4. සුද්ධටඨකසුත්තවණ්ණනා අට්ඨකථා
4. සුද්ධටඨකසුත්තවණ්ණනා
4. සුද්ධට්ඨක සූත්‍ර වර්ණනාව
පස්සාමි සුද්ධන්ති සුද්ධට්ඨකසුත්තං. කා උප්පත්ති? අතීතෙ කිර කස්සපස්ස භගවතො කාලෙ බාරාණසිවාසී අඤ්ඤතරො කුටුම්බිකො පඤ්චහි සකටසතෙහි පච්චන්තජනපදං අගමාසි භණ්ඩග්ගහණත්ථං. තත්ථ වනචරකෙන සද්ධිං මිත්තං කත්වා තස්ස පණ්ණාකාරං දත්වා පුච්ඡි – “කච්චි, තෙ සම්ම, චන්දනසාරං දිට්ඨපුබ්බ”න්ති? “ආම සාමී”ති ච වුත්තෙ තෙනෙව සද්ධිං චන්දනවනං පවිසිත්වා සබ්බසකටානි චන්දනසාරස්ස පූරෙත්වා තම්පි වනචරකං “යදා, සම්ම, බාරාණසිං ආගච්ඡසි, තදා චන්දනසාරං ගහෙත්වා ආගච්ඡෙය්යාසී”ති වත්වා බාරාණසිංයෙව අගමාසි. අථාපරෙන සමයෙන සොපි වනචරකො චන්දනසාරං ගහෙත්වා තස්ස ඝරං අගමාසි. සො තං දිස්වා සබ්බං පටිසන්ථාරං කත්වා සායන්හසමයෙ චන්දනසාරං පිසාපෙත්වා සමුග්ගං පූරෙත්වා “ගච්ඡ, සම්ම, න්හායිත්වා ආගච්ඡා”ති අත්තනො පුරිසෙන සද්ධිං න්හානතිත්ථං පෙසෙසි. තෙන ච සමයෙන බාරාණසියං උස්සවො හොති. අථ බාරාණසිවාසිනො පාතොව දානං දත්වා සායං සුද්ධවත්ථනිවත්ථා මාලාගන්ධාදීනි ගහෙත්වා කස්සපස්ස භගවතො මහාචෙතියං වන්දිතුං ගච්ඡන්ති. සො වනචරකො තෙ දිස්වා “මහාජනො කුහිං ගච්ඡතී”ති පුච්ඡි. “විහාරං චෙතියවන්දනත්ථායා”ති ච සුත්වා සයම්පි අගමාසි. තත්ථ මනුස්සෙ හරිතාලමනොසිලාදීහි නානප්පකාරෙහි චෙතියෙ පූජං කරොන්තෙ දිස්වා කිඤ්චි චිත්රං කාතුං අජානන්තො තං චන්දනං ගහෙත්වා මහාචෙතියෙ සුවණ්ණිට්ඨකානං. උපරි කංසපාතිමත්තං මණ්ඩලං අකාසි. අථ තත්ථ සූරියුග්ගමනවෙලායං සූරියරස්මියො උට්ඨහිංසු. සො තං දිස්වා පසීදි, පත්ථනඤ්ච අකාසි “යත්ථ යත්ථ නිබ්බත්තාමි, ඊදිසා මෙ රස්මියො උරෙ උට්ඨහන්තූ”ති. සො කාලං කත්වා තාවතිංසෙසු නිබ්බත්ති. තස්ස උරෙ රස්මියො උට්ඨහිංසු, චන්දමණ්ඩලං වියස්ස උරමණ්ඩලං විරොචති, “චන්දාභො දෙවපුත්තො”ත්වෙව ච නං සඤ්ජානිංසු.
