5. කුඤ්ජරවිමානවණ්ණනා අට්ඨකථා
5. කුඤ්ජරවිමානවණ්ණනා
5. කුඤ්ජරවිමාන වර්ණනා
කුඤ්ජරො තෙ වරාරොහොති කුඤ්ජරවිමානං. තස්ස කා උප්පත්ති? භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථෙකදිවසං රාජගහනගරෙ නක්ඛත්තං ඝොසිතං. නාගරා වීථියො සොධෙත්වා වාලුකං ඔකිරිත්වා ලාජපඤ්චමකානි පුප්ඵානි විප්පකිරිංසු, ගෙහද්වාරෙ ගෙහද්වාරෙ කදලියො ච පුණ්ණඝටෙ ච ඨපෙසුං, යථාවිභවං නානාවිරාගවණ්ණවිචිත්තා ධජපටාකාදයො උස්සාපෙසුං, සබ්බො ජනො අත්තනො අත්තනො විභවානුරූපං සුමණ්ඩිතපසාධිතො නක්ඛත්තකීළං කීළි, සකලනගරං දෙවනගරං විය අලඞ්කතපටියත්තං අහොසි. අථ බිම්බිසාරමහාරාජා පුබ්බචාරිත්තවසෙන මහාජනස්ස චිත්තානුරක්ඛණත්ථඤ්ච අත්තනො රාජභවනතො නික්ඛමිත්වා මහන්තෙන පරිවාරෙන මහතා රාජානුභාවෙන උළාරෙන සිරිසොභග්ගෙන නගරං පදක්ඛිණං කරොති.
කුඤ්ජරො තෙ වරාරොහො යනුවෙන් කුඤ්ජවිමාන වර්ණනාව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත් - භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ලෙහෙණ අභය භූමියෙහි පිහිටි වෙළුවනයෙහි වාසය කරන සේක. ඉක්බිති එක් දිනයෙක රජගහනුවර නැකැත් කෙළිය සඳහා දැනුම්දීමක් කරන ලදී. නුවරවැසියෝ වීථි සෝදා වැලි අතුරා (ඊතණ, සමන් කැකුළු, සුන්සහල්, අබ, විලඳ යන) ලද පස්මල් විසිරවූහ. ගෙදොරක් පාසා කෙසෙල් ගස් ද පුන් කලස් ද තැබූහ. හැකි පමණින් විවිධ වර්ණයන්ගෙන් විසිතුරු වූ ධජ පතාක ආදිය එසවූවා. සකල ජනතාවම තම තමාගේ හැකියාවනට අනුව අබරණින් සැරසී නැකැත් කෙළියෙහි යෙදෙති. මුලු නුවරම දෙව් පුරයක් මෙන් අලංකාරවත්ව සැරසුණේ විය. ඉක්බිති බිම්බිසාර මහරජතුමා පෙර සිරිත් වශයෙන් මහජනතාවගේ සිතැඟි රැකීම සඳහා තමාගේ රජමැදුරෙන් නික්ම මහ පිරිවර සමගින්, මහත් රාජානුභාවයෙන්, උදාර වූ ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්තව නගරය ප්රදක්ෂිණා කරන්නේය.
තෙන ච සමයෙන රාජගහවාසිනී එකා කුලධීතා රඤ්ඤො තං විභවසම්පත්තිං සිරිසොභග්ගං රාජානුභාවඤ්ච පස්සිත්වා අච්ඡරියබ්භුතචිත්තජාතා “අයං දෙවිද්ධිසදිසා විභවසම්පත්ති කීදිසෙන නු ඛො කම්මුනා ලබ්භතී”ති පණ්ඩිතසම්මතෙ පුච්ඡි. තෙ තස්සා කථෙසුං “භද්දෙ, පුඤ්ඤකම්මං නාම චින්තාමණිසදිසං කප්පරුක්ඛසදිසං, ඛෙත්තසම්පත්තියා චිත්තසම්පත්තියා ච සති යං යං පත්ථෙත්වා කරොති, තං තං නිප්ඵාදෙතියෙව. අපිච ආසනදානෙන උච්චාකුලීනතා හොති, අන්නදානෙන බලසම්පත්තිපටිලාභො, වත්ථදානෙන වණ්ණසම්පත්තිපටිලාභො, යානදානෙන සුඛවිසෙසපටිලාභො, දීපදානෙන චක්ඛුසම්පත්තිපටිලාභො, ආවාසදානෙන සබ්බසම්පත්තිපටිලාභො හොතී”ති. සා තං සුත්වා “දෙවසම්පත්ති ඉතො උළාරා හොති මඤ්ඤෙ”ති තත්ථ චිත්තං ඨපෙත්වා පුඤ්ඤකිරියාය අතිවිය උස්සාහජාතා අහොසි.
එසමයෙහි රජතුමාගේ එම වස්තු සම්පත්තිය ද ශ්‍රී සෞභාග්‍යය ද රාජානුභාවය ද දැක ආශ්චර්යද්භූත සිතුවිලි උපදවා ගත් රජගහනුවර වැසි එක්තරා කුලදුවක් දිව්‍ය සම්පත්තියක් වැනි මෙ වස්තු සම්පත්තිය කෙබඳුනම් කර්මයකින් ලැබේදැයි පඬිවරුන් යයි සම්මත වූ පුද්ගලයන්ගෙන් විචාළාය. ඔව්හු ‘පින්වතිය, පින්කම් වනාහී චින්තා මාණික්‍යයක් හා සමානය. කල්ප වෘක්ෂයක් හා සමානය. ක්ෂේත්‍ර සම්පත්තිය (=ධන සම්පත්තිය) ද, චිත්ත සම්පත්තියද (=ශ්‍රද්ධාව ද) ඇති කල්හි යමක් ප්‍රාර්ථනා කොට යමක් කරත් ද, ඒ ඒ දෙය ඉටුවන්නේමය. තවද ආසන පූජාවෙන් උසස් කුලවත් බව ද, ආහාර දානයෙන් ශක්ති සම්පන්න බව ද, වස්ත්‍ර දානයෙන් වර්ණ සම්පත්තිය ද, වාහන දානයෙන් සුවපහසුකම් ද, පහන් දීමෙන් ඇස් පෙනීමේ ශක්තිය ද ආවාස දානයෙන් සියලුම සම්පත්තීන් ද ලැබේ යයි කීහ. ඕ තොමෝ එය අසා දිව්‍ය සම්පත්තිය මෙයට වඩා ශ්‍රේෂ්ඨ යයි සිතන්නී එහි සිත පිහිටුවා පින් කිරීමෙහි අතිශයින් උත්සාහවත් වූවාය.
