මාගන්‍දිය සුත‍්තං
4. 9.
4. 9.
මාගන්‍දිය සුත‍්තං
මාගන්‍දිය සූත්‍රය
839. දිස‍්වාන තණ‍්හං අරතිං රගඤ‍්චා නාහොසි ඡන්‍දො අපි මෙථුනස‍්මිං, කිමෙවිදං මුත‍්තකරීසපුණ‍්ණං පාදාපි නං සම‍්ඵුසිතුං න ඉච‍්ඡෙ.
839. තෘෂ්ණා යැ, අරති යැ, රගා යැ (යන තුන්මරදූන්) දැක මෙවුන් දම්හි ඡන්‍දයෙකුදු නො වී ය. මලමූයෙන් පුන් මෙ සිරුර දැක කවර හෙයින් ඡන්‍දයෙක් විය හේ ද? ( නො හේ මැයි) ඒ සිරුර පයිනුදු පහස්නට නො කැමතියෙමි.
840. එතාදිසං වෙ රතනං න ඉච‍්ඡසි නාරිං නරින්‍දෙහි බහූහි පත්‍ථිතං, දිට‍්ඨිග‍්ගතං සීලවතානුජීවිතං භවූපපත‍්තිඤ‍්ච වදෙසි කීදිසං.
840. බොහෝ නිරිඳුන් විසිනුදු පතන ලද මෙබඳු ස්ත්‍රී රත්නයක් නො කැමැත්තහු නම්, තොපගේ දෘෂ්ටි ගතයත් ශීලව්‍රතයත් ජීවිතයත් භාවොත්පත්තියත් කෙබඳු දැයි කියව.
841. ඉදං වදාමීති න තස‍්ස හොති (මාගන්‍දියාති භගවා) ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතං පස‍්සඤ‍්ච දිට‍්ඨීසු අනුග‍්ගහාය අජ‍්ඣත‍්තසන‍්තිං පචිනං අදස‍්සං.
841. මාගන්‍දියෙනි, “දෙසැට මිසදිටු දම්හි නිශ්චය කොට ‘මෙ මැ සැබැවයි කියමි’යි දැඩි කොට ගන්නාලද්දෙක් කෙලෙසුන් දිනූ එ මට නො වෙයි. වැළිදු දෙසැට දිටු දහම්හි ආදීනව දක්නෙම් කිසිදු දෘෂ්ටියක් සත්‍ය සේ නො ගෙණ සිවුසස්දම් සොයනුයෙම් ආධ්‍යාත්මශාන්තිය වන නිවන දිටිමි”යි බුදුහු මෙසේ වදාළහ.
842. විනිච‍්ඡයා යානි පකප‍්පිතානි (ඉති මාගන්‍දියො) තෙ වෙ මුනි බ්‍රූසි අනුග‍්ගහාය, අජ‍්ඣත‍්තසන‍්තීති යමෙතමත්‍ථං. කථං නු ධීරෙහි පවෙදිතං තං.
842. විනිශ්චය කොට ගත් යම් ප්‍රකල්පිත දෙසැට දෘෂ්ටීහු වෙත් ද, එ දෘෂ්ටි ධර්‍මයන් සර්‍වඥමුනි වූ තෙපි ඒකාන්තයෙන් නො ගෙණ, තෙල අධ්‍යාත්මශාන්තිය යි යමක් වදාළහු නම් ධීරයන් විසින් එ පරමාර්‍ත්‍ථය කෙසේ ප්‍රකාශ කරන ලදදැ යි (මාගන්‍දිය බ්‍රාහ්මණ මෙසේ ඇසීය.)
843. න දිට‍්ඨියා න සුතියා න ඤාණෙන (මාගන්‍දියාති භගවා) සීලබ‍්බතෙනාපි න සුද‍්ධිමාහ, අදිට‍්ඨියා අස‍්සුතියා අඤාණා අසීලතා අබ‍්බතා නොපි තෙන එතෙ ච නිස‍්සජ‍්ජ අනුග‍්ගහාය සන‍්තො අනිස‍්සාය භවං න ජප‍්පෙ.
