11. නාලක සුත්තවණ්ණනා අට්ඨකථා
11. නාලක සුත්තවණ්ණනා
11. නාලක සූත්‍ර වර්ණනාව
ආනන්දජාතෙති නාලකසුත්තං. කා උප්පත්ති? පදුමුත්තරස්ස කිර භගවතො සාවකං මොනෙය්යපටිපදං පටිපන්නං දිස්වා තථත්තං අභිකඞ්ඛමානො තතො පභුති කප්පසතසහස්සං පාරමියො පූරෙත්වා අසිතස්ස ඉසිනො භාගිනෙය්යො නාලකො නාම තාපසො භගවන්තං ධම්මචක්කප්පවත්තිතදිවසතො සත්තමෙ දිවසෙ “අඤ්ඤාතමෙත”න්තිආදීහි ද්වීහි ගාථාහි මොනෙය්යපටිපදං පුච්ඡි. තස්ස භගවා “මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්ස”න්තිආදිනා නයෙන තං බ්යාකාසි. පරිනිබ්බුතෙ පන භගවති සඞ්ගීතිං කරොන්තෙනායස්මතා මහාකස්සපෙන ආයස්මා ආනන්දො තමෙව මොනෙය්යපටිපදං පුට්ඨො යෙන යදා ච සමාදපිතො නාලකො භගවන්තං පුච්ඡි . තං සබ්බං පාකටං කත්වා දස්සෙතුකාමො “ආනන්දජාතෙ”තිආදිකා වීසති වත්ථුගාථායො වත්වා අභාසි. තං සබ්බම්පි “නාලකසුත්ත”න්ති වුච්චති.
ආනන්දජාතෙ යනු නාලක සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූයේ කුමක්ද? පියුමතුරා බුදුසව්වකු මොනෙය්‍ය පිළිවෙත අනුගමනය කරනු දැක, එතැන් පටන් එසේ කිරීමට බලාපොරොත්තු වෙමින්, කප් සියදහසක් කල් පෙරුම් පිරූ අසිත ඉසිවරයාගේ බෑණනුවකු වන නාලක තවුසා (අප) භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවැත්වූ දවසින් සත්වන දින ‘අඤ්ඤාතමෙතං’ ආදී ගාථා දෙකකින් මොනෙය්‍ය පිළිවෙත විචාළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට ‘මොනෙය්යන්තෙ උපඤ්ඤිස්සං’ යනුවෙන් එය පැහැදිළි කළහ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑමෙන් පසු සංගීතියට පැමිණ ගරුකටයුතු මහ කසුප් තෙරුන් විසින් ගරුකටයුතු ආනන්ද තෙරුන්ගෙන් නාලක තවුසා එය විමසා සමාදන් වූ අයුරු විමසන ලදී. ඒ සියල්ල හෙළිදරව් කරනු පිණිස, ආනන්දජාතෙ ආදී ලෙසින් ගාථා විස්සක් කියන ලදුව, එය නාලක සූත්‍රය ලෙස හඳුන්වනු ලැබේ.
තත්ථ ආනන්දජාතෙති සමිද්ධිජාතෙ වුද්ධිප්පත්තෙ. පතීතෙති තුට්ඨෙ. අථ වා ආනන්දජාතෙති පමුදිතෙ. පතීතෙති සොමනස්සජාතෙ. සුචිවසනෙති අකිලිට්ඨවසනෙ. දෙවානඤ්හි කප්පරුක්ඛනිබ්බත්තානි වසනානි රජං වා මලං වා න ගණ්හන්ති. දුස්සං ගහෙත්වාති ඉධ දුස්සසදිසත්තා “දුස්ස”න්ති ලද්ධවොහාරං දිබ්බවත්ථං උක්ඛිපිත්වා. අසිතො ඉසීති කණ්හසරීරවණ්ණත්තා එවංලද්ධනාමො ඉසි. දිවාවිහාරෙති දිවාවිහාරට්ඨානෙ. සෙසං පදතො උත්තානමෙව.
ආනන්දජාතෙ අදහස ඉටුවී, (සිත) දියුණුවට පත්වී, පතීතෙ සතුටුව, නැතහොත් වඩ වඩාත් සතුටට පත්ව, පතීතෙ සොම්නසට පත්ව, සුචිවසනෙ නොකිලිටි ලෙසින්, දෙවියන්ගේ කප්රැකෙහි පහළ වූ රෙදි දූවිලි හෝ කුණු පැල්ලම් නොගනී. දුස්සං ගහෙත්වා රෙද්දකට සමාන බැවින් ‘දූස්ස’ යනුවෙන් හඳුන්වනු ලබන දිව (සළුව) ඔසවා - සිසාරමින්, අසිතො ඉසී කළුපැහැ සිරුර නිසා එසේ නම් ලද ඉසිවරයා, දිවා විහාරෙ දවල් කාලය ගතකිරීමෙහි, ඉතිරි වචන කලින් සඳහන් කරන ලද පරිදිය.
සම්බන්ධතො පන – අයං කිර සුද්ධොදනස්ස පිතු සීහහනුරඤ්ඤො පුරොහිතො සුද්ධොදනස්සපි අනභිසිත්තකාලෙ සිප්පාචරියො හුත්වා අභිසිත්තකාලෙ පුරොහිතොයෙව අහොසි. තස්ස සායං පාතං රාජුපට්ඨානං ආගතස්ස රාජා දහරකාලෙ විය නිපච්චකාරං අකත්වා අඤ්ජලිකම්මමත්තමෙව කරොති. ධම්මතා කිරෙසා පත්තාභිසෙකානං සක්යරාජූනං. පුරොහිතො තෙන නිබ්බිජ්ජිත්වා “පබ්බජ්ජාමහං මහාරාජා”ති ආහ. රාජා තස්ස නිච්ඡයං ඤත්වා “තෙන හි, ආචරිය, මමෙව උය්යානෙ වසිතබ්බං, යථා තෙ අහං අභිණ්හං පස්සෙය්ය”න්ති යාචි. සො “එවං හොතූ”ති පටිස්සුණිත්වා තාපසපබ්බජ්ජං පබ්බජිත්වා රඤ්ඤා උපට්ඨහියමානො උය්යානෙයෙව වසන්තො කසිණපරිකම්මං කත්වා අට්ඨ සමාපත්තියො පඤ්චාභිඤ්ඤායො ච නිබ්බත්තෙසි. සො තතො පභුති රාජකුලෙ භත්තකිච්චං කත්වා හිමවන්තචාතුමහාරාජිකභවනාදීනං අඤ්ඤතරං ගන්ත්වා දිවාවිහාරං කරොති. අථෙකදිවසං තාවතිංසභවනං ගන්ත්වා රතනවිමානං පවිසිත්වා දිබ්බරතනපල්ලඞ්කෙ නිසින්නො සමාධිසුඛං අනුභවිත්වා සායන්හසමයං වුට්ඨාය විමානද්වාරෙ ඨත්වා ඉතො චිතො ච විලොකෙන්තො සට්ඨියොජනාය මහාවීථියා චෙලුක්ඛෙපං කත්වා බොධිසත්තගුණපසංසිතානි ථුතිවචනානි වත්වා කීළන්තෙ සක්කප්පමුඛෙ දෙවෙ අද්දස. තෙනාහ ආයස්මා ආනන්දො – “ආනන්දජාතෙ…පෙ… දිවාවිහාරෙ”ති.
මෙහි සම්බන්ධතාව මෙසේය. අසිත ඉසිවරයා සුද්ධෝදන රජුගේ පියා වූ සීහහනු රජුගේද පුරෝහිතව, සුද්ධෝදන (කුමරු) ඔටුනු පැළඳීමට පෙර, සිප් ඇදුරව, රජ බවට පත්වූ පසු පුරෝහිත තනතුරට පත්විය. අසිත ඉසිවරයා උදේ සවස රජුට උවටැන් පිණිස (උපදෙස් දීමේ සේවය පිණිස) පැමිණි විට, තරුණ කාලයේදී මෙන්, ගරුසත්කාර නොකොට ඇඳිලි බැඳ වැඳීම පමණක් කරයි. එය ඔටුනු පළඳා රජබවට පත්වන සැකිකුල රජ සිරිතකි. අසිත ඉසිවරයා එයින් කලකිරී, ‘මහරජ, මම පැවිදි වෙමි’යි කීය. රජු තවුසාගේ තීරණය දැන ‘එසේනම් ඇදුරුතුමනි, මට නිතර දැකිය හැකි පරිදි මගේම උයනෙහි විසිය යුතු’යැයි ඉල්ලා සිටියේය. තවුසා ‘එසේ’ යැයි පිළිවදන් දී, තවුස් පැවිද්දෙක්ව, රජුගෙන් උවටැන් ලබමින්, උයනෙහිම වෙසෙමින් කසිණ බවුන් වඩා සමාපත්ති අට හා අභිඤ්ඤා පහ උපදවා ගත්තේය. එතැන් පටන් රජමැදුරෙහි අහර ගෙන, හිමාලය, චාතුම්මහාරාජික දෙව්ලොව, ආදී තැනකට ගොස් දිවාකාලය ගතකරයි. එක් දවසක් තවුතිසාවට ගොස්, රුවන් විමනට පිවිස, දෙව්රුවන් පලඟෙහි හිඳිමින්, සමාධිසුව විඳ හවස් කල නැගිට, විමන් දොරටුවෙහි සිට වටපිට බලනවිට, සැටයොදුන් මහා වීදියෙහි පිළී හිස සිසාරාවමින් බෝසත් ගුණ සඳහන් තුති වදන් කියමින් කෙළිදෙලින් පසුවන සක්දෙව් පිරිවරා ගත් දෙවියන් දුටුවේය. ඒ අනුව ගරුකටයුතු අනඳ හිමි ‘ආනන්ද ජාතෙ...දිවා විහාරෙ යැයි කීය.
තතො සො එවං දිස්වාන දෙවෙ…පෙ… කිං පටිච්ච. තත්ථ උදග්ගෙති අබ්භුන්නතකායෙ. චිත්තිං කරිත්වානාති ආදරං කත්වා. කල්යරූපොති තුට්ඨරූපො. සෙසං උත්තානත්ථමෙව.
අසිත තවුසා ඒ දෙවියන් දැක...කුමක් නිසා එසේ (සතුටු වන්නේ දැයි ඇසීය.) උදග්ගෙ සතුටුව, සතුට-උනන්දුව පිරි සිරුරු (ඉරියව්වෙන්) විත්තිං කරිත්වා ආදරය කොට, කලල රූපො සතුටු බවින් යුතුව, ඉතිරි පද අරුත් පැහැදිලිය.
ඉදානි “යදාපි ආසී”තිආදිගාථා උත්තානසම්බන්ධා එව. පදත්ථො පන පඨමගාථාය තාව සඞ්ගමොති සඞ්ගාමො. ජයො සුරානන්ති දෙවානං ජයො.
මීළඟට දැවෙන ‘යදාපි ආසි’ ආදී ගාථා ඉහත දැක්වූ කරුණු සම්බන්ධ කිරීමට යෙදේ. ඒ මුල්ගථාවේ වචනවල අරුත් දක්වතොත් සංගාමො යුද්ධය, ජයො සුරානං දෙවියන්ට ජයය,
තස්සාවිභාවත්ථං අයමනුපුබ්බිකථා වෙදිතබ්බා – සක්කො කිර මගධරට්ඨෙ මචලගාමවාසී තෙත්තිංසමනුස්සසෙට්ඨො මඝො නාම මාණවො හුත්වා සත්ත වත්තපදානි පූරෙත්වා තාවතිංසභවනෙ නිබ්බත්ති සද්ධිං පරිසාය. තතො පුබ්බදෙවා “ආගන්තුකදෙවපුත්තා ආගතා, සක්කාරං නෙසං කරිස්සාමා”ති වත්වා දිබ්බපදුමානි උපනාමෙසුං, උපඩ්ඪරජ්ජෙන ච නිමන්තෙසුං. සක්කො උපඩ්ඪරජ්ජෙන අසන්තුට්ඨො සකපරිසං සඤ්ඤාපෙත්වා එකදිවසං සුරාමදමත්තෙ තෙ පාදෙ ගහෙත්වා සිනෙරුපබ්බතපාදෙ ඛිපි. තෙසං සිනෙරුස්ස හෙට්ඨිමතලෙ දසසහස්සයොජනං අසුරභවනං නිබ්බත්ති පාරිච්ඡත්තකපටිච්ඡන්නභූතාය චිත්රපාටලියා උපසොභිතං. තතො තෙ සතිං පටිලභිත්වා තාවතිංසභවනං අපස්සන්තා “අහො රෙ නට්ඨා මයං පානමදදොසෙන, න දානි මයං සුරං පිවිම්හා, අසුරං පිවිම්හා, න දානිම්හා සුරා, අසුරා දානි ජාතම්හා”ති. තතො පභුති “අසුරා”ඉච්චෙව උප්පන්නසමඤ්ඤා හුත්වා “හන්ද දානි දෙවෙහි සද්ධිං සඞ්ගාමෙමා”ති සිනෙරුං පරිතො ආරොහිංසු. තතො සක්කො අසුරෙ යුද්ධෙන අබ්භුග්ගන්ත්වා පුනපි සමුද්දෙ පක්ඛිපිත්වා චතූසු ද්වාරෙසු අත්තනා සදිසං ඉන්දපටිමං මාපෙත්වා ඨපෙසි. තතො අසුරා “අප්පමත්තො වතායං සක්කො නිච්චං රක්ඛන්තො තිට්ඨතී”ති චින්තෙත්වා පුනදෙව නගරං අගමිංසු. තතො දෙවා අත්තනො ජයං ඝොසෙන්තා මහාවීථියං චෙලුක්ඛෙපං කරොන්තා නක්ඛත්තං කීළිංසු. අථ අසිතො අතීතානාගතෙ චත්තාලීසකප්පෙ අනුස්සරිතුං සමත්ථතාය “කිං නු ඛො ඉමෙහි පුබ්බෙපි එවං කීළිතපුබ්බ”න්ති ආවජ්ජෙන්තො තං දෙවාසුරසඞ්ගාමෙ දෙවවිජයං දිස්වා ආහ –
එය වටහාගනු පිණිස එහි පිළිවෙල කතාව දතයුතුය. මගධ රට, මඩල නම් ගමෙහි විසූ මිනිසුන් තිස්තුන් දෙනෙකුට නායක වූ මඝ නම් තරුණයෙක් වත් සතක් සපුරා තම පිරිස සමග සක්දෙවිව තව්තිසාවෙහි උපන්නේය. එහිදී පෙර සිට වසන දෙවියෝ, ‘අමුත්තන් සේ දෙව්පුතුන් පැමිණ ඇත. ඔවුන්ට සත්කාර කරමු’යි කියා දෙව්ලොව පිපෙන පියුම් ගෙනාහ. දෙව් රජයෙන් අඩක් පාලනයට ඇරයුම් කළහ. සක්දෙවි එවන් පාලනයකට නොකැමතිව, තම පිරිසට කරුණු වටහා දී දිනක් සුරා මතින් මත්ව සිටි ඒ දෙවිවරුන් පාවලින් ගෙන සිනෙරු පව්වෙහි පාමුලට විසිකර දැමීය. එයින් සිනෙරු පව්වෙහි යටිතලයෙහි පරසතු මලින් වැසුනු මනහර පලොල් මලින් සුන්දර වූ සියක් යොදුන් පෙදෙසක අසුර භවන පිහිටියේය. එහිදී ඔව්හු පියවි සිහිය ලැබ, තව්තිසා භවන නොදැක, ‘අනේ, අපි බීමත් වූ වරදින් නැසුනෙමු. අපි සුරා පානය නොකෙළෙමු. අපි සුරා නොවූ - අසුර පානය කළෙමු. දැන් අපි සූරයෝ නොවෙමු. අපි දැන් අසුරයෝ ලෙසින් උපන්නෙමු’ යැයි එතැන් පටන් අසුර යනුවෙන් හැඳිනීමක් ඇතිව, ‘අපි දෙවියන් සමග යුද සටන් කරමු’යි සිනෙරු පව්ව හාත්පස සිසාර නැඟ සිටියහ. එහිදී සක්දෙවි, අසුරයන් ඉහළට නංවා, නැවත මුහුදෙහි දමා, සිවු දොරටුවෙහි තමා හා සමාන පිළිරූ මවා තැබීය. එවිට අසුරයෝ, ‘සක් දෙවි පමා නොවී, නිසැකවම, නිති රැකවරණය සලසමින් සිටිතැ’යි සිතා නැවත (අසුරයන්ගේ) නගරයටම ගියහ. එවිට දෙවියෝ තමන් වෙනුවෙන් ජය ගොස නඟමින්, පිළි හිස සිසාරමින් මහා වීදියෙහි නැකත් කෙළි කළහ. ඉක්බිති අසිත ඉසිවරයා අතීතයට සහ අනාගතයෙහි කප් සතළිහක් සිහි කිරිමට හැකි බැවින්, ‘මොවුන් පෙරද මෙසේ කෙළිදෙළින් සිටියාහුදැ’යි මෙනෙහි කරමින්, ඒ දෙව්-අසුර සටනෙහිදී දෙවියන් ජයගත් බව දැන,
“යදාපි ආසී අසුරෙහි සඞ්ගමො, ජයො සුරානං අසුරා පරාජිතා; තදාපි නෙතාදිසො ලොමහංසනො”ති.
