මහාවියූහ සුත‍්තං
4. 13.
4. 13.
මහාවියූහ සුත‍්තං
මහාවියූහ සූත්‍රය
899. යෙ කෙචි ‘මෙ දිට‍්ඨි පරිබ‍්බසානා ඉදමෙව සච‍්චන‍්ති විවාදයන‍්ති, සබ‍්බෙව තෙ නින්‍දමන්‍වානයන‍්ති අථො පසංසම‍්පි ලභන‍්ති තත්‍ථ.
899. ස්වකීය දෘෂ්ටිය දැඩි වැ ගෙණ වසන කිසි මහණබමුණු කෙනෙක් මේ (අපගේ ලබ්ධිය) මැ සත්‍යය, අන්‍යලබ්ධිය තුච්ඡ යයි ද කියත් නම්, ඔහු සිල්ලෝ මැ (තමන් වෙත) පුන පුනා නින්‍දා එළවත් ද? නොහොත් ඒ දෘෂ්ටි නිමිති කොට ගෙණ ප්‍රශංසාත් ලබත් ද?
900. අප‍්පං හි එතං න අලං සමාය දුවෙ විවාදස‍්ස ඵලානි බ්‍රූමි, එවම‍්පි දිස‍්වා න විවාදයෙථ ඛෙමාභිපස‍්සං අවිවාදභූමිං.
900. තෙල ප්‍රශංසා සඞ්ඛ්‍යාත වාදඵලය අල්ප මැයි රාගාදීන්ගේ ව්‍යපශමය පිණිස අසමර්‍ත්‍ථ වේ. විවාදයාගේ (ජය-පරාජයාදී විසින් ඵල දෙකක් කියමි. විවාදයෙහි තෙල ආදීනවය ද දැක අවිවාදභූමි සඞ්ඛ්‍යාත නිවන ක්‍ෂේම යයි දක්මින් විවාද නො තකන්නේ යි.
901. යා කාචිමා සම‍්මුතියො පුථුජ‍්ජා සබ‍්බා’ව එතා න උපෙති විද‍්වා, අනූපයො සො උපයං කිමෙය්‍ය දිට‍්ඨෙ සුතෙ ඛන‍්තිමකුබ‍්බමානො.
901. පුහුදුනන් කෙරෙන් පහළ වූ යම් කිසි දෘෂ්ටිකෙනෙක් වෙත් නම් විද්වද් තෙමේ තෙල හැම දෘෂ්ටීන්ට නො පැමිණෙයි. තෘෂ්ණා දෘෂ්ටි සඞ්ඛ්‍යාත උපයරහිත වූ හේ දෘෂ්ට ශ්‍රැත මුතශුද්ධියෙහි රුචි නො කරන්නේ රූපාදි උපයකට කිම පැමිණෙන්නේ ද?
902. සීලුත‍්තමා සඤ‍්ඤමෙනාහු සුද‍්ධිං වතං සමාදාය උපට‍්ඨිතා සෙ, ඉධෙ’ව සික‍්ඛෙම අථස‍්ස සුද‍්ධිං භවූපනීතා කුසලා වදානා.
902. ශීලය මැ උත්තම යැයි ගත් ඇතැම් මහණබමුණු කෙනෙක් සංයම මාත්‍රයෙන් ශුද්ධිය කියත්. හස්ති-අශ්වාදී ව්‍රත සමාදන් වැ එළැඹ සිටියාහු ‘මේ දෘෂ්ටියෙහි මැ හික්මෙනුවම්හ. එකල්හි මෙ සත්‍වයාගේ ශුද්ධිය වේ යයි භවයට පැමිණියාහු මැ කියති. (එහෙත් ඔහු) කුසලවාද ඇත්තාහු වෙත්.
903. සචෙ චුතො සීලවතතො හොති ස වෙධති කම‍්මං විරාධයිත්‍වා, ස ජප‍්පති පත්‍ථයතීධ සුද‍්ධිං සත්‍ථා ච හීනො පවසං ඝරම‍්හා.
903. ඉදින් හේ ශීලව්‍රතයෙන් හිලිහුනේ වේ නම් හේ ශීලව්‍රතකර්‍මය වරදවා ගෙණ සැලෙයි, තවද හෙතෙම ගෙන් නික්මැ ගොස්, නොරට වසන පුරුෂයෙක් සාර්‍ත්‍ථයෙන් ගිලිහුනේ (එ ගෙය හෝ සාර්‍ත්‍ථය) පතන්නාක් මෙන් ඒ ශීලව්‍රතශුද්ධිය ජල්පනය කරන්නේ ද පතන්නේ ද වේ.
