යෙදුමෙන් කියවන්න

6. පඨමනාවාවිමානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

6. පඨමනාවාවිමානවණ‍්ණනා

6. ප්‍රථම නාවාවිමාන වර්ණනා

සුවණ‍්ණච‍්ඡදනං නාවන‍්ති නාවාවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවති සාවත්‍ථියං විහරන‍්තෙ සොළසමත‍්තා භික‍්ඛූ අඤ‍්ඤතරස‍්මිං ගාමකාවාසෙ වසිත්‍වා වුත්‍ථවස‍්සා “භගවන‍්තං පස‍්සිස‍්සාම, ධම‍්මඤ‍්ච සුණිස‍්සාමා”ති සාවත්‍ථිං උද‍්දිස‍්ස ගිම‍්හසමයෙ අද‍්ධානමග‍්ගං පටිපන‍්නා, අන‍්තරාමග‍්ගෙ ච නිරුදකො කන‍්තාරො, තෙ ච තත්‍ථ ඝම‍්මාභිතත‍්තා කිලන‍්තා තසිතා පානීයං අලභමානා අඤ‍්ඤතරස‍්ස ගාමස‍්ස අවිදූරෙන ගච‍්ඡන‍්ති. තත්‍ථ අඤ‍්ඤතරා ඉත්‍ථී උදකභාජනං ගහෙත්‍වා උදකත්‍ථාය උදපානාභිමුඛී ගච‍්ඡති. අථ තෙ භික‍්ඛූ තං දිස‍්වා “යත්‍ථායං ඉත්‍ථී ගච‍්ඡති, තත්‍ථ ගතෙ පානීයං ලද‍්ධුං සක‍්කා”ති පිපාසාපරෙතා තංදිසාභිමුඛා ගන‍්ත්‍වා උදපානං දිස‍්වා තස‍්සා අවිදූරෙ අට‍්ඨංසු. සා ඉත්‍ථී තතො උදකං ගහෙත්‍වා නිවත‍්තිතුකාමා තෙ භික‍්ඛූ දිස‍්වා “ඉමෙ අය්‍යා උදකෙන අත්‍ථිකා පිපාසිතා”ති ඤත්‍වා ගරුචිත‍්තීකාරං උපට‍්ඨපෙත්‍වා උදකෙන නිමන‍්තෙසි. තෙ පත‍්තථවිකතො පරිස‍්සාවනං නීහරිත්‍වා පරිස‍්සාවෙත්‍වා යාවදත්‍ථං පානීයං පිවිත්‍වා හත්‍ථපාදෙ සීතලෙ කත්‍වා තස‍්සා ඉත්‍ථියා පානීයදානෙ අනුමොදනං වත්‍වා අගමංසු.

සුවණ්ණච්ඡදනං නාවං නාවා විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන කල්හි සොළසක් පමණ භික්ෂූහු එක්තරා ගැමි අසපුවක වැස වස් විසීම නිමකොට ‘භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමු, සද්ධර්මය ද අසන්නෙමු’ යයි ග්‍රීෂ්ම සමයෙහි දිගු මඟට පිළිපන්හ. අතරමග ජලය රහිත කාන්තාරයක් ද ඇත්තේය. එහිදී, ග්‍රීෂ්මයෙන් තැවුණා වූ, වෙහෙසට පත් වූ, පිපාසයෙන් පීඩිත වූ, පැන් නො ලද්දා වූ ඒ භික්‍ෂූහු එක්තරා ගමකට නුදුරින් ගමන් කරන්නාහ. එහි එක් ස්ත්‍රියක් බඳුනක් රැගෙන පැන් පිණිස ළිඳක් දෙසට යන්නීය. ඉක්බිති පිපාසයෙන් පීඩිත වූ ඒ භික්‍ෂූහු ඇය දැක මේ ස්ත්‍රිය යම් තැනකට යන්නී ද, එහි ගිය කල්හි පැන් ලැබීමට හැකි වන්නේ යයි සිතා ඒ දිශාව කරා ගොස් ළිඳ දැක එයට නුදුරෙහි සිට ගත්හ. එම ස්ත්‍රිය ඒ ළිඳෙන් ජලය ගෙන ආපසු හැරෙනු කැමැත්තී ඒ භික්‍ෂූන් දැක මේ ආර්යයන් වහන්සේලාට ජලය අවශ්‍ය වී ඇතැයි ද පිපාසිත වූවාහු විය හැකැයි ද දැන ගරුබුහුමන් දක්වා ජලය ගැනීම සඳහා ආරාධනා කළාය. ඒ භික්‍ෂූහු ද පාත්‍ර පසුම්බියෙන් පෙරහන්කඩ පිටතට ගෙන පැන් පෙරා ඇති පමණ පැන් බී අත් පා (සෝදා) සිසිල්කොට ඒ ස්ත්‍රියට පැන් පිදීමෙන් පින් අනුමෝදනාව ප්‍රකාශකොට ගියාහුය.

