වත්ථුගාථාවණ්ණනා අට්ඨකථා
වත්ථුගාථාවණ්ණනා
වස්තුගාථා වර්ණනාව
කොසලානං පුරා රම්මාති පාරායනවග්ගස්ස වත්ථුගාථා. තාසං උප්පත්ති – අතීතෙ කිර බාරාණසිවාසී එකො රුක්ඛවඩ්ඪකී සකෙ ආචරියකෙ අදුතියො, තස්ස සොළස සිස්සා, එකමෙකස්ස සහස්සං අන්තෙවාසිකා. එවං තෙ සත්තරසාධිකසොළසසහස්සා ආචරියන්තෙවාසිනො සබ්බෙපි බාරාණසිං උපනිස්සාය ජීවිකං කප්පෙන්තා පබ්බතසමීපං ගන්ත්වා රුක්ඛෙ ගහෙත්වා තත්ථෙව නානාපාසාදවිකතියො නිට්ඨාපෙත්වා කුල්ලං බන්ධිත්වා ගඞ්ගාය බාරාණසිං ආනෙත්වා සචෙ රාජා අත්ථිකො හොති, රඤ්ඤො, එකභූමිකං වා…පෙ… සත්තභූමිකං වා පාසාදං යොජෙත්වා දෙන්ති. නො චෙ, අඤ්ඤෙසම්පි විකිණිත්වා පුත්තදාරං පොසෙන්ති. අථ නෙසං එකදිවසං ආචරියො “න සක්කා වඩ්ඪකිකම්මෙන නිච්චං ජීවිකං කප්පෙතුං, දුක්කරඤ්හි ජරාකාලෙ එතං කම්ම”න්ති චින්තෙත්වා අන්තෙවාසිකෙ ආමන්තෙසි – “තාතා, උදුම්බරාදයො, අප්පසාරරුක්ඛෙ ආනෙථා”ති. තෙ “සාධූ”ති පටිස්සුණිත්වා ආනයිංසු. සො තෙහි කට්ඨසකුණං කත්වා තස්ස අබ්භන්තරං පවිසිත්වා යන්තං පූරෙසි. කට්ඨසකුණො සුපණ්ණරාජා විය ආකාසං ලඞ්ඝිත්වා වනස්ස උපරි චරිත්වා අන්තෙවාසීනං පුරතො ඔරුහි. අථ ආචරියො සිස්සෙ ආහ – “තාතා, ඊදිසානි කට්ඨවාහනානි කත්වා සක්කා සකලජම්බුදීපෙ රජ්ජං ගහෙතුං, තුම්හෙපි, තාතා, එතානි කරොථ, රජ්ජං ගහෙත්වා ජීවිස්සාම, දුක්ඛං වඩ්ඪකිසිප්පෙන ජීවිතු”න්ති. තෙ තථා කත්වා ආචරියස්ස පටිවෙදෙසුං. තතො නෙ ආචරියො ආහ – “කතමං, තාතා, රජ්ජං ගණ්හාමා”ති? “බාරාණසිරජ්ජං ආචරියා”ති. “අලං, තාතා, මා එතං රුච්චි, මයඤ්හි තං ගහෙත්වාපි ‘වඩ්ඪකිරාජා වඩ්ඪකියුවරාජා’ති වඩ්ඪකිවාදා න මුච්චිස්සාම, මහන්තො ජම්බුදීපො, අඤ්ඤත්ථ ගච්ඡාමා”ති.
කොසලානං පූරා යනු පාරායණ වග්ගයෙහි නිදාන කතාව දැක්වෙන ගාථාය. එයටද හේතු වූ කරුණු මෙසේය. අතීතයෙහි බරණැස එක් රුක් වඩුවෙක් විය. ගුරුවරයෙකු ලෙස දෙවැන්නකු නොසිටි ඔහුට සිසුහු දහසය දෙනෙක් වූහ. ඒ එක් එක් සිසුවාට අතවැසියෝ දහස බැගින් සිටියහ. මෙසේ දහසය දහස් දහහතක් වූ ගුරු-අතවැසි සියල්ලෝම බරණැස (පෙදෙස) ඇසුරුකොට ජීවත් වෙමින් කඳු අසලට ගොස් ගස් කපා, එහිදීම මන්දිරවල නොයෙක් නොයෙක් කොටස් නිමවා, පහුරක් බැඳ ගඟෙන් බරණැසට ගෙනවුත්, රජුට අවැසි වේ නම්, එක් මහලක් හෝ සත්මහලක් හෝ පහයකට ඒවා යොදති. නොඑසේනම්, වෙනත් කෙනෙකුට විකුණා අඹුදරුවන් ඇතිදැඩි කරති. එක් දවසක් ඔවුන්ගේ ගුරුතුමා, ‘වඩුකමෙන් ජීවත්වීමට නොහැකියි. මහළු වූ විට මේ කටයුතු අපහසුයැයි’ අතවැසියන් අමතා, ‘දරුවනි, දිවුල් ආදී අරටුව අඩු ගස් ගෙනෙව’යි කීය. ඔව්හු යහපතැ’යි කියා දිවුල් ගස් ගෙනාහ. ඔහු ඒවායින් ලී කුරුල්ලකු සාදා එතුළට පිවිස එය ඉහළට නැංවීමට කටයුතු කළේය. ලී කුරුල්ලා ගුරුළුරජකු මෙන් අහසට නැගී, කැලෑව පුරා සිසාරා ඇතුළු පුරවාසීන් ඉදිරියෙහි පොළවට බැස්සේය. ඉක්බිති ගුරුතුමා, ‘දරුවනි, ලීයෙන් මෙබඳු යානා සාදා මුළු දඹදිව රජකම ලද හැකිය. ඔබලාද මෙසේ කරව, රජය ගෙන ජීවත් වන්නෙමු. වඩුකමෙන් ජීවත්වීම දුකකි’යි සිසුවන්ට කීය. සිසුවෝ එසේ කටයුතු කොට ගුරුවරයාට දැන්වූහ. එවිට ඔහු ‘දරුවනි, කිනම් රජයක් අල්ලා ගනිමුදැ’යි ඇසීය. ‘ඇදුරුතුමනි, බරණැස රජයයි.’ ‘දරුවනි, එය නුසුදුසුය. එයට කැමති නොවවු, අපි රජය ලබාගත්තද, රජු වඩුවෙකි. යුව රජුද වඩුවෙකි’යි වඩුකතාවෙන් නොමිදෙන්නෙමු. දඹදිව විසාලය. වෙනත් තැනකට යමු’යි කීය.
තතො සපුත්තදාරා කට්ඨවාහනානි , අභිරුහිත්වා සජ්ජාවුධා හුත්වා හිමවන්තාභිමුඛා ගන්ත්වා හිමවති අඤ්ඤතරං නගරං පවිසිත්වා රඤ්ඤො නිවෙසනෙයෙව පච්චුට්ඨහංසු. තෙ තත්ථ රජ්ජං ගහෙත්වා ආචරියං රජ්ජෙ අභිසිඤ්චිංසු. සො “කට්ඨවාහනො රාජා”ති පාකටො අහොසි. තම්පි නගරං තෙන ගහිතත්තා “කට්ඨවාහනනගර”න්ත්වෙව නාමං ලභි, තථා සකලරට්ඨම්පි . කට්ඨවාහනො රාජා ධම්මිකො අහොසි, තථා යුවරාජා අමච්චට්ඨානෙසු ච ඨපිතා සොළස සිස්සා. තං රට්ඨං රඤ්ඤා චතූහි සඞ්ගහවත්ථූහි සඞ්ගය්හමානං අතිවිය ඉද්ධං ඵීතං නිරුපද්දවඤ්ච අහොසි. නාගරා ජානපදා රාජානඤ්ච රාජපරිසඤ්ච අතිවිය මමායිංසු “භද්දකො නො රාජා ලද්ධො, භද්දිකා රාජපරිසා”ති.
ඔව්හු අඹුදරුවන් සමග ලී වාහනවලට නැගී, ආයුධ ගෙන, හිමාලය දෙසට ගොස්, හිමාලයෙහි නගරයකට පිවිස රජුගේ නිවහනටම බැස්සාහ. එහි රජය ගෙන, ගුරුතුමා රජ බවට ඔටුනු පැළඳවූහ. ඔහු ‘කට්ඨවාහන’ රජු යැයි හැඳින්වීය. ඒ නගරයද ඔහු විසින් අල්ලා ගන්නා ලද බැවින්, ‘කට්ඨවාහන නුවරයැ’යි නම ලැබිණ. මුළු රටටමද කට්ඨවාහන රජු දැහැමි විය. යුවරජ තනතුරටද ඇමති තනතුරුවලටද සිසුන් දහසය දෙනා පත්කරන ලදී. රජ සිවු සඟරාවතින් යුතුව රජය විචාළ අතර, රටද සව් ඉසුරින් පිරි, සාමකාමී වූයේය. අනෙක් නගරවලද, ජනපදවලද, රජවරුද රජ පිරිසද ‘අපට යහපත් රජකු ලැබුණි. ඒ රජුගේ පිරිසද යහපත් යැයි බෙහෙවින්ම තමන්ගේය යන හැඟීමෙන් සිටියහ.
