යෙදුමෙන් කියවන්න

ගන්‍ථාරම‍්භකථා අට‍්ඨකථා

ගන්‍ථාරම‍්භකථා

ආරම්භක ප්‍රකාශනය

මහාකාරුණිකං නාථං, ඤෙය්‍යසාගරපාරගුං; වන්‍දෙ නිපුණගම‍්භීර-විචිත්‍රනයදෙසනං.

1. මහා කාරුණිකං නාථං ඤෙය්‍ය සාගර පාරගුං වන්‍දෙ නිපුණ ගම්භීර විචිත්‍ර නය දෙසනං

මහා කාරුණික වූ, සතහට පිහිට වන්නා වූ, දතයුතු දෙය නමැති සයුරෙහි පරස්පෙරට පැමිණියා වූ ගැඹුරු ලෙස හා විසිතුරු ලෙස පිළිවෙළ සහිතව දහම් දෙසන්නා වූ (ඒ සර්වඥයන් වහන්සේ) වඳිම්.

විජ‍්ජාචරණසම‍්පන‍්නා, යෙන නිය්‍යන‍්ති ලොකතො; වන්‍දෙ තමුත‍්තමං ධම‍්මං, සම‍්මාසම‍්බුද‍්ධපූජිතං.

2. විජ්ජාචරණ සම්පන්නා යෙන නීය්‍යන්ති ලොකතො වන්‍දෙ තමුත්තමං ධම්මං සම්මා සම්බුද්ධ පූජිතං

යම් ධර්මයක් විසින් අෂ්ටවිධ විද්‍යාවන්ගෙන් ද පසළොස් වැදෑරුම් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වූ උත්තමයෝ ලෝකයෙන් ලෝකෝත්තර බවට පමුණුවනු ලැබෙත් ද, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පුදනු ලැබුවා වූ ඒ උත්තම වූ ධර්මය වඳිම්

සීලාදිගුණසම‍්පන‍්නො, ඨිතො මග‍්ගඵලෙසු යො; වන්‍දෙ අරියසඞ‍්ඝං තං, පුඤ‍්ඤක‍්ඛෙත‍්තං අනුත‍්තරං.

3. සීලාදි ගුණ සම්පන්නො ඨිතො මග්ග එලෙසුයො වන්‍දෙ අරිය සංඝං තං පුඤ්ඤක්‍ඛෙත්තං අනුත්තරං

සීලාදි ගුණයන්ගෙන් යුක්ත වූ, මාර්ග ඵලයන්හි පිහිටියා වූ යම් ආර්ය සංඝ කෙනෙක් වෙත් ද, පින් කෙතක් වූ අතිශයින් උතුම් වූ ආර්ය සංඝයා වඳිම්.

වන්‍දනාජනිතං පුඤ‍්ඤං, ඉති යං රතනත‍්තයෙ; හතන‍්තරායො සබ‍්බත්‍ථ, හුත්‍වාහං තස‍්ස තෙජසා.

4. වන්‍දනා ජනිතං පුඤ්ඤං ඉති යං රතනත්තයෙ, හතන්තරායො සබ්බත්‍ථ හුත්‍වාහං තස්ස තෙජසා

මෙසේ රත්නත්‍රය වන්දනා කිරීමෙන් උපන්නා වූ යම් පිනක් වේද, ඒ (පිනෙහි) තේජසින් මෙම සියලු තැන්හි නසන ලද අනතුරු ඇත්තෙක් වී (හෙවත් අනතුරුවලින් තොර වී)

දෙවතාහි කතං පුඤ‍්ඤං, යං යං පුරිමජාතිසු; තස‍්ස තස‍්ස විමානාදි-ඵලසම‍්පත‍්තිභෙදතො.

5. දෙවතාහි කතං පුඤ්ඤං යං යං පුරිම ජාතිසු තස්ස තස්ස විමානාදි ඵල සම්පත්ති භෙදතො

දේවතාවන් විසින් පූර්ව උත්පත්තීන්හි දී කරන ලද යම් යම් පුණ්‍ය කර්මයක් වේද, ඒ ඒ පින්කම් සඳහා (දිව්‍ය) විමාන ලාභ ආදී වූ විපාක ලැබීම් වශයෙන් විවිධ වූ,

පුච‍්ඡාවසෙන යා තාසං, විස‍්සජ‍්ජනවසෙන ච; පවත‍්තා දෙසනා කම‍්ම-ඵලපච‍්චක‍්ඛකාරිනී.

