9. මාගන්දිය සුත්තවණ්ණනා අට්ඨකථා
9. මාගන්දිය සුත්තවණ්ණනා
9. මාගන්දිය සූත්‍ර වර්ණනාව
දිස්වාන තණ්හන්ති මාගණ්ඩියසුත්තං. කා උප්පත්ති? එකං සමයං භගවා සාවත්ථියං විහරන්තො පච්චූසසමයෙ බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො කුරූසු කම්මාසධම්මනිගමවාසිනො මාගණ්ඩියස්ස නාම බ්රාහ්මණස්ස සපජාපතිකස්ස අරහත්තූපනිස්සයං දිස්වා තාවදෙව සාවත්ථිතො තත්ථ ගන්ත්වා කම්මාසධම්මස්ස අවිදූරෙ අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ නිසීදි සුවණ්ණොභාසං මුඤ්චමානො. මාගණ්ඩියොපි තඞ්ඛණං තත්ථ මුඛධොවනත්ථං ගතො සුවණ්ණොභාසං දිස්වා “කිං ඉද”න්ති ඉතො චිතො ච පෙක්ඛමානො භගවන්තං දිස්වා අත්තමනො අහොසි. තස්ස කිර ධීතා සුවණ්ණවණ්ණා, තං බහූ ඛත්තියකුමාරාදයො වාරයන්තා න ලභන්ති. බ්රාහ්මණො එවංලද්ධිකො හොති “සමණස්සෙව නං සුවණ්ණවණ්ණස්ස දස්සාමී”ති. සො භගවන්තං දිස්වා “අයං මෙ ධීතාය සමානවණ්ණො, ඉමස්ස නං දස්සාමී”ති චිත්තං උප්පාදෙසි. තස්මා දිස්වාව අත්තමනො අහොසි. සො වෙගෙන ඝරං ගන්ත්වා බ්රාහ්මණිං ආහ – “භොති භොති මයා ධීතාය සමානවණ්ණො පුරිසො දිට්ඨො, අලඞ්කරොහි දාරිකං, තස්ස නං දස්සාමා”ති. බ්රාහ්මණියා දාරිකං ගන්ධොදකෙන න්හාපෙත්වා වත්ථපුප්ඵාලඞ්කාරාදීහි අලඞ්කරොන්තියා එව භගවතො භික්ඛාචාරවෙලා සම්පත්තා. අථ භගවා කම්මාසධම්මං පිණ්ඩාය පාවිසි.
දිස්වාන තණ්හං යනු මාගන්දිය සූත්‍රයයි. මෙම සූත්‍රයට අදාල කථා පුවත කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වසද්දී අළුයම බුදු ඇසින් ලොව බලමින්, කුරු රට කම්මාසදම්ම නියම්ගමෙහි වසන මාගන්දිය නම් බමුණාත්, බැමිණියත් රහත්පල ලැබීමට හේතු සම්පත් ඇති බව දැක, එකෙණෙහිම සැවැත්නුවරින් එහි ගොස්, එම නියම්ගම අසල, එක්තරා වන ලැහැබක හිඳ රන්පැහැ ආලෝකයක් මුදාහළහ. මාගන්දිය බමුණාද එහි මුව දෝවනය පිණිස ගියේ ඒ රන්පැහැ ආලෝකය දැක, ‘මේ කුමක්දැ’යි වටපිට බලනවිට, භාග්‍යවතුන් වහන්සේ දැක සතුටට පත්විය. ඔහුගේ දියණිය රන්පැහැ ඇත්තීය. ඇය බොහෝ කැත්කුල කුමාරවරුන් ආදීන් වළකනු ලබන බැවින්, (සුදුසු කෙනෙකු) නො ලබන්නීය. මාගන්දිය බමුණා ඇය, රන්පැහැ සමණයෙකුටම දෙමි යන අදහස තිබුණි. ඔහු භාග්‍යවතුන් වහන්සේ දැක, ‘මොහු මගේ දුවගේ සමාන පැහැය ඇත. මොහුට ඇය (පාවා) දෙමි’යි සිතුවේය. එහෙයින් දුටු පමණින්ම සතුටට පත්විය. ඔහු වහා නිවසට ගොස්, ‘සොඳුර, සොඳුර, මා දුවගේ සමාන පැහැ ඇති පිරිමියෙක් දක්නා ලදී. දැරිය සරසව, ඔහුට ඇය දෙමු’යි බැමිණියට කීවේය. බැමිණිය, දැරිය සුවඳ දියෙන් නාවා ඇඳුම්, මල් සැරසීම් ආදියෙන් අලංකාර කරන අතරම, භාග්‍යවතුන් වහන්සේට පිඬු පිණිස කාලයද පැමිණියේය.
