යෙදුමෙන් කියවන්න

13. මහාවියූහ සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

13. මහාවියූහ සුත‍්තවණ‍්ණනා

13. මහාවියූහ සූත්‍ර වර්ණනාව

යෙ කෙචිමෙති මහාබ්‍යූහසුත‍්තං. කා උප‍්පත‍්ති? ඉදම‍්පි තස‍්මිංයෙව මහාසමයෙ “කිං නු ඛො ඉමෙ දිට‍්ඨිපරිබ‍්බසානා විඤ‍්ඤූනං සන‍්තිකා නින්‍දමෙව ලභන‍්ති, උදාහු පසංසම‍්පී”ති උප‍්පන‍්නචිත‍්තානං එකච‍්චානං දෙවතානං තමත්‍ථං ආවිකාතුං පුරිමනයෙන නිම‍්මිතබුද‍්ධෙන අත‍්තානං පුච‍්ඡාපෙත්‍වා වුත‍්තං. තත්‍ථ අන්‍වානයන‍්තීති අනු ආනයන‍්ති, පුනප‍්පුනං ආහරන‍්ති.

යෙ කෙචි මෙ යනු මහා වියූහ සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? දෙවියන්ගේ ඒ මහා රැස්වීමේදී, මෙම දැකීම දැඩිව ගත් පුද්ගලයෝ නුවණැතියන් හමුවෙහි ගැරහීම් ලබත්ද, නැතිනම් පැසසුම් ලබත්දැ’යි ඇතැම් දේවතාවුන්ට හටගත් අදහස ගැන පැහැදිලි කරන්නට පෙර පරිදි ඉඳු බලයෙන් පෙන්වන ලද බුදුවරයා ලවා තමන් වහන්සේ විමසා මෙම කරුණු වදාරා ඇත. අන්‍වානයන්ති - අනු ආනයන්ති නැවත නැවත පෙරටුකොට ගනිති.

ඉදානි යස‍්මා තෙ “ඉදමෙව සච‍්ච”න‍්ති වදන‍්තා දිට‍්ඨිගතිකා වාදිනො කදාචි කත්‍ථචි පසංසම‍්පි ලභන‍්ති, යං එතං පසංසාසඞ‍්ඛාතං වාදඵලං, තං අප‍්පං රාගාදීනං සමාය සමත්‍ථං න හොති, කො පන වාදො දුතියෙ නින්‍දාඵලෙ, තස‍්මා එතමත්‍ථං දස‍්සෙන‍්තො ඉමං තාව විස‍්සජ‍්ජනගාථමාහ. “අප‍්පඤ‍්හි එතං න අලං සමාය, දුවෙ විවාදස‍්ස ඵලානි බ්‍රූමී”තිආදි. තත්‍ථ දුවෙ විවාදස‍්ස ඵලානීති නින්‍දා පසංසා ච, ජයපරාජයාදීනි වා තංසභාගානි. එතම‍්පි දිස‍්වාති “නින්‍දා අනිට‍්ඨා එව, පසංසා නාලං සමායා”ති එතම‍්පි විවාදඵලෙ ආදීනවං දිස‍්වා. ඛෙමාභිපස‍්සං අවිවාදභූමින‍්ති අවිවාදභූමිං නිබ‍්බානං “ඛෙම”න‍්ති පස‍්සමානො.

දැන් යම් ආකාරයකින් ඔහු ‘මෙයම ඇත්ත’ යයි කියන ඒ දැකීම මුල්කොට ගෙන කිසි තැනකදී පැසසුම් ලබති. මේ පැසසුම් දනවන වාද පලය, රාගාදී (කෙලෙස්) හා සළකනවිට ඒවා නැතිකිරීමට සමත් නොවේ. ඊළඟට වාදයෙහි දෙවන පලය වන නින්දාව ගැන කෙබඳු කතාද? එහෙයින් ඒ කරුණු දක්වා ඒ වාදයෙන් ලබන පලය අල්ප බවත්, (රාගාදී කෙලෙස්) ඉවතලීමට නොහැකි බවත්, විවාදයෙහි පල දෙකක් බවත්, වදාළහ. දුවෙ විවාදස්ස ඵලානි ගැරහීම්, පැසසුම්, ජය, පරාජය ආදී දෙයාකාර පල ලැබෙනු ඇත. එවම්පි දිස්වා ගැරහුම් අවසානය නොවේ. පැසසුම් කෙලෙස් සමනයට හේතු නොවේ යැයි මෙසේ වාද විවාදයෙහි ලැබෙන පලය දැක, ඛෙමාහි පස්සං අවිවාද භූමිං වාද පදනමක් නොමැති නිවන ‘නිබය’ තැනකැයි දකිමින්,

එවඤ‍්හි අවිවදමානො – යා කාචිමාති ගාථා. තත්‍ථ සම‍්මුතියොති දිට‍්ඨියො. පුථුජ‍්ජාති පුථුජ‍්ජනසම‍්භවා. සො උපයං කිමෙය්‍යාති සො උපගන‍්තබ‍්බට‍්ඨෙන උපයං රූපාදීසු එකම‍්පි ධම‍්මං කිං උපෙය්‍ය, කෙන වා කාරණෙන උපෙය්‍ය. දිට‍්ඨෙ සුතෙ ඛන‍්තිමකුබ‍්බමානොති දිට‍්ඨසුතසුද‍්ධීසු පෙමං අකරොන‍්තො.

