යෙදුමෙන් කියවන්න

9. දීපවිමානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

9. දීපවිමානවණ‍්ණනා

9. දීපවිමාන වර්ණනා

අභික‍්කන‍්තෙන වණ‍්ණෙනාති දීපවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවති සාවත්‍ථියං විහරන‍්තෙ උපොසථදිවසෙ සම‍්බහුලා උපාසකා උපොසථිකා හුත්‍වා පුරෙභත‍්තං යථාවිභවං දානං දත්‍වා කාලස‍්සෙව භුඤ‍්ජිත්‍වා සුද‍්ධවත්‍ථනිවත්‍ථා සුද‍්ධුත‍්තරාසඞ‍්ගා ගන්‍ධමාලාදිහත්‍ථා පච‍්ඡාභත‍්තං විහාරං ගන‍්ත්‍වා මනොභාවනීයෙ භික‍්ඛූ පයිරුපාසිත්‍වා සායන‍්හෙ ධම‍්මං සුණන‍්ති. විහාරෙයෙව වසිතුකාමානං තෙසං ධම‍්මං සුණන‍්තානංයෙව සූරියො අත්‍ථඞ‍්ගතො, අන්‍ධකාරො ජාතො. තත්‍ථෙකා අඤ‍්ඤතරා ඉත්‍ථී “ඉදානි දීපාලොකං කාතුං යුත‍්ත”න‍්ති චින‍්තෙත්‍වා අත‍්තනො ගෙහතො පදීපෙය්‍යං ආහරාපෙත්‍වා පදීපං උජ‍්ජාලෙත්‍වා ධම‍්මාසනස‍්ස පුරතො ඨපෙත්‍වා ධම‍්මං සුණි. සා තෙන පදීපදානෙන අත‍්තමනා පීතිසොමනස‍්සජාතා හුත්‍වා වන්‍දිත්‍වා අත‍්තනො ගෙහං ගතා. සා අපරභාගෙ කාලං කත්‍වා තාවතිංසභවනෙ ජොතිරසවිමානෙ නිබ‍්බත‍්ති. සරීරසොභා පනස‍්සා අතිවිය පභස‍්සරා අඤ‍්ඤෙ දෙවෙ අභිභවිත්‍වා දස දිසා ඔභාසයමානා තිට‍්ඨති. අථෙකදිවසං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො දෙවචාරිකං චරන‍්තොති සබ‍්බං හෙට‍්ඨා ආගතනයෙනෙව වෙදිතබ‍්බං. ඉධ පන –

අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් දීප විමාන වස්තුව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන කල්හි පොහෝ දිනයෙහි බොහෝ උපාසකවරු පෙහෙවස් සමාදන් වී පෙරවරුවෙහි සම්පත් ඇති පරිද්දෙන් දන් දී කල්තබාම අහර ගෙන සුදුවත් හැඳ, සුදු උතුරු සළු දරා ගඳමල් ආදිය ගත් අත් ඇත්තාහු පස්වරුවෙහි විහාරයට ගොස් මන වඩන්නා වූ භික්‍ෂූන් ඇසුරුකොට සවස්කල්හි ධර්ම ශ්‍රවණය කරත්. විහාරයෙහිම වසනු කැමති ඔවුන් ධර්ම ශ්‍රවණය කරන කල්හිම හිරු අවරට ගියේ අඳුරු වූයේය. එහිදී එතරා (නම් ගොත් ආදියෙන් අප්‍රසිද්ධ වූ) ස්ත්‍රියක් දැන් පහන් දැල්වීම සුදුසු යයි සිතා, පහන් දැල්වීමට අවශ්‍ය දේ තම නිවසින් ගෙන්වා පහන් දල්වා ධර්මාසනයට ඉදිරියෙන් තබා ධර්ම ශ්‍රවර්ණය කළාය. ඕ තොමෝ ඒ ආලෝක දානයෙන් සතුටු වී ප්‍රීති සොම්නස් උපදවා වැඳ තමාගේ නිවසට ගියාය. ඇය පසුකලෙක කලුරියකොට තව්තිසා භවනයෙහි (සිතූ පැතූ දේ ලබාදෙන බැවින්) ජෝතිරස නම් වූ විමානයෙහි උපන්නාය. අතිශයින් ආලෝකය විහිදුවන්නා වූ ඇගේ ශරීර ශෝභාව අන් දෙවිවරුන් අභිබවා දස දිසාවන් බබුලුවමින් පවතී. ඉක්බිති එක් දිනයෙක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන තෙරණුවෝ දිව්‍යලෝක චාරිකාවෙහි යෙදෙන්නාහු සඳු මෙන් ද හිරු මෙන් ද දස දිසාවන් බබුලුවමින් දහසක් අප්සරාවන් පිරිවරකොට සිටි ඒ දෙව්දුව දැක, පහත සඳහන් ගාථා සතරෙන් ප්‍රශ්න කළහ.

“අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ; ඔභාසෙන‍්තී දිසා සබ‍්බා, ඔසධී විය තාරකා.

අභික්කන්තෙන වණ්ණෙන යා ත්‍වං තිට්ඨසි දෙවතෙ ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා

දේවතාවියනි, යම්බඳු වූ ඔබ බබලන්නා වූ වර්ණයෙන් යුතුව සිටින්නෙහි ද, එබඳු වූ ඔබ ‘ඔසධී’ නම් තාරකාව මෙන් සියලු දිශාවන් බබළවන්නෙහිය.

“කෙන තෙතාදිසො වණ‍්ණො, කෙන තෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.

කෙන තෙ තාදිසො වණ්ණෙ කෙන තෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්තිච තෙ භොගා යෙකෙචි මනසො පියා

මනසට ප්‍රිය වූ යමක් වේද ඒ සම්පත් ඔබට ලැබෙන්නේය. ඔබට මෙබඳු වර්ණයක් කුමක් නිසා ලැබුණේ ද? ඔබට මෙබඳු සමෘද්ධියක් කුමක් නිසා ලැබුණේද?

“කෙන ත්‍වං විමලොභාසා, අතිරොචසි දෙවතා; කෙන තෙ සබ‍්බගත‍්තෙහි, සබ‍්බා ඔභාසතෙ දිසා.

කෙන ත්‍වං විමලොභාසා අතිරොචසි දෙවතෙ කෙන තෙ සබ්බ ගත්තෙහි සබ්බා ඔභාසතෙ දිසා

දේවතාවියනි, ඔබ අතිශයින් ප්‍රිය උපදවන්නෙහිය. ඔබට ඔතරම් පැහැදිලි බැබලීමක් කුමක් නිසා ලැබුණේ ද? ඔබේ මුලු සිරුරෙන්ම සියලුම දිශාවන් ආලෝකවත් වෙයි. කුමක් නිසා එසේ වේ ද?

“පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. –

පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභුතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානු භාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති

මහත් වූ ආනුභාව ඇති දේවතාවියනි, ඔබේ වර්ණය සියලු දිශාවන්ම බබුලුවයි. මෙවැනි දීප්තිමත් අනුභාවයක් කුමක් නිසා ලැබුණේ ද? මිනිස් දුවක වූවා කවරනම් පිනක් කෙළෙහි දැයි අසන්නෙමි’යි

චතූහි ගාථාහි පුච‍්ඡි.

යනුවෙන් ගාථා සතරකින් ප්‍රශ්න කළහ.

“සා දෙවතා අත‍්තමනා, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා; පඤ‍්හං පුට‍්ඨා වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං

මුගලන් මහ රහතුන් විසින් ප්‍රශ්න කරන ලද සතුටට පත් සිත් ඇති ඒ දේවතා තොමෝ මේ ඵලය කවරනම් කර්මයක්හුගේ දැයි යන බව, අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළාය.

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා, පුරිමාය ජාතියා මනුස‍්සලොකෙ; තමන්‍ධකාරම‍්හි තිමීසිකායං, පදීපකාලම‍්හි අදාසි දීපං.

අහං මනුස්සෙසු මනුස්ස භූතා පුරිමාය ජාතියා මනුස්ස ලොකෙ තමන්‍ධ කාරම්හි තිමීසි කායං පදීම කාලම්හි අදං පදීපං

මම පෙර භවයෙහි මිනිස්ලොව මිනිසුන් අතර මිනිස් දුවක වූයෙම් ඉතා අඳුරු රාත්‍රියක ගණ අඳුරෙහි පහන් දල්වන වේලෙහි පහන් පිදුවෙමි.

“යො අන්‍ධකාරම‍්හි තිමීසිකායං, පදීපකාලම‍්හි දදාති දීපං; උප‍්පජ‍්ජති ජොතිරසං විමානං, පහූතමල්‍යං බහුපුණ‍්ඩරීකං.

යො අන්‍කාරම්හි තිමීසි කායං පදීප කාලම්හි දදාති දීපං උප්පජ්ජති ජොතිරසං විමානං පහූත මල්‍යං බහුපුණ්ඩරීකං

යමෙක් ගණඳුරු රැයෙහි පහන් දැල්විය යුතු වේලෙහි පහන් දන් දෙන්නේ ද ඔහු වෙනුවෙන් ජොතිරස නම් මැණික්වලින් තැනුණ බොහෝ මල් ඇති බොහෝ වූ සුදු නෙළුම් ද සහිත විමානයක් පහළ වේ.

