8. තතියනාවා විමානවණ්ණනා අට්ඨකථා
8. තතියනාවා විමානවණ්ණනා
8. තෘතීය නාවාවිමාන වර්ණනා
සුවණ්ණච්ඡදනං නාවන්ති තතියනාවාවිමානං. තස්ස කා උප්පත්ති? භගවා ජනපදචාරිකං චරන්තො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං කොසලජනපදෙ යෙන ථූණං නාම බ්රාහ්මණගාමො තදවසරි. අස්සොසුං ඛො ථූණෙය්යකා බ්රාහ්මණගහපතිකා “සමණො කිර ගොතමො අම්හාකං ගාමඛෙත්තං අනුප්පත්තො”ති . අථ ථූණෙය්යකා බ්රාහ්මණගහපතිකා අප්පසන්නා මිච්ඡාදිට්ඨිකා මච්ඡෙරපකතා “සචෙ සමණො ගොතමො ඉමං ගාමං පවිසිත්වා ද්වීහතීහං වසෙය්ය, සබ්බං ඉමං ජනං අත්තනො වචනෙ පතිට්ඨපෙය්ය, තතො බ්රාහ්මණධම්මො පතිට්ඨං න ලභෙය්‍යා”ති තත්ථ භගවතො අවාසාය පරිසක්කන්තා නදීතිත්ථෙසු ඨපිතනාවායො අපනෙසුං, සෙතුසඞ්කමනානි ච අවලඤ්ජෙ අකංසු, තථා පපාමණ්ඩපාදීනි, එකං උදපානං ඨපෙත්වා ඉතරානි උදපානානි තිණාදීහි පූරෙත්වා පිදහිංසු. තෙන වුත්තං උදානෙ (උදා· 69) “අථ ඛො ථූණෙය්යකා බ්රාහ්මණගහපතිකා උදපානං තිණස්ස ච භුසස්ස ච යාව මුඛතො පූරෙසුං ‘මා තෙ මුණ්ඩකා සමණකා පානීයං අපංසූ’”ති.
සුවණ්ණච්ඡදනං නාවං යනුවෙන් තෙවන නාවා විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝ පර්ෂදයක් සමග කෝසල ජනපදයෙහි ‘ථූණා’ නම් වූ බමුණු ගමට පැමිණියහ. ‘ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අපගේ මේ පෙදෙසට පැමිණියහ’ යයි ථූණ ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතියනට අසන්නට ලැබිණ. ඉක්බිති පැහැදීමක් නැත්තා වූ, මිථ්‍යාදෘෂ්ටික වූ, මසුරු ගති ඇත්තා වූ ථූණ වාසී බ්‍රාහ්මණ ගෘහපතීහු ‘ඉදින් ශ්‍රමණ ගෞතමයන් මේ ගමට පිවිස දෙතුන් දවසක් වසන්නාහු නම් මෙම සියලුම ජනතාව තම වචන (අනුගමන) යෙහි පිහිටුවා ගත්තාහ. ඉන්පසු බ්‍රාහ්මණ ධර්මය අසරණ වන්නේ යයි කියා එහි භාග්‍යවතුන් වහන්සේට ආවාස තැනීම සඳහා වැඩ කරන්නවුන් ගං ඉවුරුවල තබන ලද නැව් ඉවත් කළහ. එතෙර මෙතෙර යන හේදඬු ද අබලන් කළහ. එසේම පැන්හල්, නැවතුම්පල් ආදියද අබලන් කරවා, එහි එක් ළිඳක් හැර ඉතිරි ළිං තණකොළ ආදියෙන් පුරවා වසා දැමූහ. එහෙයින් ‘උදාන’යෙහි මෙසේ කියන ලදී. ‘ඉක්බිති ථූණගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු මෙයින් නො ගනිත්වායි කියා ළිඳ තණකොලවලින් ද, දහයියා බොල්වලින් ද ළිං කට දක්වා පිරවූහ.