6. පුච්ඡාවසෙන යා තාසං විස්සජ්ජන වසෙන ච පවත්තා දෙසනා කම්මඵල පච්චක්‍ඛ කාරිණී

එම පුණ්‍ය ඵලයන් ප්‍රශ්න කිරීම් වශයෙන් ද (ඒවාට) පිළිතුරු සැපයීම් වශයෙන් ද කර්මඵල ප්‍රත්‍යක්ෂ කරවමින් පැවති යම් දේශනාවක් වීද,

විමානවත්‍ථු ඉච‍්චෙව, නාමෙන වසිනො පුරෙ; යං ඛුද‍්දකනිකායස‍්මිං, සඞ‍්ගායිංසු මහෙසයො.

7. විමානවත්‍ථු ඉච්චෙව නාමෙන වසිනො පුරෙ යං ඛුද්දක නිකායස්මිං සංගායිංසු මහෙසයො

පෙර විසූ මහ තෙරවරහු ඛුද්දක නිකායෙහි යම්කිසි කොටසක් (පෙර කියූ පැන විසඳුම් ඇතුළත් කොට) විමානවත්‍ථු යන නාමයෙන් සංගායනා කළාහුද,

තස‍්සාහමවලම‍්බිත්‍වා, පොරාණට‍්ඨකථානයං; තත්‍ථ තත්‍ථ නිදානානි, විභාවෙන‍්තො විසෙසතො.

8. තස්සාහමව ලම්බිත්‍වා පොරාණට්ඨ කථානයං තත්‍ථ තත්‍ථ නිදානානි විහාවෙන්තො විසෙසතො

මම ඒ සංගායනාවෙහි එල්බගෙන ඒ ඒ කාරණාවන්හි හේතූන්, විශේෂ වශයෙන් පුරාණ අට්ඨකථා පිළිවෙල අනුව පැහැදිලි කරමින්,

සුවිසුද‍්ධං අසංකිණ‍්ණං, නිපුණත්‍ථවිනිච‍්ඡයං; මහාවිහාරවාසීනං, සමයං අවිලොමයං.

9. සුවිසුද්ධං අසංකිණ්ණං නිපුණත්‍ථ විනිච්ඡයං මහා විහාරවාසීනං සමයං අවිලොමයං

මහා විහාරවාසී (භික්‍ෂූන්ගේ) මතය වෙනස් නො කරමින් පිරිසිදු වූ (වෙනත් මතයක් හා) මිශ්‍ර නොවූ පැහැදිලි වූ අර්ථ විනිශ්චය කිරීමක්

යථාබලං කරිස‍්සාමි, අත්‍ථසංවණ‍්ණනං සුභං; සක‍්කච‍්චං භාසතො තං මෙ, නිසාමයථ සාධවොති.

10. යථාබලං කරිස්සාමි අත්‍ථ සංවණ්ණනං සුභං සක්කච්චං භාසතො තං මෙ නිසාමයථ සාධවොකි

(හෙවත්) මනා ලෙස අර්ථයන් විස්තර කිරීමක් ශක්ති ප්‍රමාණයෙන් කරන්නෙමි. සත් පුරුෂයෙනි, සකසා කියන්නා වූ මාගේ එම අර්ථ විස්තරයට සවන් දෙනු මැනවි.

තත්‍ථ විමානානීති විසිට‍්ඨමානානි දෙවතානං කීළානිවාසට‍්ඨානානි. තානි හි තාසං සුචරිතකම‍්මානුභාවනිබ‍්බත‍්තානි යොජනිකද‍්වියොජනිකාදිපමාණවිසෙසයුත‍්තතාය , නානාරතනසමුජ‍්ජලානි විචිත‍්තවණ‍්ණසණ‍්ඨානානි සොභාතිසයයොගෙන විසෙසතො මානනීයතාය ච “විමානානී”ති වුච‍්චන‍්ති. විමානානං වත්‍ථු කාරණං එතිස‍්සාති විමානවත්‍ථු, “පීඨං තෙ සොවණ‍්ණමය”න‍්තිආදිනයප‍්පවත‍්තා දෙසනා. නිදස‍්සනමත‍්තඤ‍්චෙතං තාසං දෙවතානං රූපභොගපරිවාරාදිසම‍්පත‍්තියො තංනිබ‍්බත‍්තකකම‍්මඤ‍්ච නිස‍්සාය ඉමිස‍්සා දෙසනාය පවත‍්තත‍්තා. විපාකමුඛෙන වා කම‍්මන‍්තරමානස‍්ස කාරණභාවතො විමානවත්‍ථූති වෙදිතබ‍්බං.

