8. පසූර සුත්තවණ්ණනා අට්ඨකථා
8. පසූර සුත්තවණ්ණනා
8. පසූර සූත්‍ර වර්ණනාව
ඉධෙව සුද්ධීති පසූරසුත්තං. කා උප්පත්ති? භගවති කිර සාවත්ථියං විහරන්තෙ පසූරො නාම පරිබ්බාජකො මහාවාදී, සො “අහමස්මි සකලජම්බුදීපෙ වාදෙන අග්ගො, තස්මා යථා ජම්බුදීපස්ස ජම්බුපඤ්ඤාණං, එවං මමාපි භවිතුං අරහතී”ති ජම්බුසාඛං ධජං කත්වා සකලජම්බුදීපෙ පටිවාදං අනාසාදෙන්තො අනුපුබ්බෙන සාවත්ථිං ආගන්ත්වා නගරද්වාරෙ වාලිකත්ථලං කත්වා තත්ථ සාඛං උස්සාපෙත්වා “යො මයා සද්ධිං වාදං කාතුං සමත්ථො, සො ඉමං සාඛං භඤ්ජතූ”ති වත්වා නගරං පාවිසි. තං ඨානං මහාජනො පරිවාරෙත්වා අට්ඨාසි. තෙන ච සමයෙන ආයස්මා සාරිපුත්තො භත්තකිච්චං කත්වා සාවත්ථිතො නික්ඛමති. සො තං දිස්වා සම්බහුලෙ ගාමදාරකෙ පුච්ඡි – “කිං එතං දාරකා”ති, තෙ සබ්බං ආචික්ඛිංසු. “තෙන හි නං තුම්හෙ උද්ධරිත්වා පාදෙහි භඤ්ජථ, ‘වාදත්ථිකො විහාරං ආගච්ඡතූ’ති ච භණථා”ති වත්වා පක්කාමි.
ඉධෙව සුද්ධී යනු පසුර සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතුව කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩවසන කල වාදයෙහි සමත් පසුර නම් පිරිවැජියෙක්, මම මුළු දඹදිවම වාදයෙන් මුල්තැන ගනිමි, දඹදිවෙහි දඹගස (හඳුනාගැනීමේ) සලකුණ මෙන් මම ද එසේ පතළවීමට සුදුස්සෙක්මි’ යැයි දඹ අත්තක් කොඩියක් සේ ඔසවාගෙන, මුළු දඹදිවෙහිම තමා හා පෙරළා වාද කරන්නෙකු නොලබමින්, පිළිවෙලින් සැවැත් නුවරට අවුත්, නගරදොරටුවෙහි (අසළ) වැලි ගොඩක් කොට, එහි අත්ත සිටුවා ‘මා සමග වාදයට සමතකු වෙත් ද, ඔහු අත්ත කඩාදමනු ඇතැ’යි කියා නගරයට පිවිසියේය. මහජනයා එහි රැස්ව සිටියේය. ඒ වේලාවෙහි ගරු කටයුතු සැරියුත් තෙරුන්වහන්සේ, දන් වළඳ, සැවැත්නුවරින් නික්මෙති. ඒ දුටු තෙරණුවෝ එහි සිටි බොහෝ ගම්දරුවන්ගෙන් ‘දරුවනි, මේ කුමක්දැ’යි විමසූහ. ඔව්හු ඒ සියළු තතු කීහ. ‘එසේනම්, ඔබ හැම එය උදුරා පයින් පාගා දමව, වාදයට කැමති කෙනෙකුට විහාරයට පැමිණෙන ලෙස කියවයි පවසා එතැනින් පිටත්ව ගියහ.
පරිබ්බාජකො පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චො ආගන්ත්වා උද්ධරිත්වා භග්ගං සාඛං දිස්වා “කෙනිදං කාරිත”න්ති පුච්ඡි. “බුද්ධසාවකෙන සාරිපුත්තෙනා”ති ච වුත්තෙ පමුදිතො හුත්වා “අජ්ජ මම ජයං සමණස්ස ච පරාජයං පණ්ඩිතා පස්සන්තූ”ති පඤ්හවීමංසකෙ කාරණිකෙ ආනෙතුං සාවත්ථිං පවිසිත්වා වීථිසිඞ්ඝාටකචච්චරෙසු විචරන්තො “සමණස්ස ගොතමස්ස අග්ගසාවකෙන සහ වාදෙ පඤ්ඤාපටිභානං සොතුකාමා භොන්තො නික්ඛමන්තූ”ති උග්ඝොසෙසි. “පණ්ඩිතානං වචනං සොස්සාමා”ති සාසනෙ පසන්නාපි අප්පසන්නාපි බහූ මනුස්සා නික්ඛමිංසු. තතො පසූරො මහාජනපරිවුතො “එවං වුත්තෙ එවං භණිස්සාමී”තිආදීනි විතක්කෙන්තො විහාරං අගමාසි. ථෙරො “විහාරෙ උච්චාසද්දමහාසද්දො ජනබ්යාකුලඤ්ච මා අහොසී”ති ජෙතවනද්වාරකොට්ඨකෙ ආසනං පඤ්ඤාපෙත්වා නිසීදි.
