යෙදුමෙන් කියවන්න

නාලක සුත‍්තං

3. 11.

3. 11.

නාලක සුත‍්තං

නාලක සූත්‍රය

682. ආනන්‍දජාතෙ තිදසගණෙ පතීතෙ සක‍්කච‍්ච ඉන්‍දං සුචිවසනෙ ච දෙවෙ, දුස‍්සං ගහෙත්‍වා අතිරිව ථොමයන‍්තෙ අසිතො ඉසි අද‍්දස දිවාවිහාරෙ.

682. අසිත ඍෂි හටගත් සමෘද්ධි ඇති හෙවත් උපන් ප්‍රමෝද ඇති (එහෙයින් මැ) සොම්නස් සහගිය නොකිලිටි දිවසළු හැඳි තිදස්පුර වැසි දේවගණයා සක්දෙවිඳුහට ද සත්කාර කොට දිවසළු ගෙණ සිසාරා අධිමාත්‍රකොට ස්තූතිකරනුවන් දිවා විහාරයෙහි දී දිටිය.

683. දිස‍්වාන දෙවෙ මුදිතමනෙ උදග‍්ගෙ චිත‍්තිං කරිත්‍වා ඉදමවොචාසි තත්‍ථ, කිං දෙවසඞ‍්ඝො අතිරිව කල්‍යරූපො දුස‍්සං ගහෙත්‍වා භමයථ කිං පටිච‍්ච.

683. එහි දී ඍෂි, ප්‍රමුදිත වූ සිත ඇති ඔදවැඩිගිය දෙවියන් දැක ආදර කොට මෙය කී ය: “දෙවි ගණා අතිශයින් තුටු සැහැවි ඇතියේ කුමක් පිණිස දිවසළු සිසාරාගෙණ කුමට බමවු දැ?” යි.

684. යදාපි ආසි අසුරෙහි සඞ‍්ගමො ජයො සුරානං අසුරා පරාජිතා, තදාපි නෙතාදිසො ලොමහංසනො කිං අබ‍්භුතං දට‍්ඨු මරූ පමොදිතා.

684. යම් කාලයෙක් හි අසුරයන් හා සමග සඞ්ග්‍රාමයෙක් වී නම්, සුරනට ජය වී නම, අසුරයෝ පරාජිත වූහු නම් එකල්හි දු මෙබඳු රෝමොද්ගමනයෙක් නො වීය. කවර නම් අද්භූතයක් දැක දෙවියෝ ප්‍රමුදිත වූහුදැ?යි.

685. සෙලෙන‍්ති ගායන‍්ති ච වාදයන‍්ති ච භුජානි පොඨෙන‍්ති ච නච‍්චයන‍්ති ච, පුච‍්ඡාමි වොහං මෙරුමුද‍්ධවාසිනෙ ධුනාථ මෙ සංසයං ඛිප‍්පමාරිසා.

685. සීරුසන් නහත්ද? ගී ගයත් ද? පසඟතුරු වයත් ද? අත් පොළත් ද? නටත් දැයි. මම මේරුමස්තකවාසී තොප (දෙවියන්) පුළුවුස්මි. නිදුක්වරිනි, වහා මාගේ සංශය දුරලවු යි.

686. සො බොධිසත‍්තො රතනවරො අතුල්‍යො මනුස‍්සෙලොකෙ හිතසුඛතාය ජාතො, සක්‍යාන ගාමෙ ජනපදෙ ලුම‍්බිනෙය්‍යෙ තෙනම‍්හ තුට‍්ඨා අතිරිව කල්‍යරූපා.

686. (සම්‍යක් සම්බෝධිසමධිගමයට නිසි) උත්තම රත්න වූ (තමහට තුල්‍යයකු නැතියෙන්) අතුල්‍යවූ ඒ බෝධිසත්‍ව තෙමේ දෙවිමිනිස්නට හිතසුව පිණිස මිනිස් ලොවැ ශාක්‍යයන්ගේ ජනපදයෙහි වූ ලුම්බිනී නම් ගම්හි උපන. එහෙයින් අතිශයින් කල්‍යරූප වූවමෝ තුටු වම්හ.

