සුද‍්ධටඨකසුත‍්තං
4. 4.
4. 4.
සුද‍්ධටඨකසුත‍්තං
සුද්ධට්ඨක සූත්‍රය
792. පස‍්සාමි සුද‍්ධං පරමං අරොගං දිට‍්ඨෙන සංසුද‍්ධි නරස‍්ස හොති, එතාභිජානං පරමන‍්ති ඤත්‍වා සුද‍්ධානුපස‍්සීති පච‍්චෙති ඤාණං
792. දෘෂ්ටිගතික අඥපුද්ගල කෙලෙස් කිලුටින් අශුද්ධ වූ කෙලෙස් රොවින් සරෝග වූ පුඟුලකු දැක “පරම ශුද්ධියට පත් අරෝග පුද්ගලයකු දක්මි“යි ද දෘෂ්ටි සංඛ්‍යාත දර්‍ශනයෙන් මිනිසාගේ මන ශුද්ධිය වේය“යි ද මෙසේ වෙසෙසින් දන්නේ එ දර්‍ශනය පරම යයි දැන එ දර්‍ශනයෙහි ශුද්ධිය දක්නාසුලු වූයේ, ඒ දර්‍ශනය “මාර්‍ගඥානය“යි හදහයි. (එතෙකුදු වත් එ මාර්‍ග ඥානය නො වේ.)
793. දිට‍්ඨෙන චෙ සුද‍්ධි නරස‍්ස හොති ඤාණෙන වා සො පජහාති දුක‍්ඛං, අඤ‍්ඤෙන සො සුජ‍්ඣති සොපධීකො දිට‍්ඨි හි නං පාව තථාවදානං.
793. රූපදර්‍ශන සංඛ්‍යාත එ දර්‍ශනයෙන් ඉදින් සත්ත්‍වයාගේ ශුද්ධිය වේ නම් නොහොත් චක්‍ෂුර්විඥාන නම් වූ එ ඥානයෙන් හෙතෙම ජාත්‍යාදි දුඃඛය දුරු කෙරේ නම්, එසේ වත්ම ආර්‍ය්‍යමාර්‍ගයෙන් අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයකින් කාමාදි උපධි සහිත වූයේ මැ හෙ ශුද්ධ වේ යැ යි කියයුතු බවට පැමිණෙයි, දෘෂ්ටිය මැ එසේ කියන ඔහු මෙ මිසදිටුවෙකැ’ යි පවසන හෙයිනි.
794. න බ්‍රාහ‍්මණො අඤ‍්ඤතො සුද‍්ධිමාහ දිට‍්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා, පුඤ‍්ඤෙ ච පාපෙ ච අනූපලිත‍්තො අත‍්තඤ‍්ජහො නයිධ පකුබ‍්බමානො.
794. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් අන්‍යවූ අභිමංගල සම්මිත රූප සංඛ්‍යාත රූපායතනයෙහි දු එබඳු මැ වූ ශබ්දායතයනයෙහි දු අව්‍යතික්‍රම සංඛ්‍යාත ශීලයෙහි හා (හස්ති ව්‍රතාදී) ව්‍රතයෙහි දු මුතයයි කියන ලද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යායතනයෙහි දු උපන් මිථ්‍යාඥානයෙන් ශුද්ධිය වේ යයි නො කියයි. යම්හෙයකින් හේ ත්‍රෛධාතුකපුණ්‍යයෙහිත්, සියලු පාපයෙහිත් නො ඇලුනේ වේ ද, එ හෙයින් ම ආත්මදෘෂ්ටිය ප්‍රහීණ කෙළේ මේ ත්‍රෛභූමක ලෝකයෙහි පුණ්‍යාභිසංස්කාරාදිය නො කරන්නේ වේ.
795. පුරිමං පහාය අපරං සිතාසෙ එජානුගා තෙ න තරන‍්ති සඞ‍්ගං, තෙ උග‍්ගහායන‍්ති නිරස‍්සජන‍්ති කපීව සාඛං පමුඛං ගහාය.
795. ඔහු පූර්‍ව ශාස්තෘ ආදීන් හැර පියා අපර ශාස්තෘ ආදීන් ඇසිරි කරන්නාහු එජා සංඛ්‍යාත තෘෂ්ණාව අනුව ගියාහු රාගාදි සඞ්ගය තරණය නො කෙරෙති. යළි ඔහු පූර්‍වශාඛාව හැරපියා අපරශාඛාව ගන්නා වඳුරකු සෙයින් එ එ ධර්‍මයන් හැරපියන්නාහු ද ගන්නාහු ද වෙත්.