පස්සාමි සුද්ධං යනු සුද්ධට්ඨක සූත්‍රයයි. එය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? පෙර කසුප් බුදුරදුන් කල, බරණැස වැසි එක්තරා කෙළෙඹියෙක් බඩු ගෙනඒම සඳහා ගැල් පන්සියයකින් පිටිසර ජනපදයකට ගියේය. එහි කැලයෙහි හැසිරෙන මිනිසකු සමග මිතුරුව, ඔහුට තුටුපඬුරු දී, ‘යහළුව, මෙහි සඳුන් හර දැක තිබේදැයි විමසීය. ‘එසේය හිමියනි, කී විට, ඔහු සමගම සඳුන් වනයට පිවිස, ගැල් සියල්ලම අරටුව, ඇති සඳුන් දැවයෙන් පුරවා, ඒ මිතුරාට ‘බරණැස පැමිණෙන විට සඳුන් හර ද ගෙන එව’යි කියා බරණැසටම ගියේය. පසුකලක, ඒ වනචාරී මිතුරා සඳුන් හරද ගෙන කෙළඹියාගේ නිවසට පැමිණියේය. කෙළඹියා ඔහු දැක සියළු පිළිසඳර කතාකොට, සවස්කල සඳුන්හර කුඩුකොට, කරඬු පුරවා, ‘මිතුර, දිය නාගෙන එන්නැ’යි තම සේවකයෙකු සමග නාන තොටුපලට යැවීය. ඒ කාලයෙහි බරණැස උත්සවයකි. බරණැස වැසියෝ උදෑසනම දානය පිරිනමා, පිරිසිදු වත් හැඳ මල්සුවඳ ආදිය ගෙන කසුප් බුදු මහසෑය වැඳීමට යති. ඒ වනචාරිකයාද ඔවුන් දැක, ‘මහජනයා කොහි යන්නේදැ’යි ඇසීය. ‘විහාරය, සෑය වැඳීමට බව අසා, ඔහු ද ගියේය. එහිදී මිනිසුන් හිරියල් මනෝසීල ආදියෙන් නොයෙක් ආකාරයෙන් සෑයට පූජා කරනු දැක, එබඳු විසිතුරු දෙයක් කිරිමට නොදැන, ඒ සඳුන් ගෙන මහා සෑයෙහි රන්ගඩොල් මත ලෝහ පාත්‍රයක් තරම් කවාකාර ලෙස සකස් කළේය. හිරු උදාවන විට එය හිරු රැසින් පැහැපත් විය. ඔහු එය දැක පැහැද, ‘ඉපදෙන, ඉපදෙන හැම වරකම, මෙබඳු රැස් දහරක් මගේ ළයෙන් විහිදේවා’යි පැතීය. ඔහු කළුරියකොට, තව්තිසාවෙහි උපනි. ඔහුගේ ළයෙන් රැස් නැගුණි. ළයමඬල සඳමඬල මෙන් බබළයි. ‘චන්ද්රාභ’ දෙව් පුත් යැයි හැඳින්වීය.
සො තාය සම්පත්තියා ඡසු දෙවලොකෙසු අනුලොමපටිලොමතො එකං බුද්ධන්තරං ඛෙපෙත්වා අම්හාකං භගවති උප්පන්නෙ සාවත්ථියං බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්ති, තථෙවස්ස උරෙ චන්දමණ්ඩලසදිසං රස්මිමණ්ඩලං අහොසි. නාමකරණදිවසෙ චස්ස මඞ්ගලං කත්වා බ්රාහ්මණා තං මණ්ඩලං දිස්වා “ධඤ්ඤපුඤ්ඤලක්ඛණො අයං කුමාරො”ති විම්හිතා “චන්දාභො” ත්වෙව නාමං අකංසු. තං වයප්පත්තං බ්රාහ්මණා ගහෙත්වා අලඞ්කරිත්වා රත්තකඤ්චුකං පාරුපාපෙත්වා රථෙ ආරොපෙත්වා “මහාබ්රහ්මා අය”න්ති පූජෙත්වා “යො චන්දාභං පස්සති, සො යසධනාදීනි ලභති, සම්පරායඤ්ච සග්ගං ගච්ඡතී”ති උග්ඝොසෙන්තා ගාමනිගමරාජධානීසු ආහිණ්ඩන්ති. ගතගතට්ඨානෙ මනුස්සා “එස කිර භො චන්දාභො නාම, යො එතං පස්සති, සො යසධනසග්ගාදීනි ලභතී”ති උපරූපරි ආගච්ඡන්ති, සකලජම්බුදීපො චලි. බ්රාහ්මණා තුච්ඡහත්ථකානං ආගතානං න දස්සෙන්ති, සතං වා සහස්සං වා ගහෙත්වා ආගතානමෙව දස්සෙන්ති. එවං චන්දාභං ගහෙත්වා අනුවිචරන්තා බ්රාහ්මණා කමෙන සාවත්ථිං අනුප්පත්තා.