පසුර පිරිවැජියාද පිඬු හැසිර අහර ගෙන, පැමිණ, උදුරා, කඩාදමා ඇති දඹඅතු දැක, ‘මේ කරන ලද්දේ කවුරුන්දැ’යි විමසීය. ‘බුදුසව්වකු වන සැරියුත් තෙරුන්’ යැයි කී විට, ‘මට අද ජයය, සමණයාට පරාජය. නුවණැති පණ්ඩිතයෝ දකිත්වා’යි පැන විමසීමෙහිලා කටයුතු කරන තීරකයෙකු කැඳවාගෙන ඒමට සැවැත් නුවරට පිවිස වීදි -මංසන්ධි ආදියෙහි සැරිසරමින්, ‘සමණ ගෝතමයන්ගේ අග සව්වකු සමග වාදයේදී මාගේ නුවණින් ඉදිරිපත් කරන කරුණු ඇසීමට කැමති පින්වතුන් එත්වා’යි හඬ නැගීය. පඬිවරුන්ගේ වදන් අසන්නෙමු’යි සසුනෙහි පැහැදුනු, නොපැහැදුනු බොහෝ මිනිස්සු පැමිණියහ. පසුර මහජනයා පිරිවරා, ‘මෙසේ කී විට, මෙසේ කියන්නෙමි’යි සිත සිතා, විහාරයට ආවේය. තෙරුන් වහන්සේද, විහාරයෙහි මහත් හඬින් කෑකෝ ගැසීම් හා බොහෝ ජනයා රැස්වීමේදී අපහසු නොවේ’යැයි සළකා ජේතවන දොරටුවෙහි අසුනක් පනවා වැඩහුන්හ.
පරිබ්බාජකො ථෙරං උපසඞ්කමිත්වා “ත්වං, භො, පබ්බජිත, මය්හං ජම්බුධජං භඤ්ජාපෙසී”ති ආහ. “ආම පරිබ්බාජකා”ති ච වුත්තෙ “හොතු නො, භො, කාචි කථාපවත්තී”ති ආහ. “හොතු පරිබ්බාජකා”ති ච ථෙරෙන සම්පටිච්ඡිතෙ “ත්වං, සමණ, පුච්ඡ, අහං විස්සජ්ජෙස්සාමී”ති ආහ. තතො නං ථෙරො අවච “කිං, පරිබ්බාජක, දුක්කරං පුච්ඡා, උදාහු විස්සජ්ජන”න්ති. විස්සජ්ජනං භො, පබ්බජිත, පුච්ඡාය කිං දුක්කරං. තං යො හි කොචි යංකිඤ්චි පුච්ඡතීති. “තෙන හි, පරිබ්බාජක, ත්වං පුච්ඡ, අහං විස්සජ්ජෙස්සාමී”ති එවං වුත්තෙ පරිබ්බාජකො “සාධුරූපො භික්ඛු ඨානෙ සාඛං භඤ්ජාපෙසී”ති විම්හිතචිත්තො හුත්වා ථෙරං පුච්ඡි – “කො පුරිසස්ස කාමො”ති. “සඞ්කප්පරාගො පුරිසස්ස කාමො”ති (අ· නි· 6.63) ථෙරො ආහ. සො තං සුත්වා ථෙරෙ විරුද්ධසඤ්ඤී හුත්වා පරාජයං ආරොපෙතුකාමො ආහ – “චිත්රවිචිත්රාරම්මණං පන භො, පබ්බජිත, පුරිසස්ස කාමං න වදෙසී”ති? “ආම, පරිබ්බාජක, න වදෙමී”ති. තතො නං පරිබ්බාජකො යාව තික්ඛත්තුං පටිඤ්ඤං කාරාපෙත්වා “සුණන්තු භොන්තො සමණස්ස වාදෙ දොස”න්ති පඤ්හවීමංසකෙ ආලපිත්වා ආහ – “භො, පබ්බජිත, තුම්හාකං සබ්‍රහ්මචාරිනො අරඤ්ඤෙ විහරන්තී”ති? “ආම, පරිබ්බාජක, විහරන්තී”ති. “තෙ තත්ථ විහරන්තා කාමවිතක්කාදයො විතක්කෙ විතක්කෙන්තී”ති? “ආම, පරිබ්බාජක, පුථුජ්ජනා සහසා විතක්කෙන්තී”ති. “යදි එවං තෙසං සමණභාවො කුතො? නනු තෙ අගාරිකා කාමභොගිනො හොන්තී”ති එවඤ්ච පන වත්වා අථාපරං එතදවොච –