අථෙකදිවසං මජ්ඣිමදෙසතො වාණිජා භණ්ඩං ගහෙත්වා කට්ඨවාහනනගරං ආගමංසු පණ්ණාකාරඤ්ච ගහෙත්වා රාජානං පස්සිංසු. රාජා “කුතො ආගතත්ථා”ති සබ්බං පුච්ඡි. “බාරාණසිතො දෙවා”ති. සො තත්ථ සබ්බං පවත්තිං පුච්ඡිත්වා – “තුම්හාකං රඤ්ඤා සද්ධිං මම මිත්තභාවං කරොථා”ති ආහ. තෙ “සාධූ”ති සම්පටිච්ඡිංසු. සො තෙසං පරිබ්බයං දත්වා ගමනකාලෙ සම්පත්තෙ පුන ආදරෙන වත්වා විස්සජ්ජෙසි. තෙ බාරාණසිං ගන්ත්වා තස්ස රඤ්ඤො ආරොචෙසුං. රාජා “කට්ඨවාහනරට්ඨා ආගතානං වාණිජකානං අජ්ජතග්ගෙ සුඞ්කං මුඤ්චාමී”ති භෙරිං චරාපෙත්වා “අත්ථු මෙ කට්ඨවාහනො මිත්තො”ති ද්වෙපි අදිට්ඨමිත්තා අහෙසුං. කට්ඨවාහනොපි ච සකනගරෙ භෙරිං චරාපෙසි – “අජ්ජතග්ගෙ බාරාණසිතො ආගතානං වාණිජකානං සුඞ්කං මුඤ්චාමි, පරිබ්බයො ච නෙසං දාතබ්බො”ති. තතො බාරාණසිරාජා කට්ඨවාහනස්ස ලෙඛං පෙසෙසි “සචෙ තස්මිං ජනපදෙ දට්ඨුං වා සොතුං වා අරහරූපං කිඤ්චි අච්ඡරියං උප්පජ්ජති, අම්හෙපි දක්ඛාපෙතු ච සාවෙතු චා”ති. සොපිස්ස තථෙව පටිලෙඛං පෙසෙසි. එවං තෙසං කතිකං කත්වා වසන්තානං කදාචි කට්ඨවාහනස්ස අතිමහග්ඝා අච්චන්තසුඛුමා කම්බලා උප්පජ්ජිංසු බාලසූරියරස්මිසදිසා වණ්ණෙන. තෙ දිස්වා රාජා “මම සහායස්ස පෙසෙමී”ති දන්තකාරෙහි අට්ඨ දන්තකරණ්ඩකෙ ලිඛාපෙත්වා තෙසු කරණ්ඩකෙසු තෙ කම්බලෙ පක්ඛිපිත්වා ලාඛාචරියෙහි බහි ලාඛාගොළකසදිසෙ කාරාපෙත්වා අට්ඨපි ලාඛාගොළකෙ සමුග්ගෙ පක්ඛිපිත්වා වත්ථෙන වෙඨෙත්වා රාජමුද්දිකාය ලඤ්ඡෙත්වා “බාරාණසිරඤ්ඤො දෙථා”ති අමච්චෙ පෙසෙසි. ලෙඛඤ්ච අදාසි “අයං පණ්ණාකාරො නගරමජ්ඣෙ අමච්චපරිවුතෙන පෙක්ඛිතබ්බො”ති.
එක් දවසක් වෙළෙන්දෝ බඩු රැගෙන දඹදිව මැද රට සිට කට්ඨවාහන නගරයට පැමිණියහ. ඔව්හු පඬුරු ගෙන රජු බැහැදුටහ. රජු, ‘කොහි සිට පැමිණෙයහුදැ’යි සියළු තොරතුරු ඇසීය. ‘දේවයිනි, බරණැස සිට’යැයි කීහ. රජු එහි සියළු තොරතුරු අසා, ‘තොපගේ රජ සමග මා ද මිතුරු කරව’යි පැවසීය. ඔව්හු ‘යහපතැ’යි පිළිගත්හ. කට්ඨවාහන රජ ඔවුනට මග වියදම් ආදිය ලබා දී, ආපසු පිටත්ව යනවිට, ආදරයෙන් ඔවුන් හමු වී, (බරණැසට) පිටත්කර හැරියේය. බරණැසට ගොස් වෙළෙන්දෝ ඒ බව රජුට සැළකළහ. බරණැස් රජු, ‘කට්ඨවාහන රටෙන් පැමිණි වෙළඳුන් අද පටන් අයබදුවලින් නිදහස් කරමි’ යැයි අණබෙර යවා, ‘කට්ඨවාහන රජු මගේ මිතුරකුව ඇතැ’යි (සැළකීය.) දෙදෙනා මෙසේ නුදුටු මිතුරෝ වූහ. ‘අද පටන් බරණැසින් පැමිණෙන වෙළෙඳුන් අයබදුවලින් නිදහස් කරමි, ඔවුනට වියදම් ද දිය යුතු යැයි කට්ඨවාහන රජු ද මුළු නගරයෙහි අණබෙර යැවීය. මේ අතර, බරණැස රජු. ‘කට්ඨවාහන ජනපදයෙහි දැකීමට හෝ ඇසීමට හෝ සුදුසු කිසියම් පුදුම දෙයක් ඇතිවුනි නම්, අපටද දකින්නට හෝ අසන්නට හෝ සැලැස්වුව මැනවැ’යි කට්ඨවාහන රජුට ලිපියක් යැවීය. කට්ඨවාහන රජු ද එබඳුම ලිපියක් බරණැස රජුට ද යැවීය. මෙසේ ඔවුන් කතිකා කොට තිබියදී, වරෙක, කට්ඨවාහන රජුට, ලහිරු මඬලෙහි රැස්මාලා පැහැ යුතු ඉතා මාහැඟි, ඉතා සිනිඳු කම්බිලි ලැබුණි. රජු එය දැක ‘මගේ යහළුවාට යවමි’යි ඇත්දත් කැටයම්කරුවන් ලවා කරඬු අටක් ලියවා, ඒ කරඬුවල එම කම්බිලි බහා, ලාකඩ (සිප්හි සමත්) සිප් ඇඳුරන් ලවා, පිටත ලාකඩ ගෝල සකසවා, ලාකඩ ගෝල අටද කරඬුවෙහි බහා, රෙදිවලින් වෙලා රාජකීය නිල සලකුණ තබා ‘බරණැස රජුට ගෙන යව’යි ඇමතිවරුන් යැවීය. ‘මේ තෑගි පඬුර නගරය මැද දී ඇමතිවරුන් පිරිවරා බැලිය යුතු’ බව සඳහන් ලිපියක් ද දුන්නේය.
තෙ ගන්ත්වා බාරාණසිරඤ්ඤො අදංසු. සො ලෙඛං වාචෙත්වා අමච්චෙ සන්නිපාතෙත්වා නගරමජ්ඣෙ රාජඞ්ගණෙ ලඤ්ඡනං භින්දිත්වා පලිවෙඨනං අපනෙත්වා සමුග්ගං විවරිත්වා අට්ඨ ලාඛාගොළකෙ දිස්වා “මම සහායො ලාඛාගොළකෙහි කීළනකබාලකානං විය මය්හං ලාඛාගොළකෙ පෙසෙසී”ති මඞ්කු හුත්වා එකං ලාඛාගොළකං අත්තනො නිසින්නාසනෙ පහරි. තාවදෙව ලාඛා පරිපති, දන්තකරණ්ඩකො විවරං දත්වා ද්වෙභාගො අහොසි. සො අබ්භන්තරෙ කම්බලං දිස්වා ඉතරෙපි විවරි සබ්බත්ථ තථෙව අහොසි. එකමෙකො කම්බලො දීඝතො සොළසහත්ථො විත්ථාරතො අට්ඨහත්ථො. පසාරිතෙ කම්බලෙ රාජඞ්ගණං සූරියප්පභාය ඔභාසිතමිව අහොසි. තං දිස්වා මහාජනො අඞ්ගුලියො විධුනි, චෙලුක්ඛෙපඤ්ච අකාසි, “අම්හාකං රඤ්ඤො අදිට්ඨසහායො කට්ඨවාහනරාජා එවරූපං පණ්ණාකාරං පෙසෙසි, යුත්තං එවරූපං මිත්තං කාතු”න්ති අත්තමනො අහොසි. රාජා වොහාරිකෙ පක්කොසාපෙත්වා එකමෙකං කම්බලං අග්ඝාපෙසි, සබ්බෙපි අනග්ඝා අහෙසුං. තතො චින්තෙසි – “පච්ඡා පෙසෙන්තෙන පඨමං පෙසිතපණ්ණාකාරතො අතිරෙකං පෙසෙතුං වට්ටති, සහායෙන ච මෙ අනග්ඝො පණ්ණාකාරො පෙසිතො, කිං නු, ඛො, අහං සහායස්ස පෙසෙය්ය”න්ති? තෙන ච සමයෙන කස්සපො භගවා උප්පජ්ජිත්වා බාරාණසියං විහරති. අථ රඤ්ඤො එතදහොසි – “වත්ථුත්තයරතනතො අඤ්ඤං උත්තමරතනං නත්ථි, හන්දාහං වත්ථුත්තයරතනස්ස උප්පන්නභාවං සහායස්ස පෙසෙමී”ති. සො –
ඇමතිවරු එය බරණැස් රජුට භාරදුන්හ. රජු ලිපිය කියවා, (තම) ඇමතිවරුන් රැස්කොට, නගර මැද රාජකීය උයනෙහිදී, සලකුණු කඩා, වෙළුම් ඉවත්කොට, කරඬුව විවරකොට ලාකඩ ගෝල අට දැක ‘මගේ මිතුරා, මා ලාකඩ බෝලවලින් සෙල්ලම් කරන දරුවකු මෙන් සළකා මට ලාකඩ බෝල එවී’ යැයි මුහුණ හකුළුවාගෙන, එක් ලාකඩ බෝලයක් තමා හුන් අසුනෙහි ගැසීය. එකෙණෙහිම ලාකඩ පිපිරී කැඩුණි. ඇත්දත් කරඬුව විවරව කොටස් දෙකක් විය. රජු ඇතුලත කම්බිලියක් දැක, අනෙක් කරඬුද විවර කළේය. සියළු කරඬු එසේ විය. එක් එක් කම්බිලියක් දිගින් රියන් දහසයක් ද පළලින් අටරියනක් ද විය. කම්බිලිය දිගහැරි විට රාජකීය උයන හිරුඑළියෙන් ආලෝක වූවාක් මෙන් විය. ඒ දුටු මහජනයා අත් ඔසවා එහා මෙහා වැනීය. (අංගුලියො විධුනි) හිසවටා පිළිද සිසාරවීය. ‘නොදුටු මිතුරෙක් වූ කට්ඨවාහන අපගේ රජතුමාට මෙබඳු පඬුරු එවීය. මිතුදම් පැවතිය යුතු මෙබඳු කෙනෙකු සමග යැයි ද (ඔව්හු) සතුටු වූහ. රජු සළුපිළි වෙළෙන්දෙකු කැඳවා එක් එක් කම්බිලියක වටිනාකම තහවුරු කරවීය. සියල්ල ඉතා අගනා විය. ‘පසුව පඬුරු (තෑගි) යවන්නෙකු විසින් නම්, මුලින් එවන ලද පඬුරුවලට වඩා දෙගුණව යැවිය යුතුය. මම මිතුරාට කුමක් යවන්නෙම්දැ’යි රජු සිතුවේය. මේ වනවිට කස්සප බුදුරජාණන් වහන්සේ ලොව පහළව බරණැස වසති. ‘තෙරුවනට වඩා උතුම් රුවනක් නැත. එබැවින් මම තෙරුවන් ලොව පහළ වූ බව මිතුරාට දන්වමි’යිද (වැඩිදුරටත්) අදහස් කළේය.