තෙපි ඛො ධීතරං ගහෙත්වා භගවතො නිසින්නොකාසං අගමංසු. තත්ථ භගවන්තං අදිස්වා බ්රාහ්මණී ඉතො චිතො ච විලොකෙන්තී භගවතො නිසජ්ජට්ඨානං තිණසන්ථාරකං අද්දස. බුද්ධානඤ්ච අධිට්ඨානබලෙන නිසින්නොකාසො පදනික්ඛෙපො ච අබ්යාකුලා හොන්ති. සා බ්රාහ්මණං ආහ – “එස, බ්‍රාහ්මණ, තස්ස තිණසන්ථාරො”ති? “ආම, භොතී”ති. “තෙන හි, බ්‍රාහ්මණ, අම්හාකං ආගමනකම්මං න සම්පජ්ජිස්සතී”ති. “කස්මා භොතී”ති? “පස්ස, බ්‍රාහ්මණ, අබ්යාකුලො තිණසන්ථාරො, නෙසො කාමභොගිනො පරිභුත්තො”ති. බ්රාහ්මණො “මා, භොති මඞ්ගලෙ පරියෙසියමානෙ අවමඞ්ගලං අභණී”ති ආහ. පුනපි බ්රාහ්මණී ඉතො චිතො ච විචරන්තී භගවතො පදනික්ඛෙපං දිස්වා බ්රාහ්මණං ආහ “අයං තස්ස පදනික්ඛෙපො”ති? “ආම, භොතී”ති. “පස්ස, බ්‍රාහ්මණ, පදනික්ඛෙපං, නායං සත්තො කාමෙසු ගධිතො”ති. “කථං ත්වං භොති ජානාසී”ති ච වුත්තා අත්තනො ඤාණබලං දස්සෙන්තී ආහ –
භාග්‍යවතුන් වහන්සේ කම්මාසදම්ම ගමෙහි පිඬු පිණිස වැඩියහ. ඒ දෙදෙනාම දියණිය සමග භාග්‍යවතුන් වහන්සේ සිටි දෙසට ගියහ. එහිදී උන්වහන්සේ නොදුටු බැමිණිය, වටපිට බලන්නී, වැඩසිටි තණ ඇතිරිය දුටුවාය. බුදු අදිටන් බලෙන් වැඩසිටි තැන පා සටහනද පැහැදිලිව තිබුණි. ‘බමුණ, මේ හිඳ සිටි තණ ඇතිරිය’ යැයි බැමිණිය කීවාය. ‘එසේය සොඳුරිය, එසේනම්, බමුණා අප පැමිණි අරමුණ ඉටු නො වන්නේ ය’, ‘කුමක් නිසාද, සොඳුරිය?’, ‘බමුණ, තණ ඇතිරිය තැලී-පොඩිවී නැත, කාමය මඬනා ලද කෙනෙකු පරිහරණය කර ඇතැ’යි කීවාය. බමුණාද, සොඳුර, යහපත සොයද්දී අවකැපෙන දේ නොකියව’යි කීය. නැවත ද, බැමිණිය වටපිට බලන්නී, භාග්‍යවතුන් වහන්සේගේ පා සටහන දැක, ‘බමුණ, බලන්න, පා සටහන, මේ තැනැත්තා කාමයන්හි ගැලුනේ නොවේ’ යැයි කීවාය. ‘සොඳුර, ඔබ කෙසේ දන්නෙහිදැ’යි විමසූවිට, තම දැනුමෙහි බලය පෙන්වමින්, -
“රත්තස්ස හි උක්කුටිකං පදං භවෙ, දුට්ඨස්ස හොති අනුකඩ්ඪිතං පදං; මූළ්හස්ස හොති සහසානුපීළිතං, විවට්ටච්ඡදස්ස ඉදමීදිසං පද”න්ති. (අ· නි· අට්ඨ· 1.1.260-261; ධ· ප· අට්ඨ· 1.2 සාමාවතීවත්ථු; විසුද්ධි· 1.45);
‘රාගී තැනැත්තාගේ පාදය තදින් බිම වැද, මැද වක්වී ඇත, නපුරු තැනැත්තාගේ පාදය බිම ඇදී ගොස් ඇත, මුළාවූ (අනුවණ) තැනැත්තකුගේ පාදය තදින් බිම හෑරී ඇත. මේ පා සලකුණ රාගාදී දොස් සිඳලූ තැනැත්තකුගේය.’ යැයි කීවේය.
අයඤ්චරහි තෙසං කථා විප්පකතා, අථ භගවා කතභත්තකිච්චො තමෙව වනසණ්ඩං ආගතො. බ්රාහ්මණී භගවතො වරලක්ඛණඛචිතං බ්යාමප්පභාපරික්ඛිත්තං රූපං දිස්වා බ්රාහ්මණං ආහ – “එස තයා, බ්‍රාහ්මණ, දිට්ඨො”ති? “ආම භොතී”ති. “ආගතකම්මං න සම්පජ්ජිස්සතෙව, එවරූපො නාම කාමෙ පරිභුඤ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජතී”ති. තෙසං එවං වදන්තානඤ්ඤෙව භගවා තිණසන්ථාරකෙ නිසීදි. අථ බ්රාහ්මණො ධීතරං වාමෙන හත්ථෙන ගහෙත්වා කමණ්ඩලුං දක්ඛිණෙන හත්ථෙන ගහෙත්වා භගවන්තං උපසඞ්කමිත්වා “භො, පබ්බජිත, ත්වඤ්ච සුවණ්ණවණ්ණො අයඤ්ච දාරිකා, අනුච්ඡවිකා එසා තව, ඉමාහං භොතො භරියං පොසාවනත්ථාය දම්මී”ති වත්වා භගවතො සන්තිකං ගන්ත්වා දාතුකාමො අට්ඨාසි. භගවා බ්රාහ්මණං අනාලපිත්වා අඤ්ඤෙන සද්ධිං සල්ලපමානො විය “දිස්වාන තණ්හ”න්ති ඉමං ගාථං අභාසි.
