යෙදුමෙන් කියවන්න

දුතියනාවාවිමානං

1. 7.

1. 7.

53. සුවණ‍්ණච‍්ඡදනං නාවං නාරී ආරුය‍්හ තිට‍්ඨසි, ඔගාහසි පොක‍්ඛරණිං පදුමං ඡින්‍දසි පාණිනා.

53. (එම්බා) දෙව්දුව, තෝ රනින් කළ පියසි ඇති නැවකට නැගී සිටිනහු. (එසේ ම දිව කුසුමෙන් ගැවසුණු) පොකුණට බැස සිටිනහු. අතින් පියුම් නෙළනහු.

54. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.

54. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?

55. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

55. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?

56. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

56. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කර්‍මයක්හුගේ දැ යි මෙසේ පැවසූ ය.

57. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා පුරිමාය ජාතියා මනුස‍්සලොකෙ, දිස‍්වාන භික‍්ඛුං තසිතං කිලන‍්තං උට‍්ඨාය පාතුං උදකං අදාසිං.

57. මම පෙර, අත්බැව්හි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා. හටගත් පවස් ඇති ක්ලාන්ත වූ මහණක්හු දැක නැගී සිට බීමට පැන් දුනිමි.

58. යො චෙ කිලන‍්තස‍්ස පිපාසිතස‍්ස උට‍්ඨාය පාතුං උදකං දදාති, සීතොදකා තස‍්ස භවන‍්ති නජ‍්ජො පහූතමාල්‍යා බහුපුණ‍්ඩරීකා.

58. යමෙක් ඒකාන්තයෙන් ක්ලාන්ත වූ හටගත් පවස් ඇති මහණක්හට නැගී සිට වළඳන්නට පැන් දේ ද ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මල් ඇති බොහෝ සුදු පියුම් ඇති නදීහු පහළ වෙත්.

59. තමාපගා අනුපරියන‍්ති සබ‍්බදා සීතොදකා වාලුකසන්‍ථතා නදී, අම‍්බා ච සාලා තිලකා ච ජම‍්බුයො උද‍්දාලකා පාටලියො ච ඵුල‍්ලා.

59. හැම කල්හිම සිහිල්දිය ගලාබස්නා සිහිල්දිය පිරුණු සුදුවැලි අතුරන ලද ගඞ්ගාවෝ ඒ විමන වටකොට සිටිත්. පිපුණු මල් ඇති අඹ සල් තිලක දඹ ඇසළ පළොල් රුක්හු ද (එහි) වෙති.

60. තං භූමිභාගෙහි උපෙතරූපං විමානසෙට‍්ඨං භුසසොභමානං, තස‍්සීධ කම‍්මස‍්ස අයං විපාකො එතාදිසං කතපුඤ‍්ඤා ලභන‍්ති.

60. එවැනි භූමිභාගයන් ගෙන් පැසසියයුතු බැවින් යුක්ත වූ අතිශයින් බබළන ශ්‍රේෂ්ඨ වූ දිව්‍යවිමාන ලබත්. (එදා මා විසින් කළ) ඒ කර්‍මයාගේ මෙහි මේ විපාකය වෙයි. කළ පිනැත්තෝ මෙබඳු සම්පත් ලබත්.

61. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

61. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

62. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං, තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.

62.මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.

දුතියනාවාවිමානං.

ද්විතීය නාවාවිමාන යි.