කොකාලික සුත්තං
3. 10.
3. 10.
කොකාලික සුත්තං
කෝකාලික සූත්‍රය
එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ අථ ඛො කොකාලිකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච:
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසළ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය.
පාපිච්ඡා භන්තෙ සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතාති. එවං වුත්තෙ භගවා කොකාලිකං භික්ඛුං එතදවොච:
“වහන්ස, සැරියුත් මුගලන්හු ලාමක ඉච්ඡා ඇත්තාහු ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණ හට තෙල වදාළහ.
මාහෙවං කොකාලික මාහෙවං කොකාලික, පසාදෙහි කොකාලික සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං, පෙසලා සාරිපුත්තමොග්ගල්ලානාති-
“කෝකාලිකය, නහමක් එසේ කියව. කෝකාලිකය නහමක් එසේ කියව, කෝකාලිකය, සැරියුත්මුගලනුන් කෙරෙහි සිත් පහදුව”. “ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයෝ ප්‍රියශීලයහ”යි.
දුතියම්පි ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච: කිඤ්චාපි මෙ භන්තෙ භගවා සද්ධායිකො පච්චයිකො, අථ ඛො පාපිච්ඡාව සාරිපුත්ත මොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතාති,
දෙවන වටත් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශ්රද්ධාවහ නුමුදු ප්‍රත්‍යකර නමුදු ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයෝ පාපේච්ඡ ම වූවාහු ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියාහු ම වෙතැ”යි.
දුතියම්පි ඛො භගවා කොකාලිකං භික්ඛුං එතදවොච: මාහෙවං කොකාලික මාහෙවං කොකාලික පසාදෙහි කොකාලික සාරිපුත්ත මොග්ගල්ලානෙසු චිත්තං, පෙසලා සාරිපුත්ත මොග්ගල්ලානාති.
දෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට තෙල කරුණ වදාළ සේක. “කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, “ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයෝ ප්‍රියශීලයහ”යි. සැරියුත් මුගලන් කෙරෙහි සිත් පහන් කරව”යි.
තතියම්පි ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච: කිඤ්චාපි මෙ භන්තෙ භගවා සද්ධායිකො පච්චයිකො, අථ ඛො පාපිච්ඡාව සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසංගතාති.
තෙවනවටත් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශ්රාද්ධෙය, විශ්වාසාර්හවන සේක් නමුදු සැරියුත්මුගලන්හු පාපේච්ඡ ම වූවාහු ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියහු මැ”යි.
තතියම්පි ඛො භගවා කොකාලිකං භික්ඛුං එතදවොච: මාහෙවං කොකාලික මා හෙවං කොකාලික. පසාදෙහි කොකාලික සාරිපුත්ත මොග්ගල්ලානෙසු චිත්තං, පෙසලා සාරිපුත්ත මොග්ගල්ලානාති.
තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට තෙල වදාළහ: “කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, “ශාරිපුත්රමෞද්ගල්යානයෝ ප්‍රියශීලයහ”යි. සැරියුත්මුගලනුන් කෙරෙහි සිත් පහදව”යි.
අථ ඛො කොකාලිකො භික්ඛු උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අචිරපක්කන්තස්ස ච කොකාලිකස්ස භික්ඛුනො සාසපමත්තීහි පිළකාහි සබ්බො කායො ඵුඨො අහොසි. සාසපමත්තියො හුත්වා මුග්ගමත්තියො අහෙසුං. මුග්ගමත්තියො හුත්වා කළායමත්තියො අහෙසුං. කළායමත්තියො හුත්වා කොලට්ඨි මත්තියො අහෙසුං. කොලට්ඨිමත්තියො හුත්වා කොල මත්තියො අහෙසුං. කොල මත්තියො හුත්වා ආමලකමත්තියො අහෙසුං. ආමලකමත්තියො හුත්වා බෙලුවසලාටුකමත්තියො අහෙසුං බෙලුවසලාටුකමත්තියො හුත්වා බිල්ලමත්තියො අහෙසුං. බිල්ලමත්තියො හුත්වා පභිජ්ජිංසු, පුබ්බඤ්ච ලොහිතඤ්ච පග්ඝරිංසු.
