16. සාරිපුත්ත සුත්තවණ්ණනා අට්ඨකථා
16. සාරිපුත්ත සුත්තවණ්ණනා
16. සාරිපුත්‍ර සූත්‍ර වර්ණනාව
න මෙ දිට්ඨොති සාරිපුත්තසුත්තං, “ථෙරපඤ්හසුත්ත”න්තිපි වුච්චති. කා උප්පත්ති? ඉමස්ස සුත්තස්ස උප්පත්ති – රාජගහකස්ස සෙට්ඨිස්ස චන්දනඝටිකාය පටිලාභං ආදිං කත්වා තාය චන්දනඝටිකාය කතස්ස පත්තස්ස ආකාසෙ උස්සාපනං ආයස්මතො පිණ්ඩොලභාරද්වාජස්ස ඉද්ධියා පත්තග්ගහණං, තස්මිං වත්ථුස්මිං සාවකානං ඉද්ධිපටික්ඛෙපො, තිත්ථියානං භගවතා සද්ධිං පාටිහාරියං කත්තුකාමතා, පාටිහාරියකරණං, භගවතො සාවත්ථිගමනං, තිත්ථියානුබන්ධනං, සාවත්ථියං පසෙනදිනො බුද්ධූපගමනං කණ්ඩම්බපාතුභාවො, චතුන්නං පරිසානං තිත්ථියජයත්ථං පාටිහාරියකරණුස්සුක්කනිවාරණං, යමකපාටිහාරියකරණං, කතපාටිහාරියස්ස භගවතො තාවතිංසභවනගමනං, තත්ථ තෙමාසං ධම්මදෙසනා, ආයස්මතා මහාමොග්ගල්ලානත්ථෙරෙන යාචිතස්ස දෙවලොකතො සඞ්කස්සනගරෙ ඔරොහණන්ති ඉමානි වත්ථූනි අන්තරන්තරෙ ච ජාතකානි විත්ථාරෙත්වා යාව දසසහස්සචක්කවාළදෙවතාහි පූජියමානො භගවා මජ්ඣෙ මණිමයෙන සොපානෙන සඞ්කස්සනගරෙ ඔරුය්හ සොපානකළෙවරෙ අට්ඨාසි –
න මෙ දිට්ඨො යනු සාරිපුත්ත සූත්‍රයයි. ථෙරපඤ්ඤහ සූත්‍රය යයි ද හඳුන්වනු ලැබේ. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? මේ ඊට හේතුවයි. රජගහනුවර සිටුවරයාට සඳුන්ගැටය ලද විට ඒ සඳුන් ගැටයෙන් සෑදූ පාත්‍රය උසින් ඔසවා තැබීමත්, ගරුකටයුතු පිණ්ඩොල භාරද්වාජ තෙරුන් ඉඳුබලෙන් එය ගැනීමත්, ඒ හේතුකොට සව්වනට ඉඳු පෙළහර පෑම තහනම් කිරීමත්, තීර්ථකයන් භාග්‍යවතුන් වහන්සේ සමග පෙළහර පෑමට කැමැති වීම, පෙළහර පෑම, භාග්‍යවතුන් වහන්සේගේ සැවැත්පුර ගමන, තීර්ථකයන් පසුපස යාම, සැවැත්පුරදී පසේනදී රජු බුදුරදුන් හමුවීම, ගදඹරුක පහළවීම, තීර්ථක පරාජය සඳහා පෙළහර පෑමට උත්සාහවත් වූ සිවුපිරිසට එය වැළැක්වීම, යමාමහ පෙළහර පෑම, පෙළහර පෑමෙන් පසු භාග්‍යවතුන් වහන්සේගේ තව්තිසා ගමන, එහි තෙමසක් දහම් දෙසීම, ගරුකටයුතු අනුරුද්ධ තෙරුන් වහන්සේ විසින් ඉල්ලා සිටි පරිදි දෙව්ලොවින් සංකස්ස නුවරට බැසීම දක්වා මේ සිදුවීම් අතරතුර ජාතක කථාද විස්තරකොට, දස දහසක් සක්වළ දේවතාවුන් විසින් කරනු ලබන පූජා ලබමින් මැද තිබූ මැණික් හිණිමගෙන් බැස හිණිමග පාමුල සිටියහ.
“යෙ ඣානප්පසුතා ධීරා, නෙක්ඛම්මූපසමෙ රතා; දෙවාපි තෙසං පිහයන්ති, සම්බුද්ධානං සතීමත”න්ති. (ධ· ප· 181) –
‘දැහැනෙහි නිරතුරුවම යෙදෙන, සියළු කාමයන් හැරදැමූ නුවණැති, සිහියෙන් යුතු සම්මා සම්බුදුවරුන්ට දෙවියෝ ද කැමති වෙති.’
