං න චීයති’ යි අදෝසකුශලමූලය වෙයි. ‘සංයමතො වේරං න චීයති’ යි හැම කල්හි අව්‍යාපාදභාවයෙන් (පුද්ගල අකුශල) වෛර නැත්තාහු සතුරන් නැත්තාහු වෙති. ‘කුසලො ච ජහාති පාපකං’ යි ඥානෝත්පාදයෙන් අඥානනිරෝධය වෙයි.

ස නිබ‍්බුතො’ති: මග‍්ගඵලං අනුපාදිසෙසං ච නිබ‍්බානධාතුං මන‍්තෙති. දානෙන ඔළාරිකානං කිලෙසානං පහානං මන‍්තෙති. සීලෙන මජ‍්ඣිමානං පඤ‍්ඤාය සුඛුමකිලෙසාං (පහානං) මන‍්තෙති. ‘රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ති කතා ච භූමි.

‘ස නිබ්බුතො’ යි මාර්‍ගඵලය ද අනුපාදිසේසනිබ්බානධාතුව ද ප්‍රකාශ කෙරෙයි. දානයෙන් ඖදාරික ක්ලේශයන්ගේ ප්‍රහාණය වදාරයි, ශීලයෙන් මධ්‍යම ක්ලේශයන්ගේ ද ප්‍රඥායෙන් සියුම් ක්ලේශයන්ගේ ද ප්‍රහාණය වදාරති. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි (කතා ච භූමි?) තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත අර්‍හත්‍වභූමිය වදාරනසේක.

‘දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති සංයමතො වෙරං න චීයති, කුසලො ච ජහාති පාපක’න‍්ති මග‍්ගො වුත‍්තො. ‘රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ති මග‍්ගඵලමාහ.

‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති, කුසලො ච ජහාති පාපකං’ යි මාර්‍ගය වදාරන ලද්දේ ය, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි මාර්‍ගඵල වදාළහ.

‘දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති, සංයමතො’ති තීහි පදෙහි ලොකිකං කුසලමූලං වුත‍්තං, රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ති ලොකුත‍්තරං කුසලමූලං වුත‍්තං.

‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො’ යන තුන් පදයෙන් ලෞකික කුශලමූලය වදාරනලද, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’යි ලෝකෝත්තර කුශලමූලය වදාරනලදී.

‘දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති - සංයමතො වෙරං න චීයතී’ති: පුථුජ‍්ජනභූමිං මන‍්තෙති. “කුසලො ච ජහාති පාපක”න‍්ති සෙඛභූමිං මන‍්තෙති. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො”ති: අසෙඛභූමි වුත‍්තා.

‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති’ යි පෘථග්ජනභූමිය පවසති, ‘කුසලො ච ජහාති පාපකං’ යි ශෛක්‍ෂභූමිය පවසති, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි අශෛක්‍ෂභූමිය වදාරනලද්දීය.

“දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති - සංයමතො වෙරං න චීයතී”ති: මග‍්ගනියා පටිපදා වුත‍්තා. “කුසලො ච ජහාති පාපක”න‍්ති: සෙඛවිමුත‍්ති. “රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො”ති: අසෙඛවිමුත‍්ති.

‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති’ යි (මග්ගනියා?) මාර්‍ගයට හේතු වූ ප්‍රතිපත් වදාරන ලද්දීය. ‘කුසලො ච ජහාති පාපකං’ යි සේඛවිමුත්ති ද ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි අසෙඛවිමුත්ති ද වදාරනලදී.

“දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති - සංයමතො වෙරං න චීයතී”ති: දානකථං සීලකථං සග‍්ග කථං ලොකිකානං ධම‍්මානං දෙසනමාහ. “කුසලො ච ජහාති පාපක”න‍්ති: ලොකෙ ආදීනවානුපස‍්සනා. ‘රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ති: සාමුක‍්කංසිකාය ධම‍්මදෙසනායපි පටිවිද‍්ධා.

‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති’ යි දානකථාව ද සීලකථාව ද සග්ගකථාව ද යන ලෞකික ධර්‍මදේශනාව වදාළහ. ‘කුසලො ච ජහාති පාපකං’ යි ලෝකයෙහි ආදීනවදර්‍ශනය ද ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි සාමුක්කංසික ධර්‍මදේශනාප්‍රතිවේධය ද වදාළහ.

‘දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතී’ති: පාණානං අභයදානෙන පාණාතිපාතා වෙරමණියා සත‍්තානං අභයං දෙති. එවං සබ‍්බානි සික‍්ඛාපදානි කාතබ‍්බානි ‘සංයමතො වෙරං න චීයතී’ති: සීලෙ පතිට‍්ඨාය චිත‍්තං සංයමෙති, තස‍්ස සංයමතො පාරිපූරිං ගච‍්ඡති. ‘රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ති: ද‍්වෙ විමුත‍්තියො. අයං සුත‍්තසිද‍්දෙසො.

‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යි ප්‍රාණීන්ට අභයදානයෙන් ප්‍රාණවධයෙන් වෙන්වීමෙන් සත්‍වයන්ට අභයදානය කෙරෙයි, මෙසේ සියලු ශික්‍ෂාපද දැක්වියැයුතු. ‘සංයමතො වේරං න චීයති’ යි සීලයෙහි පිහිටා සිත සංයම කෙරෙයි, සංවර වූ ඔහුට (ශික්‍ෂාපද) පිරීමට යෙයි. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි රාගවිරාග චේතෝවිමුත්තිය අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්තිය ද යන දෙවැදෑරුම් විමුක්තීහු වදාරනලද්දාහු වෙති. මේ සූත්‍රනිර්දේශ යි.

1. තත්‍ථ කතමා දෙසනා: ඉමම‍්හි සුත‍්තෙ කිං දෙසිතං: ද‍්වෙ සුගතියො දෙවා ච මනුස‍්සා ච දිබ‍්බා ච පඤ‍්චකාමගුණා මානුස‍්සකා ච. ද‍්වීහි පදෙහි නිද‍්දෙසො. ‘දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති, සංයමතො වෙරං න චීයති, කුසලො ච ජහාති පාපක’න‍්ති මග‍්ගො වුත‍්තො. ‘රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ති ද‍්වෙ නිබ‍්බානධාතුයො දෙසිතා සොපාදිසෙසා ච අනුපාදිසෙසා ච. අයං දෙසනා.

1. එහි ‘දේසනා’ කවරැ: මේ සූත්‍රයෙහි කුමක් දෙසනලද ද යත්: දිව්‍ය මනුෂ්‍ය යන දෙවැදෑරුම් සුගතීහු ද දිව්‍යපඤ්චකාමගුණයෝ ද මනුෂ්‍යපඤ්චකාමගුණයෝ ද දේශිත දෙපදයෙන් නිර්‍දෙශය වේ (?) ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති, සංසමතෝ වේරං න චීයති, කුසලො ච ජහාති ස නිබ්බුතො’ යි සෝපාදිසේස අනුපාදිසේස යන නිර්‍වාණධාතු දෙක දෙසනලදහ. මේ දේසනා යි.

2. විචයොති: ‘දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතී’ති ඉමිනා පඨමෙන පදෙන දානමයිකපුඤ‍්ඤකිරියවත්‍ථු වුත‍්තං, තෙනස‍්ස ආනන‍්තරියානං කුසලානං ධම‍්මානං (උප‍්පාදො වුත‍්තො?) දුතියෙන පදෙන. ... චතුත්‍ථෙන රාගදොසමොහක‍්ඛයෙන රාගවිරාගා චෙතොවිමුත‍්ති, මොහක‍්ඛයෙන අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්ති. අයං විචයො.

2. ‘විචය’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යන මේ පළමුවන පදයෙන් දානමය පුණ්‍යක්‍රියාවස්තුව වදාරනලද, එයින් ඔහුට ආනන්තරිය කුශලධර්‍මයන්ගේ (උත්පාදය වදාරන ලද,) දෙවැනි පදයෙන් ... සතරවැනි පදයෙන් රාගදෝසමෝහක්‍ෂයෙන් රාග විරාග චේතෝවිමුත්තිය ද මෝහක්‍ෂයෙන් අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්තිය ද වදාරනලද වෙයි. මේ විචයහාර යි.

3. යුත‍්තීති: දානෙ ඨිතො උභයං හි පරිපූරෙති. මච‍්ඡරියං ච පජහති, පුඤ‍්ඤං ච පවඩ‍්ඪති. අත්‍ථි එසා යුත‍්ති.

3. ‘යුත්ති’ යනු: දානයෙහි සිටියේ දෙකරුණ මැ සපුරාල යි: මසුරුබව ද දුරලයි. පින ද වඩයි. තෙල යුත්ති ඇති.

4. පදට‍්ඨානන‍්ති: ‘දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතී’ති චාගාධිට‍්ඨානස‍්ස පදට‍්ඨානං. ‘සංයමතො වෙරං න චීයතී’ති පඤ‍්ඤාධිට‍්ඨානස‍්ස පදට‍්ඨානං. ‘කුසලො ච ජහාති පාපක’න‍්ති සච‍්චාධිට‍්ඨානස‍්ස පදට‍්ඨානං. ‘රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ති උපසමාධිට‍්ඨානස‍්ස පදට‍්ඨානං. අයං පදට‍්ඨානො.

