යෙදුමෙන් කියවන්න

1. අජිතසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. අජිතසුත‍්තවණ‍්ණනා

1. අජිතමාණව පෘච්ඡා වර්ණනා

තස‍්මිං පන පඤ‍්හෙ නිවුතොති පටිච‍්ඡාදිතො. කිස‍්සාභිලෙපනං බ්‍රූසීති කිං අස‍්ස ලොකස‍්ස අභිලෙපනං වදෙසි.

ඒ විමසූ පැනයෙහි නිවුතො වැසුනේ, කිස්සාභිලෙපනං බ්‍රෑසි ලෝකයට ඇලෙන්නේ කුමකින්දැ’යි කියනු මැනවි.

වෙවිච‍්ඡා පමාදා නප‍්පකාසතීති මච‍්ඡරියහෙතු ච පමාදහෙතු ච නප‍්පකාසති. මච‍්ඡරියං හිස‍්ස දානාදිගුණෙහි පකාසිතුං න දෙති, පමාදො සීලාදීහි. ජප‍්පාභිලෙපනන‍්ති තණ‍්හා අස‍්ස ලොකස‍්ස මක‍්කටලෙපො විය මක‍්කටස‍්ස අභිලෙපනං. දුක‍්ඛන‍්ති ජාතිආදිකං දුක‍්ඛං.

වෙවිච්ඡා පමාදා නප්පකාසති මසුරු බව හේතුවෙන් හෝ පමාවීම හේතුවෙන් නොකියයි. (හෙළි නොවෙයි) මසුරුකමෙන් දානාදී යහගුණ මතුවීමට ඉඩ නොදෙයි. සිල් ආදිය (රැකීමට) පමා වෙයි. ජප්පාභිලෙපනං වඳුරන් අල්ලා ගැනීමට තවරන ලද ආලේපයක් මෙන්, දුක්‍ඛං ඉපදීම ආදී දුක්,

සවන‍්ති සබ‍්බධි සොතාති සබ‍්බෙසු රූපාදිආයතනෙසු තණ‍්හාදිකා සොතා සන්‍දන‍්ති. කිං නිවාරණන‍්ති තෙසං කිං ආවරණං කා රක‍්ඛාති? සංවරං බ්‍රූහීති තං තෙසං නිවාරණසඞ‍්ඛාතං සංවරං බ්‍රූහි. එතෙන සාවසෙසප‍්පහානං පුච‍්ඡති. කෙන සොතා පිධිය්‍යරෙති කෙන ධම‍්මෙන එතෙ සොතා පිධිය්‍යන‍්ති පච‍්ඡිජ‍්ජන‍්ති. එතෙන අනවසෙසප‍්පහානං පුච‍්ඡති.

සවන්ති සබ්බධී සොතා රූපාදී සියළුම තැන්වල තණ්හාදී දිය දහරා ගලා යයි. කිං නිවාරණං එයට රැකවරණය කුමක්ද? කවුරු රකී ද? සංවරං බ්‍රෑහි එය දුරුකිරීම යයි කියන ලද සංවරය ගැන පවසනු මැනව. මෙයින් ඉතිරි ඉඳුරන්ගේද සංවරය ගැන විමසයි. කෙන සොතා පිථියරෙ කිනම් දෙයකින් ඒ දියදහර වසනු ලබත්ද? නවතනු ලබත්ද? මෙයින් මුළුමනින්ම නැතිකිරීම ගැන අසයි.

සති තෙසං නිවාරණන‍්ති විපස‍්සනායුත‍්තා. කුසලානං ධම‍්මානං ගතියො සමන‍්නෙසමානා සති තෙසං සොතානං නිවාරණං. සොතානං සංවරං බ්‍රූමීති තමෙවාහං සතිං සොතානං සංවරං බ්‍රූමීති අධිප‍්පායො. පඤ‍්ඤායෙතෙ පිධිය්‍යරෙති රූපාදීසු පන අනිච‍්චතාදිපටිවෙධසාධිකාය මග‍්ගපඤ‍්ඤාය එතෙ සොතා සබ‍්බසො පිධිය්‍යන‍්තීති.

සති තෙසං නිවාරණං විදසුන් වඩමින් කුසල් අකුසල් පවත්නා සැටි විමසා බලන සිහිය, ඒ කන් ආදියට ගලාඑන තණ්හා දිය දහර වැළකීමයි. සොතානං සංවරං බ්‍රෑමී මම ඒ සිහියම තණ්හා ආදී දිය දහරෙහි සංවරය යැයි කියමි යැයි අදහසයි. පඤ්ඤායෙතෙ පිථියරෙ රූප ආදියෙහි අනිස බව අවබෝධ කරනු පිණිස මගනුවණින් කලින් ඇතුළුවන එම තණ්හා ආදී දියදහර මුළුමනින්ම වළකන ලදී.

පඤ‍්ඤා චෙවාති පඤ‍්හගාථාය, යා චායං තයා වුත‍්තා පඤ‍්ඤා යා ච සති, යඤ‍්ච තදවසෙසං නාමරූපං, එතං සබ‍්බම‍්පි කත්‍ථ නිරුජ‍්ඣති, එතං මෙ පඤ‍්හං පුට‍්ඨො බ්‍රූහීති එවං සඞ‍්ඛෙපත්‍ථො වෙදිතබ‍්බො.

පඤ්ඤාචෙව යන ගාථාවෙන් (නැවත විමසයි.) ඔබවහන්සේ විසින් කියන ලද පඤ්ඤා, සිහියද, ඒ ඉතිරිව ඇති නාමරූපං, එතං සියල්ලද, කත්‍ථ නිරුජ්ඣති, එතං මෙ පැනය, පුට්ඨො කියනු මැනවැයි මෙසේ කෙටි අරුත දතයුතුය.

විස‍්සජ‍්ජනගාථාය පනස‍්ස යස‍්මා පඤ‍්ඤාසතියො නාමෙනෙව සඞ‍්ගහං ගච‍්ඡන‍්ති, තස‍්මා තා විසුං න වුත‍්තා. අයමෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – යං මං ත්‍වං, අජිත, එතං පඤ‍්හං අපුච‍්ඡි “කත්‍ථෙතං උපරුජ‍්ඣතී”ති, තං තෙ යත්‍ථ නාමඤ‍්ච රූපඤ‍්ච අසෙසං උපරුජ‍්ඣති, තං වදන‍්තො වදාමි , තස‍්ස, තස‍්ස හි විඤ‍්ඤාණස‍්ස නිරොධෙන සහෙව අපුබ‍්බං අචරිමං එත්‍ථෙතං උපරුජ‍්ඣති. එත්‍ථෙව විඤ‍්ඤාණනිරොධෙ නිරුජ‍්ඣති එතං, විඤ‍්ඤාණනිරොධා තස‍්ස නිරොධො හොති. තං නාතිවත‍්තතීති වුත‍්තං හොති.

විසඳන ගාථාවෙහි නුවණ - සිහිය නාම යන නමින්ම ඇතුලත්ව ඇත. එහෙයින් එය වෙන්කොට නොකියන ලදී. මේ එහි කෙටි අරුතයි. ඔබ යම් පැනයක් මගෙන් අජිත, එතං පඤ්හං ඇසුවේද? තං තෙ යත්‍ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති ඒ ගැන කියමි. ඒ ඒ දෙයට හඳුනා ගැනීම - විඤ්ඤාණය නැතිකිරීම සමගම පෙර පසු නොව මෙහිම (එතැනම) වැළකෙයි. මෙහිම විඤ්ඤාණය නැති වූ විට වැළකෙයි. මෙම විඤ්ඤාණය නැති කිරීම එම නාමරූප ඉක්මවා නොයන බව කියන ලදී.

එත‍්තාවතා ච “දුක‍්ඛමස‍්ස මහබ‍්භය”න‍්ති ඉමිනා පකාසිතං දුක‍්ඛසච‍්චං, “යානි සොතානී”ති ඉමිනා සමුදයසච‍්චං පඤ‍්ඤායෙතෙ පිධිය්‍යරෙති ඉමිනා මග‍්ගසච‍්චං, “අසෙසං උපරුජ‍්ඣතී”ති ඉමිනා නිරොධසච‍්චන‍්ති එවං චත‍්තාරි සච‍්චානි සුත්‍වාපි අරියභූමිං අනධිගතො පුන සෙඛාසෙඛපටිපදං පුච‍්ඡන‍්තො “යෙ ච සඞ‍්ඛාතධම‍්මාසෙ”ති ගාථමාහ. තත්‍ථ සඞ‍්ඛාතධම‍්මාති අනිච‍්චාදිවසෙන පරිවීමංසිතධම‍්මා, අරහතං එතං අධිවචනං. සෙඛාති සීලාදීනි සික‍්ඛමානා අවසෙසා අරියපුග‍්ගලා. පුථූති බහූ සත‍්තජනා. තෙසං මෙ නිපකො ඉරියං පුට‍්ඨො පබ්‍රූහීති තෙසං මෙ සෙඛාසෙඛානං නිපකො පණ‍්ඩිතො ත්‍වං පුට‍්ඨො පටිපත‍්තිං බ්‍රූහීති.

මෙපමණකින් ‘දුක මහත් බයක්’ යැයි මෙසේ දුක පිළිබඳ ඇත්ත ද, ‘දුක්‍ඛමස්ස මහබ්භයං’ – ‘යම් දිය දහරා’ ‘යානි සොතානි’ යනුවෙන් දුකට හේතුව ද, ‘නුවණින් වසනු ලැබේ’ - ‘පඤ්ඤායතෙ පිථියරෙ’ යනුවෙන් දුක නැතිකිරීමද, ‘මෙහිම සංසිඳේ’ - ‘එත්‍ථෙතං උපරුජ්ඣති’ යනුවෙන් දුක නැති කිරීමේ මග ද යැයි සිවුසස් ඇසුවද, අරහත් බව අවබෝධ නොකළ බැවින්, නැවත සෙඛ-අසේඛ පිළිවෙත ගැන යෙච සංඛාතධම්මා යන ගාථාවෙන් විමසීය. එහි සංඛාතධම්මා අනිස ලෙසින් විමසන ලද කරුණුයි. අරහත් බවට සමාන වදනකි. සෙඛා සීලාදියෙන් හික්මෙන, ඉතිරි (මගපල ලබනට කටයුතු කරන) තැනැත්තෝ පුථු බොහෝ සත්වග - බොහෝ දෙනා, තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්‍රෑහි ඒ සෙබ-අසේඛ තැනැත්තන්ගේ පිළිවෙත ගැන, නුවණැති ඔබවහන්සේ මට පවසනු මැනව.

අථස‍්ස භගවා යස‍්මා සෙඛෙන කාමච‍්ඡන්‍දනීවරණං ආදිං කත්‍වා සබ‍්බකිලෙසා පහාතබ‍්බා එව, තස‍්මා “කාමෙසූ”ති උපඩ‍්ඪගාථාය සෙඛපටිපදං දස‍්සෙති. තස‍්සත්‍ථො – වත්‍ථු “කාමෙසු” කිලෙසකාමෙන නාභිගිජ‍්ඣෙය්‍ය කායදුච‍්චරිතාදයො ච මනසො ආවිලභාවකරෙ ධම‍්මෙ පජහන‍්තො මනසා නාවිලො සියාති. යස‍්මා පන අසෙඛො අනිච‍්චාදිවසෙන සබ‍්බසඞ‍්ඛාරාදීනං පරිතුලිතත‍්තා කුසලො සබ‍්බධම‍්මෙසු කායානුපස‍්සනාසතිආදීහි ච සතො සක‍්කායදිට‍්ඨිආදීනං භින‍්නත‍්තා භික‍්ඛුභාවං පත‍්තො ච හුත්‍වා සබ‍්බිරියාපථෙසු පරිබ‍්බජති, තස‍්මා “කුසලො”ති උපඩ‍්ඪගාථාය අසෙඛපටිපදං දස‍්සෙති. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

එවිට භාග්‍යවතුන් වහන්සේ, මගපලයෙහි හික්මෙන කෙනෙකු විසින් නිවනට මග අහුරන, කාමයට කැමැත්ත මුල්කොට ඇති සියළු කෙලෙස් දුරු කළයුතු වන හෙයින් ‘කාමෙසු’ යන ගාථාවේ මුල් පද දෙකෙන් සේඛ පිළිවෙත පෙන්වා දුන්හ. කාමෙසු ඇලීම් ඇතිකරන භවභෝග සම්පත් හා කෙලෙස්, නාභිගිජ්ඣෙය්‍ය කයෙහි දුසිරිතද, සිතෙහි කැළඹුණු ගතිය ඇතිවන කරුණු ඉවත් කරමින්, මනසා අනාවිලො සියා, අසෙඛ තැනැත්තා හේතු නිසා හටගන්නා සියළු දෙයම අනිස ලෙසින් සමව පිරික්සා බලන බැවින් කුසලො සබ්බධම්මෙසු කය අනුව විමසා බැලීම් ආදී ලෙසින් සතො මමය මගේය ආදී හැඟීම් බිඳ දමන ලදුව මහණෙක් බවට පත්ව හැසිරෙයි. එහෙයින් එම ගාථාවේ කුසලො...... ආදී ඊළග පේළි දෙකෙන් අසෙඛ පිළිවෙත දැක්වූහ. ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි, දෙසනාපරියොසානෙ අජිතො අරහත‍්තෙ පතිට‍්ඨාසි සද‍්ධිං අන‍්තෙවාසිසහස‍්සෙන, අඤ‍්ඤෙසඤ‍්ච අනෙකසහස‍්සානං ධම‍්මචක‍්ඛුං උදපාදි. සහ අරහත‍්තප‍්පත‍්තියා ච ආයස‍්මතො අජිතස‍්ස අන‍්තෙවාසිසහස‍්සස‍්ස ච අජිනජටාවාකචීරාදීනි අන‍්තරධායිංසු. සබ‍්බෙව ඉද‍්ධිමයපත‍්තචීවරධරා, ද‍්වඞ‍්ගුලකෙසා එහිභික‍්ඛූ හුත්‍වා භගවන‍්තං නමස‍්සමානා පඤ‍්ජලිකා නිසීදිංසූති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වා දේසනය නිම කළහ. දේසනය අවසානයෙහි අජිත, තම අතවැසි දහසක් දෙනා සමග රහත් පලෙහි පිහිටියේය. තවත් දහස් ගණනකට දහම් අවබෝධ විය. රහත් පල ලද ගරු කටයුතු අජිත උතුමන් ඇතුළු අතවැසි දහසක් දෙනාගේ අඳුන් (දිවි සම්) ජටා, දළ වැහැරි පෙරවූ සිවුරු අතුරුදන්වූ, ඉඳු බලයෙන් පා සිවුරු දරා, දෑඟුල් කෙස් ඇතිව, ‘එව මහණ’ ලෙසින් පැවිද්ද ලබා, භාග්‍යවතුන් වහන්සේ ඇඳිලි බැඳ නමදිමින් හුන්හ.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය අජිතසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අජිත සූත්‍ර විස්තරය නිමි.

2. තිස‍්සමෙත‍්තෙය්‍යසුත‍්තවණ‍්ණනා

2. තිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා වර්ණනා

කොධ සන‍්තුස‍්සිතොති තිස‍්සමෙත‍්තෙය්‍යසුත‍්තං. කා උප‍්පත‍්ති? සබ‍්බසුත‍්තානං පුච‍්ඡාවසිකා එව උප‍්පත‍්ති. තෙ හි බ්‍රාහ‍්මණා “කතාවකාසා පුච‍්ඡව‍්හො”ති භගවතා පවාරිතත‍්තා අත‍්තනො අත‍්තනො සංසයං පුච‍්ඡිංසු. පුට‍්ඨො පුට‍්ඨො ච තෙසං භගවා බ්‍යාකාසි. එවං පුච‍්ඡාවසිකානෙවෙතානි සුත‍්තානීති වෙදිතබ‍්බානි.

කොධ සන්තුසිතො යනු තිස්සමෙත්තෙය්‍ය සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතුව කුමක්ද? (මෙහි) සියළුම සූත්‍ර විමසූ කරුණකට පිළිතුරු ලෙසින් දේසනා කොට ඇත. ‘කැමති ලෙසට විමසව’යි භාග්‍යවතුන් වහන්සේ අවසර ලබාදුන් බැවින්, තම තමන්ගේ සැක සහිත අදහස් ඒ බමුණෝ විමසූහ. ඒ විමසන ලද, විමසන ලද කරුණු භාග්‍යවතුන් වහන්සේ පැහැදිළි කළහ. එහෙයින් විමසීම් සඳහා වූ පිළිතුරු ලෙස මෙම සූත්‍ර දතයුතුය.

නිට‍්ඨිතෙ පන අජිතපඤ‍්හෙ “කථං ලොකං අවෙක‍්ඛන‍්තං, මච‍්චුරාජා න පස‍්සතී”ති (සු· නි· 1124; චූළනි· පිඞ‍්ගියමාණවපුච‍්ඡා 144) එවං මොඝරාජා පුච‍්ඡිතුං ආරභි. තං “න තාවස‍්ස ඉන්‍ද්‍රියානි පරිපාකං ගතානී”ති ඤත්‍වා භගවා “තිට‍්ඨ ත්‍වං, මොඝරාජ, අඤ‍්ඤො පුච‍්ඡතූ”ති පටික‍්ඛිපි. තතො තිස‍්සමෙත‍්තෙය්‍යො අත‍්තනො සංසයං පුච‍්ඡන‍්තො “කොධා”ති ගාථමාහ. තත්‍ථ කොධ සන‍්තුස‍්සිතොති කො ඉධ තුට‍්ඨො. ඉඤ‍්ජිතාති තණ‍්හාදිට‍්ඨිවිප‍්ඵන්‍දිතානි. උභන‍්තමභිඤ‍්ඤායාති උභො අන‍්තෙ අභිජානිත්‍වා. මන‍්තා න ලිප‍්පතීති පඤ‍්ඤාය න ලිප‍්පති.

අජිත සූත්‍රය අවසන් වූ විට, මොඝරාජ ‘මරණය නැමති රජු නොදක්නා ලොවක් බලාපොරොත්තු වන්නේ කෙසේදැ’යි ඇසීමට සූදානම් විය. ඔහුගේ ඉඳුරන් (දහම් අවබෝධයට) සුදුසු පරිදි සකස් නොතිබූ බැවින්, භාග්‍යවතුන් වහන්සේ ‘මොඝරාජ, ඔබ පසුව විමසන්න. වෙනත් කෙනෙකුට ඇසීමට ඉඩ දෙන්නැ’යි වැළකූහ. එහිදී තිස්ස මෙත්තෙය්‍ය ‘කොධ.........’ ආදී ගාථාවෙන් තම සැක සහිත කරුණ විචාළේය. කොධ සන්තුසිතො කවරෙක් මේ ලොවෙහි සතුටුවෙත්ද? ඉඤ්ජිතා තණ්හා දිට්ඨියෙන් කම්පාවන, උභන්තමභිඤ්ඤාය දෙකෙළවර (මුල අග) දැන, මන්තා න ලිප්පති නුවණින් නො ඇලෙයි.