චන්ද්රාභ දෙව් පුතු ඒ සම්පතින් යුතුව, දෙව්ලෝ සයෙහිම අනුලෝම පටිලෝම ලෙස හෙවත් ඒ ඒ දෙව්ලෝ පිහිටි පිළිවෙළින් (ඉපිද) වැස එක් බුද්ධාන්තරයක් ගෙවා අප ගොතම බුදුරජාණන් වහන්සේ පහළ වූ කල, සැවැත්නුවර බමුණු මහසල්කුලයෙක උපන්නේය. ඔහුගේ ළයෙහි සඳමඬල සදිසි රැස් මඩුල්ලක් විය. නම් තබන දවසෙහි, සිරිත් ඉටුකොට, බමුණෝ ඒ රැස් මඬුල්ල දැක, ‘මේ කුමරු බොහෝ යසඉසුරින් පින් ලකුණින් හොබනේ යැයි පුදුමව ‘චන්ද්රාභ’ නමින්ම හැඳින්වූහ. චන්ද්රාභ වැඩිවිය පත් කල, ඔහු අලංකාර කොට, පටරෙදි ඇඳුමින් උඩුකය පොරවා, යානාවක නංවා ‘මේ මහා බ්‍රහ්මයා’ යැයි පූජාකොට, ‘චන්ද්‍රාභය දකින තැනැත්තකු ධනය, කිතුරාව ලබන බවද, මරණින් පසු සඟලොව උපදනා බවත් හඬනගා කියමින්, ගම් නියම්ගම් රාජධානිවල ඇවිදිත්. ගිය ගිය තැන්හි මිනිස්සු. ‘මේ පින්වත් චන්ද්රාභ දැකීමෙන් කිතුගොස, ධනය, සඟසැප ලබති’යි පොරකමින් එති. මුළු දඹදිවම මෙයින් කලබල විය. බමුණෝ හිස්අතින් පැමිණෙන්නවුන්ට චන්ද්රාභ දැකීමට ඉඩ නොදෙති. (කහවණු) සියයක් හෝ දහසක් හෝ රැගෙන පැමිණෙන්නන්ටම පෙන්වති. මෙසේ චන්ද්රාභ රැගෙන සැරිසරන බමුණෝ කෙමෙන් සැවැත්නුවරටද පැමිණියහ.
තෙන ච සමයෙන භගවා පවත්තිතවරධම්මචක්කො අනුපුබ්බෙන සාවත්ථිං ආගන්ත්වා සාවත්ථියං විහරති ජෙතවනෙ බහුජනහිතාය ධම්මං දෙසෙන්තො. අථ චන්දාභො සාවත්ථිං පත්වා සමුද්දපක්ඛන්තකුන්නදී විය අපාකටො අහොසි, චන්දාභොති භණන්තොපි නත්ථි. සො සායන්හසමයෙ මහාජනකායං මාලාගන්ධාදීනි ආදාය ජෙතවනාභිමුඛං ගච්ඡන්තං දිස්වා “කුහිං ගච්ඡථා”ති පුච්ඡි. “බුද්ධො ලොකෙ උප්පන්නො, සො බහුජනහිතාය ධම්මං දෙසෙති, තං සොතුං ජෙතවනං ගච්ඡාමා”ති ච තෙසං වචනං සුත්වා සොපි බ්රාහ්මණගණපරිවුතො තත්ථෙව අගමාසි. භගවා ච තස්මිං සමයෙ ධම්මසභායං වරබුද්ධාසනෙ නිසින්නොව හොති. චන්දාභො භගවන්තං උපසඞ්කම්ම මධුරපටිසන්ථාරං කත්වා එකමන්තං නිසීදි, තාවදෙව චස්ස සො ආලොකො අන්තරහිතො. බුද්ධාලොකස්ස හි සමීපෙ අසීතිහත්ථබ්භන්තරෙ අඤ්ඤො ආලොකො නාභිභොති. සො “ආලොකො මෙ නට්ඨො”ති නිසීදිත්වාව උට්ඨාසි, උට්ඨහිත්වා ච ගන්තුමාරද්ධො.
ඒ වනවිට, භාග්‍යවතුන් වහන්සේ උතුම් දම්සක් පවත්වා, අනුපිළිපිලිවෙලින් සැවැත් නුවරට අවුත්, බොහෝ දෙනාට හිත පිණිස දහම් දෙසමින්, ජේතවනාරාමයෙහි වසති. සැවැත්නුවරෙහිදී චන්ද්රාභ සමුදුර පත් කුඩා ගඟක් බඳු විය. ‘චන්ද්රාභ’ යැයි කියන කෙනෙකුදු නැත. සවස් කල මහජනයා මල් සුවඳ ගෙන ජේතවනාරාමය දෙසට යනු දුටු ‘චන්ද්රාභ’ ‘කොහි යවුදැ’යි ඇසීය. ‘බුදුවරයෙක් ලොව උපන්හ. උන්වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස දහම් දෙසති. එය අසන්නට ජේතවනාරාමයට යමු’යි ඔවුහු කීහ. ඒ අසා බමුණු පිරිස පිරිවරා ඔහු එහි ගියේය. භාග්‍යවතුන් වහන්සේ ද ඒ වේලාවේ දම් සභාවෙහි උතුම් බුදු අස්නෙහි වැඩසිටියහ. චන්ද්රාභද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, මිහිරි පිළිසඳර කතාකොට, එකත්පස්ව හුන්නේය. එකෙණෙහිම ඔහුගේ ආලෝකය අතුරුදහන් විය. බුදුරදුන්ගේ ආලෝකය (බුදුරැස්) හමුවේ අසූරියනක් දුරට වෙනත් ආලෝකයක් නොවිහිදේ ‘චන්ද්‍රා’ ‘මගේ ආලෝකය නැති වී’ යැයි හුන් තැනින් නැගී ඉවතට යාමට සූදානම් විය.