4. ‘පදට්ඨාන’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු: ත්‍යාගාධිෂ්ඨානයට පදට්ඨාන යැ. ‘සංයමතො වේරං න චීයති’ යනු ප්‍රඥාධිෂ්ඨානයට පදට්ඨාන යැ, ‘කුසලො ච ජහාති පාපකං’ යනු සත්‍යාධිෂ්ඨානයට පදට්ඨාන යැ, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු උපශමාධිෂ්ඨානයට පදට්ඨාන යැ, මේ පදට්ඨාන යි.

5. තත්‍ථ කතමො ලක‍්ඛණො: දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති සංයමතො වෙරං න චීයති. දදතොපි වෙරං න කරීයති කුසලො ච ජහාති පාපකං රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ රූපක‍්ඛයාපි වෙදනාක‍්ඛයාපි යෙන රූපෙන දිට‍්ඨං, තෙන තථාගතො පඤ‍්ඤාපෙන‍්තො පඤ‍්ඤාපෙය්‍ය රූපස‍්ස ඛයා විරාගනිරොධාති. එවං පඤ‍්චක‍්ඛන්‍ධා.

5. එහි ‘ලක්ඛණ’ කවරෙ යැ: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති, සංයමතො වේරං න චීයති’ දෙන්නහුට ද වෛර නො කරනුලැබෙයි, ‘කුසලො ච ජහාති පාපකං, රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යම් රූපයකින් දක්නාලද ද ඒ රූපක්‍ෂයෙන් ද වේදනාක්‍ෂයෙන් ද එයින් සත්ත්‍ව පනවනුයේ නම් ඒ රූපයාගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙනැයි මෙසේ පඤ්චස්කන්‍ධයෝ දැක්විය යුත්තාහ. (?)

6. චතුබ්‍යූහොති: ඉධ භගවතො කො අධිප‍්පායො: යෙ මහාභොගානං පත්‍ථයිස‍්සන‍්ති, තෙ දානං දස‍්සන‍්ති පරිස‍්සයපහානාය, යෙ අවෙරාභිච‍්ඡන්‍දකා, තෙ පඤ‍්ච වෙරානි පජහිස‍්සන‍්ති, යෙ කුසලාභිච‍්ඡන්‍දකා, තෙ අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සන‍්ති අට‍්ඨන‍්නං මිච‍්ඡත‍්තානං පහානාය, යෙ නිබ‍්බායිතුකාමා, තෙ රාගදොසමොහං පජහිස‍්සන‍්තීති අයං භගවතො අධිප‍්පායො.

6. ‘චතුබ්‍යුහ’ යනු: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ අධිප්‍රාය කවරෙ යැ: යම් කෙනෙක් මහාභෝගයන් ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ද ඔහු දන් දෙන්නාහු යැ, උපද්‍රව ප්‍රහාණය පිණිස යි. යම් කෙනෙක් අවෛර කැමැති වන්නාහු ද ඔහු පඤ්ච අකුශල වෛරයන් දුරලන්නාහු යැ, යම් කෙනෙක් කුශලච්ඡන්‍ද ඇත්තාහු ද ඔහු අෂ්ටමිච්ඡත්තයන් ප්‍රහාණය පිණිස අෂ්ටාංගික මාර්‍ගය වඩන්නාහු යැ, යම් කෙනෙක් පිරිනිවෙනු කැමැත්තාහු ද ඔහු රාග දෝස මෝහ දුරලන්නාහු යැ යන මේ භාග්‍යවතුන් වහන්සේ අදහසයි.

7. ආවට‍්ටොති: යං ච අදදතො මච‍්ඡරියං යං ච අසංයමතො වෙරං, යං ච අකුසලස‍්ස පාපස‍්ස අප‍්පහානං, අයං දුක‍්ඛනිද‍්දෙසො න සමුදයො. අලොභෙන ච අදොසෙන ච අමොහෙන ච කුසලෙන ඉමානි තීණි කුසලමූලා, තෙසං පච‍්චයො අට‍්ඨ සම‍්මත‍්තානි, අයං මග‍්ගො. තෙසං රාගදොසමොහානං ඛයා, අයං නිරොධො.

7. ‘ආවට්ට’ යනු: නො දෙන්නහුට යම් මාත්සර්‍ය්‍යයක් ඇද්ද, සංයම නැත්තහුට යම් වෛරයක් ඇද්ද, අකුශල වූ පාපයාගේ යම් අප්‍රහාණයක් ඇද්ද, මේ දුඃඛනිර්දේශ යැ, සමුදය නොවේ. අලෝභ අදෝස අමෝහකුසලයෙන් මේ තුන් කුශලමූලයෝ වෙති. අට්ඨසම්මත්තයෝ ඒ කුශලමූලයන්ට ප්‍රත්‍ය යැ. අට්ඨ සම්මත්තයෝ මාර්‍ග යැ, ඒ රාගදෝසමෝහයන්ගේ ක්‍ෂය වීම නිරෝධ යි.