687. සො සබ‍්බසත‍්තුත‍්තමො අග‍්ගපුග‍්ගලො නරාසභො සබ‍්බපජානමුත‍්තමො, වත‍්තෙස‍්සති චක‍්කං ඉසිවහයෙ වනෙ නදං ව සීහො බලවා මිගාභිභූ.

687. සර්‍වසත්‍වෝත්තම ඒ අග්‍රපුද්ගල නරශ්‍රේෂ්ඨ වූයේ හැම සත්නට උතුම් වූයේ සිවුපාවුන් අභිභවා සිටුනා බලවත් සිහරදකු අභීතනාද කරණු සෙයින් ඉසිපතන නම් මෘගදාවනයෙහි ධර්‍මචක්‍රය පවත්වන්නේ ය.

688. තං සද‍්දං සුත්‍වා තුරිතමවංසරී සො සුද‍්ධොදනස‍්ස තදා භවනං උපාගමි, නිසජ‍්ජ තත්‍ථ ඉදමවොචාසි සක්‍යෙ කුහිං කුමාරො අහම‍්පි දට‍්ඨුකාමො.

688. එකල්හි ඒ දේවවාක්‍යය අසා එ (අසිත) තෙම ත්‍වරිතව (දේවපුරයෙන්) බටුයේ ය. සුදොවුන් රජුගේ භවනයට එළැඹියේ ය. එහි නිෂණ්ණ වූයේ “කුමර කොහි යැ? මම් ද දක්නා කැමැතියෙමි”යි යන මෙ බස් ශාක්‍යයනට කී.

689. තතො කුමාරං ජලිතමිව සුවණ‍්ණං උක‍්කාමුඛෙ’ව සුකුසලසම‍්පහට‍්ඨං, දද‍්දල‍්ලමානං සිරියා අනොමවණ‍්ණං දස‍්සෙසු පුත‍්තං අසිතවහයස‍්ස සක්‍යා.

689. ඉක්බිති දක්‍ෂ වූ රන්කරුවකු විසින් කෝවා මුවෙහි ලා මොනොවට ඝටා තවනලද වූ ම දිලියෙන රණක් වන් ශෝභායෙන් බබලන නො ලමු රූසපුයෙන් යුත් පුත්කුමරු ශාක්‍යයෝ අසිත නම් තවුස්හට දැක්වූහ.

690. දිස‍්වා කුමාරං සිඛිමිව පජ‍්ජලන‍්තං තාරාසභං ව නභසිගමං විසුද‍්ධං, සුරියං තපන‍්තං සරදරිවබ‍්භමුත‍්තං ආනන්‍දජාතො විපුලමලත්‍ථ පීතිං.

690. දිලෙන ගින්නක් බඳු වූ ද අහස්හි සරන පිරිසුදු තාරාපති බඳු වූ ද සරාකල්හි අභ්‍රමුක්ත වූ දිලියෙන හිරු බඳු වූ ද කුමරු දැක උපන් සතුටු ඇතියේ විපුල ප්‍රීතිය ලැබී.

691. අනෙකසාඛඤ‍්ච සහස‍්සමණ‍්ඩලං ඡත‍්තං මරූ ධාරයුමන‍්තලික‍්ඛෙ, සුවණ‍්ණදණ‍්ඩා විතිපතන‍්ති චාමරා න දිස‍්සරෙ චාමරඡතතගාහකා.

691. අහස්වැසි දෙවියෝ අනේක සලාක ඇති දහස් මඬුලු ඇති සත් දැරූහ. රන්යටි ඇති සෙමරවල්විදුනා සැලෙයි. සෙමර හා සත්ගතුවෝ නොපැණෙත්.

