යෙදුමෙන් කියවන්න

3. දුට‍්ඨට‍්ඨක සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

3. දුට‍්ඨට‍්ඨක සුත‍්තවණ‍්ණනා

3. දුට්ඨට්ඨක සූත්‍ර වර්ණනාව

වදන‍්ති වෙ දුට‍්ඨමනාපීති දුට‍්ඨට‍්ඨකසුත‍්තං. කා උප‍්පත‍්ති? ආදිගාථාය තාව උප‍්පත‍්ති – මුනිසුත‍්තනයෙන භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච උප‍්පන‍්නලාභසක‍්කාරං අසහමානා තිත්‍ථියා සුන්‍දරිං පරිබ‍්බාජිකං උය්‍යොජෙසුං. සා කිර ජනපදකල්‍යාණී සෙතවත්‍ථපරිබ‍්බාජිකාව අහොසි. සා සුන‍්හාතා සුනිවත්‍ථා මාලාගන්‍ධවිලෙපනවිභූසිතා භගවතො ධම‍්මං සුත්‍වා සාවත්‍ථිවාසීනං ජෙතවනතො නික‍්ඛමනවෙලාය සාවත්‍ථිතො නික‍්ඛමිත්‍වා ජෙතවනාභිමුඛී ගච‍්ඡති. මනුස‍්සෙහි ච “කුහිං ගච‍්ඡසී”ති පුච‍්ඡිතා “සමණං ගොතමං සාවකෙ චස‍්ස රමයිතුං ගච‍්ඡාමී”ති වත්‍වා ජෙතවනද‍්වාරකොට‍්ඨකෙ විචරිත්‍වා ජෙතවනද‍්වාරකොට‍්ඨකෙ පිදහිතෙ නගරං පවිසිත්‍වා පභාතෙ පුන ජෙතවනං ගන‍්ත්‍වා ගන්‍ධකුටිසමීපෙ පුප‍්ඵානි විචිනන‍්තී විය චරති . බුද‍්ධුපට‍්ඨානං ආගතෙහි ච මනුස‍්සෙහි “කිමත්‍ථං ආගතාසී”ති පුච‍්ඡිතා යංකිඤ‍්චිදෙව භණති. එවං අඩ‍්ඪමාසමත‍්තෙ වීතික‍්කන‍්තෙ තිත්‍ථියා තං ජීවිතා වොරොපෙත්‍වා පරිඛාතටෙ නික‍්ඛිපිත්‍වා පභාතෙ “සුන්‍දරිං න පස‍්සාමා”ති කොලාහලං කත්‍වා රඤ‍්ඤො ච ආරොචෙත්‍වා තෙන අනුඤ‍්ඤාතා ජෙතවනං පවිසිත්‍වා විචිනන‍්තා විය තං නික‍්ඛිත‍්තට‍්ඨානා උද‍්ධරිත්‍වා මඤ‍්චකං ආරොපෙත්‍වා නගරං අභිහරිත්‍වා උපක‍්කොසං අකංසු. සබ‍්බං පාළියං (උදා· 38) ආගතනයෙනෙව වෙදිතබ‍්බං.

වදන්ති වෙ දුට්ඨමනාපි දුට්ඨට්ඨක සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? මුල් ගාථාවෙන්ම එය සඳහන් වේ. මුනි සූත්‍රයෙහි ද දැක්වූ පරිදි භාග්‍යවතුන් වහන්සේට සහ සඟ පිරිසට ලද සිවුපස ලාභ සත්කාර ඉවසිය නොහැකි වූ වෙනත් සමයවාදීහු සුන්දරි පිරිවැජි යොදවා ගත්හ. ජනපදයටම සුන්දරියක් වූ ඇය, සුදුවත් හැඳ පිරිවැජියක් වූවාය. භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසා සැවැත්නුවර වාසීන් ජේතවනාරාමයෙන් නික්ම යන වේලාවට, ඇය මැනවින් දිය නා, හොඳින් හැඳපෙරවා, මල් සුවඳ විලවුන් දරමින් ජේතවනාරාමය දෙසට යන්නීය. මිනිසුන් කොහි යන්නෙහිදැ’යි විචාරන ලදුව, ‘සමණ ගෝතමයන්ද, සව්වන් සමගද සැපවිඳ සතුටුවන්නට යමි’යි කියා, ජේතවන දොරකොටුව (අසළ) හැසිර, එය වැසූ කල, නගරයට පිවිස, උදෑසන ජේතවනාරාමයට ගොස් සුවඳ කුටිය ළඟ මල් සොයන්නියක මෙන් හැසිරෙන්නීය. බුදු උවැටනට ආ මිනිසුන් ‘කුමක් නිසා පැමිණියෙහිදැ’යි ඇසූවිට කිසියම් දෙයක් කියන්නීය. මෙසේ අඩමසක් පමණ ගත වූ කල වෙනත් සමයවාදීහු ඈ මරා, දිය අගල අසළ වළලා, උදැසනම ‘සුන්දරී නොදුටුවෙමු’යි කලබලකොට, රජුටද දන්වා රජුගේ අවසරයෙන් ජේතවනාරාමයට අවුත්, සොයන්නාක් මෙන්, ඒ වැළලූ තැනින් පිටතට ගෙන, මැස්සක තබා නගරයට ගෙනවුත් නින්දා අපහාස කළහ. මේ විස්තර සියල්ල පෙළෙහි දක්වා ඇති අයුරින් දතයුතුය.