ඉමිස්සා ධම්මපදගාථාය වුච්චමානාය වුත්තා. සොපානකළෙවරෙ ඨිතං පන භගවන්තං සබ්බපඨමං ආයස්මා සාරිපුත්තො වන්දි, තතො උප්පලවණ්ණා භික්ඛුනී, අථාපරො ජනකායො. තත්ර භගවා චින්තෙසි – “ඉමිස්සං පරිසති මොග්ගල්ලානො ඉද්ධියා අග්ගොති පාකටො, අනුරුද්ධො දිබ්බචක්ඛුනා, පුණ්ණො ධම්මකථිකත්තෙන, සාරිපුත්තං පනායං පරිසා න කෙනචි ගුණෙන එවං අග්ගොති ජානාති, යංනූනාහං සාරිපුත්තං පඤ්ඤාගුණෙන පකාසෙය්ය”න්ති. අථ ථෙරං පඤ්හං පුච්ඡි. ථෙරො භගවතා පුච්ඡිතං පුච්ඡිතං පුථුජ්ජනපඤ්හං, සෙක්ඛපඤ්හං, අසෙක්ඛපඤ්හඤ්ච, සබ්බං විස්සජ්ජෙසි. තදා නං ජනො “පඤ්ඤාය අග්ගො”ති අඤ්ඤාසි . අථ භගවා “සාරිපුත්තො න ඉදානෙව පඤ්ඤාය අග්ගො, අතීතෙපි පඤ්ඤාය අග්ගො”ති ජාතකං ආනෙසි.
මෙම ධම්මපද ගාථාවෙන් පැවසෙන පරිදි මේ සිදුවීමටද අදාල වේ. හිණිමග පාමුල සිටි භාග්‍යවතුන් වහන්සේට, හැමදෙනාගෙන් පළමුකොටම ගරුකටයුතු සැරියුත් තෙරුන් වහන්සේ වැන්දාහ. ඊට පසු උප්පලවණ්ණා තෙරණියද, පසුව මහජනයාද වැන්දාහ. ‘මේ පිරිස අතර, මුගලන් තෙරුන් ඉඳු බලයෙන්ද, අනුරුද්ධ තෙරුන් දිවැසින්ද, පුණ තෙරුන් දහම් කතාවටද උසස්ව, මුල්තැන සිටිනා බව පතළය. සැරියුත් තෙරුන් කිනම් ගුණයකින් උසස්ව මුල්තැන ගන්නේදැ’යි නොදනී. සැරියුත් තෙරුන්ගේ මහා පැණවත් බව පහදා දෙන්නේ නම් මැනවැ’යි එහිදී භාග්‍යවතුන් වහන්සේ සිතූහ. ඉක්බිති තෙරුන් වහන්සේගෙන් පැනයක් විචාළහ. තෙරුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ විසින් විමසන ලද, පොදු සමාජයට ගැලපෙන පැන, මගපලයෙහි හික්මීමට අදාල පැන, රහත් උතුමන්ට අදාල පැන සියල්ලම විසඳූහ. එදා ජනයා සැරියුත් තෙරුන් නුවණින් මුල්තැන ගන්නේ යැයි මැනවින් දැන ගත්තේය. එවිට භාග්‍යවතුන් වහන්සේ, සැරියුත් තෙරුන් තියුණු නුවණින් මුල්තැන් ගත්තේ දැන් පමණක් නොවේ’ යැයි (ජාතක කථාවක් දේසනා කළහ.)’
අතීතෙ පරොසහස්සා ඉසයො වනමූලඵලාහාරා පබ්බතපාදෙ වසන්ති. තෙසං ආචරියස්ස ආබාධො උප්පජ්ජි, උපට්ඨානානි වත්තන්ති. ජෙට්ඨන්තෙවාසී “සප්පායභෙසජ්ජං ආහරිස්සාමි, ආචරියං අප්පමත්තා උපට්ඨහථා”ති වත්වා මනුස්සපථං අගමාසි. තස්මිං අනාගතෙයෙව ආචරියො කාලමකාසි. තං “ඉදානි කාලං කරිස්සතී”ති අන්තෙවාසිකා සමාපත්තිමාරබ්භ පුච්ඡිංසු. සො ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං සන්ධායාහ – “නත්ථි කිඤ්චී”ති, අන්තෙවාසිනො “නත්ථි ආචරියස්ස අධිගමො”ති අග්ගහෙසුං. අථ ජෙට්ඨන්තෙවාසී භෙසජ්ජං ආදාය ආගන්ත්වා තං කාලකතං දිස්වා ආචරියං “කිඤ්චි පුච්ඡිත්ථා”ති ආහ. ආම පුච්ඡිම්හා, “නත්ථි කිඤ්චී”ති ආහ, න කිඤ්චි ආචරියෙන අධිගතන්ති. නත්ථි කිඤ්චීති වදන්තො ආචරියො ආකිඤ්චඤ්ඤායතනං පවෙදෙසි, සක්කාතබ්බො ආචරියොති.
