පාරායනානුගීතිගාථා
පාරායනානුගීතිගාථා
පාරායනානුගීතිගාථා
1136. පාරායනමනුගායිස්සං (ඉච්චා යස්මා පිඞ්ගියො) යථාද්දක්ඛි තථා අක්ඛාසි, විමලො භූරිමෙධසො, නික්කාමො නිබ්බනො නාගො කිස්ස හෙතු මුසා භණෙ.
1136. (ආයුෂ්මත් පිඞ්ගිය බාවරීහට මෙසේ පැවසී:) බුදුරදුන් විසින් ගැයූ පරිද්දෙන් පාරායනය අනුගායනා කරන්නෙමි. බුදුරජානන් වහන්සේ යම් පරිද්දෙන් (සත්‍යාභිසම්බෝධයෙන්) දුටුසේක් නම්, එ පරිද්දෙන් වදාළසේක. නිර්මල වූ විපුලප්‍රඥා ඇති ප්‍රහීණ කළ කාම ඇති කෙලෙස්වල් හෝ තෘෂ්ණා විරහිත ලෝකනාථයන් වහන්සේ කුමක් හෙයින් මුසවා බණනසේක් ද?
1137. පහීන මල මොහස්ස මානමක්ඛප්පහායිනො, හන්දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං.
1137. ප්‍රහීණ වූ රාගාදිමල හා මෝහ හා ඇති, මානය හා මකුබව හා දුරැලූ බුදුරජුන්ගේ ගුණෝපසංහිත වචනය මම එකත්නෙන් කීර්තනය කරන්නෙමි.
1138. තමොනුදො බුද්ධො සමන්තචක්ඛු ලොකන්තගූ සබ්බභවාතිවත්තො, අනාසවො සබ්බදුක්ඛප්පහීනො සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ.
1138. බ්‍රාහ්මණය, අවිදුඅඳුර දුරැලූ, සමතැස් ඇති ලෝකාන්තයට ගිය, හැම භවයන් ඉක්ම වූ, ආස්‍රව රහිත වූ, සියලු දුක් ප්‍රහීණ කළ, සත්‍යනාම ඇති බුදුහු මා විසින් උපාශ්‍රිතයහ.
1139. ද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කානනං ආවසෙය්ය, එවංපහං අප්පදස්සෙ පහාය මහොදධිං හංසරිවජ්ඣපත්තො
1139. පක්ෂියෙක් කුඩා වනය හැර පියා බොහෝ පලතුරු ඇති වනයකට පැමිණ වසන්නා සේ, මම ද (බාවරී ආදි) මඳ නුවණැතියන් හැරපියා (අනවතප්තාදි) මහවිලකට හංසයකු සෙයින් පැමිණියෙමි.
1140. යෙ මෙ පුබ්බෙ ව්යාකංසු හුරං ගොතමසාසනා, ඉච්චාසි ඉති භවිස්සති, සබ්බන්තං ඉතිහීතිහං සබ්බන්තං තක්කවඩ්ඪනං.
1140. පෙර (බාවරීආදි) යම් කෙනෙක් ගෞතමබුද්ධශාසනයෙන් පළමු ‘මෙසේ වීල, මෙසේ වන්නේ ල’යි යම් දහමක් මට ප්‍රකාශ කළාහු ද, එ හැම ‘මෙසේ, මෙසේ යැ ‘යි උපන් කථායෙක, එ හැම (කාමවිතර්කාදි) තර්ක වඩනා සුලු ය.
1141. එකො තමනුදාසීනො ජුතිමා සො පභංකරො, ගොතමො භූරිපඤ්ඤාණො ගොතමො භූරිමෙධසො.
1141-1142. යම් සම්බුදු කෙනෙක් මට සාන්දෘෂ්ටිකඵල ඇති කල් නො යා දී දෙන පල ඇති, තෘෂ්ණාක්ෂය වූ කෙලෙස් උවදුරු නැති, දහම් දෙසුසේක් ද, යම් බුදුකෙනෙකුන්ට කිසි තැනෙක්හි දු උපමායෙක් නැත් ද, භූරිප්‍රාඥ වූ එ ගෞතමයන් වහන්සේ අසහාය වැ අවිදුඅඳුර දුරැලා වැඩහුන් සේක. ජාතිමත්හ. ප්රභඞ්කරයහ. ගෞතමසර්වඥයන් වහන්සේ ඥානධ්වජ ඇතිසේක.
1142. යො මෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං, තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා කච්චි.
1143. කින්නු තම්හා විප්පවසසි මුහුත්තමපි පිඞ්ගිය, ගොතමො භූරිපඤ්ඤාණො ගොතමො භූරිමෙධසා.
1143-1144. පිඞ්ගියබ්රාහ්මණයෙනි, තට යම් සම්බුදු කෙනෙක් සාන්ද්‍රෘෂ්ටික වූ අකාලික වූ තෘෂ්ණාක්ෂය වූ, කෙලෙස් උවදුරු නැති ධර්මය දෙසූසේක් නම්, යම් බුදුකෙනෙකුට කිසි තැනෙක්හි දු උපමායෙක් නැත් නම්, විපුල ප්රඥාධවජ ඇති එ ගෞතමයන් වහන්සේ කෙරෙන් ඒ මහාප්රාඥගෞතමයන් කෙරෙන් කිම, මොහොතකුදු වියෝව වෙසෙවුදැ’යි (බාවරී කී යැ.)
1144. යො තෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං, තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
1145. නාහං තම්හා විප්පවසාමි මුහුත්තම්පි බ්‍රාහ්මණ, ගොතමො භූරිපඤ්ඤාණා ගොතමො භූරිමෙධසා.
