1. කාමසුත්තවණ්ණනා අට්ඨකථා
1. කාමසුත්තවණ්ණනා
1. කාම සූත්‍ර වර්ණනාව
කාමං කාමයමානස්සාති කාමසුත්තං. කා උප්පත්ති? භගවති කිර සාවත්ථියං විහරන්තෙ අඤ්ඤතරො බ්රාහ්මණො සාවත්ථියා ජෙතවනස්ස ච අන්තරෙ අචිරවතීනදීතීරෙ “යවං වපිස්සාමී”ති ඛෙත්තං කසති. භගවා භික්ඛුසඞ්ඝපරිවුතො පිණ්ඩාය පවිසන්තො තං දිස්වා ආවජ්ජෙන්තො අද්දස – “අස්ස බ්රාහ්මණස්ස යවා විනස්සිස්සන්තී”ති, පුන උපනිස්සයසම්පත්තිං ආවජ්ජෙන්තො චස්ස සොතාපත්තිඵලස්ස උපනිස්සයං අද්දස. “කදා පාපුණෙය්යා”ති ආවජ්ජෙන්තො “සස්සෙ විනට්ඨෙ සොකාභිභූතො ධම්මදෙසනං සුත්වා”ති අද්දස. තතො චින්තෙසි – “සචාහං තදා එව බ්රාහ්මණං උපසඞ්කමිස්සාමි, න මෙ ඔවාදං සොතබ්බං මඤ්ඤිස්සති. නානාරුචිකා හි බ්රාහ්මණා, හන්ද, නං ඉතො පභුතියෙව සඞ්ගණ්හාමි, එවං මයි මුදුචිත්තො හුත්වා තදා ඔවාදං සොස්සතී”ති බ්රාහ්මණං උපසඞ්කමිත්වා ආහ – “කිං, බ්‍රාහ්මණ, කරොසී”ති. බ්රාහ්මණො “එවං උච්චාකුලීනො සමණො ගොතමො මයා සද්ධිං පටිසන්ථාරං කරොතී”ති තාවතකෙනෙව භගවති පසන්නචිත්තො හුත්වා “ඛෙත්තං, භො ගොතම, කසාමි යවං වපිස්සාමී”ති ආහ. අථ සාරිපුත්තත්ථෙරො චින්තෙසි – “භගවා බ්රාහ්මණෙන සද්ධිං පටිසන්ථාරං අකාසි, න ච අහෙතු අප්පච්චයා තථාගතා එවං කරොන්ති, හන්දාහම්පි තෙන සද්ධිං පටිසන්ථාරං කරොමී”ති බ්රාහ්මණං උපසඞ්කමිත්වා තථෙව පටිසන්ථාරමකාසි. එවං මහාමොග්ගල්ලානත්ථෙරො සෙසා ච අසීති මහාසාවකා. බ්රාහ්මණො අතීව අත්තමනො අහොසි.
කාමං කාමයමානස්ස කාම සූත්‍රයයි. මෙම සූත්‍ර දේසනයට හේතුව කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන කල එක්තරා බමුණෙක් සැවැත්නුවරටත්, ජේතවනාරාමයත් අතර, අචිරවතී ගංතෙර, ‘යව වපුරමි’යි සිතා කෙතක් සී සායි. භාග්‍යවතුන් වහන්සේ, බික්සඟන පිරිවරා පිඬු පිණිස යද්දී, ඒ දැකවිමසා බලනවිට, ‘මේ බමුණාගේ යව අස්වනු වැනසෙන්නේ’ යැයි දුටහ. නැවතත් විමසා බලද්දී, බමුණාට සෝවාන් පල ලැබීමට හේතු සම්පත් ඇති බවද දැක, ‘කවදා ඊට පැමිණෙනේදැ’යි විමසද්දී, ‘අස්වනු වැනසුනු පසු, කණගාටුවෙන් පසුවෙද්දී, දහම් අසා’ යයි ද දුටහ. ‘එදිනටම මම බමුණා කරා යන්නෙම් නම්, ඔහු මගේ අවවාද නො ඇසිය යුතු’ යැයි සිතන්නේය. බමුණෝ නම් නොයෙක් රුචි ඇත්තාහ. එබැවින්, අද සිටම එහි ගොස්, ඔහුට උපකාර වෙමි, මෙසෝ මා කෙරෙහි මුදු සිත් ඇතිව, එදිනට මගේ අවවාද අසන්නේ’ යැයි සිතා, බමුණා ළඟට ගොස්, ‘බමුණ, කුමක් කරන්නෙහිදැ’යි ඇසූහ. බමුණා ද ‘මෙබඳු උසස් කුලීන ගොතම මහණද මා සමග කතා කරති’යි එපමණකින්ම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇතිව, ‘ගොතමයනි, කෙත සීසාමි, යව වපුරමි’යි කීවේය. ඉක්බිති සැරියුත් හිමි ද ‘භාග්‍යවතුන් වහන්සේ බමුණා සමග පිළිසඳර කතා කළහ. හේතුවක් නැතිව තථාගතයන් වහන්සේලා එසේ නො කරති. මම ද බමුණා සමග කතා කරමි’යි සිතා ඔහු කරා ගොස් කතාබහ කළහ. මෙසේ, මහ මුගලන් හිමි ද, අසූමහා සව්වන් ද පිළිසඳර කතා කරද්දී බමුණා බොහෝ සෙයින් සතුටුවිය.
