යෙදුමෙන් කියවන්න

කලහවිවාද සුත‍්තං

4. 11.

4. 11.

කලහවිවාද සුත‍්තං

කලහවිවාද සූත්‍රය

පෘච්ඡා:

866. කුතො පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච‍්ඡරා ච, මානාතිමානා සහපෙසුනා ච කුතො පහූතා තෙ තදිඞ‍්ඝ බ්‍රූහි.

866. කලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්හු ද? පරිදේව ශෝකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මානඅභිමානයෝත් පිසිනුබසුත් යන මොහු අටදෙන කොතැනින් ප්‍රභූත වූහු ද? එඅරුත වදාළ මැනව.

විසර්‍ජන:

867. පියා පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච‍්ඡරා ච, මානාතිමානා සහපෙසුනා ච මච‍්ඡරියයුත‍්තා කලහා විවාදා විවාදජාතෙසු ච පෙසුනානි.

867. කලහයෝත් විවාදයෝත් පරිදේව ශෝකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මාන-අතිමානයෝත් පෛශූන්‍යයෝත් (යන මොහු අටදෙනා) ප්‍රියවස්තූහු කෙරෙන් උපන්හ. කලහවිවාදයෝ ද (පරිදේව-ශෝක-මාන අතිමාන පෛශුන්‍ය යෝ ද) මාත්සර්‍ය්‍යය හා යෙදුනාහු වෙත්, විවාද උපදුත් ම පිසුන් බස් උපදනේ ය.

පෘච්ඡා:

868. පියාසු ලොකස‍්මිං කුතොනිදානා යෙ චාපි ලොභා විචරන‍්ති ලොකෙ, ආසා ච නිට‍්ඨා ච කුතොනිදානා යෙ සම‍්පරායාය නරස‍්ස හොන‍්ති.

868. ලෝකයෙහි ප්‍රියවස්තූහු කොයින් උපන්නාහු ද? නොහොත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? ලොව්හි ක්‍ෂත්‍රියාදි යම් කෙනෙක් ලෝභයෙන් හැසිරෙත් නම් එ ලෝභය කුමක් නිදාන කොට ඇත් ද? ආශාවත් එහි සමෘද්ධියත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? මනුෂ්‍යයාට යම් ධර්‍ම කෙනෙක් පරලොව්හි පිහිට පිණිස වෙත් නම්, ඒ ධර්‍මයෝ කොයින් උපන්හු ද?

විසර්‍ජන:

869. ඡන්‍දනිදානානි පියානි ලොකෙ යෙ චාපි ලොභා විචරන‍්ති ලොකෙ, ආසා ච නිට‍්ඨා ච ඉතොනිදානා යෙ සම‍්පරායාය නරස‍්ස හොන‍්ති.

869. ලෝකයෙහි ප්‍රියවස්තූහු කාමච්ඡන්‍දය නිදාන කොට ඇත. යම් ක්‍ෂත්‍රියාදි කෙනෙක් හෝ ලෝභය හේතු කොට ලොව්හි හැසිරෙත් නම් ඔවුන්ගේ ඒ ලෝභයත් කාමච්ඡන්‍දය නිදාන කොට ඇත, ආශාවත් ආශාසමෘද්‍ධියත් මේ කාමච්ඡන්‍දයම නිදාන කොට ඇත. යම් ධර්‍ම කෙනෙක් මිනිසාට පරලොව්හි හිත පිණිස වෙත් නම් උහු ද කාමච්ඡන්‍දය නිදාන කොට ඇති.

පෘච්ඡා:

870. ඡන්‍දො නු ලොකස‍්මිං කුතොනිදානො විනිච‍්ඡයා වාපි කුතොපහූතා, කොධො මොසවජ‍්ජඤ‍්ච කථංකථා ච යෙ වාපි ධම‍්මා සමණෙන වුත‍්තා.

870. ලෝකයෙහි කාමච්ඡන්‍දය කුමක් නිදාන කොට ඇතියේ ද? තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චයයෝ හෝ කොතැනින් උපන්නාහු ද? ක්‍රෝධයත් මෘෂාවාදයත් විචිකිච්ඡාවත් බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් දෙසන ලද යම් අකුශල ධර්‍මයෝ හෝ වෙත් නම් ඔහු කොතැනින් උපන්නාහු ද?

විසර්‍ජන:

871. සාතං අසාතන‍්ති යමාහු ලොකෙ තමුපනිස‍්සාය පහොති ඡන්‍දො, රූපෙසු දිස‍්වා විභවං භවඤ‍්ච විනිච‍්ඡයං කුරුතෙ ජන‍්තු ලොකෙ.