“බුද්ධො ලොකෙ සමුප්පන්නො, හිතාය සබ්බපාණිනං; ධම්මො ලොකෙ සමුප්පන්නො, සුඛාය සබ්බපාණිනං; සඞ්ඝො ලොකෙ සමුප්පන්නො, පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර”න්ති. –
‘බුදුරජාණන් වහන්සේ සියළු ජීවීන්ට හිත පිණිස ලොව පහළ වූහ. සියළු ජීවීන්ට හිත පිණිස දහම ලොව පහළ විය. සියළු ජීවීන්ට හිත පිණිස සඟ (පිරිස) ලොව පහළ වූහ. (යන අරුත් ඇති)
ඉමං ගාථං, යාව අරහත්තං, තාව එකභික්ඛුස්ස පටිපත්තිඤ්ච සුවණ්ණපට්ටෙ ජාතිහිඞ්ගුලකෙන ලිඛාපෙත්වා සත්තරතනමයෙ සමුග්ගෙ පක්ඛිපිත්වා තං සමුග්ගං මණිමයෙ සමුග්ගෙ, මණිමයං මසාරගල්ලමයෙ, මසාරගල්ලමයං ලොහිතඞ්ගමයෙ, ලොහිතඞ්ගමයං, සුවණ්ණමයෙ, සුවණ්ණමයං රජතමයෙ, රජතමයං දන්තමයෙ, දන්තමයං සාරමයෙ, සාරමයං සමුග්ගං පෙළාය පක්ඛිපිත්වා පෙළං දුස්සෙන වෙඨෙත්වා ලඤ්ඡෙත්වා මත්තවරවාරණං සොවණ්ණද්ධජං සොවණ්ණාලඞ්කාර හෙමජාලසඤ්ඡන්නං කාරෙත්වා තස්සුපරි පල්ලඞ්කං පඤ්ඤාපෙත්වා පල්ලඞ්කෙ පෙළං ආරොපෙත්වා සෙතච්ඡත්තෙන ධාරියමානෙන සබ්බගන්ධපුප්ඵාදීහි පූජාය කරියමානාය සබ්බතාළාවචරෙහි ථුතිසතානි ගායමානෙහි යාව අත්තනො රජ්ජසීමා, තාව මග්ගං අලඞ්කාරාපෙත්වා සයමෙව නෙසි. තත්ර ච ඨත්වා සාමන්තරාජූනං පණ්ණාකාරං පෙසෙසි – “එවං සක්කරොන්තෙහි අයං පණ්ණාකාරො පෙසෙතබ්බො”ති . තං සුත්වා තෙ තෙ රාජානො පටිමග්ගං ආගන්ත්වා යාව කට්ඨවාහනස්ස රජ්ජසීමා, තාව නයිංසු.
මෙම ගාථාව ද, අරහත් බව දක්වා වූ එක් මහණකගේ පිළිවෙත ද රන් තහඩුවකද රත්සිරියලින් ලියවා, සත්රුවන් කරඬුවක බහා, ඒ ඒ කරඬුව මැණික් කරඬුවකද - මැණික් කරඬුව මැසිරිගල් කරඬුවකද, මැසිරිගල් කරඬුව පද්මරාග කරඬුවක ද - පද්මරාග කරඬුව රන් කරඬුවක ද - රන් කරඬුව රිදී කරඬුවක ද - රිදී කරඬුව ඇත්දත් කරඬුවක ද - ඇත්දත් කරඬුව තද (අරටුව සහිත) ලී කරඬුවක දමා, එය පැසක දමා, රෙදිවලින් ඔතා, සලකුණු තබා, රන්ධජවලින් හා, රන්වැඩ දමා අලංකාර වූ රන්දැලින් සැරසූ උසස් යැයි සැළකෙන මාහැඟි ඇතකු මත පලඟක එම පැස තබා, සුදු සේසත් ඔසවමින් සියළු සුවඳ මලින් පූජා කරනු ලබමින්, මියැසි වාදකයන් සියගණන් තුති ගී ගයද්දී, තම රාජධානි සීමාව දක්වා මග සරසවා, තමන්ම ගෙන ගියේය. ‘මෙසේ සත්කාර කරන්නන් විසින් මේ පඬුර යැවිය යුතුයැයි සමීප (සුළු) රජවරුන්ට ද (දන්වා) තෑගි යැවීය. ඒ අසා ඒ ඒ රජවරු පෙරමගට අවුත් කට්ඨවාහන රජයේ සීමාව දක්වා එය ගෙනයෑමට කටයුතු කළහ.
කට්ඨවාහනොපි සුත්වා පටිමග්ගං ආගන්ත්වා තථෙව පූජෙන්තො නගරං පවෙසෙත්වා අමච්චෙ ච නාගරෙ ච සන්නිපාතාපෙත්වා රාජඞ්ගණෙ පලිවෙඨනදුස්සං අපනෙත්වා පෙළං විවරිත්වා පෙළාය සමුග්ගං පස්සිත්වා අනුපුබ්බෙන සබ්බසමුග්ගෙ විවරිත්වා සුවණ්ණපට්ටෙ ලෙඛං පස්සිත්වා “කප්පසතසහස්සෙහි අතිදුල්ලභං මම සහායො පණ්ණාකාරරතනං පෙසෙසී”ති අත්තමනො හුත්වා “අසුතපුබ්බං වත සුණිම්හා ‘බුද්ධො ලොකෙ උප්පන්නො’ති, යංනූනාහං ගන්ත්වා බුද්ධඤ්ච පස්සෙය්යං ධම්මඤ්ච සුණෙය්ය”න්ති චින්තෙත්වා අමච්චෙ ආමන්තෙසි – “බුද්ධධම්මසඞ්ඝරතනානි කිර ලොකෙ උප්පන්නානි, කිං කාතබ්බං මඤ්ඤථා”ති . තෙ ආහංසු – “ඉධෙව තුම්හෙ, මහාරාජ, හොථ, මයං ගන්ත්වා පවත්තිං ජානිස්සාමා”ති.
කට්ඨවාහන රජු ද ඒ අසා පෙරමගට අවුත්, එපරිදිම පූජා කරමින්, නගරයට පමුණුවා, ඇමතිවරුන් ද, නගර වාසීන් ද රැස්කරවා, රජමිදුලෙහිදී ඔතා තිබූ රෙදි ඉවත්කොට, පැස විවරකොට එහි කරඬුවක් දැක, පිළිවෙලින් සියළුම කරඬු විවරකොට, රන්තහඩුවෙහි සටහන බලා ‘කප් සියදහසකිනුදු බොහෝ දුලබ වූ රුවන් පඬුරක්ම මගේ මිතුරා මට එවූයේ’ යැයි සතුටුව, ‘බුදුවරයකු ලොව උපන්නේ යැයි පෙර නොඇසූ විරූ දෙයක් ඇසුවෙමු, මම එහි ගොස්, බුදුරජාණන් දකින්නෙම් නම්, දහම් අසන්නෙම් නම් මැනවැයි සිතා, ‘බුදුන්, දහම්, සඟරුවන් ලොව පහළ විය. කුමක් කළ යුතුද? කියා සිතවුදැ’යි ඇමතිවරුන් ඇමතීය. ‘මහරජතුමනි, ඔබතුමා මෙහිම සිටිනු මැනව, අපි ගොස් තොරතුරු දැනගන්නෙමු’යි (ඇමතිවරු) කීහ.