පිරිවැජියා තෙරුන් වෙත එළඹ, ‘එම්බා පැවිද්දාණනි, ඔබ මගේ දඹඅතු කොඩිය කඩා දමවන ලදදැ’යි කීය. ‘එසේය, පිරිවැජිය’, කී විට, ‘අප අතර කිසියම් කතාබහක් වේ’යැයි පැවසීය. තෙරුන් වහන්සේ විසින්ද ‘පිරිවැජිය, එසේ වේ’ යැයි පිළිගන්නා ලදුව, ‘මහණ, ඔබ විමසව, මම විසඳන්නෙමි’යි පසුර කීවේය. ‘පිරිවැජිය අපහසු කුමක්ද? ඇසීමද? නැතිනම් විසඳීමද? තෙරුන් වහන්සේ ඇසූහ. ‘පැවිද්දාණනි, විසඳීම අපහසුය. විමසීමේ ඇති අපහසුව කුමක්ද? ඔබට විමසීමට දෙයක් ඇත්නම්, අසන්න’ යයි කීය. ‘එසේ නම්, පිරිවැජිය, ඔබ අසව. මම විසඳන්නෙමි’යි තෙරුන් වහන්සේ කීහ. එවිට පිරිවැජියා ‘යහපත් පෙනුම ඇති මහණ, එකවරම අත්ත බිඳවීයැයි පුදුමයට පත්ව, ‘මිනිසාගේ කැමැත්ත කුමක්දැ’යි තෙරුන් වහන්සේගෙන් ඇසීය. ‘මිනිසාගේ කැමැත්ත, සංකල්පවලට ඇති රාගය හෙවත් ඇලීම’ යැයි කීහ. පසුර ඒ අසා, තෙරුන් වහන්සේ හා එකඟ නොවන ලෙසින්, පරාජයට පත් කරනු පිණිස, ‘පැවිද්දාණනි, විසිතුරු විසිතුරු අරමුණු වන දෑ මිනිසාගේ කැමැත්ත යැයි නො කියන්නෙහිදැයි ඇසීය. ‘එසේය, පිරිවැජිය නොකියමි.’ එවිට පසුර පිරිවැජියා තෙවරක්ම ගිවිස්වා එය තහවුරු කරවා, ‘පින්වතුනි, සමණයාගේ වාදයෙහි වැරදි අසත්වා’යි වාද පැන තීරණයකයන් අමතා පැවසීය. ‘පින්වත් පැවිද්දාණනි, ඔබ හා සමව පැවිදි පිළිවෙතෙහි යෙදෙන්නන් කැලයෙහි වසත්දැ’යි ඇසීය. ‘එසේය, පිරිවැජිය වාසය කරති.’ ‘ඔවුන් එහි වසනවිට, කාම සිතිවිලි ආදිය සිත සිතා සිටින්නාහුද?’ ‘එසේය, පිරිවැජිය, බොහෝ දෙනෙක් වහා සිත සිතා සිටිති’. ‘එසේනම්, ඔවුන්ගේ මහණකම කොතැනද? ඔවුහු ගෙවල වසන කම්සුව විඳින්නෝ නොවෙතිද?’ අසා මෙසේද පැවසීය -
“න තෙ වෙ කාමා යානි චිත්‍රානි ලොකෙ, සඞ්කප්පරාගඤ්ච වදෙසි කාමං; සඞ්කප්පයං අකුසලෙ විතක්කෙ, භික්ඛුපි තෙ හෙස්සති කාමභොගී”ති. (සං· නි· අට්ඨ· 1.1.34);
තෙ න වෙ කාමා යානි චිත්‍රානි ලොකෙ සංකප්පරාගඤ්ච වදෙසි කාමං සංකප්පයං අකුසලෙ විතක්කෙ භික්ඛුපි තෙ හෙස්සති කාමභොගී
‘ලොව විසිතුරු දේ කැමැත්ත නොවේ යැයි ද කැමැත්ත යනු සංකල්පවලට ඇති රාගය යැයිද කියහ. මේ සංකල්ප අයහපත් සිතිවිලිය. ඒ පැවිද්දෝ ද කම්සැප විඳින්නෝ වෙති.’