සා තං පුඤ‍්ඤං හදයෙ ඨපෙත්‍වා අන‍්තරන‍්තරා අනුස‍්සරන‍්තී අපරභාගෙ කාලං කත්‍වා තාවතිංසභවනෙ නිබ‍්බත‍්ති. තස‍්සා පුඤ‍්ඤානුභාවෙන කප‍්පරුක‍්ඛොපසොභිතං මහන‍්තං විමානං උප‍්පජ‍්ජි. තං විමානං පරික‍්ඛිපිත්‍වා මුත‍්තජාලරජතවිභූසිතා විය සිකතාවකිණ‍්ණපණ‍්ඩරපුලිනතටා මණික‍්ඛන්‍ධනිම‍්මලසලිලවාහිනී සරිතා. තස‍්සා උභොසු තීරෙසු උය්‍යානවිමානද‍්වාරෙ ච මහතී පොක‍්ඛරණී පඤ‍්චවණ‍්ණපදුමසණ‍්ඩමණ‍්ඩිතා සහ සුවණ‍්ණනාවාය නිබ‍්බත‍්ති. සා තත්‍ථ දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තී නාවාය කීළන‍්තී ලළන‍්තී විචරති. අථෙකදිවසං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො දෙවචාරිකං චරන‍්තො තං දෙවධීතරං නාවාය කීළන‍්තිං දිස‍්වා තාය කතපුඤ‍්ඤකම‍්මං පුච‍්ඡන‍්තො –

ඕ තොමෝ ඒ පින සිතෙහි තබාගෙන වරින්වර සිහි කරන්නී පසුකල්හි කාලක්‍රියා කොට තව්තිසා භවනයෙහි උපන්නාය. ඇයගේ පින් බලයෙන් කප්රුක සේ බබලන මහත් වූ විමානයක් පහළ විය. ඒ විමානය වටකොට මුතුදැලින් හා රිදීයෙන් බබලන්නාක් වැනි, විසුරුණ වැලිතලා සහිත මැණික් කඳක් වැනි පිරිසිදු ජලය ගලාගෙන යන ගංගාවක් විය. ඒ ගඟේ ඉවුරු දෙකෙහිද, උයන් විමන් දොරටුවෙහි ද වර්ණ පසකින් යුත් නෙළුම් මල් රැසකින් අලංකාරවත් වූ පොකුණු සමග රන්වන් නැවක් ද පහළ විය. ඕ තොමෝ එහි දිව්‍යමය සම්පත් විඳිමින් නැවෙන් ක්‍රීඩා කරමින් නැළවෙමින් හැසිරෙන්නීය. ඉක්බිති එක් දිනයක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන තෙරණුවෝ දෙව්ලොව චාරිකාවෙහි යෙදෙන සේක් නැවෙහි ක්‍රීඩා කරන ඒ දෙව්දුව දැක ඇය විසින් කරන ලද පින්කම විමසන්නාහු :

“සුවණ‍්ණච‍්ඡදනං නාවං, නාරි ආරුය‍්හ තිට‍්ඨසි; ඔගාහසි පොක‍්ඛරණිං, පද‍්මං ඡින්‍දසි පාණිනා.

සුවණ්ණච්ඡදනං නාවං නාරිපාරුය්හ තිට්ඨසි ඔගාහසී පොක්‍ඛරණිං පදුමං ඡින්‍දසි පාණිතා

“කෙන තෙතාදිසො වණ‍්ණො, කෙන තෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.

කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්තිච තෙ භොගා යෙ කෙචි මනසො පියා

දිව්‍ය ස්ත්‍රිය, ඔබ රන් පියැස්සෙන් ආවරණය වූ නැවට නැඟී සිටින්නෙහිය. පොකුණට බැස අතින් නෙළුම් මල් නෙලන්නෙහිය. සිතට යම් වස්තුවක් ප්‍රිය වේද, ඔබට ඒ වස්තුව ලැබෙන්නේය. ඔබට මෙබඳු වර්ණයක් කුමක් නිසා ලැබුණේ ද? ඔබට එබඳු ඉසුරුමත් බවක් කුමක් නිසා ලැබුණේද?

“පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. – ආහ;

පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණොච තෙ සබ්බ දිසා පභාසතී’ති ආහ

මහානුභාව ඇති දේවතාවියනි, ඔබ මනුෂ්‍යව සිටිමින් කවරනම් පිනක් කෙළෙහි දැයි අසමි. ඔබේ පැහැය ද සියලු දිශාවන් ආලෝකවත් කරයි. මෙසේ දීප්තිමත් ආනුභාවයක් කුමක් නිසා ලැබිණිදැයි අසමි’යි කීය.

තතො ථෙරෙන පුට‍්ඨාය දෙවතාය විස‍්සජ‍්ජිතාකාරං දස‍්සෙතුං සඞ‍්ගීතිකාරෙහි –

ඉක්බිති තෙරුන් විසින් ප්‍රශ්න කරනු ලැබූ දේවතාවිය විසින් ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරය දැක්වීම පිණිස සංගායනා කාරකවරුන් විසින් :

“සා දෙවතා අත‍්තමනා, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා; පඤ‍්හං පුට‍්ඨා වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵල”න‍්ති. –

සත දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵල’න්ති

අයං ගාථා වුත‍්තා.

යන මේ ගාථාව කියන ලදී.

මුගලන් මහරහතන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලද්දා වූ, සතුටට පත් වූ, එම දේවතා තොමෝ (තමාගෙන්) අසන ලද ප්‍රශ්නයට අනුව මෙය (හෙවත් තමා ලැබූ සම්පත) කවරනම් කර්මයක ඵලයක්දැයි (මෙසේ) ප්‍රකාශ කළාය.

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා, පුරිමාය ජාතියා මනුස‍්සලොකෙ; දිස‍්වාන භික‍්ඛූ තසිතෙ කිලන‍්තෙ, උට‍්ඨාය පාතුං උදකං අදාසිං.

අහං මනුස්සෙසු මනුස්ස භූතා පුරිමාය ජාතියා මනුස්ස ලොකෙ දිස්වාන භික්‍ඛූ තසිතෙ කිලන්තෙ උට්ඨාය පාතුං උදකං අදාසිං

මම පෙර භවයෙහි මිනිස් ලොව මිනිසුන් අතර මිනිස් දුවක වූයෙම්, පිපාසිත වූ ක්ලාන්ත වූ භික්‍ෂූන් දැක උනන්දු වී පානයට ජලය දුන්නෙමි.

“යො වෙ කිලන‍්තාන පිපාසිතානං, උට‍්ඨාය පාතුං උදකං දදාති; සීතොදකා තස‍්ස භවන‍්ති නජ‍්ජො, පහූතමල්‍යා බහුපුණ‍්ඩරීකා.

යෙන වෙ කිලන්තා න පිපාසිතානං උට්ඨාය පාතුං උදකං දදාති සීතොදිකා තස්ස භවන්ති නජ්ජො පහූත මල්හා බහු පුණ්ඩරීකා

යමකු වනාහී ක්ලාන්ත වූ පිපාසිතයනට බීමට උනන්දු වී ජලය ලබා දෙන්නේ ද, ඔහුට බොහෝ මල් ඇති බොහෝ සුදු නෙළුම් ඇති, සිසිල් දිය ඇති ගංගාවෝ පහළ වෙත්.

“තං ආපගා අනුපරියන‍්ති සබ‍්බදා, සීතොදකා වාලුකසන්‍ථතා නදී; අම‍්බා ච සාලා තිලකා ච ජම‍්බුයො, උද‍්දාලකා පාටලියො ච ඵුල‍්ලා.

