10. පුරිභෙද සුත්තවණ්ණනා අට්ඨකථා
10. පුරිභෙද සුත්තවණ්ණනා
10. පුරාභෙද සූත්‍ර වර්ණනාව
කථංදස්සීති පුරාභෙදසුත්තං. කා උප්පත්ති? ඉමස්ස සුත්තස්ස ඉතො පරෙසඤ්ච පඤ්චන්නං කලහවිවාදචූළබ්යූහමහාබ්යූහතුවටකඅත්තදණ්ඩසුත්තානං සම්මාපරිබ්බාජනීයස්ස උප්පත්තියං වුත්තනයෙනෙව සාමඤ්ඤතො උප්පත්ති වුත්තා. විසෙසතො පන යථෙව තස්මිං මහාසමයෙ රාගචරිතදෙවතානං සප්පායවසෙන ධම්මං දෙසෙතුං නිම්මිතබුද්ධෙන අත්තානං පුච්ඡාපෙත්වා සම්මාපරිබ්බාජනීයසුත්තමභාසි, එවං තස්මිංයෙව මහාසමයෙ “කිං නු ඛො පුරා සරීරභෙදා කත්තබ්බ”න්ති උප්පන්නචිත්තානං දෙවතානං චිත්තං ඤත්වා තාසං අනුග්ගහත්ථං අඩ්ඪතෙළසභික්ඛුසතපරිවාරං නිම්මිතබුද්ධං ආකාසෙන ආනෙත්වා තෙන අත්තානං පුච්ඡාපෙත්වා ඉමං සුත්තමභාසි.
කථං දස්සී යනු පුරාභෙද සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණු කුමක්ද? මේ සූත්‍රයට මෙන්ම, ඉදිරියට දැක්වෙන කලහ විවාද - චූලවියූහ - මහාවියූහ - තුවටක - අත්තදණ්ඩ යන සුත්‍ර පහද, සම්මා පරිබ්බාජනීය සූත්‍රයෙහි නිදාන කතාවට සමානය. ඒ මහා රැස්වීමේදී රාගය වැඩි දේවතාවුන්ට ගැලපෙන සේ දහම් දෙසීමට, ඉඳු බලයෙන් පෙන්වන ලද ‘බුදුරුව’ විසින් තමන්වහන්සේ ලවා කරුණු විමසනු ලදුව, සම්මා පරිබ්බාජනීය සූත්‍රය දේසනා කරන ලදී. මෙසේ ඒ හමුවෙහිදීම, ‘සිරුර බිඳීයාමට පෙර කුමක් කළ යුතුද?’ යන දෙවියන්ගේ සිතිවිලි දැන, ඔවුන්ට උපකාර පිණිස, හත්සිය පණහක් මහසඟ පිරිවරා ඉඳු බලෙන් පෙන්වූ බුදුරුවක් අහසින් වඩමවා, එමගින් තමන්වහන්සේ විමසන ලදුව මෙම සූත්‍රය වදාළහ. මෙහි වෙනස එයයි.
තත්ථ පුච්ඡාය තාව සො නිම්මිතො කථංදස්සීති අධිපඤ්ඤං කථංසීලොති අධිසීලං, උපසන්තොති අධිචිත්තං පුච්ඡති. සෙසං පාකටමෙව.
ඒ පෙන්වන ලද බුදුරද, කථං දස්සී තියුණු උසස් නුවණත් කථං සීලො උසස් සීලයත්, උපසන්තො උසස් සිත ගැනත් විමසයි. ඉතිරි කරුණු පැහැදිලිය.
විස්සජ්ජනෙ පන භගවා සරූපෙන අධිපඤ්ඤාදීනි අවිස්සජ්ජෙත්වාව අධිපඤ්ඤාදිප්පභාවෙන යෙසං කිලෙසානං උපසමා “උපසන්තො”ති වුච්චති, නානාදෙවතානං ආසයානුලොමෙන තෙසං උපසමමෙව දීපෙන්තො “වීතතණ්හො”තිආදිකා ගාථායො අභාසි. තත්ථ ආදිතො අට්ඨන්නං ගාථානං “තං බ්රූමි උපසන්තො”ති ඉමාය ගාථාය සම්බන්ධො වෙදිතබ්බො. තතො පරාසං “ස වෙ සන්තොති වුච්චතී”ති ඉමිනා සබ්බපච්ඡිමෙන පදෙන.
භාග්‍යවතුන් වහන්සේ ඒ විසඳීමේදී, සුදුසු පරිදි, උසස් නුවණ ගැන විස්තර නොකොට, උසස් නුවණින් ලබන කෙලෙස් සංසිඳීමෙන් ඇතිවන උසස් සිත ගැන කීමට, නොයෙක් දේවතාවුන්ගේ සිත් අනුව බලා ‘වීතතණ්හො’ ආදී ගාථා දෙසූහ. එහි මුල පටන් ගාථා අටටම ‘තං බ්රෑමි උපසන්තො’- ඒ උසස් සිත වැඩු තැනැත්තා යයි කියමි’ යන ගාථා සම්බන්ධය දතයුතුය. එමෙන්ම හැම පසු පදයකින්ම ඔහු සන්සුන් වූයේය, සාන්ත වූයේ යයි කියනු ලැබේ. (සූත්‍රයේ අවසාන ගාථාවේ පාඨයද) යොදාගැනීමද සුදුසුය.
අනුපදවණ්ණනානයෙන ච – වීතතණ්හො පුරා භෙදාති යො සරීරභෙදා පුබ්බමෙව පහීනතණ්හො. පුබ්බමන්තමනිස්සිතොති අතීතද්ධාදිභෙදං පුබ්බන්තමනිස්සිතො. වෙමජ්ඣෙනුපසඞ්ඛෙය්යොති පච්චුප්පන්නෙපි අද්ධනි “රත්තො”තිආදිනා නයෙන න උපසඞ්ඛාතබ්බො. තස්ස නත්ථි පුරක්ඛතන්ති තස්ස අරහතො ද්වින්නං පුරෙක්ඛාරානං අභාවා අනාගතෙ අද්ධනි පුරක්ඛතම්පි නත්ථි, තං බ්රූමි උපසන්තොති එවමෙත්ථ යොජනා වෙදිතබ්බා. එස නයො සබ්බත්ථ. ඉතො පරං පන යොජනං අදස්සෙත්වා අනුත්තානපදවණ්ණනංයෙව කරිස්සාම.
මෙතෙක් විස්තර නොවූ පද ගැන කීමේදී වීතතණ්හො පුරා හෙදා (සඳහන් වේ.) යම් කෙනෙක් සිරුර බිඳීයාමට පෙරම තණ්හාව නැති කළේද, පුබ්බමන්තමනිස්සිතො අතීතාදී කාලයේම එහි ඇසුර නැතිකරන ලද, වෙමජ්ඣෙ නූපසංඛය්යො වත්මන් කල්හිද ‘රාගී’ ලෙසින් හෝ සලකනු නොලැබිය යුතුය. තස්ස නත්ථි පූරක්ඛතං එබඳු තැනැත්තාට තණ්හා දිට්ඨි දෙකෙහි පෙරටුකොට නොගන්නා බැවින් අනාගතයෙහිද පෙන්වාදීමට දැනුදු (වත්මනෙහිද) කිසිදු දෙයක් නැත. (මතු භවයක උපතකට කරුණු නැත.) ‘ඔහු සැනසුනු කෙනෙකැයි කියමි’ මෙහිදී යොදාගත යුතුය. අදාල හැම තැනකදීම එපරිද්දෙනි. මින්පසුව එම යෙදුම නොදක්වාම විස්තර නොවූ වචන ගැන කියන්නෙමු.
අසන්තාසීති තෙන තෙන අලාභකෙන අසන්තසන්තො. අවිකත්ථීති සීලාදීහි අවිකත්ථනසීලො . අකුක්කුචොති හත්ථකුක්කුචාදිවිරහිතො . මන්තභාණීති මන්තාය පරිග්ගහෙත්වා වාචං භාසිතා. අනුද්ධතොති උද්ධච්චවිරහිතො. ස වෙ වාචායතොති සො වාචාය යතො සංයතො චතුදොසවිරහිතං වාචං භාසිතා හොති.
අසන්තාසි ඒ ඒ දේවල් නොලැබීමෙන් තැති නොගන්නා වූ, අවිකත්ථි සීලාදී ගුණ නොකියන සුළු, අකුක්කුචො අත් ආදී (අඟපසඟින්) කළ දෙයින් කුකුස - පසුතැවිලි නැති, මන්තභාණි සිතාබලා වචන කියන, අනුද්ධතො උඩඟු නැති, සවෙ වාචායතො වචනයෙන් සංවරව සිවුදොස් රහිත වචන කියන ලද්දේ වෙයි.
නිරාසත්තීති නිත්තණ්හො. විවෙකදස්සී ඵස්සෙසූති පච්චුප්පන්නෙසු චක්ඛුසම්ඵස්සාදීසු අත්තාදිභාවවිවෙකං පස්සති. දිට්ඨීසු ච න නීයතීති ද්වාසට්ඨිදිට්ඨීසු කායචි දිට්ඨියා න නීයති.
