පුණ්ණකසුත්තං
5. 3.
5. 3.
පුණ්ණකසුත්තං
පුණ්ණකමාණව පෘච්ඡා
1047. අනෙජං මූල දස්සාවිං (ඉච්චායස්මා පුණ්ණකො) අත්ථි පඤ්හෙන ආගමං කිං නිස්සිතා ඉසයො මනුජා ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලොකෙ පුච්ඡාමි තං භගවා බ්රූහිමෙතං.
1047. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ, (එහෙයින්) අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශල මූලාදිය දක්නා සුලු වූ භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇත්තමෝ ආම්හ. මෙලොවැ ඍෂීහු ය, මනුෂය්‍යයෝ ය, ක්ෂත්රියෝ ය, බ්‍රාහ්මණයෝ ය යන බොහෝ යාගකරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දේයධර්‍මය පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්‍යවතුන් වහන්ස, ඒ කරුණ මුඹවහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනවි.
1048. යෙ කෙචිමෙ ඉසයො මනුජා (පුණ්ණකාති භගවා) ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලොකෙ, ආසිංමානා පුණ්ණක ඉත්ථභාවං ජරං සිතා යඤ්ඤමකප්පයි සු.
1048. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය, ) මේ ලෝකයෙහි ඍෂීහු ය, මනුෂය්‍යයෝ ය, ක්ෂත්රියයෝ ය, බ්‍රාහ්මණයෝ ය යන මෙබඳු යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසර දුක්) නිසා මේ මනුෂ්‍යාදි භාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත්.
1049. යෙ කෙචි මෙ ඉසයො මනුජා (ඉච්චායස්මා පුණ්ණකො) ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථූ ඉධ ලොකෙ කච්චිස්සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා ආතාරු ජාතිඤ්ච ජරං ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
1049. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) මෙ ලෝකයෙහි ඍෂීහු ය, මනුෂය්‍යයෝ ය, ක්ෂත්රියයෝ ය, බ්‍රාහ්මණයෝ ය, යන මෙබඳු බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්ස, කිම, ඔහු යාගයෙහි අප්‍රමත්ත වූවාහු ජාතියත් ජරාවත් තරණය කළාහු ද? නිදුකාණන් වහන්ස එය මුඹවහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ මට වදාළ මැනවි,
1050. ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජුහන්ති (පුණ්ණකාති භගවා) කාමාභිජප්පන්ති පටිච්ච ලාභං, තෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාතිජරන්ති බ්රූමි.
1050. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:) පුණ්ණකය, ඔහු රූපප්රතිලාභාදිය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති. (යාගාදිය) පසසත්. (රූපාදි) ප්‍රතිලාභය පිණිස වාග්භේද කෙරෙත්. පූජා කරත්. රූපාදි ප්‍රතිලාභය සඳහා පුනපුනා කාමයන් මැ (අපට වුව මැනවැයි) කියත්. යාගයෙහි යෙදුනු, භවරාගයෙන් රැඳුනු ඔහු ජාතිජරාදි (සසර දුක) තරණය නො කළහ යි කියමි.
1051. තෙ වෙ නාතරිංසු යාජයොගා (ඉච්චායස්මා පුණ්ණකො) යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස, අථ කො චරහි දෙව මනුස්සලොකෙ අතාරි ජාතිඤ්ඤ ජරඤ්ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
1051. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) නිදුකානන් වහන්ස, යාජයෝග වූ ඔහු ඉදින් යාගයන් කරණ කොට ජාතියක් ජරාවත් තරණය නො කළාහු නම්, නිදුකානන් වහන්ස, එකල්හි දෙව්මිනිස් ලොව කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? එ කරුණ පුළුවුස්මි භාග්‍යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැව.
1052. සඞ්ඛාය ලොකස්මිං පරොවරානි (පුණ්ණකාති භගවා) යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ, සන්තො විධූමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමීති.
1052. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: පුණ්ණකය,) සත්ත්ව ලෝකයෙහි (පරාත්මභාව ස්වාත්මභාවාදි) පරාවරයන් නුවණින් විමසා (දත්) යම් ක්‍ෂීණාස්‍රවයක්හට ලොවැ කිසි තැනෙක්හි ඉඤ්ජිතයෙක් නැද්ද, (සන්හුන් කෙලෙස් ඇති හෙයින්) ශාන්ත වූ කාය දුශ්චරිතාදි ධූම විරහිත වූ (රාගාදි) උපද්‍රව රහිත වූ ආශා රහිත වූ ඒ ක්ෂීණාස්රව තෙම ජාතිජරා තරණය කෙළේයයි කියමි.
පුණ්ණකසුත්තං තතියං.
පුණ්ණකමාණව පෘච්ඡා නිමි.