“යදාපි ආසි අසුරෙහි සංගාමො ජයො සුරානං අසුරා පරාජිතා, තදාපි නෙතාදිසො ලොමහංසනො” යැයි කීය.
තස්මිම්පි කාලෙ එතාදිසො ලොමහංසනො පමොදො න ආසි. කිමබ්භුතං දට්ඨු මරූ පමොදිතාති අජ්ජ පන කිං අබ්භුතං දිස්වා එවං දෙවා පමුදිතාති.
ඒ කාලයෙහිද මෙබඳු ලොමුදැහැ ගැන්වෙන සතුටක් (ඊට පෙර) නොවීය. කිම්බභූතං දට්ඨු මරූ පමොදිතා අද කිනම් පුදුම එළවන සුළු දෙයක් දැක මෙසේ දෙවියෝ සතුටු වූවාහුද?
දුතියගාථාය සෙළෙන්තීති මුඛෙන උස්සෙළනසද්දං මුඤ්චන්ති. ගායන්ති නානාවිධානි ගීතානි, වාදයන්ති අට්ඨසට්ඨි තූරියසහස්සානි, ඵොටෙන්තීති අප්ඵොටෙන්ති. පුච්ඡාමි වොහන්ති අත්තනා ආවජ්ජෙත්වා ඤාතුං සමත්ථොපි තෙසං වචනං සොතුකාමතාය පුච්ඡති. මෙරුමුද්ධවාසිනෙති සිනෙරුමුද්ධනි වසන්තෙ. සිනෙරුස්ස හි හෙට්ඨිමතලෙ දසයොජනසහස්සං අසුරභවනං, මජ්ඣිමතලෙ ද්විසහස්සපරිත්තදීපපරිවාරා චත්තාරො මහාදීපා, උපරිමතලෙ දසයොජනසහස්සං තාවතිංසභවනං. තස්මා දෙවා “මෙරුමුද්ධවාසිනො”ති වුච්චන්ති. මාරිසාති දෙවෙ ආමන්තෙති, නිදුක්ඛා නිරාබාධාති වුත්තං හොති.
දෙවන ගාථාවෙහි, සෙලන්ති මුවෙන් සතුට දනවන හඬ පිටකරත්. ගායන්ති නොයෙක් ආකාර ගීත, වාදයන්ති වාදන භාණ්ඩ සැටඅට දහසක්, ඵොටෙන්ති අත්පොළසන් දෙති. පුච්ඡාමි වොහං තමන්ට මෙනෙහිකොට දැනගත හැකි වුවත්, ඔවුන්ගේම වචනයෙන් දැනගනු කැමතිව අසයි. මෙරු මුද්ධවාසිනො සිනෙරු පව් මුදුනෙහි වසන, සිනෙරු පව්වෙහි යට තලයෙහි යොදුන් දසදහසක් වූ අසුර භවනත්, මැද තලයෙහි දෙදහසක් කුඩා දිවයින් පිරිවරා සිවු මහා දිවයින් ද, මතු තලයෙහි යොදුන් දස දහසක තව්තිසාව ද පිහිටියේය. එහෙයින් ‘දෙවියන් මහමෙර මුදුනෙහි වසති’යි කියනු ලබති. මාරිසා දෙවියන්ට අමතති. නිදුක් නිරෝගී යැයි කියන ලදී.
අථස්ස තමත්ථං ආරොචෙන්තෙහි දෙවෙහි වුත්තාය තතියගාථාය බොධිසත්තොති බුජ්ඣනකසත්තො, සම්මාසම්බොධිං ගන්තුං අරහො සත්තො රතනවරොති වරරතනභූතො. තෙනම්හ තුට්ඨාති තෙන කාරණෙන මයං තුට්ඨා. සො හි බුද්ධත්තං පත්වා තථා ධම්මං දෙසෙස්සති, යථා මයඤ්ච අඤ්ඤෙ ච දෙවගණා සෙක්ඛාසෙක්ඛභූමිං පාපුණිස්සාම. මනුස්සාපිස්ස ධම්මං සුත්වා යෙ න සක්ඛිස්සන්ති පරිනිබ්බාතුං, තෙ දානාදීනි කත්වා දෙවලොකෙ පරිපූරෙස්සන්තීති අයං කිර නෙසං අධිප්පායො. තත්ථ “තුට්ඨා කල්‍යරූපා”ති කිඤ්චාපි ඉදං පදද්වයං අත්ථතො අභින්නං, තථාපි “කිමබ්භුතං දට්ඨු මරූ පමොදිතා, කිං දෙවසඞ්ඝො අතිරිව කල්යරූපො”ති ඉමස්ස පඤ්හද්වයස්ස විස්සජ්ජනත්ථං වුත්තන්ති වෙදිතබ්බං.
ඉක්බිතිව තවුසාට ඒ කරුණ සැලකරන දෙවියන් විසින් තියන ලද තුන්වන ගාථාවෙහි බොධිසත්තො අවබෝධ කරන තැනැත්තා සම්මා සම්බුදුබවට සුදුසු තැනැත්තා ය. රතනවරො උතුම් රුවනක් වූ තෙනම්හ තුට්ඨා ඒ කරුණින් අපි සතුටු වෙමු. එතුමා බුදුබවට පත්ව, අනෙක් දේව සමූහයාටද, අපට ද මගපල හෝ රහත් බව ලබන ලෙසටද, දහම් දෙසන්නේය. දහම් අසා නිවන් ලැබීමට නොහැකි වුවහොත් මිනිස්සු දානාදී පින්කම් කොට දෙව්ලොව උපත ලබති. මේ ඔවුන්ගේ අදහසයි. තුට්ඨා කල්‍යරූපා මේ වචන දෙකෙහි අරුත පැහැදිලි වුවත්, ‘දෙවියන් සතුටුවනු දැකීම කුමන පුදුමයක්ද? දේව සමූහයා (වෙනදා නැති) බොහෝ තුටු පහටු බවින් ඉන්නේ කුමක් නිසාද? මේ ගැටළු දෙක විසඳනු පිණිස කියන ලදැයි දතයුතුය.
ඉදානි යෙන අධිප්පායෙන බොධිසත්තෙ ජාතෙ තුට්ඨා අහෙසුං, තං ආවිකරොන්තෙහි වුත්තාය චතුත්ථගාථාය සත්තග්ගහණෙන දෙවමනුස්සග්ගහණං, පජාගහණෙන සෙසගතිග්ගහණං. එවං ද්වීහි පදෙහි පඤ්චසුපි ගතීසු සෙට්ඨභාවං දස්සෙති. තිරච්ඡානාපි හි සීහාදයො අසන්තාසාදිගුණයුත්තා, තෙපි අයමෙව අතිසෙති. තස්මා “පජානමුත්තමො”ති වුත්තො. දෙවමනුස්සෙසු පන යෙ අත්තහිතාය පටිපන්නාදයො චත්තාරො පුග්ගලා, තෙසු උභයහිතපටිපන්නො අග්ගපුග්ගලො අයං, නරෙසු ච උසභසදිසත්තා නරාසභො. තෙනස්ස ථුතිං භණන්තා ඉදම්පි පදද්වයමාහංසු.
මීළඟට බෝසතුන් උපන්කල්හී සතුටු කරුණු පැහැදිලි කිරීමට කියන ලද සිවුවෙනි ගාථාවෙහි සත්ත යනුවෙන් දෙව් මිනිස් සමූහය සැළකේ. පජා යන්නෙන් වෙනත් පිරිස ගැනේ. මෙසේ වචන දෙකෙන් (උපත් ලබන) ගති පහ අතුරින් උසස් බව දක්වයි. තිරිසන් සතුන් අතර සිංහ ආදීන් තැති නොගන්නා සේ, සෙසු සතුන්ද එසේ සැළකීමෙන් උනුන් (පජා) අතරද උසස් යැයි කියා ඇත. එහෙයින් ඒ වෙනත් පිරිස අතරද උසස් වේ යැයි කියන ලදී. දෙව් මිනිසුන් අතර, තමාට හිතසුව පිණිස පිලිපන්නා වූ පුද්ගලයන් හතර දෙනාගෙන් ඒ දෙකොටසටම හිතසුව සැලසීමෙන් මේ (බෝසත් තුමා) අග්ග පුග්ගලො, (ගවරැළෙහි නායක බවට පත්වන ගොනකු මෙන්) මිනිසුන් අතරද උසස් නායකයකු බවට පත්වෙයි. එහෙයින් බෝසත් අගයමින්, තුති කරමින් මෙම වචන දෙක කීහ.
පඤ්චමගාථාය තං සද්දන්ති තං දෙවෙහි වුත්තවචනසද්දං. අවසරීති ඔතරි. තද භවනන්ති තදා භවනං.
පස්වන ගාථාවෙහි තං සද්දං ඒ දෙවියන් නඟන ලද හඬයි. (ඇසෙන ලෙස කියන ලද වචනය) අවංසරි බැස්සේය. තද භවනං එකල්හි මැදුරට,
ඡට්ඨගාථාය තතොති අසිතස්ස වචනතො අනන්තරං. උක්කාමුඛෙවාති උක්කාමුඛෙ එව, මූසාමුඛෙති වුත්තං හොති. සුකුසලසම්පහට්ඨන්ති සුකුසලෙන සුවණ්ණකාරෙන සඞ්ඝට්ටිතං, සඞ්ඝට්ටෙන්තෙන තාපිතන්ති අධිප්පායො. දද්දල්ලමානන්ති විජ්ජොතමානං. අසිතව්හයස්සාති අසිතනාමස්ස දුතියෙන නාමෙන කණ්හදෙවිලස්ස ඉසිනො.
හයවෙනි ගාථාවෙහි තතො අසිත ඉසිවරයාගේ වචනය අතරතුර උක්කාමුබෙව රන්කරුවාගේ කෝවෙහි තිබෙන සේ, සුකුසලසම්පහට්ඨං නිපුණ රන්කරුවකු විසින් නිමවන ලද, මැනවින් කෝවෙහි රත්කොට සකස් කරන ලදැයි අදහස් වේ. දද්දල්ලමානං බබළන, අසිතව්හයස්ස අසිත නම් වූ, දෙවැනි නමින් හඳුන්වන කාලදෙවල ඉසිවරයාගේ,
සත්තමගාථාය තාරාසභං වාති තාරානං උසභසදිසං, චන්දන්ති අධිප්පායො. විසුද්ධන්ති අබ්භාදිඋපක්කිලෙසරහිතං. සරදරිවාති සරදෙ ඉව. ආනන්දජාතොති සවනමත්තෙනෙව උප්පන්නාය පීතියා පීතිජාතො. අලත්ථ පීතින්ති දිස්වා පුනපි පීතිං ලභි.
සත්වන ගාථාවෙහි තාරාසභංව තාරකාවලට නායක වූ, උසස් වූ, සඳ අදහස් වේ. විසුද්ධං වලාකුළු ආදී අවහිරයෙන් තොරව, සරදරිව සරත් කාලයේ මෙන්, ආනන්දජාතො ඇසූ පමණින්ම ඇති වූ සතුටින් පිනා, අලත්ථ පීතිං දැක නැවත සතුට ලැබීය.
තතො පරං බොධිසත්තස්ස දෙවෙහි සදා පයුජ්ජමානසක්කාරදීපනත්ථං වුත්තඅට්ඨමගාථාය අනෙකසාඛන්ති අනෙකසලාකං. සහස්සමණ්ඩලන්ති රත්තසුවණ්ණමයසහස්සමණ්ඩලයුත්තං. ඡත්තන්ති දිබ්බසෙතච්ඡත්තං. වීතිපතන්තීති සරීරං බීජමානා පතනුප්පතනං කරොන්ති.
එයින් පසු, බෝසතුන්ට දෙවියන් විසින් හැමකල්හි පවත්වන ලද ගරු සත්කාර දැක්වීමට කියන ලද අටවන ගාථාවෙහි අනෙකසාඛං නොයෙක් ලෙස විහිදී ඉරටු වැනි කිරණ ඇති සහස්ස මණ්ඩලං රත්රුවනින් සැදූ දහසක් මඩුළු (කොටස්) ඇති, ඡත්තං දෙව්ලොව සුදු සේසතක්, වීතිපතන්ති උස් පහත් වෙමින් සිරුරට පවන් සලති.
නවමගාථාය ජටීති ජටිලො. කණ්හසිරිව්හයොති කණ්හසද්දෙන ච සිරිසද්දෙන ච අව්හයමානො. තං කිර “සිරිකණ්හො”තිපි අව්හයන්ති ආමන්තෙන්ති, ආලපන්තීති වුත්තං හොති. පණ්ඩුකම්බලෙති රත්තකම්බලෙ. අධිකාරතො චෙත්ථ “කුමාර”න්ති වත්තබ්බං, පාඨසෙසො වා කාතබ්බො. පුරිමගාථාය ච අහත්ථපාසගතං සන්ධාය “දිස්වා”ති වුත්තං. ඉධ පන හත්ථපාසගතං පටිග්ගහණත්ථං උපනීතං, තස්මා පුන වචනං “දිස්වා”ති. පුරිමං වා දස්සනපීතිලාභාපෙක්ඛං ගාථාවසානෙ “විපුලමලත්ථ පීති”න්ති වචනතො, ඉදං පටිග්ගහාපෙක්ඛං අවසානෙ “සුමනො පටිග්ගහෙ”ති වචනතො. පුරිමඤ්ච කුමාරසම්බන්ධමෙව, ඉදං සෙතච්ඡත්තසම්බන්ධම්පි. දිස්වාති සතසහස්සග්ඝනකෙ ගන්ධාරරත්තකම්බලෙ සුවණ්ණනික්ඛං විය කුමාරං “ඡත්තං මරූ”ති එත්ථ වුත්තප්පකාරං සෙතච්ඡත්තං ධාරියන්තං මුද්ධනි දිස්වා. කෙචි පන “ඉදං මානුසකං ඡත්තං සන්ධාය වුත්ත”න්ති භණන්ති. යථෙව හි දෙවා, එවං මනුස්සාපි ඡත්තචාමරමොරහත්ථතාලවණ්ටවාළබීජනිහත්ථා මහාපුරිසං උපගච්ඡන්තීති. එවං සන්තෙපි න තස්ස වචනෙන කොචිපි අතිසයො අත්ථි, තස්මා යථාවුත්තමෙව සුන්දරං. පටිග්ගහෙති උභොහි හත්ථෙහි පටිග්ගහෙසි. ඉසිං කිර වන්දාපෙතුං කුමාරං උපනෙසුං. අථස්ස පාදා පරිවත්තිත්වා ඉසිස්ස මත්ථකෙ පතිට්ඨහිංසු. සො තම්පි අච්ඡරියං දිස්වා උදග්ගචිත්තො සුමනො පටිග්ගහෙසි.