8. විභත‍්තීති: ‘දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතී’ති න එකංසෙන, යො රාජදණ‍්ඩභයෙන දෙති, යො ච අකප‍්පියස‍්ස පරිභොගෙන සීලවන‍්තෙසු දෙති, න තස‍්ස පුඤ‍්ඤං පවඩ‍්ඪතීති, සො චෙතං දානං අකුසලෙන දෙති. දණ‍්ඩදානං සත්‍ථදානං අපුඤ‍්ඤමයං පවඩ‍්ඪති, න පුඤ‍්ඤං. ‘සංයමතො වෙරං න චීයතී’ති න එකංසෙන කිං කාරණං: යං ච යො වධං දිට‍්ඨධම‍්මිකං පස‍්සති, යදි මම රාජානො ගහෙත්‍වා හත්‍ථං වා ඡින්‍දෙය්‍යුං -පෙ- න තෙන සංයමෙන වෙරං න කරොති. යො තු එවං සමාදියති: පාණාතිපාතස‍්ස පාපකො විපාකොති. දිට‍්ඨෙ යෙව ධම‍්මෙ අභිසම‍්පරායෙ ච එවං සබ‍්බස‍්ස අකුසලස‍්ස හෙතුතො ආරති. ඉමිනා සංයමෙන වෙරං න චීයති.

8. ‘විභත්ති’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු ඒකාන්තයෙන් නො වෙයි, යමෙක් රාජදණ්ඩභයින් දේද, යමෙකුත් අකප්පියපරිභෝගයෙන් සිල්වතුන් කෙරෙහි දේද ඔහුට පින් නො වැඩේ යයි. හෙ ද තෙල දානය අකුශල සිතින් දෙයි. දණ්ඩදානය ශස්ත්‍රදානය අකුශලය වඩයි. පින් නො වැඩෙයි, ‘සංයමතො වේරං න චීයති’ යනු ඒකාන්තයෙන් නොවෙයි, කරුණු කිම යත්: යමෙක් ඉහාත්මයෙහි යම් වධයක් දකී ද, ඉදින් රජවරුන් (සොරෙකැයි) ගෙන මාගේ අත හෝ සිඳුවන්නාහු යැ ... ඒ සංයමය හේතු කොට අකුශලවෛරය නො කරන්නේ නොවෙයි. යමෙක් වනාහි මෙසේ සමාදානය කෙරේ ද, ඉහාත්මයෙහි ද පරලොව දී ද, ප්‍රාණඝාතයාගේ ලාමක වූ විපාකය වන්නේයැ යි මෙසේ සියලු අකුශලයාගේ හේතුයෙන් වෙන්වෙයි. මේ සංයමය හේතුකොට වෛරය රැස් නොකෙරේය යි.

9. පරිවත‍්තනොති: ‘දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතී’ති: අදදතො පුඤ‍්ඤං න පවඩ‍්ඪති, යං දානමයං තං. ‘සංයමතො වෙරං න චීයතී’ති අසංයමතො වෙරං කරීයති. කුසලො ච ජහාති පාපකං අකුසලො න ජහාති. ‘රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ති: ... නිබ‍්බුතො, අසෙඛස‍්ස නත්‍ථි නිබ‍්බුති. (?)

9. ‘පරිවත්තන’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු නො දෙන්නහුට යම් දානමය පිනක් ඇද්ද ඒ පින නො වැඩෙයි. ‘සංයමතො වේරං න චීයති’ යනු සංයම නැතියහුට වෛරය කෙරෙයි. ‘කුසලො ච ජහාති පාපකං’ යනු: ප්‍රඥා රහිත වූයේ (පව්කම්) නො හරී. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු: නිවියේ වෙයි. (අසේඛස්ස නත්‍ථි නිබ්බුති?)

[අම‍්හෙහි ගන‍්ත්‍වාපි න භගවා ආනීතො, දූතං පෙසෙත්‍වාපි න පක‍්කොසාපිතො, සයමෙව පන මහාභික‍්ඛුසඞ‍්ඝපරිවාරො අම‍්හාකං වසනට‍්ඨානං සම‍්පත‍්තො, අම‍්හෙහි ච සන්‍ථාගාරසාලා කාරිතා, එත්‍ථ මයං දසබලං ආනෙත්‍වා මඞ‍්ගලං භණාපෙමාති චින‍්තෙත්‍වා උපසංකමිංසු. ‘යෙන සන්‍ථාගාරං තෙනුපසංකමිංසූ’ති තං දිවසං කිර සන්‍ථාගාරෙ චිත‍්තකම‍්මං නිට‍්ඨාපෙත්‍වා අට‍්ටකා මුත‍්තමත‍්තා හොන‍්ති. බුද‍්ධා නාම අරඤ‍්ඤජ‍්ඣාසයා අරඤ‍්ඤාරාමා අන‍්තොගාමෙ වසෙය්‍යුං වා නො වා’ති, තස‍්මා භගවතො මනං ජානිත්‍වා ච පටිජග‍්ගිස‍්සාමාති චින‍්තෙවා තෙ භගවන‍්තං උපසංකමිංසු. ඉදානි පන මනං ලභිත්‍වා පටිජග‍්ගිතුකාමා යෙන සන්‍ථාගාරං තෙනුපසඞ‍්කමිංසු.

