5. පරමට්ඨක සුත්තවණ්ණනා අට්ඨකථා
5. පරමට්ඨක සුත්තවණ්ණනා
5. පරමට්ඨක සූත්‍ර වර්ණනාව
පරමන්ති දිට්ඨීසූති පරමට්ඨකසුත්තං. කා උප්පත්ති? භගවති කිර සාවත්ථියං විහරන්තෙ නානාතිත්ථියා සන්නිපතිත්වා අත්තනො අත්තනො දිට්ඨිං දීපෙන්තා “ඉදං පරමං, ඉදං පරම”න්ති කලහං කත්වා රඤ්ඤො ආරොචෙසුං. රාජා සම්බහුලෙ ජච්චන්ධෙ සන්නිපාතාපෙත්වා “ඉමෙසං හත්ථිං දස්සෙථා”ති ආණාපෙසි. රාජපුරිසා අන්ධෙ සන්නිපාතාපෙත්වා හත්ථිං පුරතො සයාපෙත්වා “පස්සථා”ති ආහංසු. තෙ හත්ථිස්ස එකමෙකං අඞ්ගං පරාමසිංසු. තතො රඤ්ඤා “කීදිසො, භණෙ, හත්ථී”ති පුට්ඨො යො සොණ්ඩං පරාමසි, සො “සෙය්යථාපි, මහාරාජ, නඞ්ගලීසා”ති භණි. යෙ දන්තාදීනි පරාමසිංසු, තෙ ඉතරං “මා භො රඤ්ඤො පුරතො මුසා භණී”ති පරිභාසිත්වා “සෙය්යථාපි, මහාරාජ, භිත්තිඛිලො”තිආදීනි ආහංසු. රාජා තං සබ්බං සුත්වා “ඊදිසො තුම්හාකං සමයො”ති තිත්ථියෙ උය්යොජෙසි. අඤ්ඤතරො පිණ්ඩචාරිකො තං පවත්තිං ඤත්වා භගවතො ආරොචෙසි. භගවා තස්සං අට්ඨුප්පත්තියං භික්ඛූ ආමන්තෙත්වා “යථා, භික්ඛවෙ, ජච්චන්ධා හත්ථිං අජානන්තා තං තං අඞ්ගං පරාමසිත්වා විවදිංසු, එවං තිත්ථියා විමොක්ඛන්තිකධම්මං අජානන්තා තං තං දිට්ඨිං පරාමසිත්වා විවදන්තී”ති වත්වා ධම්මදෙසනත්ථං ඉමං සුත්තමභාසි.
පරමන්ති දිට්ඨිසු යනු පරමට්ඨක සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතුව කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල, නොයෙක් සමයවාදීහු රැස්ව තම තමන්ගේ දැකීම්-මතවාද පෙන්වා දෙමින් ‘මෙය උසස්ය, මෙය උසස් යැයි කලහ කොට රජුට දැන්වූහ. රජු උපතින්ම නෙත් අඳ බොහෝ මිනිසුන් රැස්කරවා, ‘මොවුන්ට ඇතෙකු පෙන්වවු’ යැයි අණකළේය. රාජ භටයෝ අන්ධයන් රැස් කොට ඇතු ඔවුන් ඉදිරියේ හොවා - බිම නිදිකරවා ‘බලව’යි කීහ. ඔව්හු ඇතුගේ එක් එක් අඟපසඟ අත ගෑහ. එවිට රජු. ‘මේ ඇතා කෙබඳුද? කවරාකාරදැ’යි ඇසූ විට, සොඬය අතගෑ අන්ධයා ‘මහරජ, නගුලිසක් මෙනැයි කීය. දළ ආදිය අත ගෑ මිනිසා, අනෙක් මිනිසාට, ‘රජතුමා ඉදිරියේ බොරු නොකියව’යි නින්දා කොට, ‘මහරජ, ඇතා බිත්තියෙහි ඇති ඇණයක් මෙන්’ යැයි කීවේය. රජු ඒ සියළු කරුණු අසා, ‘ඔබලාගේ මතවාදත් මෙබඳු යැයි කියා, වෙනත් සමයවාදීන් පිටත්කර හැරියේය. පිඬු පිණිස හැසිරුණු එක්තරා මහණක්, ඒ තොරතුරු දැන, භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය. භාග්‍යවතුන් වහන්සේ ඒ නිමිතිකොට සඟ පිරිස අමතා, මහණෙනි, උපතින්ම අන්ධවූවන්, ඇතු හඳුනානොගෙන, ඒ ඒ කොටස් අතපත ගා විවාද කළ සේම, තිත්ථිය සමයවාදීන් ද (දුක් ආදියෙන්) මිදෙන දහමක් ගැන නොදැන, ඒ ඒ දැකීම් දැඩිව ගෙන විවාද කරන බව පවසා දහම් දෙසනු පිණිස මේ සූත්‍රය වදාළහ.
තත්ථ පරමන්ති දිට්ඨීසු පරිබ්බසානොති “ඉදං පරම”න්ති ගහෙත්වා සකාය සකාය දිට්ඨියා වසමානො. යදුත්තරි කුරුතෙති යං අත්තනො සත්ථාරාදිං සෙට්ඨං කරොති. හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහාති තං අත්තනො සත්ථාරාදිං ඨපෙත්වා තතො අඤ්ඤෙ සබ්බෙ “හීනා ඉමෙ”ති ආහ. තස්මා විවාදානි අවීතිවත්තොති තෙන කාරණෙන සො දිට්ඨිකලහෙ අවීතිවත්තොව හොති.
පරමන්ති දිට්ඨිසු පරිබ්බසානො ‘මෙය උසස්ම එකම දෙය’ යැයි ගෙන, තම තමන්ගේ හැඟීම්-දැකීම්වලට වසඟ වෙමින්, යදුත්තරිං කුරුතෙ තමන්ගේ නායකයන් ආදීන් උසස් බව දනවයි. හීනෙති අඤ්ඤෙ තතො සබ්බමාහ තමන්ගේ ඒ නායකයා හැර, අනික් සියල්ලන්ම ‘පහත්’ යැයි කීය. තස්මා විවාදානි අවීතිවත්තො ඒ කරුණින් ඒ මතවාදී අරගලය නොනැවතී යයි.
දුතියගාථාය අත්ථො – එවං අවීතිවත්තො ච යං දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙති එතෙසු වත්ථූසු උප්පන්නදිට්ඨිසඞ්ඛාතෙ අත්තනි පුබ්බෙ වුත්තප්පකාරං ආනිසංසං පස්සති. තදෙව සො තත්ථ සකාය දිට්ඨියා ආනිසංසං “ඉදං සෙට්ඨ”න්ති අභිනිවිසිත්වා අඤ්ඤං සබ්බං පරසත්ථාරාදිකං නිහීනතො පස්සති.
දෙවන ගාථාවේ අරුත නම්, මෙසේ නොනැවතී යන යං දිට්ඨෙ සුතෙ සීලබ්බතෙ මුතෙ මේ දේවල් කෙරෙහි ඇති කරගන්නා, ගොඩනගා ගන්නා අදහස් මත, අත්තනි පෙර කී පරිදි, ආනිසංස පස්සති තදෙව සො තත්ථ තමන්ගේ දැකීමෙහි පලය සේ, (තම අදහසට අනුව) ‘මෙය උසස් යැයි දැඩිව තහවුරු කොටගෙන, අඤ්ඤං සබ්බං වෙනත් සමයවාදී නායකයන්, නිහීනතො පස්සති
තතියගාථාය අත්ථො – එවං පස්සතො චස්ස යං අත්තනො සත්ථාරාදිං නිස්සිතො අඤ්ඤං පරසත්ථාරාදිං හීනං පස්සති තං පන දස්සනං ගන්ථමෙව කුසලා වදන්ති, බන්ධනන්ති වුත්තං හොති . යස්මා එතදෙව, තස්මා හි දිට්ඨංව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්‍ය, නාභිනිවෙසෙය්යාති වුත්තං හොති.
