මොඝරාජසුත‍්තං
5. 15.
5. 15.
මොඝරාජසුත‍්තං
මෝඝරාජ පෘච්ඡා
1121. ද‍්වාහං සක‍්කං අපුච‍්ඡිස‍්සං (ඉච‍්චා යස‍්මි මොඝරාජා) න මෙ ව්‍යාකාසි චක‍්ඛුමා, යාව තතියඤ‍්ච දෙවීසි ව්‍යාකරොතීති මෙ සුතං.
1121. (ආයුෂ්මත් මෝඝරාජ මෙසේ ඇසීය:) මම දෙවටක් ශාක්‍ය මුනිහු විචාළෙමි, පසැස් ඇති මුනිහු මට නො දෙසූහ. දෙවර්ෂීහු තෙවනුවට දක්වා විචාරන ලද්දාහු ප්‍රකාශ කරන්නාහ’යි මා විසින් අසන ලද.
1122. අයං ලොකො පරො ලොකො බ්‍රහ‍්මලොකො සදෙවකො, දිට‍්ඨිං තෙ නාභිජානාති ගොතමස‍්ස යසස‍්සිනො.
1122. මෙ මිනිස්ලෝ වැසි තෙමේ ද, අන්ලෝ වැසි තෙමේ ද දෙවියන් සහිත බඹලෝ වැසි තෙමේ ද යශස්වී වු ගෞතම ගෝත්‍ර ඇති මුඹ වහන්සේගේ දෘෂ්ටිය නොදන්නේ ය.
1123. එතං අභික‍්කන‍්තදස‍්සාවිං අත්‍ථි පඤ‍්හෙන ආගමං, කථං ලොකං අවෙක‍්ඛන‍්තං මච‍්චුරාජා න පස‍්සති.
1123. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් වහන්සේ කරා පැන පුළුවුස්නෙන් අර්ත්‍ථී ව ආයෙමි. ලොව කිසෙයින් බලන්නාහු මෘත්‍යුරාජ තෙමේ නො දක්නේ ද?
1124. සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු මොඝරාජ සදා සතො, අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්ච එවං මච‍්චුතරො සියා: එවං ලොකං අවෙක‍්ඛ’න‍්තං මච‍්චුරාජා න පස‍්සතීති.
1124. මෝඝරාජය හැමකල්හි ස්මෘතිමත් වැ සත්කාය දෘෂ්ටිය දුරු කොට ලෝකය ශූන්‍ය හෙයින් බලව, මෙ සෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි මෙසෙයින් ලොව දක්නහු මෘත්‍යුරාජ තෙම නොදක්නේ යයි,
මොඝරාජසුත‍්තං පණ‍්ණරසමං.
මෝඝරාජ මාණව පෘච්ඡා නිමි.