අථ භගවා සම්පජ්ජමානෙපි සස්සෙ එකදිවසං කතභත්තකිච්චො සාවත්ථිතො ජෙතවනං ගච්ඡන්තො මග්ගා ඔක්කම්ම බ්රාහ්මණස්ස සන්තිකං ගන්ත්වා ආහ – “සුන්දරං තෙ, බ්‍රාහ්මණ, යවක්ඛෙත්ත”න්ති. “එවං, භො ගොතම, සුන්දරං, සචෙ සම්පජ්ජිස්සති, තුම්හාකම්පි සංවිභාගං කරිස්සාමී”ති. අථස්ස චතුමාසච්චයෙන යවා නිප්ඵජ්ජිංසු. තස්ස “අජ්ජ වා ස්වෙ වා ලායිස්සාමී”ති උස්සුක්කං කුරුමානස්සෙව මහාමෙඝො උට්ඨහිත්වා සබ්බරත්තිං වස්සි. අචිරවතී නදී පූරා ආගන්ත්වා සබ්බං යවං වහි. බ්රාහ්මණො සබ්බරත්තිං අනත්තමනො හුත්වා පභාතෙ නදීතීරං ගතො සබ්බං සස්සවිපත්තිං දිස්වා “විනට්ඨොම්හි, කථං දානි ජීවිස්සාමී”ති බලවසොකං උප්පාදෙසි . භගවාපි තමෙව රත්තිං පච්චූසසමයෙ බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො “අජ්ජ බ්රාහ්මණස්ස ධම්මදෙසනාකාලො”ති ඤත්වා භික්ඛාචාරවත්තෙන සාවත්ථිං පවිසිත්වා බ්රාහ්මණස්ස ඝරද්වාරෙ අට්ඨාසි. බ්රාහ්මණො භගවන්තං දිස්වා “සොකාභිභූතං මං අස්සාසෙතුකාමො සමණො ගොතමො ආගතො”ති චින්තෙත්වා ආසනං පඤ්ඤාපෙත්වා පත්තං ගහෙත්වා භගවන්තං නිසීදාපෙසි. භගවා ජානන්තොව බ්රාහ්මණං පුච්ඡි – “කිං බ්‍රාහ්මණ පදුට්ඨචිත්තො විහාසී”ති? ආම, භො ගොතම, සබ්බං මෙ යවක්ඛෙත්තං උදකෙන වූළ්හන්ති. අථ භගවා “න, බ්‍රාහ්මණ, විපන්නෙ දොමනස්සං, සම්පන්නෙ ච සොමනස්සං කාතබ්බං. කාමා හි නාම සම්පජ්ජන්තිපි විපජ්ජන්තිපී”ති වත්වා තස්ස බ්රාහ්මණස්ස සප්පායං ඤත්වා ධම්මදෙසනාවසෙන ඉමං සුත්තමභාසි. තත්ථ සඞ්ඛෙපතො පදත්ථසම්බන්ධමත්තමෙව වණ්ණයිස්සාම, විත්ථාරො පන නිද්දෙසෙ (මහානි· 1) වුත්තනයෙනෙව වෙදිතබ්බො. යථා ච ඉමස්මිං සුත්තෙ, එවං ඉතො පරං සබ්බසුත්තෙසු.
මේ අතර, භාග්‍යවතුන් වහන්සේ, අස්වනු පැසෙන කාලයේදී, දිනක් වැළඳීමෙන් පසු සැවැත් නුවරින් ජේතවනාරාමයට වඩිනා මගින් ඉවත්ව, බමුණා ළඟට ගොස්, ‘බමුණ, ඔබේ යවකෙත සරු’ යැයි කීහ. ‘එසේය, පින්වත් ගොතමයනි, කෙත සරුය. අස්වනු නෙලාගත් පසු ඔබටද තෑගි කරන්නෙමි’යි කීය. සිවුමසක් ගත වූ පසු යව පැසිණ. බමුණ, ‘අද හෝ හෙට හෝ කපන්නෙමි’යි ඊට අදාල කටයුතු ගැන සිතා සිටියදීම, මුළු රැයක්ම පුරා වූ මහා වැස්සකින් අචිරවතී ගග උතුරා, මුළු යව කෙතම යටවිය. බමුණා මුළු රැයෙහිම නොසතුටු වී, පහන් වූ කල ගංතෙරට ගොස්, කෙතට වූ විපත දැක, ‘මම නැසුණෙමි, දැන් කෙසේ ජීවත් වන්නෙම්දැ’යි බලවත් සේ සෝක විය. භාග්‍යවතුන් වහන්සේ ද ඒ රැයෙහි අළුයම් කාලයෙහි බුදු ඇසින් ලොව බලද්දී, ‘අද බමුණාට දහම් දෙසීමට සුදුසු කාලය බව දැන, පිඬු හැසිරෙමින්, සැවැත් නුවරට පිවිස බමුණාගේ ගෙය දොරකඩ සිටියහ. භාග්‍යවතුන් වහන්සේ දුටු බමුණා ‘සෝකයෙන් පෙළුණු මා අස්වැසීමට සමණ ගොතමයන් පැමිණ ඇතැයි සිතා අසුනක් පනවා, පාත්‍රය ගෙන, උන්වහන්සේ හිඳවූයේය. භාග්‍යවතුන් වහන්සේ, ‘ඇයි බමුණ නොසතුටු සිතින්?’ යැයි ඇසූහ. ‘එසේය, පින්වත් ගෝතමයනි, මගේ යවකෙත මුළුමනින්ම වතුරෙන් යටව වැනසුනේ යැයි කීය. එවිට භාග්‍යවතුන් වහන්සේ ‘බමුණ, විපත් වූ කල දොම්නසත්, ඉටු වූ කල සතුටු වීමත් නොකළ යුතුයි. කැමති වන දේ - බලාපොරොත්තු අලාභ ගෙන දෙයි. සමහරවිටක ඉටුවෙතැයි පවසා, ඒ බමුණාගේ සිත දහම් දේසනයට යොමුවීමට තරම් සුදුසු බවට පත්වූ විට, මේ සූත්‍රය වදාළහ. කෙටියෙන් එහි වචන තේරුම් පමණක් කියන්නෙමි. විස්තර නිද්දෙසයෙහි දක්වා ඇති පරිදි දතයුතුය. එය මෙම සූත්‍රයට මෙන්ම, මින් පසු දැක්වෙන සියලුම සූත්රවලටම අදාල වේ.
තත්ථ කාමන්ති මනාපියරූපාදිතෙභූමකධම්මසඞ්ඛාතං වත්ථුකාමං, කාමයමානස්සාති ඉච්ඡමානස්ස. තස්ස චෙ තං සමිජ්ඣතීති තස්ස කාමයමානස්ස සත්තස්ස තං කාමසඞ්ඛාතං වත්ථු සමිජ්ඣති චෙ, සචෙ සො තං ලභතීති වුත්තං හොති. අද්ධා පීතිමනො හොතීති එකංසං තුට්ඨචිත්තො හොති. ලද්ධාති ලභිත්වා. මච්චොති සත්තො. යදිච්ඡතීති යං ඉච්ඡති.
කාමං තුන් භවයෙහිම උපන් සත්වග කැමති වන, සිත ඇළුම් කරන, රූප ආදී දේවල්, කාමය මානස්ස බලාපොරොත්තු වන කෙනෙකුට, තස්ස චෙ තං සමිජ්ඣති එසේ කැමති වූ තැනැත්තාට ඒ කැමති දේ ලැබී බලාපොරොත්තු ඉටු වේද, අද්ධා පීතිමනො හොති නිසැකවම සතුටු සිත් ඇත්තේ වෙයි. ලද්ධා ලැබී, මච්චො පුද්ගලයා, ජීවියා, යදිච්ඡති කැමති යම් දෙයක්,
තස්ස චෙ කාමයානස්සාති තස්ස පුග්ගලස්ස කාමෙ ඉච්ඡමානස්ස, කාමෙන වා යායමානස්ස. ඡන්දජාතස්සාති ජාතතණ්හස්ස. ජන්තුනොති සත්තස්ස. තෙ කාමා පරිහායන්තීති තෙ කාමා පරිහායන්ති චෙ. සල්ලවිද්ධොව රුප්පතීති අථ අයොමයාදිනා සල්ලෙන විද්ධො විය පීළීයති.
