තිස‍්සමෙත‍්තෙය්‍යසුත‍්තං
5. 2.
5. 2.
තිස‍්සමෙත‍්තෙය්‍යසුත‍්තං
තිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා
1044. කොධං සංතුසිතො ලොකෙ (ඉච‍්චායස‍්මා තිස‍්ස මෙතතය්‍යො.) කස‍්ස නො සන‍්ති ඉඤ‍්ජිතා, කො උභන‍්තම‍්භිඤ‍්ඤාය මජ‍්ඣෙ මන‍්තා න ලිප‍්පති, කං බ්‍රූසි මහාපුරිසොති කො ඉධ සිබ‍්බනී මච‍්චගා?
1044. (ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය මෙසේ පිළිවිත්:) කවරෙක් මෙලොව සන්තුෂ්ට වේ ද? කවරක්හට (තෘෂ්ණා දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද? කවරෙක් අන්තද්වය විශිෂ්ට ඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද? කවරක්හු මහාපුරුෂයයි කියන සේක් ද? මෙහි කවරෙක් තෘෂ්ණා සිබ්බනිය ඉක්මැගියේ දැයි?
1045. කාමෙසු බ්‍රහ‍්මචරියවා (මෙත‍්තෙය්‍යාති භගවා) වීතතණ‍්හො සදා සතො, සඞ‍්ඛාය නිබ‍්බුතො භික‍්ඛු තස‍්ස නො සන‍්ති ඉඤ‍්ජිතා.
1045. (මෙත්තෙය්‍යයෙනි, යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:) කාමයෙහි (ආදීනව දැක) මගබඹසර ඇති, පහ වූ තෘෂ්ණා ඇති හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින් දහම්) විමසා රාගාදිය (නිවීමෙන්) නිවුනු යම් මහණෙක් වේ නම්, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.
1046. සො උභන‍්තමභිඤ‍්ඤාය මජ‍්ඣෙ මන‍්තා න ලිප‍්පති, තං බ්‍රූමි මහාපුරිසොති සොධ සිබ‍්බනි මච‍්චගාති.
1046. හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැන මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලෙයි. ඔහු මහාපුරුෂයයි කියමි. හේ මේ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මැ ගියේ යි.
තිස‍්සමෙත‍්තෙය්‍යසුත‍්තං දුතියං.
තිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා නිමි.