‘පෙර දහසකටත් වඩා ඉසිවරු අල, පලතුරු ආහාරයට ගනිමින්, වනයෙහි කඳුපාමුල්හි වසති. ඔවුන්ගේ ගුරුවරයාට අසනීපයක් හටගත්තේය. උවටැන් මැනවින් සිදු කෙරෙයි. දෙටු අතවැසියා ‘සුදුසු බෙහෙතක් ගෙන එන්නෙමි, ඇඳුරුතුමන්ට නොපමාව උවටැන් කරව’යි කියා මිනිසුන් වසන පෙදෙසකට ගියේය. ඔහු ආපසු ඒමට පෙර, ඇදුරුතුමා මළේය. ‘ඔහු දැන් මිය යන්නේ’ යැයි සිතූ අතවැසියෝ සමාපත්ති ගැන විමසූහ. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ගැන සළකා ‘කිසිත් නැතැ’යි ඇදුරුතුමා කීය. අතවැසියෝ එවිට, ‘ඇදුරුතුමා සිත දියුණුකොට කිසිදු උසස්බවක් ලබා නැතැයි සිතූහ. දෙටු අතවැසියා බෙහෙත් ගෙන අවුත්, ඔහු මළ බව දැන, ‘ඇදුරුතුමාගෙන් කිසිවක් විමසීදැ’යි ඇසීය. ‘විචාළෙමු, කිසිවක් නැතැ’යි කී බැවින් කිසිදු උසස් බවක් ලබා නැතැයි අතවැසියෝ කීහ. ‘කිසිවක් නැතැයි, ආකිඤ්චඤ්ඤායතන දැහැන ගැන දැනුම් දුන් බවත්, ඇදුරුතුමන්ට ගරුසත්කාර කළ යුතු’ යැයි දෙටු අතවැසියා පැවසීය.
“පරොසහස්සම්පි සමාගතානං, කන්දෙය්යුං තෙ වස්සසතං අපඤ්ඤා; එකොපි සෙය්යො පුරිසො සපඤ්ඤො, යො භාසිතස්ස විජානාති අත්ථ”න්ති. (ජා· 1.1.99);
‘දහසකටත් වඩා රැස්ව සිටි ඔව්හු වසර සියයක් නුවණ නැතිව හැඬුවාහ. කියන ලද දෙයෙහි අරුත් දන්නා නුවණැති එකම තැනැත්තා වුව ද උසස්ය.
කථිතෙ ච පන භගවතා ජාතකෙ ආයස්මා සාරිපුත්තො අත්තනො සද්ධිවිහාරිකානං පඤ්චන්නං භික්ඛුසතානමත්ථාය සප්පායසෙනාසනගොචරසීලවතාදීනි පුච්ඡිතුං “න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ”ති ඉමං ථුතිගාථං ආදිං කත්වා අට්ඨ ගාථායො අභාසි. තමත්ථං විස්සජ්ජෙන්තො භගවා තතො පරා සෙසගාථාති.
භාග්‍යවතුන් වහන්සේ ජාතක කථාව දේසනා කළවිට, ගරුකටයුතු සැරියුත් තෙරුන්වහන්සේ තමන් හා පන්සියයක් පමණ වූ සඟපිරිස උදෙසා සුදුසු සෙනසුන්, ගැලපෙන සීලවත් ආදිය ඇසීමට, ‘මා මෙබඳු දෙයක් මීට පෙර නොදකින ලදැ’යි ආදී ලෙසින් මේ පැසසුම් ද එක්කොට, ගාථා අටක් පැවසූහ. භාග්‍යවතුන් වහන්සේ, සැරියුත් තෙරුන් විමසන ලද කරුණු පැහැදිලි කිරීමට ඉතිරි ගාථා වදාළහ.
තත්ථ ඉතො පුබ්බෙති ඉතො සඞ්කස්සනගරෙ ඔතරණතො පුබ්බෙ. වග්ගුවදොති සුන්දරවදො. තුසිතා ගණිමාගතොති තුසිතකායා චවිත්වා මාතුකුච්ඡිං ආගතත්තා තුසිතා ආගතො, ගණාචරියත්තා ගණී. සන්තුට්ඨට්ඨෙන වා තුසිතසඞ්ඛාතා දෙවලොකා ගණිං ආගතො තුසිතානං වා අරහන්තානං ගණිං ආගතොති.