නිරාසත්ති ආසා නැති, විවෙකදස්සී ඵස්සෙසු වත්මන්හි ඇස ගැටෙන පහස ආදියෙහිදී (අරමුණුවලදී) තමන් ලද විවේකය දකී. දිට්ඨිසු ච න නීයති සැටදෙකක් වූ මිසදිටු දැකීම්වල කිසිදු දැකීමකට නොඑළඹෙයි. දැඩිව නොගනී.
පතිලීනොති රාගාදීනං පහීනත්තා තතො අපගතො. අකුහකොති අවිම්හාපකො තීහි කුහනවත්ථූහි. අපිහාලූති අපිහනසීලො, පත්ථනාතණ්හාය රහිතොති වුත්තං හොති. අමච්ඡරීති පඤ්චමච්ඡෙරවිරහිතො. අප්පගබ්භොති කායපාගබ්භියාදිවිරහිතො. අජෙගුච්ඡොති සම්පන්නසීලාදිතාය අජෙගුච්ඡනීයො අසෙචනකො මනාපො. පෙසුණෙය්යෙ ච නො යුතොති ද්වීහි ආකාරෙහි උපසංහරිතබ්බෙ පිසුණකම්මෙ අයුත්තො.
පතිලීනො රාගාදිය නැතිකළ බැවින් එයින් ඉවත් වූයේ, අකුහතො නැතිගුණ පෙන්වනු ලබන තුන්ආකාර වූ කරුණින් වෙන් වූ, අපිහාලූ බලාපොරොත්තු, පැතුම් ලෙසින් කිසිත් නැති, අමච්ඡරි පස්ආකාර වූ මසුරු බව නැති, අප්පගබ්භො කයෙන් වෙසෙස් නොකටයුතු දේ, අජෙගුච්ඡො සීලයෙන් යුතු බැවින්, පිළිකුල් නොකටයුතු, සේවනය කළයුතු මනාප වූ, පෙසුනෙය්යෙ ච නො යුතො දෙආකාර වූ කේලාම් කීමෙහි නොයෙදුණු,
සාතියෙසු අනස්සාවීති සාතවත්ථූසු කාමගුණෙසු තණ්හාසන්ථවවිරහිතො. සණ්හොති සණ්හෙහි කායකම්මාදීහි සමන්නාගතො. පටිභානවාති පරියත්තිපරිපුච්ඡාධිගමපටිභානෙහි සමන්නාගතො. න සද්ධොති සාමං අධිගතධම්මං න කස්සචි සද්දහති. න විරජ්ජතීති ඛයා රාගස්ස විරත්තත්තා ඉදානි න විරජ්ජති.
සාතිසෙයූ අනස්සාවී පස්කම් ආසා ඇතිකරන දේවල ඇලීම් ඇසුරෙන් වෙන් වූ, සණ්හො කයෙන් කෙරෙන කටයුතු ආදියෙහි රළුනොවූ, පටිභානවා ඉගෙන දරාගත් දෙයෙහි, විමසූ විටකද මනාව වැටහීමෙන්, න සද්ධො කිසිවකුගේ ඇදහීමකින් තොරව තමන්ම අවබෝධ කරයි. න විරජ්ජති රාගය නැතිකළ බැවින් දැන් කිසිවක් නොඇලේ.
ලාභකම්යා න සික්ඛතීති න ලාභපත්ථනාය සුත්තන්තාදීනි සික්ඛති. අවිරුද්ධො ච තණ්හාය, රසෙසු නානුගිජ්ඣතීති විරොධාභාවෙන ච අවිරුද්ධො හුත්වා තණ්හාය මූලරසාදීසු ගෙධං නාපජ්ජති.
ලාභකම්යා න සික්ඛති වාසිය පිණිස සුත්‍රාදිය ඉගෙන නොගනී. අවිරුද්ධො ච තණ්හාය රසෙසු නානුගිජ්ඣති කිසිවකු සමග සතුරු නොවන බැවින් තමාටද සතුරන් නැතිව, තණ්හාවෙන් කිසිදු ආකාර රසයකට ගිජුවීමක් නැත.
උපෙක්ඛකොති ඡළඞ්ගුපෙක්ඛාය සමන්නාගතො. සතොති කායානුපස්සනාදිසතියුත්තො.
උපෙක්ඛතො ඉඳුරන් සය හා අරමුණු එක්වීමේදී මැදිහත් සිතින් යුතුව, සතො කයෙන් කෙරෙන කටයුතු පිළිබඳව සිහියෙන් යුතුව,
නිස්සයනාති තණ්හාදිට්ඨිනිස්සයා. ඤත්වා ධම්මන්ති අනිච්චාදීහි ආකාරෙහි ධම්මං ජානිත්වා. අනිස්සිතොති එවං තෙහි නිස්සයෙහි අනිස්සිතො. තෙන අඤ්ඤත්ර ධම්මඤාණා නත්ථි නිස්සයානං අභාවොති දීපෙති භවාය විභවාය වාති සස්සතාය උච්ඡෙදාය වා.
නිස්සයතා තණ්හා දිට්ඨියෙහි නොවෙළී, ඤත්වා ධම්මං හැම දෙයකටම තිර පැවැත්මක් නැතැයි දැන, අනිස්සිතො මේ ඇසුරු කොට ඇති, වැසී පැතිරි ඇති තණ්හා ආදියෙන් වෙන්ව, එම දහම් නුවණින් හැර, ඒ තණ්හා ආදියෙහි අත්හැරිමක් නම් නොවේ යැයි පෙන්වා දෙයි. භවාය විභවාය වා සදාකාලික පැවැත්මක් හෝ වැනසීම වැනි දැඩිව ගත් දැකීම් නැතිව,
තං බ්රූමි උපසන්තොති තං එවරූපං එකෙකගාථාය වුත්තං උපසන්තොති කථෙමි. අතරී සො විසත්තිකන්ති සො ඉමං විසතාදිභාවෙන විසත්තිකාසඞ්ඛාතං මහාතණ්හං අතරි.
තං බ්රෑමි උපසන්තො මේ පිළිබඳව එක් එක් ගාථාවෙහි කියා ඇති පරිදි ‘සන්හුන් තැනැත්තා’ යයි කියමි. අතාරි සො විසත්තිකං ඒ කෙලෙස් නැසූ තැනැත්තා පැතිරි ඇතැ’යි (ඔඩුදුවා ඇති) කියන ලද මහා තණ්හාව ඉක්මවා ගියේය.
ඉදානි තමෙව උපසන්තං පසංසන්තො ආහ “න තස්ස පුත්තා”ති එවමාදි. තත්ථ පුත්තා අත්රජාදයො චත්තාරො. එත්ථ ච පුත්තපරිග්ගහාදයො පුත්තාදිනාමෙන වුත්තාති වෙදිතබ්බා. තෙ හිස්ස න විජ්ජන්ති, තෙසං වා අභාවෙන පුත්තාදයො න විජ්ජන්තීති.
මීළඟට ඒ වඩනා ලද සිතැති ‘සාන්ත’ වූ තැනැත්තා පසසමින් ‘න තස්ස පුත්තා’ යන ගාථාව වදාළහ. පුත්තා මෙහි තමාට දාව උපන් ආදී ලෙසින් සතරාකාරය. මෙහිදී පුතුන් මෙන්ම, ඒ ඒ අයිති දේවල් ද සැළකෙන බව දතයුතුය. එබඳු දේවල්ද ඒ තැනැත්තාට න විජ්ජති ඒවා නොමැති බැවින් පුතුන් ආදී කිසිවක් නොපෙනේ.
යෙන නං වජ්ජුං පුථුජ්ජනා, අථො සමණබ්රාහ්මණාති යෙන තං රාගාදිනා වජ්ජෙන පුථුජ්ජනා සබ්බෙපි දෙවමනුස්සා ඉතො බහිද්ධා සමණබ්රාහ්මණා ච රත්තො වා දුට්ඨො වාති, වදෙය්යුං. තං තස්ස අපුරක්ඛතන්ති තං රාගාදිවජ්ජං තස්ස අරහතො අපුරක්ඛතං තස්මා වාදෙසු නෙජතීති තං කාරණා නින්දාවචනෙසු න කම්පති.
යෙන නං වජ්ජු පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණං රාගාදී කෙලෙස් වසඟ වූ සියළුම දෙව් මිනිස්සු ද, මේ සස්නෙහි පිටත මහණ බමුණන් ද ‘රාගයෙන් හෝ කෝපයෙන් හෝ සිටිත්’ යැයි කියන්නාහ. තං තස්ස අපුරෙක්ඛතං ඒ රාගාදී වරදක් ඒ රහත් බවට පත් උතුමාට ඉදිරියට ගෙනයාමට නැත. තස්මා වාදෙසු නෙජතී ඒ කාරණයෙන් අපහාස වචනවලදී කම්පා නොවේ.
