යෙදුමෙන් කියවන්න

සාරිපුත‍්ත සුත‍්තං

4. 16.

4. 16.

සාරිපුත‍්ත සුත‍්තං

සාරිපුත්‍ර සූත්‍රය

959. න මෙ දිට‍්ඨො ඉතො පුබ‍්බෙ නසුතො උද කස‍්සචි, (ඉච‍්චායස‍්මා සාරිපුත‍්තො) එවං වග‍්ගුවදො සත්‍ථා තුසිතා ගණිමාගතො.

959. (ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ මෙසේ වදාළහ:) මෙසේ මිහිරි තෙපුල් ඇති තුසී දෙව් ලොවින් සැව මවුකුසට පැමිණි, නො හොත් දෙව්ලොවින් නික්ම ගණ මැදට පැමිණි, හෝ රහත් ගණ මැදට පැමිණි නොහොත් රහතුන්ගේ ගණාචාර්‍ය්‍ය භාවයට පැමිණි ශාස්තෘහු මෙයින් පෙර (මෙවන් පෙළහර ඇති වැ) මා විසින් නො දක්නා ලදහු වෙත් නොහොත් කිසිවක්හුගේ බසින් නො ද අසන ලදහු වෙත්.

960. සදෙවකස‍්ස ලොකස‍්ස යථා දිස‍්සති චක‍්ඛුමා, සබ‍්බං තමං විනොදෙත්‍වා එකොව රතිමජ‍්ඣගා.

960. පසැස් ඇති බුදුහු සදෙව් ලොවට යම් සේ පැණෙත් නම්, මිනිස්නට ද එසේ මැ පැණෙත්. නොහොත් සදේවක ලෝකයට අවිපරීත කොට පැණෙත් එකලා වූවාහු මැ (රාගාදි කෙලෙස් අඳුරු දුරු කොට නෛෂ්ක්‍රම්‍යාදි) රතියට පැමිණි සේක.

961. තං බුද‍්ධං අසිතං තාදිං අකුහං ගණිමාගතං, බහුන‍්නමිධ බද‍්ධානං අත්‍ථි පඤ‍්හෙන ආගමං.

961. මේ සස්නෙහි ක්‍ෂත්‍රියාදි බොහෝ ශිෂ්‍යයන් අතුරෙන් අර්ත්‍ථී වූ මම තෘෂ්ණා-දෘෂ්ටි රහිත වූ ලාභාලාභාදියෙහි තාදි වූ කොහොන් වතින් තොර වූ ගණාචාර්‍ය්‍ය වූ සකස් පුරදොරට වැඩි ඒ බුදුන් කරා ප්‍රශ්න හේතුයෙන් පැමිණියෙමි.

962. භික‍්ඛුනො විජිගුච‍්ඡතො භජතො රිත‍්තමාසනං, රුක‍්ඛමූලං සුසානං වා පබ‍්බතානං ගුහාසු වා.

962. ජාති ආදියෙන් ජුගුප්සා කරණ රුක්මුල හෝ සොහොන හෝ පර්‍වතයන් සම්බන්‍ධි ගුහාවන්හි හෝ පස්කම් ගුණෙන් විවික්ත වූ ආසනය සෙවුනා මහණහට-

963. උච‍්චාවචෙසු සයනෙසු කීවන‍්තො තත්‍ථ භෙරවා, යෙහි භික‍්ඛු න වෙධෙය්‍ය නිග‍්ඝොසෙ සයනාසනෙ.

963. මහණතෙම නිර්ඝෝෂ වූ සෙනස්නෙහි යම් භෛරවයන් ගෙන් නො සැලේ නම්, එ කුදු මහත් සෙනසුන්හි කීපමණ භෛරවයෝ වෙත් ද, එහි නාද කරණ භයානක අරමුණු වෙත්.

964. කතී පරිස‍්සයා ලොකෙ ගච‍්ඡතො අගතං දිසං, යෙ භික‍්ඛු අභිසම‍්භ වෙ පන‍්තම‍්හි සයනාසනෙ.

964. ප්‍රාන්ත ශයනාසනයෙහි වසන මහණ යම් උවදුරු කෙනකුන් මැඩ පවත්වාලන්නේ නම්, නො ගියවිරූ අමාමහනිවන් දෙසට යන ඒ මහණ හට ලොවැ එබඳු උපද්‍රවයෝ කොතෙක් වෙත් ද.

965. ක්‍යාස‍්ස ව්‍යප‍්පථයො අස‍්සු ක්‍යාස‍්සස‍්සු ඉධ ගොචරා, කානි සීලබ‍්බතානස‍්සු පහිතත‍්තස‍්ස භික‍්ඛුනො.