871. ලොව්හි සුව යයි ද දුකැයි ද යමක් කියත් නම් එ සාත-අසාත වේදනා නිසා කාමච්ඡන්‍දය උපදනේ ය. ලෝකයෙහි සත්ත්‍ව තෙමේ භූතොපාදාය රූපයන්හි විනාශයත් උදයත් දැක තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චය කරන්නේ යි.

872. කොධො මොසවජ‍්ජඤ‍්ච කථංකථා ච එතෙපි ධම‍්මා ද‍්වයමෙව සන‍්තෙ, කථංකථී ඤාණපථාය සික‍්ඛෙ ඤත්‍වා පවුත‍්තා සමණෙන ධම‍්මා.

872. ක්‍රෝධය හා මෘෂාවාදය හා විචිකිච්ඡා හා යන මේ ධර්‍මයෝත් සාතාසාතවේදනා දෙක ඇතිවත් ම වෙත්. විචිකිච්ඡායෙන් යුක්ත පුද්ගල තෙමේ ඥානදර්‍ශනඥානාධිගමය සඳහා ත්‍රිවිධශික්‍ෂාහි හික්මෙන්නේ ය. බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් අනිත්‍යාදි විසින් දැන ධර්‍මයෝ දෙසන ලදහ.

පෘච්ඡා:

873. සාතං අසාතඤ‍්ච කුතොනිදානා කිස‍්මිං අසන‍්තෙ න භවන‍්ති හෙතෙ, විභවං භවඤ‍්චාපි යමෙතමත්‍ථං එතං මෙ පබ්‍රූහි යතොනිදානං.

873. සුඛවේදනා දුඃඛවේදනා යන මොහු කුමකින් උපදනාහු ද? කුමක් නැතිවත්ම මොහු නූපදනාහු ද? යළි ඒ සාතාසාතයන්ගේ විනාශය හා උපත යන යම් අර්‍ත්‍ථයෙක් යමෙකින් වේ නම්, ඔවුන්ගේ තෙල කාරණය මට ප්‍රකාශ කළ මැනැව.

විසර්‍ජන:

874. ඵස‍්සනිදානං සාතං අසාතං ඵස‍්සෙ අසන‍්තෙ න භවන‍්ති හෙතෙ, විභවං භවඤ‍්චාපි යමෙතමත්‍ථං එතං තෙ පබ්‍රූමි ඉතොනිදානං.

874. සුඛවේදනා හා දුඃඛවේදනා හා ස්පර්‍ශය නිදාන කොට ඇත. ස්පර්‍ශය නැතිවත් ම තෙල සාතාසාතයෝ නූපදනාහ. සාතාසාතයන්ගේ විනාශය හා උදය හා යන යම් අර්‍ත්‍ථයෙක් මෙ පහස කරුණු කොට උපදනේ නම් තෙල අරුත් තොපට කියමි.

පෘච්ඡා:

875. ඵස‍්සො නු ලොකස‍්මිං කුතොනිදානො පරිග‍්ගහා චාපි කුතොපහූතා, කිස‍්මිං අසන‍්තෙ න මමත‍්තමත්‍ථි කිස‍්මිං විභූතෙ න ඵුසන‍්ති ඵස‍්සා.

875. ලොව්හි ස්පර්‍ශය කුමක් නිදාන කොට ඇත් ද? තෘෂ්ණාදෘෂ්ටි පරිග්‍රයෝත් කොයින් ප්‍රභූත වූ හු ද? කුමක් අවිද්‍යමාන කල්හි මමත්‍වය නැති ද? කුමක් ඉක්මැ යත් ම ස්පර්‍ශයෝ නො පහස්නාහු ද?

විසර්‍ජන:

876. නාමඤ‍්ච රූපඤ‍්ච පටිච‍්ච ඵස‍්සා ඉච‍්ඡානිදානානි පරිග‍්ගහානි, ඉච‍්ඡාය’සන‍්ත්‍යා න මමත‍්ත මත්‍ථි රූපෙ විභූතෙ න ඵුසන‍්ති ඵස‍්සා.

876. සම්ප්‍රයුක්ත නාමය හා වස්ත්‍වාලම්බනරූපය හා නිසා ස්පර්‍ශයෝ උපදනාහ. තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහයෝ ඉච්ඡාව නිදාන කොට ඇත්තාහ. ඉච්ඡාව නැති වත් ම මමත්‍වය නැත රූපය ඉක්මැ යත්ම ස්පර්‍ශයෝ නො පහස්නාහ.