භගවා තං දිවසං පච‍්චූසසමයෙ බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙන‍්තො “තිත්‍ථියා අජ‍්ජ අයසං උප‍්පාදෙස‍්සන‍්තී”ති ඤත්‍වා “තෙසං සද‍්දහිත්‍වා මාදිසෙ චිත‍්තං පකොපෙත්‍වා මහාජනො අපායාභිමුඛො මා අහොසී”ති ගන්‍ධකුටිද‍්වාරං පිදහිත්‍වා අන‍්තොගන්‍ධකුටියංයෙව අච‍්ඡි, න නගරං පිණ‍්ඩාය පාවිසි. භික‍්ඛූ පන ද‍්වාරං පිදහිතං දිස‍්වා පුබ‍්බසදිසමෙව පවිසිංසු. මනුස‍්සා භික‍්ඛූ දිස‍්වා නානප‍්පකාරෙහි අක‍්කොසිංසු. අථ ආයස‍්මා ආනන්‍දො භගවතො තං පවත‍්තිං ආරොචෙත්‍වා “තිත්‍ථියෙහි, භන‍්තෙ, මහාඅයසො උප‍්පාදිතො, න සක‍්කා ඉධ වසිතුං, විපුලො ජම‍්බුදීපො, අඤ‍්ඤත්‍ථ ගච‍්ඡාමා”ති ආහ. තත්‍ථපි අයසෙ උට‍්ඨිතෙ කුහිං ගමිස‍්සසි ආනන්‍දාති? “අඤ‍්ඤං නගරං භගවා”ති. අථ භගවා “ආගමෙහි, ආනන්‍ද, සත‍්තාහමෙවායං සද‍්දො භවිස‍්සති, සත‍්තාහච‍්චයෙන යෙහි අයසො කතො, තෙසංයෙව උපරි පතිස‍්සතී”ති වත්‍වා ආනන්‍දත්‍ථෙරස‍්ස ධම‍්මදෙසනත්‍ථං “වදන‍්ති වෙ”ති ඉමං ගාථමභාසි.

භාග්‍යවතුන් වහන්සේ, එදින අළුයම බුදු ඇසින් ලොව බලත්ම, ‘අර සමයවාදීන් අද නින්දා උපදවති’යි දැන, ඔවුන්ගේ කීම අදහා, මා වැනි (බුදු) කෙනෙකු කෙරෙහි සිත කෝපයෙන් පුරවාගෙන, මහජනයා අපායෙහි නොයේවා’යි (සුවඳ කුටියෙහි දොර වසා) කුටිය තුළම සිටියහ. පිඬු පිණිස නගරයට නොවැඩියහ. දොර වසා ඇති බව දුටු සංඝයා වහන්සේලා පෙර පරිදිම පිඬු පිණිස වැඩියහ. මිනිස්සු උන්වහන්සේලා දැක නොයෙක් ලෙසින් නින්දා කළහ. එවිට ගරුකටයුතු අනඳ හිමි, ‘භාග්‍යවතුන් වහන්සේට ඒ පුවත සැළකොට, හිමියනි, අන් සමයවාදීන් මහත් නින්දා උපදවන ලදී. මෙහි විසීමට නොහැකියි. දඹදිව් විසාලයි. වෙනත් පෙදෙසකට යමු’යි කීය. ‘ආනන්ද, එහිදීත් අපහාස ලදොත් කොහි යන්නෙහිද?’ ‘භාග්‍යවතුන් වහන්ස, වෙනත් නගරයකට’ (අනඳ හිමි පැවසීය.) ‘ඉවසන්න, ආනන්ද, අපහාස හඬ සත් දවසක් පමණි. සත් දිනකින් පසු, අපහාස කළ තැනැත්තන්ටම පෙරළා එනු ඇතැ’යි කියා, ආනන්ද හිමිට දහම් දෙසනු පිණිස ‘වදන්ති වෙ’ යන මේ ගාථාව වදාළහ.