තස්ස චෙ කාමයානස්ස ඒ කැමැත්ත ඉටුවන පුද්ගලයාට, ඡන්දජාතස්ස හටගන්නා වූ තණ්හාව, ජන්තුනො මිනිසාට ජීවියාට තෙ කාමා පරිහායන්ති එසේ කැමති දෙය නැතිවූ විට - නොලැබුණු විටද, සල්ල විද්ධො රුප්පති ඉක්බිති යකඩ උලකින් විඳිනු ලැබූසේ පෙලෙයි.
තතියගාථාය සඞ්ඛෙපත්ථො – යො පන ඉමෙ කාමෙ තත්ථ ඡන්දරාගවික්ඛම්භනෙන වා සමුච්ඡෙදෙන වා අත්තනො පාදෙන සප්පස්ස සිරං ඉව පරිවජ්ජෙති. සො භික්ඛු සබ්බං ලොකං විසරිත්වා ඨිතත්තා ලොකෙ විසත්තිකාසඞ්ඛාතං තණ්හං සතො හුත්වා සමතිවත්තතීති.
තුන්වන ගාථාවෙහි කෙටි අරුත නම්, යො මේ (කියන ලද) කාමෙ කැමැත්ත - ඡන්දරාගය යටපත් කිරීමෙන් හෝ තම පාදයෙන්, සප්පස්ස සිරං මෙන්, සො මහණ මුළු ලොවෙහිම (නොඇලී) ඈත්ව සිටි බැවින්, ලොකෙ විසත්තිකා එසේ හඳුන්වනු ලබන තණ්හාව, සතො (සිහි ඇතිව) සමතිවත්තී.
තතො පරාසං තිස්සන්නං ගාථානං අයං සඞ්ඛෙපත්ථො – යො එතං සාලික්ඛෙත්තාදිං ඛෙත්තං වා ඝරවත්ථාදිං වත්ථුං වා කහාපණසඞ්ඛාතං හිරඤ්ඤං වා ගොඅස්සභෙදං ගවාස්සං වා ඉත්ථිසඤ්ඤිකා ථියො වා ඤාතිබන්ධවාදී බන්ධූ වා අඤ්ඤෙ වා මනාපියරූපාදී පුථු කාමෙ අනුගිජ්ඣති, තං පුග්ගලං අබලසඞ්ඛාතා කිලෙසා බලීයන්ති සහන්ති මද්දන්ති, සද්ධාබලාදිවිරහෙන වා අබලං තං පුග්ගලං අබලා කිලෙසා බලීයන්ති, අබලත්තා බලීයන්තීති අත්ථො. අථ තං කාමගිද්ධං කාමෙ රක්ඛන්තං පරියෙසන්තඤ්ච සීහාදයො ච පාකටපරිස්සයා කායදුච්චරිතාදයො ච අපාකටපරිස්සයා මද්දන්ති, තතො අපාකටපරිස්සයෙහි අභිභූතං තං පුග්ගලං ජාතිආදිදුක්ඛං භින්නං නාවං උදකං විය අන්වෙති. තස්මා කායගතාසතිආදිභාවනාය ජන්තු සදා සතො හුත්වා වික්ඛම්භනසමුච්ඡෙදවසෙන රූපාදීසු වත්ථුකාමෙසු සබ්බප්පකාරම්පි කිලෙසකාමං පරිවජ්ජෙන්තො කාමානි පරිවජ්ජයෙ. එවං තෙ කාමෙ පහාය තප්පහානකරමග්ගෙනෙව චතුබ්බිධම්පි තරෙ ඔඝං තරෙය්ය තරිතුං සක්කුණෙය්ය. තතො යථා පුරිසො උදකගරුකං නාවං සිඤ්චිත්වා ලහුකාය නාවාය අප්පකසිරෙනෙව පාරගූ භවෙය්ය, පාරං ගච්ඡෙය්ය, එවමෙව අත්තභාවනාවං කිලෙසූදකගරුකං සිඤ්චිත්වා ලහුකෙන අත්තභාවෙන පාරගූ භවෙය්ය, සබ්බධම්මපාරං නිබ්බානං ගතො භවෙය්ය, අරහත්තප්පත්තියා ගච්ඡෙය්ය ච, අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බාතීති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි. දෙසනාපරියොසානෙ බ්රාහ්මණො ච බ්රාහ්මණී ච සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසූති.
මින්පසු දැක්වෙන ගාථා තුනෙහි මේ කෙටි අරුතයි. යො ඒ හැල් කෙත් ඛෙත්තං ආදී හෝ, නිවාස-වතුපිටි සම්පත් හෝ, කහවණු හෝ අමු රන්, ගවයන් අසුන් ආදී ලෙසින් ගවාස්සං කාන්තාවන් හෝ ථියො වා, නෑදෑ සබඳතාදී බන්ධූ වෙනත් සතුට දනවන රූපාදිය පුථු කාමෙ අනුගිජ්ඣ තං පුද්ගලයා දුබලයකු බවට පත්කරන කෙලෙස්, බලීයන්ති යටත් කරති. පාගා දමති. සැදැහැ ආදී බලය නැතිවීමෙන් ඒ තැනැත්තන් අබලා, කෙලෙස්වලින් බලීයන්ති දුබල බැවින් පෙළනු ලබතියි අරුතයි. තං එවිට ඒ කැමැත්තෙහිම ගැලුනු, කැමැති දෙයම රැකගැනීමේදී සිංහයන් ආදී සතුන්ගෙන් වන පැහැදිලිව පෙනෙන උවදුරුවලින්ද, කයෙහි දුසිරිත්හි යෙදීමෙන් නොපැහැදිලි, නොපෙනෙන උවදුරුවලින්ද මඩිති. තතො පැහැදිලිව නොපැහැදිලි, නොපෙනෙන උවදුරුවලින්ද මඩිති. තතො පැහැදිලිව නොදකින උවදුරුවලින් මඩනා ලද තං පුද්ගලයා ඉපදීම ආදී දුක්ඛඤ්ච භින්නං නාවං උදකං මෙන් අන්වෙති, තස්මා කයෙහි ඇති තතු භාවනා ආදියෙන් සිහියෙන් දකින, ඡන්තු සදා සතො මැඩපැවැත්වීම හෝ මුළුමනින්ම රූපාදී දේවල් කෙරෙහිද හැම ආකාර වූ ඡන්දරාගාදී කෙලෙස් කැමති බවද දුරුකරමින් කාමානි පරිවජ්ජයෙ. මෙසේ තෙ ඒ කාමයන් පහාය ඒවා නැතිකරන ලද ආකාරයටම සතරාකාර වූ, තරෙ ඔඝං එතර වන්නේය. එතරවීමට හැකිවන්නේය. ඒ අනුව යම් මිනිසෙක් ජලයෙන් පිරුණු නාවං සිඤ්චිත්වා නැවෙහි සැහැල්ලු බවෙන් නොබෝ කලකින්ම පාරගු එතරට යන්නේය. එසේම තම ජීවිතය නැමති නැවෙහි පිරි ඇති කෙලෙස් නැමති ජලය හිස්කොට සැහැල්ලු ජීවිතයෙන් (සසර) එතර වන්නේය. සියළු දෙයින්ම එතරට ගිය නිවනට ගියේ වෙයි. අරහත් බවට පත්වන්නේය. මතු සසර නොඉපදෙන සේ අනුපාදිසෙස නිවනින් පිරිනිවන් පාන්නාහ’යි අරහත් බව කුළුගන්වමින් දේසනය නිමකළහ. දේසනය අවසන බමුණාද බැමිණියද සෝවාන්පලෙහි පිහිටියහ.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය කාමසුත්තවණ්ණනා නිට්ඨිතා.