අථ නං අඤ්ඤතරො පුරිසො ආහ – “කිං භො චන්දාභ, සමණස්ස ගොතමස්ස භීතො ගච්ඡසී”ති. නාහං භීතො ගච්ඡාමි, අපිච මෙ ඉමස්ස තෙජෙන ආලොකො න සම්පජ්ජතීති පුනදෙව භගවතො පුරතො නිසීදිත්වා පාදතලා පට්ඨාය යාව කෙසග්ගා රූපරංසිලක්ඛණාදිසම්පත්තිං දිස්වා “මහෙසක්ඛො සමණො ගොතමො, මම උරෙ අප්පමත්තකො ආලොකො උට්ඨිතො, තාවතකෙනපි මං ගහෙත්වා බ්රාහ්මණා සකලජම්බුදීපං විචරන්ති. එවං වරලක්ඛණසම්පත්තිසමන්නාගතස්ස සමණස්ස ගොතමස්ස නෙව මානො උප්පන්නො, අද්ධා අයං අනොමගුණසමන්නාගතො භවිස්සති සත්ථා දෙවමනුස්සාන”න්ති අතිවිය පසන්නචිත්තො භගවන්තං වන්දිත්වා පබ්බජ්ජං යාචි. භගවා අඤ්ඤතරං ථෙරං ආණාපෙසි – “පබ්බාජෙහි න”න්ති. සො තං පබ්බාජෙත්වා තචපඤ්චකකම්මට්ඨානං ආචික්ඛි. සො විපස්සනං ආරභිත්වා න චිරෙනෙව අරහත්තං පත්වා “චන්දාභත්ථෙරො”ති විස්සුතො අහොසි. තං ආරබ්භ භික්ඛූ කථං සමුට්ඨාපෙසුං “කිං නු ඛො, ආවුසො, යෙ චන්දාභං අද්දසංසු. තෙ යසං වා ධනං වා ලභිංසු, සග්ගං වා ගච්ඡිංසු, විසුද්ධිං වා පාපුණිංසු තෙන චක්ඛුද්වාරිකරූපදස්සනෙනා”ති. භගවා තස්සං අට්ඨුප්පත්තියං ඉමං සුත්තමභාසි.
එවිට එක් මිනිසෙක් ‘කිම? චන්ද්රාභ, සමණ ගොතමයන්ට බියවී යන්නෙහිදැ’යි ඇසීය. ‘මම බය නොවෙමි, එහෙත් එතුමන්ගේ තේජසින් මගේ ආලෝකය විහිදෙන්නේ නැතැ’යි කියා නැවත භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ හිඳ දෙපතුල සිට හිසකෙස් අග දක්වා රූසිරි ලකුණු සම්පත් දැක, ‘සමණ ගොතම මහා බලවත්ය, මගේ ළමැදෙහි කුඩා ආලෝකයක් විහිදුණි. එපමණකින් බමුණෝ මා රැගෙන මුළු දඹදිවම හැසිරෙති. ඒ උතුම් සම්පත් ලකුණින් හෙබි සමණ ගොතමයන්ගේ කිසිදු මානයක් හෝ උඩඟුකමක් හෝ නැත. නිසැකවම, ‘එතුමන් උසස් ගුණෙන් යුතු, දෙවිමිනිසුන්ට යහමග පෙන්වන්නෙකැ’යි බොහෝ පැහැද සතුටු සිතින් භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැවිදි කරන ලෙස ඉල්ලා සිටියේය. භාග්‍යවතුන් වහන්සේ, ‘මොහු පැවිදි කරන්නැ’යි වෙනත් තෙරනමකට දැන්වූහ. තෙරුන් වහන්සේ ඔහු පැවිදිකොට, සිරුරෙහි කෙස් සිට සම දක්වා කමටහන් පහදා දුන්හ. පැවිදි වූ චන්ද්රාභ විදසුන් වඩා නොබෝ කලකින්ම අරහත් බවට පත්ව, චන්ද්රාභ තෙරුන් යැයි හැඳින්වීය. අනෙක් හිමිවරු, ‘ඇවැත්නි, පෙර ඇස් නැමති දොරකඩට අරමුණු වූ චන්ද්රාභගේ රුව දුටුවන්, ඒ දැමෙන් ධනය හෝ යසස ලැබ ඇත, සගලොව හෝ ගොසිනි. පිරිසිදු බවට හෝ පත්ව ඇතැයි කතාබහ කළහ. ඒ අදහස් පාදකකොට භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රය වදාළහ.
