යෙදුමෙන් කියවන්න

14. තුවටක සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

14. තුවටක සුත‍්තවණ‍්ණනා

14. තුවටක සූත්‍ර වර්ණනාව

පුච‍්ඡාමි තන‍්ති තුවටකසුත‍්තං. කා උප‍්පත‍්ති? ඉදම‍්පි තස‍්මිංයෙව මහාසමයෙ “කා නු ඛො අරහත‍්තප‍්පත‍්තියා පටිපත‍්තී”ති උප‍්පන‍්නචිත‍්තානං එකච‍්චානං දෙවතානං තමත්‍ථං පකාසෙතුං පුරිමනයෙනෙව නිම‍්මිතබුද‍්ධෙන අත‍්තානං පුච‍්ඡාපෙත්‍වා වුත‍්තං.

පුච්ඡාමි තං යනු තුවටක සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? මෙය ද එම මහාදේව පිරිස රැස්වූ විට, අරහත් බවට පත්වීමේ පිළිවෙත කුමක්දැ’යි ඇතැම් දෙවිවරුන්ට ඇතිවූ අදහස අනුව ඒ කරුණු පැවසීමට, පෙර පරිදිම - ඉඳු බලයෙන් පෙන්වන ලද බුදුකෙනෙකු විසින් තමන් වහන්සේගෙන් විමසවා (ඊට පිළිතුරු ලෙස) දේසනා කරන ලදී.

තත්‍ථ ආදිගාථාය තාව පුච‍්ඡාමීති එත්‍ථ අදිට‍්ඨජොතනාදිවසෙන පුච‍්ඡා විභජිතා. ආදිච‍්චබන්‍ධුන‍්ති ආදිච‍්චස‍්ස ගොත‍්තබන්‍ධුං. විවෙකං සන‍්තිපදඤ‍්චාති විවෙකඤ‍්ච සන‍්තිපදඤ‍්ච. කථං දිස‍්වාති කෙන කාරණෙන දිස‍්වා, කථං පවත‍්තදස‍්සනො හුත්‍වාති වුත‍්තං හොති.

මුල් ගාථාවෙහි පුච්ඡාමි යනු පැහැදිලි නොවූ කරුණු පිළිබඳව එම කරුණු වඩාත් සවිස්තරව දැනගැනීමට විමසූ අයුරුයි. ආදිච්චබන්‍ධුං හිරුගේ පරපුරෙන් පැවතෙන, විවෙකං සන්තිපදඤ්ච විවේකය ද සැනසීම හෙවත් නිවීමද, කථං දිස්වා කුමන කරුණු දැක, මේ වටපිටාවෙහි පවත්නා කෙබඳු දෙයක් දැක,

අථ භගවා යස‍්මා යථා පස‍්සන‍්තො කිලෙසෙ උපරුන්‍ධති, තථා පවත‍්තදස‍්සනො හුත්‍වා පරිනිබ‍්බාති, තස‍්මා තමත්‍ථං ආවිකරොන‍්තො නානප‍්පකාරෙන තං දෙවපරිසං කිලෙසප‍්පහානෙ නියොජෙන‍්තො “මූලං පපඤ‍්චසඞ‍්ඛායා”ති ආරභිත්‍වා පඤ‍්ච ගාථා අභාසි.

එවිට භාග්‍යවතුන් වහන්සේ, නුවණ මෙහෙයා ඒ අනුව කෙලෙස් වළක්වයිද, එසේ ලබන අවබෝධයෙන් පිරිනිවනට පත්වේදැයි නොයෙක් ආකාරයෙන් කරුණු පැහැදිලි කරමින්, ඒ දේව සමූහයා කෙලෙස් නැති කිරිමෙහි මඟට යොමුකරවමින්, ‘මූලං’ පපඤ්චසංඛාය’ යනුවෙන් ගාථා පහක් වදාළහ.

තත්‍ථ ආදිගාථාය තාව සඞ‍්ඛෙපත්‍ථො – පපඤ‍්චාති සඞ‍්ඛාතත‍්තා පපඤ‍්චා එව පපඤ‍්චසඞ‍්ඛා. තස‍්සා අවිජ‍්ජාදයො කිලෙසා මූලං, තං පපඤ‍්චසඞ‍්ඛාය මූලං අස‍්මීති පවත‍්තමානඤ‍්ච සබ‍්බං මන‍්තාය උපරුන්‍ධෙ. යා කාචි අජ‍්ඣත‍්තං තණ‍්හා උපජ‍්ජෙය්‍යුං, තාසං විනයා සදා සතො සික‍්ඛෙ උපට‍්ඨිතස‍්සති හුත්‍වා සික‍්ඛෙය්‍යාති.

ඒ මුල් ගාථාවේ පටන් කෙටි තේරුම් (දක්වමු.) ‘පපඤ්ච’ යනු ‘අවිජ්ජා’ ආදී කෙලෙස් මුල් හඳුන්වනු ලබන වචනයකි. පපඤ්ච සංඛාය මූලං අස්මී එසේ පවතින්නා වූද, සබ්බං මන්තාය උපරුන්‍ධෙ, යා කාචි අජ්ඣත්තං තණ්හා හටගනු ලබන්නාහ. විනයාය සදා සතො සික්‍ඛෙ ඒ කෙලෙස් පිළිබඳව සිහිය පිහිටුවාගෙන හික්මෙන්නේය.

එවං තාව පඨමගාථාය එව තිසික‍්ඛායුත‍්තං දෙසනං අරහත‍්තනිකූටෙන දෙසෙත්‍වා පුන මානප‍්පහානවසෙන දෙසෙතුං “යං කිඤ‍්චී”ති ගාථමාහ. තත්‍ථ යං කිඤ‍්චි ධම‍්මමභිජඤ‍්ඤා අජ‍්ඣත‍්තන‍්ති යං කිඤ‍්චි උච‍්චාකුලීනතාදිකං අත‍්තනො ගුණං ජානෙය්‍ය අථ වාපි බහිද‍්ධාති අථ වා බහිද‍්ධාපි ආචරියුපජ‍්ඣායානං වා ගුණං ජානෙය්‍ය. න තෙන ථාමං කුබ‍්බෙථාති තෙන ගුණෙන ථාමං න කරෙය්‍ය.

මෙසේ පළමු ගාථාවෙන්ම තුන්ආකාර වූ හික්මීම ගැන, අරහත් බව කුළුගන්වමින් දේසනාකොට, මානය නැති කිරීම පිණිස නැවත ‘යං කිඤ්චි’ යන ගාථාව කීහ. යං කිඤ්චි ධම්මභිජඤ්ඤා අජ්ඣත්තං උසස් පහත් ලෙසින් තමන්ගේ කිසියම් ගුණ දැනගත්තේය. අථවාපි බහිද්ධා ගුරුවර - උපාධ්‍යාය ආදීන්ගේ ගුණ දන්නේය. න තෙන මානං කුබ්බෙථ ඒ ගුණයෙන් මානය ඇතිකර නො ගන්නේ ය.

ඉදානිස‍්ස අකරණවිධිං දස‍්සෙන‍්තො “සෙය්‍යො න තෙනා”ති ගාථමාහ. තස‍්සත්‍ථො – තෙන ච මානෙන “සෙය්‍යොහ”න‍්ති වා “නීචොහ”න‍්ති වා “සරික‍්ඛොහ”න‍්ති වාපි න මඤ‍්ඤෙය්‍ය, තෙහි ච උච‍්චාකුලීනතාදීහි ගුණෙහි ඵුට‍්ඨො අනෙකරූපෙහි “අහං උච‍්චාකුලා පබ‍්බජිතො”තිආදිනා නයෙන අත‍්තානං විකප‍්පෙන‍්තො න තිට‍්ඨෙය්‍ය.