ඉතො පුබ්බෙ (දෙව්ලොව සිට) සංකස්ස නුවරට බැසීමට පෙර, වග්ගුවදො මිහිරි වචන කියන, තුසිතා ගණිමාගතො තුසිත දෙව්ලොව සිට චුතව මවුකුස පිළිසිඳගත් බැවින්, පිරිස ඇති හෙයින් ගණීයැයි දැක්වේ. සතුටුව යන අරුතින් හෝ තුසිත නමින් හඳුන්වනු ලබන දෙව්ලොවින් පැමිණ, පිරිස් ඇති, (සසර දුක් නොවන බැවින්) තුටුවන රහතන් වහන්සේලා සමූහය අතරට පැමිණි,
දුතියගාථාය සදෙවකස්ස ලොකස්ස යථා දිස්සතීති සදෙවකස්ස ලොකස්ස විය මනුස්සානම්පි දිස්සති. යථා වා දිස්සතීති තච්ඡතො අවිපරීතතො දිස්සති චක්ඛුමාති උත්තමචක්ඛු. එකොති පබ්බජ්ජාසඞ්ඛාතාදීහි එකො. රතින්ති නෙක්ඛම්මරතිආදිං.
දෙවන ගාථාවෙහි සදෙවකස්ස ලොකස්ස යථා දිස්සති දෙවියන් සහිත ලෝකයාට මෙන්ම, මිනිසුන්ටද පෙනේ. සැබෑ ලෙසටම, නොවෙනස්වම පෙනේ. චක්ඛුමා උතුම් ඇස, එකො පැවිදි වූවෙකු ලෙස, රතිං සියල්ල අත්හැර දැමීම ආදිකොට,
තතියගාථාය බහූනමිධ බද්ධානන්ති ඉධ බහූනං ඛත්තියාදීනං සිස්සානං. සිස්සා හි ආචරියෙ පටිබද්ධවුත්තිත්තා “බද්ධා”ති වුච්චන්ති අත්ථි පඤ්හෙන ආගමන්ති අත්ථිකො පඤ්හෙන ආගතොම්හි, අත්ථිකානං වා පඤ්හෙන ආගමනං, පඤ්හෙන අත්ථි ආගමනං වාති.
තුන්වන ගාථාවේ බහූනනං ඉධ බද්ධානං මෙහි බොහෝ කැත් කුලවතුන්ට ආදීන්ට, සිසුන් විසින් ගුරුවරයෙක් සේ සැළකෙන පැවතුම් ඇති බැවින්, බැඳුණු යයි කියනු ලබයි. අත්ථි පඤ්හෙන ආගමං විමසා දැනගැනීමට පැනයක් ගෙන ආවෙමි. පැනයක් විමසා දැනගැනීමට ඇත.
චතුත්ථගාථාය විජිගුච්ඡතොති ජාතිආදීහි අට්ටීයතො රිත්තමාසනන්ති විවිත්තං මඤ්චපීඨං. පබ්බතානං ගුහාසු වාති පබ්බතගුහාසු වා රිත්තමාසනං භජතොති සම්බන්ධිතබ්බං.
සිවුවන ගාථාවේ, විජිගුච්ඡතො ඉපදීම ආදියට පිළිකුල් කරමින්, රිත්තමාසනං විසිතුරු ඇඳපුටු (හැර) පබ්බතානං ගුහාසු වා ගිරිගුහාවල හෝ, ආසන රහිතව හෝ, භජතො (ඇසුරු කරයි.) යන මෙම වචනය හා සම්බන්ධ කළයුතුය.
පඤ්චමගාථාය උච්චාවචෙසූති හීනපණීතෙසු. සයනෙසූති විහාරාදීසු සෙනාසනෙසු. කීවන්තො තත්ථ භෙරවාති කිත්තකා තත්ථ භයකාරණා. “කුවන්තො”තිපි පාඨො, කූජන්තොති චස්ස අත්ථො. න පන පුබ්බෙනාපරං සන්ධියති.
පස්වන ගාථාවෙහි උච්චාවචෙසු උසස් පහත් වූ, සයනෙසු විහාරයන්හි හෝ සෙනසුන්හි, කීවන්තො තත්ථ භෙරවා එහි බියවීමට කරුණු කෙතෙක්ද? කුවන්තො යයිද වචනයකි. නාදකරන යන අරුතයි. (එය) මුල හා අග සබඳතාවක් නැත.
ඡට්ඨගාථාය කතී පරිස්සයාති කිත්තකා උපද්දවා. අගතං දිසන්ති නිබ්බානං. තඤ්හි අගතපුබ්බත්තා අගතං තථා නිද්දිසිතබ්බතො දිසා චාති . තෙන වුත්තං “අගතං දිස”න්ති. අභිසම්භවෙති අභිභවෙය්ය. පන්තම්හීති පරියන්තෙ.
