2. දුතියපීඨවිමානවණ්ණනා අට්ඨකථා
2. දුතියපීඨවිමානවණ්ණනා
2. ද්විතීය පීඨවිමාන වර්ණනා
පීඨං තෙ වෙළුරියමයන්ති දුතියපීඨවිමානං. තස්ස අට්ඨුප්පත්ති ච අත්ථවණ්ණනා ච පඨමෙ වුත්තනයෙනෙව වෙදිතබ්බා. අයං පන විසෙසො – සාවත්ථිවාසිනී කිර එකා ඉත්ථී අත්තනො ගෙහං පිණ්ඩාය පවිට්ඨං එකං ථෙරං පස්සිත්වා පසන්නචිත්තා තස්ස ආසනං දෙන්තී අත්තනො පීඨං උපරි නීලවත්ථෙන අත්ථරිත්වා අදාසි. තෙන තස්සා දෙවලොකෙ නිබ්බත්තාය වෙළුරියමයං පල්ලඞ්කවිමානං නිබ්බත්තං. තෙන වුත්තං –
පීඨන්තො වෙළුරියමයං යනුවෙන් අරඹන්නේ දුතිය පීඨ විමාන වස්තුවයි. එහි අර්ථෝත්පත්තිය ද, අර්ථ වර්ණනාව ද මෙයට පෙර කියන ලද පරිදිම අවබෝධ කළ දතයුතුය. මෙය වනාහි විශේෂයකි. සැවැත්නුවර වාසී වූ එක් ස්ත්‍රියක් තමාගේ ගෙදරට පිඬු පිණිස වැඩි එක් තෙර නමක් දැක පැහැද ප්‍රසන්න සිත් ඇතිව ඇගේ ආසනය දෙන්නී තමන්ගේ පුටුව මත්තෙහි නිල්පැහැ වස්ත්‍රයක් අතුරා දුන්නීය. එම පිංකම හේතුවෙන් දෙව්ලොව උපන්නා වූ ඇයට වෛධූර්ය මාණික්‍යමය වූ පලඟ විමානයක් (අඩුන් විමනක්) පහළ විය. එහෙයින් කියන ලදි -
“පීඨං තෙ වෙළුරියමයං උළාරං, මනොජවං ගච්ඡති යෙනකාමං; අලඞ්කතෙ මල්යධරෙ සුවත්ථෙ, ඔභාසසි විජ්ජුරිවබ්භ කූටං.
1. මල්වලින් සහ මනා වස්ත්‍රයෙන් අලංකාර කළ මේඝකූටයෙහි විදුලිය මෙන් බබළන උදාර වූ නිල්මැණික් මුවා ඇයගේ ආසනය කැමැති තැනකට සිතේ වේගයෙන් යයි.
“කෙන තෙතාදිසො වණ්ණො, කෙන තෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.
2 . ඔබේ සිතට ප්‍රිය වූ සම්පත් පහළ වේ. ඔබේ මේ අභිරූප වූ වර්ණය කුමකින් ලැබුවේද? ඔබේ මේ සම්පත් කුමකින් ලැබුවේද?
“පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
3. මහත් ආනුභාව ඇති දේවතාවියෙනි, මෙසේ ශරීරය දිළිසීමට සහ ඔබේ වර්ණයෙන් සියළු දිසා බැබළවීමට මනුෂ්‍යයෙක්ව සිටිය දී ඔබ කළ පින කුමක්දැයි අසමි.
“සා දෙවතා අත්තමනා, මොග්ගල්ලානෙන පුච්ඡිතා; පඤ්හං පුට්ඨා වියාකාසි, යස්ස කම්මස්සිදං ඵලං”.
4. මුගලන් හිමියන් විසින් විචාරන ලද ප්‍රශ්නයට සතුටු වූ ඒ දේවතාවිය මෙය ලැබූ පුණ්‍ය ක්‍රියාව පැවසුවාය.
“අහං මනුස්සෙසු මනුස්සභූතා, අබ්භාගතානාසනකං අදාසිං; අභිවාදයිං අඤ්ජලිකං අකාසිං, යථානුභාවඤ්ච අදාසි දානං.
5. මම මිනිසත් බව ලැබ මිනිසුන් අතර සිටියදී, මගේ නිවසට පැමිණියා වූ සිල්වත් තෙරුන් වහන්සේ නමකට ආසනයක් පූජා කළෙමි. ඇඳිලි බැඳ වැන්දෙමි. මගේ සම්පත් ප්‍රමාණයෙන් දානය පිරිනැමුවෙමි.
“තෙන මෙතාදිසො වණ්ණො, තෙන මෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.
