පඨමනාවාවිමානං
1. 6.
1. 6.
43. සුවණ‍්ණච‍්ඡදනං නාවං නාරී ආරුය‍්හ තිට‍්ඨසි, ඔගාහසි පොක‍්ඛරණිං පදුමං ඡින්‍දසි පාණිනා.
43. ( එම්බා) දෙව්දුව, තෝ රනින් කළ පියසි ඇති නැවකට නැගී සිටින්නෙහිය. ( එසේ ම දිව කුසුමෙන් ගැවසුණු) පොකුණට බැස යිටිනෙහි අතින් පුයුම් නෙළනෙහි.
44. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
44. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වි ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන යම්කිසි සම්පත්තීහු වෙත්ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
45. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති,
45. මහත් අනුභව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස්වූවා කවර පිනක් කළහු ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගින් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වවු ද?
46. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්සකම‍්මස‍්සිදං ඵලන‍්තී.
46. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පුළුවුස්නා ලද්දී(මෙසේ) පැවසූ ය.
47. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා පුරිමාය ජාතියා මනුස‍්සලොකෙ, දිස‍්වාන භික‍්ඛූ තසිතෙ කිලන‍්තෙ උට‍්ඨාය පාතුං උදකං අදාසිං.
47. මම පෙරැ අත්බැව්හි මිනිස් ලොවැ මිනිසුන් කෙරෙහි මිනිස් දුවක් වූවා. හටගත් පවස් ඇති ක්ලාන්ත වූ භික්‍ෂූන් දැක වහා නැගී සිට වළඳන්නට පැනිත්තක් දුනිමි.
48. යො වෙ කිලන‍්තාන පිපාසිතානං උට‍්ඨාය පාතුං උදකං දදාති, සීතොදකා තස‍්ස භවන‍්ති නජ‍්ජො පහූතමාල්‍යා බහුපුණ‍්ඩරීකා.
48. යමෙක් ඒකාන්තයෙන් ක්ලාන්ත වූ හටගත් පැවස් අත්තවුනට වහා නැගී සිට පැන් දේ ද, ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මලින් ගැවසී ගත් බොහෝ සුදු පියුම් ඇති නදීහු පහළ වෙති.
49. තමාපගා අනුපරියන‍්ති සබ‍්බදා සීතොදිකා වාලුකසන්‍ථතා නදී, අම‍්බා ච සාලා තිලකා ච ජම‍්බුයො උද‍්දාලකා පාටලියො ච ඵුල‍්ලා.
49. හැමකල්හි ම සිහිල් දිය ගලා බස්නා සිහිල් දිය පිරුණු සුදුවැලි අතුරන ලද ගඞ්ගාවෝ ඒ විමන වටකොට සිටිති. පිපුණු මල් ඇති අඹ සල් තිලක දඹ ඇසළ පළොල් රුක්හු ද (එහි) වෙති.
50. තං භූමිභාගෙහි උපෙතරූපං විමානසෙට‍්ඨං භුසසොභමානං, තස‍්සීධ කම‍්මස‍්ස අයං විපාකො එතාදිසං කතපුඤ‍්ඤා ලභන‍්ති.
50. එවැනි (පොකුණු ගඞ්ගා හා උයන්වලින් යුත්) භූමිභාගයන් ගෙන් පැසසියයුතු බැවින් යුක්ත වූ බෙහෙවින් බබළන ශ්‍රේෂ්ඨ වූ දිව්‍ය විමාන ලබත්. (එදා මා විසින් කළ) ඒ කර්‍මයාගේ මෙහි මේ විපාකය වෙයි. කළ පිනැත්තෝ මෙබඳු සම්පත් ලබත්.
51. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
51. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
52. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං, තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.
52. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වු මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.