න උස්සෙසු වදතෙති විසිට්ඨෙසු අත්තානං අන්තොකත්වා “අහං විසිට්ඨො”ති අතිමානවසෙන න වදති. එස නයො ඉතරෙසු ද්වීසු. කප්පං නෙති අකප්පියොති සො එවරූපො දුවිධම්පි කප්පං න එති. කස්මා? යස්මා අකප්පියො, පහීනකප්පොති වුත්තං හොති.
න උස්සෙසු වදති උසස් බවට පත්වූවන් අතර, තමන්ද ඊට ඇතුලත් කොට, මම උසස් වෙමි’යි නොකියයි. ඉතිරි කරුණු දෙකෙහිද මෙපරිදිය. කප්පං නෙති අකප්පියො ඒ රහත් උතුමා මෙබඳු දෙයාකාර වූ කල්පනාවට නොඑයි. කුමක් නිසාද? සංකල්ප නොගන්නා බැවිනි. ඒ තණ්හා දිට්ඨි කල්පනා නැති කරන ලදැයි කියන ලදී.
සකන්ති මය්හන්ති පරිග්ගහිතං. අසතා ච න සොචතීති අවිජ්ජමානාදිනා අසතා ච න සොචති. ධම්මෙසු ච න ගච්ඡතීති සබ්බෙසු ධම්මෙසු ඡන්දාදිවසෙන න ගච්ඡති. ස වෙ සන්තොති වුච්චතීති සො එවරූපො නරුත්තමො “සන්තො”ති වුච්චතීති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි. දෙසනාපරියොසානෙ කොටිසතසහස්සදෙවතානං අරහත්තප්පත්ති අහොසි, සොතාපන්නාදීනං ගණනා නත්ථීති.
සකං ‘මගේ යැයි දැඩිව ගන්නා ලද, අසතා න සොචති අවිජ්ජා මාන ආදිය නැති බැවින් කණගාටු නොවේ. ධම්මෙසු ච න ගච්ඡති කිසිදු දෙයකට කැමැත්තක් ඇතිකර නොගනී. සවෙ සන්තො ති වුච්චති මෙබඳු තැනැත්තා මිනිසුන් අතර උතුම්ය. සාන්ත වේ යැයි අරහත් බව කුළුගන්වමින් දේසනය නිම කළහ. දේසනය අවසානයෙහි කෙළ දහසක් දෙවියෝ අරහත් පල ලදහ. සෝවාන් පලයට පත්වූවන් පමණ කළ නොහැකිය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය පුරාභෙදසුත්තවණ්ණනා නිට්ඨිතා.
පුරාභෙද සූත්‍ර විස්තරය නිමි.
11. කලහවිවාද සුත්තවණ්ණනා
11. කලහවිවාද සූත්‍ර වර්ණනාව
කුතො පහූතා කලහා විවාදාති කලහවිවාදසුත්තං. කා උප්පත්ති? ඉදම්පි තස්මිංයෙව මහාසමයෙ “කුතො නු, ඛො, කලහාදයො අට්ඨ ධම්මා පවත්තන්තී”ති උප්පන්නචිත්තානං එකච්චානං දෙවතානං තෙ ධම්මෙ ආවිකාතුං පුරිමනයෙනෙව නිම්මිතබුද්ධෙන අත්තානං පුච්ඡාපෙත්වා වුත්තං තත්ථ පුච්ඡාවිස්සජ්ජනක්කමෙන ඨිතත්තා සබ්බගාථා පාකටසම්බන්ධායෙව.
කුතො පහූතා කලහා යනු කලහ විවාද සූත්‍රයයි. එයට හේතු වූ කරුණ කුමක්ද? මෙයද ඒ මහා හමුවෙහිදී ‘කලහ ආදියට හේතුවන කරුණු අට කෙසේ පවතීදැ’යි ඇතැම් දේවතාවුන්ට ඇතිවූ අදහස අනුව පෙර පරිදි පෙන්වන ලද බුදුවරයකු විසින් තමන් (වහන්සේ) විමසන ලදුව දේසනා කරන ලද්දකි. විමසීම සහ පිළිතුරු ලෙසින් මෙහි සියළු ගාථා සම්බන්ධ වේ.
අනුත්තානපදවණ්ණනා පනෙතාසං එවං වෙදිතබ්බා – කුතොපහූතා කලහා විවාදාති කලහො ච තස්ස පුබ්බභාගො විවාදො චාති ඉමෙ කුතො ජාතා. පරිදෙවසොකා සහමච්ඡරා චාති පරිදෙවසොකා ච මච්ඡරා ච කුතොපහූතා. මානාතිමානා සහපෙසුණා චාති මානා ච අතිමානා ච පෙසුණා ච කුතොපහූතා. තෙති තෙ සබ්බෙපි අට්ඨ කිලෙසධම්මා. තදිඞ්ඝ බ්රූහීති තං මයා පුච්ඡිතමත්ථං බ්රූහි යාචාමි තං අහන්ති. යාචනත්ථො හි ඉඞ්ඝාති නිපාතො.
එහි පැහැදිළි නොකළ වචන ගැනද මෙසේ දතයුතුය. කුතො පහූතා කලහා විවාදා කලහය ද එයට හේතුවන විවාදය ද යන මේවා හටගත්තේ කොතැනින්ද? පරිදෙවසොකා සහ මච්ඡරා ච හැඩීම්, සෝකවීම්, මසුරු බව කොතැනින් ඇතිවන්නේ ද? මානාතිමානා සහ පෙසුනා ච මානයද, තමාට වඩා අනික් තැනැත්තන් පහත්කොට සිතන අතිමානයද, කේලාම්ද කොතැනින් හටගත්තේ ද? තෙ ඒ කෙලෙස් සහගත කරුණු අට, තදිංඝ බ්‍රෑහි මා විමසන ලද පරිදි තේරුම කියනු මැනවි. මම එය ඉල්ලමි. ඉල්ලීම යන අදහසට ඉංඝ යන නිපාතය යෙදේ.
පියප්පහූතාති පියවත්ථුතො ජාතා. යුත්ති පනෙත්ථ නිද්දෙසෙ (මහානි· 98) වුත්තා එව. මච්ඡෙරයුත්තා කලහා විවාදාති ඉමිනා කලහවිවාදාදීනං න කෙවලං පියවත්ථුමෙව, මච්ඡරියම්පි පච්චයං දස්සෙති. කලහවිවාදසීසෙන චෙත්ථ සබ්බෙපි තෙ ධම්මා වුත්තාති වෙදිතබ්බා. යථා ච එතෙසං මච්ඡරියං, තථා පෙසුණානඤ්ච විවාදං. තෙනාහ – “විවාදජාතෙසු ච පෙසුණානී”ති.
පියා පහූතා පිය-කැමති බැවින් හටගනී. මීට අදාල කරුණු නිද්දෙසයෙහි කියන ලදී. මච්ඡරිය යුත්තා කලහා විවාදා මේ කලහ විවාද ආදියට හුදෙක් කැමති දේ නිසාද, මසුරු බවද පමණක් හේතු නොවේ. කලහ විවාද මූලිකව ඒ සියළුම කරුණු කියන ලදැයි දතයුතුය. මසුරුකම වේද, එසේම කේලම ද විවාදයට හේතු වේ. එහෙයින් විවාද ජාතෙසු ච පෙසුනානි යැයි කීහ.
පියාසු ලොකස්මිං කුතොනිදානා යෙ චාපි ලොභා විචරන්ති ලොකෙති “පියා පහූතා කලහා”ති යෙ එත්ථ වුත්තා. තෙ පියා ලොකස්මිං කුතොනිදානා, න කෙවලඤ්ච පියා, යෙ චාපි ඛත්තියාදයො ලොභා විචරන්ති ලොභහෙතුකා ලොභෙනාභිභූතා විචරන්ති, තෙසං සො ලොභො ච කුතොනිදානොති ද්වෙ අත්ථෙ එකාය පුච්ඡාය පුච්ඡති. ආසා ච නිට්ඨා චාති ආසා ච තස්සා ආසාය සමිද්ධි ච. යෙ සම්පරායාය නරස්ස හොන්තීති යෙ නරස්ස සම්පරායාය හොන්ති, පරායනා හොන්තීති වුත්තං හොති. එකා එවායම්පි පුච්ඡා.
පියාසු ලොකස්මිං කුතො නිදානා යෙ වාපි ලොභා විචරන්ති ලොකෙ පියතාව කැමැත්ත නිසා කලහය හටගනී යැයි කියන ලදී. ලොව ඒ කැමැත්තට හේතු වන්නේ කුමක්ද? කැමැත්තම පමණක් නොවේ. කැත් කුලවත් ආදීහු ලෝභයෙන් හැසිරෙති. ලෝභය නිසාම, ලෝභයෙන් මඬනා ලදුව හැසිරෙති. ඔවුන්ගේ ඒ ලෝභයද කොතැනින් හටගනීද යනුවෙන් තේරුම් දෙකක් එකවර විචාරයි. ආසා ච නිට්ඨා ච ආසාවද එය ඉටුවීමද, යෙ සම්පරායාය නරස්ස හොති පරලොව පිණිස පවතී. පිහිට වෙතියි කියන ලදී. මෙයද එකවරම විමසීමයි.