තත්‍ථ වදන‍්තීති භගවන‍්තං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච උපවදන‍්ති. දුට‍්ඨමනාපි එකෙ අථොපි වෙ සච‍්චමනාති එකච‍්චෙ දුට‍්ඨචිත‍්තා, එකච‍්චෙ තථසඤ‍්ඤිනොපි හුත්‍වා, තිත්‍ථියා දුට‍්ඨචිත‍්තා, යෙ තෙසං වචනං සුත්‍වා සද‍්දහිංසු, තෙ සච‍්චමනාති අධිප‍්පායො. වාදඤ‍්ච ජාතන‍්ති එතං අක‍්කොසවාදං උප‍්පන‍්නං. මුනි නො උපෙතීති අකාරකතාය ච අකුප‍්පනතාය ච බුද‍්ධමුනි න උපෙති. තස‍්මා මුනී නත්‍ථි ඛිලො කුහිඤ‍්චීති තෙන කාරණෙන අයං මුනි රාගාදිඛිලෙහි නත්‍ථි ඛිලො කුහිඤ‍්චීති වෙදිතබ‍්බො.

වදන්ති භාග්‍යවතුන් වහන්සේටද, බික්සඟණටද දොස් නගති. දුට්ඨමනාපි එක අථොපි වෙ සච්චමනාපි එකෙ ඇතමෙක් නපුරු සිතින්ද, ඇතමෙක් එය එසේයැයි සිතාගෙන, වෙනත් සමයවාදීන් දොස් නඟන්නේ නපුරු සිතිනි. (ඇතැම්හු) ඔවුන්ගේ වචන පිළිගත්හ. එය ඇත්ත යයි යන අදහසයි. වාදඤ්ච ජාතං එම අපහාස වචන කීම ඇරඹිණ. මුනි නො උපෙති බුද්ධ නම් වූ මුනිවරයා එසේ නොකරන හෙයින් ද, කෝප නොවන හෙයින් ද ඔවුන්ගේ මගට නොපැමිණෙත්. තස්මා මුනී නත්‍ථි ඛීලො කුහිඤ්චි ඒ නිසා මේ මුනිවරයාට රාගාදී උල් නැත.

ඉමඤ‍්ච ගාථං වත්‍වා භගවා ආනන්‍දත්‍ථෙරං පුච‍්ඡි, “එවං ඛුංසෙත්‍වා වම‍්භෙත්‍වා වුච‍්චමානා භික‍්ඛූ, ආනන්‍ද, කිං වදන‍්තී”ති. න කිඤ‍්චි භගවාති. “න, ආනන්‍ද, ‘අහං සීලවා’ති සබ‍්බත්‍ථ තුණ‍්හී භවිතබ‍්බං, ලොකෙ හි නාභාසමානං ජානන‍්ති මිස‍්සං බාලෙහි පණ‍්ඩිත”න‍්ති වත්‍වා, “භික‍්ඛූ, ආනන්‍ද, තෙ මනුස‍්සෙ එවං පටිචොදෙන‍්තූ”ති ධම‍්මදෙසනත්‍ථාය “අභූතවාදී නිරයං උපෙතී”ති ඉමං ගාථමභාසි. ථෙරො තං උග‍්ගහෙත්‍වා භික‍්ඛූ ආහ – “මනුස‍්සා තුම‍්හෙහි ඉමාය ගාථාය පටිචොදෙතබ‍්බා”ති. භික‍්ඛූ තථා අකංසු. පණ‍්ඩිතමනුස‍්සා තුණ‍්හී අහෙසුං. රාජාපි රාජපුරිසෙ සබ‍්බතො පෙසෙත්‍වා යෙසං ධුත‍්තානං ලඤ‍්ජං දත්‍වා තිත්‍ථියා තං මාරාපෙසුං, තෙ ගහෙත්‍වා නිග‍්ගය‍්හ තං පවත‍්තිං ඤත්‍වා තිත්‍ථියෙ පරිභාසි. මනුස‍්සාපි තිත්‍ථියෙ දිස‍්වා ලෙඩ‍්ඩුනා පහරන‍්ති, පංසුනා ඔකිරන‍්ති “භගවතො අයසං උප‍්පාදෙසු”න‍්ති. ආනන්‍දත්‍ථෙරො තං දිස‍්වා භගවතො ආරොචෙසි, භගවා ථෙරස‍්ස ඉමං ගාථමභාසි “සකඤ‍්හි දිට‍්ඨිං…පෙ… වදෙය්‍යා”ති.

භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාව කියා, ‘ආනන්ද, මෙසේ දොස් නගා අවමන් කරනු ලබද්දීත්, සංඝයා කුමක් කියත්දැ’යි විචාළහ. ‘හිමියනි, කිසිවක් නොකියති.’ ‘ආනන්ද, මා සිල්වතෙක් යැයි’ හැමවිටම නිහඬ විය යුතු නැත. මෝඩයන් සමග පණ්ඩිතයා (මෙබඳු) කතා නොකරන බව ලෝකයා දනී. ආනන්ද, සංඝයා ඒ මිනිසුන්ට පෙරළා කියත්වා’යි සිදුනොවූ - බොරු දේවල් සිදුවූවක් සේ පවසන තැනැත්තා නිරයට යයි’. අභූතවාදී නිරයං උපෙති යන ගාථාව වදාළහ. ආනන්ද හිමි ද එය ඉගෙන ‘ඔබලා විසින්, ඒ මිනිසුන්ට මේ ගාථාවෙන් පිළිතුරු දිය යුතු’ යැයි පැවසීය. සංඝයා වහන්සේලා එසේ කළහ. දැනුම් තේරුම් ඇත්තෝ නිහඬ වූහ. රජතුමාද ඔහුගේ මිනිසුන් හැමදෙසටම යවා, වෙනත් සමයවාදීන් - තීර්ථකයන් විසින් සළෙලුන්ට අල්ලස් දී ඇය මරවන ලද බවත්, ඒ මගින් අපහාස කරන ලද බවත් ඔවුන්ගෙන් දැන, ඒ තීර්ථකයන්ට අවමන් කළේය. මිනිස්සුද, ‘භාග්‍යවතුන් වහන්සේට අවමන් කළේ යැයි ඒ තීර්ථකයන් දැක කැටකැබලිතිවලින් ගසති. ඔවුන්ගේ සිරුරුවලට පස් විසිකරති. ඒ දුටු ආනන්ද හිමි භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය. එවිට සකං හි දිට්ඨිං -පෙ- වදෙය්‍යාසි යන ගාථාව ආනන්ද හිමිට වදාළහ.

තස‍්සත්‍ථො – යායං දිට‍්ඨි තිත්‍ථියජනස‍්ස “සුන්‍දරිං මාරෙත්‍වා සමණානං සක්‍යපුත‍්තියානං අවණ‍්ණං පකාසෙත්‍වා එතෙනුපායෙන ලද‍්ධං සක‍්කාරං සාදියිස‍්සාමා”ති, සො තං දිට‍්ඨිං කථං අතික‍්කමෙය්‍ය, අථ ඛො සො අයසො තමෙව තිත්‍ථියජනං පච‍්චාගතො තං දිට‍්ඨිං අච‍්චෙතුං අසක‍්කොන‍්තං. යො වා සස‍්සතාදිවාදී, සොපි සකං දිට‍්ඨිං කථං අච‍්චයෙය්‍ය තෙන දිට‍්ඨිච‍්ඡන්‍දෙන අනුනීතො තාය ච දිට‍්ඨිරුචියා නිවිට‍්ඨො, අපිච ඛො පන සයං සමත‍්තානි පකුබ‍්බමානො අත‍්තනාව පරිපුණ‍්ණානි තානි දිට‍්ඨිගතානි කරොන‍්තො යථා ජානෙය්‍ය, තථෙව වදෙය්‍යාති.

එහි තේරුම නම්, ‘සුන්දරී මරා, සැකිකුල මහණුන්ට අයස ගෙන දී, ඒ මගින් (තමන්ට) ලැබෙන ගරුසත්කාර ඉවසමු’යි යන දැඩි හැඟීම, දැඩි අදහස ඉවත් කළ හැක්කේ කෙසේද? ඒ අයස, අපහාස තීර්ථකයන් වෙතම ආපසු ආයේ නොවැළක්විය හැකි පරිද්දෙනි. යම් දෙයක් ඒ ආකාරයෙන්ම සදාකල් පවතීය යන හැඟීමෙන් සකං දිට්ඨිං කථමච්චයෙය්‍ය ඒ හැඟීම්වලට ඇති කැමැත්තෙන් අනුනීතො, ඒ හැඟීමෙහි රුචියා නිවිට්ඨො එහෙත් සයං සමත්තානි පකුබ්බමානො තමන්ම (සිත) පුරවාගත් ඒ හැඟීම් මතම කටයුතු කරමින්, තථෙව වදෙය්‍ය.

අථ රාජා සත‍්තාහච‍්චයෙන තං කුණපං ඡඩ‍්ඩාපෙත්‍වා සායන‍්හසමයං විහාරං ගන‍්ත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා ආහ – “නනු, භන‍්තෙ, ඊදිසෙ අයසෙ උප‍්පන‍්නෙ මය‍්හම‍්පි ආරොචෙතබ‍්බං සියා”ති. එවං වුත‍්තෙ භගවා, “න, මහාරාජ, ‘අහං සීලවා ගුණසම‍්පන‍්නො’ති පරෙසං ආරොචෙතුං අරියානං පතිරූප”න‍්ති වත්‍වා තස‍්සා අට‍්ඨුප‍්පත‍්තියං “යො අත‍්තනො සීලවතානී”ති අවසෙසගාථායො අභාසි.