අප විසින් බුදුහු සමීපයට ගොස් නො පවරනලද්දාහු වෙති. දූතයකු යවාත් නො කැඳවන ලද්දාහු වෙති, යළි තමන් වහන්සේ මැ මහාභික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරනලද්දාහු අප වාසය කරන තැනට වැඩියාහු වෙත්. අප විසිනුදු සන්‍ථාගාරශාලාව කරවන ලදු. අපි මෙහි දසබලයන් වහන්සේ වැඩමවා මංගල දෙසවම්හ’ යි සිතා බුදුරදුන් වෙත එළැඹියාහු යැ. ‘යෙන සන්‍ථාගාරං තෙනුපසංකමිංසු’ යනු එදවස වැලිත් සන්‍ථාගාරයෙහි සිත්තම් නිමවා අටලු මුදාහළමතු වෙත්. බුදුවරයෝ නම් අරණෙහි වසන සිත් ඇත්තාහු අරණෙහි ඇලුණාහු වෙති, ඇතුළුගමැ වසන්නාහු හෝ නො වසන්නාහු හෝ යයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනැගෙන මැ පිළිදැගුම් කරම්හ යි සිතා ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණාහ. දැන් වූ කලී සිත් ලබාගෙනැ පිළිදැගුම් කරනු කැමැත්තාහු සන්‍ථාගාරය වෙත එළැඹියාහු යැ.

සබ‍්බසත්‍ථරි’න‍්ති යථා සබ‍්බං සන්‍ථතං හොති එවං, යෙන භගවා තෙනුපසඞ‍්කමිංසූ’ති එත්‍ථ පන තෙ මල‍්ලරාජානො සන්‍ථාගාරං පටීජග‍්ගිත්‍වා නගරවීථියො’පි සම‍්මජ‍්ජාපෙත්‍වා ධජෙ උස‍්සාපෙත්‍වා ගෙහද‍්වාරෙ පුණ‍්ණඝටෙ ච කදලියො ච ඨපාපෙත්‍වා සකලනගරං දීපමාලාහි විප‍්පකිණ‍්ණතාරකං විය කත්‍වා ‘ඛීරපකෙ ඛීරං පායෙථ, දහරකුමාරෙ ලහුං ලහුං භොජෙත්‍වා සයාපෙථ, උච‍්චාසද‍්දං මා කරිත්‍ථ අජ‍්ජ එකරත‍්තිං සත්‍ථා අන‍්තොගාමෙ වසිස‍්සති, බුද‍්ධා නාම අප‍්පසද‍්දකාමා හොන‍්තී’ති භෙරිං චරාපෙත්‍වා සයං දණ‍්ඩකදීපිකා ආදාය යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු.

‘සබ්බසන්‍ථරිං’ යනු: යම්සේ අතුරන ලද වේද එසෙයින් අතුරා ‘යෙන භගවා තෙනුපසඞ්කමිංසු’ යනු: මෙහි වනාහි ඒ මල්ලරජදරුවෝ සන්‍ථාගාරය පිළිජැගැ නුවර විථී න් ද හමදවා දද නඟවා ගෙදොරෙහි පුන්කලස ද කෙහෙල් ද තබවා සියලු නුවර පහන් පෙළින් විසුරුණු තරු ඇතිකලක් මෙන් කරවා ‘කිරි බොන ළදරුවන් කිරි පොවවු, දහර කුමරුන් වහවහා වළඳවා නිදිගන්වවු. උස්හඬ නහමක් කරවු. ශාස්තෲන් වහන්සේ අද එක් රැයක් ඇතුළුගමැ වසන්නාහ. බුදුවරු නම් නිහඬ රිසි වන්නාහ’ යි බෙර හසුරුවා තුමූ දඬුවැටපහන් ගෙන බුදුන් කරා එළැඹියහ.

