යෙදුමෙන් කියවන්න

වාසෙට‍්ඨසුත‍්තං

3. 9.

3. 9.

වාසෙට‍්ඨසුත‍්තං

වාසෙට්ඨ සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා ඉච‍්ඡානඞ‍්ගලෙ විහරති ඉච‍්ඡානඞ‍්ගලවනසණ‍්ඩෙ, තෙන ඛො පන සමයෙන සම‍්බහුලා අභිඤ‍්ඤාතා බ්‍රාහ‍්මණමහාසාලා ඉච‍්ඡානඞ‍්ගලෙ පටිවසන‍්ති, සෙය්‍යථීදං චඞ‍්කි බ්‍රාහ‍්මණො තාරුක‍්ඛො බ්‍රාහ‍්මණො, පොක‍්ඛරසාති බ්‍රාහ‍්මණො ජාණුස‍්සොණී බ්‍රාහ‍්මණො තොදෙය්‍ය බ්‍රාහ‍්මණො අඤ‍්ඤෙ ච අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා බ්‍රාහ‍්මණමහාසාළා. අථ ඛො වාසෙට‍්ඨභාරද‍්වාජානං මාණවානං ජඞ‍්ඝාවිහාරං අනුවඞ‍්කමමානානං අනුවිවරමානානං අයමන‍්තරා කථා උදපාදි, කථං භො බ්‍රාහ‍්මණො හොතීති.

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල නම් ගම්හි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වැඩ වසන සේක, එ සමයෙහි බොහෝ අභිඥාත වූ බ්‍රාහ්මණමහාසාරයෝ ඉච්ඡානඞ්ගලයෙහි වාසය කරති. උහු කවරහ යත්: චඞ්කී බ්‍රාහ්මණය, තාරුක්ඛ බ්‍රාහ්මණය, පොක්ඛරසාති බ්රාහ්මණය, ජානුස්සෝණී බ්‍රාහ්මණය, තෝදෙය්‍ය බ්‍රාහ්මණය, අන්‍යවූත් අභිඥාත බ්‍රාහ්මණ මහා සාරයෝ ය යන මොහු යි. එකල්හි ජඞ්ඝාවිහාර සඳහා ඔබ මොබ අනුචඞ්ක්‍රමණ කරණ අනුවිචරණ කරණ වාසෙට්ඨ, භාරද්වාජ බ්‍රාහ්මණ මාණවකයන් අතර මෙ අතුරු කථාව පහළ විය. “භවත්නි, කෙසේ බ්‍රාහ්මණ වේ ය”යි?

භාරද‍්වාජො මාණවො එව මාහ: යතො ඛො භො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච සංසුද‍්ධගහණිකො යාව සත‍්තමා පිතාමහයුගා අක‍්ඛිත‍්තො අනුපක‍්කුට‍්ඨො ජාතිවාදෙන එත‍්තාවතා ඛො බ්‍රාහ‍්මණො හොතීති.

භාරද්වාජ මාණව මෙසේ කීය: යම් කරුණෙකින් මවුපසින් හා පිය පසින් හා දෙපසින් සුජාත වේද, සුපුරිසිදු මවුකුස් ඇතියේ ද, සත්මුතු පරපුර තෙක් (ජාතිගෝත්‍ර විසින්) අවඥාත නොවූයේ ද, ජාතිවාදයෙන් අනුපකෘෂ්ට වූයේ ද මෙ තෙක් කරුණින් බ්‍රාහ්මණ වේය”යි,

වාසෙට‍්ඨො මාණවො එව මාහ: යතො ඛො භො සීලවා ච හොති වත‍්තසම‍්පන‍්නො ච එත‍්තාවතා ඛො බ්‍රාහ‍්මණො හොතීති. නෙව ඛො අසක‍්ඛි භාරද‍්වාජො මාණවො වාසෙට‍්ඨං මාණවං සඤ‍්ඤාපෙතුං, න පන අසක‍්ඛි වාසෙට‍්ඨො මාණවො භාරද‍්වාජං මාණවඤ‍්ච සඤ‍්ඤාපෙතුං.

වාසෙට්ඨ මාණව මෙසේ කීය: “භවත්නි, යම්කරුණෙකින් සිල්වත් වේ ද, වත්සපන් වේ ද මෙතෙක් කරුණෙන් බ්‍රාහ්මණ වේය”යි. භාරද්වාජමානව වාසෙට්ඨ මාණවයාට කරුණු ගන්වන්නට නො මැ හැකි විය. වාසෙට්ඨමාණවයාත් භාරද්වාජ මාණව හට කරුණු හැඟැවිය නො හැකි මැ විය.

අථ ඛො වාසෙට‍්ඨො මාණවො භාරද‍්වාජං මාණවං ආමන‍්තෙසි: අයං ඛො භාරද‍්වාජ සමණො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො ඉච‍්ඡානඞ‍්ගලෙ විහරති ඉච‍්ඡානඞ‍්ගලවනසණ‍්ඩෙ, තං ඛො පන භවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ඉතිපි -පෙ- බුද‍්ධො භගවාති. ආයාම භො භාරද‍්වාජ, යෙන සමණො ගොතමො තෙනුපසඞ‍්කමිස‍්සාම, උපසඞ‍්කමිත්‍වා සමණං ගොතමං එතමත්‍ථං පුච‍්ඡිස‍්සාම, යථා නො සමණො ගොතමො ව්‍යාකරිස‍්සති තථා නං ධාරෙස‍්සාමාති. එවං හොති ඛො භාරද‍්වාජො මාණවො වාසෙට‍්ඨස‍්ස මාණවස‍්ස පච‍්චස‍්සොසි.