විමානානි දෙවිවරුන්ගේ ක්‍රීඩා පිණිස හා වාසය පිණිස ඇති විසිතුරු වූ ස්ථානයන්ය. එම දෙවිවරුන්ගේ යහපත් ක්‍රියාවන්ගේ බලයෙන් උපන් ඒ ස්ථාන වනාහි යොදුන් එකක්, යොදුන් දෙකක් ආදී වෙනස් වෙනස් ප්‍රමාණයන්ගෙන් යුක්ත වන බැවින් ද, විවිධ රත්නයගෙන් බබළන විසිතුරු වර්ණ සලකුණු ආදී අතිශය ශෝභාවන්ගෙන් යුතුව විශේෂ ලෙස මානනීය (හෙවත් උත්තම) ස්වභාවයෙන් යුක්ත වන බැවින් ද ‘විමානානි’ යයි කියනු ලැබේ. විමානයන් පිළිබඳ කථාන්තර මෙහි දැක්වේය යන අදහසින් මෙය විමාන වත්‍ථු නම් වේ. පීඨං තෙ සොවණ්ණ මයං (ඔබේ අසුන රනින් කරන ලද්දක්ය) යන ආදී පිළිවෙළින් පවත්වන ලද දේශනාවට මෙය නිදර්ශන මාත්‍රයක්ද වන්නේය. ඒ දේවතාවන්ගේ රූප, වස්තු, පිරිවර ආදී සම්පත් ලබාදෙන කර්මයන් ඇසුරුකොට මේ දේශනාව පවත්වන ලද බැවින් ද කර්මයන්ගේ විපාක මැනගැනීමට හේතුවන බැවින් ද ‘විමාන වත්‍ථු’ යයි දත යුත්තේය.

තයිදං කෙන භාසිතං, කත්‍ථ භාසිතං, කදා භාසිතං, කස‍්මා ච භාසිතන‍්ති? වුච‍්චතෙ – ඉදඤ‍්හි විමානවත්‍ථු දුවිධෙන පවත‍්තං – පුච‍්ඡාවසෙන විස‍්සජ‍්ජනවසෙන ච. තත්‍ථ විස‍්සජ‍්ජනගාථා තාහි තාහි දෙවතාහි භාසිතා, පුච‍්ඡාගාථා පන කාචි භගවතා භාසිතා, කාචි සක‍්කාදීහි, කාචි සාවකෙහි ථෙරෙහි. තත්‍ථාපි යෙභුය්‍යෙන යො සො කප‍්පානං සතසහස‍්සාධිකං එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං බුද‍්ධස‍්ස භගවතො අග‍්ගසාවකභාවාය පුඤ‍්ඤඤාණසම‍්භාරෙ සම‍්භරන‍්තො අනුක‍්කමෙන සාවකපාරමියො පූරෙත්‍වා, ඡළභිඤ‍්ඤාචතුපටිසම‍්භිදාදිගුණවිසෙසපරිවාරස‍්ස, සකලස‍්ස සාවකපාරමිඤාණස‍්ස මත්‍ථකං පත‍්තො දුතියෙ අග‍්ගසාවකට‍්ඨානෙ ඨිතො ඉද‍්ධිමන‍්තෙසු ච භගවතා එතදග‍්ගෙ ඨපිතො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො, තෙන භාසිතා.