මෙසේ වාද නොකරමින් ‘යා කාචිමා’ යන ගාථාව කීහ. සම්මුතියො ඒ ඒ දැකීම්, පුථුජ්ජා මගපල නොලද්දවුන් විසින්, සො උපයං කිමෙය්‍ය ඒ තැනැත්තා (තණ්හා දැකීම් ලෙසින්) රූපාදියෙහි කිනම් කරුණක් නිසා හැඟීමක් ඇතිකර ගන්නේ නම්, දිට්ඨෙ සුතෙ ඛන්තිං අකුබ්බමානො දක්නා ලද, අසන ලද දෙයින් පිරිසිදු වේ යන හැඟීම පිළිනොගනිමින්,

ඉතො බාහිරා පන – සීලුත‍්තමාති ගාථා. තස‍්සත්‍ථො – සීලංයෙව “උත‍්තම”න‍්ති මඤ‍්ඤමානා සීලුත‍්තමා එකෙ භොන‍්තො සංයමමත‍්තෙන සුද‍්ධිං වදන‍්ති, හත්‍ථිවතාදිඤ‍්ච වතං සමාදාය උපට‍්ඨිතා, ඉධෙව දිට‍්ඨියං අස‍්ස සත්‍ථුනො සුද‍්ධින‍්ති භවූපනීතා භවජ‍්ඣොසිතා සමානා වදන‍්ති, අපිච තෙ කුසලා වදානා “කුසලා මය”න‍්ති එවං වාදා.

බාහිර සසුන් ගැන ‘සීලුත්තමා’ ගාථාවෙන් (අදහස් වේ.) එහි අදහස නම්, සීලයම උතුම් යැයි හඟිමින් සීලුත්තමා, ඇතැම් පින්වත් කෙනෙක් සංයම එපමණකින්, සුද්ධිං කියති. ඇතකුගේ පුරුදු ආදියට එළඹ වතං සමාදාය උපට්ඨිතා මේ දැකීමෙහිම අස්ස එයින් පිරිසිදු යැයි සුද්ධිං වේයැයි, භවූපනීතා සසර ගමනෙහි ඇලුනා වූ, කුසලා වදානා ‘අපි හැකියාව ඇත්තෙමු’යි මෙසේ කියමින්,

එවං සීලුත‍්තමෙසු ච තෙසු තථා පටිපන‍්නො යො කොචි – සචෙ චුතොති ගාථා. තස‍්සත්‍ථො – සචෙ තතො සීලවතතො පරවිච‍්ඡන්‍දනෙන වා අනභිසම‍්භුණන‍්තො වා චුතො හොති, සො තං සීලබ‍්බතාදිකම‍්මං පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදිකම‍්මං වා විරාධයිත්‍වා පවෙධතී. න කෙවලඤ‍්ච වෙධති, අපිච ඛො තං සීලබ‍්බතසුද‍්ධිං පජප‍්පතී ච විප‍්පලපති පත්‍ථයතී ච. කිමිව? සත්‍ථාව හීනො පවසං ඝරම‍්හා. ඝරම‍්හා පවසන‍්තො සත්‍ථතො හීනො යථා තං ඝරං වා සත්‍ථං වා පත්‍ථෙය්‍යාති.

සීලයම උතුම් යැයි කියන කෙනෙක්, සචෙ චුතො ගාථාවේ අරුත නම්, සචෙ එසේ වේ නම්, සීලවත්තො අනෙකෙකුගේ නුගුණ කියා වෙන් කිරීමෙන් හෝ නොහැකි වීමෙන් හෝ චුතො හොති, ඔහු ඒ සීල වත ආදී කම්මං පුඤ්ඤාභිසංඛාර ආදී කටයුතු හෝ, විරාධයිත්‍වා වෙධෙති වරදවාගෙන සැලෙයි. එපමණක් නොවේ, ඒ සීලවත් වලින් පිරිසිදු වේ යැයි ජප්පති විකාර දොඩවයි. පත්‍ථෙති කුමක් මෙන් ද? සත්‍ථාව හීනො පවසං ඝරම්හා නොරට වසන පුරුෂයෙක් අසාර්ථක වූයේ නැවත තම ගෙය හෝ භාර්තය පතන්නාක් මෙනි.

