තුවටක සුත්තං
4. 14.
4. 14.
තුවටක සුත්තං
තුවටක සූත්‍රය
919. පුච්ඡාමි තං ආදිච්චබන්ධුං විවෙකං සන්තිපදඤ්ච මහෙසිං, කථං දිස්වා නිබ්බාති භික්ඛු අනුපාදියානො ලොකස්මිං කිඤ්චි.
919. සූර්ය්යබන්ධු වූ මහාර්ෂී වූ මුඛ පුළුවුස්මි: (කල්‍යාණ පෘතග්ජනවූ හෝ ශෛක්ෂ) යෝගාවචර මහණ ත්‍රිවිධ විවේකය හා ශාන්තිපද සඞ්ඛ්‍යාත සත්තිස් බෝධිපාක්ෂික ධර්ම හා කවර කරුණෙකින් දැක (කායාදී) ලෝකයෙහි රූපාදි කිසි ධර්මයකුත් උපාදාන විසින් නො ගණිමින් රාගාදි කෙලෙසුන් සන්හිඳුවන්නේ ද?
920. මූලං පපඤ්ච සඞ්ඛාය (ඉති භගවා) මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ, යා කාචි තණ්හා අජ්ඣත්තං තාසං විනයා සදා සතො සික්ඛෙ.
920. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: තෘෂ්ණාදෘෂ්ටිප්‍රපඤ්චයාගේ අවිද්‍යාදි ක්ලේශමූලය ද දෘෂ්ටිමානය ද ප්‍රඥායෙන් දැන සියල්ල වළහන්නේ ය. අධ්‍යාත්මයෙහි යම් කිසි තෘෂ්ණා කෙනෙක් වෙත් ද ඔවුන්ගේ ප්රහාණය සඳහා හැම කල්හි එළඹසිටි සිහි ඇති වැ හික්මෙන්නේ යි.
921. යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා, අජ්ඣත්තං අථවාපි බහිද්ධා, න තෙන මානං කුබ්බෙථ න හි සා නිබ්බුති සතං වුත්තා.
921. තමා කෙරෙහි වූ හෝ (උපධ්යායාදි ) බාහිර පුද්ගලයකු කෙරෙහි වූ කුලීනත්‍වාදි ගුණයක් හෝ දන්නේ නම් ඒ කරුණෙන් මානය නොකරන්නේ ය බුද්ධාදී සත්පුරුෂයන් විසින් ඒ මානෝන්නතිය නිබ්බුතිය යි නො කියනලද මැ යි.
922. සෙය්යො න තෙන මඤ්ඤෙය්ය නීචෙය්යො අථ වාපි සරික්ඛො, ඵුට්ඨො අනෙකරූපෙහි නාතුමානං විකප්පයං තිට්ඨෙ.
922. එ මානයෙන් මම ශ්‍රේෂ්ඨයෙමි යි ද නීචයෙමි යි ද නැතහොත් සදෘශයෙමි යි ද නොහඟනේ ය. කුලීනත්වාදී අනේකස්වරූපයෙන් යුක්ත වූයේ තමා විකල්පනය කරමින් නො සිටුනේ යි.
923. අජ්ඣත්තමෙව උපසමෙ න අඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්ය, අජ්ඣත්තං උපසන්තස්ස නත්ථී අත්තා කුතො නිරත්තා වා.
923. මහණ, අධ්‍යාත්මයෙහි මැ රාගාදිය සන්හිඳුවන්නේ ය. සතිපට්ඨානාදිය හැර අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් ශාන්තිය නොසොයන්නේ ය. අධ්‍යාත්මයෙහි රාගාදිය සන්හිඳුනු මහණහට ආත්මදෘෂ්ටි නැත. උච්ඡේද දෘෂ්ටිය හෝ කොයින් වේ ද?
924. මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති, එවං ඨිතො අනෙජස්ස උස්සදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි.
924. මහාසාගරය සේ (සාරදහසක් පමණ යොදුන් ඇති) මධ්‍යභාගයෙහි යම් සේ රළ නො හටගනී ද නිශ්චලව සිටියේ වේ ද, එසෙයින් ක්ෂීණාස්රව මහණ තෙම අටලෝදහමින් නොසැලී සිටියේ තෘෂ්ණා රහිත වන්නේ ය. ඒ මහණ කිසිවෙක්හි දු උත්සද නොකරන්නේ ය.