නවවන ගාථාවෙහි ජටී ජටා දරන හෙයින් ජටිල නම් වූ, කණ්හ සිරිවහ්යො ‘කණ්හ’ යැයිද ‘සිරි’ යැයිද කතා කරමින් - කිරි කණ්හ යැයි අසිත ඉසිට අමතති, හඬ ගසතියි කියන ලදී. පණ්ඩුකම්බලෙ රත්පැහැ කම්බිලියෙහි යැයි මෙහි සඳහන් කිරීමේදී ‘කුමාරයා’ යන අදහස ඇති ඉතිරි වචනයක් යොදාගත යුතුය. කලින් ගාථාවෙහිද අතින් අල්ලා ගැනීම යැයි දැක්වීමට ‘දැක’ යැයි කියන ලදී. මෙහිදී අතින් ගෙන ආ (වඩාගෙන ආ) කුමරුවා පිළිගන්නා ලෙස යොමු කිරීමේදී ‘දිස්වා’ වචනය නැවත යෙදීම වරදක් නොවේ. මුලින් දැකීම හෝ සතුට ලබන අදහසින් ගාථාව අවසානයෙහි ‘බොහෝ සතුට ලැබුවෙමි’ යනුවෙන් හෝ, කුමරුන් පිළිගෙන අවසානයෙහි ‘සතුටින් පිළිගත්තේය’ යන වචනයෙන් මුලින් කී කුමරු යන වචනයට සම්බන්ධ වේය. සියදහස් ගණනින් වටිනා ගන්ධාර දෙසයෙහි රත් කම්බිලියක තබන ලද රත්රන් පිඬක් බඳු වූ කුමාරයාට ‘ඡත්තං මරූ’ (දෙවියන් සේසතක්) යනුවෙන් එහි කියන ලද පරිදි, මුදුනට සුදු සේසතක් දරා සිටිනු දැක, යනුවෙන් මෙසේ කුමරුට - සුදු සේසතද සම්බන්ධ වේ. ඇතැමෙක් එය මිනිසුන් දරණ සේසතක් සේ කියති. එසේ දෙවියන් මෙන්ම, මිනිස්සුද කුඩ, සෙමර, මොණර පිලෙන් සෑදු වටාපත්, තල් වටාපත්, වල්විදුනා අතින් දරමින් මහබෝසතුන් කරා එළඹෙති. මෙසේ සඳහන් කළවිටද ඒ වචනයෙන් (කුමරු ගැන) වැඩියෙන් කරුණු දැක්වීමක් නැත. එහෙයින් කියා ඇති ආකාරයට සුදුසුය. පටිග්ගහෙ මේ අයුරින් දෑතින්ම පිළිගත්තේය. ඉසිවරයාට වැන්දවීමට කුමාරයා යොමුකළවිට, කුමරුගේ දෙපා හැරවී ඉසිවරයාගේ හිසමුදුනෙහි පිහිටියේය. අසිත ඉසිවරයා ඒ අසිරිය ද දැක උදග්ග චිත්තො සුමනො (එසේ) පිළිගත්තේය.
දසමගාථායං ජිගීසකොති ජිගීසන්තො මග්ගන්තො පරියෙසන්තො, උපපරික්ඛන්තොති වුත්තං හොති. ලක්ඛණමන්තපාරගූති ලක්ඛණානං වෙදානඤ්ච පාරං ගතො. අනුත්තරායන්ති අනුත්තරො අයං. සො කිර අත්තනො අභිමුඛාගතෙසු මහාසත්තස්ස පාදතලෙසු චක්කානි දිස්වා තදනුසාරෙන සෙසලක්ඛණානි ජිගීසන්තො සබ්බං ලක්ඛණසම්පත්තිං දිස්වා “අද්ධායං බුද්ධො භවිස්සතී”ති ඤත්වා එවමාහ.
දසවන ගාථාවෙහි, ජිංගිසකො බලාපොරොත්තු වෙමින්, සොයමින්, විමසමින් යැයි කියන ලදී. ලක්ඛණමන්තපාරගු අසිත ඉසිවරයා මහපුරිස් ලකුණු ගැනද වේදයෙහිද පරතෙරටම ගියේය. අනුත්තරායං මේ අසිත ඉසි උතුම් කෙනෙකි. තමාගේ ඉදිරියට ආ මහබෝසතුන්ගේ දෙපතුලෙහි සක්ලකුණු දැක, ඒ අනුව ඉතිරි ලකුණු ද විමසමින්, සියළුම මහ පුරිස් ලකුණු හඳුනාගෙන නිසැකවම මොහු බුදු වන්නේ’ යැයි දැන මෙසේ කීය.
එකාදසායං අථත්තනො ගමනන්ති පටිසන්ධිවසෙන අරූපගමනං. අකල්යරූපො ගළයති අස්සුකානීති තං අත්තනො අරූපූපපත්තිං අනුස්සරිත්වා “න දානාහං අස්ස ධම්මදෙසනං සොතුං ලච්ඡාමී”ති අතුට්ඨරූපො බලවසොකාභිභවෙන දොමනස්සජාතො හුත්වා අස්සූනි පාතෙති ගළයති. “ගරයතී”තිපි පාඨො. යදි පනෙස රූපභවෙ චිත්තං නමෙය්ය, කිං තත්ථ න උප්පජ්ජෙය්ය, යෙනෙවං රොදතීති? න න උප්පජ්ජෙය්ය, අකුසලතාය පනෙතං විධිං න ජානාති. එවං සන්තෙපි දොමනස්සුප්පත්තියෙවස්ස අයුත්තා සමාපත්තිලාභෙන වික්ඛම්භිතත්තාති චෙ? න, වික්ඛම්භිතත්තා එව. මග්ගභාවනාය සමුච්ඡින්නා හි කිලෙසා න උප්පජ්ජන්ති, සමාපත්තිලාභීනං පන බලවපච්චයෙන උප්පජ්ජන්ති. උප්පන්නෙ කිලෙසෙ පරිහීනජ්ඣානත්තා කුතස්ස අරූපගමනන්ති චෙ? අප්පකසිරෙන පුනාධිගමතො. සමාපත්තිලාභිනො හි උප්පන්නෙ කිලෙසෙ බලවවීතික්කමං අනාපජ්ජන්තා වූපසන්තමත්තෙයෙව කිලෙසවෙගෙ පුන තං විසෙසං අප්පකසිරෙනෙවාධිගච්ඡන්ති, “පරිහීනවිසෙසා ඉමෙ”තිපි දුවිඤ්ඤෙය්යා හොන්ති, තාදිසො ච එසො. නො චෙ කුමාරෙ භවිස්සති අන්තරායොති න භවිස්සති නු ඛො ඉමස්මිං කුමාරෙ අන්තරායො.
එකොළොස්වන ගාථාවෙහි අථත්තනො ගමනං ඊළග උපත ලෙස අරූප බ්‍රහ්ම තලය බව දැන, අකල්යරූපො ගලයති ඔහු තම අරූප බඹලොව උපත සිහිකොට ‘මම දැන් මෙතුමාගේ දහම් දේසනය අසන්නට නොලබමි’යි අසතුටුව බලවත් සොවින් දුකට පත්ව කඳුළු හෙළයි. වගුරුවයි. ගරයති යනුද වචනයක් වේ. යම්ලෙසකින් රූපාවචර ලොව සිත යොමු වූයේ නම්, එහි උපත නොලබන්නේ කුමක් නිසාද? මෙසේ හඬන්නේ ඇයි? උපත නොලබන්නේ නම්, ඊට හේතු දැනගැනීමට නොහැකි වේද? කරුණු මෙසේනම් ඊළඟ උපත ඔහුට දුකක් වේනම් අසාධාරණය. සමාපත්ති ලැබූවෙකුට එය යටපත් කළ හැකි නොවේදැ’යි, මෙසේ කරුණු දැක්විය හැකිය. යටපත් කිරීමෙන් පමණක් නොවේ. මගපල ලැබීමෙන්ද නැතිකරන ලද කෙලෙස් නූපදිති. සමවත් ලැබූවන්ට බලවත් හේතු මත කෙලෙස් හටගනී. කෙලෙස් හටගත්විට, දැහැන පිරිහුනු බැවින්, කෙසේ අරූප තලයෙහි කෙසේ උපත වේදැ’යි මතුකළ හැකිය. නොබෝ කලකින්ම නැවත දැහැන උපදවා ගන්නේය. සමවත් ලද තැනැත්තෙකුට, කෙලෙස් ඇතිවූ විට, එය ඉක්මවීමට තරම් බලවත් නොවන බැවින්ද, ‘මෙය පිරිහීමක් දැයි දැනගත නොහැකි බැවින් ද ඒ වෙසෙස් බව යළි පහසුවෙන්ම ලැබ ගනී. අසිත ද එබඳු කෙනෙකි. නො චෙ කුමාරො භවිස්සති අන්තරායො මේ කුමරුන්ට අනතුරක් වේවි ද එයින් අදහස් වේ.
ද්වාදසායං න ඔරකායන්ති අයං ඔරකො පරිත්තො න හොති. උත්තරගාථාය වත්තබ්බං බුද්ධභාවං සන්ධායාහ.
දොළොස්වන ගාථාවෙහි න ධරකායං මේ (කුමාරයා) ලාමක වූ, සුළුකොට තැකිය හැකි තැනැත්තෙකු නොවේ. ඉදිරි ගාථාවෙන් සඳහන් කළයුතු බුදුබව සඳහා එසේ කීය
තෙරසායං සම්බොධියග්ගන්ති සබ්බඤ්ඤුතඤ්ඤාණං. තඤ්හි අවිපරීතභාවෙන සම්මා බුජ්ඣනතො සම්බොධි, කත්ථචි ආවරණාභාවෙන සබ්බඤාණුත්තමතො “අග්ග”න්ති වුච්චති. ඵුසිස්සතීති පාපුණිස්සති. පරමවිසුද්ධදස්සීති නිබ්බානදස්සී. තඤ්හි එකන්තවිසුද්ධත්තා පරමවිසුද්ධං. විත්ථාරිකස්සාති විත්ථාරිකං අස්ස. බ්රහ්මචරියන්ති සාසනං.
දහතුන්වෙනි ගාථාවෙහි සම්බොධියග්ගං සියල්ල දන්නා නුවණයි. කිසිදු අඩුපාඩුවක් නැතිව, මනා සේ අවබෝධ කරගන්නා ලද, කිසියම් තැනකදී පැහැදිලි කොටගත යුතු කිසිදු දෙයක් නොවළහා, පිරිසිඳ දත් හෙයින්, සියළු නුවණින්ම එය උසස් යැයි කියනු ලැබේ. ඵුසිස්සති පැමිණෙන්නේය. පරම විසුද්ධදස්සී නිවන දකින, එය නිසැකවම මනාව දත් බැවින් පරම පිවිතුරුය. විත්ථාරිකස්ස පතළ වූයේය. බ්රහ්මචරියං සසුන,
චුද්දසායං අථන්තරාති අන්තරායෙව අස්ස, සම්බොධිප්පත්තිතො ඔරතො එවාති වුත්තං හොති. න සොස්සන්ති න සුණිස්සං. අසමධුරස්සාති අසමවීරියස්ස. අට්ටොති ආතුරො. බ්යසනං ගතොති සුඛවිනාසං පත්තො. අඝාවීති දුක්ඛිතො, සබ්බං දොමනස්සුප්පාදමෙව සන්ධායාහ. දොමනස්සෙන හි සො ආතුරො. තඤ්චස්ස සුඛබ්යසනතො බ්යසනං, සුඛවිනාසනතොති වුත්තං හොති. තෙන ච සො චෙතසිකඅඝභූතෙන අඝාවී.
අථන්තරා අනතුරු දහහතරක්, ඒවා සම්බුදුබවට පත්වූ තැන් පටන් වළක්වන ලදැයි කියන ලදී. න සොස්සං ඇසීමට නොලබමි. අසමධුරස්ස සමකළ නොහැකි උත්සාහ ඇති, අට්ටො පෙළී, ව්යසනගතො සැපය වනසා ගත්, ආඝාවී දුකට පත්ව, සියළුම දුක් දොම්නස් සඳහා එසේ කීය. ඔහු දොම්නසින් පීඩා විඳියි. එයින් ඔහුගේ සුවය වැනසුණි. එයින් ඔහු දුක් සිතිවිල්ලෙන් සිටී.
පන්නරසායං විපුලං ජනෙත්වානාති විපුලං ජනෙත්වා. අයමෙව වා පාඨො. නිග්ගමාති නිග්ගතො. එවං නිග්ගතො ච සො භාගිනෙය්‍යං සයන්ති සකං භාගිනෙය්‍යං, අත්තනො භගිනියා පුත්තන්ති වුත්තං හොති. සමාදපෙසීති අත්තනො අප්පායුකභාවං ඤත්වා කනිට්ඨභගිනියා ච පුත්තස්ස නාලකස්ස මාණවකස්ස උපචිතපුඤ්ඤතං අත්තනො බලෙන ඤත්වා “වුඩ්ඪිප්පත්තො පමාදම්පි ආපජ්ජෙය්යා”ති නං අනුකම්පමානො භගිනියා ඝරං ගන්ත්වා “කහං නාලකො”ති. “බහි, භන්තෙ, කීළතී”ති. “ආනෙථ න”න්ති ආණාපෙත්වා තඞ්ඛණංයෙව තාපසපබ්බජ්ජං පබ්බාජෙත්වා සමාදපෙසි ඔවදි අනුසාසි. කථං? “බුද්ධොති ඝොසං…පෙ… බ්‍රහ්මචරිය”න්ති සොළසමගාථමාහ.
පහළොස්වන ගාථාවෙහි විපුල ජනෙත්වා සතුට දනවා, නිරගමා නික්ම ගියේය. එසේ නික්මගිය ඔහු, භාගිනෙය්‍යං සයං තමාගේ බෑණනුවන්ට, තම සොහොයුරියගේ පුතාට, සමාදපෙස තමා සුළු කාලයක් ජීවත්වන බව දැන, කණිටු සොහොයුරියගේ පුත් නාලක නම් තරුණයා පින් රැස්කොට ඇති බව තම බලයෙන් දැන, (ඔහු) වැඩිවියට පත්වීමේදී පමාවනු ඇතැ’යි ඔහුට අනුකම්පමානො, සොහොයුරියගේ ගෙට ගොස්, ‘නාලක කොහිදැ’යි (අසා) ‘හිමියනි, පිටත කෙළිලොල්ව ගතකරයි’ (කී විට) ‘ඔහු කැඳවා එව’යි ගෙන්වා ගෙන, අණ දී, එකෙණෙහිම තවුස් පැවිද්දෙන් පැවිදි කරවා, වත් පිළිවෙත්හි සමාදන් කරවීය, අවවාද කළේය, කෙසේද? බුද්ධොති ඝොසං -පෙ බ්රහ්මචරියං යනුවෙනි.
තත්ථ යද පරතොති යදා පරතො. ධම්මමග්ගන්ති පරමධම්මස්ස නිබ්බානස්ස මග්ගං, ධම්මං වා අග්ගං සහ පටිපදාය නිබ්බානං. තස්මින්ති තස්ස සන්තිකෙ. බ්රහ්මචරියන්ති සමණධම්මං.
එහි යද පරතො යම් දවසක වෙනත් කෙනෙකුගෙන්, ධම්මග්ගං නියම දහමෙහි නිවණට මඟ, දහම හෝ අග්ගං පිළිසිඹියා සමග නිවන, තස්මිං ඔහුගේ (ඒ උතුම් තැනැත්තාගේ) සමීපයෙහි, බ්රහ්මචරියං මහණදම්,
සත්තරසායං තාදිනාති තස්සණ්ඨිතෙන, තස්මිං සමයෙ කිලෙසවික්ඛම්භනෙ සමාධිලාභෙ ච සති වික්ඛම්භිතකිලෙසෙන සමාහිතචිත්තෙන චාති අධිප්පායො. අනාගතෙ පරමවිසුද්ධදස්සිනාති “අයං නාලකො අනාගතෙ කාලෙ භගවතො සන්තිකෙ පරමවිසුද්ධං නිබ්බානං පස්සිස්සතී”ති එවං දිට්ඨත්තා සො ඉසි ඉමිනා පරියායෙන “අනාගතෙ පරමවිසුද්ධදස්සී”ති වුත්තො. තෙන අනාගතෙ පරමවිසුද්ධදස්සිනා. උපචිතපුඤ්ඤසඤ්චයොති පදුමුත්තරතො පභුති කතපුඤ්ඤසඤ්චයො. පතික්ඛන්ති ආගමයමානො. පරිවසීති පබ්බජිත්වා තාපසවෙසෙන වසි. රක්ඛිතින්ද්රියොති රක්ඛිතසොතින්ද්රියො හුත්වා. සො කිර තතො පභුති උදකෙ න නිමුජ්ජි “උදකං පවිසිත්වා සොතින්ද්රියං විනාසෙය්ය, තතො ධම්මස්සවනබාහිරො භවෙය්ය”න්ති චින්තෙත්වා.