භගවා තෙසං තං විප්පකාරං ඤත්වා තෙ අනුකම්පන්තො සද්ධිං භික්ඛුසඞ්ඝෙන ආකාසෙන නදිං අතික්කමිත්වා ගන්ත්වා අනුක්කමෙන ථූණං බ්රාහ්මණගාමං පත්වා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. තෙන ච සමයෙන සම්බහුලා උදකහාරිනියො භගවතො අවිදූරෙන අතික්කමන්ති. තස්මිඤ්ච ගාමෙ “සචෙ සමණො ගොතමො ඉධාගමිස්සති, න තස්ස පච්චුග්ගමනාදිකං කාතබ්බං, ගෙහං ආගතස්ස චස්ස සාවකානඤ්ච භික්ඛාපි න දාතබ්බා”ති කතිකා කතා හොති.
භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ඒ විකාර දැන ඔවුන් හට අනුකම්පා කරමින් භික්ෂු සංඝයා සමග අහසින් නදිය තරණයකොට අනුපිළිවෙළින් ථූණ නම් බමුණු ගමට පැමිණ මාර්ගයෙන් ඉවත්ව එක්තරා රුක්මුලෙක්හි පැනවූ ආසනයක වැඩහුන්හ. එකල්හි දිය රැගෙන යන බොහෝ ස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේට නුදුරින් ගමන් කරත්. ඒ ගමෙහිද ඉදින් ශ්‍රමණ ගෞතමයන් මෙහි පැමිණෙත්නම් ඔහුට පෙරගමන් ආදියත් නො කළ යුතුය. ගෙවලට පැමිණෙන ඔහුගේ ශ්‍රාවකයන් හට ආහාරද නො දිය යුතුය යනුවෙන් ඇතිකරගන්නා ලද කතිකාවතෙක් වූයේය.
තත්ථ අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස දාසී ඝටෙන පානීයං ගහෙත්වා ගච්ඡන්තී භගවන්තං භික්ඛුසඞ්ඝපරිවුතං නිසින්නං දිස්වා භික්ඛූ ච මග්ගපරිස්සමෙන කිලන්තෙ තසිතෙ ඤත්වා පසන්නචිත්තා පානීයං දාතුකාමා හුත්වා “යදිපි මෙ ගාමවාසිනො ‘සමණස්ස ගොතමස්ස න කිඤ්චි දාතබ්බං, සාමීචිකම්මම්පි න කාතබ්බ’න්ති කතිකං කත්වා ඨිතා, එවං සන්තෙපි යදි අහං ඊදිසෙ පුඤ්ඤක්ඛෙත්තෙ දක්ඛිණෙය්යෙ ලභිත්වා පානීයදානමත්තෙනාපි අත්තනො පතිට්ඨං න කරෙය්යං, කදාහං ඉතො දුක්ඛජීවිතතො මුච්චිස්සාමි, කාමං මෙ අය්යකො සබ්බෙපිමෙ ගාමවාසිනො මං හනන්තු වා බන්ධන්තු වා, ඊදිසෙ පුඤ්ඤක්ඛෙත්තෙ පානීයදානං දස්සාමි එවා”ති සන්නිට්ඨානං කත්වා අඤ්ඤාහි උදකහාරිනීහි වාරියමානාපි ජීවිතෙ නිරපෙක්ඛා සීසතො පානීයඝටං ඔතාරෙත්වා උභොහි හත්ථෙහි පරිග්ගහෙත්වා එකමන්තෙ ඨපෙත්වා සඤ්ජාතපීතිසොමනස්සා භගවන්තං උපසඞ්කමිත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා පානීයෙන නිමන්තෙසි. භගවා තස්සා චිත්තප්පසාදං ඔලොකෙත්වා තං අනුග්ගණ්හන්තො පානීයං පරිස්සාවෙත්වා හත්ථපාදෙ ධොවිත්වා පානීයං පිවි, ඝටෙ උදකං පරික්ඛයං න ගච්ඡති. සා තං දිස්වා පුන පසන්නචිත්තා එකස්ස භික්ඛුස්ස අදාසි, තථා අපරස්ස අපරස්සාති සබ්බෙසම්පි අදාසි, උදකං න ඛීයතෙව. සා හට්ඨතුට්ඨා යථාපුණ්ණෙන ඝටෙන ගෙහාභිමුඛී අගමාසි. තස්සා සාමිකො බ්රාහ්මණො පානීයස්ස දින්නභාවං සුත්වා “ඉමාය ගාමවත්තං භින්නං, අහඤ්ච ගාරය්හො කතො”ති කොධෙන පජ්ජලන්තො තටතටායමානො තං භූමියං පාතෙත්වා හත්ථෙහි ච පාදෙහි ච පහරි. සා තෙන උපක්කමෙන ජීවිතක්ඛයං පත්වා තාවතිංසභවනෙ නිබ්බති, විමානං චස්සා පඨමනාවාවිමානෙ වුත්තසදිසං උප්පජ්ජි.