එකල්හි වාසෙට්ඨ මාණව භාරද්වාජ මානවයා ඇමතීය: “භාරද්වාජයෙනි, ශාක්‍යකුලයෙන් පැවිදිවූ මේ ශ්‍රමණ ගෞතම ශාක්‍ය පුත්‍ර ඉච්ඡානඞ්ගල ගම්හි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වැඩැ වෙසෙයි. එ භවත් ගෞතමයන්ගේ මෙවන් කලණ කිත් ගොසෙක් උස්ව නැංගේය. එ භවත් -පෙ- බුද්ධය, භාග්‍යවත්”හයි. භවත් භාරද්වාජයෙනි, යම්හ, ශ්‍රමණ ගෞතමයන් කරා එළැඹෙම්හ. එළැඹ මහණ ගොයුම්හුවෙතින් තෙල කරුණ අසා දැනුම්හ, ශ්‍රමණ ගෞතමයෝ යම් ලෙසකින් අපට විවරණ කරන්නාහු නම් එසෙයින් අසා ධරම්හ”යි. “භවත්නි, එසේය”යි භාරද්වාජ මාණව වාසෙට්ඨ මාණව හට පිළිවදන් ඇස් වීය.

අථ ඛො වාසෙට‍්ඨභාරද‍්වාජා මාණවා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු, එකමන‍්තං නිසින‍්නො ඛො වාසෙට‍්ඨො මාණවො භගවන‍්තං ගාථාය අජ‍්ඣාභාසි.

එක්බිති වාසෙට්ඨ භාරද්වාජ මානවයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු විය සිහිකටයුතු කථා කොට නිමවා එකත් පස්හි හුන්හ. එකත්පස්හි හුන් වාසෙට්ඨ මාණව භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කරුණු සැල කළේයැ:

597. අනුඤ‍්ඤාතපටිඤ‍්ඤාතා තෙවිජ‍්ජා මයමස‍්ම භො, අහං පොක‍්ඛරසාතිස‍්ස තාරුක‍්ඛස‍්සා’යං මාණවො.

597. අපි දෙදෙන (ගුරුන් විසිනුදු අප විසිනුදු) අනුඥාත ප්‍රතිඥාත ත්‍රිවිද්‍යා ඇතියම් හ. මම් පොක්ඛරසාතී ඇදුරුහුගේ දෙටු අතැවැසි යෙමි. මෙ මාණව තාරුක්ඛ ඇදුරුහුගේ දෙටු අතැවැසි වෙයි.

598. තෙවිජ‍්ජානං යදක‍්ඛාතං නනු කෙවලිනො’ස‍්ම සෙ, පදකා’ස‍්ම වෙය්‍යාකරණා ජප‍්පෙ ආචරියසාදිසා.

598. ත්‍රිවේදයන් පිළිබඳ යමක් උගන්වන ලද නම්, අපි එහි නිෂ්ඨාගතයම්හ. පදහදාරන්නමෝ වියරණ දතුවමෝ (වේද සඞ්ඛ්‍යාත) ජල්පයෙහි ආචාර්‍ය්‍ය සදෘශයම්හ.

599. තෙසං නො ජාතිවාදස‍්මිං විවාදො අත්‍ථි ගොතම, ජාතියා බ්‍රාහ‍්මණො හොති භාරද‍්වාජො ඉති භාසති. අහඤ‍්ච කම‍්මනා බ්‍රූමි එවං ජානාහි චක‍්ඛුම.

599. ගෞතමයන් වහන්ස, එ අප දෙදෙන අතර ජාතිවාද නිමිත්තයෙන් විවාදැයෙක් ඇත. ඒ ජාතියෙන් බ්‍රාහ්මණ වේ යයි භාරද්වාජ බෙණෙයි, කර්‍මයෙන් බ්‍රාහ්මණ වෙතී මම් කියමි, චක්‍ෂූර්‍මතුන්වහන්ස, තෙල කරුණ මෙසෙයින් දැනගන්නා සේක්වා.

600. තෙ න සක‍්කොම සඤ‍්ඤාපෙතුං අඤ‍්ඤමඤ‍්ඤං මයං උභො, භගවන‍්තං පුට‍්ඨුමාගම‍්ම සම‍්බුද‍්ධං ඉති විස‍්සුතං.

600. එ අපි දෙදෙන උනුන් ගිවිස්වන්නට නො හැකියම්හ. (එහෙයින් ) ‘සම්බුද්ධහ’යි විශ්‍රැත භාග්‍යවතුන් පුළුවුස්නට පැමිණියම්හ.

601. චන්‍දං යථා ඛයාතීතං පෙච‍්ච පඤ‍්ජලිකා ජනා, වන්‍දමානා නමස‍්සන‍්ති එවං ලොකස‍්මි ගොතමං.

601. යම්සේ ජනයෝ (ක්‍ෂයාතීතවූ) පිරිපුන් සඳ දැක බදැඳිලි වෙත්ද: එසෙයින් ලොව්හි ගෞතමයන් ද වෙතැ පැමිණ වදනාහු නමදිත්.