අථ ථෙරො පරිබ්බාජකස්ස වාදෙ දොසං දස්සෙන්තො ආහ – “කිං, පරිබ්බාජක, සඞ්කප්පරාගං පුරිසස්ස කාමං න වදෙසි, චිත්රවිචිත්රාරම්මණං වදෙසී”ති? “ආම, භො, පබ්බජිතා”ති. තතො නං ථෙරො යාව තික්ඛත්තුං පටිඤ්ඤං කාරාපෙත්වා “සුණාථ, ආවුසො, පරිබ්බාජකස්ස වාදෙ දොස”න්ති පඤ්හවීමංසකෙ ආලපිත්වා ආහ – “ආවුසො පසූර, තව සත්ථා අත්ථී”ති? “ආම, පබ්බජිත, අත්ථී”ති. “සො චක්ඛුවිඤ්ඤෙය්යං රූපාරම්මණං පස්සති සද්දාරම්මණාදීනි වා සෙවතී”ති? “ආම, පබ්බජිත, සෙවතී”ති. “යදි එවං තස්ස සත්ථුභාවො කුතො, නනු සො අගාරිකො කාමභොගී හොතී”ති එවඤ්ච පන වත්වා අථාපරං එතදවොච –
එවිට තෙරණුවෝ පිරිවැජියාගේ වාදයෙහි වැරදි දකිමින් සංකල්පවලට ඇති මිනිසාගේ ඇල්ම, කැමැත්ත හෙවත් කාමය යයි නො කියහිද? ඒ විසිතුරු විසිතුරු අරමුණු කාමය යැයි කියහි’දැයි ඇසූහ. ‘පැවිද්දාණනි, එසේය’ - එහිදී තෙරුන් වහන්සේ ද (පසුර පිරිවැජියා) තෙවරක්ම (එම අදහසෙහි) ගිවිස්වාගෙන, ‘ඇවැත්නි, පිරිවැජියාගේ වාදයෙහි වැරැද්ද බලව’යි ගිවිස්වාගෙන, ‘ඇවැත්නි, පිරිවැජියාගේ වාදයෙහි වැරැද්ද බලව’යි වාදපැන තීරකයන් අමතා, ‘ඇවැත්නි පවුර, ඔබගේ (සසුනෙහි) මගපෙන්වන නායකයෙකු ඇත්දැ’යි ඇසූහ. ‘එසේය, පැවිද්දාණනි, ඇත’, ‘ඔහු ඇසින් හඳුනාගෙන රූප අරමුණු දකී ද?’ හඬ ආදී අරමුණු ඇසුරු කරයි ද?’ ‘එසේය, පැවිද්දාණනි, ඇසුරු කරයි.’, ‘එසේනම්, ඔහුගේ නායකකම, මඟපෙන්වීම කොයින්ද? ඔහුද ගෙයක වසන, කම්සුව විඳින්නකු නොවේදැ’යි විමසා ඊට පසු මෙසේ ද කීහ -
“තෙ වෙ කාමා යානි චිත්‍රානි ලොකෙ, සඞ්කප්පරාගං න වදෙසි කාමං; පස්සන්තො රූපානි මනොරමානි, සුණන්තො සද්දානි මනොරමානි.
‘ලෝකයෙහි විසිතුරු දේ කාමය යැයි ද සංකල්පවලට ඇති රාගය කාමය නොවේ යැයිද කියහ. මනරම් රූප දකිමින්, මනරම් නාද අසමින්, මනරම් සුවඳ විඳිමින්, මනරම් රස විඳිමින්, මනරම් පහස ලබමින් ඔබගේ නායකයා ද කම්සුව විඳින්නෙක් වන්නේය.’
“ඝායන්තො ගන්ධානි මනොරමානි, සායන්තො රසානි මනොරමානි; ඵුසන්තො ඵස්සානි මනොරමානි, සත්ථාපි තෙ හෙස්සති කාමභොගී”ති.
