12. ද්වයතානුපස්සනා සුත්තවණ්ණනා අට්ඨකථා
12. ද්වයතානුපස්සනා සුත්තවණ්ණනා
12. ද්වයතානුපස්සනා සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති ද්වයතානුපස්සනාසුත්තං. කා උප්පත්ති? ඉමස්ස සුත්තස්ස අත්තජ්ඣාසයතො උප්පත්ති. අත්තජ්ඣාසයෙන හි භගවා ඉමං සුත්තං දෙසෙසි. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පනස්ස අත්ථවණ්ණනායමෙව ආවි භවිස්සති. තත්ථ එවං මෙ සුතන්තිආදීනි වුත්තනයානෙව. පුබ්බාරාමෙති සාවත්ථිනගරස්ස පුරත්ථිමදිසායං ආරාමෙ. මිගාරමාතු පාසාදෙති එත්ථ විසාඛා උපාසිකා අත්තනො සසුරෙන මිගාරෙන සෙට්ඨිනා මාතුට්ඨානෙ ඨපිතත්තා “මිගාරමාතා”ති වුච්චති. තාය මිගාරමාතුයා නවකොටිඅග්ඝනකං මහාලතාපිළන්ධනං විස්සජ්ජෙත්වා කාරාපිතො පාසාදො හෙට්ඨා ච උපරි ච පඤ්ච පඤ්ච ගබ්භසතානි කත්වා සහස්සකූටාගාරගබ්භො, සො “මිගාරමාතුපාසාදො”ති වුච්චති. තස්මිං මිගාරමාතු පාසාදෙ.
එවම්මෙ සුතං යනු ද්වයතානුපස්සනා සූත්‍රයයි. මෙම සූත්‍රය කුමක් නිසා දෙසන ලද ද? බුදුරජාණන් වහන්සේට ඇති වූ අදහසක් අනුව දේසනා කරන ලදී. මේ කෙටි සඳහනයි. එහි විස්තර ඉදිරියට වචන තේරුම් කිරීමේදී දැක්වේ. එවම්මෙ සුතං ආදිය කලින් කියා ඇති පරිදිය. පුබ්බාරාමෙ සැවැත් නුවරින් නැගෙනහිර දෙසින් පිහිටි අරමයි. මිගාරමාතුපාසාදෙ විසාඛා උපාසිකාව තම මයිලණුවන් වූ මිගාර සිටුවරයා විසින් මවු තනතුරෙහි තබන ලද බැවින්, ‘මිගාරමාතා’ යැයි හැඳින්වූවාය. ඒ මිගාර මාතාව විසින්, නව කෝටියක් අගනා මහාලිය පළඳනාව විකුණා කරවන ලද, බිම් මහලෙහි කාමර පන්සියයක් ද, මතුමහලෙහි කාමර පන්සියයක් ද, කුළුගෙවල් දහසකින් ද යුතු වූ පහය, ‘මිගාරමාතු’ නම් විය. ඒ මිගාරමාතු පහයෙහි,
තෙන ඛො පන සමයෙන භගවාති යං සමයං භගවා සාවත්ථිං නිස්සාය පුබ්බාරාමෙ මිගාරමාතු පාසාදෙ විහරති, තෙන සමයෙන. තදහුපොසථෙති තස්මිං අහු උපොසථෙ, උපොසථදිවසෙති වුත්තං හොති. පන්නරසෙති ඉදං උපොසථග්ගහණෙන සම්පත්තාවසෙසුපොසථපටික්ඛෙපවචනං. පුණ්ණාය පුණ්ණමාය රත්තියාති පන්නරසදිවසත්තා දිවසගණනාය අබ්භාදිඋපක්කිලෙසවිරහත්තා රත්තිගුණසම්පත්තියා ච පුණ්ණත්තා පුණ්ණාය, පරිපුණ්ණචන්දත්තා පුණ්ණමාය ච රත්තියා. භික්ඛුසඞ්ඝපරිවුතොති භික්ඛුසඞ්ඝෙන පරිවුතො. අබ්භොකාසෙ නිසින්නො හොතීති මිගාරමාතු රතනපාසාදපරිවෙණෙ අබ්භොකාසෙ උපරි අප්පටිච්ඡන්නෙ ඔකාසෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නො හොති. තුණ්හීභූතං තුණ්හීභූතන්ති අතීව තුණ්හීභූතං, යතො යතො වා අනුවිලොකෙති , තතො තතො තුණ්හීභූතං, තුණ්හීභූතං වාචාය, පුන තුණ්හීභූතං කායෙන. භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වාති තං පරිවාරෙත්වා නිසින්නං අනෙකසහස්සභික්ඛුපරිමාණං තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං “එත්තකා එත්ථ සොතාපන්නා, එත්තකා සකදාගාමිනො, එත්තකා අනාගාමිනො එත්තකා ආරද්ධවිපස්සකා කල්යාණපුථුජ්ජනා, ඉමස්ස භික්ඛුසඞ්ඝස්ස කීදිසී ධම්මදෙසනා සප්පායා”ති සප්පායධම්මදෙසනාපරිච්ඡෙදනත්ථං ඉතො චිතො ච විලොකෙත්වා.
තෙන ඛො පන සමයෙන භගවා භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පුබ්බාරාමයෙහි මිගාරමාතු පහයෙහි වැඩවසන කාලයෙහි, තදහුපොසථෙ ඒ පෙහෙවස් දිනයෙහි පණ්ණරසෙ මෙය පෙහෙවස් දින ගණනය අනුව (සඳෙහි අඩුවැඩි බව අනුව) වෙන් කෙරෙන අනිකුත් පෙහෙවස් දින, පුණ්ණාය පුණ්ණමාය රත්තියා එසේ දවස් ගැනීමෙන් පසළොස්වන දිනය බැවින්, වළාකුළුවලින් තොර, පැහැදිලි අහසින් යුතු පිරිපුන් සඳ පෑයූ රැයක (පසළොස්වක දින) භික්ඛුසංඝං පරිවුතො බික්සඟන පිරිවරන ලදුව, අබ්භොකාසෙ නිසින්නො හොති මිගාරමාතු රුවන් පහයෙහි පිරිවෙන්හි, ඉහළින් ආවරණයක් නොමැති. එළිමහනෙහි ඉඩ ඇති තැනක පනවන ලද අගනා බුදුඅසුනෙහි වැඩ සිටිති. තුණ්හී භූතං තුණ්හීභූතං මුළුමනින්ම නිහඬ බවයි. බැලූ බැලූ තන්හිම නිහඬතාවයි. කිසිදු කතාකරන හඬක් නැත. අත් පා (කය සෙලවෙන) හඬකුදු නැත. භික්ඛු සංඝං අනුවිලොකෙත්වා එසේ පිරිවරා හිඳ සිටි නොයෙක් දහස් ගණන් නිහඬව සිටින පැවිදි පිරිස අතර, මෙපමණ සෝවාන් පල ලැබූවන්ය. මෙපමණ සකදාගාමීන්ය. මෙපමණ අනාගාමීය. මෙපමණ විදසුනෙහි යොමු වූ මගපල අරමුණු කොට ඇත්තන්ය. මේ පැවිදි පිරිසට කෙබඳු දහම් දෙසුමක් ගැළපේදැයි, සුදුසු දහම් දෙසුමකට වටපිට බලා,
යෙ තෙ, භික්ඛවෙ, කුසලා ධම්මාති යෙ තෙ ආරොග්‍යට්ඨෙන අනවජ්ජට්ඨෙන ඉට්ඨඵලට්ඨෙන කොසල්ලසම්භූතට්ඨෙන ච කුසලා සත්තතිංසබොධිපක්ඛියධම්මා, තජ්ජොතකා වා පරියත්තිධම්මා. අරියා නිය්යානිකා සම්බොධගාමිනොති උපගන්තබ්බට්ඨෙන අරියා, ලොකතො නිය්යානට්ඨෙන නිය්යානිකා, සම්බොධසඞ්ඛාතං අරහත්තං ගමනට්ඨෙන සම්බොධගාමිනො. තෙසං වො භික්ඛවෙ…පෙ… සවනාය, තෙසං භික්ඛවෙ කුසලානං…පෙ… සම්බොධගාමීනං කා උපනිසා, කිං කාරණං, කිං පයොජනං තුම්හාකං සවනාය, කිමත්ථං තුම්හෙ තෙ ධම්මෙ සුණාථාති වුත්තං හොති. යාවදෙව ද්වයතානං ධම්මානං යථාභූතං ඤාණායාති එත්ථ යාවදෙවාති පරිච්ඡෙදාවධාරණවචනං. ද්වෙ අවයවා එතෙසන්ති ද්වයා, ද්වයා එව ද්වයතා, තෙසං ද්වයතානං. “ද්වයාන”න්තිපි පාඨො. යථාභූතං ඤාණායාති අවිපරීතඤාණාය. කිං වුත්තං හොති? යදෙතං ලොකියලොකුත්තරාදිභෙදෙන ද්විධා වවත්ථිතානං ධම්මානං විපස්සනාසඞ්ඛාතං යථාභූතඤාණං, එතදත්ථාය න ඉතො භිය්යොති, සවනෙන හි එත්තකං හොති, තදුත්තරි විසෙසාධිගමො භාවනායාති. කිඤ්ච ද්වයතං වදෙථාති එත්ථ පන සචෙ, වො භික්ඛවෙ, සියා, කිඤ්ච තුම්හෙ, භන්තෙ, ද්වයතං වදෙථාති අයමධිප්පායො. පදත්ථො පන “කිඤ්ච ද්වයතාභාවං වදෙථා”ති.
