යෙදුමෙන් කියවන්න

දුතියපීඨවිමානං

1. 2.

1. 2.

8. පීඨං තෙ වෙළුරියමයං උළාරං මනොජවං ගච‍්ඡති යෙන කාමං, අලඞ‍්කතෙ මාල්‍යධරෙ සුවත්‍ථෙ ඔභාසසි විජ‍්ජුරිවබ‍්භකූටං.

8. යහපත් දිවසළු හැඳගත් දිවමලින් බර වූ සැරැසුණු සිරුරු ඇති (එම්බා) දෙව්දුව, තීගේ වෙරළුමිණිමය වූ මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසිසේ යයි. තෝ විදුලිය වැළඳගත් සැඳෑ වලාකුළක් මෙන් බබළව.

9. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.

9. කවර හේතුයෙකින් තිට මෙබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් නම් ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?

10. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

10. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බැබළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වු ද?

11. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

11. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි විචාරන ලද්දී (මෙසේ) පැවසූ ය.

12. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා අබ‍්භාගතානාසනකං අදාසිං, අභිවාදයිං අඤ‍්ජලිකං අකාසිං යථානුභාවඤ‍්ච අදාසි දානං.

12. වහන්ස, මම පෙරැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා එක් ආගන්තුක මහණක්හට ආසනයක් දුනිමි, වැන්දෙමි, ඇඳිලි කෙළෙමි, ශක්ති පරිදි දන් ද දුනිමි.

13. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

13. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

14. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමකාසිපුඤ‍්ඤං, තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.

14. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම් යම් පිනක් කෙළෙමි ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.

දුතියපීඨවිමානං.

ද්විතීය පීඨවිමාන යි.