එවං වුත්තෙ නිප්පටිභානො පරිබ්බාජකො “අයං පබ්බජිතො මහාවාදී, ඉමස්ස සන්තිකෙ පබ්බජිත්වා වාදසත්ථං සික්ඛිස්සාමී”ති සාවත්ථිං පවිසිත්වා පත්තචීවරං පරියෙසිත්වා ජෙතවනං පවිට්ඨො තත්ථ ලාලුදායිං සුවණ්ණවණ්ණං කායූපපන්නං සරීරාකාරාකප්පෙසු සමන්තපාසාදිකං දිස්වා “අයං භික්ඛු මහාපඤ්ඤො මහාවාදී”ති මන්ත්වා තස්ස සන්තිකෙ පබ්බජිත්වා තං වාදෙන නිග්ගහෙත්වා සලිඞ්ගෙන තංයෙව තිත්ථායතනං පක්කමිත්වා පුන “සමණෙන ගොතමෙන සද්ධිං වාදං කරිස්සාමී”ති සාවත්ථියං පුරිමනයෙනෙව උග්ඝොසෙත්වා මහාජනපරිවුතො “එවං සමණං ගොතමං නිග්ගහෙස්සාමී”තිආදීනි වදන්තො ජෙතවනං අගමාසි. ජෙතවනද්වාරකොට්ඨකෙ අධිවත්ථා දෙවතා “අයං අභාජනභූතො”ති මුඛබන්ධමස්ස අකාසි. සො භගවන්තං උපසඞ්කමිත්වා මූගො විය නිසීදි. මනුස්සා “ඉදානි පුච්ඡිස්සති, ඉදානි පුච්ඡිස්සතී”ති තස්ස මුඛං උල්ලොකෙත්වා “වදෙහි, භො පසූර, වදෙහි, භො පසූරා”ති උච්චාසද්දමහාසද්දා අහෙසුං. අථ භගවා “කිං පසූරො වදිස්සතී”ති වත්වා තත්ථ සම්පත්තපරිසාය ධම්මදෙසනත්ථං ඉමං සුත්තං අභාසි.
මෙසේ කී විට නොවැටහුණු පිරිවැජියා ‘මේ පැවිද්දා වාදයෙහි සමත්ය, මොහු ළඟ පැවිදිවී වාද ඉගෙන ගනිමි’යි සැවැත් නුවරට ගොස් පාසිවුරු සපුරාගෙන, ජේතවනාරාමයට පිවිස, එහිදී රන්පැහැ සිරුරින් යුතු, සිරුරු ඉරියව් පවත්වා ගැනීමේදී හාත්පස පැහැදෙන සුළු ලාලුදායි තෙරුන් දැක, ‘මේ පැවිද්දා ද මහා නුවණැති වාදයෙහි සමතෙකැ’යි ඒ හිමියන් වෙතින් පැවිදිව, වාදයෙන් අපහාසයට පත්කොට, ඒ පැවිදි ලෙසින්ම කලින් සිටි තීර්ථක අරමට පැමිණ, නැවතත් ‘සමණ ගොතම සමග වාද කරන්නෙමි’යි පෙර පරිදිම සැවැත්නුවරටම හඬගා කියා, මහජනයා පිරිවරා ‘මෙසේ සමණ ගොතමයන්ට අවමන් කරන්නෙමි’යි කියමින්, ජේතවනාරාමයට ගියේය. ජේතවන දොරටුවෙහි අරක්ගත් දේවතාවා ‘මොහු නොවැදගත් ලෙසට පත්කරමි’යි ඔහුට කතා කළ නොහැකි සේ මුව අවහිර කළේය. පසුර භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ගොළුවකු මෙන් හුන්නේය. මිනිස්සු දැන් ‘විමසන්නේය, දැන් විමසන්නේ’ යැයි ඔහුගේ මුහුණ බලා ‘පසුර, කියව, පසුර කියව’යි මහා හඬින් කෑගැසූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ, පසුර මොනවා කියන්නදැ’යි අසා එහි පැමිණි පිරිසට දහම් දෙසනු පිණිස මේ සූත්‍රය වදාළහ.
තත්ථ පඨමගාථාය තාව අයං සඞ්ඛෙපො – ඉමෙ දිට්ඨිගතිකා අත්තනො දිට්ඨිං සන්ධාය ඉධෙව සුද්ධී ඉති වාදයන්ති නාඤ්ඤෙසු ධම්මෙසු විසුද්ධිමාහු. එවං සන්තෙ අත්තනො සත්ථාරාදීනි නිස්සිතා තත්ථෙව “එස වාදො සුභො”ති එවං සුභං වදානා හුත්වා පුථූ සමණබ්රාහ්මණා “සස්සතො ලොකො”තිආදීසු පච්චෙකසච්චෙසු නිවිට්ඨා.
එහි මුල් ගාථාවෙහි කෙටි අදහස නම් මේ දැකීම්, හැඟීම් තදින් වැළඳ ගත්තෝ තම තමන්ගේ ඒ මතවාද ඉධෙව සුද්ධිං මෙයම සුද්ධිය යයි කියති. අඤ්ඤෙසු ධම්මෙසු (වෙනත් ලෙසකින්) පිරිසිදු බව නොකියති. කරුණු මෙසේ නම්, තමන්ගේ (දැඩි මතවාදයේ) නායකාදීන් පිළිබඳව, නස්සිතා තත්ථෙ ‘මේ ආදී වූ, මේ කියන අදහස යහපත්’ යැයි මෙසේ සුභවාදීව බොහෝ මහණ බමුණෝ ‘ලෝකය සදා පවතී’ ආදී අදහස්වලින් පච්චෙකසච්චෙසු නිවිට්ඨා. වෙන වෙනම ඇතුළත් කළහ.