යෙන තෙ භික්ඛවෙ කුසලා ධම්මා (කෙලෙස් ලෙඩ නැතිකරන) කායික මානසික සුවය ලබන තේරුමෙන් ද, නිවැරදි බවින් ද ඉටු අරමුණු පල දරන හෙයින් ද, (සිවුසස් අවබෝධයට) හැකියාව ඇති කරවන බැවින්ද, කුසල් සේ දැක්වෙන අවබෝධය ලබාගැනීමට මගපෙන්වන ඉගෙන දරාගතයුතු කරුණු තිස්හතක්, (බෝධිපක්ඛිය ධම්ම) අරියා නිය්යාණිකා සම්බොධගාමිනො අරිය උතුමන් හෙවත් බුදු පසේබුදු මහරහතුන් විසින් එළඹෙන ලද, (මේ) ලෝකයෙන් එතරට - නික්ම යා හැකි, (සසරින් ඉවතට පමුණුවන) මනා අවබෝධය වූ අරහත්බවට පැමිණෙන්නා වූ, තෙසං වො භික්ඛවෙ -පෙ- සවණාය මහණෙනි, ඒ අවබෝධය කරා ගෙන යන කුසල දහම, කා උපනිසා මෙය ඇසීමෙන් ඔබලාට ලැබෙන පලය කුමක්ද? කුමක් නිසා මේ දහම අසවු’දැයි කියන ලදී. දෙයාකාරව කරුණු විමසා බැලීමෙන්, ඇති සැටියෙන් දැකීමේ නුවණ ඇතිවෙයි. යාවදෙව පැහැදිලි කරන දෙය අවධාරණයෙන් දැක්වීමට යොදන වචනයකි. කොටස් දෙකක් යන අදහසින් ද්වයා වේ. එසේ දෙආකාර වූ, ද්වායනං යනු ද වචනයකි. යථාභූතං ඤාණයා වෙනස් නොවන නුවණ, එසේ කියන ලද්දේ කුමක් හෙයින් ද? ලොවී ලොවුතුරු ලෙසින් දෙයාකාරව කිවයුතු කරුණු (අතර) විදසුන් යන නමින් හඳුන්වන, ඇති තතු ඒ අයුරින්ම දක්නා නුවණයි. මෙහිදී ඒ ගැන වැඩිදුර නොදැක්වේ. ඇසීමෙන් මෙපමණකැයි දැනගත හැකිය. ඊටත් වඩා උසස් අවබෝධයක් ඒ ගැන ලැබිය යුත්තේ භාවනාවෙනි. කිඤ්චද්වයතං වදෙථ ‘මහණෙනි, දෙයාකාරව කුමක් උදෙසා කියන්නේදැ’යි ඔබලා සිතන්නාහුද? කිනම් පදරුත් අනුව දෙයාකාර වේද? එහි අදහස වදාළ මැනව’.
(1) තතො භගවා ද්වයතං දස්සෙන්තො “ඉදං දුක්ඛ”න්ති එවමාදිමාහ. තත්ථ ද්වයතානං චතුසච්චධම්මානං “ඉදං දුක්ඛං, අයං දුක්ඛසමුදයො”ති එවං ලොකියස්ස එකස්ස අවයවස්ස සහෙතුකස්ස වා දුක්ඛස්ස දස්සනෙන අයං එකානුපස්සනා, ඉතරා ලොකුත්තරස්ස දුතියස්ස අවයවස්ස සඋපායස්ස වා නිරොධස්ස දස්සනෙන දුතියානුපස්සනා. පඨමා චෙත්ථ තතියචතුත්ථවිසුද්ධීහි හොති, දුතියා පඤ්චමවිසුද්ධියා. එවං සම්මා ද්වයතානුපස්සිනොති ඉමිනා වුත්තනයෙන සම්මා ද්වයධම්මෙ අනුපස්සන්තස්ස සතියා අවිප්පවාසෙන අප්පමත්තස්ස, කායිකචෙතසිකවීරියාතාපෙන ආතාපිනො කායෙ ච ජීවිතෙ ච නිරපෙක්ඛත්තා , පහිතත්තස්ස. පාටිකඞ්ඛන්ති ඉච්ඡිතබ්බං. දිට්ඨෙව ධම්මෙ අඤ්ඤාති අස්මිංයෙව අත්තභාවෙ අරහත්තං. සති වා උපාදිසෙසෙ අනාගාමිතාති “උපාදිසෙස”න්ති පුනබ්භවවසෙන උපාදාතබ්බක්ඛන්ධසෙසං වුච්චති, තස්මිං වා සති අනාගාමිභාවො පටිකඞ්ඛොති දස්සෙති. තත්ථ කිඤ්චාපි හෙට්ඨිමඵලානිපි එවං ද්වයතානුපස්සිනොව හොන්ති, උපරිමඵලෙසු පන උස්සාහං ජනෙන්තො එවමාහ.