“තෙන මෙතාදිසො වණ‍්ණො, තෙන මෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.

තෙන මෙ තා තිසො වණ්ණො තෙන මෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්තිච මෙ භොගා යෙ කෙචි මනසො පියා

සිතට යමක් ප්‍රිය වේද, ඒ සම්පත් මට ලැබෙන්නේ ය. (පෙර කියූ පිදීම් හා වැඳීම් යන) ඒ කරුණු නිසා මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ කරුණු නිසා මට මෙබඳු ඉසුරුමත් බවක් ලැබිණ.

“තෙනාහං විමලොභාසා, අතිරොචාමි දෙවතා; තෙන මෙ සබ‍්බගත‍්තෙහි, සබ‍්බා ඔභාසතෙ දිසා.

තෙනාහං විමලොභාසා අතිරාචාමි දෙවතා තෙන මෙ සබ්බ ගත්තෙහි සබ්බා ඔභාසතෙ දිසා

(පෙර කී) ඒ හේතූන් නිසා මම දෙව්දුවක වූයෙම් පිරිසිදු ආලෝකයක් සහිතව අතිශයින් බැබලෙමි. ඒ හේතුන් නිසා මාගේ සකල ශරීරයෙන්ම සියලු දිශාවන්ම ආලෝකවත් වෙයි.

“අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව, මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං; තෙනම‍්හි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති. –

අක්‍ඛාමි තෙ භික්‍ඛු මහානුභාව මනුස්සභුතා යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති විස්සජ්ජෙසි

මහානුභාව ඇති භික්‍ෂුවරයාණනි, මිනිස් දුවක) වූ මම යම් පිනක් කෙළෙම් ද ඒ පිනින් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක වෙමි. මාගේ වර්ණය ද සියලු දිශාවන් බබුලුවන්නේ වෙයි.’

විස‍්සජ‍්ජෙසි.

යනුවෙන් පිළිතුරු වශයෙන් කීවාය.

තත්‍ථ අභික‍්කන‍්තෙන වණ‍්ණෙනාති එත්‍ථ අභික‍්කන‍්ත-සද‍්දො “අභික‍්කන‍්තා, භන‍්තෙ, රත‍්ති, නික‍්ඛන‍්තො පඨමො යාමො”තිආදීසු (අ· නි· 8.20; උදා· 45; චූළව· 383) ඛයෙ ආගතො. “අයං ඉමෙසං චතුන‍්නං පුග‍්ගලානං අභික‍්කන‍්තතරො ච පණීතතරො චා”තිආදීසු (අ· නි· 4.100) සුන්‍දරෙ. “අභික‍්කන‍්තං, භන‍්තෙ, අභික‍්කන‍්තං, භන‍්තෙ”තිආදීසු (දී· නි· 1.250; පාරා· 15) අබ‍්භනුමොදනෙ. “අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, සබ‍්බා ඔභාසයං දිසා”තිආදීසු (වි· ව· 857) අභිරූපෙ. ඉධාපි අභිරූපෙ එව දට‍්ඨබ‍්බො. තස‍්මා අභික‍්කන‍්තෙනාති අතිකන‍්තෙන අතිමනාපෙන, අභිරූපෙනාති අත්‍ථො. වණ‍්ණෙනාති ඡවිවණ‍්ණෙන. ඔභාසෙන‍්තී දිසා සබ‍්බාති සබ‍්බාපි දස දිසා ජොතෙන‍්තී එකාලොකං කරොන‍්තී. කිං වියාති ආහ “ඔසධී විය තාරකා”ති. උස‍්සන‍්නා පභා එතාය ධීයති, ඔසධීනං වා අනුබලප‍්පදායිකාති කත්‍වා “ඔසධී”ති ලද‍්ධනාමා තාරකා යථා සමන‍්තතො ආලොකං කුරුමානා තිට‍්ඨති, එවමෙව ත්‍වං සබ‍්බා දිසා ඔභාසයන‍්තී තිට‍්ඨසීති.

අභික්කන්තෙන මෙහි අභික්කන්ත ශබ්දයයි. ‘අභික්කන්තා භන්තෙ රත්ති නික්‍ඛන්තො පඨම භාගො’ (=ස්වාමීනි, රාත්‍රිය ඉකුත්විය. පළමු යාමය නික්ම ගියේය) යන ආදියෙහි අභික්කන්තෙ යන්න ක්‍ෂයවීම යන අර්ථයෙහි යෙදේ. ‘අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්ත තරොච පණීත තරොච’ (මේ තෙමේ මෙම පුද්ගලයන් සිවුදෙනාට වඩා ප්‍රියජනකද, වඩා යහපත් ද වෙයි) යන ආදියෙහිදී ‘අභික්කන්ත’ යන්න සිත්ගන්නා යන අදහසෙහි යෙදේ. ‘අභික්කන්ත වණ්ණෙන සබ්බා ඔභාසයං දිසා’ (දීප්තිමත් වර්ණයෙන් සියලු දිශාවන් බබුලුවමින්) ආදී තැන්හි අභික්කන්ත යන්න බැබළීම් අර්ථයෙහි යෙදේ. මෙහිද අභිරූප (හෙවත් බැබළීම්) යන අර්ථයෙහිම යෙදේ යයි දතයුතුය. එහෙයින් ‘අභික්කන්තෙන’ යනු ඉතා කාන්තිමත්, ඉතා මනාප, ඉතා රූමත් යන අර්ථ ඇත්තේ වේ. වණ්ණෙන සමේ වර්ණයෙන්. ඔභාසෙන්ති දිසා සබ්බා සියලු දිශාවන් බබුලුවති. ඒකාලෝක කරති. කුමක් මෙන් එසේ වේද යත්, ඔසධී විස තාරකා උත්සන්න වූ ප්‍රභාවයක් මේ (තරුව) විසින් දරනු ලැබේ. නැතහොත් ඖෂධවලට බලය ලබා දේ යන්න අදහස් කොට ‘ඔසධී’ යයි ලද නම් ඇති තාරකාව යම් සේ හාත්පසින් ආලෝකවත් කරමින් සිටීද එසේම ඔබ සියලු දිශාවන් ආලෝකවත් කරමින් සිටින්නෙහිය.

සබ‍්බගත‍්තෙහීති සබ‍්බෙහි සරීරාවයවෙහි, සකලෙහි අඞ‍්ගපච‍්චඞ‍්ගෙහි ඔභාසතීති අධිප‍්පායො, හෙතුම‍්හි චෙතං කරණවචනං. සබ‍්බා ඔභාසතෙ දිසාති සබ‍්බාපි දසදිසා විජ‍්ජොතති. “ඔභාසරෙ”තිපි පඨන‍්ති, තෙසං සබ‍්බා දිසාති බහුවචනමෙව දට‍්ඨබ‍්බං.

සබ්බගත්තෙහි සියලු ශරීරාවයවයන්ගෙන් සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් බබලත්ය යන අදහසයි. මෙය හේත්වර්ථයෙහි කරණ විභක්ති වචනයකි. සබ්බං ඔභාසතෙ දිසා සියලු දස දිසාවන්ම බබුලුවයි. ඔභාසරෙ යයි ද කියත්. ඒවායේ ‘සබ්බා දිසා’ යන්න බහුවචනම යයි දැක්විය යුතුය.

පදීපකාලම‍්හීති පදීපකරණකාලෙ, පදීපුජ‍්ජලනයොග‍්ගෙ අන්‍ධකාරෙති අත්‍ථො. තෙනාහ “යො අන්‍ධකාරම‍්හි තිමීසිකාය”න‍්ති, බහලෙ මහන්‍ධකාරෙති අත්‍ථො. දදාති දීපන‍්ති පදීපං උජ‍්ජාලෙන‍්තො වා අනුජ‍්ජාලෙන‍්තො වා පදීපදානං දදාති, පදීපොපකරණානි දක‍්ඛිණෙය්‍යෙ උද‍්දිස‍්ස පරිච‍්චජති. උපපජ‍්ජති ජොතිරසං විමානන‍්ති පටිසන්‍ධිග‍්ගහණවසෙන ජොතිරසං විමානං උපගච‍්ඡතීති. සෙසං වුත‍්තනයමෙව.

පදීප කාලම්හි පහන් දල්වන කාලයෙහි. පහන් දැල්වීමට යෝග්‍ය වන අන්ධකාරයෙහි යයි යන අර්ථයයි. එහෙයින් මෙසේ කියන ලදී. යො අන්‍ධකාරිහි තිමීසිකායං මහ ගණ අඳුරෙහි යන අර්ථයයි. දදාති දීපං පහන් දල්වන්නේ හෝ වේවා, නො දල්වන්නේ හෝ වේවා, පහන් දන්දීම සිදු කරයි. පහන් උපකරණ ලැබිය යුත්තන් උදෙසා පරිත්‍යාග කරයි. උප්පජ්ජන්ති ජොතිරසං විමානං පිළිසිඳ ගැනීම් වශයෙන් ජොතිරස නම් මැණික්වලින් තැනු විමානයෙහි උපදියි. සෙස්ස කියන ලද පිළිවෙළටම වේ.