මීළගට එය නොකරන ආකාරය ‘සෙය්‍යො න තෙන’ යන ගාථාවෙන් පෙන්වා දුන්හ. එහි තේරුම නම්, තෙන ඒ මානයෙන් ‘මම උසස් වෙමි’ හෝ ‘මම පහත් වෙමි’ හෝ ‘මම සමාන වෙමි’ හෝ වාපි න මඤ්ඤෙය්‍ය, ඒ උසස් පහත් ආදී ගතිවලින් ඵුට්ඨො අනෙකරූපෙහි ‘මම උසස් කුලයෙන් පැවිදි වූයෙමි’ ආදී ලෙසින් තමන් ගැන කල්පනා (නො) කරන්නේය. න තිට්ඨෙය්‍ය. නො සිටින්නේය.

එවං මානප‍්පහානවසෙනපි දෙසෙත්‍වා ඉදානි සබ‍්බකිලෙසූපසමවසෙනපි දෙසෙතුං “අජ‍්ඣත‍්තමෙවා”ති ගාථමාහ. තත්‍ථ අජ‍්ඣත‍්තමෙවුපසමෙති අත‍්තනි එව රාගාදිසබ‍්බකිලෙසෙ උපසමෙය්‍ය. න අඤ‍්ඤතො භික‍්ඛු සන‍්තිමෙසෙය්‍යාති ඨපෙත්‍වා ච සතිපට‍්ඨානාදීනි අඤ‍්ඤෙන උපායෙන සන‍්තිං න පරියෙසෙය්‍ය. කුතො නිරත‍්තා වාති නිරත‍්තා කුතො එව.

මෙසේ මානය නැති කිරීම ගැන දේසනා කොට, මීළඟට ‘අජ්ඣත්තමෙව’ ගාථාවෙන් කෙලෙස් සංසිඳුවන කරුණු කීහ. අජ්ඣත්තමෙව උපසමෙ තමා කෙරෙහි ඇති රාගාදී සියළු කෙලෙස් සංසිඳවන්නේය. න අඤ්ඤතො භික්‍ඛූ සන්තිමෙසෙය්‍ය සතිපට්ඨානාදි හැර, වෙනත් දෙයකින් (සිතෙහි) සන්සුන් බව නො සොයන්නේ ය. කුතො නිරත්තං වා (අත්හළ බැවින්) අත්හැරීමට දෙයක් කොයින්ද?

ඉදානි අජ‍්ඣත‍්තං උපසන‍්තස‍්ස ඛීණාසවස‍්ස තාදිභාවං දස‍්සෙන‍්තො “මජ‍්ඣෙ යථා”ති ගාථමාහ. තස‍්සත්‍ථො – යථා මහාසමුද‍්දස‍්ස උපරිමහෙට‍්ඨිමභාගානං වෙමජ‍්ඣසඞ‍්ඛාතෙ චතුයොජනසහස‍්සප‍්පමාණෙ මජ‍්ඣෙ පබ‍්බතන‍්තරෙ ඨිතස‍්ස වා මජ‍්ඣෙ සමුද‍්දස‍්ස ඌමි න ජායති, ඨිතොව සො හොති අවිකම‍්පමානො, එවං අනෙජො ඛීණාසවො ලාභාදීසු ඨිතො අස‍්ස අවිකම‍්පමානො, සො තාදිසො රාගාදිඋස‍්සදං භික‍්ඛු න කරෙය්‍ය කුහිඤ‍්චීති.

මීළඟට, සන්සුන් වූ, කෙලෙසුන් සිඳ දැමූ (රහත් උතුමන්ගේ) නොසැලෙන බව ‘මජ්ඣෙ යථා’ ගාථාවෙන් කීහ. එහි තේරුම නම්, යථා විසාල, සමුද්දස්ස සාගර පත්ලේ සිට මතුපිට දක්වා අතර යොදුන් හාරදහසක් වූ මැද කොටසෙහි මජ්ඣෙ (යුගන්‍ධර ආදී) පව් අතර පිහිටි මුහුද මැද ඌමී න ජායති, ඨිතොව මුහුද නොසෙල්වී සිටී. එවං අනෙජො රහතන් වහන්සේ ලාභ ආදියෙහි ඨිතො අස්ස කම්පා නොවෙමින්, රාගාදී කෙලෙස් ගැන ද එපරිදිම උස්සදං භික්‍ඛු න කරෙය්‍ය කුහිඤ්චි.

ඉදානි එතං අරහත‍්තනිකූටෙන දෙසිතං ධම‍්මදෙසනං අබ‍්භනුමොදන‍්තො තස‍්ස ච අරහත‍්තස‍්ස ආදිපටිපදං පුච‍්ඡන‍්තො නිම‍්මිතබුද‍්ධො “අකිත‍්තයී”ති ගාථමාහ. තත්‍ථ අකිත‍්තයීති ආචික‍්ඛි. විවටචක‍්ඛූති විවටෙහි අනාවරණෙහි පඤ‍්චහි චක‍්ඛූහි සමන‍්නාගතො. සක‍්ඛිධම‍්මන‍්ති සයං අභිඤ‍්ඤාතං අත‍්තපච‍්චක‍්ඛං ධම‍්මං. පරිස‍්සයවිනයන‍්ති පරිස‍්සයවිනයනං. පටිපදං වදෙහීති ඉදානි පටිපත‍්තිං වදෙහි. භද‍්දන‍්තෙති “භද‍්දං තව අත්‍ථූ”ති භගවන‍්තං ආලපන‍්තො ආහ. අථ වා භද‍්දං සුන්‍දරං තව පටිපදං වදෙහීති වුත‍්තං හොති. පාතිමොක‍්ඛං අථ වාපි සමාධින‍්ති තමෙව පටිපදං භින්‍දිත්‍වා පුච‍්ඡති. පටිපදන‍්ති එතෙන වා මග‍්ගං පුච‍්ඡති. ඉතරෙහි සීලං සමාධිඤ‍්ච පුච‍්ඡති.

අරහත් බව කුළුගැන්වූ එම දහම් දෙසුම මැනවින් පිළිගනිමින්, ඒ අරහත් මගෙහි පිළිවෙත් මග මුලසිටම විචාරමින් (ඉඳු බලෙන් පෙන්වූ) බුදුවරයා මීළඟට ‘අකිත්තයී’ යන ගාථාව කීය. අකිත්තයී කීයේය. විවට චක්‍ඛූ විවර වූ, අනාවරණ වූ පසැසින් යුතුව, සක්‍ඛි ධම්මං තමන් විසින්ම අවබෝධ කරන ලද, තමන්ටම තහවුරු වූ සිවුසස් දහම, පරිස්සය විනයං උවදුරු දුරු කරන, පටිපදං වදෙහි දැන් පිළිවෙත කියනු මැනව. භද්දන්තෙ ‘ඔබට යහපත වේවා’යි භගවත් හිමිට අමතා කියන ලදී. පාතිමොක්‍ඛං අථවාපි සමාධිං ඒ පිළිවෙතම කොටස් ලෙස විමසයි. එහි අනුගමනය කළයුතු මග විචාරයි. නැතහොත් සීලයද, සිතේ එකඟතාව ගැන විමසයි.