දහහත්වන ගාථාවෙහි තදිනා මනාව සිත පිහිටියා වූ, එවිට කෙලෙස් යටපත් කිරීමෙහි සමාධිය ලැබීමද ඇති කල, කෙලෙස් යටපත්ව, සිත සන්සුන් වේ යැයි අදහසය. අනාගතෙ පරමවිසුද්ධදස්සිනා මේ නාලක අනාගතයෙහි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පරම පිවිතුරු වූ නිවන දකින්නේ යැයි සනිටුහන් කළ ඒ අසිත ඉසිවරයා මේ ආකාරයෙන් අනාගතයෙහි පරම පිවිතුරු බව දැක්කේ යැයි කියන ලදී. එයින් ඔහුද අනාගතයෙහි ඒ උතුම් පිවිතුරු බව දකින්නේය. උපචිත පුඤ්ඤ සඤ්චයො පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් කරන ලද පින් රැස් කිරීම්, පතික්ඛං බලාපොරොත්තුවෙන්, පරිවසී පැවිදිව තවුස් වෙසින් විසීය. රක්ඛිතින්ද්රියො සවන් නම් වූ ඉන්ද්රිය රැකගෙන, ‘වතුරට පිවිස, කන නමැති ඉන්ද්රිය වැනසුනහොත්, දහම් ඇසීමට නොලැබේ’ යැයි සිතා, එතැන් පටන් දියෙහි ගිලුනේ නැත.
අට්ඨාරසායං සුත්වාන ඝොසන්ති සො නාලකො එවං පරිවසන්තො අනුපුබ්බෙන භගවතා සම්බොධිං පත්වා බාරාණසියං ධම්මචක්කෙ පවත්තිතෙ තං “භගවතා ධම්මචක්කං පවත්තිතං, සම්මාසම්බුද්ධො වත සො භගවා උප්පන්නො”තිආදිනා නයෙන ජිනවරචක්කවත්තනෙ පවත්තඝොසං අත්තනො අත්ථකාමාහි දෙවතාහි ආගන්ත්වා ආරොචිතං සුත්වා. ගන්ත්වාන දිස්වා ඉසිනිසභන්ති සත්තාහං දෙවතාහි මොනෙය්යකොලාහලෙ කයිරමානෙ සත්තමෙ දිවසෙ ඉසිපතනං ගන්ත්වා “නාලකො ආගමිස්සති, තස්ස ධම්මං දෙසෙස්සාමී”ති ඉමිනා ච අභිසන්ධිනා වරබුද්ධාසනෙ නිසින්නං දිස්වා නිසභසදිසං ඉසිනිසභං භගවන්තං. පසන්නොති සහ දස්සනෙනෙව පසන්නචිත්තො හුත්වා. මොනෙය්යසෙට්ඨන්ති ඤාණුත්තමං, මග්ගඤාණන්ති වුත්තං හොති. සමාගතෙ අසිතාව්හයස්ස සාසනෙති අසිතස්ස ඉසිනො ඔවාදකාලෙ අනුප්පත්තෙ. තෙන හි – “යදා විවරති ධම්මමග්ගං, තදා ගන්ත්වා සමයං පරිපුච්ඡමානො චරස්සු තස්මිං භගවති බ්‍රහ්මචරිය”න්ති අනුසිට්ඨො, අයඤ්ච සො කාලො. තෙන වුත්තං – “සමාගතෙ අසිතාව්හයස්ස සාසනෙ”ති. සෙසමෙත්ථ පාකටමෙව.
දහඅටවන ගාථාවෙහි සුත්වාන ඝොසං ඒ නාලක තවුසා මෙසේ වාසය කරන අතර, අනුපිළිවෙලින් සම්බුදු බවට පත් භාග්‍යවතුන් වහන්සේ, බරණැස දී දම්සක් පැවැත්වූ කල, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් සක පවත්වන ලදී. නිසැකවම භගවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ (ලොව) පහළ වූහ’යි ආදී ලෙසින් ජිනවරචක්ක වත්තනෙ තමන්ට හිතසුව කැමති දේවතාවුන් පැමිණ සැලකරන ලද කරුණු අසා, ගනත්‍වාන දිස්වා ඉසිනිසභං දේවතාවුන් විසින් සත්දවසක් මොනෙය්‍ය කෝලාහලය පවත්වනු ලබද්දී, සත්වන දිනයෙහි ඉසිපතනයට ගොස් ‘නාලක (මෙහි) පැමිණෙන්නේය. ඔහුට දහම් දෙසන්නෙමි’යි මෙසේ සුදුසු පරිදි සළකා උතුම් බුදු අස්නෙහි වැඩසිටි ඉසිවරුන් අතර ද උසස්තම වූ භගවත් හිමි දැක, පසන්නො දකිනවිටම පහන් සිතින් යුතුව, මොනෙය්‍ය සෙට්ඨං උතුම් නුවණ, සිවුසස් දැනීමේ මග-නුවණ යැයි කියන ලදී. සමාගතෙ අසිතව්හයස්ස සාසනෙ අසිත ඉසිවරයාගේ අවවාදය අනුව කටයුතු කිරීමට කාලය පැමිණි කල්හි, අසිත ඉසිවරයා විසින් ‘දහම් මග හෙළිදරව් වන කාලයේදී, එහි ගොස්, ඒ ගැන විමසා, භාග්‍යවතුන් වහන්සේ උදෙසා බඹසර හැසිරෙව’යි (නාලකට) අවවාද කරන ලදී. මේ එයට කාලයයි. එහෙයින්, අසිත ඉසිවරයාගේ දැනුම් දීම අනුව පිළිපැදිය යුතු කල් පැමිණියේ යැයි කියන ලදී. ඉතිරි කරුණු පැහැදිලිය.
අයං තාව වත්ථුගාථාවණ්ණනා.
මීළඟට විමසනු ලබන කරුණට අදාල ගාථා පදවල අරුත් විවරණයි.
පුච්ඡාගාථාද්වයෙ අඤ්ඤාතමෙතන්ති විදිතං මයා එතං. යථාතථන්ති අවිපරීතං. කො අධිප්පායො? යං අසිතො “සම්බොධියග්ගං ඵුසිස්සතායං කුමාරො”ති ඤත්වා “බුද්ධොති ඝොසං යද පරතො සුණොසි, සම්බොධිප්පත්තො විවරති ධම්මමග්ග”න්ති මං අවච, තදෙතං මයා අසිතස්ස වචනං අජ්ජ භගවන්තං සක්ඛිං දිස්වා “යථාතථමෙවා”ති අඤ්ඤාතන්ති. තං තන්ති තස්මා තං. සබ්බධම්මාන පාරගුන්ති හෙමවතසුත්තෙ වුත්තනයෙන ඡහි ආකාරෙහි. සබ්බධම්මානං පාරගතං.
කරුණු විමසන ලද්දේ ගාථා දෙකකිනි. අඤ්ඤාතමෙතං මා එය දැනගන්නා ලදී. යථාතථං නොවෙනස්ව, එහි අදහස කුමක්ද? අසිත ඉසිවරයා ‘මේ කුමරු උතුම් සම්බුදුබව ලබන්නේ’ යැයි දැන, ‘බුද්ධ’ යන හඬ වෙනත් කෙනෙකුගෙන් යම්දිනක අසහිද, (එවිට) සම්බුදුවරයාණන් වෙත පැමිණ, දහම් මග හැසිරෙන්න’ යැයි මට කී අයුරු පිලිපැදීමට කාලයයි. අසිතස්ස වචනං ‘මා ඒ වචනයට අනුව පැමිණ ඇත. අද භාග්‍යවතුන් වහන්සේ ඇස් පනාපිටම දැක, පැමිණිය යුතු තැනට ආවෙමි’යි දැනගතිමි. තං තං එහෙයින් එය, සබ්බධම්මාන පාරගුං හේමවත සූත්‍රයෙහි කියන ලද පරිදි සය ආකාරයෙන් සියළු දෙයින්ම පරතෙරට ගිය,
අනගාරියුපෙතස්සාති අනගාරියං උපෙතස්ස, පබ්බජිතස්සාති අත්ථො. භික්ඛාචරියං ජිගීසතොති අරියෙහි ආචිණ්ණං අනුපක්කිලිට්ඨං භික්ඛාචරියං පරියෙසමානස්ස. මොනෙය්යන්ති මුනීනං සන්තකං. උත්තමං පදන්ති උත්තමපටිපදං. සෙසමෙත්ථ පාකටමෙව.
අනගාරියුපෙතස්ස ගිහිගෙයින් නික්මුණු තැනැත්තකුට, පැවිදි වූවෙකුට යන තේරුමයි. භික්ඛාචරියං ජිගිංසතො බුදුවරුන් ආදී උතුමන් විසින් පුරුදු කරන ලද නොකිලිටි පිණ්ඩපාතයෙහි යෙදෙන පැවිද්දාට, මොනෙය්‍ය මුනිවරයන්ට අයත්, උත්තම පදං උතුම් පිළිවෙත ඉතිරි වචන අරුත් පැහැදිලිය.
අථස්ස එවං පුට්ඨො භගවා “මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්ස”න්තිආදිනා නයෙන මොනෙය්යපටිපදං බ්යාකාසි. තත්ථ උපඤ්ඤිස්සන්ති උපඤ්ඤාපෙය්යං, විවරෙය්යං පඤ්ඤාපෙය්යන්ති අත්ථො. දුක්කරං දුරභිසම්භවන්ති කාතුඤ්ච දුක්ඛං කයිරමානඤ්ච සම්භවිතුං සහිතුං දුක්ඛන්ති වුත්තං හොති. අයං පනෙත්ථ අධිප්පායො – අහං තෙ මොනෙය්‍යං පඤ්ඤාපෙය්යං, යදි නං කාතුං වා අභිසම්භොතුං වා සුඛං භවෙය්ය, එවං පන දුක්කරං දුරභිසම්භවං පුථුජ්ජනකාලතො පභුති කිලිට්ඨචිත්තං අනුප්පාදෙත්වා පටිපජ්ජිතබ්බතො. තථා හි නං එකස්ස බුද්ධස්ස එකොව සාවකො කරොති ච සම්භොති චාති.
නාලක තවුසා විසින් විචාරන ලද පරිදි භාග්‍යවතුන් වහන්සේ මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්සං ආදී ලෙසින් මුනිවරයකුගේ පිළිවෙත පැහැදිලි කළහ. උපඤ්ඤිස්සං අනුදැන කියමි. විවරණය කරමි. පණවමි යන තේරුමයි. දුක්කරං දුරභි සම්භවං කිරීමට ද අපහසු. දුක් ගෙනදෙන, අනුගමනය කිරීමේදී එහි යෙදෙනවිට ද) දුක් ලැබෙන, ඒ දුක ඉවසා දරා ගැනීමද දුක බව කියන ලදී. එසේ කීමෙහි අදහස මෙයයි. ‘මම ඔබට මුනි පිළිවෙත පණවන්නෙම් නම්, එය පිළිපැදීමේදී හෝ මනාව එහි යෙදීමෙන් යහපතක් වන්නේය. එසේම එය අපහසුය. මගපල නොලද තැන සිටම කෙලෙස් සිතක් උපදවා නොගනිමින්, පිළිපැදිය යුතුමය. එසේ නාලක එක බුදුවරයකුගේ එක් සව්වෙකු බවට පත් කරයි. එම පිළිවෙතෙහි යොමු කරයි.
එවං භගවා මොනෙය්යස්ස දුක්කරභාවං දුරභිසම්භවතඤ්ච දස්සෙන්තො නාලකස්ස උස්සාහං ජනෙත්වා තමස්ස වත්තුකාමො ආහ “හන්ද තෙ නං පවක්ඛාමි, සන්ථම්භස්සු දළ්හො භවා”ති. තත්ථ හන්දාති බ්යවසායත්ථෙ නිපාතො. තෙ නං පවක්ඛාමීති තුය්හං තං මොනෙය්‍යං පවක්ඛාමි. සන්ථම්භස්සූති දුක්කරකරණසමත්ථෙන වීරියූපත්ථම්භෙන අත්තානං උපත්ථම්භය. දළ්හො භවාති දුරභිසම්භවසහනසමත්ථාය අසිථිලපරක්කමතාය ථිරො හොති. කිං වුත්තං හොති? යස්මා ත්වං උපචිතපුඤ්ඤසම්භාරො, තස්මාහං එකන්තබ්යවසිතොව හුත්වා එවං දුක්කරං දුරභිසම්භවම්පි සමානං තුය්හං තං මොනෙය්‍යං පවක්ඛාමි, සන්ථම්භස්සු දළ්හො භවාති.
භාග්‍යවතුන් වහන්සේ මුනි පිළිවෙතෙහි අපහසුතාව හා පහසුවෙන් ළංවිය නොහැකි බව පෙන්වා දෙමින්, නාලක තවුසා උත්සාහවත් කොට, ‘හන්ද තෙ නං පවක්ඛාමි සත්ථම්භස්සු දළ්හො භව’ යැයි වදාළහ. හන්ද යම් දෙයකට යෙදවීමෙහි, යම් දෙයකට පොළඹවීමෙහි අරුත් ඇති නිපාතයකි. තෙ නං පවක්ඛාමි ඔබට ඒ මුනිවරයාගේ පිළිවෙත පවසමි. සත්ථම්භස්සු එවැනි අපහසු දේ කිරීමට හැකිවීමෙන්ද, උත්සාහ ඇතිකර ගැනීමෙන් ද තමන්ට උපකාර කරගනුව. දළ්හො භව ලඟාකර ගැනීමට පහසු නොවන හෙයින්, ඒ සඳහා ඉවසීමෙන් යුතුව, ලිහිල් නොවූ, දැඩි උත්සාහයෙන් නොවෙනස්ව කටයුතු කරව. එයින් කුමක් කීවේද? ඔබ පෙර රැස්කරන ලද පින් ඇත්තෙකි. අපහසු වූ, පහසුවෙන් ලද නොහැකි ඒ මුනි පිළිවෙත ඔබට මෙසේ පවසමි. එහෙයින් නිසැකවම එහි යෙදෙමින් උත්සාහ වඩව.
එවං පරමසල්ලෙඛං මොනෙය්යවත්තං වත්තුකාමො නාලකං සන්ථම්භනෙ දළ්හීභාවෙ ච නියොජෙත්වා පඨමං තාව ගාමූපනිබද්ධකිලෙසප්පහානං දස්සෙන්තො “සමානභාග”න්ති උපඩ්ඪගාථමාහ. තත්ථ සමානභාගන්ති සමභාගං එකසදිසං නින්නානාකරණං. අක්කුට්ඨවන්දිතන්ති අක්කොසඤ්ච වන්දනඤ්ච.
මෙසේ කෙලෙස් දුරුවන, උතුම් මුනි පිළිවෙත පහදා දෙනු කැමතිව, නාලක තවුසා උත්සාහවත් කොට, දැඩි ලෙස එහි යොදවීමට මුලදීම ගම (හෙවත් තමන් හා සමාජය) හා බැඳුණු විට ඇතිවන කෙලෙස් නැතිකිරීම ගැන සමානභාගං යන ගාථා දෙපදය කීහ. සමානභාගං සම කොටස, එක හා සමාන, කරුණු වෙනස් නොවන, අක්කුට්ඨ වන්දිතං නින්දා අපහාසද, වැඳීමද,
ඉදානි යථා තං සමානභාගං කයිරති, තං උපායං දස්සෙන්තො “මනොපදොස”න්ති උපඩ්ඪගාථමාහ. තස්සත්ථො – අක්කුට්ඨො මනොපදොසං රක්ඛෙය්ය, වන්දිතො සන්තො අනුණ්ණතො චරෙ, රඤ්ඤාපි වන්දිතො සමානො “මං වන්දතී”ති උද්ධච්චං නාපජ්ජෙය්ය.
දැන් එය සමානව සළකා ගතයුතු බව දක්වයි. එයට සුදුසු වන පරිදි මනොපදොසං ආදී ගාථා දෙපදය කීහ. එහි අරුත නම්, කෝප නොවී මනොපදොසං රක්ඛෙය්ය, වැඳුම් ලබද්දී, සන්තො අනුන්නතො චරෙ රජු විසින් වඳිනු ලබන විටද, ‘මට රජතුමාද වඳී’ යයි උඩඟු නො වන්නේ ය.