මාතාපිතරො චස්සා අහතං වත්ථයුගං නවපීඨං එකං පදුමකලාපං සප්පිමධුසක්ඛරා තණ්ඩුලඛීරානි ච පරිභොගත්ථාය පෙසෙසුං. සා තානි දිස්වා “අහඤ්ච දානං දාතුකාමා, අයඤ්ච මෙ දෙය්යධම්මො ලද්ධො”ති තුට්ඨමානසා දුතියදිවසෙ දානං සජ්ජෙන්තී අප්පොදකමධුපායාසං සම්පාදෙත්වා, තස්ස පරිවාරභාවෙන අඤ්ඤම්පි බහුං ඛාදනීයභොජනීයං පටියාදෙත්වා දානග්ගෙ ගන්ධපරිභණ්ඩං කත්වා විකසිතපදුමපත්තකිඤ්ජක්ඛකෙසරොපසොභිතෙසු පදුමෙසු ආසනං පඤ්ඤාපෙත්වා, අහතෙන සෙතවත්ථෙන අත්ථරිත්වා ආසනස්ස චතුන්නං පාදානං උපරි චත්තාරි පදුමානි මාලාගුළඤ්ච ඨපෙත්වා, ආසනස්ස උපරි විතානං බන්ධිත්වා මාලාදාමඔලම්බකදාමානි ඔලම්බිත්වා, ආසනස්ස සමන්තතො භූමිං සකෙසරෙහි පදුමපත්තෙහි සබ්බසන්ථරං සන්ථරිත්වා “දක්ඛිණෙය්යෙ ආගතෙ පූජෙස්සාමී”ති පුප්ඵපූරිතං චඞ්කොටකං එකමන්තෙ ඨපෙසි.
ඇගේ මවුපියෝ ද ඇගේ ප්‍රයෝජනය පිණිස නව වස්ත්‍ර යුගලයක්, අලුත් ආසනයක් හා නෙළුම් මල් මිටියක් සහිතව ගිතෙල්, මී, උක්සකුරු, සහල්, කිරි ආදියද යැවූහ. ඕ තොමෝ ඒවා දැක ‘මම දානයක් දෙනු කැමැත්තේ ද වෙමි. දිය යුතු දේවල් මට ලැබුණේ ද වෙයි’ යනුවෙන් සතුටු වී දෙවන දිනයෙහි දානයක් සකස් කරන්නේ ජලය අඩුවෙන් යෙදූ මීපැණි සහිත කිරිබතක් පිළියෙළ කොට එයට පිරිවර වශයෙන් අන්‍ය වූ ද බොහෝ වූ කෑ යුතු හා බිව යුතු දේ සපයාගෙන දානය අවසානයෙහි සුවඳ ගල්වා පිපුණ පියුම්වලින් යුත් අසුනක් පනවා එය අලුත් සුදුවතින් අතුරා ආසනයේ පාද සතර මතුයෙහි පියුම් පොකුරු සතරක් තබා ආසනය මතුයෙහි වියනක් බැඳ මල්දම් එවා අසුන අවට බිම සියලු තැන රේණු සහිත පියුම් අතුරා දක්ඛිණෙය්යයන් වහන්සේ (=තෙරුන් වහන්සේ) පැමිණි කල්හි පූජා කරන්නෙමියි මලින් පිරුණු පැස එකත්පසෙක තැබුවාය.
අථෙවං කතදානූපකරණසංවිධානා සීසංන්හාතා සුද්ධවත්ථනිවත්ථා සුද්ධුත්තරාසඞ්ගා වෙලං සල්ලක්ඛෙත්වා එකං දාසිං ආණාපෙසි “ගච්ඡ ජෙ, අම්හාකං තාදිසං දක්ඛිණෙය්යං පරියෙසාහී”ති. තෙන ච සමයෙන ආයස්මා සාරිපුත්තො සහස්සථවිකං නික්ඛිපන්තො විය රාජගහෙ පිණ්ඩාය චරන්තො අන්තරවීථිං පටිපන්නො හොති. අථ සා දාසී ථෙරං වන්දිත්වා ආහ “භන්තෙ, තුම්හාකං පත්තං මෙ දෙථා”ති. “එකිස්සා උපාසිකාය අනුග්ගහත්ථං ඉතො එථා”ති ච ආහ. ථෙරො තස්සා පත්තං අදාසි. සා ථෙරං ගෙහං පවෙසෙසි. අථ සා ඉත්ථී ථෙරස්ස පච්චුග්ගමනං කත්වා ආසනං දස්සෙත්වා “නිසීදථ, භන්තෙ, ඉදමාසනං පඤ්ඤත්ත”න්ති වත්වා ථෙරෙ තත්ථ නිසින්නෙ සකෙසරෙහි පදුමපත්තෙහි ථෙරං පූජයමානා ආසනස්ස සමන්තතො ඔකිරිත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා සප්පිමධුසක්ඛරාසම්මිස්සෙන අප්පොදකමධුපායාසෙන පරිවිසි. පරිවිසන්තී ච “ඉමස්ස මෙ පුඤ්ඤස්සානුභාවෙන දිබ්බගජකූටාගාරපල්ලඞ්කසොභිතා දිබ්බසම්පත්තියො හොන්තු, සබ්බාසු පවත්තීසු පදුමා නාම මා විගතා හොන්තූ”ති පත්ථනං අකාසි. පුන ථෙරෙ කතභත්තකිච්චෙ පත්තං ධොවිත්වා සප්පිමධුසක්ඛරාහි පූරෙත්වා පල්ලඞ්කෙ අත්ථතං සාටකං චුම්බටකං කත්වා ථෙරස්ස හත්ථෙ ඨපෙත්වා ථෙරෙ ච අනුමොදනං කත්වා පක්කමන්තෙ ද්වෙ පුරිසෙ ආණාපෙසි “ථෙරස්ස හත්ථෙ පත්තං ඉමඤ්ච පල්ලඞ්කං විහාරං නෙත්වා ථෙරස්ස නිය්යාතෙත්වා ආගච්ඡථා”ති. තෙ තථා අකංසු.