904. සීලබ‍්බතං වාපි පහාය සබ‍්බං කම‍්මඤ‍්ච සාවජ‍්ජනවජ‍්ජමෙතං, සුද‍්ධිං අසුද‍්ධින‍්ති අපත්‍ථයානො විරතො චරෙ සන‍්තිමනුග‍්ගහාය.
904. අරීසවු හැම ශීලව්‍රතය ද සාවද්‍ය-අනවද්‍ය (අකුශල හා ලෞකික කුශල) කර්‍ම ද හැරපියා තෙල (පඤ්චකාමගුණාදි) ශුද්ධිය ද (අකුශලාදිභේද වූ) අශුද්ධිය ද මෙසේ නොපතනුයේ දෘෂ්ටිශාන්තිය දැඩිවැ නො ගෙණ (ශුද්ධි-අශුද්ධි දෙකින්) වෙන් වූයේ හැසිරෙන්නේ යි.
905. තමූපනිස‍්සාය ජිගුච‍්ඡිතං වා අථවාපි දිට‍්ඨං ව සුතං මුතං වා, උද‍්ධංසරා සුද‍්ධිමනුත්‍ථුනන‍්ති අවීතතණ‍්හා සෙ භවාභවෙසු.
905. තවද (ඇතැම් මහණ බමුණු කෙනෙක් බුද්ධාදීන් විසින්) ජුගුප්සිත වූ ඒ අමරතපස් හෝ දෘෂ්ටිශුද්ධිය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුත ශුද්ධිය හෝ ඇසුරු කොට අක්‍රියවාදාදි උද්ධංසරවාදි ඇත්තාහු පුන පුනා භවයෙහි නො හළ තෘෂ්ණා ඇත්තාහු ශුද්ධිය කියත්.
906. පත්‍ථයමානස‍්ස හි ජප‍්පිතානි පවෙධිතං වාපි පකප‍්පිතෙසු, චුතූපපාතො ඉධ යස‍්ස නත්‍ථි ස කෙන වෙධෙය්‍ය කුහිංව ජප‍්පෙ.
906. (මෙසේ ) ප්‍රාර්‍ත්‍ථනා කරන්නහුට මැ තෘෂ්ණාජල්පිතයෝ වෙති. තෘෂ්ණාදෘෂ්ටීන් ප්‍රකල්පිත වූ වස්තූන් කොට අතිශයින් සැලීම ද වෙයි. මෙලොව යම් ක්‍ෂීණාස්‍රවයක්හට ච්‍යුති උත්පත්ති නැත් ද හෙතෙම කිනම් රාගාදියකින් සැලෙන්නේ ද, කොහි ජල්පනය කරන්නනේ ද?
907. යමාහු ධම‍්මං පරමන‍්ති එකෙ තමෙව හීනන‍්ති පනාහු අඤ‍්ඤෙ, සච‍්චො නු වාදො කතමො ඉමෙසං සබ‍්බෙව හි මෙ කුසලා වදානා.
907. ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් උතුමැයි කියත් නම්, අන්‍යයෝ එ මැ දහම හීන යයි කියත්. මෙ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මොහු සියල්ලෝ මැ කුශලවාද ඇත්තාහු ම වෙත් ද?
908. සකං හි ධම‍්මං පරිපුණ‍්ණමාහු අඤ‍්ඤස‍්ස ධම‍්මං පන හීනමාහු, එවම‍්පි විග‍්ගය‍්හ විවාදයන‍්ති සකං සකං සම‍්මුතිමාහු සච‍්චං.
908. (ඇතැම්) මහණබමුණෝ තමන් තමන්ගේ මැ ධර්‍මය පරිපූර්‍ණය යි කියති. අන්‍යයන්ගේ ධර්‍මය හීන යයි කියත්. මෙසේත් දැඩි කොට ගෙණ විවාද කෙරෙති. තමන් තමන්ගේ මැ දෘෂ්ටිසම්මතිය සත්‍ය යයි කියත්.
909. පරස‍්ස චෙ වම‍්භයිතෙන හීනො න කොචි ධම‍්මෙසු විසෙසි අස‍්ස, පුථූ හි අඤ‍්ඤස‍්ස වදන‍්ති ධම‍්මං නිහීනතො සම‍්හි දළ‍්හං වදානා.