කාමසූත්ර විස්තරය නිමි.
2. ගුහට්ඨකසුත්තවණ්ණනා
2. ගුහට්ඨක සූත්‍ර වර්ණනාව
සත්තො ගුහායන්ති ගුහට්ඨකසුත්තං. කා උප්පත්ති? භගවති කිර සාවත්ථියං විහරන්තෙ ආයස්මා පිණ්ඩොලභාරද්වාජො කොසම්බියං ගංඞ්ගාතීරෙ ආවට්ටකං නාම උතෙනස්ස උය්යානං, තත්ථ අගමාසි සීතලෙ පදෙසෙ දිවාවිහාරං නිසීදිතුකාමො. අඤ්ඤදාපි චායං ගච්ඡතෙව තත්ථ පුබ්බාසෙවනෙන යථා ගවම්පතිත්ථෙරො තාවතිංසභවනන්ති වුත්තනයමෙතං වඞ්ගීසසුත්තවණ්ණනායං. සො තත්ථ ගඞ්ගාතීරෙ සීතලෙ රුක්ඛමූලෙ සමාපත්තිං අප්පෙත්වා දිවාවිහාරං නිසීදි. රාජාපි ඛො උතෙනො තං දිවසංයෙව උය්යානකීළිකං ගන්ත්වා බහුදෙව දිවසභාගං නච්චගීතාදීහි උය්යානෙ කීළිත්වා පානමදමත්තො එකිස්සා ඉත්ථියා අඞ්කෙ සීසං කත්වා සයි. සෙසිත්ථියො “සුත්තො රාජා”ති උට්ඨහිත්වා උය්යානෙ පුප්ඵඵලාදීනි ගණ්හන්තියො ථෙරං දිස්වා හිරොත්තප්පං උපට්ඨාපෙත්වා “මා සද්දං අකත්ථා”ති අඤ්ඤමඤ්ඤං නිවාරෙත්වා අප්පසද්දා උපසඞ්කමිත්වා වන්දිත්වා ථෙරං සම්පරිවාරෙත්වා නිසීදිංසු. ථෙරො සමාපත්තිතො වුට්ඨාය තාසං ධම්මං දෙසෙසි, තා තුට්ඨා “සාධු සාධූ”ති වත්වා සුණන්ති.
සත්තො ගුහායං ගුහට්ඨක සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතුව කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසද්දී ගරුකටයුතු පිණ්ඩොල භාරද්වාජ හිමි කොසඹෑ ගංඉවුරෙහි ජල වනය නම් උදේන රජුගේ උයනෙහි සිහිලැල් පෙදෙසෙහි දිවාකාලය ගතකරනු කැමතිව එහි ගියේය. වංගීස සූත්‍ර විස්තරයෙහි දී කියා ඇති පරිදි ගවම්පතී තෙරුන් තව්තිසාවට වඩිනා සේ, පිණ්ඩොල භාරද්වාජ හිමි ද පෙර පුරුද්ද පරිදි - වෙනත් දිනවල මෙන්, එදිනද එහි ගොස් ඇත. භාරද්වාජ හිමි, ගංතෙර රුක්මුලක හිඳ දිවා විහරණය පිණිස සමවතට පැමිණියේය. උදේන රජුද එදිනම උයන්කෙළියට ගොස්, බොහෝ සේ නැටුමෙන්, ගීතයෙන් දවසෙන් වරුවක්ම ගතකොට, පානය කළ දෙයින් මත්ව, එක් කාන්තාවකගේ ඇකයෙහි හිස තබා නිදා ගත්තේය. අනෙක් කාන්තාවෝ ‘රජ නිදි’ බැවින් උයනෙහි මල්පල ආදිය නෙලමින් සිටියදී තෙරුන් වහන්සේ දැක, ලජ්ජා බය ඇතිව, ‘නිහඬ වෙව’යි එකිනෙකා වළකා, නිහඬව එතැනට එළඹ උන්වහන්සේ පිරිවරා හිඳගත්හ. තෙරුන්වහන්සේ, සමවතින් නැගිට, ඔවුනට දහම් දෙසූහ. කාන්තාවෝ සතුටට පත්ව ‘සාධු සාධු’ නද පවත්වමින් දහම් අසති.
රඤ්ඤො සීසං අඞ්කෙනාදාය නිසින්නිත්ථී “ඉමා මං ඔහාය කීළන්තී”ති තාසු ඉස්සාපකතා ඌරුං චාලෙත්වා රාජානං පබොධෙසි. රාජා පටිබුජ්ඣිත්වා ඉත්ථාගාරං අපස්සන්තො “කුහිං ඉමා වසලියො”ති ආහ. සා ආහ – “තුම්හෙසු අබහුකතා ‘සමණං රමයිස්සාමා’ති ගතා”ති. සො කුද්ධො ථෙරාභිමුඛො අගමාසි. තා ඉත්ථියො රාජානං දිස්වා එකච්චා උට්ඨහිංසු, එකච්චා “මහාරාජ, පබ්බජිතස්ස සන්තිකෙ ධම්මං සුණාමා”ති න උට්ඨහිංසු. සො තෙන භිය්යොසොමත්තාය කුද්ධො ථෙරං අවන්දිත්වාව “කිමත්ථං ආගතොසී”ති ආහ. “විවෙකත්ථං මහාරාජා”ති. සො “විවෙකත්ථාය ආගතා එවං ඉත්ථාගාරපරිවුතා නිසීදන්තී”ති වත්වා “තව විවෙකං කථෙහී”ති ආහ. ථෙරො විසාරදොපි විවෙකකථාය “නායං අඤ්ඤාතුකාමො පුච්ඡතී”ති තුණ්හී අහොසි. රාජා “සචෙ න කථෙසි, තම්බකිපිල්ලිකෙහි තං ඛාදාපෙස්සාමී”ති අඤ්ඤතරස්මිං අසොකරුක්ඛෙ තම්බකිපිල්ලිකපුටං ගණ්හන්තො අත්තනොව උපරි විකිරි. සො සරීරං පුඤ්ඡිත්වා අඤ්ඤං පුටං ගහෙත්වා ථෙරාභිමුඛො අගමාසි. ථෙරො “සචායං රාජා මයි අපරජ්ඣෙය්ය , අපායාභිමුඛො භවෙය්යා”ති තං අනුකම්පමානො ඉද්ධියා ආකාසං අබ්භුග්ගන්ත්වා ගතො.