අථ යථාපුච‍්ඡිතෙ අත්‍ථෙ දෙවතාය කථිතෙ ථෙරො තමෙව කථං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා දානාදිකථාය තස‍්සා කල‍්ලචිත‍්තාදිභාවං ඤත්‍වා සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ සපරිවාරා සා දෙවතා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. ථෙරො තතො ආගන‍්ත්‍වා තං පවත‍්තිං භගවතො ආරොචෙසි, භගවා තස‍්මිං වත්‍ථුස‍්මිං සම‍්පත‍්තපරිසාය විත්‍ථාරෙන ධම‍්මං දෙසෙසි . සා දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා ජාතා, මහාජනො විසෙසතො දීපදානෙ සක‍්කච‍්චකාරී අහොසීති.

ඉක්බිති ප්‍රශ්න කරන ලද කරුණට දේවතාවිය විසින් පිළිතුරු කියනු ලැබූ කල්හි තෙරුන්වහන්සේ ඒ කථාවම අර්ථෝත්පත්ති කොට දානාදී පිළිවෙළ කථාව ඇසීම සඳහා යෝග්‍ය වූ සිතක් ද අනෙක් ලක්‍ෂණද ඇයට ඇති බව දැන (චතුරාර්ය) සත්‍යයන් ප්‍රකාශ කළ සේක. සත (දේශනාවගේ) කෙළවර පිරිවර සහිත වූ ඒ දේවතා තොමෝ සෝවාන් ඵලයෙහි පිහිටියාය. තෙරුන්වහන්සේ එතැනින් අවුත් ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. භාග්‍යවත්හු එහි පැමිණි පිරිසට එම සිද්ධිය පිළිබඳව විස්තර වශයෙන් ධර්මය දේශනා කළ සේක. ඒ දේශනාව මහජනයාට ප්‍රයෝජනවත් විය. සෙසු මහජනතාව ද විශේෂයෙන් පහන් පූජාවෙහි මනාව සකසා කටයුතු කරන්නන් බවට පත් වූහ.

දීපවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

දීප විමාන වර්ණනාව නිමියේය.

10. තිලදක‍්ඛිණාවිමානවණ‍්ණනා

10. තිලදක්ෂිණාවිමාන වර්ණනා

අභික‍්කන‍්තෙන වණ‍්ණෙනාති තිලදක‍්ඛිණවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ච සමයෙන රාජගහෙ අඤ‍්ඤතරා ඉත්‍ථී ගබ‍්භිනී තිලෙ ධොවිත්‍වා ආතපෙ සුක‍්ඛාපෙති තෙලං කාතුකාමා. සා ච පරික‍්ඛීණායුකා තං දිවසමෙව චවනධම‍්මා, නිරයසංවත‍්තනිකං චස‍්සා කම‍්මං ඔකාසං කත්‍වා ඨිතං. අථ නං භගවා පච‍්චූසවෙලායං ලොකං වොලොකෙන‍්තො දිබ‍්බචක‍්ඛුනා දිස‍්වා චින‍්තෙසි “අයං ඉත්‍ථී අජ‍්ජ කාලං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්තිස‍්සති, යංනූනාහං තිලභික‍්ඛාපටිග‍්ගහණෙන තං සග‍්ගූපගං කරෙය්‍ය”න‍්ති. සො සාවත්‍ථිතො තඞ‍්ඛණෙනෙව රාජගහං ගන‍්ත්‍වා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය රාජගහෙ පිණ‍්ඩාය චරන‍්තො අනුපුබ‍්බෙන තස‍්සා ගෙහද‍්වාරං පාපුණි. සා ඉත්‍ථී භගවන‍්තං පස‍්සිත්‍වා සඤ‍්ජාතපීතිසොමනස‍්සා සහසා උට‍්ඨහිත්‍වා කතඤ‍්ජලී අඤ‍්ඤං දාතබ‍්බයුත‍්තකං අපස‍්සන‍්තී හත්‍ථපාදෙ ධොවිත්‍වා තිලෙ රාසිං කත්‍වා උභොහි හත්‍ථෙහි පරිග‍්ගහෙත්‍වා අඤ‍්ජලිපූරං තිලං භගවතො පත‍්තෙ ආකිරිත්‍වා භගවන‍්තං වන්‍දි. තං භගවා අනුකම‍්පමානො “සුඛිනී හොහී”ති වත්‍වා පක‍්කාමි. සා තස‍්සා රත‍්තියා පච‍්චූසසමයෙ කාලං කත්‍වා තාවතිංසභවනෙ ද‍්වාදසයොජනිකෙ කනකවිමානෙ සුත‍්තපබුද‍්ධා විය නිබ‍්බත‍්ති.

අභික්කන්තෙන වණ්ණෙන යන මේ තිල දක්‍ඛිණ විමාන වස්තුවයි. එහි උත්පත්තිය කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම නම් වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද විහාරයේ වැඩවසන සමයේ එක්තරා ගර්භනී ස්ත්‍රියක්, තෙල් සිඳිනා කැමතිව, තල ටිකක් සෝදා අව්වෙහිලා වියලන්නීය. ඕ තොමෝ අවසන් වූ ආයුෂ ඇත්තෝ ඒ දවසම කළුරිය කොට නිරයේ උපදින්නට ඇගේ කර්මය ඉඩදී සිටියේය. ඇයගේ එම අකුසල කර්ම විපාකය එදින පල දෙන දවසයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අලුයම් වේලෙහි ලොව බලන්නේ දිවැසින් මේ ස්ත්‍රිය දුටු සේක. එසේ බලා මෙසේ සිතූහ. මෙම ස්ත්‍රිය අද කලුරියකොට නිරයේ උපදින්නීය. මම යම් හෙයකින් ඇගෙන් තලභික්‍ෂාව පිළිගෙන ඇය ස්වර්ගයෙහි ඉපදීම කරන්නේ නම් වටනේය. උන්වහන්සේ ක්‍ෂණයකින් සැවැත්නුවරින් පිටත්ව රජගහ නුවරට පිවිස පෙරවරු සමයේ හැඳ පෙරවා පා සිවුරු ගෙන රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නේ පැමිණ ඇයගේ ගෙදොරට වැඩම කළහ. ඒ ස්ත්‍රී තොමෝ භාග්‍යවතුන් වහන්සේ දැක හටගත් ප්‍රීති සොම්නසින් යුතුව වහා නැගිට ඇඳිලි බැඳ වැඳ, පිදිය යුතු අන්කිසිවක් නො දක්නී, අත් පා දොවා තල රාශිය එකතු කොටගෙන, දෝතක් ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්වා, භාග්‍යවතුන් වහන්සේට වැන්දාය. භාග්‍යවතුන් වහන්සේ ඇයට අනුකම්පා කරන්නේ සුවපත් වෙත්වා’යි වදාරා වැඩියහ. ඕ තොමෝ එදින රෑ අලුයම් වේලෙහි කළුරියකොට තව්තිසා දෙව්ලොව දොළොස් යොදුනක් වූ රත්රන් විමානයක නිදා පිබිදියාක් මෙන් උපන්නීය.

අථායස‍්මා මහාමොග‍්ගල‍්ලානො දෙවචාරිකං චරන‍්තො තං අච‍්ඡරාසහස‍්සපරිවුතං මහතියා දෙවිද‍්ධියා විරොචමානමුපගන‍්ත්‍වා –

ඉක්බිති ආයුෂ්මත් වූ මහ මුගලන් තෙරණුවෝ පෙර සඳහන් පරිදිම දේව විමාන චාරිකාවේ සැරිසරන්නේ දහසක් දෙවඟනන් පිරිවරා මහත් වූ දේව සෘද්ධියෙන් බබළා සිටින්නා වූ ඒ දෙවඟන වෙතට වැඩම කොට,

“අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ; ඔභාසෙන‍්තී දිසා සබ‍්බා, ඔසධී විය තාරකා.

දේවතාවියනි, ඔබ ඕසධී තාරකාව මෙන් සියලු දිසා බබළවන්නී මනා වූ රූපයෙන් සිටින්නෙහිය.

“කෙන තෙතාදිසො වණ‍්ණො, කෙන තෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.

1-2. මෙබඳු වර්ණයකින් යුතුව ජෝතිමත්ව බබළන්නා වූ ශරීරයක් ද සිතෙහි සතුට ඇතිකරවන්නා වූ විවිධ සම්පත් ඇතිව ඉපදී සිටී.

“පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. – පුච‍්ඡි;

3. මහානුභාව සම්පන්න වූ දේවතාවියනි! මෙවැනි දිලිසෙන ස්වභාවයක් ද යුත් වර්ණයකින් ද සියලු දිසාවන් බබුළුවන්නා වූ ප්‍රභාවයක් ද ලබන්න. මිනිසකුව සිටියදී ඔබ කළ පුණ්‍යකර්මය කුමක්ද විචාරයි.

“සා දෙවතා අත‍්තමනා, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා; පඤ‍්හං පුට‍්ඨා වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

ඕ දේවතාවිය, මුගලන් හිමියන් විසින් තමන්ගෙන් විචාරන ලද, ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කළ පින්කම් විස්තර කළාය.

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා, පුරිමාය ජාතියා මනුස‍්සලොකෙ.

මම පෙර ආත්මයේ මනුෂ්‍ය ලෝකයේ මිනිස් දුවක්වැ උපන්නෙමි.