909. ඉදින් මෙරමා විසින් අවමන් කරණලද හෙයින් හීන වේ නම්, දෘෂ්ටිධර්‍මයන් අතුරෙහි කිසිවෙක් විශිෂ්ට නො වන්නේ ය. යම් හෙයකින් බොහෝ මහණබමුණෝ මෙරමාගේ ධර්‍මය නිහීන හෙයින් කියත් ද ස්වකීය ධර්‍මයෙහි දැඩි කොට ගෙණ සත්‍ය යයි කියන්නාහු ද එහෙයිනි.
910. සධම‍්මපූජා ච පනා තථෙව යථා පසංසන‍්ති සකායනානි, සබ‍්බෙව වාදා තථියා භවෙය්‍යුං සුධී හි තෙසං පච‍්චත‍්තමෙව.
910. තවද ඒ තීර්‍ත්‍ථකයෝ ස්වකීය ලබ්ධිමාර්‍ගයනට යම්සේ පසසත් නම් ස්වකීය ශාස්තෘආදීන්ට පූජා ද එසේ ම පවත්නේ ය. ඉදින් (ඔහු එහි ප්‍රමාණ වෙත් නම්) හැම වාදයෝ සත්‍ය වන්නාහු ය. (කවර හෙයින් යත්:) යම් හෙයකින් ඔවුන්ගේ ශුද්ධිය තමන් තමන් කෙරෙහි ම පිහිටියේ ද එහෙයිනි.
911. න බ්‍රාහ‍්මණස‍්ස පරනෙය්‍යමත්‍ථි ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතං, තස‍්මා විවාදානි උපාතිවත‍්තො න භි සෙට‍්ඨතො පස‍්සති ධම‍්මමඤ‍්ඤං.
911. යම්හෙකින් බාහිතතාපී බ්‍රාහ්මණයාට මෙරමා විසින් එළැවියයුතු ඥානයෙක් නැත් ද, දෙසැටමිසදිටු දහම්හි මෙ මැ සත්‍ය ය යි ද නිශ්චය කොට දැඩිව ගන්නාලද්දෙකුත් නැත් ද, එහෙයින් දෙසැටමිසදිටු නමැති වාදයන් ඉක්මවූ හෙතෙම අන්‍යධර්‍මයක් ශ්‍රේෂ්ඨ වශයෙන් නො මැ දක්නේ යි.
912. ජානාමි පස‍්සාමි තථෙව එතං දිට‍්ඨියා එකෙ පච‍්චෙන‍්ති සුද‍්ධිං අද‍්දක‍්ඛි චෙ කිම‍්හි තුමස‍්ස තෙන අතිසිත්‍වා අඤ‍්ඤෙන වදන‍්ති සුද‍්ධිං.
912. ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල කරුණ එ පරිද්දෙන් මැ දන්මි, දක්මි (කියන්නාහු) දෘෂ්ටියෙන් ශුද්ධිය හදහති. ඉදින් (යම් හෙයෙකින් ඔවුන්ගෙන් එකෙකුත්) යථාභූථාතාර්‍ත්‍ථය දුටුයේ නමුදු තමාගේ ඒ දර්‍ශනයෙන් (දුඃඛපරිඥානාදි) කුමක් කරණලද ද, ඔහු (ආර්‍ය්‍යමාර්‍ගය) ඉක්මවා අන්‍ය මාර්‍ගයෙකින් ශුද්ධිය වේ යයි කියත් නම් (නොහොත් බුද්ධාදීහු ) ඔවුන් ඉක්මවා අන්මගෙකින් ශුද්ධිය කියත් ද එහෙයිනි.
913. පස‍්සං නරො දක‍්ඛිති නාමරූපං දිස‍්වාන වා ඤස‍්සති තානි මෙව, කාමං බහුං පස‍්සතු අප‍්පකං වා න හි තෙන සුද‍්ධිං කුසලා වදන‍්ති.
913. සත්‍වතෙමේ (පරචිත්තවිජානඥානාදියෙන්) බලනුයේ නාමරූපය (නිත්‍යාදි විසින් ) දක්නේය. දැක එ නාමරූපයයන් ම නිත්‍යාදි විසින් දැනගන්නේ ය. හෙ ඒකාන්තයෙන් බොහෝ කොට හෝ මඳ කොට හෝ දක්නේ ය. බුද්ධාදි කුශලයෝ ඒ දර්‍ශනයෙන් සංසාරශුද්ධිය (වේ යයි) නො මැ කියත්.
914. නිවිස‍්සවාදී න හි සුබ‍්බිනායො පකප‍්පිතං දිට‍්ඨි පුරෙක‍්ඛරානො, යං නිස‍්සිතො තත්‍ථ සුභං වදානො, සුද‍්ධිං වදො තත්‍ථ තථද‍්දසා සො.