තුන්වන ගාථාවෙහි අරුත නම්, මෙසේ දකිමින්, යං තමන්ගේ නායක ආදීන්ට, නිස්සි තො අඤඤං වෙනත් කොටසකගේ නායක ආදීන්, හීනං පස්සති තං දැකීම ගන්ථ (බැම්මක්) ඒවාම කුසලා වදන්ති බැඳීම් යැයි කියන ලදී. යම් ලෙසකින් එහිම තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛූ න නිස්සයෙය්‍ය නොඇලෙන්නේ යැයිද කියන ලදී.
චතුත්ථගාථාය අත්ථො – න කෙවලං දිට්ඨසුතාදිං න නිස්සයෙය්‍ය, අපිච ඛො පන අසඤ්ජාතං උපරූපරි දිට්ඨිම්පි ලොකස්මිං න කප්පයෙය්‍ය, න ජනෙය්යාති වුත්තං හොති. කීදිසං? ඤාණෙන වා සීලවතෙන වාපි, සමාපත්තිඤාණාදිනා ඤාණෙන වා සීලවතෙන වා යා කප්පියති, එතං දිට්ඨිං න කප්පෙය්ය. න කෙවලඤ්ච දිට්ඨිං න කප්පයෙය්‍ය, අපිච ඛො පන මානෙනපි ජාතිආදීහි වත්ථූහි සමොති අත්තානමනූපනෙය්‍ය, හීනො න මඤ්ඤෙථ විසෙසි වාපීති.
සිවුවන ගාථාවෙහි අරුත නම්, දැකීමෙන්, ඇසීමෙන් අදහස්වල තදින් එල්බ ගැනීම පමණක් නොවේ. එමෙන්ම මතු මතු (ඉදිරියට) ඇතිවන, හටගැනෙන දිට්ඨිම්හි ලොකස්මිං න කප්පයෙය්‍ය (එබඳු දැකීම්-මතවාද) නූපදවන්නේ යැයි කියන ලදී. ඒ කෙබඳු අයුරින්ද? ඤාණෙන වා සීලවතෙන වාපි සමවත් ආදී නුවණින් හෝ, සිල්වත් බවින් හෝ අදහසක්, හැඟීමක් වැනි කල්පනා ඇතිකරනු ලබයිද, (රහතන් වහන්සේ) එබඳු දේ අදහස් නොකරති. (එසේ කටයුතු නොකරති.) දැකීමෙන් පමණක් නොව, ජාතිය ආදිය නිසා ඇති කරගන්නා මානයෙන් ද සමොති අත්තානමනූපනෙය්‍ය හීනො න මඤ්ඤෙථ විසෙසිවාපි (කටයුතු නොකරති.)
පඤ්චමගාථාය අත්ථො – එවඤ්හි දිට්ඨිං අකප්පෙන්තො අමඤ්ඤමානො ච අත්තං පහාය අනුපාදියානො ඉධ වා යං පුබ්බෙ ගහිතං, තං පහාය අපරං අග්ගණ්හන්තො තස්මිම්පි වුත්තප්පකාරෙ ඤාණෙ දුවිධං නිස්සයං නො කරොති. අකරොන්තො ච ස වෙ වියත්තෙසු නානාදිට්ඨිවසෙන භින්නෙසු සත්තෙසු න වග්ගසාරී ඡන්දාදිවසෙන අගච්ඡනධම්මො හුත්වා ද්වාසට්ඨියා දිට්ඨීසු කිඤ්චිපි දිට්ඨිං න පච්චෙති, න පච්චාගච්ඡතීති වුත්තං හොති.
පස්වෙනි ගාථාවේ අදහස නම්, මෙසේ දැකීම් අනුව දැඩි කල්පනාවට නොගනිමින්, නොසිතමින් ද අත්තං පහාය අනුපාදියානො මුලින් දැරූ හැඟීම - අදහස අතහැර, වෙනත් හැඟීමක් නොගනිමින්, වෙනස් නොකර, ඒ කියන ලද ඤාණෙ දෙආකාරව නිස්සයං නො කරොති (එසේ) නොකරමින් ද සවෙ වියත්තෙසු නොයෙක් දැකීම්, හැඟීම් අනුව බෙදුණු සත්වග අතර න වග්ගසාරී කැමැත්ත පරිදි ඒ දෙසැටක් හැඟීම් අතර, අගතියට නොගොස්, කිඤ්චිපි දිට්ඨිං න පච්චෙති නොපැමිණේ යැයි කියන ලදී.
ඉදානි යො සො ඉමාය ගාථාය වුත්තො ඛීණාසවො, තස්ස වණ්ණභණනත්ථං “යස්සූභයන්තෙ”තිආදිකා තිස්සො ගාථායො ආහ. තත්ථ උභයන්තෙති පුබ්බෙ වුත්තඵස්සාදිභෙදෙ. පණිධීති තණ්හා. භවාභවායාති පුනප්පුනභවාය. ඉධ වා හුරං වාති සකත්තභාවාදිභෙදෙ ඉධ වා පරත්තභාවාදිභෙදෙ පරත්ථ වා. දිට්ඨෙ වාති දිට්ඨසුද්ධියා වා. එස නයො සුතාදීසු. සඤ්ඤාති සඤ්ඤාසමුට්ඨාපිකා දිට්ඨි. ධම්මාපි තෙසං න පටිච්ඡිතාසෙති ද්වාසට්ඨිදිට්ඨිගතධම්මාපි තෙසං “ඉදමෙව සච්චං මොඝමඤ්ඤ”න්ති එවං න පටිච්ඡිතා. පාරඞ්ගතො න පච්චෙති තාදීති නිබ්බානපාරං ගතො තෙන තෙන මග්ගෙන පහීනෙ කිලෙසෙ පුන නාගච්ඡති, පඤ්චහි ච ආකාරෙහි තාදී හොතීති. සෙසං පාකටමෙවාති.
ගාථාවලින් පෙන්වා දෙන ලද රහතන් වහන්සේගේ ගුණ සොබාව තවදුරටත් විස්තර කරනු පිණිස, යස්සූභයන්තෙ ආදී ගාථා තුනක් කීහ. එහි උභයන්තෙ පෙර කියා ඇති පහස ආදී කරුණු යි. පණිධි තණ්හා, භවාභවය නැවත නැවත ඉපදෙන භවයන්හි, ඉධ වා හුරං වා මෙලොව පරලොව තමාගේ ජීවිතය හෝ, අනුන්ගේ ජීවිත පිළිබඳ හෝ, දිට්ඨෙ වා දැකීමෙන් පිරිසිදු වේ යැයි හෝ, ඇසීම ආදිය ගැනද මෙසේය. සඤ්ඤා හඳුනාගැනීම මත ඇතිවන අදහස් දැඩි ලෙස දරාගැනීම, ධම්මාපි තෙසං න පටිච්ඡිතා සෙ (ඒ රහතන් වහන්සේ) දෙසැටක් මිසදිටු අදහස් අතර, ‘මෙයම ඇත්තය, අනෙක් සියළුම අදහස්, හැඟීම් හිස්, පල රහිත යැයි නොසළකති. පාරං ගතො න පච්චෙති තාදී ඒ ඒ මගෙන් කෙලෙස් දුරුකොට, නිවනින් (සසර) පරතෙරට ගියේ නැවත නොපැමිණෙති. පස් ආකාරයකින් ‘තාදී’ නම් වෙති. ඉතිරි කරුණු පැහැදිළිය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය පරමට්ඨකසුත්තවණ්ණනා නිට්ඨිතා.