602. චක‍්ඛුං ලොකෙ සමුප‍්පන‍්නං මයං පුච‍්ඡාම ගොතමං, ජාතියා බ්‍රාහ‍්මණො හොති උදාහු භවති කම‍්මනා; අජානතං නො පබ්‍රූහි යථා ජානෙමු බ්‍රාහ‍්මණං.

602. අපි ලොව්හි උපන් නුවණැසවූ ගෞතමයන් පුළුවුසුම්හ: “ජාතිමාත්‍රයෙන් බ්‍රාහ්මණ වේද? නැතහොත් කර්‍ම හේතුයෙන් බ්‍රාහ්මණවේ? දැ”යි. යම් පරිද්දෙකින් අපි බ්‍රාහ්මණයා හඳුනමෝ නම්, එපරිද්දෙන් නොදන්නා අපට දන්වා වදාළ මැනැවි.

603. තෙසං වොහං ව්‍යක‍්ඛිස‍්සං (වාසෙට‍්ඨාති භගවා) අනුපුබ‍්බං යථාතථං ජාතිවිභාගං පාණානං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.

603. වාසෙට්ඨයෙනි, එ තොපට මම අනුපිළිවෙළින් ජාති විභාගය ඇති සැටියෙන් විවරණ කරන්නෙමි. ඒ ඒ ප්‍රාණීන්ගේ ජාතිහු අන්‍ය අන්‍ය (නානාප්‍රාර වූවාහු) මැ වෙත් යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

604. තිණරුක‍්ඛෙපි ජානාථ න චාපි පටිජානරෙ, ලිඞ‍්ගං ජාතිමයං තෙසං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.

604. (පළමු මැ) තෘණ වෘක්‍ෂයන් (අනුපාදින්නක වස්තූන්) දනුව. ඔහු(අපි තෘණයම්හ, අපි වෘක්‍ෂයම්හ’යි) ප්‍රතිඥා නොකෙරෙති. ඔවුන්ගේ ලිඞ්ගය (සංස්ථානය) ජාතිමය වෙයි, (ඔවුන්ගේ) ජාතිහු නානාප්‍රකාර මැ වෙත්.

605. තතො කීටෙ පටඞ‍්ගෙ ච යාච කුන‍්තකිපිල‍්ලිකෙ, ලිඞ‍්ගං ජාතිමයං තෙසං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.

605. අනතුරුවැ සිනි කිහිඹින් හිම්කොට ඇති කෘමි පලඟැටියනු දු දනිවු. ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහූ අන්‍යෝන්‍ය මැ වෙති.

606. චතුප‍්පදෙ පි ජානාථ ඛුද‍්දකෙ ච මහල‍්ලකෙ, ලිඞ‍්ගං ජාතිමයං තෙසං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.

606. කුදු මහත් සිවුපා සතුනුදු දනුව, ඔවුන්ගේ ලිඞ්ගය මැ ජාතිමය වෙයි, ජාතිහූ නානාප්‍රකාර වෙත්මැයි.

607. පාදූදරෙ’පි ජානාථ උරගෙ දීඝපිට‍්ඨිකෙ, ලිඞ‍්ගං ජාතිමයං තෙසං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.

607. දික් පිටු ඇති උදරය මැ පාකොට ඇති උරගුන් ද දනුව. ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහූ අන්‍යෝන්‍ය මැ වෙත්.

608. තතො මච‍්ඡෙ’පි ජානාථ ඔදකෙ වාරිගොචරෙ, ලිඞ‍්ගං ජාතිමයං තෙසං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.

608. තවද, දිය මැ වාසභුමි කොට ඇති ජලජ මත්ස්‍යයනුදු දනුව, ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහූ අන්‍යෝන්‍ය මැ වෙත්.

609. තතො පක‍්ඛීපි ජානාථ පත‍්තයානෙ විභඞ‍්ගමෙ, ලිඞ‍්ගං ජාතිමයං තෙසං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.

609. තවද, පියාපත් යාන කොටගත්, ආකාශචාරී පක්‍ෂීහු දු දනුව, ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහු නානාප්‍රකාර වෙත්.

610. යථා එතාසු ජාතීසු ලිඞ‍්ගං ජාතිමයං පුථු, එවං නත්‍ථි මනුස‍්සෙසු ලිඞ‍්ගං ජාතිමයං පුථු.

610. යම් සෙයෙකින් තෙල ජාතීන් කෙරෙහි පෘථක් ලිඞ්ගය ජාතිමය වේ ද, එසෙයින් මනුෂ්‍යයන් කෙරෙහි ජාතිමය වූ පෘථග් ලිඞ්ගයෙක් නැති.

611. න කෙසෙහි න සීසෙන න කණ‍්ණෙහි න අක‍්ඛීහි න මුඛෙන න නාසාය න ඔට‍්ඨෙහි භමූහි වා.

611. කෙස් හෙයිනුදු පෘථග් ජාතිමය ලිඞ්ගයෙක් නැත. ශීර්‍ෂයෙනුදු නැත. කර්‍ණයෙනුදු නැත. නේත්‍ර හේතුයෙනුදු නැත. මුඛයෙනුදු නැත. නාසායෙනුදු නැත. තොලිනුදු නැත, බැමිනුදු නැත.

612. න ගීවාය න අංසෙහි න උදරෙන න පිට‍්ඨියා, න යොනියා න උරසා න සම‍්බාධෙ න මෙථුනෙ.