692. දිස‍්වා ජටී කණ‍්හසිරිව‍්හයො ඉසි සුවණ‍්ණනෙක‍්ඛං විය පණ‍්ඩුකම‍්බලෙ, සෙතඤ‍්ච ඡත‍්තං ධරියන‍්තමුද‍්ධනි උදග‍්ගචිත‍්තො සුමනො පටිග‍්ගහෙ.

692. දළමුඩුලු යුත් අසිත නම් ඍෂි පඬුඇඹුලෙක්හි තැබූ රන් නිකක් බඳු කුමරු ද මුදුනෙහි දැරූ සේ සත් ද දැක ඔදවැඩි සිතැති වැ සොම්නස් ඇති වැ පිළිගති.

693. පටිග‍්ගහෙත්‍වා පන සක්‍යපුඞ‍්ගවං ජිගිංසකො ලක‍්ඛණමත‍්තපාරගු, පසන‍්නචිත‍්තො ගිරමබ‍්භුදීරයි අනුත‍්තරායං දිපදානමුත‍්තමො.

693. ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිත් වේදමන්ත්‍රයන්හිත් කෙළ පැමිණි ඒ තවුස් ශාක්‍ය ශ්‍රේෂ්ඨයා පිළිගෙන පිරික්සනුයේ පහන්සිත් ඇතියේ “ද්වීපදෝත්තම මෙ කුර අනුත්තරය” යන බස් පාළ කෙළේය.

694. අථත‍්තනො ගමනමනුස‍්සරන‍්තො අකල්‍යරූපො ගලයති අස‍්සූකානි, දිස‍්වාන සක්‍යා ඉසිමවොචුං රුදන‍්තං නො චෙ කුමාරෙ භවිස‍්සති අන‍්තරායො.

694. එක්බිති තමාගේ අරූතලගමන් සමරමින් නොසතුටු සිත් ඇත්තේ කඳුළු හෙළයි. ශාක්‍යයෝ වලප්නා තවුස් දැක “කුමරු කෙරෙහි අනතුරෙක් නොවේදෝ හො”යි කීහ.

695. දිස‍්වාන සක්‍යෙ ඉසිමවොච අකල‍්ල්‍යෙ නාහං කුමාරෙ අහිතමනුස‍්සරාමි, න චාපි මස‍්ස භවිස‍්සති අන‍්තරායො න ඔරකොයං අධිමානසා භවාථ.

695. නොසතුටු සැහැවි ඇති ශාක්‍යයන් දැක “මම කුමර කෙරෙහි අහිතයක් නො සමරමි, මොහුට අනතුරෙකුදු නො වෙයි. මෙකුමර ලාමකයෙක් නො වෙයි. (තෙපි) තුටුසිතැති වව”යි තවුස් පැවැසීය.

696. සම‍්බොධියග‍්ගං ඵුසිස‍්සතායං කුමාරො සො ධම‍්මචක‍්කං පරමවිසුද‍්ධදස‍්සී, වත‍්තෙස‍්සතායං බහුජනහිතානුකම‍්පී විත්‍ථාරිකස‍්ස භවිස‍්සති බ්‍රහ‍්මචරියං.

696. මෙ කුමර (සර්‍වඥතාඥානයසඞ්ඛ්‍යාත) අනුත්තර සම්බෝධියට පැමිණෙයි. පරමවිශුද්ධ නිර්‍වාණය දක්නාසුලු මෙතෙම බහුජන හිතානුකම්පා ඇතියේ දම්සක් පවත්වන්නේය. මොහුගේ ශාසනය පතළ වන්නේ යි.

697. මමඤ‍්ච ආයු න චිරමිධාවසෙසො අථන‍්තරා මෙ භවිස‍්සති කාලකිරියා, සොහං න සොස‍්සං අසමධුරස‍්ස ධම‍්මං තෙනම‍්හි අට‍්ටො ව්‍යසනගතො අඝාවී.