6. ඒ පුණ්‍යකර්මය නිසා මෙවැනි දිලිසෙන වර්ණයක් ලදිමි. සිතේ ඇති වූ ආස්වාදය සිත සතුටු කරන සම්පත් පහළ විය.
“අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව, මනුස්සභූතා යමකාසි පුඤ්ඤං; තෙනම්හි එවං ජලිතානුභාවා, වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
7. මහත් ආනුභාව ඇති ස්වාමින් වහන්ස, ඔබවහන්සේට කියමි. මිනිස්ව සිටි කාලයේ කළ පින කුමක්ද කියා. එයින් මෙසේ බබළන ආත්මභාවය ලදිමි. මගේ ශරීර වර්ණය සියලු දිසා බබළවයි.
තත්ථ වෙළුරියමයන්ති වෙළුරියමණිමයං. වෙළුරියමණි නාම විළූරපබ්බතස්ස විළූරගාමස්ස ච අවිදූරෙ උප්පජ්ජනකමණි. තස්ස කිර විළූරගාමට්ඨානෙ ආකරො, විළූරස්ස පන අවිදූරෙ භවත්තා වෙළුරියන්තෙව පඤ්ඤායිත්ථ. තංසදිසවණ්ණනිභතාය දෙවලොකෙපිස්ස තථෙව නාමං ජාතං යථා තං මනුස්සලොකෙ ලද්ධනාමවසෙනෙව දෙවලොකෙ දෙවපුත්තානං. තං පන මයූරගීවවණ්ණං වා හොති, වායසපත්තවණ්ණං වා, සිනිද්ධවෙණුපත්තවණ්ණං වා. ඉධ පන මයූරගීවවණ්ණං වෙදිතබ්බං. සෙසං සබ්බං පඨමපීඨවිමානෙ වුත්තසදිසමෙවාති.
එහි වෙළුරියමං යනු වෛරෝඩි මැණික් විළුර ගම නුදුරේ පිහිටි විළුර පර්වතයේ හටගත් මැණික් විළුර ගමේ ආකරයක් විය. විළුර ගමට නුදුරුව හටගත් නිසා වෛරෝඩි (බළල් ඇස්වලට සමාන වන්) නමින් ප්‍රසිද්ධ විය. ඒ වර්ණැ සමාන බැවින් දෙව්ලොව ද ඒ නමම විය. යම් පරිද්දෙකින් මිනිස් ලොවදී ලත් නම් දෙව්ලොව දේව පුත්‍රයන්ට ද විය. ඒ වනාහි මොණරුන්ගේ බෙල්ලේ පැහැය මෙන් හෝ කවුඩාගේ පියාපත් පැහැයට හෝ සිනිඳු හුණ දලුව පැහැයෙන් ද හෝ වේ. මෙහි වනාහි මොණර බෙල්ල වැනි පැහැයයි දත යුතුය. සෙසු සියල්ල ප්‍රථම පීඨ විමානය පිළිබඳ කියන ලද විස්තරය හා සමාන වන්නේය.
දුතියපීඨවිමානවණ්ණනා නිට්ඨිතා.
දෙවෙනි පීඨ විමාන වර්ණනාව නිමියේය.
3. තතියපීඨවිමානවණ්ණනා
3. තෘතීය පීඨවිමාන වර්ණනා
පීඨං තෙ සොවණ්ණමයන්ති තතියපීඨවිමානං. තස්ස වත්ථු රාජගහෙ සමුට්ඨිතං. අඤ්ඤතරො කිර ඛීණාසවත්ථෙරො රාජගහෙ පිණ්ඩාය චරිත්වා භත්තං ගහෙත්වා උපකට්ඨෙ කාලෙ භත්තකිච්චං කාතුකාමො එකං විවටද්වාරගෙහං උපසඞ්කමි. තස්මිං පන ගෙහෙ ගෙහසාමිනී ඉත්ථී සද්ධා පසන්නා ථෙරස්ස ආකාරං සල්ලක්ඛෙත්වා “එථ, භන්තෙ, ඉධ නිසීදිත්වා භත්තකිච්චං කරොථා”ති අත්තනො භද්දපීඨං පඤ්ඤාපෙත්වා උපරි පීතවත්ථං අත්ථරිත්වා නිරපෙක්ඛපරිච්චාගවසෙන අදාසි, “ඉදං මෙ පුඤ්ඤං ආයතිං සොවණ්ණපීඨපටිලාභාය හොතූ”ති පත්ථනඤ්ච පට්ඨපෙසි. අථ ථෙරෙ තත්ථ නිසීදිත්වා භත්තකිච්චං