1145-1146. බමුණානෙනි, යම් සම්බුදු කෙනෙක් මට සාන්දෘෂ්ටික වූ අකාලික වූ තෘෂ්ණාක්ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද, යම් කෙනෙකුන්ට කිසි තැනෙක්හි දු උපමා නැද්ද, එ ඥානධ්වජ ඇති ගෞතමයන් වහන්සේ කෙරෙන් එ විපුලප්‍රඥා ඇති ගෞතමයන් වහන්සේ කෙරෙන් මම් මොහොතකුදු වෙන් වැ නො වසමි.
1146. යො තෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං, තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
1147. පස්සාමි නං මනසා චක්ඛුනා ච රත්තිං දිවං බ්‍රාහ්මණ අප්පමත්තො. නමස්සමානො විවසෙමි රත්තිං තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං.
1147. බ්‍රාහ්මණයෙනි, අප්‍රමත්ත වූ (මම්) දවරෑහි මනසින් හා ඇසින් හා එ ගෞතමබුදුන් දක්මි. නමස්කාර කරමින් මැ රැය ඉක්වමි. එහෙයින් මැ අවිප්‍රවාසය හඟිමි.
1148. සද්ධා ච පීතී ච මනො සතී ච නාපෙන්ති මෙ ගොතමසාසනම්හා, යං යං දිසං වජති භූරිපඤ්ඤො ස තෙන තෙනෙව නතො හමස්මි.
1148. මාගේ ශ්‍රද්ධාව හා ප්‍රීතිය හා මනස හා ස්මෘතිය හා ගෞතම ශාසනයෙන් පහ වැ නොයෙයි. මහාප්රාඥයන් වහන්සේ යම් මැ දෙසකට වඩනාසේක් නම්, එ මම් එ දික්හි මැ නතුයෙම් වෙමි.
1149. ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස තෙනෙව කායො න පලෙති තත්ථ, සඞ්කප්පසත්තාය වජාමි නිච්චං මනො හි මෙ බ්‍රාහ්මණ තෙන සුත්තො
1149. ජීර්ණ වූ (එහෙයින් මැ) අල්පවීර්‍ය්‍ය ඇති මාගේ මේ කය, එ හෙයින් මැ එහි නො යෙයි. සංකල්පගමනින් එක්වන් යෙමි. බ්‍රාහ්මණය, එහෙයින් මැ මාගේ සිත එබුදුන් ඇති තන්හි මැ යෙදුනේ වෙයි.
1150. පඞ්කෙ සයානො පරිඵන්දමානො දීපා දීපං උපප්ලවිං, අථද්දසාසිං සම්බුද්ධං ඔඝති ණ්ණමනාසවං.
1150. කාමපඩ්කයෙගි හෝනෙම් හාත්පසින් සැලෙනුයෙම් ශාස්තෘ සඞ්ඛ්‍යාත ද්වීපයෙන් ද්වීපයට පාවැ ගියෙමි. එක්බිති, (පහණසෑවෙහෙරෙහි දී) චතුරෝඝතරණය කළ ආස්‍රව රහිත වූ සම්බුදුන් දිටිමි.
1151. යථා අහු වක්කලි මුත්තසද්ධො භද්රාවුධො ආළවි ගොතමො ච, එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං ගමිස්සසි ත්වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරං.
1151. ශ්රද්ධාධිමුක්ත වක්කලී මහණය, භද්‍රාවුධ ය, ආළවිගෝතම ය, යන මොහු යම් බඳු වූහු නම්. එ සෙයින් මැ තෙපි දූ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වව. පිඞ්ගියෙනි, තො ද මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සංසාරයාගේ පාරයට යව.
1152. එස භිය්යො පසීදාමි සුත්වාන මුනිනො වචො, විවත්තච්ඡද්දො සම්බුද්ධො අඛිලො පටිභානවා.
1152. මුනීන්ද්රයන් වහන්සේගේ තෙල බස අසා මම් බෙහෙවින් පහදිම්. සම්බුදුහු පෙරළු (රාගාදි) සියන් ඇතියහ. (රාගාදි) ඛිල රහිතයහ. ප්‍රතිභානප්‍රතිසංවිද් ඇතියහ.
1153. අධිදෙවෙ අභිඤ්ඤාය සබ්බං වෙදි පරොවරං, පඤහානන්නකාරො සත්ථා කඞ්ඛීනං පටිජානතං.
1153. අධිදේවකර ධර්මයන් ප්රත්යක්ෂයෙන් දැන, හීන - ප්‍රණීත වූ හෝ (තමාත් මෙරමාත් පිළිබඳ වු) අධිදේවත්වකර ධර්‍මජාතය දතුවහ. ශාස්තෘන් වහන්සේ සැක ඇතිව මැ ‘සැක නැතියම්හ’යි පිළින කරණුවන්ගේ ප්‍රශ්න කෙළවර කරන්නාහ.
1154. අසංහීරං අසඞ්කුප්පං යස්ස නත්ථි උපමා ක්වචි, අද්ධා ගමිස්සාමි න මෙත්ථ කඞ්ඛා එවං පධාරෙහී අධිමුත්තචිත්තන්ති.
1154. යම් නිවනකට කිසි දු තැනෙක්හි උපමා නැද්ද, (රාගාදියෙන්) ගෙණ යා නො හැකි, අකෝප්‍ය වූ නිවන එකත්නෙන් අධිගම කරණෙම් මෙහිලා මට සැකයෙක් නැත. මෙසෙයින් (පිඞ්ගිය තෙපි) මා නිවනෙහි අධිමුක්තචිත්තයකු කොට ධරව“යි.
පාරායනවග්ගො නිට්ඨිතො.
පාරායනවර්ගය නිමි.
සුත්තනිපාතො සමත්තො.
සූත්‍රනිපාතය සමාප්ත යි.