925. අකිත්තයී විවටචක්ඛු සක්ඛිධම්මං පරිස්සයවිනයං. පටිපදං වදෙහි භද්දන්තෙ පාතිමොක්ඛං අථවාපි සමාධිං.
925. අනාවරණ වූ පසැස් ඇති බුදුහු උපද්‍රවයන් දුරුකරන තමන් හට ප්රත්යක්ෂවූ ධර්මය වදාළහ. පින්වතුන්වහන්ස, මුඹගේ සොඳුරු වූ පිළිවෙත වදාළ මැනව. වැලිදු පාමොක් හා සමාධියත් වදාළ මැනව.
926. චක්ඛූහි නෙව ලොලස්ස ගාමකථාය ආවරෙය්ය සොතං, රසෙ ච නානුගිජ්ඣෙය්ය න ච මමායෙථ කිඤ්චි ලොකස්මිං.
926. ඇසින් (රූ දැක්මට) නො මැ ලොල් වන්නේය. ග්‍රාම්‍ය (තිරශ්චීන) කථායෙන් කන් වළහන්නේ ය. මූලරසාදියෙහි දු නොගිජු වන්නේ ය. ලොවැ (රූපාදි ) කිසිවක් (තෘෂ්ණාදෘෂ්ටි) මමත්වයෙන් නො ගන්නේ යි.
927. ඵස්සෙන යදා ඵුට්ඨස්ස පරිදෙවං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි භවං ච නාභිජප්පෙය්ය භෙරවෙසු ච න සම්පවෙධෙය්ය.
927. රෝගස්පර්ශයෙන් යම් කලෙක්හි පහස්නා ලද වේ නම් මහණ කිසිවක් නිමිති කොට පරිදේවනා නො කරන්නේ ය. කාමභවාදිය ද නො පතන්නේ ය. බිය දනවන අරමුණු නිමිති කොට ද නො සැලෙන්නේ යි.
928. අන්නානමථො පානානං ඛාදනීයානං අථොපි වත්ථානං, ලද්ධා න සන්නිධිං කයිරා න ච පරිත්තසෙ තානි අලභමානො.
928. තවද මහණ ආහාර-පානයන් හා ඛාද්‍යයන් සම්බන්ධි වූත් වස්ත්‍රයන් සම්බන්ධි වූත් (කිසිවක්) ලැබ සන්නිධිය (රැස්කිරීම) නො කරන්නේ ය. ඒ වස්තූන් නො ලබනුයේ නො ද තැවෙන්නේ යි.
929. ඣායී න පාදලොල’ස්ස විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්ය, අථ ආසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්ය.
929. ප්‍රථමාදී ධ්‍යාන වඩන්නේ පාද ලෝලයෙක් නොවන්නේ ය. කුකුසින් දුරුවන්නේ ය. නොපමා වන්නේ ය. යලිදු මහණ නිහඬ වූ සයනාසනයන්හි දු වාසය කරන්නේ යි.
930. නිද්දං න බහුලීකරෙය්ය ජාගරියං භජෙය්ය ආතාපී, තන්දිං මායං හස්සං ඛිඩ්ඩං මෙථුනං විප්පජහෙ සවිභූසං.
930. කෙලෙස් තවන වැර ඇතියේ නිදි බහුල නො කරන්නේ ය. නිදි වැරීම සෙවුනේ ය. තන්ද්රාව (අසලබව) මායා ය, හාස්‍ය ය, ක්‍රීඩාය, විභූෂණ සහත් මෙවුන්දම් ය යන මොවුන් වෙසෙසින් දුරු කරන්නේ යි.
931. ආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථොපි නක්ඛත්තං, විරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්ය.
931. රත්නත්‍රයමාමක මහණ අථර්වනය මන්ත්‍ර ප්‍රයෝග හා ස්වප්න ශාස්ත්‍ර හා (මණිලක්ඛණාදි) ලක්ෂණ ශාස්ත්‍ර හා යළිත් නක්ෂස්ත්රය හා නො යොදන්නේ ය. (මෘග වාක්‍ය) විරූත ශාස්ත්‍ර ද ගර්භ කරණ ද චිකිත්සා ශාස්ත්‍රය ද නො සෙවුනේ යි.