“අද‍්දසං විරජං බුද‍්ධං, විප‍්පසන‍්නමනාවිලං; ආසජ‍්ජ දානං අදාසිං, අකාමා තිලදක‍්ඛිණං; දක‍්ඛිණෙය්‍යස‍්ස බුද‍්ධස‍්ස, පසන‍්නා සෙහි පාණිභි.

එක් දවසක් අතිශයින් ප්‍රසන්න වූ, හදවත සිසිල් කරන්නා වූ විරාගි වූ බුදුරජාණන් වහන්සේ දුටිමි. ඒ දක්‍ෂිණාර්හ වූ බුදුන්වහන්සේ, ප්‍රසන්න වූ සිතින් යුතුව, තල දෝතක් දක්‍ෂිණාව වශයෙන් ගෙන මගේ දෑතින් පූජා කළෙමි. ඒ පුණ්‍යකර්මය හේතුවෙන් මෙවන් වර්ණයක් මම ලද්දෙමි. මනදොල සපුරන්නා වූ මේ භෝග සම්පත් ද ඒ පින්කම නිසාම මට උපදියි.

“තෙන මෙතාදිසො වණ‍්ණො, තෙන මෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.

“අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව, මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං; තෙනම‍්හි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති. –

මහානුභාව සම්පන්න ස්වාමීනි, මනුෂ්‍ය දුවක්ව සිට එබඳු වූ යම් කුසල කර්මයක් මා විසින් කරන ලද ද ඒ පුණ්‍යකර්මයාගේ විපාකයෙන් දසදිග් බබුළුවන ස්වභාවයක් ද හාත්පස බබුළුවන වර්ණයකින් ද දිව්‍ය සම්පත්වලින් ද මා යුක්ත වූ බව පවසමි.

සා විස‍්සජ‍්ජෙසි.

ඕ තොමෝ කීවාහ.

තත්‍ථ ආසජ‍්ජාති අයං ආසජ‍්ජ-සද‍්දො “ආසජ‍්ජ නං තථාගත”න‍්තිආදීසු (චූළව· 350) ඝට‍්ටෙන ආගතො. “ආසජ‍්ජ දානං දෙතී”තිආදීසු (දී· නි· 3.336; අ· නි· 8.31) සමාගමෙ. ඉධාපි සමාගමෙයෙව දට‍්ඨබ‍්බො. තස‍්මා ආසජ‍්ජාති සමාගන‍්ත්‍වා, සමවායෙන සම‍්පත්‍වාති අත්‍ථො. තෙනාහ “අකාමා”ති. සා හි දෙය්‍යධම‍්මසංවිධානපුබ‍්බකං පුරිමසිද‍්ධං දානසඞ‍්කප‍්පං විනා සහසා සම‍්පත‍්තෙ භගවති පවත‍්තිතං තිලදානං සන්‍ධායාහ “ආසජ‍්ජ දානං අදාසිං, අකාමා තිලදක‍්ඛිණ”න‍්ති. සෙසං වුත‍්තනයමෙව.

එහි ආසජ්ජ මේ ආසජ්ජ ශබ්දයයි. ආසජ්ජන තථාගතං ආදි තැන්වල ගැටුමෙහි ආයේය. ආසජ්ජ දානං දෙති ආදි තැන්වල දැකිය යුතුය. එහෙයින් ආසජ්ජා - ළඟට පැමිණ අකාමා ඕ තොමෝ වනාහී දෙය්‍ය ධර්ම වස්තුවක් පෙර වූ පරිද්දෙන් සංවිධානය කරන්නේ භාග්‍යවතුන් වහන්සේ සැපත් වූ කල්හි පවත්වන ලද තල දානය සඳහා ආසජ්ජ දානං අදාසිං අකාමා තිල දක්‍ඛිණං යන්න කීහ. සෙස්ස කී නයින් දත යුතුය.

මෙසේ දෙව්දුව විසින් තමන් විසින් කරන ලද පුණ්‍යකර්මය කී කල්හි මහ මුගලන් තෙරණුවෝ පිරිවර සහිත වූ ඒ දෙව්දුවට දහම් දෙසා මිනිස් ලොව පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග විස්තර වශයෙන් ඒ ප්‍රවෘත්තිය කීයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එය අරබයා පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කළහ. ඒ දේශනාව මහජනයාට සාර්ථක වූයේයි කීහ.

තිලදක‍්ඛිණවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

තිල දක්‍ඛිණ විමාන වර්ණනාව නිමියේය.

11. පතිබ‍්බතාවිමානවණ‍්ණනා

11. පතිව්‍රතාවිමාන වර්ණනා

කොඤ‍්චා මයූරා දිවියා ච හංසාති පතිබ‍්බතාවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ථ අඤ‍්ඤතරා ඉත්‍ථී පතිබ‍්බතා අහොසි භත‍්තු අනුකූලවත‍්තිනී ඛමා පදක‍්ඛිණග‍්ගාහිනී, න කුද‍්ධාපි පටිප‍්ඵරති, අඵරුසවාචා සච‍්චවාදිනී සද‍්ධා පසන‍්නා යථාවිභවං දානානි ච අදාසි. සා කෙනචිදෙව රොගෙන ඵුට‍්ඨා කාලං කත්‍වා තාවතිංසභවනෙ නිබ‍්බත‍්ති. අථායස‍්මා මහාමොග‍්ගල‍්ලානො පුරිමනයෙනෙව දෙවචාරිකං චරන‍්තො තං දෙවධීතරං මහතිං සම‍්පත‍්තිං අනුභවන‍්තිං දිස‍්වා තස‍්සා සමීපමුපගතො. සා අච‍්ඡරාසහස‍්සපරිවුතා සට‍්ඨිසකටභාරාලඞ‍්කාරපටිමණ‍්ඩිතත‍්තභාවා ථෙරස‍්ස පාදෙසු සිරසා වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. ථෙරොපි තාය කතපුඤ‍්ඤකම‍්මං පුච‍්ඡන‍්තො –

කොඤ්චා මයූරා දිවියාච හංසා යනුවෙන් පතිබ්බතා විමාන වත්‍ථු ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩවසන සේක. එම සැවැත් නුවරෙහි පතීව්‍රතා ධර්මය රකින, ස්වාමි පුරුෂයාට අනුව පවත්නා, ඉවසන ස්වභාවය ඇති, සැමියාට ගරුකරන, ධාන්‍ය පොතුවල කුඩු පවා අපතේ නොයවන (=හෙවත් සැමියාගේ වස්තුව රකින), පරුස වචනයෙන් තොර වූ, සත්‍යවාදී වූ, ශ්‍රද්ධා සම්පන්න වූ එක්තරා ස්ත්‍රියක් වූවාය. ඇය හැකි අයුරින් දානය ද පිදුවාය. ඕ තොමෝ කිසියම් රෝගයක් වැළඳී කලුරියකොට තව්තිසා භවනයෙහි උපන්නාය. එකල්හි පෙර පරිද්දෙන්ම දිව්‍යලෝක චාරිකාවෙහි හැසිරෙන මහ මුගලන් රහතන් වහන්සේ මහත් සම්පත්තියක් අනුභව කරන එම දෙව්දුව දැක ඇයගේ සමීපයට පැමිණියහ. දහසක් අප්සරාවන් පිරිවරා ගත් ගැල් සැටක් බර අබරණින් සැරසුණ සිරුරක් ඇති ඕ තොමෝ හිස නමා තෙරණුවන්ගේ පා වැඳ එකත්පසෙක සිටියාය. ඇය විසින් කරන ලද පින්කම් පිළිබඳව ප්‍රශ්න කරන්නා වූ තෙරණුවෝ මෙසේ කීහ.

“කොඤ‍්චා මයූරා දිවියා ච හංසා, වග‍්ගුස‍්සරා කොකිලා සම‍්පතන‍්ති; පුප‍්ඵාභිකිණ‍්ණං රම‍්මමිදං විමානං, අනෙකචිත‍්තං නරනාරිසෙවිතං.

කොඤ්චා මයුරා දිවියාච හංසා වග්ගුස්සරා කොකිලා සම්පතන්ති පුප්‍ඵාභි කිණ්ණං රම්ම මිදං විමානං අනෙක චිත්තං නරනාරි සෙවිතං

කොස්වාලිහිණියෝ ද, මයුරයෝ ද හංසයෝ ද, මනහර නාදය සහිත කොවුලෝ ද යන දිව්‍යමය පක්‍ෂීහු මෙහි හැසිරෙත්. විසුරුණු මල් ඇති රමණීය වූ මේ විමානය නන් අයුරින් සිතුවම් කොට ඇත. ස්ත්‍රී පුරුෂ (දෙවි) යන්ගෙන් ගැවසී ගත්තේය.

“තත්‍ථච‍්ඡසි දෙවි මහානුභාවෙ, ඉද‍්ධී විකුබ‍්බන‍්ති අනෙකරූපා; ඉමා ච තෙ අච‍්ඡරායො සමන‍්තතො, නච‍්චන‍්ති ගායන‍්ති පමොදයන‍්ති ච.