අථස‍්ස භගවා යස‍්මා ඉන්‍ද්‍රියසංවරො සීලස‍්ස රක‍්ඛා , යස‍්මා වා ඉමිනා අනුක‍්කමෙන දෙසියමානා අයං දෙසනා තාසං දෙවතානං සප‍්පායා, තස‍්මා ඉන්‍ද්‍රියසංවරතො පභුති පටිපදං දස‍්සෙන‍්තො “චක‍්ඛූහී”තිආදිමාරද‍්ධො. තත්‍ථ චක‍්ඛූහි නෙව ලොලස‍්සාති අදිට‍්ඨදක‍්ඛිතබ‍්බාදිවසෙන චක‍්ඛූහි ලොලො නෙවස‍්ස. ගාමකථාය ආවරයෙ සොතන‍්ති තිරච‍්ඡානකථාතො සොතං ආවරෙය්‍ය. ඵස‍්සෙනාති රොගඵස‍්සෙන. භවඤ‍්ච නාභිජප‍්පෙය්‍යාති තස‍්ස ඵස‍්සස‍්ස විනොදනත්‍ථාය කාමභවාදිභවඤ‍්ච න පත්‍ථෙය්‍ය. භෙරවෙසු ච න සම‍්පවෙධෙය්‍යාති තස‍්ස ඵස‍්සස‍්ස පච‍්චයභූතෙසු සීහබ්‍යග‍්ඝාදීසු භෙරවෙසු ච න සම‍්පවෙධෙය්‍ය, අවසෙසෙසු වා ඝානින්‍ද්‍රියමනින්‍ද්‍රියවිසයෙසු නප‍්පවෙධෙය්‍ය. එවං පරිපූරො ඉන්‍ද්‍රියසංවරො වුත‍්තො හොති. පුරිමෙහි වා ඉන්‍ද්‍රියසංවරං දස‍්සෙත්‍වා ඉමිනා “අරඤ‍්ඤෙ වසතා භෙරවං දිස‍්වා වා සුත්‍වා වා න වෙධිතබ‍්බ”න‍්ති දස‍්සෙති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, ‘මේ දේසනය ඒ දෙවියන්ටද සුදුසු වන හෙයින්, ඉඳුරන් සංවරය හා සිල් රැකීමද අනුව එම පිලිවෙත් මග අනුපිළිවෙලින් ‘චක්‍ඛූහි.....’ යන ගාථාවෙන් මුලසිටම පහදා දීම ඇරඹූහ. චක්‍ඛු නෙව ලොලස්ස දුටු නොදුටු ආදී ලෙස ඇස ලොල් බවක් නොතිබිය යුතුයි. ගාමකතාය ආවරයෙ සොතං තිරිසන් කතා හරවත් නොවූ, ලාමක කතාවෙන් දෙසවන් ආවරණය කරගත යුතු ඵස්සෙන රෝග පහසින්, භවඤ්ච නාභිජප්පෙය්‍ය ඒ පහස දුරුකිරීම පිණිස, කාමාදී භව නො පතන්නේ ය. භෙරවෙසුච න සම්පවෙධෙය්‍ය ඒ පහසට හේතුවන සීහවග ආදීන්ගෙන් වන බිය ඇතිකර නොගනී. නාසය, මනස වැනි ඉඳුරන් කෙරෙහි ද බිය ඇතිකර නොගනී. මෙසේ ඉඳුරන් සංවරය මැනවින් සපිරෙතැයි කියන ලදී. මුලින්ම ඉඳුරන් හික්මවා ගැනීම කියා, කැලයෙහි වාසය කරමින් බියජනක අරමුණු දැක අසා හෝ කම්පා නොවන්නේ යැයිද දක්වයි.

ලද‍්ධා න සන‍්නිධිං කයිරාති එතෙසං අන‍්නාදීනං යංකිඤ‍්චි ධම‍්මෙන ලභිත්‍වා “අරඤ‍්ඤෙ ච සෙනාසනෙ වසතා සදා දුල‍්ලභ”න‍්ති චින‍්තෙත්‍වා සන‍්නිධිං න කරෙය්‍ය.

ලද්ධා න සන්නිධිං කයිරා ආහාර ආදී යම්කිසිවක් දැහැමෙන් ලැබ, ‘කැලයෙහිදී ද සෙනසුනෙහි ද වාසය කිරීමේදී ඒවා හැමදා ලබාගත නොහැකි යයි සිතා එක්රැස් නොකරන්නේය.

ඣායී න පාදලොලස‍්සාති ඣානාභිරතො ච න පාදලොලො අස‍්ස. විරමෙ කුක‍්කුච‍්චා නප‍්පමජ‍්ජෙය්‍යාති හත්‍ථකුක‍්කුච‍්චාදිකුක‍්කුච‍්චං විනොදෙය්‍ය. සක‍්කච‍්චකාරිතාය චෙත්‍ථ නප‍්පමජ‍්ජෙය්‍ය.

ඣායී න පාදලොලස්ස දැහැන් වැඩීමෙහි නියැලුනේ (නිකරුනේ) ඇවිදීමට නොයන්නේය. විරමෙ කුඤ්ඤච්චං නප්පමජ්ජෙය්‍ය අසංවර ලෙස අත් සෙලවීම්, ඉඟිපෑම් ආදියෙන් දුරුව, සංවරයෙහි පිහිටීම, මනාව කටයුතු කරමින් එහි නොපමා වන්නේය.

තන්‍දිං මායං හස‍්සං ඛිඩ‍්ඩන‍්ති ආලසියඤ‍්ච මායඤ‍්ච හස‍්සඤ‍්ච කායිකචෙතසිකඛිඩ‍්ඩඤ‍්ච. සවිභූසන‍්ති සද‍්ධිං විභූසාය.

තන්‍දිං මායං හස්සං ඛිඩ්ඩං අලස බව ද කපටි බව ද සිනාව ද කායිකව කරන සෙල්ලම් ද, වචනයට සම්බන්ධ වූ හෙවත් මුවින් කරන සෙල්ලම්ද (නොයෙක් හඬ, ඔර හඬ ගැයුම් වැනි) නොයෙදේ. සවිභූසං අලංකාරය සහිත,

ආථබ‍්බණන‍්ති ආථබ‍්බණිකමන‍්තප‍්පයොගං. සුපිනන‍්ති සුපිනසත්‍ථං. ලක‍්ඛණන‍්ති මණිලක‍්ඛණාදිං. නො විදහෙති නප‍්පයොජෙය්‍ය. විරුතන‍්ති මිගාදීනං වස‍්සිතං. පෙසුණියන‍්ති පෙසුඤ‍්ඤං. කයවික‍්කයෙති පඤ‍්චහි සහධම‍්මිකෙහි සද‍්ධිං වඤ‍්චනාවසෙන වා උදයපත්‍ථනාවසෙන වා න තිට‍්ඨෙය්‍ය. උපවාදං භික‍්ඛු න කරෙය්‍යාති උපවාදකරෙ කිලෙසෙ අනිබ‍්බත‍්තෙන‍්තො අත‍්තනි පරෙහි සමණබ්‍රාහ‍්මණෙහි උපවාදං න ජනෙය්‍ය. ගාමෙ ච නාභිසජ‍්ජෙය්‍යාති ගාමෙ ච ගිහිසංසග‍්ගාදීහි නාභිසජ‍්ජෙය්‍ය. ලාභකම්‍යා ජනං න ලපයෙය්‍යාති ලාභකාමතාය ජනං නාලපයෙය්‍ය. පයුත‍්තන‍්ති චීවරාදීහි සම‍්පයුත‍්තං , තදත්‍ථං වා පයොජිතං.

