යෙදුමෙන් කියවන්න

1. පඨමපීඨවිමානවණ‍්ණනා අට‍්ඨකථා

1. පඨමපීඨවිමානවණ‍්ණනා

1. පළමු වැනි පීඨවිමාන වර්ණනා

තත්‍ථ පඨමවත්‍ථුස‍්ස අයං අට‍්ඨුප‍්පත‍්ති – භගවති සාවත්‍ථියං විහරන‍්තෙ ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ රඤ‍්ඤා පසෙනදිනා කොසලෙන බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සත‍්තාහං අසදිසදානෙ පවත‍්තිතෙ තදනුරූපෙන අනාථපිණ‍්ඩිකෙන මහාසෙට‍්ඨිනා තයො දිවසෙ, තථා විසාඛාය මහාඋපාසිකාය මහාදානෙ දින‍්නෙ අසදිසදානස‍්ස පවත‍්ති සකලජම‍්බුදීපෙ පාකටා අහොසි. අථ මහාජනො තත්‍ථ තත්‍ථ කථං සමුට‍්ඨාපෙසි “කිං නු ඛො එවං උළාරවිභවපරිච‍්චාගෙනෙව දානං මහප‍්ඵලතරං භවිස‍්සති, උදාහු අත‍්තනො විභවානුරූපපරිච‍්චාගෙනාපී”ති. භික‍්ඛූ තං කථං සුත්‍වා භගවතො ආරොචෙසුං. භගවා “න, භික‍්ඛවෙ, දෙය්‍යධම‍්මසම‍්පත‍්තියාව දානං මහප‍්ඵලතරං භවිස‍්සති, අථ ඛො චිත‍්තපසාදසම‍්පත‍්තියා ච ඛෙත‍්තසම‍්පත‍්තියා ච, තස‍්මා කුණ‍්ඩකමුට‍්ඨිමත‍්තම‍්පි පිලොතිකාමත‍්තම‍්පි තිණපණ‍්ණසන්‍ථාරමත‍්තම‍්පි පූතිමුත‍්තහරීතකමත‍්තම‍්පි විප‍්පසන‍්නෙන චෙතසා දක‍්ඛිණෙය්‍යපුග‍්ගලෙ පතිට‍්ඨාපිතං, තම‍්පි මහප‍්ඵලතරං භවිස‍්සති මහාජුතිකං මහාවිප‍්ඵාර”න‍්ති ආහ. තථා හි වුත‍්තං සක‍්කෙන දෙවානමින්‍දෙන –

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනෙ ජේතවනයෙහි අනාථ පිණ්ඩිකස්ස අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරන කල්හි පසේනදී කොසොල් රජු විසින් බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා විෂයෙහි සත්දිනක් අසදෘශ (මහා) දානය පවත්වනු ලැබූ විට එයට අනුරූපීව අනාථ පිණ්ඩිකෙන අනේපිඬු මහසිටු විසින් තෙදිනක් ද, එසේම විසාඛාය විශාඛා මහෝපාසිකාව විසින් ද මහ දන් දෙනු ලැබූ කල්හි (එම) අසදෘශ (මහා) දානය පිළිබඳ පුවත මුලු ජම්බුදීපෙ = දඹදිව්හිම පතළ විය. එකල්හි මහජනතාව ඒ ඒ තැන්හිදී ‘කිම මෙසේ මහත් වූ ධන පරිත්‍යාගයකින්ම දෙන දානයක් වඩාත් මහත්ඵල වන්නේ ද, නැතහොත් තමා සතු ධනයට අනුරූපීව පරිත්‍යාග කිරීමෙන් (මහත් ඵල වන්නේ) දැ’යි කථාවක් ඉපදවූහ. ඉක්බිති භික්‍ෂූහු ඒ කථාව අසා භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. භාග්‍යවත්හු ‘මහණෙනි, දෙනු ලබන වස්තු සම්පත්තියෙන්ම පමණක් දානයක් වඩාත් මහත්ඵල වන්නේ නොවේ. එහෙත් සිත පහදවා ගැනීම නම් සම්පත්තියෙන් ද, දිය යුතු පුද්ගලයා පිළිබඳ සම්පත්තියෙන් ද එහෙයින් (වී කොටා සහල් ගත් විට ඉතිරිවන) කුඩු මිටක් දිරා ගිය රෙදි කැබැල්ලක් පමණ හෝ තණ ඇතිරිල්ලක්, කොළ ඇතිරිල්ලක් පමණ හෝ, ගව මූත්‍රයෙහි දමා පැරණි කොට ගත් (බෙහෙත්) අරලු ගෙඩියක් පමණ හෝ අතිශයින් ප්‍රසන්න සිතින් යුතුව දීමට සුදුසු පුද්ගලයෙකු කෙරෙහි පිළිගන්වන ලද්දේ නම් එයද මහත් ඵල සහිත, මහත් ආලෝක සහිත, මහත් පැතිරීමක් සහිත (දානයක්) වන්නේ යයි වදාළහ. එසේම දේවාධිපති ශක්‍රයා විසින් (මෙසේ) කියන ලදී.

“නත්‍ථි චිත‍්තෙ පසන‍්නම‍්හි, අප‍්පිකා නාම දක‍්ඛිණා; තථාගතෙ වා සම‍්බුද‍්ධෙ, අථ වා තස‍්ස සාවකෙ”ති. (වි· ව· 804);

නත්‍ථි චිත්තෙ පසන්නම්හි අප්පිකා නාම දක්‍ඛිණා තථාගතෙවා සම්බුද්ධෙ අථවාතස්ස සාවකෙ’ති

තථාගත සම්මා සම්බුදුන් කෙරෙහි හෝ නොහොත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි හෝ පැහැදුණු සිතින් යුතුව දෙන දානය අල්ප (විපාක සහිත) වූවක් නම් නො වන්නේය.

සා පනෙසා කථා සකලජම‍්බුදීපෙ විත්‍ථාරිකා අහොසි. මනුස‍්සා සමණබ්‍රාහ‍්මණකපණද‍්ධිකවණිබ‍්බකයාචකානං යථාවිභවං දානානි දෙන‍්ති, ගෙහඞ‍්ගණෙ පානීයං උපට‍්ඨපෙන‍්ති, ද‍්වාරකොට‍්ඨකෙසු ආසනානි ඨපෙන‍්ති. තෙන ච සමයෙන අඤ‍්ඤතරො පිණ‍්ඩපාතචාරිකො ථෙරො පාසාදිකෙන අභික‍්කන‍්තෙන පටික‍්කන‍්තෙන ආලොකිතෙන විලොකිතෙන සමිඤ‍්ජිතෙන පසාරිතෙන ඔක‍්ඛිත‍්තචක‍්ඛු ඉරියාපථසම‍්පන‍්නො පිණ‍්ඩාය චරන‍්තො උපකට‍්ඨෙ කාලෙ අඤ‍්ඤතරං ගෙහං සම‍්පාපුණි. තත්‍ථෙකා කුලධීතා සද‍්ධා පසන‍්නා ථෙරං පස‍්සිත්‍වා සඤ‍්ජාතගාරවබහුමානා උළාරපීතිසොමනස‍්සං උප‍්පාදෙත්‍වා ගෙහං පවෙසෙත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා අත‍්තනො පීඨං පඤ‍්ඤාපෙත්‍වා තස‍්ස උපරි පීතකං මට‍්ඨවත්‍ථං අත්‍ථරිත්‍වා අදාසි. අථ ථෙරෙ තත්‍ථ නිසින‍්නෙ “ඉදං මය‍්හං උත‍්තමං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං උපට‍්ඨිත”න‍්ති පසන‍්නචිත‍්තා යථාවිභවං ආහාරෙන පරිවිසි, බීජනිඤ‍්ච ගහෙත්‍වා බීජි. සො ථෙරො කතභත‍්තකිච‍්චො ආසනදානභොජනදානාදිපටිසංයුත‍්තං ධම‍්මිං කථං කථෙත්‍වා පක‍්කාමි. සා ඉත්‍ථී තං අත‍්තනො දානං තඤ‍්ච ධම‍්මකථං පච‍්චවෙක‍්ඛන‍්තී පීතියා නිරන‍්තරං ඵුට‍්ඨසරීරා හුත්‍වා තං පීඨම‍්පි ථෙරස‍්ස අදාසි.

ඒ මේ කථාව වනාහි මුළු දඹදිහි පැතුරුණේ විය. මනුෂ්‍යයෝ ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන් හට හැකි පමණින් දන් දෙති. ගෙමිදුල්හි පැන් සකසා තබති. දොරටු කුටි තුළ අසුන් පනවා තබති. එසමයෙහි වනාහී පිඬු පිණිස හැසිරෙන එක්තරා තෙර නමක් පැහැදීම් ඇතිකරවන සුලු වූ යාම්-ඊම් වලින් ද, ඉදිරිපස හා පසුපස බැලීමෙන් ද, (අත් පා) නැමීම් දිගහැරීම්වලින් ද යුතුව පහතට යොමු වූ ඇස් ඇත්තේ, මනා ඉරියවු වලින් සම්පූර්ණ වූයේ කාලය එළඹ සිටි කල්හි පිඬු පිණිස හැසිරෙමින් (ගොස්) එක්තරා නිවසකට පැමිණුනේය. එහි ශ්‍රද්ධා සම්පන්න වූ එක් කුලදුවක් තෙරුන් වහන්සේ දැක, උපන් ගරුබුහුමන් ඇත්තී මහත් වූ ප්‍රීති සොම්නස් උපදවා නිවසට පමුණුවා (දෙදණ, දෙවැලමිටි හා නළල යන පසඟ බිම පිහිටුවා වැඳ තමාගේ අසුන පනවා ඒ මතුයෙහි කසාවන් (හෙවත් රන්වන්) සිනිඳු වස්ත්‍රයක් අතුරා පිළිගැන්වූවාය. ඉක්බිති තෙරුන් එහි හිඳගත් කල්හි මා වෙතට මේ උතුම් පින්කෙත එළඹ සිටියේ යයි පැහැදුණ සිතින් පවත්නා සම්පත් අනුව ආහාරයෙන් සංග්‍රහ කළාය. විජිනිපත ගෙන පවන් සැලුවාය. ඒ තෙරුන් වහන්සේ කරන ලද බත්කිස ඇති සේක් ආසන දන්දීම්, ආහාර දන්දීම් ආදිය සම්බන්ධ වූ ධර්ම දේශනයක් කොට (ආපසු) ගියහ. ඒ ස්ත්‍රිය තමාගේ එම දානයද, එම ධර්ම දේශනය ද නුවණින් සලකා බලන්නී නිතර ප්‍රීතියෙන් පිරුණ ශරීර ඇතිව එම අසුන ද තෙරණුවන් හට පිදුවාය.

තතො අපරෙන සමයෙන අඤ‍්ඤතරෙන රොගෙන ඵුට‍්ඨා කාලං කත්‍වා තාවතිංසභවනෙ ද‍්වාදසයොජනිකෙ කනකවිමානෙ නිබ‍්බත‍්ති. අච‍්ඡරාසහස‍්සං චස‍්සා පරිවාරො අහොසි, පීඨදානානුභාවෙන චස‍්සා යොජනිකො කනකපල‍්ලඞ‍්කො නිබ‍්බත‍්ති ආකාසචාරී සීඝජවො උපරි කූටාගාරසණ‍්ඨානො, තෙන තං “පීඨවිමාන”න‍්ති වුච‍්චති. තඤ‍්හි සුවණ‍්ණවණ‍්ණං වත්‍ථං අත්‍ථරිත්‍වා දින‍්නත‍්තා කම‍්මසරික‍්ඛතං විභාවෙන‍්තං සුවණ‍්ණමයං අහොසි, පීතිවෙගස‍්ස බලවභාවෙන සීඝජවං, දක‍්ඛිණෙය්‍යස‍්ස චිත‍්තරුචිවසෙන දින‍්නත‍්තා යථාරුචිගාමී , පසාදසම‍්පත‍්තියා උළාරතාය සබ‍්බසොව පාසාදිකං සොභාතිසයයුත‍්තඤ‍්ච අහොසි.

ඉන්පසුව කලෙක එක්තරා රෝගයකින් පීඩිත වූවා කලුරිය කොට තව්තිසා භවනයෙහි දොළොස් යොදුන් වූ රන් විමනෙක්හි උපන්නාය. අප්සරාවෝ දහසක් ද ඕහට පිරිවර වූහ. ආසන පූජාවේ ආනුභාවයෙන් ඕහට අහසින් යා හැකි වූ ශීඝ්‍ර වේගයක් ඇත්තා වූ, ගෘහයෙක්හි සතරැස් මුදුනේ (හෙවත්) කුටාගාරයෙක) පෙනුම ඇති යොදුනක් වූ රන්මුවා අසුනක් පහළ විය. ඒ හේතුවෙන් එය පීඨ විමාන (හෙවත් ආසන විමානය) යයි කියනු ලැබේ. රන්වන් වස්ත්‍රයක් අතුරා එය පිදූ බැවින් කරන ලද එම කර්මයට සමාන වන සේ එය බබලන ස්වර්ණමය ආසනයක් විය. (පූජාවෙහි දී ඇතිකරගත්) ප්‍රීති වේගයේ බලය හේතු කොටගෙන ශීඝ්‍ර වේගයක් ඇත්තේ ද දීම ලබන කොටගෙන ශීඝ්‍ර වේගයක් ඇත්තේ ද, දීම ලබන තෙරණුවන්ගේ සිතෙහි රුචිය අනුව දෙන ලද බැවින් කැමැත්ත අනුව යන ගමන් ඇත්තේ ද, ප්‍රසාද සම්පත්තියෙහි මහත් බව නිසා හැම අයුරින්ම පැහැදීම ඇත්තේ ද, අතිශය ශෝභාවෙන් යුක්ත වූයේ ද විය.

අථෙකස‍්මිං උස‍්සවදිවසෙ දෙවතාසු යථාසකං දිබ‍්බානුභාවෙන උය්‍යානකීළනත්‍ථං නන්‍දනවනං ගච‍්ඡන‍්තීසු සා දෙවතා දිබ‍්බවත්‍ථනිවත්‍ථා දිබ‍්බාභරණවිභූසිතා අච‍්ඡරාසහස‍්සපරිවාරා සකභවනා නික‍්ඛමිත්‍වා තං පීඨවිමානං අභිරුය‍්හ මහතියා දෙවිද‍්ධියා මහන‍්තෙන සිරිසොභග‍්ගෙන සමන‍්තතො චන්‍දො විය සූරියො විය ච ඔභාසෙන‍්තී උය්‍යානං ගච‍්ඡති. තෙන ච සමයෙන ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව දෙවචාරිකං චරන‍්තො තාවතිංසභවනං උපගතො තස‍්සා දෙවතාය අවිදූරෙ අත‍්තානං දස‍්සෙසි. අථ සා දෙවතා තං දිස‍්වා සමුප‍්පන‍්නබලවපසාදගාරවා සහසා පල‍්ලඞ‍්කතො ඔරුය‍්හ ථෙරං උපසඞ‍්කමිත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං පග‍්ගය‍්හ නමස‍්සමානා අට‍්ඨාසි. ථෙරො කිඤ‍්චාපි තාය අඤ‍්ඤෙහි ච සත‍්තෙහි යථූපචිතං කුසලාකුසලං අත‍්තනො යථාකම‍්මූපගඤාණානුභාවෙන හත්‍ථතලෙ ඨපිතආමලකං විය පඤ‍්ඤාබලභෙදෙන පච‍්චක‍්ඛතො පස‍්සති, තථාපි යස‍්මා දෙවතානං උපපත‍්තිසමනන‍්තරමෙව “කුතො නු ඛො අහං චවිත්‍වා ඉධූපපන‍්නා, කිං නු ඛො කුසලකම‍්මං කත්‍වා ඉමං සම‍්පත‍්තිං පටිලභාමී”ති අතීතභවං යථූපචිතඤ‍්ච කම‍්මං උද‍්දිස‍්ස යෙභුය්‍යෙන ධම‍්මතාසිද‍්ධා උපධාරණා , තස‍්සා ච යාථාවතො ඤාණං උප‍්පජ‍්ජති, තස‍්මා තාය දෙවතාය කතකම‍්මං කථාපෙත්‍වා සදෙවකස‍්ස ලොකස‍්ස කම‍්මඵලං පච‍්චක‍්ඛං කාතුකාමො –

ඉක්බිති එක් උත්සව දිනයෙක්හි දෙවිවරුන් තමන්ගේ දේවානුභාවයෙන් යුතුව උයන්කෙළි සඳහා නන්දන වනයට යන කල්හි දිවසළු හැඳගත් දිව්‍යාභරණ පැළඳ ගත් අප්සරාවන් දහසක් පිරිවරා ගත් ඒ දෙවඟන තොමෝ ස්වකීය භවනයෙන් නික්ම ඒ ආසන විමානයට නැගී ගෙන මහත් වූ දිව්‍ය සෘද්ධියෙන් ද, මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් ද, හැම අයුරින්ම සඳු මෙන් ද, හිරු මෙන් ද බබළමින් උයනට යන්නීය. එකල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ යට කියන ලද පරිදි දිව්‍යලෝක චාරිකාවෙහි හැසිරෙන සේක් තව්තිසා භවනයට පැමිණියාහු ඒ දෙවඟනට නුදුරෙහි තමා පෙනෙන සේ සිටියහ. ඉක්බිති ඒ දේවතා තොමෝ උන්වහන්සේ දැක හටගත් බලවත් ප්‍රසාද ගෞරවයෙන් වහාම අසුනින් බැස තෙරුන් වහන්සේ වෙත පැමිණ පසඟ පිහිටුවීමෙන් වැඳ එක්තැන් වී බබළන දසැඟිලි තුඩින් ඇඳිලි බැඳ, නමස්කාර කරමින් සිටියාය. තෙරුන් වහන්සේ ද කෙසේ හෝ වේවා ඇය විසින් ද, අන්‍ය වූ සත්ත්වයන් විසින් ද, රැස්කරනු ලැබූ කුසල් හා අකුසල් තමාගේ කර්මානුරූප වූ ඥානයෙහි ආනුභාවයෙන් අත්ලෙහි තැබූ නෙල්ලි ගෙඩියක් දකින්නාක් මෙන් ප්‍රඥා බලයෙන් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්නාහ. එසේ වුවද යම්හෙයකින් “මම කවරනම් තැනකින් චුත වී මෙහි උපන්නෙම් ද? කවරනම් කුශල කර්මයක් සිදුකොට මේ සම්පත් ලැබූයෙම්ද’ යනුවෙන් දෙවිවරුන්ගේ ආසන්න වූ අතීත භවයෙහි රැස් කරන ලද කර්මයන් ඔවුන් ලවා කියවනු කැමති සේක් සහ බෙහෙවින් ධර්මයෙන් සිදුවන දෙය සලකා බැලීමෙන් තත් වූ පරිද්දෙන්ම ඇයට ද නුවණ උපදනේ යයි ද එහෙයින් ඒ දේවතාවිය විසින් කරන ලද කර්මය (ඇය ලවාම) කියවා දෙවියන් සහිත ලෝකයාට කර්මඵල ප්‍රත්‍යක්‍ෂ කරවනු කැමතිවන තෙරුන් වහන්සේ මෙසේ කීහ.

“පීඨං තෙ සොවණ‍්ණමයං උළාරං, මනොජවං ගච‍්ඡති යෙනකාමං; අලඞ‍්කතෙ මල්‍යධරෙ සුවත්‍ථෙ, ඔභාසසි විජ‍්ජුරිවබ‍්භ කූටං.

පීඨන්තෙ සොවණ්ණමයං උළාරං, මනොජවං ගච්ඡති යෙන කාමං අලංකතෙ මල්‍යධරෙ සුවත්‍ථෙ, ඔභාසසී විජ්ජුරිවබ්හ කූටං

අලංකාරවත් කරන ලද අගනා ඇඳුම් හැඳගත් දිව්‍යමය මල්වලින් යුතු වූ සිරුරු ඇති දේවතාවියනි, ඔබගේ රනින් කළ පීඨය දුවන සිත මෙන් වේගයෙන් යයි. ඔබ විදුලිය වැදුණ වළාකුළක් මෙන් බබළන්නෙහිය.