ඉදානි අරඤ්ඤූපනිබද්ධකිලෙසප්පහානං දස්සෙන්තො “උච්චාවචා”ති ගාථමාහ. තස්සත්ථො – අරඤ්ඤසඤ්ඤිතෙ දායෙපි ඉට්ඨානිට්ඨවසෙන උච්චාවචා නානප්පකාරා ආරම්මණා නිච්ඡරන්ති, චක්ඛාදීනං ආපාථමාගච්ඡන්ති, තෙ ච ඛො අග්ගිසිඛූපමා පරිළාහජනකට්ඨෙන. යථා වා ඩය්හමානෙ වනෙ අග්ගිසිඛා නානප්පකාරතාය උච්චාවචා නිච්ඡරන්ති, සධූමාපි, විධූමාපි, නීලාපි, පීතාපි, රත්තාපි, ඛුද්දකාපි, මහන්තාපි, එවං සීහබ්යග්ඝමනුස්සාමනුස්සවිවිධවිහඞ්ගවිරුතපුප්ඵඵලපල්ලවාදිභෙදවසෙන නානප්පකාරතාය දායෙ උච්චාවචා ආරම්මණා නිච්ඡරන්ති භිංසනකාපි, රජනීයාපි, දොසනීයාපි, මොහනීයාපි. තෙනාහ – “උච්චාවචා නිච්ඡරන්ති, දායෙ අග්ගිසිඛූපමා”ති. එවං නිච්ඡරන්තෙසු ච උච්චාවචෙසු ආරම්මණෙසු යා කාචි උය්යානවනචාරිකං ගතා සමානා පකතියා වා වනචාරිනියො කට්ඨහාරිකාදයො රහොගතං දිස්වා හසිතලපිතරුදිතදුන්නිවත්ථාදීහි නාරියො මුනිං පලොභෙන්ති, තා සු තං මා පලොභයුං, තා නාරියො තං මා පලොභයුං. යථා න පලොභෙන්ති, තථා කරොහීති වුත්තං හොති.
මීළඟට වනයෙහි විසීමේදී හටගැනෙන කෙලෙස් නැතිකිරීම දක්වමින් උච්චාවාචා යන ගාථාව කීහ. එහි අරුත නම්, කැලෑව ලෙස හඳුන්වන තැන්හි දාසෙපි ඉටු අනිටු ලෙසින් නොයෙක් ආකාර අරමුණු, නිච්ඡරන්ති ඇස් ආදී ඉඳුරන් හමුවට පැමිණෙති. ඒවා අග්ගිසිඛූපමා දැවීම ඇතිකරන අයුරින්, කැලෑව දවනු ලබන ගිනිදළු නොයෙක් අයුරින්, උස් පහත් ලෙසද දුම් සහිතවද, දුම් රහිතවද, නිල්, කහ, රත් පැහැයෙන්ද සුළුවෙන්ද, මහත්වද නැගේ. මෙසේ සිංහ, වග, මිනිස් හඬ හා නොයෙක් කුරුළු නාද, මල්, පල, දළු ආදී නොයෙක් ආකාරයෙන් බියජනක ලෙසින්ද ඇළුම් කරන ලෙසින් ද, කෝපය ඇතිවන අයුරින් හා මුළාවන අයුරින්ද අරමුණු හමුවෙයි. එහෙයින් වනයෙහි ඇතිවන ලැව්ගිනි සිළුවෙහි නොයෙක් අරමුණු ඇතිවේයැයි කීහ. මෙසේ නොයෙක් ආකාර අරමුණු හමුවනවිට, වනසිරි දැකීමට පැමිණි හෝ, එහි වෙසෙන වනලියන් හෝ, දර කඩාගෙන යන ලියන් හෝ, තනිව හිඳිනු දැක, සිනාවෙන්, කතාවෙන් හඬක් නැගීමෙන්, ඇඳුම් විවරකොට දැක්වීම් ආදියෙන් නාරියො මුනිං පලොභෙන්ති ඒ කාන්තාවෝ මට පෙළඹවීම් හෝ ආසා පහළ කිරීමක් හෝ නොකරත්වා! එසේ පෙළඹීම ඇති නොවන ලෙසට කටයුතු කරව. තාසුතංමා පලොභයුං යැයි කීහ.
එවමස්ස භගවා ගාමෙ ච අරඤ්ඤෙ ච පටිපත්තිවිධිං දස්සෙත්වා ඉදානි සීලසංවරං දස්සෙන්තො “විරතො මෙථුනා ධම්මා”ති ගාථාද්වයමාහ. තත්ථ හිත්වා කාමෙ පරොපරෙති මෙථුනධම්මතො අවසෙසෙපි සුන්දරෙ ච අසුන්දරෙ ච පඤ්ච කාමගුණෙ හිත්වා. තප්පහානෙන හි මෙථුනවිරති සුසම්පන්නා හොති. තෙනාහ – “හිත්වා කාමෙ පරොපරෙ”ති. අයමෙත්ථ අධිප්පායො. “අවිරුද්ධො”තිආදීනි පන පදානි “න හනෙය්‍ය, න ඝාතයෙ”ති එත්ථ වුත්තාය පාණාතිපාතාවෙරමණියා සම්පත්තිදස්සනත්ථං වුත්තානි. තත්රායං සඞ්ඛෙපවණ්ණනා – පරපක්ඛියෙසු පාණෙසු අවිරුද්ධො, අත්තපක්ඛියෙසු අසාරත්තො, සබ්බෙපි සතණ්හනිත්තණ්හතාය තසථාවරෙ පාණෙ ජීවිතුකාමතාය අමරිතුකාමතාය සුඛකාමතාය දුක්ඛපටිකූලතාය ච “යථා අහං තථා එතෙ”ති අත්තසමානතාය තෙසු විරොධං විනෙන්තො තෙනෙව පකාරෙන “යථා එතෙ තථා අහ”න්ති පරෙසං සමානතාය ච අත්තනි අනුරොධං විනෙන්තො එවං උභයථාපි අනුරොධවිරොධවිප්පහීනො හුත්වා මරණපටිකූලතාය අත්තානං උපමං කත්වා පාණෙසු යෙ කෙචි තසෙ වා ථාවරෙ වා පාණෙ න හනෙය්‍ය සාහත්ථිකාදීහි පයොගෙහි, න ඝාතයෙ ආණත්තිකාදීහීති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගමෙහි ද, කැලෑවෙහි ද පිලිවෙත් විධි නාලක තවුසාට සඳහන් කොට, මීළඟට සීල සංවරය ගැන විරතො මෙථුනා ධම්මාති ආදී ලෙසින් ගාථා දෙකක් වදාළහ. හිත්වා කාමෙ පරාවරෙ ලිංගික කායික සබඳතා මෙන්ම, අනෙක් සොඳුරු වූත්, අයහපත් වූත් පස්කම් හැරදමා, එසේ ඒවායින් ඈත්වීමෙන්ම මෙවුන්දමින්ද ඉවත් වූයේ ද වේ. එහෙයින් කාම සේවනය හැරදමා යනුවෙන් කීහ. තරහ නොමැති බව යැයි කියා ඇති පරිදි ‘නො නසන්නේ ය, නො මරන්නේ ය’ මෙහි සඳහන් වීමේදී, පණ ඇති ජීවීන් නැසීමෙන් වැළකීමේ වැදගත්, උතුම් බව පැහැදිලි වේ. මේ එහි කෙටි විස්තරයයි. බාහිර වූ අනෙක් ජීවීන් කෙරෙහි පාණෙසූ, අවිරුද්ධො, අසාරත්තො ආසා ඇති සියල්ලන් කෙරෙහිම තණ්හා ආසා හැරදමා, තසථාවරෙ ‘මා මෙන්ම අනෙක් සියලු ජීවීහූ, ජීවත්වනු කැමතිවූද, නොමැරෙනු කැමති වූද, සැපයට කැමති වූද දුක පිළිකුල් කරන්නාහ. මෙසේ තමා හා සමාන කොට ඔවුන් කෙරෙහි තරහක් නොසිතා, ඒ ආකාරයෙන් යථා එතෙ තථා අහං අනුන් හා සමානකොට, තමා කෙරෙහිද තරහ අවහිරතා වළක්වමින්, දෙකොටසටම විරෝධතා අවහිර නැතිව, මරණය නොකැමතිව අත්තානං උපමං කත්වා තැතිගන්නා සුළු හෝ තැති නොගන්නා වූ සියළුම ජීවීන් න හනෙය්‍ය අත්වලින් ආදී ලෙස (දඬමුගුරු ආදිය ගෙන) න ඝාතයෙ අණදීමකින් හෝ නො කරන්නේ ය.
එවමස්ස මෙථුනවිරතිපාණාතිපාතවිරතිමුඛෙන සඞ්ඛෙපතො පාතිමොක්ඛසංවරසීලං වත්වා “හිත්වා කාමෙ”තිආදීහි ඉන්ද්රියසංවරඤ්ච දස්සෙත්වා ඉදානි ආජීවපාරිසුද්ධිං දස්සෙන්තො “හිත්වා ඉච්ඡඤ්චා”තිආදිමාහ. තස්සත්ථො – යායං තණ්හා එකං ලද්ධා දුතියං ඉච්ඡති, ද්වෙ ලද්ධා තතියං, සතසහස්සං ලද්ධා තදුත්තරිම්පි ඉච්ඡතීති එවං අප්පටිලද්ධවිසයං ඉච්ඡනතො “ඉච්ඡා”ති වුච්චති, යො චායං පටිලද්ධවිසයලුබ්භනො ලොභො. තං හිත්වා ඉච්ඡඤ්ච ලොභඤ්ච යත්ථ සත්තො පුථුජ්ජනො, යස්මිං චීවරාදිපච්චයෙ තෙහි ඉච්ඡාලොභෙහි පුථුජ්ජනො සත්තො ලග්ගො පටිබද්ධො තිට්ඨති, තත්ථ තං උභයම්පි හිත්වා පච්චයත්ථං ආජීවපාරිසුද්ධිං අවිරොධෙන්තො ඤාණචක්ඛුනා චක්ඛුමා හුත්වා ඉමං මොනෙය්යපටිපදං පටිපජ්ජෙය්ය. එවඤ්හි පටිපන්නො තරෙය්ය නරකං ඉමං, දුප්පූරණට්ඨෙන නරකසඤ්ඤිතං මිච්ඡාජීවහෙතුභූතං ඉමං පච්චයතණ්හං තරෙය්ය, ඉමාය වා පටිපදාය තරෙය්යාති වුත්තං හොති.
මෙසේ කායික-ලිංගික සබඳතා හා පරපණ නැසීමෙන් වෙන්වීම ගැනද, පාමොක් සීලය ගැනද නාලක තවුසාට. කෙටියෙන් දක්වා, හිත්වා කාමෙ ලෙසින් ඉඳුරන් සංවරයද පෙන්වා, මීළඟට පිරිසිදු දිවිපැවැත්ම විස්තර කිරීමට හිත්වා ඉච්ඡඤ්ච යන ගාථාව කීහ. එහි අරුත මෙයයි. ‘මේ තණ්හාව වූ කලී එක් දෙයක් ලැබුණු විට දෙකක් ලැබීමට කැමති බව ඇතිකරයි. දෙකක් ලැබුණවිට තුනක් ද, සියදහසක් ලැබී, ඊටත් වැඩියෙන් ලබාගැනීමේ කැමැත්තයි. මෙසේ නොලැබෙන දෙයෙහි කැමතිවීම ඉච්ඡා යැයි කියනු ලැබේ. එසේ ලැබුන දෙයෙහි, දැඩිව මසුරුව ඇළුම් කෙරේද, ඒ ලෝභයයි. හිත්වා ඉච්ඡඤ්ච ලොභඤ්ච, යත්ථ සත්තො පුථුජ්ජනො සිවුරු ආදී සිවුපසයෙහි කෙලෙස් දුරුනොකළ තැනැත්තෙක්, එහි කැමැත්තෙන් හා ආසාවෙන් ඇලී ගැලී, ඒ හා බැඳී සිටියද ඒ ආසාව හා ලෝභය අත්හැර, සිවුපසය සඳහා යහපත් හැසිරීම් පිළිවෙත් පිළිපදිමින්, වෙනස් නොවෙමින්, නුවණ නැමති ඇසින් චක්ඛුමා යුතුව මෙම මොනෙය්‍ය පිළිවෙත පටිපජ්ජෙය්ය මෙසේ පිළිපදින තැනැත්තා තරෙය්ය නරකං ඉමං දුසිරිත පිරෙන බැවින් නරක යැයි හඳුනාගෙන ඇති වැරදි දිවි පෙවෙතට හේතුවන තණ්හාව ඉවත් කරන්නේ නම්, එසේ කළයුත්තේ මේ පිළිවෙතින් බව කියන ලදී.
එවං පච්චයතණ්හාපහානමුඛෙන ආජීවපාරිසුද්ධිං දස්සෙත්වා ඉදානි භොජනෙ මත්තඤ්ඤුතාමුඛෙන පච්චයපරිභොගසීලං තදනුසාරෙන ච යාව අරහත්තප්පත්ති, තාව පටිපදං දස්සෙන්තො “ඌනූදරො”ති ගාථමාහ. තස්සත්ථො – ධම්මෙන සමෙන ලද්ධෙසු ඉතරීතරචීවරාදීසු පච්චයෙසු ආහාරං තාව ආහාරෙන්තො –
මෙසේ සිවුපසයෙහි තණ්හාව නැති කිරීමෙන්, පිරිසිදු හැසිරීම් රටාව පෙන්වා දී ආහාරයෙහි පමණ දැන හික්මීමට ද ඒ අනුසාරයෙන් අරහත් ඵලය දක්වා වූ පිළිවෙත ඌනූදරො යන ගාථාවෙන් පැහැදිළි කළහ. එහි අරුත නම්, දැහැමෙන් සෙමෙන් ලද සිවුරු ආදී කිසියම් සිවුපසය අතුරෙන් ආහාරය ගැනීමේදී
“චත්තාරො පඤ්ච ආලොපෙ, අභුත්වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත්තස්ස භික්ඛුනො”ති. (ථෙරගා· 983) –
චත්තාරො පඤ්ච ආලොපෙ අභුත්වා උදකං පිවෙ අලං ඵාසුවිහාරය පහිත්තස්ස භික්ඛුනො
‘බත්පිඬු සතරක් පහක් නොවළඳා වතුර බොව, එය (නිවන සඳහා) බවුන් වඩන පැවිද්දකුගේ පහසු විහරණයට හේතුවේ’
වුත්තනයෙන ඌනඋදරො අස්ස, න වාතභරිතභස්තා විය උද්ධුමාතුදරො, භත්තසම්මදපච්චයා ථිනමිද්ධං පරිහරෙය්යාති වුත්තං හොති. ඌනූදරො හොන්තොපි ච මිතාහාරො අස්ස භොජනෙ මත්තඤ්ඤූ, “නෙව දවායා”තිආදිනා පච්චවෙක්ඛණෙන ගුණතො දොසතො ච පරිච්ඡින්නාහාරො. එවං මිතාහාරො සමානොපි පච්චයධුතඞ්ගපරියත්තිඅධිගමවසෙන චතුබ්බිධාය අප්පිච්ඡතාය අප්පිච්ඡො අස්ස. එකංසෙන හි මොනෙය්යපටිපදං පටිපන්නෙන භික්ඛුනා එවං අප්පිච්ඡෙන භවිතබ්බං. තත්ථ එකෙකස්මිං පච්චයෙ තීහි සන්තොසෙහි සන්තුස්සනා පච්චයප්පිච්ඡතා. ධුතඞ්ගධරස්සෙව සතො “ධුතවාති මං පරෙ ජානන්තූ”ති අනිච්ඡනතා ධුතඞ්ගප්පිච්ඡතා. බහුස්සුතස්සෙව සතො “බහුස්සුතොති මං පරෙ ජානන්තූ”ති අනිච්ඡනතා පරියත්තිඅප්පිච්ඡතා මජ්ඣන්තිකත්ථෙරස්ස විය. අධිගමසම්පන්නස්සෙව සතො “අධිගතො අයං කුසලං ධම්මන්ති මං පරෙ ජානන්තූ”ති අනිච්ඡනතා අධිගමප්පිච්ඡතා. සා ච අරහත්තාධිගමතො ඔරං වෙදිතබ්බා. අරහත්තාධිගමත්ථඤ්හි අයං පටිපදාති. එවං අප්පිච්ඡොපි ච අරහත්තමග්ගෙන තණ්හාලොලුප්පං හිත්වා අලොලුපො අස්ස. එවං අලොලුපො හි සදා ඉච්ඡාය නිච්ඡාතො අනිච්ඡො හොති නිබ්බුතො, යාය ඉච්ඡාය ඡාතා හොන්ති සත්තා ඛුප්පිපාසාතුරා විය අතිත්තා, තාය ඉච්ඡාය අනිච්ඡො හොති අනිච්ඡත්තා ච නිච්ඡාතො හොති අනාතුරො පරමතිත්තිප්පත්තො. එවං නිච්ඡාතත්තා නිබ්බුතො හොති වූපසන්තසබ්බකිලෙසපරිළාහොති එවමෙත්ථ උප්පටිපාටියා යොජනා වෙදිතබ්බා.