(1) එහිදී භාග්‍යවතුන් වහන්සේ එම දෙආකාරය පහදමින් ‘මේ දුක’ යැයි වදාළහ. සිවුසස් දහම්හි ‘මේ දුකය, මේ දුක ඇතිවීමට හේතුව’ යැයි දෙආකාරව දැක්වේ. මෙසේ එදිනෙදා ඇතිවන දේවල, කරුණුවල හේතු සහගතව දුක දැකීම අයමෙකානුපස්සනා මේ ලෝකයෙන් එහා (සසර පැවැත්මේ) නැවතීම දැකීම අනෙක් කොටස ලෙස දුතියානුපස්සනා පළමුවෙන් මෙහිදී දැකීමෙහි පිරිසිදුවීම හා සැක දුරුවීමෙහි පිරිසිදු බව (දිට්ඨි, කංඛා විතරණ) ඇතිවෙයි. දෙවැනි බැලීමේදී ඒ අවබෝධයට අදාල වන මග නොමග දැකීමේ පිරිසිදු බව (මග්ගාමග්ග ඤාණදස්සන) වේ. සම්මාද්වයතානුපස්සිනො කී පරිද්දෙන් මැනවින් දෙආකාරයෙන්, සිහිය නොවෙනස්ව පවත්වා ගනිමින් නැතිවන සුළු බව වැනසීමට පත්වන සැටි මෙනෙහි කිරීමෙන්, අප්පමත්තස්ස කායික හා මානසිකව ඇතිවන කෙලෙස් උත්සාහයෙන් තැවීමෙන් මැඩපැවැත්වීමෙන් ආතාපිනො සිරුර පිළිබඳවද, ජීවිතය පිළිබඳවද බලාපොරොත්තු නැති බැවින් පහිතත්තස්ස, පාටිකංඛං කැමතිවිය යුතුය. දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා මේ ජීවිතයෙහිදීම හෝ අරහත් බව සති වා උපාදිසෙසෙ අනාගාමිතා උපාදිසෙස යනු නැවත සසර උපතකට ඉඩ ඇති පරිදි ඉපදීම ඇති කරවන (විඤ්ඤාණ) ඉතිරිව ඇති හේතු, එසේ ඇති කල්හී, අනාගාමී බව බලාපොරොත්තු වේ යැයි දැක්වෙයි. ඊට පසු ලබන පලය වුවත් දෙආකාරව, නුවණින් විමසා බැලීම වේ. මගපල අතරින් අවසානය වූ රහත්පලයට උත්සාහය වඩවනු පිණිස එසේ කීහ.
ඉදමවොචාතිආදි සඞ්ගීතිකාරානං වචනං. තත්ථ ඉදන්ති “යෙ තෙ, භික්ඛවෙ”තිආදිවුත්තනිදස්සනං. එතන්ති ඉදානි “යෙ දුක්ඛ”න්ති එවමාදිවත්තබ්බගාථාබන්ධනිදස්සනං. ඉමා ච ගාථා චතුසච්චදීපකත්තා වුත්තත්ථදීපිකා එව, එවං සන්තෙපි ගාථාරුචිකානං පච්ඡා ආගතානං පුබ්බෙ වුත්තං අසමත්ථතාය අනුග්ගහෙත්වා “ඉදානි යදි වදෙය්ය සුන්දර”න්ති ආකඞ්ඛන්තානං වික්ඛිත්තචිත්තානඤ්ච අත්ථාය වුත්තා. විසෙසත්ථදීපිකා වාති අවිපස්සකෙ විපස්සකෙ ච දස්සෙත්වා තෙසං වට්ටවිවට්ටදස්සනතො, තස්මා විසෙසත්ථදස්සනත්ථමෙව වුත්තා. එස නයො ඉතො පරම්පි ගාථාවචනෙසු.
ඉදමවොච ආදී වැකි සංගායනාවට සහභාගී වූ තෙරුගේ වචනයි. එහි ඉදං ‘මහණෙනි, යම් ඒ දේවල් ආදී ලෙසින් කියන ලද අයුරු නිදසුන්ය. එතං මීළඟට ‘යම් දුකක්’ ආදී ලෙසට කිවයුතු වූ සකස්කරන ලද ගාථා ද නිදසුන්ය. මේ ගාථාද සිවුසස් පහදා දීමට අරුත් දනවන ගාථාය. මෙසේ දක්වා ඇතිවිට, ගාථාවලට කැමති වූවන්ට ද, පසුව මෙහි කරුණු දැනගැනීමට උනන්දු වන්නන්ට ද, මුලදී කියනවිට, එකවරටම සිත දරා ගැනීමට නොහැකි වූ බැවින්, දැන් මෙසේ කියන අයුරු හොඳයැයි එය අසා දරා ගැනීමට කැමති වන්නන්ටද, සිත අවුල් සහගත වූවන්ටද වඩාත් අරුත් පැහැදිලිවීමටද හේතු වේ. මැනවින් නුවණ මෙහෙයා නොවිමසන තැනැත්තන්ටද සසර පිළිබඳව පෙන්වාදෙන හෙයින් වෙසෙසින් අරුත් දැක්වීමක් ලෙස වැදගත් වේ. මෙයින් පසු සඳහන් වන ගාථාවලටද එසේමය.
තත්ථ යත්ථ චාති නිබ්බානං දස්සෙති. නිබ්බානෙ හි දුක්ඛං සබ්බසො උපරුජ්ඣති, සබ්බප්පකාරං උපරුජ්ඣති, සහෙතුකං උපරුජ්ඣති, අසෙසඤ්ච උපරුජ්ඣති. තඤ්ච මග්ගන්ති තඤ්ච අට්ඨඞ්ගිකං මග්ගං.
යත්ථ චා මෙයින් නිවන දක්වයි. දුක්ඛං සබ්බසො උපරුජ්ඣති නිවන මුළුමනින්ම දුක වනසයි. දුකට හේතු වළකයි. අස්සෙඤ්ච එසේ විනාස කරයි. තඤ්ච මග්ගං ඒ අරි අටගි මග,
චෙතොවිමුත්තිහීනා තෙ, අථො පඤ්ඤාවිමුත්තියාති එත්ථ අරහත්තඵලසමාධි රාගවිරාගා චෙතොවිමුත්ති, අරහත්තඵලපඤ්ඤා අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්තීති වෙදිතබ්බා. තණ්හාචරිතෙන වා අප්පනාඣානබලෙන කිලෙසෙ වික්ඛම්භෙත්වා අධිගතං අරහත්තඵලං රාගවිරාගා චෙතොවිමුත්ති, දිට්ඨිචරිතෙන උපචාරජ්ඣානමත්තං නිබ්බත්තෙත්වා විපස්සිත්වා අධිගතං අරහත්තඵලං අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති. අනාගාමිඵලං වා කාමරාගං සන්ධාය රාගවිරාගා චෙතොවිමුත්ති, අරහත්තඵලං සබ්බප්පකාරතො අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්තීති. අන්තකිරියායාති වට්ටදුක්ඛස්ස අන්තකරණත්ථාය . ජාතිජරූපගාති ජාතිජරං උපගතා, ජාතිජරාය වා උපගතා, න පරිමුච්චන්ති ජාතිජරායාති එවං වෙදිතබ්බා. සෙසමෙත්ථ ආදිතො පභුති පාකටමෙව. ගාථාපරියොසානෙ ච සට්ඨිමත්තා භික්ඛූ තං දෙසනං උග්ගහෙත්වා විපස්සිත්වා තස්මිංයෙව ආසනෙ අරහත්තං පාපුණිංසු. යථා චෙත්ථ, එවං සබ්බවාරෙසු.
චෙතො විමුත්තිහීනා තෙ අථො පඤ්ඤාවිමුත්තියා මෙහි අරහත් පල සමාධියෙන් රාගය නැතිකිරීම, චෙතො විමුත්ති වේ. අරහත්පල නුවණින් අවිජ්ජා හෙවත් නොදැනීම දුරුකිරීම පඤ්ඤාවිමුත්ති යැයි දතයුතුය. තණ්හාව වැඩි, තණ්හා චරිතවත් පුද්ගලයා විසින් අවසන් දැහැන් බලයෙන් කෙලෙස් මැඩපවත්වා අරහත් පලය ලබාගැනීම රාගය නැතිකළ චෙතොවිමුත්තිය වෙයි. දැඩිව ගත් හැඟීම්වලින් යුතු (දිට්ඨි චරිත) පුද්ගලයා විසින් මුල් දැහැන් පමණක් උපදවා විදසුන් වඩා ලද අරහත් පලය අවිජ්ජාව නසන ලද පඤ්ඤා විමුත්තිය වේ. කාම රාගය දුරුකරන අනාගාමි පලයද රාග විරාග චෙතො විමුත්තිය වේ. එහෙත් අරහත් පලය මුළුමනින්ම අවිජ්ජා විරාග චෙතො විමුත්තියයි. අන්තකිරියාය සසර දුක කෙළවර කරනු පිණිස, ජාතිජරූපගා ඉපදීම, ජරාවට පත්ව, ඉපදීමෙන් ජරාවට පත්ව, ඉපදීමෙන් ජරාවෙන් නොමිදෙතියි මෙසේ දතයුතුය. ඉතිරි කරුණු මුලසිටම පැහැදිලිය. ගාථාව අවසානයෙහි සැටනමක් ඒ දෙසුම ඉගෙන විදසුන් වඩා අවසානයෙහි අරහත් බවට පත්වූහ. හැම ගාථාවකම අවසානයේදී මෙම කරුණ පොදුය.