ඒ මේ විමාන වස්තු දේශනාව කවරකු විසින් දේශනා කරන ලද්දේ ද? කොතැන්හිදී දේශනා කරන ලද්දේ ද? කවර දිනයෙක දේශනා කරන ලද්දේ ද? කුමක් හෙයින් දේශනා කරන ලද්දේ ද? යන කරුණු (මෙහිදී) කියනු ලැබේ. මේ විමාන වස්තුව ප්‍රශ්න කිරීම් වශයෙන් ද, ඒ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ද යන දෙ අයුරකින් පවතී. එහි දැක්වෙන පිළිතුරු ගාථා ඒ ඒ දෙවිවරුන් විසින් කියන ලද ගාථාවන්ය. ප්‍රශ්න කිරීමේ ගාථාවන්ගෙන් සමහරක් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලදී. සමහරක් ශක්‍ර ආදී (දෙවිවරු) විසින් ද, තවත් සමහරක් ශ්‍රාවක තෙරුන් වහන්සේලා විසින් ද කියන ලද්දේය. එහිදී ද බෙහෙවින්ම යම් ඒ ශ්‍රාවකයන් වහන්සේ නමක් ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් තුළ භාග්‍යවත් බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක පදවියක් සඳහා පුණ්‍ය ඥාන සම්භාරයන් රාශියක් රැස්කරන්නාහු අනුපිළිවෙලින් ශ්‍රාවක පාරමිතාවන් සම්පූර්ණ කොට (ඉද්ධි විධ, දිබ්බ සොත, පරචිත්ත විජානන, පුබ්බෙ නිවාසානුස්සති, දිබ්බචක්‍ඛු, ආසවක්‍ඛය කර යනුවෙන් හැඳින්වෙන ඡලභිඤ්ඤා හෙවත්) විශිෂ්ට ඥාන සය ද, (අත්‍ථ, ධම්ම, නිරුත්ති, පටිභාණ යනුවෙන් හැඳින්වෙන) ප්‍රතිසම්භිදා ඥාන සතරද යන ආදී ගුණ විශේෂයන් පිරිවරකොට ඇති සියලු පාරමිතා ඥානයන්හි මස්තකප්‍රාප්ත වූ සේක් ද, දෙවන අග්‍ර ශ්‍රාවක පද්‍යයෙහි පිහිටියාහු භාග්‍යවතුන් වහන්සේ විසින් ඍද්ධිමතුන් අතරෙහි අග ස්ථානයෙහි පිහිටුවනු ලැබූ සේක් ද, උන්වහන්සේ නම් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේය. (මෙම විමාන වත්‍ථුවෙහි) බොහෝ කොටසක් උන්වහන්සේ විසින් දේශනා කරන ලදී.

භාසන‍්තෙන ච පඨමං තාව ලොකහිතාය දෙවචාරිකං චරන‍්තෙන දෙවලොකෙ දෙවතානං පුච‍්ඡාවසෙන පුන තතො මනුස‍්සලොකං ආගන‍්ත්‍වා මනුස‍්සානං පුඤ‍්ඤඵලස‍්ස පච‍්චක‍්ඛකරණත්‍ථං පුච‍්ඡං විස‍්සජ‍්ජනඤ‍්ච එකජ‍්ඣං කත්‍වා භගවතො පවෙදෙත්‍වා භික‍්ඛූනං භාසිතා, සක‍්කෙන පුච‍්ඡාවසෙන, දෙවතාහි තස‍්ස විස‍්සජ‍්ජනවසෙන භාසිතාපි මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස භාසිතා එව. එවං භගවතා ථෙරෙහි ච දෙවතාහි ච පුච‍්ඡාවසෙන, දෙවතාහි තස‍්සා විස‍්සජ‍්ජනවසෙන ච තත්‍ථ තත්‍ථ භාසිතා පච‍්ඡා ධම‍්මවිනයං සඞ‍්ගායන‍්තෙහි ධම‍්මසඞ‍්ගාහකෙහි එකතො කත්‍වා “විමානවත්‍ථු”ඉච‍්චෙව සඞ‍්ගහං ආරොපිතා. අයං තාවෙත්‍ථ “කෙන භාසිත”න‍්තිආදීනං පදානං සඞ‍්ඛෙපතො සාධාරණතො ච විස‍්සජ‍්ජනා.