භාග්‍යවතුන් වහන්සේ වළඳා ඒ වන ලැහැබට පැමිණෙද්දී ඔවුන්ගේ කතාබහ අඩාල විය. බැමිණිය, උතුම් ලකුණින් යුතු, බඹයක් පමණ රැස් වලල්ලකින් වටකරන ලද භාග්‍යවතුන් වහන්සේගේ රුව දැක, ‘බමුණ, ඔබ දුටුවේ මොහුදැ’යි ඇසුවාය. ‘සොඳුරිය, එසේය’ ‘එසේනම්, බලාපොරොත්තුව පැමිණි කරුණ ඉටු නොවන්නේය. මෙබඳු තැනැත්තන් කම්සුව වැළඳීම නම් සිදුවිය නොහැකි දෙයකැ’යි බැමිණිය කීවාය. ඔවුන් මෙසේ කතාබහ කරද්දීම භාග්‍යවතුන් වහන්සේ තණ ඇතිරියෙහි හිඳගත්හ. එවිට බමුණා, දියණිය වම් අතින් අල්ලාගෙන, දකුණතින් පැන් කෙණ්ඩිය ගෙන, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, ‘පින්වත් පැවිද්දාණනි, ඔබ ද රන්පහැ ඇත්තෙහිය. මේ දැරියත් රන්පහැ ඇත්තීය. මැය සුදුසු ඔබටය. මම මේ දැරිය පිංවත් ඔබට බිරියකොට ඇතිදැඩි කරගැනීමට දෙමි. අතපැන් වත්කිරීමෙන් දැරිය පිළිගත මැනවැ’යි කියා ඇය පාවාදෙනු කැමතිව සූදානම් විය. භාග්‍යවතුන් වහන්සේ බමුණා හා කතා නොකරමින්, වෙනත් කෙනෙකු සමග කතා කරන්නා සේ, ‘දිස්වාන තණ්හං’ යන මේ ගාථාව කීහ.
තස්සත්ථො – අජපාලනිග්රොධමූලෙ නානාරූපානි නිම්මිනිත්වා අභිකාමමාගතං මාරධීතරං දිස්වාන තණ්හං අරතිං රගඤ්ච ඡන්දමත්තම්පි මෙ මෙථුනස්මිං නාහොසි, කිමෙවිදං ඉමිස්සා දාරිකාය මුත්තකරීසපුණ්ණං රූපං දිස්වා භවිස්සති සබ්බථා පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ, කුතොනෙන සංවසිතුන්ති.
එහි අරුත නම්, අජපාල නුගමුලදී, නොයෙක් රූ මවා, පොළඹවා ගැනීමට ආ මර දූවරුන් දිස්වාන තණ්හං අරතිං රගඤ්ච ඡන්දො ලිංගික හැසිරීමෙහි කිසිදු කැමැත්තක් ඇති නොවීය. මුත්තකරීසපුණ්ණං මේ දැරියගේ (මෙබඳු) රූපය දැක කෙසේනම් (ඇල්මක්) වේද? හැමවිටම පාදාපි නං සම්ඵුසිතූං ඉච්ඡෙ මේ සිරුර පයිනුදු පෑගීමට නො කැමැතියෙමි. එසේනම්, මැය හා එක්ව විසීමක් කොයින්ද?
තතො මාගණ්ඩියො “පබ්බජිතා නාම මානුසකෙ කාමෙ පහාය දිබ්බකාමත්ථාය පබ්බජන්ති, අයඤ්ච දිබ්බෙපි කාමෙ න ඉච්ඡති, ඉදම්පි ඉත්ථිරතනං, කා නු අස්ස දිට්ඨී”ති පුච්ඡිතුං දුතියං ගාථමාහ. තත්ථ එතාදිසං චෙ රතනන්ති දිබ්බිත්ථිරතනං සන්ධාය භණති, නාරින්ති අත්තනො ධීතරං සන්ධාය. දිට්ඨිගතං සීලවතං නු ජීවිතන්ති දිට්ඨිඤ්ච සීලඤ්ච වතඤ්ච ජීවිතඤ්ච. භවූපපත්තිඤ්ච වදෙසි කීදිසන්ති අත්තනො භවූපපත්තිඤ්ච කීදිසං වදසීති.
එවිට මාගන්දිය, ‘මිනිස් කම්සුව හැර, දෙව් කම් සුව ඇමැතිව පැවිදි වූවෝ වෙති. මොහු දෙව් කම්සුවයද නොකැමති වේ, මේ ද කාන්තා රුවනකි. ඇය පිළිබඳව හැඟීම කෙබඳුදැ’යි? විමසීමට දෙවන ගාථාව කීය. එහි එතාදිසඤ්චෙ රතනං දේව කාන්තා රුවනක් ගැන කියයි. නාරිං තමන්ගේ දියණිය ගැනයි. දිට්ඨිගතං සීලවතානුජිවිතං හැඟීමද, සීලයද, වත්පිළිවෙතද, ජීවිතය ගැන ද, භවූප්පතතිඤ්ච වදෙසි කීදිසං තමාගේ සසර උපත කෙබඳුදැ’යි කියනු මැනවි.