965. ප්‍රාරබ්ධ වීර්‍ය්‍ය ඇති ඒ මහණහට කෙබඳු වචනයෝ වෙත් ද? ඔ හට මෙ ලෙ ව්හි කෙබඳු ගෝචරයෝ වෙත් ද? ඔ හට කෙබඳු වූ ශීලව්‍රත කෙනෙක් වෙත් ද?

966. කං සො සික‍්ඛං සමාදාය එකොදි නිපකො සතො, කම‍්මාරො රජතස‍්සෙව නිද‍්ධමෙ මලමත‍්තනො.

966. සමාහිත් සිත් ඇති, ප්‍රඥාවත් වූ ස්මෘතිමත් වූ ඒ මහණ තෙම කවර ශික්‍ෂාවක් සමාදන් වැ කඹුරකු ජාතරූපයාගේ මලහරණා සේ තමාගේ කෙලෙස් මල පිඹහැර පීයන්නේ ද?

967. විජිගුච‍්ඡමානස‍්ස යදිදං ඵාසු (සාරිපුත‍්තාති භගවා) රිත‍්තාසනං සයනං සෙවතො චෙ, සම‍්බොධිකාමස‍්ස යථානුධම‍්මං තං තෙ පවක‍්ඛාමි යථා පජානං.

967. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ශාරිපුත්‍රය, ජාත්‍යාදියෙන් පිළිකුල් කරන්නා වූ ඒකාන්තයෙන් විවික්ත වූ ශයනාසනය සේවන කරණ (සිවුමග නැණ නම් වූ) සම්බෝධිය පතන්නා වූ මහණහට යම් බඳු පහසු විහරණයෙක් වේ නම්, යම් බඳු අනුධර්‍මයෙකුත් වේ නම්, තොපට එය ප්‍රත්‍යක්‍ෂයෙන් දතුවකු සෙයින් පවසන්නෙමි.

968. පඤ‍්චන‍්නං ධීරො භයානං න භායෙ භික‍්ඛු සතො සප‍්පරියන‍්නචාරිං, ඩංසාධිපාතානං සිරිංසපානං මනුස‍්සඵස‍්සානං චතුප‍්පදානං.

968. ධීර වූ ස්මෘතිමත් වූ ශීලාදි සතර පර්‍ය්‍යයන්තයෙහි හැසිරෙන සුලු වූ මහණ ඇටමැස්සන් හා සෙසු මැස්සන්ට ද දීර්‍ඝ ජාතීන්ට ද චෞරාදි මනුෂ්‍ය ස්පර්‍ශයන්ට ද සිංහාදි සිවුපාවුන්ට ද යනාදි පඤ්චභීතීන්ට නො බානේ යි.

969. පරධම‍්මිකානම‍්පි න සන‍්තසෙය්‍ය දිස‍්වාපි තෙසං බහුභෙරවානි, අථාපරානි අභිසම‍්භවෙය්‍ය පරිස‍්සයානි කුසලානු එසී.

969. නො සහදැමි වූ බාහිරක ශාසනිකයන්ට ද නො බානේ ය, ඔවුන්ගේ බිය දනවන බොහෝ අරමුණු දැක ද තැති නො ගන්නේ ය. තවද කුශලධර්‍මාන්‍වෙෂී වූයේ අන් උවදුරු ද මැඩ පවත්වන්නේ යි.

970. ආතඞ‍්කඵස‍්සෙන ඛුදාය ඵුට‍්ඨො සීතං අථුණ‍්හං අධිවාසයෙය්‍ය, සො තෙහි ඵුට‍්ඨො බහුධා අනොකො විරියං පරක‍්කම‍්ම දළ‍්හං කරෙය්‍ය.

970. රෝගස්පර්‍ශයෙන් ද කුසගින්නෙන් ද පහස්නාලදුයේ ශීත හා අත්‍යුෂ්ණය ඉවසන්නේ ය. හෙතෙම ඒ රෝගාදිස්පර්‍ශයෙන් නොයෙක් අයුරින් පහස්නාලදුයේ අභිසංස්කාර සහගත විඥානයට හෝ දුශ්චරිතයට අවකාශ නො කරණුයේ චෛතසික වීර්‍ය්‍යාරම්භය දැඩි කොට කරන්නේ යි.

971. ථෙය්‍යං න කරෙය්‍ය න මුසා භණෙය්‍ය මෙත‍්තාය ඵස‍්සෙ තසථාවරානි, යදා විලත‍්තං මනසො විජඤ‍්ඤා කණ‍්හස‍්ස පක‍්ඛොති විනොදයෙය්‍ය.