ඡන්දානිදානානීති කාමච්ඡන්දාදිඡන්දනිදානානි. යෙ චාපි ලොභා විචරන්තීති යෙ චාපි ඛත්තියාදයො ලොභා විචරන්ති තෙසං ලොභොපි ඡන්දනිදානොති ද්වෙපි අත්ථෙ එකතො විස්සජ්ජෙති. ඉතොනිදානාති ඡන්දනිදානා එවාති වුත්තං හොති. “කුතොනිදානා කුතොනිදානා”ති (සු· නි· 273) එතෙසු ච සද්දසිද්ධි සූචිලොමසුත්තෙ වුත්තනයෙනෙව වෙදිතබ්බා.
ඡන්දානිදානානි කාමච්ඡන්දය ආදිය හේතු වේ. යෙ චාපි ලොභා විචරන්ති කැත් කුලවතකු හෝ ලෝභයෙන් හැසිරෙත් ද ඔවුන්ගේ ලෝභයද කැමැත්ත නිසා ඇතිවන බව එකවිටම විසඳයි. ඉතො නිදානා කැමැත්ත හේතුකොටම යැයි කියන ලදී. කුතො නිදානා මේ වචන යෙදෙන අයුරු සුචිලොම සූත්‍රයෙහි කියන ලද පරිදි දතයුතුය.
විනිච්ඡයාති තණ්හාදිට්ඨිවිනිච්ඡයා. යෙ වාපි ධම්මා සමණෙන වුත්තාති යෙ ච අඤ්ඤෙපි කොධාදීහි සම්පයුත්තා, තථාරූපා වා අකුසලා ධම්මා බුද්ධසමණෙන වුත්තා, තෙ කුතොපහූතාති.
විනිච්ඡයා තණ්හා දිට්ඨි මුල්කොට තීරණ ගනී, යෙ චාපි ධම්මා සමණෙන වුත්තා තරහ ආදී එබඳු අනෙක් අයහපත් කරුණු කොතැනින් හටගන්නේදැ’යි බුදුරජාණන් වහන්සේ නම් මහණුන් විසින් පවසන ලදී.
තමූපනිස්සාය පහොති ඡන්දොති තං සුඛදුක්ඛවෙදනං. තදුභයවත්ථුසඞ්ඛාතං සාතාසාතං උපනිස්සාය සංයොගවියොගපත්ථනාවසෙන ඡන්දො පහොති. එත්තාවතා “ඡන්දො නු ලොකස්මිං කුතොනිදානො”ති අයං පඤ්හො විස්සජ්ජිතො හොති. රූපෙසු දිස්වා විභවං භවඤ්චාති රූපෙසු වයඤ්ච උප්පාදඤ්ච දිස්වා. විනිච්ඡයං කුබ්බති ජන්තු ලොකෙති අපායාදිකෙ ලොකෙ අයං ජන්තු භොගාධිගමනත්ථං තණ්හාවිනිච්ඡයං “අත්තා මෙ උප්පන්නො”තිආදිනා නයෙන දිට්ඨිවිනිච්ඡයඤ්ච කුරුතෙ. යුත්ති පනෙත්ථ නිද්දෙසෙ (මහානි· 102) වුත්තා එව. එත්තාවතා “විනිච්ඡයා චාපි කුතොපහූතා”ති අයං පඤ්හො විස්සජ්ජිතො හොති.
තමූපනිස්සාය පහොති ඡන්දො එය සැප වේදනා-දුක් වේදනා ලෙසත්, ඒ දෙකොටසටම අයත් මිහිරි -අමිහිරි බව නිසා එක්වීම, වෙන්වීම, (තබා ගැනීමෙන්-ඉවත් කිරීමෙන්) බලාපොරොත්තු, පැතුම් සේ හටගනී. මෙපමණකින් ලෝකයෙහි ඡන්දය හෙවත් කැමැත්තට හේතුව කුමක්ද? යන මෙම පැනය විසඳන ලදී. රූපෙසු දිස්වා විභවං භවඤ්ච රූපයන්හි නැසීමද, හටගැනීමද දැක, විනිච්ඡයං කුරුතෙ ජන්තු ලොකෙ අපාය ආදී ලෝකයෙහි (සැප රහිත තැන්හී) මේ මිනිසා සැප සම්පත් ලබාගැනීම පිණිස, තණ්හාවෙන් තීරණය කොට, ‘මට අයිති දෙයක් ලැබුණේ යැයි දැකීමද, හැඟීමද මුල්කොට එයින්ද තීරණය කරයි. මීට අදාළ කරුණු නිද්දෙසයෙහි සඳහන් වෙයි. මෙපමණකින් තීරණය කරයි. මෙපමණකින් තීරණය කොතැනින් මතුවන්නේද? යන පැනය විසඳන ලදී.
එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙති එතෙපි කොධාදයො ධම්මා සාතාසාතද්වයෙ සන්තෙ එව පහොන්ති උප්පජ්ජන්ති. උප්පත්ති ච නෙසං නිද්දෙසෙ (මහානි· 103) වුත්තායෙව. එත්තාවතා තතියපඤ්හොපි විස්සජ්ජිතො හොති. ඉදානි යො එවං විස්සජ්ජිතෙසු එතෙසු පඤ්හෙසු කථංකථී භවෙය්ය, තස්ස කථංකථාපහානූපායං දස්සෙන්තො ආහ – “කථංකථී ඤාණපථාය සික්ඛෙ”ති, ඤාණදස්සනඤාණාධිගමනත්ථං තිස්සො සික්ඛා සික්ඛෙය්යාති වුත්තං හොති. කිං කාරණං? ඤත්වා පවුත්තා සමණෙන ධම්මා. බුද්ධසමණෙන හි ඤත්වාව ධම්මා වුත්තා, නත්ථි තස්ස ධම්මෙසු අඤ්ඤාණං. අත්තනො පන ඤාණාභාවෙන තෙ අජානන්තො න ජානෙය්ය, න දෙසනා දොසෙන, තස්මා කථංකථී ඤාණපථාය සික්ඛෙ, ඤත්වා පවුත්තා සමණෙන ධම්මාති.
එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙ මේ ලෝභාදී කරුණු මිහිරි-අමිහිරි යැයි දෙආකාරයෙන්ම ඇතිවිය හැකිය. එසේ ඇතිවන අයුරු නිද්දෙසයෙහි සඳහන් වේ. මෙපමණකින් තුන්වන පැනය විසඳන ලදී. මෙසේ, පැන විසඳීමෙහි සැකයක් වේ නම්, එම සැකය දුරුකර ගැනීමේ මගක් ලෙස කථංකථි ඤාණපථාය සික්ඛෙ යැයි වදාළහ. ඇති සැටියෙන්ම නුවණින් දැකීමට - හේතුවන තියුණු නුවණ ලැබ ගැනීමට (සිවුසස් අවබෝධයෙන්) තුන්ආකාර වූ හික්මීම අනුගමනය කළයුතු බව කියන ලදී. ඊට හේතු කුමක්ද? ඤත්වා පවුත්තා සමණෙන ධම්මා බුදුරජාණන් වහන්සේ විසින් දැනගෙනම කරුණු පහදා දී ඇති බැවිනි. උන්වහන්සේ නොදත්, අවබෝධ නොකළ කිසිවක් නැත. එම දේසනයෙහි (හෙවත් කරුණු පැහැදිලි කිරීමේදී) කිසිදු වරදක් නැත. එහෙයින් සැකය නැතිකර ගැනීමට නුවණ ලබාගැනීමට හේතුවන මගෙහි ඒ සමණ නම් වූ බුදුරදුන් කියන ලද දහම දැන හික්මීමක් ලබව.
සාතං අසාතඤ්ච කුතොනිදානාති එත්ථ සාතං අසාතන්ති සුඛදුක්ඛවෙදනා එව අධිප්පෙතා. න භවන්ති හෙතෙති න භවන්ති එතෙ. විභවං භවඤ්චාපි යමෙතමත්ථං එතං මෙ පබ්රූහි යතොනිදානන්ති සාතාසාතානං විභවං භවඤ්ච එතම්පි යං අත්ථං. ලිඞ්ගබ්යත්තයො එත්ථ කතො. ඉදං පන වුත්තං හොති – සාතාසාතානං විභවො භවො චාති යො එස අත්ථො, එවං මෙ පබ්රූහි යතොනිදානන්ති. එත්ථ ච සාතාසාතානං විභවභවවත්ථුකා විභවභවදිට්ඨියො එව විභවභවාති අත්ථතො වෙදිතබ්බා. තථා හි ඉමස්ස පඤ්හස්ස විස්සජ්ජනපක්ඛෙ “භවදිට්ඨිපි ඵස්සනිදානා, විභවදිට්ඨිපි ඵස්සනිදානා”ති නිද්දෙසෙ (මහානි· 105) වුත්තං. ඉතොනිදානන්ති ඵස්සනිදානං.