697. මාගේ ආයුෂත් මෙ මිනිස් ලොව්හි දිගුකල් අවශේෂ නො වේ. මෙ අතුරෙහි මාගේ කාලක්‍රියා වන්නේ ය. එවන් මම අසම වීර්‍ය්‍යය ඇති බුදුන්ගේ දහම් නො අසන්නෙමි. එකරුණින් ආතුරයෙම් සුඛනාශයට පැමිණියෙම් දුක් ඇතියෙමි.

698. සො සාකියානං විපුලං ජනෙත්‍වා පීතිං අන‍්තෙපුරම‍්භා නිරගමා බ්‍රහ‍්මචාරී, සො භාගිනෙය්‍යං සයමනුකම‍්පමානො සමාදපෙසි අසමධුරස‍්සධම‍්මෙ.

698. ඒ බ්‍රහ්මචාරී ශාක්‍යයනට විපුල ප්‍රීති දනවා ඇතොවුරින් නික්මැ ගියේය. හෙතෙම අනුකම්පා කෙරෙමින් බෑනා අසම වීර්‍ය්‍යධූර ඇති සම්බුදුන්ගේ සස්නෙහි සමාදන් කරවිය.

699. බුද‍්ධොති ඝොසං යදපරතො සුණාසි සම‍්බොධිපත‍්තො විවරති ධම‍්මමග‍්ගං, ගන‍්ත්‍වාන තත්‍ථ සමයං පරිපුච‍්ඡියානො චරස‍්සු තස‍්මිං භගවති බ්‍රහ‍්මචරියං.

699. යම් මැ කලෙක්හි මෙරමා වෙතින් සම්බුදුහු සම්බෝධිප්‍රාප්ත වූවාහු අග්‍රවූ නිර්‍වාණය හෝ නිර්‍වාණ මාර්‍ගය විවරණ කරති යන ඝෝෂය අසවු නම් නම් එහි ගොස් ධර්‍මසමය පුළුවුස්මින් එ භාග්‍යවතුන් හමුයෙහි බඹසර (මහණදම්) කරව.

700. තෙනානුසිට‍්ඨො හිතමනසෙන තාදිනා අනාගතෙ පරමවිසුද‍්ධදස‍්සිනා, සො නාළකො උපචිතපුඤ‍්ඤසඤ‍්චයො ජිනං පතික‍්ඛං පරිවසි රක‍්ඛිතින්‍ද්‍රියො.

700. හිත කැමැති සිත් ඇති සමාධිගතචිත්ත ඇති අනාගතයෙහි (නාලක) පරම විශුද්ධ වූ නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ යයි දක්නා සුලු එ අසිත තවුස් විසින් අනුසස්නා ලද (පියුමතුරා බුදුන්කලැ පටන්) රැස් කළ පින්රැස් ඇති ඒ නාලක ජින වූ සර්‍වඥයන් වහන්සේ ප්‍රතීක්‍ෂා කෙරෙමින් රක්නාලද ඉඳුරන් ඇතියේ වාස කෙළේ ය. (තවුස්දම් රැකීය.)

701. සුත්‍වාන ඝොසං ජිනවරචක‍්කවත‍්තනෙ ගන‍්ත්‍වාන දිස‍්වා ඉසිනිසභං පසන‍්නො, මොනෙය්‍යසෙට‍්ඨං මුනිපවරං අපුච‍්ඡි සමාගතෙ අසිතව‍්හයස‍්ස සාසනෙති.

701. ඒ නාලක තාපස ජිනවරයන්ගේ ධර්‍මචක්‍රප්‍රවර්‍තනයෙහි දි දේවතා නාදය අසා (ඉසිපතන) ගොස් ඍෂිනිෂභ වූ භාග්‍යවතුන් වහන්සේ දැක පහන් වූයේ අසිත නම් තවුස්හුගේ අනුශාසනයට කල් එළැඹෙත් ම ප්‍රවරමුනිහු වෙතින් ශ්‍රේෂ්ඨ ඥානය (මාර්‍ග ඥානය) පිළිවිසීය යි.

වත්‍ථුගාථා.

වත්‍ථුගාථා යි.