612. ග්‍රීවායෙනුදු (පෘථක් ජාතිමය ලිඞ්ගයෙක් ) නැත. අංසයෙනුදු නැත, උදරයෙනුදු නැත, පෘෂ්ඨයෙනුදු නැත, යෝනියෙනුදු නැත, හෘදයෙනුදු නැත, සම්බාධස්ථාන යෙහි දු නැත. මෛථුන යෙහිදු නැත.

613. න හත්‍ථෙහි න පාදෙහි නාඞ‍්ගුලීහි නඛෙහි වා, න ජඞ‍්ඝාහි න ඌරූහි න වණ‍්ණෙන සරෙන වා. ලිඞ‍්ගං ජාතිමයං නෙව යථා අඤ‍්ඤාසු ජාතීසු.

613. අතිනුදු නැත, පයිනුදු නැත, ඇඟිලියෙනුදු නැත, නියෙනුදු නැත, ජඞ්ඝායෙනුදු නැත, ඌරුයෙනුදු නැත, පැහැයෙනුදු නැත, ස්වරයෙනුදු නැත, අන්‍ය (පශුපක්‍ෂී ආදී) ජාතීන්හි සෙයින් (මිනිසුන් කෙරෙහි) ජාතිමය පෘථක් ලිඞ්ගයෙක් නො මැති.

614. පච‍්චත‍්තං ච සරීරෙසු මනුස‍්සෙස‍්වෙතං න විජ‍්ජති, වොහාරඤ‍්ච මනුස‍්සෙසු සමඤ‍්ඤාය පවුච‍්චති.

614. මිනිස් සිරුරෙහි (අන්‍යජාතීන් කෙරෙහි මෙන්) තෙල (පෘථග් ජාතිමය) ළිඞ්ගයෙක් විද්‍යාමාන නොවෙයි, මනුෂ්‍යයන් කෙරෙහි (නානාත්‍වවිධාන පර්‍ය්‍යාය සඞ්ඛ්‍යාත) වෙනස ව්‍යවහාරමාත්‍රයෙන් කියනු ලැබේ.

615. යො හි කොචි මනුස‍්සෙසු ගොරක‍්ඛං උපජීවති, එවං වාසෙට‍්ඨ ජානාහි කස‍්සපො සො න බ්‍රාහ‍්මණො.

615. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් ගෝරක්‍ෂායෙන් (කෘෂිකර්‍මයෙන්) දිවි වටා නම්, වාසෙට්ඨය, හෙ කෘෂක (ගොවි) හයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.

616. යො හි කොචි මනුස‍්සෙසු පුථු සිප‍්පෙන ජීවති, එවං වාසෙට‍්ඨ ජානාහි සිප‍්පිකො සො න බ්‍රාහ‍්මණො.

616. මිනිසුන් අතුරෙහි යම් මැ කිසිවෙක් නා නා ශිල්පයෙන් දිවි වටා ද, වාසෙට්ඨය, හෙ ශිල්පියෙකැ යි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.

617. යො හි කොචි මනුස‍්සෙසු වොහාරං උපජීවති, එවං වාසෙට‍්ඨ ජානාහි වාණිජො සො න බ්‍රාහ‍්මණො.

617. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් ව්‍යවහාරයෙන් (වණික්කර්‍මයෙන්) දිවි වටා නම්, වාසෙට්ඨයෙනි, හෙ වෙළඳෙකැයි මෙසේ දනුව බ්‍රාහ්මණ නොවේ.

618. යො හි කොචි මනුස‍්සෙසු පරපෙස‍්සෙන ජීවති, එවං වාසෙට‍්ඨ ජානාහි පෙස‍්සිකො සො න බ්‍රාහ‍්මණො.

618. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් පරහට මෙහෙවරින් දිවිවටා නම්, වාසෙට්ඨය, හෙ මෙහෙකරුවෙකුයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.

619. යො හි කොචි මනුස‍්සෙසු අදින‍්නං උපජීවති, එවං වාසෙට‍්ඨ ජානාහි චොරො එසො න බ්‍රාහ‍්මණො.

619. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් අයිනාදනින් දිවිවටා නම්, වාසෙට්ඨය, හෙ සොරෙකැයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.

620. යො හි කොචි මනුස‍්සෙසු ඉස‍්සත්‍ථං උපජීවති, එවං වාසෙට‍්ඨ ජානාහි යොධාජීවො න බ්‍රාහ‍්මණො.

620. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් ආයුධ ශිල්පයෙන් දිවිවටා නම්, වාසෙට්ඨය, හෙ යෝධාජීවයෙකැයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.

621. යො හි කොචි මනුස‍්සෙසු පොරොහිච‍්චෙන ජීවති, එවං වාසෙට‍්ඨ ජානාහි යාජකො සො න බ්‍රාහ‍්මණො.

621. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් පෙරෙවි කැමින් දිවිවටා නම්, වාසෙට්ඨය, හෙ යාජකයෙකැයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.

622. යො හි කොචි මනුස‍්සෙසු ගාමං රට‍්ඨඤ‍්ච භුඤ‍්ජති, එවං වාසෙට‍්ඨ ජානාහි රාජා එසො න බ්‍රාහ‍්මණො.

622. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් ගමත් රටත් වලද කෙරේ නම්, වාසෙට්ඨයෙනි, තෙල බ්‍රාහ්මණ නොව රජෙකැ මෙසෙයින් දනුව.

623. නවා’ හං බ්‍රාහ‍්මණං බ්‍රූමි යොනිජං මත‍්තිසම‍්භවං, භොවාදි නාම සො හොති සචෙ හොති සකිඤ‍්චනො.