‘භගවන‍්තං යෙව පුරක‍්ඛත්‍වා’ති භගවන‍්තං පුරතො කත්‍වා, තත්‍ථ භගවා භික‍්ඛූනං චෙව උපාසකානං ච මජ‍්ඣෙ නිසින‍්නො අතිවිය විරොචති සමන‍්තපාසාදිකො සුවණ‍්ණවණ‍්ණො අභිරූපො දස‍්සනීයො. පුරත්‍ථිමකායතො සුවණ‍්ණවණ‍්ණාරස‍්මි උට‍්ඨහිත්‍වා අසීතිහත්‍ථට‍්ඨානං ගණ‍්හාති, පච‍්ඡිමකායතො දක‍්ඛිණහත්‍ථතො වාමහත්‍ථතො සුවණ‍්ණවණ‍්ණා රස‍්මිඋට‍්ඨහිත්‍වා අසීතිහත්‍ථට‍්ඨානං ගණ‍්හාති, [උපරි කෙසන‍්තතො පට‍්ඨාය සබ‍්බකෙසාමන‍්තෙහි මොරගීවවණ‍්ණරස‍්මි උට‍්ඨහිත්‍වා ගගනතලෙ අසීතිහත්‍ථට‍්ඨානං ගණ‍්හාති]හෙට‍්ඨා පාදතලෙහි පවාළවණ‍්ණරස‍්මි උට‍්ඨහිත්‍වා ඝනපඨවිං අසීතිහත්‍ථට‍්ඨානං ගණ‍්හාති, එවං සමන‍්තා අසීතිහත්‍ථමත‍්තට‍්ඨානං ඡබ‍්බණ‍්ණබුද‍්ධරස‍්මියො විජ‍්ජොතමානා පිප‍්ඵන්‍දමානා විධාවන‍්ති සබ‍්බෙ දිසාභාගා සුවණ‍්ණචම‍්පකපුප‍්ඵෙහි විකිරියමානා විය. සුවණ‍්ණඝටතො නික‍්ඛන‍්ත සුවණ‍්ණරසධාරාහි සිඤ‍්චමානා විය පසාරිකසුවණ‍්ණපටපරික‍්ඛිත‍්තා විය වෙරම‍්බවාතසමුද‍්ධුත කිංසුකකණිකාරපුප‍්ඵචුණ‍්ණසමාකිණ‍්ණා විය විප‍්පකාසන‍්ති

‘භගවන්තං යෙව පුරක්ඛත්‍වා’ යනු: බුදුන් පෙරටු කොට, එහි භාග්‍යවත්හු භික්‍ෂූන්ගේ ද උපාසකයන්ගේ ද මධ්‍යයෙහි වැඩහුන්නාහු හාත්පසින් ප්‍රසාද එළවන්නාහු රන්වන්ව අභිරූපව දර්‍ශනීය වූවාහු අතිශයින් බබළන සේක. පූර්‍වශරීරයෙන් රන්වන් රස් නැඟී අහස්තෙලෙහි අසූරියන් තැන් ගනී. පශ්චිමශරීරයෙන් දක්‍ෂිණහස්තයෙන් වාමහස්තයෙන් රන්වන් රස් නැඟී අසූරියන් තැන් ගනී. මතු කේශාන්තයෙහි පටන් සියලු කේශාවර්‍තයන්ගෙන් මොණරගෙල පැහැති රස් නැඟී අහස්තෙලෙහි අසූරියන් තැන් ගනී. යට පාදතලයෙන් පබළුවන් රස් නැඟී බොල්පොළොව අසූරියන් තැන් ගනී, මෙසේ හාත්පසින් අසූරියන් පමණ තැන් සවනක් බුදුරස්හු දිලෙමින් ලෙලෙමින් දිවෙත්. සියලු දික්හු රන්සපුමල් විසුරුවන කලක් මෙන් රන්කලසින් නික්මුණු රන්රසධාරා ඉසින කලක් මෙන් විදහාලූ රන්පිළියෙන් පිරිකෙව්කළ කලක් මෙන් වේරම්බවාතයෙන් නගන ලද කෑල කිණිහිරි මල්රොන් ගැවැසුණු කලක් මෙන් දිලියෙත්.

භගවතො’පි අසීතිඅනුබ්‍යඤ‍්ජනබ්‍යාමප‍්පභාද‍්වත‍්තිංසවරලක‍්ඛණසමුජ‍්ජලං සරීරං සමුග‍්ගතතාරකං විය ගගනතලං විකසිතමිව පදුමවනං සබ‍්බඵාලිඵුල‍්ලො විය යොජනසතිකො පාරිච‍්ඡත‍්තකො පටිපාටියා ඨපිතානං ද‍්වත‍්තිංසචන්‍දානං ද‍්වත‍්තිංසසුරියානං ද‍්වත‍්තිංසචක‍්කවත‍්තීනං ද‍්වත‍්තිංසදෙවරාජානං ද‍්වත‍්තිංසමහාබ්‍රාහ‍්මණං [සිරියා සිරිං අභිභවමානං විය විරොචති පරිවාරෙත්‍වා නිසින‍්නභික‍්ඛූපි සබ‍්බෙව අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා පවිවිත‍්තා අසංසට‍්ඨා ආරද‍්ධවිරියා චත‍්තාරො වචනක‍්ඛමා චොදකා පාපගරහිනො සීලසම‍්පන‍්නා සමාධිසම‍්පන‍්නා -පෙ-] (සඞ‍්ගිතිසුත‍්තවණ‍්ණනා.)