(2) අතො එව භගවා “සියා අඤ්ඤෙනපි පරියායෙනා”තිආදිනා නයෙන නානප්පකාරතො ද්වයතානුපස්සනං ආහ. තත්ථ දුතියවාරෙ උපධිපච්චයාති සාසවකම්මපච්චයා. සාසවකම්මඤ්හි ඉධ “උපධී”ති අධිප්පෙතං. අසෙසවිරාගනිරොධාති අසෙසං විරාගෙන නිරොධා, අසෙසවිරාගසඞ්ඛාතා වා නිරොධා.
(2) ඊට පසු භාග්‍යවතුන් වහන්සේ සියා අඤ්ඤෙනාපි පරියායෙන ආදී ලෙසින්, නොයෙක් අයුරින් දෙආකාරයෙන් විමසා බැලීම ගැන, කීහ. එහි දෙවන වාරයෙහි සඳහන් උපධිපච්චයා කෙලෙස් සහගතව කරන කියන කටයුතුය. කෙලෙස් සහිත කටයුතු මෙහි උපධි යැයි අදහස් වේ. අස්සෙ විරාගනිරොධා මුළුමනින්ම විරාගයෙන් (රාගය) නැති කිරීමයි.
උපධිනිදානාති කම්මපච්චයා. දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සීති වට්ටදුක්ඛස්ස ජාතිකාරණං “උපධී”ති අනුපස්සන්තො. සෙසමෙත්ථ පාකටමෙව. එවං අයම්පි වාරො චත්තාරි සච්චානි දීපෙත්වා අරහත්තනිකූටෙනෙව වුත්තො. යථා චායං, එවං සබ්බවාරා.
උපධි නිදානා ඒ කටයුතු (කම්ම) හේතුයි. දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී සසර දුකෙහි ඉපදීම ඇතිකරන එම උපධි ගැන නුවණින් විමසා බලමින්, ඉතිරි වචනවල අරුත් පැහැදිලිය. මෙසේ මේ කොටසෙහි සිවුසස් සඳහන් කොට අරහත් බව කුළුගන්වා ඇත. හැම ගාථාවකම අවසානය මෙබඳු වේ.
(3) තත්ථ තතියවාරෙ අවිජ්ජාපච්චයාති භවගාමිකම්මසම්භාරඅවිජ්ජාපච්චයා. දුක්ඛං පන සබ්බත්ථ වට්ටදුක්ඛමෙව.
(3) තුන්වන වර, අවිජ්ජා පච්චයා යයි වදාළේ සසර ගමනට අදාල නොදැනීමේ හේතුවයි. දුක්ඛං මෙය සඳහන් වූ හැමවිටකම සසර දුකම ගැනේ.
ජාතිමරණසංසාරන්ති ඛන්ධනිබ්බත්තිං ජාතිං ඛන්ධභෙදං මරණං ඛන්ධපටිපාටිං සංසාරඤ්ච. වජන්තීති ගච්ඡන්ති උපෙන්ති. ඉත්ථභාවඤ්ඤථාභාවන්ති ඉමං මනුස්සභාවං ඉතො අවසෙසඅඤ්ඤනිකායභාවඤ්ච. ගතීති පච්චයභාවො.
ජාතිමරණ සංසාරං රූපාදී සමූහ පහ (හෙවත් සිරුර) ඇතිකරවන උපතයි. ඒ සමූහයේ බිඳීම වූ මරණය, ඒ සමූහයෙහි පැවැත්ම හෙවත් පිළිවෙල සසර ද වේ. වජන්ති යති, එළඹෙති, ඉත්ථභාවඤ්ඤථාභාවං මේ මිනිස් භවය හෝ වෙනත් ආකාර ඉපදීම්, ගති උපත ලබන තැන්,
අවිජ්ජා හායන්ති අවිජ්ජා හි අයං. විජ්ජාගතා ච යෙ සත්තාති යෙ ච අරහත්තමග්ගවිජ්ජාය කිලෙසෙ විජ්ඣිත්වා ගතා ඛීණාසවසත්තා. සෙසමුත්තානත්ථමෙව.
අවිජ්ජාහයං මේ නොදැනීමමය. විජ්ජාගතාච යෙ සත්තා අරහත්මග විදුබලෙන් කෙලෙස් නැතිකළ තැනැත්තෝ ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.
(4) චතුත්ථවාරෙ සඞ්ඛාරපච්චයාති පුඤ්ඤාපුඤ්ඤානෙඤ්ජාභිසඞ්ඛාරපච්චයා.
(4) සිවුවන වර සංඛාර පච්චයා පින්, පව්, කම්පානොවන ලෙසින් ඇතිවන ඒ ඒ එක්රැස් කිරීම්,
එතමාදීනවං ඤත්වාති යදිදං දුක්ඛං සඞ්ඛාරපච්චයා, එතං ආදීනවන්ති ඤත්වා. සබ්බසඞ්ඛාරසමථාති සබ්බෙසං වුත්තප්පකාරානං සඞ්ඛාරානං මග්ගඤාණෙන සමථා, උපහතතාය ඵලසමත්ථතායාති වුත්තං හොති. සඤ්ඤානන්ති කාමසඤ්ඤාදීනං මග්ගෙනෙව උපරොධනා. එතං ඤත්වා යථාතථන්ති එතං දුක්ඛක්ඛයං අවිපරීතං ඤත්වා. සම්මද්දසාති සම්මාදස්සනා. සම්මදඤ්ඤායාති සඞ්ඛතං අනිච්චාදිතො, අසඞ්ඛතඤ්ච නිච්චාදිතො ඤත්වා. මාරසංයොගන්ති තෙභූමකවට්ටං. සෙසමුත්තානත්ථමෙව.
එතමාදීනවං ඤත්වා ඒ ආකාර දුක්ඛං සංඛාර පච්චයා එය ආදීනව යැයි දැන, සබ්බ සංඛාර සමථා කියන ලද පරිදි මුළුමනින්ම සංඛාර මග නුවණින් සන්සිඳවීමෙන්, මගපල ලැබීමේ හැකියාව ගැන කියන ලදී. සඤ්ඤානං කාම හැඳිනීම් ආදී මගෙන්ම උපරොධනා, එතං ඤත්වා යථා තථං එම දුක නැතිකිරීම නොවෙනස්ව දැන, සම්මද්දසා මනාව දැකීමෙන්, සම්මදඤ්ඤාසා යම් යම් දේ එක්වීමෙන් සකස්වන සියළුම දෙයෙහි අනියත බව දැන, මාර සංයොගං සසරෙහි තුන් භවයටම අදාල වූ, ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.
(5) පඤ්චමවාරෙ විඤ්ඤාණපච්චයාති කම්මසහජාතඅභිසඞ්ඛාරවිඤ්ඤාණපච්චයා.
(5) පස්වන වාරයෙහි විඤ්ඤාණ පච්චයා කම්ම සහජාත අභිසංඛාර විඤ්ඤාණය හේතුවෙයි.
නිච්ඡාතොති නිත්තණ්හො. පරිනිබ්බුතොති කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බුතො හොති. සෙසං පාකටමෙව.
නිච්ඡාතො තණ්හාව නැති, පරිනිබ්බුතො මුළුමනින් කෙලෙස් නැතිකිරීමෙන් නිවනට පත්වූයේ වෙයි. ඉතිරි කරුණු පැහැදිලිය.