ඉක්බිති රජු සත් දිනකින් පසු, ඒ මළ සිරුර ඉවත්කරවා සවස් කල විහාරයට ගොස්, භාග්‍යවතුන් වහන්සේට වැඳ, හිමියෙනි, මෙවැනි අපහාසාත්මක දෙයක් ඇතිවූ විට, මටත් දැන්විය යුතු නොවේදැ’යි කීය. එවිට භාග්‍යවතුන් වහන්සේ, ‘මහරජ, මම සිල්වත්, ගුණවත් වෙමි’යි අනුන්ට හැඟවීම බුදුවරුන් ආදීනට සුදුසු නොවේ’ යැයි පවසා, එහි කරුණු පැහැදිලි කිරීම පිණිස, යො අත්තනො සීලවතානි ආදී ඉතිරි ගාථා වදාළහ.

තත්‍ථ සීලවතානීති පාතිමොක‍්ඛාදීනි සීලානි ආරඤ‍්ඤිකාදීනි ධුතඞ‍්ගවතානි ච. අනානුපුට‍්ඨොති අපුච‍්ඡිතො. පාවාති වදති. අනරියධම‍්මං කුසලා තමාහු, යො ආතුමානං සයමෙව පාවාති යො එවං අත‍්තානං සයමෙව වදති, තස‍්ස තං වාදං “අනරියධම‍්මො එසො”ති කුසලා එවං කථෙන‍්ති.

සීලවතානි පාමොක් සීලාදිය, වනවාසි වීම වැනි ධුතංග වත්, අනානුපුට්ඨො නොවිචාරන ලද්දේ, පාවා කියයි. අනරිය ධම්මං කුසලා තමාහු යො ආතුමානං සයමෙව පාවා මෙසේ යම් කෙනෙක් තමන් ගැනම තමාම කියයි ද ඔහුගේ ඒ කීම උසස් දෙයක් නොවේ යැයි ලෝකය පිළිබඳ තතු පිරිසිඳ දැකීමේ සමත් බුද්ධාදී උතුමෝ මෙසේ කියති.

සන‍්තොති රාගාදිකිලෙසවූපසමෙන සන‍්තො, තථා අභිනිබ‍්බුතත‍්තො. ඉතිහන‍්ති සීලෙසු අකත්‍ථමානොති “අහමස‍්මි සීලසම‍්පන‍්නො”තිආදිනා නයෙන ඉති සීලෙසු අකත්‍ථමානො, සීලනිමිත‍්තං අත‍්තූපනායිකං වාචං අභාසමානොති වුත‍්තං හොති. තමරියධම‍්මං කුසලා වදන‍්තීති තස‍්ස තං අකත්‍ථනං “අරියධම‍්මො එසො”ති බුද‍්ධාදයො ඛන්‍ධාදිකුසලා වදන‍්ති. යස‍්සුස‍්සදා නත්‍ථි කුහිඤ‍්චි ලොකෙති යස‍්ස ඛීණාසවස‍්ස රාගාදයො සත‍්ත උස‍්සදා කුහිඤ‍්චි ලොකෙ නත්‍ථි, තස‍්ස තං අකත්‍ථනං “අරියධම‍්මො එසො”ති එවං කුසලා වදන‍්තීති සම‍්බන්‍ධො.

සන්තො රාගාදී කෙලෙස් සමනය කිරීමෙන් සන්සුන් බවට පත්, එසේම අභිනිබ්බුතත්තො ඉතිහන්ති සීලෙසු අකත්‍ථමානො ‘මම සිල්වත් වෙමි’යි සීලය පිළිබඳ නොකියමින්, තමා කෙරෙහි පිහිටි සීලය ගැන වචනයකුදු කතා නොකිරීම මෙයින් කියන ලදී. තමරිය ධම්මං කුසලා වදන්ති එසේ කතා නොකිරිම උතුමන්ගේ දහමකැයි රූපාදි සමූහයන් පිළිබඳ පිරිසිඳ දත් බුද්ධාදී උතුමෝ පවසති. යස්සුස්සදා නත්‍ථි කුහිඤ්ච ලොකෙ කෙලෙසුන් නැසූ තැනැත්තන්ට රාගාදී සත්වැදෑරුම් ඉල්පීම් කිසිවක් ලොව නැත, එය ගැන කතා නොකිරීම උතුමන්ගේ යහපත් ගතියකැයි යන අදහස හා සබැඳේ.