යනුවෙන් කියා ඇති පරිදි ඌන උදරො වේ. සුළං පිරුණු මයිනහමක් මෙන් (ආහාර ගැනීමෙන්) පිපුණු උදරයෙන් නොසිටිය යුතුය. වැඩියෙන් බත් කෑමෙන් ඇතිවන මත සිත් මැලි බවට හේතු වේ. කුසට අඩුවෙන් ආහාර ගත්තද, මිතාහාරො කෑමෙහි තම පමණ දතයුතුය. ‘කෙළි පිණිස නොවේ ආදී මෙනෙහි කිරීමේ විමසුම් ගුණයෙන් යුතුව ආහාරය ගතයුතුය. මෙසේ ආහාරයෙහි පමණ දැනීම මෙන්ම, සිවුපසය, ධුතංග, පරියත්ති, අධිගම යනුවෙන් ලද පමණින් සෑහීමට පත්වීමෙන් අප්පිච්ඡො අස්ස මොනෙය්‍ය පිළිවෙත පිලිපදින මහණුන් විසින් මෙසේ ලද දෙයින් සෑහීමට පත්විය යුතුය. සිවුපසයෙහි එක් එක් දෙයක් ලැබීමේදී ද ලද පමණින් තුන් ආකාරයෙන් සෑහීමට පත්විය යුතු (එය පච්චය අප්පිච්ඡතා වේ.) ධුතංග පිළිපදින්නේ නම්, ‘මා ධූතවාදී යැයි අනුන් දැනගනිත්වා’යි නොකැමති වීම ධුතංග පිළිබඳ සෑහීමට පත්වීමයි. ‘මා බොහෝ ඇසූ පිරූ තැන් ඇතැයි අනුන් දැනගැනීමට කැමති නොවී, දහම් දැනුමෙහි මජ්ඣන්තික තෙරුන් සේ සෑහීමට පත්විය යුතුය. සිතෙහි කිසියම් උසස් බවක් ලැබීමෙන්, ‘මේ යහපත් දහම මා කෙරෙහි ඇතැයි අනුන් දැනගනිත්වා’යි කැමති නොවීම අධිගමයෙහි සෑහීමට පත්වීමයි. එය අරහත් පල ලැබීමෙන් පසුවද ඈත් නොවේ යයි දතයුතුය. මෙය අරහත් පල ලබාගැනීමේ පිළිවෙත හෙයිනි. මෙසේ සැහැල්ලු දිවි පැවැත්මද ඇතිව අරහත් පල මගින් තණ්හා ගිජුබව හැරදමා ඒ ආසා අත්හරියි. ස වෙ ඉච්ඡාය නිච්ඡාතො අනිච්ඡො හොති නිබ්බුතො සා පිපාසාවෙන් පෙළෙන ජීවීන් සේ, යම් දෙයකට කැමැත්තක් ඇතිවීනම්, ඒ කැමැතෙහි සෑහීමට පත්වීමක් නැති. ඒවායෙහි කැමැත්ත (සංසිඳෙනා) කැමැත්තක් නොවේ. ඒ නොසංසිඳෙනා කැමැත්ත ද නැතිකරන ලද බැවින්, (කායික-මානසික) පීඩාවකට නොපැමිණ, පරම සෑහීමට පත්ව, කෙලෙස් දැවිලි සමනය කිරිමෙන් සැනසුනේය. නිවුණේය. මෙසේ විමසීමෙන් මෙහි තේරුම් දතයුතුය.
එවං යාව අරහත්තප්පත්ති, තාවපටිපදං කථෙත්වා ඉදානි තං පටිපදං පටිපන්නස්ස භික්ඛුනො අරහත්තප්පත්තිනිට්ඨං ධුතඞ්ගසමාදානං සෙනාසනවත්තඤ්ච කථෙන්තො “ස පිණ්ඩචාර”න්ති ගාථාද්වයමාහ. තත්ථ ස පිණ්ඩචාරං චරිත්වාති සො භික්ඛු භික්ඛං චරිත්වා භත්තකිච්චං වා කත්වා. වනන්තමභිහාරයෙති අපපඤ්චිතො ගිහිපපඤ්චෙන වනං එව ගච්ඡෙය්ය. උපට්ඨිතො රුක්ඛමූලස්මින්ති රුක්ඛමූලෙ ඨිතො වා හුත්වා. ආසනූපගතොති ආසනං උපගතො වා හුත්වා, නිසින්නොති වුත්තං හොති. මුනීති මොනෙය්යපටිපදං පටිපන්නො. එත්ථ ච “පිණ්ඩචාරං චරිත්වා”ති ඉමිනා පිණ්ඩපාතිකඞ්ගං වුත්තං. යස්මා පන උක්කට්ඨපිණ්ඩපාතිකො සපදානචාරී එකාසනිකො පත්තපිණ්ඩිකො ඛලුපච්ඡාභත්තිකො ච හොතියෙව, තෙචීවරිකපංසුකූලම්පි ච සමාදියතෙව, තස්මා ඉමානිපි ඡ වුත්තානෙව හොන්ති. “වනන්තමභිහාරයෙ”ති ඉමිනා පන ආරඤ්ඤිකඞ්ගං වුත්තං, “උපට්ඨිතො රුක්ඛමූලස්මි”න්ති ඉමිනා රුක්ඛමූලිකඞ්ගං, “ආසනූපගතො”ති ඉමිනා නෙසජ්ජිකඞ්ගං. යථාක්කමං පන එතෙසං අනුලොමත්තා අබ්භොකාසිකයථාසන්ථතිකසොසානිකඞ්ගානි වුත්තානියෙව හොන්තීති එවමෙතාය ගාථාය තෙරස ධුතඞ්ගානි නාලකත්ථෙරස්ස කථෙසි.
මෙසේ අරහත් ඵලයට පත්වීම තෙක් පිළිවෙත මග පවසා දැන් එය පිළිපදිනා මහණුන්ගේ අවසන් පලය වූ අරහත් බවට පත්වීමත්, ධුතංග සමාදානයත් හා සෙනසුන් වත් ද සපිණ්ඩාරං යන ගාථා දෙකකින් කීහ. ස පිණ්ඩචාරං චරිත්වා ඒ මහණ පිඬු පිණිස හැසිර, බත් කිස හෝ කොට, වනන්තමහිහාරයෙ ගිහි ජීවිතයේ කෙලෙස් බැඳීම්වලින් පමානොවී, කැලයටම යන්නේ ය. උපට්ඨිතො රුක්ඛමූලස්මිං රුක්මුල්හි සිටීමෙන් හෝ, ආසනූපගතො අසුනක හිඳ හෝ, මුනි මොනෙය්‍ය පිළිවෙත පිළිපදින, මෙහි පිඬු පිණිස හැසිරේ යැයි සඳහන් කිරීමෙන් (ධුතංග අතර) පිණ්ඩපාතිකංගය ගැන කියන ලදී. (ගෙපිළිවෙලින් ඉතා මැනවින් පිඬු පිණිස හැසිර, එක් අසුනෙහිම හිඳ, පාත්‍රයෙහිම වළඳමින්, ඒකාන්තයෙන් දෙවරක් පිඬු පිණිස නොයා සිටීමෙන්, තුන් සිවුරු දැරීම හා කසල ගොඩක් වැනි තැනකින් සපයාගත් රෙදිවලින් සකස් කරගත් සිවුරක් දැරීමද සමාදන් වන ලද්දේමය. ඒ අනුව ධුතංග සයක් දැක්වේ. වනයෙහිම ගතකිරීම ගැන සඳහන් කිරීමෙන් ආරඤ්ඤකංගය දැක්වේ. ගසක් මුල සිටීමෙන් රුක්ඛමූලිකංගය ද, හිඳගැනීමේ ආසනය සඳහන් කිරිමෙන් නෙසජ්ජිකංගයද - ඒවා පිළිපැදීම අනුව එළිමහනෙහි විසීම, ඇතිරිලි පරිහරණය හා සොහොනෙහි විසීමද යනුවෙන් ධුතාංග දහතුනම, මෙම ගාථාවෙන් නාලක හිමිට වදාළහ.
ස ඣානපසුතො ධීරොති සො අනුප්පන්නස්ස ඣානස්ස උප්පාදනෙන උප්පන්නස්ස ආවජ්ජනසමාපජ්ජනාධිට්ඨානවුට්ඨානපච්චවෙක්ඛණෙහි ච ඣානෙසු පසුතො අනුයුත්තො. ධීරොති ධිතිසම්පන්නො. වනන්තෙ රමිතො සියාති වනෙ අභිරතො සියා, ගාමන්තසෙනාසනෙ නාභිරමෙය්යාති වුත්තං හොති. ඣායෙථ රුක්ඛමූලස්මිං, අත්තානමභිතොසයන්ති න කෙවලං ලොකියජ්ඣානපසුතොයෙව සියා, අපිච ඛො තස්මිංයෙව රුක්ඛමූලෙ සොතාපත්තිමග්ගාදිසම්පයුත්තෙන ලොකුත්තරජ්ඣානෙනාපි අත්තානං අතීව තොසෙන්තො ඣායෙථ. පරමස්සාසප්පත්තියා හි ලොකුත්තරජ්ඣානෙනෙව චිත්තං අතීව තුස්සති, න අඤ්ඤෙන. තෙනාහ – “අත්තානමභිතොසය”න්ති. එවමිමාය ගාථාය ඣානපසුතතාය වනන්තසෙනාසනාභිරතිං අරහත්තඤ්ච කථෙසි.
ස ඣාන පසුතො ධීරො ඒ පිළිවෙත් පුරන පැවිද්දා ලබානොගත් දැහැන් උපදවා ගැනීමෛන් ද, උපදවා ගත් දැහැන් මෙනෙහි කිරිමෙන්, එහි අදිටනින්, එයින් නැගී සිටීමෙන් හා නුවණින් සිහි කිරිමෙන් යුතුව කල්යවයි. ධීරො නුවණින් යුතු, වනන්තෙ රමිතො සියා කැලයෙහි විසීමට කැමති වෙයි. ගම කෙළවර ඇති සෙනසුන්වල ඇලීමක් නැතැයි කියන ලදී. ඣායෙථ රුක්ඛමූලස්මිං අත්තානමභිතො සයං හුදෙක් මෙලොව ජීවිතයට අයත් දැහැන් ලැබීමට පමණක් යොමු නොවේ. එහෙයින්, ඒ සිටින රුක්මුල්හිදීම සෝවාන් ආදී ලොවුතුරු දැහැන්වලින්ද තමන් බොහෝ සතුටුව දැහැන් නතු වෙයි. උතුම් සැනසුමට පත්ද, වෙනත් දැහැනින් නොව, ලොවුතුරු දැහැනින්ම සිත බොහෝ සතුටු වෙයි. එහෙයින් අත්තානමභිතො සයං යැයි කියන ලදී. මෙසේ මේ ගාථාවෙන් දැහැන් වඩමින්, වනගත සෙනසුන්හි ඇලීමත්, අරහත් බවත් කියා ඇත.
ඉදානි යස්මා ඉමං ධම්මදෙසනං සුත්වා නාලකත්ථෙරො වනන්තමභිහාරෙත්වා නිරාහාරොපි පටිපදාපූරණෙ අතීව උස්සුක්කො අහොසි, නිරාහාරෙන ච සමණධම්මං කාතුං න සක්කා. තථා කරොන්තස්ස හි ජීවිතං නප්පවත්තති, කිලෙසෙ පන අනුප්පාදෙන්තෙන ආහාරො පරියෙසිතබ්බො, අයමෙත්ථ ඤායො. තස්මා තස්ස භගවා අපරාපරෙසුපි දිවසෙසු පිණ්ඩාය චරිතබ්බං, කිලෙසා පන න උප්පාදෙතබ්බාති දස්සනත්ථං අරහත්තප්පත්තිනිට්ඨංයෙව භික්ඛාචාරවත්තං කථෙන්තො “තතො රත්යා විවසානෙ”තිආදිකා ඡ ගාථායො අභාසි. තත්ථ තතොති “ස පිණ්ඩචාරං චරිත්වා, වනන්තමභිහාරයෙ”ති එත්ථ වුත්තපිණ්ඩචාරවනන්තාභිහාරතො උත්තරිපි. රත්යා විවසානෙති රත්තිසමතික්කමෙ, දුතියදිවසෙති වුත්තං හොති. ගාමන්තමභිහාරයෙති ආභිසමාචාරිකවත්තං කත්වා යාව භික්ඛාචාරවෙලා, තාව විවෙකමනුබ්රූහෙත්වා ගතපච්චාගතවත්තෙ වුත්තනයෙන කම්මට්ඨානං මනසි කරොන්තො ගාමං ගච්ඡෙය්ය. අව්හානං නාභිනන්දෙය්යාති “භන්තෙ, අම්හාකං ඝරෙ භුඤ්ජිතබ්බ”න්ති නිමන්තනං, “දෙති නු ඛො න දෙති නු ඛො සුන්දරං නු ඛො දෙති අසුන්දරං නු ඛො දෙතී”ති එවරූපං විතක්කං භොජනඤ්ච පටිපදාපූරකො භික්ඛු නාභිනන්දෙය්ය, නප්පටිග්ගණ්හෙය්යාති වුත්තං හොති. යදි පන බලක්කාරෙන පත්තං ගහෙත්වා පූරෙත්වා දෙන්ති, පරිභුඤ්ජිත්වා සමණධම්මො කාතබ්බො, ධුතඞ්ගං න කුප්පති, තදුපාදාය පන තං ගාමං න පවිසිතබ්බං. අභිහාරඤ්ච ගාමතොති සචෙ ගාමං පවිට්ඨස්ස පාතිසතෙහිපි භත්තං අභිහරන්ති , තම්පි නාභිනන්දෙය්ය, තතො එකසිත්ථම්පි නප්පටිග්ගණ්හෙය්ය, අඤ්ඤදත්ථු ඝරපටිපාටියා පිණ්ඩපාතමෙව චරෙය්යාති.
මෙම දහම් දෙසුම ඇසූ නාලක හිමි, වනයෙහිම ඇළුම්කොට, යම්ලෙසකින් ආහාර නොගෙනම, පිළිවෙත් පිරිමෙහි බොහෝ උත්සාහවත් වුවහොත් නිරාහාරව මහණ දම් පිරිය නොහැකිය. එවිට ජීවිතය නොපවතී. කෙලෙස් හටනොගන්නා ලෙසට ආහාර සොයාගත යුතුය. මෙය නිසි, දැනගතයුතු දෙයයි. එහෙයින් දිනපතා පිඬු පිණිස හැසිරිය යුතුයි. කෙලෙස් නොඉපිදවිය යුතුයැයි නාලක හිමිට පහදා දීමටත්, අරහත් පලය අවසන් (ඉලක්කය) කොට දැක්වීමටත්, ආහාර වත් අනුව, තතො රත්යා විවසනෙ ආදී ගාථා හයක් දෙසූහ. තතො ‘පිඬු පිණිස හැසිර, වනයෙහිම ඇළුම් කරයි’ යනුවෙන් කී කරුණුවලට අමතරවද විස්තර දැවේ. රත්යා විවසනෙ රැය ඉකුත්ව, ඊළඟ දවස ගැන කියන ලදී. ගාමන්තම්භිහාරයෙ උසස් හැසිරීමට අයත්, වත් ඉටුකොට, පිඬු පිණිස වේලාව තෙක් විවේකීව සිට ගතපච්චාගත වත අනුව කී අයුරු කමටහන් මෙනෙහි කරමින්, ගමට යන්නේය. අව්හානං නාභිනන්දෙය්ය හිමියනි, අපගේ නිවසෙහි වැළඳිය යුතු’යැයි ඇරයුම් කරයිද, ‘ආහාර දෙයිද, නොදෙයිද, මැනවින් සකසා දෙයිද, මනාසේ නොදෙයිද’ මෙබඳු දෙගිඩියා සිතිවිලි නැතිව ආහාරයෙහි පිළිවෙත් පුරන්නා වූ පැවිද්දා එහි නො ඇලෙන්නේ ය. නො පිළිගන්නේ යැයිද කියන ලදී. යම්සේ බලහත්කාරයෙන් පාත්‍රය ගෙන පුරවා දෙත් ද, එය වළඳා මහණදම් කළ යුතුය. ධුතංග නොබිඳෙයි. එය නිමිති කොට ඒ ගමට නොපිවිසිය යුතුය. අභිහාරඤ්ච ගාමතො ඉදින් ගමට පිවිසිවිට, පාත්‍ර සියයකිනුදු බත් ගෙනෙත්ද, එහි නොඇලී, එක බත්හුලකුදු නො පිළිගන්නේ ය. ගෙපිළිවෙලින් පිණ්ඩපාතයෙහිම හැසිරෙන්නේය.