තතො සොළසසහස්සපරිවාරා සොළස අමච්චා රාජානං අභිවාදෙත්වා “යදි බුද්ධො ලොකෙ උප්පන්නො පුන දස්සනං නත්ථි, යදි න උප්පන්නො, ආගමිස්සාමා”ති නිග්ගතා. රඤ්ඤො පන භාගිනෙය්යො පච්ඡා රාජානං වන්දිත්වා “අහම්පි ගච්ඡාමී”ති ආහ. තාත, ත්වං තත්ථ බුද්ධුප්පාදං ඤත්වා පුන ආගන්ත්වා මම ආරොචෙහීති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා අගමාසි. තෙ සබ්බෙපි සබ්බත්ථ එකරත්තිවාසෙන ගන්ත්වා බාරාණසිං පත්තා. අසම්පත්තෙස්වෙව ච තෙසු භගවා පරිනිබ්බායි. තෙ “කො බුද්ධො, කුහිං බුද්ධො”ති සකලවිහාරං ආහිණ්ඩන්තා සම්මුඛසාවකෙ දිස්වා පුච්ඡිංසු. තෙ නෙසං “බුද්ධො පරිනිබ්බුතො”ති ආචික්ඛිංසු. තෙ “අහො දූරද්ධානං ආගන්ත්වා දස්සනමත්තම්පි න ලභිම්හා”ති පරිදෙවමානා “කිං, භන්තෙ, කොචි භගවතා දින්නඔවාදො අත්ථී”ති පුච්ඡිංසු. ආම, උපාසකා අත්ථි, සරණත්තයෙ පතිට්ඨාතබ්බං, පඤ්චසීලානි සමාදාතබ්බානි, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො උපවසිතබ්බො, දානං දාතබ්බං, පබ්බජිතබ්බන්ති. තෙ සුත්වා තං භාගිනෙය්‍යං අමච්චං ඨපෙත්වා සබ්බෙ පබ්බජිංසු. භාගිනෙය්යො පරිභොගධාතුං ගහෙත්වා කට්ඨවාහනරට්ඨාභිමුඛො පක්කාමි. පරිභොගධාතු නාම බොධිරුක්ඛපත්තචීවරාදීනි. අයං පන භගවතො ධම්මකරණං ධම්මධරං විනයධරමෙකං ථෙරඤ්ච ගහෙත්වා පක්කාමි, අනුපුබ්බෙන ච නගරං ගන්ත්වා “බුද්ධො ලොකෙ උප්පන්නො ච පරිනිබ්බුත්තො චා”ති රඤ්ඤො ආරොචෙත්වා භගවතා දින්නොවාදං ආචික්ඛි. රාජා ථෙරං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා විහාරං කාරාපෙත්වා චෙතියං පතිට්ඨාපෙත්වා බොධිරුක්ඛං රොපෙත්වා සරණත්තයෙ පඤ්චසු ච නිච්චසීලෙසු පතිට්ඨාය අට්ඨඞ්ගුපෙතං උපොසථං උපවසන්තො දානාදීනි දෙන්තො යාවතායුකං ඨත්වා කාමාවචරදෙවලොකෙ නිබ්බත්ති. තෙපි සොළසසහස්සා පබ්බජිත්වා පුථුජ්ජනකාලකිරියං කත්වා තස්සෙව රඤ්ඤො පරිවාරා සම්පජ්ජිංසු.
එවිට දහසය දහසක් පිරිවර සහිත වූ ඇමතිවරු දහසය දෙනා රජු නැමද, ‘බුදුවරයකු ලොව උපන්නේ නම් නැවත (අප) දැකීමට නොලැබෙනු ඇත. බුදුවරයෙකු ලොව ඉපිද නැත්නම්, ආපසු එන්නෙමු’යි පිටත්ව ගියහ. පසුව රජුගේ බෑණාද, ‘රජුට වැඳ ‘මම ද යමි’යි කීය. ‘දරුව, ඔබ බුදු උපත දැන, ආපසු අවුත් මට දන්වව’යි රජු පැවසීය. ඔහු ‘යහපතැ’යි පිළිගෙන ගියේය. ඔව්හු සියල්ලෝම එක රැයකින් පසු බරණැසට පැමිණියහ. එහෙත් ඔවුන් පැමිණීමට පෙර, කසුප් බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑහ. ඔව්හු බුදුන්වහන්සේ කවුද? බුදුන්වහන්සේ කොහිදැ’යි මුළු විහාරය පුරා ඇවිදිමින් හමු වූ සව්වන්ගෙන් ද විමසූහ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑ බව පැවසූහ. ඔව්හු ‘අහෝ! බොහෝ දුර මග ගෙවා ආවත්, දැකීමටවත් නොලැබීමු’ යැයි වැළපෙමින්, ‘හිමියනි, භාග්‍යවතුන් වහන්සේ දෙන ලද අවවාදයක් ඇත්දැ’යි ඇසූහ. ‘එසේය, උපාසකවරුනි, ඇත, තෙසරණෙහි පිහිටිය යුතුය, පන්සිල් සමාදන් විය යුතුය. කරුණු අටකින් යුතු පෙහෙවස් විසිය යුතුය. දන් දිය යුතුය. පැවිදි විය යුතුයැයි පැවසූහ. ඒ අසා ඇමතිවරයෙකු වූ රජුගේ බෑණනුවන් හැර, සියල්ලෝම පැවිදි වූහ. ඇමතිවරයා පරිභෝග ධාතු රැගෙන කට්ඨවාහන නගරය දෙසට ගියේය. පරිභෝග ධාතු නම්, බෝරුක, පාසිවුරු ආදියයි. මෙම භාග්‍යවතුන් වහන්සේගේ පෙරහන්කඩය දහම් විනය උගත් තෙරනමක් රැගෙන ගියේය. බෑණනු ඇමති නගරයට ගොස්, බුදුවරයකු ලොව පහළව, පිරිනිවන්පා ඇතැ’යි රජුට සැළකොට, උන්වහන්සේගේ අවවාද පැවසීය. රජු තෙරුන්වහන්සේ වෙත පැමිණ, දහම් අසා, විහාරයක් කරවා, සෑයක් පිහිටුවා, බෝරුක රෝපණය කොට, තිසරණ සහ නිති පන්සිල්හි පිහිටා, පෙහෙවස් දින අටසිල් සමාදන්වෙමින් ද, දන් දෙමින් ආයු ඇති තෙක් ජීවත්ව, කාමාවචර දෙව්ලොව උපනි. ඒ දහසය දහසක් පැවිදි පිරිසද මගපලයක් නොලබාම කළුරියකොට, රජුගේ පිරිවර ලෙස එහිම උපන්හ.
තෙ එකං බුද්ධන්තරං දෙවලොකෙ ඛෙපෙත්වා අම්හාකං භගවති අනුප්පන්නෙයෙව දෙවලොකතො චවිත්වා ආචරියො පසෙනදිරඤ්ඤො පිතු පුරොහිතස්ස පුත්තො ජාතො නාමෙන “බාවරී”ති, තීහි මහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො තිණ්ණං වෙදානං පාරගූ, පිතුනො ච අච්චයෙන පුරොහිතට්ඨානෙ අට්ඨාසි. අවසෙසාපි සොළසාධිකසොළසසහස්සා තත්ථෙව සාවත්ථියා බ්රාහ්මණකුලෙ නිබ්බත්තා. තෙසු සොළස ජෙට්ඨන්තෙවාසිනො බාවරිස්ස සන්තිකෙ සිප්පං උග්ගහෙසුං, ඉතරෙ සොළසසහස්සා තෙසංයෙව සන්තිකෙති එවං තෙ පුනපි සබ්බෙ සමාගච්ඡිංසු. මහාකොසලරාජාපි කාලමකාසි, තතො පසෙනදිං රජ්ජෙ අභිසිඤ්චිංසු. බාවරී තස්සාපි පුරොහිතො අහොසි. රාජා පිතරා දින්නඤ්ච අඤ්ඤඤ්ච භොගං බාවරිස්ස අදාසි. සො හි දහරකාලෙ තස්සෙව සන්තිකෙ සිප්පං උග්ගහෙසි. තතො බාවරී රඤ්ඤො ආරොචෙසි – “පබ්බජිස්සාමහං, මහාරාජා”ති. “ආචරිය, තුම්හෙසු ඨිතෙසු මම පිතා ඨිතො විය හොති, මා පබ්බජිත්ථා”ති. “අලං, මහාරාජ, පබ්බජිස්සාමී”ති. රාජා වාරෙතුං අසක්කොන්තො “සායං පාතං මම දස්සනට්ඨානෙ රාජුය්යානෙ පබ්බජථා”ති යාචි. ආචරියො සොළසසහස්සපරිවාරෙහි සොළසහි සිස්සෙහි සද්ධිං තාපසපබ්බජ්ජං පබ්බජිත්වා රාජුය්යානෙ වසි, රාජා චතූහි පච්චයෙහි උපට්ඨහති. සායං පාතඤ්චස්ස උපට්ඨානං ගච්ඡති.