තස‍්සෙතමත්‍ථං බ්‍යාකරොන‍්තො භගවා “කාමෙසූ”ති ගාථාද‍්වයමාහ. තත්‍ථ කාමෙසු බ්‍රහ‍්මචරියවාති කාමනිමිත‍්තං බ්‍රහ‍්මචරියවා, කාමෙසු ආදීනවං දිස‍්වා මග‍්ගබ්‍රහ‍්මචරියෙන සමන‍්නාගතොති වුත‍්තං හොති. එත‍්තාවතා සන‍්තුසිතං දස‍්සෙති, “වීතතණ‍්හො”තිආදීහි අනිඤ‍්ජිතං . තත්‍ථ සඞ‍්ඛාය නිබ‍්බුතොති අනිච‍්චාදිවසෙන ධම‍්මෙ වීමංසිත්‍වා රාගාදිනිබ‍්බානෙන නිබ‍්බුතො. සෙසං තත්‍ථ තත්‍ථ වුත‍්තනයත‍්තා පාකටමෙව.

ඔහුට එම කරුණු පැහැදිලි කරමින්, භාග්‍යවතුන් වහන්සේ කාමෙසු ආදී ගාථා දෙකක් වදාළහ. කාමෙසු බ්‍රහ්මචරියවා කාමයෙහි ගතිලකුණු හෝ බඹසර හැසිරිම හෝ, කාමයන්හි ආදීනව දැක මග බඹසර හැසිරීමෙහි යෙදුනේ, මෙපමණකින් සෑහීමට පත්වන බව පහදති. තණ්හාවෙන් දුරු වූයේ කම්පා නොවන, සංඛාය නිබ්බුතො අනිය ලෙසින් කරුණු විමසා රාගාදී (ඇවිලෙන ගිනි) නිවීමෙන්, ඉතිරි කරුණු ඒ ඒ තැන සඳහන් වූ බැවින් පැහැදිලිය.

එවං භගවා ඉමම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ අයම‍්පි බ්‍රාහ‍්මණො අරහත‍්තෙ පතිට‍්ඨාසි සද‍්ධිං අන‍්තෙවාසිසහස‍්සෙන, අඤ‍්ඤෙසඤ‍්ච අනෙකසහස‍්සානං ධම‍්මචක‍්ඛුං උදපාදි. සෙසං පුබ‍්බසදිසමෙවාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් මෙම සූත්‍රයද දේසනා කළහ. දේසනය අවසන මේ බමුණාද තම අතවැසි පිරිස දහස සමග රහත්බව ලැබීය. වෙනත් නොයෙක් දහස් ගණනකට දහම් ඇස පහළ විය. ඉතිරි කරුණු පෙර පරිදිය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය තිස‍්සමෙත‍්තෙය්‍යසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තිස්ස මෙත්තෙය්‍ය සූත්‍ර විස්තරය නිමි.

3. පුණ‍්ණකසුත‍්තවණ‍්ණනා

3. පුණ්ණකමාණව පෘච්ඡා වර්ණනා

අනෙජන‍්ති පුණ‍්ණකසුත‍්තං. ඉමම‍්පි පුරිමනයෙනෙව මොඝරාජානං පටික‍්ඛිපිත්‍වා වුත‍්තං. තත්‍ථ මූලදස‍්සාවින‍්ති අකුසලමූලාදිදස‍්සාවිං. ඉසයොති ඉසිනාමකා ජටිලා. යඤ‍්ඤන‍්ති දෙය්‍යධම‍්මං. අකප‍්පයිංසූති පරියෙසන‍්ති.

අනෙජං යනු පුණ්ණක සූත්‍රයයි. මෙම සූත්‍රයද පෙර පරිදි මොඝරාජට පසුව විමසීමට ඉඩ තබා පුණ්ණකට පවසන ලද්දකි. මූල දස්සාවී අකුසල් මුල් දකින, ඉසයො ඉසිවරු නම් වූ ජටිලයෝ, යඤ්ඤං දිය යුතු දෙයක්, අකප්පයිංසු සොයත්,

ආසීසමානාති රූපාදීනි පත්‍ථයමානා. ඉත්‍ථත‍්තන‍්ති ඉත්‍ථභාවඤ‍්ච පත්‍ථයමානා, මනුස‍්සාදිභාවං ඉච‍්ඡන‍්තාති වුත‍්තං හොති. ජරං සිතාති ජරං නිස‍්සිතා. ජරාමුඛෙන චෙත්‍ථ සබ‍්බවට‍්ටදුක‍්ඛං වුත‍්තං. තෙන වට‍්ටදුක‍්ඛනිස‍්සිතා තතො අපරිමුච‍්චමානා එව කප‍්පයිංසූති දීපෙති.

ආසිංසමානා රුප ආදිය පතමින්, ඉත්‍ථභාවං මේ නම් වූ කැමති භවයක් පතමින්, මිනිසත් බව ආදිය පතමින් යැයි කියන ලදී. ජරං සිතා ජරාව ඇසුරු කොට, ජරාව මුල්කොට මෙහිදී සියළුම සසර දුක ගැන කියන ලදී. ඒ අනුව එයින් නොමිදෙමින්, (ඒ ගැන) කල්පනා කරති’යි පෙන්වා දෙයි.

කච‍්චිස‍්සු තෙ භගවා යඤ‍්ඤපථෙ අප‍්පමත‍්තා, අතාරුං ජාතිඤ‍්ච ජරඤ‍්ච මාරිසාති එත්‍ථ යඤ‍්ඤොයෙව යඤ‍්ඤපථො. ඉදං වුත‍්තං හොති – කච‍්චි තෙ යඤ‍්ඤෙ අප‍්පමත‍්තා හුත්‍වා යඤ‍්ඤං කප‍්පයන‍්තා වට‍්ටදුක‍්ඛමතරිංසූති.

කච්චිස්ස තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිසා මෙහි දෙන දෙයම යාග මග වෙයි. කිසියම් කෙනෙක් යාගයෙහි පමානොවී, යාග කරමින් සසර දුකින් එතර වෙත් ද?

ආසීසන‍්තීති රූපපටිලාභාදයො පත්‍ථෙන‍්ති. ථොමයන‍්තීති “සුයිට‍්ඨං සුචි දින‍්න”න‍්තිආදිනා නයෙන යඤ‍්ඤාදීනි පසංසන‍්ති. අභිජප‍්පන‍්තීති රූපාදිපටිලාභාය වාචං භින්‍දන‍්ති. ජුහන‍්තීති දෙන‍්ති. කාමාභිජප‍්පන‍්ති පටිච‍්ච ලාභන‍්ති රූපාදිපටිලාභං පටිච‍්ච පුනප‍්පුනං කාමෙ එව අභිජප‍්පන‍්ති, “අහො වත අම‍්හාකං සියු”න‍්ති වදන‍්ති, තණ‍්හඤ‍්ච තත්‍ථ වඩ‍්ඪෙන‍්තීති වුත‍්තං හොති. යාජයොගාති යාගාධිමුත‍්තා. භවරාගරත‍්තාති එවමිමෙහි ආසීසනාදීහි භවරාගෙනෙව රත‍්තා, භවරාගරත‍්තා වා හුත්‍වා එතානි ආසීසනාදීනි කරොන‍්තා නාතරිංසු ජාතිආදිවට‍්ටදුක‍්ඛං න උත‍්තරිංසූති.

ආසංසන්ති රූපයෙහි පැහැපත් බව ආදිය පතති. ථොමයන්ති ‘ඉතා යහපත්ව දෙන ලදැ’යි යාග ගැන පැසසුම් කරති. අභිජප්පන්ති රූප ආදිය ලැබීම පිණිස කතා කරති. ජුහන්ති දෙති. කාමාහි ජප්පන්ති පටිච්ච ලාභ රූප ආදිය ලැබීම නිසා නැවත නැවත කැමැත්ත ඉටුකර ගැනීමටම පතති. අහා! මෙය ඇත්තටම අපටම විය යුතුයැයි කියති. එහි තණ්හාව වැඩෙන සැටි කී අයුරුයි. යාජයොගා යාගයෙහි ඇළුණු, භවරාගරත්තා මෙසේ මේ දේවල් සසරෙහි (මතු) බලාපොරොත්තු වෙමින්, සසරෙහි ඇලී (කැමති තැනකම) ඉපදීමටම ඇලෙමින්, නාතරිංසු ඉපදීම ආදී සසර දුකින් එතර නොවූහ.

අථකොචරහීති අථ ඉදානි කො අඤ‍්ඤො අතාරීති. සඞ‍්ඛායාති ඤාණෙන වීමංසිත්‍වා. පරොපරානීති පරානි ච ඔරානි ච, පරත‍්තභාවසකත‍්තභාවාදීනි පරානි ච ඔරානි චාති වුත‍්තං හොති. විධූමොති කායදුච‍්චරිතාදිධූමවිරහිතො. අනීඝොති රාගාදිඊඝවිරහිතො . අතාරි සොති සො එවරූපො අරහා ජාතිජරං අතාරි. සෙසමෙත්‍ථ පාකටමෙව.

අථ කො චරහි දැන් වෙන කවරෙක් අතාරී යනුවෙනි. සංඛාය නුවණින් විමසා, පරොවරානි අනුන්ගේ ද තමාගේ ද, අනුන්ගේ ජීවිතය ද (අත්තභාව) තමාගේ ජීවිතයද (සසර පැවැත්මද) විධුමො කය දුසිරිත් ආදී දුම නැතිව, අනීඝො රාගාදී දුක් නැතිව, අතාරි සො මෙබඳු තැනැත්තා අරහත් වේ. ජාතිජරං තරණය කළේය. ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉමම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ අයම‍්පි බ්‍රාහ‍්මණො අරහත‍්තෙ පතිට‍්ඨාසි සද‍්ධිං අන‍්තෙවාසිසහස‍්සෙන, අඤ‍්ඤෙසඤ‍්ච අනෙකසතානං ධම‍්මචක‍්ඛුං උදපාදි. සෙසං වුත‍්තසදිසමෙවාති.

භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රය අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. දේසනය අවසන මෙම බමුණාද අතවැසි දහසක් පිරිස සමග අරහත් පලයෙහි පිහිටියේය. තවත් නොයෙක් දහසක් දෙනාට දහම් ඇස පහළ විය. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිමය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය පුණ‍්ණකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පුණ්ණක සූත්‍ර විස්තරය නිමි.

4. මෙත‍්තගුසුත‍්තවණ‍්ණනා

4. මෙත්තගූමාණව පෘච්ඡා වර්ණනා

පුච‍්ඡාමි තන‍්ති මෙත‍්තගුසුත‍්තං. තත්‍ථ මඤ‍්ඤාමි තං වෙදගුං භාවිතත‍්තන‍්ති “අයං වෙදගූ”ති ච “භාවිතත‍්තො”ති ච එවං තං මඤ‍්ඤාමි.

පුච්ඡාමි තං යනු මෙත්තගු සූත්‍රයයි. මඤ්ඤාමි තං වෙදගූං භාවිත්තතං ‘මේ තැනැත්තා වේදයෙහි’ හෝ නුවණින් හෝ පරතෙරට ගියේ යැයි ද, භාවනාව (සිත) පුරුදු කළ කෙනෙකැයි ද සිතමි.

අපුච‍්ඡසීති එත්‍ථ අ-ඉති පදපූරණමත‍්තෙ නිපාතො, පුච‍්ඡසිච‍්චෙව අත්‍ථො. පවක‍්ඛාමි යථා පජානන‍්ති යථා පජානන‍්තො ආචික‍්ඛති, එවං ආචික‍්ඛිස‍්සාමි. උපධිනිදානා පභවන‍්ති දුක‍්ඛාති තණ‍්හාදිඋපධිනිදානා ජාතිආදිදුක‍්ඛවිසෙසා පභවන‍්ති.

අපුච්ඡසී මෙහි ‘අ’ අකුර (වචනයෙහි) පිරිපුන් බවක් දැනවීමට යෙදූ නිපාතයකි. කැමති දෙයක් අසව යන තේරුමයි. පවක්‍ඛාමි යථා පජානං (විමසූ දෙය ගැන) දන්නා ආකාරයට මෙසේ කියමි. උපධිනිදානා පභවන්ති දුක්‍ඛා තණ්හා ආදී කෙලෙස් හේතුවෙන් ඉපදීම ආදී දුක් ඇතිවෙයි.

එවං උපධිනිදානතො පභවන‍්තෙසු දුක‍්ඛෙසු – යො වෙ අවිද‍්වාති ගාථා. තත්‍ථ පජානන‍්ති සඞ‍්ඛාරෙ අනිච‍්චාදිවසෙන ජානන‍්තො. දුක‍්ඛස‍්ස ජාතිප‍්පභවානුපස‍්සීති වට‍්ටදුක‍්ඛස‍්ස ජාතිකාරණං “උපධී”ති අනුපස‍්සන‍්තො.

මෙසේ කෙලෙස් හටගැනීමට මුල්වන කරුණු ඇතිවිට දුක් හටගනිද්දී, මීළගට යො වෙ අවිද්වා යන ගාථාවයි. පජානං හේතු නිසා ඇතිවන හැම දෙයක්ම අනිස බව දැන, දුක්‍ඛස්ස ජාතිප්පභවානුපස්සී ‘සසර දුකට ඉපදීමට හේතුවන්නේ කෙලෙස්’ යැයි විමසා බලමින්,

සොකපරිද‍්දවඤ‍්චාති සොකඤ‍්ච පරිදෙවඤ‍්ච. තථා හි තෙ විදිතො එස ධම‍්මොති යථා යථා සත‍්තා ජානන‍්ති, තථා තථා පඤ‍්ඤාපනවසෙන විදිතො එස ධම‍්මොති.

සොකපරිද්දවඤ්ච සෝකයද හඬා වැලපීමද, තථා හි තෙ විදිතො එස ධම්මො සත්වගට අවබෝධ කරගැනීමට, දැනගැනීමට හැකිවන සේ ඒ ඒ තැනැත්තාට ගැලපෙන පරිදි දහම් කරුණු පහදා දී ඇත.

කිත‍්තයිස‍්සාමි තෙ ධම‍්මන‍්ති නිබ‍්බානධම‍්මං නිබ‍්බානගාමිනිපටිපදාධම‍්මඤ‍්ච තෙ දෙසයිස‍්සාමි. දිට‍්ඨෙ ධම‍්මෙති දිට‍්ඨෙ දුක‍්ඛාදිධම‍්මෙ, ඉමස‍්මිංයෙව වා අත‍්තභාවෙ. අනීතිහන‍්ති අත‍්තපච‍්චක‍්ඛං. යං විදිත්‍වාති යං ධම‍්මං “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”තිආදිනා නයෙන සම‍්මසන‍්තො විදිත්‍වා. තඤ‍්චාහං අභිනන්‍දාමීති තං වුත‍්තපකාරධම‍්මජොතකං තව වචනං අහං පත්‍ථයාමි. ධම‍්මමුත‍්තමන‍්ති තඤ‍්ච ධම‍්මමුත‍්තමං අභිනන්‍දාමීති.

කිත්තයිස්සාමි තෙ ධම්මං නිවන ගැනද, නිවන් මග පිළිවෙත ද දේසනා කරන්නෙමි. දිට්ඨෙ ධම්මෙ දුක් ආදිය පිළිබඳව දැක, මේ ජීවිත කාලය ඇතුලත හෝ, අනිතිහං තමා ගැන නුවණින් මෙනෙහි කරමින්, යං විදිත්‍වා ‘හේතු නිසා ඇතිවන හැම දෙයම අනිස’ යැයි විමසීමෙන් නුවණින් දැන, (සබ්බෙ සංඛාරා අනිච්චා) තඤ්චාහං අභිනන්‍දාමි ඒ කියන ලද ඔබවහන්සේගේ වටිනා බැබළෙන සුළු වචන (කතාව) මම පතමි. ධම්මමුත්තමං ඒ උතුම් දහමට සතුටු වෙමි.

උද‍්ධං අධො තිරියඤ‍්චාපි මජ‍්ඣෙති එත්‍ථ උද‍්ධන‍්ති අනාගතද‍්ධා වුච‍්චති, අධොති අතීතද‍්ධා, තිරියඤ‍්චාපි මජ‍්ඣෙති පච‍්චුප‍්පන‍්නද‍්ධා. එතෙසු නන්‍දිඤ‍්ච නිවෙසනඤ‍්ච, පනුජ‍්ජ විඤ‍්ඤාණන‍්ති එතෙසු උද‍්ධාදීසු තණ‍්හඤ‍්ච දිට‍්ඨිනිවෙසනඤ‍්ච අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණඤ‍්ච පනුදෙහි, පනුදිත්‍වා ච භවෙ න තිට‍්ඨෙ, එවං සන‍්තෙ දුවිධෙපි භවෙ න තිට‍්ඨෙය්‍ය. එවං තාව පනුජ‍්ජසද‍්දස‍්ස පනුදෙහීති ඉමස‍්මිං අත්‍ථවිකප‍්පෙ සම‍්බන්‍ධො, පනුදිත්‍වාති එතස‍්මිං පන අත්‍ථවිකප‍්පෙ භවෙ න තිට‍්ඨෙති අයමෙව සම‍්බන්‍ධො. එතානි නන්‍දිනිවෙසනවිඤ‍්ඤාණානි පනුදිත්‍වා දුවිධෙපි භවෙ න තිට‍්ඨෙය්‍යාති වුත‍්තං හොති.

උද්ධං අධො තිරියඤ්ච මජ්ඣෙ මෙහි උද්ධං යනු අනාගතයෙහි වන දේ, අධො අතීතයෙහි වූ, තිරියඤ්චාපි මජ්ඣෙ යනු දැන්, වත්මනෙහි පවත්නා, එතෙසු නන්‍දිඤ්ච නිවෙසනඤ්ච පණුජ්ජ විඤ්ඤාණං මේ කියන ලද පරිදි, ඉදිරියට බලපාන ලෙස ඇතිකරගන්නා තණ්හා දිට්ඨියෙහි මුල්බැස ගැනීමද, එයින් ඇතිකර ගනු ලබන සිතිවිලිද දුරු කරව, එසේ දුරුකොට, භවෙ න තිට්ඨෙ මෙසේ වූ කල්හි දෙආකාර වූ භවයෙහි නොසිටී. පණුජ්ජ යන වචනයෙහි ‘පණුදෙහි’ යැයි මේ අදහස් වන ආකාරයයි. ‘පණුදිත්‍වා’ දුරුකොට යනුවෙන් මේ අරුත් දැක්වීම ‘භවෙ න තිට්ඨෙ’ හා සම්බන්ධ වේ. ඒ ආසාවලින් ඇතිවන හැඳිනීම් හා කෙලෙස් හැඟීම්වලින් දුරුව දෙආකාර භවයෙහි නොසිටිනා බව කියන ලදී.

එතානි විනොදෙත්‍වා භවෙ අතිට‍්ඨන‍්තො එසො – එවංවිහාරීති ගාථා. තත්‍ථ ඉධෙවාති ඉමස‍්මිංයෙව සාසනෙ, ඉමස‍්මිංයෙව වා අත‍්තභාවෙ. සුකිත‍්තිතං ගොතමනූපධීකන‍්ති එත්‍ථ අනුපධිකන‍්ති නිබ‍්බානං. තං සන්‍ධාය භගවන‍්තං ආලපන‍්තො ආහ – “සුකිත‍්තිතං ගොතමනූපධීක”න‍්ති.