එවං ඛීණාසවපටිපත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි දිට‍්ඨිගතිකානං තිත්‍ථියානං පටිපත‍්තිං රඤ‍්ඤො දස‍්සෙන‍්තො ආහ – “පකප‍්පිතා සඞ‍්ඛතා”ති. තත්‍ථ පකප‍්පිතාති පරිකප‍්පිතා. සඞ‍්ඛතාති පච‍්චයාභිසඞ‍්ඛතා. යස‍්සාති යස‍්ස කස‍්සචි දිට‍්ඨිගතිකස‍්ස. ධම‍්මාති දිට‍්ඨියො. පුරක‍්ඛතාති පුරතො කතා. සන‍්තීති සංවිජ‍්ජන‍්ති. අවීවදාතාති අවොදාතා. යදත‍්තනි පස‍්සති ආනිසංසං, තං නිස‍්සිතො කුප‍්පපටිච‍්චසන‍්තින‍්ති යස‍්සෙතෙ දිට‍්ඨිධම‍්මා පුරක‍්ඛතා අවොදාතා සන‍්ති, සො එවංවිධො යස‍්මා අත‍්තනි තස‍්සා දිට‍්ඨියා දිට‍්ඨිධම‍්මිකඤ‍්ච සක‍්කාරාදිං, සම‍්පරායිකඤ‍්ච ගතිවිසෙසාදිං ආනිසංසං පස‍්සති, තස‍්මා තඤ‍්ච ආනිසංසං, තඤ‍්ච කුප‍්පතාය ච පටිච‍්චසමුප‍්පන‍්නතාය ච සම‍්මුතිසන‍්තිතාය ච කුප‍්පපටිච‍්චසන‍්තිසඞ‍්ඛාතං දිට‍්ඨිං නිස‍්සිතොව හොති, සො තන‍්නිස‍්සිතත‍්තා අත‍්තානං වා උක‍්කංසෙය්‍ය පරෙ වා වම‍්භෙය්‍ය අභූතෙහිපි ගුණදොසෙහි.

මෙසේ කෙලෙස් නැසූ උතුමන්ගේ පිළිවෙත පහදා මීළඟට දැඩි හැඟීම්වලින් යුතු වෙනත් සමයවාදී තීර්ථකයන්ගේ පිළිවෙත ‘පකප්පිතා සංඛතා’ යන ගාථාවෙන් රජුට කීහ. පරිකල්පනය කරන ලද පකුප්පිතා සිතාගන්නා ලද, සංඛතා නොයෙක් හේතු නිසා සකස් වූ, යස්සා යම්කිසි දැඩිව ගන්නා ලද හැඟීම් ඇති තැනැත්තකුට, ධම්මා අදහස් - හැඟීම් (මතිමතාන්තර) පූරක්‍ඛතා ඉදිරියට ගෙන, සන්ති පැහැදිලිව පෙනේ. අවිවදාතා කිලිටි වූ, යදත්තනි පස්සති ආනිසංසං තං නිස්සිතො කුප්ප - පටිච්ච සන්තං මෙබඳු හැඟීම් පෙරදැරිකොට, (කෙලෙසින්) කිලිටි වෙත්ද, එසේ තමා දැඩිකොට ගත් හැඟීම් නිසා - මෙලොවදී ගරු සත්කාර (වාසි සහගත දේ) සහ පරලොව යහපත් තැනක (භවයක) ඉපදීම හා සැප ආදියද බලා සිටියි. එහෙයින් එහි ලබන පල සහ එයින් ඇතිවන වෙනස්කම්ද එය ඇතිවීමට මුල්වන හේතු ද, ඒවාට ලැබී ඇති (සමාජමය) සම්මුති හෙවත් පිළිගැනීම් ද, ඇසුරුකොට ඒ හැඟීම්-කල්පනා පවතී. ඔහු එයට තදින් ඇසුරුකොට, එහි මුල්බැස ගත් බැවින්, තමා ගැන හෝ උසස් ලෙස හුවා දක්වන්නේය. නැති අගුණ කියමින්, නැති දොස් දක්වමින් අනුන් හෙළා දකින්නේය.

එවං නිස‍්සිතෙන ච දිට‍්ඨීනිවෙසා…පෙ… ආදියතී ච ධම‍්මන‍්ති. තත්‍ථ දිට‍්ඨීනිවෙසාති ඉදංසච‍්චාභිනිවෙසසඞ‍්ඛාතානි දිට‍්ඨිනිවෙසනානි. න හි ස‍්වාතිවත‍්තාති සුඛෙන අතිවත‍්තිතබ‍්බා න හොන‍්ති. ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතන‍්ති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිධම‍්මෙසු තං තං සමුග‍්ගහිතං අභිනිවිට‍්ඨං ධම‍්මං නිච‍්ඡිනිත්‍වා පවත‍්තත‍්තා දිට‍්ඨිනිවෙසා න හි ස‍්වාතිවත‍්තාති වුත‍්තං හොති. තස‍්මා නරො තෙසු නිවෙසනෙසු, නිරස‍්සතී ආදියතී ච ධම‍්මන‍්ති යස‍්මා න හි ස‍්වාතිවත‍්තා , තස‍්මා නරො තෙසුයෙව දිට‍්ඨිනිවෙසනෙසු අජසීලගොසීලකුක‍්කුරසීලපඤ‍්චාතපමරුප‍්පපාතඋක‍්කුටිකප‍්පධානකණ‍්ටකාපස‍්සයාදිභෙදං සත්‍ථාරධම‍්මක‍්ඛානගණාදිභෙදඤ‍්ච තං තං ධම‍්මං නිරස‍්සති ච ආදියති ච ජහති ච ගණ‍්හාති ච වනමක‍්කටො විය තං තං සාඛන‍්ති වුත‍්තං හොති. එවං නිරස‍්සන‍්තො ච ආදියන‍්තො ච අනවට‍්ඨිතචිත‍්තත‍්තා අසන‍්තෙහිපි ගුණදොසෙහි අත‍්තනො වා පරස‍්ස වා යසායසං උප‍්පාදෙය්‍ය.