තත්‍ථච්ඡසී දෙවි මහානුභාවෙ ඉද්ධී විකුබ්බන්ති අනෙක රූපා ඉමාච තෙ අච්ඡරායො සමන්තතො නච්චන්ති ගායන්ති පමොදයන්ති

මහානුභාව සහිත දේවතාවියනි, ඔබ ඍද්ධියෙන් විවිධ රූප ආදිය මවමින් වෙසෙන්නෙහිය. ඔබගේ මෙම අප්සරාවෝ ද ඔබ වටා නටති. ගයති. ඔබ ප්‍රමෝදයට පත් කරවති.

“දෙවිද‍්ධිපත‍්තාසි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. – ආහ;

දෙවිද්ධි පත්තාසි මහානුභාවෙ මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති

මහත් ආනුභාව ඇති දේවතාවියනි, ඔබ ඍද්ධිමත් වූයෙහි ය. මිනිස් (දුවක) වූවා කවරනම් පිනක් කෙළෙහිද? ඔබේ වර්ණය ද සියලු දිශාවන් ආලෝකමත් කරයි. මෙවැනි දීප්තිමත් ආනුභාවයක් කවර හේතුවකින් ලැබුවෙහිද?

“සා දෙවතා අත‍්තමනා, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා; පඤ‍්හං පුට‍්ඨා වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං

මුගලන් මහ රහතුන් විසින් ප්‍රශ්න කරන ලද, සතුටු සිත් ඇති ඒ දේවතා තොමෝ මේ ඵලය කවරනම් කර්මයක්හුගේ දැයි යන බව, අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළාය.

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා, පතිබ‍්බතානඤ‍්ඤමනා අහොසිං; මාතාව පුත‍්තං අනුරක‍්ඛමානා, කුද‍්ධාපිහං නප‍්ඵරුසං අවොචං.

අහං මනුස්සෙසු මනුස්ස භූතා පතිබ්බතා නාඤ්ඤමනා අහොසිං මාතාව පුත්තං අනුරක්‍ඛ මානා කුද්ධාපහං න ඵරුසං අවොචං

මිනිස් ලොව මිනිස් දුවක වූ මම අන් අය ගැන නො සිතන පතිව්‍රතාවක් වීමි. ක්‍රෝධයෙන් දුරු වීමි. පරුස බස් නො කීමි. පුතු රකින මවක මෙන් යට කී ගුණාංග රැකියෙමි.

“සච‍්චෙ ඨිතා මොසවජ‍්ජං පහාය, දානෙ රතා සඞ‍්ගහිතත‍්තභාවා; අන‍්නඤ‍්ච පානඤ‍්ච පසන‍්නචිත‍්තා, සක‍්කච‍්ච දානං විපුලං අදාසිං.

සච්චෙ ඨිතා මොනවජ්ජං පහාය දානෙ රතා සංගහිතත්ත භාවා අන්නඤ්ච පානඤ්ච පසන්න චිත්තා සක්කච්ච දානං විපුලං අදාසිං

මුසාවාදයෙන් දුරුව සත්‍ය (වචනයෙහි) පිහිටියෙම් සංග්‍රහ කිරීමෙහි ඇලුණු ස්වභාවයක් ඇතිව දන්දීමෙහි ඇලුනෙම් පහන් සිතින් යුතුව ආහාර ද පාන ද සකස්කොට මහ දන් දුනිමි.

“තෙන මෙතාදිසො වණ‍්ණො, තෙන මෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.

තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධ මිජ්ඣති උප්පජ්ජන්තිච මෙ භොගා යෙ කෙචි මනසො පියා

සිතට යමක් ප්‍රිය වේද, ඒ සම්පත් මට ලැබෙන්නේය. (පෙර කියූ පිදීම් හා වැඳීම් යන) ඒ කරුණු නිසා මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ කරුණු නිසා මට මෙබඳු ඉසුරුමත් බවක් ලැබිණ.

“අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව, මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං; තෙනම‍්හි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති. –

අක්‍ඛාමි තෙ භික්‍ඛු මහානුභාවං මනුස්සභුතා යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති

මහත් ආනුභාව ඇති භික්‍ෂුවරයාණනි, මිනිස් (දුවක) වූ මම යම් පිනක් කෙළෙම් ද, ඒ පිනින් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක වෙමි. මාගේ වර්ණය ද සියලු දිශාවන් බබුලුවන්නේ වෙයි

සා දෙවතා විස‍්සජ‍්ජෙසි.

යනුවෙන් ඒ දේවතා තොමෝ පිළිතුරු දුන්නාය.

තත්‍ථ කොඤ‍්චාති කොඤ‍්චසකුණා, යෙ “සාරසා”තිපි වුච‍්චන‍්ති. මයූරාති මොරා. දිවියාති දිබ‍්බානුභාවා. ඉදඤ‍්හි පදං “දිවියා කොඤ‍්චා, දිවියා මයූරා”තිආදිනා චතූහිපි පදෙහි යොජෙතබ‍්බං. හංසාති සුවණ‍්ණහංසාදිහංසා. වග‍්ගුස‍්සරාති මධුරස‍්සරා. කොකිලාති කාළකොකිලා චෙව සුක‍්කකොකිලා ච. සම‍්පතන‍්තීති දෙවතාය අභිරමණත්‍ථං කීළන‍්තා ලළන‍්තා සමන‍්තතො පතන‍්ති විචරන‍්ති. කොඤ‍්චාදිරූපෙන හි දෙවතාය රතිජනනත්‍ථං පරිවාරභූතා දෙවතා කීළන‍්තා ලළන‍්තා “කොඤ‍්චා”තිආදිනා වුත‍්තා. පුප‍්ඵාභිකිණ‍්ණන‍්ති ගන්‍ථිතාගන්‍ථිතෙහි නානාවිධරතනකුසුමෙහි ඔකිණ‍්ණං. රම‍්මන‍්ති රමණීයං, මනොරමන‍්ති අත්‍ථො. අනෙකචිත‍්තන‍්ති අනෙකෙහි උය්‍යානකප‍්පරුක‍්ඛපොක‍්ඛරණිආදීහි විමානෙසු ච අනෙකෙහි භිත‍්තිවිසෙසාදීහි චිත‍්තං. නරනාරිසෙවිතන‍්ති පරිවාරභූතෙහි දෙවපුත‍්තෙහි දෙවධීතාහි ච උපසෙවිතං.

එහි ගාථාවන්හි පද විස්තර මෙසේය. කොඤ්චා කොස්වාලිහිණියෝ. ‘කොඤ්චා’ යනු පිල් ලිහිණියෝ යයි ද ඇතැම්හු කියති. මයුරා මොණරු. දිවියා දිව්‍යානුභාවය සහිත. මේ පදය වනාහි ‘දිවියා කොඤ්චා, දිවියා මයුරා’ යන ආදී ලෙසින් පද සතර සමගම යෙදිය යුතුය. හංසා ස්වර්ණ හංසයන් ආදී හංසයන්. වග්ගුස්සරා මිහිරි ස්වරයන්. කොකිලා කාළ කෝකිල, ඵුස්ස කෝකිල යන වර්ග දෙක. සම්පතන්ති දේවතාවියගේ ප්‍රීතිය සඳහා ක්‍රීඩා කරන, ප්‍රීතිමත් කරන (=නැලවෙන) පිරිස් හාත්පසින් වෙත්. හැසිරෙත්. කොස්වාළිහිණි ආදී රූපයෙන් දේවතාවියගේ ප්‍රීතිය (=රතිය) ඇතිකිරිම පිණිස පිරිවර දේවතාවන් ක්‍රීඩා කරන්නාහ යයි ද, ප්‍රීතිමත් කරන්නාහ යයි ද යන කරුණු ‘කොඤ්චා’ යන ආදියෙන් කියන ලදී. පුප්ඵාභි කිණ්ණං ගොතන ලද්දා වූ ද, ගොතනු ලැබීමෙන් තොර වූද, විවිධ වූ අගනා මල්වලින් ගැවසී ගත්. රම්මං රමණීය වූ, මනෝරම්‍ය වූ යන අර්ථයයි. අනෙක චිත්තං බොහෝ වූ උයන්, කප්රුක්, පොකුණු ආදියෙන් ද විමානයන්හි දී විශේෂ වූ බෙදීම් ආදියෙන් ද විසිතුරු වූ. නර නාරි සෙවිතං පිරිවර වූ දිව්‍ය පුත්‍රයන් විසින් ද, දිව්‍ය දුහිතෲන් විසින් ද ඇසුරු කරනු ලැබුවා වූ.

ඉද‍්ධී විකුබ‍්බන‍්ති අනෙකරූපාති නානාරූපානං විදංසනෙන අනෙකරූපා කම‍්මානුභාවසිද‍්ධා ඉද‍්ධී විකුබ‍්බන‍්තී විකුබ‍්බනිද‍්ධියො වලඤ‍්ජෙන‍්තී අච‍්ඡසීති යොජනා.

ඉද්ධි විකුබ්බන්ති අනෙක රූපා නොයෙක් රූපයක් මවා පෙන්වීමෙන්, කර්මානුභාවයෙන් සිද්ධ වූ අනේකවිධ වූ රූපයෙන් ඍද්ධිබල දක්වති. මවා පෙන්වන ඍද්ධීන් යොදමින් සිටියාය යන අදහසයි.