ඒ කෙලෙසුන් නැසූ තැනැත්තා - ඒවා දුරුකොට සසරෙහි නොරඳනා බව කියන ලදී. ‘එවං විහාරී’ ගාථාවෙහි ඉධෙව මෙම සසුනෙහි හෝ මෙම ජීවිත කාලය තුල, සුකිත්තිතං ගොතමනුපධිකං මෙහි අනුපධිකං යනු නිවනයි. ඒ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ අමතා, ‘ගොතමයාණන් වහන්ස, නිවන පිලිබඳව මැනවින් පහදාදෙන ලදී.

න කෙවලං දුක‍්ඛමෙව පහාසි – තෙ චාපීති ගාථා. තත්‍ථ අට‍්ඨිතන‍්ති සක‍්කච‍්චං, සදා වා. තං තං නමස‍්සාමීති තස‍්මා තං නමස‍්සාමි. සමෙච‍්චාති උපගන‍්ත්‍වා. නාගාති භගවන‍්තං ආලපන‍්තො ආහ.

(ඒ පහදාදීමේ) සතුටු හුදෙක්ම ඔබවහන්සේ පමණක් නොවේ. (ඒ අනුව) චෙ තාපි යන ගාථාව (තිස්සමෙත්තගු කීය.) අට්ඨිතං මනාකොට හෝ හැමකල්හි හෝ, තං තං නමස්සාමි එහෙයින් ඔබවහන්සේ නමදිමි. සමෙච්ච එළඹ, නාග යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ අමතමින් කීය.

ඉදානි තං භගවා “අද‍්ධා හි භගවා පහාසි දුක‍්ඛ”න‍්ති එවං තෙන බ්‍රාහ‍්මණෙන විදිතොපි අත‍්තානං අනුපනෙත්‍වාව පහීනදුක‍්ඛෙන පුග‍්ගලෙන ඔවදන‍්තො “යං බ්‍රාහ‍්මණ”න‍්ති ගාථමාහ. තස‍්සත්‍ථො – යං ත්‍වං අභිජානන‍්තො “අයං බාහිතපාපත‍්තා බ්‍රාහ‍්මණො, වෙදෙහි ගතත‍්තා වෙදගූ, කිඤ‍්චනාභාවෙන අකිඤ‍්චනො, කාමෙසු ච භවෙසු ච අසත‍්තත‍්තා කාමභවෙ අසත‍්තො”ති ජඤ‍්ඤා ජානෙය්‍යාසි. අද‍්ධා හි සො ඉමං ඔඝං අතාරි, තිණ‍්ණො ච පාරං අඛිලො අකඞ‍්ඛො.

‘ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දුක නැතිකරන ලදැ’යි එසේ නොපැමිණි, ඒ බමුණා දැනගත්තද, දුක ඇත්තටම නැති කරන ලද තමන් වැනි කෙනෙක් සේ ඔහුට අවවාද දෙමින්, ‘යං බ්‍රාහ්මණං’ යන ගාථාව වදාළහ. එහි අරුත නම්, යං ‘ඔබ’ මේ තැනැත්තා පව් බැහැර කරන ලද බැවින් බමුණකු වෙයි. වේදය පරතෙරට දන්නා (ගිය බැවින් (වේදය හෙවත් සිවුසස්) වෙදගූං (රාගාදි කෙලෙස්) කිසිවක් නැති බැවින් අකිඤ්චනො, කාමයෙහිද, භවයෙහිද නොඇලෙන හෙයින් කාමභවෙ අසත්තොති අභිජඤ්ඤා දැනගනුව (දැනගන්නෙහි නම්) අද්ධා සො ඉමං ඔඝං අතාරි, තිණ්ණෙව පාරං අබිලො අකංබො

කිඤ‍්ච භිය්‍යො – විද‍්වා ච යොති ගාථා. තත්‍ථ ඉධාති ඉමස‍්මිං සාසනෙ, අත‍්තභාවෙ වා. විසජ‍්ජාති වොස‍්සජ‍්ජිත්‍වා. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

ඒ ගැන වැඩිදුර කිවයුතුද? මීළඟට විද්වා ච සො යන ගාථාවයි. ඉධ මේ සසුනෙහි හෝ මේ ජීවිත කාලය තුල, විසජ්ජ හැරදමා, ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉමම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ ච වුත‍්තසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළඵුගන්වමින් දේසනා කළහ. කලින් සඳහන් කරන ලද පරිදිම දහම් අවබෝධ විය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය මෙත‍්තගූසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙත්තගූ සූත්‍ර විස්තරය නිමි.

5. ධොතකසුත‍්තවණ‍්ණනා

5. ධොතකමාණව පෘච්ඡා වර්ණනා

පුච‍්ඡාමි තන‍්ති ධොතකසුත‍්තං. තත්‍ථ වාචාභිකඞ‍්ඛාමීති වාචං අභිකඞ‍්ඛාමි. සික‍්ඛෙ නිබ‍්බානමත‍්තනොති අත‍්තනො රාගාදීනං නිබ‍්බානත්‍ථාය අධිසීලාදීනි සික‍්ඛෙය්‍ය. ඉතොති මම මුඛතො.

පුච්ඡාමි තං යනු ධෝතක සූත්‍රයයි. වාචාහිකංඛාමි වචනය කැමැත්තෙමි. සික්‍ඛෙ නිබ්බාණමත්තනො තමන්ගේ රාගාදිය නිවනු පිණිස උසස් සීලයෙහි හික්මෙන්නේය. ඉතො මගේ මුවින්,

එවං වුත‍්තෙ අත‍්තමනො ධොතකො භගවන‍්තං අභිත්‍ථවමානො කථංකථාපමොක‍්ඛං යාචන‍්තො “පස‍්සාමහ”න‍්ති ගාථමාහ. තත්‍ථ පස‍්සාමහං දෙවමනුස‍්සලොකෙති පස‍්සාමි අහං දෙවමනුස‍්සලොකෙ. තං තං නමස‍්සාමීති තං එවරූපං නමස‍්සාමි. පමුඤ‍්චාති පමොචෙහි.

මෙසේ පැවසූ විට සතුටු වූ ධෝතක භාග්‍යවතුන් වහන්සේට තුති පැසසුම් කරමින්, කතාවට මුල් පුරන ලෙස ආයාචනා කරමින් ‘පස්සාමහං.........’ ගාථාව කීය. පස්සාමහං දෙවමනුස්සලොකෙ දෙව්-මිනිස් ලෝකයෙහි මම දකිමි. තං තං නමස්සාමි මෙබඳු වූ ඔබවහන්සේ නමදිමි. පමුඤ්ච මුදාගන්න,

අථස‍්ස භගවා අත‍්තාධීනමෙව කථංකථාපමොක‍්ඛං ඔඝතරණමුඛෙන දස‍්සෙන‍්තො “නාහ”න‍්ති ගාථමාහ. තත්‍ථ නාහං සහිස‍්සාමීති අහං න සහිස‍්සාමි න සක‍්ඛිස‍්සාමි, න වායමිස‍්සාමීති වුත‍්තං හොති. පමොචනායාති පමාචෙතුං. කථංකථින‍්ති සකඞ‍්ඛං. තරෙසීති තරෙය්‍යාසි.

එවිට භාග්‍යවතුන් වහන්සේ තමන්ම කතාබහට මුල්වෙමින් (කාමාදී) සැඬපහර තරණය කරන අයුරින් ‘නාහ...........’ යන ගාථාව වදාළහ. නාහං ගමිස්සාමි මම නොයන්නෙමි, නොහික්මවන්නෙමි. වෑයම් නොකරන්නෙමි. පමොචනාය මුදවාලීමට, කථං කථි සැකය සහිත, තරෙසි එතර කරනු මැනව,

එවං වුත‍්තෙ අත‍්තමනතරො ධොතකො භගවන‍්තං අභිත්‍ථවමානො අනුසාසනිං යාචන‍්තො “අනුසාස බ්‍රහ‍්මෙ”ති ගාථමාහ. තත්‍ථ බ්‍රහ‍්මාති සෙට‍්ඨවචනමෙතං. තෙන භගවන‍්තං ආමන‍්තයමානො ආහ – “අනුසාස බ්‍රහ‍්මෙ”ති . විවෙකධම‍්මන‍්ති සබ‍්බසඞ‍්ඛාරවිවෙකනිබ‍්බානධම‍්මං. අබ්‍යාපජ‍්ජමානොති නානප‍්පකාරතං අනාපජ‍්ජමානො. ඉධෙව සන‍්තොති ඉධෙව සමානො. අසිතොති අනිස‍්සිතො. ඉතො පරා ද‍්වෙ ගාථා මෙත‍්තගුසුත‍්තෙ වුත‍්තනයා එව. කෙවලඤ‍්හි තත්‍ථ ධම‍්මං, ඉධ සන‍්තින‍්ති අයං විසෙසො. තතියගාථායපි පුබ‍්බඩ‍්ඪං තත්‍ථ වුතනයමෙව අපරඩ‍්ඪෙ සඞ‍්ගොති සජ‍්ජනට‍්ඨානං, ලග‍්ගනන‍්ති වුත‍්තං හොති. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

මෙසේ වදාළ කල්හී බොහෝ සතුටට පත් ධෝතක භාග්‍යවතුන් වහන්සේට තුති පැසසුම් කරමින්, අවවාද ඉල්ලමින් ‘අනුසාස බ්‍රහ්ම’ යැයි ගාථාව කීය. බ්‍රහ්ම උසස් බව හඟවන ඇමතීමකි. විවෙක ධම්මං හේතු නිසා ඇතිවන හැමදෙයකම පැවැත්මක් නැතැයි එහි සංසිඳීම - විවේකය වූ නිවන, අව්‍යාපජ්ජමානො නොයෙක් නොයෙක් ආකාරයට නොපැමිණ, ඉධෙව සන්තො මෙහිම සිටිමින් (මේ ජීවිතයෙහිම) අසිතො (තණ්හා-දිට්ඨි) ඇසුරු නොකොට, මෙයින් පසු දැක්වෙන ගාථා දෙක මෙත්තගූ සූත්‍රයෙහි කියා ඇති විස්තර පරිදිය. වෙනස්වන්නේ එහි ‘ධම්මං’ වෙනුවට මෙහි ‘සන්ති’ යැයි යෙදීම පමණි. තුන්වන ගාථාවෙහි මුල් පේළි අඩ එම සූත්‍රයෙහි දැක්වූ පරිදිමය. පසු කොටසෙහි සංගො - ඇලෙන, ලගින තැන්, ඉතිරි කරුණු සියල්ල පැහැදිලිය.

එවං භගවා ඉමම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ ච වුත‍්තසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

මෙම සූත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. කලින් සඳහන් වූ පරිදි දේසනය අවසානයෙහි දහම් අවබෝධයද විය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය ධොතකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ධෝතක සූත්‍ර විස්තරය නිමි.

6. උපසීවසුත‍්තවණ‍්ණනා

6. උපසීවමාණව පෘච්ඡා වර්ණනා

එකො අහන‍්ති උපසීවසුත‍්තං. තත්‍ථ මහන‍්තමොඝන‍්ති මහන‍්තං ඔඝං. අනිස‍්සිතොති පුග‍්ගලං වා ධම‍්මං වා අනිස‍්සිතො. නො විසහාමීති න සක‍්කොමි. ආරම‍්මණන‍්ති නිස‍්සයං. යං නිස‍්සිතොති යං පුග‍්ගලං වා ධම‍්මං වා නිස‍්සිතො.

එකො අහං යනු උපසීව සුත්‍රයයි. මහන්ත මොඝං (කාමාදී) මහත් සැඬපහරක්, අනිස්සිතො පුද්ගලයකු හෝ දහමක් හෝ ඇසුරු නොකොට, නො විසහාමි නොහැකි වෙමි, ආරම්මණං හේතු වූ කරුණ, යං නිස්සිතො යම් දහමක් හෝ පුද්ගලයෙකු හෝ ඇසුරු කොට,

ඉදානි යස‍්මා සො බ්‍රාහ‍්මණො ආකිඤ‍්චඤ‍්ඤායතනලාභී තඤ‍්ච සන‍්තම‍්පි නිස‍්සයං න ජානාති, තෙනස‍්ස භගවා තඤ‍්ච නිස‍්සයං උත‍්තරි ච නිය්‍යානපථං දස‍්සෙන‍්තො “ආකිඤ‍්චඤ‍්ඤ”න‍්ති ගාථමාහ. තත්‍ථ පෙක‍්ඛමානොති තං ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තිං සතො සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨහිත්‍වා ච අනිච‍්චාදිවසෙන පස‍්සමානො. නත්‍ථීති නිස‍්සායාති තං “නත්‍ථි කිඤ‍්චී”ති පවත‍්තසමාපත‍්තිං ආරම‍්මණං කත්‍වා. තරස‍්සු ඔඝන‍්ති තතො පභුති පවත‍්තාය විපස‍්සනාය යථානුරූපං චතුබ‍්බිධම‍්පි ඔඝං තරස‍්සු. කථාහීති කථංකථාහි. තණ‍්හක‍්ඛයං නත‍්තමහාභිපස‍්සාති රත‍්තින්‍දිවං නිබ‍්බානං විභූතං කත්‍වා පස‍්ස. එතෙනස‍්ස දිට‍්ඨධම‍්මසුඛවිහාරං කථෙති.

ඒ බමුණා ආකිඤ්චඤ්ඤායතනය ලැබී, එයින් එහා (ඉදිරියට) යාමක් නොදනී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ ඇසුරු කොට පවත්නා දෙයින් එහා - මතු ලද හැකි පියවර ආකිඤ්චඤ්ඤං යන ගාථාවෙන් වදාළහ. පෙක්‍ඛමානො ඒ ආකිඤ්චඤ්ඤායතන ‘සමවතට සිහියෙන් යුතුව සමවැදී නැගිට එහි අනිසය ලෙස දකිමින්, නත්‍ථිති නිස්සාය ‘කිසිවක් නැතැ’යි ඒ සමවත අරමුණුකොට තරස්සු ඔඝං එතැන් පටන් පවත්නා විදසුන් මගට සුදුසුවන පරිදි සිවුපාකාර සැඩපහර තරණය කරව. කථාහි සැකයෙන්, තණ්හක්‍ඛයං නත්තම්හාභිපස්ස දිවා රෑ නිවන අරමුණු කොට බලව. මෙයින් ඔහුට මේ ජීවිතෙයහිදීම සැප විහරණය පවසයි.

ඉදානි “කාමෙ පහායා”ති සුත්‍වා වික‍්ඛම‍්භනවසෙන අත‍්තනා පහීනෙ කාමෙ සම‍්පස‍්සමානො “සබ‍්බෙසූ”ති ගාථමාහ. තත්‍ථ හිත්‍වා මඤ‍්ඤන‍්ති අඤ‍්ඤං තතො හෙට‍්ඨා ඡබ‍්බිධම‍්පි සමාපත‍්තිං හිත්‍වා. සඤ‍්ඤාවිමොක‍්ඛෙ පරමෙති සත‍්තසු සඤ‍්ඤාවිමොක‍්ඛෙසු උත‍්තමෙ ආකිඤ‍්චඤ‍්ඤායතනෙ. තිට‍්ඨෙ නු සො තත්‍ථ අනානුයායීති සො පුග‍්ගලො තත්‍ථ ආකිඤ‍්චඤ‍්ඤායතනබ්‍රහ‍්මලොකෙ අවිගච‍්ඡමානො තිට‍්ඨෙය්‍ය නූති පුච‍්ඡති. අථස‍්ස භගවා සට‍්ඨිකප‍්පසහස‍්සමත‍්තංයෙව ඨානං අනුජානන‍්තො තතියගාථමාහ.

දැන් ‘කාමය හැරදමා’ යන (වචන) අසා, මැඩපැවැත්වීමෙන් දුරු කරන ලද තම කාමයන් දකිමින්, සබ්බෙසු.... යන ගාථාව කීය. (එහි) හිත්‍ව මඤ්ඤං සයාකාර වූ අනෙක් සමවත් හැර, සඤ්ඤාවිමොක්‍ඛෙ පරමෙ සඤ්ඤා මිදීම් සතෙන් උසස් වූ ආකිඤ්චඤ්ඤායතනයෙහි, තිට්ඨෙනු සො තත්‍ථ අනනුනායී ඒ තැනැත්තා ආකිඤ්චඤ්ඤායතන බඹලොවෙහි ඉවත්නොවී සිටිත්දැ’යි විමසයි. එවිට භාග්‍යවතුන් වහන්සේ කප් සැටදහසක් පමණ එහි සිටින බව තුන්වන ගාථාවෙන් වදාළහ.

එවං තස‍්ස තත්‍ථ ඨානං සුත්‍වා ඉදානිස‍්ස සස‍්සතුච‍්ඡෙදභාවං පුච‍්ඡන‍්තො “තිට‍්ඨෙ චෙ”ති ගාථමාහ. තත්‍ථ පූගම‍්පි වස‍්සානන‍්ති අනෙකසඞ‍්ඛ්‍යම‍්පි වස‍්සානං, ගණරාසින‍්ති අත්‍ථො. “පූගම‍්පි වස‍්සානී”තිපි පාඨො, තත්‍ථ විභත‍්තිබ්‍යත‍්තයෙන සාමිවචනස‍්ස පච‍්චත‍්තවචනං කත‍්තබ‍්බං, පූගන‍්ති වා එතස‍්ස බහූනීති අත්‍ථො වත‍්තබ‍්බො. “පූගානී”ති වාපි පඨන‍්ති, පුරිමපාඨොයෙව සබ‍්බසුන්‍දරො. තත්‍ථෙව සො සීති සියා විමුත‍්තොති සො පුග‍්ගලො තත්‍ථෙවාකිඤ‍්චඤ‍්ඤායතනෙ නානාදුක‍්ඛෙහි විමුත‍්තො සීතිභාවප‍්පත‍්තො භවෙය්‍ය, නිබ‍්බානප‍්පත‍්තො සස‍්සතො හුත්‍වා තිට‍්ඨෙය්‍යාති අධිප‍්පායො. චවෙථ විඤ‍්ඤාණං තථාවිධස‍්සාති උදාහු තථාවිධස‍්ස විඤ‍්ඤාණං අනුපාදාය පරිනිබ‍්බායෙය්‍යාති උච‍්ඡෙදං පුච‍්ඡති, පටිසන්‍ධිග‍්ගහණත්‍ථං වාපි භවෙය්‍යාති පටිසන්‍ධිම‍්පි තස‍්ස පුච‍්ඡති.

මෙසේ උපසීව ඔහුගේ ඒ (උපදනා) තැන අසා, මීළඟට ‘තිට්ඨ චෙ’ යන ගාථාවෙන් ‘සදාකාලික පැවැත්ම (සස්සත) හා වැනසීම (උච්ඡෙද) ගැන කීය. පූගම්පි වස්සානං බොහෝ අවුරුදු, අවුරුදු ගණනින්, අවුරුදු ගිණිය නොහැකි තරම්, පූගම්පි වස්සානි යනුවෙන් ද දැක්වේ. එහි විබත් දැක්වීමෙහිදී ආධාර විබත් අරුතෙහි පළමු විබතින් යෙදිය යුතුය. පූගං ‘සමූහය’ හෝ ‘බහුනී’ ‘බොහෝ’ යනුවෙන් හෝ අරුත් කිවයුතුය. පූගානි යනුවෙන්ද කියති. මුල් වචනය හැම අයුරින්ම සුදුසුය. තත්‍ථෙව සො සීති සියා විමුත්තො ඒ තැනැත්තා එම ආකිඤ්චඤ්ඤායතනයෙහිම නොයෙක් දුක්වලින් මිදී (කෙලෙස් දැවීම් තැවීම් රහිතව) සිහිල්බවට පත්වන්නේය. නිවනට යොමුව සිටින්නේ යැයි අදහස් වේ. චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස නැතහොත් එබඳු විඤ්ඤාණයම (සිත) නැවත නූපදනා ලෙස මරණයට පත්වන්නේදැ’යි අසයි.

