පොසාලසුත‍්තං
5. 14.
5. 14.
පොසාලසුත‍්තං
පෝසාලමාණවක පෘච්ඡා
1117. යො අතීතං ආදියති (ඉච‍්චායස‍්මා පොසාලො) අනෙජො ඡින‍්නසංසයො, පාරගුං සබ‍්බධම‍්මානං අත්‍ථිපඤ‍්හෙන ආගමං.
1117. (ආයුෂ්මත් පෝසාල මාණවක මෙසේ විචාරයි:) එජා සංඛ්‍යාත තෘෂ්ණා රහිත වූ සිඳුනා ලද සැක ඇති, යම් සර්‍වඥ කෙනෙක් ස්වකීයවූ ද පරකීය වූ ද අතීතය (පූර්‍වනිවානුස්මෘති ඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන්ගේ පාරිමතිරප්‍රාප්ත වූ එ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථීව පැමිණියෙම් වෙමි.
1118. විභූතරූපසඤ‍්ඤිස‍්ස සබ‍්බකායප‍්පහායිනො අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච නත්‍ථි කිඤ‍්චීති පස‍්සතො, ඤාණං සක‍්කානු පුච‍්ඡාමි කථං නෙය්‍යො තථා විධො.
1118. ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, මොනොවට ඉක්මවන ලද රූපසංඥා ඇති, තදංග - විෂ්කම්භණ වශයෙන් හැම රූපකාය ප්‍රහාණය කරනසුලු අධ්‍යාත්මයෙහිත්, බාහිරයෙහිත් කිසිවක් නැතැ’යි දක්නාහු (ආකිඤ්චඤ්ඤායතනලාභීහු) ගේ ඥානය පුලුවුස්මි. ඒ බඳු වූ පුද්ගල තෙම කිසෙයින් මත්තෙහි ඥානයට පැමිණවිය යුත්තේ ද?
1119. විඤ‍්ඤාණට‍්ඨිතියො සබ‍්බා (පොසො ලාති භගවා) අභිජානං තථාගතො තිට‍්ඨන‍්තමෙනං ජානාති විමුත‍්තං තප‍්පරායණං.
1119. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: පෝසාලයෙනි), තථාගතයෝ හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නාහු ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය මැ පරායණ කොට ඇති මෙ පුඟුලා දන්නාහ.
1120. ආකිඤ‍්චඤ‍්ඤා සම‍්භවං ඤත්‍වා නන්‍දි සංයොජනං ඉති, එවමෙතං අභිඤ‍්ඤාය තතො තත්‍ථ විපස‍්සති: එතං ඤාණං තථං තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස වුසීමතොති.
1120. ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සංඛ්‍යාත නන්‍දිය සංයෝජනයෙකැ’යි මෙසේ විශිෂ්ට ඥානයෙන් දැන ඉක්බිති එහි අනිත්‍යාදි විසින් විදර්‍ශනා (භාවනා) කරන්නේ ය. වැස නිම වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යවාසය ඇති බාහිතතාපී වූ එ රහත්හුගේ තෙල අර්‍හත්‍ව ඥානය අවිපරීත වේ යයි.
පොසාලසුත‍්තං චුද‍්දසමං.
පෝසාලමාණව පෘච්ඡා නිමි.