හයවන ගාථාවෙහි, කති පරිස්සයා උවදුරු කෙතෙක්ද? අමතං දිසං නිවනට, එය අමත යැයි එසේ යායුතු දිසාව (මග) පෙන්වයි. එහෙයින් අමතං දිසං යැයි කියන ලදී. අභිසම්භවෙති අබිබවා යන්නේය. පන්තම්හි කෙළවර,
සත්තමගාථාය ක්යාස්ස බ්යප්පථයො අස්සූති කීදිසානි තස්ස වචනානි අස්සු. අට්ඨමගාථාය එකොදි නිපකොති එකග්ගචිත්තො පණ්ඩිතො.
හත්වන ගාථාවෙහි, ක්යාස්ස ව්යප්පථයො අස්සු ඔහුගේ වචනය කෙබඳුවේද? අටවන ගාථාවෙහි එකොදි නිපකො එකඟ සිත් ඇති නුවණැති පණ්ඩිතයා.
එවං ආයස්මතා සාරිපුත්තෙන තීහි ගාථාහි භගවන්තං ථොමෙත්වා පඤ්චහි ගාථාහි – පඤ්චසතානං සිස්සානමත්ථාය සෙනාසනගොචරසීලවතාදීනි පුච්ඡිතො භගවා තමත්ථං පකාසෙතුං “විජිගුච්ඡමානස්සා”තිආදිනා නයෙන විස්සජ්ජනමාරද්ධො. තත්ථ පඨමගාථාය තාවත්ථො – ජාතිආදීහි විජිගුච්ඡමානස්ස රිත්තාසනං සයනං සෙවතො චෙ සම්බොධිකාමස්ස සාරිපුත්ත, භික්ඛුනො යදිදං ඵාසු යො ඵාසුවිහාරො යථානුධම්මං යො ච අනුධම්මො, තං තෙ පවක්ඛාමි යථා පජානං යථා පජානන්තො වදෙය්ය, එවං වදාමීති.
මෙසේ ගරුකටයුතු සැරියුත් තෙරුන් විසින් ගාථා තුනකින් භාග්‍යවතුන් වහන්සේට තුති පැසසුම් කොට, ගාථා පහකින් පන්සියයක් පැවිදි සිසු පිරිසට යහපතක් වන සේ, ගැලපෙන සෙනසුන් හා සිල්වත් විය යුතු සැටි විමසූ අතර, ‘විජිගුච්ඡමානස්ස’ ආදී ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේ එය පහදාදීම ඇරඹූහ. පළමු ගාථාවෙහි පටන් අරුත් දැක්වේ. ජාති ආදී දේවලින් විජිගුච්ඡමානස්ස රිත්තාසනං සයනං සෙවතො ච සම්බොධිකාමස්ස සැරියුත් හිමිට යදිදං ඵාසු විහරණය, යථානුධම්මං දහමට ගැලපෙන දෙයක්, තං තෙ පවක්ඛාමි යථාපජානං දැනගන්නා ආකාරයෙන් කියන්නේය. මෙසේ කියමි’යි අදහසයි.
දුතියගාථාය පරියන්තචාරීති සීලාදීසු චතූසු පරියන්තෙසු චරමානො. ඩංසාධිපාතානන්ති පිඞ්ගලමක්ඛිකානඤ්ච සෙසමක්ඛිකානඤ්ච. සෙසමක්ඛිකා හි තතො තතො අධිපතිත්වා ඛාදන්ති, තස්මා “අධිපාතා”ති වුච්චන්ති. මනුස්සඵස්සානන්ති චොරාදිඵස්සානං.
දෙවන ගාථාවෙහි පරියන්තචාරි සීලය ආදී සිවු ආකාරයෙන් හැසිරෙමින්, ඩංසාධිපාතානං ඇටමැස්සන් ද, වෙනත් මැස්සන් ද, වෙනත් මැස්සෝ ඒ ඒ තැන හැපී (වැළඳ) කති. එහෙයින් ‘අධිපාතා හෙවත් ඒ ඒ තැන පනින කුඩා මැක්කන් යයි කියනු ලැබේ. මනුස්සඵස්සානං සොරුන් ආදීන්ගෙන් වන උවදුරු,
තතියගාථාය පරධම්මිකා නාම සත්ත සහධම්මිකවජ්ජා සබ්බෙපි බාහිරකා. කුසලානුඑසීති කුසලධම්මෙ අන්වෙසමානො.
තුන්වන ගාථාවෙහි [missing trans] කුසලානුඵසී යහපත් කරුණු සොයමින්,
චතුත්ථගාථාය ආතඞ්කඵස්සෙනාති රොගඵස්සෙන. සීතං අතුණ්හන්ති සීතඤ්ච උණ්හඤ්ච. සො තෙහි ඵුට්ඨො බහුධාති සො තෙහි ආතඞ්කාදීහි අනෙකෙහි ආකාරෙහි ඵුට්ඨො සමානොපි. අනොකොති අභිසඞ්ඛාරවිඤ්ඤාණාදීනං අනොකාසභූතො.