843. මම දෘෂ්ටියෙනුදු ශුද්ධිය නො කියමි. ශ්‍රැති යෙනුදු, සමාපත්ති ඥානයෙනුදු, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය නොකියමි. දශවස්තුක සම්‍යග්දෘෂ්ටියෙන් තොර වැ නවාඞ්ගශ්‍රෘතියෙන් තොර වැ කර්‍මස්වකතා සත්‍යානුලෝමිකඥානයෙන් තොර වැ ප්‍රාතිමෝක්‍ෂ සංවරශීලයෙන් තොර වැ ධූතාඞ්ගව්‍රතයෙන් තොර වැ ශුද්ධිය නො කියමි. තෙල සම්‍යග්දෘෂ්ටි ආදිමාත්‍රයෙකිනුදු නො කියමි. තෙල දෘෂ්ටි ආදි ධර්‍මයන් හැරපියා අදෘෂ්ටි ආදි ධර්‍මයන් ග්‍රහණ කොට ශාන්ත පුද්ගල චක්‍ෂුරාදිය නිඃශ්‍රය නො කොට කාමාදි භවය නො පතන්නට සමර්‍ත්‍ථ වන්නේය යි බුදුහු වදාළ සේක.
844. නො චෙ කිර දිට‍්ඨියා න සුතියා න ඤාණෙන (ඉති මාගන්‍දියො) සීලබ‍්බතෙනාපි විසුදධිමාහ අදිට‍්ඨියා අස‍්සුතියා අඤාණා, අසීලතා අබ‍්බතා නොපි තෙන මඤ‍්ඤාමහං මොමුහමෙව ධම‍්මං දිට‍්ඨියා එකෙ පච‍්චෙන‍්ති සුද‍්ධිං.
844. ඉදින් දෘෂ්ටියෙන් ශුද්ධිය නො කියවු නම්, ශ්‍රැතියෙන් සමාපත්ති ඥානයෙන් ශීලව්‍රතයෙන් ද නො කියවු නම් යළි දෘෂ්ටියෙන් වෙන් වැ ශ්‍රැතියෙන් වෙන් වැ ඥානයෙන් වෙන් වැ ශීලයෙන් හා ව්‍රතයෙන් ද වෙන් වැ ශුද්ධිය නො කියවු නම්, එ දෘෂ්ට්‍යාදි මාත්‍රයෙනුදු නො කියවු නම්, මම තොපගේ මෙ දහම අතිශයින් මූඪ වූවක් මැ කොට හඟනෙම්. ඇතැම් කෙනෙක් දෘෂ්ට්‍යාදිමාත්‍රයෙන් ශුද්ධිය කැමැති වෙත් යයි (මාගන්‍දිය කී යැ.)
845. දිට‍්ඨිඤ‍්ච නිස‍්සාය අනුපුච‍්ඡමානො (මාගන්‍දියාති භගවා) සමුග‍්ගහීතෙසු පමොහමාග ඉතො ච නාද‍්දක‍්ඛි අණුම‍්පි සඤ‍්ඤං, තස‍්මා තුවං මොහුහතො දහාසි.
845. “මාගන්‍දියෙනි, දෘෂ්ටිය ම ඇසුරු කොට පුන පුනා විචාරන්නෙහි දැඩි වැ ගන්නාලද දෘෂ්ටීන් කෙරෙහි ප්‍රකර්‍ෂ මෝහයට පැමිණියෙහි, යම්හෙයෙකින් මෙ දහමින් මදවූ සංඥාවකුදු නුදුටු යෙහි ද, එහෙයින් තෝ අති මූඪ සෙයින් දක්නෙහි යයි (භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
846. සමො විහෙසි උද චා නිහීනො යො මඤ‍්ඤති සො විවදෙථ තෙන, තීසු විධාසු අවිකම‍්පමානො සමො විසෙසීති න තස‍්ස හොති.
846. “මම සම වෙමි, විශිෂ්ට වෙමි, නොහොත් හීන වෙමි”යි යමෙක් මාන කෙරේ නම්, හෙතෙම එ මානයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පුද්ගලයා සමග හෝ විවාද කෙරෙයි. යමෙක් එ ත්‍රිවිධමානයෙහි නො සැලේ නම් ‘සම වෙමි, විශිෂ්ට වෙමි,’ යන මානය ඔහට නො වේ.”
847. සච‍්චන‍්ති සො බ්‍රාහ‍්මණො කිං වදෙය්‍ය මුසාති වා සො විවදෙථ කෙන, යස‍්මිං සමං විසමං වාපි නත්‍ථි ස කෙන වාදං පටිසංයුජෙය්‍ය
847. එ රහත් බමුණු ‘මෙ මැ සැබැවයි’ කවර නම් වස්තුවක් හෝ කරුණක් නිසා කියන්නේ ද? තා කියන්නේ මුසවා යයි හෝ හෙතෙම කවරකු හා විවාද කරන්නේ ද? යම් පුඟුලකු කෙරෙහි සමමානය හෝ විෂමමානය හෝ නැද්ද, හෙතෙම කවර මානයෙකින් වාදයෙහි යෙදේ ද?