ආථබ්බණං අනුන්ට වින කරන මන්ත්‍ර ආදී ගුරුකම්, සූපිනං සිහින පලාපල, ලක්‍ඛණ මැණික් ලකුණු (පිහිටි තැන් හා ඊට අදාළ වූ) නො විදහෙ නොයෙදෙන්නේය. විරුතඤ්ච සතුන්ගේ හඬ අනුව සුබාසුබ යම් යම් දේ කීම, පෙසුනෙය්‍යං කේළාම්, කය වික්කයෙ පස් දැහැමියන් සමග කපටි ලෙස හෝ මතු වාසි ලැබීම පිණිස හෝ ගනුදෙනු නොකෙරේ. න තිට්ඨෙය්‍ය, උපවාදං භික්‍ඛු න කරෙය්‍ය දොස් සහගත කෙලෙස් සිතිවිලි උපදවා නො ගනිමින්, තමා කෙරෙහි, වෙනත් මහණ බමුණන් කෙරෙහි දොස් නො කියන්නේ ය. ගාමෙ ච නාභිසජ්ජෙය්‍ය ගමෙහි ද ගිහියන් හා එක්වී ඇලී ගැලී කටයුතුවල නොයෙදෙන්නේය. ලාභකම්‍යා ජනං න ලපෙය්‍ය වාසිය පිණිස මිනිසුන් අමතා කතාබහ නොකරන්නේය. පයූතං සිවුරු ආදියට අදාල වූ හෝ ඒවා ලබාගැනීම පිණිස,

මොසවජ‍්ජෙ න නීයෙථාති මුසාවාදෙ න නීයෙථ. ජීවිතෙනාති ජීවිකාය. සුත්‍වා රුසිතො බහුං වාචං, සමණානං වා පුථුජනානන‍්ති රුසිතො ඝට‍්ටිතො පරෙහි තෙස සමණානං වා ඛත‍්තියාදිභෙදානං වා අඤ‍්ඤෙසං පුථුජනානං බහුම‍්පි අනිට‍්ඨවාචං සුත්‍වා. න පටිවජ‍්ජාති න පටිවදෙය්‍ය. කිං කාරණං? න හි සන‍්තො පටිසෙනිකරොන‍්ති.

මොසවජ්ජෙ න නීයෙථ බොරු කීමෙහි නො යෙදෙව. ජීවිතෙන ජීවත්වීම පිණිස, සුත්‍වා රුසිතො බහුං වාචං සමණනං වා පුථුච්චනානං තරහෙන් හෝ ගැටුම් ඇතිකිරීමෙන් හෝ සමණයන් හෝ කැත්කුලවතුන් හෝ බිඳවීමට බොහෝදෙනා කියනු ලබන අයහපත් වචන අසා, න පටිවජ්ජා ඊට පිළිතුරු නොදෙයි. මක්නිසාද? නහි සන්තො පටිසෙනිකරොන්ති

එතඤ‍්ච ධම‍්මමඤ‍්ඤායාති සබ‍්බමෙතං යථාවුත‍්තං ධම‍්මං ඤත්‍වා. විචිනන‍්ති විචිනන‍්තො. සන‍්තීති නිබ‍්බුතිං ඤත්‍වාති නිබ‍්බුතිං රාගාදීනං සන‍්තීති ඤත්‍වා.

එතඤ්ච ධම්මමඤ්ඤාය මෙතෙක් කියන ලද සියළු කරුණු දැන, විචිනං විමසීමෙන් තෝරාගනිමින්, සන්තීති නිබ්බුතිං ඤත්‍වා රාගාදියෙහි නිවීම සැනසීම යැයි දැන,

කිංකාරණා නප‍්පමජ‍්ජෙඉති චෙ – අභිභූ හි සොති ගාථා. තත්‍ථ අභිභූති රූපාදීනං අභිභවිතා. අනභිභූතොති තෙහි අනභිභූතො. සක‍්ඛිධම‍්මමනීතිහමදස‍්සීති පච‍්චක‍්ඛමෙව අනීතිහං ධම‍්මමද‍්දක‍්ඛි. සදා නමස‍්සමනුසික‍්ඛෙති සදා නමස‍්සන‍්තො තිස‍්සො සික‍්ඛායො සික‍්ඛෙය්‍ය. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

‘කුමක් නිසා (ඒ සඳහා) පමා වන්නේ ද? ‘අභිභූ හි සො’ යන ගාථාවෙන් මෙසේ ද වදාරා ඇත. අනභිභූතො ඒවායින් වසඟ කරගැනීමට නොහැකි වූ, සක්‍ඛිධම්මං අනීතිහමදස්සී මෙසේ වී යැයි කී පමණින් ම නො අදහා සිවුසස් දහම පසක් කළේය. සදා නමස්සමනුසික්‍ඛෙ හැමකල්හි නමදිමින් තෙආකාර වූ හික්මීමෙන් යුතු වන්නේය. ඉතිරි කරුණු පැහැදිලිය.

කෙවලං පන එත්‍ථ “චක‍්ඛූහි නෙව ලොලො”තිආදීහි ඉන්‍ද්‍රියසංවරො, “අන‍්නානමථො පානාන”න‍්තිආදීහි සන‍්නිධිපටික‍්ඛෙපමුඛෙන පච‍්චයපටිසෙවනසීලං, මෙථුනමොසවජ‍්ජපෙසුණියාදීහි පාතිමොක‍්ඛසංවරසීලං, “ආථබ‍්බණං සුපිනං ලක‍්ඛණ”න‍්තිආදීහි ආජීවපාරිසුද‍්ධිසීලං, “ඣායී අස‍්සා”ති ඉමිනා සමාධි, “විචිනං භික‍්ඛූ”ති ඉමිනා පඤ‍්ඤා, “සදා සතො සික‍්ඛෙ”ති ඉමිනා පුන සඞ‍්ඛෙපතො තිස‍්සොපි සික‍්ඛා, “අථ ආසනෙසු සයනෙසු, අප‍්පසද‍්දෙසු භික‍්ඛු විහරෙය්‍ය, නිද‍්දං න බහුලීකරෙය්‍යා”තිආදීහි සීලසමාධිපඤ‍්ඤානං උපකාරාපකාරසඞ‍්ගණ‍්හනවිනොදනානි වුත‍්තානීති.

හුදෙක්ම මෙහි ‘ඇස්වලින් රූප දැකීමට ලොල් නොකරන්නේය ආදී ලෙසින් ඉඳුරන් සංවරයත්, ‘ආහාරපාන පමණ ගැන කීමෙන් රැස්කර තබා නොගත යුතු සිවුපසය පරිහරණයෙහි සංවර සීලයත්, ලිංගික ඇසුර, බොරු කීම, කේලාම් කීමෙන් වැළකීම ආදියෙන් පාමොක් සංවර සීලයත්, අණවිණ, සිහින පලාපල, නිමිති ආදිය කීම වැළකීමෙන් පිරිසිදු දිවිපැවතුම් සීලයත්, ‘දැහැන් වැඩීම ගැන කීමෙන් සිත එකඟබවත්, ‘මහණකුගේ තෝරාගැනීම’ ගැන කීමෙන් නුවණත්, ‘හැමකල්හිම සිහියෙන් හික්මවිය යුතු’ යැයි නැවතත් කෙටියෙන් නුවණත්, ‘හැමකල්හිම සිහියෙන් හික්මවිය යුතු’ යැයි නැවතත් කෙටියෙන් තෙ ආකාර වූ ‘හික්මීමත්, ආසන, නිදන තැන්, (පරිහරණය හා) නිසංසල තැන්වල පැවිද්දා වාසය කරන්නේ ය, බොහෝ නිදා නොගන්නේ ය’ ආදී ලෙසින් සීලය - සිත එකඟ බව හා නුවණට උපකාර වන, උපකාරී නොවන - එක්රැස් කරන - දුරුකරන ආකාරය කියන ලදී.