ලෝකවාසීන් හට හිත පිණිස දිව්‍යලෝක චාරිකාවෙහි හැසිරෙන උන්වහන්සේ විසින් පළමු කොට දෙව්ලොව දෙවියන් හට ප්‍රශ්න කිරීම් වශයෙන් ද, නැවත එතැනින් මිනිස් ලොවට පැමිණ මිනිසුන් හට පින්පල ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස ද, ප්‍රශ්න කිරීම් හා පිළිතුරු දීම් එක්තැන් කොට භාග්‍යවතුන් වහන්සේට (පළමුව) දැනුම් දී සිට (පසුව) භික්‍ෂූන් වහන්සේ හට කියන ලදී. ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ප්‍රශ්න කිරීම් වශයෙන් ද, දෙවිවරුන් විසින් පිළිතුරු දීම් වශයෙන් ද කියන ලද්දේ නමුදු (එම ප්‍රකාශයන්) මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේගේ දේශනාවන් වන්නේමය. මෙසේ තෙරුවරුන් විසින් ද, දෙවිවරුන් විසින් ද අසන ලද ප්‍රශ්න ලෙසින් සහ දෙවිවරුන් විසින් ඒවාට සපයන ලද පිළිතුරු ලෙසින් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයන්හි දී කරන ලද දේශනා පසුව ධර්ම විනය සංගායනා කරන ධම්ම සංගාහක (මහ තෙරවරුන්) විසින් එක්තැන් කොට විමාන වත්‍ථු යනුවෙන් සංග්‍රහකට නඟන ලදී. මේ වනාහී මෙහි ‘කෙන භාසිතං’ (කවරකු විසින් කියන ලද්දේ ද? යන ආදී පදයන් හට ලුහුඬින් ද අවිශේෂ වශයෙන් ද දිය. හැකි පිළිතුරයි.)

විත්‍ථාරතො පන “කෙන භාසිත”න‍්ති පදස‍්ස අනොමදස‍්සිස‍්ස භගවතො පාදමූලෙ කතපණිධානතො පට‍්ඨාය මහාථෙරස‍්ස ආගමනීයපටිපදා කථෙතබ‍්බා, සා පන ආගමට‍්ඨකථාසු තත්‍ථ තත්‍ථ විත්‍ථාරිතාති තත්‍ථ ආගතනයෙනෙව වෙදිතබ‍්බා. අසාධාරණතො “කත්‍ථ භාසිත”න‍්තිආදීනං පදානං විස‍්සජ‍්ජනා තස‍්ස තස‍්ස විමානස‍්ස අත්‍ථවණ‍්ණනානයෙනෙව ආගමිස‍්සති.

විස්තර වශයෙන් වනාහී ‘කෙන භාසිතං’ (කවරකු විසින් කියන ලද්දේ ද යන පදයට අනොමදස්සි නම් භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලයෙහි දී කරන ලද ප්‍රාර්ථනයෙහි පටන් (මුගලන්) මහතෙරුන් වහන්ගේ ආගමනීය පටිපදාව (හෙවත් පැමිණීමේ පිළිවෙළ) කිවයුතු වේ. ඒ පිළිවෙළ වනාහී ආගමට්ඨ කථාවන්හි ඒ ඒ ස්ථානයන්හිදී විස්තර කරන ලද්දේය. එය එහි දැක් වූ පිළිවෙළින්ම දතයුතුය. විශේෂ වශයෙන් වනාහී ‘කත්‍ථ භාසිතං’ යන ආදී පදයන් හට පිළිතුරු ඒ ඒ විමානයන් පිළිබඳ අර්ථ වර්ණනාවන්ගේ පිළිවෙළින්ම පැමිණෙන්නේ ය.