(6) ඡට්ඨවාරෙ ඵස්සපච්චයාති අභිසඞ්ඛාරවිඤ්ඤාණසම්පයුත්තඵස්සපච්චයාති අත්ථො. එවං එත්ථ පදපටිපාටියා වත්තබ්බානි නාමරූපසළායතනානි අවත්වා ඵස්සො වුත්තො. තානි හි රූපමිස්සකත්තා කම්මසම්පයුත්තානෙව න හොන්ති, ඉදඤ්ච වට්ටදුක්ඛං කම්මතො වා සම්භවෙය්ය කම්මසම්පයුත්තධම්මතො වාති.
(6) සවැනි වාරයෙහි, ඵස්ස පච්චයා සකස් වූ විඤ්ඤාණය පහසට හේතු වේයැයි තේරුමයි. මෙසේ වචන පිළිවෙලින් දක්වන්නේ නම්, නාමරූප, සළායතන නොකියා, ඵස්ස යැයි කියා ඇත. ඒවා රූප මුසුවන බැවින් කම්ම හා එක්ව නොයෙදේමය. මේ සසර දුක ද කම්මයෙන් හෝ කම්ම බැඳෙන කරුණුවලින් ඇතිවන්නේ ය.
භවසොතානුසාරිනන්ති තණ්හානුසාරිනං. පරිඤ්ඤායාති තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා. අඤ්ඤායාති අරහත්තමග්ගපඤ්ඤාය ඤත්වා. උපසමෙ රතාති ඵලසමාපත්තිවසෙන නිබ්බානෙ රතා. ඵස්සාභිසමයාති ඵස්සනිරොධා. සෙසං පාකටමෙව.
භවසොතානුසාරිනං තණ්හාව අනුව යන, පරිඤ්ඤාය තුන්ආකාර වූ නුවණින් දැන, අඤ්ඤාය අරහත් මග නුවණින් දැන, උපසෙම රතා පල සමවත් ලෙසින් නිවනෙහි ඇලුන, ඵස්සාභිසමයා පහස නැතිකිරීමෙන්, ඉතිරි කරුණු පැහැදිලිය.
(7) සත්තමවාරෙ වෙදනාපච්චයාති කම්මසම්පයුත්තවෙදනාපච්චයා.
(7) සත්වන වාරයෙහි වෙදනා පච්චයා කම්ම හා එක්වන වෙදනා හේතු වේ.
අදුක්ඛමසුඛං සහාති අදුක්ඛමසුඛෙන සහ. එතං දුක්ඛන්ති ඤත්වානාති එතං සබ්බං වෙදයිතං “දුක්ඛකාරණ”න්ති ඤත්වා, විපරිණාමට්ඨිතිඅඤ්ඤාණදුක්ඛතාහි වා දුක්ඛං ඤත්වා. මොසධම්මන්ති නස්සනධම්මං. පලොකිනන්ති ජරාමරණෙහි පලුජ්ජනධම්මං. ඵුස්ස ඵුස්සාති උදයබ්බයඤාණෙන ඵුසිත්වා ඵුසිත්වා. වයං පස්සන්ති අන්තෙ භඞ්ගමෙව පස්සන්තො. එවං තත්ථ විජානතීති එවං තා වෙදනා විජානාති, තත්ථ වා දුක්ඛභාවං විජානාති. වෙදනානං ඛයාති තතො පරං මග්ගඤාණෙන කම්මසම්පයුත්තානං වෙදනානං ඛයා. සෙසමුත්තානමෙව.
අදුක්ඛම සුඛං සහ (වේදනාවෙහි කොටස් දක්වන අයුරු) දුකත් සැපත් නොවන වේදනා සමග, එතං දුක්ඛන්ති ඤත්වාන එය විඳිනු ලබන්නා වූ සියළු දෙයෙහි දුකට කරුණකැයි දැන, මොස ධම්මං නැසෙන බැවින් යුතු, පලොකිතං ජරා මරණයෙන් බිඳෙනසුළු බවින් යුතු, ඵුස්ස ඵුස්ස ඇතිවීම නැතිවීම නුවණින් අරමුණු කොට බලා, වයං පස්ස අවසානයෙහි වැනසීම නැතිවීම දකිමින්, එවං තත්ථ විජානති මෙසේ ඒ වේදනාව දැනගනී. එහි දුක් බව හෝ දැනගනී. වෙදනානං ඛයා ඉන්පසු මගනුවණින් කම්ම හා බැඳුණු වේදනාව නැති කිරීමෙන්. ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිය.
(8) අට්ඨමවාරෙ තණ්හාපච්චයාති කම්මසම්භාරතණ්හාපච්චයා .
(8) අටවන වාරයෙහි තණ්හා පච්චයා කම්ම හා බැඳෙන තණ්හාව හේතුවෙන්,
එතමාදීනවං ඤත්වා, තණ්හං දුක්ඛස්ස සම්භවන්ති එතං දුක්ඛස්ස සම්භවං තණ්හාය ආදීනවං ඤත්වා. සෙසමුත්තානමෙව.
එතමාදීනවං ඤත්වා තණ්හා දුක්ඛස්ස සම්භවං ඒ දුකට හේතුවන තණ්හාවෙහි ආදීනව දැන, ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිය.
(9) නවමවාරෙ උපාදානපච්චයාති කම්මසම්භාරඋපාදානපච්චයා.
(9) නවවන වාරයෙහි උපාදාන පච්චයා කම්ම හා බැඳුණු දැඩිව අල්වා ගැනීමෙන්,
භවොති විපාකභවො ඛන්ධපාතුභාවො. භූතො දුක්ඛන්ති භූතො සම්භූතො වට්ටදුක්ඛං නිගච්ඡති. ජාතස්ස මරණන්ති යත්රාපි “භූතො සුඛං නිගච්ඡතී”ති බාලා මඤ්ඤන්ති, තත්රාපි දුක්ඛමෙව දස්සෙන්තො ආහ – “ජාතස්ස මරණං හොතී”ති. දුතියගාථාය යොජනා – අනිච්චාදීහි සම්මදඤ්ඤාය පණ්ඩිතා උපාදානක්ඛයා ජාතික්ඛයං නිබ්බානං අභිඤ්ඤාය න ගච්ඡන්ති පුනබ්භවන්ති.
භවො (පෙර කම්පල අනුව ලබන) උපත සිදුවන ලෝකයෙහි රූපාදී සමූහයේ හටගැනීම, භූතො දුක්ඛං ඇතිවූ, හටගත්තා වූ සසර දුක නිගච්ඡති, ජාතස්ස මරණං එසේ උපත ලද තැනැත්තා ‘සැපසේ ඉවත්ව යති’යි අනුවණයෝ සිතති. එහිද දුකම පෙන්වාදෙමින් ජාතස්ස මරණං හොති යැයි වදාළහ. ඊළඟ ගාථාවේ කිසිම දෙයක තිර නැති බව සළකා සම්මදඤ්ඤාය පණ්ඩිතා උපාදානක්ඛයා ජාතික්ඛයං අභිඤ්ඤාය නාගච්ඡන්ති පුනබ්භවං නිවනට (පැමිණෙන බව දැක්වේ.)
(10) දසමවාරෙ ආරම්භපච්චයාති කම්මසම්පයුත්තවීරියපච්චයා.
(10) දහවන වාරයෙහි ආරම්භ පච්චයා කරන කියන කටයුතු ආදිය (කම්ම) හා බැඳුණු උත්සාහය හේතුවෙන්,
අනාරම්භෙ විමුත්තිනොති අනාරම්භෙ නිබ්බානෙ විමුත්තස්ස. සෙසමුත්තානමෙව.
අනාරම්භ විමුත්තිනො නිවනට පත් කෙලෙස්වලින් මිදුණු තැනැත්තාට ඒ උත්සාහය නැති වෙයි. ඉතිරි කරුණු කලින් දැක්වූ පරිදිය.