තම ඇකයෙහි රජු හිස තබාගෙන සිටි කාන්තාව, ‘මොවුන් මා හැරදමා කෙළිදෙලින් සිටිති’යි ඉසියෙන් යුතුව (තම) කලව සොලවා රජු පිබිද වූවාය. රජු (අනෙක්) කාන්තාවන් නොදැක, ‘මේ වසලියන් කොහිදැ’යි ඇසීය. ‘ඔබවහන්සේට උදව් නොවී, මහණකු සතුටු කරන්නාහ’යි කීවාය. රජු කිපී තෙරුන් හමුවට ගියේය. ඇතැම් කාන්තාවෝ රජු දැක නැගී සිටියහ. ඇතැම් කාන්තාවෝ ‘මහරජ, අපි පැවිදි කෙනෙකුගෙන් දහම් අසන්නෙමු’යි නොනැගී හුන්තැනම සිටියහ. රජු එයින් වඩාත් කිපී තෙරුන් වහන්සේට නොවැඳම, ‘කුමක් නිසා පැමිණියේදැ’යයි ඇසීය. ‘මහරජ, විවේකය පිණිස’ යැයි තෙරුන්වහන්සේ පිළිතුරු දුන්හ. රජු ‘විවේකයට අවුත්, මෙසේ කාන්තාවන් පිරිවරාගෙන ඇත, ඔබේ විවේකය මට කියව’යි කීය. ‘විවේකය පිළිබඳව පහදා දීමට හැකි වුවද මොහු විමසන්නේ දැනගැනීමට නොවේ’ යැයි දන්නා තෙරණුවෝ නිහඬ වූහ. ‘නොකියන්නෙහි නම්, දිමියන් ලවා කවවන්නෙමි’යි කී රජු, එක් අසෝක ගසෙක තිබුණු දිමිගොටුවක් (ඉවතට) ගැනීමේදී තමා මත්තෙහිම විසිරුණි. රජු ඇඟ පිසදා, වෙනත් දිමිගොටුවක් ගෙන, තෙරුන්වහන්සේ ඉදිරියට ගියේය. ගවම්පති තෙරුන්වහන්සේද, ‘රජතුමා මට අපරාධයක් කරන්නේ නම්, අපා දොරටුවෙහි සිටින්නේ’ යැයි ඔහුට අනුකම්පාවෙන්, ඉඳු බලයෙන් අහසට නැගී ගියහ.
තතො ඉත්ථියො ආහංසු – “මහාරාජ, අඤ්ඤෙ රාජානො ඊදිසං පබ්බජිතං දිස්වා පුප්ඵගන්ධාදීහි පූජෙන්ති, ත්වං තම්බකිපිල්ලිකපුටෙන ආසාදෙතුං ආරද්ධො අහොසි, කුලවංසං නාසෙතුං උට්ඨිතො”ති. සො අත්තනො දොසං ඤත්වා තුණ්හී හුත්වා උය්යානපාලං පුච්ඡි – “අඤ්ඤම්පි දිවසං ථෙරො ඉධාගච්ඡතී”ති? “ආම, මහාරාජා”ති. තෙන හි යදා ආගච්ඡති, තදා මෙ ආරොචෙය්යාසීති. සො එකදිවසං ථෙරෙ ආගතෙ ආරොචෙසි. රාජාපි ථෙරං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡිත්වා පාණෙහි සරණං ගතො අහොසි. තම්බකිපිල්ලිකපුටෙන ආසාදිතදිවසෙ පන ථෙරො ආකාසෙනාගන්ත්වා පුන පථවියං නිමුජ්ජිත්වා භගවතො ගන්ධකුටියං උම්මුජ්ජි. භගවාපි ඛො දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො සීහසෙය්යං කප්පයමානො ථෙරං දිස්වා “කිං, භාරද්වාජ, අකාලෙ ආගතොසී”ති ආහ. ථෙරො “ආම භගවා”ති වත්වා සබ්බං තං පවත්තිං ආරොචෙසි. තං සුත්වා භගවා “කිං කරිස්සති තස්ස විවෙකකථා කාමගුණගිද්ධස්සා”ති වත්වා දක්ඛිණෙන පස්සෙන නිපන්නො එව ථෙරස්ස ධම්මදෙසනත්ථං ඉමං සුත්තමභාසි.
එවිට කාන්තාවෝ, ‘රජතුමනි, වෙනත් රජවරුන් නම් මෙබඳු පැවිද්දකු දැක, මල්සුවඳ ආදියෙන් පූජා කරති. ඔබතුමා දිමිගොටුවකින් හිරිහැර කිරීමට සූදානම් විය. කුල පරම්පරාවේ සිරිත් වැනසීමට කටයුතු කරන ලදැ’යි කීහ. රජු තම වරද දැක නිහඬව, ‘වෙනත් දිනකදී ද තෙරුන්වහන්සේ මෙහි එන්නේදැ’යි උයන්පල්ලාගෙන් ඇසීය. ‘එසේය, මහරජ’ උයන්පල්ලා කීවේය. එසේනම් පැමිණිවිට මට දැනුම්දෙව’යි කීය. එක්දිනක තෙරුන් වහන්සේ උයනට පැමිණිවිට, රජුට දැන්වීය. රජු ද තෙරුන්වහන්සේ වෙත එළඹ, පැන විමසා දිවිහිමියෙන් (තෙරුවන්) සරණ ගියේය. දිමි ගොටුවෙන් හිරිහැරයට පත් තෙරුන්වහන්සේ එදින අහසින් ගොස් නැවත පොළවෙහි ගිලී, භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සුවඳ කුටියෙන් මතු වූහ. භාග්‍යවතුන් වහන්සේ මනා සිහිනුවණින් යුතුව, දකුණුපසට හැරී, සීහ ඉරියවුවෙන් සැතපී සිටි අතර, ගවම්පතී තෙරුන් දැක, ‘භාරද්වාජ කිම? අකාලයෙහි පැමිණියෙහිදැ’යි ඇසූහ. ‘එසේය භාග්‍යවතුන් වහන්ස’ කියා සියළු තතු සැළ කළහ. ඒ ඇසූ භාග්‍යවතුන් වහන්සේ, ‘ඔහුගේ විවේක කතාව’ නම්, කාමයෙහි ගැලීම’ යයි කියා දකුණු ඇලයෙන් හිඳිමින්ම, තෙරුන්වහන්සේට දහම් දෙසනු පිණිස මේ සූත්‍රය වදාළහ.