පරමට්ඨක සුත්‍ර විස්තරය නිමි.
6. ජරා සුත්තවණ්ණනා
6. ජරා සූත්‍ර වර්ණනාව
අප්පං වත ජීවිතන්ති ජරාසුත්තං. කා උප්පත්ති? එකං සමයං භගවා සාවත්ථියං වස්සං වසිත්වා යානි තානි බුද්ධානං සරීරාරොග්යසම්පාදනං අනුප්පන්නසික්ඛාපදපඤ්ඤාපනං වෙනෙය්යදමනං තථාරූපාය අට්ඨුප්පත්තියා ජාතකාදිකථනන්තිආදීනි ජනපදචාරිකානිමිත්තානි, තානි සමවෙක්ඛිත්වා ජනපදචාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො සායං සාකෙතං අනුප්පත්තො අඤ්ජනවනං පාවිසි. සාකෙතවාසිනො සුත්වා “අකාලො ඉදානි භගවන්තං දස්සනායා”ති විභාතාය රත්තියා මාලාගන්ධාදීනි ගහෙත්වා භගවතො සන්තිකං ගන්ත්වා පූජනවන්දනසම්මොදනාදීනි කත්වා පරිවාරෙත්වා අට්ඨංසු යාව භගවතො ගාමප්පවෙසනවෙලා, අථ භගවා භික්ඛුසඞ්ඝපරිවුතො පිණ්ඩාය පාවිසි. තං අඤ්ඤතරො සාකෙතකො බ්රාහ්මණමහාසාලො නගරා නික්ඛන්තො නගරද්වාරෙ අද්දස. දිස්වා පුත්තසිනෙහං උප්පාදෙත්වා “චිරදිට්ඨොසි, පුත්ත, මයා”ති පරිදෙවයමානො අභිමුඛො අගමාසි. භගවා භික්ඛූ සඤ්ඤාපෙසි – “අයං, භික්ඛවෙ, බ්රාහ්මණො යං ඉච්ඡති, තං කරොතු, න වාරෙතබ්බො”ති.
අප්පං වත ජීවිතං යනු ජරා සූත්‍රයයි. එය දේසනා කිරීමට හේතුව කුමක්ද? එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වස් වසා, (බුදුවරුන් අනුගමනය කරන පරිදි) කායික නිරෝගී බවද, නොපැනවූ සිකපද පැණවීමද, දමනය කොට හික්මවා ගැනීමට සුදුස්සන් හමුවද, ඊට සුදුසු පරිදි ජාතක කතා ආදිය කීම වැනි කරුණු සළකා ජනපද චාරිකාවෙහි පිටත් වූහ. අනුපිළිවෙලින් සැරිසරමින්, සවස්කල සාකේත නුවරට පැමිණ, අඳුන් වනයට පිවිසියහ. සාකේත වාසීහූ ඒ බව අසා, ‘දැන් භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු කාලය නොවේ’ යැයි (සිතා) රැය පහන් වූ පසු, මල් සුවඳ ආදිය රැගෙන සමීපයට ගොස්, වැඳුම් පිදුම් තුටු පහටු කතාකොට, උන්වහන්සේ ගමට පිවිසෙන වේලාව පැමිණෙනතුරු පිරිවරා සිටියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බික්සඟණ පිරිවරා සාකේත නුවරට පිඬු පිණිස වැඩම කළහ. එහි වසන මහා සම්පත් ඇති එක්තරා බමුණෙක් නගරයෙන් පිටතට යන අතර, නගර දොරටුවෙහිදී (බුදුහිමි) දැක පුතු සෙනෙහස උපදවා පුත, මා ඔබ බොහෝ කලකින් දුටුවෙහි’ යැයි හඬමින් ඉදිරියට ගියේය. භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, මේ බමුණා කැමැත්තෙන් කරන යම් දෙයක් නොවළක්වන’ ලෙස මහ සඟනට කීහ.
බ්රාහ්මණොපි වච්ඡගිද්ධිනීව ගාවී ආගන්ත්වා භගවතො කායං පුරතො ච පච්ඡතො ච දක්ඛිණතො ච වාමතො චාති සමන්තා ආලිඞ්ගි “චිරදිට්ඨොසි, පුත්ත, චිරං විනා අහොසී”ති භණන්තො. යදි පන සො තථා කාතුං න ලභෙය්ය, හදයං ඵාලෙත්වා මරෙය්ය. සො භගවන්තං අවොච – “භගවා තුම්හෙහි සද්ධිං ආගතභික්ඛූනං අහමෙව භික්ඛං දාතුං සමත්ථො, මමෙව අනුග්ගහං කරොථා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. බ්රාහ්මණො භගවතො පත්තං ගහෙත්වා පුරතො ගච්ඡන්තො බ්රාහ්මණියා පෙසෙසි – “පුත්තො මෙ ආගතො, ආසනං පඤ්ඤාපෙතබ්බ”න්ති. සා තථා කත්වා ආගමනං පස්සන්තී ඨිතා භගවන්තං අන්තරවීථියංයෙව දිස්වා පුත්තසිනෙහං උප්පාදෙත්වා “චිරදිට්ඨොසි, පුත්ත, මයා”ති පාදෙසු ගහෙත්වා රොදිත්වා ඝරං අතිනෙත්වා සක්කච්චං භොජෙසි. භුත්තාවිනො බ්රාහ්මණො පත්තං අපනාමෙසි. භගවා තෙසං සප්පායං විදිත්වා ධම්මං දෙසෙසි, දෙසනාපරියොසානෙ උභොපි සොතාපන්නා අහෙසුං. අථ භගවන්තං යාචිංසු – “යාව, භන්තෙ, භගවා ඉමං නගරං උපනිස්සාය විහරති, අම්හාකංයෙව ඝරෙ භික්ඛා ගහෙතබ්බා”ති. භගවා “න බුද්ධා එවං එකං නිබද්ධට්ඨානංයෙව ගච්ඡන්තී”ති පටික්ඛිපි. තෙ ආහංසු – “තෙන හි, භන්තෙ, භික්ඛුසඞ්ඝෙන සද්ධිං පිණ්ඩාය චරිත්වාපි තුම්හෙ ඉධෙව භත්තකිච්චං කත්වා ධම්මං දෙසෙත්වා විහාරං ගච්ඡථා”ති. භගවා තෙසං අනුග්ගහත්ථාය තථා අකාසි. මනුස්සා බ්රාහ්මණඤ්ච බ්රාහ්මණිඤ්ච “බුද්ධපිතා බුද්ධමාතා” ත්වෙව වොහරිංසු. තම්පි කුලං “බුද්ධකුල”න්ති නාමං ලභි.
