යෙදුමෙන් කියවන්න

පරමට‍්ඨක සුත‍්තං

4. 5.

4. 5.

පරමට‍්ඨක සුත‍්තං

පරමට්ඨක සූත්‍රය

800. පරමන‍්ති දිට‍්ඨීසු පරිබ‍්බසානො යදුත‍්තරිං කුරුතෙ ජන‍්තු ලොකෙ, හීනාති අඤ‍්ඤෙ තතො සබ‍්බමාහ තස‍්මා විවාදානි අවීතිවත‍්තො.

800. ලොව්හි යම් සත්ත්‍වයෙක් දෙසැටමිදිටු අතුරෙන් ‘මෙ උතුමැ’යි එක්තරා දෘෂ්ටියක් ගෙණ ඒ තමන් ගත් දෘෂ්ටියෙහි ඇතුළත් වැ වසනුයේ යම් හෙයෙකින් තමාගේ ශාස්තෘ ආදිය ‘උතුමැ’යි කියා ද, එයින් අන්‍ය වූ හැම ‘හීනය’යි කියාද, එහෙයින් හෙ දෘෂ්ටිවාදයන් නො ඉක්මැවූයේ වේ.

801. යදත‍්තනි පස‍්සති ආනිසංසං දිට‍්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා, තදෙව සො තත්‍ථ සමුග‍්ගහාය නිහීනතො පස‍්සති සබ‍්බමඤ‍්ඤං.

801. මෙසේ දෘෂ්ටිකලහයන් නො ඉක්මැ වූයේ රූපාලම්බනසඞ්ඛ්‍යාත දෘෂ්ටායතනයෙහි දු, ශබ්දාලම්බනසඞ්ඛ්‍යාත ශ්‍රැතායතනයෙහි දු, ශීලව්‍රතයන්හි දු, ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යාලම්බනසඞ්ඛ්‍යාත මුතායතනයෙහි දු, උපන් දෘෂ්ටිසඞ්ඛ්‍යාත ආත්මෙයහි යම් අනුසසක් දක්නේ නම්, හෙ ස්වකීයදෘෂ්ටියෙහි එ අනුසස මැ ශ්‍රේෂ්ඨයයි දැඩිවැ ගෙණ පරශාස්තෘ ආදි අන් හැම නිහීන හෙයින් දක්නේ යි.

802. තං වාපි ගන්‍ථං කුසලා වදන‍්ති යං නිස‍්සිතො පස‍්සති හීනමඤ‍්ඤං, තස‍්මා හි දිට‍්ඨං ව සුතං මුතං වා සීලබ‍්බතං භික‍්ඛු න නිස‍්සයෙය්‍ය.

802. මෙසේ දක්නේ තමාගේ ශාස්තෘ ආදියක් ඇසිරි කරණ ලදුයේ නම් එයින් අන්‍යවූ පරශාස්තෘආදිය හීන කොට දක්නේය. ස්කන්‍ධාදිය දැනීමෙහි නිපුණයෝ ඔහුගේ ඒ දර්‍ශනය බන්‍ධනයෙකැයි කියති. එහෙයින් මැ මහණ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ශීලව්‍රතසඞ්ඛ්‍යාතධර්‍මාලම්බන වේවයි තෘෂ්ණාදෘෂ්ටි විසින් ඇසිරි නො කරන්නේ යි.

803. දිට‍්ඨිම‍්පි ලොකස‍්මිං න කප‍්පයෙය්‍ය ඤාණෙන වා සීලවතෙන වාපි, සමොති අත‍්තානමනූපනෙය්‍ය හීනො න මඤ‍්ඤෙථ විසෙසි වාපි.

803. ඒ මහණ හුදෙක් දෘෂ්ට ශ්‍රැතාදිය මතු නො ගන්නේ වෙයි. යළි ලෝකයෙහි නූපන්දෘෂ්ටිය ද සමාපත්‍යාදිඥානයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ නූපදවන්නේ ය. තවද ජාත්‍යාදිවස්තුකරණකොට ‘මම සදෘශයෙමි’යි තමා (මානවශයෙන්) නො හඟනේය, ‘හීනයෙමි’යි ද නො හඟනේ ය, ‘විශේෂ යෙමි’යි ද නො හඟනේ යි.