අථස‍්ස භගවා උච‍්ඡෙදසස‍්සතං අනුපගම‍්ම තත්‍ථ උප‍්පන‍්නස‍්ස අරියසාවකස‍්ස අනුපාදාය පරිනිබ‍්බානං දස‍්සෙන‍්තො “අච‍්චී යථා”ති ගාථමාහ. තත්‍ථ අත්‍ථං පලෙතීති අත්‍ථං ගච‍්ඡති. න උපෙති සඞ‍්ඛන‍්ති “අසුකං නාම දිසං ගතො”ති වොහාරං න ගච‍්ඡති. එවං මුනී නාමකායා විමුත‍්තොති එවං තත්‍ථ උප‍්පන‍්නො සෙක‍්ඛමුනි පකතියා පුබ‍්බෙව රූපකායා විමුත‍්තො තත්‍ථ චතුත්‍ථමග‍්ගං නිබ‍්බත‍්තෙත්‍වා ධම‍්මකායස‍්ස පරිඤ‍්ඤාතත‍්තා පුන නාමකායාපි විමුත‍්තො උභතොභාගවිමුත‍්තො ඛීණාසවො හුත්‍වා අනුපාදාපරිනිබ‍්බානසඞ‍්ඛාතං අත්‍ථං පලෙති, න උපෙති සඞ‍්ඛං “ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා”ති එවමාදිකං.

එහිදී භාග්‍යවතුන් වහන්සේ වැනසෙන-සදා පවතින අදහස නොව, එහි උපන් ආරිය පුද්ගලයාගේ සසරෙහි නැවත ඉපදීමක් නැති බව ‘අචචි යථා’.......යන ගාථාව වදාළහ. අත්‍ථං පලෙති නිවී යයි. න උපෙති සංඛං අසවල් දෙසට ගියේ යැයි කිව නොහැකිය. එවං මුනි නාමකායා විමුත්තො මෙසේ එහි උපන් රහත් බවට යොමුවන උතුමා, ලද රූප කායෙන් මිදී, එහි සිවුවන දැහැන් මග උපදවා, නාම කාය ගැනද මැනවින් දැන, නැවත නාමකායෙන්ද මිදී දෙආකාරව මිදුණේ සියළු කෙලෙසුන් නැතිකොට, නැවත සසර නූපදීමෛන් නිවන යැයි හඳුන්වනු ලබන නිවීමට පත්වේ. (එවිට) කැත් කුලවතෙකි. බමුණෙකි ආදී ලෙස නම් කළ නොහැකිය. (හඳුනා ගැනීමක් නැත.)

ඉදානි “අත්‍ථං පලෙතී”ති සුත්‍වා තස‍්ස යොනිසො අත්‍ථං අසල‍්ලක‍්ඛෙන‍්තො “අත්‍ථඞ‍්ගතො සො”ති ගාථමාහ. තස‍්සත්‍ථො – සො අත්‍ථඞ‍්ගතො උදාහු නත්‍ථි, උදාහු වෙ සස‍්සතියා සස‍්සතභාවෙන අරොගො අවිපරිණාමධම‍්මො සොති එවං තං මෙ මුනී සාධු වියාකරොහි. කිං කාරණං? තථා හි තෙ විදිතො එස ධම‍්මොති.

දැන්, ‘නිවීමට යයි’ යන වචන අසා, එහි නුවණින් අරුත් වටහා නොගනිමින්, ‘අත්‍ථංගතො සො’ යන ගාථාව කීය. එම ගාථාවේ සො අත්‍ථංගතො නැතහොත් නත්‍ථි, උදාහු වෙ සස්සතියා පවතින අයුරින්, අරොගො ඔහු වෙනස්වීමක් නැත්ද? මෙසේ තම්මෙ මුනි සාධූ වියාකරොහි කුමක් හේතුකොට ගෙනද? තථා හි තෙ විදිතො එස ධම්මො

අථස‍්ස භගවා තථා අවත‍්තබ‍්බතං දස‍්සෙන‍්තො “අත්‍ථඞ‍්ගතස‍්සා”ති ගාථමාහ. තත්‍ථ අත්‍ථඞ‍්ගතස‍්සාති අනුපාදාපරිනිබ‍්බුතස‍්ස. න පමාණමත්‍ථීති රූපාදිප‍්පමාණං නත්‍ථි. යෙන නං වජ‍්ජුන‍්ති යෙන රාගාදිනා නං වදෙය්‍යුං. සබ‍්බෙසු ධම‍්මෙසූති සබ‍්බෙසු ඛන්‍ධාදිධම‍්මෙසු. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

එවිට, එසේ නොකිවයුතු බව අත්‍ථංගතස්ස යන ගාථාවෙන් පැහැදිලි කළහ. අත්‍ථංගතස්ස සසර ඉපදීමේ හේතු නැතිකළ හෙයින්, පිරිනිවනට පත්, න පමාණමත්‍ථි රූප ආදී දෙයක් පෙන්විය නොහැකිය. යෙන නං වජ්ජූ යම් කෙනෙකු විසින් රාග ආදිය ඇතැයි කියත් නම්, සබ්බෙසු ධම්මෙසූ ඛන්‍ධ රූපාදී සමූහ යුතු සියළු දේවල් කෙරෙහි, ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉමං සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ ච වුත‍්තසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. දේසනය අවසානයෙහි කලින් කියා ඇති පරිද්දෙන්ම පිරිස දහම් අවබෝධය ලැබීය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය උපසීවසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

උපසීව සූත්‍ර විස්තරය නිමි.

7. නන්‍දසුත‍්තවණ‍්ණනා

7. නන්දමාණව පෘච්ඡා වර්ණනා

සන‍්ති ලොකෙති නන්‍දසුත‍්තං. තත්‍ථ පඨමගාථාය අත්‍ථො – ලොකෙ ඛත‍්තියාදයො ජනා ආජීවකනිගණ‍්ඨාදිකෙ සන්‍ධාය “සන‍්ති මුනයො”ති වදන‍්ති, තයිදං කථංසූති කිං නු ඛො තෙ සමාපත‍්තිඤාණාදිනා ඤාණෙන උප‍්පන‍්නත‍්තා ඤාණූපපන‍්නං නො මුනිං වදන‍්ති, එවංවිධං නු වදන‍්ති, උදාහු වෙ නානප‍්පකාරකෙන ලූඛජීවිතසඞ‍්ඛාතෙන ජීවිතෙනූපපන‍්නන‍්ති අථස‍්ස භගවා තදුභයං පටික‍්ඛිපිත්‍වා මුනිං දස‍්සෙන‍්තො “න දිට‍්ඨියා”ති ගාථමාහ.

සන්ති ලොකෙ යනු නන්‍ද සූත්‍රයයි. එහි මුල් ගාථාවේ අරුත් නම් ලොකෙ කැත්කුල ආදී, ජනා ආජීවක, නිගණ්ඨ ආදීන් සඳහා, සන්ති මුනයො වදනති, තයිදං කථංසූ ඔවුන් සමාපත්ති, නුවණ ආදියෙන් උපන්නාහුද? නුවණින් යුතු බැවින් ඤාණුප්පන්නං නො මුනිං වදන්ති මේ ආකාරයැයි කියත්ද? උදාහු වෙ නොයෙක් ආකාර වූ රළු ජීවිතයෙන්, ජිවිතෙනූප්පන්නං යනුයි. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණු දෙකම බැහැර කොට, ‘න දිට්ඨියා’ යන ගාථාවෙන් මුනිවරයා ගැන පැහැදිලි කළහ.

ඉදානි “දිට‍්ඨාදීහි සුද‍්ධී”ති වදන‍්තානං වාදෙ කඞ‍්ඛාපහානත්‍ථං “යෙ කෙචිමෙ”ති පුච‍්ඡති. තත්‍ථ අනෙකරූපෙනාති කොතූහලමඞ‍්ගලාදිනා. තත්‍ථ යතා චරන‍්තාති තත්‍ථ සකාය දිට‍්ඨියා ගුත‍්තා විහරන‍්තා. අථස‍්ස තථා සුද‍්ධිඅභාවං දීපෙන‍්තො භගවා දුතියං ගාථමාහ.

මීළඟට ‘දැකීමෙන් පිරිසිදු වේ’ යැයි කියන තැනැත්තන්ගේ සැක දුරලනු පිණිස ‘යෙ කෙචි මෙ’ යන ගාථාවෙන් අසයි. අනෙක රූපෙන දැකීමෙන් යහපත වේ යැයි ඇති කුතුහලය, තත්‍ථ යථා චරන්තා තමාගේ යන දැඩිව ගත් හැඟීමෙන්, හැසිරෙන තැනැත්තන්ට එසේ පිරිසිදු විය නොහැකි බව ඔහුට පෙන්වා දීමට භාග්‍යවතුන් වහන්සේ දෙවැනි ගාථාව වදාළහ.

එවං “නාතරිංසූ”ති සුත්‍වා ඉදානි යො අතරි, තං සොතුකාමො “යෙ කෙචිමෙ”ති පුච‍්ඡති. අථස‍්ස භගවා ඔඝතිණ‍්ණමුඛෙන ජාතිජරාතිණ‍්ණෙ දස‍්සෙන‍්තො තතියං ගාථමාහ. තත්‍ථ නිවුතාති ඔවුටා පරියොනද‍්ධා. යෙසීධාති යෙසු ඉධ. එත්‍ථ ච සු-ඉති නිපාතමත‍්තං. තණ‍්හං පරිඤ‍්ඤායාති තීහි පරිඤ‍්ඤාහි තණ‍්හං පරිජානිත්‍වා. සෙසං සබ‍්බත්‍ථ පුබ‍්බෙ වුත‍්තනයත‍්තා පාකටමෙව.

මෙසේ ‘ඔවුන් (සසරින්) එතරට නොගිය බව අසා, මීළඟට එතරවන තැනැත්තා ගැන දැනගනු කැමතිව, ‘යෙ කෙචි මෙ’ (යන ගාථාව කීය.) එවිට භාග්‍යවතුන් වහන්සේ (සසර) සැඩපහර තරණය කිරීම මුල්කොට, ඉපදීම හා ජරාවෙන් එතරවන අයුරු තුන්වන ගාථාවෙන් ඔහුට වදාළහ. එම ගාථාවෙහි නිවුතා ගැලුනු, බැසගත්, යෙසීධා - යෙසු ඉධ, මේ ලෝකයෙහි යමෙක්, ‘සූ’ නිපාතයක් පමණි. තණ්හං පරිඤ්ඤාය තුන් ආකාරව තණ්හාව දැන, පෙර කී අයුරු ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා අරහත‍්තනිකූටෙනෙව දෙසනං නිට‍්ඨාපෙසි, දෙසනාපරියොසානෙ පන නන්‍දො භගවතො භාසිතං අභිනන්‍දමානො “එතාභිනන්‍දාමී”ති ගාථමාහ. ඉධාපි ච පුබ‍්බෙ වුත‍්තසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දේසනය නිම කළහ. දේසනය අවසානයෙහි නන්‍ද භාග්‍යවතුන් වහන්සේගේ වදාළ කරුණුවලට ‘එතාභි නන්‍දාමි’ යන ගාථාවෙන් සතුට පළකළේය. කලින් දක්වා ඇති පරිදි මෙහිදී ද පිරිස දහම් අවබෝධය ලැබීය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය නන්‍දසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නන්‍දසූත්‍ර විස්තරය නිමියේය.

8. හෙමකසුත‍්තවණ‍්ණනා

8. හේමක මාණවක පෘච්ඡා වර්ණනා

යෙ මෙ පුබ‍්බෙති හෙමකසුත‍්තං. තත්‍ථ යෙ මෙ පුබ‍්බෙ වියාකංසූති යෙ බාවරිආදයො පුබ‍්බෙ මය‍්හං සකං ලද‍්ධිං වියාකංසු. හුරං ගොතමසාසනාති ගොතමසාසනා පුබ‍්බතරං. සබ‍්බං තං තක‍්කවඩ‍්ඪනන‍්ති සබ‍්බං තං කාමවිතක‍්කාදිවඩ‍්ඪනං. තණ‍්හානිග‍්ඝාතනන‍්ති තණ‍්හාවිනාසනං.

යෙ මෙ පුබ්බෙ යනු හේමක සූත්‍රයයි. එහි යෙ මෙ පුබ්බෙ ව්‍යාකංසු බාවරී ආදීහු කලින් මගේ අදහස ද ඉදිරිපත් කළහ. හූරං ගොතම සාසනං ගෝතම සාසනයට ඉහතදීත්, සබ්බං තං තක්කවඩ්ඪනං ඒ සියළු අදහස් කාම සිතිවිලි ආදිය වැඩිදියුණු කරන ඒවාය. තණ්හා නිග්ඝාතනං තණ්හාව වැනසීම.

අථස‍්ස භගවා තං ධම‍්මං ආචික‍්ඛන‍්තො “ඉධා”ති ගාථාද‍්වයමාහ. තත්‍ථ එතදඤ‍්ඤාය යෙ සතාති එතං නිබ‍්බානපදමච‍්චුතං “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”තිආදිනා නයෙන විපස‍්සන‍්තා අනුපුබ‍්බෙන ජානිත්‍වා යෙ කායානුපස‍්සනාසතිආදීහි සතා. දිට‍්ඨධම‍්මාභිනිබ‍්බුතාති විදිතධම‍්මත‍්තා, දිට‍්ඨධම‍්මත‍්තා, රාගාදිනිබ‍්බානෙන ච අභිනිබ‍්බුතා. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඊට අදාල කරුණු ඉධ යන ගාථා දෙකින් වදාළහ. එතදඤ්ඤාය යෙ සතා එය නිබ්බාණපද මච්චුතං හේතු නිසා ඇතිවන සියළුම සකස්වීම් වෙනස්වන - තිර නැති බව විදසුන් වඩමින් අනුපිළිවෙලින් දැන, කය අනුව විමසා බලන මනා සිහි ඇත්තෝ. දිට්ඨධම්මාභිනිබ්බුතා නිවැරදි දහම අවබෝධ කරන ලදින්, දකින ලද බැවින්, රාගාදී (කෙලෙස් ගිනි) නිවීමෙන්, ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉමම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ ච පුබ‍්බසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. පෙර කී පරිදිම දේසනය අවසන බොහෝ පිරිස දහම් අවබෝධය ලැබීය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය හෙමකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

හේමක සූත්‍ර විස්තරය නිමි.

9. තොදෙය්‍යසුත‍්තවණ‍්ණනා

9. තොදෙය්‍ය මාණවක පෘච්ඡා වර්ණනා

යස‍්මිං කාමාති තොදෙය්‍යසුත‍්තං. තත්‍ථ විමොක‍්ඛො තස‍්ස කීදිසොති තස‍්ස කීදිසො විමොක‍්ඛො ඉච‍්ඡිතබ‍්බොති පුච‍්ඡති . ඉදානි තස‍්ස අඤ‍්ඤවිමොක‍්ඛාභාවං දස‍්සෙන‍්තො භගවා දුතියං ගාථමාහ. තත්‍ථ විමොක‍්ඛො තස‍්ස නාපරොති තස‍්ස අඤ‍්ඤො විමොක‍්ඛො නත්‍ථි.

යස්මිං කාමා යනු තොදෙය්‍ය සූත්‍රයයි. එහි විමොක්‍ඛා තස්ස කීදිසො මෙබඳු කෙනෙකුගේ මැනවින් මිදීම කෙබඳු අයුරින් බලාපොරොත්තු විය යුතුදැයි අසයි. මීළඟට භාග්‍යවතුන් වහන්සේ ඔහුට (ඔහු අදහස් කළ මිදීම නොව) වෙනත් මිදීමක්, නිදහසක් ගැන දෙවන ගාථාවෙන් කීහ. විමොක්‍ඛා තස්ස නාපරො ඔහුට වෙනත් මිදීමක් නැත.

එවං “තණ‍්හක‍්ඛයො එව විමොක‍්ඛො”ති වුත‍්තෙපි තමත්‍ථං අසල‍්ලක‍්ඛෙන‍්තො “නිරාසසො සො උද ආසසානො”ති පුන පුච‍්ඡති. තත්‍ථ උද පඤ‍්ඤකප‍්පීති උදාහු සමාපත‍්තිඤාණාදිනා ඤාණෙන තණ‍්හාකප‍්පං වා දිට‍්ඨිකප‍්පං වා කප‍්පයති. අථස‍්ස භගවා තං ආචික‍්ඛන‍්තො දුතියං ගාථමාහ. තත්‍ථ කාමභවෙති කාමෙ ච භවෙ ච. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

මෙසේ ‘තණ්හාව නැති කිරීම මිදීම’ යැයි කීවත්, ඒ කරුණ නොසලකා ‘ඒ තැනැත්තාට ආසා නැත්ද, නැතිනම් යම් දෙයකට බලාපොරොත්තු නැත්දැයි නැවත විචාරයි. උද පඤ්ඤකප්පී නැතහොත්, සමවත් නුවණ ආදියෙන් තණ්හා හැඟීම්, දැකීම් හෙවත් මතවාද මගින් ගොඩනගා ගන්නා සංකල්පවලින් (වෙලී) සිත සිතා සිටීද? එවිට භාග්‍යවතුන් වහන්සේ එය පැහැදිලි කරමින් දෙවන ගාථාව වදාළහ. එහි කාමභවෙ කාමයෙහිද භවයෙහිද ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉමම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ ච පුබ‍්බසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

මෙම සූත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දෙසූහ. දේසනය අවසානයෙහි පිරිස පෙර කී පරිදි දහම් අවබෝධ කළේය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය තොදෙය්‍යසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තොදෙය්‍ය සූත්‍ර විස්තරය නිමි.

10. කප‍්පසුත‍්තවණ‍්ණනා

10. කප්පමාණවක පෘච්ඡා වර්ණනා

මජ‍්ඣෙ සරස‍්මින‍්ති කප‍්පසුත‍්තං. තත්‍ථ මජ‍්ඣෙ සරස‍්මින‍්ති පුරිමපච‍්ඡිමකොටිපඤ‍්ඤාණාභාවතො මජ‍්ඣභූතෙ සංසාරෙති වුත‍්තං හොති. තිට‍්ඨතන‍්ති තිට‍්ඨමානානං. යථායිදං නාපරං සියාති යථා ඉදං දුක‍්ඛං පුන න භවෙය්‍ය.

මජ්ඣෙ සරස්මිං යනු කප්ප සූත්‍රයයි. එම ගාථාවේ මජ්ඣෙ සරස්මිං මුල, අවසන් කෙළවර නොපෙනෙන මැද කොටසක් ලෙස සසර යැයි කියන ලදී. තිට්ඨතං සිටිනු ලබන, යථයිදං නාපරං සියා යම් සේ මේ දුක නැවත ඇති නොවන්නේය.