බමුණාද වසුපැටවාට ලොල්වන ගවදෙනක සේ අවුත්, ‘පුත, බොහෝ කලකින් දුටුවෙහි, ඔබ නැතිව බොහෝ කල්’ යැයි කියමින් බුදු සිරුර ඉදිරියෙන් ද පසුපසින් ද දකුණු පසින් ද, වම්පසින් ද හාත්පසින්ම වැළඳගත්තේය. ඔහුට එසේ ඉඩ නොලැබුණි නම්, ළය පැලී මියයනු ඇත. ‘භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේටද, පැමිණි මහා සඟණටද දානය පිරිනැමීමට මම තනිවම සමත් වෙමි, මට උපකාර වනු මැනවැයි කීය. භාග්‍යවතුන් වහන්සේ නිහඬව ඉවසූහ. බමුණා පාත්‍රය ගෙන ඉදිරියෙන් යන අතර, ‘පුතා ආවේය, ආසන පැණවිය යුතු යැයි බැමිණියට පණිවුඩයක් යැවීය. ඇය එසේ කටයුතු කොට, පෙරමග බලා සිටින්නී, ඇතුලු වීදියෙහිදීම භාග්‍යවතුන් වහන්සේ දැක, පුතු සෙනෙහස උපදවා ‘පුත, ඔබ බොහෝ කලකින් දුටුවෙහි’ කියමින් දෙපා අල්ලාගෙන හඬා, නිවසට කැඳවා ගොස්, මැනවින් වැළඳවීය. වළඳා අවසන, බමුණා පාත්‍රය ඉවතට ගත්තේය. ඔවුන්ගේ අදහස දත් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසූහ. දේසනය අවසන දෙදෙනාම සෝවාන් පල ලදහ. භාග්‍යවතුන් වහන්ස, මේ නුවර වසන තාක් කල් අප නිවසෙන්ම ආහාර ගත යුතු’ යැයි ඉල්ලා සිටියහ. ‘බුදුවරුන් මෙසේ නිති එකම තැනකටම නොයතැ’යි එය නොපිළිගත්හ. ‘එසේනම් හිමියනි, මහසඟණ සහ පිඬු හැසිරුණද, ඔබවහන්සේ මෙහිම බත්කිස කොට, දහම් දෙසා විහාරයට වඩිනු මැනවැ’යි පැවසූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට උපකාර පිණිස එසේ කළහ. මිනිස්සු බමුණාටද - බැමිණියටද බුදු පියා - බුදු මවු ලෙසටම ඇමතූහ. ඒ පවුල ද ‘බුදු කුලය’ යැයි නම ලැබීය.
ආනන්දත්ථෙරො භගවන්තං පුච්ඡි – “අහං භගවතො මාතාපිතරො ජානාමි, ඉමෙ පන කස්මා වදන්ති ‘අහං බුද්ධමාතා අහං බුද්ධපිතා’”ති. භගවා ආහ – “නිරන්තරං මෙ, ආනන්ද, බ්රාහ්මණී ච බ්රාහ්මණො ච පඤ්ච ජාතිසතානි මාතාපිතරො අහෙසුං, පඤ්ච ජාතිසතානි මාතාපිතූනං ජෙට්ඨකා, පඤ්ච ජාතිසතානි කනිට්ඨකා. තෙ පුබ්බසිනෙහෙනෙව කථෙන්තී”ති ඉමඤ්ච ගාථමභාසි –
ආනන්ද තෙරුන් වහන්සේ, ‘මම ඔබවහන්සේගේ මවුපියන් ගැන දනිමි, මොවුන් කුමක් නිසා, ‘මා බුදු පියා ය, මා බුදු මව’ යැයි කියත්දැ’යි ඇසූහ. ආනන්ද, මේ බමුණාත්, බැමිණියත් ඉපදුණු පන්සිය වාරයකදීම නිරතුරුවම මව්පියෝ වූහ. පන්සිය වාරයකදීම මවුපියන්ගේ දෙටුපුත් ද, පන්සිය වාරයකදීම ඒ මවුපියන්ගේ කනිටු පුතුද විය. ඔව්හු ඒ පෙර සිට වූ ආදර සෙනහසින් එසේ කියන බවද, පහත සඳහන් අරුත් ඇති ගාථාවක්ද වදාළහ.
“පුබ්බෙව සන්නිවාසෙන, පච්චුප්පන්නහිතෙන වා; එවං තං ජායතෙ පෙමං, උප්පලංව යථොදකෙ”ති. (ජා· 1.2.174);
‘පෙර එක්ව විසීමෙන් ද (එයින්) වත්මනෙහි ඇතිවන හිතවත් බව නිසාද සෙනහස මතුවන්නේ උපුල් මල හා ජලය මෙනි.’
තතො භගවා සාකෙතෙ යථාභිරන්තං විහරිත්වා පුන චාරිකං චරමානො සාවත්ථිමෙව අගමාසි. සොපි බ්රාහ්මණො ච බ්රාහ්මණී ච භික්ඛූ උපසඞ්කමිත්වා පතිරූපං ධම්මදෙසනං සුත්වා සෙසමග්ගෙ පාපුණිත්වා අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායිංසු. නගරෙ බ්රාහ්මණා සන්නිපතිංසු “අම්හාකං ඤාතකෙ සක්කරිස්සාමා”ති. සොතාපන්නසකදාගාමිඅනාගාමිනො උපාසකාපි සන්නිපතිංසු උපාසිකායො ච “අම්හාකං සහධම්මිකෙ සක්කරිස්සාමා”ති. තෙ සබ්බෙපි කම්බලකූටාගාරං ආරොපෙත්වා මාලාගන්ධාදීහි පූජෙන්තා නගරා නික්ඛාමෙසුං.
සාකේත නගරයෙහි කැමතිතාක් කල් වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ, නැවත චාරිකාවේ යෙදෙමින් සැවැත් නුවරටම පැමිණියහ. ඒ බමුණාද බැමිණියද සංඝයා වහන්සේ කරා පැමිණ සුදුසු දහම් දෙසුමක් අසා ඉතිරි මගපලවලට පත්ව අනුපාදිසෙසව පිරිනිවන්පෑහ. නගරවැසි බමුණෝ ‘අපගේ නෑයන්ට සත්කාර කරන්නෙමු’යි එහි රැස්වූහ. අප හා සම දහමක් පිළිපැද්දා වූ - දැහැමි වූ ඔවුනට සත්කාර කරන්නෙමු’යි සෝවාන්, සකදාගාමි, අනාගාමි උපාසක උපාසිකාවෝ ද රැස්වූහ. ඒ සියල්ලෝම කම්බිලි රෙදිවලින් කුළුගෙයක් තනා මල්සුවඳ ආදියෙන් පූජා කරමින් නගරයෙන් පිටතට ගෙන ගියහ.