සාතං අසාතඤ්ච කුතො නිදානා මෙහි සාත අසාත යනු සැප දුක් විඳීම අදහස් කෙරේ. න භවන්ති හෙතෙ ඒවා ඇති නොවෙත් ද, විභවං භවඤ්චාපි යමෙතමත්ථං, එතං මෙ පබ්‍රෑහි යතො නිදානං සැප දුක් වේදනා ඇති නොවීමද, ඇතිවීමද යනුවෙන් තේරුම දෙන වචනයෙහි ලිඟු වෙනසක් ද මෙහි වෙයි. එය සාතාසාතානං විභවො භවා යැයි (විය යුතු) එහි අරුතත්, ඊට හේතූවත් මට කියනු මැනවි. සැපදුකෙහි හටගැනීම හා හටනොගැනීමත්, ඒ හටගැනීම හා හට නොගැනීම පිළිබඳව ගොඩනගා ගන්නා දැකීමත් මෙහිලා දතයුතුය. එසේම, මේ පැනය විසදීමේදී දුක ඇතිවීම ගැන ගොඩනැගෙන දැකීමටද පහස (සිත හා අරමුණ) හේතු වේ. දුක නැතිවීම ගැන ගොඩනැගෙන දැකීමට ද පහස හේතුවේ යැයි නිද්දෙසයෙහි දක්වන ලදී. ඉතො නිදානා පහස හේතුවන බවයි.
කිස්මිං විභූතෙ න ඵුසන්ති ඵස්සාති කිස්මිං වීතිවත්තෙ චක්ඛුසම්ඵස්සාදයො පඤ්ච ඵස්සා න ඵුසන්ති.
කිස්මිං විභූතෙ න ඵුසන්ති ඵස්සා කුමක් ඉවත් වූ කල ඇසට අරමුණු වන පහස ආදී පස් ආකාර වන පහස නොගැටේද?
නාමඤ්ච රූපඤ්ච පටිච්චාති සම්පයුත්තකනාමං වත්ථාරම්මණරූපඤ්ච පටිච්ච. රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සාති රූපෙ වීතිවත්තෙ පඤ්ච ඵස්සා න ඵුසන්ති.
නාමඤ්ච රූපඤ්ච පටිච්ච අරමුණු හා ගැටෙන රූපයද නිසා යන අරුතින්, මෙය එකතුව යෙදෙන නාමයකි. රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා රූපය ඉවත් කලවිට පස්ආකාර වූ පහස නොගැටේ.
කථං සමෙතස්සාති කථං පටිපන්නස්ස. විභොති රූපන්ති රූප විභවති, න භවෙය්ය වා. සුඛං දුඛඤ්චාති ඉට්ඨානිට්ඨං රූපමෙව පුච්ඡති.
කථං සමෙතස්ස කෙස් පිළිපදිනා කෙනෙකුටද විභොති රූපං රූපය නොවේ හෝ නොවන්නේය හෝ, සුඛං දුක්ඛංවා බලාපොරොත්තු වන, බලාපොරොත්තු නොවන දකින-නොදකින රූපයක් ගැනම අසයි.
න සඤ්ඤසඤ්ඤීති යථා සමෙතස්ස විභොති රූපං, සො පකතිසඤ්ඤාය සඤ්ඤීපි න හොති. න විසඤ්ඤසඤ්ඤීති විසඤ්ඤායපි විරූපාය සඤ්ඤාය සඤ්ඤී න හොති උම්මත්තකො වා ඛිත්තචිත්තො වා. නොපි අසඤ්ඤීති සඤ්ඤාවිරහිතොපි න හොති නිරොධසමාපන්නො වා අසඤ්ඤසත්තො වා. න විභූතසඤ්ඤීති “සබ්බසො රූපසඤ්ඤාන”න්තිආදිනා (ධ ස· 265; විභ· 602) නයෙන සමතික්කන්තසඤ්ඤීපි න හොති අරූපජ්ඣානලාභී. එවං සමෙතස්ස විභොති රූපන්ති එතස්මිං සඤ්ඤසඤ්ඤිතාදිභාවෙ අට්ඨත්වා යදෙතං වුත්තං “සො එවං සමාහිතෙ චිත්තෙ…පෙ… ආකාසානඤ්චායතනසමාපත්තිපටිලාභත්ථාය චිත්තං අභිනීහරතී”ති. එවං සමෙතස්ස අරූපමග්ගසමඞ්ගිනො විභොති රූපං. සඤ්ඤානිදානා හි පපඤ්චසඞ්ඛාති එවං පටිපන්නස්සාපි යා සඤ්ඤා, තන්නිදානා තණ්හාදිට්ඨිපපඤ්චා අප්පහීනා එව හොන්තීති දස්සෙති.
න සඤ්ඤසඤ්ඤීති රූපය කියා දෙයක් නැතැයි සිතා කටයුතු කරන කෙනෙකුට එය තිබේය යන හැඟීම නොවේ. එයින් ඒ තැනැත්තා උමතු වූවෙක් හෝ අවුල් වු සිතක් ඇත්තෙක්ද නොවේ. නො පි අසඤ්ඤී නිරොධ සමවතට පත්වූවෝ හෝ අසඤ්ඤ තලයේ වසන්නෝ හෝ හැඳිනීම් රහිත වූයේද නොවෙති. න විභූතසඤ්ඤී සියල්ලම රූප සඤ්ඤා දී ලෙසින් අරූප දැහැන් ලැබූවන් මෙන් හැඳිනීම් ඉක්මවූයේද නොවේ. එවං සමෙතස්ස විභොති රූපං මෙසේ හැඳිනීම් සහිතව හා හැඳිනීම් නොමැති පරිදි නොසිට .... ඒ (අවබෝධය සඳහා භාවනා වඩන) තැනැත්තා .... ‘මෙසේ සිත එකඟ වූ කල .... ආකාසානඤ්චායතන සමාපත්තිය ලබනු පිණිස සිත යොමු කරයි .... (යනුවෙන් සඳහන් වේ.) මෙසේ සමාපත්තියට පත් වූ විට රූපය ගැන යොමු නොවේ. සඤ්ඤා නිදානා හි පපඤ්චසංඛා මෙසේ පිළිපන් තැනැත්තාට ද හැඳින්වීමක් වීද, ඒ හේතුකොට ඇතිවන තණ්හා-දිට්ඨි ආදී කෙලෙස්ද, නොසිඳී පවත්නා බව දක්වයි.
එත්තාවතග්ගං නු වදන්ති, හෙකෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතාසෙ. උදාහු අඤ්ඤම්පි වදන්ති එත්තොති එත්තාවතා නු ඉධ පණ්ඩිතා සමණබ්රාහ්මණා අග්ගං සුද්ධිං සත්තස්ස වදන්ති, උදාහු අඤ්ඤම්පි එත්තො අරූපසමාපත්තිතො අධිකං වදන්තීති පුච්ඡති. එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙති එකෙ සස්සතවාදා සමණබ්රාහ්මණා පණ්ඩිතමානිනො එත්තාවතාපි අග්ගං සුද්ධිං වදන්ති. තෙසං පනෙකෙ සමයං වදන්තීති තෙසංයෙව එකෙ උච්ඡෙදවාදා සමයං උච්ඡෙදං වදන්ති. අනුපාදිසෙසෙ කුසලා වදානාති අනුපාදිසෙසෙ කුසලවාදා සමානා.
එත්තාවතග්ගං නො වදන්ති එකෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතාසෙ උදාහු අඤ්ඤම්පි වදන්ති එකෙ මෙපමණකින් මෙහි නුවණැති මහණ බමුණෝ උසස්ම පිරිසිදු බව කියන්නෝ නොවෙත්ද? නැතිනම් මේ රූපය සමවතට වඩා උසස් (තවත් දෙයක්) ඇතිබව පවසන්නැ’යි විමසයි. එත්තාවතග්ගම්පි වදන්ති එකෙ මේ අනුව සදාකාලික පැවැත්මක (සස්සත) ගැන අදහන, දැනුම (තමාට) ඇතැයි සිතා සිටින ඇතැම් මහණ බමුණෝ එපමණකින්ම උසස්තම පිරිසිදු බව පවසති. තෙසං පනෙකෙ සමයං වදන්ති ඔවුන් අතර ඇතමෙක් (මෙයින් පසු) විනාස වේ යැයි (උච්ඡෙද) පවසති. අනුපාදිසෙසෙ කුසලා වදනා නිවැරදි යහපත් කීම වන්නේ නැවත හටගැනීමකට හේතු නැතැයි යන්නයි.