“කෙන තෙතාදිසො වණ‍්ණො, කෙන තෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.

කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා

සිතට යම් වස්තුවක් ප්‍රිය ද ඔබට එය ලැබේ. ඔබට මෙබඳු වර්ණයක් කුමක් නිසා ලැබුණේ ද? ඔබට එබඳු ඉසුරුමත් බවක් කුමක් නිසා ලැබුණේද?

“පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. ආහ –

පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභුතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානු භාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති

මහානුභාව සහිත දේවතාවියනි, ඔබ මනුෂ්‍යව සිටිමින් කවර නම් පිනක් කෙළෙහිදැයි අසමි. ඔබේ පැහැය ද සියලු දිශාවන් ආලෝකවත් කරයි. මෙසේ දීප්තිමත් ආනුභාවයක් කුමක් නිසා ලැබිණිදැයි අසමි.

(පිළිතුරු වශයෙන් දෙවඟන මෙසේ කීවාය.)

“සා දෙවතා අත‍්තමනා, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා; පඤ‍්හං පුට‍්ඨා වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං

මුගලන් මහරහතන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලද්දා වූ, සතුටට පත් වූ එම දේවතා තොමෝ (තමාගෙන්) අසන ලද ප්‍රශ්නයට අනුව මෙය (හෙවත් තමා ලැබූ සම්පත) කවරනම් කර්මයක ඵලයක් දැයි (මෙසේ) ප්‍රකාශ කළාය.

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා, අබ‍්භාගතානාසනකං අදාසිං; අභිවාදයිං අඤ‍්ජලිකං අකාසිං, යථානුභාවඤ‍්ච අදාසි දානං.

අහං මනුස්සෙසු මනුස්ස භූතා අබ්හාගතානං ආසනකං අදාසිං අභිවාදයිං අඤ්ජලිකං අකාසිං යථානුභාවඤ්ච අදාසි දානං

මම මිනිස් ලොව මනුෂ්‍ය (කාන්තාවක්) ව ඉපදී ආගන්තුකව පැමිණි තෙරුන් හට අසුනක් පිදුවෙමි. වන්දනා කළෙමි. ඇඳිලි බැඳ නමස්කාර කෙළෙමි. හැකි අයුරින් දානයද දුන්නෙමි.

“තෙන මෙතාදිසො වණ‍්ණො, තෙන මෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.

තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මන සො පියා

ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ හේතුවෙන් මට මෙබඳු සම්පතක් ලැබිණ. මනසට ප්‍රිය වන යම් සම්පතක් වේ නම් මට ඒ සම්පත් ද ලැබේ.

“අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව, මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං; තෙනම‍්හි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

අක්‍ඛාමි තෙ භික්‍ඛු මහානුභාව මනුස්සභුතා යමකාසි පුඤ්ඤං තෙනම්හී එවං ජලිතානුභාවා වණ්ණොච මෙ සබ්බදිසා පභාසතී’ති

මහත් ආනුභාව ඇති භික්‍ෂුවරයාණනි, මිනිස් (දුවක) වූ මම යම් පිනක් කෙළෙම් ද, ඒ පිනෙන් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක් වෙමි. මාගේ වර්ණය ද, සියලු දිශාවන් බබුලුවන්නේ වෙයි යනුවෙන් ඔබවහන්සේට (පිළිතුරු වශයෙන්) කියමි.

තත්‍ථ පීඨන‍්ති යංකිඤ‍්චි තාදිසං දාරුක‍්ඛන්‍ධම‍්පි ආපණම‍්පි බලිකරණපීඨම‍්පි වෙත‍්තාසනම‍්පි මසාරකාදිවිසෙසනාමං දාරුමයාදිආසනම‍්පි වුච‍්චති. තථා හි “පාදපීඨං පාදකථලික”න‍්ති (මහාව· 209; චූළව· 75) එත්‍ථ පාදඨපනයොග‍්ගං පීඨාදිකං දාරුක‍්ඛන්‍ධං වුච‍්චති, “පීඨසප‍්පී”ති (මි· ප· 5.3.1) එත්‍ථ හත්‍ථෙන ගහණයොග‍්ගං. “පීඨිකා”ති පන එකච‍්චෙසු ජනපදෙසු දෙසවොහාරෙන ආපණං. “භූතපීඨිකා දෙවකුලපීඨිකා”ති එත්‍ථ දෙවතානං බලිකරණට‍්ඨානභූතං පීඨං. “භද‍්දපීඨ”න‍්ති එත්‍ථ වෙත‍්තලතාදීහි උපරි වීතං ආසනං, යං සන්‍ධාය වුත‍්තං “භද‍්දපීඨං උපානයී”ති . “සුපඤ‍්ඤත‍්තං මඤ‍්චපීඨං. මඤ‍්චං වා පීඨං වා කාරයමානෙනා”ති (පාචි· 522) ච ආදීසු මසාරකාදිභෙදං දාරුමයාදිආසනං. ඉධ පන පල‍්ලඞ‍්කාකාරසණ‍්ඨිතං දෙවතාය පුඤ‍්ඤානුභාවාභිනිබ‍්බත‍්තං යොජනිකං කනකවිමානං වෙදිතබ‍්බං.

ගාථාවන්හි වචන විස්තර : පීඨං යනුවෙන් පුටුවක් වැනි යම්කිසි දැව කඩක් හෝ අසුනක් හෝ පුදපූජා පවත්වන අසුනක් හෝ වේවැල් අසුනක් හෝ මස්තරක ආදී විශේෂ නමකින් හැඳින්වෙන දැවමය අසුනක් හෝ කියනු ලැබේ. එසේම ‘පාද පීඨං පාද කඨලිකං’ යන මෙහිදී පා තැබීමට සුදුසු වූ පුටු ආදියක් හෝ දැව කඩක් හෝ කියනු ලැබේ. ‘පීඨ සප්පි’ යන මෙහි ඇත්තේ අතින් ගැනීමට සුදුසු වූ පුටුව යන අදහසයි. ‘පීඨිකා’ හෙවත් කුඩා පුටුව යනු ඇතැම් ජනපදයන්හි ප්‍රාදේශීය ව්‍යවහාරය අනුව ‘ආපණං’ යන්නයි. ‘භූත පීඨිකා දෙවකුල පීඨිකා’ යන මෙහි අදහස දේවතාවන් සඳහා බිලිපුද කරන තැන්හි තබා ඇති පුටුවයි. ‘භද්ද පීඨ’ යන මෙහිදී වේවැල් ආදියෙන් සැරසූ ආසනය අදහස් වේ. ‘භද්ද පීඨං උපනෙසි’ (හෙවත් උතුම් අස්නක් පැනවීය) යන මෙය කියන ලද්දේ ඒ සඳහාය. ‘සුපඤ්ඤත්තං මඤ්ච පීඨං’ යන තැන්හිදී, නොහොත් ඇඳක් හෝ පුටුවක් හෝ කරවන්නා වූ තැනැත්තහු විසින් යන ආදී තැන්හිදී ‘මස්තරක’ ආදී ප්‍රභේදයන්ගෙන් යුත් දැව ආදියෙන් කරන ලද ආසන අදහස් කෙරේ. මෙහිදී වනාහී පර්යංකයක ආකාරයෙන් පිහිටියා වූ දේවතාවියගේ පින් මහිමයෙන් නිර්මාණය වූ යොදුනක් වන රන් විමන (අදහස් වේ) යයි දතයුතුය.

තෙති තෙ-සද‍්දො “න තෙ සුඛං පජානන‍්ති, යෙ න පස‍්සන‍්ති නන්‍දන”න‍්තිආදීසු (සං· නි· 1.11, 226) ත-සද‍්දස‍්ස වසෙන පච‍්චත‍්තබහුවචනෙ ආගතො. “නමො තෙ පුරිසාජඤ‍්ඤ, නමො තෙ පුරිසුත‍්තම (දී· නි· 3.278; සු· නි· 549). නමො තෙ බුද‍්ධ වීරත්‍ථූ”ති (සං· නි· 1.90) ච ආදීසු තුම‍්හ-සද‍්දස‍්ස වසෙන සම‍්පදානෙ, තුය‍්හන‍්ති අත්‍ථො. “කිං තෙ දිට‍්ඨං කින‍්ති තෙ සුතං. උපධී තෙ සමතික‍්කන‍්තා, ආසවා තෙ පදාලිතා”ති (ම· නි· 2.400; සු· නි· 551) ච ආදීසු කරණෙ. “කිං තෙ වතං කිං පන බ්‍රහ‍්මචරිය”න‍්තිආදීසු (වි· ව· 1251; ජා· 1.10.92) සාමිඅත්‍ථෙ. ඉධාපි සාමිඅත්‍ථෙ දට‍්ඨබ‍්බො. තවාති හි අත්‍ථො.

තෙ යනු ‘ත’ යන ශබ්දයෙන් නිපන් පදයකි. ‘න තෙ සුඛං පජානන්ති යෙ න පස්සන්ති නන්‍දනං’ යන ආදී ස්ථානයන්හි ‘ත’ ශබ්දයට අයත් ‘තෙ’ යන පදය ප්‍රථමා විභක්ති බහුවචනයෙහි යෙදේ. ‘නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම’, ‘නමො තෙ බුද්ධ වීරත්‍ථු’ යන ආදී ස්ථානයන්හි ‘තෙ’ යන්න ‘තුම්හ’ ශබ්දය වශයෙන් සම්ප්‍රදාන විභක්තියෙහි ‘ඔබට’ යන අරුතින් ‘තුය්හං’ යයි යෙදේ. ‘කින්තෙ දිට්ඨං කින්ති තෙ දිට්ඨං’, ‘උපධි තෙ සමතික්කන්තා ආසවා තෙ පදාලිතා’ යන ආදී ස්ථානයන්හි ‘තෙ’ යන්න කරණ විභක්ති අර්ථයෙහි යෙදේ. ‘කිං තෙ වතං කිං පන බ්‍රහ්මචරියං’ යන ආදී ස්ථානයන්හි ‘තෙ’ යන්න සම්බන්ධ විභක්ති අර්ථයෙහි (ස්වාමි අර්ථයෙහි) යෙදේ. මෙහිදී ද (ස්වාමි අර්ථයෙහි හෙවත්) සම්බන්ධ විභක්ති අර්ථයෙහි යයි දත යුතු වේ. ‘තම’ (හෙවත් ඔබගේ) යන අර්ථයයි.

සොවණ‍්ණමයන‍්ති එත්‍ථ සුවණ‍්ණ-සද‍්දො “සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ”ති (ම· නි· 1.148) ච “සුවණ‍්ණතා සුසරතා”ති (ඛු· පා· 8.11) ච එවමාදීසු ඡවිසම‍්පත‍්තියං ආගතො. “කාකං සුවණ‍්ණා පරිවාරයන‍්තී”තිආදීසු (ජා· 1.1.77) ගරුළෙ. “සුවණ‍්ණවණ‍්ණො කඤ‍්චනසන‍්නිභත‍්තචො”තිආදීසු (දී· නි· 3.200) ජාතරූපෙ. ඉධාපි ජාතරූපෙ එව දට‍්ඨබ‍්බො. තඤ‍්හි බුද‍්ධානං සමානවණ‍්ණතාය සොභනො වණ‍්ණො එතස‍්සාති සුවණ‍්ණන‍්ති වුච‍්චති. සුවණ‍්ණමෙව සොවණ‍්ණං යථා “වෙකතං වෙසම”න‍්ති ච. මය-සද‍්දො ච “අනුඤ‍්ඤාතපටිඤ‍්ඤාතා, තෙවිජ‍්ජා මයමස‍්මුභො”තිආදීසු (සු· නි· 599; ම· නි· 2.455) අස‍්මදත්‍ථෙ ආගතො. “මයං නිස‍්සාය හෙමාය, ජාතමණ‍්ඩො දරී සුභා”ති එත්‍ථ පඤ‍්ඤත‍්තියං. “මනොමයා පීතිභක‍්ඛා සයංපභා”තිආදීසු (දී· නි· 1.39; 3.38) නිබ‍්බත‍්තිඅත්‍ථෙ, බාහිරෙන පච‍්චයෙන විනා මනසාව නිබ‍්බත‍්තාති මනොමයාති වුත‍්තා. “යංනූනාහං සාමං චික‍්ඛල‍්ලං මද‍්දිත්‍වා සබ‍්බමත‍්තිකාමයං කුටිකං කරෙය්‍ය”න‍්තිආදීසු (පාරා· 84) විකාරත්‍ථෙ. “දානමයං සීලමය”න‍්තිආදීසු (දී· නි· 3.305) පදපූරණමත‍්තෙ. ඉධාපි විකාරත්‍ථෙ, පදපූරණමත‍්තෙ වා දට‍්ඨබ‍්බො. යදා හි සුවණ‍්ණෙන නිබ‍්බත‍්තං සොවණ‍්ණමයන‍්ති අයමත්‍ථො, තදා සුවණ‍්ණස‍්ස විකාරො සොවණ‍්ණමයන‍්ති විකාරත්‍ථෙ මය-සද‍්දො දට‍්ඨබ‍්බො, “නිබ‍්බත‍්තිඅත්‍ථෙ”තිපි වත‍්තුං වට‍්ටතියෙව. යදා පන සුවණ‍්ණෙන නිබ‍්බත‍්තං සොවණ‍්ණන‍්ති අයමත්‍ථො, තදා සොවණ‍්ණමෙව සොවණ‍්ණමයන‍්ති පදපූරණමත‍්තෙ මය-සද‍්දො දට‍්ඨබ‍්බො.

සොවණ්ණමයං යන මෙහි ‘සුවණ්ණ’ යන ශබ්දය ‘සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ’ යයි ද, ‘සුවණ්ණතා සුස්සරතා’ යයි ද දැක්වෙන තැන්හි ඡවි සම්පත්තිය (හෙවත් මනා වූ සමක් ඇති බව) සඳහා යොදන ලදී. ‘කා කං සුවණ්ණා පරිවාරයන්ති’ යන ආදී තැන්හිදී (සුවණ්ණ යන්න) ගුරුළු පක්‍ෂීන් සඳහා යොදන ලදී. ‘සුවණ්ණ වණ්ණො කඤ්චන සන්නිභත්තමො’ යන ආදී තැන්හි සුවණ්ණ යන පදය ‘රත්රන්’ පිණිස යොදන ලදී. මෙහිදී ද රත්රන් සඳහාම යයි දතයුතු වේ. ඒ (වචනය) වනාහී බුදුන් වහන්සේලාට සමාන වර්ණයක් ඇති බැවින් (‘සො භතො වණ්ණො එකස්ස’ යන විග්‍රහය අනුව) ‘සුවණ්ණං යන අර්ථය හා පදයම ‘සොවණ්ණං’ යනු වේ. (රත්රන් යන අදහස වේ.) මෙය සිදුවනුයේ ‘වෙකතං’ යන ‘වෙ සමං’ වූ අයුරිනි. (‘වෙකතං වෙසමං’ යන පාඨාර්ධයට වඩා ‘විසමං වෙසමං’ යන පාඨාර්ථය උචිතයයි පරිවර්තකට හැඟේ.) මය ශබ්දය ‘අනුඤ්ඤාත පටිඤ්ඤාතා තෙ විජ්ජා මයමසම්භො’ යන ආදී තැන්හි ‘අසමත්’ යන අර්ථයෙහි (හෙවත් උත්තම පුරුෂ බහුවචනය වූ අපි යන අර්ථයෙහි) මයං යන්න යෙදුණෝය. ‘මයං නිස්සාය හෙමාය ජාත මණ්ඩොදරී සුභා’ යන මෙහි (පඤ්ඤත්ති හෙවත්) පැණවීම යන අර්ථයෙහි ‘මයං’ යි යෙදේ. ‘මනොමයා පීති භක්‍ඛා සයං පභා’ යන ආදී තැන්හි (‘මය’ යන්න) නිබ්බත්ති (හෙවත් හටගත්) යන අරුත්හි යෙදේ. බාහිර හේතුන්ගෙන් තොරව මනසින්ම හටගත්තේය යන අදහසින් ‘මනොමය’ යයි කියන ලදී. ‘යන්නූනාහං සාමං චික්‍ඛල්ලං මද්දිත්‍වා සබ්බමත්තිකා මයං කුටිකං කරෙය්‍ය’ යන ආදී තැන්හි ‘මය’ යන්න විකාරාර්ථයෙහි (හෙවත් වෙනසකට පත් කිරීම යන අර්ථයෙහි යෙදේ. ‘දාන මයං සීල මයං’ යන ආදී තැන්හි ‘මය’ යන්න පද පූරණ (පදය සම්පූර්ණ කිරීම යන) අර්ථයෙහි යෙදේ. මෙහිදී ද විකාරාර්ථයෙහි හෝ පද පූරණයෙහි යෙදේ යයි දතයුතු වේ. යම්විටෙක වනාහි ‘සුවණ්ණයෙන් උපන්නේ සොවණ්ණමයං’ යන මේ අර්ථය වන්නේ ද එවිට ‘සුවණ්ණයේ වෙනස = සොවණ්ණමයං’ යන විග්‍රහය වේ. ඒ අනුව විකාර අර්ථයෙහි (වෙනසකට පත්කිරීම යන අර්ථයෙහි) ‘මය’ යන ශබ්දය වේ යයි දතයුතුය. නිබ්බත්ති (හෙවත් එයින් උපන්) යන අර්ථයෙහිද යෙදෙන්නේය. යම්විටෙක ‘සුවණ්ණයෙන් උපන්නේ සොවණ්ණං’ යන මේ අර්ථය වේද, එවිට ‘සොවණ්ණං’ යන්නම ‘සොවණ්ණ මයං’ යයි සෑදෙනු පිණිස පද පූරණය කිරීමෙහි ‘මය’ ශබ්දය යෙදේ යයි දතයුතු වේ.

උළාරන‍්ති පණීතම‍්පි සෙට‍්ඨම‍්පි මහන‍්තම‍්පි. උළාර-සද‍්දො හි “පුබ‍්බෙනාපරං උළාරං විසෙසං අධිගච‍්ඡතී”තිආදීසු (සං· නි· 5.376) පණීතෙ ආගතො. “උළාරාය ඛලු භවං වච‍්ඡායනො සමණං ගොතමං පසංසාය පසංසතී”තිආදීසු (ම· නි· 1.288) සෙට‍්ඨෙ. “උළාරභොගා උළාරයසා ඔළාරික”න‍්ති ච ආදීසු (ධ· ස· 894, 896; ම· නි· 1.244) මහන‍්තෙ. තම‍්පි ච විමානං මනුඤ‍්ඤභාවෙන උපභුඤ‍්ජන‍්තානං අතිත‍්තිකරණත්‍ථෙන පණීතං, සමන‍්තපාසාදිකතාදිනා පසංසිතතාය සෙට‍්ඨං, පමාණමහන‍්තතාය ච මහග‍්ඝතාය ච මහන‍්තං, තීහිපි අත්‍ථෙහි උළාරමෙවාති වුත‍්තං උළාරන‍්ති.

උළාරං යනු ප්‍රණීත (උසස්), ශ්‍රේෂ්ඨ, මහත් යන අරුත් ඇත්තේ වේ. ‘උළාර’ යන ශබ්දය වනාහී ‘පුබ්බෙනාපරං උළාරං විසෙසං අධිගච්ඡති’ යන ආදී තැන්හිදී ප්‍රණීත (උසස්) යන අර්ථයෙහි යෙදේ. ‘උළාරාය ඛලු භවං වච්ඡායනො සමණං ගොතමං පසංසාය පසංසති’ යන ආදී තැන්හිදී ‘ශ්‍රේෂ්ඨ’ යන අර්ථයෙහි යෙදේ. ‘උළාර භොගා, උළාර යසන, ඔළාරිකං’ යන ආදී තැන්හිදී මහත් යන අර්ථයෙහි යෙදේ. එම විමානය ද සිත්ගන්නා ස්වභාවය (මනොඥභාවය) හේතුකොට ගෙන පරිභෝග කරන්නවුන් හට ඇතැයි යන තෘප්තියක් නැත්තේය යන අර්ථයෙන් ‘ප්‍රණීත’ වේ. හැම අයුරින්ම ප්‍රසාදයට පත්කරවන ස්වභාවය ඇති නිසා පසස්නා ලද බැවින් ශ්‍රේෂ්ඨ වේ. ප්‍රමාණයේ විශාලත්වයේ හේතුවෙන් ද, මාහැඟි බවේ හේතුවෙන් ද ‘මහන්ත’ නම් වේ. (ප්‍රණීත, ශ්‍රේෂ්ඨ, මහත් යන) මේ අර්ථ තුනෙන්ම මහත්ය යන හේතුවෙන් ‘උළාරා’ යයි කියන ලදී.