එවං භගවා නිම‍්මිතස‍්ස පරිපුණ‍්ණපටිපදං වත්‍වා අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි, දෙසනාපරියොසානෙ පුරාභෙදසුත‍්තෙ වුත‍්තසදිසොයෙවාභිසමයො අහොසීති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඉඳු බලෙන් පෙන්වන ලද බුදුන්වහන්සේට පිරිපුන් පිළිවෙත පහදා, අරහත් බව කුළුගන්වා දේසනය නිම කළහ. අවසානයෙහි පුරාභෙද සූත්‍රයෙහි කියන ලද පරිදිම දහම් අවබෝධය ලැබූහ.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය තුවටකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තුවටක සූත්‍ර විස්තරය නිමි.

15. අතතදණ‍්ඩ සුත‍්තවණ‍්ණනා

15. අත්තදණ්ඩ සූත්‍ර වර්ණනාව

අත‍්තදණ‍්ඩා භයං ජාතන‍්ති අත‍්තදණ‍්ඩසුත‍්තං. කා උප‍්පත‍්ති? යො සො සම‍්මාපරිබ‍්බාජනීයසුත‍්තස‍්ස උප‍්පත‍්තියං වුච‍්චමානාය සාකියකොලියානං උදකං පටිච‍්ච කලහො වණ‍්ණිතො, තං ඤත්‍වා භගවා “ඤාතකා කලහං කරොන‍්ති, හන්‍ද නෙ වාරෙස‍්සාමී”ති ද‍්වින‍්නං සෙනානං මජ‍්ඣෙ ඨත්‍වා ඉමං සුත‍්තමභාසි.

අත්තදණ්ඩා භයං ජාතං යනු අත්තදණඩ සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනයට හේතුව කුමක්ද? සම්මාපරිබ්බාජනිය සූත්‍රය දේසනයට හේතුවූ කරුණු දැක්වීමේ දී ජලය නිසා හටගත් සැකි-කෝලියවරුන්ගේ අරගලය විස්තර කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ එය දැන, ‘නෑදැයින් කලහ කරති’යි ද, ඔවුන් එයින් වළක්වමි’යි ද අදහස්කොට, යුද සේනා දෙකට මැද වැඩසිට මෙම සූත්‍රය වදාළහ.

තත්‍ථ පඨමගාථායත්‍ථො – යං ලොකස‍්ස දිට‍්ඨධම‍්මිකං වා සම‍්පරායිකං වා භයං ජාතං, තං සබ‍්බං අත‍්තදණ‍්ඩා භයං ජාතං අත‍්තනො දුච‍්චරිතකාරණා ජාතං, එවං සන‍්තෙපි ජනං පස‍්සථ මෙධගං, ඉමං සාකියාදිජනං පස‍්සථ අඤ‍්ඤමඤ‍්ඤං මෙධගං හිංසකං බාධකන‍්ති. එවං තං පටිවිරුද‍්ධං විප‍්පටිපන‍්නං ජනං පරිභාසිත්‍වා අත‍්තනො සම‍්මාපටිපත‍්තිදස‍්සනෙන තස‍්ස සංවෙගං ජනෙතුං ආහ “සංවෙගං කිත‍්තයිස‍්සාමි, යථා සංවිජිතං මයා”ති, පුබ‍්බෙ බොධිසත‍්තෙනෙව සතාති අධිප‍්පායො.

එහි පළමු ගාථාවේ අරුත නම්, ලෝ වාසීනට මෙලොව හෝ පරලොව හෝ බය හටගනී ද, ඒ සියල්ලට අත්තදණ්ඩාභයං ජාතං තමන්ගේ දුසිරිත් කරුණු හේතු වේ. මෙසේ ඇතිකල ජනං පස්සථ මෙධගං එකිනෙකා කෙරෙහි කලහය - හිංසාව - හිරිහැරයට පත් මේ සැකිකුලාදි ජනයා දෙස බලව. එසේ එකිනෙකාට සතුරුව, වැරදි මගට පිළිපන් ජනයාට දොස් නඟා තමන්ගේ නිවැරදි පිළිවෙතින් ඔවුනට සංවේගය දැනවීමට සංවේගං කිත්තයිස්සාමි යථා සංවිජිතං මයා ලෙස කීහ. පෙර බෝසත් කාලය මෙයින් අදහස් කෙරේ.

ඉදානි යථානෙන සංවිජිතං, තං පකාරං දස‍්සෙන‍්තො “ඵන්‍දමාන”න‍්තිආදිමාහ. තත්‍ථ ඵන්‍දමානන‍්ති තණ‍්හාදීහි කම‍්පමානං. අප‍්පොදකෙති අප‍්පඋදකෙ. අඤ‍්ඤමඤ‍්ඤෙහි බ්‍යාරුද‍්ධෙ දිස‍්වාති නානාසත‍්තෙ ච අඤ‍්ඤමඤ‍්ඤෙහි සද‍්ධිං විරුද‍්ධෙ දිස‍්වා. මං භයමාවිසීති මං භයං පවිට‍්ඨං.

මීළඟට එසේ සංවේගයට පත් ආකාරය ‘ඵන්‍දමානං’ ආදී ගාථාවෙන් කීහ. ඵන්‍දමානං තණ්හා ආදියෙන් කම්පනය වන, අප්පොදකෙ මද ජලය ඇති, අඤ්ඤමඤ්ඤෙහි ව්‍යාරුද්ධෙ දිස්වා නොයෙක් සත්වග එකිනෙකා කෙරෙහි සතුරුවන අයුරු දැක, මං භයමාවිසි මට බය දැනුණි.

සමන‍්තමසාරො ලොකොති නිරයං ආදිං කත්‍වා සමන‍්තතො ලොකො අසාරො නිච‍්චසාරාදිරහිතො. දිසා සබ‍්බා සමෙරිතාති සබ‍්බා දිසා අනිච‍්චතාය කම‍්පිතා. ඉච‍්ඡං භවනමත‍්තනොති අත‍්තනො තාණං ඉච‍්ඡන‍්තො. නාද‍්දසාසිං අනොසිතන‍්ති කිඤ‍්චි ඨානං ජරාදීහි අනජ‍්ඣාවුත්‍ථං නාද‍්දක‍්ඛිං.

සමන්තමසාරො ලොකො නිරය පටන් මුළු ලෝකයම අසාර වූ, තිරසාර බවක් නැති, දිසා සබ්බා සමෙරිතා සියළුම දිසා තිර බවක් නොමැති බවින්, අනිස බැවින් කම්පා වී, ඉච්ඡං භවන මත්තනො තමාට රැකවරණයක් කැමතිව, නාද්දසාසිං අනොසිතං ජරාව ආදියෙන් ඉවත්වුනු කිසිදු තැනක් නුදුටුවෙමි.