796. සයං සමාදාය වතානි ජන‍්තු උච‍්චාවචං ගච‍්ඡති සඤ‍්ඤසත‍්තො, විද‍්වා ච වෙදෙහි සමෙච‍්ච ධම‍්මං න උච‍්චාවචං ගච‍්ඡති භූරිපඤ‍්ඤො.
796. කාමාදි සංඥායෙහි ලැගුනු සත්ත්‍ව (හස්තිව්‍රතාදී) ව්‍රතයන් තෙමේ මැ සමාදන් වැ එකෙකින් එකකට යෙයි, පරමාර්‍ත්‍ථයෙන් විද්වත් වූ මහාප්‍රඥා ඇති රහත් මහණ සිවුමග නැණින් සිවුසස්දම් පිළිවිද උච්චාවච බවට නො පැමිණේ.
797. ස සබ‍්බධම‍්මෙසු විසෙනිභූතො යං කිඤ‍්චි දිට‍්ඨං ව සුතං මුතං වා, තමෙව දස‍්සිං විවටං චරන‍්තං කෙනීධ ලොකස‍්මිං විකප‍්පයෙය්‍ය.
797. ඒ භූරිප්‍රාඥ වූ ක්‍ෂීණාස්‍රව මහණ, යම්කිසි රූපාලම්බනයක් වේවයි, ශබ්දාලම්බනයක් වේවයි, ගන්‍ධ - රස - ඵොට්ඨබ්බාලම්භනයක් වේවයි, එ සියලු ධර්‍මයන්හි අකුසලාභිසංස්කාර නම් වූ මාර සේනාව විධමා සිටි බැවින් විසේනි වූයේ වෙයි. මෙසේ විශුද්ධි දර්‍ශන ඇති තෘෂ්ණාච්ඡදනාදි විගමන විවෘතව හැසිරෙන එ රහත්හු තෘෂ්ණාදි කවර කල්පනයෙකින් විකල්පනය කෙරේ ද?
798. න කප‍්පයන‍්ති න පුරෙක‍්ඛරොන‍්ති අච‍්චන‍්තසුද‍්ධීති න තෙ වදන‍්ති, අදානගන්‍ථං ගථිතං විසජ‍්ජ ආසං න කුබ‍්බන‍්ති කුහිඤ‍්චි ලොකෙ.
798. ඒ ක්‍ෂීණාස්‍රවයෝ තෘෂ්ණාදි කල්පනයන් ද නො කෙරෙති. තෘෂ්ණාදෘෂ්ටි පුරස්කාරයනුදු පෙරටු නො කෙරෙති. (පරමාර්‍ත්‍ථ අත්‍යන්තශුද්ධිය අධිගත වන හෙයින්) අක්‍රිය-ශාස්වත දෘෂ්ටි දෙක අත්‍යන්ත ශුද්ධි යි ද නො කියති. ස්වකීය චිත්තසන්තානයෙහි ගෙතුනු ආදානග්‍රන්‍ථ යි කියන ලද අභිධ්‍යාකායග්‍රන්‍ථාදි චතුර්විධකාය ග්‍රන්‍ථ සිඳපියා කිසිදු ලොවෙක්හි තෘෂ්ණා නො කෙරෙත්.
799. සීමාතිගො බ්‍රාහ‍්මණො තස‍්ස නත්‍ථි ඤත්‍වා ච දිස‍්වා ව සමුග‍්ගහීතං, න රාගරාගී න විරාගරත‍්තො තස‍්සීධ නත්‍ථි පරමුග‍්ගහීතන‍්ති.
799. එ භූරිප්‍රාඥ රහත් තෙමේ චතුර්විධ ක්ලේශසීමා ඉක්ම වූ යේ ය. බාහිතපාපී හෙයින් බ්‍රාහ්මණ වෙයි. ඔහට පරචිත්ත විජානනපුබ්බේනිවාස යන උභය ඥානයෙන් දැන හෝ මසැස් - දිවැස් දෙකින් දැක හෝ මොනොවට බැසගන්නා ලද්දෙක් නැත. හෙ කාමරාගයෙන් රාගවත් නො වෙයි. රූපාරූපරාග සංඛ්‍යාත විරාගයෙන් රක්ත වූයේ ද නො වෙයි. ඔහට මෙ ලොව්හි උතුමැ යි දැඩි වැ ගන්නා ලද කිසිවක් නැත්තේ යි.
සුද‍්ධට‍්ඨකසුත‍්තං නිට‍්ඨිතං.
සුද්ධට්ඨක සූත්‍රය නිමි