මනොජවන‍්ති එත්‍ථ මනොති චිත‍්තං. යදිපි මනො-සද‍්දො සබ‍්බෙසම‍්පි කුසලාකුසලාබ්‍යාකතචිත‍්තානං සාධාරණවාචී, “මනොජව”න‍්ති පන වුත‍්තත‍්තා යත්‍ථ කත්‍ථචි ආරම‍්මණෙ පවත‍්තනකස‍්ස කිරියමයචිත‍්තස‍්ස වසෙන වෙදිතබ‍්බං. තස‍්මා මනසො විය ජවො එතස‍්සාති මනොජවං යථා ඔට‍්ඨමුඛොති, අතිවිය සීඝගමනන‍්ති අත්‍ථො. මනො හි ලහුපරිවත‍්තිතාය අතිදූරෙපි විසයෙ ඛණෙනෙව නිපතති, තෙනාහ භගවා – “නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි යං එවං ලහුපරිවත‍්තං, යථයිදං, භික‍්ඛවෙ, චිත‍්ත”න‍්ති (අ· නි· 1.48) “දූරඞ‍්ගමං එකචර”න‍්ති (ධ· ප· 37) ච. ගච‍්ඡතීති තස‍්සා දෙවතාය වසනවිමානතො උය්‍යානං උද‍්දිස‍්ස ආකාසෙන ගච‍්ඡති.

මනොජවං යන මෙහි ‘මනො’ යන ‘සිත’ වේ. යම්සේ ‘මනො’ යන ශබ්දය කුසල අකුසල වශයෙන් වෙන්ව ප්‍රකාශ නො කළ සියලුම චිත්තයන් හට සාධාරණ වචනයක් වන නමුදු මෙහිදී ‘මනොජවං’ යයි කියන ලද බැවින් (එම මනොජවං යන්න) යම්කිසි අරමුණෙක්හි පවත්වන්නා වූ ක්‍රියාත්මක සිතක් වශයෙන් දතයුතුය. එහෙයින් මනසේ මෙන් වේගයක් මෙයට ඇතැයි යන අදහසින් ‘මනොජව’ යයි යෙදේ. කුමක් මෙන් ද යත්, ‘ඔට්ඨ මුඛො හෙවත් අතිශයින් ශීඝ්‍ර වූ ගමන් කාලය’ යන අර්ථය මෙනි. මනස වනාහී වහා පරිවර්තනය වන බැවින් ඉතා දුර පිහිටි අරමුණක් කෙරෙහි වුව ද ක්‍ෂණයකින් යොමු වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. කෙසේද යත් ‘මහණෙනි, චිත්තය මෙන් මෙසේ වහා පරිවර්තනය වන්නා වූ යමක් වේද, එවැනි අන්‍ය වූ එකම දෙයක් හෝ මම නො දකිමි’ යනුයි. ‘දුර ගමන් යන්නා වූ, තනිව හැසිරෙන්නා වූ යනුවෙන් ද මනස අරභයාම කියන ලදී. ගච්ඡති ඒ දෙවඟන වසන විමානයෙන් උයන දෙසට අහසින් යයි.

යෙනකාමන‍්ති එත්‍ථ කාම-සද‍්දො “කාමා හි චිත්‍රා මධුරා මනොරමා, විරූපරූපෙන මථෙන‍්ති චිත‍්ත”න‍්තිආදීසු (සු· නි· 50; ථෙරගා· 787) මනාපියෙ රූපාදිවිසයෙ ආගතො. “ඡන්‍දො කාමො රාගො කාමො”තිආදීසු (විභ· 564; මහානි· 1; චූළනි· 8 අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස) ඡන්‍දරාගෙ. “කිලෙසකාමො කාමුපාදාන”න‍්තිආදීසු (ධ· ස· 1219; මහානි· 2) සබ‍්බස‍්මිං ලොභෙ. “අත‍්තකාමපාරිචරියාය වණ‍්ණං භාසෙය්‍යා”තිආදීසු (පාරා· 291) ගාමධම‍්මෙ. “සන‍්තෙත්‍ථ තයො කුලපුත‍්තා අත‍්තකාමරූපා විහරන‍්තී”තිආදීසු (ම· නි· 1.325; මහාව· 466) හිතච‍්ඡන්‍දෙ. “අත‍්තාධීනො අපරාධීනො භුජිස‍්සො යෙනකාමංගමො”තිආදීසු (දී· නි· 1.221; ම· නි· 1.426) සෙරිභාවෙ. ඉධාපි සෙරිභාවෙ එව දට‍්ඨබ‍්බො, තස‍්මා යෙනකාමන‍්ති යථාරුචි, දෙවතාය ඉච‍්ඡානුරූපන‍්ති අත්‍ථො.

යෙන කාමං මෙහි ‘කාම’ යන ශබ්දය කාමාහි චිත්‍රා මධුරා මනොරමා විරූප රූපෙන මථෙන්ති චිත්තං - ‘විසිතුරු වූ ද, මිහිරි වූ ද, මනරම් වූ ද කාමයෝ විකාර වූ රූපයගෙන් සිත කැළඹීමට පත් කරවත්.’ මේ ආදී තැන්හි (කාම යන්න) මනාප වූ රූපාදී විශේෂයන්හි යෙදේ. ‘ඡන්‍දො කාමො රාගො කාමො’ යන ආදී තැන්හි ඡන්‍ද රාගය (හෙවත් ආශාව යන අර්ථයෙහි) යෙදේ. ‘කිලෙස කාමො, කාමූපාදානං’ යන ආදී සියලු තැන්හි ‘ලෝභය’ යන අර්ථයෙහි යෙදේ. ‘අත්තකාම පාරිචරියාය වණ්ණං භාසෙය්‍ය’ යන ආදී තැන්හි පහත් ලාමක චර්යාව යන අර්ථයෙහි යෙදේ. ‘සන්තෙත්‍ථ තයො කුල පුත්තා අත්තකාම රූපා විහරන්ති’ යන ආදී තැන්හි යහපතක් සිදුවීම පිළිබඳ කැමැන්ත යන අර්ථයෙහි යෙදේ. ‘අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙන කාමං ගාමො’ යන ආදී තැන්හි ‘කාමං’ යන්න ‘කැමති වන ස්වභාවයෙහි’ යන අර්ථයෙහි යෙදේ. මෙහිදී ද සෙරි භාවයෙහිම හෙවත් තමා කැමති වන ස්වභාවයෙහිම යන අර්ථය වේ යයි දතයුත්තේය. එහෙයින් ‘යෙන කාමං’ යනු කැමති පරිද්දෙන් යන අදහස සඳහා යෙදේ. දෙවඟනගේ කැමැත්තට අනුරූපීව යන අර්ථයයි.

අලඞ‍්කතෙති අලඞ‍්කතගත‍්තෙ, නානාවිධරංසිජාලසමුජ‍්ජලවිවිධරතනවිජ‍්ජොතිතෙහි හත්‍ථූපගපාදූපගාදිභෙදෙහි සට‍්ඨිසකටභාරපරිමාණෙහි දිබ‍්බාලඞ‍්කාරෙහි විභූසිතසරීරෙති අත්‍ථො. සම‍්බොධනෙ චෙතං එකවචනං. මල්‍යධරෙති කප‍්පරුක‍්ඛපාරිච‍්ඡත‍්තකසන‍්තානකලතාදිසම‍්භවෙහි, සුවිසුද‍්ධචාමීකරවිවිධරතනමයපත‍්තකිඤ‍්ජක‍්ඛකෙසරෙහි, සමන‍්තතො විජ‍්ජොතමානවිප‍්ඵුරන‍්තකිරණනිකරරුචිරෙහි දිබ‍්බකුසුමෙහි සුමණ‍්ඩිතකෙසහත්‍ථාදිතාය මාලාභාරිනී.

අලංකතෙ සරසන ලද ශරිරයෙහි, නා නා විධ වූ රශ්මි සමූහයකින් දිලිසෙන විවිධ වූ රත්නයන්ගෙන් බබළන අත් පා ආදිය සඳහා වෙන් වෙන්ව පවතින්නා ගැල් සැටක දැරිය හැකි බරින් යුත් දිව්‍යමය අලංකාරයන්ගෙන් සරසන ලද සිරුරෙහි යන අර්ථයයි. සම්බොධනයෙහි හෙවත් ආමන්ත්‍රණයෙහි ද මෙය ඒකවචනය ලෙස යෙදේ. මල්‍යධරෙ කප්රුක පරසතු රුක සන්තාන නම් වූ දිව්‍ය වෘක්‍ෂය හා දේව ලෝකයේ වූ ලතාවන්ගෙන් හටගත්, ඉතා පිරිසිදු රත්රන් ඇතුළු විවිධ රත්නයන්ගෙන් කළාක් වැනි මල් කෙසරුවලින් යුත් හාත්පසින් බබලන, විසුරුණ රශ්මි සමූහය මෙන් මනහර වූ දිවමල්වලින් සරසන ලද කෙස් හා අත් ඇති බැවින් මලින්ම බර වූ තැනැත්තියක වූවාය.

සුවත්‍ථෙති කප‍්පලතානිබ‍්බත‍්තානං, නානාවිරාගවණ‍්ණවිසෙසානං සුපරිසුද‍්ධභාසුරප‍්පභානං නිවාසනුත‍්තරියපටිච‍්ඡදාදීනං දිබ‍්බවත්‍ථානං වසෙන සුන්‍දරවත්‍ථෙ. ඔභාසසීති විජ‍්ජොතසි. විජ‍්ජුරිවාති විජ‍්ජුලතා විය. අබ‍්භකූටන‍්ති වලාහකසිඛරෙ. භුම‍්මත්‍ථෙ හි එතං උපයොගවචනං. ඔභාසසීති වා අන‍්තොගධහෙතුඅත්‍ථවචනං, ඔභාසෙසීති අත්‍ථො. ඉමස‍්මිං පක‍්ඛෙ “අබ‍්භකූට”න‍්ති උපයොගත්‍ථෙ එව උපයොගවචනං දට‍්ඨබ‍්බං.

සුවත්‍ථෙ (කප් රුක මෙන්ම සිතු පැතු දේ ලබා දෙන ලතාවක් යැයි පැරැන්නන් ඇදහු) කල්ප ලතාවෙන් උපන් විවිධ වර්ණ විශේෂයන් සහිත වූද, රහිත වූ ද, ඉතා පිරිසිදු ලෙස බබලන ආලෝක රැසකින් යුක්ත වූ ද, ඇඳුම් සහ උතුරුසලු ලෙස ශරීරාවරණයට යොදන්නා වූ ද දිව්‍යමය වස්ත්‍ර වශයෙන් ගැනෙන සොඳුරු ඇඳුම්. ඔභාසසි බැබළවීය. විජ්ජුරිව විදුලිය මෙන්, අබ්හකූටං වලාකුළ මුදුනෙහි භූම්‍යර්ථයෙහි වුව ද මෙය යෙදිය හැකි වදනකි. ‘ඔභාසසී’ යනු හේත්වර්ථය (හෙවත් ප්‍රයෝජ්‍ය ක්‍රියා අර්ථය) ඇතුල්කොට තිබෙන වචනයකි. ‘බැබළවීය’ යන අර්ථයයි. මේ අදහස් සහිත පක්‍ෂයෙහි ‘අබ්හකූටං’ යනු උපභෝග යන අර්ථයෙහිම යොදනු ලබන උපභෝග වචනයක් යයි දැක්විය යුතුය.

අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – යථා නාම සඤ‍්ඣාපභානුරඤ‍්ජිතං රත‍්තවලාහකසිඛරං පකතියාපි ඔභාසමානං සමන‍්තතො විජ‍්ජොතමානා විජ‍්ජුලතා නිච‍්ඡරන‍්තී විසෙසතො ඔභාසෙති, එවමෙවං සුපරිසුද‍්ධතපනීයමයං නානාරතනසමුජ‍්ජලං පකතිපභස‍්සරං ඉමං විමානං ත්‍වං සබ‍්බාලඞ‍්කාරෙහි විභූසිතා සබ‍්බසො විජ‍්ජොතයන‍්තීහි අත‍්තනො සරීරප‍්පභාහි වත්‍ථාභරණොභාසෙහි ච විසෙසතො ඔභාසෙසීති.

එහි අර්ථය මෙසේය. සන්ධ්‍යාලෝකයෙන් අලංකාර වූ ස්වභාවයෙන්ම ආලෝකය විහිදුවන්නා වූ රක්තවර්ණ වලාකුළු මස්තකය අතිශයින් බබලන්නා වූ විදුලිඑළිය නික්මවන්නේද විශේෂයෙන් බබළවයිද එසේම ඉතා පිරිසිදු රනින්ම කරන ලද්දා වූ විවිධ රත්නයන්ගෙන් බබළන මේ විමානය ද ස්වභාවයෙන්ම ප්‍රභාස්වර වන්නේය. සියලු අලංකාරයෙන්ම බබළන හැම අයුරින්ම දීප්තිමත් වූ තමාගේ ශරීරාලෝකයෙන් ද, වස්ත්‍රාභරණයන්හි ආලෝකයෙන් ද ඔබ එම විමානය විශේෂයෙන් බබළවන්නෙහිය.

එත්‍ථ හි “පීඨ”න‍්ති නිදස‍්සෙතබ‍්බවචනමෙතං , “අබ‍්භකූට”න‍්ති නිදස‍්සනවචනං. තථා “තෙ”ති නිදස‍්සෙතබ‍්බවචනං. තඤ‍්හි “පීඨ”න‍්ති ඉදං අපෙක‍්ඛිත්‍වා සාමිවචනෙන වුත‍්තම‍්පි “අලඞ‍්කතෙ මල්‍යධරෙ සුවත්‍ථෙ ඔභාසසී”ති ඉමානි පදානි අපෙක‍්ඛිත්‍වා පච‍්චත‍්තවසෙන පරිණමති, තස‍්මා “ත්‍ව”න‍්ති වුත‍්තං හොති. “විජ‍්ජුරිවා”ති නිදස‍්සනවචනං. “ඔභාසසී”ති ඉදං ද‍්වින‍්නම‍්පි උපමෙය්‍යුපමානානං සම‍්බන්‍ධදස‍්සනං. “ඔභාසසී”ති හි ඉදං “ත්‍ව”න‍්ති පදං අපෙක‍්ඛිත්‍වා මජ‍්ඣිමපුරිසවසෙන වුත‍්තං, “පීඨ”න‍්ති ඉදං අපෙක‍්ඛිත්‍වා පඨමපුරිසවසෙන පරිණමති. ච-සද‍්දො චෙත්‍ථ ලුත‍්තනිද‍්දිට‍්ඨො දට‍්ඨබ‍්බො. “ගච‍්ඡති යෙනකාමං ඔභාසසී”ති ච “විජ‍්ජුලතොභාසිතං අබ‍්භකූටං වියා”ති පච‍්චත‍්තවසෙන චෙතං උපයොගවචනං පරිණමති. තථා “පීඨ”න‍්ති විසෙසිතබ‍්බවචනමෙතං, “තෙ සොවණ‍්ණමයං උළාර”න‍්තිආදි තස‍්ස විසෙසනං.

මෙහිදී ‘පීඨං’ (හෙවත් ආසනය) යන මෙය උදාහරණයකින් දැක්විය යුතු වචනයකි. ‘අබ්හකූටං’ (හෙවත් වලාකුළු මස්තකය යනු උදාහරණ වචනයයි. එසේම ‘තෙ’ යනු ද උදාහරණයකින් දැක්විය යුතු වචනය හා අපේක්ෂා කොට කියන ලද්දේ වුව ද ‘අලංකතෙ’ (අලංකාර කරන ලද), ‘මල්‍යධරෙ’ (මල් මාලා දරන), ‘සුවත්‍ථෙ’ (මනා වස්ත්‍ර ඇති) ‘ඔභාසසී’ (බබළන්නෙහි) යන මේ පද වෙන් වෙන් වශයෙන් අපේක්‍ෂා කොට අර්ථ පරිණාමයට පත් කරවයි. එහෙයින් ‘ත්‍වං’ (ඔබ) යයි කියන ලද්දේ වෙයි. ‘විජ්ජුරිව’ (විදුලිය මෙන්) යනු නිදර්ශන වචනයයි. ‘ඔභාසසී’ (බබළන්නෙහි) යන මේ වචනය උපමේය උපමාන යන පද දෙකේ සම්බන්ධය දක්වන පදයයි. තව ද ‘ඔභාසසී’ යන මෙය ‘ත්‍වං’ යන පදය අපේක්‍ෂා කොට මධ්‍යම පුරුෂ වශයෙන් කියන ලදී. ‘පීඨං’ යන මේ පදය අපේක්‍ෂාකොට ප්‍රථම පුරුෂ වශයෙන් වෙනස් වෙයි. ‘ච’ ශබ්දය ද මෙහි ලොප් කිරීමට නිර්දේශ කරන ලදැයි දැක්විය යුතුය. ‘ගච්ඡති යෙන කාමං ඔභාසසී’ යන පාඨය ද ‘විජ්ජුතො භාසිතං අබ්හකූටං විය’ යන පාඨයද යන දෙකෙහිම ඇති (‘ඔභාස’ යන) මේ උපයෝග වචනය වෙන් වශයෙන් පරිණාමයට පත් කරවයි. එසේම ‘පීඨං’ යන මෙය විශේෂකොට දැක්විය යුතු වචනයකි. ‘තෙ සොවණ්ණමයං උළාරං’ (රනින්ම කරන ලද, ඒවා උසස්ය) යන ආදිය ‘පීඨං’ යන්නට විශේෂණ වේ.

නනු ච “සොවණ‍්ණමය”න‍්ති වත්‍වා සුවණ‍්ණස‍්ස අග‍්ගලොහතාය සෙට‍්ඨභාවතො දිබ‍්බස‍්ස ච ඉධාධිප‍්පෙතත‍්තා “උළාර”න‍්ති න වත‍්තබ‍්බන‍්ති? න, කිඤ‍්චි විසෙසසබ‍්භාවතො. යථෙව හි මනුස‍්සපරිභොගසුවණ‍්ණවිකතිතො රසවිද‍්ධං සෙට‍්ඨං සුවිසුද‍්ධං, තතො ආකරුප‍්පන‍්නං, තතො යංකිඤ‍්චි දිබ‍්බං සෙට‍්ඨං, එවං දිබ‍්බසුවණ‍්ණෙපි චාමීකරං, චාමීකරතො සාතකුම‍්භං, සාතකුම‍්භතො ජම‍්බුනදං, ජම‍්බුනදතො සිඞ‍්ගීසුවණ‍්ණං. තඤ‍්හි සබ‍්බසෙට‍්ඨං. තෙනාහ සක‍්කො දෙවානමින්‍දො –

‘සොවණ්ණ මයං’ (රනින් කරන ලද්දේ) යයි කියන රත්රන්වල ඇති ලෝහමය අගයේ උසස් බවට වඩා දෙව්ලොව රත්රන්වල උසස් බව මෙහිදී අදහස් කළ බැවින් ‘උළාර’ යයි කිවයුතු නොවේද? මිනිසුන් පරිභෝග කරනු ලබන රන් භාණ්ඩවලට වඩා දිව්‍යමය රන් භාණ්ඩ උසස්ය. ශ්‍රේෂ්ඨය. සුපිරිසිදුය. මෙසේ දෙව්ලොව රත්රන්වල ද ශ්‍රේෂ්ඨත්වය වෙනස් වේ. එයට වඩා ශ්‍රේෂ්ඨ ‘චාමිකර’ නම් ස්වර්ණයක් වේ. එයට වඩා ශ්‍රේෂ්ඨ වූ ‘සත්ත කුම්හ’ නම් ස්වරණයක් වේ. එයට වඩා ශ්‍රේෂ්ඨ ‘ජම්බුනද’ නම් ස්වර්ණයක් වේ. එයට ද වඩා ශ්‍රේෂ්ඨ ‘සංගී සුවණ්ණ’ නම් ස්වර්ණයක් වේ. එය ඉතාම ශ්‍රේෂ්ඨය. ඒ නිසා ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ

“මුත‍්තො මුත‍්තෙහි සහ පුරාණජටිලෙහි, විප‍්පමුත‍්තො විප‍්පමුත‍්තෙහි; සිඞ‍්ගීනික‍්ඛසවණ‍්ණො, රාජගහං පාවිසි භගවා”ති. (මහාව· 58);

‘මුත්තො මුත්තෙහි සහ පුරාණ ජටිලෙහි විප්පමුත්තො විප්පමුත්තෙහි සිංගී නික්‍ඛ සවණ්ණො රාජගහං පාවිසි භගවා’ති

මිදුණා වූද, මනා ලෙසම මිදුණා වූ ද භාග්‍යවතුන් වහන්සේ මිදුණා වූ සහ මනාව මිදුණා වූ පුරාණ කාශ්‍යපවරුන් සමග තමා සිංගී නම් ස්වර්ණයේ වර්ණයට සම වර්ණ ඇත්තාහු රජගහ නුවරට පිවිසි සේක.