ඉක්බිති කෝකාලික මහණ හුනස්සෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය. කෝකාලික මහණ නික්ම ගිය නොබෝ කල් වත්ම හැම කය හබැට සා පොළින් මැඩැසිටියේ විය. හබැට සා වැ මුං ඇට සා විය. මුඟු ඇට සා වැ කඩල සා විය. කඩලැට සා වැ ඩෙබර සා විය. ඩෙබර ඇට සා වැ ඩෙබර පල සා විය. ඩෙබරපල සා වැ ඇඹුලපල සා විය. ඇඹුල පල සා වැ බෙලි සලාටු (ගැට) සා විය. බෙලිසලාටු සා වැ බෙලිපල සා වැ බෙලිපල සා විය. බෙලිපල සා වැ බිඳිනි. පූයා හා ලෙහෙ වගුළේ ය.
අථ ඛො කොකාලිකො භික්ඛු තෙනෙව ආබාධෙන කාලමකාසි, කාලකතො ච ඛො කොකාලිකො භික්ඛු පදුම නිරයං උපපජ්ජි සාරිපුත්ත මොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වා.
එකල්හි කෝකාලික මහණ ඒ ආබාධයෙන් මැ කලුරිය කෙළේ ය. කලුරිය කළ කෝකාලික මහණ ශාරීපුත්‍ර මෞද්ගල්යානයන් කෙරෙහි සිත් ඝටා පදුම නිරයට උත්පත්ති විසින් පැමිණියේ ය.
අථ ඛො බ්රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො බ්රහ්මා සහම්පති භගවන්තං එතදවොච: කොකාලිකො භන්තෙ භික්ඛු කාලකතො. කාලකතො ච භන්තෙ කොකාලිකො භික්ඛු පදුමනිරයං උපපන්නො සාරිපුත්ත මොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වාති. ඉදමවොච බ්රහ්මා සහම්පති, ඉදං වත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
එක්බිති සහම්පති බ්‍රහ්ම විසිතුරු පැහැ ඇතියේ මනහර මැදියම් රෑ හි මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි සිටි සහම්පතී බ්‍රහ්ම භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ පැවැසීය: “වහන්ස, කෝකාලික මහණ සැරියුත් මුගලනුන් කෙරෙහි සිත් ඝටා කලුරිය කෙළේ ය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ පදුම නිරයෙහි උපනැ”යි. සහම්පතී බ්‍රහ්ම මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි මැ නොපැණි ගියේ ය.
අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛු ආමන්තෙසි: ඉදං භික්ඛවෙ රත්තිං බ්රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා -පෙ- ඉදමවොච භික්ඛවෙ බ්රහ්මා සහම්පති, ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් භික්ෂූන් ඇමැතූ සේක: මහණෙනි, මෙ රෑ සහම්පතී බ්‍රහ්ම මැදියම් රෑ හි ....... මහණෙනි, සහම්පතී බ්‍රහ්ම මෙය කීය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි මැ නොපැණි ගියේය”යි.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: කීවදිඝං නු ඛො භන්තෙ පදුමෙ නිරයෙ ආයුප්පමාණන්ති,
මෙසේ වදාළ කල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැල කෙළේය. “වහන්ස, පදුම නිරයෙහි ආයුෂප්‍රමාණය කොතෙක් දිග දැ?”යි
දීඝං ඛො භික්ඛු පදුමෙ නිරයෙ ආයුප්පමාණං, තං න සුකරං සඞ්ඛාතුං එත්තකානි වස්සානි ඉති වා එත්තකානි වස්සසතානි ඉති වා එත්තකානි වස්සසහස්සානි ඉති වා එත්තකානි වස්සසතසහස්සානි ඉතිවාති.
“මහණ, පදුම නිරයෙහි ආයුෂප්‍රමාණය දීර්ඝය, මෙතෙක් හවුරුදු ය යි හෝ මෙතෙක් සිය හවුරුදු ය යි හෝ මෙතෙක් දහස් හවුරුදු ය යි හෝ මෙතෙක් සුවහස් හවුරුදු ය යි හෝ සඞ්ඛ්‍යා කරනට සුකර නො වේ ය”යි.