623. මවුකුස උපන්, යෝනිජ වූ පුඟුලකු බ්‍රාහ්මණ යි මම නොකියමි. හේ ‘භොවාදි’ නම් වේ. හෙ ඒකාන්තයෙන් (රාගාදිකිඤ්චනයෙන් යුක්ත වන හෙයින්) සකිඤ්චන වේ. රාගාදි කිඤ්චන නැති, ආදාන රහිත ඒ රහත් ම බ්‍රාහ්මණ යි මම කියමි.

624. සබ‍්බසංයොජනං ජෙත්‍වා යො වෙ න පරිතස‍්සති, සඞ‍්ගාතිගං විසංයුත‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

624. හැම දස සංයෝජනයන් සිඳපියා යමෙක් එකැතියෙන් තෘෂ්ණායෙන් නොබා නම්, රාගාදි සඞ්ගයන් ඉක්මැ ගිය, චතුර්විධ යෝගයෙන් නො බැඳුනු එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

625. ඡෙත්‍වා නද‍්ධිං වරත‍්තඤ‍්ච සන්‍දානං සහනුක‍්කමං, උක‍්ඛීත‍්තපලිඝං බුද‍්ධං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං

625. (බද්ධ වෛර සඞ්ඛ්‍යාත) ක්‍රෝධයද (බන්‍ධන භාව සඞ්ඛ්‍යාත) තෘෂ්ණාවරත්‍රයද ( අනුශය සඞ්ඛ්‍යාත) අනුක්‍රම සහිත දෙසැට මිසදිටු හැකිල්ල ද සිඳපියා උත්ක්‍ෂිප්ත වූ අවිද්‍යා සඞ්ඛ්‍යාත පලිඝ ඇති සිවුසස්දම් පිළිවිදි හෙයින් බුද්ධ නම් වූ එ රහත් බ්‍රාහ්මණ යී මම කියමි.

626. අක‍්කොසං වධබන්‍ධඤ‍්ච අදුට‍්ඨො යො තිතික‍්ඛති, ඛන‍්තීබලං බලානීකං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං

626. යමෙක් නො කිපි සිත් ඇත්තේ දශවිධ ආක්‍රෝශය ද (පාණිආදියෙන්) පෙළුම් ද අන්‍දුබන්‍ධනාදියෙන් බැඳුම් ද ඉවසා නම්, ක්‍ෂාන්ති බල ඇති ක්‍ෂාන්ති බලය අනීක (ඇනි) කොට වැටෙන එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

627. අක‍්කොධනං වතවන‍්තං සීලවන‍්තං අනුස‍්සදං, දන‍්තං අන‍්තිමසාරීරං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

627. ක්‍රෝධ නොකරණ, ධූතව්‍රඇති, චතුපාරිශුද්ධි ශීලයෙන් යුත් තෘෂ්ණෝත්සද රහිත වූ, ෂඩින්‍ද්‍රිය දමනයෙන් දැමුනු, (පශ්චිම ස්කන්‍ධ සඞ්ඛ්‍යාත) අන්තිම ශරීර ධරණ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

628. වාරි පොක‍්ඛරපත‍්තෙව ආරග‍්ගෙරිව සාසපො, යො න ලිප‍්පති කාමෙසු තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

628. පොකුරු පත්හි දිය සෙයිනුදු හිදි අගෙහි අබ ඇට සෙයිනුදු වස්තුකාම ක්ලේශකාමයන්හි යමෙක් නොලැගේ නම්, ඒ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

629. යො දුක‍්ඛස‍්ස පජානාති ඉධෙ’ව ඛයමත‍්තනො, පන‍්නභාරං විසංයුත‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

629. යමෙක් තමාගේ පඤ්චස්කන්‍ධය පිළිබඳ ක්‍ෂය මෙ අත්බව්හි ම දන්නේ ද, බහාලූ ස්කන්‍ධභාරය ඇති චතුර්යෝගයෙන් හෝ සියලු කෙලෙසුන්ගෙන් වියෝ වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

630. ගම‍්භීරපඤ‍්ඤං මෙධාවිං මග‍්ගාමග‍්ගස‍්ස කොවිදං, උත‍්තමත්‍ථං අනුප‍්පත‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

630. (පඤ්චස්කන්‍ධාදියෙහි) ගැඹුර පැණ ඇති, ධම්මෝජපඤ්ඤායෙන් ප්‍රඥාවත් වූ (මෙ දුගතිමඟය, මෙ සුගතිමඟය, මෙ නිවනට මඟයි) ම නොමඟෙහි දක්‍ෂ වූ (අර්‍හත්‍වසංඛ්‍යාත) උත්තමාර්‍ත්‍ථයට පිළිවෙළින් පත් එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

631. අසංසට‍්ඨං ගහට‍්ඨෙහි අනාගාරෙහි චූභයං, අනොකසාරිං අප‍්පිච‍්ඡං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

631. ගිහීන් හා පැවිද්දන් හාත් (දර්‍ශන ශ්‍රවණ සමුල්ලාප පරිභෝගකාය යන) උභයසංසර්‍ගයෙන් නො හැනුනු (ආලය සඞ්ඛ්‍යාත) පඤ්චකාමයන්හි නො හැසිරෙනසුලු අල්පේච්ඡ වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

632. නිධාය දණ‍්ඩං භූතෙසු තසෙසු ථාවරෙසු ච, යො න හන‍්ති න ඝාතෙති තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