අථස‍්ස භගවා තමත්‍ථං බ්‍යාකරොන‍්තො තිස‍්සො ගාථායො අභාසි. තත්‍ථ අකිඤ‍්චනන‍්ති කිඤ‍්චනපටිපක‍්ඛං. අනාදානන‍්ති ආදානපටිපක‍්ඛං, කිඤ‍්චනාදානවූපසමන‍්ති වුත‍්තං හොති. අනාපරන‍්ති අපරපටිභාගදීපවිරහිතං, සෙට‍්ඨන‍්ති වුත‍්තං හොති. න තෙ මාරස‍්ස පද‍්ධගූති තෙ මාරස‍්ස පද‍්ධචරා පරිචාරකා සිස‍්සා න හොන‍්ති. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම කරුණු පැහැදිලි කරමින් ගාථා තුනක් වදාළහ. අකිඤ්චනං සතුරුවන කිසිවක් නැති, (කෙලෙස් රහිත) අනාදානං අල්ලා ගැනීම හෙවත් තණ්හාවෙන් ඉවත්වුණු, තණ්හාවෙන් කිසිවක් නොගැනීමෙන් සැනසුනු බව කියන ලදී. අනාපරං මීට සමාන වෙනත් රැකවරණ සහිත තැනක් (දිවයිනක්) නැත. (එය) උසස් යැයි ද කියන ලදී. න තෙ මාරස්ස පද්ධගූ ඔව්හු මාරයාගේ පා සෙවනෙහි හැසිරෙන, මාරයා පිරිවරා ඇති සිසුවෝ නොවෙති. (මාර වසඟයට පත් වූවෝ නොවෙති.) ඉතිරි කරුණු සියල්ල පැහැදිලිය.

එවං භගවා ඉමම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි දෙසනාපරියොසානෙ ච පුබ‍්බසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

අරහත් බව කුළුගන්වා මෙම දේසනයද භාග්‍යවතුන් වහන්සේ වදාළහ. දේසනය අවසානයේ පෙර සඳහන් වූවාක් මෙන් බොහෝ පිරිසක් දහම් අවබෝධය ලැබීය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය කප‍්පසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

කප්ප සූත්‍ර විස්තරය නිමි.

11. ජතුකණ‍්ණිසුත‍්තවණ‍්ණනා

11. ජතුකණ්ණීමාණවක පෘච්ඡා වර්ණනා

සුත්‍වානහන‍්ති ජතුකණ‍්ණිසුත‍්තං. තත්‍ථ සුත්‍වානහං වීරමකාමකාමින‍්ති අහං “ඉතිපි සො භගවා”තිආදිනා නයෙන වීරං කාමානං අකාමනතො අකාමකාමිං බුද‍්ධං සුත්‍වා. අකාමමාගමන‍්ති නික‍්කාමං භගවන‍්තං පුච‍්ඡිතුං ආගතොම‍්හි. සහජනෙත‍්තාති සහජාතසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණචක‍්ඛු. යථාතච‍්ඡන‍්ති යථාතථං. බ්‍රූහි මෙති පුන යාචන‍්තො භණති. යාචන‍්තො හි සහස‍්සක‍්ඛත‍්තුම‍්පි භණෙය්‍ය, කො පන වාදො ද‍්වික‍්ඛත‍්තුං. තෙජී තෙජසාති තෙජෙන සමන‍්නාගතො තෙජසා අභිභුය්‍ය. යමහං විජඤ‍්ඤං ජාතිජරාය ඉධ විප‍්පහානන‍්ති යමහං ජාතිජරානං පහානභූතං ධම‍්මං ඉධෙව ජානෙය්‍යං.

සුත්‍වාන හං යනු ජතුකණ්ණ සූත්‍රයයි. සුත්‍වාන හං විරමකාමකාමී මම ඒ භාග්‍යවතුන් වහන්සේ, මේ ගුණවලින් යුතු, කාමයන් නොකැමති, වීරවත් වූ, කාමයන් අත්හළ බව අසා, අකාමමාගමං කාමරහිත වූ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීමට පැමිණියෙමි. සහජනෙත්ත නුවණැස පහළවීමත් සමගම සියල්ල දන්නා, යථාවබෝධය ලද, යථා තච්ඡං ඇති සැටියෙන්, බ්‍රෑහි මෙ නැවත කියාදෙන ලෙස ඉල්ලමින්, ඉල්ලා සිටින්නේ නම් (තථාගතයන් වහන්සේ) දහස් වරක් වුවත් කියන්නාහ. දෙවරක් ඉල්ලීම ගැන කියනුම කවරේද? තෙජී තෙජසා තේජසින් යුතු, අභිභුය්‍ය, යම්හං විජඤ්ඤං ජාති ජරාය ඉධ විප්පහාණං මම ඉපදීම - ජරාවට පත්වීම නැතිකිරීමට හේතුවන කරුණු මෙතැනදීම දැනගන්නෙමි.

අථස‍්ස භගවා තං ධම‍්මමාචික‍්ඛන‍්තො තිස‍්සො ගාථායො අභාසි. තත්‍ථ නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතොති නිබ‍්බානඤ‍්ච නිබ‍්බානගාමිනිඤ‍්ච පටිපදං “ඛෙම”න‍්ති දිස‍්වා. උග‍්ගහිතන‍්ති තණ‍්හාදිට‍්ඨිවසෙන ගහිතං. නිරත‍්තං වාති නිරස‍්සිතබ‍්බං වා, මුඤ‍්චිතබ‍්බන‍්ති වුත‍්තං හොති. මා තෙ විජ‍්ජිත්‍ථාති මා තෙ අහොසි. කිඤ‍්චනන‍්ති රාගාදිකිඤ‍්චනං වාපි තෙ මා විජ‍්ජිත්‍ථ. පුබ‍්බෙති අතීතෙ සඞ‍්ඛාරෙ ආරබ‍්භ උප‍්පන‍්නකිලෙසා. බ්‍රාහ‍්මණාති භගවා ජතුකණ‍්ණිං ආලපති. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

එවිට භාග්‍යවතුන් වහන්සේ ගාථා තුනකින් ඒ කරුණු පැහැදිලි කළහ. නෙක්‍ඛම්මෙ දට්ඨුං ඛෙමතො නිවනද, නිවනට මග පිලිවෙත ද ‘බිය රහිත’ යැයි දැක, උග්ගහිතං තණ්හා දිට්ඨි ලෙසින් දැඩිව ගන්නා ලද නිරත්තං වා ඉවත් කළයුතු, අත්හළ යුතු යැයි කියන ලදී. මා තෙ විජ්ජිත්‍ථ ඔබට නොවේවා! කිඤ්චනං රාගාදී අවහිරතා ඔබට නොවේවා! පුබ්බෙ අතීතයේ කළ කී දේ අනුව හටගන්නා කෙලෙස්, බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ ඡතුකණ්ණි අමතති. ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉමම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ ච පුබ‍්බසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

මෙම සූත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දෙසූහ. පෙර පරිදිම දේසනය අවසන බොහෝ දෙනාට දහම් අවබෝධ විය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය ජතුකණ‍්ණිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ජතුකණ්ණි සූත්‍ර විස්තරය නිමි.

12. භද්‍රාවුධසුත‍්තවණ‍්ණනා

12. භද්‍රාවුධමානවක පෘච්ඡා වර්ණනා

ඔකඤ‍්ජහන‍්ති භද්‍රාවුධසුත‍්තං. තත්‍ථ ඔකඤ‍්ජහන‍්ති ආලයං ජහං. තණ‍්හච‍්ඡිදන‍්ති ඡතණ‍්හාකායච‍්ඡිදං. අනෙජන‍්ති ලොකධම‍්මෙසු නික‍්කම‍්පං. නන්‍දිඤ‍්ජහන‍්ති අනාගතරූපාදිපත්‍ථනාජහං. එකා එව හි තණ‍්හා ථුතිවසෙන ඉධ නානප‍්පකාරතො වුත‍්තා. කප‍්පඤ‍්ජහන‍්ති දුවිධකප‍්පජහං. අභියාචෙති අතිවිය යාචාමි. සුත්‍වාන නාගස‍්ස අපනමිස‍්සන‍්ති ඉතොති නාගස‍්ස තව භගවා වචනං සුත්‍වා ඉතො පාසාණකචෙතියතො බහූ ජනා පක‍්කමිස‍්සන‍්තීති අධිප‍්පායො. ජනපදෙහි සඞ‍්ගතාති අඞ‍්ගාදීහි ජනපදෙහි ඉධ සමාගතා. වියාකරොහීති ධම‍්මං දෙසෙහි.

ඔකං ජහං යනු භද්‍රාවුධ සූත්‍රයයි. ඔකං ජහං ගිහිගෙයි ආසාව දුරලූ, තණ්හච්ඡිදං සිරුර හා බැඳි සය ආකාර තණ්හාව නසන ලද, අනෙජං ලෝ දහමෙහි කම්පා නොවන, නන්‍දිං ජහං අනාගතයෙහි රූප ආදී බලාපොරොත්තු හැර දැමූ, තණ්හාව නම් වූ එකම කරුණ ගැන (තථාගතයන් වහන්සේ විසින් පැවසීම) අගය කිරීමේ අදහසින් මෙසේ නොඑක් ආකාරයෙන් පවසන ලදී. කප්පං ජහං තණ්හා දිට්ඨි කල්පනා දුරලන ලද, අභියා චෙති වෙසෙසින් අයදිමි. සුත්‍වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො අති උතුම් වූ භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ මේ පාසාණක චෙතිය (පෙදෙසින්) බොහෝ ජනයා පැමිණෙතැයි අදහස් වේ. ජනපදෙහි සංගතා අංග ආදී ජනපදවලින් මෙහි රැස්වූ, වියාකරොහි දහම් දෙසනු මැනවි.

අථස‍්ස ආසයානුලොමෙන ධම‍්මං දෙසෙන‍්තො භගවා ද‍්වෙ ගාථායො අභාසි. තත්‍ථ ආදානතණ‍්හන‍්ති රූපාදීනං ආදායිකං ගහණතණ‍්හං, තණ‍්හුපාදානන‍්ති වුත‍්තං හොති. යං යඤ‍්හි ලොකස‍්මිමුපාදියන‍්තීති එතෙසු උද‍්ධාදිභෙදෙසු යං යං ගණ‍්හන‍්ති. තෙනෙව මාරො අන්‍වෙති ජන‍්තුන‍්ති තෙනෙව උපාදානපච‍්චයනිබ‍්බත‍්තකම‍්මාභිසඞ‍්ඛාරනිබ‍්බත‍්තවසෙන පටිසන්‍ධික‍්ඛන්‍ධමාරො තං සත‍්තං අනුගච‍්ඡති.

එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිතට ගැලපෙන පරිදි ගාථා දෙකකින් දහම් දෙසූහ. ආදාන තණ්හං සිතෙහි රූපාදිය රඳවා ගැනීමේ ආසාවෙන්, තණ්හා උපාදානය හෙවත් ආසාවෙහි දැඩිව අල්වාගැනීම ගැන කියන ලදී. යං යං හි ලොකස්මිං උපාදියන්ති පෙරදීත්, මතුවටත් අගය කොට, ආසා කොට සිත රඳවා ගන්නා දේ, තෙනෙව මාරො ජන්තුං ඒවා දැඩිකොට ගැනීමෙන්ම, කරන කියන කටයුතුවල, හටගනු ලබන - එක්රැස්වන පල විපාක අනුව (සසර) පිළිසිඳ ගැනෙන (රූප වේදනාදි) පස්කඳ නම් වූ මාරයා සත්වග අනුව යයි.

තස‍්මා පජානන‍්ති තස‍්මා එතමාදීනවං අනිච‍්චාදිවසෙන වා සඞ‍්ඛාරෙ ජානන‍්තො. ආදානසත‍්තෙ ඉති පෙක‍්ඛමානො, පජං ඉමං මච‍්චුධෙය්‍යෙ විසත‍්තන‍්ති ආදාතබ‍්බට‍්ඨෙන ආදානෙසු රූපාදීසු සත‍්තෙ සබ‍්බලොකෙ ඉමං පජං මච‍්චුධෙය්‍යෙ ලග‍්ගං පෙක‍්ඛමානො. ආදානසත‍්තෙ වා ආදානාභිනිවිට‍්ඨෙ පුග‍්ගලෙ ආදානසඞ‍්ගහෙතුඤ‍්ච ඉමං පජං මච‍්චුධෙය්‍යෙ ලග‍්ගං තතො වීතික‍්කමිතුං අසමත්‍ථං ඉති පෙක‍්ඛමානො කිඤ‍්චනං සබ‍්බලොකෙ න උප‍්පාදියෙථාති සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

තස්මා පජානං එහෙයින් ආදීනව අනිස ලෙසින් හෝ සසර බැඳීම් ලෙස හෝ දැනගැනීමෙන්, ආදාන සත්තෙ ඉති පෙක්‍ඛමානො පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං ‘අල්ලා ගත යුතුය’ යන අරුත දනවන රූප ආදී එබඳු දෙයෙහි, මේ ලොව සියළු දෙනාම මාරයාගේ බලපෑම බලා සිටිමින්, එසේ ඒවා දැඩිව ගන්නා ලද සතුන් හෝ, එසේ දැඩිව අල්ලා ගැනීමෙන්, ඊට වසඟව වෙලුනු පුද්ගලයකු හෝ, එසේ දැඩිව ගැනීම නිසා මේ මිනිස් කැලම මරණයෙහි වසඟයට පත්ව - එයින් ඉවත්ව යාමට - ගැලවී යාමට නොහැකි යයි සිතා, කිඤ්චනං සබ්බලොකෙ න උපාදියෙථ ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉමම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ ච පුබ‍්බසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

මෙම සූත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වා දේසනා කළහ. දේසනය අවසානයෙහි පෙර කී පරිදිම බොහෝදෙනා දහම් අවබෝධය ලැබීය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය භද්‍රාවුධසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

භද්‍රාවුධ සූත්‍ර විස්තරය නිමි.

13. උදයසුත‍්තවණ‍්ණනා

13. උදයමාණවක පෘච්ඡා වර්ණනා

ඣායින‍්ති උදයසුත‍්තං. තත්‍ථ අඤ‍්ඤාවිමොක‍්ඛන‍්ති පඤ‍්ඤානුභාවනිජ‍්ඣාතං විමොක‍්ඛං පුච‍්ඡති. අථ භගවා යස‍්මා උදයො චතුත්‍ථජ‍්ඣානලාභී, තස‍්මාස‍්ස පටිලද‍්ධජ‍්ඣානවසෙන නානප‍්පකාරතො අඤ‍්ඤාවිමොක‍්ඛං දස‍්සෙන‍්තො ගාථාද‍්වයමාහ. තත්‍ථ පහානං කාමච‍්ඡන්‍දානන‍්ති යමිදං පඨමජ‍්ඣානං නිබ‍්බත‍්තෙන‍්තස‍්ස කාමච‍්ඡන්‍දප‍්පහානං, තම‍්පි අඤ‍්ඤාවිමොක‍්ඛං පබ්‍රූමි. එවං සබ‍්බපදානි යොජෙතබ‍්බානි.

ඣායී යනු උදය සූත්‍රයයි. එහි අඤ්ඤවිමොක්‍ඛං නුවණ බලයෙන් වැටහෙන පරිදි මිදීම-නිදහස ගැන විමසයි. උදය බමුණා සිවුවන දැහැන් ලැබූවෙකු බැවින් ඔහු ලද එම දැහැනට අනුව, නොයෙක් ආකාරයෙන් මිදීම දැනගැනීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ ගාථා දෙකක් වදාළහ. පහාණං කාමච්ඡන්‍දානං මෙසේ පළමු දැහැන උපදවා ගනු ලබන තැනැත්තා කාමච්ඡන්‍දය දුරු කරයි. ඒ අනුව අඤ්ඤා විමොක්‍ඛං පබ්‍රෑමි මෙසේ සියළුම පදවලට යෙදිය යුතුය.

උපෙක‍්ඛාසතිසංසුද‍්ධන‍්ති චතුත්‍ථජ‍්ඣානඋපෙක‍්ඛාසතීහි සංසුද‍්ධං. ධම‍්මතක‍්කපුරෙජවන‍්ති ඉමිනා තස‍්මිං චතුත්‍ථජ‍්ඣානවිමොක‍්ඛෙ ඨත්‍වා ඣානඞ‍්ගානි විපස‍්සිත්‍වා අධිගතං අරහත‍්තවිමොක‍්ඛං වදති. අරහත‍්තවිමොක‍්ඛස‍්ස හි මග‍්ගසම‍්පයුත‍්තසම‍්මාසඞ‍්කප‍්පාදිභෙදො ධම‍්මතක‍්කො පුරෙජවො හොති. තෙනාහ – “ධම‍්මතක‍්කපුරෙජව”න‍්ති. අවිජ‍්ජාය පභෙදනන‍්ති එතමෙව ච අඤ‍්ඤාවිමොක‍්ඛං අවිජ‍්ජාපභෙදනසඞ‍්ඛාතං නිබ‍්බානං නිස‍්සාය ජාතත‍්තා කාරණොපචාරෙන “අවිජ‍්ජාය පභෙදන”න‍්ති පබ්‍රූමීති.

උපෙක්‍ඛාසති සංසුද්ධං සිවුවන දැහැනෙහි මැදිහත් බව හා සිහියෙන් මනා පිරිසිදු වූ, ධම්මතක්ක පුරෙජවං මෙයින් ඒ සිවුවන දැහැන් මිදීමෙහි සිට දැහැන්වල ඇතුලත් ඒ ඒ අංග පිළිබඳව විදසුන් වඩා ලබන ලද අරහත් බව (හෙවත් සියළු කෙලෙසුන්ගෙන් මිදීම) සඳහා කියයි. අරහත් වූ විමුක්තියට (අයත්) අරිඅටැඟි මගෙහි යහපත්, නිවැරදි කල්පනා ලෙසින් දහම් විමසා බැලීමට ඉදිරියට ගෙන යයි. එහෙයින් ධම්මතක්ක පුරෙජවං ධර්ම තර්ක සංඛ්‍යාත සම්‍යක් සංකල්පය පෙරටුකොට යැයි කීහ. අවිජ්ජාය පභෙදනං ඒ අඤ්ඤවිමොක්‍ඛ හෙවත් අරහත් බව - අවිජ්ජාව බිඳ දමන ලදුව නිවන නිසා හටගත් බැවින් ඒ කරුණු අනුව එසේ කියා ඇත.

එවං අවිජ‍්ජාපභෙදනවචනෙන වුත‍්තං නිබ‍්බානං සුත්‍වා “තං කිස‍්ස විප‍්පහානෙන වුච‍්චතී”ති පුච‍්ඡන‍්තො “කිංසු සංයොජනො”ති ගාථමාහ. තත්‍ථ කිංසු සංයොජනොති කිං සංයොජනො. විචාරණන‍්ති විචරණකාරණං. කිස‍්සස‍්ස විප‍්පහානෙනාති කිං නාමකස‍්ස අස‍්ස ධම‍්මස‍්ස විප‍්පහානෙන. අථස‍්ස භගවා තමත්‍ථං බ්‍යාකරොන‍්තො “නන්‍දිසංයොජනො”ති ගාථමාහ. තත්‍ථ විතක‍්කස‍්සාති කාමවිතක‍්කාදිකො විතක‍්කො අස‍්ස.