එතෙ ච ඤත්වා උපනිස්සිතාති එතෙ ච දිට්ඨිගතිකෙ සස්සතුච්ඡෙදදිට්ඨියො නිස්සිතාති ඤත්වා. ඤත්වා මුනී නිස්සයෙ සො විමංසීති නිස්සයෙ ච ඤත්වා සො වීමංසී පණ්ඩිතො බුද්ධමුනි. ඤත්වා විමුත්තොති දුක්ඛානිච්චාදිතො ධම්මෙ ඤත්වා විමුත්තො. භවාභවාය න සමෙතීති පුනප්පුනං උපපත්තියා න සමාගච්ඡතීති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි. දෙසනාපරියොසානෙ පුරාභෙදසුත්තෙ වුත්තසදිසොයෙවාභිසමයො අහොසීති.
එතෙ ච ඤත්වා උපනිස්සිතා මෙබඳු දැකීමකට වහල් වූවන්, ‘සස්සත-උච්ඡෙද’ හැඟීම තදින් පිළිගන්නා ලද නිසා යයි දැන, ඤත්වා මුනි නිස්සයෙ යො විමංසී කළයුතු දෙය දන්නා ඒ විමසනසුළු වියත් බුද්ධ නම් වූ මුනිවරයා, ඤත්වා විමුත්තො දුකය, තිර පැවැත්මක් නැතැයි දැන (ඒ දුකින්) මිදුනේ, භවාභවාය න සමෙති නැවත නැවත උපතකට නොපැමිණේ යැයි අරහත් බව කුළුගන්වමින් දේසනය නිම කළහ. දේසනය අවසානයෙහි පුරාභෙද සූත්‍රයෙහි ද කියා ඇති පරිදිම දහම් අවබෝධය ලැබූහ.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය කලහවිවාදසුත්තවණ්ණනා නිට්ඨිතා.
කලහවිවාද සුත්‍ර විස්තරය නිමි.
12. චූලවියූහ සුත්තවණ්ණනා
12. චූලවියූහ සූත්‍ර වර්ණනාව
සකංසකංදිට්ඨිපරිබ්බසානාති චූළබ්‍යූහසුත්තං. කා උප්පත්ති? ඉදම්පි තස්මිංයෙව මහාසමයෙ “සබ්බෙපි ඉමෙ දිට්ඨිගතිකා ‘සාධුරූපම්හා’ති භණන්ති, කිං නු ඛො සාධුරූපාව ඉමෙ අත්තනොයෙව දිට්ඨියා පතිට්ඨහන්ති, උදාහු අඤ්ඤම්පි දිට්ඨිං ගණ්හන්තී”ති උප්පන්නචිත්තානං එකච්චානං දෙවතානං තමත්ථං පකාසෙතුං පුරිමනයෙනෙව නිම්මිතබුද්ධෙන අත්තානං පුච්ඡාපෙත්වා වුත්තං.
සකං සකං දිට්ඨි පරිබ්බසානා යනු චූලවියූහ සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? (දෙවියන්ගේ) ඒ මහා හමුවෙහිදී ‘මේ දැකීම් දැඩිව ගත් සියල්ලන්ම, අපගේ රූපය මැනවැ’යි කියන බවත්, මොවුන් (ඇත්තටම) තමන්ගේ රූපය යහපත්ය’ යන දැකීමෙහි පිහිටියේද? නැතහොත් වෙනත් දැකීමක් - හැඟීමක් පිළිගනිත්දැයි ඇතැම් දේවතාවුන්ගේ සිත් අනුව, ඒ කරුණු පහදා දීමට, කලින් මෙන් (ඉඳු බලයෙන්) දක්වන ලද බුදුවරයකු ලවා විමසන පරිද්දෙන් මෙම සූත්‍රය දෙසන ලදී.
තත්ථ ආදිතො ද්වෙපි ගාථා පුච්ඡාගාථායෙව. තාසු සකංසකංදිට්ඨිපරිබ්බසානාති අත්තනො අත්තනො දිට්ඨියා වසමානා. විග්ගය්හ නානා කුසලා වදන්තීති දිට්ඨිබලග්ගාහං ගහෙත්වා, තත්ථ “කුසලාම්හා”ති පටිජානමානා පුථු පුථු වදන්ති එකං න වදන්ති. යො එවං ජානාති ස වෙදි ධම්මං ඉදං පටිකොසමකෙවලී සොති තඤ්ච දිට්ඨිං සන්ධාය යො එවං ජානාති, සො ධම්මං වෙදි. ඉදං පන පටික්කොසන්තො හීනො හොතීති වදන්ති. බාලොති හීනො. අක්කුසලොති අවිද්වා.
එහි මුල් ගාථා දෙකෙහි අසන ලද කරුණු වේ. මේ අතර, සකං සකං දිට්ඨිපරිබ්බසානා තම තමන් දරන දැකීම්-මතවාද අනුව වසමින්, විග්ගය්හ නානා කුසලා වදන්ති ඒ දැකීම් ඉතා දැඩිව-බලවත් ලෙස ගෙන, එය ඉතා හොඳ’ යැයි දක්වමින් නොයෙක් නොයෙක් දේ කියති. එකම අදහසක් නොකියති. යො එවං ජානාති සවෙදි ධම්මං, ඉදං පටික්කො සමකෙවලී සො ඒ දැකීම්-මතවාද උදෙසා ‘මෙසේ දන්නා තැනැත්තා දහම මැනවින් දැනගෙන ඇත. එයට නින්දා පරිභව කරන තැනැත්තා පහත් කෙනෙකැ’යි කියති. බාලො පහත්, ලාමක, අකුසලො නොවියත්,
ඉදානි තිස්සො විස්සජ්ජනගාථා හොන්ති. තා පුරිමඩ්ඪෙන වුත්තමත්ථං පච්ඡිමඩ්ඪෙන පටිබ්යූහිත්වා ඨිතා. තෙන බ්යූහෙන උත්තරසුත්තතො ච අප්පකත්තා ඉදං සුත්තං “චූළබ්යූහ”න්ති නාමං ලභති. තත්ථ පරස්ස චෙ ධම්මන්ති පරස්ස දිට්ඨිං. සබ්බෙව බාලාති එවං සන්තෙ සබ්බෙව ඉමෙ බාලා හොන්තීති අධිප්පායො. කිං කාරණං? සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානාති සන්දිට්ඨියා චෙව න වීවදාතා. සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමාති සකාය දිට්ඨියා න විවදාතා න වොදාතා සංකිලිට්ඨාව සමානා සංසුද්ධපඤ්ඤා ච කුසලා ච මුතිමන්තො ච තෙ හොන්ති චෙ. අථ වා “සන්දිට්ඨියා චෙ පන වීවදාතා” තිපි පාඨො. තස්සත්ථො – සකාය පන දිට්ඨියා වොදාතා සංසුද්ධපඤ්ඤා කුසලා මුතිමන්තො හොන්ති චෙ. න තෙසං කොචීති එවං සන්තෙ තෙසං එකොපි හීනපඤ්ඤො න හොති. කිංකාරණා? දිට්ඨී හි තෙසම්පි තථා සමත්තා, යථා ඉතරෙසන්ති.
මීළඟට පැන විසඳන ගාථා තුනකි. ඒ ගාථාවන්හි මුල් පද දෙකින් සඳහන් කළ අදහස පසුපද දෙකෙන් අරුත ‘විසුරුවා’ හැර ඇත. (මුල් අදහස තවත් ආකාරයකට පැහැදිලි කොට ඇත.) ඒ අනුව සූත්‍රයේ ගාථා පදවලින් කරුණු කෙටිකොට දැක්වෙන සැකැස්ම පරිදි මේ සූත්‍රය ‘චූල වියූහ’ යන නම ලැබුණි. පරස්ස චෙ ධම්මං අනුන්ගේ දැකීම, මතවාද, සබ්බෙව ඉමෙ බාලා කරුණු මෙසේ ඇති කල්හි මේ සියල්ලෝම අනුවණයන් වෙතියි අදහස් වේ. ඊට හේතු කවරේද? සබ්බෙවිමෙ දිට්ඨි පරිබ්බසානා (වන හෙයිනි.) සන්දිට්ඨියා.......මුතිමා තමාගේ දැකීමෙන්, න විවදාතා පිරිසිදුව බබලන්නේ නොවේ. කිලිටි බවට පත්ව, සංසුද්ධ පඤ්ඤා කුසලා මුතීමා පිරිසිදු නුවණැති, පැණවත් වූ මනා සිහියෙන් යුතු වෙති. නැතහොත් සන්දිට්ඨියා චෙ පන යයි ද පාඨයකි. එහි තේරුම නම්, තමාගේ (නිවැරදි) දැකීමෙන්, පිරිසිදු නුවණැති, පැණවත් වූ, මනා සිහියෙන් යුතු වෙති. න තෙසං කොචි කරුණු මෙසේ ඇතිකල එක් අයෙකුවත් නුවණ අඩු කෙනෙකු නොවේ. ඊට හේතු කවරේද? දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා අනෙක් හැම දෙනාත් එසේ වන බැවිනි.