භාග්‍යවතුන් වහන්සේගේ ද අසූ අනූව්‍යඤ්ජනයෙන් ව්‍යාමප්‍රභායෙන් දෙතිස් වරපුරුෂලක්‍ෂණයෙන් සමුජ්වලිත වූ ශරීරය සමුද්ගත තාරකා ඇති ආකාශතලය සෙයින් විකසිත වූ පියුම්වනයක් සෙයින් මුල සිට අග දක්වා පිපුණු සියක්යොදුන් පරසතුරුක සෙයින් පිළිවෙළින් තබන ලද දෙතිස් චන්‍ද්‍රකෙනකුන්ගේ දෙතිස් සූර්‍ය්‍යකෙනකුන්ගේ දෙතිස් සක්විතිකෙනකුන්ගේ දෙතිස් දිව්‍යරාජකෙනකුන්ගේ දෙතිස් මහාබ්‍රහ්මකෙනකුන්ගේ සෝභාව තමන් වහන්සේගේ සොභායෙන් අභිභවනය කරන කලක් මෙන් බබළා. පිරිවරා වැඩහුන් වහන්දැ ද සියල්ලෝ මැ අල්පේච්ඡ වූවාහු සන්තුෂ්ට වූවාහු ප්‍රවිවික්ත වූවාහු (කුලයා කෙරෙහි ගණයා කෙරෙහි) අසංසෘෂ්ට වූවාහු ආරබ්ධවීර්‍ය්‍ය වූවාහු වක්තෘ වූවාහු වචනක්‍ෂම වූවාහු චෝදක වූවාහු පාපගර්හී වූවාහු ශීලසම්පන්න සමාධිසම්පන්න වූවාහු වෙති ... සංගිති සූත්‍රවර්‍ණනා යි.

නිබ‍්බුතො අසෙඛස‍්ස නත්‍ථි නිබ‍්බුති. (?)

[missing trans]

10. වෙවචනොති: දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති, අනුමොදතොපි පුඤ‍්ඤං පවඩ‍්ඪති. චිත‍්තස‍්ස සමාදහතොපි වෙය්‍යාවච‍්චකිරිසායපි පුඤ‍්ඤං පවඩ‍්ඪතීති.

10. ‘වෙවචන’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ අනුමෝදන් වන්නහුට ද පින් වැඩෙයි, සිත පිහිටුවන්නහුට ද වතාවත් කිරීමෙනුදු පින් වැඩේ යයි.

11. පඤ‍්ඤත‍්තීති: ‘දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතී’ති අලොභස‍්ස පටිනිස‍්සයඝාතපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං. ‘සංයමතො වෙරං න චීයතී’ති අදොසස‍්ස පටිනිස‍්සයඝාතපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං. කුසලො ච ජහාති පාපක’න‍්ති අමොහස‍්ස පටිනිස‍්සයඝාතපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං.

11. ‘පඤ්ඤත්ති’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු අලෝභයට විරුද්ධ නිශ්‍රයඝාත ප්‍රඥප්තියෙන් පනවන ලද, ‘සංයමතො වේරං න චීයති’ යනු අදෝසයට විරුද්ධ හේතුඝාතප්‍රඥප්තියෙන් පනවනලද, ‘කුසලො ච ජහාති පාපකං’ යනු අමෝහයට විරුද්ධ හේතුන්ගේ විඝාතප්‍රඥප්තියෙන් පනවන ලදි.

12. ඔතරණොති: පඤ‍්චසු ඉන්‍ද්‍රියෙසු දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති. සංයමතො වෙරං න චීයති, සංයමෙන සීලක‍්ඛන්‍ධො ඔතිණ‍්ණො, ඡසු ඉන්‍ද්‍රියෙසු සංවරො, අයං සමාධික‍්ඛන්‍ධො. යං කුසලො ච ජහාති පාපකං අයං පඤ‍්ඤාක‍්ඛන්‍ධො. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති විමුත‍්තික‍්ඛන්‍ධො. ධාතුසු ධම‍්මධාතු, ආයතනෙසු මනායතනං.

12. ‘ඕතරණ’ යනු: පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙහි දෙන්නහුට පින් වැඩෙයි, සංයමයෙන් වෛරය නො කෙරෙයි, සංයමයෙන් ශීලස්කන්‍ධය අවතීර්‍ණ යැ, (චක්‍ෂුරාදි) ෂඩ්ඉන්‍ද්‍රියන්හි සංවරය වෙයි, මේ සමාධිස්කන්‍ධ යැ, දක්‍ෂ වූයේ පව් දුරලයි යන යමක් ඇද්ද මේ ප්‍රඥාස්කන්‍ධ යැ, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු විමුක්තිස්කන්‍ධ යැ, ධාතුන් කෙරෙහි ධර්‍මධාතු යැ, ආයතනයන් කෙරෙහි මනායතන යි.

13. සොධනොති: යෙනාරම‍්භෙන ඉදං සුත‍්තං දෙසිතං, සො ආරම‍්භො සුද‍්ධො.