මෙසේ මුල්බැස ගන්නා හැඟීම් සංකල්ප ඇසුරින් (යුතු තැනැත්තා විසින්) දිට්ඨිනිවෙසා -පෙ- ආදියතීච ධම්මං (යැයි දක්වා ඇත.) දිට්ඨි නිවෙසා මේ මේ දෙය ඇත්ත යයි මුල්බැස ගන්නා ලද හැඟීම්, න හි සවාතිවත්තා ලෙහෙසියෙන් අත්හළ නොහැකිය. ධම්මෙසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං දෙසැටක් වැරදි හැඟීම්වලින් ඒ ඒ දේ වැඩියෙන් සිතට ගෙන කටයුතු කිරීමේදී ඒ මුල්බැස ගත් හැඟීම් ඉවතලීම පහසු නොවේ යැයි කියන ලදී. තස්මා නරො තෙසු නිවෙසනෙසු නිරස්සති ආදියතිච ධම්මං එසේ අත්හළ නොහැකි බැවින්, ඒ හැඟීම්වල මුල්බැස ගනිමින්, එළුවන්, ගවයන්, බල්ලන්ගේ ඉරියව් අනුව පිළිපදිමින් ද, අව්ව තැපීම, (දෙපා මත) ඇන බා හිඳීම, කටු මැස්සක හිඳීම වැනි දෙයින් ද, සත්දවසක් (වේද වැකි) ආදිය කියවීම වැනි දේ වරෙක පිළිගනිමින් ද, තවත් වරෙක පල රහිත යැයි ඉවතලමින්ද, නැවත වෙනත් දෙයක් - මතයක් පිළිගන්නේ ද කැලෑ වඳුරෙකු එක් අත්තක් අතහරින විට තවත් අත්තක් අල්ලා ගන්නා පරිදි යැයි දක්වන ලදී. මෙසේ ඉවතලමින්ද, නැවත පිළිගනිමින්ද, වෙනස්වන සිත නිසා, නැති ගුණදොස් කියා, තමාට හෝ අනුන්ට හෝ යස-අයස උපදවන්නේය.

යො පනායං සබ‍්බදිට‍්ඨිගතාදිදොසධුනනාය පඤ‍්ඤාය සමන‍්නාගතත‍්තා ධොනො, තස‍්ස ධොනස‍්ස හි…පෙ… අනූපයො සො. කිං වුත‍්තං හොති? ධොනධම‍්මසමන‍්නාගමා ධොනස‍්ස ධුතසබ‍්බපාපස‍්ස අරහතො කත්‍ථචි ලොකෙ තෙසු තෙසු භවෙසු පකප‍්පිතා දිට‍්ඨි නත්‍ථි, සො තස‍්සා දිට‍්ඨියා අභාවෙන, යාය ච අත‍්තනා කතං පාපකම‍්මං පටිච‍්ඡාදෙන‍්තා තිත්‍ථියා මායාය මානෙන වා එතං අගතිං ගච‍්ඡන‍්ති, තම‍්පි මායඤ‍්ච මානඤ‍්ච පහාය ධොනො රාගාදීනං දොසානං කෙන ගච‍්ඡෙය්‍ය, දිට‍්ඨධම‍්මෙ සම‍්පරායෙ වා නිරයාදීසු ගතිවිසෙසෙසු කෙන සඞ‍්ඛං ගච‍්ඡෙය්‍ය, අනූපයො සො, සො හි තණ‍්හාදිට‍්ඨිඋපයානං ද‍්වින‍්නං අභාවෙන අනූපයොති.

මේ සියළු හැඟීම් නිසා ඇතිවන වැරදි සෝදා පිරිසිදු කරන්නාක් මෙන් නුවණින් යුතු වූ බැවින්, ධොන නම් වේ. ඒ ධොන නම් වූ කෙලෙස් රහිත තැනැත්තා කිසිතැනක නොරඳන්නේය. කුමක් නිසා එසේ කියන ලදද? ඒ පිළිවෙතින් යුතු බැවින්, ධොනස්ස සියළු අයහපත් දේ සෝදාහළ බැවින් අරහත් බවට පත්ව කිසිදු තැනක ලොකෙ, ඒ ඒ භවෙසු පකප්පිතා දිට්ඨි නත්‍ථි එබඳු හැඟීම්වලින් කෙලෙසුන් නැසුවෝ ඉවත් වෙති. තමන් කරන ලද අයහපත් කටයුතු සඟවන තීර්ථකයෝ කපටිබවින්, මානයෙන් අගතියට යති. මායඤ්ච මානංච පහාය ධොනො එබඳු රාගාදි දොස් (නොමැති බැවින්) කෙන ගච්ඡෙය්‍ය මෙලොව හෝ පරලොව හෝ නිරය ආදී තැනකට යන්නේ කුමන (කරුණු) හඳුනාගෙනද? අනුපයො සො ඒ තණ්හා-දිට්ඨි දෙකම උපය නම් වන අතර, එය නැති බැවින් අනූපය වෙයි.