‘අවිජ්ජා’ බිඳ දැමීමෙන් යන වචනයෙන් කියන ලද නිවන අසා ‘ඒ කිනම් දෙයක දුරු කිරීමෙන් වේදැ’යි ‘කිංසු සංයොජනො’ යන ගාථාව වදාළහ. කිංසු සංයොජනො සසර බැඳ තබන බැඳීම් කවරේද? විචාරණං විවරණ කරුණු කිස්සස්ස විප්පහාණෙන කෙබඳු දෙයක් නැති කිරීමෙන්, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘නන්‍දි සංයොජන’ ගාථාවෙන් එය පැහැදිලි කළහ. එහි විතක්කස්ස කාමසිතිවිලි ආදිය ඔහුට ඇතිවෙයි.

ඉදානි තස‍්ස නිබ‍්බානස‍්ස මග‍්ගං පුච‍්ඡන‍්තො “කථං සතස‍්සා”ති ගාථමාහ. තත්‍ථ විඤ‍්ඤාණන‍්ති අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණං. අථස‍්ස මග‍්ගං කථෙන‍්තො භගවා “අජ‍්ඣත‍්තඤ‍්චා”ති ගාථමාහ. තත්‍ථ එවං සතස‍්සාති එවං සතස‍්ස සම‍්පජානස‍්ස. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

මීළඟට ඔහු නිවනට මග ‘කථං සකස්ස’ යන ගාථාවෙන් විමසීය. විඤ්ඤාණං සකස්වන විඤ්ඤාණය, භාග්‍යවතුන් වහන්සේ අජ්ඣත්තං යන ගාථාවෙන් ඔහුට මග පැහැදිලි කළහ. එවං සතස්ස මෙසේ සිහි ඇතිව හැසිරෙන්නාට. ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉමම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ ච පුබ‍්බසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. දේසනය අවසානයෙහි පෙර කී පරිදි බොහෝදෙනාට දහම් අවබෝධ විය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය උදයසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

උදය සුත්‍ර විස්තරය නිමි.

14. පොසාලසුත‍්තවණ‍්ණනා

14. පොසාලමාණවක පෘච්ඡා වර්ණනා

යො අතීතන‍්ති පොසාලසුත‍්තං. තත්‍ථ යො අතීතං ආදිසතීති යො භගවා අත‍්තනො ච පරෙසඤ‍්ච “එකම‍්පි ජාති”න‍්තිආදිභෙදං අතීතං ආදිසති. විභූතරූපසඤ‍්ඤිස‍්සාති සමතික‍්කන‍්තරූපසඤ‍්ඤිස‍්ස. සබ‍්බකායප‍්පහායිනොති තදඞ‍්ගවික‍්ඛම‍්භනවසෙන සබ‍්බරූපකායප‍්පහායිනො, පහීනරූපභවපටිසන්‍ධිකස‍්සාති අධිප‍්පායො. නත්‍ථි කිඤ‍්චීති පස‍්සතොති විඤ‍්ඤාණාභාවවිපස‍්සනෙන “නත්‍ථි කිඤ‍්චී”ති පස‍්සතො, ආකිඤ‍්චඤ‍්ඤායතනලාභිනොති වුත‍්තං හොති. ඤාණං සක‍්කානුපුච‍්ඡාමීති සක‍්කාති භගවන‍්තං ආලපන‍්තො ආහ. තස‍්ස පුග‍්ගලස‍්ස ඤාණං පුච‍්ඡාමි, කීදිසං පුච‍්ඡිතබ‍්බන‍්ති. කථං නෙය්‍යොති කථං සො නෙතබ‍්බො, කථමස‍්ස උත‍්තරිඤාණං උප‍්පාදෙතබ‍්බන‍්ති.

යො අතීතං යනු පොසාල සූත්‍රයයි. යො අතීතං ආදියති යම් භාග්‍යවතුන් වහන්සේ කෙනෙකු තමන්ගේ ද අනුන්ගේ ද ‘ඉපදී එක් වාරයක් ආදී ලෙසින් පෙර තතු දක්වත් ද? විභූත රූප සඤ්ඤිස්ස රූපය පිළිබඳ හැඟීම් ඉක්මවන ලද, සබ්බකායප්පහානියො යටපත් කිරිමෙන් හා මුළුමනින් මැඩපැවැත්වීමෙන් සියළු රූපකාය හැරදමන ලද, රූප භවයක පිළිසිඳගැනීම් නැතැයි අදහස් කෙරේ. නත්‍ථි කිඤ්චීති පස්සතො විඤ්ඤාණය නැතිවීම නුවණින් අවබෝධ කිරීමෙන් ‘කිසිත් නැතැ’යි දකිමින්, ආකිඤ්චඤ්ඤායතනය ලැබූවෙකැයි කියන ලදී. ඤාණං සක්කා නු පුච්ඡාමි ඒ තැනැත්තාගේ නුවණ විමසමි. කෙබඳු දෙයක් බලාපොරොත්තු විය යුතුදැයි ‘සක්‍රය’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ අමතා අසයි. කථං නෙය්‍යො කෙසේ ඒ තැනැත්තා එම නුවණට පැමිණවිය යුතුද? කෙසේ ඊට වඩා උසස්, දියුණු වූ නුවණ උපදවා ගතයුතුද?

අථස‍්ස භගවා තාදිසෙ පුග‍්ගලෙ අත‍්තනො අප‍්පටිහතඤාණතං පකාසෙත්‍වා තං ඤාණං බ්‍යාකාතුං ගාථාද‍්වයමාහ. තත්‍ථ විඤ‍්ඤාණට‍්ඨිතියො සබ‍්බා, අභිජානං තථාගතොති අභිසඞ‍්ඛාරවසෙන චතස‍්සො පටිසන්‍ධිවසෙන සත‍්තාති එවං සබ‍්බා විඤ‍්ඤාණට‍්ඨිතියො අභිජානන‍්තො තථාගතො. තිට‍්ඨන‍්තමෙනං ජානාතීති කම‍්මාභිසඞ‍්ඛාරවසෙන තිට‍්ඨන‍්තං එතං පුග‍්ගලං ජානාති “ආයතිං අයං එවංගතිකො භවිස‍්සතී”ති. විමුත‍්තන‍්ති ආකිඤ‍්චඤ‍්ඤායතනාදීසු අධිමුත‍්තං. තප‍්පරායණන‍්ති තම‍්මයං.

එවිට භාග්‍යවතුන් වහන්සේ එබඳු පුද්ගලයෙකු (මෙතෙක්) නුවණ නොලද බව පවසා ඒ නුවණ පැහැදිලි කිරීමට ගාථා දෙකක් වදාළහ. එහි විඤ්ඤාණට්ඨිතියො සබ්බා අහිජානං තථාගතො එක්රැස් කරගන්න ලද දේ අනුව (කුසල් අකුසල් අනුව) සිවුආකාර වූ පිළිසිඳ ගැනීම් කෙරෙහි සත්වග යොමුවන විඤ්ඤාණයෙහි පැවැත්ම තථාගතයන් වහන්සේ මැනවින් දත්හ. තිට්ඨන්තමෙනං ජානාති පෙර කළ කී දෑ අනුව ‘මේ තැනැත්තා මෙබඳු ගතියක් (උපතක්) ලබන්නේ යැයි පුද්ගලයකු පිළිබඳව දනිති. විමුත්තං ආකිඤ්චඤ්ඤායතනයෙන් ද මිදුණු, තම්පරායණං එය පිහිටකොට,

ආකිඤ‍්චඤ‍්ඤසම‍්භවං ඤත්‍වාති ආකිඤ‍්චඤ‍්ඤායතනජනකං කම‍්මාභිසඞ‍්ඛාරං ඤත්‍වා “කින‍්ති පලිබොධො අය”න‍්ති. නන්‍දී සංයොජනං ඉතීති යා ච තත්‍ථ අරූපරාගසඞ‍්ඛාතා නන්‍දී, තඤ‍්ච සංයොජනං ඉති ඤත්‍වා. තතො තත්‍ථ විපස‍්සතීති තතො ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තිතො වුට‍්ඨහිත්‍වා තං සමාපත‍්තිං අනිච‍්චාදිවසෙන විපස‍්සති. එතං ඤාණං තථං තස‍්සාති එතං තස‍්ස පුග‍්ගලස‍්ස එවං විපස‍්සතො අනුක‍්කමෙනෙව උප‍්පන‍්නං අරහත‍්තඤාණං අවිපරීතං. වුසීමතොති වුසිතවන‍්තස‍්ස. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

ආකිඤ්චඤ්ඤසම්භවං ඤත්‍වා ආකිඤ්චඤ්ඤායතනයෙහි උපත ලබන, (එහෙත් සසර දිගුවන) මේ අවහිරය කුමක්දැයි ඊට එක්රැස් වූ හේතු දැන, නන්‍දී සංයොජනං ඉති එහි අරූපරාගී ආසාව, එයද සසර බැඳ තබන බැම්මක් වූ ‘සංයොජන’ යැයි දැන, තතො තත්‍ර විපස්සසී ඉක්බිති ඒ ආකිඤ්චඤ්ඤායතන සමවතින්ද නැගිට, ඒ සමවතද අනිස ලෙස සළකා විදසුන් වඩයි. එතං ඤාණං කථං තස්ස මෙසේ විදසුන් අනුව නුවණින් විමසනවිට කෙමෙන් කෙමෙන් ඒ තැනැත්තා ලබන අරහත් නුවණ වෙනස්-විකාර නොවේ. වූසීමතො මඟ බඹසරෙහි වැස, ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉමම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ ච පුබ‍්බසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වා දේසනා කළහ. දේසනය අවසන (ද) පෙර පරිදිම බොහෝ පිරිසකට දහම් අවබෝධ විය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය පොසාලසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පොසාල සූත්‍ර විස්තරය නිමි.

15. මොඝරාජසුත‍්තවණ‍්ණනා

15. මෝඝරාජ පෘච්ඡා වර්ණනා

ද‍්වාහං සක‍්කන‍්ති මොඝරාජසුත‍්තං. තත්‍ථ ද‍්වාහන‍්ති ද‍්වෙ වාරෙ අහං. සො හි පුබ‍්බෙ අජිතසුත‍්තස‍්ස ච තිස‍්සමෙත‍්තෙය්‍යසුත‍්තස‍්ස ච අවසානෙ ද‍්වික‍්ඛත‍්තුං භගවන‍්තං පුච‍්ඡි. භගවා පනස‍්ස ඉන්‍ද්‍රියපරිපාකං ආගමයමානො න බ්‍යාකාසි. තෙනාහ – “ද‍්වාහං සක‍්කං අපුච‍්ඡිස‍්ස”න‍්ති. යාවතතියඤ‍්ච දෙවීසි, බ්‍යාකරොතීති මෙ සුතන‍්ති යාවතතියඤ‍්ච සහධම‍්මිකං පුට‍්ඨො විසුද‍්ධිදෙවභූතො ඉසි භගවා සම‍්මාසම‍්බුද‍්ධො බ්‍යාකරොතීති එවං මෙ සුතං. ගොධාවරීතීරෙයෙව කිර සො එවමස‍්සොසි. තෙනාහ – “බ්‍යාකරොතීති මෙ සුත”න‍්ති.

ද්වාහං සක්කං මෝඝරාජ සූත්‍රයයි. ද්වාහං මම දෙවරක්ම, අජිතටද, තිස්ස මෙත්තෙය්‍යටද කරුණු පැහැදිලි කිරිමෙන් පසු, දෙවරක්ම, මෝඝරාජ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසීය. ඔහුගේ ඉඳුරන් දහම් අවබෝධයට සුදුසු වනතුරු එයට ඉඩ නොදුන්හ. ද්වාහං සක්කං අපුච්ඡිස්සං යැයි එසේ හෙයින් කියන ලදී. යාව තතියඤ්ච දෙවිසි ව්‍යාකරොතීති මෙ සුතං ‘අති පිරිසිදු දෙවියකු බවට පත්, ඉසිරිවර භගවත් සම්මා සම්බුදුන් වහන්සේගෙන් සහදැමියකු තුන්වරක් දක්වා යම්කිසි කරුණක් අසන ලද විට, එය පැහැදිලි කර දෙති’යි මා අසා ඇත. ගොදාවරී නදී තෙරදී මා එසේ අසන ලදී. එහෙයින් ව්‍යාකරොතීති මෙ සුතං යැයි කියන ලදී.

අයං ලොකොති මනුස‍්සලොකො. පරො ලොකොති තං ඨපෙත්‍වා අවසෙසො. සදෙවකොති බ්‍රහ‍්මලොකං ඨපෙත්‍වා අවසෙසො උපපත‍්තිදෙවසම‍්මුතිදෙවයුත‍්තො, “බ්‍රහ‍්මලොකො සදෙවකො”ති එතං වා “සදෙවකෙ ලොකෙ”තිආදිනයනිදස‍්සනමත‍්තං, තෙන සබ‍්බොපි තථාවුත‍්තප‍්පකාරො ලොකො වෙදිතබ‍්බො.

අයං ලොකො මිනිස් ලොව, පරො ලොකො ඒ හැර ඉතිරි ලෝක, සදෙවකො බඹලොව හැර, දෙවියන් ලෙස උපත ලැබූවන් සහ දෙවියන් යැයි සම්මතව හඳුන්වන්නන්ගෙන් යුතු, බ්‍රහ්මලොකො සදෙවකො මේ ආකාර වූ දෙවියන් සහිත ලෝකයෙහි ආදී ලෙස නිදසුන් පමණි. ඒ අනුව සඳහන් කර ඇති පරිදි ලෝකය ගැන දතයුතුය.

එවං අභික‍්කන‍්තදස‍්සාවින‍්ති එවං අග‍්ගදස‍්සාවිං, සදෙවකස‍්ස ලොකස‍්ස අජ‍්ඣාසයාධිමුත‍්තිගතිපරායණාදීනි පස‍්සිතුං සමත්‍ථන‍්ති දස‍්සෙති.

එවං අභික්කන්ත දස්සාවී මෙසේ දෙවියන් සහිත සියළු ලෝවාසීන්ගේ අදහස්, ගතිසොබා, සසර උපත් හා ඉන් මිදීමද දැකීමට හැකි, උසස් ලෙස දකින,

සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සූති අවසියපවත‍්තසල‍්ලක‍්ඛණවසෙන වා තුච‍්ඡසඞ‍්ඛාරසමනුපස‍්සනාවසෙන වාති ද‍්වීහි කාරණෙහි සුඤ‍්ඤතො ලොකං පස‍්ස. අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්චාති සක‍්කායදිට‍්ඨිං උද‍්ධරිත්‍වා. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

සුඤ්ඤතො ලොකං අවෙක්‍ඛස්සු උවමනාවන, පවතින (වැදගත්) සේ සලකනු ලබන දේවල හිස් බවද, ඒවා හේතු රැසක එකතුවක් ලෙසද යන දෙආකාරයෙන්ම ලෝකයෙහි හිස් බව නුවණින් විමසා බලව. අත්තානුදිට්ඨිං ඌහච්ච මමය-මගේය යන දැඩිව ගන්නා ලද දැකීම උදුරා ඉවත දමා, ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉමම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ ච වුත‍්තසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

මෙම සූත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අරහත්බව දේසනා කළහ. පෙර කියා ඇති පරිදි දේසනය අවසානයෙහි බොහෝ පිරිසට දහම් අවබෝධ විය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය මොඝරාජසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මෝඝරාජ සූත්‍ර විස්තරය නිමි.

16. පිඞ‍්ගියසුත‍්තවණ‍්ණනා

16. පිඞ්ගියමාණව පෘච්ඡා වර්ණනා

ජිණ‍්ණොහමස‍්මීති පිඞ‍්ගියසුත‍්තං. තත්‍ථ ජිණ‍්ණොහමස‍්මි අබලො වීතවණ‍්ණොති සො කිර බ්‍රාහ‍්මණො ජරාභිභූතො වීසවස‍්සසතිකො ජාතියා, දුබ‍්බලො ච “ඉධ පදං කරිස‍්සාමී”ති අඤ‍්ඤත්‍ථෙව කරොති, විනට‍්ඨපුරිමච‍්ඡවිවණ‍්ණො ච . තෙනාහ – “ජිණ‍්ණොහමස‍්මි අබලො වීතවණ‍්ණො”ති. මාහං නස‍්සං මොමුහො අන‍්තරාවාති මාහං තුය‍්හං ධම‍්මං අසච‍්ඡිකත්‍වා අන‍්තරායෙව අවිද‍්වා හුත්‍වා අනස‍්සිං. ජාතිජරාය ඉධ විප‍්පහානන‍්ති ඉධෙව තව පාදමූලෙ පාසාණකෙ වා චෙතිය ජාතිජරාය විප‍්පහානං නිබ‍්බානධම‍්මං යමහං විජඤ‍්ඤං, තං මෙ ආචික‍්ඛ.

ජිණ්ණෙහමස්මී යනු පිංගිය සුත්‍රයයි. එහි ජිණ්ණෙහමස්මි අබලො වීතවණ්ණෙ මේ බමුණා එකසිය විසිවයස්, ජරාවට පත්ව, දුබලව, ‘මෙතැන පා තබමි’යි සිතුවද වෙනත් තැනක පා තබමින් ගමන් කරයි. පෙර තිබූ සමෙහි පැහැය දැන් විරූපීය. එහෙයින් ‘මම ජරාවට පත්වීමි. සවිබල නැත්තෙක්මි. සිරුර පැහැය වෙනස්ව ඇතැ’යි කීය. මාහං නස්සං මොමූහො අන්තරාය ඔබවහන්සේගේ දහම අවබෝධ නොකොට, දැනුමැති කෙනෙක් නොවී, මම නොනැසෙත්වා! ජාති ජරාය ඉධ විප්පහාණං මෙහිදීම ඔබ වහන්සේගේ පාමුල පාසාණක චෙතියෙහිදී හෝ ඉපදීම, ජරාව නසන නිවන ධම්මං යමහං විජඤ්ඤං එය මට ආචික්‍ඛ

ඉදානි යස‍්මා පිඞ‍්ගියො කායෙ සාපෙක‍්ඛතාය “ජිණ‍්ණොහමස‍්මී”ති ගාථමාහ තෙනස‍්ස භගවා කායෙ සිනෙහප‍්පහානත්‍ථං “දිස‍්වාන රූපෙසු විහඤ‍්ඤමානෙ”ති ගාථමාහ. තත්‍ථ රූපෙසූති රූපහෙතු රූපපච‍්චයා. විහඤ‍්ඤමානෙති කම‍්මකාරණාදීහි උපහඤ‍්ඤමානෙ. රුප‍්පන‍්ති රූපෙසූති චක‍්ඛුරොගාදීහි ච රූපහෙතුයෙව ජනා රුප‍්පන‍්ති බාධීයන‍්ති.

