යෙදුමෙන් කියවන්න

චතුත්‍ථපීඨවිමානං

1. 4.

1. 4.

23. පීඨං තෙ වෙළුරියමයං උළාරං මනොජවං ගච‍්ඡති යෙන කාමං, අලඞ‍්කතෙ මාල්‍යධරෙ සුවත්‍ථෙ ඔභාසසි විජ‍්ජුරිවබ‍්භකූටං.

23. යහපත් දිවසළු හැඳගත් දිවමලින් බර වූ සැරැහුණු සිරුරු අති (එම්බා) දෙව්දුව තීගේ රුවන්මුවා මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසි සේ යයි. තෝ විදුලිය වැළඳගත් සැඳෑ වලාකුලක් මෙන් බැබළව.

24. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.

24. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද, කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද, මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් නම් ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?

25. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

25. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුලුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?

26. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

26. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කර්‍මයක්හු ගේ දැ යි පුළුවුස්නා ලද්දී (මෙසේ ) පැවසූ ය.

27. අප‍්පස‍්ස කම‍්මස‍්ස ඵලං මමෙදං යෙනම‍්හි එවං ජලිතානුභාවා අයං මනුස‍්සෙසු මනුස‍්සභූතා පුරිමාය ජාතියා මනුස‍්සලොකෙ.

27. (වහන්ස) මම (පෙර) අත්බැව්‍හි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා යම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙම්ද මෙය (පෙර කළ) මාගේ ස්වල්ප කුශල කර්‍මයක්හු පිළිබඳ විපාකයෙකි.

28. අද‍්දසං විරජං භික‍්ඛුං විප‍්පසන‍්නමනාවිලං, තස‍්ස අදාසහං පීඨං පසන‍්නා සෙහි පාණිහි.

28. පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නො කැලඹුණු සිත් ඇති මහණක්හු දුටිමි. (දැක) පහන් වූ මම් උන් වහන්සේට සියතින් පුටුවක් දුනිමි.

29. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

29. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

30. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං, තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.

30. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.

චතුත්‍ථපීඨවිමානං.

චතුර්‍ත්‍ථ පීඨවිමාන යි.