එවං නිවිට්ඨා ච – තෙ වාදකාමාති ගාථා. තත්ථ බාලං දහන්තී මිථු අඤ්ඤමඤ්ඤන්ති “අයං බාලො අයං බාලො”ති එවං ද්වෙපි ජනා අඤ්ඤමඤ්ඤං බාලං දහන්ති, බාලතො පස්සන්ති. වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජන්ති තෙ අඤ්ඤමඤ්ඤං සත්ථාරාදිං නිස්සිතා කලහං වදන්ති. පසංසකාමා කුසලා වදානාති පසංසත්ථිකා උභොපි “මයං කුසලවාදා පණ්ඩිතවාදා”ති එවංසඤ්ඤිනො හුත්වා.
මෙසේ ඒ හැඟීමෙන් මුල් බැසගත් ඔවුන් ගැන ‘තෙ වද කාමා’ යන ගාථාවෙන් දැක්වේ. බාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං ‘මේ අනුවණයෙකැ’යි මිනිස්සු එකිනෙකා ගැන අනුවණ ලෙසම සලකති. මෝඩ යැයි සළකති. වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං ඔව්හු එකිනෙකා ඒ මගපෙන්වන නායකයන් නිසා, කලහ-විවාද කරති. පසංසකාමා කුසලා වදානා දෙකොටසම (ඒ මත අනුව බෙදී) පැසසුම් කැමතිව, ‘අපි යහපත් ලෙස කියමු, අපි උගත් වැදගත් ලෙස කියමු’යි මේ හැඳිනීමෙන් යුතුව,
එවං වදානෙසු ච තෙසු එකො නියමතො එව – යුත්තො කථායන්ති ගාථා. තත්ථ යුත්තො කථායන්ති විවාදකථාය උස්සුක්කො. පසංසමිච්ඡං විනිඝාති හොතීති අත්තනො පසංසං ඉච්ඡන්තො “කථං නු ඛො නිග්ගහෙස්සාමී”තිආදිනා නයෙන පුබ්බෙව සල්ලාපා කථංකථී විනිඝාතී හොති. අපාහතස්මින්ති පඤ්හවීමංසකෙහි “අත්ථාපගතං තෙ භණිතං, බ්යඤ්ජනාපගතං තෙ භණිත”න්තිආදිනා නයෙන අපහාරිතෙ වාදෙ. නින්දාය සො කුප්පතීති එවං අපාහතස්මිඤ්ච වාදෙ උප්පන්නාය නින්දාය සො කුප්පති. රන්ධමෙසීති පරස්ස රන්ධමෙව ගවෙසන්තො.
මෙසේ කියන්නවුන් අතර, එක්කෙනෙක් තමන් නිසි පරිදි කියන බව ‘යුත්තො කථායං’ ගාථාව (පෙන්වා දෙයි.) යුත්තො කථායං විවාද කථාවෙහි උත්සාහවත්ව, පසංසමිච්ඡං විනිඝාති හොති තමාට පැසසුම් කැමතිව, ‘කෙසේ (අනික් මතවාදියාට) අපහාස කරන්නෙම්දැ’යි සැක සහිතව කලින්ම වාදයට යෙදෙයි. අපාහතස්මිං ‘ඔබ අදහස මතු නොවන පරිදි කියන ලදී, වචන හෝ කරුණු නිරවුල්ව නොකියන ලදැ’යි පැන විමසන තීරකයන්ගෙන් අවමන් ලබයි. නින්දාය සො කුප්පති මෙසේ වාදයෙහි අපහාසයට ලක්ව ඔහු කිපෙයි. රන්‍ධමෙසි අනුන්ගේ සිදුරු (වැරදි) සොයයි.
න කෙවලඤ්ච කුප්පති, අපිච ඛො පන යමස්ස වාදන්ති ගාථා. තත්ථ පරිහීනමාහු අපාහතන්ති අත්ථබ්යඤ්ජනාදිතො අපාහතං පරිහීනං වදන්ති. පරිදෙවතීති තතො නිමිත්තං සො “අඤ්ඤං මයා ආවජ්ජිත”න්තිආදීහි විප්පලපති. සොචතීති “තස්ස ජයො”තිආදීනි ආරබ්භ සොචති. උපච්චගා මන්ති අනුත්ථුනාතීති “සො මං වාදෙන වාදං අතික්කන්තො”තිආදිනා නයෙන සුට්ඨුතරං විප්පලපති.
