යෙදුමෙන් කියවන්න

කුඤ‍්ජරවිමානං

1. 5.

1. 5.

31. කුඤ‍්ජරො තෙ වරාරොහො නානා රතනකප‍්පනො, රුචිරො ථාමවා ජවසම‍්පන‍්නො ආකාසම‍්හි සමීහති. 32. පදුමී පදුමපත‍්තක‍්ඛී පදුමුප‍්පලජුතින්‍ධරො, පදුම චුණ‍්ණාභිකිණ‍්ණඞ‍්ගො සොණ‍්ණපොක‍්ඛරමාලවා

31-32. පියුම් පෙති වැනි ඇස් ඇති දෙව්දුව, නොයෙක් රුවනින් කළ සන්නාහ ඇති සිත්කලු වූ ශක්තිමත් වූ ශීඝ්‍ර ජව ඇති පියුම් පැහැයෙන් යුක්ත වු පියුම් උපුල් පැහැ දරන්නා වු පියුම්කෙසුරෙන් ගැවසී ගත් සිරුරු ඇති රනින් කළ පියුම් මල්දම් දරන්නා වූ තීගේ මේ උතුම් ඇත්වාහනය අහසෙහි (පිට සිටියවුන් නො සල්මින්) යයි.

33. පදුමානුසටං මග‍්ගං පදුමපත‍්තවිභූසිතං, ඨීතං වග‍්ගුමනුග‍්ඝාති මිතං ගච‍්ඡති වාරණො

33. ඒ ඇත්වාහනය පියුම්වලින් ගැවසීගත්තා වූ නන්පැහැති පියුම් පෙත්තෙන් වෙසෙසින් බබළමින් සිටියා වූ මාර්‍ගයෙහි මැනැවින් පමණින් යුතුව පා තබමින් ගමන් කරයි.

34. තස‍්ස පක‍්කමමානස‍්ස සොණ‍්ණකංසා රතිස‍්සරා, තෙසං සූය්‍යති නිග‍්ඝොසො තුරියෙ පඤ‍්චඞ‍්ගිකෙ යථා

34. යන්නා වූ ඒ ඇත්වාහනය දෙපස කන්කලු නද ඇති රන්මුවා ඝණ්ටාවෝ (එල්බෙමින් සැලෙත්) ඔවුන්ගේ නාදය පසඟතුරු නද මෙන් ඇසේ.

35. තස‍්ස නාගස‍්ස ඛන්‍ධස‍්මිං සුචිවත්‍ථා අලඞ‍්කතා, මහන‍්තං අච‍්ඡරාසඞ‍්ඝං වණ‍්ණෙන අතිරොචසි

35. ඒ ඇත්වාහනයාගේ කඳෙහි පිවිතුරු සළුපටින් සැරසීසිටි තෙපි මහත් වූ දිව්‍යකන්‍යා සමූහයා රූපයෙන් ඉක්මවා බබළව.

36. දානස‍්ස තෙ ඉදං ඵලං අථො සීලස‍්ස වා පන, අථො අඤ‍්ජලිකම‍්මස‍්ස තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතාති.

36. තීගේ මේ පුණ්‍යවිපාකය දානයක්හුගේ ද, නැතහොත් ශීලයක් හුගේ ද, එසේත් නැතහොත් අඤ්ජලීකර්‍මයක්හුගේ දැ යි මා විසින් විචාරන ලද්දී එය කියව.

37. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලන‍්ති.

37. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පුළුවුස්නා ලද්දී (මෙසේ) පැවසූ ය.

38. දිස‍්වාන ගුණසම‍්පන‍්නං ඣායිං ඣානරතං සතං, අදාසිං පුප‍්ඵාභිකිණ‍්ණං ආසනං දුස‍්සසන්‍ථතං.

38. සියලු (ශ්‍රමණ) ගුණයෙන් යුක්ත වූ ධ්‍යාන කරන සුලු වූ සත්පුරුෂ වූ දැහැනෙහි ඇලුණු මහණක්හු දැක (උන්වහ්හන්සේට වැඩහිඳීම පිණිස) මලින් ගැවසුණු අලුත් පිළි අතුළ අසුනක් දුනිමි.

39. උපඩ‍්ඪපදුමමාලාහං ආසනස‍්ස සමන‍්තතො, අබ‍්භොකිරිස‍්සං පත‍්තෙහි පසන‍්නා සෙහි පාණීහි.

39. ඒ අසුන හාත්පස (බිමැ) මම අඩක් පමණ සියුම් මල්මාලා තබා සියතින් මා මල්පෙති විසිරවීමි.

40. තස‍්ස කම‍්මස‍්ස කුසලස‍්ස ඉදං මෙ ඊදිසං ඵලං, සක‍්කාරො ගරුකාරො ච දෙවානං අපචිතා අහං.

40. මා කළ ඒ කුශල කර්‍මයාගේ විපාකය මේ ය , මෙබඳු ය (දෙවියන්ගේ ) සත්කාරය හා ගෞරවය (මා කෙරෙහි ) විය. මම දෙවියන් විසින් පුදන ලද්දී වෙමි.

41. යො චෙ සම‍්මාවිමුත‍්තානං සත‍්තානං බ්‍රහ‍්මචාරිනං, පසන‍්නො ආසනං දජ‍්ජා එවං නන්‍දො යථා අහං.

41. යමෙක ඒකාන්තයෙන් මොනවට කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ ශාන්ත කයවාග්මනස් කර්‍ම ඇති බ්‍රහ්මචාරීන්ට සැදෑ සිතැත්තේ අසුනක් දේ නම් හෙතෙමේ මා මෙන් දිව්‍ය සම්පත් ලබා සතුටු වන්නේය .

42. තස‍්මාහි අත්‍ථකාමෙන මහන‍්තම‍්භිකඞ‍්ඛතා, ආසනං දාතබ‍්බං හොති සරීරන‍්තිමධාරිනන‍්ති.

42. එබැවින් තමාට හිත කැමති මහත් පින්ඵල කැමැත්තහු විසින් රහතුන් වහන්සේට අසුන් දියයුතු වේ.

කුඤ‍්ජරවිමානං.

කුඤ්ජරවිමාන යි.