දැන් පිංගිය තම සිරුරෙහි පවත්නා තතු සළකා ‘මම ජරාවට පත්වූයෙමි’යි කියන අතර, එහිදී භාග්‍යවතුන් වහන්සේ (සිත) වෙහෙසට පත් කරවන රූප දැක...... ‘දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ යන ගාථාව කයෙහි ඇල්ම නැති කරනු පිණිස වදාළහ. රූපෙසු රූප හේතුකොට, රූප නිසා, විහඤ්ඤමානෙ (ඊට අදාලව) කරන කියන දෙයෙහි වෙහෙසෙමින්, රුප්පන්ති රූපෙසු ඇස් රෝග ආදිය රූප හේතුකොට ගෙනම, ජනා වෙනස්වෙති. බැඳෙති. (කෝප වෙති.)

එවං භගවතා යාව අරහත‍්තං තාව කථිතං පටිපත‍්තිං සුත්‍වාපි පිඞ‍්ගියො ජරාදුබ‍්බලතාය විසෙසං අනධිගන‍්ත්‍වාව පුන “දිසා චතස‍්සො”ති ඉමාය ගාථාය භගවන‍්තං ථොමෙන‍්තො දෙසනං යාචති. අථස‍්ස භගවා පුනපි යාව අරහත‍්තං, තාව පටිපදං දස‍්සෙන‍්තො “තණ‍්හාධිපන‍්නෙ”ති ගාථමාහ. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

එසේ අරහත් පල තෙක් දේසනා කරන ලද පිලිවෙත ඇසූවත්, කය දුබලතාව නිසා වෙසෙසක් නොලබාම, නැවත පිංගිය ‘දිසා චතස්සො’ (සිවුදිසා) ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ අගයමින්, දේසනා කරන ලෙස ඉල්ලයි. නැවත ද භාග්‍යවතුන් වහන්සේ, එම පිළිවෙත ‘තණ්හාධිපනෙන....... ‘තණ්හාවෙන් ගැලී සිටින්නන්...... ගාථාවෙන් දේසනා කළහ. ඉතිරි කරුණු පැහැදිලිය.

ඉමම‍්පි සුත‍්තං භගවා අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ ච පිඞ‍්ගියො අනාගාමිඵලෙ පතිට‍්ඨාසි. සො කිර අන‍්තරන‍්තරා චින‍්තෙසි – “එවං විචිත්‍රපටිභානං නාම දෙසනං න ලභි මය‍්හං මාතුලො බාවරී සවනායා”ති. තෙන සිනෙහවික‍්ඛෙපෙන අරහත‍්තං පාපුණිතුං නාසක‍්ඛි. අන‍්තෙවාසිනො පනස‍්ස සහස‍්සජටිලා අරහත‍්තං පාපුණිංසු. සබ‍්බෙව ඉද‍්ධිමයපත‍්තචීවරධරා එහිභික‍්ඛවො අහෙසුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. දේසනය අවසානයෙහි පිංගිය අනාගාමි පලයෙහි පිහිටියේය. ඒ අතරතුර, පිංගිය ‘මෙබඳු විසිතුරු දෙසුමක් නම්, මගේ මාමා වූ බාවරීට ඇසීමට නොලැබුණි’ යැයි සෙනෙහස මුල්ව සිත වෙනසකට යොමුවීමෙන් අරහත් පල ලැබීමට නොහැකි විය. ඔහුගේ අතවැසි ජටිලයෝ දහසම අරහත් බව ලදහ. ඒ සියල්ලෝම, ‘එව මහණ’ යැයි (කැඳවීමෙන්) ඍද්ධිමය පාසිවුරු දරා පැවිදි බවද ලදහ.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය පිඞ‍්ගියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පිංගිය සූත්‍ර විස්තරය නිමි.

පාරායනත්‍ථුතිගාථාවණ‍්ණනා

පාරායනත්ථුතිගාථාවර්ණනා

ඉතො පරං සඞ‍්ගීතිකාරා දෙසනං ථොමෙන‍්තා “ඉදමවොච භගවා”තිආදිමාහංසු. තත්‍ථ ඉදමවොචාති ඉදං පරායනං අවොච. පරිචාරකසොළසානන‍්ති බාවරිස‍්ස පරිචාරකෙන පිඞ‍්ගියෙන සහ සොළසන‍්නං බුද‍්ධස‍්ස වා භගවතො පරිචාරකානං සොළසන‍්නන‍්ති පරිචාරකසොළසන‍්නං. තෙ එව ච බ්‍රාහ‍්මණා. තත්‍ථ සොළසපරිසා පන පුරතො ච පච‍්ඡතො ච වාමපස‍්සතො ච දක‍්ඛිණපස‍්සතො ච ඡ ඡ යොජනානි නිසින‍්නා උජුකෙන ද‍්වාදසයොජනිකා අහොසි. අජ‍්ඣිට‍්ඨොති යාචිතො අත්‍ථමඤ‍්ඤායාති පාළිඅත්‍ථමඤ‍්ඤාය. ධම‍්මමඤ‍්ඤායාති පාළිමඤ‍්ඤාය. පාරායනන‍්ති එවං ඉමස‍්ස ධම‍්මපරියායස‍්ස අධිවචනං ආරොපෙත්‍වා තෙසං බ්‍රාහ‍්මණානං නාමානි කිත‍්තයන‍්තා “අජිතො තිස‍්සමෙත‍්තෙය්‍යො…පෙ… බුද‍්ධසෙට‍්ඨං උපාගමු”න‍්ති ආහංසු.

මෙයින් පසු, සංගායනාවට සහභාගී වූ තෙරුන් වහන්සේලා දේසනය පසසමින්, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ’ යැයි සඳහන් කළහ. ඉදමවොච මේ පාරායණ හෙවත් සසරින් එතරවීමේ පිළිවෙත වදාළහ. පරිචාරක සොළසානං බාවරීගේ පිරිවර (ගෝලයන්) ද පිංගිය සමග දහසයක්, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිවරා සිටි දහසයදෙනා, ඒ සියළුම බමුණෝ ඒ දහසයක් වූ පිරිසට ඉදිරියෙන් ද පසුපසින් ද, වම් පසින්ද, දකුණු පසින්ද, සය යොදුනක්, සය යොදුනක් සේ හුන්හ. ඉදිරිපස - කෙළින්ම සිටි පිරිස දොළොස් යොදුනක් විය. අජඣිට්ඨො ඉල්ලන ලද්දේ, අත්‍ථමඤ්ඤාය පාලි අරුත දැන, ධම්ම මඤ්ඤාය පෙළ (දහම) දැන, පාරායණං පාරායණ නම් වූ, ඉමස්ස ධම්මපරියායස්ස අධිවචනං අජිත, තිස්ස මෙත්තෙය්‍ය ආදී ඒ බමුණන්ගේ නම් කියමින් උතුම් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියාහ’ යැයි කීහ.

තත්‍ථ සම‍්පන‍්නචරණන‍්ති නිබ‍්බානපදට‍්ඨානභූතෙන පාතිමොක‍්ඛසීලාදිනා සම‍්පන‍්නං. ඉසින‍්ති මහෙසිං. සෙසං පාකටමෙව. තතො පරං බ්‍රහ‍්මචරියමචරිංසූති මග‍්ගබ්‍රහ‍්මචරියං අචරිංසු. තස‍්මා පාරායනන‍්ති තස‍්ස පාරභූතස‍්ස නිබ‍්බානස‍්ස අයනන‍්ති වුත‍්තං හොති.

සම්පන්නචරණං නිවනෙහි පිහිටීමට හේතුවන පාමොක් සීලාදියෙන් යුතු, ඉසිං ඉසිවරුන්ගෙන් උසස් වූ (බුදුරදුන් වෙත) ඉතිරි කරුණු පැහැදිලිය. බ්‍රහ්මචරියම්චරිංසු මග බඹසරෙහි හැසිරුණහ. තස්මා පාරායණං ඒ එතරට යන, නිවනට පමුණුවන යනුවෙන් කියන ලදී.

පාරායනානුගීතිගාථාවණ‍්ණනා

පාරායනානුගීතිගාථා වර්ණනාව

පාරායනමනුගායිස‍්සන‍්ති අස‍්ස අයං සම‍්බන්‍ධො – භගවතා හි පාරායනෙ දෙසිතෙ සොළසසහස‍්සා ජටිලා අරහත‍්තං පාපුණිංසු, අවසෙසානඤ‍්ච චුද‍්දසකොටිසඞ‍්ඛානං දෙවමනුස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. වුත‍්තඤ‍්හෙතං පොරාණෙහි –

පාරායණා මනුගායිස්සං යනු මෙහි සම්බන්ධයයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පාරායණ’ නම් වූ දහම් කොටස දේසනා කළවිට, දහසය දහසක් ජටිලයෝ අරහත් පලයට පැමිණියහ. ඉතිරි දහහතර කෝටියක් දෙව් මිනිසුන්ට දහම් අවබෝධ විය. පැරණි වියතුන් විසින් මෙසේ කියන ලදී -

“තතො පාසාණකෙ රම‍්මෙ, පාරායනසමාගමෙ; අමතං පාපයී බුද‍්ධො, චුද‍්දස පාණකොටියො”ති.

‘සුන්දර වූ පාසාණක (චෙතියෙහි) දී පැවැත්වූ දහම් දේසනයෙහිදී බුදුරජාණන් වහන්සේ දහහතර කෝටියක් සත්වගට (දම් අමා පෙවූ සේක.’

නිට‍්ඨිතාය පන ධම‍්මදෙසනාය තතො තතො ආගතා මනුස‍්සා භගවතො ආනුභාවෙන අත‍්තනො අත‍්තනො ගාමනිගමාදීස‍්වෙව පාතුරහෙසුං. භගවාපි සාවත්‍ථිමෙව අගමාසි පරිචාරකසොළසාදීහි අනෙකෙහි භික‍්ඛුසහස‍්සෙහි පරිවුතො. තත්‍ථ පිඞ‍්ගියො භගවන‍්තං වන්‍දිත්‍වා ආහ – “ගච‍්ඡාමහං, භන‍්තෙ, බාවරිස‍්ස බුද‍්ධුප‍්පාදං ආරොචෙතුං, පටිස‍්සුතඤ‍්හි තස‍්ස මයා”ති. අථ භගවතා අනුඤ‍්ඤාතො ඤාණගමනෙනෙව ගොධාවරීතීරං ගන‍්ත්‍වා පාදගමනෙන අස‍්සමාභිමුඛො අගමාසි. තමෙනං බාවරී බ්‍රාහ‍්මණො මග‍්ගං ඔලොකෙන‍්තො නිසින‍්නො දූරතොව ඛාරිජටාදිවිරහිතං භික‍්ඛුවෙසෙන ආගච‍්ඡන‍්තං දිස‍්වා “බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො”ති නිට‍්ඨං අගමාසි. සම‍්පත‍්තඤ‍්චාපි නං පුච‍්ඡි – “කිං, පිඞ‍්ගිය, බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො”ති. “ආම, බ්‍රාහ‍්මණ, උප‍්පන‍්නො, පාසාණකෙ චෙතියෙ නිසින‍්නො අම‍්හාකං ධම‍්මං දෙසෙසි, තමහං තුය‍්හං දෙසෙස‍්සාමී”ති. තතො බාවරී මහතා සක‍්කාරෙන සපරිසො තං පූජෙත්‍වා ආසනං පඤ‍්ඤාපෙසි. තත්‍ථ නිසීදිත්‍වා පිඞ‍්ගියො “පාරායනමනුගායිස‍්ස”න‍්තිආදිමාහ.

දහම් දෙසුම නිමවූ විට, ඒ ඒ පෙදෙස්වලින් පැමිණි මිනිස්සු භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයෙන් තම තමන්ගේ ගම් නියම්ගම් ආදී පෙදෙස්වලට පැමිණ වූහ. භාග්‍යවතුන් වහන්සේද (බාවරීගේ) පිරිවරව සිටි සොළොස් දහසක් සඟ පිරිස සහ නොයෙක් දහස් ගණන් බික්සඟණ පිරිවරා සැවැත් පුරටම පැමිණියහ. එහිදී පිංගිය හිමි භාග්‍යවතුන් වහන්සේට වැඳ, ‘හිමියනි, බාවරී ඇදුරුතුමාට බුදුවරයෙකු ලොව පහළ වූ බව සැල කිරිමට යමි, ඔහුට මා පොරොන්දු වී’ යැයි කීවේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලද පිංගිය හිමි, සෘද්ධි බලයෙන් ගොදාවරී ගංතෙරට පැමිණ, පා ගමනින් අසපුව දෙසට ගියේය. මඟබලමින් හුන් බාවරී බමුණා, තවුස් පිරිකරද, ජටා ආදියද නොමැතිව පැවිදි වෙසින් එන (පිංගිය හිමි) දුරදීම දැක, ‘බුදුවරයකු ලොව පහළව ඇතැ’යි තීරණය කළේය. පැමිණිවිට, ‘පිංගිය, කිමෙක්ද? බුදුවරයෙකු ලොව පහළවීදැ’යි ඇසීය. ‘එසේය බමුණ, බුදුවරයෙක් ලොව පහල වූහ. පාසාණක සෑයෙහිදී අපට දහම් දෙසූහ. මම ඔබට ඒ දහම දේසනා කරන්නෙමි’යි කීය. එවිට, බාවරී මහත් ගරු සැලකිලිමත්ව, පිරිස සහ පුදසත්කාර කොට අසුනක් පැනවීය. එහි හිඳ පිංගිය හිමි ‘පාරායණ මනුගායිස්සන්ති’ ආදී ගාථා කීය.

තත්‍ථ අනුගායිස‍්සන‍්ති භගවතා ගීතං අනුගායිස‍්සං. යථාද‍්දක‍්ඛීති යථා සාමං සච‍්චාභිසම‍්බොධෙන අසාධාරණඤාණෙන ච අද‍්දක‍්ඛි. නික‍්කාමොති පහීනකාමො . “නික‍්කමො”තිපි පාඨො, වීරියවාති අත්‍ථො නික‍්ඛන‍්තො වා අකුසලපක‍්ඛා. නිබ‍්බනොති කිලෙසවනවිරහිතො, තණ‍්හාවිරහිතො එව වා. කිස‍්ස හෙතු මුසා භණෙති යෙහි කිලෙසෙහි මුසා භණෙය්‍ය, එතෙ තස‍්ස පහීනාති දස‍්සෙති. එතෙන බ්‍රාහ‍්මණස‍්ස සවනෙ උස‍්සාහං ජනෙති.

අනුගායිස්සං භාග්‍යවතුන් වහන්සේ ගීත (මිහිරි හඬින් ගී වැනි ගාථා) නැවත ගයමි. යථා අද්දක්‍ඛි තමන් විසින්ම ඇති තතු එලෙසින්ම අවබෝධ කිරීමෙන් වෙනත් කෙනෙකු නොලබන සුවිසෙස් නුවණින් දුටහ. නික්කාමො කාමය නැති කළ, නික්‍ඛාමො යනුද වචනයක් වේ. උත්සාහවත් යන අරුතයි. අයහපත් දෙයින් වෙන්වූයේ එයින් නික්මුණු යන අදහසයි. නිබ්බනො කෙලෙස් නැමති වනය වැනසූ හෝ තණ්හාව නැති කරන ලද හෝ, කිස්ස හෙතු මුසා භණෙ කෙලෙස්වලින් පිරුණේ නම්, බොරු කියන්නේය. මෙහිදී ඒ කෙලෙස් නැතිකරන ලද බව දක්වයි. එයින් බාවරී බමුණාට ඇසීමට උනන්දුවක් ඇතිකරයි.

වණ‍්ණූපසඤ‍්හිතන‍්ති ගුණූපසඤ‍්හිතං. සච‍්චව‍්හයොති “බුද‍්ධො”ති සච‍්චෙනෙව අව‍්හානෙන නාමෙන යුත‍්තො. බ්‍රහ‍්මෙති තං බ්‍රාහ‍්මණං ආලපති. කුබ‍්බනකන‍්ති පරිත‍්තවනං. බහුප‍්ඵලං කානනමාවසෙය්‍යාති අනෙකඵලාදිවිකතිභරිතං කානනං ආගම‍්ම වසෙය්‍ය. අප‍්පදස‍්සෙති බාවරිපභුතිකෙ පරිත‍්තපඤ‍්ඤෙ. මහොදධින‍්ති අනොතත‍්තාදිං මහන‍්තං උදකරාසිං.

වණ්ණූපසංහිතං උසස් බවින් යුතු, සච්චව්හයො ‘බුද්ධ’ යැයි කියන නමටම නිසැකවම ඇත්තටම සුදුසු වූ, බ්‍රහ්මෙ ඒ බමුණාට අමතයි. කුබ්බනකං කුඩා වනය. බහුප්ඵලං කානනමාවසෙය්‍ය නොයෙක් පලවැල ඇති වනයකට පැමිණ වසන්නේය. අප්පදස්සෙ බාවරී වැනි මද නුවණ ඇත්තෙකු (හැර), මහොද්ධී අනොතත්ත ආදී බොහෝ ජලය පිරුණු

යෙමෙ පුබ‍්බෙති යෙ ඉමෙ පුබ‍්බෙ. තමනුදාසිනොති තමොනුදො ආසිනො. භූරිපඤ‍්ඤාණොති ඤාණධජො. භූරිමෙධසොති විපුලපඤ‍්ඤො. සන්‍දිට‍්ඨිකමකාලිකන‍්ති සාමං පස‍්සිතබ‍්බඵලං, න ච කාලන‍්තරෙ පත‍්තබ‍්බඵලං. අනීතිකන‍්ති කිලෙසඊතිවිරහිතං.

යෙ මෙ පුබ්බෙ යෙ + ඉමෙ යමෙක් මෙයින් පෙර, තමනුදාසිනො අඳුර දුරු කරන්නා වූ, භූරිපඤ්ඤාණෙ නුවණ නැමති ධජයෙන් යුතුව, භූරි මෙධසො මහත් වූ නුවණැති, සන්‍දිට්ඨිකමකාලිකං තමන් විසින්ම දැකිය යුතු කාල සීමාවකට යටත්කොට පැමිණිය යුතු නොවන, අනීතිකං කෙලෙස් උවදුරු නැති,

අථ නං බාවරී ආහ “කිං නු තම‍්හා”ති ද‍්වෙ ගාථා. තතො පිඞ‍්ගියො භගවතො සන‍්තිකා අවිප‍්පවාසමෙව දීපෙන‍්තො “නාහං තම‍්හා”තිආදිමාහ. පස‍්සාමි නං මනසා චක‍්ඛුනාවාති තං බුද‍්ධං අහං චක‍්ඛුනා විය මනසා පස‍්සාමි . නමස‍්සමානො විවසෙමි රත‍්තින‍්ති නමස‍්සමානොව රත‍්තිං අතිනාමෙමි. තෙන තෙනෙව නතොති යෙන දිසාභාගෙන බුද‍්ධො, තෙන තෙනෙවාහම‍්පි නතො තන‍්නින‍්නො තප‍්පොණොති දස‍්සෙති.

ඉක්බිති බාවරී පිංගිය හිමි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් වෙන් නොවන බව ‘නාහං තම්හා’ ආදී ගාථා කීය. පස්සාමි නං මනසා චක්‍ඛුනා ව ඒ බුදුරදුන් මම ඇසින් මෙන් සිතින් දකිමි. නමස්සමානොව වසෙමි රත්තිං නමදිමින්ම රැය ඉක්මවමි. තෙන තෙනෙව නතො යම් පෙදෙසක බුදුරජාණන් වහන්සේ වැඩ වසත්ද, ඒ ඒ දෙයට මම ද නැඹුරු වෙමින්, ඈත් නොවෙමින් සිටිමි’යි දක්වයි.