තමාපගා අනුපරියත්ති සබ්බදා සීතොදිකා වාලුක සන්‍ථකා නදී අම්බාච සාලා තිලකා ච ජම්බුයෙන උද්දාලකා පාටලියොච මුල්ලා

හැමවිට ගලා බසිනා සිසිල් දියෙන් යුත්, සිසිල් දිය පිරුණ, පැතිරුණ වැලිතලා ඇති ගංගා ඒ විමන වට පවතී. පිපුණ මලින් යුත් අඹ, තල්, තිලක (නම් ගස් වර්ගය) දඹ, ඇසළ, පළොල් යන ගස් වර්ගද එහි වේ.

“තංභූමිභාගෙහි උපෙතරූපං, විමානසෙට‍්ඨං භුස සොභමානං; තස‍්සීධ කම‍්මස‍්ස අයං විපාකො, එතාදිසං පුඤ‍්ඤකතා ලභන‍්ති.

තං භූමි භාගෙහි උපෙත රූපං විමාන සෙට්ඨං භුස සොභමානං තස්සීධ කම්මස්ස අයං විපාකො එතාදිසං කතපුඤ්ඤා ලභන්ති

මෙහි (පෙර කී සේ ශෝභන වූ) භූමි භාගයන්ගෙන් යුතු වූ බෙහෙවින් අලංකාරවත් වූ උතුම් විමානයක් වේ. මෙය පෙර සිදුකළ ඒ කර්මයාගේ විපාකයයි. පින් කළාහු මෙවැනි ඵල ලබන්නාහුය.

“තෙන මෙතාදිසො වණ‍්ණො, තෙන මෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.

තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා

(පෙර කියූ ඒ පිදීම් හා වැඳීම් යන) ඒ කරුණු නිසා මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ නිසා මට මෙබඳු ඉසුරුමත් බවක් ලැබිණ. (මගේ සිතට යමක් ප්‍රිය වේද, ඒ සම්පත් මට ලැබෙන්නේය.)

“අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව, මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං; තෙනම‍්හි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති. –

අක්‍ඛාමි තෙ භික්‍ඛු මහානුභාව මනුස්ස භුතා යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණොච මෙ සබ්බදිසා පභාසතී’ති

මහානුභාව ඇති භික්‍ෂුවරයාණනි, මිනිස් (දුවක) වූ මම යම් පිනක් කෙළෙම්ද, ඒ පිනින් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශාවන් බබුලුවන්නෝ වෙයි යනුවෙන් ඔබවහන්සේට (පිළිතුරු වශයෙන්) කියමි’

අයං දෙවතාය විස‍්සජ‍්ජිතාකාරො.

යන මෙය දෙව්දුව විසින් පිළිතුරු දෙනු ලැබූ ආකාරයයි.

තත්‍ථ සුවණ‍්ණච‍්ඡදනන‍්ති විචිත‍්තභිත‍්තිවිරචනෙහි රත‍්තසුවණ‍්ණමයෙහි උභොහි පස‍්සෙහි පටිච‍්ඡාදිතබ‍්භන‍්තරතාය චෙව නානාරතනසමුජ‍්ජලිතෙන කනකමයාලඞ‍්කාරෙන උපරි ඡාදිතතාය ච සුවණ‍්ණච‍්ඡදනං. නාවන‍්ති පොතං. සො හි ඔරතො පාරං පවති ගච‍්ඡතීති පොතො, සත‍්තෙ නෙතීති නාවාති ච වුච‍්චති. නාරීති තස‍්සා දෙවධීතාය ආලපනං. නරති නෙතීති නරො, පුරිසො. යථා හි පඨමපකතිභූතො සත‍්තො ඉතරාය පකතියා සෙට‍්ඨත්‍ථෙන පුරි සෙතීති “පුරිසො”ති වුච‍්චති, එවං නයනට‍්ඨෙන “නරො”ති. පුත‍්තභාතුභූතොපි හි පුග‍්ගලො මාතුජෙට‍්ඨභගිනීනං පිතුට‍්ඨානෙ තිට‍්ඨති, පගෙව භත‍්තුභූතො. නරස‍්ස එසාති නාරී, අයඤ‍්ච සමඤ‍්ඤා මනුස‍්සිත්‍ථීසු පවත‍්තා රුළ‍්හිවසෙන ඉතරාසුපි තථා වුච‍්චති. ඔගාහසි පොක‍්ඛරණින‍්ති සතිපි රත‍්තුප‍්පලනීලුප‍්පලාදිකෙ බහුවිධෙ රතනමයෙ ජලජකුසුමෙ පොක‍්ඛරසඞ‍්ඛාතානං දිබ‍්බපදුමානං තත්‍ථ යෙභුය්‍යෙන අත්‍ථිතාය “පොක‍්ඛරණී”ති ලද‍්ධනාමං දිබ‍්බසරං ජලවිහාරරතියා අනුපවිසසි . පද‍්මං ඡින්‍දසි පාණිනාති රජතමයනාළං පදුමරාගරතනමයපත‍්තසඞ‍්ඝාතං කනකමයකණ‍්ණිකාකිඤ‍්ජක‍්ඛකෙසරං දිබ‍්බකමලං ලීලාරවින්‍දං කත‍්තුකාමතාය තව හත්‍ථෙන භඤ‍්ජසි.