අපරෙ පන භණන‍්ති – එකදිවසං ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස රහොගතස‍්ස පටිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි “එතරහි ඛො මනුස‍්සා අසතිපි වත්‍ථුසම‍්පත‍්තියා ඛෙත‍්තසම‍්පත‍්තියා අත‍්තනො ච චිත‍්තපසාදසම‍්පත‍්තියා තානි තානි පුඤ‍්ඤානි කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තා උළාරසම‍්පත‍්තිං පච‍්චනුභොන‍්ති, යංනූනාහං දෙවචාරිකං චරන‍්තො තා දෙවතා කායසක‍්ඛිං කත්‍වා තාහි යථූපචිතං පුඤ‍්ඤං යථාධිගතඤ‍්ච පුඤ‍්ඤඵලං කථාපෙත්‍වා තමත්‍ථං භගවතො ආරොචෙය්‍යං. එවං මෙ සත්‍ථා ගගනතලෙ පුණ‍්ණචන්‍දං උට‍්ඨාපෙන‍්තො විය මනුස‍්සානං කම‍්මඵලං පච‍්චක‍්ඛතො දස‍්සෙන‍්තො අප‍්පකානම‍්පි කාරානං ආයතනගතාය සද‍්ධාය වසෙන උළාරඵලතං විභාවෙන‍්තො තං තං විමානවත්‍ථුං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා මහතිං ධම‍්මදෙසනං පවත‍්තෙස‍්සති, සා හොති බහුජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සාන”න‍්ති . සො ආසනා වුට‍්ඨහිත්‍වා රත‍්තදුපට‍්ටං නිවාසෙත්‍වා අපරං රත‍්තදුපට‍්ටං එකංසං කත්‍වා සමන‍්තතො ජාතිහිඞ‍්ගුලිකධාරා විජ‍්ජුලතා විය සඤ‍්ඣාපභානුරඤ‍්ජිතො විය ච ජඞ‍්ගමො අඤ‍්ජනගිරිසිඛරො, භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා අභිවාදෙත්‍වා එකමන‍්තං නිසින‍්නො අත‍්තනො අධිප‍්පායං ආරොචෙත්‍වා භගවතා අනුඤ‍්ඤාතො උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා අභිඤ‍්ඤාපාදකං චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා, තතො වුට‍්ඨාය ඉද‍්ධිබලෙන තඞ‍්ඛණඤ‍්ඤෙව තාවතිංසභවනං ගන‍්ත්‍වා තත්‍ථ තත්‍ථ තාහි තාහි දෙවතාහි යථූපචිතං පුඤ‍්ඤකම‍්මං පුච‍්ඡි, තස‍්ස තා කථෙසුං. තතො මනුස‍්සලොකං ආගන‍්ත්‍වා තං සබ‍්බං තත්‍ථ පවත‍්තිතනියාමෙනෙව භගවතො ආරොචෙසි, තං සමනුඤ‍්ඤො සත්‍ථා අහොසි. ඉච‍්චෙතං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තපරිසාය විත්‍ථාරෙන ධම‍්මං දෙසෙසීති.