702. අඤ‍්ඤාතමෙතං වචනං අසිතස‍්ස යථාතථං තං තං ගොතම පුච‍්ඡාම සබ‍්බධම‍්මානපාරගුං.

702. ගෞතමයන්වහන්ස, අසිත තවුස්හුගේ අවිපරීත වූ (සම්බෝධිමග්ගං ඵුසිස්සතායං කුමාරො යන) තෙල වචනය මා විසින් දන්නා ලදී. එහෙයින් මැ (ෂඩාකාරයෙන්) සර්‍වධර්‍මයන්ගේ කෝටිප්‍රාප්ත වූ මුබ වහන්සේ පුළුස්මි.

703. අනගාරියුපෙතස‍්ස භික‍්ඛාචරියං ජිගිංසතො, මුනි පබ්‍රූහි මෙ පුට‍්ඨො මොනෙය්‍යං උත‍්තමං පදං.

703. (ප්‍රජ්‍යාසඞ්ඛ්‍යාත) අනගාරියට පත්, භික්‍ෂාචාර්‍ය්‍යය සොයන මට පුළුවුස්නාලද මුනිහු උත්තම වූ මෝනෙයප්‍රතිපද් පවසත්වා.

704. මොනෙය්‍යං තෙ උපඤ‍්ඤිස‍්සං (ඉති භගවා) දුක‍්කරං දුරභිසම‍්භවං, හන්‍ද තෙ නං පවක‍්ඛාමි සන්‍ථම‍්භස‍්සු දළ‍්හො භව.

704. “තොපට දුෂ්කර වූත් දුරධිගමවූත් මෞනෙයප්‍රතිපද් පනවන්නෙමි. ඒකාන්තයෙන් එය තොපට පවසන්නෙමි. වීර්‍ය්‍යෝපස්තම්භයෙන් සිත් පිහිටුව, අශිථිල පරාක්‍රමයෙන් දෘඪ (ස්ථිර) වව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

705. සමානභාගං කුබ‍්බෙථ ගාමෙ අක‍්කුට‍්ඨවන්‍දිතං, මනොපදොසං රක‍්ඛෙය්‍ය සන‍්තො අනුන‍්නතො චරෙ.

705. ගම්හිදී ආක්‍රෝශය හා වන්‍දනාව හා යන දෙක සමාන භාග ඇති කරව. (සමව සලකව) (ආක්‍රෝශ ලදුයෙහි) චිත්තප්‍රද්වේෂය රක්ව. (රජුන් විසිනුදු වඳනා ලදුයෙහි) මානයෙන් උන්නත නොවැ ශාන්ත වැ හැසිරෙව.

706. උච‍්චාවචා නිච‍්ඡරන‍්ති දායෙ අග‍්ගිසිඛූපමා, නාරියො මුනිං පලොභෙන‍්ති තා සු තං මා පලොභයුං.

706. අරණෙහි දු ගිනිසිළු බඳු කුදුමහත් (නානාප්‍රකාර වූ) ආලම්බනයෝ ඉඳුරනට හමුවෙත්. ස්ත්‍රීහු ද පැවිද්දහු පොලොබවති. ඔහු තා නහමක් පොලොබවත්වා.

707. විරතො මෙථුනා ධම‍්මා හිත්‍වා කාමෙ පරොවරෙ. අවිරුද‍්ධො අසාරත‍්තො පාණෙසු තසථාවරෙ.

707. මෙවුන්දමින් වැළැකියේ සුන්‍දරාසුන්‍දර කාමයන් හැරපියා ස තෘෂ්ණ වූ හා නිෂ්තෘෂ්ණ වූ හා ප්‍රාණීන් කෙරෙහි (පරපාක්‍ෂික හෙයින්) විරුද්ධ නොවූයේ (ස්වපාක්‍ෂික හෙයින්) නො ඇලුනේ වෙයි.

708. යථා අහං තථා එතෙ යථා එතෙ තථා අහං, අත‍්තානං උපමං කත්‍වා න හනෙය්‍ය න ඝාතයෙ.