කෝපවීම පමණක් නොවේ. ‘යමස්ස වාදං’ යන ගාථාවෙන් තවදුරටත් කරුණු දක්වති. එම ගාථාවේ, පරිහීණමාහු අපාහතං අරුත් පැහැදිලි කිරිම, වචන ආදිය නොගැලපෙන බව, උසස් නොවන බව කියති. පරිදෙවති ඒ නිමිතිකොට ඔහු ‘අනික් තැනැත්තන් තමා ගැන විමසිල්ලෙන් සිටිති’යි යනාදී ලෙසින් විලාප නගයි. සොචති ‘ඔහුට ජය’ යැයි සෝක කරයි. උපච්චගා මං අනුත්ථුනාති ‘ඔහු මා හා වාදයෙන් වාදකොට මා ඉක්මවූයේ යැයි වැඩියෙන් විලාප කියයි.
එතෙ විවාදා සමණෙසූති එත්ථ පන සමණා වුච්චන්ති බාහිරපරිබ්බාජකා. එතෙසු උග්ඝාති නිඝාති හොතීති එතෙසු වාදෙසු ජයපරාජයාදිවසෙන චිත්තස්ස උග්ඝාතං නිඝාතඤ්ච පාපුණන්තො උග්ඝාතී නිඝාතී ච හොති. විරමෙ කථොජ්ජන්ති පජහෙය්ය කලහං. න හඤ්ඤදත්ථත්ථි පසංසලාභාති න හි එත්ථ පසංසලාභතො අඤ්ඤො අත්ථො අත්ථි.
එතෙ විවාදා සමණෙසු මෙහි සමණා යනුවෙන් බාහිර සසුන්හි පිරිවැජියෝ, ඒ බාහිර සසුන්හි පිරිවැජියන් අතර වන විවාද, එතෙසු උග්ඝාති නිඝාති හොති ඒ වාද විවාදවලදී ජය ලැබීම, පරාජය වීම අනුව සිතට ගැටීමකට, පීඩනයට පත්වෙමින් (සිතිවිලි අතර) ගැටෙයි. පීඩා විඳියි. විරමෙ කථොජ්ජං කලහය දුරුකරන්නේය. න හඤ්ඤදත්ථත්ථි පසංසලාභා මෙහි පැසසුම් ලැබීමට වඩා වෙනත් දෙයක් නැත.
ඡට්ඨගාථාය අත්ථො – යස්මා ච න හඤ්ඤදත්ථත්ථි පසංසලාභා, තස්මා පරමං ලාභං ලභන්තොපි “සුන්දරො අය”න්ති තත්ථ දිට්ඨියා පසංසිතො වා පන හොති තං වාදං පරිසාය මජ්ඣෙ දීපෙත්වා, තතො සො තෙන ජයත්ථෙන තුට්ඨිං වා දන්තවිදංසකං වා ආපජ්ජන්තො හසති, මානෙන ච උණ්ණමති. කිං කාරණං? යස්මා තං ජයත්ථං පප්පුය්ය යථාමානො ජාතො, එවං උණ්ණමතො ච යා උණ්ණතීති ගාථා. තත්ථ මානාතිමානං වදතෙ පනෙසොති එසො පන තං උණ්ණතිං “විඝාතභූමී”ති අබුජ්ඣමානො මානඤ්ච අතිමානඤ්ච වදතියෙව.
සයවැනි ගාථාවේ අරුත නම්, එසේ පැසසුම් ලැබේ නම්, එය උසස්ම ලැබීම යයි ද, ‘මෙය යහපත්’ යැයි ද සළකයි. තත්ථ ඒ හැඟීමෙන් පසංසිතො වා පන හොති ඒ වාද අදහස් වාදං පරිසමජ්ඣෙ ඉදිරිපත්කොට, සො තෙන එයින් ජයගෙන, සතුටුව හෝ දත් පෙන්වා සිනහසෙමින් හෝ හසති, මානයෙන් ද ච උන්නමති, ඊට හේතුව කුමක්ද? තං ඒ ජය සිතේ හැටියට ලැබුණියි (සිතයි.) මෙසේ උඩඟුවීම පිළිබඳව ‘යා උන්නතී’ ගාථාවෙන් කරුණු දැක්වේ. ඒ ගාථාවෙහි මානාතිමානං වදතී පනෙසො එසේ ඇතිවන ඒ උඩඟුකම ‘විඝාතභූමි’ වැනසීමට මුල්වන තැනකැයි නොවැටහීමෙන් ද, මානයෙන් ද තවත් උඩඟු වීම ගැනද සඳහන් කරයි.