සුවණ්ණච්ඡදනං විසිතුරු බිත්ති සැරසිලි ලෙස යෙදු රත්පැහැ රත්රනින් දෙපසෙහි ඇතුල් පැති වසා ඇති බැවින් ද, විවිධ රත්නයන්ගෙන් බබලන ස්වර්ණමය අලංකාරයෙන් උඩ =(පියස්සෙහි) එක කොටසක් වසා ඇති බැවින් ද සුවණ්ණච්ඡදනං (රන් මුවා වහලය) යනුවෙන් කියනු ලැබේ. නාවං යනු කුඩා ඔරුවයි. එය ද කුඩා ඔරුවෙන් පරතෙරට පාවෙයි. ගමන් කරයි යන අරුත් නිසා ‘පොත’ වේ. සත්ත්වයන් රැගෙන යයි (=නනය කරයි) යනුවෙන් ‘නාව’ යයි ද කියනු ලැබේ. නාරී ඒ දෙව්දුව සඳහා යෙදූ ආලපන විභක්ති පදයයි. රැගෙන යයි හෙවත් පමුණුවයි යනුවෙන් ‘නරො’ නම් වේ. පුරුෂ යන අදහසයි. පළමුව පහළ වූ සත්ත්වයා අන් අයට වඩා ප්‍රකෘතියෙන් ශ්‍රේෂ්ඨය යන අර්ථයෙන් (පුරීසෙතීති) පුරිසො යයි කියනු ලැබේ. මෙසේම පමුණුවයි, නයනය කරයි යන අරුතින් ‘නර’ යයි යෙදේ. පුත්‍රයෙක් හෝ සහෝදරයෙක් වේවා මව, දෙටු සොයුරිය යන ආදීන්ගේ සිතට ස්ථානයෙහි සිටී. ආරම්භයේ සිටම පෝෂණය කරන්නා ඔහු වෙයි. මෝ තොමෝ ‘නර’යාගේය යන අරුතින් ‘නාරී’ නම් වේ. මේ ව්‍යවහාරය ද මනුෂ්‍ය ස්ත්‍රීන් කෙරෙහි පැවැත්තේය. අන් ස්ත්‍රීන් කෙරෙහි ද ඒ ව්‍යවහාරය ආරූඪ විය. ඔගාහසී පොක්‍ඛරණී = රතුපුල්, නිලුපුල් ආදී විවිධ වූ මැණික්වලින් තැනූ වැනි ජලය පුෂ්ප වර්ග ඇත. එසේ ඇති කල්හි එහි පොක්‍ඛර (=පුෂ්කර-පොකුරු) යයි නම් ලත් දිව්‍යමය පද්මයන් බොහෝ සේ ඇති බැවින් පොක්‍ඛරණී (-පුෂ්කරණී-පොකුණු) යයි ලබන ලද නම් ඇති දිව්‍යමය විලට ජලයෙහි විසීමේ රුචිය නිසා පිවිසෙන්නෙහිය. පදුමං ඡින්‍දසි පාණිනා මරකත මැණික්මය නාළයක් ද, පද්මරාග මැණික්මය පත්‍ර සමූහයක් ද, ස්වර්ණමය කර්ණිකා රේණු කේශර සහිත දිව්‍යමය වූ නෙළුම් මලක් හෙවත් අලංකාර වූ පියුමක් ලබනු කැමැත්තෙන් ඔබේ අතින් නෙළුමක් කඩා ගන්නෙහිය.