තස‍්මා “සොවණ‍්ණමය”න‍්ති වත්‍වාපි “උළාර”න‍්ති වුත‍්තං. අථ වා “උළාර”න‍්ති ඉදං න තස‍්ස සෙට‍්ඨපණීතභාවමෙව සන්‍ධාය වුත‍්තං, අථ ඛො මහන‍්තභාවම‍්පීති වුත‍්තොවායමත්‍ථො . එත්‍ථ ච “පීඨ”න‍්තිආදි ඵලස‍්ස කම‍්මසරික‍්ඛතාදස‍්සනං. තත්‍ථාපි “සොවණ‍්ණමය”න‍්ති ඉමිනා තස‍්ස විමානස‍්ස වත්‍ථුසම‍්පදං දස‍්සෙති, “උළාර”න‍්ති ඉමිනා සොභාතිසයසම‍්පදං, “මනොජව”න‍්ති ඉමිනා ගමනසම‍්පදං. “ගච‍්ඡති යෙනකාම”න‍්ති ඉමිනා සීඝජවතාය පීඨසම‍්පත‍්තිභාවසම‍්පදං දස‍්සෙති.

එහෙයින් ‘සොවණ්ණමයං’ (රනින් කරන ලද්දේ යයි) කියන නැවතද ‘උළාරං’ (උතුම්) යයි කියන ලදී. තව ද ‘උළාරං’ යන මෙය එහි ශ්‍රේෂ්ඨ ප්‍රණීත භාවයම සඳහා පමණක් කියන ලද්දේ නොවේ. එසේ නම් මහත් බව සඳහා ද කියන ලද්දේ යයි අදහස් වේ. මෙහි ද ‘පීඨං (=ආසනය) යන ආදිය කර්මඵල සමාන බව දැක්වීම පිණිස ඉදිරිපත් කෙරේ. එහිද ‘සොවණ්ණමයං’ (=රනින් කළ) යන මෙයින් ඒ විමානයේ වතු සම්පත්තිය දැක්වේ. ‘උළාරං’ යන මෙයින් අධික වූ ශෝභා සම්පත්තිය දැන්වේ. ‘මනොජවං’ යන මෙයින් ගමන් සම්පත දැක්වේ. ‘ගච්ඡති යෙන කාමං’ යන මෙයින් ශීඝ්‍ර වේගවත් ස්වභාවයෙන් යුත් ආසන සම්පත්තියේ ස්වභාවය ද දැක්වේ.

අථ වා “සොවණ‍්ණමය”න‍්ති ඉමිනා තස‍්ස පණීතභාවං දස‍්සෙති, “උළාර”න‍්ති ඉමිනා වෙපුල‍්ලමහත‍්තං. “මනොජව”න‍්ති ඉමිනා ආනුභාවමහත‍්තං. “ගච‍්ඡති යෙනකාම”න‍්ති ඉමිනා විහාරසුඛත‍්තං දස‍්සෙති. “සොවණ‍්ණමය”න‍්ති වා ඉමිනා තස‍්ස අභිරූපතං වණ‍්ණපොක‍්ඛරතඤ‍්ච දස‍්සෙති, “උළාර”න‍්ති ඉමිනා දස‍්සනීයතං පාසාදිකතඤ‍්ච දස‍්සෙති, “මනොජව”න‍්ති ඉමිනා සීඝසම‍්පදං, “ගච‍්ඡති යෙනකාම”න‍්ති ඉමිනා කත්‍ථචි අප‍්පටිහතචාරතං දස‍්සෙති.

වැලිදු ‘සොවණ්ණමයං’ යන මෙයින් එහි යහපත් උසස් බව දැක්වේ. ‘උළාරං’ යන මෙයින් විශාලත්වය දැක්වේ. ‘මනොජවං’ යන මෙයින් මහත් වූ උතුම් බව දැක්වේ. ‘ගචඡති යෙන කාමං’ යන මෙයින් වාසස්ථානයේ සෞඛ්‍යවත් බව දැක්වේ. නැවතද ‘සොවණ්ණමයං’ යන මෙයින් එහි මනා රූමත් බව ද වර්ණ සම්පත්තිය ද දැක්වේ. ‘උළාරං’ යන මෙයින් දැකුම්කලු බවද, ප්‍රසාදජනක බවද දැක්වේ. ‘මනොජවං’ යන මෙයින් ශීඝ්‍ර වූ ස්වභාවය දැක්වේ. ‘ගච්ඡතියෙන කාමං’ යන මෙයින් කිසියම් තැනෙක්හි හෝ බාධාවක් නැති සංචාරයන් දැක්වේ.

අථ වා තං විමානං යස‍්ස පුඤ‍්ඤකම‍්මස‍්ස නිස‍්සන්‍දඵලං, තස‍්ස අලොභනිස‍්සන්‍දතාය සොවණ‍්ණමයං, අදොසනිස‍්සන්‍දතාය උළාරං, අමොහනිස‍්සන්‍දතාය මනොජවං ගච‍්ඡති යෙනකාමං. තථා තස‍්ස කම‍්මස‍්ස සද‍්ධානිස‍්සන්‍දභාවෙන සොවණ‍්ණමයං, පඤ‍්ඤානිස‍්සන්‍දභාවෙන උළාරං, වීරියනිස‍්සන්‍දභාවෙන මනොජවං, සමාධිනිස‍්සන්‍දභාවෙන ගච‍්ඡති යෙනකාමං. සද‍්ධාසමාධිනිස‍්සන්‍දභාවෙන වා සොවණ‍්ණමයං, සමාධිපඤ‍්ඤානිස‍්සන්‍දභාවෙන උළාරං, සමාධිවීරියනිස‍්සන්‍දභාවෙන මනොජවං, සමාධිසතිනිස‍්සන්‍දභාවෙන ගච‍්ඡති යෙනකාමන‍්ති වෙදිතබ‍්බං.

නැතහොත් මෙසේ ද දැක්විය හැකි වේ. ඒ විමන යම් පුණ්‍ය කර්මයක අනුගාමී ඵලයකි. එහි ලෝභ රහිත අනුගාමී ඵලය නිසා ස්වර්ණමය වේ. ද්වේෂ රහිත අනුගාමී ඵලය නිසා උසස් වේ. මෝහ රහිත අනුගාමී ඵලය නිසා ශීඝ්‍ර ගමන් ඇත්තේ වේ. තවද මෙසේත් දැක්විය හැකි වේ. කරන ලද එම පුණ්‍යකර්මයාගේ ශ්‍රද්ධා සහිත අනුගාමී ඵලයෙහි ස්වභාවයෙන් ඒ විමානය ස්වර්ණමය වේ. ප්‍රඥාවගේ අනුගාමී ඵලයෙන් අප්‍රතිහත චාරිකා වේග ඇත්තේ වෙයි. ශ්‍රද්ධා සමාධි ඵලයන් නිසා ස්වර්ණමය වේ. සමාධි ප්‍රඥා ඵලයන් නිසා උත්තම බවට පත්වේ. සමාධි වීර්ය ඵලයන් නිසා ශීඝ්‍ර වේග ඇත්තේ වෙයි. සමාධි සතිඵලයන් නිසා කැමති සේ යා හැකි ශීඝ්‍රතාවයක් ලැබේ. මේ ආදී ලෙසින් දත යුතුය.

තත්‍ථ යථා “පීඨ”න‍්තිආදි විමානසම‍්පත‍්තිදස‍්සනවසෙන තස‍්සා දෙවතාය පුඤ‍්ඤඵලවිභවසම‍්පත‍්තිකිත‍්තනං, එවං “අලඞ‍්කතෙ”තිආදි අත‍්තභාවසම‍්පත‍්තිදස‍්සනවසෙන පුඤ‍්ඤඵලවිභවසම‍්පත‍්තිකිත‍්තනං. යථා හි සුසික‍්ඛිතසිප‍්පාචරියවිරචිතොපි රත‍්තසුවණ‍්ණාලඞ‍්කාරො විවිධරංසිජාලසමුජ‍්ජලමණිරතනඛචිතො එව සොභති, න කෙවලො, එවං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නො චතුරස‍්සසොභනොපි අත‍්තභාවො සුමණ‍්ඩිතපසාධිතොව සොභති, න කෙවලො. තෙනස‍්සා “අලඞ‍්කතෙ”තිආදිනා ආහරිමං සොභාවිසෙසං දස‍්සෙති, “ඔභාසසී”ති ඉමිනා අනාහරිමං. තථා පුරිමෙන වත‍්තමානපච‍්චයනිමිත‍්තං සොභාතිසයං දස‍්සෙති, පච‍්ඡිමෙන අතීතපච‍්චයනිමිත‍්තං. පුරිමෙන වා තස‍්සා උපභොගවත්‍ථුසම‍්පදං දස‍්සෙති, පච‍්ඡිමෙන උපභුඤ‍්ජනකවත්‍ථුසම‍්පදං.

එහි යම් සේ ‘පීඨං’ (=ආසනය) යන ආදී විමාන සම්පත් දැක්වීම් වශයෙන් ඒ දෙවඟනගේ පින්පල, වස්තු සම්පත් ගැන කියවේද, එසේ ‘අලංකතෙ’ යන ආදී ආත්මභාව සම්පත් දැක්වීම් වශයෙන් පින්පල වස්තු සම්පත් ගැන කියවේ. යම් සේ වනාහී මනාව පුහුණු වූ ශිල්ප උගත් ආචාර්යවරුන් විසින් සාදන ලද්දේ වුවද රතු පැහැති රත්රන් ආභරණ විවිධ ආකාර වූ රශ්මීන් සමූහයෙන් බබලන මිණිරුවන් එබ්බවූ විටම ශෝභමාන වෙයි. එයින් තොරව ශෝභමාන නොවේ. මෙසේ සකලාංග සම්පූර්ණ වූ ද, සතර ආකාරයකින් ශෝභමාන වූ ද ශරීරය මනාව සැරසූ විටම හොබනේ වෙයි. එයින් තොරව ශෝභමාන නොවේ. එහෙයින් ‘අලංකතෙ’ යන ආදියෙන් ගෙන ආ ශෝභමාන බව දැක්වේ. ‘ඔභාසසී’ යන මෙයින් මතුවට ගෙන නොයන ශෝභමාන බව දැක්වේ. ඒ ආකාරයෙන් (‘අලංකත’ යන) පෙර පදයෙන් වර්තමාන ඵලයට නිමිත්ත වූ ශෝභමානත්වය දැක්වේ. (ඔභාසෙසි යන) පසු පදයෙන් අතීත ඵලයට හේතුව දැක්වේ. පෙර පදයෙන් ඇයගේ (=දේවතාවියගේ) උපභෝග වස්තු සම්පත්තිය දැක්වේ. පසුපදයෙන් පරිභෝග කරන වස්තු සම්පත්තිය දැන්වේ.

එත්‍ථාහ “කිං පන තං විමානං යුත‍්තවාහං, උදාහු අයුත‍්තවාහ”න‍්ති? යදිපි දෙවලොකෙ රථවිමානානි යුත‍්තවාහානිපි හොන‍්ති “සහස‍්සයුත‍්තං ආජඤ‍්ඤරථ”න‍්ති (සං· නි· 1.264) ආදිවචනතො, තෙ පන දෙවපුත‍්තා එව කිච‍්චකරණකාලෙ වාහරූපෙන අත‍්තානං දස‍්සෙන‍්ති යථා එරාවණො දෙවපුත‍්තො කීළනකාලෙ හත්‍ථිරූපෙන. ඉදං පන අඤ‍්ඤඤ‍්ච එදිසං අයුත‍්තවාහං දට‍්ඨබ‍්බං.

මෙහිදී මෙසේ කියන ලදී. ඒ විමානය ඇදගෙන යනු ලබන්නක්ද, නැතහොත් ඇදගෙන නො යනු ලබන්නක් ද යත්, ඉදින් දෙව්ලොව ඇදගෙන යනු ලබන රථ විමානයන් පවතී නම් ඒවා ‘සහස්ස යුත්තං ආජඤ්ඤ රථං’ (=දහසක් ආජානෙය අසුන් යෙදූ රථ) යන වචනවලින් දැක්වේ. (රථ ඇදගෙන යන) ඒ දිව්‍යපුත්‍රයෝ ඒ ක්‍රියාව කරන කාලයෙහි රථ ඇදගෙන යන්නවුන්ගේ ස්වරූපයෙන් තමන් දක්වත්. කෙසේද යත්, ඓරාවණ දිව්‍යපුත්‍රයා ක්‍රීඩා කරන කල්හි ඇත් රුවකින් තමා දක්වන්නාක් මෙනි. මෙහි දැක්වෙන මෙම විමාන රථය ද අන්‍ය වූ ඇදගෙන යනු නො ලබන එබඳු විමාන මෙන් යයි දැක්විය යුතුය.

යදි එවං කිං තස‍්ස විමානස‍්ස අබ‍්භන‍්තරා වායොධාතු ගමනෙ විසෙසපච‍්චයො, උදාහු බාහිරාති? අබ‍්භන‍්තරාති ගහෙතබ‍්බං. යථා හි චන්‍දවිමානසූරියවිමානාදීනං දෙසන‍්තරගමනෙ තදුපජීවීනං සත‍්තානං සාධාරණකම‍්මනිබ‍්බත‍්තං අතිවිය සීඝජවං මහන‍්තං වායුමණ‍්ඩලං තානි පෙලෙන‍්තං පවත‍්තෙති, න එවං තං පෙලෙත්‍වා පවත‍්තෙන‍්තී බාහිරා වායොධාතු අත්‍ථි. යථා ච පන චක‍්කරතනං අන‍්තොසමුට‍්ඨිතාය වායොධාතුයා වසෙන පවත‍්තති. න හි තස‍්ස චන්‍දවිමානාදීනං විය බාහිරා වායොධාතු පෙලෙත්‍වා පවත‍්තිකා අත්‍ථි රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස චිත‍්තවසෙන “පවත‍්තතු භවං චක‍්කරතන”න‍්තිආදිවචනසමනනන‍්තරමෙව පවත‍්තනතො, එවං තස‍්සා දෙවතාය චිත‍්තවසෙන අත‍්තසන‍්නිස‍්සිතාය වායොධාතුයා ගච‍්ඡතීති වෙදිතබ‍්බං. තෙන වුත‍්තං “මනොජවං ගච‍්ඡති යෙනකාම”න‍්ති.

ඉදින් එසේ නම් විශේෂත්වයක් සිදු වන්නේ වායෝ ධාතුව ඒ විමානයේ අභ්‍යන්තරයෙන් ගමන් කිරීමේදී ද, නැතහොත් බැහැරින් ගමන් කිරීමේදීදැයි යතහොත් විශේෂත්වය සිදු වන්නේ අභ්‍යන්තරයෙන් වායෝ ධාතුව ගමන් කිරීමේදී යයි ගත යුතු වේ. චන්ද්‍ර විමාන සූර්ය විමාන ආදීන්ගේ දේශාන්තර ගමනෙහිදී ඒ අනුව ජීවන මාර්ග සැකසෙන සත්ත්වයන්ගේ එයට සමානව හටගත් ක්‍රියාවන් ඉතා ශීඝ්‍ර වේග සහිත වායු මණ්ඩලය මගින් පීඩනයට භාජනය වේද? නැත. එසේ එය පීඩනයට පත් කරවමින් පවතින්නා වූ බාහිර වායෝ ධාතුවක් නො පවතී. යම්සේ චක්‍රරත්නය (එහි) ඇතුළත හටගත් වායෝ ධාතුවෙහි මෙහෙයවීම වශයෙන් පවතීද එයට සඳවිමන ආදියේ මෙන් බාහිර වායෝ ධාතුවකින් මෙහෙයවීමක් නැත. යම් සේ ‘එම්බා චක්‍රරත්නය, මෙසේ පවතීවා’යි යනුවෙන් චක්‍රවර්ති රජහු විසින් කියනු ලබන සිතේ ඇතුළත හටගත් වායෝ ධාතුවක් වන වචනවලට අනතුරුවම චක්‍රරත්නය පවතීද, එසේ එම දේවතාවියගේ සිත අනුවම ආත්මය ඇසුරු කොට ඇති ඇතුළත හටගත් වායෝ ධාතුවෙන්ම ඇයගේ විමානයේ ගමන සිදුවේ යයි දතයුතුය. ඒ අනුව ‘මනො ජවංගච්ඡති යෙන කාමං’ (=මානසික ජවය කැමති අයුරින් ගමනේ යෙදේ) යයි කියන ලදී.

එවං පඨමගාථාය තස‍්සා දෙවතාය පුඤ‍්ඤඵලසම‍්පත‍්තිං කිත‍්තෙත්‍වා ඉදානි තස‍්සා කාරණභූතං පුඤ‍්ඤසම‍්පදං විභාවෙතුං “කෙන තෙතාදිසො වණ‍්ණො”තිආදි ගාථාද‍්වයං වුත‍්තං.

මෙසේ පළමු ගාථාවෙන් එම දේවතාවියගේ පුණ්‍යඵල සම්පත්තිය කියා (පසුව) දැන් එයට හේතු වූ පුණ්‍ය සම්පත්තිය දක්වනු පිණිස පහත දැක්වෙන ගාථා දෙක කියන ලදී. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්තිච තෙ භොගා යෙ කෙචි මනසො පියා කුමක් හේතුකොට ගෙන ඔබට එබඳු වර්ණයක් ලැබුණේද? කුමක් හේතු කොටගෙන ඔබට මේ සමෘද්ධිය සිදුවූයේද? මනසට ප්‍රිය උපදවන යමක් වේනම් ඒ සම්පත් ඔබට කුමක් නිසා පහළ වේද? පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණොච තෙ සබ්බ දිසා පභාසතී’ති මහත් ආනුභාව ඇති දේවතාවියනි, මෙසේ බබලන ආනුභාවයක් කුමක් නිසා ලැබිණිද? සියලු දිශාවන් බබලුවන මෙවන් වර්ණයක් කුමක් නිසා ලැබිණිද? (ඒවා ලැබීම සඳහා) මිනිස් දුවක වූවා කෙබඳු නම් පිනක් කෙළෙහිද? යනුවෙන් ඔබගෙන් කරමි.