කත්වා පත්තං ධොවිත්වා උට්ඨාය ගච්ඡන්තෙ “භන්තෙ, ඉදමාසනං තුම්හාකංයෙව පරිච්චත්තං, මය්හං අනුග්ගහත්ථං පරිභුඤ්ජථා”ති ආහ. ථෙරො තස්සා අනුකම්පාය තං පීඨං සම්පටිච්ඡිත්වා සඞ්ඝස්ස දාපෙසි. සා අපරෙන සමයෙන අඤ්ඤතරෙන රොගෙන ඵුට්ඨා කාලං කත්වා තාවතිංසභවනෙ නිබ්බත්තීතිආදි සබ්බං පඨමවිමානවණ්ණනායං වුත්තනයෙනෙව වෙදිතබ්බං. තෙන වුත්තං –
‘පීඨන්තෙ සොවණ්ණමයං’ ආදී වශයෙන් දැක්වෙන තුන්වන පීඨ විමාන වර්ණනාවයි. එහි කථා වස්තුව රජගහ නුවරදී හටගත්තේය. එක්තරා රහතන් වහන්සේ නමක් රජගහ නුවර පිඬු පිණිස හැසිර අහර ලබා ගෙන (වැළඳීම සඳහා) කාලය ළං වූ කල්හි බත්කිස කරනු කැමැත්තේ දොර විවෘතව තිබූ එක්තරා ගෘහයක් වෙත එළඹියේය. ඒ නිවසෙහි වනාහී ගෘහස්වාමී වූ ශ්‍රද්ධා සම්පන්න ස්ත්‍රී තොමෝ තෙරුන් වහන්සේගේ පිළිවෙළ සලකා බලා ‘එන්න ස්වාමීනි, මෙහි හිඳගෙන බත්කිස කරනු මැනව’යි තමාගේ වේවැල් පුටුව පණවා ඒ මතුයෙහි කසාවන් වස්ත්‍රයක් අතුරා අපේක්ෂා රහිත පරිත්‍යාගයක් වශයෙන් දුන්නාය. මාගේ මේ පින අනාගතයෙහි රන් පුටුවක් ලැබීම පිණිස හේතුවේවා’යි ප්‍රාර්ථනාවක් ද කළාය. ඉක්බිති තෙරුන් වහන්සේ එහි හිඳ බත්කිස නිමවා පාත්‍රය පිරිසිදුකොට නැගිට යන කල්හි ‘ස්වාමීනි, මේ ආසනය ඔබවහන්සේටම පරිත්‍යාග කරන ලදී. මට අනුග්‍රහ පිණිස එය පරිභෝග කළ මැනවැ’යි ඒ ස්ත්‍රිය කීවාය. තෙරුන් වහන්සේ ඇයට අනුකම්පාවෙන් ඒ පුටුව පිළිගෙන සංඝයාට දෙවූහ. ඒ ස්ත්‍රිය පසුකාලයෙහි, එක්තරා රෝගයක් වැළඳී කලුරියකොට තව්තිසා භවනයෙහි උපන්නාය, යන ආදී සියල්ල ප්‍රථම විමාන වර්ණනාවෙහි කියන ලද පිළිවෙළින්ම දතයුතුය. එබැවින් මෙසේ කියන ලදී -
“පීඨං තෙ සොවණ්ණමයං උළාරං, මනොජවං ගච්ඡති යෙනකාමං; අලඞ්කතෙ මල්යධරෙ සුවත්ථෙ,ඔභාසසි විජ්ජුරිවබ්භකූටං.
පීඨන්තෙ සොවණ්ණ මයං උළාරං මනොජවං ගච්ඡති යෙන කාමං අලංකතෙ මල්යධරෙ සුවත්ථෙ ඔභාසසී විජ්ජුවෙබ්හ කූටං
ඔබේ ආසනය රනින් කරන ලද්දේය. උදාරය, කැමති තැනකට එය සිතේ වේගයෙන් මෙන් ශීඝ්‍රයෙන් යයි. මලින් අලංකාර කළ (තිර) රෙදි මැද අහසෙහි විදුලිය සේ බබලන්නෙහිය.
“කෙන තෙතාදිසො වණ්ණො, කෙන තෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.
කෙන තෙ තාදිසො වණ්ණො තෙන තෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
සිතට යම් වස්තුවක් ප්‍රිය වේද, ඔබට ඒ වස්තුව ලැබෙන්නේය. ඔබට මෙබඳු වර්ණයක් කුමක් නිසා ලැබුණේ ද? ඔබට එබඳු ඉසුරුමත් බවක් කුමක් නිසා ලැබුණේ ද?
“පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවංජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බ දිසා පභාසතී’ති
මහානුභාව ඇති දේවතාවියනි, මනුෂ්‍යව සිටිමින් කවරනම් පිනක් කෙළෙහිදැයි අසමි. ඔබේ පැහැයද සියලු දිශාවන් ආලෝකවත් කරයි. මෙසේ දීප්තිමත් ආනුභාවයක් කුමක් නිසා ලැබිණිදැයි අසමි’යි යනුවෙන් කීහ.
(පිළිතුරු වශයෙන් දේවතාවිය මෙසේ කීවාය.)
“සා දෙවතා අත්තමනා, මොග්ගල්ලානෙන පුච්ඡිතා; පඤ්හං පුට්ඨා වියාකාසි, යස්ස කම්මස්සිදං ඵලං”.
සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡතා පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
මුගලන් මහරහතන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලද්දා වූ, සතුටට පත් වූ එම දේවතා තොමෝ (තමාගෙන් අසන ලද ප්‍රශ්නයට අනුව, මෙය (හෙවත් තමා ලැබූ සම්පත) කවරනම් කර්මයක ඵලයක්දැයි (මෙසේ) ප්‍රකාශ කළාය.
“අප්පස්ස කම්මස්ස ඵලං මමෙදං, යෙනම්හි එවං ජලිතානුභාවා; අහං මනුස්සෙසු මනුස්සභූතා, පුරිමාය ජාතියා මනුස්සලොකෙ.
අප්පස්ස කම්මස්ස ඵලං මමෙදං යෙනම්හි එවං ජලිතානුභාවා අහං මනුස්සෙසු මනුස්ස භූතා පුරිමාය ජාතියන මනුස්ස ලොකෙ
පෙර භවයෙහි දී මිනිස්ලොව මිනිසුන් අතර මම මනුෂ්‍ය ස්ත්‍රියක් වූයෙම්, යම් හේතුවකින් මෙවන් දීප්තිමත් ආනුභාවයක් සහිතව වෙසෙම්දැයි යතහොත් මෙය මාගේ ස්වල්ප වූ ක්‍රියාවක ඵලයකි.
“අද්දසං විරජං භික්ඛුං, විප්පසන්නමනාවිලං; තස්ස අදාසහං පීඨං, පසන්නා සෙහි පාණිභි.
අද්දසං විරජං භික්ඛුං විප්පසන්න මනාවිලං තස්ස අදාසහං පීඨං පසන්නා සෙහි පාණිහී
කෙලෙස් රහිත වූ ඉතා ප්‍රසන්න වූ කැළඹීමෙන් තොර වූ භික්ෂුවක දිටිමි. උන්වහන්සේ කෙරෙහි පැහැදී සියතින්ම අස්නක් (දන්) දුනිමි.
“තෙන මෙතාදිසො වණ්ණො, තෙන මෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්තී ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.
තෙන මෙ තාදිසො වණ්ණො තෙ න මෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කොචි මනසො පියා
සිතට යමක් ප්‍රිය වේද, ඒ සම්පත් මට ලැබෙන්නේ ය. (පෙර ගාථාවෙහි කියූ) ඒ දානය නිසා මට මෙබඳු වර්ණයක් ලැබිණි. ඒ කරුණ නිසා මට මෙබඳු ඉසුරුමත් බවක් ලැබිණි.
“අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව, මනුස්සභූතා යමකාසි පුඤ්ඤං; තෙනම්හි එවං ජලිතානුභාවා, වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්ස භුතා යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො චමෙ සබ්බ දිසා පභාසතී’ති
මහත් ආනුභාව ඇති භික්ෂුවරයාණනි, මිනිස් (දුවක) වූ මම යම් පිනක් කෙළෙම් ද, ඒ පිනින් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක් වෙමි. මාගේ වර්ණය ද සියලු දිශාවන් බබුලුවන්නේ වෙයි යනුවෙන් ඔබවහන්සේට (පිළිතුරු වශයෙන්) කියමි’ යනුයි.