න මුනී ගාමමාගම්ම, කුලෙසු සහසා චරෙති සො ච මොනත්ථාය පටිපන්නකො මුනි ගාමං ගතො සමානො කුලෙසු සහසා න චරෙ, සහසොකිතාදිඅනනුලොමිකං ගිහිසංසග්ගං න ආපජ්ජෙය්යාති වුත්තං හොති. ඝාසෙසනං ඡින්නකථො, න වාචං පයුතං භණෙති ඡින්නකථො විය හුත්වා ඔභාසපරිකථානිමිත්තවිඤ්ඤත්තිපයුත්තං ඝාසෙසනවාචං න භණෙය්ය. සචෙ ආකඞ්ඛෙය්ය, ගිලානො සමානො ගෙලඤ්ඤපටිබාහනත්ථාය භණෙය්ය. සෙනාසනත්ථාය වා විඤ්ඤත්තිං ඨපෙත්වා ඔභාසපරිකථානිමිත්තපයුත්තං, අවසෙසපච්චයත්ථාය පන අගිලානො නෙව කිඤ්චි භණෙය්යාති.
න මුනි ගාමමාගම්ම කුලෙසු සහසා චරෙ ඒ මුනි පිළිවෙතට පිළිපන් මුනිවරයා ගමට ගොස් ඉක්මණින් ගෙවල්වල නොහැසිරෙන්නේය. එක්ව සෝකවීම වැනි ගිහියන් හා නුසුදුසු සබඳතාවනට නොපැමිණිය යුතු බවද කියන ලදී. ඝාසෙසනං ඡින්නකථො න වාචං පයුතං භණෙ ආහාරය ලබාගැනීම වෙනුවෙන් ඉඟි කිරීමක් හෝ දැනවීමක්, හැඟවීමක් ඇතිවන පරිදි කුහුල දනවන විසිතුරු කතා නො කියන්නේ ය. ගිලන්ව සිටියදී, කැමති නම්, ගිලන් බව වළකා ගැනීම අදහසින් ඒ ගැන කිවහැකි වුවද සෙනසුන් පිණිස හෝ එයින් ඇඟවීමක් නොවන ලෙසට (සැළකිලිමත් විය යුතුය.) වෙනත් දෙයක් ලබාගැනීමට ගිලන් නොවූවකු විසින් කිසිවක් නොපැවසිය යුතුය.
අලත්ථං යදිදන්ති ඉමිස්සා පන ගාථාය අයමත්ථො – ගාමං පිණ්ඩාය පවිට්ඨො අප්පමත්තකෙපි කිස්මිඤ්චි ලද්ධෙ “අලත්ථං යං ඉදං සාධූ”ති චින්තෙත්වා අලද්ධෙ “නාලත්ථං කුසල”න්ති තම්පි “සුන්දර”න්ති චින්තෙත්වා උභයෙනෙව ලාභාලාභෙන සො තාදී නිබ්බිකාරො හුත්වා රුක්ඛංවුපනිවත්තති, යථාපි පුරිසො ඵලගවෙසී රුක්ඛං උපගම්ම ඵලං ලද්ධාපි අලද්ධාපි අනනුනීතො අප්පටිහතො මජ්ඣත්තොයෙව හුත්වා ගච්ඡති, එවං කුලං උපගම්ම ලාභං ලද්ධාපි අලද්ධාපි මජ්ඣත්තොව හුත්වා ගච්ඡතීති. ස පත්තපාණී ති ගාථා උත්තානත්ථාව.
අහරක් නොලැබුණද, එයද කම්නැතැයි (මැනවැයි) සැළකීම මේ ගාථාවේ අදහසයි. පිඬු පිණිස යම් දෙයක් සුළු ලෙසින් ලැබුණද අලත්ථං යං ඉදං සාධු යැයි සිතා, නොලැබුණත්, ‘මම කිසිත් නොලැබීමි, එයත් යහපතැයි සළකා ලැබීම්, නොලැබීම් දෙකෙහිම, සො සමානව, කම්පා නොවී සිටිය යුතුයි. රුක්ඛං ව උපනිවත්තති (පලතුරු වැනි) පල සොයා යන මිනිසෙක් ගසක් ලඟට ගොස්, එහි ගෙඩි ලැබුණද - නොලැබුණද, කම්පා නොවී, මැදහත් සිතින් යයිද, එසේම (පැවිද්දා) ගෙවල් කරා එළඹ ලැබුණත් නොලැබුණත් මැදහත්ව යන්නේ ය. සපත්තපාණි ගාථාවට අදාල වන කරුණු ඉහත දක්වා ඇත.
උච්චාවචාති ඉමිස්සා ගාථාය සම්බන්ධො – එවං භික්ඛාචාරවත්තසම්පන්නො හුත්වාපි තාවතකෙනෙව තුට්ඨිං අනාපජ්ජිත්වා පටිපදං ආරොධෙය්ය. පටිපත්තිසාරඤ්හි සාසනං. සා චායං උච්චාවචා…පෙ… මුතන්ති. තස්සත්ථො – සා චායං මග්ගපටිපදා උත්තමනිහීනභෙදතො උච්චාවචා බුද්ධසමණෙන පකාසිතා. සුඛාපටිපදා හි ඛිප්පාභිඤ්ඤා උච්චා, දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා අවචා. ඉතරා ද්වෙ එකෙනඞ්ගෙන උච්චා, එකෙන අවචා. පඨමා එව වා උච්චා, ඉතරා තිස්සොපි අවචා. තාය චෙතාය උච්චාය අවචාය වා පටිපදාය න පාරං දිගුණං යන්ති. “දුගුණ”න්ති වා පාඨො, එකමග්ගෙන ද්වික්ඛත්තුං නිබ්බානං න යන්තීති අත්ථො. කස්මා? යෙන මග්ගෙන යෙ කිලෙසා පහීනා, තෙසං පුන අප්පහාතබ්බතො. එතෙන පරිහානධම්මාභාවං දීපෙති. නයිදං එකගුණං මුතන්ති තඤ්ච ඉදං පාරං එකක්ඛත්තුංයෙව ඵුසනාරහම්පි න හොති. කස්මා? එකෙන මග්ගෙන සබ්බකිලෙසප්පහානාභාවතො. එතෙන එකමග්ගෙනෙව අරහත්තාභාවං දීපෙති.
උච්චාවාචා - මේ ගාථාව හා සබැඳේ. මෙසේ ආහාර පිළිබඳ වත් සපුරත්ද, එපමණකින් සතුටට (සෑහීමකට නොපැමිණ) ඉතිරි පිළිවෙත් කෙරෙහිද සිත යොමන්නේ ය. සසුන යනු පිළිවෙත් සරු බවයි. ‘උච්චාවචා......මුතං’ යනුවෙන් එහි අරුත නම්, ඒ දැක්වූ මග පටිපදා උසස්-ලාමක ලෙසින් උච්චාවචා, බුදුවරයන් විසින් සමණෙන පකාසිතා දක්වා ඇති පරිදි යහපත් පිළිවෙතින් ඉක්මණින් අවබෝධ-දැනගැනීම උසස්ය. අයහපත් දුක් නො දෙන පිළිවෙතෙහි නොදැනීම පහත්ය. මේ කොටස් දෙකෙන් එකක් අනික් කොටසට වඩා උසස්ය. අනික් කොටසට වඩා පහත්ය. පළමු අංගයම උසස්ය. අනෙක් කොටස් තුනම පහත්ය. මේ උසස් වූ හෝ ලාමක වූ හෝ පිළිවෙතෙහි න පාරං දිගුණං යන්ති - දුගණං යනුවෙන්ද දැක්වේ. එක මගකින් දෙවරක් නිවනට නොයති’යි අදහසයි. කවර හෙයින්ද? යම් මගකින් කෙලෙස් යම් පමණකට නසන ලද ද, ඒවා නැවත බැහැර කළ යුතු නොවේ. එයින් කෙලෙස් පිරිහී ඇති අයුරු දක්වයි. නයිදං එකගුණං මුතං එහි මේවායේ පරතෙරට - ඈත් කිරිමට එකවරකම අරමුණු වීමක් නොවේ. කවර හෙයින්ද? එක මගකින් (සෝවාන් පල පමණින්) සියළුම කෙලෙස් නැසීම සිදුනොවන හෙයිනි. එයින් එකම මග ලෙසම අරහත් බව පෙන්වා දෙයි.
ඉදානි පටිපදානිසංසං දස්සෙන්තො “යස්ස ච විසතා”ති ගාථමාහ. තස්සත්ථො – යස්ස ච එවං පටිපන්නස්ස භික්ඛුනො තාය පටිපදාය පහීනත්තා අට්ඨසතතණ්හාවිචරිතභාවෙන විසතත්තා විසතා තණ්හා නත්ථි, තස්ස කිලෙසසොතච්ඡෙදෙන ඡින්නසොතස්ස කුසලාකුසලප්පහානෙන කිච්චාකිච්චප්පහීනස්ස රාගජො වා දොසජො වා අප්පමත්තකොපි පරිළාහො න විජ්ජතීති.
දැන් පිළිවෙතෙහි ආනිසංස වැදගත්කම යස්ස ච විසතා යන ගාථාවෙන් දක්වති. එහි අරුත නම්, යස්ස ච මෙසේ පිළිපදින පැවිද්දාට භික්ඛුනො ඒ පිළිවෙත් මගින් එකසිය අටක් සේ ගැනෙන, ඇලෙන, ගැලෙන විසතා තණ්හා නැත. කෙලෙස් වාන්දොරටු කපාහළ බැවින් ඡින්නසොතස්ස කුසල් අකුසල් දුරුකළ බැවින් කිච්චාකිච්චප්පහීණස්ස රාගයෙන් හෝ තරහින් හටගන්නා සුළු වුවත් පරිළාහො න විජ්ජති.
ඉදානි යස්මා ඉමා ගාථායො සුත්වා නාලකත්ථෙරස්ස චිත්තං උදපාදි – “යදි එත්තකං මොනෙය්‍යං සුකරං න දුක්කරං, සක්කා අප්පකසිරෙන පූරෙතු”න්ති, තස්මාස්ස භගවා “දුක්කරමෙව මොනෙය්‍ය”න්ති දස්සෙන්තො පුන “මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්ස”න්තිආදිමාහ. තත්ථ උපඤ්ඤිස්සන්ති උපඤ්ඤාපෙය්යං, කථයිස්සන්ති වුත්තං හොති. ඛුරධාරා උපමා අස්සාති ඛුරධාරූපමො . භවෙති භවෙය්ය. කො අධිප්පායො? මොනෙය්‍යං පටිපන්නො භික්ඛු ඛුරධාරං උපමං කත්වා පච්චයෙසු වත්තෙය්ය. යථා මධුදිද්ධං ඛුරධාරං ලිහන්තො, ඡෙදතො, ජිව්හං රක්ඛති, එවං ධම්මෙන ලද්ධෙ පච්චයෙ පරිභුඤ්ජන්තො චිත්තං කිලෙසුප්පත්තිතො රක්ඛෙය්යාති වුත්තං හොති. පච්චයා හි පරිසුද්ධෙන ඤායෙන ලද්ධුඤ්ච අනවජ්ජපරිභොගෙන පරිභුඤ්ජිතුඤ්ච න සුඛෙන සක්කාති භගවා පච්චයනිස්සිතමෙව බහුසො භණති. ජිව්හාය තාලුමාහච්ච, උදරෙ සඤ්ඤතො සියාති ජිව්හාය තාලුං උප්පීළෙත්වාපි රසතණ්හං විනොදෙන්තො කිලිට්ඨෙන මග්ගෙන උප්පන්නපච්චයෙ අසෙවන්තො උදරෙ සංයතො සියා.
දැන්, මේ ගාථා ඇසූ නාලක තෙරුන්ට ‘මොනෙය්‍ය පිළිවෙත මෙපමණ වේනම්, එය පිළිපැදීම පහසුය. අපහසු නොවේ. නොබෝ කලකින්ම, පිරිය හැකිව’ යැයි සිතක් පහළවිය. (සිතුණි) භාග්‍යවතුන් වහන්සේ, ‘මොනෙය්‍ය වත අපහසුම’ යැයි නාලක හිමිට නැවත පෙන්වා දී මොනෙය්යන්තෙ උපඤ්ඤිස්සං ආදී ගාථා වදාළහ. (මොනෙය්‍ය වත) දැළිපිහියෙහි මුවහත මෙන් ඛුරධාරූපමො භවෙති වන්නේ ය. මෙහි අදහස කුමක්ද? මුනි පිළිවෙතෙහි පිළිපන් පැවිද්දා සිවුපසය පරිහරණය කළයුත්තේ දැළිපිහියෙහි මුවහත සේ සළකාය. දැළිපිහි මුවහතෙහි තැවරුණු මී බිඳු ලෙවකන විට, දිව කැපීමෙන් රැකගන්නා සේම, දැහැමින් ලැබුණු සිවුපසය පරිහරණයෙහිදී කෙලෙස් හටගැනීමෙන් සිත රැකගනු ලැබේ යැයි කියන ලදී. සිවුපසයෙහි නිරවුල් දැනීමෙන්ද, එය නිවැරදිව පරිහරණයද පහසු නොවේ යැයි මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ බොහෝ කරුණු දේසනා කරති. ජීව්හාය තාලුමාහච්ච උදරෙ සංයතො සිය දිවෙන් තල්ල මැඩගෙනම, රසයෙහි ආසාව දුරු කෙරෙමින්, ලද ආහාරය කිලිටි (නීරස) වුවත් කුස පමණට ගැනීමට හික්මිය යුතුය.
අලීනචිත්තො ච සියාති නිච්චං කුසලානං ධම්මානං භාවනාය අට්ඨිතකාරිතාය අකුසීතචිත්තො ච භවෙය්ය. න චාපි බහු චින්තයෙති ඤාතිජනපදාමරවිතක්කවසෙන ච බහුං න චින්තෙය්ය. නිරාමගන්ධො අසිතො, බ්රහ්මචරියපරායණොති නික්කිලෙසො ච හුත්වා තණ්හාදිට්ඨීහි කිස්මිඤ්චි භවෙ අනිස්සිතො සික්ඛාත්තයසකලසාසනබ්රහ්මචරියපරායණො එව භවෙය්ය.
අලීන චිත්තො ච සියා නිති කුසල් දහම් වැඩීම පිණිස වටහා ගැනීමෙන්, අනලස් වූ සිත පිහිටුවිය යුතුය. න චාපි බහු චින්තයෙ නෑයන්, ජනපද, දෙවියන් ආදීන් ගැන දෙගිඩියාවේ බොහෝ සෙයින් නොසිතන්නේය. නිරාමගන්ධො අසිතො බ්‍රහ්මචරිය පරායණො නිකෙලෙස්ව තණ්හා දිට්ඨිවලින් සසරෙහි නොඇලී, හික්මීමෙන් යුතුව, මුළුමනින්ම සසුන් බඹසරම පිහිට කරගත්තේය.
එකාසනස්සාති විවිත්තාසනස්ස. ආසනමුඛෙන චෙත්ථ සබ්බඉරියාපථා වුත්තා. යතො සබ්බඉරියාපථෙසු එකීභාවස්ස සික්ඛෙය්යාති වුත්තං හොතීති වෙදිතබ්බං. එකාසනස්සාති ච සම්පදානවචනමෙතං. සමණූපාසනස්ස චාති සමණෙහි උපාසිතබ්බස්ස අට්ඨතිංසාරම්මණභාවනානුයොගස්ස, සමණානං වා උපාසනභූතස්ස අට්ඨතිංසාරම්මණභෙදස්සෙව. ඉදම්පි සම්පදානවචනමෙව, උපාසනත්ථන්ති වුත්තං හොති. එත්ථ ච එකාසනෙන කායවිවෙකො, සමණූපාසනෙන චිත්තවිවෙකො වුත්තො හොතීති වෙදිතබ්බො. එකත්තං මොනමක්ඛාතන්ති එවමිදං කායචිත්තවිවෙකවසෙන “එකත්තං මොන”න්ති අක්ඛාතං. එකො චෙ අභිරමිස්සසීති ඉදං පන උත්තරගාථාපෙක්ඛං පදං, “අථ භාහිසි දසදිසා”ති ඉමිනා අස්ස සම්බන්ධො.
