අතතදණ‍්ඩ සුත‍්තං
4. 15.
4. 15.
අතතදණ‍්ඩ සුත‍්තං
අත්තදණ්ඩ සූත්‍රය
939. අත‍්තදණ‍්ඩා භයං ජාතං ජනං පස‍්සථ මෙධගං සංවෙගං කිත‍්තයිස‍්සාමි යථා සංවිජිතං මයා.
939. (කායාදි දුශ්චරිත සංඛ්‍යාත) ආත්මදණ්ඩනය හේතු කොට ගෙන දිට්ඨධම්මික හෝ සාම්පරායික වූ භය උපන. (එසේ වත්ම) ප්‍රතිපක්‍ෂ වූ තෙල කලහකාරී ජනයා බලවු. මා විසින් (බෝධිසත්ත්‍ව භූමියෙහි දී) යම් පරිදි තමා මැ තමහට සංවේග දනවන ලද නම් ඒ පරිදි සංවේගය පවසන්නෙමි.
940. ඵන්‍දමානං පජං දිස‍්වා මච‍්ඡෙ අප‍්පොදකෙ යථා, අඤ‍්ඤමඤ‍්ඤෙහි ව්‍යාරුද‍්ධෙ දිස‍්වා මං භයමාවිසි.
940. දියත්තෙක මසුන් මෙන් තෘෂ්ණාදියෙන් සැලෙන සත්ත්‍වයා දැක උනුන් හා පිළිමල්වුවන් දැක බිය මා කරා පැමිණියේ යැ (මට බිය උපන.)
941. සමන‍්තමසාරො ලොකො දිසා සබ‍්බා සමෙරිතා, ඉච‍්ඡා භවනමත‍්තනො නාද‍්දසාසිං අනොසිතං.
941. ලෝකය (නිත්‍යත්‍වාදියෙන් තොර හෙයින්) හාත්පසින් නිසරු ය. හැම දික්හු අනිච්චතාදියෙන් සැලුනාහ. (එහෙයින්) තමහට ත්‍රාණය පතනුයෙම් ජාතිජරාදියෙන් නොමැඩුනු තැනක් නුදුටිමි.
942. ඔසානෙත්‍වෙව ව්‍යාරුද‍්ධෙ දිස‍්වා මෙ අරතී අහු, අථෙත්‍ථ සල‍්ලං අද‍්දක‍්ඛිං දුද‍්දසං හදයනිස‍්සිතං.
942. යළි (යෞවනාදීන්ගේ) අවසන්හි මැ (ජරාදිය සමග) ප්‍රතිවිරුද්ධ වූ සත්ත්‍වයන් දැක මට අරතිය උපන, අනතුරුව ඒ සත්ත්‍වයන් කෙරෙහි වූ දුකසේ දැක්කයුතු සිත ඇසුරු කළ රාගානුශයාදී (සප්තවිධ) ශල්‍යයන් දිටිමි.
943. යෙන සල‍්ලෙන ඔතිණ‍්ණො දිසා සබ‍්බා විධාවති, තමෙව සල‍්ලං අබ‍්බුය‍්හ න ධාවති න සීදති.
943. රාගාදි යම් ශල්‍යයෙකින් විදුනා ලද සත්ත්‍ව (දුසිරිත්, පැදුන් දික් ආදී) හැම දිගට දිවේ නම් එ මැ ශල්‍යය උදුරාපියා හැම දිගට හා ගති ආදියට නො දිවෙයි. (චතුරෝඝයෙහිත්) නො ගැලේ.
944. තත්‍ථ සික‍්ඛානුගීයන‍්ති යානි ලොකෙ ගථිතානි න තෙසු පසුතො සියා. නිබ‍්බිජ‍්ඣ සබ‍්බසො කාමෙ සික‍්ඛෙ නිබ‍්බාන මත‍්තනො.
944. සත්ත්‍වලෝකයෙහි යම් පස් කම් ගුණ කෙනෙක් වෙත් නම් ඔවුන් නිමිති කොට හස්ති, ශික්‍ෂාදි අනේක ශික්‍ෂාවෝ උගන්නා ලැබෙත්. (නුවණැති කුලපුත්) ඒ පස්කම්ගුණයෙහි හෝ හස්ති ශික්‍ෂාදියෙහි ප්‍රයුක්ත නො වන්නේ ය. වස්තුකාම ක්ලේශකාමයන් අනිත්‍යාදි දර්‍ශනයෙන් පිළිවිද තමාගේ කෙලෙස් පිරිනිවීමට හික්මෙන්නේ යි.
945. සච‍්චො සියා අප‍්පගබ‍්භො අමායො රිත‍්තපෙසුනො, අක‍්කොධනො ලොභපාපං වෙවිච‍්ඡං විතරෙ මුනි.