914. දෘෂ්ටියෙහි පිහිටා (මෙ ය මැ සත්‍යයි) කියන්නේ වේ ද හෙතෙම සුවසේ හික්මිය නොහැකියේ මැ යි, සිතින් කල්පනය කරණලද දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙන්නේ යම් ශාස්තෘ ආදියක් ඇසුරුකරන්නේ එහි මැ ශුභවාද ඇතියෙ එ ස්වකීය දෘෂ්ටිශුද්ධිය කියන්නේ නම් හෙතෙම ඒ දෘෂ්ටිය එ සෙයින් මැ දුටුයේ වෙයි.
915. න බ්‍රාහ‍්මණො කප‍්පමුපෙති සඞ‍්ඛං න දිට‍්ඨිසාරී නපි ඤාණබන්‍ධු ඤත්‍වා ච සො සම‍්මතියො පුථුජ‍්ජා උපෙක‍්ඛති උග‍්ගණ‍්හන‍්ති මඤ‍්ඤෙ.
915. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නුවණින් දැන තෘෂ්ණාදෘෂ්ටිකල්පයට නො යෙයි. දෘෂ්ටියෙහි හැසිරෙන්නේත් නො වෙයි. සමාපත්තිඥානාදියෙන් ද කළ තෘෂ්ණා දෘෂ්ටිබන්‍ධ ඇතියේත් නො වෙයි. හෙතෙම පෘතග්ජනයන්ගෙන් උපන් දෙසැට මිසදිටු උපේක්‍ෂා කෙරෙයි. අන්‍යයෝ එ දෘෂ්ටීන් දැඩි කොට ගණිත්.
916. විසජ‍්ජ ගන්‍ථානි මුනීධ ලොකෙ විවාදජාතෙසු න වග‍්ගසාරි, සන‍්තො අසන‍්තෙසු උපෙක‍්ඛකො සො අනුග‍්ගහො උග‍්ගණ‍්හන‍්තිමඤ‍්ඤෙ.
916. රහත් මුනි තෙම මෙ ලොව්හි චතුර්විධ ග්‍රන්‍ථයන් හැරපියා හටගත් විවාද ඇත්තවුන් අතුරෙහි (ඡන්‍දාදි විසින් ) වර්‍ග ව නො හැසිරෙන්නේ අශාන්තයන් අතුරෙහි ශාන්ත වූයේ උපේක්‍ෂා ඇත්තේ වෙයි. හේ දෘඪග්‍රහණ නැත්තේ වෙයි. අන්‍යයෝ තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් දැඩිව ගන්නාහ.
917. පුබ‍්බාසවෙ හිත්‍වා නවෙ අකුබ‍්බං න ඡන්‍දගූ නොපි නිවිස‍්සවාදී, ස විප‍්පමුත‍්තො දිට‍්ඨිගතෙහි ධීරො න ලිප‍්පති ලොකෙ අනත‍්තගරහී.
917. අතීත රූපාදිය ඇරැබ උපන් ආස්‍රවයන් හැරපියා වර්‍තමාන රූපාදියෙහි ආස්‍රවයන් නො කරන්නේ ඡන්‍දාදියෙන් අගතියට නොයන්නේ දෘෂ්ටියෙහි පිහිටා නො ද කියන්නේ දෘෂ්ටිගතයන් කෙරෙන් වෙසෙසින් මුක්ත වූ ඒ ධීර තෙම තමහට නො ගරහන්නේ ලොව්හි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නොලැගේ.
918. ස සබ‍්බධම‍්මෙසු විසෙනිභූතො යං කිඤ‍්චි දිට‍්ඨිං ව සුතං මුතං වා, ස පන‍්නභාරො මුනි විප‍්පයුත‍්තො න කප‍්පියො නූපරතො න පත්‍ථියොති.
918. ඒ ක්‍ෂීණාස්‍රව තෙම යම් කිසි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි (ධර්‍මාලම්බන වේවයි) ඒ සර්‍වධර්‍මයන්හි මරසෙන් වනසා සිටියේ වෙයි. බහා තැබූ බර ඇති ඒ රහත් මහණ (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මුක්ත වූයේ තෘෂ්ණාදෘෂ්ටි කල්ප නොකරන්නේ උපරති නැතියේ තෘෂ්ණා ප්‍රාර්‍ත්‍ථනා නැතියේත් වේ යයි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
මහාවියූහසුත‍්තං නිට‍්ඨිතං
මහාවියුහ සූත්‍රය නිමි.