තත්ථ පඨමගාථාය තාවත්ථො – න, භික්ඛවෙ, එවරූපෙන දස්සනෙන සුද්ධි හොති. අපිච ඛො කිලෙසමලිනත්තා අසුද්ධං, කිලෙසරොගානං අවිගමා සරොගමෙව චන්දාභං බ්රාහ්මණං අඤ්ඤං වා එවරූපං දිස්වා දිට්ඨිගතිකො බාලො අභිජානාති “පස්සාමි සුද්ධං පරමං අරොගං, තෙන ච දිට්ඨිසඞ්ඛාතෙන දස්සනෙන සංසුද්ධි නරස්ස හොතී”ති, සො එවං අභිජානන්තො තං දස්සනං “පරම”න්ති ඤත්වා තස්මිං දස්සනෙ සුද්ධානුපස්සී සමානො තං දස්සනං “මග්ගඤාණ”න්ති පච්චෙති. තං පන මග්ගඤාණං න හොති. තෙනාහ – “දිට්ඨෙන චෙ සුද්ධී”ති දුතියගාථං.
පළමු ගාථාවෙහි අරුත නම්, ‘මහණෙනි, මෙබඳු දැකීමෙන් පමණක් පිරිසිදු බව ඇති නොවේ. එහෙත් කෙලෙස් කිලුටෙන්, අපිරිසිදු කෙලෙස් රෝගයෙන් ඈත් නොවී, එයින් රෝගීවම, චන්ද්රාභ බමුණු හෝ වෙනත් මෙබඳු රුවක් දැක අනුවණයා දැඩිව ගත් හැඟීමෙන් එය මෙනෙහි කරන්නේ පස්සාමි සුද්ධං පරමං අරොගං යනුවෙනි. එබඳු දිට්ඨි දැඩිව ගත් දැකීමෙන්, හැඟීමෙන්, සංසුද්ධි නරස්ස හොති, ඔහු මෙසේ අහිජානන්තො ඒ දැකීම ‘උසස්’ යැයි දැන එය දැඩිව සිතට ගැනීමෙන් සුද්ධානුපස්සී එයම (තම අරමුණ කරා) නුවණින් යා යුතු මග යැයි සිතයි. එය නුවණ ලබන මග නොවේ. එහෙයින් දැකීමෙන්ද, පිරිසිදු බවින්ද..... යන දෙවන ගාථාව කීහ.
තස්සත්ථො – තෙන රූපදස්සනසඞ්ඛාතෙන දිට්ඨෙන යදි කිලෙසසුද්ධි නරස්ස හොති. තෙන වා ඤාණෙන සො යදි ජාතිආදිදුක්ඛං පජහාති. එවං සන්තෙ අරියමග්ගතො අඤ්ඤෙන අසුද්ධිමග්ගෙනෙව සො සුජ්ඣති, රාගාදීහි උපධීහි සඋපධිකො එව සමානො සුජ්ඣතීති ආපන්නං හොති, න ච එවංවිධො සුජ්ඣති. තස්මා දිට්ඨී හි නං පාව තථා වදානං, සා නං දිට්ඨියෙව “මිච්ඡාදිට්ඨිකො අය”න්ති කථෙති දිට්ඨිඅනුරූපං “සස්සතො ලොකො”තිආදිනා නයෙන තථා තථා වදන්ති.
එහි අරුත නම්, ඒ රූප දැකීමෙන් දිට්ඨෙන යම් සේ කෙලෙස් (නැතිවීමෙන්) සුද්ධී නරස්සහොති, එයින් වා ඤාණෙන සො යම් ආකාරයෙන් ඉපදීම් ආදී කොට ඇති දුක්ඛං පජහාති දුක් දුරු කරයි. කරුණු මෙසේ හෙයින් උතුම් අරිය මගෙන් (හැර) අඤ්ඤෙන අපිරිසිදු මගෙන්ම සො සුජ්ඣති හෙතෙම රාගාදී කෙලෙස්වලින් ස උපධිකො මේ ආකාරයෙන් පිරිසිදු වේයැයි සිතයි. එහෙත් එසේ පිරිසිදු නොවේ. දිට්ඨි හි නං පාව තථා වදානං එහෙයින් ඒ දැඩිව ගත් හැඟීමෙන්ම ‘මොහු මිසදිටුවෙකැ’යි - මොහුගේ මතය වැරදි යැයි කියයි. හැඟීම අනුව ‘ලෝකය සදාකාලිකය’ ආදී ලෙසින් එසේ කියයි.