632. යමෙක් ත්‍රස්තවූත් ස්ථාවරවූත් (නොරහත් - රහත්) සත්‍වයන් කෙරෙහි, දඬු බහා තබා පරපණ නො නසා නම්, නො ද මරවා නම්, එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

633. අවිරුද‍්ධං විරුද‍්ධෙසු අත‍්තදණ‍්ඩෙසු නිබ‍්බුතං, ආදානෙසු අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

633. (ආඝාත වශයෙන් තමහට) විරුද්ධ වූ ලෞකික මහජනයා කෙරෙහි (ආඝාතභාවයෙන්) අවිරුද්ධ වූ, තමහට ප්‍රහාරදානයෙහි නියුතු මහදනා කෙරෙහි (නික්‍ෂිප්ත වූ දඬු ඇති බැවින්) නිවුනු (පඤ්චස්කන්‍ධයන් පිළිබඳ මමය, මාගේ යයි) ආදාන සහිත පුද්ගලයන් කෙරෙහි (ග්‍රහණ නැති හෙයින් ) අනාදාන වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

634. යස‍්ස රාගො ච දොසො ච මානො මක‍්ඛො ච පාතිතො, සාසපොරිව ආරග‍්ගා තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

634. යමකුගේ පඤ්චකාමගුණික රාගය ද ද්වේෂය ද නව විධ මානය ද පරගුණ මැකුම ද හිදිඅගින් අබැටක්, සෙයින් ගිලිහිනි නම්, එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

635. අකක‍්කසං විඤ‍්ඤපනිං ගිරං සච‍්චං උදීරයෙ, යාය නාභිසජෙ කඤ‍්චි තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

635. යම් වචනයෙකින් නො ලැගේ නම්, එබඳු නො කැකුළු වූ අර්‍ත්‍ථ විඥාපනයෙන් යුත් කිසියම් සත්‍ය වචනම කියනේ නම් එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

636. යො’ධ දීඝං ව රස‍්සං වා අණුං ථූලං සුභාසුභං, ලොකෙ අදින‍්නං නාදියති බ්‍රූමි බ්‍රාහ‍්මණං.

636. යමෙකුන් (ශාටකාදි) දික් වූ හෝ (ආභරණාදි) ලුහු වූ හෝ කුදු වූ හෝ මහත් වූ ශුභ වූ හෝ අශුභ වූ හෝ මෙලොවැ නුදුන් දැය නොගන්නේ නම්, එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

637. ආසා යස‍්ස න විජ‍්ජන‍්ති අස‍්මිං ලොකෙ පරම‍්හි ච, නිරාසසං විසංයුත‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

637. යමකුහට මෙලොවැ හා පරලොවැ හා තෘෂ්ණාවෝ විද්‍යමාන නො වෙත් නම්, එ නිස්තෘෂ්ණ වූ විසංයුක්ත වූ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

638. යස‍්සාලයා න විජ‍්ජන‍්ති අඤ‍්ඤාය අකථංකථී, අමතොගධං අනුප‍්පත‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

638. යමකුහට (පඤ්චකාම ගුණික තෘෂ්ණා සඞ්ඛ්‍යාත) ආලයයෝ විද්‍යාමාන නො වෙත් ද (බුද්ධාදි අෂ්ට වස්තූන්) දැන (අෂ්ටවස්තුක විචිකිත්සා සඞ්ඛ්‍යාත) කථංකථි භාවය නැත්තේ ද, අමෘත වූ නිර්‍වාණයට අනුක්‍රමයෙන් ප්‍රාප්ත වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

639. යොධ පුඤ‍්ඤං ච පාපඤ‍්ච උභොසඞ‍්ගං උපච‍්චගා, අසොකං විරජං සුද‍්ධං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

639. යමෙක් මෙලො වැ පින් හා පව් හා යන දෙක හා රාගාදි සඞ්ගය හා ඉක්ම ගියේ ද, වර්‍තමූලක ශෝක රහිත වූ රාගාදි ක්ලේශ රජස් නැති නිරුපක්ලේශ හෙයින් ශුද්ධ වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

640. චන්‍දං ච විමලං සුද‍්ධං විප‍්පසන‍්නමනාවිලං, නන්‍දිභවපරික‍්ඛිණං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

640. මල රහිත හෙයින් විමල වූ චන්‍ද්‍රයා සෙයින් පරිශුද්ධ වූ වෙසෙසින් පහන් සිත් ඇති, කෙලෙස් විසින් නො කැලැති සිත් ඇති ත්‍රිභවයෙහි ක්‍ෂය වූ නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණා ඇති එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

641. යො ඉමං පලිපථං දුග‍්ගං සංසාරං මොහමච‍්චගා, තිණ‍්ණො පාරගතො ඣායී අනෙජො අකථංකථී, අනුපාදාය නිබ‍්බුතො තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

641. යම් මහණෙක් මේ රාග පරිපථය හා ක්ලේශ දුර්‍ගය හා සංසාර වර්‍තය හා චතුස්සත්‍යය නො පිළි විදුනා මෝහය හා ඉක්මැ ගියේ ද, චතුරෝඝ තරණය කෙළේ නිර්‍වාණ පාරයට ගියේ උභයධ්‍යාන කරණ සුලුයේ (තෘෂ්ණා සංඛ්‍යාත) එජා නැතියේ කථංකථිභාව (සැක) නැතියේ උපාදාන විසින් නොගෙණ කෙලෙස් පිරිනිවුමෙන් නිවියේ ද, එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