ඔහූ එක් බුදුවරයකුගේ සසුන පවත්නා කාලයක් දෙව්ලොව වැස, අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහලවීමටද පෙර, එයින් චුත වූහ. (වඩු) ඇදුරුතුමා (කට්ඨවාහන රජු) පසේනදී රජුගේ පුරෝහිතගේ පුතකුව ඉපදී බාවරි නම්ව, මහ පුරිස් ලකුණු තුනකින් ද යුතුව, තුන් වේදයෙහි කෙළ පැමිණ, තම පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර ලැබීය. ඉතිරි වූ දහසය දහසම සැවැත්පුර බමුණු කුලවල උපත ලදහ. ඔවුන් අතුරෙන් දෙටු අතවැසි දහසය දෙනා බාවරී වෙතින් සිප් සතර උගත්හ. ඒ ඉතිරි දහසය දහසම ඔවුන් සමීපයේ වූ හෙයින් නැවත සියල්ලෝම එක්ව මුණගැසුණහ. කොසොල් රජු ද මළේය. එවිට පසේනදී ඔටුනු පළඳා රජවිය. බාවරී ඔහුටද පුරෝහිත විය. පසේනදී රජුද පියා මෙන්ම, දිය යුතු දේ හා වෙනත් සම්පත්ද බාවරීට ලබා දුන්නේය. ඔහුද ළදරු කල සිටම බාවරී සමීපයෙහි සිප් සතර හැදෑරිය. ‘මහරජ, මම පැවිදි වන්නෙමි’යි බාවරී රජුට කීවේය. ‘ඇදුරුතුමනි, ඔබ සිටිනවිට, මගේ පියා ජීවත්ව ඉන්නා සේය. පැවිදි නොවනු මැනවැ’යි ඉල්ලා සිටියේය. ‘කම් නැත මහරජ, පැවිදි වෙමි’යි කී විට, වැළැක්වීමට නොහැකිව, ‘උදේ සවස මට දැකිය හැකි ලෙස රාජකීය උයනෙහි පැවිදිව වෙසෙනු මැනවැ’යි රජු අයැදීය. ඇදුරුතුමා දහසය දහසක පිරිවරත්, සිසුන් දහසය දෙනාත් සමග පැවිදිවත් පුරමින්, රාජකීය උයනෙහි විසීය. රජු සිවුපසයෙන් උවටැන් කරයි. උදේ සවස උවටැන් පිණිස යයි.
අථෙකදිවසං අන්තෙවාසිනො ආචරියං ආහංසු – “නගරසමීපෙ වාසො නාම මහාපලිබොධො, විජනසම්පාතං ආචරිය ඔකාසං ගච්ඡාම, පන්තසෙනාසනවාසො නාම බහූපකාරො පබ්බජිතාන”න්ති. ආචරියො “සාධූ”ති සම්පටිච්ඡිත්වා රඤ්ඤො ආරොචෙසි. රාජා තික්ඛත්තුං වාරෙත්වා වාරෙතුං අසක්කොන්තො ද්වෙසතසහස්සානි කහාපණානි දත්වා ද්වෙ අමච්චෙ ආණාපෙසි “යත්ථ ඉසිගණො වාසං ඉච්ඡති, තත්ථ අස්සමං කත්වා දෙථා”ති. තතො ආචරියො සොළසාධිකසොළසසහස්සජටිලපරිවුතො අමච්චෙහි අනුග්ගහමානො උත්තරජනපදා දක්ඛිණජනපදාභිමුඛො අගමාසි. තමත්ථං ගහෙත්වා ආයස්මා ආනන්දො සඞ්ගීතිකාලෙ පාරායනවග්ගස්ස නිදානං ආරොපෙන්තො ඉමා ගාථායො අභාසි.
මේ අතර, එක් දිනක අතවැසි තවුසෝ, ‘නගරයට නුදුරුව වාසය කිරිම තවුස් දිවියට මහත් හිරිහැරයකි. ජනවාසයෙන් තොර තැනකට යමු, විවේක සෙනසුන් පැවිද්දන්ට මහත් උපකාර වේ’ යැයි බාවරී තවුස් ඇදුරාණන්ට කීහ. ඔහු ‘යහපතැ’යි පිළිගෙන රජුට දැන්වීය. රජු තෙවරක්ම වළකා, තවුසාගේ ඒ අදහස වෙනස් කළ නොහැකිව, සියදහසින් දෙගුණ කොට දී, ‘ඉසිවරුන් පිරිස වාසය කිරීමට කැමති තැනක අසපුවක් සකස්කොට දෙව’යි ඇමතිවරුන් දෙදෙනෙකුට අණ කළේය. එවිට ඇදුරුතුමා, දහසය දහසක් ජටා දරන තවුසන් (ජටිලයන්) පිරිවරා, ඇමතිවරුන් හා එක්ව යමින්, උතුරු ජනපදයෙන් දකුණු ජනපදය දෙසට ගියේය. මේ තොරතුරු අනුව ගරුකටයුතු ආනන්ද තෙරණුවෝ, පාරායණ වග්ගයට මුල් වූ අයුරු සංගායනාවේදී මෙම ගාථාවලින් කීහ.
තත්ථ කොසලානං පුරාති කොසලරට්ඨස්ස නගරා, සාවත්ථිතොති වුත්තං හොති. ආකිඤ්චඤ්ඤන්ති අකිඤ්චනභාවං, පරිග්ගහූපකරණවිවෙකන්ති වුත්තං හොති.
ඒ (වත්ථු ගාථාවන්හි) කොසලානං පුරා කොසොල් රටෙහි නගරයෙන් - සැවැත් නුවරින් යැයි කියන ලදී. ආකිඤ්චඤ්ඤං කිසිත් නොමැති බව, (දැඩි ආසාව ඇතිවන) උපකරණ ආදිය තමා සන්තකව තබා නොගෙන විවේකයෙන් සිටීම,
සො අස්සකස්ස විසයෙ , අළකස්ස සමාසනෙති සො බ්රාහ්මණො අස්සකස්ස ච අළකස්ස චාති ද්වින්නම්පි රාජූනං සමාසන්නෙ විසයෙ ආසන්නෙ රට්ඨෙ, ද්වින්නම්පි රට්ඨානං මජ්ඣෙති අධිප්පායො. ගොධාවරී කූලෙති ගොධාවරියා නදියා කූලෙ. යත්ථ ගොධාවරී ද්විධා භිජ්ජිත්වා තියොජනප්පමාණං අන්තරදීපමකාසි සබ්බං කපිට්ඨවනසඤ්ඡන්නං, යත්ථ පුබ්බෙසරභඞ්ගාදයො වසිංසු, තස්මිං දෙසෙති අධිප්පායො. සො කිර තං පදෙසං දිස්වා “අයං පුබ්බසමණාලයො පබ්බජිතසාරුප්ප”න්ති අමච්චානං නිවෙදෙසි. අමච්චා භූමිග්ගහණත්ථං අස්සකරඤ්ඤො සතසහස්සං, අළකරඤ්ඤො සතසහස්සං අදංසු. තෙ තඤ්ච පදෙසං අඤ්ඤඤ්ච ද්වියොජනමත්තන්ති සබ්බම්පි පඤ්චයොජනමත්තං පදෙසං අදංසු. තෙසං කිර රජ්ජසීමන්තරෙ සො පදෙසො හොති. අමච්චා තත්ථ අස්සමං කාරෙත්වා සාවත්ථිතො ච අඤ්ඤම්පි ධනං ආහරාපෙත්වා ගොචරගාමං නිවෙසෙත්වා අගමංසු. උඤ්ඡෙ න ච ඵලෙන චාති උඤ්ඡාචරියාය ච වනමූලඵලෙන ච. තස්මා වුත්තං “තස්සෙව උපනිස්සාය, ගාමො ච විපුලො අහූ”ති.
සො අස්සකස්ස විසයෙ අළකස්ස සමාසනෙ ඒ බ්‍රාහ්මණයා අස්සක-අළක යන අන්ධක රජවරුන්ගේ රටවල් දෙකට නුදුරු පෙදෙසෙහි - දෙරට අතර - මැද යන අදහසයි. ගොදාවරී කුලෙ ගොදාවරී ගං ඉවුරෙහි, ගොදාවරී ගඟ දෙපසට බෙදී, යොදුන් තුනක් පමණ, හැමතැන දිවුල් ගසින් යුතු කැලෑවක් සේ වූ අතුරු දූපතක් සකස් වී තිබුණි. පෙර, සරභංග (තවුසා) ආදීන් වාසය කරන ලද්දේ ඒ පෙදෙසෙහි බව අදහස් වේ. බාවරී තවුසා ඒ පෙදෙස දැක, ‘මෙය පෙරද මහණුන් කැමති වූ, මහණුන්ට සුදුසු තැනකැ’යි ඇමතිවරුන්ට කීය. ඇමතිවරු බිම්පෙදෙස ලබාගැනීමට අස්සක රජුට සියදහසක්ද, අළක රජුට වෙනත් බිම් කොටසක්ද සමග යොදුන් පහක පෙදෙසක් ලබා දුන්හ. ඒ පෙදෙස ඔවුන්ගේ පාලන සීමා අතර විය. ඇමතිවරු එහි අසපුවක් කරවා, සැවැත් නුවරින් ද තවත් ධනය ගෙන්වා, ගොදුරු ගමක් ලෙස (ජනාවාසයක්) සකසා ගියහ. උඤ්ජෙන ච ඵලෙන ච පිණ්ඩපාතයෙන් ද, අල ජාති හා ගෙඩි පලතුරුවලින් ද යැපෙමින්, ගම ද විසාල වූ බව එහෙයින් කියන ලදී.