භගවාපි තං දිවසං පච්චූසසමයෙ බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො තෙසං පරිනිබ්බානභාවං ඤත්වා “තත්ථ මයි ගතෙ ධම්මදෙසනං සුත්වා බහුජනස්ස ධම්මාභිසමයො භවිස්සතී”ති ඤත්වා පත්තචීවරමාදාය සාවත්ථිතො ආගන්ත්වා ආළාහනමෙව පාවිසි. මනුස්සා දිස්වා “මාතාපිතූනං සරීරකිච්චං කාතුකාමො භගවා ආගතො”ති වන්දිත්වා අට්ඨංසු. නාගරාපි කූටාගාරං පූජෙන්තා ආළාහනං ආනෙත්වා භගවන්තං පුච්ඡිංසු – “ගහට්ඨඅරියසාවකා කථං පූජෙතබ්බා”ති. භගවා “යථා අසෙක්ඛා පූජියන්ති, තථා පූජෙතබ්බා ඉමෙ”ති අධිප්පායෙන තෙසං අසෙක්ඛමුනිභාවං දීපෙන්තො ඉමං ගාථමාහ –
භාග්‍යවතුන් වහන්සේද එදින අළුයම් වේලෙහි බුදු ඇසින් ලොව බලනවිට, ඔවුන්ගේ පිරිනිවන දැන, ‘මා එහි ගියකල දම්දෙසුම අසා බොහෝදෙනාට දහම් අවබෝධය ලැබෙන්නේ’ යැයි දැන, පාසිවුරු ගෙන, සැවැත්නුවරින් ආදාහන මළුවට පිවිසියහ. මිනිස්සු ඒ දැක, මවුපියන්ගේ අවසන් කටයුතු කරනු කැමතිව, භාග්‍යවතුන් වහන්සේ පැමිණියේ යැයි නමස්කාර කොට සිටියහ. නගර වැසියෝද පූජා පවත්වමින් කුළුගෙය ආදාහන මළුවට ගෙනවුත්, ‘මගපල ලැබූ ගිහි උතුමන්ට කෙසේ පිදිය යුතුදැ’යි විමසූහ. භාග්‍යවතුන් වහන්සේ ‘රහතන් වහන්සේට පූජා කරනු ලබන අයුරින්ම, මොවුන්ටද පූජා කළයුතු යැයි ද පවසා, ඔවුන් අරහත් බවට පත් මුනිවරයන් බව දැක්වීමට,
“අහිංසකා යෙ මුනයො, නිච්චං කායෙන සංවුතා; තෙ යන්ති අච්චුතං ඨානං, යත්ථ ගන්ත්වා න සොචරෙ”ති. (ධ· ප· 225);
‘නිති කයෙන් සංවර වූ, කිසිවකුට කරදරයක්, හිරිහැරයක් නොකරන ඒ මුනිවරු සෝක නොකරන, ‘නිවන’ නම් තැනට යති’යි අරුත් ඇති මේ ගාථාව වදාළහ.
තඤ්ච පරිසං ඔලොකෙත්වා තඞ්ඛණානුරූපං ධම්මං දෙසෙන්තො ඉමං සුත්තමභාසි.
එහි පිරිස ගැන සළකා, ඒ මොහොතට ගැළපෙන ලෙස දහම් දෙසමින් මෙම සූත්‍රය වදාළහ.
තත්ථ අප්පං වත ජීවිතං ඉදන්ති “ඉදං වත මනුස්සානං ජීවිතං අප්පං පරිත්තං ඨිතිපරිත්තතාය සරසපරිත්තතායා”ති සල්ලසුත්තෙපි වුත්තනයමෙතං. ඔරං වස්සසතාපි මිය්යතීති වස්සසතා ඔරං කලලාදිකාලෙපි මිය්‍යති. අතිච්චාති වස්සසතං අතික්කමිත්වා. ජරසාපි මිය්යතීති ජරායපි මිය්‍යති.
අප්පං වත ජීවිතං ඉදං නිසැකවම මිනිස් ජීවිත කෙටිය. අල්පය. සුළු කාලයක් පවතී, ආදී ලෙසින් සල්ල සූත්‍රයේදී මෙම ගති සොබාව කියන ලදී. ඔරං වසස්සතාපි මීයති (ඉපදී) අවුරුදු සියයක් ඉක්මවීමට පෙර (මවුකුස) කලලයව තිබියදී ද මියයයි. අතිච්ච අවුරුදු සියය ඉක්මවා, ජරසාපි මීයති ජරාවට පත්ව මියයයි.
මමායිතෙති මමායිතවත්ථුකාරණා. විනාභාවසන්තමෙවිදන්ති සන්තවිනාභාවං විජ්ජමානවිනාභාවමෙව ඉදං, න සක්කා අවිනාභාවෙන භවිතුන්ති වුත්තං හොති. මාමකොති මම උපාසකො භික්ඛු වාති සඞ්ඛං ගතො, බුද්ධාදීනි වා වත්ථූනි මමායමානො. සඞ්ගතන්ති සමාගතං දිට්ඨපුබ්බං වා. පියායිතන්ති පියං කතං. නාමංයෙවාවසිස්සති අක්ඛෙය්යන්ති සබ්බං රූපාදිධම්මජාතං පහීයති, නාමමත්තමෙව තු අවසිස්සති “බුද්ධරක්ඛිතො, ධම්මරක්ඛිතො”ති එවං සඞ්ඛාතුං කථෙතුං. මුනයොති ඛීණාසවමුනයො. ඛෙමදස්සිනොති නිබ්බානදස්සිනො.
මමායිතෙ මගේ යැයි සිතීමෙන්, විනාභාවසන්තමෙවිදං වෙන්වන බව ද වෙන්වන බව දැකිය හැකි වීමද මේ ආකාරය යැයි පෙනේ. වෙන්වීම නොසිදුවිය යුතු දෙයකැයි කියා, එය (වැළැක්වීම) නොහැකි යයි කියන ලදී. මාමකො මගේ උපාසක, මගේ පැවිදි හිමි යැයි සළකනු ලබයි. බුදුවරුන් ආදීකොට මගේ යැයි හැඟීමෙන්, සංගතං එක් රැස්වූ හෝ පෙර දක්නා ලද හෝ, පියායිතං කැමැත්ත ඇති කරන ලද, නාමමෙවාසිස්සති අක්ඛෙය්ය සියළු රූපාදී දෙයින් හටගත් සියළු දේ නැතිවේ. නම පමණක් ‘බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත’ යැයි මෙසේ පැවසීමට - කතා කිරීමට ඉතුරු වේ. මුනයො කෙලෙස් නැසූ රහතන් වහන්සේලා, ඛෙමදස්සිනො නිවන දකින,
සත්තමගාථා එවං මරණබ්භාහතෙ ලොකෙ අනුරූපපටිපත්තිදස්සනත්ථං වුත්තා. තත්ථ පතිලීනචරස්සාති තතො තතො පතිලීනං චිත්තං කත්වා චරන්තස්ස. භික්ඛුනොති කල්යාණපුථුජ්ජනස්ස සෙක්ඛස්ස වා. සාමග්ගියමාහු තස්ස තං, යො අත්තානං භවනෙ න දස්සයෙති තස්සෙතං පතිරූපමාහු, යො එවංපටිපන්නො නිරයාදිභෙදෙ භවනෙ අත්තානං න දස්සෙය්‍ය. එවඤ්හි සො ඉමම්හා මරණා මුච්චෙය්යාති අධිප්පායො.
සත්වන ගාථාව මරණයෙන් පීඩිත ලෝකයෙහි සුදුසු පිළිවෙත පහදනු පිණිස කියන ලදී. පතිලීනචරස්ස ඒ ඒ තැන සිත (අරමුණුවල) වළකාලමින්, හකුළුවා ගනිමින් හැසිරෙන, භික්ඛුනො යහපත්ව පිළිවෙත් පුරන, මගපල නොලත් පැවිද්දෙකුට හෝ, රහතන් වහන්සේට, සාමග්ගියමාහු තස්ස තං යො අත්තානං භවනෙ න දස්සයෙ මේ පිළිවෙත් මගෙහි ගමන් කරන විට, නිරය ආදී තැන්වල තමාගේ දැකීමක් නොවන පරිදි, එයට සුදුසු වන අයුරු පැහැදිලි කරයි. මෙයින් ඒ තැනැත්තා මරණයෙන් මිදෙන්නේ යැයි අදහස් වේ.