තසිතෙති පිපාසිතෙ. කිලන‍්තෙති තාය පිපාසාය අද‍්ධානපරිස‍්සමෙන ච කිලන‍්තකායෙ. උට‍්ඨායාති උට‍්ඨානවීරියං කත්‍වා, ආලසියං අනාපජ‍්ජිත්‍වාති අත්‍ථො.

තසිතෙ පිපාසිත වූ. කිලන්තෙ එම පිපාසයෙන් ද මාර්ග විඩාවෙන් ද ක්ලාන්ත වූ ශරීර ඇත්තේ. උට්ඨාය උත්සාහයෙන් වීර්ය කොට, අලස බවට පත් නොවී යන අර්ථයයි.

යො වෙතිආදිනා යථා අහං, එවං අඤ‍්ඤෙපි ආයතනගතෙන උදකදානපුඤ‍්ඤෙන එතාදිසං ඵලං පටිලභන‍්තීති දිට‍්ඨෙන අදිට‍්ඨස‍්ස අනුමානවිධිං දස‍්සෙන‍්තී ථෙරෙන පුට‍්ඨමත්‍ථං සාධාරණතො විස‍්සජ‍්ජෙති. තත්‍ථ තස‍්සාති තන‍්ති ච යථාවුත‍්තපුඤ‍්ඤකාරිනං පච‍්චාමසති.

යෙන වෙ යන ආදියෙන් යම් සේ මම පැන් දීමේ පින්කම් කෙළෙම් ද, මෙසේ අන් අය ද සුදුසු කල්හි සුදුසු තැන්හි සිදුකරන පැන් පිදීමේ පිනකින් මෙබඳු ඵලයක් ලබන්නාහු යයි යන විශ්වාසයෙන් එම විශ්වාසය නැති අයට අනුමාන විධි දක්වන්නී තෙරුන් විසින් විමසන ලද කරුණ සාධාරණ ලෙස විසඳයි. එහි ‘තස්ස’ යයි ද ‘ත’ යයි ද යන පදවලින් පෙර කියන ලද පුණ්‍යකර්මයන් නැවත සිහිපත් කරයි.

අනුපරියන‍්තීති අනුරූපවසෙන පරික‍්ඛිපන‍්ති. තස‍්ස වසනට‍්ඨානපරික‍්ඛිපනෙන සොපි පරික‍්ඛිත‍්තො නාම හොති. තිලකාති බන්‍ධුජීවකපුප‍්ඵසදිසපුප‍්ඵා එකා රුක‍්ඛජාති. උද‍්දාලකාති වාතඝාතකා, යෙ “රාජරුක‍්ඛා”තිපි වුච‍්චන‍්ති.

අනුපරියන්ති සුදුසු ලෙස වට කරත්. ඔහුගේ වාසය කරන තැන වට කිරීමෙන් හේ තෙමේ ද වටකරනු ලැබුවේ නම් වෙයි. (වට කිරීම = ආරක්ෂා කිරීම) තිලකා = බඳු වදමල්වලට සමාන මල් ඇති එක්තරා වෘක්‍ෂ වර්ගයකි. උද්දහලකා ඇසල ගස්, ඇතැම්හු මෙයට රාජ රුක්‍ඛ යන නම ද ව්‍යවහාර කරත්.

තංභූමිභාගෙහීති තාදිසෙහි භූමිභාගෙහි, යථාවුත‍්තපොක‍්ඛරණීනදීඋය්‍යානවන‍්තෙහි භූමිපදෙසෙහීති අත්‍ථො. උපෙතරූපන‍්ති පාසංසියභාවෙන උපෙතං, තෙසං පොක‍්ඛරණීආදීනං වසෙන රමණීයසන‍්නිවෙසන‍්ති වුත‍්තං හොති. භුස සොභමානන‍්ති භුසං අතිවිය විරොචමානං විමානසෙට‍්ඨං ලභන‍්තීති යොජනා. සෙසං වුත‍්තනයමෙවාති.

තං භූමි භාගෙහි එවැනි බිම් කොටස්වලින් පෙර කියන ලද පොකුණු ගංගා උයන් යන ආදිය ඇති බිම් පෙදෙස්වලින් යන අර්ථයයි. උපෙත රූපං පැසසුම් කළයුතු ස්වභාවයෙන් යුක්ත වූ. එම පොකුණු ආදියේ වශයෙන් සිත්කලු ලෙස පිහිටියේ යයි කියන ලද්දේ වෙයි. භුස සොභමානං බෙහෙවින් අතිශයින් බබලන ශ්‍රේෂ්ඨ විමානයක් ලබාගත්තේය යන අදහසයි.