ඉතො පරා ද්වෙ ගාථා විසජ්ජනපුච්ඡානයෙන පවත්තත්තා පාකටසම්බන්ධායෙව. තාසු පඨමගාථාය සඞ්ඛෙපත්ථො – තස්ස මය්හං, මාගණ්ඩිය, ද්වාසට්ඨිදිට්ඨිගතධම්මෙසු නිච්ඡිනිත්වා “ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ”න්ති එවං ඉදං වදාමීති සමුග්ගහිතං න හොති නත්ථි න විජ්ජති. කිංකාරණා ? අහඤ්හි පස්සන්තො දිට්ඨීසු ආදීනවං කඤ්චි දිට්ඨිං අග්ගහෙත්වා සච්චානි පවිචිනන්තො අජ්ඣත්තං රාගාදීනං සන්තිභාවෙන අජ්ඣත්තසන්තිසඞ්ඛාතං නිබ්බානමෙව අද්දසන්ති.
මෙයින් පසු දැක්වෙන ගාථා දෙක, පිළිතුරු දීම හා විමසීම අනුව කරුණු දක්වයි. එහි පළමු ගාථාවේ කෙටි අරුත නම්, තස්ස මාගන්දිය, සැටදෙකක් වූ හැඟීම් (මතවාද) ධම්මෙසු, තීරණය කොට ‘මෙයම ඇත්තය, අනික් සියලු කරුණු බොරු’ යැයි මෙසේ ඉදං වදාමීති සමුග්ගහීතං න හොති (අදහසක්) මට නැත. අදාල නොවේ. ඊට හේතු කවරේද? පස්සන්තො දිට්ඨිසු මම කිසිදු දැකීමක් දැඩිසේ නොගෙන, ඇති තතු (ඇති ආකාරයෙන්ම) පවිචිනන්තො, තමා තුළ රාගාදී හැඟීම් තිබෙන බැවින්, අජ්ඣත්ත සන්තී එයින් ඈත් වූ සැනසීම නම් වූ නිවණම දුටුවෙමි.
දුතියගාථාය සඞ්ඛෙපත්ථො – යානිමානි දිට්ඨිගතානි තෙහි තෙහි සත්තෙහි විනිච්ඡිනිත්වා ගහිතත්තා විනිච්ඡයාති ච අත්තනො පච්චයෙහි අභිසඞ්ඛතභාවාදිනා නයෙන පකප්පිතානි චාති වුච්චන්ති. තෙ ත්වං මුනි දිට්ඨිගතධම්මෙ අග්ගහෙත්වා අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං බ්රූසි, ආචික්ඛ මෙ, කථං නු ධීරෙහි පවෙදිතං කථං පකාසිතං ධීරෙහි තං පදන්ති.
දෙවන ගාථාවෙහි කෙටි අරුත නම්, යානි මේ හැඟීම්වලින් ඒ ඒ පුද්ගලයන් තීරණය කොට පිළිගන්නා බැවින්, විනිච්ඡයා තමන් (සිතන) හේතු මත ගොඩනගා ගනු ලබන අදහස්, පකප්පිතානි යැයි ද කියනු ලබයි. [missing trans]
අථස්ස භගවා යථා යෙන උපායෙන තං පදං ධීරෙහි පකාසිතං, තං උපායං සපටිපක්ඛං දස්සෙන්තො “න දිට්ඨියා”ති ගාථමාහ. තත්ථ “න දිට්ඨියා”තිආදීහි දිට්ඨිසුතිඅට්ඨසමාපත්තිඤාණබාහිරසීලබ්බතානි පටික්ඛිපති. “සුද්ධිමාහා”ති එත්ථ වුත්තං ආහ-සද්දං සබ්බත්ථ නකාරෙන සද්ධිං යොජෙත්වා පුරිසබ්යත්තයං කත්වා “දිට්ඨියා සුද්ධිං නාහං කථෙමී”ති එවමත්ථො වෙදිතබ්බො. යථා චෙත්ථ, එවං උත්තරපදෙසුපි. තත්ථ ච අදිට්ඨියා නාහාති දසවත්ථුකං සම්මාදිට්ඨිං විනා න කථෙමි. තථා අස්සුතියාති නවඞ්ගං සවනං විනා. අඤාණාති කම්මස්ස කතසච්චානුලොමිකඤාණං විනා. අසීලතාති පාතිමොක්ඛසංවරං විනා. අබ්බතාති ධුතඞ්ගවතං විනා. නොපි තෙනාති තෙසු එකමෙකෙන දිට්ඨිආදිමත්තෙනාපි නො කථෙමීති එවමත්ථො වෙදිතබ්බො. එතෙ ච නිස්සජ්ජ අනුග්ගහායාති එතෙ ච පුරිමෙ දිට්ඨිආදිභෙදෙ කණ්හපක්ඛියෙ ධම්මෙ සමුග්ඝාතකරණෙන නිස්සජ්ජ, පච්ඡිමෙ අදිට්ඨිආදිභෙදෙ සුක්කපක්ඛියෙ අතම්මයතාපජ්ජනෙන අනුග්ගහාය. සන්තො අනිස්සාය භවං න ජප්පෙති ඉමාය පටිපත්තියා රාගාදිවූපසමෙන සන්තො චක්ඛාදීසු කඤ්චි ධම්මං අනිස්සාය එකම්පි භවං අපිහෙතුං අපත්ථෙතුං සමත්ථො සියා, අයමස්ස අජ්ඣත්තසන්තීති අධිප්පායො.