ඉදානි යො “අත්තානං භවනෙ න දස්සයෙ”ති එවං ඛීණාසවො විභාවිතො, තස්ස වණ්ණභණනත්ථං ඉතො පරා තිස්සො ගාථායො ආහ. තත්ථ සබ්බත්ථාති ද්වාදසසු ආයතනෙසු. යදිදං දිට්ඨසුතං මුතෙසු වාති එත්ථ පන යදිදං දිට්ඨසුතං, එත්ථ වා මුතෙසු වා ධම්මෙසු එවං මුනි න උපලිම්පතීති එවං සම්බන්ධො වෙදිතබ්බො. ධොනො න හි තෙන මඤ්ඤති, යදිදං දිට්ඨසුතං මුතෙසු වාති අත්රාපි යදිදං දිට්ඨසුත්තං, තෙන වත්ථුනා න මඤ්ඤති, මුතෙසු වා ධම්මෙසු න මඤ්ඤතීති එවමෙව සම්බන්ධො වෙදිතබ්බො. න හි සො රජ්ජති නො විරජ්ජතීති. බාලපුථුජ්ජනා විය න රජ්ජති, කල්යාණපුථුජ්ජනසෙක්ඛා විය න විරජ්ජති, රාගස්ස පන ඛීණත්තා “විරාගො”ත්වෙව සඞ්ඛං ගච්ඡති. සෙසං සබ්බත්ථ පාකටමෙවාති. දෙසනාපරියොසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසීති.
දැන්, ‘තමාගේ ඊළඟ ඉපදෙන තැනක් නොපෙනේ’ යැයි කෙලෙසුන් නසන ලද තැනැත්තා ගැන දක්වන ලදී. එහි විස්තර පහදනු පිණිස ඊට පසු ගාථා තුනක් කීහ. සබ්බත්ථ ආයතන දොළහේ, යදිදං දිට්ඨසුතං මුතෙසු වා මෙහි දකින, අසන දෙයක් කෙරෙහි හෝ පහස ලබන දේවල, එවං මුනි න උපලිප්පති යයි මෙසේ සම්බන්ධය දතයුතුය. ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨං සුතං මුතෙසු වා මෙහි ද දකින, අසන දේ පිළිබඳව ඒවා කැමති සේ නොසළකයි. න හි සො රජ්ජති නො විරජ්ජති අනුවණ, පොදු මිනිසුන් සේ නොඇලෙයි. යහපත් වූ මගපල සෙවුනා වූ, පිළිවෙත් මග යමින්ද නොඇලෙයි. යහපත් වූ මගපල සෙවුනා වූ, පිළිවෙත් මග යමින් ද නොඇලෙයි. රාගය නසන ලද බැවින් විරත්ත යයි ද හඳුන්වති. ඉතිරි කරුණු පැහැදිලිය. දේසනය අවසන අසූහාර දහසකට දහම් අවබෝධ විය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය ජරාසුත්තවණ්ණනා නිට්ඨිතා.
ජරා සූත්‍ර විස්තරය නිමි.
7. තිස්සමෙත්තෙය්‍ය සුත්තවණ්ණනා
7. තිස්සමෙත්තෙය්‍ය සූත්‍ර වර්ණනාව
මෙථුනමනුයුත්තස්සාති තිස්සමෙත්තෙය්යසුත්තං. කා උප්පත්ති? භගවති කිර සාවත්ථියං විහරන්තෙ තිස්සමෙත්තෙය්යා නාම ද්වෙ සහායා සාවත්ථිං අගමංසු. තෙ සායන්හසමයං මහාජනං ජෙතවනාභිමුඛං ගච්ඡන්තං දිස්වා “කුහිං ගච්ඡථා”ති පුච්ඡිංසු. තතො තෙහි “බුද්ධො ලොකෙ උප්පන්නො, බහුජනහිතාය ධම්මං දෙසෙති, තං සොතුං ජෙතවනං ගච්ඡාමා”ති වුත්තෙ “මයම්පි සොස්සාමා”ති අගමංසු. තෙ අවඤ්ඣධම්මදෙසකස්ස භගවතො ධම්මදෙසනං සුත්වා පරිසන්තරෙ නිසින්නාව චින්තෙසුං – “න සක්කා අගාරමජ්ඣෙ ඨිතෙනායං ධම්මො පරිපූරෙතු”න්ති. අථ පක්කන්තෙ මහාජනෙ භගවන්තං පබ්බජ්ජං යාචිංසු. භගවා “ඉමෙ පබ්බාජෙහී”ති අඤ්ඤතරං භික්ඛුං ආණාපෙසි. සො තෙ පබ්බාජෙත්වා තචපඤ්චකකම්මට්ඨානං දත්වා අරඤ්ඤවාසං ගන්තුමාරද්ධො. මෙත්තෙය්යො තිස්සං ආහ – “ආවුසො, උපජ්ඣායො අරඤ්ඤං ගච්ඡති, මයම්පි ගච්ඡාමා”ති. තිස්සො “අලං ආවුසො, භගවතො දස්සනං ධම්මස්සවනඤ්ච අහං පිහෙමි, ගච්ඡ ත්ව”න්ති වත්වා න අගමාසි. මෙත්තෙය්යො උපජ්ඣායෙන සහ ගන්ත්වා අරඤ්ඤෙ සමණධම්මං කරොන්තො න චිරස්සෙව අරහත්තං පාපුණි සද්ධිං ආචරියුපජ්ඣායෙහි. තිස්සස්සාපි ජෙට්ඨභාතා බ්යාධිනා කාලමකාසි. සො තං සුත්වා අත්තනො ගාමං අගමාසි, තත්ර නං ඤාතකා පලොභෙත්වා උප්පබ්බාජෙසුං. මෙත්තෙය්යොපි ආචරියුපජ්ඣායෙහි සද්ධිං සාවත්ථිං ආගතො. අථ භගවා වුත්ථවස්සො ජනපදචාරිකං චරමානො අනුපුබ්බෙන තං ගාමං පාපුණි. තත්ථ මෙත්තෙය්යො භගවන්තං වන්දිත්වා “ඉමස්මිං, භන්තෙ, ගාමෙ මම ගිහිසහායො අත්ථි, මුහුත්තං තාව ආගමෙථ අනුකම්පං උපාදායා”ති වත්වා ගාමං පවිසිත්වා තං භගවතො සන්තිකං ආනෙත්වා එකමන්තං ඨිතො තස්සත්ථාය ආදිගාථාය භගවන්තං පඤ්හං පුච්ඡි. තස්ස භගවා බ්යාකරොන්තො අවසෙසගාථායො අභාසි. අයමස්ස සුත්තස්ස උප්පත්ති.