ආකංකඵස්සෙන රෝග පහසින්, සීතං අච්වුණ්හං සීතලද, උණුසුම වැඩිවීමද, සො තෙහි ඵුට්ඨො බහුධා ඒ (යෝගාවචර) මහණ නොයෙක් ආකාරයෙන් රෝගාදියෙන් පහස ලැබූවත්, අනෙකො මෙයින් ලබන හඳුනාගැනීම් අනුව සිතට නැගෙන යහපත් අයහපත් හැඟීම්වලට ඉඩ නොතබා,
එවං “භික්ඛුනො විජිගුච්ඡතො”තිආදීහි තීහි ගාථාහි පුට්ඨමත්ථං විස්සජ්ජෙත්වා ඉදානි “ක්යාස්ස බ්යප්පථයො”තිආදිනා නයෙන පුට්ඨං විස්සජ්ජෙන්තො “ථෙය්යං න කාරෙ”තිආදිමාහ. තත්ථ ඵස්සෙති ඵරෙය්ය . යදාවිලත්තං මනසො විජඤ්ඤාති යං චිත්තස්ස ආවිලත්තං විජානෙය්ය, තං සබ්බං “කණ්හස්ස පක්ඛො”ති විනොදයෙය්ය.
මෙසේ ‘භික්ඛුනො විජිගුච්ඡතො’ ආදී ගාථා තුනකින් විමසූ කරුණු පහදා දී, මීළගට ‘ක්යාස්ස ව්යාප්පථයො’ ආදී ලෙසින් විමසූ කරුණු පහදමින් ‘සොරකම් නොකරන්නේය........’ වැනි කරුණු ඇතුලත් ගාථා වදාළහ. ඵස්සෙ පතුරුවන්නේය. යදාවිලත්තං මනසො විජඤ්ඤා සිතෙහි කැළඹුණු බව දැනගන්නේය. ඒ සියල්ල ‘කළු පැත්තට’ අයත්ය. අයහපත් දේ යැයි සිතා දුරු කරන්නේය.
මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙති තෙසං කොධාතිමානානං යං අවිජ්ජාදිකං මූලං, තම්පි පලිඛණිත්වා තිට්ඨෙය්ය. අද්ධා භවන්තො අභිසම්භවෙය්යාති එවං පියප්පියං අභිභවන්තො එකංසෙනෙව අභිභවෙය්ය, න තත්ර සිථිලං පරක්කමෙය්යාති අධිප්පායො.
මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ ඔවුන්ගේ තණ්හාවට, අති මානයට අවිජ්ජා ආදිය මුල් වේ. එයද උදුරා දමා (ඉදිරියට) කටයුතු කරන්නේය. අද්ධා භවන්තො අභිසම්භවෙය්ය මෙසේ කැමති අකමැති දේ එකවරම මැඩපවත්නේය. එහි කිසිදු ලිහිල් බවක් නොකරන්නේ යැයි අදහස් වේ.
පඤ්ඤං පුරක්ඛත්වාති පඤ්ඤං පුබ්බඞ්ගමං කත්වා. කල්යාණපීතීති කල්යාණාය පීතියා සමන්නාගතො. චතුරො සහෙථ පරිදෙවධම්මෙති අනන්තරගාථාය වුච්චමානෙ පරිදෙවනීයධම්මෙ සහෙය්ය.
පඤ්ඤං පූරක්ඛත්වා නුවණ පෙරදැරි කොට, කල්යාණපීති යහපත් වූ සොම්නසින් යුතුව, චතුරො සහෙථ පරිදෙව ධම්මෙ ඇතුලත දැක්වූ ගාථාවලින් කියනු ලබන, හඬා වැලපීමට හේතුවන කරුණු ඉවසා දරා සිටින්නේය.
කිංසූ අසිස්සාමීති කිං භුඤ්ජිස්සාමි. කුවං වා අසිස්සන්ති කුහිං වා අසිස්සාමි. දුක්ඛං වත සෙත්ථ ක්වජ්ජ සෙස්සන්ති ඉමං රත්තිං දුක්ඛං සයිං, අජ්ජ ආගමනරත්තිං කත්ථ සයිස්සං. එතෙ විතක්කෙති එතෙ පිණ්ඩපාතනිස්සිතෙ ද්වෙ, සෙනාසනනිස්සිතෙ ද්වෙති චත්තාරො විතක්කෙ. අනිකෙතචාරීති අපලිබොධචාරී නිත්තණ්හචාරී.