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, නුවණැති උතුමන් විසින් පවසන ලද ඒ වචන, (තවදුරටත්) තහවුරු වන පරිදි ‘න දිට්ඨියා’ යන ගාථාවෙන් පැහැදිළි කළහ. න දිට්ඨියා දැකීම්, ඇසීමෙන්, දැහැන් ආදී බාහිර (වෙනත් සමය) සිල් පිළිවෙත් පිළිකෙව් කරයි. සුද්ධිමාහ මෙහි කීය යන තේරුම ඇති ආහ යන පදය අදාල පරිදි න සමග යොදා (වියරණ පරිදි) උත්තම පුරිස සේ ගෙන, ‘දැකීමෙන් පිරිසිදු වෙතැයි මම නො කියමි. (දිට්ඨියා සුද්ධිං නාහං කථෙමි) මෙසේ අරුත් දතයුතුය. ඉතිරි පද ද මේ අයුරිනි. එහිදී අදිට්ඨියා නාහ කරුණු දහයකින් යුතු යහපත් දැකීම හැර (වෙනත් කරුණක්) නො කියමි. අසුතියා එසේ නව වැදෑරුම් ඇසීම හැර, අඤ්ඤාණ කම්පල අනුව යන ඇති තතු ඒ ආකාරයෙන් දකින නුවණින් හැර, අසිලතා පාමොක් සංවර සීලයෙන් හැර, අබ්බතා ධුතාංග හැර, නොපි තෙන ඒ එක් එක් දැකීම් ආදී පමණින් - නොකියමියි තේරුම් දත යුතුය. එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය පෙර දැකීම් ආදී ලෙසින් වූ අයහපත් කරුණු මුළුමනින් ඉවත් නොකොට, පසුව දැකීම් ආදිය දැඩිව නොගැනීමෙන් (ඒවාට වහල් නොවීමෙන්) යහපත් කරුණු තමා කෙරෙහි ඇති කරගැනීමෙන් උපකාර වනු පිණිස, සත්තො අනිස්සාය භවං න ජප්පෙ මේ පිළිවෙතින් රාගාදි (හැඟීම්-කටයුතු) සමනය කිරීමෙන්, සන්සුන්ව ඇස් ආදී දේ (ඉඳුරන්) ඇසුරුකොට නොගනිමින්, එකදු උපත ලබන තැනක් නො පතන්නේ ය. (ඊට අදාල) හේතු මෙන්ම (ඉවතලීම) නොපැතීමකටද හැකි වන්නේය. මේ කෙලෙස් නැසීමෙන් තමා තුළ ඇතිවන සන්හුන් බව යයි අදහස් වේ.
එවං වුත්තෙ වචනත්ථං අසල්ලක්ඛෙන්තො මාගණ්ඩියො “නො චෙ කිරා”ති ගාථමාහ. තත්ථ දිට්ඨාදීනි වුත්තනයානෙව. කණ්හපක්ඛියානියෙව පන සන්ධාය උභයත්රාපි ආහ. ආහ-සද්දං පන නොචෙකිර-සද්දෙන යොජෙත්වා “නො චෙ කිරාහ නො චෙ කිර කථෙසී”ති එවං අත්ථො දට්ඨබ්බො. මොමුහන්ති අතිමූළ්හං, මොහනං වා. පච්චෙන්තීති ජානන්ති.
මෙසේ වදාළ කල, මාගන්දිය එහි වචනවල තේරුම් නොසළකමින් නො චෙ කිර යන ගාථාව කීවේය. එහි දැකීම් ආදිය කී පරිදිමද, අයහපත් කරුණු ආදියද යයි දෙකොටසම ගැන කීය. ආහ යන වචනය නො චෙ කිර යන වචන සමග යොදා ‘නොකීවේ නම්’, ‘නොකීවෙහි නම්’ යැයි මෙසේ අරුත් දත යුතුය. මොමූහං මෝහයෙන් බොහෝ සේ මුළාවී, පච්චෙන්තී දනිති.
අථස්ස භගවා තං දිට්ඨිං නිස්සාය පුච්ඡං පටික්ඛිපන්තො “දිට්ඨිඤ්ච නිස්සායා”ති ගාථමාහ. තස්සත්ථො – ත්වං, මාගණ්ඩිය, දිට්ඨිං නිස්සාය පුනප්පුනං පුච්ඡමානො යානි තෙ දිට්ඨිගතානි සමුග්ගහිතානි, තෙස්වෙව සමුග්ගහීතෙසු එවං පමොහං ආගතො, ඉතො ච මයා වුත්තඅජ්ඣත්තසන්තිතො පටිපත්තිතො ධම්මදෙසනතො වා අණුම්පි යුත්තසඤ්ඤං න පස්සසි, තෙන කාරණෙන ත්වං ඉමං ධම්මං මොමුහතො පස්සසීති.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දැකීම නිසා ඇසූ දෙය පිළි නොගනිමින් ‘දිට්ඨිඤ්ච නිස්සාය’.......යන ගාථාව වදාළහ. එහි තේරුම නම්, මාගන්දිය, ඔබ දැඩිව ගන්නා ලද දැකීම් නිසා නැවත නැවත පුච්ඡමානො විචාරමින් ඒ ඒ දැකීම් - හැඟීම් දැඩිසේ ගෙන, ඒවායෙහිම වෙළී සමුග්ගහිතෙසු දැඩිසේ මුළාවට පත්වූයෙහි. ඉතො ච මා විසින් කියන ලද තමා තුළ සන්සුන් බව ඇතිකරන පිළිවෙතින් දහම් දෙසීමෙන්, අණුම්පි සඤ්ඤං (මඳක් හෝ දැනගත් බවක්) නොදුටුවෙහි. ඒ කරුණින් ඔබ මේ දහම මොමූහතො අති මූඪ සේ දක්නෙහිය.