ඉක්බිති මෙසේ දානෝපකරණ සංවිධානය කරගත්, හිස් සෝදා ගත්, සුදුවත් හැඳගත්, සුදු උතුරුසලුවක් හැඳි ඒ උපාසිකා ස්ත්‍රී තොමෝ වේලාව සලකා බලා ‘දාසියනි, යව අපගේ අර වැනි පූජා ද්‍රව්‍යයන් රැස්කර ගනුවයි එක් දාසියකට අණ කළාය. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ දහසින් බැඳි රන්පියල්ලක් බහා තබන්නාක් මෙන් රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නාහු ඇතුළත වීථියකට ප්‍රවිෂ්ට වූහ. ඉක්බිති එම දාසිය ගොස් තෙරුන් වහන්සේට වැඳ ‘ස්වාමීනි, ඔබවහන්සේගේ පාත්‍රය මට දෙනු මැනව’යි කීවාය. එක්තරා උපාසිකාවකට අනුග්‍රහ පිණිස මේ දෙසට වඩිනු මැනව’යි ද කීවාය. තෙරණුවෝ ඇයට පාත්‍රය දුන්හ. ඕ තොමෝ තෙරණුවන් ගෙට වැඩමවූවාය. ඉක්බිති එහි උපාසිකා ස්ත්‍රී තොමෝ ගෙට වැඩම වූවාය. ඉක්බිති එහි උපාසිකා ස්ත්‍රී තොමෝ තෙරණුවන් හට පසු ගමන්කොට අසුන පෙන්වා ස්වාමීනි, හිඳගනු මැනව, මේ ආසනය පනවා ඇතැයි කියා තෙරණුවන් එහි හිඳගත් කල්හි රේණු සහිත පියුම්පත්වලින් තෙරුන් පුදමින් ආසනය හාත්පස මල් විසුරුවා පසඟ පිහිටුවීමෙන් වැඳ ගිතෙල් මීපැණි උක්සකුරු මිශ්‍ර වූ, ජලය අඩු, මීපැණි මිශ්‍ර කිරිබතින් පැවරුවාය. පවරන්නීද ‘මාගේ මේ පින් බලයෙන් දිව්‍යමය හස්තීන් විසින් උසුලනු ලබන කුටාගාර සහිත පර්යංකයකින් ශෝභමාන බවට පත්වන දිවසැපත් ලැබේවා, සියලු ඉරියවුවලදීම නෙළුම් මල් (මගෙන්) ඉවත් නොවේවායි ද ප්‍රාර්ථනා කළාය. නැවත තෙරුන් අහර කිස නිමවූ කල්හි පාත්‍රය සෝදා ගිතෙල් මීපැණි උක්සකුරු ආදියෙන් පුරවා අසුනෙහි අතුරා තැබූ සළුව දරණුවක් කොට තෙරුන්ගේ අතෙහි තබා, තෙරණුවන් අනුමෝදනා කොට වඩින කල්හි ‘තෙරුන්ගේ අතෙහි වූ පාත්‍රයත්, මේ ආසනයත් විහාරයට ගෙන ගොස් තෙරණුවන් හට භාරදී පැමිණෙනු’ යයි මිනිසුන් දෙදෙනකු හට අණ කළාය. ඔව්හු එසේ කළහ.
සා අපරභාගෙ කාලං කත්වා තාවතිංසභවනෙ යොජනසතුබ්බෙධෙ කනකවිමානෙ නිබ්බත්ති අච්ඡරාසහස්සපරිවාරා. පත්ථනාවසෙන චස්සා පඤ්චයොජනුබ්බෙධො පදුමමාලාලඞ්කතො සමන්තතො පදුමපත්තකිඤ්ජක්ඛකෙසරොපසොභිතො මනුඤ්ඤදස්සනො සුඛසම්ඵස්සො විවිධරතනරංසිජාලසමුජ්ජලහෙමාභරණවිභූසිතො ගජවරො නිබ්බත්ති. තස්සූපරි යථාවුත්තසොභාතිසයයුත්තො යොජනිකො කනකපල්ලඞ්කො නිබ්බත්ති. සා දිබ්බසම්පත්තිං අනුභවන්තී අන්තරන්තරා තං කුඤ්ජරවිමානස්ස උපරි රතනවිචිත්තං පල්ලඞ්කං අභිරුය්හ මහතා දෙවතානුභාවෙන නන්දනවනං ගච්ඡති. අථෙකස්මිං උස්සවදිවසෙ දෙවතාසු යථාසකං දිබ්බානුභාවෙන උය්යානකීළනත්ථං නන්දනවනං ගච්ඡන්තීසූතිආදිනා සබ්බං පඨමපීඨවිමානවණ්ණනායං ආගතසදිසං, තස්මා තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බං. ඉධ පන ථෙරො –
ඕ තොමෝ පසුකලක කලුරියකොට තව්තිසාවෙහි සියක් යොදුන් උසැති රන් විමනෙක්හි උපන්නාය. අප්සරාවෝ දහසක් පිරිවර වූහ. ඇයගේ ප්‍රාර්ථනා වශයෙන්ම පසුයොදුන් උසැති නෙළුම් මල්දමින් සැරසූ, හාත්පසින් නෙළුම්පත් කෙසරු රොන් ආදියෙන් හොබනා වූ, මන බඳින දැකුම් සහිත සුවපහස් සහිත විවිධ වූ රත්නයන්ගේ ආලෝක දහරාවලින් බබලන රන් අබරණින් සැරසුණ උතුම් හස්තියෙක් උපන්නේය. ඔහුගේ මතුයෙහි පෙර කියූ අධික ශෝභාවන්ගෙන් යුක්ත වූ යොදුනක් වූ රුවන් පලක් ද පහළ විය. ඕ තොමෝ දිවසැපත් විඳිමින් අතරතුර ඇත්විමන මතුයෙහි රුවනින් විසිතුරු වූ එම පලඟට නැගී මහත් වූ දේවතානුභාවයෙන් යුතුව නන්දන වනයට යන්නීය. ඉක්බිති එක්තරා උත්සව දිනයෙක්හි දේවතාවන් තමන්ගේ දිව්‍යානුභාවයෙන් යුතුව උයන්කෙළිය පිණිස නන්දන වනයට යනකල්හි ඒ දේවතා තොමෝ දිව්‍යාභරණයෙන් සැරසී දහසක් අප්සරාවන් පිරිවරා ස්වකීය විමානයෙන් නික්ම එම කුංජර විමානයට නැගී මහත් වූ දිව්‍යමය ඍද්ධියෙන් ද මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් ද යුතුව මුලුමනින්ම හිරු සඳු මෙන් බබලමින් උයනට යන්නීය. එසමයෙහි ද ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන තෙරණුවෝ යට කියන ලද පරිද්දෙන්ම දිව්‍යලෝක චාරිකාවෙහි යෙදෙන සේක් තව්තිසාවට පැමිණියාහු ඒ දෙවඟනට නුදුරෙහි තමා දැක්වීමට සැලැස්වූහ. එවිට ඒ දේවතා තොමෝ උන්වහන්සේ දැක උපන්නා වූ බලවත් ප්‍රසාද ගෞරව ඇත්තී වහාම පලඟින් බැස තෙරුන් වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ බබලන දසැඟිලි තුඩු එකතුකොට ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියාය. ඉක්බිති තෙරුන් වහන්සේ ඒ දෙවඟන ලවා ඇය විසින් කරන ලද කර්මය කියවා දෙවියන් සහිත ලෝකවාසීන් හට කර්මඵල ප්රත්යක්ෂ කරවනු කැමති වන්නාහු මේ ගාථාවන් කීහ.
“කුඤ්ජරො තෙ වරාරොහො, නානාරතනකප්පනො; රුචිරො ථාමවා ජවසම්පන්නො, ආකාසම්හි සමීහති.
