යෙදුමෙන් කියවන්න

තතියනාවා විමානං

1. 8.

1. 8.

63. සුවණ‍්ණච‍්ඡදනං නාවං නාරී ආරුය‍්හ තිට‍්ඨසි, ඔගාහසි පොක‍්ඛරණිං පදුමං ඡින්‍දසි පාණිනා.

63. (එම්බා) දෙව්දුව, තෝ රනින් කළ පියසි ඇති නැවකට නැගී සිටිනහු. (එසේ ම දිව කුසුමෙන් ගැවසුණු) පොකුණට බැස සිටිනහු. අතින් පියුම් නෙළනහු.

64. කූටාගාරා නිවෙසා තෙ විභත‍්තා භාගසො මිතා, දද‍්දල‍්ලමානා ආභන‍්ති සමන‍්තා චතුරො දිසා.

64. කොටස් වශයෙන් බෙදනලද ප්‍රමාණවත් වූ, කුළුගෙවල් ඇති බබළන්නා වූ තීගේ නිවෙස්හු හාත්පස සිවුදිගුන් බබුළුවත්.

65. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.

65. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?

66. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

66. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වූ ද?

67. සා දෙවතා අත‍්තමනා සම‍්බුද‍්ධෙනෙව පුච‍්ඡිතා පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලන‍්ති.

67. සම්බුදු රදුන් විසින් ම පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි (මෙසේ) පැවසූ ය.

68. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා පුරිමාය ජාතියා මනුස‍්සලොකෙ, දිස‍්වාන භික‍්ඛූ තසිතෙ කිලන‍්තෙ උට‍්ඨාය පාතුං උදකං අදාසිං.

68. මම පෙර අත්බැවුහි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස්දුවක් වූවා. හටගත් පවස් ඇති ක්ලාන්ත වූ භික්‍ෂූන් දැක නැගී සිට පීමට පැන් දුනිමි.

69. යො වෙ කිලන‍්තාන පිපාසිතානං උට‍්ඨාය පාතුං උදකං දදාති, සීතොදකා තස‍්ස භවන‍්ති නජ‍්ජො පහූතමාල්‍යා බහු පුණ‍්ඩරීකා.

69.යමෙක් ඒකාන්තයෙන් හටගත් පවස් ඇති ක්ලාන්ත වූවන්ට නැගී සිට පීමට පැන් දේ ද, ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මල් ඇති බොහෝ සුදුපියුම් ඇති නදීහු පහළ වෙති.

70. තමාපගා අනුපරියන‍්ති සබ‍්බදා සීතොදකා වාලුකසන්‍ථතා නදී, අම‍්බා ච සාලා තිලකා ච ජම‍්බුයො උද‍්දාලකා පාටලියො ච ඵුල‍්ලා.

70. හැම කල්හි ම සිහිල්දිය ගලාබස්නා සිහිල්දිය පිරුණු සුදුවැලි අතුරනලද ගඞ්ගාවෝ ඔහුගේ විමන වටකොට සිටිත්. පිපුණු මල් ඇති අඹ සල් තිලක දඹ ඇසල පළොල් රුක්හු ද එහි වෙත්.

71. තං භූමිභාගෙහි උපෙතරූපං විමානසෙට‍්ඨං භුසසොභමානං, තස‍්සීධ කම‍්මස‍්ස අයං විපාකො එතාදිසං කතපුඤ‍්ඤා ලභන‍්ති.

71. එවැනි භූමිභාගයන්ගෙන් පැසසියයුතු බැවින් යුක්ත වූ අතිශයින් බබළන දිව්‍යවිමාන ලබත්. (එදා මාවිසින් කළ) ඒ කර්‍මයාගේ මෙහි මේ විපාකය වෙයි. කළ පිනැත්තෝ මෙබඳු සම්පත් ලබත්.

72. කූටාගාරා නිවෙසා මෙ විභත‍්තා භාගසො මිතා, දද‍්දල‍්ලමානා ආභන‍්ති සමන‍්තා චතුරො දිසා.

72. කොටස් වශයෙන් බෙදනලද ප්‍රමාණවත් වූ කුළුගෙවල් ඇති බබළන්නා වූ මාගේ නිවෙස්හු හාත්පස සිවුදිගුන් බබුළුවත්.

73. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

73. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

74. තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසති, එතස‍්ස කම‍්මස‍්ස ඵලං මමෙදං අත්‍ථාය බුද‍්ධො උදකං අපායීති.

74. මෙසේ මම ඒ පිනෙන් දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. ඒ මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. බුදුරජාණන් වහන්සේ මාගේ ප්‍රයෝජනය පිණිස පැන් වැළදුසේක් ද ඒ කුසල කර්‍මයාගේ මේ විපාකය වේ.

තතියනාවා විමානං.

තෘතීය නාවාවිමාන යි.