තත්‍ථ කෙනාති කිං-සද‍්දො “කිං රාජා යො ලොකං න රක‍්ඛති, කිං නු ඛො නාම තුම‍්හෙ මං වත‍්තබ‍්බං මඤ‍්ඤථා”තිආදීසු (පාරා· 424) ගරහණෙ ආගතො. “යංකිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්න”න‍්තිආදීසු (ම· නි· 1.244; සං· නි· 3.59) අනියමෙ. “කිං සූධ විත‍්තං පුරිසස‍්ස සෙට‍්ඨ”න‍්තිආදීසු (සු· නි· 183; සං· නි· 1.73) පුච‍්ඡායං. ඉධාපි පුච‍්ඡායමෙව දට‍්ඨබ‍්බො. “කෙනා”ති ච හෙතුඅත්‍ථෙ කරණවචනං, කෙන හෙතුනාති අත්‍ථො. තෙති තව. එතාදිසොති එදිසො, එතරහි යථාදිස‍්සමානොති අත්‍ථො. වණ‍්ණොති වණ‍්ණ-සද‍්දො “කදා සඤ‍්ඤූළ‍්හා පන තෙ, ගහපති, ඉමෙ සමණස‍්ස ගොතමස‍්ස වණ‍්ණා”තිආදීසු (ම· නි· 2.77) ගුණෙ ආගතො. “අනෙකපරියායෙන බුද‍්ධස‍්ස වණ‍්ණං භාසති, ධම‍්මස‍්ස වණ‍්ණං භාසති, සඞ‍්ඝස‍්ස වණ‍්ණං භාසතී”තිආදීසු (දී· නි· 1.4) ථුතියං. “අථ කෙන නු වණ‍්ණෙන, ගන්‍ධථෙනොති වුච‍්චතී”තිආදීසු (සං· නි· 1.234; ජා· 1.6.116) කාරණෙ. “තයො පත‍්තස‍්ස වණ‍්ණා”තිආදීසු (පාරා· 602) පමාණෙ. “චත‍්තාරොමෙ, භො ගොතම, වණ‍්ණා”තිආදීසු (දී· නි· 3.115; ම· නි· 2.379-380) ජාතියං. “මහන‍්තං හත්‍ථිරාජවණ‍්ණං අභිනිම‍්මිනිත්‍වා”තිආදීසු සණ‍්ඨානෙ. “සුවණ‍්ණවණ‍්ණොසි භගවා, සුසුක‍්කදාඨොසි වීරියවා”තිආදීසු (ම· නි· 2.399; සු· නි· 553) ඡවිවණ‍්ණෙ. ඉධාපි ඡවිවණ‍්ණෙ එව දට‍්ඨබ‍්බො.

ගාථාවන්හි වචන විස්තර : කෙන ‘කිං’ යන ශබ්දයෙන් නිපදවිණි. ‘කිං රාජා යෙන ලොකං න රක්‍ඛති’ (ලොව නොරකී නම් හේ මොන රජෙක්ද?) ‘කින්නුඛො නාම තුම්හෙ මං වත්තබ්බං මඤ්ඤථ’ (මා කිව යුත්තේ කුමන නම් දෙයක්දැයි ඔබ සිතන්නෙහිද) යන ආදී වාක්‍යයන්හි ‘කිං’ ශබ්දය ගැරහීම් අර්ථයෙහි යෙදුණේය. ‘යං කිඤ්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං’ (අතීත අනාගත වර්තමාන කාලයනට අයත් යම්කිසි රූපයක් යන ආදී තැන්හි ‘කිං’ ශබ්දය අනියම් අර්ථයෙහි යෙදුණේය. ‘කිංසූධ චිත්තං පුරිසස්ස සෙට්ඨං’ (මෙලොව මනුෂ්‍යයන්ට කුමක් නම් උතුම් වන්නේ?) යන ආදී තැන්හි ‘කිං’ ශබ්දය ප්‍රශ්නාර්ථයෙහි යෙදුණෝය. මෙම ගාථාවෙහිදී ද ප්‍රශ්නාර්ථයෙහිම (යෙදුණේ යයි) දැක්විය යුතුය. කෙන යනු හේතු අර්ථයෙහි කරණ විභක්ති වචනයකි. කවර හේතුවක් නිසාද යන අර්ථයයි. තෙ යනු ‘තව’ (ඔබට) යන අදහසට යෙදිණ. එතාදිසො යනු එදිසො (=මෙබඳු) යන අදහසයි. ‘දැන් පෙනෙන අයුරින්’ යන අර්ථයයි. වණ්ණො යනු ‘වණ්ණ’ ශබ්දයයි. ‘කදා සංරූළ්හා පන තෙ ගහපති, ඉමෙ සමණස්ස ගොතමස්ස වණ්ණා’ (ගෘහපතිය, ඔබ තුළට ශ්‍රමණ ගෞතමයන්ගේ මේ ගුණයන් කවරනම් කලෙක ඇතුල් වූයේද?) යන ආදී තැන්හි ‘වණ්ණ’ යන පදය ගුණය යන අදහසෙහි යෙදුණේය. ‘අනෙක පරියාසෙන බුද්ධස්සවණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සංඝස්ස වණ්ණං භාසති’ (විවිධ ආකාරයෙන් බුදුන් හට තුති වදන් කියයි. දහමට තුති වදන් කියයි. සඟුන් හට තුති වදන් කියයි.) යන ආදී තැන්හි ‘වණ්ණ’ යන පදය ‘ස්තුතිය’ යන අර්ථයෙහි යෙදුණෝය. ‘අථ කෙන නු වණ්ණෙන ගන්‍ධත්‍ථෙ නො තිවුච්චතී’ති (තවද කවරනම් කාරණයකින් සුගන්‍ධය යන අර්ථයෙන් යයි කියනු ලැබේ යත්,) යන ආදී තැන්හි ‘වණ්ණ’ යන පදය කාරණය යන අර්ථයෙහි යෙදුණේය. ‘තයො පත්තස්ස වණ්ණා’ (=පාත්‍ර තුනක ප්‍රමාණයන්) යන ආදී තැන්හි ‘වණ්ණ’ යන පදය ‘ප්‍රමාණය’ යන අර්ථයෙහි යෙදුණේය. ‘චත්තාරො මෙ භො ගොතම වණ්ණා’ (භවත් ගෞතමයෙනි, සතරෙක් වේ) යන ආදියෙහිදී ‘වණ්ණ’ යන පදය ‘කුලය’ යන අර්ථයෙහි යෙදුණේය. ‘මහන්තං හත්‍ථිරාජ වණ්ණං අභිනිම්මිතිත්‍වා’ (=මහත් වූ හස්තිරාජ සලකුණක් නිර්මාණය කොට) යන ආදී තැන්හි ‘වණ්ණ’ යන පදය ‘සලකුණ’ යන අර්ථයෙහි යෙදුණේය. ‘සුවණ්ණ වණ්ණොසි භගවා සුසුක්ක දාඨොසි විරියවා’ (=භාග්‍යවතුන් වහන්සේ ස්වර්ණ වර්ණයෙන් වර්ණවත් වූහ. අති ශුභ්‍ර වර්ණ දන්ත ඇත්තාහු වූහ. වීර්ය සම්පන්න වූහ) යන ආදී තැන්හි ‘වණ්ණ’ යන පදය සමෙහි වර්ණය සඳහා යෙදුණේය. මෙම ගාථා මෙහිදී ද ‘වණ්ණ’ යන පදය ‘සමේ වණ්ණය’ යන අර්ථයෙහිම පවතී යයි දත යුතුය.

අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – කෙන කීදිසෙන පුඤ‍්ඤවිසෙසෙන හෙතුභූතෙන දෙවතෙ, තව එතාදිසො එවංවිධො ද‍්වාදසයොජනානි ඵරණකප‍්පභො සරීරවණ‍්ණො ජාතොති?

මෙම ගාථාවෙහි අර්ථය මෙසේ වේ. ‘දේවතාවියනි, කුමක් හේතු කොටගෙන කෙබඳු නම් පුණ්‍යකර්ම විශේෂයෙක හේතුවෙන් ඔබට මෙබඳු වූ, මෙවන් වූ, දොළොස් යොදුන් දුර පැතිරෙන ආලෝකයක් සහිත ශරීර වර්ණයක් උපන්නේ ද?’ යනුයි.

කෙන තෙ ඉධ මිජ‍්ඣතීති කෙන පුඤ‍්ඤාතිසයෙන තෙ ඉධ ඉමස‍්මිං ඨානෙ ඉදානි තයි ලබ‍්භමානං උළාරං සුචරිතඵලං ඉජ‍්ඣති නිප‍්ඵජ‍්ජති. උප‍්පජ‍්ජන‍්තීති නිබ‍්බත‍්තන‍්ති, අවිච‍්ඡෙදවසෙන උපරූපරි වත‍්තන‍්තීති අත්‍ථො. භොගාති පරිභුඤ‍්ජිතබ‍්බට‍්ඨෙන “භොගා”ති ලද‍්ධනාමා වත්‍ථාභරණාදිවිත‍්තූපකරණවිසෙසා. යෙති සාමඤ‍්ඤෙන අනියමනිද‍්දෙසො, කෙචීති පකාරභෙදං ආමසිත්‍වා අනියමනිද‍්දෙසො, උභයෙනාපි පණීතපණීතතරාදිභෙදෙ තත්‍ථ ලබ‍්භමානෙ තාදිසෙ භොගෙ අනවසෙසතො බ්‍යාපෙත්‍වා සඞ‍්ගණ‍්හාති. අනවසෙසබ්‍යාපකො හි අයං නිද‍්දෙසො යථා “යෙ කෙචි සඞ‍්ඛාරා”ති. මනසො පියාති මනසා පියායිතබ‍්බා, මනාපියාති අත්‍ථො.

කෙන තෙ ඉධමිජ්ඣති = කවර නම් විශේෂ පින්කමක හේතුවෙන් ඔබට මෙහි මේ ස්ථානයෙහි දැන් ඔබ ලබන උතුම් වූ සුචරිත ඵලය අත්පත් වන්නේ ද? ලැබ ගන්නේ ද? උප්පජ්ජන්ති = හටගනිත්. සිඳීමකින් තොරව මතු මත්තෙහිද එම සම්පත පවතී යන අදහසයි. භොගා පරිභෝග කළ යුතු දේ යන අර්ථයෙන් ‘භෝග’ යයි ලබන ලද නම් ඇති, වස්ත්‍ර ආභරණ ආදී විචිත්‍ර වූ වස්තු විශේෂයන්. යෙ සමාන බවකින් නොහොත් ශ්‍රමණ භාවයෙන් නියම නො කරන ලද, කෙචි = පවත්නා තත්ත්වයෙහි වෙනස පරික්ෂා කර බලා ඒ ගැන නියමයක් නැති බව නිර්දේශ කිරීමයි. ඒ දෙකෙන්ම උසස් වූ ද, වඩා උසස් වූ ද යන වෙනස් ලක්‍ෂණයන්ගෙන් යුත් වෙනසක් ඇතිකල්හි එහිදී ලැබෙන ඒ ඒ ආකාර ඇති සම්පත් සම්පූර්ණයෙන්ම පතුරුවා හැර එක්රැස් කරයි. සම්පූර්ණයෙන් පතුරුවා හරින්නා වනාහි ‘යෙ කෙචි සංඛාරා’ (=යම්කිසි සංස්කාරයෝ වෙත්ද, ඒවා අදහස් කෙරේ.) යනුවෙන් පෙන්වා දෙයි. මනසො පියා = මනසින් ප්‍රියකළ යුතු මනාප යන අර්ථයයි.

එත්‍ථ ච “එතාදිසො වණ‍්ණො”ති ඉමිනා හෙට‍්ඨා වුත‍්තවිසෙසා තස‍්සා දෙවතාය අත‍්තභාවපරියාපන‍්නා වණ‍්ණසම‍්පදා දස‍්සිතා. “භොගා”ති ඉමිනා උපභොගපරිභොගවත්‍ථුභූතා දිබ‍්බරූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බභෙදා කාමගුණසම‍්පදා. “මනසො පියා”ති ඉමිනා තෙසං රූපාදීනං ඉට‍්ඨකන‍්තමනාපතා. “ඉධ මිජ‍්ඣතී”ති ඉමිනා පන දිබ‍්බආයුවණ‍්ණයසසුඛආධිපතෙය්‍යසම‍්පදා දස‍්සිතා. “යෙ කෙචි මනසො පියා”ති ඉමිනා යානි “සො අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිග‍්ගණ‍්හාති දිබ‍්බෙන ආයුනා දිබ‍්බෙන වණ‍්ණෙන දිබ‍්බෙන සුඛෙන දිබ‍්බෙන යසෙන දිබ‍්බෙන ආධිපතෙය්‍යෙන දිබ‍්බෙහි රූපෙහි දිබ‍්බෙහි සද‍්දෙහි දිබ‍්බෙහි ගන්‍ධෙහි දිබ‍්බෙහි රසෙහි දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහී”ති (සං· නි· 4.341) සුත‍්තෙ ආගතානි දස ඨානානි. තෙසං ඉධ අනවසෙසතො සඞ‍්ගහො දස‍්සිතොති වෙදිතබ‍්බො.

මෙහිදී ‘එතාදිසො වණ්ණෙ’ (මෙබඳු වර්ණ ඇති) යන මෙයින් යට කියන ලද විස්තර ඇති එම දේවිතාවියගේ ශරීරයට අයත් වර්ණ සම්පත්තිය දක්වන ලදී. ‘භෝග’ යන මෙයින් උපභෝග හා පරිභෝග යන වස්තූන් වූ දිව්‍යමය වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන ප්‍රභේද ඇති කාමගුණ සම්පත් දක්වන ලදී. ‘මනසො පියා’ යන මෙයින් ඒ රූප ආදීන්ගේ මනෝඥ වූ ප්‍රිය වූ මනාප වූ ස්වභාවය දක්වන ලදී. ‘ඉධ මිජ්ඣති’ යන මෙයින් දිව්‍යමය වූ ආයු වර්ණ කීර්ති සැප ආධිපත්‍ය යන සම්පත් දක්වන ලදී. ‘යෙ කෙචි මනසො පියා’ යන මෙයින් එක්තරා දේවතාවෙක් අන් දෙවිවරුන් දිව්‍යමය ආයුෂයෙන්, දිව්‍යමය වර්ණයෙන්, දිව්‍යමය සෞඛ්‍යයෙන්, දිව්‍යමය යසසින්, දිව්‍යමය ආධිපත්‍යයෙන්, දිව්‍යමය රූපයන්ගෙන්, දිව්‍යමය ශබ්දයන්ගෙන්, දිව්‍යමය සුගන්ධයන්ගෙන්, දිව්‍යමය රසයන්ගෙන්, දිව්‍යමය ස්පර්ශයන්ගෙන් (අන් දෙවිවරුන් අභිභවා සිටියේය) යන යම් කරුණු දහයක් යම් සූත්‍රයක් තුළ පෙන්වනු ලැබුවේද, මෙහිදී සම්පූර්ණයෙන්ම ඒවායේ එක්තැන් කිරීමක් දක්වන ලද්දේ යයි දත යුත්තේය.

පුච‍්ඡාමීති පඤ‍්හං කරොමි, ඤාතුමිච‍්ඡාමීති අත්‍ථො. කාමඤ‍්චෙතං “කෙන තෙතාදිසො වණ‍්ණො, කෙන තෙ ඉධ මිජ‍්ඣති. කිමකාසි පුඤ‍්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා”ති ච කිං-සද‍්දග‍්ගහණෙනෙව අත්‍ථන‍්තරස‍්ස අසම‍්භවතො පුච‍්ඡාවසෙන ගාථාත‍්තයං වුත‍්තන‍්ති විඤ‍්ඤායති. පුච‍්ඡාවිසෙසභාවඤාපනත්‍ථං පන “පුච‍්ඡාමී”ති වුත‍්තං. අයඤ‍්හි පුච‍්ඡා අදිට‍්ඨජොතනා තාව න හොති එදිසස‍්ස අත්‍ථස‍්ස මහාථෙරස‍්ස අදිට‍්ඨභාවාභාවතො, විමතිච‍්ඡෙදනාපි න හොති සබ‍්බසො සමුග‍්ඝාතිතසංසයත‍්තා, අනුමතිපුච‍්ඡාපි න හොති “තං කිං මඤ‍්ඤසි රාජඤ‍්ඤා”තිආදීසු (දී· නි· 2.413) විය අනුමතිගහණාකාරෙන අප‍්පවත‍්තත‍්තා, කථෙතුකම්‍යතාපුච‍්ඡාපි න හොති තස‍්සා දෙවතාය කථෙතුකම්‍යතාවසෙන ථෙරෙන අපුච‍්ඡිතත‍්තා. විසෙසෙන පන දිට‍්ඨසංසන්‍දනාති වෙදිතබ‍්බා. ස‍්වායමත්‍ථො හෙට‍්ඨා අට‍්ඨුප‍්පත‍්තිකථායං “ථෙරො කිඤ‍්චාපී”තිආදිනා විභාවිතො එව. තන‍්ති ත්‍වං. තයිදං පුබ‍්බාපරාපෙක‍්ඛං, පුබ‍්බාපෙක‍්ඛතාය උපයොගෙකවචනං, පරාපෙක‍්ඛතාය පන පච‍්චත‍්තෙකවචනං දට‍්ඨබ‍්බං.

පුච්ඡාමි ප්‍රශ්න කරමි, දැනගනු කැමැත්තෙමි යන අර්ථයයි. ඉහත ගාථාවන්හි දැක්වූ ‘කෙන තෙ තාදිසො වණ්ණො? කෙන තෙ ඉධ මිජ්ඣති කිමකාසි පුඤ්ඤං? කෙනාසි එවං ජලිතානු භාවා?’ යන වැකි කොටස් තුළට ද ‘කිං’ යන ශබ්දය ගැනිනි. එයින් අන්‍ය වූ අර්ථයක් නො ගැණිනි. ඒ හේතුව නිසා ප්‍රශ්න කිරීම් වශයෙන් ගාථා තුනක් කියන ලද්දේ යයි හැඟේ. ප්‍රශ්න කරන බව ඇඟවීම පිණිස නැවත ‘පුච්ඡා’ යයි කියන ලදී. මේ ප්‍රශ්නය අසන ලද්දේ නො දුටු දෙයක් පැහැදිලි කරගැනීම සඳහා නොවේ. මෙබඳු අර්ථයක් ඒ මහතෙරුන් වහන්සේට නො පෙනෙන්නේ ද නොවේ. එබැවින් සැකයක් නැතිකර ගැනීම සඳහා අසන ලද්දේ ද නොවේ. සැකය යන්න මුළුමනින්ම ඉවත්කර දමා ඇති බැවින් අනුමැතිය සඳහා ප්‍රශ්න කිරීමක් ද නොවේ. ‘රාජ පුත්‍රය, ඔබ ඒ ගැන කුමක් සිතන්නෙහිද?’ යන ආදියෙහිදී මෙන් අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නො පවත්නා බැවිනි. ඒ දේවතාවියගේ කියමනට කැමැත්තෙන් තෙරුන් වහන්සේ විසින් නො විමසන ලද බැවින් ඒ ප්‍රශ්න කිරීම එසේ කියවා ගැනීමේ කැමැත්තක් නිසා කරන ලද්දක් ද නොවේ. දක්නා ලද කරුණු සංසන්දනය කිරීම් විශේෂ වශයෙන් දතයුතු වේ. එම අර්ථය ඉහත දැක්වූ අර්ථෝත්පත්ති කථාවෙහි ‘ථෙරො කිඤ්චාපි’ යන ආදියෙන් විස්තර කරන ලද්දේමය. තං යනු ‘ඔබ’ යන්නයි. එය පෙර සහ පසු කරුණු පිළිබඳ අන්‍යෝන්‍ය අපේක්‍ෂාවෙන් පවතී. පෙර පදය අපේක්‍ෂාවෙන් ප්‍රයෝජ්‍ය ඒකවචන ආඛ්‍යාතය දැක්විය යුතුය. පසු පදය අපේක්‍ෂාවෙන් වර්තමාන ඒකවචන ආඛ්‍යාතය දැක්විය යුතුය.