තත්ථ සත්තොති ලග්ගො. ගුහායන්ති කායෙ. කායො හි රාගාදීනං වාළානං වසනොකාසතො “ගුහා”ති වුච්චති. බහුනාභිඡන්නොති බහුනා රාගාදිකිලෙසජාලෙන අභිච්ඡන්නො. එතෙන අජ්ඣත්තබන්ධනං වුත්තං. තිට්ඨන්ති රාගාදිවසෙන තිට්ඨන්තො. නරොති සත්තො. මොහනස්මිං පගාළ්හොති මොහනං වුච්චති කාමගුණා. එත්ථ හි දෙවමනුස්සා මුය්හන්ති, තෙසු අජ්ඣොගාළ්හො හුත්වා . එතෙන බහිද්ධාබන්ධනං වුත්තං. දූරෙ විවෙකා හි තථාවිධො සොති සො තථාරූපො නරො තිවිධාපි කායවිවෙකාදිකා විවෙකා දූරෙ අනාසන්නෙ. කිංකාරණා? කාමා හි ලොකෙ න හි සුප්පහායා, යස්මා ලොකෙ කාමා සුප්පහායා න හොන්තීති වුත්තං හොති.
එහි සත්තො ඇලුනු තැනැත්තා ගුහායං සිරුරෙහි, රාගාදී සෙලවීම්වලට සිරුර තුල වාසය කිරීමට ඉඩ ඇති නිසා, ‘ගුහා’ යැයි කියනු ලැබේ. බහුනාභිඡන්නො හටගන්නා රාගාදී බොහෝ කෙලෙස්වලින් මනාව වැසුනේ, මෙයින් තමා (නොදැනුවත්වම) බැමිවලින් හිරකර ඇති බව පවසන ලදී. තිට්ඨං රාගාදි (සිතිවිලිවල) පිහිටා සිට, නරො මිනිසා මොහනස්මිං පගාළ්හො කාමයන්හි ඇති ගති සොබාවනට ‘මොහනය’ යැයි කියනු ලැබේ. එහිදී දෙවියෝද, මිනිස්සුද මුළාවෙති. ඒවායෙහි දැඩිසේ වෙළී, ඇතුලට බැස, එයින් බාහිරව ඇති බැඳීම් කියන ලදී. දූරෙ විවෙකාහි තථාවිධො සො එබඳු මිනිසා කාය විවේකාදී තුන් ආකාර විවේකයෙන් ඈත්වේ. ඊට හේතු කුමක්ද? කාමා හි ලොකෙ න හි සුප්පහායා ලෝකයෙහි කාමයන් පහසුවෙන් අත්හළ නොහැකි බැවිනි.
එවං පඨමගාථාය “දූරෙ විවෙකා තථාවිධො”ති සාධෙත්වා පුන තථාවිධානං සත්තානං ධම්මතං ආවිකරොන්තො “ඉච්ඡානිදානා”ති ගාථමාහ. තත්ථ ඉච්ඡානිදානාති තණ්හාහෙතුකා. භවසාතබද්ධාති සුඛවෙදනාදිම්හි භවසාතෙ බද්ධා. තෙ දුප්පමුඤ්චාති තෙ භවසාතවත්ථුභූතා ධම්මා, තෙ වා තත්ථ බද්ධා ඉච්ඡානිදානා සත්තා දුප්පමොචයා. න හි අඤ්ඤමොක්ඛාති අඤ්ඤෙන ච මොචෙතුං න සක්කොන්ති. කාරණවචනං වා එතං, තෙ සත්තා දුප්පමුඤ්චා. කස්මා? යස්මා අඤ්ඤෙන මොචෙතබ්බා න හොන්ති. යදි පන මුඤ්චෙය්යුං, සකෙන ථාමෙන මුඤ්චෙය්යුන්ති අයමස්ස අත්ථො. පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානාති අනාගතෙ අතීතෙ වා කාමෙ අපෙක්ඛමානා. ඉමෙව කාමෙ පුරිමෙව ජප්පන්ති ඉමෙ වා පච්චුප්පන්නෙ කාමෙ පුරිමෙ වා දුවිධෙපි අතීතානාගතෙ බලවතණ්හාය පත්ථයමානා. ඉමෙසඤ්ච ද්වින්නං පදානං “තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා”ති ඉමිනා සහ සම්බන්ධො වෙදිතබ්බො, ඉතරථා “අපෙක්ඛමානා ජප්පං කිං කරොන්ති කිං වා කතා”ති න පඤ්ඤායෙය්යුං.
මෙසේ පළමු ගාථාවෙන්, ‘එබඳු තැනැත්තා විවේකයෙන් ඈත්වේ’ යැයි පහදා දෙමින්, නැවත එබඳු පුද්ගලයන්ගේ ගති සොබාව ඉච්ඡා නිදානා යන ගාථාවෙන් වදාළහ. ඉච්ඡා නිදානා තණ්හාව හේතුකොට, භවසාතබද්ධා සැප වේදනාදියෙන් සසරෙහි ඇළුම් ඇති, තෙ දුප්පමුඤ්චා ඔව්හු සසර ඇළුම් වඩන කටයුතුවල යෙදෙමින්, එහි බැඳී කැමැත්තටම ආසාවටම ඉඩදෙමින් මිදිය නොහැකිව සිටිති. න හි අඤ්ඤමොක්ඛා අන් කෙනෙකු විසින් ද එයින් මුදවා ගැනීමට නොහැකි වෙති. ඒ තැනැත්තන් මුදවා ගැනීම අපහසුය. කවර හෙයින්ද? වෙනත් කෙනෙකුන් විසින්ද මුදවා ගත නොහැකි හෙයිනි. යම් ආකාරයෙන් මිදෙන්නාහු නම්, තම උත්සාහයෙන්ම මිදිය යුතුයැයි මෙහි අරුතයි. පච්ඡා පූරෙ වාපි අපෙක්ඛමානා අනාගතයෙහි හෝ අතීතයෙහි හෝ තමා කැමති දේ පතමින්, ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං දැන් පවතින කැමැත්ත - කාමයන් ගැනද කලින් පැවති හෝ අතීතයේ හා අනාගතයෙහි ද දැඩිසේ ආසාවෙන් පතමින් මේ වචන දෙක (මුලදී සඳහන්) ‘තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා’ යන පද සමග සම්බන්ධ වන බව දතයුතුය. අනෙක් තැනැත්තෝ ඒවා ගැනම පතමින්, ‘ඊට කුමක් කරත්ද? කළේ කුමක්දැ’යි කියමින් (කාමයෙහි) අවසානයක් නොලබති.