ඔසානෙත්‍වෙව බ්‍යාරුද‍්ධෙ, දිස‍්වා මෙ අරතී අහූති යොබ‍්බඤ‍්ඤාදීනං ඔසානෙ එව අන‍්තගමකෙ එව විනාසකෙ එව ජරාදීහි බ්‍යාරුද‍්ධෙ ආහතචිත‍්තෙ සත‍්තෙ දිස‍්වා අරති මෙ අහොසි. අථෙත්‍ථ සල‍්ලන‍්ති අථ එතෙසු සත‍්තෙසු රාගාදිසල‍්ලං. හදයනිස‍්සිතන‍්ති චිත‍්තනිස‍්සිතං.

ඔසානෙත්‍වෙව ව්‍යාරුද්ධො දිස්වා මෙ අරතී අහූ යොවුන් බව අවසානයෙහිම, කෙළවරෙහිම, වැනසෙන කල්හිම, ජරාවෙන් පීඩිතව, නොසතුටු සිත් ඇති සත්වග දැක නොඇලීමක් කලකිරීමක් මට ඇතිවිය. අත්‍ථෙව සල්ලං ඉක්බිති මේ සතුන් කෙරෙහි වූ රාගාදී උල්, හදය නිස්සිතං සිතෙහි ඇතිවූ

“කථංආනුභාවං සල‍්ල”න‍්ති චෙ – යෙන සල‍්ලෙන ඔතිණ‍්ණොති ගාථා. තත්‍ථ දිසා සබ‍්බා විධාවතීති සබ‍්බා දුච‍්චරිතදිසාපි පුරත්‍ථිමාදිදිසාවිදිසාපි ධාවති. තමෙව සල‍්ලමබ‍්බුය‍්හ, න ධාවති න සීදතීති තමෙව සල‍්ලං උද‍්ධරිත්‍වා තා ච දිසා න ධාවති, චතුරොඝෙ ච න සීදතීති.

ඒ උලෙහි බලය කෙතෙක්ද? ‘යෙන සල්ලෙන ඔතිණ්ණෙ’ යන ගාථාවෙන් එය කියන ලදී. එම ගාථාවෙහි, දිසා සබ්බා විධාවතී සියළු දුසිරිත් නැගෙනහිර, ආදී දිසා හා අනුදිසාවලටද පැතිරෙයි. තමෙව සල්ලං අබ්බුය්හ න ධාවති න සීදති ඒ උල උදුරා දැමීමෙන් පසුව, දිසා අනුව (සසර) නොදුවයි. සිවු සැඩපහරෙහි නොගිලෙයි.

එවංමහානුභාවෙන සල‍්ලෙන ඔතිණ‍්ණෙස‍්වපි ච සත‍්තෙසු – තත්‍ථ සික‍්ඛානුගීයන‍්ති, යානි ලොකෙ ගධිතානීති ගාථා. තස‍්සත්‍ථො – යෙ ලොකෙ පඤ‍්ච කාමගුණා පටිලාභාය ගිජ‍්ඣන‍්තීති කත්‍වා “ගධිතානී”ති වුච‍්චන‍්ති, චිරකාලාසෙවිතත‍්තා වා “ගධිතානී”ති වුච‍්චන‍්ති, තත්‍ථ තං නිමිත‍්තං හත්‍ථිසික‍්ඛාදිකා අනෙකා සික‍්ඛා කථීයන‍්ති උග‍්ගය‍්හන‍්ති වා. පස‍්සථ යාව පමත‍්තො වායං ලොකො, යතො පණ‍්ඩිතො කුලපුත‍්තො තෙසු වා ගධිතෙසු තාසු වා සික‍්ඛාසු අධිමුත‍්තො න සියා, අඤ‍්ඤදත්‍ථු අනිච‍්චාදිදස‍්සනෙන නිබ‍්බිජ‍්ඣ සබ‍්බසො කාමෙ අත‍්තනො නිබ‍්බානමෙව සික‍්ඛෙති.

මෙසේ මහා බලවත් උලකින් සිදුරුව පීඩාවට පත් සත්වග අතරෙහි (වෙනසක්) ‘සික්‍ඛානූගීයන්ති.........’ යන ගාථාවෙන් දැක්වේ. එහි තේරුම නම්, ලොකෙ පස්කම් සැප ලැබීමට එහි ගැලී මුලා වී, ගථිතානි යැයි කියන ලදී. බොහෝ කලක් ඊට පුරුදු වූ, ඒවා ඇසුරු කරන ලද බැවින්ද ගථිතානි නම් වේ. තත්‍ත ඒ හේතුවෙන්, ඇතුන් හික්මවීම ආදී නොයෙක් සික්‍ඛා කියනු ලබත් හෝ උගන්වනු ලබති. ‘මේ ලෝකය කොතෙක්දුරට (ඒ ඇති තතු දැකීමට) පමාවූයේද? කියා බලව. මේ අතර දැනුම් තේරුම් ඇති කුලපුතෙක්, තෙසු ඒ ඇලීගැලෙන පස්කම්හි හෝ ඇතුන් හික්මවීම් ආදී කටයුතුවලින් ඈත්වී, න සියා හුදෙක්ම කිසිම දෙයක සදා පැවතීමක් නැතැයි අනිසතාව දැකීමෙන් නිබ්බිජ්ජ සබ්බසෙ කාමෙ අත්තනො නිබ්බාණමෙව සික්‍ඛෙ.

ඉදානි යථා නිබ‍්බානාය සික‍්ඛිතබ‍්බං, තං දස‍්සෙන‍්තො “සච‍්චො සියා”තිආදිමාහ. තත්‍ථ සච‍්චොති වාචාසච‍්චෙන ඤාණසච‍්චෙන මග‍්ගසච‍්චෙන ච සමන‍්නාගතො. රිත‍්තපෙසුණොති පහීනපෙසුණො. වෙවිච‍්ඡන‍්ති මච‍්ඡරියං.

මීළඟට නිවන් පිණිස හික්මිය යුතු ආකාරය සච්චො සියා යන ගාථාවෙහි සඳහන් වේ. සචචො ඇත්ත කතා කිරීමෙන් ද, නිසි නුවණින් ද, නියම මගෙන් ද යුක්ත වූ, රිත්ත පෙසුනො කේළාම් කීමෙන් වෙන් වී, වෙවිච්ඡං මසුරුකම,

නිද‍්දං තන්‍දිං සහෙ ථීනන‍්ති පචලායිකඤ‍්ච කායාලසියඤ‍්ච චිත‍්තාලසියඤ‍්චාති ඉමෙ තයො ධම‍්මෙ අභිභවෙය්‍ය. නිබ‍්බානමනසොති නිබ‍්බානනින‍්නචිත‍්තො.

නිද්දං තන්‍දිං සහෙ ථීනං නිදිකිරා වැටීමද, කයෙහි අලස බව හා සිතෙහි අලස බව යන මේ කරුණු තුන මැඩපවත්වන්නේය. නිබ්බාණමනසො නිවනට යොමු වූ සිත ඇතිව,

සාහසාති රත‍්තස‍්ස රාගචරියාදිභෙදා සාහසකරණා. පුරාණං නාභිනන්‍දෙය්‍යාති අතීතරූපාදිං නාභිනන්‍දෙය්‍ය. නවෙති පච‍්චුප‍්පන‍්නෙ. හිය්‍යමානෙති විනස‍්සමානෙ. ආකාසං න සිතො සියාති තණ‍්හානිස‍්සිතො න භවෙය්‍ය. තණ‍්හා හි රූපාදීනං ආකාසනතො “ආකාසො”ති වුච‍්චති.