එහි එක්තරා බමුණකුගේ දාසියක් කළයෙන් පැන් ගෙන යන්නී භික්ෂු සංඝයා පිරිවරා සිටි භාග්‍යවතුන් වහන්සේ දැක භික්ෂූන් ද මාර්ගයෙහි වෙහෙසීමෙන් විඩාවට පත්ව පිපාසිතව සිටිත් යැයි දැන සිත පහදවාගෙන පැන් පුදනු කැමති වී යම් හෙයකින් මේ ගම්වැසියන් ශ්‍රමණ ගෞතමයන් හට කිසිවක් නො දිය යුතුය. පිළිසඳරක් පවා නො කළ යුතුය, යනුවෙන් කතිකාකොට සිටිනා නමුදු මා පින් කෙතක් වූ ද, පැන් ලැබීමට සුදුසු වූ ද උතුමකු ලැබ ගෙන පවා පැන් පිදීම් පමණකින් හෝ මටම පිහිටක් කර නො ගන්නෙම් නම් කවර කලෙක මම මේ දුඃඛිත ජීවිතයෙන් මිදෙන්නෙම්ද? ආර්යයන් වහන්සේ මට කරුණා කෙරෙත්වා, ගම්වැසි මේ සියල්ලෝම මා නසත්වා හෝ බැඳ දමත්වා හෝ මෙවන් පින් කෙතක් වෙත පානීය දානයක් දෙන්නෙම් ම යැයි සනිටුහන් කොට දිය රැගෙන යන අන්‍ය වූ ස්ත්‍රීන් විසින් වළකනු ලබන්නී නමුදු ජීවිතයෙහි අපේක්ෂා නැතිව හිසෙන් පැන් කලය බහා දෙ අතින් අල්වාගෙන එක්පසෙක තබා හටගත් සතුටු සොම්නස් ඇත්තී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ පැන් සඳහා ආරාධනා කළාය. භාග්‍යවතුන් වහන්සේ ඇයගේ සිතේ පැහැදීම බලා ඇයට අනුග්‍රහ කරන්නාහු පැන් පෙරා අත් පා සෝදා පැන් පානය කළහ. කළයෙහි ජලය අඩු නොවේ. ඕ තොමෝ එය දැක නැවත ප්‍රසන්න වූ සිත් ඇත්තී එක් භික්ෂුවකට දුන්නාය. එසේ තවත් නමකටය, තවත් නමකටය යන වශයෙන් සියලු භික්ෂූන් හටම දුන්නාය. එහෙත් ජලය අඩු නොවන්නේමය. ඕ තොමෝ තුටු පහටු වූවා දිය පිරුණු කළයෙන් යුතුවම නිවස බලා පිටත්ව ගියාය. ඇයගේ ස්වාමි පුත්‍ර බ්‍රාහ්මණයා, පැන් පිදු බව අසා මැය විසින් ගමේ පිළිවෙත බිඳින ලදී යයි ද, මම ද ගැරහීමට ලක් කරන ලද්දෙමි යයි ද කියා ක්‍රෝධයෙන් දැවෙමින් වෙව්ලමින් ඇය බිම පෙරලා අතින් ද පයින් ද පහර දුන්නේය. ඕ තොමෝ එයින්ම මරණයට පැමිණ තව්තිසා භවනයෙහි උපන්නාය. ඇගේ පින් බලයෙන් කප්රුක සේ බබලන මහත් වූ විමානයක් පහළ විය. ඒ විමානය වටකොට මුතු දැලක් වැනි රිදීවන් වැලි විසුරුණ සුදු වාලුකා තල සහිත මැණික් කඳක් මෙන් නිර්මල වූ ජලය බැස යන ගංගාවද, එහි දෙපස ඉවුරුවල හා උයන් විමනේ දොරෙහි ද පස්වනක් වූ නෙළුම් මල් රැසකින් අලංකාර වූ පොකුණක් සහ රුවන්මය නැවක් ද පහළ විය. ඕ තොමෝ එහි දිවසැපත් විඳිමින් වෙසෙන්නීය.