එකාසනස්ස ආසනයෙහි විවේකීව, ආසන යනුවෙන් මෙහිදී සියළුම ඉරියව් ඇතුලත් වන අතර, සියළුම ඉරියව් පැවතුම්වලදී එකාකාරවම හික්මේ යැයි කියන ලදැයි දතයුතුය. එකාසනස්ස යනු සම්පදාන විබත් වචනයි. සමණුපාසනස්ස ච මහණුන් විසින් ඇසුරු කරන ලද, බවුන් වැඩීමට සුදුසු අරමුණු තිස්අට, මෙයද සම්පදාන විබත්ය. පුරුදු කිරීම යන තේරුමයි. මෙහිදී එකාසන යනුවෙන් කයෙහි විවේකයද, සමණුපාසන යන්නෙන් සිතෙහි විවේකයද දතයුතුය. එකන්තං මොනමක්ඛාතං මෙහිද කය සිත විවේකය එක්කොට මොන හෙවත් මග නුවණ සේ කියන ලදී. එකො චෙ අභිරමිස්සසී මෙය ඊළඟ ගාථාවේ ‘අථ භාසීහි දස දිසා’ හා සම්බන්ධ වේ.
භාහිසීති භාසිස්සසි පකාසෙස්සසි. ඉමං පටිපදං භාවෙන්තො සබ්බදිසාසු කිත්තියා පාකටො භවිස්සසීති වුත්තං හොති. සුත්වා ධීරානන්තිආදීනං පන චතුන්නං පදානං අයමත්ථො – යෙන ච කිත්තිඝොසෙන භාහිසි දසදිසා තං ධීරානං ඣායීනං කාමචාගිනං නිඝොසං සුත්වා අථ ත්වං තෙන උද්ධච්චං අනාපජ්ජිත්වා භිය්යො හිරිඤ්ච සද්ධඤ්ච කරෙය්යාසි, තෙන ඝොසෙන හරායමානො “නිය්යානිකපටිපදා අය”න්ති සද්ධං උප්පාදෙත්වා උත්තරි පටිපත්තිමෙව බ්රූහෙය්යාසි. මාමකොති එවඤ්හි සන්තෙ මම සාවකො හොතීති.
භාසීහි කියහි, පවසන්නෙහි, මේ පිළිවෙත වඩන තැනැත්තා පිළිබඳව සියළු දිසාවලම කිතුරැව් පැතිරෙන්නැයි කියන ලදී. සුත්වා ධීරානං ආදී සතරවන පදයෙහි අරුත මෙයයි. ඒ කිතුගොසින් දස දෙසෙහි කියව. තං ධීරානං ඣායීනං කාමචාගීනං නිග්ඝොසං සුත්වා ඔබ ඒ කිතුගොසින් උඩඟු බවට නොපැමිණ, භිය්යො හිරිඤ්ච සද්ධඤ්ච ඒ හඬින් ලජ්ජාවෙමින් ‘සසරින් නිදහස් වන පිළිවෙත මෙය’යැයි සැදැහැ උපදවා වැඩිදුරටත් ඒ පිළිවෙතම වඩන්නේය. මාමකො මෙසේ කටයුතු කරනවිට මගේ අනුගාමිකයෙකු වෙයි.
තං නදීහීති යං තං මයා “හිරිඤ්ච සද්ධඤ්ච භිය්යො කුබ්බෙථා”ති වදතා “උද්ධච්චං න කාතබ්බ”න්ති වුත්තං, තං ඉමිනා නදීනිදස්සනෙනාපි ජානාථ, තබ්බිපරියායඤ්ච සොබ්භෙසු ච පදරෙසුච ජානාථ. සොබ්භෙසූති මාතිකාසු . පදරෙසූති දරීසු. කථං? සණන්තා යන්ති කුසොබ්භා, තුණ්හී යන්ති මහොදධීති. කුසොබ්භා හි සොබ්භපදරාදිභෙදා සබ්බාපි කුන්නදියො සණන්තා සද්දං කරොන්තා උද්ධතා හුත්වා යන්ති, ගඞ්ගාදිභෙදා පන මහානදියො තුණ්හී යන්ති, එවං “මොනෙය්‍යං පූරෙමී”ති උද්ධතො හොති අමාමකො, මාමකො පන හිරිඤ්ච සද්ධඤ්ච උප්පාදෙත්වා නීචචිත්තොව හොති.
තන්නදීහි ඒ පිළිවෙත් පුරන පැවිද්දාට මා විසින් ලජ්ජාවත්, සැදැහැ බවත් බෙහෙවින් දියුණු කොට වඩවයි කීවිට උඩඟුවීමද නොකළ යුතුයැයි කියන ලදී. එය නදිය ගැන කී මේ නිදසුනින් ජානාථ ඒ ආකාරයෙන්ම දියවළ, ඇලවල්වලින් හා පොළවේ ඉරිතැලීම්වලින් ද දනිමු. සොබ්භෙසු ඇල්වල්වලින්, පදරෙසු පැලීම්වලින්, විවරවලින්. කෙසේද? සන්නතා යන්ති කුස්සුබ්බා තුණ්හී යන්ති මහොද්ධී සියළුම කුඩා ගංගා, කුඩා වලවල්, දිය පිරුණු වලවල් විවර ආදියෙන් උඩට නැගී හඬ නගමින් ගලා යයි. ගංගා අතර මහා ගංගා නිහඬව ගලයි. මෙසේ ‘මොනෙය්‍ය වත පුරමි’යි (පැවිද්දා) මගේ යන හැඟුමෙන්, මමායනයෙන් තොරව උසස් ලෙස කටයුතු කරයි. මගේය යන කටයුතු කරන්නා ලජ්ජාව හා සැදැහැ බව ද උපදවා යටහත් සිතින් යුතු වෙයි.
කිඤ්ච භිය්යො – යදූනකං…පෙ… පණ්ඩිතොති. තත්ථ සියා – සචෙ අඩ්ඪකුම්භූපමො බාලො සණන්තතාය, රහදො පූරොව පණ්ඩිතො සන්තතාය, අථ කස්මා බුද්ධසමණො එවං ධම්මදෙසනාබ්යාවටො හුත්වා බහුං භාසතීති ඉමිනා සම්බන්ධෙන “යං සමණො”ති ගාථමාහ. තස්සත්ථො – යං බුද්ධසමණො බහුං භාසති උපෙතං අත්ථසඤ්හිතං, අත්ථුපෙතං ධම්මුපෙතඤ්ච හිතෙන ච සංහිතං, තං න උද්ධච්චෙන, අපිච ඛො ජානං සො ධම්මං දෙසෙති දිවසම්පි දෙසෙන්තො නිප්පපඤ්චොව හුත්වා. තස්ස හි සබ්බං වචීකම්මං ඤාණානුපරිවත්ති. එවං දෙසෙන්තො ච “ඉදමස්ස හිතං ඉදමස්ස හිත”න්ති නානප්පකාරතො ජානං සො බහු භාසති, න කෙවලං බහුභාණිතාය. අවසානගාථාය සම්බන්ධො – එවං තාව සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සමන්නාගතො බුද්ධසමණො ජානං සො ධම්මං දෙසෙති, ජානං සො බහු භාසති. තෙන දෙසිතං පන ධම්මං නිබ්බෙධභාගියෙනෙව ඤාණෙන යො ච ජානං සංයතත්තො, ජානං න බහු භාසති, ස මුනි මොනමරහති, ස මුනි මොනමජ්ඣගාති. තස්සත්ථො – තං ධම්මං ජානන්තො සංයතත්තො ගුත්තචිත්තො හුත්වා යං භාසිතං සත්තානං හිතසුඛාවහං න හොති, තං ජානං න බහු භාසති. සො එවංවිධො මොනත්ථං පටිපන්නකො මුනි මොනෙය්යපටිපදාසඞ්ඛාතං මොනං අරහති. න කෙවලඤ්ච අරහතියෙව, අපිච ඛො පන ස මුනි අරහත්තමග්ගඤාණසඞ්ඛාතං මොනං අජ්ඣගා ඉච්චෙව වෙදිතබ්බොති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි.
වැඩිදුර කියනුම කවරේද? යදූනකං -පෙ- පණ්ඩිතො එපරිදි වන්නේය. අඩ්ඪකුම්භූපමො බාලො හඬ නැගීමෙන් (තමා ගැනම කීමෙන්) අනුවණයෙකි. නුවණැත්තා පිරුණු විලක් මෙනි. සන්හුන්ය. එසේනම් කවරහෙයින් බුදුමග යන මහණෙක් මෙසේ දහම් දෙසීමේ නියැලිව, බොහෝ කොට කියන්නේ ද යන්න පිළිබඳව යං සමණෙ යන ගාථාව වදාළහ. එහි අරුත නම්, සමණෙ බහුං භාසති යම් පැවිද්දකු බොහෝ කොට කථාකරතත් එය අරුත් සහිත, අරුත් දනවන, යහපත පෙන්වන, (දහම් කරුණින් යුතු) හිතකාමී වේ. එහෙත් උඩඟු, මානයෙන් නොවේ. ජානං සො ධම්මං දෙසෙති දවසක් පුරාම දේසනා කරතත්, කිලිටි දොසින් තොරව ඒ කියන ඒ සියළු වචනම නුවණ පෙරදැරිව පවතී. මෙසේ දේසනා කරනවිටද මෙය හිතකාමී වේ. මෙය යහපතට හේතු වේයැයි නොයෙක් අයුරින් දැන, ජානං සො බහු භාසති හුදෙක් බොහෝ කතා කිරීම පමණක් නොවේ. අවසාන ගාථාව මේ විස්තරයට අදාල වන්නේ මේ අයුරිනි. සියල්ල දන්නා නුවණින් යුතු සියළු පව් දුරුකරන ලද හෙයින් බුද්ධසමණා නම් වූ බුදුරජාණන් වහන්සේ දැනගෙනම දහම් දෙසති. දැනගෙනම (ගැළපෙන අයුරින්) බොහෝ ලෙස කියති. ඒ දේසනා කරන ලද දහම අවබෝධ කරගැනීමේ අදහසින් නුවණින් දැන, යො ච ජානං යතත්තො ජානං න බහු භාසති - ස මුනි මොන මරහති සමුනි මොනමජ්ඣගා එහි අරුත නම්, ඒ දහම දැන, උත්සාහවත්ව, (කෙලෙසින්) සිත රැකගෙන, යං කියන දෙය පුද්ගල හිතසුව පිණිස නොවේ නම්, එහිදී දැනගත් දෙය වුවත් බොහෝ කොට නොකියති. මේ අයුරින් නිහඬ බවින් යුතු මුනිවරයා මොනෙය්‍ය පිළිවෙත යැයි හඳුන්වනු ලබන, සිවුමග නුවණ ලැබීමට සුදුසුය. ඊට සුදුසු බව පමණක්ම නොවේ. ඒ මුනිවරයා අරහත් මග නුවණ යැයි හඳුන්වනු ලබන සිවුසස් අවබෝධ කරති’යි මෙසේ දතයුතු යැයි අරහත් බව කුළුගන්වා දේසනය නිමකළහ.
තං සුත්වා නාලකත්ථෙරො තීසු ඨානෙසු අප්පිච්ඡො අහොසි දස්සනෙ සවනෙ පුච්ඡායාති. සො හි දෙසනාපරියොසානෙ පසන්නචිත්තො භගවන්තං වන්දිත්වා වනං පවිට්ඨො, පුන “අහො වතාහං භගවන්තං පස්සෙය්ය”න්ති ලොලභාවං න ජනෙසි. අයමස්ස දස්සනෙ අප්පිච්ඡතා. තථා “අහො වතාහං පුන ධම්මදෙසනං සුණෙය්ය”න්ති ලොලභාවං න ජනෙසි. අයමස්ස සවනෙ අප්පිච්ඡතා. තථා “අහො වතාහං පුන මොනෙය්යපටිපදං පුච්ඡෙය්ය”න්ති ලොලභාවං න ජනෙසි. අයමස්ස පුච්ඡාය අප්පිච්ඡතා.
ඒ ඇසූ නාලක හිමි, දැකීමෙහි, ඇසීමෙහි, විමසීමෙහි යන තුන් තන්හි සෑහීමකට පත්ව කටයුතු කළහ. නාලක හිමි දේසනාව අවසානයෙහි පහන් සිතින් භාග්‍යවතුන් වහන්සේස්ට වැඳ වනයට පිවිස, නැවත, ‘අහා! මම භාග්‍යවතුන් වහන්සේ දකින්නෙම් නම් මැනව’යි කැමැත්තක් නොදැක්වීය. මේ දැකීමෙහි සෑහීමට පත්වන අයුරුයි, එසේම, ‘මම නැවත දහම් අසන්නෙමි’යි කැමැත්තක් ඇතිකර නොගැනීම ඇසීමෙහි සෑහීමට පත්වීමයි. ‘මම නැවත මොනෙය්‍ය පිළිවෙත විමසන්නෙමි’යි කැමති නොවීම විමසීමෙහි සෑහීමට පත්වීමයි.
සො එවං අප්පිච්ඡො සමානො පබ්බතපාදං පවිසිත්වා එකවනසණ්ඩෙ ද්වෙ දිවසානි න වසි , එකරුක්ඛමූලෙ ද්වෙ දිවසානි න නිසීදි, එකගාමෙ ද්වෙ දිවසානි පිණ්ඩාය න පාවිසි. ඉති වනතො වනං, රුක්ඛතො රුක්ඛං, ගාමතො ගාමං ආහිණ්ඩන්තො අනුරූපපටිපදං පටිපජ්ජිත්වා අග්ගඵලෙ පතිට්ඨාසි. අථ යස්මා මොනෙය්යපටිපදං උක්කට්ඨං කත්වා පූරෙන්තො භික්ඛු සත්තෙව මාසානි ජීවති, මජ්ඣිමං කත්වා පූරෙන්තො සත්ත වස්සානි, මන්දං කත්වා පූරෙන්තො සොළස වස්සානි. අයඤ්ච උක්කට්ඨං කත්වා පූරෙසි, තස්මා සත්ත මාසෙ ඨත්වා අත්තනො ආයුසඞ්ඛාරපරික්ඛයං ඤත්වා න්හායිත්වා නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා දිගුණං සඞ්ඝාටිං පාරුපිත්වා දසබලාභිමුඛො පඤ්චපතිට්ඨිතං වන්දිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා හිඞ්ගුලකපබ්බතං නිස්සාය ඨිතකොව අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි. තස්ස පරිනිබ්බුතභාවං ඤත්වා භගවා භික්ඛුසඞ්ඝෙන සද්ධිං තත්ථ ගන්ත්වා සරීරකිච්චං කත්වා ධාතුයො ගාහාපෙත්වා චෙතියං පතිට්ඨාපෙත්වා අගමාසීති.
මෙසේ සෑහීමට පත්ව, පව්වෙහි පාමුලට පිවිස, එක වන පියසක දවස් දෙකක් නොසිටියේය. එක් ගසක් මුල දින දෙකක් නොසිටියේය. එකම ගමෙහි දින දෙකක් පිඬු පිණිස නොගියේය. මේ අයුරින් කැලයෙන් කැලයට, ගසෙන් ගසට, ගමෙන් ගමට ඇවිදිමින්, සුදුසු පිළිවෙත අනුව අග පලයෙහි පිහිටියේය. මොනෙය්‍ය පිළිවෙත දැඩිව උත්සාහවත්ව පුරන පැවිද්දා සත් මසක් ජීවත් වේ. සමව උත්සාහවත් වන පැවිද්දා ජීවත් වන්නේ සත් වසරකි. අඩුතරමින් පිළිවෙත් පුරන පැවිද්දා වසර දහසයකි. ඒ පිළිවෙතෙහි දැඩි උත්සාහ වූ නාලක හිමි සත් මසක් ගත වූ බැවින්, ආයු කාලය අවසන් බව දැන, දිය නා, සිවුරු හැඳ, පටිය බැඳ, සඟල සිවුර පොරවා, බුදුරජාණන් වහන්සේ වැඩසිටින දෙසට පසඟ පිහිටුවා වැඳ, ඇඳිලි බැඳ, සිටිනා ඉරියව්වෙන්ම රත්හිරියල් පව්වෙහි අනුපාදිසෙස පිරිනිවනට පත්විය. භාග්‍යවතුන් වහන්සේ නාලක පිරිනිවන්පෑ බව දැන, බික්සඟන පිරිවරා ගොස්, සිරුරු කිස කොට, ධාතු ගෙන සෑයක් පිහිටුවා ආපසු වැඩියහ.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය නාලකසුත්තවණ්ණනා නිට්ඨිතා.
නාලක සූත්‍ර විස්තරය නිමි.