න වාහමෙතන්ති ගාථාය සඞ්ඛෙපත්ථො – යං තෙ මිථු ද්වෙ ද්වෙ ජනා අඤ්ඤමඤ්ඤං “බාලො”ති ආහු, අහං එතං තථියං තච්ඡන්ති නෙව බ්රූමි. කිංකාරණා? යස්මා සබ්බෙ තෙ සකං සකං දිට්ඨිං “ඉදමෙව සච්චං මොඝමඤ්ඤ”න්ති අකංසු. තෙන ච කාරණෙන පරං “බාලො”ති දහන්ති. එත්ථ ච “තථිය”න්ති “කථිව”න්ති ද්වෙපි පාඨා.
‘න වාහ මෙතං’... ගාථාවේ කෙටි අදහස නම්, යං ඔව්හු, මිථු පුද්ගලයෝ දෙදෙනෙක් එකිනෙකා ‘අනුවණ’ යැයි කියති. අහං එතං තථියං ඇත්තක් යැයි නෙව නොකියමි. කුමක් නිසාද? ඒ සියල්ලෝම සකං සකං දිට්ඨි මෙයම සච්චං ‘අනික් සියළුම මත බොරු යැයි අකංසු, ඒ කරුණින් ද අනුවණ-මෝඩ යැයි දහන්ති මෙහිද තථියං යැයිද තථිවං යැයිද වචන දෙකකි.
යමාහූති පුච්ඡාගාථාය යං දිට්ඨිසච්චං තථියන්ති එකෙ ආහු.
‘යමාහූ.........’ යන විමසන ලද ගාථාවෙහි යං (තම) දැකීම ඇත්ත යැයි කෙනෙක් කියති.
එකඤ්හි සච්චන්ති විස්සජ්ජනගාථාය එකං සච්චං නිරොධො මග්ගො වා. යස්මිං පජා නො විවදෙ පජානන්ති යම්හි සච්චෙ පජානන්තො පජා නො විවදෙය්ය. සයං ථුනන්තීති අත්තනා වදන්ති.
‘එකං හි සච්චං’ යනුවෙන් වූ පැන විසඳන ගාථාවෙහි එකං සච්චං (දුක) නැතිකිරිමේ මග හෝ, යස්මිං පජා නො විවදෙ පජානං ඇත්ත දන්නා වූ තැනැත්තා වාද කරන්නේ නැත. සයං ථුනන්ති තමන්ම කියති.
කස්මා නූති පුච්ඡාගාථාය පවාදියාසෙති වාදිනො. උදාහු තෙ තක්කමනුස්සරන්තීති තෙ වාදිනො උදාහු අත්තනො තක්කමත්තං අනුගච්ඡන්ති.
‘කස්මානු’ විමසන ගාථාවයි. පවාදියාසෙ කියනු ලබන්නා, උදාහි තෙ තක්කමනුස්සරන්ති නැතහොත් තමාගේ මතයම අනුව යති.
න හෙවාති විස්සජ්ජනගාථාය අඤ්ඤත්ර සඤ්ඤාය නිච්චානීති ඨපෙත්වා සඤ්ඤාමත්තෙන නිච්චන්ති ගහිතග්ගහණානි. තක්කඤ්ච දිට්ඨීසු පකප්පයිත්වාති අත්තනො මිච්ඡාසඞ්කප්පමත්තං දිට්ඨීසු ජනෙත්වා. යස්මා පන දිට්ඨීසු විතක්කං ජනෙන්තා දිට්ඨියොපි ජනෙන්ති, තස්මා නිද්දෙසෙ වුත්තං “දිට්ඨිගතානි ජනෙන්ති සඤ්ජනෙන්තී”තිආදි (මහානි· 121).
‘න හෙව....’ යනු විසඳන ගාථාවයි. අඤ්ඤත්ර සඤ්ඤාය නිච්චානි හැඟීම් පමණකින් ‘තිර පැවැත්මක් නැතැ’යි සිත්හි දරාගන්නා ලද්දේ, තක්කඤ්ච දිට්ඨිසු පකප්පයිත්වා තමන්ගේ වැරදි කල්පනාවලින් යුතුව දැකීම්-මතවාද ගොඩනගාගෙන, ඒ මතවාදවල විවාදාත්මක කරුණු ගොඩනඟමින් ඒ දැකීම් තරයේ වැළඳ ගනිති. එහෙයින් දැකීමට වහල් වූවන් උපදවති. මනාකොට උපදවති ආදී ලෙසින් නිද්දෙසයෙහි සඳහන් කරන ලදී.
ඉදානි එවං නානාසච්චෙසු අසන්තෙසු තක්කමත්තමනුස්සරන්තානං දිට්ඨිගතිකානං විප්පටිපත්තිං දස්සෙතුං “දිට්ඨෙ සුතෙ”තිආදිකා ගාථායො අභාසි. තත්ථ දිට්ඨෙති දිට්ඨං, දිට්ඨසුද්ධින්ති අධිප්පායො. එස නයො සුතාදීසු. එතෙ ච නිස්සාය විමානදස්සීති එතෙ දිට්ඨිධම්මෙ නිස්සයිත්වා සුද්ධිභාවසඞ්ඛාතං විමානං අසම්මානං පස්සන්තොපි. විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො, බාලො පරො අක්කුසලොති චාහාති එවං විමානදස්සීපි තස්මිං දිට්ඨිවිනිච්ඡයෙ ඨත්වා තුට්ඨිජාතො හාසජාතො හුත්වා “පරො හීනො ච අවිද්වා චා”ති එවං වදතියෙව. එවං සන්තෙ යෙනෙවාති ගාථා. තත්ථ සයමත්තනාති සයමෙව අත්තානං. විමානෙතීති ගරහති. තදෙව පාවාති තදෙව වචනං දිට්ඨිං වදති, තං වා පුග්ගලං.
මීළඟට මෙසේ ඇත්ත සේ ගැනෙන බොහෝ දේ නොමැති වූ විට වාදවිවාද හෙවත් තර්කය පමණක් මුල්කරගන්නා දැකීම් දැඩි සේ දරන පුද්ගලයන්ගේ වැරදි පිළිවෙත ‘දිට්ඨෙ’ ආදී ගාථාවලින් කීහ. දිට්ඨෙ දකින ලද දේ, දන්නා ලද දෙයින් පිරිසිදු වේ යැයි අදහසයි. අසන දේ ආදිය ගැනද මේ ආකාරය. එතෙච නිස්සාය විමාන දස්සී මේ දක්නා ලද දේ ඇසුරුකොට, පිරිසිදු වේයැයි සළකා අනෙක් තැනැත්තන්ට ගරහා දොම්නසට පත්වෙමින්, විනිච්ඡයෙ ඨත්වා -පෙ- අකුසලොතිචාහ මෙසේ සළකාගෙන, එම දැකීම් පිළිබඳ තීරණය කොටගෙන, සතුටට පත්ව, විනෝදයට පත්ව, ‘අනෙක් සියල්ලන්ම පහත්ය, වියත් නොවේ’ යැයි මෙසේ කියයි. මේ පිළිබඳව ‘යෙනෙව.......’ යන ගාථාවෙන් ද (පැහැදිළි වේ.) සයං අත්තනා තමන් තමා ගැනම, විමානෙති ගරහයි, තථෙව පාවා ඒ වචනයම, ඒ දැකීම ගැනම, ඒ පුද්ගලයා ගැනම කියයි.
අතිසාරදිට්ඨියාති ගාථායත්ථො – සො එවං තාය ලක්ඛණාතිසාරිනියා අතිසාරදිට්ඨියා සමත්තො පුණ්ණො උද්ධුමාතො, තෙන ච දිට්ඨිමානෙන මත්තො “පරිපුණ්ණො අහං කෙවලී”ති එවං පරිපුණ්ණමානී සයමෙව අත්තානං මනසා “අහං පණ්ඩිතො”ති අභිසිඤ්චති. කිංකාරණා? දිට්ඨී හි සා තස්ස තථා සමත්තාති.
‘අතිසාර දිට්ඨියා’ යන ගාථාවෙහි අරුත නම්, සො ඒ බොහෝ දැකීම්වලින් (දෙසැටක් දැකීම්) සමත්තො පිරුණේ, ඔදවැඩුනේ, ඒ දැකීමෙන්, මානෙන මත්තො ‘මම නුවණැති බවින් පිරුණු සමත්කම් ඇත්තෙමි’ යැයි, පරිපුණ්ණමානී සයමෙව මෙසේ තම මනසින් ‘මම පණ්ඩිත වෙමි’යි අබිසෙස් ලබයි. කුමක් නිසාද? දිට්ඨි හි සා තස්ස තථා සමත්තා ඔහු විසින් ඒ දෘෂ්ටිය ගන්නා ලද ද එහෙයිනි.