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි “ඉඞ්ඝ මෙ ත්වං, ආනන්ද, උදපානතො පානීයං ආහරා”ති. ථෙරො “ඉදානි, භන්තෙ, උදපානො ථූණෙය්යකෙහි දූසිතො, න සක්කා පානීයං ආහරිතු”න්ති ආහ. භගවා දුතියම්පි තතියම්පි ආණාපෙසි. තතියවාරෙ ථෙරො භගවතො පත්තං ආදාය උදපානාභිමුඛො අගමාසි. ගච්ඡන්තෙ ථෙරෙ උදපානෙ උදකං පරිපුණ්ණං හුත්වා උත්තරිත්වා සමන්තතො සන්දති, සබ්බං තිණභුසං උපලවිත්වා සයමෙව අපගච්ඡති. තෙන සන්දමානෙන සලිලෙන උපරූපරි වඩ්ඪන්තෙන අඤ්ඤෙ ජලාසයෙ පූරෙත්වා තං ගාමං පරික්ඛිපන්තෙන ගාමප්පදෙසො අජ්ඣොත්ථරීයති. තං පාටිහාරියං දිස්වා බ්රාහ්මණා අච්ඡරියබ්භුතචිත්තජාතා භගවන්තං ඛමාපෙසුං, තඞ්ඛණඤ්ඤෙව උදකොඝො අන්තරධායි. තෙ භගවතො ච භික්ඛුසඞ්ඝස්ස ච නිවාසට්ඨානං සංවිධාය ස්වාතනාය නිමන්තෙත්වා දුතියදිවසෙ මහාදානං සජ්ජෙත්වා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසිත්වා සබ්බෙ ථූණෙය්යකා බ්රාහ්මණගහපතිකා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං පයිරුපාසන්තා නිසීදිංසු.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූහ. ‘ආනන්දය, මෙහි එන්න, මට ළිඳෙන් පැන් ගෙන එන්න’ යයි වදාළහ. තෙරණුවෝ ‘ස්වාමීනි, දැනට ළිඳ ථූණ ගම්වැසියන් විසින් අපිරිසිදු කරනු ලැබ ඇත්තේ යයි ද, පැන් ගෙන ඒමට හැකිවන්නේ නැතැයි ද කීහ. භාග්‍යවතුන් වහන්සේ දෙවනුව ද, තෙවනුවද අණ කළහ. තුන්වන වර ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය රැගෙන ළිඳ දෙසට ගියහ. තෙරුන් එහි යනකල්හි ළිඳෙහි ජලය පිරි උතුරා ගොස් හාත්පසින් ගලාබසියි. සියලුම තණ හා දහයියා මතු වී තමන්ම ඉවත්ව ගියේය. මතු මතු ද වැඩිවෙමින් ගලාගෙන යන්නා වූ ඒ ජලයෙන් අන් ජලාශයන් පිරී ඒ ගම වටකොට ගම් පෙදෙස මඩිමින් පැතිරෙන්නේය. ඒ ප්රාතිහාර්යය දැක බ්‍රාහ්මණයෝ ආශ්චර්ය අද්භූත සිත් ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේ කමා කරවා ගත්හ. එකෙණෙහිම ජලගැල්ම අතුරුදන් විණි. ථූණ ගමෙහි වැසි සියලු ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේට ද, භික්ෂු සංඝයාට ද වාසස්ථාන සකස්කොට පසුදින (දානය) සඳහා ආරාධනා කොට දෙවන දිනයෙහි මහා දානයක් පිළියෙළ කොට බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයා ප්රණිත වූ ඛාද්‍ය භෝද්‍යයෙන් වළඳවා අහර ගෙන නිමකර පාත්‍රය ඉවත තැබූ භාග්‍යවතුන් වහන්සේ සමග සාමීචි කථා කරමින් හුන්හ.