එවං පන සීලුත‍්තමානං වෙධකාරණං අරියසාවකො – සීලබ‍්බතං වාපි පහාය සබ‍්බන‍්ති ගාථා. තත්‍ථ සාවජ‍්ජනවජ‍්ජන‍්ති සබ‍්බාකුසලං ලොකියකුසලඤ‍්ච. එතං සුද‍්ධිං අසුද‍්ධින‍්ති අපත්‍ථයානොති පඤ‍්චකාමගුණාදිභෙදං එතං සුද‍්ධිං, අකුසලාදිභෙදං අසුද‍්ධිඤ‍්ච අපත්‍ථයමානො. විරතො චරෙති සුද‍්ධියා අසුද‍්ධියා ච විරතො චරෙය්‍ය. සන‍්තිමනුග‍්ගහායාති දිට‍්ඨිං අගහෙත්‍වා.

මෙසේ උතුම් සීලයකැයි එය (වරදවාගෙන) වෙව්ලීමට (කම්පාවට) පත්වන සැටිත් කියා අරිය සාවකයා සියළුම සීල ව්‍රත අත්හැර දැමීම ගැන ‘සීලබ්බතං වාපි’ ගාථාවෙන් (සඳහන් කරති.) සාවජ්ජානවජ්ජං සියළු කුසල් ද මෙලොව කුසල් ද, එතං සුද්ධිං අසුද්ධින්ති අපත්‍ථයානො පස්කම් ආදියෙහි එයින් පිරිසිදු බව ද, අකුසල ආදී ලෙසින් අපිරිසිදු බවද නොපතමින්, විරතො චරෙති පිරිසිදු බවෙන්ද, අපිරිසිදු බවෙන්ද වෙන්ව හැසිරෙන්නේය. සන්තං අනුග්ගහාය දැඩිසේ දැකීම් මත නොගෙන,

එවං ඉතො බාහිරකෙ සීලුත‍්තමෙ සංයමෙන විසුද‍්ධිවාදෙ තෙසං විඝාතං සීලබ‍්බතප‍්පහායිනො අරහතො ච පටිපත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි අඤ‍්ඤථාපි සුද‍්ධිවාදෙ බාහිරකෙ දස‍්සෙන‍්තො “තමූපනිස‍්සායා”ති ගාථමාහ. තස‍්සත්‍ථො – සන‍්තඤ‍්ඤෙපි සමණබ්‍රාහ‍්මණා, තෙ ජිගුච‍්ඡිතං අමරන‍්තපං වා දිට‍්ඨසුද‍්ධිආදීසු වා අඤ‍්ඤතරඤ‍්ඤතරං උපනිස‍්සාය අකිරියදිට‍්ඨියා වා උද‍්ධංසරා හුත්‍වා භවාභවෙසු අවීතතණ‍්හාසෙ සුද‍්ධිමනුත්‍ථුනන‍්ති වදන‍්ති කථෙන‍්තීති.

මෙසේ බාහිර සමයවාදීන් අතර පවත්නා සිල්වත් (සතුන්ගේ හැසිරීම් ආදිය) අනුගමනය උතුම් යැයි ද, එයින් සංවරය හා පිරිසිදු වේය යන අදහසද එයින් වන වෙහෙසද, එබඳු වත් හැරදැමීමේ සුදුසු බවද දක්වා, මීළඟට තවත් බාහිර සසුනක ‘පිරිසිදු වීම’ ගැන වූ මත විස්තර කිරීමට තමුපනිස්සාය යන ගාථාව වදාළහ. එහි අරුත නම්, වෙනත් ආකාර මහණ බමුණෝද වෙති. ඔව්හු ජිගුච්ඡිතං දැඩි තපස හෝ, දිට්ඨ මෙයින් හෝ වෙනත් ලෙසකින් පිරිසිදු බව, උපනිස්සාය (හොඳ නරක පල නැතැයි) අකිරියවාදී දැකීම හෝ උද්ධංසරා එසේ ඇතිව, භවාභවෙසු අවීතතණ්හා සුද්ධිං අනුත්‍ථුනන්ති කියති. කතා කරති.