කුඤ්ජරො තෙවරාරොහො නා නා රතන කප්පනො රුචිරො ථාමවා ජව සම්පන්නො ආකාසම්හි සමීහති
“පදුමි පද්මපත්තක්ඛි, පද්මුප්පලජුතින්ධරො; පද්මචුණ්ණාභිකිණ්ණඞ්ගො, සොණ්ණපොක්ඛරමාලධා.
පදුමී පදුම පත්තක්ඛී පදුමුප්පල ජුතින්ධරො පදුම චුණ්ණාභි කිණ්ණංගො සොණ්ණ පොක්ඛර මාලවා
නෙළුම් මල්හි පෙති වැනි නෙත් ඇති තැනැත්තිය, ඔබගේ මේ හස්තියා උතුම් වාහනයකි. විවිධ රත්නයන්ගෙන් සැරසී සිටියි. පියකරුය. සිත්ගනියි. ශක්තිමත්ය. අහසෙහි ගමන් කරයි. පියුම්මල් පැහැය ඇති, පියුම් පෙති වැනි ඇස් ඇති, පියුම් මත උපුල් මෙන් බැබලීමක් ඇති නෙලුම් රේණුවලින් ගැවසුණු සිරුර ඇතිව රනින් කළ නෙළුම් මල් මාල දරාගෙන සිටියි.
“පදුමානුසටං මග්ගං, පද්මපත්තවිභූසිතං; ඨිතං වග්ගු මනුග්ඝාතී, මිතං ගච්ඡති වාරණො.
පදුමානු සටං මග්ගං පදුම පත්ත විභූසිතං ඨිතං වග්ගු මනුග්ඝාති මිතං ගච්ඡති වාරණො
පියුම් විසුරුවා ඇති, නෙළුම් පතින් සරසන ලද අලංකාරවත්ව පැවති මාර්ගයෙහි මේ හස්තියා කැළඹීමකින් තොරව සුදුසු වේගයෙන් යයි.
“තස්ස පක්කමමානස්ස, සොණ්ණකංසා රතිස්සරා; තෙසං සුය්යති නිග්ඝොසො, තූරියෙ පඤ්චඞ්ගිකෙ යථා.
තස්ස පක්කම මානස්ස සොණ්ණ කංසා රතිස්සරො තෙසං සුය්යති නිග්ඝොසො තුරියෙ පඤ්චංගිකෙ යථා
ගමන් කරන්නා වූ ඒ හස්තියාගේ රන් මුවා සැරසිලි චලනය වේ. එහි හඬ පඤ්චාංගික තූර්ය නාදය මෙන් ඇසේ.
“තස්ස නාගස්ස ඛන්ධම්හි, සුචිවත්ථා අලඞ්කතා; මහන්තං අච්ඡරාසඞ්ඝං, වණ්ණෙන අතිරොචසි.
තස්ස නාගස්ස ඛන්ධස්මිං සුචිවත්ථා අලංකතා මහන්තං අච්ඡාරා සංඝං වණ්ණෙන අතිරොචසි
එම හස්තියාගේ ශරීරය ආවරණය කොට ඇති පිරිසිදු වූ, අලංකාරවත් වූ, විශාල වූ දිව්‍යමය සාටකය වර්ණයෙන් අතිශයින් රුචි උපදවන්නේය.
“දානස්ස තෙ ඉදං ඵලං, අථො සීලස්ස වා පන; අථො අඤ්ජලිකම්මස්ස, තං මෙ අක්ඛාහි පුච්ඡිතා”ති. – ආහ;
දානස්ස තෙ ඉදං ඵලං අථො සීලස්ස වා පන අථො අඤ්ජලි කම්මස්ස තං මෙ අක්ඛාහි පුච්ජිතො’ති
ඔබේ මේ පුණ්‍යඵලය දන්දීමක ඵලයක්ද? නැතහොත් සිල් රැකීමක ඵලයක්ද? එසේත් නැතහොත් අඤ්ජලි කර්මයක (=දොහොත් නගා වැඳීමක) ඵලයක්ද? යන කරුණ (මා විසින්) ප්‍රශ්න කරනු ලැබූ ඔබ මා හට කියන්න’, යයි කීය.
තත්ථ කුඤ්ජරො තෙ වරාරොහොති කුඤ්ජෙ ගිරිතටෙ රමති අභිරමති, තත්ථ වා රවති කොඤ්චනාදං නදන්තො විචරති. කුං වා පථවිං තදභිඝාතෙන ජරයතීති කුඤ්ජරො, ගිරිචරාදිභෙදො මනුස්සලොකෙ හත්ථී, අයං පන කීළනකාලෙ කුඤ්ජරසදිසතාය එවං වුත්තො. ආරුය්හතීති ආරොහො, ආරොහනීයොති අත්ථො. වරො අග්ගො සෙට්ඨො ආරොහොති වරාරොහො, උත්තමයානන්ති වුත්තං හොති. නානාරතනකප්පනොති නානාවිධානි රතනානි එතෙසන්ති නානාරතනා, කුම්භාලඞ්කාරාදිහත්ථාලඞ්කාරා. තෙහි විහිතො කප්පන්නො සන්නාහො යස්ස සො නානාරතනකප්පනො. රුචිං අභිරතිං දෙතීති රුචිරො, මනුඤ්ඤොති අත්ථො. ථාමවාති ථිරො, බලවාති අත්ථො. ජවසම්පන්නොති සම්පන්නජවො, සීඝජවොති වුත්තං හොති. ආකාසම්හි සමීහතීති ආකාසෙ අන්තලික්ඛෙ සම්මා ඊහති, ආරුළ්හානං ඛොභං අකරොන්තො චරති ගච්ඡතීති අත්ථො.
කුඤ්ජරො වනයෙහි, පර්වතයෙහි ප්‍රීති වෙයි. සතුටින් වෙසෙයි. ක්‍රියාශීලී වෙයි. කුංචනාද කරමින් හැසිරෙයි. (කුංවා පඨවිං=) ශාක හෝ පොළව මොහුගේ පහරදීම්වලින් (ජරයති=) දැදුරු වේ. (කුං ජර) යන අදහසින් ‘කුඤ්ජර’යී නම් වේ. ‘ගිරිවර’ ආදී භේද ඇති ඇත්තු මිනිස් ලොව වෙසෙති. මේ සත්ත්වයා ක්‍රීඩා කරන කාලයෙහි පර්වතයක ක්‍රීඩා කරන්නකුට සමාන බැවින් මෙසේ කියන ලදී. උඩට නගියි යන අරුතින් ‘ආරොහ’ නම් වේ. (පිට මතට) නැගිය හැකිය යන අර්ථයයි. උතුම් වූ, අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ නැගීමක්ය යනුවෙන් වරාරොහ නම් වේ. උතුම් යානයක් යයි කියන ලද්දේ වෙයි. නා නා රත්න කප්පකො අනේකවිධ රත්නයන් මොවුනට ඇත යන අරුතින් ‘නානාරතන’ යන පදය සෑදේ. (එම නා නා රතනවලින්) ඇතාගේ කුම්භය සරසන්නාක් මෙන් මුළු ඇතාම අලංකාර කෙරේ. ඒ අලංකාරයන්ගෙන් කරන ලද ඇඳුමක් සන්නාහයක් යමකුට ඇත්තේ ද හේ ‘නානාරතන කප්පනො’ නම් වේ. රුචිය අභිරුචිය ගෙන දෙයි යනුවෙන් රුචිර යි යෙදේ. මනොඥය (=මන වඩයි) යන අර්ථයයි. ථාමවා = ස්ථිර, බලවත් යන අර්ථයයි. ජව සම්පන්නො සම්පූර්ණ වූ ශක්තිය ඇත්තේ, ශීඝ්‍රගාමී ශක්තිය ඇත්තේ යයි කියන ලදී. ආකාසම්හි සමීහති අහසෙහි, අන්තරීක්ෂයෙහි මනාව නැග ගෙන යයි. නැග ගැනීමක් නැත්තේ වුවද හැසිරෙයි යයි යන අර්ථය වේ.