තෙන ච සමයෙන සා දෙවතා අත්තනො සම්පත්තිං පච්චවෙක්ඛිත්වා තස්සා කාරණං උපධාරෙන්තී තං “පානීයදාන”න්ති ඤත්වා පීතිසොමනස්සජාතා “හන්දාහං ඉදානෙව භගවන්තං වන්දිස්සාමි, සම්මාපටිපන්නෙසු කතානං අප්පකානම්පි කාරානං උළාරඵලතඤ්ච මනුස්සලොකෙ පාකටං කරිස්සාමී”ති උස්සාහජාතා අච්ඡරාසහස්සපරිවාරා උය්යානාදිසහිතෙන විමානෙන සද්ධිංයෙව මහතියා දෙවිද්ධියා මහන්තෙන දෙවානුභාවෙන මහාජනකායස්ස පස්සන්තස්සෙව ආගන්ත්වා විමානතො ඔරුය්හ භගවන්තං උපසඞ්කමිත්වා අභිවාදෙත්වා අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. අථ නං භගවා තස්සා පරිසාය කම්මඵලං පච්චක්ඛතො විභාවෙතුකාමො –
එකල්හි ඒ දේවතා තොමෝ තමාගේ සම්පත් දැක එයට හේතු සලකා බලන්නී පැන් දන්දීම එයට හේතුව යයි දැන හටගත් ප්‍රීති සොම්නස් ඇත්තී මම දැන්මම භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නෙම් නම් යෙහෙකැයි සිතා, මනාව පිළිවෙත් පුරන උතුමන් කෙරෙහි කරන ලද සුලු වූ හෝ ක්‍රියාවන්ගේ ඵලය මහත් බව ද මිනිස් ලොවෙහි ප්‍රකට කරන්නෙමියි උත්සාහී වූවා අප්සරාවන් දහසක් පිරිවරා උයන හා ගඟ සහිතව විමානයම සමග මහත් වූ දිව්‍යමය සෘද්ධියෙන් ද, මහත් වූ දිව්‍යමය ආනුභාවයෙන් ද යුතුව මහජනතාව බලා සිටියදීම පැමිණ විමානයෙන් බැස භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ ඇඳිලි බැඳ සිටියාය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසට කර්මඵල ප්රත්යක්ෂ වශයෙන් පැහැදිලි කරනු කැමැත්තාහු :- ගාථා සතරකින් ප්‍රශ්න කළහ.
“සුවණ්ණච්ඡදනං නාවං, නාරි ආරුය්හ තිට්ඨසි; ඔගාහසි පොක්ඛරණිං, පද්මං ඡින්දසි පාණිනා.
සුවණ්ණච්ඡදනං තාවං නාරි ආරුය්හ තිට්ඨසි ඔගාහසී පොක්ඛරණිං පදුමං ජින්දසි පාණිතා
නැගී සිටින්නෙහිය. පොකුණට බැස අතින් නෙළුම් මල් නෙලන්නෙහිය.
“කූටාගාරා නිවෙසා තෙ, විභත්තා භාගසො මිතා; දද්දල්ලමානා ආභන්ති, සමන්තා චතුරො දිසා.
කූටාගාර නිවෙසා තෙ විභත්තා භාගසො මිතා දද්දල්ලමානා ආභන්ති සමන්තා චතුරො දිසා
ප්‍රමාණවත් කොටස් වශයෙන් බෙදන ලද්දා වූ ඔබේ කුටාගාර සහිත නිවස හාත්පස සිවුදෙසින්ම දීප්තිමත්ව බබලයි.
“කෙන තෙතාදිසො වණ්ණො, කෙන තෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.
කෙන තෙ තාදිසො වණ්ණො තෙන තෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්තිච තෙ භොගා යෙ කෙචි මනසො පියා
ඔබේ මනසට යම් කිසිවක් ප්‍රිය වේද, ඔබට ඒ සම්පත් පහළ වේ. ඔබට එබඳු වර්ණයක් කුමක් නිසා ලැබුණේද? ඔබට එබඳු සමෘද්ධියක් කුමක් නිසා පහළ වීද?
“පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති. –
පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්ස භුතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානු භාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති
මහානුභාව ඇති දේවතාවියනි, ඔබේ වර්ණය සියලු දිශාවන්ම බටලුවයි. මෙවැනි දීප්තිමත් ආනුභාවයක් කුමක් නිසා ලැබුණේද? මිනිස් දුවක වූවා කවරනම් පිනක් කෙළෙහිදැයි අසන්නෙමි’යි
චතූහි ගාථාහි පුච්ඡි.
යනුවෙන් ගාථා සතරකින් ප්‍රශ්න කළහ.
“සා දෙවතා අත්තමනා, සම්බුද්ධෙනෙව පුච්ඡිතා; පඤ්හං පුට්ඨා වියාකාසි, යස්ස කම්මස්සිදං ඵල”න්ති. –
සා දෙවතා අත්තමනා සම්බුද්ධෙනෙව පුච්ඡිතා පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵල’න්ති
සම්බුදු රජුන් විසින්ම ප්‍රශ්න කරන ලද, සතුටට පත් සිත් ඇති ඒ දේවතා තොමෝ මේ ඵලය කවරනම් කර්මයක්හුගේ දැයි යන බව අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළාය.
සඞ්ගීතිකාරා ආහංසු.
සංගායනා කාරක තෙරවරහු මෙසේ කීහ :
“අහං මනුස්සෙසු මනුස්සභූතා, පුරිමාය ජාතියා මනුස්සලොකෙ; දිස්වාන භික්ඛූ තසිතෙ කිලන්තෙ, උට්ඨාය පාතුං උදකං අදාසිං.
අහං මනුස්සෙසු මනුස්ස භූතා පුරිමාය ජාතියා මනුස්ස ලොකෙ දිස්වාන භික්ඛූ තසිතෙ කිලන්තෙ උට්ඨාය පාතුං උදකං අදාසිං
මම පෙර භවයෙහි මිනිස්ලොව මිනිසුන් අතර මිනිස් දුවක වූයෙම් පිපාසිත වූ ක්ලාන්ත වූ භික්ෂූන් දැක උනන්දු වී වනයට ජලය දුන්නෙමි.
“යො වෙ කිලන්තාන පිපාසිතානං, උට්ඨාය පාතුං උදකං දදාති; සීතොදකා තස්ස භවන්ති නජ්ජො, පහූතමල්යා බහුපුණ්ඩරීකා.
යෙවෙ කිලන්තාන පිපාසිතානං උට්ඨාය පාතුං උදකං දදාති සීතොදික තස්ස භවන්ති තජ්ජො පහූත මල්යා බහු පුණ්ඩරීකා
යමෙක් වනාහී ක්ලාන්ත වූ පිපාසිතයාට බීමට උනන්දුවෙන් ජලය ලබාදෙන්නේ ද, ඔහුට බොහෝ මල් ඇති, බොහෝ සුදු නෙළුම් ඇති, සිසිල් ජලය සහිත ගංගාවෝ පහළ වෙත්.
“තං ආපගා අනුපරියන්ති සබ්බදා, සීතොදකා වාලුකසන්ථතා නදී; අම්බා ච සාලා තිලකා ච ජම්බුයො, උද්දාලකා පාටලියො ච ඵුල්ලා.
තමා පගා අනුපරියත්ති සබ්බදා සීතොදිකා වාලුක සන්ථතා නදී අම්බාධ සාලා තිලකාච ජම්බුයො උද්දාලකා පාටලියෙන ච ඵුල්ලා
සිසිල් දියෙන් යුත් පැතුරුණ වැලිතලා ඇති, මල් පිපුණ අඹ, සල්, තිලක (නම් ගස් වර්ගය) දීම, ඇසළ, පළොල් යන වෘක්ෂයන්ගෙන් අලංකාරවත් වූ එම ගංගාව ඒ අසලින් ගලාගෙන යයි.
“තංභූමිභාගෙහි උපෙතරූපං, විමානසෙට්ඨං භුස සොභමානං; තස්සීධ කම්මස්ස අයං විපාකො, එතාදිසං පුඤ්ඤකතා ලභන්ති.