යඤ්ච පන පඤ්චමගාථායං පුරිමාය ජාතියා මනුස්සලොකෙතිආදි, එත්ථ ජාති-සද්දො අත්ථෙව සඞ්ඛතලක්ඛණෙ “ජාති ද්වීහි ඛන්ධෙහි සඞ්ගහිතා”තිආදීසු (ධාතු· 71). අත්ථි නිකායෙ “නිගණ්ඨා නාම සමණජාතී”තිආදීසු (අ· නි· 3.71). අත්ථි පටිසන්ධියං “යං මාතුකුච්ඡිස්මිං පඨමං චිත්තං උප්පන්නං, පඨමං විඤ්ඤාණං පාතුභූතං, තදුපාදාය සාවස්ස ජාතී”තිආදීසු (මහාව· 124). අත්ථි කුලෙ “අක්ඛිත්තො අනුපකුට්ඨො ජාතිවාදෙනා”තිආදීසු (දී· නි· 1.303). අත්ථි පසුතියං “සම්පතිජාතො, ආනන්ද, බොධිසත්තො”තිආදීසු (දී· නි· 2.31; ම· නි· 3.207). අත්ථි භවෙ “එකම්පි ජාතිං ද්වෙපි ජාතියො”තිආදීසු (දී· නි· 1.244; ම· නි· 1.53). ඉධාපි භවෙ එව දට්ඨබ්බො. තස්මා පුරිමාය ජාතියා පුරිමස්මිං භවෙ අනන්තරාතීතෙ පුරිමෙ අත්තභාවෙති අත්ථො. භුම්මත්ථෙ හිදං කරණවචනං. මනුස්සලොකෙති මනුස්සලොකභවෙ, රාජගහං සන්ධාය වදති. ඔකාසලොකො හි ඉධ අධිප්පෙතො, සත්තලොකො පන “මනුස්සෙසූ”ති ඉමිනා වුත්තොයෙව.
පස්වන ගාථාවෙහි කියන ලද්දේ ද, ඒ නම් මෙයයි. පුරිමාය ජාතියන මනුස්ස ලොකෙ යන ආදියයි. මෙහි ‘ජාති’ ශබ්දය ගැන කියනු ලැබේ. ‘ජාති ද්වීහි ඛන්ධෙහි සංගහිතා’ (=ජාති යන්න ස්කන්ධ දෙකක සංගෘහිත වේ) යන ආදී තැන්හි ‘ජාති’ යන්න සංස්කාරයන්ගේ සකස්වීම යන අර්ථයෙහි යෙදේ. නිකාය යන අර්ථයෙහි : ‘නිගණ්ඨා නාම සමන ජාති’ (=නිගණ්ඨ නම් වූ ශ්‍රමණ නිකායක්) යන ආදී තැන්හි ‘ජාති’ යන්න නිකාය යන අර්ථයෙහි යෙදේ. ප්රතිසන්ධිය යන අර්ථයෙහි, ‘යං මාතු කුච්ඡිස්මිං පඨමං චිත්තං උප්පන්නං පඨමං විඤ්ඤාණං පාතු භූතං තදුපාදාය සාවස්ස ජාති’ (මවුකුසෙහි යම්කිසි ප්‍රථම චිත්තයක් උපන්නේ ද ප්‍රථම විඤ්ඤාණයක් පහළ වූයේ ද එය මුල්කරගෙන ‘ජාති’) යයි ප්රතිසන්ධි අර්ථයෙහි යෙදේ. කුලය යන අර්ථයෙහි ‘අක්ඛිත්තො අනුපඤ්ඤට්ඨො ජාතිවාදෙන’ (ජාති කුල ගැන කීමෙන් නින්දා නො කරනු ලැබූ, අපහාස නො ලැබූ) යන ආදියෙහි දී ‘ජාති’ යන්න කුලය යන අර්ථයෙහි යෙදේ. ප්‍රසූතිය යන අර්ථයෙහි ‘සම්පති ජාතො ආනන්ද, බොධිසත්තො’ (=ආනන්දය, දැන් බෝසත්වරයෙක් උපන්නේය) යන ආදියෙහි ‘ජාත’ යන්න ප්‍රසූති අර්ථයෙහි යෙදේ. භවය යන අර්ථයෙහි ‘එකිසො ජාතිං ද්වෙහි ජාතියො’ (=එක භවයක් හෝ භවයන් දෙකක් හෝ) යන ආදියෙහි ‘ජාති’ යන්න භවය යන අර්ථයෙහි යෙදේ. මෙහිදී ද භවය යන අර්ථයෙහිම ‘ජාති’ යන්න යෙදී ඇතැයි දතයුතුය. එහෙයින් ‘පුරිමාය ජාතියා’ යනු පෙර භවයෙහි, ආසන්න අතීතයෙහි වූ පූර්ව භවයෙහි යන අර්ථයයි. මුලින් දී ඇති වාක්‍යයෙහි අර්ථයේදී ‘ජාතියා’ යන මෙය කරණ විභක්ති වචනයකි. මනුස්ස ලොකෙ = මනුෂ්‍ය ලෝකය නම් භවයෙහි මෙය රජගහ නුවර සඳහා කියයි. මෙහිදී අවකාශ ලෝකය අදහස් කෙරේ. ‘මනුස්සෙසු’ යන මෙයින් සත්ත්ව ලෝකය ගැන කියන ලදී.