යො පන තෙසං ද‍්වින‍්නං භාවෙන උපයො හොති, සො උපයො හි…පෙ… දිට‍්ඨිමිධෙව සබ‍්බන‍්ති. තත්‍ථ උපයොති තණ‍්හාදිට‍්ඨිනිස‍්සිතො. ධම‍්මෙසු උපෙති වාදන‍්ති “රත‍්තො”ති වා “දුට‍්ඨො”ති වා එවං තෙසු තෙසු ධම‍්මෙසු උපෙති වාදං. අනූපයං කෙන කථං වදෙය්‍යාති තණ‍්හාදිට‍්ඨිපහානෙන අනූපයං ඛීණාසවං කෙන රාගෙන වා දොසෙන වා කථං “රත‍්තො”ති වා “දුට‍්ඨො”ති වා වදෙය්‍ය, එවං අනුපවජ‍්ජො ච සො කිං තිත්‍ථියා විය කතපටිච‍්ඡාදකො භවිස‍්සතීති අධිප‍්පායො. අත‍්තා නිරත‍්තා න හි තස‍්ස අත්‍ථීති තස‍්ස හි අත‍්තදිට‍්ඨි වා උච‍්ඡෙදදිට‍්ඨි වා නත්‍ථි, ගහණං මුඤ‍්චනං වාපි අත‍්තනිරත‍්තසඤ‍්ඤිතං නත්‍ථි. කිංකාරණා නත්‍ථීති චෙ? අධොසි සො දිට‍්ඨිමිධෙව සබ‍්බං, යස‍්මා සො ඉධෙව අත‍්තභාවෙ ඤාණවාතෙන සබ‍්බං දිට‍්ඨිගතං අධොසි, පජහි, විනොදෙසීති අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි. තං සුත්‍වා රාජා අත‍්තමනො භගවන‍්තං අභිවාදෙත්‍වා පක‍්කාමීති.

[missing trans] උපයොහි....දිට්ඨමිධෙව සබ්බං එහි උපයො තණ්හා දිට්ඨි ඇසුරින් වෙලුනු (තැනැත්තා), ධම්මෙසු උපෙති වාදං ‘රාගයෙන් රත් වූ’ හෝ ‘නපුරු’ හෝ යැයි මෙසේ ඒ ඒ කරුණු කෙරෙහි වාදයට එළඹෙයි. අනුපයං කෙන කථං වදෙය්‍ය තණ්හා-දිට්ඨි නැති කිරීමෙන් ‘උපය’ නොවූ එතුමෝ රාගයෙන් හෝ තරහින් හෝ කෙසේ ‘රත්වූයේ’ දැයි හෝ නපුරු වූයේදැ’යි කුමකින් කිවහැකිද? මෙසේ කිසිදු වරද නැති එතුමන් වෙනත් තීර්ථක සමයවාදීන් මෙන් කරන ලද වරද සඟවති’යි කෙසේ සිදුවිය හැකිද? අත්තං නිරත්තං නහි තස්ස අත්‍ථි රහත් ඵලයට පත්වූ තැනැත්තාට තමා පිළිබඳ වූ දැඩි හැඟීමක් හෝ (මේ ජීවිතයෙන් පසු) විනාස වේයැයි හෝ දැඩිව ගත් කිසිදු හැඟීමක් නැත. එමෙන්ම බැහැර කිරීමට හෝ නැවත පිළිගැනීමට හෝ කිසිදු හැඟීමක් නැත. එසේ කරුණු නොමැත්තේ ඇයි? අධොසි සො දිට්ඨිමිධෙව සබ්බං මෙම ජීවිතයෙහිදීම, ඒ සියළුම දැඩිව ගන්නා ලද මුල්බැස ගත් හැඟීම් ලද නුවණින් හෝ සෝදා හළේ ද, අත් හළේ ද, දුරුකළේදැ’යි අරහත් බව කුළුගන්වමින් දේසනය නිම කළහ. ඒ අසා සතුටුවූ රජු භාග්‍යවතුන් වහන්සේට වැඳ නික්ම ගියේය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය දුට‍්ඨට‍්ඨකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දුට්ඨට්ඨක සූත්‍ර විස්තරය නිමි.