642. යොධං කාමෙ පහත්‍වාන අනාගාරො පරිබ‍්බජෙ, කාමභවපරික‍්ඛීණං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

642. මොලොවැ යමෙක් උභය කාමයන් හැරපියා අගාර නැතියේ නික්මයේ ද, කාම භවය පරීක්‍ෂණ කළ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

643. යොධ තණ‍්හං පහත්‍වාන අනාගාරො පරිබ‍්බජෙ, තණ‍්හාභවපරික‍්ඛීණං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

643. මෙලොවැ යමෙක් සදොර පවත්නා තෘෂ්ණා ප්‍රහීණ කොට අනාගාර වූයේ නික්මයේ නම්, තෘෂ්ණා හා කර්‍මභවය පරික්‍ෂීණ කළ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

644. හිත්‍වා මානුසකං යොගං දිබ‍්බං යොගං උපච‍්චගා, සබ‍්බයොගවිසංයුත‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

644. මානුෂක ආයුෂ හා කාම ගුණ ද හැරපියා දිව්‍යායුෂ හා කාම ගුණහැර පියා ගියේ නම් හැම චතුර්යෝගයෙන් විසංයුක්ත එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

645. හිත්‍වා රතිඤ‍්ච අරතිඤ‍්ච සීතිභූතං නිරූපධිං, සබ‍්බලොකාභිභුං වීරං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

645. පඤ්ච කාමගුණ රතිය ද අරණ්‍ය වාසයෙහි උකටලී බව යි කියූ අරතිය ද හැර පියා කෙලෙස් පිරිනිවුමෙන් සිහිල් වූ නිරුපක්ලේශ වූ හැම ස්කන්‍ධලෝකය මැඩ සිටිනා සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍ය ඇති එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

646. චුතිං යො වෙදි සත‍්තානං උපපත‍්තිඤ‍්ච සබ‍්බසො, අසත‍්තං සුගතං බුද‍්ධං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

646. යම් මහණෙක් සත්ත්‍වයන්ගේ ච්‍යුතිය හා ප්‍රතිසන්‍ධිය සර්‍වප්‍රකාරයෙන් දන්නේ වේ ද, පස්කම් ගුණෙහි නො ලැගුනු (මනා පිළිවෙතින් නිවන් වන් හෙයින්) සුගත වූ සිවුසස් දම් පිළිවිදි එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

647. යස‍්ස ගතිං න ජානන‍්ති දෙවා ගන්‍ධබ‍්බමානුසා, ඛීණාසවං අරහන‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

647. දේව, ගන්‍ධර්‍ව මනුෂ්‍යයෝ යම් රහත් මහණක්හුගේ (උත්පත්ති) ගතියක් නො දන්නාහු නම් ඒ ක්‍ෂීණාස්‍රව රහත්හු මම බ්‍රාහ්මණ යි කියමි.

648. යස‍්ස පුරෙ ච පච‍්ඡා ච මජ‍්ඣෙ ච නත්‍ථි කිඤ‍්චනං, අකිඤ‍්චනං අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

648. යම් මහණකු හට අතීත පඤ්චස්කන්‍ධ කෙරෙහිදු අනාගත පඤ්චස්කන්‍ධ කෙරෙහිදු වර්‍තමාන පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත මධයෙහිදු තෘෂ්ණාග්‍රාහ සඞ්ඛ්‍යාත කිඤ්චන නැද්ද, රාගාදි කිඤ්චන නැති ආදාන රහිත ඒ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

649. උසභං පවරං වීරං මහෙසිං විජිතාවීනං, අනෙජං නහාතකං බුද‍්ධං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

649. (තැති නොගන්නා හෙයින්) වැහැප් වූ උත්තම වූ වීර වූ (මහත් වූ ශීලස්කන්‍ධාදිය සෙවි හෙයින්) මහර්ෂී වු තුන් මරුන් දිනූ තෘෂ්ණා සඞ්ඛ්‍යාත එජා රහිත වූ දෙවි කෙලෙස් ඇති හෙයින් නහාතක වූ බුද්ධ වූ ඒ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

650. පුබ‍්බෙ නිවාසං යො වෙදි සග‍්ගාපායඤ‍්ච පස‍්සති, අථො ජාතික‍්ඛයං පත‍්තො තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

650. යම් මහණෙක් පූර්වේ නිවාසය දන්නේ ද, (කාම රූප අරූප යන සවිසි දෙව්ලෝ නම් වූ) ස්වර්‍ගය හා සිවුඅවා හා දක්නේ ද, වැලිත් ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණියේත් වේ ද, ඒ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.

651. සමඤ‍්ඤා හෙසා ලොකස‍්මිං නාමගොත‍්තං පකප‍්පිතං සම‍්මුච‍්චා සමුදාගතං තත්‍ථ තත්‍ථ පකප‍්පිතං

651. ලොවැ (ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණාදි විසිනුදු භාරද්වාජ, වාසෙට්ඨ ආදි විසිනුදු) යම් නාමග්‍රොතයෙක් ප්‍රකල්පිත වේ නම්, තෙල ප්‍රඥප්ති ව්‍යවහාරමාත්‍රයෙක් මැයි. ඒ ඒ කාලයෙහි ඔහට ප්‍රකල්පිත වූ එ නම් ගොත්වහර සම්මුතියෙන් පැමිණියේ ය.