කිංසු අසිස්සාමි කුමක් අනුභව කරන්නෙම්ද? කුවං වා අසිස්සං කොතැන සිට අනුභව කරන්නෙම්ද? දුක්ඛං වත සෙත්ථ කුවජ්ජ සෙස්සං මේ රැය දුකසේ නිදාගතිමි. අද රැයෙහි කොතැන නිදන්නෙම්ද? එතෙ විතක්කෙති මේ පිණ්ඩපාතයෙහි දෙයාකාරවද, සෙනසුන් ගැන දෙයාකාරයෙන්ද, මෙසේ සතරාකාර දෙගිඩියාවෙන්, අනිකෙතචාරී උවදුරු නොමැතිව හැසිරෙමින්, තණ්හාව දුරුකොට හැසිරෙමින්,
කාලෙති පිණ්ඩපාතකාලෙ පිණ්ඩපාතසඞ්ඛාතං අන්නං වා චීවරකාලෙ චීවරසඞ්ඛාතං වසනං වා ලද්ධා ධම්මෙන සමෙනාති අධිප්පායො. මත්තං සො ජඤ්ඤාති පටිග්ගහණෙ ච පරිභොගෙ ච සො පමාණං ජානෙය්ය. ඉධාති සාසනෙ, නිපාතමත්තමෙව වා එතං. තොසනත්ථන්ති සන්තොසත්ථං, එතදත්ථං මත්තං ජානෙය්යාති වුත්තං හොති. සො තෙසු ගුත්තොති සො භික්ඛු තෙසු පච්චයෙසු ගුත්තො. යතචාරීති සංයතවිහාරො , රක්ඛිතිරියාපථො රක්ඛිතකායවචීමනොද්වාරො චාති වුත්තං හොති. “යතිචාරී”තිපි පාඨො, සොයෙවත්ථො. රුසිතොති රොසිතො, ඝට්ටිතොති වුත්තං හොති.
කාලෙ පිඬු පිණිස යන කල, එයට අදාල වූ අන්නං සිවුරු ලැබෙනවිට, ඊට අදාලව වසනං හෝ ලද්ධා දැහැමෙන් සෙමෙන් ලැබීම අදහස් වේ. මත්තං සො ජඤ්ඤා (ඒවා) පිළිගැනීමෙහිද, පරිහරණය කිරිමෙහිද ඇති පමණ දන්නේය. ඉධ සසුනෙහි, එය නිපාතයක් පමණි. තොසණත්ථං සතුටුවන, (සෑහීමට පත්වන) මේ අයුරින් පමණ දැන ගන්නේ යැයි කියන ලදී. සො තෙසු ගුත්තො ඒ මහණ එම පිණ්ඩපාත, සෙනසුන් ආදියෙහි සංවරව, යතචාරි සන්සුන් විහරණයෙන් යුතුව මනාව ඉරියවු පවත්වා ගනිමින්, කය-වචනය-සිත යන දොරටු රැකවල් කරගන්නා ලද්දේය. යතුචාරී යයි ද වචනයකි. එම තේරුමයි. රුසිතො නපුරුව ගැටෙන ලද්දේ,
ඣානානුයුත්තොති අනුපන්නුප්පාදනෙන උප්පන්නාසෙවනෙන ච ඣානෙ අනුයුත්තො. උපෙක්ඛමාරබ්භ සමාහිතත්තොති චතුත්ථජ්ඣානුපෙක්ඛං උප්පාදෙත්වා සමාහිතචිත්තො. තක්කාසයං කුක්කුච්චියූපඡින්දෙති කාමවිතක්කාදිං තක්කඤ්ච , කාමසඤ්ඤාදිං තස්ස තක්කස්ස ආසයඤ්ච, හත්ථකුක්කුච්චාදිං කුක්කුච්චියඤ්ච උපච්ඡින්දෙය්ය.
ඣානානුයුත්තො නූපදවාගත් දැහැන් උපදවාගනු පිණිසත්, උපදවාගත් දැහැන් ඇසුරුකොට දැහැනෙහි යෙදී, උපෙඛමාරබ්භ සමාහිතත්තො සිවුවන දැහැනෙහි බලාපොරොත්තු රඳවා, එකඟ වූ සිත් ඇතිව, තක්කාසයං කුක්කුච්චි යූපච්ඡින්දෙ කාම සිතිවිලි ආදිය ගැන සිතට වදදීම් ද, කාම හැඟීම් ආදියද, ඒ ගැටීමට හේතුවන අනෙක් කරුණුද, අතින් කෙරෙන නොයෙක් අසංවර ඉරියවු පෑමද, සිඳ දමා ඉවතලන්නේය.
චුදිතො වචීභි සතිමාභිනන්දෙති උපජ්ඣායාදීහි වාචාහි චොදිතො සමානො සතිමා හුත්වා තං චොදනං අභිනන්දෙය්ය. වාචං පමුඤ්චෙ කුසලන්ති ඤාණසමුට්ඨිතං වාචං පමුඤ්චෙය්ය. නාතිවෙලන්ති අතිවෙලං පන වාචං කාලවෙලඤ්ච සීලවෙලඤ්ච අතික්කන්තං නප්පමුඤ්චෙය්ය. ජනවාදධම්මායාති ජනවාදකථාය. න චෙතයෙය්යාති චෙතනං න උප්පාදෙය්ය.