13. ‘සෝධන’ යනු: යම් ආරම්භයෙකින් මේ සූත්‍රය දෙන ලද ද, ඒ ආරම්භය ශුද්ධ යි.

14. අධිට‍්ඨානොති: දානන‍්ති එකත‍්තතාය පඤ‍්ඤත‍්තං. චාගො පරිච‍්චාගො ධම‍්මදානං ආමිසදානං අට‍්ඨ දානානි විත්‍ථාරෙන කාතබ‍්බානි, අයං වෙමත‍්තතා. න ච දදතො එකත‍්තපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං ඛන‍්තී අනවජ‍්ජන‍්ති පඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තං. ‘රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ති රොධවිරියපඤ‍්ඤත‍්තියා පඤ‍්ඤත‍්තා.

14. ‘අධිට්ඨාන’ යනු: ‘දාන’ යනු ඒකත්තතායෙන් පනවන ලද, චාග පරිච්චාග ධම්මදාන ආමිසදාන යැ, අටවැදෑරුම් දානයෝ විස්තර කළයුත්තාහු යැ, මේ වේමත්තතා යි. ‘දදතො’ යනු ඒකත්‍වප්‍රඥප්තියෙන් නො ද පනවනලද, ඛන්තිය අනවද්‍යප්‍රඥප්තියෙන් පනවනලද, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු රෝධ (?) විරියපඤ්ඤත්තියෙන් පනවන ලදහු යි.

15. පරික‍්ඛාරොති: දානස‍්ස පාමොජ‍්ජං පච‍්චයො, අලොභො හෙතු. සංයමතො යොනිසොමනසිකාරො හෙතු, පරිච‍්චාගො පච‍්චයො. ‘කුසලො ච ජහාති පාපක’න‍්ති යථාභූතදස‍්සනං පච‍්චයො, ඤාණපටිලාභො හෙතු. ‘රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ති පරතො ච ඝොසො අජ‍්ඣත‍්තං ච යොනිසො මනසිකාරො ධම‍්මො ච හෙතු ච පච‍්චයො ච.

15. ‘පරික්ඛාර’ යනු: දානයට ප්‍රාමෝද්‍යය ප්‍රත්‍ය යැ, අලෝභය හේතු යි. සංයමයට යෝනිසෝමනස්කාර හේතු යැ, පරිත්‍යාගය ප්‍රත්‍යයයි. ‘කුසලො ච ජහාති පාපකං’ යනු යථාභූතඥානදර්‍ශනය ප්‍රත්‍ය යැ, ඥානප්‍රතිලාභය හේතු යි. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි යෝනිසෝමනස්කාර ද හේතු ද ප්‍රත්‍යය ද වේ.

16. සමාරොපනොති: ‘දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතී’ති ගාථා තස‍්ස සීලම‍්පි වඩ‍්ඪති, සංයමො’පි වඩ‍්ඪති. ‘සංයමතො වෙරං න චීයතී’ති අඤ‍්ඤෙපි කිලෙසා න චීයන‍්ති, යෙපිස‍්ස තප‍්පච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතා, තෙපිස‍්ස න උප‍්පජ‍්ජන‍්ති. ‘රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ති රාගදොසස‍්සාපි ඛයා රාගානුසයස‍්සා’පි ඛයා දොසස‍්ස මොහස‍්සාපි, ‘ස නිබ‍්බුතො’ති සොපාදිසෙසා නිබ‍්බානධාතු අනුපාදිසෙසාපි. අයං සමාරොපනො.

16. ‘සමාරෝපන’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු ඔහුට සීලය ද වැඩෙයි, සංයමය ද වැඩෙයි. ‘සංයමතො වේරං න චීයති’ යනු අන්‍ය ක්ලේශයෝ ද නූපදිති, ඒ හේතුයෙන් ඔහුට උපද්‍රව උපදවන යම් ආස්‍රව කෙනෙකුත් උපදනාහු නම් ඒ ආස්‍රවයෝ ද ඔහුට නූපදිත්. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු රාගදෝසයන්ගේ ක්‍ෂය වීමෙන් ද රාගානුසයාගේ ක්‍ෂය වීමෙන් ද දෝසයාගේ හා මෝහයාගේ ක්‍ෂය වීමෙන් ද, ‘ස නිබ්බුතො’ යනු සෝපාදිසේසනිබ්බානධාතුව ද අනුපාදිසේසනිබ්බානධාතුව ද වේ. මේ සමාරෝපන යි.

ථෙරස‍්ස මහාකච‍්චායනස‍්ස පෙටකොපදෙසෙ

මහාකච්චායන ස්ථවිරයන් වහන්සේගේ පෙටකෝපදේසයෙහි

හාරස‍්ස සම‍්පාතභූමි සමත‍්තා.

හාරසම්පාත භූමිය සමාප්තයි.