එවං තෙසං අවීතතණ‍්හානං සුද‍්ධිං අනුත්‍ථුනන‍්තානං යොපි සුද‍්ධිප‍්පත‍්තමෙව අත‍්තානං මඤ‍්ඤෙය්‍ය, තස‍්සපි අවීතතණ‍්හත‍්තා භවාභවෙසු තං තං වත්‍ථුං පත්‍ථයමානස‍්ස හි ජප‍්පිතානි පුනප‍්පුනං හොන‍්තියෙවාති අධිප‍්පායො. තණ‍්හා හි ආසෙවිතා තණ‍්හං වඩ‍්ඪයතෙව. න කෙවලඤ‍්ච ජප‍්පිතානි, පවෙධිතං වාපි පකප‍්පිතෙසු, තණ‍්හාදිට‍්ඨීහි චස‍්ස පකප‍්පිතෙසු වත්‍ථූසු පවෙධිතම‍්පි හොතීති වුත‍්තං හොති. භවාභවෙසු පන වීතතණ‍්හත‍්තා ආයතිං චුතූපපාතො ඉධ යස‍්ස නත්‍ථි, සකෙන වෙධෙය්‍ය කුහිංව ජප‍්පෙති අයමෙතිස‍්සා ගාථාය සම‍්බන්‍ධො. සෙසං නිද‍්දෙසෙ වුත‍්තනයමෙව.

මෙසේ ඔවුන් තණ්හාව ඉවත නොහළ බැවින් පිරිසිදු බව ගැන කොඳුරමින් සිටින අතර, තමන් එයින් පිරිසිදු බවට පත්වීයැයි සිතන්නේය. තණ්හාව නැති නොකළ බැවින්, ඒ ඒ භවයන්හි ඒ ඒ දේ පතමින්. පත්‍ථයමානස්සහි ජප්පිතානි නැවත නැවත ඉපදීම අදහස් වේ. තණ්හාවේ ඇසුර නිසාම තණ්හාව වඩනු ලබන්නේමය. ඒ ගැන කතා කිරිම පමණක් නොවේ. සංවෙධිතඤ්චාපි පකප්පිතෙසු තණ්හාවත්, දැකීමත් දැඩිව ගැනීම ලෙසින්, කල්පනා කරන, සිත තබාගන්නා ලද දේවල් වෙනස් වූ විට කම්පාවෙයි. සැලෙයි යැයි කියන ලදී. තණ්හාව නැති කළ බැවින්, නැවත භවයෙන් භවය (සසර ඉපදීම) නැත. චුතූපපාතො ඉධ යස්ස නත්‍ථි සකෙන වෙධෙය්‍ය කුහිංව ජප්පෙ මේ ඒ ගාථාවෙහි සම්බන්ධයයි. ඉතිරි කරුණු නිද්දෙසයෙහි කී පරිදිමය.

යමාහූති පුච‍්ඡාගාථා. ඉදානි යස‍්මා එකොපි එත්‍ථ වාදො සච‍්චො නත්‍ථි, කෙවලං දිට‍්ඨිමත‍්තකෙන හි තෙ වදන‍්ති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “සකඤ‍්හී”ති ඉමං තාව විස‍්සජ‍්ජනගාථමාහ. තත්‍ථ සම‍්මුතින‍්ති දිට‍්ඨිං.

(මීළඟ) ‘යමාහූ’ යනුවෙන් කරුණු විමසන ගාථාවයි. මෙහි වාදයට මූලික වූ එකම කරුණක්වත් ඇත්ත නොවේ. හුදෙක් දැකීම් ලෙස ගැනීමෙන් පමණක් ඔව්හු එසේ කියති. එහෙයින් මීළගට ඒ කරුණු ‘සකං හි’ යනාදී පිළිතුරු ගාථාවෙන් කීහ. සම්මුති දිට්ඨි හෙවත් ඒ ඒ මත දැඩිව ගැනීමයි.

එවමෙතෙසු සකං ධම‍්මං පරිපුණ‍්ණං බ්‍රුවන‍්තෙසු අඤ‍්ඤස‍්ස පන ධම‍්මං “හීන”න‍්ති වදන‍්තෙසු යස‍්ස කස‍්සචි – පරස‍්ස චෙ වම‍්භයිතෙන හීනොති ගාථා. තස‍්සත්‍ථො – යදි පරස‍්ස නින්‍දිතකාරණා හීනො භවෙය්‍ය, න කොචි ධම‍්මෙසු විසෙසි අග‍්ගො භවෙය්‍ය. කිං කාරණං? පුථූ හි අඤ‍්ඤස‍්ස වදන‍්ති ධම‍්මං, නිහීනතො සබ‍්බෙව තෙ සම‍්හි දළ‍්හං වදානා සකධම‍්මෙ දළ‍්හවාදා එව.

මේ අයුරින් තමන්ගේ අදහස පිරිපුන් ලෙස කියනවිට, වෙනත් තැනැත්තන්ගේ අදහස් ‘පහත්’ යැයි කියන බව ‘පරස්ස චෙ වම්භයිතෙන හීනො’ යන ගාථාවෙන් දැක්වූහ. ගාථාවේ අරුත නම්, යම්සේ පරස්ස නින්දා කිරිමෙන්, හීනො වන්නේ නම්, න කොචි ධම්මෙසු විසෙසී උසස් නො වන්නේ ය. ඊට හේතුව කුමක්ද? පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො ඒ සියල්ලන්ම සම්හි දළ්හං වදානා තම දැකීමෙහි අදහසෙහි දැඩිසේ එල්බගෙන සිටින හෙයිනි.