පදුමීති පදුමසමානවණ්ණතාය “පදුම”න්ති ලද්ධනාමෙන කුම්භවණ්ණෙන සමන්නාගතත්තා පදුමී. පද්මපත්තක්ඛීති කමලදලසදිසනයනෙ, ආලපනමෙතං තස්සා දෙවතාය. පද්මුප්පලජුතින්ධරොති දිබ්බපදුමුප්පලමාලාලඞ්කතසරීරතාය තහං තහං විප්ඵුරන්තං විජ්ජොතමානං පදුමුප්පලජුතිං ධාරෙතීති පදුමුප්පලජුතින්ධරො. පද්මචුණ්ණාභිකිණ්ණඞ්ගොති පදුමපත්තකිඤ්ජක්ඛකෙසරෙහි සමන්තතො ඔකිණ්ණගත්තො. සොණ්ණපොක්ඛරමාලධාති හෙමමයකමලමාලාභාරී.
පදුමී පියුමකට සමාන වර්ණයක් ඇති බැවින් පදුම යයි නම ලැබී ඇති බැවින් ද, කුම්භ වර්ණයෙන් යුක්ත බැවින් ද ‘පදුමී’ යයි යෙදේ. පදුම පත්තක්ඛී = නෙළුම් මල් පෙත්තකට සමාන ඇස් ඇති දේවතාවියනි, ඒ දේවතාවිය සඳහා මේ වචනය ආලපන විභක්තියෙන් යෙදිණ. පදුමුප්පල ජුතින්ධරො දිව්‍යමය වූ පියුම් සහ උපුල් යන මල් මාලාවලින් සැරසූ සිරුර ඇති බැවින් ද, ඒ ඒ තැන්හි විසිරී බබලන පියුම්වල හා උපුල්විල ජෝතිය හෙවත් බැබලීම දරා සිටින්නේය යනුවෙන් ද ‘පදුමුප්පල ජුතින්ධර’ නම් වේ. පදුම චුණ්ණාභි කිණ්ණාංගො නෙළුම් පෙති, රොන් කේසර යන මේවායින් හාත්පසින් ගැවසීගත් ශරීර ඇති. සොණ්ණ පොක්ඛර මාලවා රනින් කළ නෙළුම් මල් දරන්නා වූ.
පදුමානුසටං මග්ගං පද්මපත්තවිභූසිතන්ති හත්ථිනො පදනික්ඛෙපෙ පදනික්ඛෙපෙ තස්ස පාදං සන්ධාරෙන්තෙහි මහන්තෙහි පදුමෙහි අනුසටං විප්පකිණ්ණං, නානාවිරාගවණ්ණෙහි තෙසංයෙව ච පත්තෙහි ඉතො චිතො ච පරිබ්භමන්තෙහි විසෙසතො මණ්ඩිතතාය විභූසිතං මග්ගං ගච්ඡතීති යොජනා. ඨිතන්ති ඉදං මග්ගවිසෙසනං, පදුමපත්තවිභූසිතං හුත්වා ඨිතං මග්ගන්ති අත්ථො. වග්ගූති චාරු, කිරියාවිසෙසනඤ්චෙතං, ම-කාරො පදසන්ධිකරො. අනුග්ඝාතීති න උග්ඝාති, අත්තනො උපරි නිසින්නානං ඊසකම්පි ඛොභං අකරොන්තොති අත්ථො. මිතන්ති නිම්මිතං, නික්ඛෙපපදං වීතික්කමන්ති අත්ථො. අයඤ්හෙත්ථ අත්ථො “වග්ගු චාරු පදනික්ඛෙපං කත්වා ගච්ඡතී”ති. මිතන්ති වා පරිමිතං පමාණයුත්තං, නාතිසීඝං, නාතිසණිකන්ති වුත්තං හොති. වාරණොති හත්ථී. සො හි පච්චත්ථිකවාරණතො ගමනපරික්කිලෙසවාරණතො ච “වාරණො”ති වුච්චති.
පදුමානු සටං මග්ගං පදුම පත්ත විභූසිතං ඇතාගේ පාද තබන තබන තැන්හිදී ඔහුගේ පාදයට යට වන මහත් වූ නෙළුම් මල්වලින් විසුරුණු පැතිරුණ විවිධ වර්ණයන්ගෙන් යුතුව ඒ ඒ තැන්හි මල් පියලි කැරකෙන්නේ යයිද, ඒවායින් විශේෂයෙන් අලංකාරවත් වූ මාර්ගයෙහි ගමන් කරන්නේ යයි ද යන අදහස යෙදිය යුතු වේ. ඨිතං මෙම මාර්ග විශේෂත්වයයි. පියුම්පතින් අලංකාරවත්ව පැවතෙන මාර්ගයය යන අර්ථයයි. වග්ගු මනහර වූ. මෙය ක්‍රියා විශේෂණ පදයක් ද වේ. ‘ම’ යන්න (වග්ගු+අනුග්ඝාති යන) පද සන්ධි කිරීමට යෙදේ. අනුග්ඝාති ගැටීමක් නොකරයි. තමාගේ (පිට) මතුයෙහි හිඳිනවුන් හට සුළු වූ හෝ කැළඹීමක් නොකරන යන අර්ථයයි. මිතං ප්‍රමාණයකට අනුව පාදය තබයි. පාදය පෙරට ගනියි යන අදහසයි. මෙහි අර්ථය මෙසේ වේ. සොඳුරු ලෙස, මනා ලෙස, පියවර තබා ගමන් කරයි. ‘මිතං’ යනුවෙන් ප්‍රමාණ කළ, ප්‍රමාණයකට යෙදුණ, ඉතා ඉක්මන් නොවූ ඉතා සෙමින් ද නොවූ යන අදහස් කියන ලද්දේ වෙයි. වාරණෙ ඇතා. ඔහු වනාහී සතුරන් වළක්වන හෙයින් ද, ගමන් අපහසුතාවයන් වළක්වන (වාරණය කරන) හෙයින් ද ‘වාරණ’ යයි කියනු ලැබේ.