පරස්ස චෙති ගාථාය සම්බන්ධො අත්ථො ච – කිඤ්ච භිය්යො? යො සො විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො “බාලො පරො අක්කුසලො”ති චාහ. තස්ස පරස්ස චෙ හි වචසා සො තෙන වුච්චමානො නිහීනො හොති. තුමො සහා හොති නිහීනපඤ්ඤො, සොපි තෙනෙව සහ නිහීනපඤ්ඤො හොති. සොපි හි නං “බාලො”ති වදති. අථස්ස වචනං අප්පමාණං, සො පන සයමෙව වෙදගූ ච ධීරො ච හොති. එවං සන්තෙ න කොචි බාලො සමණෙසු අත්ථි. සබ්බෙපි හි තෙ අත්තනො ඉච්ඡාය පණ්ඩිතා.
‘පරස්ස වෙ’ යන ගාථා සම්බන්ධය හා අරුත ගැන වැඩිදෙයක් සඳහන් කළ යුතුද? තම තීරණයෙහි සතුටුවන ඒ තැනැත්තා ‘අන් හැමදෙනා මෝඩයන්ය, හැකියාවන් නැත්තවුන් යැ’යි කියයි. ඒ අනෙක් තැනැත්තාට පරස්ස චෙ හි වචසා ඔහු එසේ කියමින්, නිහීනො නිහීන ප්‍රඥා ඇත්තේ වේ. තුමො සහා හොති නිහීන පඤ්ඤො ඔහු ද එයින්, ඒ සමගම නුවණ නැත්තෙක් බවට පත්වෙයි. ඒ තැනැත්තාද ඔහුට ‘මෝඩයෙකැයි’ කියයි. අථ ඔහුගේ (කථාවෙහි) වචන බොහෝය. සයං ඔහුම තමන් වෙදගු ධීරො නම් වෙයි. කරුණු මෙසේ ඇතිකල, න කොචි බාලො සමණෙසු අත්ථි ඒ සියල්ලෝම තමන්ගේ කැමැත්ත අනුව පණ්ඩිතයෝය.
අඤ්ඤං ඉතොති ගාථාය සම්බන්ධො අත්ථො ච – “අථ චෙ සයං වෙදගූ හොති ධීරො, න කොචි බාලො සමණෙසු අත්ථී”ති එවඤ්හි වුත්තෙපි සියා කස්සචි “කස්මා”ති. තත්ථ වුච්චතෙ – යස්මා අඤ්ඤං ඉතො යාභිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලී තෙ, එවම්පි තිත්ථියා පුථුසො වදන්ති, යෙ ඉතො අඤ්ඤං දිට්ඨිං අභිවදන්ති, යෙ අපරද්ධා විරද්ධා සුද්ධිමග්ගං, අකෙවලිනො ච තෙති එවං පුථුතිත්ථියා යස්මා වදන්තීති වුත්තං හොති. කස්මා පනෙවං වදන්තීති චෙ? සන්දිට්ඨිරාගෙන හි තෙ භිරත්තා, යස්මා සකෙන දිට්ඨිරාගෙන අභිරත්තාති වුත්තං හොති.
‘අඤ්ඤං ඉතො’ ගාථා සම්බන්ධය හා අරුත නම් ‘තමන් මහත්, නුවණැති, වේදයෙහි කෙළවරට ගිය කෙනෙකු නම්, සමණයන් අතර, කිසිදු මෝඩ, අනුවණයෙකු නැත. මෙසේ කියන ලද නමුදු, යම්කිසි කෙනෙකුට (මෙලෙස) අදහසක් තිබිය හැකිය. ‘කවර හෙයින්ද’ යම්හෙයකින්, අඤඤං ඉතො යාහි වදන්ති ධම්මං අපරද්ධා සුද්ධිං අකෙවලීනො එවං හි තිථ්යා පුථුසො වදන්ති’ යමෙක් මෙයින් වෙනත් දැකීමක් ගැන කියත්ද, ඒ පිරිසිදු බව වරදවා ගත්තෙකි. (කිසි අයුරකින්) පිරිපුන් වූවෝ නොවෙති’යි, තීර්ථක ආදී වෙනත් සමයවාදීන් ගැන කියන ලදී. කවරහෙයින් මෙසේ කියත්ද? යම් දැකීමක් දැඩිව ගත් ආසාවෙන් ඔවුන් ‘රත්වූ’ බැවිනි. තමන්ගේ දැඩි මතයට (දැකීමට) ආසාවෙන්, තදින් වෙළී ඇති බැවින් යැයි ද කියන ලදී.
එවං අභිරත්තා ච – ඉධෙව සුද්ධින්ති ගාථා. තත්ථ සකායනෙති සකමග්ගෙ දළ්හං වදානාති දළ්හවාදා. එවඤ්ච දළ්හවාදෙසු තෙසු යො කොචි තිත්ථියො සකායනෙ වාපි දළ්හං වදානො කමෙත්ථ බාලොති පරං දහෙය්ය, සඞ්ඛෙපතො තත්ථ සස්සතුච්ඡෙදසඞ්ඛාතෙ විත්ථාරතො වා නත්ථිකඉස්සරකාරණනියතාදිභෙදෙ සකෙ ආයතනෙ “ඉදමෙව සච්ච”න්ති දළ්හං වදානො කං පරං එත්ථ දිට්ඨිගතෙ “බාලො”ති සහ ධම්මෙන පස්සෙය්ය, නනු සබ්බොපි තස්ස මතෙන පණ්ඩිතො එව සුප්පටිපන්නො එව ච. එවං සන්තෙ ච සයමෙව සො මෙධගමාවහෙය්ය පරං වදං බාලමසුද්ධිධම්මං, සොපි පරං “බාලො ච අසුද්ධිධම්මො ච අය”න්ති වදන්තො අත්තනාව කලහං ආවහෙය්ය. කස්මා? යස්මා සබ්බොපි තස්ස මතෙන පණ්ඩිතො එව සුප්පටිපන්නො එව ච.
මෙසේ එබඳු පුද්ගලයන් ගැන ‘ඉධෙව සුද්ධී’ යන ගාථාව (සඳහන් කරයි.) සකායනෙ තමා ගත් මගෙහි, දළ්හං වදානා දැඩිව කියමින්, දැඩි මතධාරිව, ඒ ගැන කියන්නවුන් අතර තීර්ථක ආදී කිසියම් කෙනෙක්, සකායනෙචාපි දළ්හං වදානො කමෙත්ථ බාලොති පරං දහෙය්ය කෙටියෙන් එහි සස්සත - උච්ඡේද ලෙසින් ද සවිස්තරව නත්ථික-ඉස්සර-කාරණ නියතිවාදී ආයතන හා ඒ ඒ මතවාදීන්ද තම තමන්ගේ දැකීම් ‘මෙයම ඇත්ත’ යැයි දැඩිසේ කියමින්, අනෙක් තැනැත්තන් ‘මෝඩ’ යැයි දකින්නේය. ඔහුගේ මතය අනුව, ඒ සියල්ලෝම පණ්ඩිතයෝද? මනාව කරුණු දැන, යහමගට පිළිපන්නෝද? කරුණු මෙසේ වනවිට සයමෙව සො මෙධගං ආවහෙය්ය පරං වදං බාලං අසුද්ධධම්මං ඔහුද අනුන්, ‘මෝඩයන්, වැරදි අදහස් ඇත්තවුන් ලෙස කියමින් කලහයට කැඳවන්නේය. කුමක් හෙයින්ද? ඔහුගේ මතය අනුව, හැම ලෙසකින්ම, පණ්ඩිතයා හා මනාව පිළිවෙත් මගක යන්නා ඔහු බැවිනි.
එවං සබ්බථාපි විනිච්ඡයෙ ඨත්වා සයං පමාය උද්ධංස ලොකස්මිං විවාදමෙති, දිට්ඨියං ඨත්වා සයඤ්ච සත්ථාරාදීනි මිනිත්වා සො භිය්යො විවාදමෙතීති. එවං පන විනිච්ඡයෙසු ආදීනවං ඤත්වා අරියමග්ගෙන හිත්වාන සබ්බානි විනිච්ඡයානි න මෙධගං කුබ්බති ජන්තු ලොකෙති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි. දෙසනාපරියොසානෙ පුරාභෙදසුත්තෙ වුත්තසදිසො එවාභිසමයො අහොසීති.
විනිච්ඡයෙ ඨත්වා සයං පමාය උද්ධං සො ලොකස්මිං විවාදමෙති මෙසේ දැඩි දැකීමෙන් තමන් මුල්කොට ඒ ඒ සමයවාදී නායක මග පෙන්වන්නන්ද සසදා-මැන බලා, ඔහු වැඩියෙන් විවාදයට එයි. තීරණ ගැනීමේ පලය දැන, අරිය මගෙන්, හිත්වාන සබ්බානි විනිච්ඡයානි න මෙධගං කුරුතෙ ජන්තු ලොකෙ යනුවෙන් අරහත් බව කුළුගන්වමින් දේසනය නිමකළහ. දේසනය අවසානයෙහි පුරාභෙද සූත්‍රයෙහි කී පරිදිම පිරිස දහම් අවබෝධ කරගත්තේය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය චූළබ්යූහසුත්තවණ්ණනා නිට්ඨිතා.
චූල වියූහ සුත්‍ර විස්තරය නිමි.