මෙථුනං අනුයුත්තස්ස යනු තිස්ස - මෙත්තෙය්‍ය සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩවසන කල තිස්ස හා මෙත්තෙය්‍ය නම් යහලුවෝ දෙදෙනෙක් එහි පැමිණියහ. මහජනයා සවස් කාලයෙහි ජේතවනාරාම දෙසට යනු දැක ‘කොහි යවු’දැයි විමසූහ. එවිට බුදුරජාණන් වහන්සේ ලොව පහළව, බොහෝ දෙනාට හිත පිණිස දහම් දෙසති, එය ඇසීමට ජේතවනාරාමයට යමු’යි කී විට ‘අපි ද අසන්නෙමු’යි (එහි) ගියහ. ඒ දෙදෙන, මහත් පලදායී වන සේ කරුණු පෙන්වාදෙන භාග්‍යවතුන් වහන්සේගේ දම් දෙසුම අසා, පිරිස අතර සිටිමින්ම, ‘ගිහිව සිට මෙම දහම් පිළිවෙත් පිරිය නොහැකි’ යයි සිතූහ. ඉක්බිති මහජනයා සිටියදීම භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිද්ද ඉල්වූහ. ‘මොවුන් පැවිදි කරව’යි එක්තරා මහණකට දැන්වූහ. ඒ මහණ ඔවුන් පැවිදි කොට, හිසකෙස් සිට සම දක්වා කමටහන දී වනවාසයට යාමට සූදානම් විය. එවිට තිස්ස හිමි, මෙත්තෙය්‍ය හිමි අමතා, ‘ඇවැත්නි, අපට අවවාද දුන් උපාජ්ඣාය හිමි වනවාසයට යයි, අපිත් යමු’යි කීය. එවිට තිස්ස හිමි, ‘ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ දැකීමත්, දහම් ඇසීමත් කැමැත්තෙමි, ඔබ යන්නැ’යි පවසා නතර විය. මෙත්තෙය්‍ය හිමි උපජ්ඣාය හිමියන් සමග වනවාසීව මහණදම් පුරා, නොබෝ කලකින්ම උපජ්ඣාය හිමියන් සමගම රහත් බවට පත්විය. (මේ අතර) තිස්ස හිමිගේ දෙටු සොහොයුරා රෝගයක් වැළඳී මළේය. තිස්ස හිමි ඒ අසා තම ගමට ගියේය. එහිදී නෑදෑයෝ තිස්ස හිමියන් පොළඹවා උපැවිදි කළහ. මෙත්තෙය්‍ය හිමි ද ගුරු උපජ්ඣාය හිමි සමග සැවැත් නුවරට පැමිණියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වස් සමය ගතකොට, ජනපද චාරිකාවෙහි යෙදෙමින් ඒ ගමටද පැමිණියහ. එහිදී මෙත්තෙය්‍ය හිමි භාග්‍යවතුන් වහන්සේට වැඳ, ‘හිමියනි, මේ ගමෙහි මගේ ගිහිකල යහළුවෙක් සිටී. අනුකම්පා උපදවා මොහොතක් නැවතී සිටිනු මැනව’යි කියා ගමට පිවිස, ඔහු කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, එකත්පස්ව සිට ඔහු වෙනුවෙන්, මුලින් සඳහන් ගාථාවෙන් පැනයක් විචාළේය. එය පැහැදිලි කිරීමට භාග්‍යවතුන් වහන්සේ ඉතිරි ගාථා වදාළහ. මේ සූත්‍රය දේසනා කිරීමට මුල් වූ කරුණයි.
තත්ථ මෙථුනමනුයුත්තස්සාති මෙථුනධම්මසමායුත්තස්ස. ඉතීති එවමාහ. ආයස්මාති පියවචනමෙතං, තිස්සොති නාමං තස්ස ථෙරස්ස. සො හි තිස්සොති නාමෙන. මෙත්තෙය්යොති ගොත්තං, ගොත්තවසෙනෙව චෙස පාකටො අහොසි. තස්මා අට්ඨුප්පත්තියං වුත්තං “තිස්සමෙත්තෙය්යා නාම ද්වෙ සහායා”ති. විඝාතන්ති උපඝාතං. බ්රූහීති ආචික්ඛ. මාරිසාති පියවචනමෙතං, නිදුක්ඛාති වුත්තං හොති. සුත්වාන තව සාසනන්ති තව වචනං සුත්වා. විවෙකෙ සික්ඛිස්සාමසෙති සහායං ආරබ්භ ධම්මදෙසනං යාචන්තො භණති. සො පන සික්ඛිතසික්ඛොයෙව.
මෙථූනං අනුයුත්තස්ස (ගැහැණු පිරිමි) ලිංගික සබඳතා පවත්වන්නෙකුට, ඉති මෙසේ කීය. ආයස්මා එය පිය වදනකි. තිස්සො ඒ තෙරුන්ගේ නමයි. නමින් තිස්ස යැයි හඳුන්වන, මෙත්තෙය්යො පරම්පරාවයි. පරම්පරාව ලෙසින් ද පතළ විය. ඒ අනුව මේ කතාවෙහිද ‘තිස්ස මෙත්තෙය්‍ය නම් යහළුවන් දෙදෙනා යැයි කියන ලදී. විඝාතං වෙහෙස, බ්‍රෑහි කියනු මැනව, මාරිස එය පියවදනකි. දුක් නැති බව යයි කියන ලදී. සුත්වාන තව සාසනං ඔබේ වචනය අසා, විවෙකෙ සික්ඛිස්සාමසෙ හික්මෙනා - හික්මිය යුතු අයුරු දහම් දෙසන ලෙස යහළුවා වෙනුවෙන් ඉල්ලයි.
මුස්සතෙ වාපි සාසනන්ති පරියත්තිපටිපත්තිතො දුවිධම්පි සාසනං නස්සති. වාපීති පදපූරණමත්තං. එතං තස්මිං අනාරියන්ති තස්මිං පුග්ගලෙ එතං අනරියං, යදිදං මිච්ඡාපටිපදා.
මුස්සති චාපි සාසනං ඉගෙනීමෙන්, පිළිපැදීමෙන් යන දෙආකාරයෙන්ම සසුන නැසෙයි. පි යනු පද අඩුවක් පිරවීමට යෙදු නිපාතයකි. එතං තස්මිං අනාරියං එය බුද්ධාදී උතුමන්ට අයත් නොවූ, ඒ තැනැත්තාට අයත් වැරදි පිළිවෙතකි.
එකො පුබ්බෙ චරිත්වානාති පබ්බජ්ජාසඞ්ඛාතෙන වා ගණවොස්සග්ගට්ඨෙන වා පුබ්බෙ එකො විහරිත්වා. යානං භන්තංව තං ලොකෙ, හීනමාහු පුථුජ්ජනන්ති තං විබ්භන්තකං පුග්ගලං යථා හත්ථියානාදියානං අදන්තං විසමං ආරොහති, ආරොහකම්පි භඤ්ජති, පපාතෙපි පපතති. එවං කායදුච්චරිතාදිවිසමාරොහනෙන නරකාදීසු, අත්ථභඤ්ජනෙන ජාතිපපාතාදීසු පපතනෙන ච යානං භන්තංව ආහු හීනං පුථුජ්ජනඤ්ච ආහූති.
එකො පුබ්බෙ චරිත්වාන කලින් පැවිද්දකු ලෙස හෝ සමූහයෙන් වෙන්ව තනිව හැසිර, යානං හන්තංව තං ලොකෙ හීනමාහු පුථුජ්ජනං ඒ සිවුරු හළ පුද්ගලයා ඇතුන් යෙදූ යානයකට (ඇතකු පිට) වැරදි අයුරින් නගිනවිට ඔහුට තුවාල සිදුවෙයි. බෑවුමකට පහළට වැටේ. එසේම කයෙහි දුසිරිතෙහි යෙදීම වැනි වැරදි (ජීවිතයට) පුරුදු කිරීමෙන් නිරයන්හි (ඉපිද) වැටහීමක් නොමැති වූ (සසරෙහි) බිඳවැටීම්ද, ඉපදෙන තැන්වල දරුණු (වද වේදනා) දෙයට ගොදුරු වීමටද, ගමනෙහි යෙදෙන යානයකින් වැටෙන්නා සේ, පහත් බවට පත්වේ. අනෙක් පොදු ජනතාව අතර ලාමක අයෙකු සේ ගැනේ.