අනඤ‍්ඤමනාති පතිබ‍්බතා, පතිතො අඤ‍්ඤස‍්මිං මනො එතිස‍්සාති අඤ‍්ඤමනා, න අඤ‍්ඤමනාති අනඤ‍්ඤමනා, මය‍්හං සාමිකතො අඤ‍්ඤස‍්මිං පුරිසෙ පාපකං චිත‍්තං න උප‍්පාදෙසින‍්ති අත්‍ථො. මාතාව පුත‍්තං අනුරක‍්ඛමානාති යථා මාතා පුත‍්තං, එවං මය‍්හං සාමිකං, සබ‍්බෙපි වා සත‍්තෙ හිතෙසිතාය අහිතාපනයනකාමතාය ච අනුද‍්දයමානා. කුද‍්ධාපිහං නප‍්ඵරුසං අවොචන‍්ති පරෙන කතං අඵාසුකං පටිච‍්ච කුද‍්ධාපි සමානා අහං ඵරුසවචනං න කථෙසිං, අඤ‍්ඤදත්‍ථු පියවචනමෙව අභාසින‍්ති අධිප‍්පායො.

අනඤ්ඤමානා = පතීව්‍රතා ස්ත්‍රියනි, මැයගේ සිත සැමියාගෙන් තොරව වෙනත් අයෙකු කෙරෙහි යොමු වී නැත. (අඤ්ඤස්මිං මනො) යන අදහසින් ‘අඤ්ඤමනා’යි යන පදය සෑදේ. අන් අයකු වෙත යොමු වූ සිතක් නැත්තේය. (න+ අඤ්ඤමනා) යන අදහසින් ‘අනඤ්ඤමනා’ යන පදය සෑදේ. මගේ සැමියාගෙන් අන්‍ය වූ වෙනත් පුරුෂයකු කෙරෙහි පාපී සිතක් නො ඉපදවීමි යන අර්ථයයි. මාතාව පුත්තං අනුරක්‍ඛමානා මවක තම පුතා කෙරෙහි දයාව දක්වන අයුරින්ම මගේ සැමියා කෙරෙහි දයාව දක්වමින් සියලු සතුන් කෙරෙහි හිතවත් බවෙන් ද, සන්තාපය බැහැර කිරීමේ කැමැත්තෙන් ද දයාව දක්වමින් කුද්ධාපහං න ඵරුසං අවොචං අන් අයකු විසින් කරන ලද පීඩාවක් හේතුවෙන් කෝප වූයෙම් නමුදු මම පරුෂ වචනයක් නො කීවෙමි. පෙරලා ප්‍රිය වචනම කීවෙමි යන අදහසයි.

සච‍්චෙ ඨිතාති සච‍්චෙ පතිට‍්ඨිතා. යස‍්මා මුසාවාදා වෙරමණියා සච‍්චෙ පතිට‍්ඨිතා නාම හොති, න කදාචි සච‍්චවචනමත‍්තෙනාති ආහ – මොසවජ‍්ජං පහායාති මුසාවාදං පහාය. දානෙ රතාති දානෙ අභිරතා, යුත‍්තප‍්පයුත‍්තාති අත්‍ථො. සඞ‍්ගහිතත‍්තභාවාති සඞ‍්ගහවත්‍ථූහි අත‍්තානං විය සභාවෙනෙව පරෙසං සඞ‍්ගණ‍්හනසීලා අන‍්නඤ‍්ච පානඤ‍්ච කම‍්මඵලසද‍්ධාය පසන‍්නචිත‍්තා සක‍්කච‍්චං චිත‍්තීකාරෙන අදාසිං, අඤ‍්ඤඤ‍්ච වත්‍ථාදිදානං විපුලං උළාරං අදාසින‍්ති යොජනා. සෙසං වුත‍්තනයමෙව.

සච්චෙ ඨිතා සත්‍යයෙහි පිහිටියාහු යම්හෙයකින් මුසාවාදයෙන් වෙන්වීම සත්‍යයෙහි පිහිටීම නම් වේද, ඒ කිසිවක්ම සත්‍ය වචන පමණක්ම නොවේ යයි කීය. මොසවජ්ජං පහාය මුසාවාදය අත්හැර දානෙරතා දන් දීමෙහි ඇලුනාහු, කළ යුතු දෙයෙහි යෙදුණාහු යන අර්ථයයි. සංගහිතත්ත භාවා සංග්‍රහ කළ යුතු වස්තූන්ගෙන් තමාට මෙන්ම ස්වභාවයෙන්ම අන් අයට ද සංග්‍රහ කරන ස්වභාවය ඇති. කර්මඵල ඇදහීමෙන් පහන් සිතින් යුතුව ආහාර ද පාන ද සකකොට සිත් සේ දුන්නෙමි. අන්‍ය වූ ද මහත් වූ උතුම් වූ වස්ත්‍රාදිය ද දන් දුනිමි යන අදහසය. සෙස්ස පෙර කියන ලද පිළිවෙළ අනුවම වේ.

මෙසේ දේවතාවිය විසින් තමාගේ පුණ්‍යකර්මයන් පැහැදිලි කළ කල්හි තෙරුන් වහන්සේ පිරිස සහිත වූ ඇයට දහම් දෙසා මිනිස්ලොවට පැමිණ භාග්‍යවතුන් වහන්සේට ඒ පුවත දැන්වූහ. භාග්‍යවත් ඒ කරුණ හේතුසාධක කොටගෙන පැමිණි පිරිසට දහම් දෙසූහ. ඒ දේශනාව මහජනතාවට ප්‍රයෝජනවත් වූයේය.

පතිබ‍්බතාවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

පතිබ්බතා විමාන වර්ණනාව නිමියේය.

12. දුතිය පතිබ‍්බතාවිමානවණ‍්ණනා

12. ද්විතීය පතිව්‍රතා විමාන වර්ණනා

වෙළුරියථම‍්භන‍්ති දුතියපතිබ‍්බතාවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? සාවත්‍ථියං කිර අඤ‍්ඤතරා උපාසිකා පතිබ‍්බතා හුත්‍වා සද‍්ධා පසන‍්නා පඤ‍්ච සීලානි සුවිසුද‍්ධානි කත්‍වා රක‍්ඛි, යථාවිභවඤ‍්ච දානානි අදාසි, සා කාලං කත්‍වා තාවතිංසභවනෙ උප‍්පජ‍්ජි. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

වෙළුරියත්‍ථම්භං යනුවෙන් ඇරඹෙන දෙවන පතිබ්බතා විමාන වර්ණනාවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? සැවැත් නුවර එක්තරා උපාසිකාවක් පතීව්‍රතාවක වී සැදැහැවත් පැහැදුණ තැනැත්තියක වූවා පිරිසිදු ලෙස පන්සිල් ආරක්ෂා කළාය. සම්පත් ඇති තරමින් දානයන් ද දුන්නාය. ඕ තොමෝ කළුරියකොට තව්තිසාවෙහි උපන්නාය. සෙස්ස යට කියන ලද පරිදිම වේ.

“වෙළුරියථම‍්භං රුචිරං පභස‍්සරං, විමානමාරුය‍්හ අනෙකචිත‍්තං; තත්‍ථච‍්ඡසි දෙවි මහානුභාවෙ, උච‍්චාවචා ඉද‍්ධි විකුබ‍්බමානා; ඉමා ච තෙ අච‍්ඡරායො සමන‍්තතො, නච‍්චන‍්ති ගායන‍්ති පමොදයන‍්ති ච.

වෙළුරියත්‍ථම්භං රුචිරං පභස්සරං විමාන මාරුය්හ අනෙක චිත්තං තත්‍ථච්ඡසී දේවි මහානුභාවෙ උච්චාවචා ඉද්ධි විකුබ්බමානා ඉමාච තෙ අච්ඡරායො සමන්තතො නච්චන්ති ගායන්ති පමොදයන්ති

මහානුභාව සම්පන්න වූ දේවතාවියනි, අලංකාර වූ ආලෝකය විහිදුවන්නා වූ, අතිශයින් විසිතුරු වූ විමානයට නැගී සුළු හා මහත් වූ සෘද්ධි බලයෙන් දක්වමින් ඔබ එහි වාසය කරන්නෙහිය. ඔබගේ මේ අප්සරාවෝ ද හාත්පස සිට නටන්නාහ. ගයන්නාහ. ඔබ ප්‍රමෝදයට පත් කරවන්නාහ.

“දෙවිද‍්ධිපත‍්තාසි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති. – පුච‍්ඡි;

දෙවිද්ධි පත්තාසසි මහානුභාවෙ මනුස්සභුතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණොච තෙ සබ්බදිසා පභාසතී’ති

මහානුභාව සම්පන්න වූ දේවතාවියනි, ඔබ ඍද්ධිමත් භාවයට පැමිණියෙහිය. මිනිස් දුවක වූ ඔබ කවරනම් පුණ්‍ය කර්මයක් කෙළෙහිද? ඔබේ වර්ණය ද සියලු දිශාවන්ම ආලෝකවත් කරයි. මෙවන් දීප්තිමත් ආනුභාවයක් කවර හේතුවක් නිසා ලැබුයෙහිද? යනුවෙන් විචාළහ.

“සා දෙවතා අත‍්තමනා, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා; පඤ‍්හං පුට‍්ඨා වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං

මුගලන් මහරහතුන් විසින් ප්‍රශ්න කරන ලද සතුටු සිත් ඇති ඒ දේවතා තොමෝ මේ ඵලය කවර නම් කර්මයක්හුගේ දැයි යන බව, අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළාය.