ඉක්බිති තෙරුන් වහන්සේ පිරිවර සහිත වූ ඒ දෙව්දුවට දහම් දෙසා ඒ පුවත භාග්‍යවතුන් වහන්සේ හට සැල කළහ. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොටගෙන පැමිණ සිටි පිරිසට දහම් දෙසූහ. ඒ දේශනාව බොහෝදෙනාට ප්‍රයෝජනවත් විය.

පඨමනාවාවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමුවන නාවා විමාන වර්ණනාව නිමියේය.

7. දුතියනාවාවිමානවණ‍්ණනා

7. ද්විතීය නාවාවිමාන වර්ණනා

සුවණ‍්ණච‍්ඡදනං නාවන‍්ති දුතියනාවාවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවති සාවත්‍ථියං විහරන‍්තෙ අඤ‍්ඤතරො ඛීණාසවත්‍ථෙරො උපකට‍්ඨාය වස‍්සූපනායිකාය ගාමකාවාසෙ වස‍්සං උපගන‍්තුකාමො සාවත්‍ථිතො තං ගාමං උද‍්දිස‍්ස පච‍්ඡාභත‍්තං අද‍්ධානමග‍්ගපටිපන‍්නො, මග‍්ගපරිස‍්සමෙන කිලන‍්තො තසිතො අන‍්තරාමග‍්ගෙ අඤ‍්ඤතරං ගාමං සම‍්පත‍්තො, බහිගාමෙ තාදිසං ඡායූදකසම‍්පන‍්නට‍්ඨානං අපස‍්සන‍්තො පරිස‍්සමෙන ච අභිභුය්‍යමානො චීවරං පාරුපිත්‍වා ගාමං පවිසිත්‍වා ධුරගෙහස‍්සෙව ද‍්වාරෙ අට‍්ඨාසි. තත්‍ථ අඤ‍්ඤතරා ඉත්‍ථී ථෙරං පස‍්සිත්‍වා “කුතො, භන‍්තෙ, ආගතත්‍ථා”ති පුච‍්ඡිත්‍වා මග‍්ගපරිස‍්සමං පිපාසිතභාවඤ‍්ච ඤත්‍වා “එථ, භන‍්තෙ”ති ගෙහං පවෙසෙත්‍වා “ඉධ නිසීදථා”ති ආසනං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. තත්‍ථ නිසින‍්නෙ පාදොදකං පාදබ‍්භඤ‍්ජනතෙලඤ‍්ච දත්‍වා තාලවණ‍්ටං ගහෙත්‍වා බීජි. පරිළාහෙ වූපසන‍්තෙ මධුරං සීතලං සුගන්‍ධං පානකං යොජෙත්‍වා අදාසි. ථෙරො තං පිවිත්‍වා පටිප‍්පස‍්සද‍්ධකිලමථො අනුමොදනං කත්‍වා පක‍්කාමි. සා අපරභාගෙ කාලං කත්‍වා තාවතිංසභවනෙ නිබ‍්බත‍්තීති සබ‍්බං අනන‍්තරවිමානසදිසන‍්ති වෙදිතබ‍්බං. ගාථාසුපි අපුබ‍්බං නත්‍ථි. තෙන වුත‍්තං –