චූදිතො වචීහි සතිමාභිනන්දෙ උපාජ්ඣාය ආදීන්ගෙන් අවවාද ලැබ, සිහි ඇතිව එයට සතුටු වන්නේය. වාචං පමුඤ්චෙ කුසලං නුවණ පිළිබිඹු වන වදනක් (මුවින්) පිටකරන්නේය. නාතිවෙලං සුදුසු වේලාව හෙවත් කාලයද, තම සංවරයද සළකා මිස, ඒවා ඉක්මවා යන පරිදි වචන නො කියන්නේ ය. ජනවාද ධම්මාය ජනතාවගේ ගැරහීමට පත්වන පරිදි කතා නොකරන්නේය. න චෙතයෙය්ය සිතිවිලි ඇතිකර නොගන්නේය.
අථාපරන්ති අථ ඉදානි ඉතො පරම්පි. පඤ්ච රජානීති රූපරාගාදීනි පඤ්ච රජානි. යෙසං සතීමා විනයාය සික්ඛෙති යෙසං උපට්ඨිතස්සති හුත්වා විනයනත්ථං තිස්සො සික්ඛා සික්ඛෙය්ය. එවං සික්ඛන්තො හි රූපෙසු…පෙ… ඵස්සෙසු සහෙථ රාගං, න අඤ්ඤෙති.
අථාපරං මීළඟට - දැන් මෙයින් පසුව, පඤ්ච රජානි රූප රාගාදී දූවිලි පහ, යෙසං සතිමා විනයාය සික්ඛෙ එළඹසිටි සිහියෙන් යුතුව, සංවරය පිණිස තෙ ආකාර වූ හික්මීමෙහි යෙදෙන්නේය. මෙසේ හික්මවන ලදුව, රූපෙසු -පෙ- ඵස්සෙසු සහෙථ රාගං වෙනත් ලෙසට නොවේ.
තතො සො තෙසං විනයාය සික්ඛන්තො අනුක්කමෙන – එතෙසු ධම්මෙසූති ගාථා. තත්ථ එතෙසූති රූපාදීසු. කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානොති සො භික්ඛු ය්වායං “උද්ධතෙ චිත්තෙ සමාධිස්ස කාලො”තිආදිනා නයෙන කාලො වුත්තො, තෙන කාලෙන සබ්බං සඞ්ඛතධම්මං අනිච්චාදිනයෙන පරිවීමංසමානො. එකොදිභූතො විහනෙ තමං සොති සො එකග්ගචිත්තො සබ්බං මොහාදිතමං විහනෙය්ය. නත්ථි එත්ථ සංසයො. සෙසං සබ්බත්ථ පාකටමෙව.
ඒ මහණ මෙයින් එහි සංවරයට පත්ව, කෙමෙන් කෙමෙන්, එතෙසු ධම්මෙසු යන ගාථාවෙහි එතෙසු රූප ආදිය කෙරෙහි, කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො ඒ මහණ නොසන්සුන් වූ සිත එකඟ කිරීමට කාලය යැයි දැන, ඒ මොහොතෙහි පටන්, හේතු රැසක් නිසා හැඩගැසෙන, සකස්වන සියළුම දේවල් කිසිදා ඒ අයුරින්ම තිරව නොපවතී යැයි මෙනෙහි කරමින්, එකොදිභූතො විහනෙ තමං සො එකඟ වූ සිතින්, ඒ සියළු දේ කෙරෙහි මුලාව නම් අඳුර දුරලන්නේය. එහි සැකයක් නැත. ඉතිරි කරුණු සියල්ල පැහැදිලිය.
එවං භගවා අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි. දෙසනාපරියොසානෙ පඤ්චසතා භික්ඛූ අරහත්තං පත්තා, තිංසකොටිසඞ්ඛ්යානඤ්ච දෙවමනුස්සානං ධම්මාභිසමයො අහොසීති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දේසනය නිම කළහ. දේසනය අවසන පන්සියයක් මහණහු රහත් බව ලැබූහ. කෝටි තිහක් පමණ වූ දෙව් මිනිසුන්ටද දහම් අවබෝධ විය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය සාරිපුත්තසුත්තවණ්ණනා නිට්ඨිතා.
සාරිපුත්ත සූත්‍ර විස්තරය නිමි.
නිට්ඨිතො ච චතුත්ථො වග්ගො අත්ථවණ්ණනානයතො, නාමෙන අට්ඨකවග්ගොති.
අට්ඨක නම් වූ සිව්වන වර්ගය නිමියේය.