ඇතැම්හු මෙසේ පවසති. (කෙසේ ද යත්?) ‘එක්තරා දිනයෙක හුදෙකලාව විවේකීව විසූ මහා මොග්ගල්ලානයන් වහන්සේට මෙබඳු සිතුවිල්ලක් අදහසක් උපන්නේය.’ ‘මෙකල්හි වනාහී මනුෂ්‍යයෝ වස්තු සම්පත්තියෙන් ද ක්‍ෂේත්‍ර සම්පත්තියෙන් ද තොර වූවෝ නමුදු, තමාගේ සිත් පහදවා ගැනීම නමැති සම්පත්තියෙන් ඒ ඒ (විවිධ වූ) පින්කම් කොට දෙව්ලොව උපන්නාහු මහත් වූ සම්පත් අනුභව කරත්. ඉදින් මම දිව්‍යලෝක චාරිකාවෙහි යෙදෙමින් ඒ දේවතාවන් කාය සාක්ෂිකොට (හෙවත් කායික වශයෙන්) දර්ශනය කොට) ඔවුන් විසින් පින් රැස් කළ අයුරු ද, පිල අනුභව කරන අයුරු ද ඔවුන් ලවාම කියවා ඒ තොරතුරු භාග්‍යවතුන් වහන්සේ කියන්නෙම් නම් සුදුසු වන්නේය. මෙසේ වන කල්හි ශාස්තෲන් වහන්සේ මා ලවා ආකාශ තලයෙහි පූර්ණ චන්ද්‍රයා ඔසවා තබන්නාක්හු මෙන් මිනිසුන් හට කර්මඵලය ප්‍රත්‍යක්‍ෂ ලෙස දක්වමින් සුලු වූ හෝ ක්‍රියාවන්ගේ හේතුවෙන් රැස් වූ ශ්‍රද්ධාව වශයෙන් හටගත් මහත් වූ ප්‍රතිඵල සහිත භාවය ප්‍රකාශ කරන්නා වූ ඒ ඒ විමාන වස්තුව අර්ථෝත්පත්ති කොට ගෙන (හෙවත් එම කරුණ මුල්කොට ගෙන) උතුම් වූ ධර්ම දේශනයක් පවත්වන්නාහ. ඒ දේශනාව බොහෝ වූ දිව්‍ය මනුෂ්‍ය ජනතාවගේ ප්‍රයෝජනය, යහපත, සුවය පිණිස පවතින්නේය’ යනුයි. මෙසේ සිතා උන්වහන්සේ අස්නෙන් නැගී රතුවන් දෙපට සිවුර හැඳ, අන්‍ය වූ රතු දෙපට සිවුරක් ඒකාංස කොටගෙන හාත්පසින් රත්හිරියල් දහරක් විසුරුවා හරින්නාක් මෙන් ද, සන්‍ධ්‍යා ලෝකයෙන් බබලන්නාක් මෙන් ද, ගමන්කරන අඤ්ජනවර්ණ පර්වතයක් මෙන් ද (පෙනෙමින්) භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ නමස්කාර කොට එකත්පසක හිඳිමින් තමාගේ අදහස දන්වා (ඒ අදහස) භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරනු ලැබූයේ හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට අභිඥා පාදක කොට ඇති සතරවන ධ්‍යානයට සමවැදී ඉන් නැගී සෘද්ධි බලයෙන් එකෙණෙහිම තව්තිසා භවනයට ගොස් ඒ ඒ තැන්හි ඒ ඒ දෙවිවරුන් විසින් රැකරන ලද පින්කම් (පිළිබඳව) විමසූහ. ඒ දෙවිවරු උන්වහන්සේ තමන්ගේ ඒ පින්කම් ගැන කීහ. ඉක්බිති මිනිස් ලොවට පැමිණ ඒ සියල්ල එහි පැවති පිළිවෙළින්ම භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. ශාස්තෲන් වහන්සේ විසින් එම කැරණු අනුමත කරන ලද්දේ විය. මෙසේ මේ කරුණ අර්ථෝත්පත්ති කොටගෙන, පැමිණි පිරිසට විස්තර වශයෙන් දහම් දෙසූහ යනුයි. (ඇතැමුන් පවසා ඇත්තේ යථෝක්ත ආකාරයෙනි.)

තං පනෙතං විමානවත්‍ථු විනයපිටකං සුත‍්තන‍්තපිටකං අභිධම‍්මපිටකන‍්ති තීසු පිටකෙසු සුත‍්තන‍්තපිටකපරියාපන‍්නං, දීඝනිකායො මජ‍්ඣිමනිකායො සංයුත‍්තනිකායො අඞ‍්ගුත‍්තරනිකායො ඛුද‍්දකනිකායොති පඤ‍්චසු නිකායෙසු ඛුද‍්දකනිකායපරියාපන‍්නං, සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලන‍්ති නවසු සාසනඞ‍්ගෙසු ගාථාසඞ‍්ගහං.

ඒ මේ විමාන වස්තුව වනාහි විනය පිටක, සුත්තන්ත පිටක, අභිධම්ම පිටක යන පිටකයන් තුනෙහි සූත්‍රාන්ත පිටකයට අන්තර්ගත වේ. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන නිකාය ග්‍රන්ථයන් පහ අතුරෙහි ඛුද්දක නිකායට අන්තර්ගත වේ. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල යන නවාංග ශාසන අංගයන් අතුරෙහි ‘ගාථා’ නම් අංගයට අන්තර්ගත වේ.