708. මම යම්බඳු (සුවකැමැති) යෙම් නම්, මොහුදු එබඳු (සුවකැමැති) වෙත් මොහු යම්බඳු (දුක් නොකැමැති) වෙත් නම්, මම ද එබඳු (දුක් නොකැමැති) වෙමි. මෙසේ තමා උවම් කොට ගෙණ පරපණ නො නසන්නේ ය, නොද නස්වන්නේ ය.

709. හිත්‍වා ඉච‍්ඡඤ‍්ච ලොභඤ‍්ච යත්‍ථ සත‍්තො පුථුජ‍්ජනො, චක‍්ඛුමා පටිපජ‍්ජෙය්‍ය තරෙය්‍ය නරකං ඉමං.

709. යම් සිවුපසෙක්හි පෘථග්ජන (ඉච්ඡා ලෝභ විසින්) ආසක්ත වූයේ නම්, එ ඉච්ඡා හා ලෝභය හා හැරපියා ඥානචක්‍ෂූස් ඇති වැ (මෝනෙය්‍යවත්) පිළිපදනේ ය. (දුෂ්පුරාර්‍ත්‍ථයෙන්) මෙ ප්‍රත්‍යය තෘෂ්ණා නරකය තරණය කරන්නේ ය.

710. ඌනූදරො මිතාහාරො අපපිච‍්චස‍්ස අලොලුපො, සචෙ ඉච‍්ඡාය නිච‍්ඡාතො අනිච‍්ඡො හොති නිබ‍්බුතො.

710. (සතර පස් පිඬුවකට ඉඩ දී පැන් බොනුයෙන්) ඌනෝදර වූයේ මැ, (භෝජයෙහි මාතුඥතායෙන්) මිතාහාර වන්නේ ය. (චතුර්විධ අල්පේච්ඡතායෙන් ) අල්පෙච්ඡා වූයේ මැ රහත් මගින් තෘෂ්ණාලෝලුප්‍යය දුරු කිරීමෙන් ලෝලුප නොවන්නේ ය. හෙ ඒකාන්තයෙන් සාදුක් නැතියේ ඉච්ඡාරහිත වූයේ (කෙලෙස් සන්හුන් හෙයින්) නිවියේ වෙයි.

711. සපිණ‍්ඩචාරං චරිත්‍වා වනන‍්තම‍්භිහාරයෙ, උපට‍්ඨිතො රුක‍්ඛමූලස‍්මිං ආසනූපගතො මුනි.

711. වනවැසි ඒ මහණ පිණ්ඩචාරය කොට නිමවා වනයට යන්නේය. මුනි තෙම රුක්මුල්හි එළැඹ සිටියේ ආසනෝපගත වන්නේ ය.

712. ස ඣානපසුතො ධීරො වනන‍්තෙ රමිතො සියා, ඣායෙථ රුක‍්ඛමූලස‍්මිං අත‍්තානමභිතොසයං.

712. උභයධ්‍යානයන්හි අනුයුක්ත වූ එ ධීර අරනෙහි අභිරත වන්නේ ය. චිත්තය මොනොවට තුටු කරවමින් රුක්මුල්හි ලෝකෝත්තර ධ්‍යාන කරන්නේ ය.

713. තතො රත්‍යා විවසනෙ ගාමන‍්තමභිහාරයෙ, අව‍්හානං නාභිනන්‍දෙය්‍ය අභිහාරඤ‍්ච ගාමතො.

713. පිණ්ඩචාරයෙන් නික්ම වනයාත්‍රායෙන් මත්තෙහි රෑ අවසන්හි ග්‍රාමාන්තය කරා (පිඬුසඳහා) යන්නේ ය. එහි දී නිමන්ත්‍රණ නො ඉවසන්නේ ය. ගමින් වෙතැ එළැ වූ පිණ්ඩපාත ද නො ඉවසන්නේ ය.

714. න මුනි ගාමමාගම‍්ම කුලෙසු සහසා චරෙ, ඝාසෙසනං ඡින‍්නකථො න වාචං පයුතං භණෙ.