එවං සමුග්ගහිතෙසු පමොහෙන මාගණ්ඩියස්ස විවාදාපත්තිං දස්සෙත්වා ඉදානි තෙසු අඤ්ඤෙසු ච ධම්මෙසු විගතප්පමොහස්ස අත්තනො නිබ්බිවාදතං දස්සෙන්තො “සමො විසෙසී”ති ගාථමාහ. තස්සත්ථො – යො එවං තිවිධමානෙන වා දිට්ඨියා වා මඤ්ඤති, සො තෙන මානෙන තාය දිට්ඨියා තෙන වා පුග්ගලෙන විවදෙය්ය. යො පන අම්හාදිසො ඉමාසු තීසු විධාසු අවිකම්පමානො, සමො විසෙසීති න තස්ස හොති, න ච හීනොති පාඨසෙසො.
මෙසේ දැඩිව ගත් හැඟීම්වලින් මුළාවූ මාගන්දියට විවාදයෙහි වරද දක්වා, මීළඟට, ඒ අනෙක් කරුණු අතර මෝහය ඉවත් නොවන තැනැත්තා වෙනස්වන අයුරු ‘සමො විසෙසී’ යන ගාථාවෙන් වදාළහ. එහි අරුත නම් යො මෙසේ තුන්ආකාර වූ මානයෙන් හෝ දැකීම්වලින් හෝ මඤ්ඤති, මාන කෙරේ නම් ඔහු තෙන ඒ මානයෙන්, ඒ දැකීමෙන් - හැඟීමෙන් ඒ පුද්ගලයෙකු සමග විවාද කරන්නේය. මේ මානවලින් වෙන්වුණු අප වැනි වූ තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති ත්‍රිවිධ මානයෙන් නොසැලේ නම් ඔහුට මානය නොවේ. ‘න ච හීනො’ - ලාමක නොවූයේ ද යනුවෙන් ඉතිරි පාඨයක් ද වේ.
කිඤ්ච භිය්යො – සච්චන්ති සොති ගාථා. තස්සත්ථො – සො එවරූපො පහීනමානදිට්ඨිකො මාදිසො බාහිතපාපත්තාදිනා නයෙන බ්රාහ්මණො “ඉදමෙව සච්ච”න්ති කිං වදෙය්ය කිං වත්ථුං භණෙය්ය, කෙන වා කාරණෙන භණෙය්ය, “මය්හං සච්චං, තුය්හං මුසා”ති වා කෙන මානෙන දිට්ඨියා පුග්ගලෙන වා විවදෙය්ය? යස්මිං මාදිසෙ ඛීණාසවෙ “සදිසොහමස්මී”ති පවත්තියා සමං වා, ඉතරද්වයභාවෙන පවත්තියා විසමං වා මඤ්ඤිතං නත්ථි, සො සමානාදීසු කෙන වාදං පටිසංයුජෙය්ය පටිප්ඵරෙය්යාති. නනු එකංසෙනෙව එවරූපො පුග්ගලො – ඔකං පහායාති ගාථා?
තවදුරටත් කිවයුතුද? ‘සච්චන්ති සො’ ගාථාවේ අරුත නම් සො මෙබඳු මාන හා දැකීම් නැති කළ, පව් බැහැර කළ මා වැනි, බ්රාහ්මණෙ ඉදමෙව සච්චං කිං වදෙය්ය මගේ (කීම) ඇත්තය, ඔබේ (කීම බොරු යැයි) කුමක් නිසා කියන්නේද? කුමක් හේතු කොට කියන්නේද? මුසාති වා කෙන මානයෙන් දැකීමෙන් හෝ පුද්ගලයෙකු සමග විවදෙය්ය, කෙලෙස් දුරු කළ මා වැනි කෙනෙක් ‘මම (තවත් කෙනෙකු හා සමාන වෙමි’යි සමව පැවතීම හෝ, අනික් තැනැත්තා හා සම නොවන බව හෝ විසමං වා නත්ථි, සමාන තැනැත්තන් කෙරෙහි කෙන වාදං පටිසංයුඤ්ජෙය්ය වාදයෙහි යෙදෙන්නේය. ‘ඔකං පහාය’ ගාථාව නිසැකවම මෙබඳු තැනැත්තකු ගැන නොවේද?
තත්ථ ඔකං පහායාති රූපවත්ථාදිවිඤ්ඤාණස්ස ඔකාසං තත්ර ඡන්දරාගප්පහානෙන ඡඩ්ඩෙත්වා. අනිකෙතසාරීති රූපනිමිත්තනිකෙතාදීනි තණ්හාවසෙන අසරන්තො. ගාමෙ අකුබ්බං මුනි සන්ථවානීති ගාමෙ ගිහිසන්ථවානි අකරොන්තො. කාමෙහි රිත්තොති කාමෙසු ඡන්දරාගාභාවෙන සබ්බකාමෙහි පුථුභූතො. අපුරෙක්ඛරානොති ආයතිං අත්තභාවං අනභිනිබ්බත්තෙන්තො. කථං න විග්ගය්හ ජනෙන කයිරාති ජනෙන සද්ධිං විග්ගාහිකකථං න කථෙය්ය. සො එවරූපො – යෙහි විවිත්තොති ගාථා.