(11) එකාදසමවාරෙ ආහාරපච්චයාති කම්මසම්පයුත්තාහාරපච්චයා. අපරො නයො – චතුබ්බිධා සත්තා රූපූපගා, වෙදනූපගා, සඤ්ඤූපගා, සඞ්ඛාරූපගාති. තත්ථ එකාදසවිධාය කාමධාතුයා සත්තා රූපූපගා කබළීකාරාහාරසෙවනතො. රූපධාතුයා සත්තා අඤ්ඤත්ර අසඤ්ඤෙහි වෙදනූපගා ඵස්සාහාරසෙවනතො. හෙට්ඨා තිවිධාය අරූපධාතුයා සත්තා සඤ්ඤූපගා සඤ්ඤාභිනිබ්බත්තමනොසඤ්චෙතනාහාරසෙවනතො . භවග්ගෙ සත්තා සඞ්ඛාරූපගා සඞ්ඛාරාභිනිබ්බත්තවිඤ්ඤාණාහාරසෙවනතොති. එවම්පි යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආහාරපච්චයාති වෙදිතබ්බං.
(11) එකොළොස්වන වන වාරයෙහි - ආහාර පච්චයා කම්ම හා බැඳුණු ආහාර හේතුවෙන්, වෙනත් අයුරින් දක්වතොත්, ජීවීහු රූපයෙන්, වින්දනයෙන් (වේදනා) හැඳිනීමෙන්, කුසල් අකුසල් (යහපත්-අයහපත) රැස් කිරිම අනුව සිවු ආකාර වෙති. එසේ කාම ලෝක එකොළහක උපන් සියළුම සත්වග, අතරින් රූපයක් ලද්දෝ විකා ගනු ලබන ආහාර ඇසුරු කරති. අසඤ්ඤතලයෙහි උපත ලද්දවුන් හැර, රූප ලෝකයෙහි උපත ලද්දෝ වේදනා (වින්දන) යුතු පහස - ඵස්සාහාරය සේවනය කරන්නෝය. අරූප ලෝකයෙහි පහළ වන්නෝ හැඳිනීම් අනුව මනසේ ඇතිවන සිතිවිලි ඇසුරු කරන්නෝය. භවග්ගයෙහි පහළ වන්නෝ සංඛාරයෙන් උපන් විඤ්ඤාණ හෙවත් සිතම (අහර සේ) ඇසුරු කොට පවතී. මෙසේද යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං ආහාර පච්චයා යැයි දතයුතුය.
ආරොග්යන්ති නිබ්බානං. සඞ්ඛාය සෙවීති චත්තාරො පච්චයෙ පච්චවෙක්ඛිත්වා සෙවමානො, “පඤ්චක්ඛන්ධා ද්වාදසායතනානි අට්ඨාරසධාතුයො”ති එවං වා ලොකං සඞ්ඛාය “අනිච්චං දුක්ඛං අනත්තා”ති ඤාණෙන සෙවමානො. ධම්මට්ඨොති චතුසච්චධම්මෙ ඨිතො. සඞ්ඛ්‍යං නොපෙතීති “දෙවො”ති වා “මනුස්සො”ති වා ආදිකං සඞ්ඛ්‍යං න ගච්ඡති. සෙසමුත්තානමෙව.
අරොග්යං නිවන, සංඛාය සෙවී සිවුපසයෙහි නුවණින් විමසා බලා, පරිහරණය කරන, ඛන්ධ පහ, ආයතන දොළහ, ධාතු දහඅට ලෙසින් හෝ ලොව ඇති තතු සළකා ‘තිර බවක් නැත. දුකය, තමන් යැයි කියා දෙයක් නැතැයි නුවණින් සළකමින්, ධම්මට්ඨො සිවුසස් දහමෙහි පිහිටියේ, සංඛං නොපෙති ‘දෙවියකු’ හෝ ‘මිනිසෙකු’ ලෙස නොගැනේ. ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිය.
(12) ද්වාදසමවාරෙ ඉඤ්ජිතපච්චයාති තණ්හාමානදිට්ඨිකම්මකිලෙසඉඤ්ජිතෙසු යතො කුතොචි කම්මසම්භාරිඤ්ජිතපච්චයා.
(12) දොළොස්වන වාරයෙහි, ඉඤ්ජිත පච්චයා තණ්හා, මාන, දිට්ඨි කම් කෙලෙස්වලින් සැලෙන කල්හි, කම්ම හා බැඳුණු ඒ කෙලෙස් හේතුවෙන්,
එජං වොස්සජ්ජාති තණ්හං චජිත්වා. සඞ්ඛාරෙ උපරුන්ධියාති කම්මං කම්මසම්පයුත්තෙ ච සඞ්ඛාරෙ නිරොධෙත්වා. සෙසමුත්තානමෙව.
එජං වොස්සජ්ජ තණ්හාව හැරදමා, සංඛාරෙ උපරුන්ධිය කම්ම හා ඒ හා බැඳුණු රැස්කිරීම් නැතිකොට, ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිය.
(13) තෙරසමවාරෙ නිස්සිතස්ස චලිතන්ති තණ්හාය තණ්හාදිට්ඨිමානෙහි වා ඛන්ධෙ නිස්සිතස්ස සීහසුත්තෙ (සං· නි· 3.78) දෙවානං විය භයචලනං හොති. සෙසමුත්තානමෙව.
(13) දහතුන්වන වාරයෙහි නිස්සිතස්ස චලිතං තණ්හාවෙන් හෝ තණ්හා දිට්ඨි මානයෙන් හෝ සිරුර ඇසුරුකොට ඇති බිය, සීහ සූත්‍රයෙහි සඳහන් දෙවියන්ට ඇති වූ බිය මෙන් සෙලවීමට, ගැස්සීමට පත්කරයි. ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිය.
(14) චුද්දසමවාරෙ රූපෙහීති රූපභවෙහි රූපසමාපත්තීහි වා. අරූපාති අරූපභවා අරූපසමාපත්තියො වා. නිරොධොති නිබ්බානං.
(14) දහහතරවන වාරයහි, රූපෙහි රූප භවයෙහි හෝ රූප සමාපත්ති කෙරෙහි හෝ ආරුප්පා අරූපී භවයෙහි හෝ අරූප සමාපත්ති කෙරෙහි හෝ, නිරොධො නිවන,
මච්චුහායිනොති මරණමච්චු කිලෙසමච්චු දෙවපුත්තමච්චුහායිනො, තිවිධම්පි තං මච්චුං හිත්වා ගාමිනොති වුත්තං හොති. සෙසමුත්තානමෙව.
මච්චුහායිනො මරණ මරු, කෙලෙස් මරු, දෙව්පුත් මාර යන තුන්ආකාර මරණ අත්හැර ගියේ යැයි කියන ලදී. (ඉදිරි උපතක් නැත) ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිය.
(15) පන්නරසමවාරෙ යන්ති නාමරූපං සන්ධායාහ. තඤ්හි ලොකෙන ධුවසුභසුඛත්තවසෙන “ඉදං සච්ච”න්ති උපනිජ්ඣායිතං දිට්ඨමාලොකිතං. තදමරියානන්ති ඉදං අරියානං, අනුනාසිකඉකාරලොපං කත්වා වුත්තං. එතං මුසාති එතං ධුවාදිවසෙන ගහිතම්පි මුසා, න තාදිසං හොතීති. පුන යන්ති නිබ්බානං සන්ධායාහ. තඤ්හි ලොකෙන රූපවෙදනාදීනමභාවතො “ඉදං මුසා නත්ථි කිඤ්චී”ති උපනිජ්ඣායිතං. තදමරියානං එතං සච්චන්ති තං ඉදං අරියානං එතං නික්කිලෙසසඞ්ඛාතා සුභභාවා, පවත්තිදුක්ඛපටිපක්ඛසඞ්ඛාතා සුඛභාවා, අච්චන්තසන්තිසඞ්ඛාතා නිච්චභාවා ච අනපගමනෙන පරමත්ථතො “සච්ච”න්ති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං.