තස්ස පක්කමමානස්ස, සොණ්ණසංකා රතිස්සරාති තස්ස යථාවුත්තස්ස කුඤ්ජරස්ස ගච්ඡන්තස්ස සොණ්ණකංසා සුවණ්ණමයා ඝණ්ටා රතිස්සරා රමණීයසද්දා මනුඤ්ඤනිග්ඝොසා ඔලම්බන්තීති අධිප්පායො. තස්ස හි කුඤ්ජරස්ස උභොසු පස්සෙසු මහාකොලම්බප්පමාණා මණිමුත්තාදිඛචිතා හෙමමයා අනෙකසතා මහන්තියො ඝණ්ටා තහං තහං ඔලම්බමානා පචලන්ති, යතො ඡෙකෙන ගන්ධබ්බකෙන පයුත්තවාදිතතො අතිවිය මනොහරසද්දො නිච්ඡරති . තෙනාහ “තෙසං සුය්යති නිග්ඝොසො, තූරියෙ පඤ්චඞ්ගිකෙ යථා”ති. තස්සත්ථො – යථා නාම ආතතං විතතං ආතතවිතතං ඝනං සුසිරන්ති එවං පඤ්චඞ්ගිකෙ තූරියෙ කුසලෙහි වාදියමානෙ ඨානුප්පත්තියා මන්දතාරවිභාගං දස්සෙන්තෙන ගායන්තෙන සමීරිතො වාදිතසරො වග්ගු රජනීයො නිග්ඝොසො සුය්යති, එවං තෙසං සොවණ්ණකංසානං තපනීයඝණ්ටානං නිග්ඝොසො සුය්යතීති.
තස්ස පක්කම මානස්ස සොණ්ණ කංසා රතිස්සරා = පෙර කියන ලද ආකාරයෙන් ගමන් කරන එම ඇතාට මනා වර්ණවත් රත්රනින් සාදන ලද, සිත් අලවන, මිහිරි හඬ ඇති, මනොඥ වූ හඬ පතුරවන ඝණ්ඨාවක් එල්වා ඇත යන අදහසයි. එම ඇතාගේ දෙපසෙහි මහ සැළිවල ප්‍රමාණයෙන් යුත්, මුතු මැණික් ආදිය එබ්බ වූ, රනින් කළ සියගණනක් වූ විශාල වූ ඝණ්ඨාවෝ ඒ ඒ තැන්හි එල්බෙමින් සෙලවෙමින් පවතිත්. දක්ෂ වූ ගාන්ධර්වයන් විසින් ක්‍රියා කරවනු ලබන වාද්‍ය භාණ්ඩයගෙන් අතිශයින් මනහර වූ ශබ්දයක් නිකුත් වේ. එහෙයින් තෙසං සුය්යති නිග්ඝොසො තුරියෙ පඤ්චංගිකෙ යථා යයි කියන ලදී. එහි අර්ථය මෙසේ වේ. යම් සේ ආතතය, විතතය, ආතත විතතය, ඝනය, සුසිරය යන පංචාංගික තුර්යයන් දක්ෂයකු විසින් වාදනය කරනු ලබන කල්හි එම ගායනයෙන් මෙහෙයවුණ, වාදනය වුණ ස්වරය සිත්කලු, ඇලීම් ඇති කරවන හඬක්ම ඇසීමට සලස්වයි. මෙසේ මනා වර්ණවත් රනින් කරන ලද ඝණ්ඨාවන්ගේ හඬම ඇසේ.
නාගස්සාති හත්ථිනාගස්ස. මහන්තන්ති සම්පත්තිමහත්තෙනාපි සඞ්ඛ්යාමහත්තෙනාපි මහන්තං. අච්ඡරාසඞ්ඝන්ති දෙවකඤ්ඤාසමූහං. වණ්ණෙනාති රූපෙන.
නාගස්ස හස්තියාගේ. මහන්තං සම්පත්තියෙහි මහත් බැවින් ද, සංඛ්‍යාවෙහි මහත් බැවින් ද ‘මහන්තං’ නම් වේ. අච්ඡරා සංඝං දේව කන්‍යාවන් සමූහය. වණ්ණෙන රූපයෙන්.
දානස්සාති දානමයපුඤ්ඤස්ස. සීලස්සාති කායිකසංවරාදිසංවරසීලස්ස. වා-සද්දො අවුත්තවිකප්පනත්ථො. තෙන අභිවාදනාදිං අවුත්තං චාරිත්තසීලං සඞ්ගණ්හාති.
දානස්ස දානමය පුණ්‍ය කර්මයාගේ. සීලස්ස කායික සංවරය ආදී සංවර සීලයාගේ ‘වා’ ශබ්දය නො කියූ දෙයක් කල්පනාවට ගැනීම සඳහා යෙදුණි. එයින් වන්දනා කිරීම් ආදී නො කියන ලද චාරිත්රමය සීලයන් ගනු ලැබේ.
එවං ථෙරෙන පුච්ඡිතා සා දෙවතා පඤ්හං විස්සජ්ජෙසි, තමත්ථං දස්සෙතුං –
මෙසේ තෙරුන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලද්දා වූ ඒ දෙව්දුව ප්රශ්නය විසඳුවාය. ඒ බව දැක්වීම පිණිස
“සා දෙවතා අත්තමනා, මොග්ගල්ලානෙන පුච්ඡිතා; පඤ්හං පුට්ඨා වියාකාසි, යස්ස කම්මස්සිදං ඵල”න්ති. –
සත දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡතා පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵල’න්ති
අයං ගාථා ධම්මසඞ්ගාහකෙහි වුත්තා, තස්සා අත්ථො හෙට්ඨා වුත්තො එව.
මේ ගාථාව ධර්ම සංගායනා කාරක තෙරවරුන් වහන්සේලා විසින් කියන ලද්දකි. එහි අර්ථය ඉහතින් කියන ලද්දේමය.
“දිස්වාන ගුණසම්පන්නං, ඣායිං ඣානරතං සතං; අදාසිං පුප්ඵාභිකිණ්ණං, ආසනං දුස්සසන්ථතං.
දිස්වාන ගුණ සම්පන්නං ඣායිං ඣාන රතං සතං අදාසිං පුප්ඵාභි කිණ්ණං ආසනං දුස්ස සත්ථකං
‘ධ්‍යානයෙහි සිත් ඇලුණා වූ, සිහිය පිහිටුවා ගත්තා වූ, ගුණ සම්පන්න වූ, ධ්‍යාන වඩන (තෙර) කෙනකුන් දැක වස්ත්‍ර ඇතිරිලි දැමූ, මලින් සැරසූ ආසනයක් දුනිමි.’
