යෙදුමෙන් කියවන්න

පිඞ‍්ගියසුත‍්තං

5. 16.

5. 16.

පිඞ‍්ගියසුත‍්තං

පිඞ්ගියමාණව පෘච්ඡා

1125. ජිණ‍්ණො හමස‍්මි අබලො වීතවණ‍්ණො (ඉච‍්චා යස‍්මා පිඞ‍්ගියො) නෙත‍්තා න සුද‍්ධා සවනං න ඵාසු, මාහං නස‍්සං මොමුහො අන‍්තරාව ආචික‍්ඛ ධම‍්මං යමහං විජඤ‍්ඤං ජාතිජරාය ඉධ විප‍්පහානං.

1125. (ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි) මම ජීර්‍ණයෙමි, දුර්‍වලයෙමි, විවර්‍ණයෙමි, (මාගේ) නේත්‍රයෝ ශුද්ධ නො වෙති, ශ්‍රවණය ද පහසු නැත, මම (මුඹ වහන්සේගේ දහම් පසක් නොකොට) අතුරෙහි මැ මුළා වූ යෙම් නහමක් මියෙම්වා. මේ පහණසෑවෙහෙරෙහි මැ ජාති ජරාවන්ගේ ප්‍රහාණය වූ යම් දහමක් අසා මම දැනගන්නෙම් නම්, එ දහම වදාළ මැනැව.

1126. දිස‍්වාන රූපෙසු විහඤ‍්ඤමානෙ (පිඞ‍්ගියාති භගවා) රුප‍්පන‍්ති රූපෙසු ජනා පමත‍්තා, තස‍්මා තුවං පිඞ‍්ගිය අප‍්පමත‍්තො ජහස‍්සු රූපං අපුනබ‍්භවාය.

1126. (බුදුහු මෙසේ වදාළහ: පිඞගියෙනි,) රූප නිමිතින් නැසෙන වුන් දැක (කුශලධර්‍මයන්හි) ප්‍රමත්ත වූ ජනයෝ රූපයන් නිමිති කොට පෙළෙති. පිඞ්ගිය, තෙපි (කුශලධර්‍මයෙහි) අප්‍රමත්තව පුනර්‍භවය නො වනු පිණිස රූපය දුරු කරව.

1127. දිසා චතස‍්සො විදිසා චතස‍්සො උද‍්ධං අධො දසදිසා ඉමායො න තුය‍්හං අදිට‍්ඨං අසුතං’ මුතං වා, අථො අවිඤ‍්ඤාණං කිඤ‍්චි න මත්‍ථි ලොකෙ ආචික‍්ඛ ධම‍්මං යමහං විජඤ‍්ඤං ජාති ජරාය ඉධ විප‍්පහානං.

1127. සතර දිග ය, සතර අනු දිග ය උඩ ය යට ය යන මේ දස දික් කෙනෙක් වෙත් ද, ලොව් හි මෙ හැම තන් හි මුඹ වහන්සේ විසින් නො දක්නා ලද, නො අසන ලද ආඝ්‍රාණ, ස්වාදන, ස්පර්‍ශන නොකරන ලද යළි නො දක්නා ලද කිසිවක් නැති මේ පහණසෑ වෙහෙරෙහි දී මැ ජාති ජරාවන්ගේ ප්‍රහාණය වූ යම් (නිර්‍වාණ) දහමක් මම් දැනගන්නෙම් නම්, එ දහම වදාළ මැනව.

1128. තණ‍්හාධිපන‍්නෙ මනුජෙ පෙක‍්ඛමානො (පිඞ‍්ගියාති භගවා) සන‍්තා පජා තෙ ජරසා පරෙතෙ, තස‍්මා තුවං පිඞ‍්ගිය අප‍්පමත‍්තො ජහස‍්සු තණ‍්හං අපුනබ‍්භවායාති.

1128. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: පිඞ්ගියෙනි, යම් හෙයකින් තෙපි) තෘෂ්ණායෙහි ගැලී සිටි සත්ත්‍වයන් හටගත් සිත් තැවුලි ඇතියන් ජරායෙන් මඬනා ලද්දවුන් සේ දක්නවු ද එ හෙයින් පිඞ්ගියෙනි, තෙපි අප්‍රමත්ත වැ පුනර්‍භවය නො වනු පිණිස තෘෂ්ණාව දුරු කරවයි.

පිඞ‍්ගියසුත‍්තං සොළසමං.

පිඞ්ගියමාණව පෘච්ඡා නිමි.