අද්දසන්ති අද්දක්ඛිං. විරජන්ති විගතරාගාදිරජත්තා විරජං. භික්ඛුන්ති භින්නකිලෙසත්තා භික්ඛුං, සබ්බසො කිලෙසකාලුස්සියාභාවෙන විප්පසන්නචිත්තතාය විප්පසන්නං, අනාවිලසඞ්කප්පතාය අනාවිලං. පුරිමං පුරිමඤ්චෙත්ථ පදං පච්ඡිමස්ස පච්ඡිමස්ස කාරණවචනං, විගතරාගාදිරජත්තා භින්නකිලෙසතාය භික්ඛුං, භින්නකිලෙසත්තා කිලෙසකාලුස්සියාභාවෙන විප්පසන්නං, විප්පසන්නමනත්තා අනාවිලන්ති. පච්ඡිමං පච්ඡිමං වා පදං පුරිමස්ස පුරිමස්ස කාරණවචනං, විරජං භික්ඛුගුණයොගතො. භින්නකිලෙසො හි භික්ඛු. භික්ඛුං විප්පසන්නභාවතො. කිලෙසකාලුස්සියාභාවෙන විප්පසන්නමානසො හි භික්ඛු. විප්පසන්නං අනාවිලසඞ්කප්පභාවතොති . රාගරජාභාවෙන වා “විරජ”න්ති වුත්තං, දොසකාලුස්සියාභාවෙන “විප්පසන්න”න්ති, මොහබ්යාකුලාභාවෙන “අනාවිල”න්ති. එවංභූතො පරමත්ථතො භික්ඛු නාම හොතීති “භික්ඛු”න්ති වුත්තං. අදාසහන්ති අදාසිං අහං. පීඨන්ති තදා මම සන්තිකෙ විජ්ජමානං භද්දපීඨං. පසන්නාති කම්මඵලසද්ධාය රතනත්තයසද්ධාය ච පසන්නචිත්තා. සෙහි පාණිභීති අඤ්ඤං අනාණාපෙත්වා අත්තනො හත්ථෙහි උපනීය පීඨං පඤ්ඤාපෙත්වා අදාසින්ති අත්ථො.
අද්දසං දුටුවෙමි. විරජං = රාග ආදී කෙලෙස් පහවී ඇති බැවින් විරජං නම් වේ. භික්ඛුං = කෙලෙස් භින්න වූ (බිඳුණ) බැවින් භික්ඛු නම් වේ. හැම අයුරින්ම කෙලෙස් කිලුටු නැති බැවින්, මනාව ප්‍රසන්න වූ සිත් ඇති බැවින් විප්පසන්න යි යෙදේ. නො කැලඹුණ සිතුවිලි ඇති බැවින් අනාවිලං යි යෙදේ. පසු පසුව යෙදෙන පද පළමු පළමුව යෙදෙන පදයන්හි හේතු දැක්වෙන වචන වේ. කෙලෙස්වලින් වෙන්වීම නම් වූ භික්ෂු ගුණයන්හි යෙදීමෙන් බිඳුණ කෙලෙස් ඇත්තේ භික්ඛු නම් වේ. අතිශය පිරිසිදු භාවයෙන් කෙලෙස් නමැති කිලුටින් තොර බැවින් අති ප්‍රසන්න වූ මනසක් ඇත්තේ භික්ෂුවයි. විප්පසන්න හෙවත් අතිශයින් ප්‍රසන්න වූයෝ නො කැළඹුණ මනසක් ඇති බැවිනි. රාග හා රජස් (=කෙලෙස්) නැතිවීමෙන් ‘විරජං’ යයි කියන ලදී. දොස් හා කිලුටු නැති බැවින් ‘විප්පසන්න’ නම් වේ. මෝහය සහ අවුල් ස්වභාවය නැති වීමෙන් ‘අනාවිලං’ නම් වේ. මෙසේ වූ තැනැත්තා පරමාර්ථ වශයෙන් ‘භික්ඛු’ යන නම ලබයි. ඒ නිසා ‘භික්ඛුං’ යයි කියන ලදී. අදාසහං අදාසිං අහං යන පද දෙක සන්ධි වී අදාසහං යි සෑදේ. පීඨං = එකල මා වෙත තිබූ වේවැල් පුටුව. පස්සනා කර්මඵල ඇදහීමෙන් ද රත්නත්‍රය කෙරෙහි සැදැහැවත් වීමෙන් ද ප්‍රසන්න වූ සිත්. සෙහි පාණිහී අනිකකු නො ඇණවා සියතින්ම ලඟට ගත් පුටුව පිළියෙළ කොට දුන්නෙමි යන අර්ථයයි.