සක්කා පන භන්තෙ උපමං කාතුන්ති.
“වහන්ස, උපමාවක් කළ හැකි දැ?යි,”
සක්කා භික්ඛුති භගවා අවොච: සෙය්යථාපි භික්ඛු වීසති ඛාරිකො කොසලකො තිලවාහො තතො පුරිසො වස්සසතස්ස වස්සසහස්සස්ස අච්චයෙන එකමෙකං තිලං උද්ධරෙය්ය ඛිප්පතරං ඛො සො භික්ඛු වීසති ඛාරිකො කොසලකො තිලවාහො ඉමිනා උපක්කමෙන පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, නත්වෙව එකො අබ්බුදො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති අබ්බුදා නිරයා එවමෙකො නිරබ්බුදො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති නිරබ්බුදා නිරයා එවමෙකො අබබො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති අබබා නිරයා එවමෙකො අහහො නිරයො,
මහණ, හැකියැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක: මහණ කොසොල් රට වහරට පත් විසි කිරියකින් යුත් තල ගැළක් යම් පරිදි වේ නම්, පුරුෂයෙක් වර්ෂ ශතයෙක්හුගේ හෝ වර්ෂ සහස්රයක්හුගේ ඇවෑමෙන් එයින් එක් එක් තලැටක් නඟාලා නම්, මහණ, එ විසිකිරියක් ගන්නා කෝශලක තල ගැල මෙ උපක්‍රමයෙන් වහා මැ පරික්ෂයයට සිස්විමට යේ. එක් මැ අබ්බුද නිරය අවසනට නො යේ මැයි. මහණ, අබ්බුද නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් නිරබ්බුද නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, නිරබ්බුද නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් අබබ නිරයෙක් එ පරිදි ම වේ. මහණ, අබබ නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් අහහ නිරයෙක් එ පරිදි මැ වේ.
සෙය්යථාපි භික්ඛු වීසති අහහා නිරයා එවමෙකො අටටො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති අටටා නිරයා එවමෙකො කුමුදො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති කුමුදා නිරයා එවමෙකො සොගන්ධිකො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති සොගන්ධිකා නිරයා එවමෙකො උප්පලකො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති උප්පලකා නිරයා එවමෙකො පුණ්ඩරීකො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති පුණ්ඩරීකා නිරයා එවමෙකො පදුමො නිරයො. පදුමං ඛො පන භික්ඛු නිරයං කොකාලිකො භික්ඛු උපපන්නො සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වාති. ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
මහණ, අහහ නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් අටට නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, අටට නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් කුමුද නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, කුමුද නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් සොගන්ධික නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, සොගන්ධික නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් උප්පලක නිරයෙක් එ පරිදි වේ. මහණ, උප්පලක නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් පුණ්ඩරීක නිරයෙක් එ පරිදි වේ. මහණ, පුණ්ඩරීක නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් පදුම නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, කෝකාලික මහණ සැරියුත් මුගලුන් කෙරේ සිත් ඝටා පදුම නිරයෙහි උපන්නේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා අනතුරු තෙල වදාළ සේක:
660. පුරිසස්ස හි ජාතස්ස කුඨාරී ජායතෙ මුඛෙ, යාය ඡින්දති අත්තානං බාලො දුබ්භාසිතං භණං.
660. යම් පරොස් බසෙකින් තමා සිඳුනේ ද, එසේ උපන් දුර්භාෂිත කියන බාල වූ, පුරුෂයාගේ මුවෙහි කෙටේරියක් බඳු පරොස් බස් උපදනේ ය.
661. යො නින්දියං පසංසති තං වා නින්දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්දති.
661. යමෙක් නිගා කළ යුතු පුද්ගලයා පසසා ද, යමෙක් පැසසිය යුතු යමෙක් වේ නම් ඔහුට නිගා කෙරේ ද, හෙතෙම මුවින් අපරාධ (පව්) රැස් කෙරෙයි. ඒ අපරාධයෙන් හේ සුව නො විඳියි.