එවං වාදෙ දොසං දස්සෙත්වා ඉදානි තස්ස වාදං අසම්පටිච්ඡන්තො “සූරො”ති ගාථමාහ. තත්ථ රාජඛාදායාති රාජඛාදනීයෙන, භත්තවෙතනෙනාති වුත්තං හොති. අභිගජ්ජමෙති පටිසූරමිච්ඡන්ති යථා සො පටිසූරං ඉච්ඡන්තො අභිගජ්ජන්තො එති, එවං දිට්ඨිගතිකො දිට්ඨිගතිකන්ති දස්සෙති. යෙනෙව සො, තෙන පලෙහීති යෙන සො තුය්හං පටිසූරො, තෙන ගච්ඡ. පුබ්බෙව නත්ථි යදිදං යුධායාති යං පන ඉදං කිලෙසජාතං යුද්ධාය සියා, තං එතං පුබ්බෙව නත්ථි, බොධිමූලෙයෙව පහීනන්ති දස්සෙති. සෙසගාථා පාකටසම්බන්ධායෙව.
මෙසේ වාදයෙහි දොස් දක්වා, මීළඟට ඔහුගේ වාදය පිළිනොගනිමින් ‘සූරො’ යන ගාථාව වදාළහ. එම ගාථාවේ, රාජඛාදාය රාජබොජුන් කා වැඩුණු (යුද්ධයෙහි) මනාව සමත්කම් දක්වන, අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං ඔහු තමා හා ‘කරට කර’ සටන් කළ හැකි සමතෙකු බලාපොරොත්තුව වහසි බස් කියමින් එයි. මෙය දැකීම්, හැඟීම් දැඩිව ගත්තෙකුට නිදසුන්ය. යෙ නෙව සො තෙන පලෙහි එයින් සමත්කම් දක්වන ඒ තැනැත්තා ළඟටම ඔබ යව, පුබ්බෙව නත්ථි යදිදං යුධාය කෙලෙස්වලින් ඇතිවන යම් යුද්ධයක් වේද, එය මුලසිටම නැත. බෝමුල්හිදීම ඒවා නැති කරන ලද බව පෙන්වා දෙති. ඉතිරි ගාථාවල සම්බන්ධතාව පැහැදිලිය.
තත්ථ විවාදයන්තීති විවදන්ති. පටිසෙනිකත්තාති පටිලොමකාරකො. විසෙනිකත්වාති කිලෙසසෙනං විනාසෙත්වා. කිං ලභෙථොති පටිමල්ලං කිං ලභිස්සසි. පසූරාති තං පරිබ්බාජකං ආලපති. යෙසීධ නත්ථීති යෙසං ඉධ නත්ථි.
විවාදයන්ති විවාද කරති. පටිසෙනිකත්තා විරුදුව අදහස් පළකරන්නෙකු, විසෙනිකත්වා කෙලෙස් සේනාව වනසා දමා, කිං ලභෙථ පිළිමල්ව ආ තැනැත්තා කුමක් ලබන්නෙහිද? පසූර ඒ පිරිවැජියා අමතති. යෙසී ද නත්ථි එබඳු දේ මෙහි නැත.
පවිතක්කන්ති “ජයො නු ඛො මෙ භවිස්සතී”ති ආදීනි විතක්කෙන්තො. ධොනෙන යුගං සමාගමාති ධුතකිලෙසෙන බුද්ධෙන සද්ධිං යුගග්ගාහං සමාපන්නො. න හි ත්වං සක්ඛසි සම්පයාතවෙති කොත්ථුකාදයො විය සීහාදීහි, ධොනෙන සහ යුගං ගහෙත්වා එකපදම්පි සම්පයාතුං යුගග්ගාහමෙව වා සම්පාදෙතුං න සක්ඛිස්සසීති. සෙසං සබ්බත්ථ පාකටමෙවාති.
පවිතක්කං ‘මට ජය වන්නේදැ’යි ආදී ලෙසින් දෙගිඩියාවෙන් කල්පනා කරමින්, ධොනෙන යුගං සමාගමා කෙලෙස් සෝදාහළ බුදුවරයකු සමග තරඟ කරන්නට පැමිණ, න හි ත්වං සක්ඛසි සම්පයාතවෙ සිවලෙක් සිංහයෙකු සමග මෙන්, කෙලෙස් සිඳලූ තැනැත්තකු සමග තරඟයට ඒම හෝ, එක වචනයකුදු කීමට හෝ නොහැකි වන්නෙහි? ඉතිරි සියළු කරුණු පැහැදිලිය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය පසූරසුත්තවණ්ණනා නිට්ඨිතා.
පසුර සුත්‍ර විස්තරය නිමි.