කිඤ‍්ච භිය්‍යො – සද‍්ධම‍්මපූජාති ගාථා. තස‍්සත්‍ථො – තෙ ච තිත්‍ථියා යථා පසංසන‍්ති සකායනානි, සද‍්ධම‍්මපූජාපි නෙසං තථෙව වත‍්තති. තෙ හි අතිවිය සත්‍ථාරාදීනි සක‍්කරොන‍්ති. තත්‍ථ යදි තෙ පමාණා සියුං, එවං සන‍්තෙ සබ‍්බෙව වාදා තථියා භවෙය්‍යුං. කිං කාරණං? සුද‍්ධී හි නෙසං පච‍්චත‍්තමෙව, න සා අඤ‍්ඤත්‍ර සිජ‍්ඣති, නාපි පරමත්‍ථතො. අත‍්තනි දිට‍්ඨිගාහමත‍්තමෙව හි තං තෙසං පරපච‍්චයනෙය්‍යබුද‍්ධීනං.

(ඒ ගැන) වැඩිදුර කිවයුතුද? ඊළඟට ‘සද්ධම්මපූජා’ යන ගාථාවයි. එහි අරුත නම්, ඒ වෙනත් සමයවාදීන්, තීර්ථකයන් යථා පසංසන්ති සකායනානි, සද්ධම්ම පූජාපි ඔවුන්ගේ තථෙව පැවත්ම ඔව්හු බොහෝ සෙයින් තම සස්නෙහි නායකාදීන්ට ගරු කරති. එහිදී ඔව්හු සිතන, ගැළපෙන පරිදි (කටයුතු) කරන්නාහු නම්, එවිට සබ්බෙව වාදා තථියා භවෙය්‍යුං හැම වාදයෝ සත්‍ය වන්නාහුය. හේතුව කුමක්ද? සුද්ධී හි නෙසං පච්චත්තමෙව මුල්ම හා එකම අදහසින් හෝ වෙනත් ලෙසකින් හෝ පිරිසිදු බව නොවේ. එය අනුන් කී දෙයින් ලබන දැනුම අනුව, තමන් දැඩිව ගන්නා දැකීම පමණක් වෙයි.

යො වා පන විපරීතො බාහිතපාපත‍්තා බ්‍රාහ‍්මණො, තස‍්ස – න බ්‍රාහ‍්මණස‍්ස පරනෙය්‍යමත්‍ථීති ගාථා. තස‍්සත්‍ථො – බ්‍රාහ‍්මණස‍්ස හි “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”තිආදිනා (ධ· ප· 277; නෙත‍්ති· 5) නයෙන සුදිට‍්ඨත‍්තා පරෙන නෙතබ‍්බං ඤාණං නත්‍ථි, දිට‍්ඨිධම‍්මෙසු “ඉදමෙව සච‍්ච”න‍්ති නිච‍්ඡිනිත්‍වා සමුග‍්ගහීතම‍්පි නත්‍ථි. තංකාරණා සො දිට‍්ඨිකලහානි අතීතො, න ච සො සෙට‍්ඨතො පස‍්සති ධම‍්මමඤ‍්ඤං අඤ‍්ඤත්‍ර සතිපට‍්ඨානාදීහි.

මෙයට වෙනස් වන්නේ නම්, පව් බැහැර කරන ලද නිසා බ්‍රාහ්මණයෙකු වීමයි. න බ්‍රාහ්මණස්ස යන ගාථාවේ අරුත නම්, බ්‍රාහ්මණස්ස ‘සියළු හේතු එක්ව සකස්වන දේවල් තිරව නොපවතී’ ආදී ලෙසින් මැනවින් අවබෝධයෙන් දන්නා ලද බැවින්, වෙනත් කෙනෙකුන්ගෙන් ගෙන ආ යුතු නුවණ නත්‍ථි, දැකීම් පිළිබඳව ධම්මෙසු ‘මෙයම ඇත්ත’ යයි තහවුරු කොට ගැනීමක් ද සමුග්ගහීතම්පි නැත. ඒ නිසා ඒ මුනිවරයා දැකීම් හා මතවාද පිළිබඳ අරගලයෙන් ඉවත් වූයේය. ඒ මුනිවරයා සිහිය පිහිටුවා ගැනීම ආදිය හැර, න සෙට්ඨතො පස්සති ධම්මඤ්ඤං. අනික් ධර්මයක් ශ්‍රේෂ්ඨ වශයෙන් නො දක්නේය.