තත්ථ තස්සාති තස්ස ගොධාවරීකූලස්ස, තස්ස වා බ්රාහ්මණස්ස උපයොගත්ථෙ චෙතං සාමිවචනං, තං උපනිස්සායාති අත්ථො. තතො ජාතෙන ආයෙන, මහායඤ්ඤමකප්පයීති තස්මිං ගාමෙ කසිකම්මාදිනා සතසහස්සං ආයො උප්පජ්ජි, තං ගහෙත්වා කුටුම්බිකා රඤ්ඤො අස්සකස්ස සන්තිකං අගමංසු “සාදියතු දෙවො ආය”න්ති. සො “නාහං සාදියාමි, ආචරියස්සෙව උපනෙථා”ති ආහ. ආචරියොපි තං අත්තනො අග්ගහෙත්වා දානයඤ්ඤං අකප්පයි. එවං සො සංවච්ඡරෙ සංවච්ඡරෙ දානමදාසි.
තස්ස ඒ ගොදාවරී ගං ඉවුරෙහි හෝ ඒ බමුණාගේ සම්බන්ධතාව දැක්වීමට දුතියා විබත්ය. තතො ජාතෙන ආයෙන මහායඤ්ඤමකප්පයී ඒ ගමෙහි ගොවිතැන ආදියෙන් සියදහස් ගණනින් ආදායම් ලැබිණ. ඒවා රැගෙන එහි කෙළඹියෝ (ධනවත්හු) අස්සක රජු වෙත ගොස්, ‘මේ ආදායම් භාර ගනිත්වා’යි කීහ. ‘මම භාර නොගනිමි. ඇදුරුතුමන්ටම පිළිගන්වව’යි රජතුමා පැවසීය. ඇදුරු තවුසාද ඒවා භාර නොගෙන, දාන යාගයක් පිළියෙල කළේය. මෙසේ බාවරී තවුසා වසරක් පාසා දානයක් දුන්නේය. සිය දහසක් ද දුන්හ. ඔව්හු ඒ බිම් කොටසද, යොදුන් දෙකක් වූ
මහායඤ්ඤන්ති ගාථායත්ථො – සො එවං සංවච්ඡරෙ සංවච්ඡරෙ දානයඤ්ඤං යජන්තො එකස්මිං සංවච්ඡරෙ තං මහායඤ්ඤං යජිත්වා තතො ගාමා නික්ඛම්ම පුන පාවිසි අස්සමං. පවිට්ඨො ච පණ්ණසාලං පවිසිත්වා “සුට්ඨු දින්න”න්ති දානං අනුමජ්ජන්තො නිසීදි. එවං තස්මිං පටිපවිට්ඨම්හි තරුණාය බ්රාහ්මණියා ඝරෙ කම්මං අකාතුකාමාය “එසො, බ්‍රාහ්මණ, බාවරී ගොධාවරීතීරෙ අනුසංවච්ඡරං සතසහස්සං විස්සජ්ජෙති, ගච්ඡ තතො පඤ්චසතානි යාචිත්වා දාසිං මෙ ආනෙහී”ති පෙසිතො අඤ්ඤො ආගඤ්ඡි බ්රාහ්මණොති.
‘මහායඤ්ඤං’ යන ගාථාවේ අරුත නම්, මෙසේ ඔහු වසරින් වසර දාන යාග යදිමින්, එක් වසරක ඒ මහා යඤ්ඤං යජිත්වා ඒ ගමෙන් නික්ම, පුන පාවිසි අස්සමං පන්සලට පිවිස, ‘දානය ඉතා මැනවින් දෙන ලදැ’යි සිතා සතුටුව හුන්නේය. මෙසේ සිටින අතර තස්මිං පවිට්ඨම්හි, තරුණ බැමිණියක ගෙදරදොර වැඩ කටයුතු කිරීමට අකමැතිව ‘බමුණ, අර බාවරී-ගොදාවරී තීරයෙහි වසරක් පාසා සියදහසක් වියදම් කරයි. යව, එතැනට ගොස් පන්සියයක් ඉල්ලා, එයින් දාසියක් ගෙනෙව’යි සිය බමුණා පිටත්කර යවන ලදී. (ඒ අනුව) අඤ්ඤො ආගඤ්ජි බ්රාහ්මණෙ යනුවෙන් (කීහ.)
උග්ඝට්ටපාදොති මග්ගගමනෙන ඝට්ටපාදතලො, පණ්හිකාය වා පණ්හිකං, ගොප්ඵකෙන වා ගොප්ඵකං, ජණ්ණුකෙන වා ජණ්ණුකං ආහච්ච ඝට්ටපාදො. සුඛඤ්ච කුසලං පුච්ඡීති සුඛඤ්ච කුසලඤ්ච පුච්ඡි “කච්චි තෙ, බ්‍රාහ්මණ, සුඛං, කච්චි කුසල”න්ති.
උග්ඝට්ටපාදො පා ගමනින් එමෙන් ඉදිමුණු දෙපතුල් ඇතිව, විලුඹින් විලුඹට හෝ, වළලුකරින් (ගොප්මසින්) වළලුකර හෝ දණෙන් දණට හෝ එකට ගැටෙන පාදය, සුඛඤ්ච කුසලං පුච්ඡති ‘කෙසේද? බමුණ, සැපසේ වෙසෙහිදැ’යි සුවදුක් විචාළේය.
අනුජානාහීති අනුමඤ්ඤාහි සද්දහාහි. සත්තධාති සත්තවිධෙන. අභිසඞ්ඛරිත්වාති ගොමයවනපුප්ඵකුසතිණාදීනි ආදාය සීඝං සීඝං බාවරිස්ස අස්සමද්වාරං ගන්ත්වා ගොමයෙන භූමිං උපලිම්පිත්වා පුප්ඵානි විකිරිත්වා තිණානි සන්ථරිත්වා වාමපාදං කමණ්ඩලූදකෙන ධොවිත්වා සත්තපාදමත්තං ගන්ත්වා අත්තනො පාදතලෙ පරාමසන්තො එවරූපං කුහනං කත්වාති වුත්තං හොති. භෙරවං සො අකිත්තයීති භයජනකං වචනං අකිත්තයි, “සචෙ මෙ යාචමානස්සා”ති ඉමං ගාථමභාසීති අධිප්පායො. දුක්ඛිතොති දොමනස්සජාතො.
අනුජානාහි සිහියට ගනු මැනවි, අදහා ගනු මැනව, සත්තධා කොටස් සතකට, අභිසංඛරිත්වා ගොම, වනමල්, කුසතණ ආදිය ගෙන, වහ වහා බාවරීගේ අසපු දොර කරා ගොස්, බිම ගොම ආලේප කොට, මල් විසිරුවා, තණ අතුරා, වම්පස කෙණ්ඩියේ දියෙන් සෝදා, සත් පියවරක් ගොස්, තම යටිපත්ල පිරිමදිමින්, මෙබඳු කුහක ගුණ පෙන්වන ලදී. භෙරවං සො අකිත්තයී බිය උපදවන වචන කීවේය. ‘සවෙ මෙ යාචමානස්ස’ යන ගාථාව කියන ලදැයි අදහස් වේ. දුක්ඛිතො දොම්නසට පත්ව,
උස්සුස්සතීති තස්ස තං වචනං කදාචි සච්චං භවෙය්‍යාති මඤ්ඤමානො සුස්සති . දෙවතාති අස්සමෙ අධිවත්ථා දෙවතා එව. මුද්ධනි මුද්ධපාතෙ වාති මුද්ධෙ වා මුද්ධපාතෙ වා.
උස්සුස්ස ‘ඔහුගේ ඒ වචනය කවදා හෝ ඇත්තටම සිදුවේ’ යැයි සිතමින් සුසුම්ලයි. දෙවතා අසපුවෙහි අරක්ගත් දේවතාවාම, මුද්ධනි මුද්ධපාතෙ වා (හිස්) මුදුන හෝ මුදුන (සිරස) පැලීම හෝ
භොතී චරහි ජානාතීති භොතී චෙ ජානාති. මුද්ධාධිපාතඤ්චාති මුද්ධපාතඤ්ච. ඤාණමෙත්ථාති ඤාණං මෙ එත්ථ.
භොතී චරහි ජානාති පින්වත දනී ද, මුද්ධාධිපාතඤ්ච- සිරස පැලීම ද, ඤාණං මෙ එත්ථ මෙය මට මේ කරුණ දැනගැනීමට නුවණ.
පුරාති එකූනතිංසවස්සවයකාලෙ. බාවරිබ්රාහ්මණෙ පන ගොධාවරීතීරෙ වසමානෙ අට්ඨන්නං වස්සානං අච්චයෙන බුද්ධො ලොකෙ උදපාදි. අපච්චොති අනුවංසො.
පුරා බාවරී බමුණා වයස අවුරුදු විසිනවයෙහි සිට ගෝදාවරී තීරයෙහි වසන අතර, වසර අටකට පසු (අප) බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූහ. අපච්චො පෙර බුදුවරුන් අනුව,
සබ්බාභිඤ්ඤාබලප්පත්තොති සබ්බාභිඤ්ඤාය බලප්පත්තො, සබ්බා වා අභිඤ්ඤායො ච බලානි ච පත්තො. විමුත්තොති ආරම්මණං කත්වා පවත්තියා විමුත්තචිත්තො.
සබ්බාභිඤ්ඤා බලප්පත්තො සියළු දේ දැන, බලවත්ව හෝ, සියළු දේ දැන, බලවත් බවට පත්ව (දසබල), විමුත්තො අරමුණු කොට පවත්නා වූ මිදුණු සිත,
සොකස්සාති සොකො අස්ස. පහූතපඤ්ඤොති මහාපඤ්ඤො. වරභූරිමෙධසොති උත්තමවිපුලපඤ්ඤො භූතෙ අභිරතවරපඤ්ඤො වා. විධුරොති විගතධුරො, අප්පටිමොති වුත්තං හොති.