662. අප්පමත්තො අයං කලි යො අක්ඛෙසු ධන පරාජයො, සබ්බස්සාපි සහාපි අත්තනා අයමෙව මහන්තතරො කලි, යො සුගතෙසු මනං පදොසයෙ.
662. දූ කෙළියෙහි ලා යම් ධන පරාජයෙක් වේ නම් මෙ පරාජය අල්පමාත්‍ර එකෙකි. යමෙක් සම්‍යග්ගත පුද්ගලයන් කෙරෙහි සිත ප්‍රදූෂිත කෙරේ ද, මෙය ම මහත්තර පරාජයය වේ.
663. සතං සහස්සානං නිරබ්බුදානං ඡත්තිංසති පඤ්ච ච අබ්බුදානි, යමරියගරහී නිරයං උපෙති වාචං මනඤ්ච පණිධාය පාපකං.
663. යම් කලෙක ලාමක වූ වචනය හා සිත ද පිහිටුවා ආර්‍ය්‍යයන් ගරහනුයේ නිරයට වැදේ ද, (එහි ආයුඃ ප්‍රමාණය) නිරර්බුද සිය දහස් සතිසෙකි. අර්බුද පසෙකි.
664. අභූතවාදී නිරයං උපෙති යො චාපි කත්වා න කරොමීති චාහ, උභොපි තෙ පෙච්ච සමාභවන්ති නිහීනකම්මා මනුජා පරත්ථ.
664. යමෙක් ආර්‍ය්‍යෝපවාද වශයෙන් අභූත (මුසවා) කියන්නේ ද යමෙකුත් පව්කම් කොට “නො කෙළෙමැ”යි කියා ද, හෙ ද පදුමාද නිරයට උප්පත්ති වශයෙන් පැමිණේ. නිහීන කර්ම ඇති එ පුඟුල්හු දෙදෙන ම මෙයින් සැව ගොස් පරලොවැ දී (නිරයෝප්පත්තියෙන්) සම වෙත්.
665. යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස, තමෙව බාලං පච්චෙති පාපං සුඛුමො රජො පටිවාතංව ඛිත්තො.
665. යමෙක් අප්රදුෂ්ට වූ අවිදුමල නැති හෙයින් ශුද්ධ වූ ලාමක ඉච්ඡාවචර නැති හෙයින් අනඞ්ගණ වූ මිනිස් පුරුෂයකුහට ද්‍රෝහ කෙරේ නම්, උඩු සුළඟට හෙලූ සියුම් රජස් සෙයින් පාපය එ බාලයා කරා පෙරළා එයි.
666. යො ලොභගුණෙ අනුයුත්තො සො වචසා පරිභාසති අඤ්ඤෙ, අස්සද්ධො කදරියො අවදඤ්ඤූ මච්ඡරි පෙසුනියස්මිං අනුයුත්තො.
666. යමෙක් ලෝභ ගුණ (තෘෂ්ණා) යෙහි අනුයුක්ත ද, හෙ ශ්‍රද්ධා නැතියේ තද මසුරු ඇතියේ, බුදුවදන් පවා නොදන්නේ, පඤ්චවිධ මාත්සර්ය්යයෙන් යුක්ත වූයේ පෙහෙසුන්බස්හි නියැලියේ වචනයෙන් මෙරමාහට පරිභව කෙරෙයි.
667. මුඛදුග්ගවිභූත අනරිය භූනහු පාපක දුක්කතකාරි, පුරිසන්ත කලි අවජාත මා බහුභාණිධ නෙරයිකොසි.
667. විෂම මුඛ ඇත්තව, අලිකවාදිය, අනාර්‍ය්‍යය, වෘද්ධිනාශකය, පවිට, දුෂ්කෘතකාරිය, නීච පුරුෂය, නිඃශ්රික පුරුෂය, (බුද්ධ පුත්‍ර නොවන හෙයින්) අවජාතය, මෙ අත්බව් හි නහමක් බහුභාණිවව, නහමක් නිරයෙහි උපදනේ වෙහි.