ජානාමීති ගාථාය සම‍්බන්‍ධො අත්‍ථො ච – එවං තාව පරමත්‍ථබ්‍රාහ‍්මණො න හි සෙට‍්ඨතො පස‍්සති ධම‍්මමඤ‍්ඤං, අඤ‍්ඤෙ පන තිත්‍ථියා පරචිත‍්තඤාණාදීහි ජානන‍්තා පස‍්සන‍්තාපි “ජානාමි පස‍්සාමි තථෙව එත”න‍්ති එවං වදන‍්තාපි ච දිට‍්ඨියා සුද‍්ධිං පච‍්චෙන‍්ති. කස‍්මා? යස‍්මා තෙසු එකොපි අද‍්දක‍්ඛි චෙ අද‍්දස චෙපි තෙන පරචිත‍්තඤාණාදිනා යථාභූතං අත්‍ථං, කිඤ‍්හි තුමස‍්ස තෙන තස‍්ස තෙන දස‍්සනෙන කිං කතං, කිං දුක‍්ඛපරිඤ‍්ඤා සාධිතා, උදාහු සමුදයපහානාදීනං අඤ‍්ඤතරං, යතො සබ‍්බථාපි අතික‍්කමිත්‍වා අරියමග‍්ගං තෙ තිත්‍ථියා අඤ‍්ඤෙනෙව වදන‍්ති සුද‍්ධිං, අතික‍්කමිත්‍වා වා තෙ තිත්‍ථියෙ බුද‍්ධාදයො අඤ‍්ඤෙනෙව වදන‍්ති සුද‍්ධින‍්ති.

‘ජානාමි’ යන ගාථාවෙහි සම්බන්ධය හා අරුත මෙසේය. මෙපමණකින්ද ඒ පරම අරුත දත් මුනිවරයා අන් දහමක් උසස් යැයි නොදකී. තීර්ථක ආදී වෙනත් සමයවාදීහු පරසිත් දන්නා නුවණින් දැනගෙනද, දැක ද ජානාමි පස්සාමි තථෙව එතං යැයි මෙසේ කියමින්ද, දිට්ඨියා සුද්ධිං පච්චෙන්ති කවර හෙයින්ද? ඔවුන් අතුරෙන් එක් අයෙක් හෝ අද්දක්‍ඛි චෙ ඒ පරසිත් දන්නා නුවණින් ඇති තතු සේ දුටුවත්, කිං හි තුමස්ස තෙන ඔහුට ඒ දැක්ම කුමක් කළේද? (කුමන පලක්ද?) දුක පිළිබඳ දැනගත්තේ ද? නැතිනම් දුක ඇතිවීමේ හේතු නැතිකිරීම ආදියෙන් වෙනස් ද? ඒ වෙතත් සමයවාදීහු අරියමග හැම අතින්ම ඉක්මවා අඤ්ඤෙ නෙව වදන්ති සුද්ධිං ඒ තීර්ථක ආදීන්ද ඉක්මවා බුදුවරු ආදීහු වෙනත් අයුරින් පිරිසිදු බව කියති.

පස‍්සං නරොති ගාථාය සම‍්බන්‍ධො අත්‍ථො ච. කිඤ‍්ච භිය්‍යො? ය‍්වායං පරචිත‍්තඤාණාදීහි අද‍්දක‍්ඛි, සො පස‍්සං නරො දක‍්ඛති නාමරූපං, න තතො පරං දිස‍්වාන වා ඤස‍්සති තානිමෙව නාමරූපානි නිච‍්චතො සුඛතො වා න අඤ‍්ඤථා. සො එවං පස‍්සන‍්තො කාමං බහුං පස‍්සතු අප‍්පකං වා නාමරූපං නිච‍්චතො සුඛතො ච, අථස‍්ස එවරූපෙන දස‍්සනෙන න හි තෙන සුද‍්ධිං කුසලා වදන‍්තීති.

පස්සං නරො යන ගාථාවෙහි සම්බන්ධය හා අරුත ගැන වැඩිදුර කිවයුතු නම්, අනුන්ගේ සිත් දන්නා නුවණින් දකින තැනැත්තා පස්සං නරො දක්‍ඛති නාමරූපං එයින් පසුව දිස්වාන වාඤ්ඤස්සති තානෙමෙව නාමරූප සදා පවතී හෝ සැපයැයි හෝ දැඩිව ගැනීම මිස ඒ දැකීම තුළ වෙනත් දෙයක් නොවේ. ඔහු මෙසේ දකිමින්, කාමං බහුං පස්සතු අප්පකං නාමරූප සදා පවතී. සැපයයි දැකීමෙන් නහි තෙන සුද්ධිං කුසලා වදන්ති