ඉදමවොච භගවා මගධෙසු විහරන‍්තො පාසාණකෙ චෙතියෙ පරිචාරිකසොළසානං බ්‍රාහ‍්මණානං අජ‍්ඣිට‍්ඨො පුට‍්ඨො පුට‍්ඨො පඤ‍්හෙ ව්‍යාකාසි, එකමෙකස‍්ස චෙපි පඤ‍්හස‍්ස අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මං පටිපජ‍්ජෙය්‍ය ගච‍්ඡෙය්‍යෙව ජරා මරණස‍්සපාරං පාරඞ‍්ගමනියා ඉමෙ ධම‍්මාති. තස‍්මා ඉමස‍්ස ධම‍්මපරියායස‍්ස පාරායනන‍්තෙව අධි වචනං:

භාග්‍යවතුන් වහන්සේ මගධ දනවුයෙහි පාසාණක චේතිය නම් වෙහෙරෙහි වැඩ වසනසේක, මෙය දෙසූ සේක. බාවරීහුගේ අතැවැසි සොළොස් බමුණන් විසින් අයදනා ලද්දාහු පුළුවුත්පුළුවුත් පැන විසඳූ සේක. ඉදින් යමෙක් එකෙකි පැනයෙකැ පෙළ දැන අරුත් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියෙහි පිළිපදනේ නම් හේ ජරාමරණයන්ගේ පරතෙරට යන්නේ මැ ය, යම් හෙයෙකින් මේ ධර්‍මයෝ (නිර්‍වාණ) පාර ගමනාර්‍හ වෙත් ද එ හෙයින් මේ ධර්‍ම පර්‍ය්‍යායට ‘පරායන’ යනු මැ නම් වී ය.

1129. අජිතො තිස‍්ස මෙත‍්තෙය්‍යො පුණ‍්ණකො අථ මෙත‍්තගූ, ධොතකො උපසීවො ච නන්‍දො ච අථ හෙමකො.

1129. අජිතය, තිස්සමෙත්තෙය්‍ය ය, පූර්‍ණක ය, යළි මෙත්තගූ ය,ධෝතක ය. උපසීව ය, නන්‍ද ය, යළි හේමක ය,

1130. තොදෙය්‍යකප‍්පා දුභයො ජතුකණ‍්ණී ච පණ‍්ඩිතො, භද්‍රාවුධො උදයො ච පොසාලො චාපි බ්‍රාහ‍්මණො, මොඝරාජා ච මෙඛාවි පිඞ‍්ගියොව මහාඉසී.

1130. තෝදෙය්‍ය කප්ප යන දෙදෙනාය, පණ්ඩිත වු ජතුකණ්ණී ය, භද්‍රාවුධ ය, උදය, පෝසාල බ්‍රාහ්මණ ය, පණ්ඩිත වූ මෝඝරාජ ය, මහාර්ෂී වූ පිඞ්ගී ය ද යන.

1131. එතෙ බුද‍්ධං උපාගච‍්ඡුං සම‍්පන‍්න චරණං ඉසිං පුච‍්ඡන‍්තා නිපුණෙ පඤ‍්හෙ බුද‍්ධසෙට‍්ඨං උපාගමුං.

1131. මොහු සමෘද්ධ වූ පසළොස් චරණධර්‍ම ඇති මහර්ෂී වූ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. සියුම් පැන පුළුවුස්නාහු බුද්ධශ්‍රේෂ්ඨයන් කරා පැමිණියහ.

1132. තෙසං බුද‍්ධො ව්‍යාකාසි පඤ‍්හෙ පුට‍්ඨො යථාතථං, පඤ‍්හානං වෙය්‍යාකරණෙන තොසෙසි බ්‍රාහ‍්මණෙ මුනී,

1132. පැන පුළුවුස්නා ලද බුදුහු ඔවුනට ඇතිසැටිය ප්‍රකාශ කළහ. සර්‍වඥ මුනිහු පැන විසඳීමෙන් බමුණන් තුටු කළහ.

1133. තෙ තොසිතා චක‍්ඛුමතා බුද‍්ධෙනාදිච‍්චබන්‍ධුනා, බ්‍රහ‍්මචරියමචරිංසු වරපඤ‍්ඤස‍්ස සන‍්තිකෙ.

1133. පසැස් ඇති ආදිත්‍ය බන්‍ධු වූ බුදුරජානන් වහන්සේ විසින් තුටුකරන ලද්දාහු ඔහු උත්තම ප්‍රාඥ වූ සර්‍වඥයන් වහන්සේ වෙත මගබඹසරවස් වුසූහ.

1134. එකමෙකස‍්ස පඤ‍්හස‍්ස යථා බුද‍්ධෙන දෙසිතං, තථා යො පටිපජ‍්ජෙය්‍ය ගච‍්ඡෙ පාරං අපාරතො.

1134. එකෙකි, පැනයට යම්සේ බුදුරදුන් විසින් වදාළ විසැඳුම් වේ ද, එසේ යමෙක් පිළිපදනේ නම් හේ අපාර සංඛ්‍යාත සංසාරයෙන් පාරසංඛ්‍යාත නිර්‍වාණයට යන්නේ ය.

1135. අපාරා පරං ගච‍්ඡෙය්‍ය භාවෙන‍්තො මග‍්ගමුත‍්තමං, මග‍්ගො සො පාරං ගමනාය තස‍්මා පරායනං ඉති.

1135. උතුම් වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුයේ අපාර සංඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ ය. පාරගමනයට හේ මාර්‍ග වෙයි. එ හෙයින් ‘පාරායන’ නම් වෙයි.