එත්ථ ච “විරජං භික්ඛුං විප්පසන්නමනාවිල”න්ති ඉමිනා ඛෙත්තසම්පත්තිං දස්සෙති, “පසන්නා”ති ඉමිනා චිත්තසම්පත්තිං, “සෙහි පාණිභී”ති ඉමිනා පයොගසම්පත්තිං. තථා “පසන්නා”ති ඉමිනා සක්කච්චදානං අනුපහච්චදානන්ති ච ඉමෙ ද්වෙ දානගුණා දස්සිතා, “සෙහි පාණිභී”ති ඉමිනා සහත්ථෙන දානං අනුපවිද්ධදානන්ති ඉමෙ ද්වෙ දානගුණා දස්සිතා, පීතවත්ථස්ස අත්ථරණෙන නිසීදනකාලඤ්ඤුතාය චිත්තිං කත්වා දානං කාලෙන දානන්ති ඉමෙ ද්වෙ දානගුණා දස්සිතාති වෙදිතබ්බා. සෙසං හෙට්ඨා වුත්තනයමෙව.
මෙහිද ‘විරජං භික්ඛුං විප්පසන්න මනාවිලං’ (කෙලෙස් රහිත වූ, ඉතා ප්‍රසන්න වූ, කැළඹීමෙන් තොර වූ භික්ෂුව) යන මේ පාඨයෙන් ක්ෂේත්‍ර සම්පත්තිය දක්වයි. ‘පසන්නා’ මෙයින් චිත්ත සම්පත්තිය ද, ‘සෙහි පාණිහී’ යන මෙයින් ප්‍රයෝග සම්පත්තිය (=ක්‍රියාවෙහි යෙදීම නමැති සම්පත්තිය) ද, එසේම ‘පසන්නා’ යන මෙයින් සකස්කොට දෙන දානයයි. අනුන් පීඩාවට පත් නොකොට දෙන දානයය යන මේ දාන ගුණයන් දෙක දක්වන ලදී. ‘සෙහි පාණීහි’ යන මෙයින් තමන් අතින්ම දෙන දානයය, අනුන් ලවා දෙවනු ලබන දානයය යන මේ දාන ගුණයන් දෙක දක්වන ලදී. කසාවන් මතයක් ඇතිරීමෙන් හිඳගන්නා කාලය දැනගැනීමෙන් ඒ අනුව සිතා දෙන දානයය, නියම කාලය දැනගෙන දෙන දානයය යන මේ දාන ගුණයන් දෙක පෙන්වන ලද්දේ යයි දතයුතුය. සෙස්ස යට කියන ලද පිළිවෙළින්ම වේ.
තතියපීඨවිමානවණ්ණනා නිට්ඨිතා.
තුන්වන පීඨ විමාන වර්ණනාව නිමියේය.
4. චතුත්ථපීඨවිමානවණ්ණනා
4. චතුර්ථ පීඨවිමාන වර්ණනා
පීඨං තෙ වෙළුරියමයන්ති චතුත්ථපීඨවිමානං. ඉමස්සාපි වත්ථු රාජගහෙ සමුට්ඨිතං, තං දුතියවිමානෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. නීලවත්ථෙන හි අත්ථරිත්වා පීඨස්ස දින්නත්තා ඉමිස්සාපි විමානං වෙළුරියමයං නිබ්බත්තං. සෙසං පඨමවිමානෙ වුත්තසදිසං. තෙන වුත්තං –
පීඨන්තො වෙළුරියමයං යනු සතරවැනි පීඨ විමාන වස්තුවයි. එම කථාවස්තුව ද රජගහ නුවර හටගත්තකි. එය දෙවෙනි විමාන වත්ථුවේ කී පරිද්දෙන්ම දත යුතුය. නිල් වස්ත්‍රයක් අතුරා ආසනයක් පූජා කළ බැවින් මැයගේ විමානය ද වෛරෝඩි වලින්ම නිම විය. ඉතිරි කොටස ප්‍රථම විමාන විස්තරයෙන් ලද පරිදිමයි. එහෙයින් කියන ලදී.
“පීඨං තෙ වෙළුරියමයං උළාරං, මනොජවං ගච්ඡති යෙනකාමං; අලඞ්කතෙ මල්යධරෙ සුවත්ථෙ, ඔභාසසි විජ්ජුරිවබ්භකූටං.