932. නින්දාය නප්පවෙධෙය්ය න උන්නමෙය්ය පසංසිතො භික්ඛු, ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්ය.
932. මහණ නින්දා වචනයෙන් නො සැලෙන්නේ ය, පසස්නා ලදුයේ උඩඟු නොවන්නේ ය. මාත්සර්‍ය්‍ය සහිත ලෝභ හා ක්‍රෝධ හා පිසුනු බස් හැර පියන්නේ යි.
933. කයවික්කයෙ න තිට්ඨෙය්ය උපවාදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි, ගාමෙ ච නාභිසජ්ජෙය්ය ලාභකම්යා ජනං න ලපයෙය්ය.
933. මහණ ක්‍රය-වික්රයෙහි නොසිටුනේ ය. (අභ්‍යන්තර-බාහිර) කිසිදු තැනෙක්හි උපවාද නොකරවන්නේ ය. ගම්හිදු නො ලැගෙන්නේ ය. ලාභාෂාවෙන් ජනයාහට ලපනය නො කරන්නේ යි.
934. න ච කත්ථිකො සියා භික්ඛු න ච වාචං පයුතං භාසෙය්ය, පාගබ්භියං න සික්ඛෙය්ය කථං විග්ගාහිකං න කථයෙය්ය.
934. මහණ ආත්ම වර්ණනා ද නො කරන්නේ ය. සිවුපසය සඳහා ද යොදන ලද බසුදු නො කියන්නේ ය. බුහුටිබව්හි දු නො හික්මෙන්නේ ය. විග්‍රාහික කථා ද නොකියන්නේ යි.
935. මොසවජ්ජෙ න නිය්යෙථ සම්පජානො සඨානි න කයිරා, අථ ජීවිතෙන පඤ්ඤාය සීලබ්බතෙන නාඤ්ඤමතිමඤ්ඤෙ.
935. සම්‍යක්ප්‍රඥා ඇති මහණ මුසවා බිණීමෙහි නො යෙදෙන්නේ ය. කපටිකම් නො කරන්නේ ය. යළි දිවි පැවැත්මෙන් ප්‍රඥායෙන් හා ශීල ව්‍රතයෙන් අන්‍යයන් ඉක්මවා නො සිතන්නේ යි.
936. සුත්වා රුසිතො බහුං වාචං සමණානං පුථුවචනානං, ඵරුසෙන නෙ න පටිවජ්ජා න හි සන්තො පටිසෙනිං කරොන්ති.
936. බැහැරි මහණුන්ගේ හෝ ක්ෂත්රියාදීන්ගේ අනිටු වූ බොහෝ බස් අසා ගැටුනේ රළුබසින් ඔවුන්ට පෙරළා නො කියන්නේ ය. රාගාදි කෙලෙස් සන්හිඳුවූවෝ ප්රතිපක්ෂ භාවය නො කෙරෙත් මැයි.
937. එතඤ්ච ධම්මමඤ්ඤාය විචිනං භික්ඛු සදා සතො සික්ඛෙ, සන්තීති නිබ්බුතිං ඤත්වා සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්ය.
937. මහණ තෙල දහම දැන අනිත්‍ය ලක්ෂණාදි විමසමින් හැමකල්හි එළඹ සිටි සිහි ඇතියේ ත්‍රිවිධ ශික්ෂායෙහි හික්මෙන්නේ ය. රාගාදි කෙලෙසුන්ගේ සන්හිඳීම නිවණැයි දැන ගෞතම බුද්ධ සාසනයෙහි පමා නොවන්නේ යි.
938. අභිභූ හි සො අනභිභූතො සක්ඛිධම්මං අනීතිහමදස්සි, තස්මා හි තස්ස භගවතො සාසනෙ අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙති.
938. රූපාදිය මැඩැලූ ඒ බුදුහු (කෙලෙසුන් විසින්) නොමැඩුනාහු මෙසේ වී ලැ යි නො තකනලද ආත්ම ප්රත්යක්ෂ වූ ධර්මය දුටු සේක. එ හෙයින් මැ ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශාසනයෙහි අප්‍රමත්ත වූයේ හැම කල්හි තුන්දොරින් බුදුන් වඳිමින් ත්රිශික්ෂායෙහි හික්මෙන්නේ ය”යි (වදාළ සේක.)
තුවටකසුත්තං නිට්ඨිතං.
තුවටක සූත්‍රය නිමි.