“ද‍්වාසීති බුද‍්ධතො ගණ‍්හිං, ද‍්වෙ සහස‍්සානි භික‍්ඛුතො; චතුරාසීති සහස‍්සානි, යෙ මෙ ධම‍්මා පවත‍්තිනො”ති. (ථෙරගා· 1027) –

ද්වාසීතිං බුද්ධතො ගණ්හිං ද්වෙ සහස්සානි භික්‍ඛුතො චතුරාසීති සහස්සානි යෙ මෙ ධම්මා පවත්තිනො’ති

අර්ථය : (ආනන්ද ස්ථවිර නම් වූ මම) ධර්ම ස්කන්ධයන් දෙඅසූදහසක් බුදුන් වහන්සේගෙන් ලබා ගතිමි. දෙදහසක් භික්‍ෂූන් වහන්සේගෙන් ලබා ගතිමි. (මෙසේ) අසූහාර දහසක් වන මේ ධර්ම (ස්කන්ධයෝ) මා වෙත පවතින්නාහ.

එවං ධම‍්මභණ‍්ඩාගාරිකෙන පටිඤ‍්ඤාතෙසු චතුරාසීතියා ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සෙසු කතිපයධම‍්මක‍්ඛන්‍ධසඞ‍්ගහං. වග‍්ගතො පීඨවග‍්ගො චිත‍්තලතාවග‍්ගො පාරිච‍්ඡත‍්තකවග‍්ගො මඤ‍්ජිට‍්ඨකවග‍්ගො මහාරථවග‍්ගො පායාසිවග‍්ගො සුනික‍්ඛිත‍්තවග‍්ගොති සත‍්ත වග‍්ගා. වත්‍ථුතො පඨමෙ වග‍්ගෙ සත‍්තරස වත්‍ථූනි, දුතියෙ එකාදස, තතියෙ දස, චතුත්‍ථෙ ද‍්වාදස , පඤ‍්චමෙ චතුද‍්දස, ඡට‍්ඨෙ දස, සත‍්තමෙ එකාදසාති අන‍්තරවිමානානං අග‍්ගහණෙ පඤ‍්චාසීති, ගහණෙ පන තෙවීසසතං වත්‍ථූනි, ගාථාතො පන දියඩ‍්ඪසහස‍්සගාථා. තස‍්ස වග‍්ගෙසු පීඨවග‍්ගො ආදි, වත්‍ථූසු සොවණ‍්ණපීඨවත්‍ථු ආදි, තස‍්සාපි “පීඨං තෙ සොවණ‍්ණමය”න‍්ති ගාථා ආදි.

මෙසේ ධර්ම භාණ්ඩාගාරික (ආනන්ද ස්ථවිර) යන් වහන්සේ විසින් ප්‍රතිඥා කරන ලද අසූහාර දහසක් ධර්මස්ස්කන්ධයන් අතුරෙහි ධර්ම ස්කන්ධ සංග්‍රහයන් කිහිපයක් වර්ග වශයෙන් පීඨ වග්ග, චිත්තලතා වග්ග, පාරිච්ඡත්තක වග්ග, මඤ්ජෙට්ඨික වග්ග, මහාරථ වග්ග, පායාසි වග්ග, සුනික්‍ඛිත්ත වග්ග යනුවෙන් සතක් වේ. කථා වස්තු වශයෙන් පළමු වර්ගයෙහි කථා වස්තු සතළොසක් ද, දෙවන වර්ගයෙහි එකොළොසක්ද, තෙවන වර්ගයෙහි දහයක් ද, සිවුවන වර්ගයෙහි දොළසක් ද, පස්වන වර්ගයෙහි තුදුසක් ද, සයවන වර්ගයෙහි දහයක් ද, සත්වන වර්ගයෙහි එකොළොසක් ද වන්නේය. විමානයන් ඇතුළත කථාවස්තූන් නො ගැනීමේදී අසූපහක් ද ඒවා ගැනීමෙහිදී එකසිය විසිතුනක් ද වන්නේය. ගාථාවන් වශයෙන් වනාහී එක්දහස් පන්සියයක් ගාථාවය. වර්ග වශයෙන් ‘පීඨ වග්ග’ ආදිය ද, කථා වස්තු වශයෙන් ‘සොවණ්ණ පීඨ වත්‍ථු’ ආදිය ද වන්නේය. එහිදී ද ‘පීඨං තෙ සොවණ්ණ මයං’ යන ගාථාව ආදි කොට ඇති පළමු කථා වස්තුවෙහි අර්ථෝත්පත්තිය මෙසේය.

ඉත්‍ථිවිමානං