චූලවියූහ සුත‍්තං
4. 12.
4. 12.
චූලවියූහ සුත‍්තං
චූලවියූහ සූත්‍රය
882. සකං සකං දිට‍්ඨිපරිබ‍්බසානා විග‍්ගය‍්හ නානා කුසලා වදන‍්ති, යො එවං ජානාති ස වෙදි ධම‍්මං ඉදං පටික‍්කොස’මකෙවලී සො.
882. තම තමාගේ දෘෂ්ටියෙහි වසන්නාහු (එ දෘෂ්ටි) දැඩිව ගෙණ (ඇපි ම එහි) දක්‍ෂයම්හ’යි වෙන වෙන මැ කියති. “(යමෙක්) මෙසේ දනී නම් හේ දැනගත්තේ ය. යමෙක් මෙය ගරහනුයේ නම්, හේ හීනයෙකැ”යි ද කියත්.
883. එවම‍්පි විග‍්ගය‍්හ විවාදියන‍්ති බාලො පරො අක‍්කුසලොති චාහු සච‍්චො නු වාදො කතමො ඉමෙසං සබ‍්බෙව හිමෙ කුසලාවදානා.
883. මෙසේත් (ස්වලබ්ධිය) දැඩිව ගෙණ විවාද කෙරෙති. මෙරමා බාල යයි ද අදක්‍ෂ යයි ද කියති. මෙ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වේ ද? මෙ හැම මහණබමුණෝ පණ්ඩිතවාද ඇත්තාහු ද?
884. පරස‍්ස චෙ ධම‍්මමනානුජානං බාලො මගො හොති නිහීනපඤ‍්ඤො, සබ‍්බෙව බාලා සුනිහීනපඤ‍්ඤා සබ‍්බෙවිමෙ දිට‍්ඨිපරිබ‍්බසානා.
884. ඉදින් අන්‍යදෘෂ්ටිකයාගේ ධර්‍මය නො අනුදන්නේ බැලයෙක් මෘග (සදෘශ) යෙක් ලාමකප්‍රඥාඇතියෙක් වේ නම්, (එකල්හි) හැම දෘෂ්ටිගතික වූ මෙ මහණබමුණෝ බාල වෙති. අතිශයින් නිහීනප්‍රඥා ඇතියාහු වෙති. (යම්හෙයකින්) මේ හැම මහණබමුණෝ ස්වකීයදෘෂ්ටියෙහි වෙසෙත් ද එහෙයිනි.
885. සන්‍දිට‍්ඨියා චෙව න වෙවදාතා ස සුද‍්ධපඤ‍්ඤා කුසලා මුතීමා. න තෙසං කොචි පරිහීනපඤ‍්ඤො දිට‍්ඨි හි තෙසම‍්පි තථා සමත‍්තා.
885. ඉදින් ස්වකීයදෘෂ්ටියෙන් පිරිසිදු නො වූවාහු සංශුද්ධප්‍රඥා ඇත්තාහු දක්‍ෂ වූවාහු බුද්ධිමත් වූවාහු වෙත් නම්, එ මහණ බමුණන් අතුරෙහි කිසිවෙක් පිරිහුණු නුවණැතියේ නො වෙයි. යම් හෙයකින් දෘෂ්ටිය ඔවුන් විසින් එසෙයින් සමාදන්වනලද ද එහෙයිනි.
886. න චාහමෙතං තථියන‍්ති බ්‍රූමි යමාහු බාලා මිථු අඤ‍්ඤමඤ‍්ඤං, සකං සකං දිට‍්ඨිමකංසු සච‍්චං තස‍්මා හි බාලොති පරං දහන‍්ති.
886. තෙල දෙසැට මිසදිටු කැල මම සත්‍යයයි ද නො කියම්, යම් හෙයෙකින් කලහකාරී දෙදෙනෙක් ඔවුනොවුන් බාල යයි කියත් ද, ස්වකීය දෘෂ්ටිය සත්‍යය යයි වාදකළාහු ද, එහෙයින් ම වාදකාරක වූ අන්‍යයා බාලයෙකැයි හඟිත්.
887. යමාහු සච‍්චං තථියන‍්ති එකෙ තමාහු අඤ‍්ඤෙ තුච‍්ඡං මුසාති, එවම‍්පි විග‍්ගය‍්හ විවාදියන‍්ති, තස‍්මා න එකං සමණා වදන‍්ති.
