උපසීවසුත්තං
5. 6.
5. 6.
උපසීවසුත්තං
උපසීවමාණව පෘච්ඡා
1073. එකො අහං සක්ක මහන්තමොඝං (ඉච්චායස්මා උපසීවො) අනිස්සිතො නො විසහාමි තාරිතුං, ආරම්මණං බ්රූහි සමන්තචක්ඛු. යං නිස්සිතො ඔඝමිමං තරෙය්යං.
1073. (ආයුෂ්මත් උපසීව මෙසේ ඇසී:) ශාක්යමුනීන්ද්රයන් වහන්ස, එකලා වූ මම (කිසි පුඟුලකු හෝ දහමක් හෝ) ඇසුරු නො කෙළෙම් (කාමාදි) මහත් ඕඝතරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්වඥයන් වහන්ස, යම් කිසි දහමක් හෝ පුඟුලකු ඇසුරු කෙළෙම් මේ කෙලෙස්වතුරු තරණය කෙරෙම් නම් ඒ නිඃශ්‍රය වදාරණසේක්වා.
1074. ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා (උපසීවාති භගවා) නත්ථීති නිස්සාය තරස්සු ඔඝං, කාමෙ පහාය විරතො කථාහි තණ්හක්ඛයං නත්තමහාභිපස්ස.
1074. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: උපසීවය,) සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය (අනිත්‍යාදි විසින්) දක්මින් ‘නත්ථි කිඤ්චි’යි පැවැති. එ සමවත ඇසුරු කොට මේ චතුරෝඝය තරණය කර වස්තුකාම ක්ලේශකාමයන් හැරපියා, කථංකථා සඞ්ඛ්‍යාත විචිකිත්සායෙන් වෙන් වූයෙහි දවරෑහි තෘෂ්ණාක්ෂය සඞ්ඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.
1075. සබ්බෙසු කාමෙසු යො වීතරාගො (ඉච්චායස්මා උපසීවො) ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්ව මඤ්ඤං, සඤ්ඤා විමොක්ඛෙ පරමෙ විමුත්තො තිට්ඨෙ නු සො තත්ථ අනානුයායී.
1075. (උපසීව ආයුෂ්මත් මෙසේ ඇසී:) යමෙක් සියලු කාමයන්හි පහවූ රාග ඇත්තේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ඇසුරු කෙළේ නම් උත්තම සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුනේ නම්, හේ ඒ ආකිඤ්චඤ්ඤායතන බඹලොව්හි වියෝගයට නොයනසුලු වැ සිටිනේ ද?
1076. සබ්බෙසු කාමෙසු යො වීතරාගො (උපසීවාති භගවා ) ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්ව මඤ්ඤං සඤ්ඤා විමොක්ඛෙ පරමෙ ධිමුත්තො තිට්ඨෙය්ය සො තත්ථ අනානුයායී.
1076. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: උපසීවය,) යමෙක් හැම කාමයන්හි වීතරාග වූයේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ඇසුරු කෙළේ ඒ උත්තමසංඥාවිමෝක්ෂයෙහි ඇලුනේ නම් හෙතෙම (එයින්) නො පිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්මලෝකයෙහි (කප්සැටදහසක්) සිටුනේ යි.
1077. තිට්ඨෙ වෙ සො තත්ථ අනානුයායී (ඉච්චායස්මා උපසීවො) යුගම්පි වස්සානං සමන්තචක්ඛු, තත්ථෙව සො සීති සියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථා විධස්සි.
1077. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) සමතැස් ඇති සර්වඥයන් වහන්ස, ඉදින් හේ එයින් නොපිරිහෙන සුලු වැ නොයෙක් හවුරුදු සියදහස් ගණන් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටිනේ නම්, හෙතෙම එහි මැ දුකින් මිදුනේ ශීතීභාවයට පැමිණියේ එහි මැ සිටිනේ ද? එ බඳු වූ වහුගේ විඥානය එහි ම පිරිනිවේ ද?
1078. අච්චි යථා වාතවෙගෙන ඛිත්තා (උපසීවාති භගවා) අත්ථං පලෙති න උපෙති සඞ්ඛං, එවං මුනී නාමකායා විමුත්තො අත්ථං පලෙති න උපෙති සඞ්ඛං.
1078. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: උපසීවය,) වාතවේගයෙන් බැහැර කරණ (නිවන) ලද ගිනිසිලෙක් යම්සේ අස්තයට යේ නම්, (අසෝ දිගට ගියේ යැයි) ව්‍යවහාරයට නො යේ නම්, එසෙයින් මැ (එහි උපන්) ශෛක්‍ෂමුනි තෙම නාම කයින් මිදුනේ අස්තයට යෙයි. ක්ෂත්රියාදි ව්‍යාවහාරයට නො යෙයි.
1079. අත්ථංගතො සො උද වා සො නත්ථි (ඉච්චායස්මා උපසීවො) උදාහු වෙ සස්සතියා අරොගො, තං මෙ මුනී සාදු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො
1079. (ආයුෂ්මත් උපසීව මෙසේ ඇසීය:) මුනීන්ද්රයන් වහන්ස, ඒ අරූපී ආර්‍ය්‍ය පුද්ගල අස්තයට ගියේ නොහොත් අවිද්‍යාමාන වූයේ ද? නොහොත් හේ ඒකාන්තයෙන් ශාශ්වත භාවයෙන් අරෝග වූයේ (අවිපරිණාම ස්වභාවයෙන්) සිටිනේ ද? මුනීන්ද්රයන් වහන්ස, එය මට මැනැවින් ප්‍රකාශ කොට වදාළ මැනැව. යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දන්නාලද ද, එහෙයිනි.
1080. අත්ථංගතස්ස න පමාණමත්ථි (උපසීවාති භගවා) යෙන නං වජ්ජුං තං තස්ස නත්ථි, සබ්බෙසු ධම්මෙසු සමූහතෙසු සමූහතා වාදපථාපි සබ්බෙති.
1080. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: උපසීවය,) අනුපාදාපරිනිර්වාණයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්රමාණයෙක් නැත. රාගාදි යම් ප්‍රමාණයෙකින් ඔහට කියත් නම්, ඒ ප්‍රමාණය ඔහට නැත (ස්කන්ධාදි) සියලු ධර්මයන් නැසූ කල්හි හැම වාදපථයෝ ද නසනලද වෙතියි.
උපසීවසුත්තං
උපසීවමාණව පෘච්ඡා නිමි.