දුබ‍්බලථාමකස‍්සාති අප‍්පථාමකස‍්ස, අථ වා දුබ‍්බලස‍්ස දුත්‍ථාමකස‍්ස ච බලවීරියහීනස‍්සාති වුත‍්තං හොති. තෙනෙව කායො න පලෙතීති තෙනෙව දුබ‍්බලථාමකත‍්තෙන කායො න ගච‍්ඡති, යෙන වා බුද‍්ධො, තෙන න ගච‍්ඡති. “න පරෙතී”තිපි පාඨො, සො එවත්‍ථො. තත්‍ථාති බුද‍්ධස‍්ස සන‍්තිකෙ. සඞ‍්කප‍්පයන‍්තායාති සඞ‍්කප‍්පගමනෙන. තෙන යුත‍්තොති යෙන බුද‍්ධො, තෙන යුත‍්තො පයුත‍්තො අනුයුත‍්තොති දස‍්සෙති.

දුබ්බලථාමකස්ස සවිමත් බවින් අඩුවී, ඒ දුබල බව නිසා කය නිසි අයුරු පවත්වා ගැනීමට නොහැකිය. බුදුරජාණන් වහන්සේ සිටින තැනට (එහෙයින්) නොයයි. න පලෙති යනුවෙන්ද පාඨයකි. මේ අදහසය. තත්‍ථ බුදුරජාණන් වහන්සේ සමීපයෙහි, සංකප්පයත්තාය කල්පනා ගමනින්, තෙන යුත්තො සිත ඒ බුදුරදුන් කෙරෙහි යෙදුනේ වේ.

පඞ‍්කෙ සයානොති කාමකද‍්දමෙ සයමානො. දීපා දීපං උපප‍්ලවින‍්ති සත්‍ථාරාදිතො සත්‍ථාරාදිං අභිගච‍්ඡිං. අථද‍්දසාසිං සම‍්බුද‍්ධන‍්ති සොහං එවං දුද‍්දිට‍්ඨිං ගහෙත්‍වා අන්‍වාහිණ‍්ඩන‍්තො අථ පාසාණකෙ චෙතියෙ බුද‍්ධමද‍්දක‍්ඛිං.

පංකෙසයානො කාමය නැමති මඩෙහි නිදමින්, දීපා දීපමුප්පලවී වෙනත් සමයක නායකයෙකු ළඟ සිට, තවත් සමයක නායකයෙකු වෙත එළඹියෙමි. අද්දසාසිං සම්බුද්ධං මම මෙබඳු වැරදි දැක්මක් දරාගෙන, ඒ ඒ තැන ඇවිදිමින්, අථ පාසාණක චෙතියෙහි දී බුදුරජාණන් වහන්සේ දුටිමි.

ඉමිස‍්සා ගාථාය අවසානෙ පිඞ‍්ගියස‍්ස ච බාවරිස‍්ස ච ඉන්‍ද්‍රියපරිපාකං විදිත්‍වා භගවා සාවත්‍ථියං ඨිතොයෙව සුවණ‍්ණොභාසං මුඤ‍්චි. පිඞ‍්ගියො බාවරිස‍්ස බුද‍්ධගුණෙ වණ‍්ණයන‍්තො නිසින‍්නො එව තං ඔභාසං දිස‍්වා “කිං ඉද”න‍්ති විලොකෙන‍්තො භගවන‍්තං අත‍්තනො පුරතො ඨිතං විය දිස‍්වා බාවරිබ්‍රාහ‍්මණස‍්ස “බුද‍්ධො ආගතො”ති ආරොචෙසි, බ්‍රාහ‍්මණො උට‍්ඨායාසනා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා අට‍්ඨාසි. භගවාපි ඔභාසං ඵරිත්‍වා බ්‍රාහ‍්මණස‍්ස අත‍්තානං දස‍්සෙන‍්තො උභින‍්නම‍්පි සප‍්පායං විදිත්‍වා පිඞ‍්ගියමෙව ආලපමානො “යථා අහූ වක‍්කලී”ති ඉමං ගාථමභාසි.

මේ ගාථාව අවසානයෙහි පිංගිය හිමිගේ ද, බාවරීගේ ද ඉඳුරන් දහම් අවබෝධයට සුදුසු බව දැන, භාග්‍යවතුන් වහන්සේ සැවැත්පුරම වැඩසිටිමින්ම රන්පැහැ ආලෝකයක් මුදාහළහ. පිංගිය හිමි බාවරීට බුදුගුණ විස්තර කරමින් සිටිද්දීම, ඒ ආලෝකය දැක, ‘මේ කුමක්දැ’යි විමසා බලනවිට, භාග්‍යවතුන් වහන්සේ තමා ඉදිරියේ වැඩසිටියා සේ දැක, ‘බුදුරජාණන් වහන්සේ වැඩිසේකැ’යි බාවරී බමුණාට දැන්වීය. බාවරී අසුනින් නැගිට, ඇඳිලි බැඳ වැඳ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ආලෝක දහරාවක් පතුරුවා බමුණාට තමන් දක්වන්නාක් මෙන්, දෙදෙනාගේම අදහස් දැන, පිංගිය හිමි අමතා, ‘යථා අහූ වක්කලී’..... ගාථාව වදාළහ.

තස‍්සත්‍ථො – යථා වක‍්කලිත්‍ථෙරො සද‍්ධාධිමුත‍්තො අහොසි, සද‍්ධාධුරෙන ච අරහත‍්තං පාපුණි. යථා ච සොළසන‍්නං එකො භද්‍රාවුධො නාම යථා ච ආළවි ගොතමො, එවමෙව ත්‍වම‍්පි පමුඤ‍්චස‍්සු සද‍්ධං. තතො සද‍්ධාය අධිමුච‍්චන‍්තො “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”තිආදිනා නයෙන විපස‍්සනං ආරභිත්‍වා මච‍්චුධෙය්‍යස‍්ස පාරං නිබ‍්බානං ගමිස‍්සසීති අරහත‍්තනිකූටෙනෙව දෙසනං නිට‍්ඨාපෙසි. දෙසනාපරියොසානෙ පිඞ‍්ගියො අරහත‍්තෙ බාවරී අනාගාමිඵලෙ පතිට‍්ඨහි. බාවරිබ්‍රාහ‍්මණස‍්ස සිස‍්සා පන පඤ‍්චසතා සොතාපන‍්නා අහෙසුං.

එහි අරුත නම්, යම්සේ, සැදැහෙන් බරව සිටි වක්කලී තෙරුන් මෙන් ද (බාවරීගේ සිසුන්) දහසය දෙනා අතුරෙන් භද්‍රාවුධ මෙන්ද, ආලවි-ගොතම මෙන්ද සැදැහෙන් මිදී - අරහත් බවට පත්වූ සේ, ඔබද ඒ සැදැහැ බවින් මිදෙවු, එසේ සැදැහැ බවින්, ‘හේතු නිසා ඇතිවන හැමදෙයම අනිස යැයි ‘සබ්බ සංඛාරා අනිච්චා’ ආදී ලෙසින් විදසුන් වඩා මච්චුධෙය්‍යස්ස පාරං නිවනට, ගමිස්සසි මෙසේ අරහත් බව කුළුගන්වමින් දේසනය නිමකළහ. දේසනය අවසානයෙහි පිංගිය හිමි රහත්පලයද, බාවරී අනාගාමී පලයෙහිද පිහිටියේය. බාවරී බමුණාගේ පන්සියයක් සිසුවෝ සෝවාන් පලෙහි පිහිටියහ.

ඉදානි පිඞ‍්ගියො අත‍්තනො පසාදං පවෙදෙන‍්තො “එස භිය්‍යො”තිආදිමාහ. තත්‍ථ පටිභානවාති පටිභානපටිසම‍්භිදාය උපෙතො. අධිදෙවෙ අභිඤ‍්ඤායාති අධිදෙවකරෙ ධම‍්මෙ ඤත්‍වා. පරොවරන‍්ති හීනපණීතං, අත‍්තනො ච පරස‍්ස ච අධිදෙවත‍්තකරං සබ‍්බං ධම‍්මජාතං වෙදීති වුත‍්තං හොති. කඞ‍්ඛීනං පටිජානතන‍්ති කඞ‍්ඛීනංයෙව සතං “නික‍්කඞ‍්ඛම‍්හා”ති පටිජානන‍්තානං.

දැන් පිංගිය තෙරුන් වහන්සේ තම පැහැදීම පළ කරමින් ‘එස භිය්‍යො’ ආදී ගාථා පැවසූහ. පටිභානවා වැටහෙන සියුම් නුවණින් යුතු, අධිදෙවෙ අභිඤ්ඤාය දෙවියන් අබිබවා යන දහම දැන, පරොවරං ලාමක, උසස්, තමාගේත්, වෙනත් පුද්ගලයන්ගේත් දෙවියන් ඉක්මවා යන සියළු කරුණු දන්නා ලදැයි ද අවබෝධ කරන ලදැයි ද මෙයින් කියන ලදී. කංඛීනං පටිජානතං තදබල සැකය තිබූ බැවින්, ‘දැන් මුළුමනින්ම සැකයෙන් දුරුවූයෙමි’යි මැනවින් දැන,

අසංහීරන‍්ති රාගාදීහි අසංහාරියං. අසංකුප‍්පන‍්ති අකුප‍්පං අවිපරිණාමධම‍්මං. ද‍්වීහිපි පදෙහි නිබ‍්බානං භණති. අද‍්ධා ගමිස‍්සාමීති එකංසෙනෙව තං අනුපාදිසෙසං නිබ‍්බානධාතුං ගමිස‍්සාමි. න මෙත්‍ථ කඞ‍්ඛාති නත්‍ථි මෙ එත්‍ථ නිබ‍්බානෙ කඞ‍්ඛා. එවං මං ධාරෙහි අධිමුත‍්තචිත‍්තන‍්ති පිඞ‍්ගියො “එවමෙව ත්‍වම‍්පි පමුඤ‍්චස‍්සු සද‍්ධ”න‍්ති. ඉමිනා භගවතො ඔවාදෙන අත‍්තනි සද‍්ධං උප‍්පාදෙත්‍වා සද‍්ධාධුරෙනෙව ච විමුඤ‍්චිත්‍වා තං සද‍්ධාධිමුත‍්තතං පකාසෙන‍්තො භගවන‍්තං ආහ – “එවං මං ධාරෙහි අධිමුත‍්තචිත‍්ත”න‍්ති. අයමෙත්‍ථ අධිප‍්පායො “යථා මං ත්‍වං අවච, එවමෙව අධිමුත‍්තං ධාරෙහී”ති.

අසංහීරං රාගාදියෙන් ඈත්වූයේ, එකතු නොවූයේ, අසංකුප්පං කෝප සහගත බවක් ඇති නොවන, වෙනස්නොවන, (මෙබඳු ගති රහිත) මේ වචන දෙකෙන්ම නිවන ගැන සඳහන් කරයි. අද්ධාගමිස්සාමි නිසැකවම නැවත සසර ඉපදීම නැති නිවනට යන්නෙමි. න මෙත්‍ථ කංඛා ඒ නිවන ගැන මට සැකයක් නැත. එවං ම ධාරෙහි අධිමුත්ත චිත්තං ‘පිංගිය, එපරිදිම ඔබ ද සැදැහැ බව මුදාහරව’යි භාග්‍යවතුන් වහන්සේගේ මෙම අවවාදයෙන් තමා කෙරෙහි සැදැහැ උපදවා, සැදැහැ බර දැරීමෙන්ද මැනවින් නිදහස්ව, ඒ සැදැහැ බවින් මිදී ඒ බව භාග්‍යවතුන් වහන්සේට පැවසුවේ ‘එසේ මා සළකා ගනු මැනව’ යනුවෙනි.

ඉති පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය සොළසබ්‍රාහ‍්මණසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නිට‍්ඨිතො ච පඤ‍්චමො වග‍්ගො අත්‍ථවණ‍්ණනානයතො, නාමෙන පාරායනවග‍්ගොති.

පාරායණ වග්ගය නිමියේය.

නිගමනකථා

නිගමනකථා

එත‍්තාවතා ච යං වුත‍්තං –

“උත‍්තමං වන්‍දනෙය්‍යානං, වන්‍දිත්‍වා රතනත‍්තයං; යො ඛුද‍්දකනිකායම‍්හි, ඛුද‍්දාචාරප‍්පහායිනා.

සසරින් නිදහස සොයන ලෝකවාසීන්ට, බුදුරජාණන් වහන්සේ විසින් දේසනා කරන ලද කුඩා දහම් සූත්‍ර ඇතුළත්ව ඇතැයි සැළකෙන ඛුද්දක නිකායෙහි සුත්තනිපාත නම් වූ (සූත්‍ර එකතුවට) වන්දනීය වූ උතුම් තෙරුවන් නැමද අරුත් විවරණයක් කරන්නෙමු.

“දෙසිතො ලොකනාථෙන, ලොකනිත්‍ථරණෙසිනා; තස‍්ස සුත‍්තනිපාතස‍්ස, කරිස‍්සාමත්‍ථවණ‍්ණන”න‍්ති.

එත්‍ථ උරගවග‍්ගාදිපඤ‍්චවග‍්ගසඞ‍්ගහිතස‍්ස උරගසුත‍්තාදිසත‍්තතිසුත‍්තප‍්පභෙදස‍්ස සුත‍්තනිපාතස‍්ස අත්‍ථවණ‍්ණනා කතා හොති. තෙනෙතං වුච‍්චති –

යැයි මුලදී කියන ලද පරිදි මෙහි උරග වග්ග ආදී කොටස් පහකින් හා උරග සූත්‍රය ආදී සූත්‍ර හැත්තෑවක් ඇතුලත් සුත්ත නිපාතයට අරුත් විස්තර කරන ලදී. එහෙයින් මෙසේ කියන ලදී -

“ඉමං සුත‍්තනිපාතස‍්ස, කරොන‍්තෙනත්‍ථවණ‍්ණනං; සද‍්ධම‍්මට‍්ඨිතිකාමෙන, යං පත‍්තං කුසලං මයා.

මතුවටද සදහම් මැනවින් පැවතීම දකිනු කැමතිව, මෙම සුත්ත නිපාතයට අරුත් විස්තර දැක්වීමෙන් මා විසින් ඇති කරගත් කුසල බලයෙන්, බුද්ධාදී උතුමන් විසින් පහදා දෙන ලද දහමෙහි මේ ජනතාව එහි මහත් වූ විපුල දැනුමෙන් ඉක්මණින්ම වැඩිදියුණුවට පැමිණේවා!

“තස‍්සානුභාවතො ඛිප‍්පං, ධම‍්මෙ අරියප‍්පවෙදිතෙ; වුඩ‍්ඪිං විරූළ‍්හිං වෙපුල‍්ලං, පාපුණාතු අයං ජනො”ති.

(පරියත‍්තිප‍්පමාණතො චතුචත‍්තාලීසමත‍්තා භාණවාරා.)

උගතයුතු දහම් කොටස් සේ බණවර හතළිස් හතරකි.

පරමවිසුද‍්ධසද‍්ධාබුද‍්ධිවීරියප‍්පටිමණ‍්ඩිතෙන සීලාචාරජ‍්ජවමද‍්දවාදිගුණසමුදයසමුදිතෙන සකසමයසමයන‍්තරගහනජ‍්ඣොගාහණසමත්‍ථෙන පඤ‍්ඤාවෙය්‍යත‍්තියසමන‍්නාගතෙන තිපිටකපරියත‍්තිප‍්පභෙදෙ සාට‍්ඨකථෙ සත්‍ථුසාසනෙ අප‍්පටිහතඤාණප‍්පභාවෙන මහාවෙය්‍යාකරණෙන කරණසම‍්පත‍්තිජනිතසුඛවිනිග‍්ගතමධුරොදාරවචනලාවණ‍්ණයුත‍්තෙන යුත‍්තමුත‍්තවාදිනා වාදීවරෙන මහාකවිනා ඡළභිඤ‍්ඤාපටිසම‍්භිදාදිප‍්පභෙදගුණපටිමණ‍්ඩිතෙ උත‍්තරිමනුස‍්සධම‍්මෙ සුප‍්පතිට‍්ඨිතබුද‍්ධීනං ථෙරවංසප‍්පදීපානං ථෙරානං මහාවිහාරවාසීනං වංසාලඞ‍්කාරභූතෙන විපුලවිසුද‍්ධබුද‍්ධිනා බුද‍්ධඝොසොති ගරූහි ගහිතනාමධෙය්‍යෙන ථෙරෙන කතා අයං පරමත්‍ථජොතිකා නාම සුත‍්තනිපාත-අට‍්ඨකථා –

උතුම්, සුපිරිසිදු සැදැහැ බවින්, නැණින් හා උත්සාහ ගුණ යුතු, මනා සිල්වත්, නොවක්, මුදු ගුණයෙන් යුතු, තම සමය මෙන්ම වෙනත් ආගම් දසුන් හැදෑරීමෙන් සමත්කම් පෑ, දැනුමෙන් වියත් වූ, උගතමනා තෙවළා දහමෙහි අටුවා විවරණ සමග බුදුසස්නෙහි නොවෙනස් නුවණ රැසින් ද, මැනවින් වියරණ - වහර දැනීමෙන් ලද උදාරබව පිරි මිහිරි වදනෙහි බුහුටිකමින් හා සියළු වාදයන්හි අගපත්, මහාකවි, උසස් ගැඹුරු සයනැණින් හා මනා වැටහෙන නුවණින් යුතු, මිනිස්වග ඉක්මවා යන උසස්තම කරුණින් හෙබි, මහා විහාරවාසී, බබලන පහන් වන් ථෙරවාදී සඟ පරපුර අලංකාර කරන ලද, පුළුල් නිමල බුද්ධිය නිසාම ගුරුන් විසින් බුද්ධඝොස (හෙවත් බුදුගොස්) නමින් හඳුන්වනු ලබන තෙරුන් වහන්සේ විසින් ‘උසස් බලාපොරොත්තු බබුළුවන) පරමත්‍ථ ජොතිකා නම් මෙම සුත්තනිපාත අටුවාව කරන ලදී.

තාව තිට‍්ඨතු ලොකස‍්මිං, ලොකනිත්‍ථරණෙසිනං; දස‍්සෙන‍්තී කුලපුත‍්තානං, නයං පඤ‍්ඤාවිසුද‍්ධියා.

පිරිසිදු සිතැති, කම්පා නොවන, ලොවටම උසස් වූ, මාහ ඉසිවර වූ බුදුරජාණන් වහන්සේ යන නම ලොව පවත්නා තෙක්, සසරින් එතරවනු කැමති කුල පුතුනට සීලයෙන් පිරිසිදු වීමේ මග - පිළිවෙල පෙන්වා දෙමින් මෙය ලොව පවතී.

යාව බුද‍්ධොති නාමම‍්පි, සුද‍්ධචිත‍්තස‍්ස තාදිනො; ලොකම‍්හි ලොකජෙට‍්ඨස‍්ස, පවත‍්තති මහෙසිනොති.

සුත‍්තනිපාත-අත්‍ථවණ‍්ණනා නිට‍්ඨිතා.

සුත්තනිපාත අටුවා කථා නිමියේය.