714. මුනිතෙම ගමට වැද කුලයෙහි (සහශෝකිතාදි විසින්) සැහැසි ව ආහාරාන්වෙෂණ නො කරන්නේ ය. සුන්බස් ඇති යේ පිඬුවා පිළිබැදි ඕභාසාදියෙන් ප්‍රයුක්ත වූ වචන නො බණන්නේ ය.

715. අලත්‍ථං යදිදං සාධු නාලත්‍ථං කුසලං ඉති, උභයෙනෙව සො තාදි රුක‍්ඛං ව උපනිවත‍්තති.

715. යම් මැ පිණ්ඩයක් ලදිම් නම්, මෙය මැ මනා යැ, යම් මැ භික්‍ෂාවක් නොලදිම් නම්, එද මනා යැ යි හේ ලාබ අලාභ දෙකින් මැ නිර්විකාර වෙයි. ඵලාන්වෙෂී පුද්ගලයකු රුක හැරපියා මැදහත් ව යනු මෙනි.

716. ස පත‍්තපාණි විචරන‍්තො අමූගො මුගසම‍්මතො, අප‍්පං දානං න හීළෙය්‍ය දාතාරං නාවජානිය.

716. හේ පාත්‍ර ගත්ඇති වැ නොගොළු වූයේ මැ ගොළුවෙකැයි සම්මත වැ හැසිරෙන්නේ දානය සුලු ය යි හෙලා නො දක්නේ ය. දන් දෙන්නහුනට ද අවමන් නො කරන්නේ ය.

717. උච‍්චාවචා හි පටිපදා සමණෙන පකාසිතා, න පාරං දිගුණං යන‍්ති න ඉදං එකගුණං මුතං.

717. උත්තම වූත් නිහීන වූත් පිළිවෙත බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණ ලදී. (යෝගීහු) එ ප්‍රතිපදායෙන්) දෙවරක් (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) පාරයට නොයෙත්. එ නිර්‍වාණපාරය එක් මැ මඟින් පහස්නට නිසි ය යි ද නො දන්නා ලදී.

718. යස‍්ස ච විසතා නත්‍ථි ඡින‍්නසොතස‍්ස භික‍්ඛුනො, කිච‍්චාකිච‍්චප‍්පහීනස‍්ස පරිලාහො න විජ‍්ජති.

718. සුන්කෙලෙස් හෝ ඇති යම් මැ මහණකුහට අටෝරාසියක් වූ තෘෂ්ණා නැද්ද, (කුශලාකුශල සඞ්ඛ්‍යාත) කෘත්‍යාතෘතයන් ප්‍රහීණ කළ ඔහට රායෙන් උපන් වේවයි ද්වේෂයෙන් උපන් වේවයි පරිදාහ නැත.

719. මොනෙය්‍යං තෙ උපඤ‍්ඤිස‍්සං (ඉති භගවා) ඛූරධාරූපමො භවෙ, ජිව‍්හාය තාලුං ආහච‍්ච උදරෙ සඤ‍්ඤතො සියා.

719. තොපට මෞනෙයව්‍රතය පණවන්නෙමි කරමුවහත උවම් කොට ඇතියේ වන්නේ ස. දිවින්තලු ඝටා (රසතෘෂ්ණා) දුරු කොට උදරයෙහි සංයත වන්නේ ය.

720. අලීනචිත‍්තො ච සියා න චාපි බහු චින‍්තයෙ, නිරාමගන්‍ධො අසිතො බ්‍රහ‍්මචරියපරායනො.

720. නිරතුරු නොලස් සිත් ඇතියේ ද වන්නේ ය. ඥාති ජනපද, අමරවිතර්‍කවශයෙන් බොහොවක් ද නො සිතන්නේ ය. නික්ලේශී වූයේත් තෘෂ්ණාදෘෂ්ටියෙන් එක ද භවයක් ඇසුරු නො කෙළේ ශික්‍ෂාත්‍රය සංගෘහිත සකලබ්‍රහ්මචර්‍ය්‍යය පරායණ කොට ඇතියේ ද වන්නේ ය.