නිවිස‍්සවාදීති ගාථාය සම‍්බන්‍ධො අත්‍ථො ච – තෙන ච දස‍්සනෙන සුද‍්ධියා අසතියාපි යො “ජානාමි පස‍්සාමි තථෙව එත”න‍්ති එවං නිවිස‍්සවාදී, එතං වා දස‍්සනං පටිච‍්ච දිට‍්ඨියා සුද‍්ධිං පච‍්චෙන‍්තො “ඉදමෙව සච‍්ච”න‍්ති එවං නිවිස‍්සවාදී, සො සුබ‍්බිනයො න හොති තං තථා පකප‍්පිතං අභිසඞ‍්ඛතං දිට‍්ඨිං පුරෙක‍්ඛරානො. සො හි යං සත්‍ථාරාදිං නිස‍්සිතො, තත්‍ථෙව සුභං වදානො සුද‍්ධිං වදො, “පරිසුද‍්ධවාදො පරිසුද‍්ධදස‍්සනො වා අහ”න‍්ති අත‍්තානං මඤ‍්ඤමානො තත්‍ථ තථද‍්දසා සො, තත්‍ථ සකාය දිට‍්ඨියා අවිපරීතමෙව සො අද‍්දස. යථා සා දිට‍්ඨි පවත‍්තති, තථෙව නං අද‍්දස, න අඤ‍්ඤථා පස‍්සිතුං ඉච‍්ඡතීති අධිප‍්පායො.

‘නිවිස්ස වාදී’ යන ගාථාවේ සම්බන්ධය හා අරුත නම්, ඒ දැකීමෙන් ඔහුට පිරිසිදු බවක් නොලැබෙන නමුත්, දනිමි, දකිමි, එය එසේ යැයි දැඩිසේ සිතාගෙන නිවිස්සවාදී මේ දැකීම නිසා - දැකීමෙන් පිරිසිදු බව බලපොරොත්තු වෙමින්, ‘මෙයම ඇත්ත’ යයි මෙසේ දැඩිව මුල්බැස ගත් අදහස ගැන කියන ඔහ සුබ්බිනයො න (හික්මවිය) හැකි නොවේ. ඔහු එසේ පකප්පිතං ගොඩනගා ගන්නා ලද, දිට්ඨිං පුරෙක්‍ඛරාණො ඔහු යම් නායකයෙකු ඇසුරු කරන ලදුව, තත්‍ථෙව සුභං වදානො සුද්ධිං වදො ‘මම පිරිසිදු අදහස් හෝ පිරිසිදු දැකීමක් හෝ ඇත්තෙක්මි’ යැයි තමා ගැන සිතමින් තත්‍ථ තථද්දසා සො එහි තමාගේ දැකීමෙන් නොවෙනස්ව, ඒ දැකීම (ඔහු කෙරෙහි) පවත්නා අයුරින්ම ඔහු දුටුවේය. වෙනස් දෙයක් දැකීමට (මුල්බැස ගත් ඒ මත ඉවතලීමට) නොකැමති බව අදහස් වේ.

එවං පකප‍්පිතං දිට‍්ඨිං පුරෙක‍්ඛරානෙසු තිත්‍ථියෙසු – න බ්‍රාහ‍්මණො කප‍්පමුපෙති සඞ‍්ඛාති ගාථා. තත්‍ථ සඞ‍්ඛාති සඞ‍්ඛාය, ජානිත්‍වාති අත්‍ථො. නපි ඤාණබන්‍ධූති සමාපත‍්තිඤාණාදිනා අකතතණ‍්හාදිට‍්ඨිබන්‍ධු. තත්‍ථ විග‍්ගහො – නාපි අස‍්ස ඤාණෙන කතො බන්‍ධු අත්‍ථීති නපි ඤාණබන්‍ධු. සම‍්මුතියොති දිට‍්ඨිසම‍්මුතියො. පුථුජ‍්ජාති පුථුජ‍්ජනසම‍්භවා. උග‍්ගහණන‍්ති මඤ‍්ඤෙති උග‍්ගහණන‍්ති අඤ‍්ඤෙ, අඤ‍්ඤෙ තා සම‍්මුතියො උග‍්ගණ‍්හන‍්තීති වුත‍්තං හොති.

මෙසේ කල්පනා කරන, තම දැකීම පෙරටුකොට ගත් තීර්ථකයන් අතර, ‘බ්‍රාහ්මණයා’ (හෙවත් රහත් මුනිවරයා) එවැනි සංකල්ප පෙරටුකොට නොගනිති. ‘න බ්‍රාහ්මණෙ’ ගාථාවෙහි සංඛං හඳුනා, දැනගෙන යන තේරුමයි. න පි ඤාණබන්‍ධූ සමවත් නුවණ ආදියෙන් තණ්හා-දිට්ඨි සබඳතා ඇතිකර නොගන්නා ලද, එහි පැහැදිලි කිරීම නම්, ඒ රහත් මුනිවරයාට නුවණ නෑදැයකු වී නැත. (නුවණැත්තෙකැයි සමාජයෙන් වාසි ලැබීමට තම අදහස පෙරටුකොට නොගනී.) සම්මුතියො දැකීම්, පුථුජ්ජා මගපල නොලද්දවුන් අතර, (පොදු සමාජය තුල) උග්ගණ්හන්ත මඤ්ඤෙ වෙනත් දේ උගනිති. වෙනත් දැකීම් පිළිබඳව උගනිතියි කියන ලදී.