945. (නිවන් සඳහා හික්මෙන) මුනි තෙමේ සත්‍යයෙන් යුක්ත වන්නේ ය. ප්‍රාගල්භ්‍ය නැතියේ වන්නේ ය. මායා නැතියේ වන්නේ ය. ප්‍රහීණ කළ පෛශුන්‍ය ඇත්තේ වන්නේ ය. ක්‍රෝධ නො කරණ සුලුයේ ලෝභ පාපය ද මාත්සර්‍ය්‍යය ද ඉක්මවන්නේ යි.
946. නිද‍්දං තන්‍දිං සහෙ ථිනං පමාදෙන න සංවසෙ, අතිමානෙ න තිට‍්ඨෙය්‍ය නිබ‍්බානමනසො නරො.
946. නිවණෙහි නැමුනු සිත් ඇති සත්ත්‍ව තෙමේ (වේදනාදිස්කන්‍ධත්‍රය සඞ්ඛ්‍යාත නාම කායයාගේ අකර්‍මණ්‍ය භාවය (මිද්ධය) කායලස්‍ය ය ද (චිත්තයාගේ අකර්‍මණ්‍යභාව සඞ්ඛ්‍යාත) ථීනය ද මැඩැලන්නේ ය. (ස්මෘති විප්‍රවාස සඞ්ඛ්‍යාත) ප්‍රමාදයෙන් නො වසන්නේ ය, අතිමානයෙහි නො සිටුනේ යි.
947. මොසවජ‍්ජෙ න නිය්‍යෙථ රූපෙ ස‍්නෙහං න කුබ‍්බයෙ, මානඤ‍්ච පරිජානෙය්‍ය සහසා විරතො චරෙ.
947. මුසවායෙහි නො යෙදෙන්නේ ය. (භූතොපාදය භේදභින්න) රූපස්කන්‍ධයෙහි සනා නො කරන්නේ ය. මානය ද ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දන්නේ ය. රාගාදිභේද ඇති සාහසචර්‍ය්‍යවෙන් වෙන් ව හැසිරෙන්නේ යි.
948. පුරාණං නාභිනන්‍දෙය්‍ය නවෙ ඛන‍්තිං න කුබ‍්බයෙ, හීයමානෙ න සොචෙය්‍ය ආකාසං න සිතො සියා.
948. අතීත රූපාදි අරමුණට සතුටු නො වන්නේ ය. වර්‍තමාන රූපාදියෙහි දු රුචිය නො කරන්නේ ය, රූපාදි අරමුණු නැසෙත් ම ශෝක නො කරන්නේ ය. තෘෂ්ණා සඞ්ඛාත ආකාශ ය ද ඇසුරු කෙළේ නො වන්නේ යි.
949. ගෙධං බ්‍රූමි මහොඝොති ආජවං බ්‍රූමි ජප‍්පනං, ආරම‍්මණං පකප‍්පනං කාමපඞ‍්කො දුරච‍්චයො.
949. (මම තෘෂ්ණාව රූපාදියෙහි ගිජුවන හෙයින්) ගේධ යයි ද මහ වතුරෙකැයි ද කියමි. (අරමුණෙහි දිවෙන හෙයින්) ආජවයෙකැ යි ද ජල්පනයෙකැ යි ද ආලම්බනයෙකැ යි ද ප්‍රකම්පනයෙකැයි ද කියමි. තෙල කාමපඞ්කය දුරතික්‍රමණී ය වේ.
950. සච‍්චා අවොක‍්කම‍්ම මුනි ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණො, සබ‍්බං සො පටිනිස‍්සජ‍්ජ ස වෙ සන‍්තොති වුච‍්චති.
950. ක්‍ෂීණාස්‍රව වූ මුනි තෙම සත්‍යයෙන් නො ඉක් මැ නිවන් තෙලෙහි සිටී. හේ ඒකාන්තයෙන් සියලු ආයතනයන් දුරලා ශාන්ත වූයේ යයි කියනු ලැබේ.
951. ස වෙ විද‍්වා ස වෙදගූ ඤත්‍වා ධම‍්මං අනිස‍්සිතො, සම‍්මා සො ලොකෙ ඉරියානො න පිහෙතී’ධ කස‍්සචි.
951. සංස්කෘත ධර්‍මයන් අනිත්‍යාදි විසින් දැන තෘෂ්ණා දෘෂ්ටිනිඃශ්‍රය රහිත හෙතෙම ඒකාන්තයෙන් පණ්ඩිත වූයේ වෙයි. හෙතෙම චතුර්මාර්‍ගඥානයට පැමිණියේ වෙයි. හෙතෙම සත්ත්‍වලෝක යෙහි මොනොවට ඉරියවු පවත්වනුයේ මෙ ලොව කිසිවකුටත් තෘෂ්ණා නො කෙරෙයි.