ඔකං පහාය රූප, වත් ආදී දේ හඳුනා ගැනීමට ඇති අවසරයෙන් එහි හටගැනෙන ඡන්දරාගය නැතිකිරීමෙන් ඉවතලා, අනිකෙතසාරී රූප නිමිති නමැති නිවෙස් ආදියට තණ්හාව සිහිපත් කොට නොගනිමින්, ගාමෙ අකුබ්බං මුනිසන්ථවානී ගමෙහිදී ගිහියන් සමග සබඳතා ඇතිකර නොගනිමින්, කාමෙහි රිත්තො කාමයන්හි ඡන්දරාගය නැති කිරීමෙන් සියළුම කාමයන්ගෙන් වෙන්වූයේ, අපුරෙක්ඛරාණො නැවත භවයක උපතක් නොලබමින්, කථං න විග්ගය්හ ජනෙන කයිරා ජනයා සමග කලහ විවාද වඩවන කථා නොකරයි. ‘යෙහි විවිත්තො යන ගාථාවෙන් ඒ තැනැත්තා මෙබඳු යැයි පහදති.
තත්ථ යෙහීති යෙහි දිට්ඨිගතෙහි. විවිත්තො විචරෙය්යාති රිත්තො චරෙය්ය. න තානි උග්ගය්හ වදෙය්ය නාගොති “ආගුං න කරොතී”තිආදිනා (චූළනි· භද්රාවුධමාණවපුච්ඡානිද්දෙස 70; පාරායනානුගීතිගාථානිද්දෙස 102) නයෙන නාගො තානි දිට්ඨිගතානි උග්ගහෙත්වා න වදෙය්ය. ජලම්බුජන්ති ජලසඤ්ඤිතෙ අම්බුම්හි ජාතං කණ්ටකනාළං වාරිජං, පදුමන්ති වුත්තං හොති. යථා ජලෙන පඞ්කෙන ච නූපලිත්තන්ති තං පදුමං යථා ජලෙන ච පඞ්කෙන ච අනුපලිත්තං හොති, එවං මුනි සන්තිවාදො අගිද්ධොති එවං අජ්ඣත්තසන්තිවාදො මුනි ගෙධාභාවෙන අගිද්ධො. කාමෙ ච ලොකෙ ච අනූපලිත්තොති දුවිධෙපි කාමෙ අපායාදිකෙ ච ලොකෙ ද්වීහිපි ලෙපෙහි අනුපලිත්තො හොති.
යෙහි දැඩිව ගත් හැඟීම්-දැකීම් පෙරටුකොට ගත්තවුන්, විවිත්තො විචරෙය්ය නැතිව හැසිරෙයි. න තානි උග්ගය්හ වදෙය්ය නාගො අපරාධයක් නොකරන අදහසින් ‘නාගො’ හැඳින්වෙන තැනැත්තා ඒ දැකීම් මතවාද ඉගෙන නො කියන්නේය. (ඒවා පෙරටුකොට නොගනී.) එලම්බුජං වැගිරෙන සුළු වූ, ජලයෙහි හටගත්, කණ්ටක නළය (හෙවත් රළු දණ්ඩ) වාරිජං පියුම යැයි කියන ලදී. යථා ජලෙන පංකෙන නූපලිත්තං ඒ පියුම ජලය ද මඩ ද නොතැවරෙන්නා සේ, එවං මුනි සන්තිවාදො අගිද්ධො මෙසේ තම සිත් සතන් සන්සුන් බවට පත් මුනිවරයා ඇලීම් රහිතව, කාමෙ ච ලොකෙ ච අනූපලිත්තො දෙආකාර වූ කාමයත්, අපාය ආදී ලෝකයෙහිත් මහා ආදී දෙආකාර ආලේපයෙහි නොඇලුනේ වේ.
කිඤ්ච භිය්යො – න වෙදගූති ගාථා. තත්ථ න වෙදගූ දිට්ඨියායකොති චතුමග්ගවෙදගූ මාදිසො දිට්ඨියායකො න හොති, දිට්ඨියා ගච්ඡන්තො වා, තං සාරතො පච්චෙන්තො වා න හොති. තත්ථ වචනත්ථො – යායතීති යායකො, කරණවචනෙන දිට්ඨියා යාතීති දිට්ඨියායකො. උපයොගත්ථෙ සාමිවචනෙන දිට්ඨියා යාතීතිපි දිට්ඨියායකො. න මුතියා ස මානමෙතීති මුතරූපාදිභෙදාය මුතියාපි සො මානං න එති. න හි තම්මයො සොති තණ්හාදිට්ඨිවසෙන තම්මයො හොති තප්පරායණො, අයං පන න තාදිසො. න කම්මුනා නොපි සුතෙන නෙය්යොති පුඤ්ඤාභිසඞ්ඛාරාදිනා කම්මුනා වා සුතසුද්ධිආදිනා සුතෙන වා සො නෙතබ්බො න හොති. අනූපනීතො ස නිවෙසනෙසූති සො ද්වින්නම්පි උපයානං පහීනත්තා සබ්බෙසු තණ්හාදිට්ඨිනිවෙසනෙසු අනූපනීතො. තස්ස ච එවංවිධස්ස – සඤ්ඤාවිරත්තස්සාති ගාථා.