න බ්රාහ්මණොති තතියගාථා. තස්සත්ථො – යො පන බාහිතපාපත්තා බ්රාහ්මණො හොති, සො මග්ගෙන අධිගතාසවක්ඛයො ඛීණාසවබ්රාහ්මණො අරියමග්ගඤාණතො අඤ්ඤෙන අභිමඞ්ගලසම්මතරූපසඞ්ඛාතෙ දිට්ඨෙ තථාවිධසද්දසඞ්ඛාතෙ සුතෙ අවීතික්කමසඞ්ඛාතෙ සීලෙ හත්ථිවතාදිභෙදෙ වතෙ පථවිආදිභෙදෙ මුතෙ ච උප්පන්නෙන මිච්ඡාඤාණෙන සුද්ධිං න ආහ. සෙසමස්ස බ්රාහ්මණස්ස වණ්ණභණනත්ථං වුත්තං. සො හි තෙධාතුකපුඤ්ඤෙ සබ්බස්මිඤ්ච පාපෙ අනූපලිත්තො, තස්ස පහීනත්තා අත්තදිට්ඨියා යස්ස කස්සචි වා ගහණස්ස පහීනත්තා අත්තඤ්ජහො, පුඤ්ඤාභිසඞ්ඛාරාදීනං අකරණතො නයිධ පකුබ්බමානොති වුච්චති. තස්මා නං එවං පසංසන්තො ආහ. සබ්බස්සෙව චස්ස පුරිමපාදෙන සම්බන්ධො වෙදිතබ්බො – පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො, අත්තඤ්ජහො නයිධ පකුබ්බමානො, න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහාති.
‘බමුණෙක් නොවේ....’ යනු තුන්වන ගාථාවයි. එහි තේරුම නම්, පව් දුරුකරන ලද බැවින් බ්‍රාහ්මණ වෙයි. අරිඅටැඟි මගෙන් හෝ, කෙලෙස් නසා මහරහත් බවට පත්වූයේ බ්රාහ්මණෙ ඒ උතුම් අරිය මග නුවණින් හැර, වෙනත් මගකින් යහපතැයි සම්මත දිට්ඨෙ, ඒ ආකාරයෙන්ම ඇසූ දේ හඬ පිළිබඳ සලකමින් සුතෙ ඉක්මවිය නොහැකි ලෙස, සීලෙ ඇතුන්ගේ හැසිරීම් රටා වත් ආදිය අනුගමනය කිරීමෙන් වතෙ පොළව ආදියට සැළකීමෙන් අදහන සිරිත් ලෙසින් මුතෙ, මේ අයුරින් හටගත් වැරදි නුවණින් පිරිසිදු වෙතැයි නොකියයි. මේ සියළු දේම බමුණන්ගේ ගතිසොබාව දැක්වීමට කියන ලදී. (කෙලෙස් නැසූවන්) තුන්ආකාර වූ පුඤ්ඤෙ පින් සියළුම අයහපත් පාපයෙන් ද අනුපලිත්තො ඒවා නැතිකරන ලද බැවින්, තමාය - තමාගේ යන හැඟීමක් හෝ, කිසියම් දෙයක් ලබාගැනීමේ ආසාවද අත්හළ බැවින් අත්තඤ්ජහො පින් ආදියද රැස් නොකරන බැවින් න ඉධ පකුබ්බමානො යැයි කියනු ලැබේ. එහෙයින් ඒ රහතන් වහන්සේ පසසමින් වදාළ සියළු කරුණු මුල්පදය හා සම්බන්ධ කොට දතයුතුය. ‘පිනෙහි ද පවෙහි ද නොඇලී, තමාගේය යන හැඟීමද අත්හළ පින් ආදියද රැස් නොකරන, කෙලෙසුන් නැසූ බැවින් බ්‍රාහ්මණ හෙවත් රහත් උතුමෝ වෙනත් මගකින් පිරිසිදු බව නොකියති.
එවං න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහාති වත්වා ඉදානි යෙ දිට්ඨිගතිකා අඤ්ඤතො සුද්ධිං බ්රුවන්ති, තෙසං තස්සා දිට්ඨියා අනිබ්බාහකභාවං දස්සෙන්තො “පුරිමං පහායා”ති ගාථමාහ. තස්සත්ථො – තෙ හි අඤ්ඤතො සුද්ධිවාදා සමානාපි යස්සා දිට්ඨියා අප්පහීනත්තා ගහණමුඤ්චනං හොති. තාය පුරිමං සත්ථාරාදිං පහාය අපරං නිස්සිතා එජාසඞ්ඛාතාය තණ්හාය අනුගතා අභිභූතා රාගාදිභෙදං න තරන්ති සඞ්ගං, තඤ්ච අතරන්තා තං තං ධම්මං උග්ගණ්හන්ති ච නිරස්සජන්ති ච මක්කටොව සාඛන්ති.