804. අත‍්තං පහාය අනුපාදියානො ඤාණෙපි සො නිස‍්සයං නො කරොති, ස චෙ වියත‍්තෙසු න වග‍්ගසාරී දිට‍්ඨිම‍්පි සො න පච‍්චෙති කිඤ‍්චි.

804. හේ පළමු ගත් ආත්මදෘෂ්ටිය හැරපියා චතුර්උපාදානයෙන් කිසිවක් නො ගන්නේ ඥානයෙහි දු තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය නො කෙරෙයි. හෙතෙම ඒකාන්තයෙන් දෘෂ්ටි විසින් භින්න සත්ත්‍වයන් කෙරෙහි ඡන්‍දාදි විසින් අගතියට නො යන සැහැවි ඇතියේ වෙයි. හෙ කිසි දෘෂ්ටියකට නො එන්නේ වේ.

805. යස‍්සූභයන‍්තෙ පණිධීධ නත්‍ථි භවාභවාය ඉධවා හුරං වා, නිවෙසනා තස‍්ස න සන‍්ති කෙචි ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතං.

805. යම් රහත්මහණක්හට ඵස්ස-ඵස්සසමුදයාදි භේද වූ උභයාන්තයෙහිත් පුනපුනාභවය පිණිසත් ස්වාත්මභාවයෙහි හෝ පරාත්මභාවයෙහි හෝ තෘෂ්ණා ප්‍රණිධි නැත් ද, එ රහත්හට කිසි තෘෂ්ණාදෘෂ්ටිනිවේසන කෙනෙක් නො වෙති. දෙසැටමිසදිටුදම්හි නිශ්චය කොට දැඩි වැ ගන්නාලද්දෙක් ද නැත්තේ යි.

806. තස‍්සීධ දිට‍්ඨෙ ව සුතෙ මුතෙ වා පකප‍්පිතා නත්‍ථි අණූපි සඤ‍්ඤා, තං බ්‍රාහ‍්මණං දිට‍්ඨිමනාදියානං කෙනීධ ලොකස‍්මිං විකප‍්පයෙය්‍ය.

806. එ රහත් මහණහට රූපයතනසඞ්ඛ්‍යාත දෘෂ්ටශුද්ධියෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ මුතශුද්ධියෙහි හෝ තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රකල්පිත වූ අණුමාත්‍ර වූත් සංඥාසමුත්‍ථාපිකදෘෂ්ටියෙක් නැත. මෙ සත්ත්‍වලෝකයෙහි දෙසැටමිසදිටු නො ගන්නා එ බාහිතපාපී බ්‍රාහ්මණයා රාගාදි වූ කවරහේතුයෙකින් විකල්පනය කරන්නේ ද?

807. න කප‍්පයන‍්තී න පුරෙක‍්ඛරොන‍්ති ධම‍්මාපි තෙසං න පටිච‍්ඡිතාසෙ න බ්‍රාහ‍්මණො සීලවතෙන නෙය්‍යො පාරංගතො න පච‍්චෙති තාදීති.

807. එ රහත්මහණහු තෘෂ්ණාදෘෂ්ටිකල්පයන් නො කෙරෙති. ඔවුන් පෙරටු කොට නො හැසිරෙති. දෙසැටමිසදිටු දහම්හු ද ඔවුන් විසින් නො පිළිගන්නාලදහ. ක්‍ෂීණස්‍රවබ්‍රාහ්මණ ශීලව්‍රතයෙන් යළි කෙලෙසුන්කරා පැමිණවිය නො හැකි වෙයි. තාදීවූ රහත්තෙම නිර්‍වාණපාරයට ගියේ මඟනැණින් නැසූ කෙලෙසුනට යළි නො එන්නේ යි.

පරමට‍්ඨකසුත‍්තං නිට‍්ඨිතං

පරමට්ඨක සූත්‍රය නිමි.