වැඩිදුරටත් (ඒ ගැන) කිවයුතු ද? ‘න වෙදගූ’ ගාථාවෙන් (තවදුරටත්) පහදා දෙති. න වෙදගු දිට්ඨියා සිවුමග මනාව දත් මා වැන්නෙක් දැඩි හැඟීම් දැකීම් - යානාවක් කරගෙන නැත. (ඒවා පෙරටුකොට කැපී පෙනීමට උත්සාහ නොගනී.) දැකීම පෙරමගට ගෙන හෝ, එහි හරයක් බලාපොරොත්තු වන්නේ ද නොවේ. එහි පද අරුත නම්, යම් වචනයකින් හැඟවෙන දෙය කරන හෝ එය කිරීමට පමුණුවන අදහස අනුව - දැකීමට හෙවත් දිට්ඨි - එයට පැමිණීමෙන්, දිට්ඨියා යනු දුතියා විබත් අදහසින් සත්තමී විභක්තිය යෙදී ඇත. න මුතියා සමානමෙති පහස රූප ආදියෙන්, ලබන්නා වූ පහසින්ද එබඳු මානයට නොපැමිණෙයි. න හි තම්මයො සො තණ්හාවෙන් හා දැඩිව ගත් හැඟීමෙන් (දිට්ඨි) එය තමාගේ ලෙසට, එයම පිහිටකොට ගනී. මුනිවරයා එබඳු තැනැත්තෙක් නොවේ. න කම්මනා නොපි සුතෙන නෙය්යො පින් ආදියෙහි රැස්කිරීම හෝ, යම් දෙයක් කිරීමෙන් හෝ ඇසීමෙන් පිරිසිදු වේ යැයි හෝ මුනිවරයා පොළඹවා ගතයුතු කෙනෙක් නොවේ. අනුපනීතො සො නිවෙසනෙසු මුනිවරයා ආසාවනට හා දැකීම්-හැඟීම්වලට යොමුවීමේ දෙආකාර පැවැත්මෙන් මිදුණු හෙයින්, ඒවායින් මතුවන්නා වූ, බැහැර කළ නොහැකි ලෙසින් රැඳී ඇති සිතිවිලි සියල්ලම ඉවත දමන ලදී. එබඳු කෙලෙසුන් දුරුකරන ලද මුනිවරයාගේ ගතිසොබාවය (තවදුරටත්) ‘සඤ්ඤාවිරත්තස්ස’ යන ගාථාවෙන් දක්වති.
තත්ථ සඤ්ඤාවිරත්තස්සාති නෙක්ඛම්මසඤ්ඤාපුබ්බඞ්ගමාය භාවනාය පහීනකාමාදිසඤ්ඤස්ස. ඉමිනා පදෙන උභතොභාගවිමුත්තො සමථයානිකො අධිප්පෙතො. පඤ්ඤාවිමුත්තස්සාති විපස්සනාපුබ්බඞ්ගමාය භාවනාය සබ්බකිලෙසෙහි විමුත්තස්ස. ඉමිනා සුක්ඛවිපස්සකො අධිප්පෙතො. සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං, තෙ ඝට්ටයන්තා විචරන්ති ලොකෙති යෙ කාමසඤ්ඤාදිකං සඤ්ඤං අග්ගහෙසුං, තෙ විසෙසතො ගහට්ඨා කාමාධිකරණං, යෙ ච දිට්ඨිං අග්ගහෙසුං, තෙ විසෙසතො පබ්බජිතා ධම්මාධිකරණං අඤ්ඤමඤ්ඤං ඝට්ටෙන්තා විචරන්තීති. සෙසමෙත්ථ යං අවුත්තං, තං වුත්තානුසාරෙනෙව වෙදිතබ්බං. දෙසනාපරියොසානෙ බ්රාහ්මණො ච බ්රාහ්මණී ච පබ්බජිත්වා අරහත්තං පාපුණිංසූති.
සඤ්ඤාවිරත්තස්ස (ජීවිතය හා බැඳුණු හැම දෙයකම) අතහැර දැමීමේ අදහස පෙරදැරි කොට ගත් භාවනාවෙන්, කාමාදී හැඟීම් නැතිකළ තැනැත්තාට, මෙසේ කාමාදී හැඟීම් නැතිකළ හා සියළු කෙලෙස් නැතිකළ උතුමන් අතර සමථ භාවනාව මුල්කර ගැනීම අදහස් වේ. පඤ්ඤා විමුත්තස්ස විදසුන් පෙරටුකොට ගත් භාවනාවෙන් සියළු කෙලෙසුන්ගෙන් මිදුණු තැනැත්තාට - මෙහි දැහැන් නොලබා විදසුන්පත් තැනැත්තා අදහස් වේ. සඤ්ඤංච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලොකෙ හැඟීම් දැඩිකොට ගත්තෝ ගිහිගෙවල වසන්නෝය. ඔව්හු ඒ කාමය හේතුකොට - මුල්කොට එකිනෙකා ගැටෙමින් හැසිරෙති. මෙහි ඉතිරි කරුණු ගැන නොකියූ දෙයක් වේ නම්, එය (මේ දක්වා සූත්‍ර විස්තරවලට අනුව) දතයුතුය. දේසනය අවසානයෙහි බමුණාද බැමිණියද පැවිදිව රහත් බවට පැමිණියහ.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය මාගණ්ඩියසුත්තවණ්ණනා නිට්ඨිතා.
මාගන්දිය සූත්‍ර විස්තරය නිමි.