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා, උපාසිකා චක‍්ඛුමතො අහොසිං; පාණාතිපාතා විරතා අහොසිං, ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයිස‍්සං.

අහං මනුස්සෙසු මනුස්සභූතා උපාසිකා චක්‍ඛුමතො අහොසිං පාණාතිපාතා විරතා අහොසිං ලොකෙ අදින්නං පරිවජ්ජයිස්සං

මම මිනිස් ලොව මනුෂ්‍ය ස්ත්‍රියක වූයෙම්, ඇස් ඇති (හෙවත් නියම තත්ත්වය දකින) උපාසිකාවක වූයෙමි. පරපණ නැසීමෙන් වෙන් වූයෙමි. ලොව නොදුන් දෙය නො ගතිමි.

“අමජ‍්ජපා නො ච මුසා අභාණිං, සකෙන සාමිනා අහොසිං තුට‍්ඨා; අන‍්නඤ‍්ච පානඤ‍්ච පසන‍්නචිත‍්තා, සක‍්කච‍්ච දානං විපුලං අදාසිං.

අමජ්ජන නො ච මුසා අභාසිං සකෙන සාමිනාව අහොසිං තුට්ඨා අන්නඤ්ච පානංඤ්ච පසන්නචිත්තා සක්කච්ච දානං විපුලං අදාසිං

මත්පැනින් තොර වීමි. මුසාබස් නො කීමි. තම සැමියාගෙන්ම සතුටු වූයෙමි. ප්‍රසන්න වූ සිත් ඇතිවම ආහාර ද පාන ද සකස්කොට මහත් වූ දන් දුනිමි.

“තෙන මෙතාදිසො වණ‍්ණො, තෙන මෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.

තෙන මෙ තාදිසො වණ්ණො තෙන ඉධ මිජ්ඣති උප්පජ්ජන්තිච මෙ භොගා යෙ කෙචි මනසො පියා

සිතට යමක් ප්‍රිය වේද, ඒ සම්පත් මට ලැබෙන්නේය. (පෙර කියූ පිදීම් හා වැඳීම් යන) ඒ කරුණු නිසා මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ කරුණු නිසා මට මෙබඳු ඉසුරුමත් බවක් ලැබිණ.

“අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව, මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං; තෙනම‍්හි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති. – විස‍්සජ‍්ජෙසි;

අක්‍ඛාමි තෙ භික්‍ඛු මහානුභාව මනුස්ස භුතා යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති

මහානුභාව ඇති භික්‍ෂුවරයාණනි, මිනිස් (දුවක) වූ මම යම් පිනක් කෙළෙම් ද, ඒ පිනින් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක වෙමි. මාගේ වර්ණය ද සියලු දිශාවන් බබුලුවන්නේ වෙයි’ යනුවෙන් ඕ තොමෝ පිළිතුරු දුන්නාය.

තත්‍ථ වෙළුරියථම‍්භන‍්ති වෙළුරියමණිමයථම‍්භං. රුචිරන‍්ති රමණීයං. පභස‍්සරන‍්ති අතිවිය භාසුරං. උච‍්චාවචාති උච‍්චා ච අවචා ච, විවිධාති අත්‍ථො.

එහි (විස්තර මෙසේ වේ.) වෙළුරියත්‍ථම්භං වෛදූර්ය මැණික්වලින් කුළුණු. රුචිරං අලංකාරවත්. පභස්සරං අතිශයින් බබලන. උච්චාවචා උසස් හා පහත් විවිධ වූ යන අදහසයි.

උපාසිකාති සරණගමනෙන උපාසිකාලක‍්ඛණෙ ඨිතා. වුත‍්තඤ‍්හි –

උපාසිකා (තිසරණ) සරණාගමනයෙන් උපාසික ලක්‍ෂණයෙහි සිටියා වූ, මෙසේ කියන ලදී.

“යතො ඛො, මහානාම, අරියසාවකො බුද‍්ධං සරණං ගතො හොති, ධම‍්මං සරණං ගතො හොති, සඞ‍්ඝං සරණං ගතො හොති, එත‍්තාවතා ඛො, මහානාම, අරියසාවකො උපාසකො හොතී”ති (සං· නි· 5.1033).

‘මහානාමයෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවක තෙමේ බුදු සරණ ගියේ වේද, දහම් සරණ ගියේ වේද, සඟ සරණ ගියේ වේද මහානාමයෙනි, මෙපමණකින්ම ආර්ය ශ්‍රාවක තෙමේ ‘උපාසක’ නම් වන්නේය.

චක‍්ඛුමතොති පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමතො බුද‍්ධස‍්ස භගවතො. එවං උපාසිකාභාවකිත‍්තනෙන ආසයසුද‍්ධිං දස‍්සෙත්‍වා පයොගසුද‍්ධිං දස‍්සෙතුං “පාණාතිපාතා විරතා”තිආදි වුත‍්තං. තත්‍ථ සකෙන සාමිනා අහොසිං තුට‍්ඨාති මිච‍්ඡාචාරාවෙරමණිමාහ. සෙසං හෙට‍්ඨා වුත‍්තසදිසමෙව.

චක්‍ඛු මතො (මසැස, දිවැස, පැණැස, බුදු ඇස, සමතැස යන) ඇස් පසකින් යුක්ත බැවින් චක්‍ඛුමා නම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තමා මේ ආකාරයෙන් උපාසිකාවක බව කීමෙන් සිතේ පිරිසිදු බව දක්වා ක්‍රියාවන්හි පිරිසිදු බව දක්වනු පිණිස ‘පාණාතිපාතා විරතා’ (=ප්‍රාණඝාතයෙන් වෙන් වූ බව) යන ආදිය කියන ලදී. සකෙන සාමිනාව අහොසිං තුට්ඨා (=තම සැමියාගෙන්ම සතුටු වූයෙමි) යනුවෙන් වැරදි හැසිරීම්වලින් වෙන්වීම ගැන කියැවේ. සෙස්ස යට කී කරුණුවලට සමාන වන්නේමය.

දුතියපතිබ‍්බතාවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවන පතිබ්බතා විමාන වර්ණනාව නිමියේය.

13. සුණිසාවිමානවණ‍්ණනා

13. ප්‍රථම සුණිසාවිමාන වර්ණනා

අභික‍්කන‍්තෙන වණ‍්ණෙනාති සුණිසාවිමානං. තස‍්ස කා උප‍්පත‍්ති? සාවත්‍ථියං අඤ‍්ඤතරස‍්මිං ගෙහෙ එකා කුලසුණ‍්හා ගෙහං පිණ‍්ඩාය පවිට‍්ඨං ඛීණාසවත්‍ථෙරං දිස‍්වා සඤ‍්ජාතපීතිසොමනස‍්සා “ඉදං මය‍්හං උත‍්තමං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං උපට‍්ඨිත”න‍්ති අත‍්තනා ලද‍්ධං පූවභාගං ආදාය ආදරෙන ථෙරස‍්ස උපනෙසි, ථෙරො තං පටිග‍්ගහෙත්‍වා අනුමොදනං කත්‍වා ගතො. සා අපරභාගෙ කාලං කත්‍වා තාවතිංසභවනෙ උප‍්පජ‍්ජි. සෙසං සබ‍්බං හෙට‍්ඨා වුත‍්තසදිසමෙව. තෙන වුත‍්තං –

අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් ආරම්භ වන්නේ සුණිසා විමාන වස්තු කථාවයි. එහි උත්පත්ති කථාව කවරේද? සැවැත් නුවර එක්තරා කුල ලේලියක් පෙරවරු කාලයේ තමන්ගේ ගෙදොරට පිඬු පිණිස වැඩි මහරහතන් වහන්සේ නමක් දැක ළයෙහි හටගත්තා වූ දැඩි සතුටු සොම්නසකින් ප්‍රීතියට පත්ව දැන් මට උසස් වූ උත්තම වූ පුණ්‍ය ක්‍ෂේත්‍රයක් එළඹ සිටියේ යයි සැදැහැයෙන් යුතුව උදේ තමන් ලත් කැවුමෙන් භාගයක් ගෙන භක්තියෙන් යුතුව තෙරුන්ට පූජා කළාය. තෙරුන් වහන්සේ එය පිළිගෙන අනුමෝදනා කොට වැඩියහ. ඕ තොමෝ ටික කලකින් කළුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නීය. ඉතිරි සියල්ල පෙර කියන ලද පරිද්දෙනි. එහෙයින් කියන ලදී -

“අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ; ඔභාසෙන‍්තී දිසා සබ‍්බා, ඔසධී විය තාරකා.

(යම්සේ ඕෂධී තාරකාව අනෙක් තරු පරදවා බැබළේද, ඒ සෙයින් ඔබද රූපශ්‍රී සෝභාවෙන් ද ඡවි වර්ණයෙන් ද දස දිසාවන් ඒකාලෝක කරමින් බබළයි. මෙවන් ඡවි වර්ණයක් මෙවන් සම්පත්තියක් මෙවන් විමානයක් හා ප්‍රියමනාප බවක් ලබන්නට) මහානුභාව සම්පන්න දේවතාවියනි, ඔබ මිනිස්ලොව මිනිසකුව ජීවත් වෙමින් කවර අන්දමේ කුසල කර්ම රැස් කළේ ද? පින්කම් කළේද?