තං භූමි භාගෙහි උපෙත රූපං විමාන සෙට්ඨං භූස සොභමානං තස්සීධ කම්මස්ස අයං විපාකො එතාදිසං කතපුඤ්ඤං ලභන්ති
මෙහි (පෙර කියන ලද පරිදි අලංකාරවත්) භූමිභාගයන්ගෙන් යුතු වූ බෙහෙවින් ශෝභමාන වූ උතුම් විමානයක් වේ. මෙය පෙර සිදුකළ ඒ කර්මයාගේ විපාකයයි. පින් කළාහු මෙවැනි ඵල ලබති.
“කූටාගාරා නිවෙසා මෙ, විභත්තා භාගසො මිතා; දද්දල්ලමානා ආභන්ති, සමන්තා චතුරො දිසා.
කූටාගාරා නිවෙසන මෙ විභත්තා භාගසෙන මිතා දද්දල්ලමානා ආභන්ති සමන්තා චතුරො දිසා
ප්‍රමාණවත් කොටස් වශයෙන් බෙදන ලද්දා වූ මගේ කූටාගාර සහිත වූ නිවස හාත්පස සිවුදෙසින්ම දීප්තිමත්ව බබලයි.
“තෙන මෙතාදිසො වණ්ණො, තෙන මෙ ඉධ මිජ්ඣති; තප්පජ්ජන්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.
තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්තිච මෙ භොගා යෙ කෙචි මනසො පියා
සිතට යමක් ප්‍රිය වේද ඒ සම්පත් මට ලැබෙන්නේය. (පෙර කියූ පිදීම් සහ වැඳීම් යන) ඒ කරුණු නිසා මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ කරුණු නිසා මට මෙබඳු ඉසුරුමත් බවක් ලැබිණ.
“අක්ඛාමි තෙ බුද්ධ මහානුභාව, මනුස්සභූතා යමකාසි පුඤ්ඤං; තෙනම්හි එවං ජලිතානුභාවා, වණ්ණො ච මෙ සබ්බදිසා පභාසති; එතස්ස කම්මස්ස ඵලං මමෙදං, අත්ථාය බුද්ධො උදකං අපායී”ති. –
තෙනම්හි එවං ජලිතානු භාවා වණ්ණොච මෙ සබ්බදිසා පභාසති එතස්ස කම්මස්ස ඵලං මමෙදං අත්ථාය බුද්ධො උදකං අපායී’ති
ඒ කරුණ නිසා මෙවන් බැබලීම් සහිත ආනුභාවයක් ඇති තැනැත්තියක වෙමි. මගේ වර්ණය ද සියලු දිශාවන්ම බබලුවයි. බුදුන් වහන්සේ (මගෙන්) ජලය පානය කළහ. මාගේ මේ පුණ්‍යඵලය එම ක්‍රියාව සඳහාය.
විස්සජ්ජනගාථායො.
යන මේවා විසඳීම් ගාථාවන්ය.
තත්ථ කිඤ්චාපි සා දෙවතා යදා භගවා පුච්ඡි, තදා තං නාවං ආරුය්හ න ඨිතා, න පොක්ඛරණිං ඔගාහති, නාපි පදුමං ඡින්දති, කම්මානුභාවචොදිතා පන අභිණ්හං ජලවිහාරපසුතා තථා කරොතීති තං කිරියාවිච්ඡෙදං දස්සනවසෙනෙවං වුත්තං. අයඤ්ච අත්ථො න කෙවලමිධෙව, අථ ඛො හෙට්ඨිමෙසුපි එවමෙව දට්ඨබ්බො.
එහි කෙසේ වුවද, යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්දුවගෙන් ප්‍රශ්න කළ සේක් ද, එවිට ඒ දෙව්දුව එම නැවට නැග සිටියා නොවේ. පොකුණට බැසා නොවේ. පියුම් නෙලා ගත්තා ද නොවේ. කර්මානුභාවය අනුව (එසේ සිදුවී යයි) කියන ලදී. ඇය නිතර ජලය ඇසුරේ විසූ බැවින් එසේ කළා යයි ඒ ක්‍රියාව විග්රහ කිරීම, දුටු දෙයක් කියන අයුරින්ම කියන ලදී. මෙම අර්ථය වූ කලී මෙතැනට පමණක් යෙදෙන්නක් නොවේ. වැලි මතු හමුවන තැන්හි දී ද මෙසේ යෙදේයයි දතයුතු වේ.