“උපඩ්ඪං පද්මමාලාහං, ආසනස්ස සමන්තතො; අබ්භොකිරිස්සං පත්තෙහි, පසන්නා සෙහි පාණිභි.
උපඩ්ඪ පදුම මාලාභං ආසනස්ස සමන්තතො අබ්හො කිරිස්සං පත්තෙහි පසන්නා සෙහි පාණිහී
පැහැදුණා වූ මම ආසනය හාත්පසින් සියතින්ම උප අඩක සියුම් මල්වැල් එල්වා පියුම් පෙතිවලින් විසිරවීමි.
“තස්ස කම්මකුසලස්ස, ඉදං මෙ ඊදිසං ඵලං; සක්කාරො ගරුකාරො ච, දෙවානං අපචිතා අහං.
තස්ස කම්මස්ස කුසලස්ස ඉදං මෙ ඊදිසං ඵලං සක්කාරො ගරුකාරො ච දෙවානං අපචිතා අහං
මාගේ මෙබඳු මේ ප්‍රතිඵලය ඒ කුශල කර්මයාගේ ඵලයයි. මම දෙවියන්ගේ සත්කාරයෙන් ගරුකිරීමෙන් ද පුදන ලද්දී වෙමි.
“යො වෙ සම්මාවිමුත්තානං, සන්තානං බ්රහ්මචාරිනං; පසන්නො ආසනං දජ්ජා, එවං නන්දෙ යථා අහං.
යෙනචෙ සම්මා විමුත්තානං සන්තානං බ්රහ්මචාරිනං පසන්නො ආසනං දජ්ජා එවං නන්දෙ යථා අහං
යමෙක් මනාව (කෙලෙසුන්ගෙන්) මිදුන, සන්සුන්, බ්රහ්මචාරීනට පහත් සිතින් ආසනයක් දෙන්නේ නම්, හේ තෙමේ මා මෙන්ම මෙසේ සතුටට පත් වන්නේය.
“තස්මා හි අත්තකාමෙන, මහත්තමභිකඞ්ඛතා; ආසනං දාතබ්බං හොති, සරීරන්තිමධාරින”න්ති. – දෙවතාය වුත්තගාථා;
තස්මාහි අත්ථකාමෙන මහත්තම්භිකංඛතා ආසනං දාතබ්බං හොති සරීරන්තිම ධාරින’න්ති
එබැවින් තම යහපත කැමති වන්නා වූ උතුම් බලාපොරොත්තු ඇත්තවුන් විසින් (අවසාන ශරීර දරා සිටින්නා වූ) රහතන් වහන්සේලාට ආසන පිදිය යුතු වේ.’ - යන මේ ගාථා දේවතාවිය විසින් කියන ලදී.
තත්ථ ගුණසම්පන්නන්ති සබ්බෙහි සාවකගුණෙහි සමන්නාගතං, තෙහි වා පරිපුණ්ණං. එතෙන සාවකපාරමිඤාණස්ස මත්ථකප්පත්තිං දස්සෙති. ඣායින්ති ආරම්මණූපනිජ්ඣානං ලක්ඛණූපනිජ්ඣානන්ති දුවිධෙනාපි ඣානෙන ඣායනසීලං, තෙන වා ඣාපෙතබ්බං සබ්බසංකිලෙසපක්ඛං ඣාපෙත්වා ඨිතං. තතො එව ඣානෙ රතන්ති ඣානරතං. සතන්ති සමානං, සන්තං වා, සප්පුරිසන්ති අත්ථො. පුප්ඵාභිකිණ්ණන්ති පුප්ඵෙහි අභිකිණ්ණං, කමලදලෙහි අභිප්පකිණ්ණන්ති අත්ථො. දුස්සසන්ථතන්ති වත්ථෙන උපරි අත්ථතං.
ගුණ සම්පන්නං සියලු ශ්‍රාවක ගුණයන්ගෙන් යුක්ත වූ, නැතහොත් ඒ ගුණයන්ගෙන් පරිපූර්ණ වූ මෙයින් ශ්‍රාවක පාරමී ඥානයාගේ මස්තකප්රාප්තිය දැවේ. ඣායිං අරමුණක් අනුව ධ්‍යාන වැඩීම හා සලකුණක් අනුව ධ්‍යාන වැඩීමය යන දෙවැදෑරුම් ධ්‍යානයෙන් කෙලෙස් තවන ස්වභාවයයි. නොහොත් එයින් (=ඒ ධ්‍යානයෙන්) කෙලෙස් තැවිය යුතුයි යන අදහසයි. එසේත් නැතහොත් සම්පූර්ණ කෙලෙස් සමූහයම දවා සිටියේ වෙයි යන අදහසයි. එයින්ම ධ්‍යානයෙහි ඇලුනේය යනුවෙන් ඣාන රතං යී යෙදේ. සතං සමාන වූ, නොහොත් ශාන්ත වූ සත්පුරුෂ යන අර්ථයයි. පුප්ඵාභි කිණ්ණං = මල්වලින් ගැවසී ගත්, නෙළුම් මල් පෙතිවලින් ගැවසී ගත් යන අර්ථයයි. දුස්ස සන්ථතං වස්ත්‍රයක් (අසුන) මතුපිට අතුරන ලද.
උපඩ්ඪං පද්මමාලාහන්ති උපඩ්ඪං පදුමපුප්ඵං අහං. ආසනස්ස සමන්තතොති ථෙරෙන නිසින්නස්ස ආසනස්ස සමන්තා භූමියං. අබ්භොකිරිස්සන්ති අභිඔකිරිං අභිප්පකිරිං. කථං? පත්තෙහීති, තස්ස උපඩ්ඪපදුමස්ස විසුං විසුං කතෙහි පත්තෙහි පුප්ඵවස්සාභිවස්සනකනියාමෙන ඔකිරින්ති අත්ථො.
උපඩ්ඪ පදුම මාලාහං උප අඩක් වූ නෙළුම් මල්, මම ආසනස්ස සමන්ත තො = තෙරුන් වහන්සේ වැඩසිටි ආසනයේ හාත්පස භූමියෙහි. අබ්භො කිරිස්සං විසුරුවා හළෙමි, විසුරවූයෙමි. කෙසේද යත්, පත්තෙහි එම උප අඩක් වූ නෙළුම් මල්හි වෙන් වෙන් කරන ලද පෙතිවලින් මල්වැසි වන ලෙසින් විසුරුවා හළෙමි යන අර්ථයයි.