652. දිඝරත‍්තමනුසයිතං දිට‍්ඨිගතමජානතං, අජානන‍්තා තෙ පබ්‍රුවන‍්ති ජාතියා හොති බ්‍රාහ‍්මණො.

652. තෙල නාම ගෝත්‍රය (ප්‍රඥප්තිමාත්‍රයෙකැයි) නො දන්නවුන්ගේ දීර්‍ඝරාත්‍රියෙහි අනුශයිත වූ දෘෂ්ටිගතයෙකි. (ජාති හෙයින් බ්‍රාහ්මණ නොවේ යයි) නො දන්නා වූ ඔහු (ජාතියෙන් බ්‍රාහ්මණ වේ යයි) කියන්නාහ.

653. න ජච‍්චා බ්‍රාහ‍්මණො හොති න ජච‍්චා හොති අබ්‍රාහ‍්මණො කම‍්මනා බ්‍රාහ‍්මණො හොති කම‍්මනා හොති අබ්‍රාහ‍්මණො.

653. ජාති හේතුයෙන් බ්‍රාහ්මණ නො වේ. ජාති හේතුයෙන් අබ්‍රාහ්මණ ද නො වේ. කර්‍ම හේතුයෙන් බ්‍රාහ්මණ වෙයි. කර්‍ම හේතුයෙන් අබ්‍රාහ්මණ වේ.

654. කස‍්සකො කම‍්මනා හොති සිප‍්පිකො හොති කම‍්මනා, වාණිජො කම‍්මනා හොති පෙස‍්සිකො හොති කම‍්මනා.

654. කර්‍මයෙන් ගොවි වෙයි. කර්‍මයෙන් ශිල්පි වෙයි. කර්‍මයෙන් වෙණෙ ද වෙයි. කර්‍මයෙන් මෙහෙකරු වෙයි.

655. චොරොපි කම‍්මනා හොති යොධාජීවොපි කම‍්මනා, යාජකො කම‍්මනා හොති රාජාපි හොති කම‍්මනා.

655. කර්‍මයෙන් සොර ද වෙයි. කර්‍මයෙන් යෝධාජීව ද වෙයි. කර්‍මයෙන් යාජක ද වෙයි. කර්‍මයෙන් රජ ද වෙයි.

656. එවමෙතං යථාභූතං කම‍්මං පස‍්සන‍්ති පණ‍්ඩිතා, පටිච‍්ච සමුප‍්පාදදසා කම‍්මවිපාකකොවිදා.

656. ප්‍රතීත්‍ය සමුත්පාදය දක්නා වූ කර්‍ම විපාක දෙක්හි දක්‍ෂ වූ පණ්ඩිතයෝ මෙසෙයින් තෙල කර්‍මය යථාභූතයෙන් දක්නාහ.

657. කම‍්මනා වත‍්තති ලොකො කම‍්මනා වත‍්තති පජා, කම‍්මනිබන්‍ධනා සත‍්තා රථස‍්සාණීව යායතො.

657. කර්‍මයෙන් ලෝකය පවතී. කර්‍මයෙන් ප්‍රජාව පවතී. සත්ත්‍වයෝ යන්නා වූ රථයාගේ අකුර මෙන් කර්‍මය නිබන්‍ධන කොට ඇත්තාහුය.

658. තපෙන බ්‍රහ‍්මචරියෙන සංයමෙන දමෙන ච, එතෙන බ්‍රාහ‍්මණො හොති එතං බ්‍රාහ‍්මණමුත‍්තමං.

658. ඉන්‍ද්‍රිය සංවරයෙන් ද ශ්‍රෙෂ්ඨචර්‍ය්‍යයාවෙන් ද ශීලයෙන් ද ප්‍රඥායෙන් ද යන තෙල කර්‍මයෙන් බ්‍රාහ්මණ වෙයි. මේ උතුම් බ්‍රාහ්මණ භාවය යි.

659. තීහි විජ‍්ජාහි සම‍්පන‍්නො සන‍්තො ඛීණපුනබ‍්භවො, එවං වාසෙට‍්ඨ ජානාහි බ්‍රහ‍්මා සක‍්කො විජානතන‍්ති.

659. ත්‍රිවිද්‍යායෙන් යුක්ත වූ ශාන්ත වූ ක්‍ෂය කළ පුනර්‍භව ඇති බ්‍රාහ්මණ පණ්ඩිතයන් විසින් බ්‍රහ්ම යයි ද ශක්‍ර යයි ද කියන ලදැයි වාසෙට්ඨ ය, මෙසේ දනුව.

එවං වුත‍්තෙ වාසෙට‍්ඨභාරද‍්වාජා මාණවා භගවන‍්තං එතදවොචුං: අභික‍්කන‍්තං භො ගොතම -පෙ- එතෙ මයං භවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාම ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච, උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි වාසෙට්ඨ, භාරද්වාජ යන මාණවයෝ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැල කළහ: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය, ....... තෙල අපි භවත් ගෞතමයන් හා ධර්‍මය හා භික්‍ෂු සඞ්ඝයා හා සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අදින් මත්තෙහි අප දිවිහිම් කොට කරණ ගිය උපාසකයන් කොට ධරණ සේක්වා යි.

වාසෙට‍්ඨසුත‍්තං නිට‍්ඨිතං.

වාසෙට්ඨ සූත්‍රය නිමි.