971. සොරකම් නො කරන්නේ ය. මුසා නො කියන්නේ ය. තෘෂ්ණා සහිත වූත් ස්ථාවර වූත් (පෘථග්ජන-ක්‍ෂීණාස්‍රව) පුද්ගලයන් කෙරෙහි මෙත් සිත් පතුරුවන්නේ ය. යම් කලෙක්හි චිත්තයාගේ කැලැඹුණු බවක් දක්නේ නම් එය තෘෂ්ණා වූ මාරයාගේ පක්‍ෂ යයි (සිතා) දුරුකරන්නේ යි.

972. කොධාතිමානස‍්ස වසං න ගච‍්ඡෙ මූලම‍්පි තෙසං පලිඛඤ‍්ඤ තිට‍්ඨෙ, අථප‍්පියං වා පන අප‍්පියං වා අද‍්ධා භවන‍්තො අභිසම‍්භවෙය්‍ය.

972. ක්‍රෝධයාගේත් අතිමානයාගේත් වශයට නොයන්නේ ය. එ ක්‍රෝධාතිමානයන්ගේ මූලය වූ අවිද්‍යාදිය ද උදුරාපියා සිටුනේ ය. යළිත් ප්‍රියවස්තු හා අප්‍රිය වස්තු හා මැඩලනුයේ ඒකාන්තයෙන් අභිභවනය ද කරන්නේ යි.

973. පඤ‍්ඤං පුරක‍්ඛත්‍වා කල්‍යාණපීති වික‍්ඛම‍්භෙය්‍ය තානි පරිස‍්සයානි, අරතිං සහෙථ සයනම‍්හි පන‍්තෙ චතුරො සහෙථ පරිදෙවධම‍්මෙ.

973. කල්‍යාණ වූ ප්‍රීතියෙන් යුක්ත වූයේ ප්‍රඥාව පෙරටු කොට ඒ ප්‍රකට වූත් ප්‍රතිච්ඡන්න වූත් උපද්‍රවයන් යටපත් කර ප්‍රාන්ත ශයනාසනයෙහි අරතිය මැඩ පවත්වන්නේ ය. චතුර්විධ පරිදේව ධර්‍මයන් අභිභවනය කරන්නේ යි.

974. කිංසු අසිස‍්සාමි කුවං වා අසිස‍්සං දුක‍්ඛං වත සෙත්‍ථ කුවජ‍්ජ සෙස‍්සං, එතෙ විතක‍්කෙ පරිදෙවනෙය්‍යෙ විනයෙථ සෙඛො අනිකෙතසාරී.

974. කුමක් වළඳනෙම් ද? කොහි හෝ වළඳනෙම් ද? මෙ රෑ ඒකාන්තයෙන් දුකසේ ශයනය කෙළෙම් අද රෑ කොහි හොවීම් ද? යන මේ වැලපියයුතු වූ සතර විතර්‍කයන් පරිබෝධ රහිත වැ හැසිරෙන සුලු ශෛක්‍ෂ තෙමේ දුරු කරන්නේ යි.

975. අන‍්නඤ‍්ච ලද‍්ධා වසනඤ‍්ච කාලෙ මත‍්තං සො ජඤ‍්ඤා ඉධ තොසනත්‍ථං, සොතෙසු ගුත‍්තො යතචාරි ගාමෙ රුසිතොපි වාචං ඵරුසං න වජ‍්ජා.

975. මේ ශාසනයෙහි ඒ මහණ නිසි කල්හි පිණ්ඩපාත සඞ්ඛ්‍යාත ආහාර ද චීවර සඞ්ඛ්‍යාත වස්ත්‍ර ද ලැබ ඉතරෙතෙර ප්‍රත්‍යය සන්තෝෂය සඳහා පටිග්ගහණ පරිභෝගයෙහි මාත්‍රය දන්නේ ය. හෙතෙම එ ප්‍රත්‍යයන්හි සංයත චිත්ත ඇතියේ ගම්හි සංවරයෙන් යුක්ත වැ හැසිරෙන සුලුයේ මෙරමා විසින් ගටනාලදුයේ නමුදු පරොස්බස් නො කියන්නේ යි.

976. ඔක‍්ඛිත‍්තචක‍්ඛු න ච පාදලොලො ඣානානුයුත‍්තො බහුජාගරස‍්ස, උපෙඛමාරබ‍්භ සමාහිතත‍්තො තක‍්කා සයං කුක‍්කුච‍්චඤ‍්චුපඡින්‍දෙ.

976. යටැ බලා හෙලූ ඇස් ඇතියේ පාදලෞල්‍ය නැතියේ උභයධ්‍යානයෙහි යෙදුනේ නිදි වැරීමෙන් යුක්ත වන්නේ ය. චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව උපදවා එකඟ වූ සිත් ඇතියේ කාමාදිවිතර්‍ක හා විතර්‍කාශ්‍රය ද කෞකෘත්‍යය ද සිඳිනේයි.

