යෙදුමෙන් කියවන්න

දීපවිමානං

1. 9.

1. 9.

75. අභික‍්කන‍්තෙන වණ‍්ණෙන යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ, ඔභාසෙන‍්ති දිසා සබ‍්බා ඔසධී විය තාරකා.

75. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිවු ද,

76. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.

76. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?

77. කෙන ත්‍වං විමලොභාසා අතිරොචසි දෙවතෙ, කෙන තෙ සබ‍්බගත‍්තෙහි සබ‍්බා ඔභාසරෙ දිසා.

77. (එම්බා) දෙව්දුව, නිර්‍මල වූ ශරීරාලෝකයක් ඇති තෙපි කවර පිනෙකින් (අන් හැම සුරන් මැඩ) බබළන්නහු ද? කවර පිනෙකින් තීගේ සියලු ශරීරාවයවයන්ගෙන් සියලු දිගුහු බබළත් ද?

78. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

78.මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද? තීගේ (මේ) සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වූ ද?

79. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

79. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසූ ය.

80. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා පුරිමාය ජාතියා මනුස‍්සලොකෙ, තමන්‍ධකාරම‍්හි තිමීසිකායං පදීපකාලම‍්හි අදං පදීපං

80.මම පෙර අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා පහන් දැල්වීමට සුදුසු බොල් ගන අඳුරෙහි පහන් උපකරණ දුනිමි.

81. යො අන්‍ධකාරම‍්හි තිමීසිකායං පදීපකාලම‍්හි දදාති දීපං, උප‍්පජ‍්ජති ජොතිරසං විමානං පහූතමාල්‍යං බහුපුණ‍්ඩරීකං.

81. යමෙක් පහන් දැල්වීමට සුදුසු බොල් ගන අඳුරෙහි පහන් දේ ද, (ඒ පිනෙන් හේ) බොහෝ උපුල් මල් ඇති බොහෝ සුදුපියුම් ඇති ජෝතිරස විමානයට පිළිසඳ විසින් පැමිණෙයි.

82. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

82. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

83. තෙනාහං විමලොභාසා අතිරොචාමි දෙවතා, තෙන මෙ සබ‍්බගත‍්තෙහි සබ‍්බා ඔභාසරෙ දිසා.

83. නිර්‍මල වූ ශරීරාලෝක ඇති මම ඒ පින කරණකොට ගෙන අන් හැම දෙවියන් ඉක්මවා බබළමි. ඒ පිනින් මාගේ සියලු ශරීරාවයවයන් ගෙන් සියලු දිගුහු බබළත්.

84. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං, තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.

84. මහත් ආනුභාව ඇති ශ්‍රමණන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.

දීපවිමානං.

දීපවිමාන යි.