721. එකාසනස‍්ස සික‍්ඛෙථ සමණූපාසනස‍්ස ච, එකන‍්තං මොනමක‍්ඛාතං එකො වෙ අභිරමිස‍්සති.

721. ඉදින් මහණ එකලා වූයේ ද සිත් අලවා වෙසෙන්නේ නම්, මහණුන් විසින් උපාසනා කටයුතු විචික්තාසන සඞ්ඛ්‍යාත ඉරියව්වට හා අටතිස්කමටහන් අරමුණට හා හික්මෙන්නේ ය. කාය චිත්ත විවේක සඞ්ඛ්‍යාත ඒකත්‍වය මෞන යයි කියනලදී,

722. අථ භාසිහි දසදිසා සුත්‍වා ධීරානං නිග‍්ඝොසං ඣායීනං කාමවාගීනං, තතො හිරිඤ‍්ච සද‍්ධඤ‍්ඤ භිය්‍යො කුබ‍්බෙථ මාමකො.

722. ඉදින් දසදිගුන් කීර්තියෙන් හොබවවූ නම් වස්තුකාම ක්ලේශකාමයන් හැරපියනසුලු උභයධ්‍යානයන් ලත් ධීරයන්ගේ කීර්ති ඝෝෂය අසා අනතුරුව හ්‍රී හා ශ්‍රද්ධා බෙහෙවින් වඩනුයේ මාගේ ශ්‍රාවක වන්නේ ය.

723. තං නදීහි විජානාථ සොබ‍්භෙසු පදරෙසු ච, සණන‍්තා යන‍්ති කුස‍්සොබ‍්භා තුණ‍්හී යාති මහොදයි.

723. එය නදීන්ගෙනුදු ජලමාතෘකාහි ද දියකඳුරුහි ද ලා දනුව, ක්‍ෂුද්‍ර ජලමාතෘකාවෝ හඬනංවමින් ගලායෙත්. මහානදීහු නිහඬ වැ ගලාබස්නාහ.

724. යදූනකං තං සණති යං පුරං සත‍්තමෙව තං, අඩ‍්ඪකුම‍්භූපමො බාලො රහදො පූරොව පණ‍්ඩිතො.

724. යමක් ඌන ද එ හඬයි. යමක් පූර්‍ණ ද එ ශාන්ත මැ වෙයි. බාල අර්‍ධකුම්භොපම වෙයි. පණ්ඩිත පුද්ගල පිරිපුන් දියවිලක් බඳුවෙයි.

725. යං සමණො බහු භාසති උපෙතං අත්‍ථසංහිතං, ජානං සො ධම‍්මං දෙසෙති ජානං සො බහු භාසති.

725. බුද්ධශ්‍රමණ අර්‍ත්‍ථයෙන් යුක්ත වූත් ධර්‍මයෙන් යුක්ත වූත් අර්‍ත්‍ථසංහිත වූත් යම් මැ ධර්‍මයක් බොහෝ කොට දෙසා නම්, හෙ දන්නේ ම එ ධර්‍මය දෙසයි. හෙ දන්මින් මැ බොහෝ කොට දෙසයි.

726. යො ච ජානං සමං යුත‍්තො ජානං න බහු භාසති, ස මුනි මොනමරහති ස මුනි මොනමජ‍්ඣගාති.

726. යමෙක් සංයත සිත් ඇත්තේ ම දන්නේත් වේ ද, දන්නේත් බොහෝ ධර්‍මය නො දෙසා ද, එ මුනි (මෝනෙය්‍යපටිපදා සඞ්ඛ්‍යාත) මෞනයට නිසි වෙයි. එ මුනි (අර්‍හත්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) මෝනයට පැමිණියේ ය යි.

නාලකසුත‍්තං නිට‍්ඨිතං.

නාලක සූත්‍රය නිමි.