848. ඔකම‍්පහාය අනිකෙතසාරී ගාමෙ අකුබ‍්බං මුනි සන්‍ථවානි, කාමෙහි රිත‍්තො අපුරෙක‍්ඛරානො කථං න විග‍්ගය‍්හ ජනෙන කයිරා.
848. (රූපනිමිත්තාදි නිකෙතයෙහි නො හැසිරෙන හෙයින්) අනි කෙත සාරි වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම රූපවස්ත්‍වාදි විඥාන ගෝචරය වූ ඕකය හැරපියා ගම්හි ගිහී සන්ත්‍වයන් නො කරමින් කාමයන් කෙරෙන් විරක්ත වූයේ තෘෂ්ණා වශයෙක් වට්ටය පෙරටු නො කරන්නේ ජනයා හා සමග විග්‍රාහික කථාව නො කරන්නේ යි.
849. යෙහි විවිත‍්තො විචරෙය්‍ය ලොකෙ න තානි උග‍්ගය‍්හ වදෙය්‍ය නාගො, ඵලමබුජං කණ‍්ටකං වාරිජං යථා ජලෙන පඞ‍්කෙන ච නූපලිත‍්තං, එවං මුනී සන‍්තිවාදො අගිද‍්ධො කාමෙ ච ලොකෙ ච අනූපලිත‍්තො.
849. ක්‍ෂීණාස්‍රව නාග තෙම යම් දෘෂ්ටිගතාදියෙකින් වෙන් වූයේ ලෝකයෙහි හැසිරේ නම්, (හෙ) එ දෘෂ්ටිගතයන් දැඩි වැ ගෙන නො කියන්නේ ය. ඵල සඞ්ඛ්‍යාත ජලයෙහි උපන් කටු සහිත දඬු ඇති පියුමාදියෙන් හා කලලින් යම් පරිදි නො තැවරේ ද, එ සෙයින් මුනි තෙම ශාන්ති වාද ඇතියේ තෘෂ්ණා රහිත වූයේ කාමයෙහි ද ලෝකයෙහි ද නො ඇලුනේයි.
850. න වෙදගූ දිට‍්ඨියා න මුතියා ස මානමෙති න හි තම‍්මයො සො, න කම‍්මුනා නොපි සුතෙන නෙය්‍යො අනූපනීතො ස නිවෙසනෙසු.
850. ( මා වැනි ) සිවුමග නුවණට පැමිණියෙක් දෘෂ්ටියට නො යන්නේ ය. හෙ (මුත රූපාදි භේද ඇති) මුතියෙනුදු මානයට නො එයි. හෙතෙම තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නො මැ තම්මය ය වෙයි. නො ද කර්‍මයෙන් නො ද ශ්‍රැතයෙන් පැමිණැ විය යුත්තේ වෙයි, හේ හැම තෘෂ්ණාදෘෂ්ටිනිවේශනයන්හි අනුපතීත වේ.
851. සඤ‍්ඤා විරත‍්තස‍්ස න සන‍්ති ගත්‍ථා පඤ‍්ඤා විමුත‍්තස‍්ස න සත‍්ති මොහා, සඤ‍්ඤඤ‍්ච දිට‍්ඨිඤ‍්ච යෙ අග‍්ගහෙසුං, තෙ ඝට‍්ටයන‍්තා විචරන‍්ති ලොකෙති.
851. ප්‍රහීණ කළ කාමාදි සංඥා ඇත්තහුට (අභිධ්‍යාකායාදි) ග්‍රන්‍ථයෝ නො වෙති. විදර්‍ශනා ප්‍රඥාවෙන් කෙලෙසුන් කෙරෙන් මිදුනහුට මෝහයෝ නො වෙති. යම් කෙනෙක් කාමාදි සංඥාවත් දෙසැට මිසදිටුත් දැඩි කොට ගත්හු නම් ඔහු උනුන් ගටමින් ලොවැ හැසිරෙත් යයි.
මාගන්‍දියසුත‍්තං නිට‍්ඨිතං.
මාගන්‍දිය සූත්‍රය නිමි.