ඉදං මෙ ඊදිසං ඵලන්ති ඉමිනා “කුඤ්ජරො තෙ වරාරොහො”තිආදිනා ථෙරෙන ගහිතං අග්ගහිතඤ්ච ආයුයසසුඛරූපාදිභෙදං අත්තනො දිබ්බසම්පත්තිං එකතො දස්සෙත්වා පුනපි ථෙරෙන අග්ගහිතමෙව අත්තනො ආනුභාවසම්පත්තිං දස්සෙතුං “සක්කාරො ගරුකාරො”තිආදිමාහ. තෙන “න කෙවලං භන්තෙ තුම්හෙහි යථාවුත්තමෙව ඉධ මය්හං පුඤ්ඤඵලං, අපිච ඛො ඉදං දිබ්බං ආධිපතෙය්යම්පී”ති දස්සෙති. තත්ථ සක්කාරොති ආදරකිරියා, දෙවෙහි අත්තනො සක්කාතබ්බතාති අත්ථො. තථා ගරුකාරොති ගරුකාතබ්බතා. දෙවානන්ති දෙවෙහි. අපචිතාති පූජිතා.
ඉදං මෙ ඊදිසං ඵලං යන මෙයින් ‘කුඤ්ජරො තෙ වරාරොහො’ යන ආදියෙන් තෙරුන් විසින් දක්නා ලද හා නො දක්නා ලද ආයුෂ, කීර්තිය, සුවය, රූපය ආදී තමාගේ දිව්‍ය සම්පත්තිය එක්තැන් කොට දක්වා නැවත ද තෙරුන් වහන්සේ විසින් නො දක්නා ලද තමාගේ ආනුභාව සම්පත්තිය දක්වන්නී ‘සක්කාරො’ යන ආදිය කීවාය. එයින් ස්වාමීනි, හුදෙක් ඔබවහන්සේ විසින් කියන ලද පරිදිම මෙය මගේම පමණක් පුණ්‍ය ඵලයක් නොවේ. වැලිදු මෙය දිව්‍ය ආධිපත්‍යය යි ද දැක්විය යුතු වේ. එහි සක්කාරො සුහද ක්‍රියාවන් දෙවියන් විසින් තමාට සත්කාර කළ යුතු බවය යන අර්ථයයි. එසේම ගරු කරොති ගරු කළයුතු බවය. දෙවානං දෙවියන් විසින්. අපචිතා පුදන ලදී.
සම්මාවිමුත්තානන්ති සුට්ඨු විමුත්තානං සබ්බසංකිලෙසප්පහායීනං. සන්තානන්ති සන්තකායවචීමනොකම්මානං සාධූනං. මග්ගබ්රහ්මචරියස්ස ච සාසනබ්රහ්මචරියස්ස ච චිණ්ණත්තා බ්රහ්මචාරිනං. පසන්නො ආසනං දජ්ජාති කම්මඵලසද්ධාය රතනත්තයසද්ධාය ච පසන්නමානසො හුත්වා යදි ආසනමත්තම්පි දදෙය්ය. එවං නන්දෙ යථා අහන්ති යථා අහං තෙන ආසනදානෙන එතරහි නන්දාමි මොදාමි, එවමෙව අඤ්ඤොපි නන්දෙය්ය මොදෙය්ය.
සම්මා විමුත්තානං මනා ලෙස මිදුණා වූ, නිදහස් වූ, සියලු කෙලෙස් නැසූ උතුමන් හට. සන්තානං ශාන්ත වූ කායික, වාචසික, මානසික කර්මයන් සහිත සාධූන් හට මාර්ග බ්‍රහ්මචරියාවෙහි ද, ශාසන බ්‍රහ්මචර්යාවෙහි ද පුරුදුකම් ඇති බැවින්. බ්රහ්මචාරීනං පසන්නො ආසනං දජ්ජා කර්මඵල ඇදහීමෙන් ද, රත්නත්‍රය ඇදහීමෙන් ද ප්‍රසන්න වූ මනසක් ඇති වී ඉදින් ආසනයක් හෝ පුදන්නේ ද, එවං නන්දෙ යථා අහං යම්සේ මම එම ආසන දීමෙන් දැන් මෙකල්හි සතුටු වෙම් ද, ප්‍රීති වෙම්ද? මෙසේ අන් තැනැත්තෙක් ද සතුටු වෙයි. ප්‍රීති වෙයි.
තස්මාති තෙන කාරණෙන. හි-සද්දො නිපාතමත්තං. අත්තකාමෙනාති අත්තනො හිතකාමෙන. යො හි අත්තනො හිතාවහං කම්මං කරොති, න අහිතාවහං, සො අත්තකාමො. මහත්තන්ති විපාකමහත්තං. සරීරන්තිමධාරිනන්ති අන්තිමං දෙහං ධාරෙන්තානං, ඛීණාසවානන්ති අත්ථො. අයඤ්හෙත්ථ අත්ථො – යස්මා අරහතං ආසනදානෙන අහං එවං දිබ්බසම්පත්තියා මොදාමි, තස්මා අඤ්ඤෙනාපි අත්තනො අභිවුද්ධිං පත්ථයමානෙන අන්තිමසමුස්සයෙ ඨිතානං ආසනං දාතබ්බං, නත්ථි තාදිසං පුඤ්ඤන්ති දස්සෙති. තෙසං වුත්තසදිසමෙවාති.
තස්මා ඒ කරුණෙන් හි ශබ්දය නිපාත මාත්‍රයකි. අත්ථ කාමෙන තමාගේ යහපත කැමති වන අය විසින් යමෙක් තමාට යහපත ගෙන දෙන කර්මයක් කරත්ද, අයහපත ගෙන දෙන කර්මයක් නො කරත්ද ඒ තැනැත්තා ‘අත්ථ කාම’ නම් වේ. මහත්තං විපාකයෙහි මහත් බව. සරීරන්තිම ධාරිතං අවසාන වරට ශරීරයක් දරන්නවුන් හට, ක්ෂීණාශ්රාවයන් හට යන අර්ථයයි. මෙහි අර්ථය මෙසේ වේ. යම් හෙයකින් රහතුන් වහන්සේට ආසනයක් පිදීමෙන් මම මෙසේ දිව සැපතින් සතුටට පත්වෙම්ද, එහෙයින් තමාගේ අභිවෘද්ධිය පතන්නා වූ අන් අය විසින් ද අවසන් භවයෙහි සිටියවුනට (=රහතන් වහන්සේලාට) ආසන පූජා කළ යුතුය. එබඳු අන් පිනක් (වෙනත්) නැත්තේ යයි දැක්වේ.
මෙසේ ඒ දෙව්දුව විසින් ප්‍රශ්නයට පිළිතුරු සැපයූ කල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන තෙරුන් වහන්සේ විස්තර වශයෙන් දහම් දෙසූහ. ඒ දේශනාව පිරිවර සහිත වූ ඒ දෙව්දුවට හිත පිණිස විය. තෙරුන් වහන්සේ එතැනින් මිනිස් ලොවට පැමිණ ඒ සියලු පුවත් භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළහ.
කුඤ්ජරවිමානවණ්ණනා නිට්ඨිතා.
කුඤ්ජර විමාන වර්ණනාව නිමියේය.