එවං පඨමගාථාය “දූරෙ විවෙකා තථාවිධො”ති සාධෙත්වා දුතියගාථාය ච තථාවිධානං සත්තානං ධම්මතං ආවිකත්වා ඉදානි නෙසං පාපකම්මකරණං ආවිකරොන්තො “කාමෙසු ගිද්ධා”ති ගාථමාහ. තස්සත්ථො – තෙ සත්තා කාමෙසු පරිභොගතණ්හාය ගිද්ධා පරියෙසනාදිමනුයුත්තත්තා පසුතා සම්මොහමාපන්නත්තා පමූළ්හා අවගමනතාය මච්ඡරිතාය බුද්ධාදීනං වචනං අනාදියනතාය ච අවදානියා. කායවිසමාදිම්හි විසමෙ නිවිට්ඨා අන්තකාලෙ මරණදුක්ඛූපනීතා “කිංසූ භවිස්සාම ඉතො චුතාසෙ”ති පරිදෙවයන්තීති. යස්මා එතදෙව, තස්මා හි සික්ඛෙථ…පෙ… මාහු ධීරාති. තත්ථ සික්ඛෙථාති තිස්සො සික්ඛා ආපජ්ජෙය්ය. ඉධෙවාති ඉමස්මිංයෙව සාසනෙ. සෙසමුත්තානමෙව.
මෙසේ පළමු ගාථාවෙන් ‘එබඳු තැනැත්තා විවේකයෙන් ඈත්වේ යැයි පහදා දෙමින්, දෙවන ගාථාවෙන් ද ඔවුන්ගේ ගති සොබාව පළකොට, දැන් ඔවුන්ගේ අයහපත් කටයුතු හෙළිකරමින්, ‘කාමෙසු ගිද්ධා’ යන ගාථාව කීහ. එහි අරුත නම්, තෙ ඒ තැනැත්තෝ (සියළු) සත්තු, කාමෙසු ඒ ඒ දේ පරිහරණයෙහි ආසාවෙන් (වෙළී) ගිද්ධා, ඒවා ඉටුකර ගැනීමට මග-උපාය සොයමින් පසුතා දැඩි මුලාවට පත්වන බැවින් පමූළ්හා, වංචා සහගත සිතින්, මසුරු බවින්, බුදුවරු ආදීන්ගේ අවවාද පිළිනොගන්නා හෙයින් ද අවදානියා කයින්-(වචනයෙන්) නපුරු වැරදි කරමින්, අවසාන කාලයෙහි මරණ (මොහොතේදී) දුක්ඛූපනීතා ‘කිංසු භවිස්සාම ඉතො චුතාසො’ යනුවෙන් පරිදෙවයන්ති එහෙයින් ඒ කටයුතුවලදී ‘හික්මෙවු’........යැයි පැනවත් උතුමෝ කීහ. සික්ඛෙත තුන් ආකාර වූ හික්මීමට පැමිණෙවු, ඉධෙව මේ සසුනෙහිදීම, ඉතිරි වචන ගැන කලින් දක්වා ඇති පරිදිය.
ඉදානි යෙ තථා න කරොන්ති, තෙසං බ්යසනප්පත්තිං දස්සෙන්තො “පස්සාමී”ති ගාථමාහ. තත්ථ පස්සාමීති මංසචක්ඛුආදීහි පෙක්ඛාමි. ලොකෙති අපායාදිම්හි. පරිඵන්දමානන්ති ඉතො චිතො ච ඵන්දමානං. පජං ඉමන්ති ඉමං සත්තකායං. තණ්හගතන්ති තණ්හාය ගතං අභිභූතං, නිපාතිතන්ති අධිප්පායො. භවෙසූති කාමභවාදීසු. හීනා නරාති හීනකම්මන්තා නරා. මච්චුමුඛෙ ලපන්තීති අන්තකාලෙ සම්පත්තෙ මරණමුඛෙ පරිදෙවන්ති. අවීතතණ්හාසෙති අවිගතතණ්හා. භවාභවෙසූති කාමභවාදීසු. අථ වා භවාභවෙසූති භවභවෙසු, පුනප්පුනභවෙසූති වුත්තං හොති.
මීළඟට එසේ කටයුතු නොකරන තැනැත්තන්ගේ වැනසීම දක්වමින් ‘පස්සාමි’ යන ගාථාව කීහ. පස්සාමි මසැස් ආදියෙන් දකිමි. ලොකෙ අපාය ආදී තැන්හි, පරිඵන්දමානං එහා මෙහා දඟලන, (කම්පාවන) පජං ඉමං මේ සත්වග, තණ්හාගත තණ්හාවෙන් දැඩිසේ වෙළී - එයින්ම වැටුණු (බේරීමට නොහැකිව) භවෙසු කාම ආදී භවයන්හි, හීනා නරා පහත් කටයුතුවල යෙදෙන මිනිස්සු, මච්වු මුඛෙ ලපන්ති අවසාන කාලය පැමිණිවිට මරණය හමුවේ වැළපෙති. අවීත තණ්හායෙ තණ්හාවෙන් ඈත් නොවී, භවාභවෙසු කාම ආදී භවයන්හි, නැතහොත් නැවත, නැවත (උපත ලබන) භවයන්හි යැයි කියන ලදී.
ඉදානි යස්මා අවීතතණ්හා එවං ඵන්දන්ති ච ලපන්ති ච, තස්මා තණ්හාවිනයෙ සමාදපෙන්තො “මමායිතෙ”ති ගාථමාහ. තත්ථ මමායිතෙති තණ්හාදිට්ඨිමමත්තෙහි “මම”න්ති පරිග්ගහිතෙ වත්ථුස්මිං. පස්සථාති සොතාරෙ ආලපන්තො ආහ. එතම්පීති එතම්පි ආදීනවං. සෙසං පාකටමෙව.
තණ්හාව ඉවත් නොකරන ලද බැවින් (ඔව්හු) මෙසේ කම්පා වෙති. හඬා දොඩති. එහෙයින්, තණ්හාවෙන් ඈත්වීමට - ඒ ගැන යම් හික්මීමකට යොමු කරමින්, මීළඟට ‘මමායිතෙ’ යන ගාථාව කීහ. මමායිතෙ ආසාවලින් හා දැඩිව ගත් හැඟීම්වලින් (තණ්හා දිට්ඨිවලින්) මම-මගේ’ යැයි ඒ ඒ දේවල් කෙරෙහි දැඩි බැඳීම, පස්සථ අසන්නා අමතමින් කියයි. එතම්පි මේ ආදීනවය ඉතිරි කරුණු පැහැදිළිය.