952. යොධ කාමෙ අච‍්චතරි සඞ‍්ගං ලොකෙ දුරච‍්චයං, න සො සොචති නාජ‍්ඣෙති ඡින‍්නසොතො අබන්‍ධනො.
952. මේ සත්ත්‍වලෝකයෙහි යමෙක් වස්තුකාම ක්ලේශකාමයන් හා ඉක්මැවීමට දුෂ්කර වූ රාගාදි සඞ්ගය ද ඉක්මැවී ද සිඳින ලද තෘෂ්ණාස්‍රෝතස ඇති, රාගාදි බන්‍ධන නැති හේ ශෝක නො කෙරෙයි නො සිතයි.
953. යං පුබ‍්බෙ තං විසොසෙහි පච‍්ඡා තෙ මාහු කිඤ‍්චනං, මජ‍්ඣෙ චෙ නො ගහෙස‍්සසි උපසන‍්තො චරිස‍්සසි.
953. අතීතයෙහි වූ සංස්කාරයන් ඇරැබැ උපදනා යම් කෙලෙස් වේ නම්, එය වියළව, අනාගතයෙහි වන සංස්කාරයන් ඇරැබ උපදනා රාගාදි කිඤ්චන තට නහමක් වේවා, ඉදින් වර්‍තමානයෙහි රූපාදි සංස්කාරයන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගන්නෙහි නම් උපශාන්ත වැ හැසිරෙන්නෙහි.
954. සබ‍්බසො නාමරූපස‍්මිං යස‍්ස නත්‍ථි මමායිතං, අසතා ච සොචති ස චෙ ලොකෙ න ජිය්‍යති
954. යම් ක්‍ෂීණාස්‍රවයකුට නාම-රූප දෙක නිමිති කොට තෘෂ්ණෘ දෘෂ්ටි මමත්‍වයෙක් නැද්ද, මමත්‍වය නැති බැවින් ම ශෝක නො කෙරේ ද හෙතෙම ඒකාන්තයෙන් ලොවැ නො පිරිහේ.
955. යස‍්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ‍්චනං, මමත‍්තං සො අසංවින්‍දං නත්‍ථි මෙති න සොචති.
955. යම් ක්‍ෂීණාස්‍රවයකුට ‘මෙ මාගේ යැ’යි හෝ වැලි අනුන්ගේ යැ යි හෝ රාගාදි කිඤ්චනයෙක් නැත් ද, හෙතෙම තෘෂ්ණාදෘෂ්ටි මමත්‍වය නො ලබනුයේ ‘මෙය මට නැතැ’යි ශෝක නො කෙරේ.
956. අනිට‍්ඨුරී අනනුගිද‍්ධො අනෙජො සබ‍්බධී සමො, තමානිසංසං පබ්‍රූමි පුච‍්ඡිතො අවිකම‍්පිනං
956. ඒ කම්පිත නො වන සුලු පුද්ගලයා පුළුවුස්නා ලද මම “(හෙ) ඊර්‍ෂ්‍යා නැතියෙක, (රූපාදියෙහි) නො ගිජු වූයෙක, තෘෂ්ණා රහිතයෙක හැම තන්හි සම පැවැතුම් ඇත්තෙක” යන මෙ අනුසස් සතර කියමි.
957. අනෙජස‍්ස විජානතො නත්‍ථි කාචි නිසඞ‍්ඛිති, විරතො සො වියාරම‍්භා ඛෙමං පස‍්සති සබ‍්බධී.
957. තෘෂ්ණා රහිත වූ සංස්කාරයන් දුඃඛාදි වශයෙන් දන්නහුට (පුණ්‍යාභිසංස්කාරාදී ) කිසි සංස්කාරයෙක් නැත. සංස්කාරයෙන් තොර වූ හේ හැම තන්හි ක්‍ෂේමය දක්නේ යි.
958. න සමෙසු න ඔමෙසු න උස‍්සෙසු වදතෙ මුනි, සන‍්තො සො වීතමච‍්ඡෙරො නාදෙති න නිරස‍්සතීති.
958. රහත් මුනි තෙම (මාන විසින් තමා) සම වූවන් කෙරෙහි දු ලා නො කියයි. හීනයන් කෙරෙහි ලාත් නො කියයි. ශ්‍රේෂ්ඨයන් කෙරෙහි ලාත් නො කියයි. සන්හුන් කෙලෙස් ඇති පහව ගිය මසුරුමල ඇති, හෙතෙම රූපාදි කිසි ධර්‍මයක් නිත්‍ය, ශුභාදි විසින් නො ගන්නේ ය. බැහැර ද නො කෙරේ යයි (මෙසේ බුදුහු වදාළහ.)
අත‍්තදණ‍්ඩසුත‍්තං නිට‍්ඨිතං.
අත්තදණ්ඩ සූත්‍රය නිමි.