සාහසා රාගයෙන් රත් වූ හැසිරීම් ආදියෙන් ඉවත් වන්නේය. පුරාණං නාභිනන්‍දෙය්‍ය අතීතයට ඇළුම් නො වන්නේ ය. න වෙ වත්මනෙහි, හීයමානෙ මානය නැතිකොට ආකාසං න සිතො සියා තණ්හාව ඇසුරු නො කරන්නේ ය. තණ්හාවෙන් රූප ආදිය (සිතෙහි පැතිරි විහිදී යන ආකාරය අනුව) ‘ආකාස’ යැයිද කියනු ලැබේ.

“කිංකාරණා ආකාසං න සිතො සියා”ති චෙ – “ගෙධං බ්‍රූමී”ති ගාථා. තස‍්සත්‍ථො – අහඤ‍්හි ඉමං ආකාසසඞ‍්ඛාතං තණ‍්හං රූපාදීසු ගිජ‍්ඣනතො ගෙධං බ්‍රූමි “ගෙධො”ති වදාමි. කිඤ‍්ච භිය්‍යො – අවහනනට‍්ඨෙන “ඔඝො”ති ච ආජවනට‍්ඨෙන “ආජව”න‍්ති ච “ඉදං මය‍්හං, ඉදං මය‍්හ”න‍්ති ජප‍්පකාරණතො “ජප‍්පන”න‍්ති ච දුම‍්මුඤ‍්චනට‍්ඨෙන “ආරම‍්මණ”න‍්ති ච කම‍්පකරණෙන “පකම‍්පන”න‍්ති ච බ්‍රූමි, එසා ච ලොකස‍්ස පලිබොධට‍්ඨෙන දුරතික‍්කමනීයට‍්ඨෙන ච කාමපඞ‍්කො දුරච‍්චයොති. “ආකාසං න සිතො සියා”ති එවං වුත‍්තෙ වා “කිමෙතං ආකාස”න‍්ති චෙ? ගෙධං බ්‍රූමීති. එවම‍්පි තස‍්සා ගාථාය සම‍්බන්‍ධො වෙදිතබ‍්බො. තත්‍ථ පදයොජනා – ආකාසන‍්ති ගෙධං බ්‍රූමීති. තථා ය‍්වායං මහොඝොති වුච‍්චති. තං බ්‍රූමි, ආජවං බ්‍රූමි, ජප‍්පනං බ්‍රූමි, පකම‍්පනං බ්‍රූමි, ය‍්වායං සදෙවකෙ ලොකෙ කාමපඞ‍්කො දුරච‍්චයො, තං බ්‍රූමීති.

ඊට හේතුව කුමක්ද? අහස පැතිරී ඇති අයුරු මෙනි. ‘ගෙධං බ්‍රෑමි’ යන ගාථාවේ අරුත නම්, මම මේ අහස සේ නම් කරන ලද තණ්හාවෙන් රූප ආදියට කෑදර බව ඇතිකරන බැවින්, ගෙධං බ්‍රෑමි ‘ගෙධ’ යැයි කියමි. තවදුරටත් කියන්නේ නම්, කැඳවාගෙන යන අරුතින් ඔඝො හෙවත් සැඩපහර යයි ද, රඳවා ගැනීමේ අරුතින් ‘ආජව’ යැයි ද, මෙය මගේය, මෙය මගේ යැයි කොඳුරන බැවින් ජප්පන යැයි ද, මුදාහැරිය නොහැකි අරුතින් ආරම්මණං යයි ද කම්පා කරන බැවින් කම්පනං යයි ද කියමි. තණ්හාව උවදුරක් ලෙස ද, පහසුවෙන් ඉක්මවිය නොහැකි ලෙසින් ද කාමපංකො දුරච්චයො, ‘ආකාසං න සිතො සියා’ මෙසේ කී කල්හි, ආකාස යයි කියන්නේ කුමක්දැ’යි ‘ගෙධං බ්‍රෑමි’ යන ගාථාවට එක්වන ආකාරය දැනගත යුතුය. එහි පද යෙදුම ‘ආකාසංති ගෙධං බ්‍රෑමි’ යනුවෙනි. එසේම ‘මහොඝො බ්‍රෑමි, ආජවං බ්‍රෑමි, ජප්පනං බ්‍රෑමි, කම්පනං බ්‍රෑමි යැයි. (යොදා ගතයුතුය.) එසේ දෙවියන් සහිත ලෝකයෙහි කාමය නැමති මඩගොහොරුවෙන් ගොඩ ඒම අපහසුයයිද කියමි.

එවමෙතං ගෙධාදිපරියායං ආකාසං අනිස‍්සිතො – සච‍්චා අවොක‍්කම‍්මාති ගාථා. තස‍්සත්‍ථො – පුබ‍්බෙ වුත‍්තා තිවිධාපි සච‍්චා අවොක‍්කම‍්ම මොනෙය්‍යප‍්පත‍්තියා මුනීති සඞ‍්ඛ්‍යං ගතො නිබ‍්බානත්‍ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණො, ස වෙ එවරූපො සබ‍්බානි ආයතනානි නිස‍්සජ‍්ජිත්‍වා “සන‍්තො”ති වුච‍්චතීති.

එමෙන්ම මහාව ගිජු බවෙන් ඉවත් නොවේ. ‘සච්චා අවොක්කම්ම’ යන ගාථාවේ අරුත නම්, පෙර කියන ලද තුන්ආකාර වූ සච්චා අවොක්කම්ම රහත් බව ලබන උසස් පිළිවෙතින් යුතු වූයේ මුනි යැයි හැඳින්වේ. නිවන නැමති ගොඩබිමෙහි (සසරින් එතෙරව) තිට්ඨති බ්‍රාහ්මණෙ, සවෙ මෙබඳු සියළුම කරුණු, නිස්සජ්ජිත්‍වා සන්තො වුච්චති සියලු ආයතනයන් දුරලා ශාන්ත වූයේය.

කිඤ‍්ච භිය්‍යො – ස වෙ විද‍්වාති ගාථා. තත්‍ථ ඤත්‍වා ධම‍්මන‍්ති අනිච‍්චාදිනයෙන සඞ‍්ඛතධම‍්මං ඤත්‍වා. සම‍්මා සො ලොකෙ ඉරියානොති අසම‍්මාඉරියනකරානං කිලෙසානං පහානා සම‍්මා සො ලොකෙ ඉරියමානො.

මේ ගැන වැඩිදුර කිවයුතුද? (මීළඟට) ‘සවෙ විදිත්‍වා’ ගාථාවයි. ඤත්‍වා ධම්මං අනිස ආදී කරුණු දැන, සම්මා සො ලොකෙ ඉරීයානො වැරදි ඉරියවු පැවැත්මෙන් වන සියළු කෙලෙස් නැතිකොට, මැනවින් මුනිවරයා ඉරියවු පවත්වන්නේය.

එවං අපිහෙන‍්තො ච – යොධ කාමෙති ගාථා. තත්‍ථ සඞ‍්ගන‍්ති සත‍්තවිධං සඞ‍්ගඤ‍්ච යො අච‍්චතරි නාජ‍්ඣෙතීති නාභිජ‍්ඣායති.

‘යොධ කාමෙ’ ගාථාවෙහි. සංග සත්ආකාර වූ එක්රැස්වීම්, යො අච්චතරී නාජ්ඣෙති දැඩිව ආසා නොකරයි.