887. ඇතැම් මහණබමුණෝ යම් දෘෂ්ටිසත්‍යයක් සැබැවැයි කියත් නම්, එයින් අන්‍ය වූ මහණ බමුණෝ ඒ දෘෂ්ටිසත්‍යය හිස් මුසාවෙකැ යි කියත්, මෙසේ ද ස්වලබ්ධිය දැඩිව ගෙණ විරුද්ධ වාද කෙරෙත්. කවරහෙයින් ශ්‍රමණයෝ එක්සත්‍යයක් නො කියත් ද?
888. එකං හි සච‍්චං න දුතියමත්‍ථි යස‍්මිං පජා නො විවදෙ පජානං, නානා තෙ සච‍්චානි සයං ථුනන‍්ති තස‍්මා න එකං සමණා වදන‍්ති.
888. සත්‍ය (නිරෝධ හෝ මාර්‍ග හෝ) එකෙක් මැ වෙයි. දෙවැනි සත්‍යයෙක් නැත. යම් සත්‍යයක් දන්නා පුද්ගල තෙමේ විවාද නො කෙරේ නම් එයයි. ඒ මිසදිටුගත්තාහු තුමූ මැ නානාසත්‍යයන් කියත්. එකරුණෙන් මහණබමුණෝ එක් සත්‍යයක් නො කියත්.
889. කස‍්මා නු සච‍්චානි වදන‍්ති නානා පවාදියා සෙ කුසලා වදානා, සච‍්චානි සුතානි බහූනි නානා උදාහු තෙ තක‍්කමනුස‍්සරන‍්ති.
889. විරුද්ධවාද ඇති (ස්වලබ්ධියෙහි) ඇපි මැ දක්‍ෂයම්හයි කියන ඔහු කවරහෙයින් නානාසත්‍යවාදයන් කියත් ද? ඔවුන් විසින් නානාවිධ බොහෝ සත්‍යයෝ අසනලද්දාහු ද? නොහොත් ඔහු තර්‍කමාත්‍රය අනුව යෙත් ද?
890. න හෙව සච‍්චානි බහූනි නානා අඤ‍්ඤත්‍ර සඤ‍්ඤාය නිච‍්චානි ලොකෙ, තක‍්කඤ‍්ච දිට‍්ඨීසු පකප‍්පයිත්‍වා සච‍්චං මුසාති ද‍්වයධම‍්මමාහු.
890. ලෝකයෙහි සංඥාමාත්‍රයෙන් නිත්‍ය යයි ගන්නා ලද ග්‍රහණයන් තබා නානාවිධ වූ බොහෝ සත්‍යයෝ නො මැත. දෘෂ්ටීන් කෙරෙහි මිථ්‍යාසංකල්පමාත්‍රය ද උපදවා (මාගේ වචනය) සැබව, (තාගේ වචනය) බොරුය යන යුග්මධර්‍මය කියත්.
891. දිට‍්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස‍්සාය විමානදස‍්සී, විනිච‍්ඡෙයෙ ඨත්‍වා පහස‍්සමානො බාලො පරො අක‍්කුසලොතිචාහ.
891. (රූපාලම්බන සඞ්ඛ්‍යාත) දෘෂ්ටශුද්ධිය ද (ශබ්දාලම්බනසඞ්ඛ්‍යාත) ශ්‍රැතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද (ගන්‍ධරසස්ප්‍ර‍්ෂ්ටව්‍යාලම්බන සඞ්ඛ්‍යාත) මුතශුද්ධිය ද යන මොවුන් නිසා අසම්මානය දක්නේ නොහොත් දොම්නස් උපදවනුයේ දෘෂ්ටි නිශ්චයෙහි සිට පහටුවනුයේ මෙරමා හීන ය යි ද අදක්‍ෂ යයි ද කියයි.
892. යෙනෙව බාලොති පරං දහාති තෙනාතුමානං කුසලොති චාහ, සයමත‍්තනා සො කුසලාවදානො අඤ‍්ඤං විමානෙති තථෙව පාවා.
892. යම්කරුණෙකින් මෙරමා බාලයෙකැයි හඟී නම්, යළි එකරුණෙන් මැ තමා පණ්ඩිත වෙමි යි කියයි, තෙම් මැ තමහට (මම්) පණ්ඩිතයෙමි යි කියන හෙතෙම එය මැ කියනුයේ අනෙකක්හු අවමන් කෙරෙයි.
893. අතිසාරදිට‍්ඨියා සො සමත‍්තො මානෙන මත‍්තො පරිපුණ‍්ණමානී, සයමෙව සාමං මනසාභිසිත‍්තො දිට‍්ඨීහි සා තස‍්ස තථා සමත‍්තා.