කිඤ‍්ච භිය්‍යො – විස‍්සජ‍්ජ ගන්‍ථානීති ගාථා. තත්‍ථ අනුග‍්ගහොති උග‍්ගහණවිරහිතො, සොපි නාස‍්ස උග‍්ගහොති අනුග‍්ගහො, න වා උග‍්ගණ‍්හාතීති අනුග‍්ගහො.

තවදුරටත් කිවයුතු නම් - ‘විස්සජ්ජ’ ගාථාවයි. අනුග්ගහො දැඩිව මතවාද ගැනීමක් නැතිව, රහත් මුනිවරයා (කිසිදු දැකීමක් තමා සතු කර) නොගනී.

කිඤ‍්ච භිය්‍යො – සො එවරූපො – පුබ‍්බාසවෙති ගාථා. තත්‍ථ පුබ‍්බාසවෙති අතීතරූපාදීනි ආරබ‍්භ උප‍්පජ‍්ජමානධම‍්මෙ කිලෙසෙ. නවෙති පච‍්චුප‍්පන‍්නරූපාදීනි ආරබ‍්භ උප‍්පජ‍්ජමානධම‍්මෙ. න ඡන්‍දගූති ඡන්‍දාදිවසෙන න ගච‍්ඡති. අනත‍්තගරහීති කතාකතවසෙන අත‍්තානං අගරහන‍්තො.

‘සො එවරූපො පුබ්බාසවෙ’ ගාථාවෙහි, පුබ්බාසවෙ පෙර රූප ආදියෙහි හටගනු ලබන මාන ආදී කෙලෙස් (සිතිවිලි) නවෙ රූප ආදිය කෙරෙහි දැන් ඇතිකරගනු ලබන කෙලෙස් සහගත හැඟීම්, න ඡන්‍දගු තදබල කැමැත්තට ඉඩ නොදෙයි. අනන්ත ගරහී කරන ලදැයි, නොකරන ලදැයි තමාට නින්දා කර නොගනිමින්,

එවං අනත‍්තගරහී ච – ස සබ‍්බධම‍්මෙසූති ගාථා. තත්‍ථ සබ‍්බධම‍්මෙසූති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිධම‍්මෙසු “යං කිඤ‍්චි දිට‍්ඨං වා”ති එවංපභෙදෙසු. පන‍්නභාරොති පතිතභාරො. න කප‍්පෙතීති න කප‍්පියො, දුවිධම‍්පි කප‍්පං න කරොතීති අත්‍ථො. නූපරතොති පුථුජ‍්ජනකල්‍යාණකසෙක‍්ඛා විය උපරතිසමඞ‍්ගීපි න හොති. න පත්‍ථියොති නිත‍්තණ‍්හො. තණ‍්හා හි පත්‍ථියතීති පත්‍ථියා, නාස‍්ස පත්‍ථියාති න පත්‍ථියොති. සෙසං තත්‍ථ තත්‍ථ පාකටමෙවාති න වුත‍්තං. එවං අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි, දෙසනාපරියොසානෙ පුරාභෙදසුත‍්තෙ වුත‍්තසදිසො එවාභිසමයො අහොසීති.

[missing trans] ‘සො සබ්බ ධම්මෙසු’ යන ගාථාවෙහි, සබ්බධම්මෙසු සැටදෙකක් වූ වැරදි දැකීම් කෙරෙහි, යං කිඤ්වි දිට්ඨං වා මේ ආකාර වූ කොටස්වලින්, පන්නභාරො (ඒ හැඟීම්) බර ඉවත්කරන ලද්දේ, න කප්පියො දෙආකාරව (තණ්හා-දිට්ඨි) කල්පනා පෙරදැරි කොට නොගනිති. නූපරතො කෙලෙස් සහිත වූද, යහපත් වූද කිසිවකු කෙරෙහි බැඳීමකට-ඇලීමකට නොයයි. න පත්‍ථියො තණ්හා ආසා රහිත වූයේ, තණ්හාවෙන් පතනු ලැබේ යැයි ‘පත්‍ථියා’ රහත් මුනිවරයාට එබඳු පැතුම් නැත. ඉතිරි කරුණු පැහැදිලි බැවින් මෙහි නොකියන ලදී. මෙම දේසනයද අරහත් බව කුළුගන්වා නිමකළහ. පුරාභෙද සූත්‍රයෙහි කී පරිදි බොහෝදෙනාට දහම් අවබෝධ විය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය මහාබ්‍යූහසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා වියූහ සූත්‍ර විස්තරය නිමි.