තස‍්මා තුම‍්හෙසුපි යො එවරූපො හොතුමිච‍්ඡති, තං වදාමි – යං පුබ‍්බෙති ගාථා. තත්‍ථ යං පුබ‍්බෙති අතීතෙ සඞ‍්ඛාරෙ ආරබ‍්භ උප‍්පජ‍්ජනධම‍්මං කිලෙසජාතං අතීතකම‍්මඤ‍්ච. පච‍්ඡා තෙ මාහු කිඤ‍්චනන‍්ති අනාගතෙපි සඞ‍්ඛාරෙ ආරබ‍්භ උප‍්පජ‍්ජනධම‍්මං රාගාදිකිඤ‍්චනං මාහු. මජ‍්ඣෙ චෙ නො ගහෙස‍්සසීති පච‍්චුප‍්පන‍්නෙ රූපාදිධම‍්මෙපි න ගහෙස‍්සසි චෙ.

එහෙයින් ඔබලාද එසේ වීමට කැමතිවීම (මැනවි.) එසේ කියමි. යං පුබ්බෙ යන ගාථාවේ යං පුබ්බෙ අතීතයෙහි කළ කී දේ මත සකස් වූ කෙලෙසින් හටගත් අතීත කටයුතු ද, පච්ඡ තෙ මාහු කිඤ්චිනං අනාගතයෙහිද එබඳු එක්රැස්වීම් නිසා ඇතිවන රාගාදී කෙලෙස් ගැන කියයි. මජ්ඣෙ චෙ නො ගහෙස්සසී වත්මනෙහි ද රූපාදිය ද (තණ්හා-දිට්ඨි සේ) නො ගන්නේය.

එවං “උපසන‍්තො චරිස‍්සසී”ති අරහත‍්තප‍්පත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි අරහතො ථුතිවසෙන ඉතො පරා ගාථායො අභාසි. තත්‍ථ සබ‍්බසොති ගාථාය මමායිතන‍්ති මමත‍්තකරණං, “මම ඉද”න‍්ති ගහිතං වා වත්‍ථු. අසතා ච න සොචතීති අවිජ‍්ජමානකාරණා අසන‍්තකාරණා න සොචති. න ජීයතීති ජානිම‍්පි න ගච‍්ඡති.

මෙසේ සන්සුන්ව හැසිරෙන්නෙහි’ යැයි අරහත් බවට පැමිණීම දක්වා, රහතන් වහන්සේ පිළිබඳව පැසසුම් ලෙසින් මෙයින් පසු ගාථා වදාළහ. ‘සබ්බසො’ යන ගාථාවෙහි මමායිතං මගේය - මම ය යන අදහසයි. මෙය මට අයත්ය යනුවෙන් අදහස් කරන දේ, අසතා ච න සොචති නොපෙනෙන දෙයකට, නොමැති දෙයකට සෝක නොකරයි. න ජීයති විපතකට නොපැමිණේ.

කිඤ‍්ච භිය්‍යො – යස‍්ස නත්‍ථීති ගාථා. තත්‍ථ කිඤ‍්චනන‍්ති කිඤ‍්චි රූපාදිධම‍්මජාතං. කිඤ‍්ච භිය්‍යො – අනිට‍්ඨුරීති ගාථා. තත්‍ථ අනිට‍්ඨුරීති අනිස‍්සුකී. “අනිද‍්ධුරී”තිපි කෙචි පඨන‍්ති. සබ‍්බධී සමොති සබ‍්බත්‍ථ සමො, උපෙක‍්ඛකොති අධිප‍්පායො. කිං වුත‍්තං හොති? යො සො “නත්‍ථි මෙ”ති න සොචති, තමහං අවිකම‍්පිනං පුග‍්ගලං පුට‍්ඨො සමානො අනිට‍්ඨුරී අනනුගිද‍්ධො අනෙජො සබ‍්බධි සමොති ඉමං තස‍්මිං පුග‍්ගලෙ චතුබ‍්බිධමානිසංසං බ්‍රූමීති.

ඒ ගැන වැඩිදුර කිවයුතුද? අනුද්ධරී යන ගාථාවෙහි අනුද්ධරී ඉසිමාන නැති, අනිට්ඨුරී යැයි ඇතමෙක් කියති. සබ්බධී සමො හැමවිටම සමව, මැදහත් බව අදහස් කෙරේ. කුමක් නිසා කියන ලද ද? ඒ රහතන් වහන්සේ ‘මට මෙය නැතැ’යි සෝක නො කරති. මම ඒ කම්පානොවන තැනැත්තා ගැන ඇසූවිට, අනිට්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ්බධීසමො යැයි මේ ගුණ හතරද ආනිසංස බ්‍රෑමි (කියමි.)

කිඤ‍්ච භිය්‍යො – අනෙජස‍්සාති ගාථා. තත්‍ථ නිසඞ‍්ඛතීති පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදීසු යො කොචි සඞ‍්ඛාරො. සො හි යස‍්මා නිසඞ‍්ඛරියති නිසඞ‍්ඛරොති වා, තස‍්මා “නිසඞ‍්ඛතී”ති වුච‍්චති. වියාරම‍්භාති විවිධා පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදිකා ආරම‍්භා. ඛෙමං පස‍්සති සබ‍්බධීති සබ‍්බත්‍ථ අභයමෙව පස‍්සති.

තවදුරටත් ඒ ගැන කිවයුතුද? මීළඟට අනෙජස්ස යන ගාථාවයි. එම ගාථාවේ නිසංඛීතිපුඤ්ඤාභිසංඛාර ආදිය, එබඳු රැස්කිරීම්, එකතුවීම් නැති හෙයින් නිසංඛීති යැයි කියනු ලැබේ. වියාරම්භා ඒවායෙහි පටන්ගැන්ම, ඛෙමං පස්සති සබ්බධී සැමතැනම බියරහිත බවම දකී.

එවං පස‍්සන‍්තො න සමෙසූති ගාථා. තත්‍ථ න වදතෙති “සදිසොහමස‍්මී”තිආදිනා මානවසෙන සමෙසුපි අත‍්තානං න වදති ඔමෙසුපි උස‍්සෙසුපි. නාදෙති න නිරස‍්සතීති රූපාදීසු කඤ‍්චි ධම‍්මං න ගණ‍්හාති; න නිස‍්සජ‍්ජති. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව. එවං අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි, දෙසනාපරියොසානෙ පඤ‍්චසතා සාකියකුමාරා ච කොලියකුමාරා ච එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බජිතා, තෙ ගහෙත්‍වා භගවා මහාවනං පාවිසීති.

මෙසේ දකිමින්, (ඊළඟට) න සමෙසු යන ගාථාවයි. එහි න වදති ‘මම සමාන වෙමි’යි ආදී මැනීම් ලෙසින් තමා සමකොට නො කියයි. (තුන්මාන) ධමෙසු, උස්සෙසු නා දෙති න නිරස්සති රූපාදී කිසිදු දෙයක් දැඩිව නොගනී. (එසේ නොගන්නා බැවින්) අත්හැර නොදමයි. ඉතිරි කරුණු පැහැදිලිය. මෙසේ අරහත් බව කුළුගන්වමින් දේසනය නිම කළහ. දේසනය අවසානයෙහි සැකි කුමරුවෝ පන්සියයක් ද, කෝලිය කුමරුවෝ පන්සියයක් ද ‘එව මහණ’ යැයි භාග්‍යවතුන් වහන්සේගේ ඇමතීමෙන් පැවිදි බව ලැබූහ. තථාගතයන් වහන්සේ ඒ සඟ පිරිස ද සමග මහා වනයට පිවිසියහ.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය අත‍්තදණ‍්ඩසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අත්තදණ්ඩ සූත්‍ර විස්තරය නිමි.