(15) පහළොස්වන වාරයෙහි, යං නාමරූප උදෙසා කියන ලදී. එයද ලෝකයා විසින් සදා පවත්නා වූ, යහපත් හා සැප ලෙසින් සළකා ඉදං සච්චං (මේ ඇත්ත යයි) කල්පනාකොට, තදින්ම ඒ හැඟීම්වලින් වෙලී පවතී. තදමරියානං එය, මේ බුද්ධාදී උතුමන්ට, තං ඉදං අරියානං - තං ඉදං අනුනාසික ඉ කාරය ලොප්කොට කියන ලදී. එතං මුසා එය සදා පවතී යැයි දැඩිව සිතාගැනීමද බොරුවකි. එය එසේ නොවේ. නැවත යං යනුවෙන් නිවන සඳහා කීහ. එහිද ලෝකයා විසින් රූප, වේදනා ආදිය නොමැති බැවින් ඉදං මුසා කිසිත් නැතැ’යි උපනිජ්ඣායිතං තදමරියානමෙතං සච්චං බුද්ධාදී උතුමන්ගේ මෙම කෙලෙස් රහිත බව යහපත් බවත්, දුක පිළිකෙව් කරන ලද බැවින්, සැපවත් බවත්, අසීමිත සන්හුන් බවින් නිසලතාව මෙන්ම, (ලොවුතුරු බවින්) ඉවත් නොවන පරම ඇත්ත, යථාභූතං සම්මප්පඤ්ඤාය සුද්දිට්ඨං
අනත්තනි අත්තමානින්ති අනත්තනි නාමරූපෙ අත්තමානිං. ඉදං සච්චන්ති මඤ්ඤතීති ඉදං නාමරූපං ධුවාදිවසෙන “සච්ච”න්ති මඤ්ඤති. යෙන යෙන හීති යෙන යෙන රූපෙ වා වෙදනාය වා “මම රූපං, මම වෙදනා”තිආදිනා නයෙන මඤ්ඤන්ති. තතො තන්ති තතො මඤ්ඤිතාකාරා තං නාමරූපං හොති අඤ්ඤථා. කිං කාරණං? තඤ්හි තස්ස මුසා හොති, යස්මා තං යථාමඤ්ඤිතාකාරා මුසා හොති, තස්මා අඤ්ඤථා හොතීති අත්ථො. කස්මා පන මුසා හොතීති? මොසධම්මඤ්හි ඉත්තරං, යස්මා යං ඉත්තරං පරිත්තපච්චුපට්ඨානං, තං මොසධම්මං නස්සනධම්මං හොති, තථාරූපඤ්ච නාමරූපන්ති. සච්චාභිසමයාති සච්චාවබොධා. සෙසමුත්තානමෙව.
අනත්තනි අත්තමානි තමා කෙරෙහි නොවන නාමරූපය තමාට අයත් යයි සළකා සච්චන්ති මඤ්ඤති මෙම නාමරූපය සදා පවතී යන්න ‘ඇත්තක් සේ හඟිති. යෙන යෙන හි යම් යම් රූපයක හෝ වින්දනයෙහි හෝ ‘මගේ රුව, මගේ (පහස) ආදී විඳීම් ලෙසින් මඤ්ඤන්ති, තතො තං එසේ කල්පනා කරන ලද ආකාරයෙන් ඒ නාමරූපය හොති අඤ්ඤථා ඊට හේතු කිමෙක්ද? තං හි තස්ස මුසා හොති එසේ කල්පනා කරන ලද ආකාරයෙන් ඒ නාමරූපය බොරුවකි. ‘එහෙයින් වෙනස් වේ’ යැයි තේරුමයි. ‘බොරුවක් වන්නේ කවර හෙයින්ද? මොසධම්මං හි ඉත්තරං යම් ලෙසකින් ඉතා මඳව හෝ නාම රූප එබඳු යැයි එසේ කල්පනා කරන්නේ නම්, වනසන ගතියකි. (කරුණු වරදවා ගැනීමකි.) සච්චාභිසමයා ඇති තතු ඒ අයුරින් අවබෝධයයි. ඉතිරි කරුණු පෙර කී පරිදිය.
(16) සොළසමවාරෙ යන්ති ඡබ්බිධමිට්ඨාරම්මණං සන්ධායාහ. තඤ්හි ලොකෙන සලභමච්ඡමක්කටාදීහි පදීපබළිසලෙපාදයො විය “ඉදං සුඛ”න්ති උපනිජ්ඣායිතං. තදමරියානං එතං දුක්ඛන්ති තං ඉදං අරියානං “කාමා හි චිත්‍රා මධුරා මනොරමා, විරූපරූපෙන මථෙන්ති චිත්ත”න්තිආදිනා (සු· නි· 50; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 136) නයෙන “එතං දුක්ඛ”න්ති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං. පුන යන්ති නිබ්බානමෙව සන්ධායාහ. තඤ්හි ලොකෙන කාමගුණාභාවා “දුක්ඛ”න්ති උපනිජ්ඣායිතං. තදමරියානන්ති තං ඉදං අරියානං පරමත්ථසුඛතො “එතං සුඛ”න්ති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං.
(16) දහසයවන වාරයෙහි යං යනුවෙන් සය ආකාර වූ ඉටු අරමුණු සඳහා කියන ලදී. එහිදී ලෝකයා විසින් පළගැටියෙකු පහන් ආලෝකයට, මසෙකු බිලී කොක්කට, වඳුරෙකු ලේපයකට ඇලෙන සේ කටයුතු කරනු ලබයි.) එතං සුඛංන්ති උපනිජ්ඣායිතං, තදමරියානං එතං දුක්ඛං බුද්ධාදී උතුමන් ‘කාමයන් විසිතුරුය, මිහිරිය, සිත්ගනී, නියම ගති වෙනස්කොට දක්වා සිත කළඹතැ’යි, කාමා හි චිත්‍රා මධුරා මනොරමා, විරූපරූපෙන මථෙන්ති චිත්තං ආදී ලෙසින් එහි දුක උපදවන බව පැහැදිලි කරනු ලබයි. යථාභූතං සම්මපඤ්ඤාය සුද්දිටඨං නැවතත් යං නිවන සඳහාම කීහ. එහිදී ලෝකයා විසින් කැමති වින්දන නොලබනවිට දුක්ඛන්ති උපනිජ්ඣායිතං තදමරියානං බුද්ධාදී උතුමන් එය ‘ඒකාන්ත සැපයකැ’යි. එතං සුඛං ඇති සැටියෙන් භූතං සම්මප්පඤ්ඤාය සුද්දිට්ඨං,
කෙවලාති අනවසෙසා. ඉට්ඨාති ඉච්ඡිතා පත්ථිතා. කන්තාති පියා. මනාපාති මනවුඩ්ඪිකරා. යාවතත්ථීති වුච්චතීති යාවතා එතෙ ඡ ආරම්මණා අත්ථීති වුච්චන්ති. වචනබ්යත්තයො වෙදිතබ්බො. එතෙ වොති එත්ථ වොති නිපාතමත්තං.
කෙවලා හුදෙක්ම, ඉට්ඨා කැමති දේ, පතන ලද දේ, කන්තා සතුට ගෙනෙන, මනාපා එයින් සිත පුරවාලන, යාවතත්ථිති වුච්චතී යම්තාක් ඒ සයආකාර වූ අරමුණු ඇතැ’යි කියනු ලබයි. මෙහි වචනයෙන් දක්වන භාවිත අදහස දතයුතුය. එතෙ වො ඒවායෙහි ‘වො’ යනු නිපාතයකි.