එවමෙත්ථ පඨමගාථාය අස්සාදං, තතො පරාහි චතූහි ආදීනවඤ්ච දස්සෙත්වා ඉදානි සඋපායං නිස්සරණං නිස්සරණානිසංසඤ්ච දස්සෙතුං සබ්බාහි වා එතාහි කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසඤ්ච දස්සෙත්වා ඉදානි නෙක්ඛම්මෙ ආනිසංසං දස්සෙතුං “උභොසු අන්තෙසූ”ති ගාථාද්වයමාහ. තත්ථ උභොසු අන්තෙසූති ඵස්සඵස්සසමුදයාදීසු ද්වීසු පරිච්ඡෙදෙසු. විනෙය්ය ඡන්දන්ති ඡන්දරාගං විනෙත්වා. ඵස්සං පරිඤ්ඤායාති චක්ඛුසම්ඵස්සාදිඵස්සං, ඵස්සානුසාරෙන වා තංසම්පයුත්තෙ සබ්බෙපි අරූපධම්මෙ, තෙසං වත්ථුද්වාරාරම්මණවසෙන රූපධම්මෙ චාති සකලම්පි නාමරූපං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා. අනානුගිද්ධොති රූපාදීසු සබ්බධම්මෙසු අගිද්ධො. යදත්තගරහී තදකුබ්බමානොති යං අත්තනා ගරහති, තං අකුරුමානො. නලිප්පතී දිට්ඨසුතෙසු ධීරොති සො එවරූපො ධිතිසම්පන්නො ධීරො දිට්ඨෙසු ච සුතෙසු ච ධම්මෙසු ද්වින්නං ලෙපානං එකෙනපි ලෙපෙන න ලිප්පති. ආකාසමිව නිරුපලිත්තො අච්චන්තවොදානප්පත්තො හොති.
මෙසේ මෙහි පළමු ගාථාවෙන් (කාමයන්හි) ‘වින්දන රසය’ ද, ඉන්පසු ගාථා සතරෙන් එහි ආදීනවද දක්වා, මීළගට එයින් නිදහස් වීම හා ඉන් ලබන යහපත් පලයද, පැහැදිලි කිරීමටත්, ඒ කාමයන්හි පහත් ලාමක බව, කෙලෙස් සහගත බව නිසා එයින් ඈත්වීමේ වැදගත්කමත්, උභොසු අන්තෙසු යන ගාථා දෙකකින් වදාළහ. උභොසු අන්තෙසු පහස, පහසට හේතු ආදී කොටස් දෙකෙහි, විනෙය්ය ඡන්දං ඡන්දරාගය දුරුකොට, ඵස්සං පරිඤ්ඤාය ඇස ලබන පහස, ඒ පහස අනුසාරයෙන්, ඒ හා බැඳුණු රූපී නොවන හඬ ආදී සියළු දේ ගැටෙන දොරටු තැන් හා අරමුණු ද නාමරූප සියල්ලම තුන් ආකාරයෙන් මනාව දැන, අනනුගිද්ධො රූපාදී සියළු දෙයෙහි ගිජු නොවී, යදත්තගරහී තදකුබ්බමානො තමන්ට ගැරහුම් ලබන දේවල් නොකරමින්, න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො ඒ මෙබඳු නුවණැත්තා දකින, අසන දේ පිළිබඳව දෙආකාර වූ ඇලීම්වලින් (තණ්හා දිට්ඨි) එකක්වත් තවරා නො ගනී. අහසෙහි කිසිවක් නොඇලෙන්නාක් මෙන් බෙහෙවින්ම පිරිසිදු බවට පැමිණේ.
සඤ්ඤං පරිඤ්ඤාති ගාථාය පන අයං සඞ්ඛෙපත්ථො – න කෙවලඤ්ච ඵස්සමෙව, අපිච ඛො පන කාමසඤ්ඤාදිභෙදං සඤ්ඤම්පි, සඤ්ඤානුසාරෙන වා පුබ්බෙ වුත්තනයෙනෙව නාමරූපං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා ඉමාය පටිපදාය චතුබ්බිධම්පි විතරෙය්ය ඔඝං, තතො සො තිණ්ණොඝො තණ්හාදිට්ඨිපරිග්ගහෙසු තණ්හාදිට්ඨිලෙපප්පහානෙන නොපලිත්තො ඛීණාසවමුනි රාගාදිසල්ලානං අබ්බූළ්හත්තා අබ්බූළ්හසල්ලො සතිවෙපුල්ලප්පත්තියා අප්පමත්තො චරං, පුබ්බභාගෙ වා අප්පමත්තො චරං තෙන අප්පමාදචාරෙන අබ්බූළ්හසල්ලො හුත්වා සකපරත්තභාවාදිභෙදං නාසීසතී ලොකමිමං පරඤ්ච, අඤ්ඤදත්ථු චරිමචිත්තනිරොධා නිරුපාදානො ජාතවෙදොව පරිනිබ්බාතීති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි ධම්මනෙත්තිට්ඨපනමෙව කරොන්තො, න උත්තරිං ඉමාය දෙසනාය මග්ගං වා ඵලං වා උප්පාදෙසි ඛීණාසවස්ස දෙසිතත්තාති.
සඤ්ඤං පරිඤ්ඤාති ගාථාවෙහි මේ කෙටි අදහසයි. පහස ගැන පමණක් නොවේ. හැඳිනීම් අනුසාරයෙන් කාමය දැන හඳුනාගැනීමද, නාමරූප ගැනද කලින් දැක්වූ පරිදි තුන් ආකාරයෙන් දැන, සතරාකාර වූ මේ පිළිවෙතින් විතරෙය්ය ඔඝං එයින් සැඩපහරින් එතරව, පරිග්ගහෙසු තණ්හා දිට්ඨි නම් වූ ආලේපයෙහි (නොතැවරි) තොරව, අනුපලිත්තො කෙලෙස් නැසූ මුනි, රාගාදී උල් උදුරා දැමූ බැවින් අබ්බූළ්හසල්ලො, සිහිය බොහෝකොට - නිරතුරුවම මැනවින් පවත්වා ගනිමින් අප්පමත්තො චරං (ජීවිත කාලයෙහි) පසු කලක හෝ නොපමාව කටයුතු කරමින්, රාගාදී උල් උදුරා දමා, මෙලොව පරලොව සේ ගෙන, නාසිංසති ලොකමිමං පරඤ්ච හුදෙක්ම අවසන් සිත නැති කිරීමෙන්, ඊළඟ භවයක අල්ලා ගැනීමක් නොමැතිව, ගින්න සේ පිරිනිවනට පත්වන්නේ යැයි අරහත් බව කුළුගන්වා දේසනය නිමකළහ. රහතන් වහන්සේ කෙනෙකුටම කරන ලද දේසනයක් බැවින් තවදුරටත් දහම් කරුණු දැක්වීමක් මිස මගපල උපදවීමක් නොවීය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය ගුහට්ඨකසුත්තවණ්ණනා නිට්ඨිතා.
ගුහට්ඨක සූත්‍ර විස්තරය නිමි.