“කෙන තෙතාදිසො වණ‍්ණො, කෙන තෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.

“පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති.

“සා දෙවතා අත‍්තමනා, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා; පඤ‍්හං පුට‍්ඨා වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

ඒ දේවතා දුව මුගලන් මහ තෙරුන් විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මේ අන්දමින් පිළිතුරු දුන්නාය.

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා, සුණිසා අහොසිං සසුරස‍්ස ගෙහෙ.

මම මිනිස් ලොව මිනිසකුව ඉපිද මගේ ස්වාමියාගේ පියාණන්ට අයත් ගෙදර ඒ පියාණන්ගේ ලේලියක් වී ජීවත් වෙද්දී

“අද‍්දසං විරජං භික‍්ඛුං, විප‍්පසන‍්නමනාවිලං; තස‍්ස අදාසහං පූවං, පසන‍්නා සෙහි පාණිභි; භාගඩ‍්ඪභාගං දත්‍වාන, මොදාමි නන්‍දනෙ වනෙ.

රාගාදී කෙලෙස් රහිත ප්‍රසන්න වූ ඉරියවු ඇති හදෙහි ප්‍රසාදය ඇති කරන්නා වූ එක්තරා භික්‍ෂුවක් දුටිමි. මගේ උදේ ආහාර වේලෙන් භාගයක් මගේ දෑතින් උන්වහන්සේට පූජා කෙළෙමි. ඒ පූජාවේ අනුසස් මගින් අද නන්දන උයනෙහි සතුටින් සිටිමි.

“තෙන මෙතාදිසො වණ‍්ණො, තෙන මෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.

මෙවැනි ඡවි වර්ණයක් මෙවැනි සම්පතක් මෙවැනි භවභෝග සිත සතුටින් දුන්නා වූ ඒ දාන විපාක වශයෙන් ලදිමි.

“අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව, මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං; තෙනම‍්හි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

මහානුභාව සම්පන්න ඒ භික්‍ෂුවට මිනිස් දුවක් වශයෙන් දන් දී යම්කිසි පින්කමක් කළෙම් ද, ඒ පින්කමේ ඵලවිපාක වශයෙන් මේ බැබළීමද ඡවි වර්ණය ද සියලු දිසා ආලෝක කිරීමේ ප්‍රභාවය ද ලදිමි.

තත්‍ථ සුණිසාති පුත‍්තස‍්ස භරියා. ඉත්‍ථියා හි සාමිකස‍්ස පිතා “සසුරො”ති වුච‍්චති, තස‍්ස ච සා “සුණිසා”ති. තං සන්‍ධාය “සුණිසා අහොසිං සසුරස‍්ස ගෙහෙ”ති.

එහි සුණිසා යනු පුතාගේ බිරිඳයි. ස්ත්‍රියගේ සැමියාගේ පියා සසුර නම් වේ. ඔහුගේ ලේලිය ඈ සුණිසා වේ. ඒ සඳහා ‘සුණිසා අහොසිං සසුරස්ස ගෙහෙ’ යන්න කියන ලදී.

භාගඩ‍්ඪභාගන‍්ති අත‍්තනා ලද‍්ධපටිවීසතො උපඩ‍්ඪභාගං. මොදාමි නන්‍දනෙ වනෙති ථෙරෙන නන්‍දනවනෙ දිට‍්ඨතාය ආහ. සෙසං වුත‍්තනයමෙව.

භාගඩ්ඪභාගං තමන් ලත් කොටසින් හරි අඩක්. මොදාමි නන්‍දනෙ වනෙ තෙරුන් විසින් නන්දන වනය දුටු බැවින් කීය. සෙසු ඉතිරි සියල්ල පෙර කියන ලද පරිදිය.

සුණිසාවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

සුණිසා විමාන වර්ණනාව නිමියේය.

14. දුතිය සුණිසාවිමානවණ‍්ණනා

14. ද්විතීය සුණිසාවිමාන වර්ණනා

අභික‍්කන‍්තෙන වණ‍්ණෙනාති දුතියසුණිසාවිමානං. එත්‍ථ පන අපුබ‍්බං නත්‍ථි, අට‍්ඨුප‍්පත‍්තියං කුම‍්මාසදානමෙව විසෙසො. තෙන වුත‍්තං –

අභික්කන්තෙන වණ්ණෙන මේ දෙවෙනි සුණිසා විමාන වත්‍ථු කථාවයි. මෙහි පෙර නොකී විරූ දෙයක් නැත. අර්ථෝත්පත්තියේ කොමුපිඬු දන්දීමම විශේෂයි. එහෙයින් කියන ලදී.

“අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ; ඔභාසෙන‍්තී දිසා සබ‍්බා, ඔසධී විය තාරකා.

දිලිසෙන වර්ණයෙන් බැබළෙන වර්ණයෙන් යම්කිසි දෙවඟනක් සිටින්නීද, ඕ ඕයී තාරකාව මෙන් දස දිසාවන්හිම බබළන්නේය.

“කෙන තෙතාදිසො වණ‍්ණො, කෙන තෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.

මෙබඳු වූ වර්ණ සම්පත්තියක් කුමකින් ලැබීමද? මෙබඳු වූ සමෘද්ධ බවක් කුමකින් සිතට ප්‍රිය වූ ඔබේ සම්පත් උපදී.

“පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී”ති.

මහානුභාව වූ දෙව් දියණියනි, ඔබ මිනිස්ලොව වසන සමයේ කවරනම් පුණ්‍යකර්මයක් කළේද සකල දිසාවන් එළිය කරන්නා වූ දිලිසෙන වර්ණයකින් යුතුව දැන් පවතින්නට ඔබ කළ කුසලය කුමක්ද විමසමි.

“සා දෙවතා අත‍්තමනා, මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා; පඤ‍්හං පුට‍්ඨා වියාකාසි, යස‍්ස කම‍්මස‍්සිදං ඵලං”.

ඒ දේවතාවි, මුගලන් හිමියන් විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තමන් කළ කුසලය පවසන්නී

“අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා, සුණිසා අහොසිං සසුරස‍්ස ගෙහෙ.

මම මිනිස්ලොව මිනිසකුව සිටින කාලයේ මාමාගේ ගෙයි ලේලියක්ව සිටියෙමි.

“අද‍්දසං විරජං භික‍්ඛුං, විප‍්පසන‍්නමනාවිලං; තස‍්ස අදාසහං භාගං, පසන‍්නා සෙහි පාණිභි; කුම‍්මාසපිණ‍්ඩං දත්‍වාන, මොදාමි නන්‍දනෙ වනෙ.

නො කැළඹුණු සිත් නමැති විල ඇති වීතරාගී වූ එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් මා විසින් දක්නා ලදී. ප්‍රසන්න වූ සිතින් උන්වහන්සේ වඩමවාගෙන අවුත් මා ලත් ආහාර වේලෙන් භාගයක් සතුටු සිතින් මාගේ අතින් පූජා කළෙමි. ඒ කොමුපිඬු දානයාගේ ආනිසංසයෙන් අද නන්දන වනයෙහි සතුටු වෙමි. ඒ කුසල කර්මයාගේ ආනිසංසයෙන් මෙවැනි වර්ණයක් මට ඇති විය. ඒ පිනින් මෙවැනි සමෘද්ධියක් ඇතිවිය. සිතට ප්‍රිය වූ පරිභෝග වස්තූන් පහළ වේ.

“තෙන මෙතාදිසො වණ‍්ණො, තෙන මෙ ඉධ මිජ‍්ඣති; උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.

“අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව, මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං; තෙනම‍්හි එවං ජලිතානුභාවා, වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතී”ති.

මහානුභාව සම්පන්න වූ ස්වාමිනි, මිනිස් දුවක වී සිට යම්කිසි පුණ්‍යකර්මයක් මා විසින් කරන ලද්දේ නම් ඒ කුසලානිසංසයෙන් මෙබඳු වූ බැබළෙන වර්ණයකින් යුතුව සිටිමි. මගේ රූපයෙන් සියලු දිසාවන් ප්‍රභාවත් වේ.

තත්‍ථ භාගන‍්ති කුම‍්මාසකොට‍්ඨාසං. තෙනාහ “කුම‍්මාසපිණ‍්ඩං දත්‍වානා”ති. කුම‍්මාසොති ච යවකුම‍්මාසො වුත‍්තො. සෙසං වුත‍්තනයමෙව.

එහි භාගං යනු කොමු පිට්ටුවෙන් භාගයක් කොමු පිඬෙන් භාගයක්. කුම්මාස පිණ්ඩං දත්‍වාන යනු එහෙයින් කියන ලදී. කුම්මාසො යනු යව කොමු යයි කියන ලදී. (යව යනු බාර්ලි නම් ධාන්‍ය වර්ගයයි. ඒ ධාන්‍ය වර්ගයෙන් සහළින් තැනූ පිට්ටු හෝ හැලප වැනි දේ අදාල නැත. කොමු පිඬුයි) සෙස්ස පෙර කී නයින්ම වේ.

දුතියසුණිසාවිමානවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවෙනි සුණිසා විමාන වර්ණනාව නිමියේය.