දෙවීති එත්‍ථ දෙව-සද‍්දො “ඉමානි තෙ දෙව චතුරාසීති නගරසහස‍්සානි කුසවතීරාජධානිපමුඛානි, එත්‍ථ, දෙව, ඡන්‍දං කරොහි ජීවිතෙ අපෙක‍්ඛ”න‍්ති ච ආදීසු (දී· නි· 2.266) සම‍්මුතිදෙවවසෙන ආගතො, “තස‍්ස දෙවාතිදෙවස‍්ස, සාසනං සබ‍්බදස‍්සිනො”තිආදීසු විසුද‍්ධිදෙවවසෙන. විසුද‍්ධිදෙවානඤ‍්හි භගවතො අතිදෙවභාවෙ වුත‍්තෙ ඉතරෙසං වුත‍්තො එව හොතීති. “චාතුමහාරාජිකා දෙවා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා”තිආදීසු (දී· නි· 3.337) උපපත‍්තිදෙවවසෙන. ඉධාපි උපපත‍්තිදෙවවසෙනෙව වෙදිතබ‍්බො. පදත්‍ථතො පන – දිබ‍්බති අත‍්තනො පුඤ‍්ඤිද‍්ධියා කීළති ලළති පඤ‍්චහි කාමගුණෙහි රමති, අථ වා හෙට‍්ඨා වුත‍්තනයෙන ජොතති ඔභාසති, ආකාසෙන විමානෙන ච ගච‍්ඡතීති දෙවී. “ත්‍වං දෙවී”ති සම‍්බොධනෙ චෙතං එකවචනං. මහානුභාවෙති උළාරප‍්පභාවෙ, සො පනස‍්සානුභාවො හෙට‍්ඨා ද‍්වීහි ගාථාහි දස‍්සිතොයෙව.

දෙවි යන මෙහි ‘දෙව’ ශබ්දයයි. ‘ඉමානි තෙ දෙව’ චතුරාසීති නගර සහස්සානි කුසාවතී රාජධානි පමුඛාති’ (දේවයන් වහන්ස, කුසාවතී රාජධානිය ප්‍රමුඛ කොට ඇති මේ නගර අසූහාර දහස) යන වැකියෙහිදී සහ ‘එත්‍ථ දෙව ඡන්‍දං කරොහි ජීවිතෙ අපෙක්‍ඛං’ (දේවයන් වහන්ස, මෙහිදී ජීවිතාපේක්‍ෂාව පිළිබඳව කැමැත්ත ඇතිකර ගන්න) යන වැකියෙහිදී (දෙව යන වචනය) සම්මුති දෙව යන අර්ථය වශයෙන් යෙදුණෝය. ‘තස්ස දෙවාති දෙවස්ස සාසනං සබ්බ දස්සනො’ (දෙවියන් හට දෙවි වූ සියල්ල දක්වා වූ ඒ සර්වඥයන් වහන්සේගේ සසුන) යන ආදී තැන්හි ‘දෙව’ යන වචනය ‘විසුද්ධි දේව’ යන අර්ථය සඳහා යෙදුණේය. භාග්‍යවතුන් වහන්සේගේ අතිදේව භාවය (=දෙවියන් හට වඩා උසස් බව) කියන ලද කල්හි ‘විසුද්ධි දේවයන් පිළිබඳව කියන ලද්දේම වෙයි. ‘චාතුම්මහාරාජිකා දෙවා දීඝා යුකා වණ්ණවනතො සුඛ බහුලා’ (=චාතුර්මහා රාජික දෙවිවරු දීර්ඝායුෂ්කයෝය. වර්ණ සම්පන්නයෝය. බොහෝ සැප ඇත්තෝය) යන ආදී තැන්හි ‘උත්පත්ති දේව’ වශයෙන් ‘දෙව’ යන වචනයෙහි අර්ථ දතයුතුය. මෙහිදී උත්පත්ති දේව වශයෙන්ම දතයුතු වේ. පදාර්ථ වශයෙන් වනාහී ‘ක්‍රීඩා කරයි. තමාගේ පින් බලයෙන් කෙළිසෙල්ලම්හි යෙදෙයි. නැළවෙයි. පංචකාම ගුණයන්ගෙන් සතුටට පත් වෙයි. නැතහොත් යට කියන ලද පිළිවෙළින් බබළයි, දීප්තිමත් වෙයි. විමානයෙන් අහසින් යයි’ යනුවෙන් දේවි යයි කියනු ලැබේ ‘ත්‍වං දෙවී’ (=දේවතාවියනි, ඔබ) යන මෙය ආලපන (විභක්ති) ඒකවචනයි.

මනුස‍්සභූතාති එත්‍ථ මනස‍්ස උස‍්සන‍්නතාය මනුස‍්සා, සතිසූරභාවබ්‍රහ‍්මචරියයොග්‍යතාදිගුණවසෙන උපචිතමානසා උක‍්කට‍්ඨගුණචිත‍්තා. කෙ පන තෙ? ජම‍්බුදීපවාසිනො සත‍්තවිසෙසා. තෙනාහ භගවා –

මහානුභාවෙ උසස් ආනුභාවයෙහි. එම ආනුභාවය යට ගාථා දෙකකින් දක්වන ලද්දේමය. මනුස්ස භුතා = මෙහි මනසේ උසස් බව නිසා ‘මනුස්සන’ නම් වෙයි. සිහිය, සූර බව, බ්‍රහ්ම චර්යාවෙහි යෝග්‍ය බව ආදී ගුණ වශයෙන් රැස් කරගත් මනස් ඇත්තාහුද, උසස් ගුණයන්ගෙන් යුත් සිත් ඇත්තාහුද වෙති. ඔව්හු නම් කවරහුද යත්? (ඔව්හු නම්) ජම්බුද්වීපවාසී සත්ත්වයෝය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“තීහි, භික‍්ඛවෙ, ඨානෙහි ජම‍්බුදීපකා මනුස‍්සා උත‍්තරකුරුකෙ මනුස‍්සෙ අධිග‍්ගණ‍්හන‍්ති දෙවෙ ච තාවතිංසෙ. කතමෙහි තීහි? සූරා, සතිමන‍්තො, ඉධ බ්‍රහ‍්මචරියවාසො”ති (අ· නි· 9.21).

‘මහණෙනි, ජම්බුද්වීපවාසී මනුෂ්‍යයෝ උතුරුකුරු දිවයිනෙහි වැසියන්ද තව්තිසාවෙහි වැසි දෙවියන් ද කරුණු තුනකින් ඉක්මවා සිටිත්. කවරනම් කරුණු තුනකින්ද යත්, ‘මෙම දඹදිව්හි මනුෂ්‍යයෝ දක්‍ෂයෝය, සිහි ඇත්තෝය. බඹසර වාසයෙහි හැකියාව ඇත්තෝය’ යනුයි.

තථා හි බුද‍්ධා භගවන‍්තො පච‍්චෙකබුද‍්ධා අග‍්ගසාවකා මහාසාවකා චක‍්කවත‍්තිනො අඤ‍්ඤෙ ච මහානුභාවා සත‍්තා එත්‍ථෙව උප‍්පජ‍්ජන‍්ති. තෙහි සමානරූපාදිතාය පන සද‍්ධිං පරිත‍්තදීපවාසීහි ඉතරමහාදීපවාසිනොපි “මනුස‍්සා”ත්‍වෙව පඤ‍්ඤායිංසූති එකෙ.

එසේම භාග්‍යවත් බුදුවරු, පසේ බුදුවරු අග්‍ර ශ්‍රාවකවරු, මහා ශ්‍රාවකවරු, චක්‍රවර්ති රජවරු සහ අන්‍ය වූ මහානුභාව සම්පන්න සත්ත්වයෝ ද මෙහිම උපදිත්. ඔවුන් හා සමාන රූප ඇති බැවින් අවට දිවයින්හි වැසියන් සමග අන්‍ය වූ දිවයින්හි වාසය කරන්නාහු ද මනුෂ්‍යයෝම යයි සලකනු ලැබූ බව සමහරු කියත්.

අපරෙ පන භණන‍්ති – ලොභාදීහි අලොභාදීහි ච සහිතස‍්ස මනස‍්ස උස‍්සන‍්නතාය මනුස‍්සා. යෙ හි සත‍්තා මනුස‍්සජාතිකා, තෙසු විසෙසතො ලොභාදයො අලොභාදයො ච උස‍්සන‍්නා, තෙ ලොභාදිඋස‍්සන‍්නතාය අපායමග‍්ගං, අලොභාදිඋස‍්සන‍්නතාය සුගතිමග‍්ගං නිබ‍්බානගාමිමග‍්ගඤ‍්ච පූරෙන‍්ති, තස‍්මා ලොභාදීහි අලොභාදීහි ච සහිතස‍්ස මනස‍්ස උස‍්සන‍්නතාය පරිත‍්තදීපවාසීහි සද‍්ධිං චතුමහාදීපවාසිනො සත‍්තවිසෙසා “මනුස‍්සා”ති වුච‍්චන‍්තීති.

අන් සමහරු මෙසේ කියත්. ලෝභ ආදියෙන් ද අලෝභ ආදියෙන් ද යුක්ත වූ මනසේ උසස් බව හේතුවෙන් මනුස්ස නම් වෙත්. මනුෂ්‍ය ජාතික වූ යම් සත්ත්වයෝ වෙත් ද, ඔවුන් අතරෙහි විශේෂ වශයෙන් ලෝභ ආදිය ද, අලෝභ ආදිය ද උත්සන්නව පිහිටයි. ඔව්හු ලෝභ ආදිය උත්සන්න බැවින් අපාය මාර්ගයද, අලෝභ ආදිය උත්සන්න බැවින් සුගති මාර්ගය වූ නිවනට යන මාර්ගයද සපුරා ගනිත්. එහෙයින් ලෝභාදියෙන් ද, අලෝභාදියෙන් ද යුක්ත වූ මනසේ උත්සන්න භාවය නිසා අවට දිවයින්හි වැසියන් සමගම සතරමහ දිවයින්හි වැසි සත්ත්ව විශේෂයෝ ‘මනුස්ස’ යයි කියනු ලැබෙත්.

ලොකියා පන “මනුනො අපච‍්චභාවෙන මනුස‍්සා”ති වදන‍්ති. මනු නාම පඨමකප‍්පිකො ලොකමරියාදාය ආදිභූතො හිතාහිතවිධායකො සත‍්තානං පිතුට‍්ඨානියො, යො සාසනෙ “මහාසම‍්මතො”ති වුච‍්චති. පච‍්චක‍්ඛතො පරම‍්පරාය ච තස‍්ස ඔවාදානුසාසනියං ඨිතා සත‍්තා පුත‍්තසදිසතාය “මනුස‍්සා”ති වුච‍්චන‍්ති. තතො එව හි තෙ මාණවා “මනුජා”ති ච වොහරීයන‍්ති. මනුස‍්සෙසු භූතා ජාතා, මනුස‍්සභාවං වා පත‍්තාති මනුස‍්සභූතා.

මනු (රජු) ගේ දරු පරපුරෙන් පැවතෙන බැවින් මනුස්ස නම් වෙත් යයි ලෝකවාසීහු කියති. ‘මනු’ යන නාමයෙන් යුක්තව පළමු වන කල්පයෙහි වූ ලෝක ආරම්භයෙහි ආදි පුරුෂයා වූ, යහපත අයහපත සලසන්නා වූ, සත්ත්වයන් හට පීතෘ ස්ථානයෙහි සිටියා වූ යම් පුරුෂයෙක් වීද හේ සස්නෙහිදී මහා සම්මත යයි කියනු ලැබේ. සත්ත්වයෝ ඔහුගේ දරු පරපුරය යන අර්ථයෙන් ද ඔහුගේ අවවාදයෙහි සිටි සත්ත්වයෝ පුත්‍රයන් හා සමාන බැවින් ද ‘මනුස්සා’ යයි කියනු ලැබෙත්. එතැන් පටන් ඒ මානවයෝ ‘මනුජ’ යයි ද ව්‍යවහාර කරනු ලබත්. ‘මනුස්ස’යන් අතර සිටියාහු, ඉපදුනාහු, මනුස්ස බවට පත්වූවාහු ‘මනුස්ස භූත’ නම් වෙත්.

කිමකාසි පුඤ‍්ඤන‍්ති කිං දානසීලාදිප‍්පභෙදෙසු කීදිසං පුජ‍්ජභාවඵලනිබ‍්බත‍්තනතො, යත්‍ථ සයං උප‍්පන‍්නං, තං සන‍්තානං පුනාති විසොධෙතීති ච “පුඤ‍්ඤ”න‍්ති ලද‍්ධනාමං සුචරිතං කුසලකම‍්මං අකාසි, උපචිනි නිබ‍්බත‍්තෙසීති අත්‍ථො. ජලිතානුභාවාති සබ‍්බසො විජ‍්ජොතමානපුඤ‍්ඤිද‍්ධිකා.

කිමකාසි පුඤ්ඤං යනු කුමක්ද යත්, දන් දීම් සිල් රැකීම් ආදී ප්‍රභේද ඇති කවරාකාර වූ හෝ උතුම් වූ ක්‍රියාවක ඵලයකින් යම් චිත්ත ස්වභාවයක් උපන්නේ ද, ඒ උපන් චිත්ත ස්වභාවය සත්ත්වයන්ගේ සිතුවිලි පුරවා තිබෙන්නේය. පිරිසිදු කරන්නේය යන අර්ථයෙන් පුඤ්ඤ (පින) යයි ලබන ලද නම් ඇත්තේය. එයින් සුචරිතයක් කුශල කර්මයක් සිදු කළේය. රැස් කෙළේය. ඉපදවීය යන අර්ථයයි. ජලිතානුභාවා = හැම අයුරින්ම බබලන පුණ්‍ය සෘද්ධිය.

කස‍්මා පනෙත්‍ථ “මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤ”න‍්ති වුත‍්තං, කිං අඤ‍්ඤාසු ගතීසු පුඤ‍්ඤකිරියා නත්‍ථීති? නො නත්‍ථි. යස‍්මා නිරයෙපි නාම කාමාවචරකුසලචිත‍්තපවත‍්ති කදාචි ලබ‍්භතෙව, කිමඞ‍්ගං පනඤ‍්ඤත්‍ථ, නනු අවොචුම‍්හා “දිට‍්ඨසංසන්‍දනා පුච‍්ඡා”ති. තස‍්මා මහාථෙරො මනුස‍්සත‍්තභාවෙ ඨත්‍වා පුඤ‍්ඤකම‍්මං කත්‍වා උප‍්පන‍්නං තං දිස‍්වා භූතත්‍ථවසෙන පුච‍්ඡන‍්තො “මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤ”න‍්ති අවොච.

කුමක් හෙයින් මෙහිදී ‘මනුස්ස භුතා කිමකාසි පුඤ්ඤං’ (මනුෂ්‍ය ස්ත්‍රියක වූවා කවරනම් පිනක් සිදු කෙළෙහිද?) යයි කියන ලද්දේ ද, කිම අන්‍ය වූ භවයන්හි පින් කිරීමක් නැත්තේ ද යත්, නැත්තේ නොවේ. යම් අවස්ථාවලදී නිරයෙහිද, කාමාවචර කුසල් සිත් පහළවීම සිදුවන්නේමය. එසේනම් අන්තැන්හි කෙසේනම් නො සිදුවේද? දුටු දෙය සමග ගලපා බැලීම සඳහා ප්‍රශ්න කෙරෙන බව අපි නො කීවෙමුද? කීවෙමු. එහෙයින් මහතෙරුන් වහන්සේ ඒ දේවතාවිය පෙර මනුෂ්‍ය ආත්මයේ සිට පින්කම් කොට දෙව්ලොව උපන් බව දැක දැකම පෙර විසූ භවය පිළිබඳව විමසන්නාහු ‘මනුස්ස භුතා කිමකාසි පුඤ්ඤං’ යි කීහ.

අථ වා අඤ‍්ඤාසු ගතීසු එකන‍්තසුඛතාය එකන‍්තදුක‍්ඛතාය දුක‍්ඛබහුලතාය ච පුඤ‍්ඤකිරියාය ඔකාසො න සුලභරූපො සප‍්පුරිසූපනිස‍්සයාදිපච‍්චයසමවායස‍්ස සුදුල‍්ලභභාවතො. කදාචි උප‍්පජ‍්ජමානොපි යථාවුත‍්තකාරණෙන උළාරො විපුලො න ච හොති, මනුස‍්සගතියං පන සුඛබහුලතාය පුඤ‍්ඤකිරියාය ඔකාසො සුලභරූපො සප‍්පුරිසූපනිස‍්සයාදිපච‍්චයසමවායස‍්ස යෙභුය්‍යෙන සුලභභාවතො. යඤ‍්ච තත්‍ථ දුක‍්ඛං උප‍්පජ‍්ජති, තම‍්පි විසෙසතො පුඤ‍්ඤකිරියාය උපනිස‍්සයො හොති. දුක‍්ඛූපනිස‍්සයා හි සද‍්ධාති. යථා හි අයොඝනෙන සත්‍ථකෙ නිප‍්ඵාදියමානෙ තස‍්ස එකන‍්තතො න අග‍්ගිම‍්හි තාපනං උදකෙන වා තෙමනං ඡෙදනකිරියාසමත්‍ථතාය විසෙසපච‍්චයො, තාපෙත්‍වා පන පමාණයොගතො උදකතෙමනං තස‍්සා විසෙසපච‍්චයො, එවමෙව සත‍්තසන‍්තානස‍්ස එකන‍්තදුක‍්ඛසමඞ‍්ගිතා දුක‍්ඛබහුලතා එකන‍්තසුඛසමඞ‍්ගිතා ච පුඤ‍්ඤකිරියාය න විසෙසපච‍්චයො හොති. සති පන දුක‍්ඛසන‍්තාපනෙ පමාණයොගතො සුඛූපබ්‍රූහනෙ ච ලද‍්ධූපනිස‍්සයා පුඤ‍්ඤකිරියා උප‍්පජ‍්ජති, උප‍්පජ‍්ජමානා ච මහාජුතිකා මහාවිප‍්ඵාරා පටිපක‍්ඛඡෙදනසමත්‍ථා ච හොති, තස‍්මා මනුස‍්සභාවො පුඤ‍්ඤකිරියාය විසෙසපච‍්චයො . තෙන වුත‍්තං “මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤ”න‍්ති. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

නැතහොත් අන්‍ය වූ භවයන්හිදී ඒකාන්ත සැප ඇති බැවින්ද, ඒකාන්ත දුක් ඇති බැවින් ද, නැතහොත් දුක් බහුලව ඇති බැවින්ද පින් කිරීම පිණිස අවකාශ සුලභ නොවේ. සත්පුරුෂ ආශ්‍රය ආදී හේතූන්ගේ එක්රැස් වීම අඩු බැවින් කිසිවිටෙක එබඳු තැනක උපදින්නේ නමුදු කරුණු කියූ පරිදිම එම උපත උදාර හෝ උසස් හෝ නොවේ. මනුෂ්‍ය ස්වභාවයෙහි වනාහී සැප බහුල බැවින් පින් කිරීම පිණිස අවකාශ සුලභ වේ. සත්පුරුෂ ආශ්‍රය ආදී හේතූන්ගේ එක්රැස් වීම බෙහෙවින් සුලභ බැවින් යම්කිසි දුකක් ඇතිවේනම් එයද විශේෂයෙන් පින් කිරීම සඳහාම හේතුවක් වන්නේය. ‘දුක්‍ඛූප නිසා සද්ධා’ (දුක ශ්‍රද්ධාවට හේතුවේ) යයි කියන ලද්දේ වෙයි. යම්සේ වනාහී ඝන යකඩයකින් ආයුධයක් නිපදවනු ලබන කල්හි ගින්නෙහි තැවීම හෝ ජලයෙන් තෙමීම ස්ථිර වශයෙන්ම එය බිඳ දැමීම පිණිස පවත්නා විශේෂ හේතුවක් වන්නේ නැත. එහෙත් ගින්නෙහි තැවීම සිදුකොට නියමිත ප්‍රමාණයකට අනුව ජලයෙන් තෙමීම එම යකඩයෙහි බිඳීමට විශේෂ හේතුවක් වන්නේය. එසේම සත්ත්වයාගේ සිතේ ඒකාන්ත වශයෙන් දුක් ඒකරාශී වීම ද, දුක් බහුලවීම ද, ඒකාන්ත වශයෙන් සැපයම ඒකරාශී වීම ද පින් කිරීම සඳහා විශේෂයෙන් හේතු වන්නේ නොවේ. දුක තැවීම ද ප්‍රමාණයකට අනුව සැප ලැබීම ද ඇති කල්හි ලබා ඇති ආශ්‍රයෙන් ද පුණ්‍ය ක්‍රියාවන් උපදී. ඒ උපදිනා පින්කම් ද මහත් දීප්තියක් සහ බැබලීමක් ගෙන දෙන්නාක් මෙන්ම ප්‍රතිපක්‍ෂ අදහස් සිඳලීමෙහි ද සමත් වේ. එහෙයින් මනුෂ්‍යයකු වීම පින් කිරීම සඳහා විශේෂයෙන් හේතු වේ. එහෙයින් ‘මනුස්ස භුතා කිමකාසි පුඤ්ඤං’යි මුගලන් මහතෙරුන් විසින් දේවතාවියට කියන ලදී. සෙසු කොටස් පහසුවෙන් අවබෝධ කරගත හැක්කේමය.