සොකස්ස සෝකයට පත්වෙයි. පහූතපඤ්ඤො මහා නුවණැති, චරභූරිමෙධසො උසස් පුළුල් නුවණැති, නුවණෙහි ඇලුණු විධුරො අසමාන යැයි කියන ලදී.
මන්තපාරගෙති වෙදපාරගෙ. පස්සව්හොති පස්සථ අජානතන්ති අජානන්තානං. ලක්ඛණාති ලක්ඛණානි. බ්යාක්ඛාතාති කථිතානි, විත්ථාරිතානීති වුත්තං හොති. සමත්තාති සමත්තානි, පරිපුණ්ණානීති වුත්තං හොති. ධම්මෙන මනුසාසතීති ධම්මෙන අනුසාසති.
මන්තපාරගෙ වේදයෙහි එතරට ගිය, පස්සව්හො බලමු, අජානතං නොදන්නවුන්ට, ලක්ඛණ ලකුණු, ව්යාඛ්යාතා කියන ලද විස්තර කරන ලදැයි කියන ලද්දේ වෙයි. සමත්තා පිරිපුන් යැයි කියන ලදී. ධම්මෙන මනුසාසති දැහැමින් අනුසාසනා කරයි.
ජාතිං ගොත්තඤ්ච ලක්ඛණන්ති “කීව චිරං ජාතො”ති මම ජාතිඤ්ච ගොත්තඤ්ච ලක්ඛණඤ්ච. මන්තෙ සිස්සෙති මයා පරිචිතවෙදෙ ච මම සිස්සෙ ච. මනසායෙව පුච්ඡථාති ඉමෙ සත්ත පඤ්හෙ චිත්තෙනෙව පුච්ඡථ.
ජාතිං ගොත්තඤ්ච ලක්ඛණං ‘ඉපදී කොපමණ කල්දැ’යි මගේ උපතද, පරම්පරාවද ලකුණුද, මන්තෙ සිස්සෙ ච මා විසින් හදාරන ලද වේදයෙහි ද, මගේ සිසුන් කෙරෙහි ද, මනසායෙව පුච්ඡථ මේ පැන හත සිතින්ම අසවු,
තිස්සමෙත්තෙය්යොති එකොයෙව එස නාමගොත්තවසෙන වුත්තො. දුභයොති උභො. පච්චෙකගණිනොති විසුං විසුං ගණවන්තො. පුබ්බවාසනවාසිතාති පුබ්බෙ කස්සපස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා. ගතපච්චාගතවත්තපුඤ්ඤවාසනාය වාසිතචිත්තා. පුරමාහිස්සතින්ති මාහිස්සතිනාමිකං පුරං, නගරන්ති වුත්තං හොති. තඤ්ච නගරං පවිට්ඨාති අධිප්පායො, එවං සබ්බත්ථ. ගොනද්ධන්ති ගොධපුරස්ස නාමං. වනසව්හයන්ති පවනනගරං වුච්චති, “වනසාවත්ථි”න්ති එකෙ. එවං වනසාවත්ථිතො කොසම්බිං, කොසම්බිතො ච සාකෙතං අනුප්පත්තානං කිර තෙසං සොළසන්නං ජටිලානං ඡයොජනමත්තා පරිසා අහොසි.
තිස්සමෙත්තෙය්යො ඒ එක් එක් තැනැත්තාගේ නම්ගොත් ලෙසින් කියන ලද, දුභයො දෙදෙනා, පච්චෙක ගණිනො වෙන් වෙන්ව පිරිස් ඇතිව, පුබ්බවාසනවාසිකා පෙර කසුප් බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදිව, ‘ගතපච්චාගත වත්’ පුරා විසූ පිනින් යොමු වූ සිත් ඇත්තෝ, මාහිස්සති මාහිස්සති නම් නුවර, පුරිමං නගරයක් යැයි කියන ලදී. ඒ නගරයට පිවිසියහ. අදහස් වේ. නගර නම් දැක්වෙන හැම තැනකම (එසේ යොදාගත යුතුයි.) ගොනද්ධං ගෝධ පුරයේ නමයි. වනසව්හයං යනු තුම්බව නගරයට යයි කියනු ලැබේ. ඇතමෙක් වනසාවත්ථි යයි ද දක්වති. මෙසේ වන සැවතින් කොසඹෑවටත්, කොසඹෑවෙන් සාකෙත නුවරටත් පැමිණ ඒ ජටිලයන් දහසය දෙනාගේ පිරිස යොදුන් සයක් පමණ දුරට විය.
අථ භගවා “බාවරිස්ස ජටිලා මහාජනං සංවඩ්ඪෙන්තා ආගච්ඡන්ති, න ච තාව නෙසං ඉන්ද්රියානි පරිපාකං ගච්ඡන්ති, නාපි අයං දෙසො සප්පායො, මගධඛෙත්තෙ පන තෙසං පාසාණකචෙතියං සප්පායං. තත්ර හි මයි ධම්මං දෙසෙන්තෙ මහාජනස්ස ධම්මාභිසමයො භවිස්සති, සබ්බනගරානි ච පවිසිත්වා ආගච්ඡන්තා බහුතරෙන ජනෙන ආගමිස්සන්තී”ති භික්ඛුසඞ්ඝපරිවුතො සාවත්ථිතො රාජගහාභිමුඛො අගමාසි. තෙපි ජටිලා සාවත්ථිං ආගන්ත්වා විහාරං පවිසිත්වා “කො බුද්ධො, කුහිං බුද්ධො”ති විචිනන්තා ගන්ධකුටිමූලං ගන්ත්වා භගවතො පදනික්ඛෙපං දිස්වා “රත්තස්ස හි උක්කුටිකං පදං භවෙ…පෙ… විවට්ටච්ඡදස්ස ඉදමීදිසං පද”න්ති (අ· නි· අට්ඨ· 1.1.260-261; ධ· ප· අට්ඨ· 1.20 සාමාවතීවත්ථු; විසුද්ධි· 1.45) “සබ්බඤ්ඤු බුද්ධො”ති නිට්ඨං ගතා. භගවාපි අනුපුබ්බෙන සෙතබ්යකපිලවත්ථුආදීනි නගරානි පවිසිත්වා මහාජනං සංවඩ්ඪෙන්තො පාසාණකචෙතියං ගතො. ජටිලාපි තාවදෙව සාවත්ථිතො නික්ඛමිත්වා සබ්බානි තානි නගරානි පවිසිත්වා පාසාණකචෙතියමෙව අගමංසු. තෙන වුත්තං “කොසම්බිඤ්චාපි සාකෙතං, සාවත්ථිඤ්ච පුරුත්තමං. සෙතබ්‍යං කපිලවත්ථු”න්තිආදි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘බාවරීගේ ජටිල තවුසෝ මහජන කුතුහලය වඩවමින් එති, තවම ඔවුන්ගේ ඉඳුරන් (දහම් අවබෝධයට) සුදුසු පරිදි පිරිපුන් නැත. මගධයෙහි පාසාණක සෑය ඔවුන්ට ගැළපෙයි. එහි මා දහම් දෙසන කල මහජනයාට දහම් අවබෝධ වන්නේය. සෑම නගරයකටම පැමිණ ආපසු එන බොහෝ ජනයා ද එහි එනු ඇතැයි බික්සඟණ පිරිවරා, සැවැත් නුවරින් රජගහනුවර දෙසට වැඩියහ. ඒ ජටිල තවුසෝ ද සැවැතට අවුත්, විහාරයට පිවිස, ‘බුදුන් වහන්සේ කවුද? බුදුන් වහන්සේ කොතැන සිටිත්දැ’යි සිතමින් සුවඳ කුටියෙහි දොරකඩට ගොස්, භාග්‍යවතුන් වහන්සේගේ පා සලකුණ දැක, ‘රාගී තැනැත්තාගේ යටිපත්ල ඇතුලට වක්ව ඇත. මෙබඳු පා සලකුණ නම් වැරදි නොමැත්තෙකුගේය. සියල්ල දන්නා බුදුවරයකුගේ යැයි තීරණය කළහ. භාග්‍යවතුන් වහන්සේ ද අනුපිළිවෙලින් සැවැත්, කිඹුල්පත් ආදී නගරවලට පිවිස, පාසාණක චෙතියටම වැඩියහ. කොසම්බිඤ්චාපි සාකෙතං සාවත්ථිඤ්ච පුරුත්තමං සෙතව්යං කපිලවත්ථුං ආදි ලෙස එහෙයින් කියන ලදී.
තත්ථ මාගධං පුරන්ති මගධපුරං රාජගහන්ති අධිප්පායො. පාසාණකං චෙතියන්ති මහතො පාසාණස්ස උපරි පුබ්බෙ දෙවට්ඨානං අහොසි. උප්පන්නෙ පන භගවති විහාරො ජාතො. සො තෙනෙව පුරිමවොහාරෙන “පාසාණකං චෙතිය”න්ති වුච්චති.
මාගධ පුරං මගධ නුවරයි. රජගහ නුවර අදහස් කෙරේ. පාසාණක චෙතියං පෙර විසාල ගලක් මත දේවාලයක් විය. භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි විහාරයක් බවට පත්වූයේය. පෙරදී හැඳින්වූ අයුරින්ම පාසාණක චේතිය යැයි කියනු ලැබේ.
තසිතොවුදකන්ති තෙ හි ජටිලා වෙගසා භගවන්තං අනුබන්ධමානා සායං ගතමග්ගං පාතො, පාතො ගතමග්ගඤ්ච සායං ගච්ඡන්තා “එත්ථ භගවා”ති සුත්වා අතිවිය පීතිපාමොජ්ජජාතා තං චෙතියං අභිරුහිංසු. තෙන වුත්තං “තුරිතා පබ්බතමාරුහු”න්ති.