පෘච්ඡා:

877. කථං සමෙතස‍්ස විභොති රූපං සුඛං දුඛං වාපි කථං විභොති, එතං මෙ බ්‍රූහි යථා විභොති තං ජානිස‍්සාම ඉති මෙ මනො අහු.

877. කිසෙයින් පිළිපන්නහුට රූපය නො වේ ද? සුඛදුඃඛ හෝ කෙසේ නොවේ ද? තෙල රූප-සුඛ දුඃඛ යන තුණ යම්සේ නොවේ නම් එ පරිදි මට වදාළ මැනැව. එය දනුම්හ’යි මට සිතෙක් වී.

විසර්‍ජන:

878. න සඤ‍්ඤසඤ‍්ඤී න විසඤ‍්ඤසඤ‍්ඤී නොපි අසඤ‍්ඤී න විභූතසඤ‍්ඤී, එවං සමෙතස‍්ස විභොති රූපං සඤ‍්ඤානිදානා හි පපඤ‍්චසඞ‍්ඛා.

878. හේ ප්‍රකෘතිසංඥායෙන් සංඥා ඇතියේ නො වෙයි. විකෘතසංඥායෙන් විසංඥ ද නො වෙයි. සංඥා විරහිත ද නො වෙයි. ඉක්මැ වූ සංඥා ඇතියේ ද නො වෙයි. මෙසෙයින් පිළිපන්නහුට රූපය නො වෙයි. තෘෂ්ණාදි ප්‍රපඤ්ච සංඥා නිදාන කොට ඇති හෙයිනි.

පෘච්ඡා:

879. යං තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයි නො අඤ‍්ඤං තං පුච‍්ඡාම තදිඞ‍්ඝ බ්‍රූහි, එත‍්තාවතග‍්ගං නු වදන‍්ති හෙකෙ යක‍්ඛස‍්ස සුද‍්ධිං ඉධ පණ‍්ඩිතා සෙ උදාහු අඤ‍්ඤම‍්පි වදන‍්ති එත‍්තො.

879. අපි යමක් විචාළමෝ නම් එය අපට දෙසූහ. ඔබ ගෙන් අනෙක් කරුණකුදු විචාරම්හ. එ ද ඒකාන්තයෙන් වදාළ මැනැව. මෙ ලොව්හි පණ්ඩිතමානී ඇතැම් මහණබමුණු කෙනෙක් මෙ අරූපසමාපත්තිමාත්‍රයෙන් මැ සත්‍වයාගේ අග්‍ර ශුද්ධියක් කියත් දැ? යි.

විසර්‍ජන:

880. එත‍්තාවතග‍්ගම‍්පි වදන‍්ති හෙකෙ යක‍්ඛස‍්ස සුද‍්ධිං ඉධ පණ‍්ඩිතා සෙ, තෙසං පනෙකෙ සමයං වදන‍්ති අනුපාදිසෙසෙ කුසලා වදානා.

880. මෙ ලෝකයෙහි පණ්ඩිතමානී ඇතැම් මහණ බමුණු කෙනෙක් මෙ අරූපසමාපත්ති මාත්‍රයෙනුදු සත්‍වයාගේ අග්‍ර වූ ශුද්ධිය කියත් මැ යි ඔවුනතුරෙන් ඇතැමෙක් අනුපාදිශේෂයෙහි පණ්ඩිතවාද ඇත්තාහු උච්ඡේද ශුද්ධිය කියත්.

881. එතෙ ච ඤත්‍වා උපනිස‍්සිතාති ඤත්‍වා මුනී නිස‍්සයෙ සො විමංසී, ඤත්‍වා විමුත‍්තො න විවාදමෙති භවාභවාය න සමෙති ධීරොති.

881. තවද තෙල දෘෂ්ටිගතිකයන් ශාශ්වතෝච්ඡේදදෘෂ්ටි ඇසුරුකළාහු’යි දැන පණ්ඩිත බුද්ධමුනි තෙම තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රයන් දැන දුඃඛ අනිත්‍යාදි විසින් ධර්‍මයත් දැන අනුපාදාවිමෝක්‍ෂයෙන් මිදුනේ විරුද්ධවාදයට නො එළඹෙයි, එ ධීර තෙම පුන පුනා භවයට නො පැමිණේ යි.

කලහවිවාදසුත‍්තං නිට‍්ඨිතං.

කලහවිවාද සූත්‍රය නිමි.