668. රජමාකිරසි අහිතාය සන්තෙ ගරහසි කිබ්බිසකාරි, බහූනි ච දුච්චරිතානි චරිත්වා ගඤ්ඡිසි ඛො පපතං චිරරත්තං
668. පාපකාරිය, අහිත සඳහා තමා කෙරෙහි කෙලෙස් දුහුලි වගුරුවහි, ශාන්ත පුද්ගලයන් හට ගර්හා කෙරෙහි, බොහෝ දුසිරිත් කොට ප්‍රපාත සංඛ්‍යාත නිරාවළට යෙහි චිරරාත්‍රයෙහි එහි දුක් විඳුනෙහි.
669. නභි නස්සති කස්සචි කම්මං ඉති හ තං ලභතෙ ව සුවාමි, දුක්ඛං මන්දො පරලොකෙ අත්තනි පස්සති කිබ්බිසකාරී.
669. කිසිවකුගේ කුශලාකුශලකර්මය විපාක නොදී නොමැ නස්නේ ය, කම්පල ඔහු කරා මැ එයි. කර්මයට හිමි වූයේ එ කර්මවිපාක ලබාම ය. පාපකාරී බාල තෙමේ පරලොව්හි දී තමා කෙරෙහි ලා දුක දක්නේය.
670. අයොසංකුසමාහතට්ඨානං තිණ්හධාරං අයසූලමුපෙති, අථ තත්තඅයොගුළසන්නිභං භොජනමත්ථි තථා පතිරූපං.
670. (හේ) යහුල් පිහිටුවන ලද තියුණු මුවත ඇති යහුල් ඇති නිරයට එළැඹෙයි. යළි එ කර්මානුරූප වූ ම රත් වූ යගුලි බඳු භෝජන ද ඇත.
671. න හි වග්ගු වදන්ති වදන්තා නාභිජවන්ති න තාණමුපෙන්ති, අඞ්ගාරෙ සන්ථතෙ සෙන්ති අග්ගිනිසමං ජලිතං පවිසන්ති.
671. (ගණිවු, පහරිවු යනාදි) බස් බණන්නාහු මියුරු බස් නොකියත් මැ යි. (නිරාපල්ලෝ) සුමුඛව පෙරට නො දිවෙති. රැකවරණට ද නො පැමිණෙති. අතුළ ගිනි අඟුරෙහි වැදහෙති. හාත්පසින් දිලෙන ගින්නට ද වදිති.
672. ජාලෙන ච ඔනහියානා තත්ථ හනන්ති අයොමයකූටෙහි, අන්ධංව තිමිසමායන්ති තං විතතං හි යථා මහිකායො.
672. ලොහොදැලිනුදු වෙළෙන්නාහු එහි යමුවා කුළුයෙන් පෙළති. අඳ වූ ම ඔහු තිමිස නම් රොරුව නිරයට පැමිණෙති. එ අන්ධකාරය මහිකා (මිහිදුම්) සෙයින් වතළේ මැ යැ.
673. අථ ලොහමයං පන කුම්භිං අග්ගිනිසමං ජලිතං පවිසන්ති, පච්චන්ති හි තාසු චිරරත්තං අග්ගිනිසමාසු සමුප්පිලවාසො.
673. ඉක්බිති ගිනි සෙයින් දිලෙන ලෝකුඹු නිරයට වදනාහ. ගිනිසම වූ එ ලෝකුඹු නිරෑහි ඉල්පෙන්නාහු චිරරාත්‍රයෙහි පැසෙත් මැ යි.
674. අථ පුබ්බලොහිතමිස්සෙ තත්ථ කිං පච්චති කිබ්බිසකාරී, යං යං දිසතං අධිසෙති තත්ථ කිලිස්සති සම්ඵුසමානො.
674. ඉක්බිති පව්කම් කරනුයේ පූයායෙන් හා ලෙයින් මුසු එනිරයෙහි කිසෙයින් පැසේය යත්: යම් මැ දිශායෙක්හි යේ නම්, එහි එ ලෙහෙපූයායෙන් පහස්නා ලදුයේ පෙළෙන්නේ ය.