කූටාගාරාති සුවණ්ණමයකණ්ණිකාබද්ධගෙහවන්තො. නිවෙසාති නිවෙසනානි, කච්ඡරානීති අත්ථො. තෙනාහ “විභත්තා භාගසො මිතා”ති. තානි හි චතුසාලභූතානි අඤ්ඤමඤ්ඤස්ස පටිබිම්බභූතානි විය පටිවිභත්තරූපානි සමප්පමාණතාය භාගසො මිතානි විය හොන්ති. දද්දල්ලමානාති අතිවිය විජ්ජොතමානා. ආභන්තීති මණිරතනකනකරංසිජාලෙහි ඔභාසෙන්ති.
කුටාගාරා = රනින් කරන ලද කර්ණිකාවක් (හෙවත් වහලයේ මුදුනක්) සහිත ගෙයක් ඇති. නිවෙසා වාසස්ථාන වෙන් කළ කාමර යන අර්ථය වේ. එහෙයින් මෙසේ කියන ලදී. විභත්තා භාගසො මිතා එකිනෙකට පිළිබිඹු මෙන් වූ ශාලාවන් සතරකින් යුත් නිවෙස ප්‍රමාණවත් සේ බෙදන ලද්දාක් මෙන් වේ. දද්දල්ලමානා අතිශයින් බබලන්නා වූ. ආභන්ති මැණික්වල හා රත්රන්වල රැස් දහරින් බබලන.
මමාති ඉදං පුබ්බාපරාපෙක්ඛං, මම කම්මස්ස මම අත්ථායාති අයඤ්හෙත්ථ යොජනා. උදකං අපායීති යදෙතං උදකදානං වුත්තං, එතස්ස පුඤ්ඤකම්මස්ස ඉදං ඵලං යායං දිබ්බසම්පත්ති, යස්මා මමත්ථාය සදෙවකෙ ලොකෙ අග්ගදක්ඛිණෙය්යො බුද්ධො භගවා මයා දින්නං උදකං අපායීති. සෙසං වුත්තනයමෙව.
භික්ඛූ බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයා සඳහා මෙය කියයි. මම මෙය මගේ ක්‍රියාවට මට ඵලයක් ලැබේ යන පූර්වාපර සිද්ධීන් අපේක්ෂිත වූ අදහසයි. මෙහි අර්ථය යෙදීම මෙසේ වේ. ‘උදකං ආදාසිං’ යන මෙයින් ජල දානය ගැන කියන ලදී. යම්හෙයකින් මගේ යහපත සඳහා දෙවියන් සහිත ලොවෙහි දන් දනු ලැබීමට අධිකතම සුදුසුකම් ඇති තැනැත්තා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මා විසින් පුදන ලද ජලය පානය කළ සේක් ද, එම පුණ්‍ය ක්‍රියාවට සමාන වූ ඵලය නම් මේ දිව්‍ය සම්පත්තියයි. සෙස්ස කියන ලද පරිදිම වේ.
එවං පසන්නමානසාය දෙවතාය භගවා සාමුක්කංසිකං ධම්මදෙසනං කරොන්තො සච්චානි පකාසෙසි. සා දෙසනාපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සම්පත්තපරිසායපි ධම්මදෙසනා සාත්ථිකා අහොසි.
මෙසේ පැහැදුණ සිත් ඇති දේවතාවියට ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගත් ධර්මය දේශනා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ (චතුරාර්ය) සත්‍යයන් දේශනා කළහ. දේශනා කෙළවර ඒ දේවතා තොමෝ සෝවාන් ඵලයෙහි පිහිටියාය. පැමිණි පිරිසට ද ඒ ධර්ම දේශනය ප්‍රයෝජනවත් වූයේය.
තතියනාවාවිමානවණ්ණනා නිට්ඨිතා.
තෙවන නාවා විමාන වර්ණනාව නිමියේය.