එවං පන ථෙරෙන පුච‍්ඡිතා සා දෙවතා පඤ‍්හං විස‍්සජ‍්ජෙසි. තමත්‍ථං දස‍්සෙතුං “සා දෙවතා අත‍්තමනා”ති ගාථා වුත‍්තා.

මෙසේ තෙරුන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලද ඒ දේවතාවිය ප්‍රශ්නය පිළිතුරු දුන්නාය. ඒ කරුණ දක්වනු පිණිස මේ ගාථාව කියන ලදී. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති මුගලන් මහතෙරුන් වහන්සේ විසින් විමසන ලද්දා වූ, ප්‍රශ්න කරනු ලැබුවා වූ (එහෙයින්ම) සතුටට පත්වූ ඒ දෙව් දූ තොමෝ මෙම ඵලය කවර නම් කර්මයක්හුගේ දැයි යන ප්‍රශ්නයට පිළිතුර ප්‍රකාශ කළාය.

කෙන පනායං ගාථා වුත‍්තා? ධම‍්මසඞ‍්ගාහකෙහි. තත්‍ථ සාති යා පුබ‍්බෙ “පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ”ති වුත‍්තා, සා. දෙවතාති දෙවපුත‍්තොපි බ්‍රහ‍්මාපි දෙවධීතාපි වුච‍්චති. “අථ ඛො අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා”තිආදීසු (සං· නි· 1.1; ඛු· පා· 5.1) හි දෙවපුත‍්තො “දෙවතා”ති වුත‍්තො දෙවොයෙව දෙවතාති කත්‍වා. තථා “තා දෙවතා සත‍්තසතා උළාරා, බ්‍රහ‍්මවිමානා අභිනික‍්ඛමිත්‍වා”තිආදීසු බ්‍රහ‍්මානො.

මේ ගාථාව කවරකු විසින් කියන ලද්දේ ද? ධර්ම සංගායනා කාරක තෙරවරුන් විසිනි. එහි සා යනු ‘පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ’ (=මහානුභාව සහිත දේවතාවියනි, ඔබගෙන් විමසමි) යනුවෙන් යම් තැනැත්තියකට කියන ලද්දේ නම් ‘සා’ යනු ඒ තැනැත්තියයි. දේවතා යන්නෙන් දේව පුත්‍රයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ දෙව්දුවක් හෝ කියනු ලැබේ. ‘අථඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා’ (එකල්හි වනාහී මනා වර්ණයෙන් යුත් එක්තරා දේවතාවෙක් රෑ පෙරයම ඉකුත් වූ පසු) යන ආදියෙහිදී ‘දෙවො යෙව දෙවතා’ යනුවෙන් පද සිද්ධකොට ‘දෙවතා’ යන්නෙන් දේව පුත්‍රයෙක් කියන ලදී. එසේම ‘තා දෙවතා සත්ත සතා උළාරා බ්‍රහ්ම විමානා අභික්‍ඛ මිත්‍වා (=සත්සියයක් වූ එම ක්‍රමයෝ උතුම් ක්‍රම විමානයෙන් පිටත් වී) යන ආදී තැන්හිදී ‘දෙවතා’ යනුවෙන් බ්‍රහ්මයෝ කියන ලදහ.

“අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ; ඔභාසෙන‍්තී දිසා සබ‍්බා, ඔසධී විය තාරකා”ති. (වි· ව· 75) –

අභික්කන්තෙන වණ්ණෙන යා ත්‍වං තිට්ඨසි දෙවතෙ ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය කාරකා’ති

‘දේවතාවියනි, ඔබ බබලන්නා වූ වර්ණයෙන් යුතුව ඔසධී නම් තාරකාව මෙන් සියලු දිශාවන් බබලවමින් සිටින්නෙහිය’

ආදීසු දෙවධීතා. ඉධාපි දෙවධීතා එව දට‍්ඨබ‍්බා. අත‍්තමනාති තුට‍්ඨමනා පීතිසොමනස‍්සෙහි ගහිතමනා. පීතිසොමනස‍්සසහගතඤ‍්හි චිත‍්තං දොමනස‍්සස‍්ස අනොකාසතො තෙහි තං සකං කත්‍වා ගහිතං විය හොති. අත‍්තමනාති වා සකමනා. අනවජ‍්ජපීතිසොමනස‍්සසම‍්පයුත‍්තඤ‍්හි චිත‍්තං සම‍්පති ආයතිඤ‍්ච තංසමඞ‍්ගිනො හිතසුඛාවහතො “සක”න‍්ති වත‍්තබ‍්බතං ලභති, න ඉතරං.

යන ආදියෙහිදී ‘දෙවතා’ යනු දෙව්දුවකි. මෙහිදී ද දෙව්දුවකම යයි දැක්විය යුත්තේය. අත්තමනා = සතුටු වූ සිත් ඇති ප්‍රීතිය සහිත සෝමනස්සයන්ගෙන් යුක්ත වූ සිත් ඇති, ප්‍රීතිය සහිත සෝමනස්සයන්ගෙන් යුත් සිත දොම්නස සඳහා අවකාශයක් නොලබන බැවින් ඔවුන් විසින් එය තමාට අයත්කොට ගන්නා ලද්දේ මෙන් වෙයි. ‘අත්තමනා’ යනු තමාගේ මනස යන අරුතද දරන්නේය. වත්මනෙහි නිවැරදි ප්‍රීති සෝමනස්සයෙන් යුක්ත වූ සිත ද අනාගතයෙහි එම සෝමනස්සයෙන් යුක්තව යහපත හා සුවය ලබා දෙන බැවින් ‘සකං’ හෙවත් තමාගේය යනුවෙන් කීමට අවස්ථාව ලැබේ. වෙනත් දෙයක් නොවේ.

මොග‍්ගල‍්ලානෙනාති මොග‍්ගල‍්ලානගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණමහාසාලස‍්ස පුත‍්තභාවතො සො මහාථෙරො ගොත‍්තවසෙන “මොග‍්ගල‍්ලානො”ති පඤ‍්ඤාතො, තෙන මොග‍්ගල‍්ලානෙන . පුච‍්ඡිතාති දිට‍්ඨසංසන්‍දනවසෙන පුච‍්ඡිතා, අත‍්තමනා සා දෙවතා පඤ‍්හං බ්‍යාකාසීති යොජනා. අත‍්තමනතා චස‍්සා “තම‍්පි නාම පරිත‍්තකම‍්පි කම‍්මං එවං මහතියා දිබ‍්බසම‍්පත‍්තියා කාරණං අහොසී”ති පුබ‍්බෙපි සා අත‍්තනො පුඤ‍්ඤඵලං පටිච‍්ච අන‍්තරන‍්තරා සොමනස‍්සං පටිසංවෙදෙති, ඉදානි පන “අඤ‍්ඤතරස‍්ස ථෙරස‍්ස කතොපි නාම කාරො එවං උළාරඵලො, අයං පන බුද‍්ධානං අග‍්ගසාවකො උළාරගුණො මහානුභාවො , ඉමම‍්පි පස‍්සිතුං නිපච‍්චකාරඤ‍්ච කාතුං ලභාමි, මම පුඤ‍්ඤඵලපටිසංයුත‍්තමෙව ච පුච‍්ඡං කරොතී”ති ද‍්වීහි කාරණෙහි උප‍්පන‍්නා. එවං සඤ‍්ජාතබලවපීතිසොමනස‍්සා සා ථෙරස‍්ස වචනං සිරසා සම‍්පටිච‍්ඡිත්‍වා පඤ‍්හං පුට‍්ඨා බ්‍යාකාසි.

මොග්ගල්ලානෙන මොග්ගල්ලාන නම් වූ ගෝත්‍රයේ මහාසාර බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වන බැවින් ඒ මහතෙරුන් වහන්සේ ගෝත්‍ර වශයෙන් ‘මොග්ගල්ලාන’ යයි ප්‍රකට වූහ. උන්වහන්සේ විසින් යන අර්ථය සඳහා මොග්ගල්ලානෙන යයි යෙදේ. පුච්ඡිතා දක්නා ලද දෙය සැසඳීම් වශයෙන් ‘පුච්ඡිතා අත්තමනා සා දේවතා පඤ්හං ව්‍යාකාසි’ (=ප්‍රශ්න කරනු ලැබුවා වූ ප්‍රීතියට පත් වූ ඒ දේවතා තොමෝ ප්‍රශ්නයට පිළිතුර ප්‍රකාශ කළාය.) යනුවෙන් පද පිළිවෙළ යොදා ගතයුතු වේ. මෙබඳු මහත් දිව්‍ය සම්පත්තියක් ඇතිකර ගැනීමට පෙර කළ එබඳු සුලු (පුණ්‍ය) කර්මයක් හේතු වී යයි සතුටට පත් ඕ තොමෝ තමාගේ පුණ්‍ය විපාකයේ හේතුවෙන් අතරතුර අවස්ථාවන්හිදී සොම්නසක් විඳගනියි. පෙර භවයක එක්තරා තෙරුන් වහන්සේ නමකට කරන ලද නමස්කාරය දැනට මෙබඳු උසස් ප්‍රතිඵල ගෙන දෙන්නේය. බුදුන්වහන්සේ මෙම මොග්ගල්ලාන නම් වන අග්‍රශ්‍රාවක තෙමේ උදාර ගුණ ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය. මේ තෙරුන් වහන්සේ දැකීමටද වන්දනා කිරීමට ද අවස්ථාව ලබා ගතිමි. මාගේ පුණ්‍ය ඵලය පිළිබඳව ද ප්‍රශ්න කරන්නේය යන කරුණු දෙකක් උපන්නේය. මෙසේ හටගත් බලවත් ප්‍රීති සොම්නසින් ඕ තොමෝ තෙරුන් වහන්සේගේ වචනය හිස් මුදුනින් පිළිගෙන විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සැපයූවාය.

පඤ‍්හන‍්ති ඤාතුං ඉච‍්ඡිතං තං අත්‍ථං වියාකාසි කථෙසි විස‍්සජ‍්ජෙසි. කථං පන බ්‍යාකාසි? පුට‍්ඨාති පුට‍්ඨාකාරතො, පුච‍්ඡිතාකාරෙනෙවාති අත්‍ථො. එත්‍ථ හි “පුච‍්ඡිතා”ති වත්‍වා පුන “පුට‍්ඨා”ති වචනං විසෙසත්‍ථනියමනං දට‍්ඨබ‍්බං. සිද‍්ධෙ හි සති ආරම‍්භො විසෙසත්‍ථඤාපකොව හොති. කො පනෙසො විසෙසත්‍ථො? බ්‍යාකරණස‍්ස පුච‍්ඡානුරූපතා. යඤ‍්හි කම‍්මඵලං දස‍්සෙත්‍වා තස‍්ස කාරණභූතං කම‍්මං පුච‍්ඡිතං, තදුභයස‍්ස අඤ‍්ඤමඤ‍්ඤානුරූපභාවවිභාවනා. යෙන ච ආකාරෙන පුච‍්ඡා පවත‍්තා අත්‍ථතො ච බ්‍යඤ‍්ජනතො ච, තදාකාරස‍්ස බ්‍යාකරණස‍්ස පුච‍්ඡානුරූපතා, තථා චෙව විස‍්සජ‍්ජනං පවත‍්තං. ඉති ඉමස‍්ස විසෙසස‍්ස ඤාපනත්‍ථං “පුච‍්ඡිතා”ති වත්‍වා පුන “පුට‍්ඨා”ති වුත‍්තං.

පඤ්හං දැනගැනීමට කැමතිවන එම කරුණ. වියාකාසි කීවාය. විසඳුවාය. කෙසේනම් විසඳුවාද? පුට්ඨා විමසන ආකාරයෙන් ප්‍රශ්න කරන ලද ආකාරයෙන් යයිද අරුත් දැක්විය හැකි වේ. මෙහිදී වනාහී ‘පුච්ඡිතා’ යයි කියා නැවත පුට්ඨා යන වචනය කියන ලද්දේ විශේෂයෙන් අර්ථය නියම කිරිමක් සඳහා යයි දැක්විය යුතු වේ. සිද්ධියක් ඇති කල්හි ආරම්භය යනු විශේෂ අර්ථ හඟවන්නක්ද වේ. මේ විශේෂ අර්ථය නම් කුමක්ද යත්, පිළිතුරු සැපයීමට ප්‍රශ්නයේ ඇති යෝග්‍යතාවයයි. යම් ආකාර වූ කර්ම ඵලයක් දක්වා එයට හේතු වූ කර්මය විමසන ලද්දේ වෙයි. ඒ දෙකේ එකිනෙකට ඇති ගැළපෙන බව විස්තර කොට යම් අයුරකින් ප්‍රශ්න කිරීම අර්ථ වශයෙන් හා අක්ෂර වශයෙන් පැවතියේ ද ඒ ආකාර වූ පිළිතුරු සැපයීමේදී ප්‍රශ්නයට ගැළපෙන බවක් පැවතිය යුතු වේ. ප්‍රශ්න විසඳීම ද එසේ පැවතිය යුතු වේ. මෙසේ මේ විශේෂත්වය දැනුම් දීම පිණිස ප්‍රශ්න කරන ලද්දේ යයි කියා නැවත විමසන ලද්දේ යයි කියන ලදී.

“පුච‍්ඡිතා”ති වා තාය දෙවතාය විසෙසනමුඛෙන පුට‍්ඨභාවස‍්ස පඤ‍්හබ්‍යාකරණස‍්ස ච කාරණකිත‍්තනං. ඉදං වුත‍්තං හොති – “කෙන තෙතාදිසො වණ‍්ණො”තිආදිනා ථෙරෙන පුච‍්ඡීයතීති පුච‍්ඡා, තාය දෙවතාය කතකම‍්මං, තස‍්සා පුච‍්ඡාය කාරිතා ආචික‍්ඛිතා වාති සා දෙවතා “පුච‍්ඡිතා”ති වුත‍්තා. යස‍්මා පුච‍්ඡිතා පුච‍්ඡියමානස‍්ස කම‍්මස‍්ස කාරිතා, තස‍්මා පඤ‍්හං පුට‍්ඨා. යස‍්මා ච පුච‍්ඡිතා පුච‍්ඡියමානස‍්ස කම‍්මස‍්ස ආචික‍්ඛනසභාවා, තස‍්මා පඤ‍්හං බ්‍යාකාසීති. යස‍්ස කම‍්මස‍්සිදං ඵලන‍්ති ඉදං “පඤ‍්හ”න‍්ති වුත‍්තස‍්ස අත්‍ථස‍්ස සරූපදස‍්සනං. අයං චෙත්‍ථ අත්‍ථො – ඉදං පුච‍්ඡන‍්තස‍්ස පුච‍්ඡියමානාය ච පච‍්චක‍්ඛභූතං අනන‍්තරං වුත‍්තප‍්පකාරං පුඤ‍්ඤඵලං, යස‍්ස කම‍්මස‍්ස තං ඤාතුං ඉච‍්ඡිතත‍්තා පඤ‍්හන‍්ති වුත‍්තං පුඤ‍්ඤකම‍්මං බ්‍යාකාසීති.

ප්‍රශ්න කරන ලද්දා වූ ඒ දේවතාවිය විසින් විශේෂ වශයෙන් ප්‍රශ්න කිරීමටද පිළිතුරු සැපයීමටද කරුණු දක්වන ලදී. එහිදී මෙසේ කියන ලදී. ‘කෙන තාදිසො වණ්ණො’ යන ආදී වශයෙන් තෙරුන් වහන්සේ විසින් ප්‍රශ්න කරනු ලැබේ’ යන අරුතින් ‘පුච්ඡා’ (ප්‍රශ්නය) නම් වේ. ප්‍රශ්නය නම් ඒ දේවතාවිය විසින් කරන ලද කර්මයයි. ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමා කළ දේ කියන ලද්දේය යන හේතුවෙන් ද ඒ දේවතාවියගෙන් ප්‍රශ්න කෙරිණැයි කියන ලදී. යම්හෙයකින් ප්‍රශ්න කරනු ලැබූ ඒ දේවතාවිය ප්‍රශ්නයට යොමු වූ කර්මය කළ තැනැත්තිය වූවාද ඒ හේතුවෙන් ප්‍රශ්නය ඇගෙන් විමසන ලදී. යම්හෙයකින් ප්‍රශ්න කරනු ලැබූ ඒ දේවතාවිය ප්‍රශ්නයට යොමු වූ කර්මයට පිළිතුර දිය හැකි තැනැත්තිය වූවා ද ඒ හේතුවෙන් ප්‍රශ්නයට පිළිතුරු සැපයූවාය. යස්ස කම්මස්සිදං ඵලං යන මෙය ප්‍රශ්නය යයි කියන ලද අදහසේ ස්වරූපය දක්වයි. මෙහි අර්ථය මෙසේය. ප්‍රශ්න කරන්නහුට ද, ඔහුගේ විමසීමට යොමු වූ කරුණටද ප්‍රත්‍යක්‍ෂ වූ මෙය අනතුරුව කියන ලද විස්තර ඇති පිනෙහි ඵලය යම්කිසි කර්මයකට අයත් කරවයිද ඒ කර්මය දැනගැනීමට කැමැත්තෙන් ‘පඤ්හං’ යයි කියනු ලැබූ පින්කම ප්‍රකාශ කළාය.

අහං මනුස‍්සෙසූතිආදි පඤ‍්හස‍්ස බ්‍යාකරණාකාරො.

දැන් ප්‍රශ්නයේ පිළිතුර මෙසේය. අහං මනුස්සෙසු මනුස්ස භූතා අබ්හාගතානං ආසතාකං අදාසිං අභිවාදයිං අඤ්ජලිකං අකාසිං යථානු භාවඤ්ච අදාසි දානං මිනිස් ලොව මිනිස් දුවක වූ මම ආගන්තුකව පැමිණි තෙරණුවන් හට අසුනක් පිදුවෙමි. උන්වහන්සේට වන්දනා කළෙමි. දොහොත් බැඳ වැන්දෙමි. හැකි පමණින් දානය පිදුවෙමි. තෙන මෙ තාදිසෙන වණ්ණො තෙන මෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචිමනසො පියා ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ හේතුවෙන් මට මෙබඳු සමෘද්ධිමත් බවක් ලැබිණ. ඒ හේතුවෙන් මගේ සිත පිණවන්නා වූ සම්පත් ද මා හට උපදී. අක්‍ඛාමි තෙ භික්‍ඛු මහානුභාව මනුස්ස භුතා කිමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානු භාවා වණ්ණො ච මෙ සබ්බ දිසා පභාසතී’ති මහානුභාව ඇති භික්‍ෂුවරයාණනි, ඔබවහන්සේට මෙය කියමි. මිනිස් දුවක වූ මම යම් පිනක් කෙළෙම් ද ඒ හේතුවෙන් මම මෙබඳු බබලන ආනුභාවයක් ඇති තැනැත්තියක වෙමි. මගේ වර්ණය ද සියලු දිශාවන් ආලෝකවත් කරමින් පවතී.