1. මල්වලින් සහ මනා වස්ත්‍රයෙන් අලංකාර කළ මේඝකූටයෙහි විදුලිය මෙන් බබළන උදාර වූ නිල් මැණික් මුවා ඇයගේ ආසනය කැමැති තැනකට සිතේ වේගයෙන් යයි.
“කෙන තෙතාදිසො වණ්ණො, කෙන තෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.
2. ඔබේ සිතට ප්‍රිය වූ සම්පත් පහළ වේ. ඔබේ මේ අභිරූප වූ වර්ණය කුමකින් ලැබුවේද? ඔබේ මේ සම්පත් කුමකින් ලැබුවේද?
“පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
3. මහත් ආනුභාව ඇති දේවතාවියෙනි, මෙසේ ශරීරය දිළිසීමට සහ ඔබේ වර්ණයෙන් සියළු දිසා බැබළවීමට මනුෂ්‍යයෙක්ව සිටිය දී ඔබ කළ පින කුමක්දැයි අසමි.
“සා දෙවතා අත්තමනා, මොග්ගල්ලානෙන පුච්ඡිතා; පඤ්හං පුට්ඨා වියාකාසි, යස්ස කම්මස්සිදං ඵලං”.
4. මුගලන් හිමියන් විසින් විචාරන ලද ප්‍රශ්නයට සතුටු වූ ඒ දේවතාවිය මෙය ලැබූ පුණ්‍ය ක්‍රියාව පැවසුවාය.
“අප්පස්ස කම්මස්ස ඵලං මමෙදං, යෙනම්හි එවං ජලිතානුභාවා; අහං මනුස්සෙසු මනුස්සභූතා, පුරිමාය ජාතියා මනුස්සලොකෙ.
5. මම පෙර ආත්මයේ මිනිස් ලොව මිනිසකු වශයෙන් ඉපදී සිටියෙමි. අද මා මේ දිළිසෙන ස්වරූපයෙන් සිට යමකින් මෙසේ සැපයක් විඳින්නේ නම් එය මගේ අප පුණ්‍ය කර්මයේ විපාකයයි.
“අද්දසං විරජං භික්ඛුං, විප්පසන්නමනාවිලං; තස්ස අදාසහං පීඨං, පසන්නා සෙහි පාණිභි.
6. ඉතා ප්‍රසන්න වූ වීතරාගි භික්ෂූන් වහන්සේ නමක් දුටුවෙමි. උන්වහන්සේ කෙරෙහි පැහැදී මගේ අතින් උන්වහන්සේට ආසනයක් පිදුවෙමි.
“තෙන මෙතාදිසො වණ්ණො, තෙන මෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.
7. ඒ කුසලකර්මය නිසා මෙබඳු වූ වර්ණයක් ද මෙබඳු වූ සම්පත් ද ලදිමි. ප්‍රිය වන්නා වූ සම්පත් මම ලදිමි.
“අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව, මනුස්සභූතා යමකාසි පුඤ්ඤං; තෙනම්හි එවං ජලිතානුභාවා, වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති.
8. ඒ මහානුභාව වූ භික්ෂූන් වහන්සේට අසුනක් පුද දී මිනිස් දුවක වූ මා යම්කිසි පින්කමක් කළාද ඒ පින්කමේ විපාක වශයෙන් සියළු දිසාවන් එළිය කරන්නා වූ මේ දිළිසෙන ස්වභාවය ද, වර්ණය ද මා ලද බව ප්‍රකාශ කරමි.
එත්ථාපි හි නීලවත්ථෙන අත්ථරිත්වා පීඨස්ස දින්නත්තා ඉමිස්සාපි විමානං වෙළුරියමයං නිබ්බත්තං. තෙනෙවෙත්ථ “පීඨං තෙ වෙළුරියමය”න්ති ආදිතො ආගතං. සෙසං තතියසදිසමෙවාති තත්ථ වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො.
මෙහි ද මෙසේ නිල්පැහැ ඇතිරිල්ලක් අතුරා ආසනයක් පිදූ බැවින් මේ නිල්මැණික් මුවා විමානය පහළ විය. එසේ හෙයින් ‘පීඨන්තො වෙළුරියමයං’ ආදි වශයෙන් ආයේය. ඉතිරි කොටස තුන්වැනි විමාන වත්ථු කථාව හා සමානයි. එහි කී අයුරින්ම අරුත් දතයුතුයි.
චතුත්ථපීඨවිමානවණ්ණනා නිට්ඨිතා.
සිව්වෙනි පීඨ විමාන වර්ණනාව නිමියේය.