යසො කිත්ති චාති ලාභසක්කාරො පසංසා ච. පුබ්බෙති පබ්බජිතභාවෙ. හායතෙ වාපි තස්ස සාති තස්ස විබ්භන්තකස්ස සතො සො ච යසො සා ච කිත්ති හායති. එතම්පි දිස්වාති එතම්පි පුබ්බෙ යසකිත්තීනං භාවං පච්ඡා ච හානිං දිස්වා. සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙති තිස්සො සික්ඛා සික්ඛෙථ. කිං කාරණං? මෙථුනං විප්පහාතවෙ, මෙථුනප්පහානත්ථායාති වුත්තං හොති. යො හි මෙථුනං න විප්පජහති, සඞ්කප්පෙහි…පෙ… තථාවිධො . තත්ථ පරෙතොති සමන්නාගතො. පරෙසං නිග්ඝොසන්ති උපජ්ඣායාදීනං නින්දාවචනං. මඞ්කු හොතීති දුම්මනො හොති.
යසො කිත්ති ච ලාභ සත්කාර පැසසුම්, පුබ්බෙ පැවිදිව සිටියදී, හායතෙ වාපි තස්ස සා ඒ සිවුරුහළ තැනැත්තාගේ යසස-කිතුරාව පිරිහෙයි. එතම්පි දිස්වා ඒ පෙර තිබූ කිතු යස රාවයට පසුව වන හානිය දැක, සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ තුන් ආකාරයෙන්ම හික්මෙව්. ඊට හේතුව කුමක්ද? ලිංගික සබඳතා ආදියෙන් දුරුවීම පිණිස යැයි කියන ලදී. ලිංගික සබඳතාවලින් වෙන් නොවන තැනැත්තා, නොයෙක් හැඟීම්වලින්, සංකල්පනාවලින් පෙළෙයි. පරෙතො සහිතව, යුතුව, පරෙසං නිග්ඝොසං ගුරුවරුන් ආදීන්ගේ අපහාස වදන්, මංකුහොති සිත අසතුටුව, කතා නොමැතිව සිටී.
ඉතො පරා ගාථා පාකටසම්බන්ධා එව. තාසු සත්ථානීති කායදුච්චරිතාදීනි. තානි හි අත්තනො පරෙසඤ්ච ඡෙදනට්ඨෙන “සත්ථානී”ති වුච්චන්ති. තෙසු චායං විසෙසතො චොදිතො මුසාවචනසත්ථානෙව කරොති – “ඉමිනා කාරණෙනාහං විබ්භන්තො”ති භණන්තො. තෙනෙවාහ – “එස ඛ්වස්ස මහාගෙධො, මොසවජ්ජං පගාහතී”ති. තත්ථ එස ඛ්වස්සාති එස ඛො අස්ස. මහාගෙධොති මහාබන්ධනං. කතමොති චෙ? යදිදං මොසවජ්ජං පගාහති, ස්වාස්ස මුසාවාදජ්ඣොගාහො මහාගෙධොති වෙදිතබ්බො.
මෙයින් පසු ගාථාවල සම්බන්ධය පහසුය. ඒ අතර සත්ථානි කය දුසිරිත් ආදියෙන්, එය තමන්ද, අනුන්ද කැපෙන අදහසින් සත්ථානි ආයුධ ලෙස කියනු ලැබේ. ඒ අතරින් මෙම කරුණ වෙසෙසින් දැක්වේ. ‘මේ හේතුකොට මම සිවුරු හළෙමි’යි බොරු කීමේ ආයුධයම යොදයි. ‘එසක්ඛවස්ස මහාගෙධො මොසවජ්ජං පගාහතී’ යැයි එහෙයින් වදාළහ. එසක්ඛවස්ස එස ඛො අස්ස එය වෙයි. මහාගෙධො මහා බැඳීමකි. ‘ඒ කුමන දෙයින්ද? මොසවජ්ජං පගාහතී යනුවෙනි. එයින් ඔහුට බොරුකීම මහා බැඳීමකැයි දතයුතුය.
මන්දොව පරිකිස්සතීති පාණවධාදීනි කරොන්තො තතොනිදානඤ්ච දුක්ඛමනුභොන්තො භොගපරියෙසනරක්ඛනානි ච කරොන්තො මොමූහො විය පරිකිලිස්සති.
මන්දොව පරිකිලිස්සති පරපණ නසමින්, ඒ නිසාම දුක්විඳිමින් සම්පත් සොයා - ඒවා රැකගැනීමට වෙහෙසෙමින් මුලාවට පත්වූවාක් මෙන් කිලිටි බවට පත්වන්නේය.
“එතමාදීනවං ඤත්වා, මුනි පුබ්බාපරෙ ඉධා”ති එතං “යසො කිත්ති ච යා පුබ්බෙ, හායතෙවාපි තස්ස සා”ති ඉතො පභුති වුත්තෙ පුබ්බාපරෙ ඉධ ඉමස්මිං සාසනෙ පුබ්බතො අපරෙ සමණභාවතො විබ්භන්තකභාවෙ ආදීනවං මුනි ඤත්වා. එතදරියානමුත්තමන්ති යදිදං විවෙකචරියා , එතං බුද්ධාදීනං අරියානං උත්තමං, තස්මා විවෙකඤ්ඤෙව සික්ඛෙථාති අධිප්පායො. න තෙන සෙට්ඨො මඤ්ඤෙථාති තෙන ච විවෙකෙන න අත්තානං “සෙට්ඨො අහ”න්ති මඤ්ඤෙය්ය, තෙන ථද්ධො න භවෙය්‍යාති වුත්තං හොති.
එතමාදීනවං ඤත්වා පුබ්බාපරෙ ඉධ ‘පෙර තිබූ කිතුරාව පිරිහේ’ යැයි මේ සසුනෙහි මුලින් තිබූ කිතුරාව සහ පැවිදි බව හැර ගිහි වූ කල්හී ඇතිවන ආදීනව මුනිවරයා දැන, එතදරියානං උත්තමං බුදුවරුන් ආදී උතුමන් අගය කරන ලද විවේකයෙහි යෙදීම, විවෙකඤ්ඤෙව සික්ඛෙථ යැයි එය අදහස් වේ. න තෙන සෙට්ඨො මඤ්ඤෙථ ඒ විවේකය අනුව ‘මම උසස් වෙමි’යි තමන් ගැන නො සිතන්නේය.
රිත්තස්සාති විවිත්තස්ස කායදුච්චරිතාදීහි විරහිතස්ස. ඔඝතිණ්ණස්ස පිහයන්ති, කාමෙසු ගධිතා පජාති වත්ථුකාමෙසු ලග්ගා සත්තා තස්ස චතුරොඝතිණ්ණස්ස පිහයන්ති ඉණායිකා විය ආණණ්යස්සාති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි. දෙසනාපරියොසානෙ තිස්සො සොතාපත්තිඵලං පත්වා පච්ඡා පබ්බජිත්වා අරහත්තං සච්ඡාකාසීති.
රිත්තස්ස කය දුසිරිත් ආදියෙන් වෙන් වූ ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා පජා ණය ගැතියන් ණයෙන් නිදහස්වීම පතන්නා සේ, ඒ ඒ දේවලට කැමතිව ඇළුණු සත්වග එම සතරාකාර සැඩපහර තරණය කළ උතුමන්ට කැමති වෙති’යි අරහත් පලය කුළුගන්වමින් දේසනය නිමකළහ. දේසනය අවසානයෙහි තිස්ස සෝවාන් ඵලයට පත්ව, පසුව පැවිදිව රහත්බව අවබෝධ කළේය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය තිස්සමෙත්තෙය්යසුත්තවණ්ණනා නිට්ඨිතා.
තිස්ස මෙත්තෙය්‍ය සූත්‍ර විස්තරය නිමි.