893. හෙතෙම අතිසාර (දෙසැට) දෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ දෘෂ්ටි මානයෙන් මත්වූයේ පරිපූර්‍ණයෙමි යන මාන ඇතියේ තමා මැ තෙමේ සිතින් අභිෂේකකරණ ලදුයේ වෙයි. යම් හෙයෙකින් ඔහු විසින් ඒ දෘෂ්ටිය එපරිද්දෙන් ගන්නාලද ද එහෙයිනි.
894. පරස‍්ස චෙ භි වචසා නිහීනො තුමො සහා හොති නිහීනපඤ‍්ඤො, අථ චෙ සයං වෙදගූ හොති ධීරො න කොචි බාලො සමණෙසු අත්‍ථි.
894. ඉදින් යමෙක් අන්‍යයාගේ නින්‍දා වචනයෙන් නිහීනයෙක් වේ නම් තෙමේත් ඔහු සමග නිහීන ප්‍රඥා ඇත්තේ වෙයි. යළි තෙමේ මැ වේදාන්තයට ගියා වූ ධීරයෙක් වේ නම්, ශ්‍රමණයන් කෙරෙහි බාල වූ කිසිවෙක් නැත්තේ ය.
895. අඤ‍්ඤං ඉතො යාභිවදන‍්ති ධම‍්මං අපරද‍්ධා සුදධිමකෙවලි තෙ එවම‍්පි තිථ්‍යා පුථුසො වදන‍්ති සන්‍දිට‍්ඨිරාගෙන හි තෙභිරත‍්තා.
895. යම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දෘෂ්ටිධර්‍මයක් කියත් නම්, අපරිපූර්‍ණ වූ ඔහු ශුද්ධිය වරදවාගත්තාහු ය. මෙසේත් තීර්‍ත්‍ථකයෝ බොහෝ දෘෂ්ටිවශයෙන් කියති. යම්හෙයකින් ස්වකීය දෘෂ්ටි රාගයෙන් ඇලුනාහු ද එහෙයිනි.
896. ඉධෙව සුද‍්ධිං ඉතිවාදියන‍්ති නාඤ‍්ඤෙසු ධම‍්මෙසු විසුද‍්ධිමාහු, එවම‍්පි තිත්‍ථ්‍යා පුථුසො නිවිට‍්ඨා සකායනෙ තත්‍ථ දළ‍්හං වදානා.
896. මෙසේ දෘෂ්ටියෙහි අභිරක්තවූවෝ මෙහි මැ ශුද්ධිය කියති. අන්‍යධර්‍මයන්හි විශුද්ධිය නොකියත්. මෙසේ ද ස්වකීයදෘෂ්ටිමාර්‍ගයෙහි බැසගත් තීර්‍ත්‍ථකයෝ ඒ ස්වලබ්ධියෙහි දෘඪවාද ඇත්තාහු වෙත්.
897. සකායනෙ චාපි දළ‍්හං වදානො කමෙත්‍ථ බාලොති පරං දහෙය්‍ය, සයමෙව සො මෙධගං ආවහෙය්‍ය පරං වදං බාලමසුද‍්ධිධම‍්මං.
897. තවද ස්වකීයදෘෂ්ටිමාර්‍ගයෙහි මැ දැඩිව කියන්නාහු තීර්‍ත්‍ථකතෙම ඒ ස්වකීය මාර්‍ගයෙහි ලා අන්‍ය කවරක්හු බාලය යි දක්වන්නේ ද හෙතෙම අන්‍යයා බාලයක්හු කොට අශුද්ධිධර්‍ම ඇත්තාහු කොට කියනුයේ තෙමේ මැ කලහය එළවන්නේ යි.
898. විනිච‍්ඡයෙ ඨත්‍වා සයං පමාය උද‍්ධං සො ලොකස‍්මිං විවාදමෙති, හිත්‍වාන සබ‍්බානි විනිච‍්ඡයානි න මෙධගං කුරුතෙ ජන‍්තු ලොකෙති.
898. හෙතෙම ලබ්ධිවිනිශ්චයෙහි සිට තෙමේ මැ (ශාස්තෘආදිය) ප්‍රධාන කොට ගෙණ ලෝකයෙහි බොහෝ සෙයින් විවාදයට පැමිණෙයි. ප්‍රාඥසත්‍ව තෙමේ හැම දෘෂ්ටිවිනිශ්චයන් හැරපියා ලෝකයෙහි කලහ නො කරන්නේ යයි.
චූළවියූහසුත‍්තං නිට‍්ඨිතං.
චූලවියූහ සූත්‍රය නිමි.