675. පුළවාවසථෙ සලිලස්මිං තත්ථ කිං පච්චති කිබ්බිසකාරී, ගන්තුං න හි තීරමපත්ථි සබ්බසමාහි සමන්තකපල්ලා.
675. පණුවනට නිවෙස් වූ ඒ නියෙ දියෙහි (ලෝ දියෙහි) පාපකාරී කිසෙයින් පැසෙයි යත්: නික්ම යනුවට තොටෙකුදු නො මැත. හැම දික්හි හාත්පසැ යකබල ම යැ.
676. අසිපත්තවනං පන තිණ්හං තං පවිසන්ති සමච්ඡිදගත්තා, ජිව්හං බළිසෙන ගහෙත්වා ආරජයා රජයා විහනන්ති.
676. ඉක්බිති තියුණු අසිපත්‍ර වනය වෙයි. මොනොවට සිඳින ලද ගාත්රඇති නිරිසත්තු එයට වදනාහ. (යමපල්ලෝ) දිව බිලියෙන් ගෙණ හැදැ හැදැ පෙළති.
677. අථ වෙතරණිං පන දුග්ගං තිණ්හධාර ඛුරධාර මුපෙන්ති, තත්ථ මන්දා පපතන්ති පාපකරා පාපානි කරිත්වා.
677. ඉක්බිති තියුණු ක්‍ෂූර ධාරා ඇති වේතරණී නම් දුර්ගයට වදති. පාපකාරී අන්ධබාලයෝ පවි කොට එහි වැටෙති.
678. ඛාදන්ති හි තත්ථ රුදන්තෙ සාමා සබලා කාකොලගණා ච, සොණා සිගාලා පටිගිජ්ඣා කුලලා වායසා ච විතුදන්ති.
678. එහි සමවන් වූත් කබරවන් වූත් වනකවුඩෝ ද, බලු කැණහිල්ලු ද, මහගිජුලිහිණියෝ ද, උකුස්සෝ ද, කවුඩෝ ද, හඬනවුන් කාදමති. තුඩිනිදු බිඳිති.
679. කිච්ඡා වතායං ඉධ වුත්ති යං ජනො පස්සති කිබ්බිසකාරි, තස්මා ඉධ ජීවිතසෙසෙ කිච්චකරො සියා නරො න පමජ්ජෙ.
679. මේ නිරෑහි පාපකාරී ජනයා යම් දිවිපෙවෙතක් දක්නේ ද, එ දිවිවැටුම එකැතියෙන් දුක් මැ වෙයි. එ හෙයින් මිනිස් තෙමේ මෙ ලොවැ ජීවිත ශේෂයෙහිලා කෘත්යකරී වන්නේ ය. නො ද පමා වන්නේ ය.
680. තෙ ගණිතා විදූහි තිලවාහා යෙ පදුමෙ නිරයෙ උපනීතා, නහුතානි හි කොටියො පඤ්ච භවන්තී ද්වාදස කොටි සතානි පුනඤ්ඤා.
680. යම් පාපකාරීහු පදුම නිරයෙහි උපන්හු නම්, ඔවුන්ගේ ආයුෂ්ප්‍රමාණ ප්‍රාඥයන් විසින් තල ගැල් බරින් ගණන ලද: පස්කෙළනුහුවක් හා අනෙකුදු දොළොස්කෙල සියෙක් වේ.
681. යාව දුක්ඛා නිරයා ඉධ වුත්තා තත්ථාපි තාව චිරං වසිතබ්බං, තස්මා සුචි පෙසල සාධු ගුණෙසු වාචං මනං සතතං පරිරක්ඛෙති.
681. ඉමහත් දුක් ඇති නිරයෝ කියන ලදහු නම්, එහි එතෙක් බොහෝ කල් විසිය යුතු වෙයි. එහෙයින් පිවිතුරු පේශල සාධු ගුණ ඇතියන් කෙරෙහි හැම කල්හි වචනය හා සිත හා මොනොවට රක්නේ යි.
කොකාලිකසුත්තං නිට්ඨිතං
කෝකාලික සූත්‍රය නිමි.