සුඛන්ති දිට්ඨමරියෙහි, සක්කායස්සුපරොධනන්ති “සුඛ”මිති අරියෙහි පඤ්චක්ඛන්ධනිරොධො දිට්ඨො, නිබ්බානන්ති වුත්තං හොති. පච්චනීකමිදං හොතීති පටිලොමමිදං දස්සනං හොති. පස්සතන්ති පස්සන්තානං, පණ්ඩිතානන්ති වුත්තං හොති. යං පරෙති එත්ථ යන්ති වත්ථුකාමෙ සන්ධායාහ. පුන යං පරෙති එත්ථ නිබ්බානං.
සුඛන්ති දිට්ඨං අරියෙහි සක්කායස්ස උපරොධනං බුද්ධාදී උතුමන් විසින් ඛන්ධපසෙහි අවසානය සැපයකැයි දක්නා ලදී. නිවන ගැන මෙයින් කියා ඇත. පච්චනීකමිදං හොති මෙය නොගැලපෙන අදහසකි. පස්සතං නිවැරදිව දකින තැනැත්තන්ට, ‘පණ්ඩිතයෝ’ යැයි කියන ලදී. මෙහි යං පරෙ යන ගාථාවෙහි යං යෙදුනේ කැමැත්ත ඇතිකරන දේවල් සඳහාය. නැවත යං පරෙ යයි සඳහන් වන්නේ නිවන යි.
පස්සාති සොතාරං ආලපති. ධම්මන්ති නිබ්බානධම්මං. සම්පමූළ්හෙත්ථවිද්දසූති සම්පමූළ්හා එත්ථ අවිද්දසූ බාලා. කිංකාරණං සම්පමූළ්හා? නිවුතානං තමො හොති , අන්ධකාරො අපස්සතං , බාලානං අවිජ්ජාය නිවුතානං ඔත්ථටානං අන්ධභාවකරණො තමො හොති, යෙන නිබ්බානධම්මං දට්ඨුං න සක්කොන්ති. සතඤ්ච විවටං හොති, ආලොකො පස්සතාමිවාති සතඤ්ච සප්පුරිසානං පඤ්ඤාදස්සනෙන පස්සතං ආලොකොව විවටං හොති නිබ්බානං. සන්තිකෙ න විජානන්ති, මගා ධම්මස්සකොවිදාති යං අත්තනො සරීරෙ තචපඤ්චකමත්තං පරිච්ඡින්දිත්වා අනන්තරමෙව අධිගන්තබ්බතො, අත්තනො ඛන්ධානං වා නිරොධමත්තතො සන්තිකෙ නිබ්බානං, තං එවං සන්තිකෙ සන්තම්පි න විජානන්ති මගභූතා ජනා මග්ගාමග්ගධම්මස්ස සච්චධම්මස්ස වා අකොවිදා, සබ්බථා භවරාග…පෙ… සුසම්බුධො. තත්ථ මාරධෙය්යානුපන්නෙහීති තෙභූමකවට්ටං අනුපන්නෙහි.
පස්ස යනුවෙන් අසන්නන් අමතයි. ධම්මං නිවන් දහම, සම්පමූළෙහත්ථ විද්දසු දැනුම් තේරුම් නැත්තෝ මේ කරුණෙහි මුළා වූ බැවින් නොදනිති. නිවුතානං තමො හොති අන්ධකාරො අපස්සතං ඒ පුද්ගලයෝ නොදැනීමෙහිම ඇලී, එයටම නතුව, ආලෝකය නොදැක, අඳුරේම වෙති. ඔවුන්ට නිවන් දහම දැකිය නොහැකිය. සතඤ්ච විවටං හොති ආලොකො පස්සතාමිව යහපත් මිනිසුන්ට ආලෝකය පෙනෙන්නාක් මෙන්, ආවරණය නොවූ නිවන නුවණින් දකී. සන්තිකෙ න විජානන්ති මගා ධම්මස්ස කොවිදො සසර ගමනේ යෙදෙන මිනිස්සු තම සිරුරෙහි කෙස් සිට සම දක්වා වූ කොටස් පහ පමණක් වෙන්කොට නොසළකා, ඒ අනුව තම ඇතුළතින්ම (තමා වෙතින්ම) අවබෝධ කරගත යුතු, තම සිරුර තුළම හෝ තමා ළඟම නිවන තිබුණද ඒ බව නොදනිති. මග්ග ධම්මස්ස දහම හෝ දහම් මගෙහි හෝ යෙදීමට අසමත් වූවන්, හැමවිටම භව රාගයෙහි අවබෝධයක් නොමැතිව, මාරධෙය්‍යානුපන්නෙහි තුන් භවයෙහිම ඉපදෙමින්,
පච්ඡිමගාථාය සම්බන්ධො “එවං අසුසම්බුධං කො නු අඤ්ඤත්ර මරියෙහී”ති. තස්සත්ථො – ඨපෙත්වා අරියෙ කො නු අඤ්ඤො නිබ්බානපදං ජානිතුං අරහති, යං පදං චතුත්ථෙන අරියමග්ගෙන සම්මදඤ්ඤාය අනන්තරමෙව අනාසවා හුත්වා කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බන්ති, සම්මදඤ්ඤාය වා අනාසවා හුත්වා අන්තෙ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බන්තීති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි.
අවසන් ගාථාව හා සම්බන්ධයි. මෙසේ අවබෝධ නොකරන්නවුන් අතර බුද්ධාදී උතුමන් හැර නිවන්පදය දැනගැනීමට අන් කවරෙක් වේද? අරහති, යං පදං සිවුවන උතුම් මගෙන් සම්මදඤ්ඤාය අතරතුරම, අනාසවා කෙලෙස් ගිනි නිවීමෙන් පරිනිබ්බන්ති මැනවින් පිරිසිඳ දැන, කෙලෙසුන්ගෙන් මිදී, අනතුරුව නැවත ඉපදීමට ඇති හේතු අවසන්කොට පිරිනිවන්පාති යැයි අරහත්බව කුළුගන්වා දේසනය නිමකළහ.
අත්තමනාති තුට්ඨමනා. අභිනන්දුන්ති අභිනන්දිංසු. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මින්ති ඉමස්මිං සොළසමෙ වෙය්යාකරණෙ. භඤ්ඤමානෙති භණියමානෙ. සෙසං පාකටමෙව.
අත්තමනා සතුටු සිතින්, අභිනන්දුන්ති සතුට පළ කළහ. ඉමස්මිං ඛො පන වෙය්යාකරණෙ මේ කරුණු දහසයක් පැහැදිලි කිරීමේදී, භඤ්ඤමානෙ කියන විට, ඉතිරි වචන අරුත් පැහැදිළිය.
එවං සබ්බෙසුපි සොළසසු වෙය්යාකරණෙසු සට්ඨිමත්තෙ සට්ඨිමත්තෙ කත්වා සට්ඨිඅධිකානං නවන්නං භික්ඛුසතානං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු, සොළසක්ඛත්තුං චත්තාරි චත්තාරි කත්වා චතුසට්ඨි සච්චානෙත්ථ වෙනෙය්යවසෙන නානප්පකාරතො දෙසිතානීති.
මෙසේ දහසය වරකදී සියළු කරුණු පැහැදිලි කළවිට, හැටනමක්, හැටනමක් බැගින්, නවසිය හැටනමක්, අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු හතර බැගින් දහසය වාරයක්ම, හැටහතර වරක්ම, දහම් අවබෝධය හා කෙලෙස් දුරුකරනු පිණිස සිවුසස් දහම දේසනා කරනු ලැබීය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය ද්වයතානුපස්සනාසුත්තවණ්ණනා නිට්ඨිත්තා.
ද්වයතානුපස්සනා සූත්‍ර විස්තරය නිමි.
නිට්ඨිතො ච තතියො වග්ගො අත්ථවණ්ණනානයතො, නාමෙන මහාවග්ගොති.
මහාවග්ග නම් වූ තුන්වන කොටස නිමියේය.