එසේ වෙනත් හැඟීම් දැඩිව පිළිගත් තැනැත්තන් එබඳු වෙනත් මගකින් පිරිසිදු බව කියතත්, ඔවුන්ගේ ඒ හැඟීම් දැකීම් නිවනට හේතු නොවන බව ‘මුල් අදහස අත්හැර’ ආදී අරුත් ඇති ගාථාවෙන් දැක්වූහ. එහි අදහස නම්, තෙ පිරිසිදු බව ඇතිකරන වෙනත් මතවාද - එවැනි දැකීම් මුළුමනින්ම නැති නොකරන ලදුව, තවත් මත වැළඳගැනීම හා බැහැර කිරිමත් වෙයි. ඒ අනුව පුරිමං වෙනත් මතවාදී මගපෙන්වන නායක ආදීන්, පහාය අපරං වෙලී - දැඩිව ගෙන, එජා තණ්හාවෙන්, අනුගතා රාගාදියෙන් පෙළී, න තරන්ති සංගං ඒවායින් ඉවත් නොවී, ඒ ඒ දහම් කරුණු ඉගෙන ගනිති. වඳුරකු (අත්තක් අතහැර අත්තක් අල්ලා ගන්නාක් මෙන්) නිස්සජ්ජන්ති සාඛං
පඤ්චමගාථාය සම්බන්ධො – යො ච සො “දිට්ඨී හි නං පාව තථා වදාන”න්ති වුත්තො, සො සයං සමාදායාති. තත්ථ සයන්ති සාමං. සමාදායාති ගහෙත්වා. වතානීති හත්ථිවතාදීනි. උච්චාවචන්ති අපරාපරං හීනපණීතං වා සත්ථාරතො සත්ථාරාදිං. සඤ්ඤසත්තොති කාමසඤ්ඤාදීසු ලග්ගො. විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මන්ති පරමත්ථවිද්වා ච අරහා චතූහි මග්ගඤාණවෙදෙහි චතුසච්චධම්මං අභිසමෙච්චාති. සෙසං පාකටමෙව.
පස්වෙනි ගාථාවෙහි සම්බන්ධය මෙසේය. ‘ඒ දැකීම් දැඩිව ගත් බැවින් ඔහු එසේ කියන බව දක්වා ඇත. (මෙහි II ගාථාපදය) සයං තමාම, සමාදාය ගෙන, වතානි ඇතුන්ගේ හැසිරීම් වැනි වත්, උච්චාවචං මුලින් හෝ පසුව හෝ උසස් පහත් නායකයාගෙන් නායකයන් ආදීන්ගේ, සඤ්ඤාසත්තො කාම හැඟීම් ආදියෙන් වෙළී, ද්විමා ච වෙදෙහි සමෙච්ච ධම්මං උසස් අදහස දැන, සිවුමග නැණින් ලබන දැනීමෙන් (අවබෝධයෙන්) සිවුසස් දහම වූ (ඒ උසස් අදහස) මැනවින් දැනගනී. ඉතිරි වචන පැහැදිලිය.
ස සබ්බධම්මෙසු විසෙනිභූතො, යං කිඤ්චි දිට්ඨංව සුතං මුතං වාති සොභූරිපඤ්ඤො ඛීණාසවො යං කිඤ්චි දිට්ඨං වා සුතං වා මුතං වා තෙසු සබ්බධම්මෙසු මාරසෙනං විනාසෙත්වා ඨිතභාවෙන විසෙනිභූතො. තමෙවදස්සින්ති තං එවං විසුද්ධදස්සිං. විවටං චරන්තන්ති තණ්හච්ඡදනාදිවිගමෙන විවටං හුත්වා චරන්තං. කෙනීධ ලොකස්මිං විකප්පයෙය්යාති කෙන ඉධ ලොකෙ තණ්හාකප්පෙන වා දිට්ඨිකප්පෙන වා කොචි විකප්පෙය්ය, තෙසං වා පහීනත්තා රාගාදිනා පුබ්බෙ වුත්තෙනාති.
ස සබ්බධම්මෙසු විසෙනීභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා මහපොළව සමාන පුළුල් පැතිරුණු නුවණ ඇති ඒ රහතන් වහන්සේ දුටු හෝ ඇසූ හෝ පහස ලැබූ හෝ, එමගින් බැසගත් හැඟීම් දැකීම් නම් වූ සියළුම මාර සේනාව වනසා සිටි බැවින්, විසෙනිභූතො, තමෙව දස්සිං ඒ පිරිසිදු දැක්මම, විවටං චරන්තං තණ්හා නැමති ආවරණ ඉවත් කිරීමෙන් අනාවරණව හැසිරෙන, කෙනීධ ලොකස්මිං විකප්පයෙය්ය මුලින් කියන ලද පරිදි තණ්හා කල්පනාවෙන් හෝ, දැකීම් හා සංකල්ප ඉවත් වූ බැවින් රාගාදී ලෙසින් මේ ලෝකයෙහි කවර කෙනෙක් කුමකින් කල්පනා කරන්නේ ද?