තසිතොව උදකං ඒ ජටිල තවුසෝ භාග්‍යවතුන් වහන්සේ පසුපස වේගයෙන් සවස ගිය මග උදෑසන ද, උදෑසන ගිය මග සවසද යමින්, ‘මෙහි උන්වහන්සේ වැඩ සිටිති’යි අසා සතුටට පත්ව, ඒ චේතියට නැංගාහ. එහෙයින් තුරිතා පබ්බතමාරුහුං යැයි කියන ලදී.
එකමන්තං ඨිතො හට්ඨොති තස්මිං පාසාණකෙ චෙතියෙ සක්කෙන මාපිතමහාමණ්ඩපෙ නිසින්නං භගවන්තං දිස්වා “කච්චි ඉසයො ඛමනීය”න්තිආදිනා නයෙන භගවතා පටිසම්මොදනීයෙ කතෙ “ඛමනීයං භො ගොතමා”තිආදීහි සයම්පි පටිසන්ථාරං කත්වා අජිතො ජෙට්ඨන්තෙවාසී එකමන්තං ඨිතො හට්ඨචිත්තො හුත්වා මනොපඤ්හෙ පුච්ඡි.
එකමන්තං ඨිතො හට්ඨො ඒ පාසාණ චෙතියෙහි, සක්දෙවියන් විසින් මවන ලද මහා වේදිකාවෙහි වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දැක, ‘ඉසිවරයාණනි, ඉවසිය හැකිද?’ (සුවදුක් කෙසේද?) ආදී ලෙසින් උන්වහන්සේ සමග, පිළිසඳර කතා කරන කල්හි, ‘පින්වත් ගොතම, ඉවසිය හැකිදැ’යි දෙටු අතවැසි වූ අජිත ද තමන්ම පිළිසඳර කතාකොට එකත්පස්ව සිට සතුටු සිතැතිව, මනොපඤ්හෙ අපුච්ඡි. මනසින් පැන පුළුවුත්.
තත්ථ ආදිස්සාති “කතිවස්සො”ති එවං උද්දිස්ස. ජම්මනන්ති “අම්හාකං ආචරියස්ස ජාතිං බ්රූහී”ති පුච්ඡති. පාරමින්ති නිට්ඨාගමනං.
ආදිස්සා (වයස) ‘අවුරුදු කීයද?’ මෙය සළකාගෙන (සිතින් විමසයි.) ජම්මනං අපගේ ඇදුරුතුමන්ගේ උපත කියනු මැනවැ’යි අසයි. පාරමිං (දැනීමේ) අවසානයට පත්වීම,
වීසං වස්සසතන්ති වීසතිවස්සාධිකං වස්සසතං. ලක්ඛණෙති මහාපුරිසලක්ඛණෙ. එතස්මිං ඉතො පරෙසු ච ඉතිහාසාදීසු අනවයොති අධිප්පායො පරපදං වා ආනෙත්වා තෙසු පාරමිං ගතොති යොජෙතබ්බං. පඤ්චසතානි වාචෙතීති පකතිඅලසදුම්මෙධමාණවකානං පඤ්චසතානි සයං මන්තෙ වාචෙති. සධම්මෙති එකෙ බ්රාහ්මණධම්මෙ, තෙවිජ්ජකෙ පාවචනෙති වුත්තං හොති.
වීසං වස්සසතං අවුරුදු එකසිය විස්සක්, ලක්ඛණෙ මහාපුරිස් ලකුණෙහි, මෙයින් පසු ඉතිහාස ආදී බමුණු සමයෙහි ඉගැන්වීම් අදහස් වේ. පඤ්චසතානි වාචෙති මුලදී කම්මැලි, අනුවණ, ගති ඇති තරුණයන් පන්සියයකට තමාම වේද මතුරු උගන්වයි. (කියවයි.) සධම්මෙ තම (පරපුරෙහි) බමුණු දහම්, ‘එය ඔවුන්ගේ නායකයාගේ නොවෙනස් වන වචන ලෙස අදහති’යි කියන ලදී.
ලක්ඛණානං පවිචයන්ති ලක්ඛණානං විත්ථාරං, “කතමානි තානිස්ස ගත්තෙ තීණි ලක්ඛණානී”ති පුච්ඡති.
ලක්ඛණනං පවිචයං ලකුණුවල විස්තර. ‘ඔහුගේ සිරුරෙහි පුරිස් ලකුණු කෙතෙක්දැ’යි ඒ ලකුණු තුන ගැන විමසයි.
පුච්ඡඤ්හීති පුච්ඡමානං කමෙතං පටිභාසතීති දෙවාදීසු කං පුග්ගලං එතං පඤ්හවචනං පටිභාසතීති.
පුච්ඡං හි විමසනු ලබන, කමෙතං පටිභාසති දෙවියන් ආදී පිරිස් අතරින් කවරෙක් එබඳු නැණවත් වචන කියත් ද?
එවං බ්රාහ්මණො පඤ්චන්නං පඤ්හානං වෙය්යාකරණං සුත්වා අවසෙසෙ ද්වෙ පුච්ඡන්තො “මුද්ධං මුද්ධාධිපාතඤ්චා”ති ආහ. අථස්ස භගවා තෙ බ්යාකරොන්තො “අවිජ්ජා මුද්ධා”ති ගාථමාහ. තත්ථ යස්මා චතූසු සච්චෙසු අඤ්ඤාණභූතා අවිජ්ජා සංසාරස්ස සීසං, තස්මා “අවිජ්ජා මුද්ධා”ති ආහ. යස්මා ච අරහත්තමග්ගවිජ්ජා අත්තනා සහජාතෙහි සද්ධාසතිසමාධිකත්තුකම්යතාඡන්දවීරියෙහි සමන්නාගතා ඉන්ද්රියානං එකරසට්ඨභාවමුපගතත්තා තං මුද්ධං අධිපාතෙති, තස්මා “ධිජ්ජා මුද්ධාධිපාතිනී”තිආදිමාහ.
මෙසේ බමුණා පැන පහකම කරුණු පැහැදිලි කිරීම අසා, ඉතිරි පැන දෙක ද විමසමින්, හිස්මුදුන ද මුදුන පැලෙන සැටි ද අසන බව කීය. එවිට භාග්‍යවතුන් වහන්සේ ‘අවිජ්ජා මුද්ධා’ යන ගාථාවෙන් එය පැහැදිළි කළහ. එහි සිවුසස් නොදැනීම නම් වූ ‘අවිජ්ජා’ යනු සංසාරයේ සිරස හෙවත් මුදුනයි. එහෙයින් අවිජ්ජා මුද්ධා යැයි කීහ. තමන් හා එක්ව ඇතිවන තහවුරු බව, සිත එකඟ බව ලබාගැනීමේ කටයුතු කිරීමේ කැමැත්ත හා උත්සාහයෙන් යුතු බැවින්, ඉඳුරන් (සද්ධා ආදී ඉන්ද්‍රියන්) එකම ‘අරමුණක්’ සේ පවත්නා බවට එළඹෙන බැවින්, අරහත් මග විදු නැණින් ඒ ‘මුදුන’ බිඳ හෙළයි. එහෙයින් විජ්ජා මුද්ධාධිපාතිනි ආදී ලෙසින් කීහ.
තතො වෙදෙන මහතාති අථ ඉමං පඤ්හවෙය්යාකරණං සුත්වා උප්පන්නාය මහාපීතියා සන්ථම්භිත්වා අලීනභාවං, කායචිත්තානං උදග්ගං පත්වාති අත්ථො. පතිත්වා ච “බාවරී”ති ඉමං ගාථමාහ. අථ නං අනුකම්පමානො භගවා “සුඛිතො”ති ගාථමාහ. වත්වා ච “බාවරිස්ස චා”ති සබ්බඤ්ඤුපවාරණං පවාරෙසි. තත්ථ සබ්බෙසන්ති අනවසෙසානං සොළසසහස්සානං. තත්ථ පුච්ඡි තථාගතන්ති තත්ථ පාසාණකෙ චෙතියෙ, තත්ථ වා පරිසාය, තෙසු වා පවාරිතෙසු අජිතො පඨමං පඤ්හං පුච්ඡීති. සෙසං සබ්බගාථාසු පාකටමෙවාති.
තතො වෙදෙන මහතා එවිට මෙම පැන පැහැදිලිකොට විසඳීම අසා හටගත් මහත් සතුටින් සන්ථමභිත්වා කයෙහි සිතෙහි පිබිදුණු ඔදවැඩි බවට පත්ව යන අදහසයි. වැඳ වැටී ‘බාවරී’ යන ගාථාව කීය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් ‘සුබිතො.........’ ගාථාව කීහ. ‘බාවරිස්ස........’ යන ගාථාවෙන් සියල්ල දන්නා බව හඟවා (කරුණු දැක්වීම) අවසන් කළහ. සබ්බෙසං ඉතිරි දහසය දහසකගේ තත්ථ පුච්ඡි තථාගතං පාසාණක චෙතියෙහි හෝ, ඒ පිරිස අතරෙහි හෝ අජිතො පඨමං පුච්ඡි ඉතිරි සියළු ගාථාවල අරුත් පැහැදිලිය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය වත්ථුගාථාවණ්ණනා නිට්ඨිතා.
මේ එහි මූලික හේතු දැක්වෙන ගාථා විස්තරයි.