සුවණ්ණච්ඡචනං නාවං යනුවෙන් ඇරඹෙන දෙවන නාවා විමාන වර්ණනාවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත් - භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන කල්හි එක්තරා ක්‍ෂීණාශ්‍රව තෙරුන් වහන්සේ නමක් වස් එළඹීම ආසන්න වූ කල්හි ග්‍රාමීය ආවාසයක වස් වසනු කැමතිව සැවැත් නුවරින් එම ගමට යනු පිණිස පස්වරුවෙහි දිගු මඟට පිළිපන්නාහු මාර්ග විඩාවෙන් වෙහෙසට පත් වී පිපාසයෙන් පීඩිත වී අතරමග එක්තරා ගමකට පැමිණියහ. ගමෙන් බැහැරව එවැනි සෙවනක්, ජලයක් සහිත ස්ථානයක් නො දක්නාහු විඩාවෙන් පීඩිත වූවාහු සිවුර පොරවා ගමට පිවිස පළමු නිවසෙහිම දොරටුවෙහි සිටියහ. එහි එක්තරා ස්ත්‍රියක් තෙරණුවන් දැක ‘ස්වාමීනි, කොහි සිට පැමිණියාහුදැ’යි විමසා මාර්ග විඩාව ද, පිපාසිත බව ද දැන, ‘එනු මැනව ස්වමීනි’යි ගෙට කැඳවා මෙහි හිඳින්නැයි අසුනක් පනවා දුන්නාය. එහි හුන් කල්හි පා දෝනා පැන් ද, පයෙහි ගල්වන තෙල් දී විජිනිපත ගෙන පවන් සැලුවාය. විඩාව සමනය වූ කල්හි මිහිරි සිසිල් සුවඳ පානයක් පිළියෙල කොට දුන්නාය. තෙරණුවෝ එය පානය කොට සන්සිඳුන ක්ලාන්තය ඇත්තාහු අනුමෝදනා දේශනාව කොට පිටවී ගියහ. තොමෝ පසු කාලයෙහි කලුරිය කොට තව්තිසාවෙහි උපන්නාය යන සියල්ල ආසන්න විමාන කථාව හා සමාන යයි දතයුතුය. ගාථාවන්හි ද පෙර නොවූ දේ නැත්තේය. එහෙයින් මෙසේ කියන ලදී -

“සුවණ‍්ණච‍්ඡදනං නාවං, නාරි ආරුය‍්හ තිට‍්ඨසි; ඔගාහසි පොක‍්ඛරණිං, පද‍්මං ඡින්‍දසි පාණිනා.

සුවණ්ණච්ඡදනං නාවං නාරි ආරුය්හ තිට්ඨසි ඔගාහසී පොක්‍ඛරණිං පදුමං ඡින්‍දස පාණිනා

“කෙන තෙතාදිසො වණ‍්ණො, කෙන තෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.

කෙන තෙ තාදිසෙන වණ්ණො කෙන තෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා

“පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති.

(මේ ගාථාවෙන් ඇරඹුන සම්පූර්ණ ගාථා පෙළම මෙයට පෙර දැක්වෙන කථා වස්තුවෙහි ද ඒ අයුරින්ම දක්වා ඇත. එම ගාථා පෙළද ඒවායේ අරුත් පිළිවෙළ ද ඒ අයුරින්ම මෙහිදී ද යෙදිය යුතු වේ.)

“සා දෙවතා අත‍්තමනා, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා; පඤ‍්හං පුට‍්ඨා වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා, පුරිමාය ජාතියා මනුස‍්සලොකෙ; දිස‍්වාන භික‍්ඛුං තසිතං කිලන‍්තං, උට‍්ඨාය පාතුං උදකං අදාසිං.

“යො වෙ කිලන‍්තස‍්ස පිපාසිතස‍්ස, ට‍්ඨාය පාතුං උදකං දදාති; සීතොදකා තස‍්ස භවන‍්ති නජ‍්ජො, පහූතමල්‍යා බහුපුණ‍්ඩරීකා.

“තං ආපගා අනුපරියන‍්ති සබ‍්බදා, සීතොදකා වාලුකසන්‍ථතා නදී; අම‍්බා ච සාලා තිලකා ච ජම‍්බුයො, උද‍්දාලකා පාටලියො ච ඵුල‍්ලා.

“තංභූමිභාගෙහි උපෙතරූපං, විමානසෙට‍්ඨං භුස සොභමානං; තස‍්සීධ කම‍්මස‍්ස අයං විපාකො, එතාදිසං පුඤ‍්ඤකතා ලභන‍්ති.

“තෙන මෙතාදිසො වණ‍්ණො, තෙන මෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.

“අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව, මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං; තෙනම‍්හි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

අත්‍ථවණ‍්ණනාසුපි ඉධ එකොව ථෙරොති අපුබ‍්බං නත්‍ථි.

අර්ථ වර්ණනාවන්හි දී ද මෙහි එකම තෙරුන් වහන්සේ නමකි. පෙර නො කියවූවක් නැත. (සියල්ල පෙර කථා වස්තුවෙහි දැක්වූ සේමයි.)

දුතියනාවාවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවන නාවා විමාන වර්ණනාව නිමියේය.