977. චුදිතො වචීහි සතිමාභිනන්‍දෙ සබ්‍රහ‍්මචාරීසු ඛිලං පභින්‍දෙ, වාචං පමුඤ‍්චෙ කුසලං නාතිවෙලං ජනවාදධම‍්මාය න චෙතයෙය්‍ය.

977. උපාධ්‍යායාදීන් විසින් වචනයෙන් චෝදනා කරණ ලදුයේ සිහි ඇති වැ මැ එය සතුටින් පිළිගන්නේ ය. සබ්‍රම්සරුන් කෙරෙහි ගැටෙන සිත් ඇති බව (ක්‍රෝධය) බිඳ පියන්නේ ය. නුවණින් උපදවන ලද තෙපුල් මැ බණන්නේ ය. කාලවේලා ශීලවෙලා නො ඉක්මැ බණන්නේ ය. ජනයාගේ උපවාද කථායෙහි සිතිවිලි නූපදවන්නේ යි.

978. අථාපරං පඤ‍්චරජානි ලොකෙ යෙසං සතීමා විනයාය සික‍්ඛෙ, රූපෙසු සද‍්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස‍්සෙසු සහෙථ රාගං.

978. නැත අනෙකක් ද කියමි. යම් රජස් කෙනෙකුන්ගේ ප්‍රහාණය පිණිස ස්මෘතිමත් වූයේ හික්මෙන්නේ නම්, ලෝකයෙහි එබඳු පඤ්ච රජස් කෙනෙක් වෙති: රූපාලම්බනයෙහි දු ශබ්දා ලම්බනයෙහි දු යළි රසාලම්බනයෙහි දු ගන්‍ධාලම්බනයෙහි දු ස්පර්‍ශාලම්බනයෙහි දු ඡන්‍දරාගය මඩනේ යි.

979. එතෙසු ධම‍්මෙසු විනෙය්‍ය ඡන්‍දං භික‍්ඛු සතීමා සුවිමුත‍්තචිත‍්තො, කාලෙන සො සම‍්මා ධම‍්මං පරිවීමංසමානො එකොදිභූතො විහනෙ තමං සොති.

979. එළැඹ සිටි සිහි ඇති කෙලෙසුන් කෙරෙන් මොනොවට මිදුනු සිත් ඇති මහණ තෙම තෙල රූපාදි ධර්‍මයන් කෙරෙහි කාමච්ඡන්‍දය දුරු කරන්නේ ය. සුදුසු කාලයෙහි හෙතෙම සියලු සංස්කාරධර්‍මය අනිත්‍යාදි වශයෙන් මොනොවට විමසනුයේ එකඟ වූ සිත් ඇතියේ මෝහාදි හැම අන්‍ධකාරය නසන්නේ”යි.

සාරිපුත‍්තසුත‍්තං නිට‍්ඨිතං.

සාරිපුත්ත සූත්‍රය නිමි.

අට‍්ඨකවග‍්ගො චතුත්‍ථො.

සතර වැනි අට්ඨකවග්ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

කාමගුහට‍්ඨ දුට‍්ඨාව සුද‍්ධට‍්ඨ පරමා ජරා, මෙත‍්තෙය්‍යො ච පසූරො ච මාගන්‍දි පුරාභෙදනං. කලහං ද‍්වෙ ව ව්‍යුහානි පුනරෙව තුවට‍්ටකං අත‍්තදණ‍්ඩං ථෙරසුත‍්තං ථෙරපඤ‍්හෙන සොළස, තානි එතානි සුත‍්තානි සබ‍්බානට‍්ඨකවග‍්ගිකාති.

කාම සූත්‍ර ය, ගුහට්ඨක සූත්‍ර ය, දුට්ඨට්ඨක සූත්‍ර ය, සුද්ධට්ඨක සූත්‍ර ය, පරමට්ඨක සූත්‍ර ය, ජරා සූත්‍ර ය, තිස්සමෙත්තෙය්‍ය සූත්‍ර ය, පසූර සූත්‍ර ය, මාගන්‍දිය සූත්‍ර ය, පුරාභේද සූත්‍ර ය, කලහ විවාද සූත්‍ර ය, චූල වියූහ සූත්‍ර ය, මහාවියූහ සූත්‍ර ය, තුවටක සූත්‍ර ය, අත්තදණ්ඩ සූත්‍ර ය, සාරිපුත්ත සූත්‍ර ය, දැයි තෙල සොළොස් සූත්‍රයෝ අෂ්ටක වර්‍ගයෙහි වෙති යි.