තත්‍ථ අහන‍්ති දෙවතා අත‍්තානං නිද‍්දිසති. “මනුස‍්සෙසූ”ති වත්‍වා පුන “මනුස‍්සභූතා”ති වචනං තදා අත‍්තනි මනුස‍්සගුණානං විජ‍්ජමානතාදස‍්සනත්‍ථං. යො හි මනුස‍්සජාතිකොව සමානො පාණාතිපාතාදිං අකත‍්තබ‍්බං කත්‍වා දණ‍්ඩාරහො තත්‍ථ තත්‍ථ රාජාදිතො හත්‍ථච‍්ඡෙදාදිකම‍්මකාරණං පාපුණන‍්තො මහාදුක‍්ඛං අනුභවති, අයං මනුස‍්සනෙරයිකො නාම. අපරො මනුස‍්සජාතිකොව සමානො පුබ‍්බෙකතකම‍්මුනා ඝාසච‍්ඡාදනම‍්පි න ලභති, ඛුප‍්පිපාසාභිභූතො දුක‍්ඛබහුලො කත්‍ථචි පතිට‍්ඨං අලභමානො විචරති, අයං මනුස‍්සපෙතො නාම. අපරො මනුස‍්සජාතිකොව සමානො පරාධීනවුත‍්ති පරෙසං භාරං වහන‍්තො භින‍්නමරියාදො වා අනාචාරං ආචරිත්‍වා පරෙහි සන‍්තජ‍්ජිතො මරණභයභීතො ගහනනිස‍්සිතො දුක‍්ඛබහුලො විචරති හිතාහිතං අජානන‍්තො නිද‍්දාජිඝච‍්ඡාදුක‍්ඛවිනොදනාදිපරො, අයං මනුස‍්සතිරච‍්ඡානො නාම. යො පන අත‍්තනො හිතාහිතං ජානන‍්තො කම‍්මඵලං සද‍්දහන‍්තො හිරොත‍්තප‍්පසම‍්පන‍්නො දයාපන‍්නො සබ‍්බසත‍්තෙසු සංවෙගබහුලො අකුසලකම‍්මපථෙ පරිවජ‍්ජෙන‍්තො කුසලකම‍්මපථෙ සමාචරන‍්තො පුඤ‍්ඤකිරියවත්‍ථූනි පරිපූරෙති, අයං මනුස‍්සධම‍්මෙ පතිට‍්ඨිතො පරමත්‍ථතො මනුස‍්සො නාම. අයම‍්පි තාදිසා අහොසි. තෙන වුත‍්තං “මනුස‍්සෙසු මනුස‍්සභූතා”ති. මනුස‍්සෙ සත‍්තනිකායෙ මනුස‍්සභාවං පත‍්තා මනුස‍්සධම‍්මඤ‍්ච අප‍්පහාය ඨිතාති අත්‍ථො.

ගාථාවන්හි වචන විස්තර අහං දේවතාවිය තමා හඳුන්වයි. මනුස්සෙසු යයි කියා නැවත මනුස්ස භුතා යන වචනය පෙර භවයෙහි තමා තුළ මනුෂ්‍ය ගුණධර්ම පැවති බව දැක්වීම පිණිස කියන ලදී. යම් මනුෂ්‍යයෙක් නො කළ යුතු වූ පාණාතිපාත ආදිය සිදු කොට (ඒ හේතුවෙන්) දඬුවම් ලැබිය යුතු වූයේ ද, හෙතෙම ඒ ඒ තැන්හිදී රජවරුන්ගෙන් අත්කපා දැමීම් ආදී ක්‍රියාවනට භාජනය වෙමින් මහත් දුකක් අනුභව කරයි. මේ තැනැත්තා මනුෂ්‍ය ආපායිකයා නම් වෙයි. තවත් මනුෂ්‍යයෙක් පෙර කළ කර්මයක හේතුවෙන් අහර ගැනීමක් හෝ නොලබයි. සා පිපාසා දෙකින් මඩිනු ලැබුයේ දුක් බහුල වූයේ කොතැනකදී හෝ පිහිටක් නො ලබමින් හැසිරෙයි. මේ තැනැත්තා මනුෂ්‍ය ප්‍රේත නම් වෙයි. තවත් වෙනත් මනුෂ්‍යයෙක් අනුන්ගේ යටතෙහි රැකියාවක යෙදුණේ අනුන්ගේ බර උසුලනුයේ සීමාව ඉක්මවා වැරදි හැසිරීම්හි යෙදී අන් අය විසින් තර්ජනය කරනු ලැබූයේ මරණ බියෙන් බියපත් වූයේ වනගත වූයේ බොහෝ දුක් විඳිමින් හැසිරේද, යහපත අයහපත නොදන්නේ, නින්ද කුසගින්න යන දුක් දුරුකිරීමට තැත් දරනුයේ ද (එසේ වූ) මෙතෙමේ මේ මනුෂ්‍ය තිරශ්චීනයා නම් වෙයි. යමෙක් වනාහී තමාට හිතකර හා අහිතකර දේ ගැන දැනුම ඇත්තේ, කර්මඵල විශ්වාස කරනුයේ වැරදි කිරීමට ලැජ්ජා හා බිය ඇත්තේ සියලු සත්ත්වයන් කෙරෙහි දයාවෙන් යුක්ත වූයේ අන් අය කෙරෙහි බොහෝ සංවේග ඇත්තේ අකුසල ක්‍රියා මාර්ගයන් දුරු කරනුයේ කුසලක්‍රියා මාර්ගයන්හි හැසිරෙනුයේ පුණ්‍ය ක්‍රියා වස්තූන් සපුරයි ද, මනුෂ්‍ය ගුණධර්මයෙහි පිහිටියා වූ මේ තෙමේ පරමාර්ථ වශයෙන්ම මනුෂ්‍ය නම් වේ. මෝ තොමෝ ද එවැන්නියක වූවාය. එබැවින් ‘මනුස්සෙසු මනුස්ස භූතා (මනුෂ්‍යයන් අතරෙහි මනුෂ්‍ය ස්ත්‍රියක වූවා) යයි කියන ලදී. මනුෂ්‍ය නමැති සත්ත්ව කොට්ඨාශය තුළ මිනිස් බවට පැමිණි, මනුෂ්‍ය ගුණ ධර්ම ද අත්නොහැර සිටියා වූ යන අර්ථයයි.

අබ‍්භාගතානන‍්ති අභිආගතානං, සම‍්පත‍්තආගන‍්තුකානන‍්ති අත්‍ථො. දුවිධා හි ආගන‍්තුකා අතිථි අබ‍්භාගතොති. තෙසු කතපරිචයො ආගන‍්තුකො අතිථි, අකතපරිචයො අබ‍්භාගතො. කතපරිචයො අකතපරිචයොපි වා පුරෙතරං ආගතො අතිථි, භොජනවෙලායං උපට‍්ඨිතො සම‍්පති ආගතො අබ‍්භාගතො. නිමන‍්තිතො වා භත‍්තෙන අතිථි, අනිමන‍්තිතො අබ‍්භාගතො. අයං පන අකතපරිචයො අනිමන‍්තිතො සම‍්පති ආගතො ච, තං සන්‍ධායාහ “අබ‍්භාගතාන”න‍්ති, ගරුකාරෙන පනෙත්‍ථ බහුවචනං වුත‍්තං. ආසති නිසීදති එත්‍ථාති ආසනං. යංකිඤ‍්චි නිසීදනයොග‍්ගං, ඉධ පන පීඨං අධිප‍්පෙතං, තස‍්ස ච අප‍්පකත‍්තා අනුළාරත‍්තා ච “ආසනක”න‍්ති ආහ. අදාසින‍්ති “ඉදමස‍්ස ථෙරස‍්ස දින‍්නං මය‍්හං මහප‍්ඵලං භවිස‍්සති මහානිසංස”න‍්ති සඤ‍්ජාතසොමනස‍්සා කම‍්මං කම‍්මඵලඤ‍්ච සද‍්දහිත්‍වා තස‍්ස ථෙරස‍්ස පරිභොගත්‍ථාය අදාසිං, නිරපෙක‍්ඛපරිච‍්චාගවසෙන පරිච‍්චජින‍්ති අත්‍ථො.

අබ්භාගතානං අලුතින් පැමිණි, ආගන්තුක ලෙස පැමිණි යන අර්ථයයි. ආගන්තුකයෝ නම් දෙකොටසක් වෙත්. ‘අතිථි සහ අබ්භාගත’ යනු ඒ දෙකොටසයි. ඔවුන් අතරෙහි පළපුරුදුකම් නැති තැනැත්තා අබ්භාගත නම් වේ. පළපුරුදුකම් ඇති හෝ නැති හෝ පළමුවරට පැමිණි තැනැත්තාද අතිථි නම් වේ. ආහර ගන්නා වේලාවෙහි පැමිණියේ හෝ දැන් පැමිණියේ අබ්භාගත නම් වේ. ආහාර ගැනීම සඳහා ආරාධනා ලැබූ තැනැත්තා අතිථි නම් වේ. ආරාධනා නො ලැබූ තැනැත්තා අබ්භාගත නම් වේ. මේ තෙරණුවෝ වනාහී පෙර පුරුදු නැති, ආරාධනා නො ලැබූ දැන් පැමිණි තැනැත්තෙකි. උන්වහන්සේ සඳහා අබ්භාගතානං යයි කීය. ගෞරවාර්ථ හේතුවෙන් මෙහිදී (අබ්භාගතානං යි) බහුවචනය යොදන ලදී. මෙහි වැතිරෙයි. හිඳගනියි. (ආසති නිසීදති එත්‍ථ) යනුවෙන් ‘ආසනං’ නම් වේ. හිඳගැනීමට යෝග්‍ය වූ යම් කිසිවකි. මෙහිදී වනාහී පුටුවක් අදහස් කෙරේ. එහිද අල්ප ස්වභාවය නිසාද උසස් නොවන ස්වභාවය නිසාද ආසනක යයි කීය. අදාසිං මේ තෙරුන් වහන්සේට දෙන ලද මෙය මා හට මහත්ඵල මහානිසංස වන්නේ යයි හටගත් සොම්නස් ඇතිව කර්මයද කර්මඵලයද අදහා ඒ තෙරණුවන් හට පරිභෝග කිරීම සඳහා දුනිමි. ආපසු බලාපොරොත්තුවක් නැතිව අත්හැරීම් වශයෙන් පරිත්‍යාග කෙළෙමියි යන අර්ථයයි.

අභිවාදයින‍්ති අභිවාදනමකාසිං, පඤ‍්චපතිට‍්ඨිතෙන දක‍්ඛිණෙය්‍යපුග‍්ගලෙ වන්‍දින‍්ති අන‍්තො. වන්‍දමානා හි තං තායෙව වන්‍දනකිරියාය වන්‍දියමානං “සුඛිනී හොහි, අරොගා හොහී”තිආදිනා ආසිවාදං අත්‍ථතො වදාපෙසි නාම. අඤ‍්ජලිකං අකාසින‍්ති දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං සිරසි පග‍්ගණ‍්හන‍්තී ගුණවිසිට‍්ඨානං අපචායනං අකාසින‍්ති අත්‍ථො. යථානුභාවන‍්ති යථාබලං, තදා මම විජ‍්ජමානවිභවානුරූපන‍්ති අත්‍ථො. අදාසි දානන‍්ති අන‍්නපානාදිදෙය්‍යධම‍්මපරිච‍්චාගෙන දක‍්ඛිණෙය්‍යං භොජෙන‍්තී දානමයං පුඤ‍්ඤං පසවිං.

අභිවාදයිං වන්දනා කළෙමි. (දෙදණ, දෙවැලමිට, නළල යන) පසඟ බිම තැබීමෙන් පූජාවට සුදුසු වූ උතුම් පුද්ගලයන් වන්දනා කළෙමි. යන අර්ථයයි. වැඳීම කරන්නා වූ ඇයට ඒ වැඳීම සඳහාම ‘ඔබ සුවපත් හා නීරෝගී වන්නෙහිවා’ ආදිය ආශිර්වාද කිරීම් වශයෙන් කියවන්නේ නම් වෙයි. අඤ්ජලිකං අකාසිං = දසැඟිලි එකතුකොට හිසෙහි ඇඳිලි බැඳ ගනිමින් (තෙරණුවන්ගේ) ගුණ විශේෂයන් හට වන්දනා කළෙමි යන අර්ථයයි. යථානුභාවං ශක්තිය ඇති පරිද්දෙන්, එකල මා හට තිබූ සම්පත්වලට අනුරූපීව යන අර්ථයයි. අදාසි දානං ආහාර පාන ආදී පිදිය යුතු දේ පරිත්‍යාග කිරීමෙන් පිදිය යුත්තන් වහන්සේ හට අහර වළඳවමින් දානමය පින ලබා ගතිමි.

එත්‍ථ ච “අහ”න‍්ති ඉදං කම‍්මස‍්ස ඵලස‍්ස ච එකසන‍්තතිපතිතතාදස‍්සනෙන සම‍්බන්‍ධභාවදස‍්සනං, “මනුස‍්සෙසු මනුස‍්සභූතා”ති ඉදං තස‍්සා පුඤ‍්ඤකිරියාය අධිට‍්ඨානභූතසන‍්තානවිසෙසදස‍්සනං, “අබ‍්භාගතාන”න‍්ති ඉදං චිත‍්තසම‍්පත‍්තිදස‍්සනඤ‍්චෙව ඛෙත‍්තසම‍්පත‍්තිදස‍්සනඤ‍්ච දානස‍්ස විය පටිග‍්ගහණස‍්ස ච කිඤ‍්චි අනපෙක‍්ඛිත්‍වා පවත‍්තිතභාවදීපනතො. “ආසනකං අදාසිං යථානුභාවඤ‍්ච අදාසි දාන”න‍්ති ඉදං භොගසාරදානදස‍්සනං, “අභිවාදයිං අඤ‍්ජලිකං අකාසි”න‍්ති ඉදං කායසාරදානදස‍්සනං.

මෙහි ද ‘අහං’ යන මෙය කර්මයේ ද ඵලයේ ද යන වශයෙන් එක් පිළිවෙළකින් පිහිටි පියකරු දර්ශනයෙන් සම්බන්ධ වූ බව පෙන්වීමයි. ‘මනුස්සෙසු මනුස්සභූතා’ යන මෙය ඇයගේ පින් කිරීමෙහි අධිෂ්ඨානය පිහිටි සිතුවිලි පරපුරේ විශේෂ දර්ශනයයි. ‘අබ්භාගතානං’ යන මෙය සිතෙහි සම්පත් දැකීමද, භෝග සම්පත් දැකීමද වේ. දානයේ මෙන්ම පිළිගැනීමේ ද කිසිවක් බලාපොරොත්තු නොවී පැවති ස්වභාවයම වර්ධනය කරගැනීමෙන් යන අදහසයි. ‘ආසනකං අදාසිං යථානුභාවඤ්ච අදාසි දානං’ යන මෙය සම්පත් දන්දීම පිළිබඳ දැක්මයි. ‘අභිවාදයං අඤ්ජලිකං අදාසිං’ යන්න මෙය කායික ක්‍රියාවක් දන්දීමය යන දැක්මයි.

තෙනාති තෙන යථාවුත‍්තෙන පුඤ‍්ඤෙන හෙතුභූතෙන. මෙති අයං මෙ-සද‍්දො “කිච‍්ඡෙන මෙ අධිගතං, හලං දානි පකාසිතු”න‍්තිආදීසු (දී· නි· 2.65; ම· නි· 1.281; සං· නි· 1.172) කරණෙ ආගතො, මයාති අත්‍ථො. “සාධු මෙ, භන‍්තෙ, භගවා සංඛිත‍්තෙන ධම‍්මං දෙසෙතූ”තිආදීසු (සං· නි· 3.182; අ· නි· 4.257) සම‍්පදානෙ, මය‍්හන‍්ති අත්‍ථො. “පුබ‍්බෙව මෙ, භික‍්ඛවෙ, සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො”තිආදීසු (ම· නි· 1.206; සං· නි· 4.14; අ· නි· 3.104) සාමිඅත්‍ථෙ ආගතො, ඉධාපි සාමිඅත්‍ථෙ එව, මමාති අත්‍ථො. ස‍්වායං මෙ-සද‍්දො තෙන මෙ පුඤ‍්ඤෙනාති ච මෙ එතාදිසොති ච උභයත්‍ථ සම‍්බන්‍ධිතබ‍්බො. සෙසං වුත‍්තනයමෙව.

තෙන කියන ලද ආකාර ඇති එම පිනෙහි හේතුවෙන්. මෙ මෙය ‘ඉම’ ශබ්දයයි. ‘කිච්ඡෙන මෙ අධිගතං හලන්‍දානි පකාසිංතු’ (=මා විසින් අපහසුවෙන් අවබෝධ කරගන්නා ලදී. දැන් එය ප්‍රකාශකිරීම අවශ්‍ය නොවේ) යන ආදී තැන්හි ‘මෙ’ යන්න කරණ විභක්තියෙහි යෙදේ. (තතියා කරණ යන උභය විභක්තීන්හිදීම සමාන රූපී පද ලැබෙන බැවින් කරණ විභක්තියෙහි යන්න වෙනුවට තතියා විභක්තියෙහි යනුවෙන්ද යොදාගත හැකි වේ. එසේ වූ විට අර්ථ ගැන්වීම වඩා පහසු වේ.) ‘මයා’ (මා විසින්) යන අර්ථයයි. ‘තස්ස මෙ භන්තෙ භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු’ (=ස්වාමීනි, එසේ වූ මා හට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් ධර්මය දේශනා කරන සේක්වා) යන ආදියෙහි ‘ම’ යනු සම්ප්‍රදාන විභක්තියෙහි යෙදේ. ‘මය්හං’ (=මා හට) යන අර්ථයයි. ‘පුබ්බෙව මෙ භික්‍ඛවෙ සම්බොධා අනභි සම්බුද්ධස්ස බොධි සත්තස්සෙව සතො’ (=මහණෙනි, මාගේ සම්බුද්ධත්වයට පෙරදීම අභිසම්බුද්ධත්වයට පත් නොවූ බෝධිසත්ත්ව වරයකු ලෙස සිටියදී) යන ආදියෙහි ‘මෙ’ යන්න ස්වාමි අර්ථයෙහි (හෙවත් සම්බන්ධ විභක්ති අර්ථයෙහි) යෙදුණෝය. මෙහිදී ද ‘මෙ’ යන්න ස්වාමි අර්ථයෙහි (=සම්බන්ධ විභක්තියෙහි) ම යෙදේ. ‘මම’ (=මාගේ) යන අර්ථය වේ. මෙහි දැක්වෙන එම ‘ම’ යන වචනය ‘තෙන මෙ පුඤ්ඤෙන’ සහ ‘මෙ එතාදිසො’ යන දෙතැන්හි සම්බන්ධ කළ යුතු වේ. සෙස්ස කියා ඇති පරිදිම දතයුතු වේ.

එවං තාය දෙවතාය පඤ‍්හෙ බ්‍යාකතෙ ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො විත්‍ථාරෙන ධම‍්මං දෙසෙසි. සා දෙසනා සපරිවාරාය තස‍්සා දෙවතාය සාත්‍ථිකා අහොසි. ථෙරො තතො මනුස‍්සලොකං ආගන‍්ත්‍වා සබ‍්බං තං පවත‍්තිං භගවතො ආරොචෙසි. භගවා තං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙසි. ගාථා එව පන සඞ‍්ගහං ආරුළ‍්හාති.

මෙසේ ඒ දේවතාවිය විසින් ප්‍රශ්නයට පිළිතුරු දෙනු ලැබූ කල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන රහතන් වහන්සේ විස්තර වශයෙන් ධර්ම දේශනා කළහ. ඒ දේශනාව පිරිවර සහිත වූ එම දේවතාවියට ප්‍රයෝජනවත් විය. තෙරුන් වහන්සේ එතැනින් මිනිස් ලොවට පැමිණ ඒ සියලු පුවත් භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට පැමිණි පිරිසට ධර්මය දේශනා කළහ. ගාථාවන්ම (ධර්ම) සංගීතියට නංවන ලද්දේ (යි කිව යුත්තේය.)

පඨමපීඨවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

පරමත්‍ථදීපනී නම් වූ ඛුද්දක නිකාය අට්ඨකථාවෙහි පළමුවන පීඨ විමාන වර්ණනාව නිමියේය.