න කප්පයන්තීති ගාථාය සම්බන්ධො අත්ථො ච – කිඤ්ච භිය්යො? තෙ හි තාදිසා සන්තො ද්වින්නං කප්පානං පුරෙක්ඛාරානඤ්ච කෙනචි න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති, පරමත්ථඅච්චන්තසුද්ධිඅධිගතත්තා අනච්චන්තසුද්ධිංයෙව අකිරියසස්සතදිට්ඨිං අච්චන්ත සුද්ධීති න තෙ වදන්ති. ආදානගන්ථං ගථිතං විසජ්ජාති චතුබ්බිධම්පි රූපාදීනං ආදායකත්තා ආදානගන්ථං අත්තනො චිත්තසන්තානෙ ගථිතං බද්ධං අරියමග්ගසත්ථෙන විසජ්ජ ඡින්දිත්වා. සෙසං පාකටමෙව.
න කප්පයන්ති - පෙරටු කොට නොගනිති........ආදී ගාථාවෙහි සම්බන්ධයත් අරුත් ගැන ද වැඩිදුරටත් කිවයුතුද? එබඳු සන්හුන් බවට පත් රහතන් වහන්සේලා (තණ්හා - දිට්ඨි) සංකල්ප දෙකෙන් කුමකින් න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති ඒ උසස්තම පිරිසිදුබව ලබාගත් බැවින්, අකිරිය - සස්සත ආදී) හැඟීම් දැඩිවගෙන, එය පරම පිරිසිදු වේයැයි නොකියති. ආදානගන්ථං ගථිතං විසජ්ජ රූපාදී ලෙසින් සතරාකාරව ඇතිවන සිතෙහි වූ බැඳුණු බැඳීම් - ගැට අරිය මග නැමති අවියෙන් සිඳ, අත්හැර, ඉතිරි කරුණු පැහැදිලිය.
සීමාතිගොති ගාථා එකපුග්ගලාධිට්ඨානාය දෙසනාය වුත්තා. පුබ්බසදිසො එව පනස්සා සම්බන්ධො, සො එවං අත්ථවණ්ණනාය සද්ධිං වෙදිතබ්බො – කිඤ්ච භිය්යො සො ඊදිසො භූරිපඤ්ඤො චතුන්නං කිලෙසසීමානං අතීතත්තා සීමාතිගො බාහිතපාපත්තා ච බ්රාහ්මණො, ඉත්ථම්භූතස්ස ච තස්ස නත්ථි පරචිත්තපුබ්බෙනිවාසඤාණෙහි ඤත්වා වා මංසචක්ඛුදිබ්බචක්ඛූහි දිස්වා වා කිඤ්චි සමුග්ගහීතං, අභිනිවිට්ඨන්ති වුත්තං හොති. සො ච කාමරාගාභාවතො න රාගරාගී, රූපාරූපරාගාභාවතො න විරාගරත්තො . යතො එවංවිධස්ස “ඉදං පර”න්ති කිඤ්චි ඉධ උග්ගහිතං නත්ථීති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි.
සීමාතිගො - සීමා ඉක්මවූ යන ගාථාව එක් තැනැත්තකු මුල්වන සේ කියන ලදී. එහි සම්බන්ධය පෙර පරිදිමය. එය මේ විස්තර සමග දතයුතුය. වැඩිදුර කිවයුතුද? එබඳු මහා නුවණින් යුතු ඒ රහතන් වහන්සේ කෙලෙස් සීමා ඉක්ම වූ බැවින්. සීමාතිගො පව් නසන ලදින් බ්රාහ්මණෙ, දෙය මෙසේ සිදුවීයැයි (තණ්හාව පෙරදැරිව ගැනීමක්) ද නැත. තස්ස නත්ථි, අනුන්ගේ සිත් දැනීම හා පෙර විසූ - උපත ලද තැන් දන්නා නුවණින් ඤත්වා වා මසැසින් හා දිවැසින් දිස්වා වා යම් අදහසක්, හැඟීමක් දැඩිව ගෙන යයි කියන ලදී. ඒ රහතන් වහන්සේ කාමරාගාදියෙන් ඉවත් වූ බැවින් නරාගරාජි රූප, අරූප (භවයන්හි) දැඩි ආසා ඇලීම් නොමැති බැවින්, න විරාගරත්තො මේ උසස් තැනට පත්වූ විට (එදිනෙදා ජීවිතය තුල තමාට) මෙබඳු යැයි දැක්වීමට පරං යැයි කිසිවක් ඉධ උග්ගහිතං නත්ථි යැයි අරහත් බව කුළුගන්වමින් දේසනය නිමාකළහ.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය සුද්ධට්ඨකසුත්තවණ්ණනා නිට්ඨිතා.
සුද්ධට්ඨක සූත්‍ර විස්තරය නිමි.